සඳගලතැන්න

සඳගලතැන්න හරහා සිරිපා කරුණාව – 02 වන කොටස

( අප්‍රෙල් මස සඟරාවෙන් පළමු කොටස කියවන්න )

    පුදුමාකාර ලස්සන වටපිටාවක් පහු කරගෙන අපි කැලේ ඇතුලේ අඩිපාරදිගේ ඉදිරියට ඇවිදගෙන ගියේ වටපිට සුන්දරත්වය විදිමින්… මෙවර නමි මම කවි කිය කිය තමයි ගමන ආරමිභ කලේ.. එ තරමි සතුටකින් මම සිටි බව කියන්නම ඔින…. ලස්සන දොල පාරවල් , ගස්කොළන් විතරක් නෙවෙයි නේකවිද කැලෑ මල් දැක්කාම ඉ⁣බෙිටම තුන්සරනේ කවි කියවෙනවා…. සුන්දර වනලැහැබ හිතම වශිකරගෙන… එක යායට පිපි තබුණු පුංචි මල් වගයක් හරියට පින්න වගේ….. එක යායට තියන නෙලු ශාක වල පත්‍ර වැස්සට තෙමිලා දිලිසෙනවා… එවා දිහා බලාගෙනමයි ඉන්න හිත… කවි සිංදු කිය කිය යන අතරමග සිරිපා කරුණාකරන තවත් දෙදෙනෙක් අපිට හමුඋනා… එ විතරක් නෙවෙයි ඉහල කඩ වලට බඩු අදින කමිකරