
Category: Daily-Topics
රජය විසින් ඇතිකරන ලද සංවර්ධනය සහ පුද්ගල ජයග්‍රහණ
රජය විසින් ඇතිකරන ලද සංවර්ධනය සහ පුද්ගල ජයග්‍රහණ (1971-1979)
වර්ෂ 1971 වන විටදී ආනයනික ඉන්දීය සිනමාව දේශීය සිනමාවට ප්‍රභල පහරක් එල්ල කරමින් පැවතිණි. එකළ රට තුළ බලයට පත් වූ සමාජවාදී රජය විසින් එම අන්තරාදායක
තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සහයක් දරන ලදි. විදේශීය චිත්‍රපට අත්කරගෙන තිබූ එම ආදිපත්‍යය විසින් දේශීය චිත්‍රපටවල තිර කාලය 20% ක් දක්වා පහත හෙලීමට සමත් වූ අතර විදේශීය චිත්‍රපටවල තිර කාලය 80% ක් (60% ක් දෙමළ, 10% ක් හින්දි සහ 10% ක් ඉංග්‍රීසි) පමණ අත්පත්කර ගැනීමට සමත් වී තිබුණි. රජය විසින් 1971 අංක 47 දරන පනත මගින් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවනු ලැබූ අතර, ජාතික චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම සහ මහජනතාවට විවිදාකාරයේ චිත්‍රපට ලබාදීම හෝ ලබා නොදීමේ අයිතිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය.
රාජ්‍ය චිත්‍රපට සංස්ථාව (SFC) විසින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා සුවිශේෂී ණය යෝජනා ක්‍රමයක් ස්ථාපිත කළේය. තිර රචනා ඇගයීම් පදනම මත සෘණාත්මක ඇපකරයක් සමඟින් එම ණය ලබා දීම සිදු වී ඇත. ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හරහා ණය ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කාර්මික ශිල්පීන්ට පූර්ව පුහුණුවක් තිබිය යුතුය. මෙම ක්‍රමවේදයට පෙර ස්වතන්ත්‍ර තිර රචනයන් සඳහා කිසිදු ගෞරවයක් හිමි නොවෙන තරමටම දෙමළ සහ හින්දි චිත්‍රපටවල දෙබස් සහ නම පමණක් පරිවර්තනය වූ තිරපිටපත් සඳහා ගෞරවය හිමි වී තිබුණි.
තිර රචනය හින්දි හෝ දෙමළ මුල් පිටපතේ අක්ෂර පරිවර්තනයක් පමණක් වූ බැවින් එකම ගෞරවය දෙබස් සඳහා විය. ණය යෝජනා ක්‍රමය විසින් මුල්වරට මුල් තිරපිටපත් රචනය සහතික කළ අතර හින්දි සහ දෙමළ චිත්‍රපටවල පිටපත් වූ තිර රචනයන් සඳහා ණය ලබා ගැනීමට අයිතියක් හිමි නොවුණි. එමඟින් දේශීය වෘත්තීය චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තයක් ස්ථාපිත වීමට මං සැලසිණි.
රාජ්‍ය චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ලැබූ අතර එමඟින් රට තුළ නිෂ්පාදනය කරන සියලුම චිත්‍රපට ප්‍රමුඛතා අනුපිළිවෙලකට අනුව ප්‍රදර්ශනය කිරීම සහතික කළේය. සිනමා ශාලාවල ප්‍රමිතිගත තත්ත්ව පාලන පටිපාටියක් ස්ථාපිත කරන ලද්දේ ඒවායේ තාක්ෂණික උපකරණ පරීක්ෂා කිරීමේ පද්ධතියක් සැකසීම මගිනි. ඒකාධිකාරය මිලදී ගැනීම නිසා ආනයනය කරන ලද චිත්‍රපටවල පිරිවැය 75% කින් පමණ අඩු විය. විශාල වශයෙන් අඩු කළ මිල ගණන් යටතේ වුවද තිරගත වන දෙමළ හා හින්දි චිත්‍රපට ප්‍රමාණයේ සැළකියයුතු වෙනසක් නොවුණි.
එහි ප්‍රතිඵලය වූයේ වර්ෂ 1972 දී මිලියන 30 ක් වූ චිත්‍රපට ප්‍රවේශය වර්ෂ 1979 වන විටදී මිලියන 74.4 දක්වා වර්ධනය වීමයි. දේශීය චිත්‍රපට වෙනුවෙන් වෙන් වූ තිර කාලය 20% සිට 58% ක් දක්වා වර්ධනය විය. වර්ෂ 1978 වන විට සිනමා ශාලා සංඛ්‍යාව 365 ක් දක්වා වර්ධනය විය.
මීට පෙර පැවති ක්‍රමවේදය මඟින් එකල පැවති වෙළඳපල ඉලක්ක කර නොතිබූ බවටත් ඒ නිසා ඉල්ලුම යටපත් වූ බවටත් මෙම වර්දනය හොඳම සාක්ෂිය විය. වසර හතක් ඇතුළත වාර්ෂික ඇතුළත් කිරීම්වල පෙර නොවූ විරූ ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස යටපත් කරන ලද සහ යටපත් වූ ඉල්ලුම සපුරාලීමට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට හැකිවිය.
වර්ෂ 1979 න් පසු රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපති දූරයට පත් වූ ඇන්ටන් වික්‍රමසිංහ විසින් පෙර පැවති සියලු ක්‍රියාමාර්ග ආපසු හරවා ඕනෑම කෙනෙකුට චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට හැකි අයුරින් අසීමිත ලෙස ණය ලබා දුන්නේය. ඒ නිසා චිත්‍රපට නිර්මාණකරණය ගැන නිසි දැනුමක් නැත්තන් විසින් චිත්‍රපට සිය ගණනාවක් නිපදවන ලදි. එහි ප්‍රතිඵලය වූයේ වර්ෂ 1982 වන විටදී ඊළඟ වසර 5 තුළදී තිරගත කිරීමට තරම් සරිලන චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය වීමය. ප්‍රේක්ෂකයෝ දුර්වල චිත්‍රපටවලට ප්‍රතිචාර දැක්වූයේ සිනමාවෙන් දුරස්ව සිටීමෙනි. වාර්ෂික ඇතුළත් කිරීම් භයානක ලෙස පහත වැටීමට පටන් ගත්තේය. වර්ෂ 1979 දී මිලියන 79.4 ක් දක්වා ඉහළ ගිය වාර්ෂික ඇතුළත් කිරීම්, වර්ෂ 2009 වන විටදී මිලියන 7.2 දක්වා අඩු විණි. එතෙක් ලාභ ලැබූ ආයතනයක් ලෙස පැවතුණත් නොබෝ කලකින් බංකොලොත් භාවයට ඇද වැටීමට පටන් ගත් අතර රජයෙන් ලැබෙන මුදල් සම්භාරයක් මගින් එය පවත්වාගෙන යාමට සිදු විය.
ටයිටස් තොටවත්ත සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ යුගයේ කලාත්මක චිත්‍රපට නිර්මාණය කළ ප්‍රමුඛතම කලාකරුවන් විය. ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයන්ගේ සිත්ගත් තේමාවන් සමඟ තාක්ෂණික කුසලතාවන්ද එක්කළ හාර ලක්ෂේ, සිහසුන, සාගරිකා සහ මංගල වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ තොටවත්තයන් විසිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම වකවානුවේදී ඉතා සාර්ථකව ඔහුගේ වැඩ කටයුතුවල නිරත වූ අතර, රජය විසින් පනවා ඇති සීමාවන් නොතකා වඩාත් වැදගත් සිනමා කෘති කිහිපයක්ම නිර්මාණය කළේය
වර්ෂ 1972 දී නිකුත් කරන ලද නිධානය චිත්‍රපටය ඔහුගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකේ. ඊට අමතරව වර්ෂ 1997 දී එවකට රජය විසින් පනවන ලද මණ්ඩලයක් විසින් ශ්‍රී ලාංකීය සිනමා වංශකතාව තුළ පළමු වසර 50 තුළ බිහිවූ හොඳම චිත්‍රපටය ලෙස සකස් කරන ලදී. ඔහුගේ අතිදක්ෂ අධ්‍යක්ෂණය මෙන්ම ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකාගේ අසහාය රංගනය ඊට හේතුවිණි. ඔහු විසින් Peries’ Venice International Film Festival හි Silver Lion of St. Mark සම්මානය දිනා ගැනීම සහ ලන්ඩන් චිත්‍රපට උළෙලේ දී ඩිප්ලෝමාවක්ද ලබා ගනිමින් වසරේ විශිෂ්ටතම චිත්‍රපට අතරින් එකක් ලෙස නිදානය තේරී පත් වීම ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් අද්‍යයක්ෂකවර්ස්‍යෙකු වීමට හේතුවිණි. ඔහුගේ පසුකාලීන කෘති වන දෑස නිසා සහ මඩොල් දූවද දේශීය විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර විය.
ඒ වනවිට සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ වැඩ කර අත්දැකීම් ලබා තිබූ ධර්මසේන පතිරාජයන් වර්ෂ 1974 දී ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන අහස් ගව්ව නිර්මාණය කරමින් කරළියට පැමිණේ. එය එකල දිය වී ගිය නාගරික තාරුණ්‍යයේ ආත්මය ග්‍රහණය කර ගැනීමට ඉවහල් වූ නිර්මාණයක් වූ අතර සිරිල් වික්‍රමගේ වැනි අතිදක්ෂ රංගන ශිල්පීන් හට කලාත්මක සිනමාවට අවතීර්ණ වීමේ දොරටු විවර කෙරිණි.
ඒ හැරුණු විට සූරයන්ගෙත් සූරයා චිත්‍රපටය විසින් ත්‍රාසජනක, ක්‍රියාදාම සහ සංගීතමය ක්ෂානරයේ චිත්‍රපටවල ප්‍රවණතාවක් බිහිකිරීමට සමත් වූ අතර එය ශ්‍රී ලාංකේය සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැක. මෙම වාණිජ චිත්‍රපට, දරිද්‍රතාවය, අන්ධ නීතිය, අසාධාරණය සහ ආදරය යන ගැටලු පිළිබඳ සාකච්ඡා කළද ඒවා විදේශීය චිත්‍රපටයන්ගේ පරිවර්තනයන්,බැවින් එම චිත්‍රපටවලට එරෙහිව ඇතැම් විචාරකයෝ ප්‍රහාර එල්ල කරන ලදි.
Pride Month – June
හුලංගල Mini Worlds End
ඉතිං ආයුබොවන්……. මම නිසංසලා….
ඔන්න අදත් මං අරන් ආවා අපේ රටෙි තවත් සුන්දර ලස්සන තැනක් ගැන විස්තර……. හැබැයි මෙි ගමන නමි මං ගියේ තනියම… ගමන යන්න කලින් මං කීපදෙනෙක්ගෙන් විස්තර ඇහුවා… මොකද අපි කොහේ හරි මිට කලින් ගියෙ නැති තැනකට ඇවිදින්න තනියම යනවා නමි එ යන තැන ගැන අවබොදයක් අරන් යන්න ඔින.. මුලින්ම ස්තුති කරනවා මඟ විස්තර දුන්න කීපදෙනාට විශේෂයෙන් solo traveling පිස්සුව youtube channel එක කරන මිත්‍රයාට…
ඉතිං මුලින්ම මෙි ගමන මම තනියම යනවා කිවුවාම කිපදෙනෙක් මට තනියම යන්න එපා කිව්වා. බීපු මිනිස්සු ඉන්නවා කිවුවා.. තවත් එක එක දේ කිව්වා.. එ නිසාමයි මං විස්තර හොයා බැලුවෙි… ඉතිං මං ගියා තනියම.. ජිවිතේ එක පාරක් හරි තනියම travel කරන්න ඔින…මොකද එ මානසික නිදහස කවුරුත් කිවුවාට වැඩක් නැ තමන්ම විදලා බලන්න ඔින…. මං නමි ඉතිං කොහොමත් ඇවිදිනවානේ.. තනියම යනවා වගේම යාළුවො එක්කත් මං යනවා..
මාතලෙන් මම ගමන පටන්ගත්තෙ හරියටම මගේ උපන්දිනය දවසේ මැයි හතර වෙනිදා උදේ හතට.. ඉතිං මං ආවෙි නකල්ස් කදු පන්තියේ දකුණු කෙළවරේ තියන හුලංගල පුංචි ලෝකාන්තය හොයාගෙන, හුලංගලට නැවුගල කියලත් කියනවා… මාතලේ ඉදන් උදේ හතට මං ගමන පටන් ගත්තේ, හරියටම හත වෙද්දි මාතලෙන් එනවා බස් එකක් සැලගමට..
බස් එක හරියටම අට වෙද්දි ලගා උනා සැලගම වතුයායට යන මාර්ගය තියන නා ගහා ලගට… එ ලග පන්සලකුත් තියනවා… බය වෙන්න දෙයක් නැ නිතරම මිනිස්සු ගැවසෙන මාර්ගයක්….. නා ගහා ලග ඉදන් වතුයායේ ටිකටි ගන්න තැනට 3km විතර යන්න තියනවා, ටිකක් කන්ද.. එතන ඉදන් ත්‍රිවිල් එකකින් යන්න පුළුවන් ටිකටි ගන්න තැනට.. ත්‍රිවිල් එකට රුපියල් 500ක් ගන්නවා. මං නමි ඔයාලට විස්තර කියන්න ඔිනම නිසා පයින් ආවා.. එ යන පාරෙත් ලස්සන view එකක් බලාගන්න පුළුවන්.. හුන්නස්ගිරි කන්ද පෙනවා එ හරියට හරි අපුරුවට ඈතින්.. මං ටික දුරක් පයින් එද්දි ත්‍රිවිල් එකක් ඇවිත් නතර කලා. එකේ හිටියෙ ලයිමි නිවාස වලට පහලින් තියන දෙමළ පාසලේ ගුරුවරියක්.. ඇය හිටිය හින්දා මං ත්‍රිවිල් එකට ගොඩ උනා.. හුලංගල ටිකටි ගන්න තැනට මං ගියේ එහෙම. රුපියල් 200යි මගෙන් ගත්තේ…
හුලංගල viewpoint එකට යන්න එක්කෙනෙකුට ටිකටි එක රුපියල් සියයි.. කොහොම හරි ත්‍රිවිල් එකෙනුත් ආව නිසා 8.30 වෙද්දි මං ටිකටි ගන්න තැනින් ටිකටි එකත් අරන් ගමන පිටත් උනා එ හීන දැකපු ලස්සන තැනට යන්න… මගෙ උපන්දිනයට මම මටම තැග්ගක් දෙන්න… මාරම ලස්සන වටපිටාවක් පහු කරන් මං ඉදිරියට ගියේ මගේ තනියට ආව බලු යාළුවො හතර දෙනෙක් එක්ක. එයාලා ගැන නමි කියන්නම ඔින. මට පාර පෙන්නුවෙි එක්කෙනෙක් මටත් කලින් ඉදරියෙන් ගිහින්…
ලස්සන වටපාටාවක්.. මං හිතන්නේ 3kmක් විතර දුරක් තියනවා ටිකටි ගන්න තැන ඉදන් viewpoint එකට…. මහන්සි දැනුනත් වටපිටාව දැක්කාම එ මහන්සිය නැති වෙලා යනවා… එ තරමි සුන්දරයි… තනියක් දැනුණේම නැ මට.. හෙමින් ගීතයක් මුමුණාගෙනම මාත් එක්ක ආව බලු යාළුවන් එක්කත් කතා කර කර මං හරියටම විනාඩි හතලිහක් ඇතුලත viewpoint එකට ආවා.. මගේ මහන්සිය තනිකම කොහෙන් ගියාද කියලා මටවත් හිතාගන්න බෑ… මං කෑ ගැහුවා සතුටට.. මුළු හුලංගලටම හිටියේ මං විතරයි…. මගේ උපන්දිනේට මං දුන්න ලස්සනම තැග්ග එක…
හුලංගලට එන්න පාරවල් දෙකක් තියනවා එකක් කුරුණෑගල පැත්තෙන් අනිත් එක මාතලේ පැත්තෙන්. කුරුණෑගලින් 40km.. මාතලෙන් 25.5km.. හුලංගල බැවුම තියෙන්නේ කුරුණෑගල පැත්තට… හැබැයි මෙි තැනට එන්න තියෙන්නේ මාතලේ පැත්තෙන්.. හුලංගල අයිතිය කොහාටද හරියටම කියලා හොයනවාට වඩා මෙි සුන්දරත්වය විදිමයි මට නමි වැදගත් උනේ…
පුංචි ලෝකාන්තය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදන් මීටර් 760 (අඩි 2500) ක් උසින. කොහොම උනත් හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) දක්වා ඉහළ යනවා… හැම වාහනේකටම නමි ලයිමි නිවාස පහු කරලා මෙි තැනට එන්න බෑ… මෝටර් බයිසිකල්, රෝද 3 සහ 4 × 4 වාහන වලින් බැවුම ලගටම එන්න පුළුවන්…. හැබැයි ස්කුටි වල නමි ගමන අමාරු බව මම පහළට බහිද්දි දැක්කා මට පස්සේ ආව පොඩි මල්ලිලා දෙන්නා පහළට ආව විදිහෙන්.. වාහනෙන්ම යන්න පුළුවන් නිසා එකත් වෙනස්ම අත්දැකීමක් උනත් පා ගමනින් යන එකයි වඩාත් සුදුසුම.. වටපිටාවෙි ලස්සන බලන්න පුළුවන්.. ඈතින් නකල්ස් කදු පන්තිය වගේම අපුරුවට හුන්නස්ගිරි කන්ද පෙනවා ටවර් එක්කම..
හුලංගල viewpoint එක නමි ඇත්තටම පුංචි ලෝකාන්තයක්…. වට පිටාවෙි තියන කදු ගැන නමි කියන්න තරමි දැනිමක් මට නැති උනත් මං දැක්කා ඈතින් රිදිවිහාරය එ වගේම තවත් පන්සලක් මං දැක්කා. එ වෙලාවෙි නමි එ පන්සල මොකක්ද කියලා දැනන් හිටියේ නැති උනත් දැන් දන්නවා එ දොළුකන්ද විහාරය කියලා.. තව ඈතින් බතලගොඩ වැවත් දැකගන්න පුළුවන්….
නැවුගල කියලා මෙි කන්දට කියනවා ඇත්තේ සමහර විට කුරුණෑගල පැත්තට මෙි කන්ද නැවක් වගේ පෙන නිසා වෙන්න ඇති. හැබැයි හුලංගල කියලා මෙි තැනට නම වැටිලා තියෙන්නේ නමි හුළග නිසා කියලයි මට ටිකටි ගන්න තැන ඉන්න හෂාන් පැවසුවෙි.. හෂාන් කියන්නේ සැලගම ගමෙි කෙනෙක්. ඔහු කියපු විදිහට ඉස්සර ඔහුගේ පුංචි දවස්වල මෙි හුලංගල දැනට වඩා
හුළගක් තිබිලා තියනවා.. හුළග එන්නේ මෙි ගල් පර්වතය ඇතුලෙන් කියලත් ඔහු පැවසූවා.. ඉස්සර මෙි ස්ථානයට ගිය පසු ඔවුන් ඇද සිටින ටිෂර්ටි ගලවා දානවාලු මෙි ගලෙන් පහළට,එත් ටික වෙලාවකින් ලොකු හුළගක් එක්ක එ ටිෂර්ටි උඩට ඇදි එනවාලු.. එ නිසාම නැවුගල හුලංගල ලෙසට පටබැදුනු බවයි ඔහු පැවසුවෙි…… මං තවත් දේවල් ඇහුවා ඔහුගෙන්… මෙි හුලංගලත් අයිති සෙමිබුවත්තට.. ඉතිං මෙි තේවතු දෙකත් එක්ක වතු තමයක අයිතිය තියෙන්නේ ඇල්කඩුව සෙමිබුවත්තට..
හුලංගල එනවා නමි එක් අයෙක්ට රුපියල් සියක ටිකටි එකක් කඩනවා.. තව අපෙන් අත්සනකුත් ගන්නවා අපිට අනතුරක් උවහොත් හුලංගල පාලනාධිකාරිය වෙත එය නොපවරණ බවට… තමන්ගේ ආරක්ෂාව ඉතිං තමන්ම බලාගන්න ඔින තමයි… camping කරනවා නමි දහා දෙනෙක් වෙනකමි කණ්ඩායමකට රුපියල් 5000ක් වගේම වැඩිවෙන එක්කෙනා ගානේ සියක මුදලක් අය කරනවා.. තව drone යවනවා නමි රුපියල් 3000ක මුදලක් අය කරනවා. එයට හෙතුව විදිහට හෂාන් මට පැවසුවෙි drone ලැයිමි නිවාස දෙසට එවන නිසා එ නිවාස වල ජිවත් වෙන මිනිසුන්ගෙන් හුලංගල පාලනාධිකාරියට ප්‍රශ්න පැමිණි බවයි… මං ඉතිං අහන්නේ මොකටද අනේ ලස්සන දේවල් තියෙද්දි ලයිමි නිවාස පැත්ත විඩියෝ ගත කරන්න යන්නේ ..
ඉතිං අවසානයට මං මෙි ටිකත් කියන්නම ඔින…. හුලංගල බලන්න එන්න… එ සුන්දරත්වය විදින්න.. මම නමි ආයෙත් තනියම හො යාළුවන් එක්ක හුලංගල යනවා , මොකද මට මීදුම දැකගන්න ලැබුණේ නෑ. එ වගේම හුළග විදින්න ලැබුණේ නෑ.. එ නිසා මං ආයෙමත් යනවා.. ඉල්ලන්නේ එක දෙයයි… යන්න එ සුන්දර පරිසරය විදින්න . නමුත් විනාස කරන්න එපා. එ වගේම තමයි තමන්ගේ වගේම තමන්ගේ කණ්ඩායමෙි ආරක්ෂාව ගැනත් පළමුව සැලකිලිමත් වෙන්න…..
නිසංසලා රණසිංහ
Sinhala Cinema
Free Zone
Charles
Photography
රුවැත්තියනි, මේ වැරදි සිදුවන්නට දෙන්න එපා!
කාන්තාවක්, යුවතියක් ලෙස වර්තමානයේ සැවො ම පාහේ තම රුව රැකගැනීමට අපරිමිත උනන්දුවක් දක්වන බව පෙනේ. ඒ අතර රූපලාවණ්‍යයාගාර සත්කාර , වෛද්‍යය උපදෙස් මත සිදුකරන රූපලාවණ්‍යය ම ය ප්‍රතිකාර මෙන් ම තමන් විසින් ම නිවසේදී සිදුකරගන්නා සත්කාර ද ඒ අතර වේ. මේ ඕනෑ ම සත්කාරයක දී ඔබ ඒ පිළිබඳව දැනුවත් වීම සහ ඉතා ම සැලැකිළිමත් වීම අතිශයින් ම වැදගත් වේ. මක් නිසාද යත් සම, හිසකෙස් ආදිය එකිනාගෙන් එකිනෙකාට වෙනස්වන අතර ම ඒ සඳහා සත්කාර කිරීමේ දී තම තමන් ගේ සම සහ හිසකෙස් හොඳින් හඳුනාගෙන තිබී ම ප්‍රථිඵලදායී වන නිසාවෙ නි. එබැවින් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන කරුණු ඔබට වටහාගැනීමට හැකිවෙතැ යි මා විශ්වාස කරනවා. ඉතින් රුව රැකගැනීමේ දී ඔබ අතින් මේ වැරැදි සිදුවනවා දැ යි විමසා බලන්න….
සම පිරිසුදු කිරීම
ඔබේ මුහුණේ ස්වාභාවය සහ ජීවනරටාවේ ස්වාභාවය අනුව යම් අවස්ථාවන්හි දී දිනකට කිහිපවරක් සම cleanse කරමින් මුහුණ සේදීමට ඔබ පුරුදු වී සිටිනවා නම්, හැකිතරම් දුරට එය අව ම කිරීමට උත්සාහ ගන්න. මක්නිසා ද යත් නිතර ම සේදුම්කාරක භාවිතයෙන් සහ වතුර භාවිතයෙන් මුහුණේ සම අධික ලෙස වියළිබවට හැරීමට ඉඩ ඇති බැවිනි. එමෙන් ම සමට හිතකර සෛල වියළීයාමෙන් අනවශ්‍යය ගැටළු පවා ඇතිවීමට මෙය බලපානු ඇති.
Sun cream භාවිත නොකිරී ම
ඔබ නිතර එලිමහනේ ගැවසෙන අයෙකු නම් ඔබ අනිවාර්යයෙන් ම හිරුකිරණින් ඔබේ සමට සිදුවන හානිය වළක්වාගැනීමට sun block පාවිච්චි කිරී ම ඉතා වැදගත් ය. මෙහි දී සමේ Ph අගයට සහ ඉහළ ආරක්ෂාවක් ලබාදෙන හොඳ ම තත්ත්වයේ sun block එකක් ම මිල දී ගැනීමට වග බලාගන්න.
අධික සීනි, තෙල් සහ ලුණු භාවිතය
රසට කන්න අකැමැති කවුද? එහෙත් කෑම රස ගැන ම සිතා ඔබ අධික ලෙස සීනි ප්‍රතිශතය ඉහළ කෑමවර්ග නිතර ආහාරයට ගන්නේ නම් ඔබේ රූපලාවණ්‍යය සහ සෞඛ්‍යය ගැන වඩා සැලකිලිමත් වන්න.
හිස තබන කොට්ට සහ ඇතිරිලි නිතර පිරිසුදු නොකිරී ම
කාර්‍යයබහුල ජීව්තයක දී ඔබට මඟහැරෙන නොයෙකුත් කාරණා තිබෙනවා ඇති. එහෙත් සතියකට වරක් හෝ දෙවරක් හැකි හැමවිට ම කොට්ටඋර සහ ඇතිරිලි මාරුකරමින් පිරිසුදු ඇඳ ඇතිරිලි සහ කොට්ටඋර භාවිත කරන්න. මක් නිසා ද යත් එමඟින් ඉස්හොරි , කුරුළෑ වැනි ගැටළුවලට ද විසඳුමක් ලැබේ.
නිතර උණුසුම් වතුර භාවිතයෙන් ස්නානය
මෙමඟින් හිසකෙස් සහ ශරීරයේ සම අධික වියළිබවට හැරෙන බැවින් හැකි හැමවිට ම උණුසුම අඩු ම වතුර භාවිතයෙන් ශරීරය සහ හිසකෙස් පිරිසුදුකරගැනීමට සැළකිලිමත් වන්න
නිසි සොයාබැලීමකින් තොරව skin care routine අනුගමනය කිරීම
සෑම කෙනෙක්ට ම එකිනෙකාට ආවේණික සමක්, රුවක් හිසකෙස් ආදිය තිබේ. එබැවින් හැමවිට ම පවතින රැල්ලට අනුගත වී සොයා බැලීමකින් තොරව සිදුකරන ඕනෑ ම ක්‍රියාවලියක අවසානය හැමවිට ම සාර්ථක වන්නේ නැත. එබැවින් දැන් මෙව් මොහොතේ පවතින trend එක අනුව ඔබේ රූපලාවණ්‍යය නිෂ්පාදන තෝරාගැනීම සහ භාවිතය සිදුකරන්න එපා. එමඟින් ඔබ හිතනවාට වඩා අයහපත් ප්‍රථිඵල ඔබ නොදැනුවත්ව ම ලැබෙන්නට ඉඩ ඇත. එමෙන් ම ඒ මඟින් දීර්ඝකාලීන අයහපත් ප්‍රථිඵල මෙන් ම නැවත කිසිදිනෙක ආපසු හැරවිය නොහැකි ප්‍රථිඵල වුව ලැබෙන්නට ඉඩ ඇත. එබැවින් හැමවිට ම ඔබේ රූපලාවණ්‍යය ශිල්පියාගෙ හෝ dermatology උපදෙස් අනුව ම පමණක් කටයුතු කරන්න. මක්නිසා ද යත් සමහර රසායනික සංයෝග ඔබේ පවුලේ ම කෙනෙකුට සාර්ථක ප්‍රථිඵල ලබා දුන්න ද ඔබට එය අහිතකර වීමට ඇති සම්භාවිතාව ඉහළ වන බැවිනි.
ප්‍රමාණවත් නොවන නින්ද
කාර්‍යයබහුල ජීවිතයක් ගත කරන ඔබට රැකියාව්ද් හෝ වෙනයම් ගැටළුවක් නිසා අඩු නින්දක් නම් ලැබෙන්නේ, එය ඔබේ සෞඛ්‍යයට සහ රූපයට දැඩිව බලපාන බව ඔබ දන්නවා ඇති. දිනය පුරාවට නොයෙකුත් දේශගුණික කාලගුණික විපර්‍යාස මැද අධික මහන්සිය , තෙහෙට්ටුව්ව සහ මානසික , කායික පීඩා මැද ඔබ ගැටෙනා විට ඔබේ ශරීරය මෙන් ම මනස ද දුර්වල වන්නෙ ඔබටත් නොදැනි ම යි. ශරීරාභ්‍යන්තරය මෙන් ම ඉහත කී කාරණාවලදී බොහෝවිට නිරාවරණය වන ඔබේ සම, හිසකෙස් පවා මේ ගැටළු නිසා විඩාවට පත්වේ. එහි දී ප්‍රමාණවත් සුව නින්දකට පිරිසුදුකරගත් ඔබේ සම සහ ශරීරය නැවත නැවුම්බවකින් පුබුදුවන්නට හැකි ය. එබැවින් හැකි හැමවිට ම සුව නින්දක් ලබාගන්න සැලසුම් කරන්න.
Make up සමඟ නින්දට යාම
ඔබ කෙතරම් කාර්‍යයබහුල වුවත්, කෙතරම් විඩාවට පත්වුවත් කිසිදිනක මෙය නම් කරන්නට එපා. දිගු වේලාවක් ඔබේ සම මත රැඳුණ මේක් අප් නිසා ඔබේ සමට බොහෝ හානි සිදුවිය හැකි ය. එමෙන් ම දවස පුරා රැඳුණ කුණු දූවිලඑමෙන් ම දවස පුරා රැඳුණ කුණු දූවිලි ආදිය මෙන් ම මේක් අප් නිසා විඩාවට පත් සම තව තවත් අයහපත් තත්ත්වයකට හැරීමට මේ නිසා ඉඩ කඩ ලැබේ. Pimples, acne, black heads ආදිය මෙන් ම සම රැලිවැටී ම දුර්වර්ණ වීම මේ නිසා ඉක්මනින් සිදුවනු ඇති. එබැවින් නිවැරදිව මේක් අප් ඉවත් කර සැහැල්ලු නැවුම්බවකින් නින්දට යන්න. නින්දේ දී විඩාවට පත් සම ප්‍රකෘතිමත් කරමින් ඔබට නැවුම්බවක් ලබාදෙනු ඇත.
ඉතින් මෙලෙස තවත් වැදගත් කාරණා රැසක් සමඟ නැවත්වරක් ඔබ හමුවන බලාපොරොත්තු ඇතිව මා අදට සමුගන්නවා. සුබ දවසක් !
සමීරා ජයසිංහ
කාන්තා මදසරු බවට හේතුවන PCOS
වර්තමාන සමාජය තුල විවාහක, දරුවන් අපේක්ෂිත යුවල සංඛ්‍යාවෙන් 30%ක ට ආසන්න ප්‍රමාණයක් දරුවන් නොමැති වීමේ ගැටලුවට මුහුණ දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තහවුරු කොට ඇත. ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන් 7%ක් පමණ ද මදසරු බාවයට හේතු යෙදෙන “ඩිම්බ නොමේරීම” හෙවත් PCOS (Polycystic Ovarian Syndrome) යන රෝගී තත්ත්වයෙන් පෙලෙන අතර අවුරුදු 18-44 අතර වයසේ පසුවන කාන්තාවන් තුල මෙම තත්ත්වය සුලබව දක්නට ලැබේ.
ස්ත්‍රී හෝමෝනයන්ගේ සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් නිසියාකාරව ඩිම්බ පරිණත වීම සිදු නොවීම මෙම රෝගී තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවයි. ඩිම්බ කෝෂය මතුපිට ස්වාභාවිකව පවතින සුමට බව නොමැති වී පරිණත ඩිම්බයක් වෙනුවට “Cyst” එනම් තරල පිරි කුඩා ගෙඩි ඩිම්බ කෝෂ පුරා පැවතීම ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැක. TAS/ TVS ස්කෑන් පරීක්ෂණ මගින් මෙම තත්ත්වය නිවැරැදිව පරීක්ෂා කොට තහවුරු කරගත හැක.
මෙම රෝගී තත්ත්වයේදී කාන්තා ශරීරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර රෝග ලක්ෂණ දක්නට ලැබෙන අතර, ඒවා ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙම තත්ත්වය පහසුවෙන් මගහරවා ගත හැක. PCOS රෝගී තත්ත්වය පිටියුටරි ග්‍රන්ථිය, ඩිම්බ කෝෂ, තයිරොයිඩ් ග්‍රන්ථි හා අග්න්‍යාශය ආදී අන්තරාසර්ග ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වයේ විෂමතා නිසා හටගනී. මීට අමතරව වත්මන් සමාජය තුළ මෙම රෝගී තත්ත්වය සඳහා බලපාන ප්‍රධාන හේතූන් ලෙස අධික තරබාරු බව, වැරදි ආහාර විහරණ හා ජානමය හේතු හඳුනාගත හැක.
කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වාගෙන යන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන ඩිම්බ කෝෂ මගින් නිපදවන අතර සාමාන්‍ය තත්ත්ව යටතේ සුලු ප්‍රමාණයකින් නිපදවන Androgen හෝමෝනය අධිකව ස්‍රාවය වීම නිසා ඩිම්බ පරිණත වීමට බාධා පැමිණීම PCOS තත්ත්වයේදී සිදුවේ. නිරෝගී කාන්තාවකගේ ඩිම්බ කෝෂයකින් මසකට පිටවන නිරෝගී, පරිණත ඩිම්බයක් නිරෝගී ශුක්‍රාණුවක් සමඟ සංසේචනයෙන් නිරෝගී කළලයක් හටගනී. නිරෝගී පරිණත ඩිම්බයක් ලැබීමටත්, එය නිවැරැදි කාලයේදී මෝචනය වීමටත් හෝමෝනමය සමතුලිතතාවය අතිශය වැදගත් වේ. ඩිම්බ නිපදවීම හා ඒවායේ පරිණත භාවය සඳහා FSH හෝමෝනය හා ඩිම්බ මෝචනය සඳහා LH හෝමෝනය යන හෝමෝන වල නිවැරැදි ක්‍රියාකාරීත්වය මෙහිදී වැදගත් සාධකයක් වන අතර PCOS තත්ත්වයේදී FSH හා LH හෝමෝනයන්ගේ අසමතුලිතතාවයන් ද දක්නට ලැබේ. එමනිසා ඩිම්බ පරිණත වීම නිසියාකාරව සිදුනොවේ.
එමෙන්ම, අග්න්‍යාශයික ක්‍රියාකාරීත්වයේ විෂමතා හේතුවෙන් ඉන්සියුලින් හෝමෝනයේ බලපෑමෙන් ඩිම්බ කෝෂ වලින් වැඩි වශයෙන් පිරිමි හෝමෝන ස්‍රාවය උත්තේජනය වීම සිදු වේ. එහි බලපෑමෙන්, ඩිම්බ නිසිලෙස පරිණත නොවීම, ඩිම්බ මුදාහැරීම නිවැරැදිව සිදු නොවීම හේතුවෙන් දරුවෙකු පිළිසිඳ ගැනීමට බාධා ඇතිවේ.
PCOS රෝග ලක්ෂණ –
• අක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම (ඔසප් චක්‍රය සිදු නොවීම, ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම)
• මුහුණේ අසාමාන්‍ය ලෙස කුරුලෑ හට ගැනීම
• මුහුණේ සහ ශරීරයේ ඇතැම් ස්ථාන වල (උඩුතොල, නිකට, පපුව, තට්ටම් ආදී ) අනවශ්‍ය ලෙස රෝම හට ගැනීම
• ගෙල, ඉකිලි හා කිහිලි ආශ්‍රිත සම කලු, වියළි, ගොරෝසු වීම
• අධික තරබාරු බව
• අධිකව හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් මෘදු වීම
PCOS තත්ත්වය නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ –
• මදසරු භාවය
• ගබ්සා වීම් (Abortion)
• ගර්භාෂ හා ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා තත්ත්ව
• දියවැඩියාව
• අධි රුධිර පීඩනය
• කොලෙස්ටරෝල්
• විශාදය ඇතුළු මානසික සංකුලතා
රුධිරගත FSH, LH හෝමෝන සාන්ද්‍රණය ( Hormone profile) පරීක්ෂා කිරිම මගින් මෙන්ම රුධිරගත තයිරොක්සින් හෝමෝන මට්ටම (Thyroid profile) මගින් මෙම රෝගී තත්ත්වය පහසුවෙන් නිශ්චය කරගත හැක.
ආයුර්වේද ප්‍රතිකාර –
සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් තුළින් PCOS තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවකර ගත හැක. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් “ආර්ථව ව්‍යාපත්” සඳහා වන චිකිත්සා පද්ධතිය ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දේ.
බාහිර ප්‍රතිකාර ලෙස නස්‍ය ප්‍රතිකාර (අසමතුලිත වූ හෝමෝන සමතුලිත කිරීම සඳහා), ශිරෝධාරා (මර්ම උත්තේජනය හා ත්‍රිදෝෂ ශමනය කිරීම සඳහා), උද්වර්තනය (ඖෂධීය චූර්ණ අභ්‍යංගය), තෛල අභ්‍යංගය හා ස්වේදනය (ස්‍රෝතස් ශෝධනය හා මේද දහනය සඳහා),ඖෂධීය කෂාය මගින් ශේක, පිචු, අවගාහ, වස්ති කර්ම ඇතුළු පංචකර්ම ප්‍රතිකාර හැඳින්විය හැක.
අභ්‍යන්තර ඖෂධ යෙදීමෙන් රෝගියාගේ ශරීරය ශෝධනය නොහොත් විෂ ඉවත් කොට පිරිසිදු කිරීම, රෝගියාගේ ශරීර අග්නිය නිසි ලෙස සැකසීම, දෝෂ ශමනය මගින් අසමතුලිත දෝෂ සමතුලිත කිරීම සිදුකරනු ලැබේ. එමෙන්ම රෝගියාගේ මානසික සෞඛ්‍ය සුරැකීම කෙරෙහි ද ප්‍රතිකාරයේදී විශේෂයෙන් අවධානය යොමුකල යුතු වේ.
PCOS රෝගී තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීම සඳහා,
• අධික සීනි/තෙල්/පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකීම
• උෂ්ණාධික මාංශ වර්ග (ගව මස්, ඌරු මස්) හා උෂ්ණාධික මාළු (බලමාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්) ගැනීමෙන් වැළකීම
• ක්ෂණික ආහාර, කෘතිම රසකාරක/වර්ණකාරක යෙදූ ආහාර, ගැඹුරු තෙලේ බදින ලද ආහාර ගැනීමෙන් වැළකීම
සිදු කල යුතුය.
• රතු කැකුළු හෝ දේශීය සහල්, ධාන්‍ය වර්ග, තන්තු අධික එළවළු, පලතුරු, පලා, කුඩා මසුන් (හාල්මැස්සන් වැනි) වැඩි වශයෙන් ආහාරයට ගැනීම.
• වැඩිපුර ජලය පානය කිරීම
• ඖෂධීය කොළ කැඳ (කරපිංචා, යකි නාරං, හීන් බෝවිටියා) හා ඔසුපැන් (කොත්තමල්ලි, ඉරමුසු, පොල්පලා) පානය කිරීම
• ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම හා දවල් කාලයේදී නිදා නොගැනීම
• ව්‍යායාම කිරීම
• භාවනා කිරීම හා යෝග අභ්‍යාස වල නිරත වීම යෝග්‍ය වේ.
නිරෝගී දරු පිළිසිඳ ගැනීමක් සඳහා පරිණත ඩිම්බයක් නිසි කල නිසි අයුරින් ඩිම්බ කෝෂයෙන් මුදාහැරීම කාන්තාවකට අතිශය වැදගත් වේ.එබැවින් ඉහත සඳහන් රෝග ලක්ෂණ සහිත කාන්තාවක් වේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වී නිසි ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමෙන් PCOS රෝගී තත්ත්වය හේතුවෙන් ඇතිවන මදසරු භාවය ඇතුළු අනෙකුත් අතුරු ආබාධ තුරන් කොට ඉක්මන් සුවය ලඟාකර ගත හැක.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS (Colombo)












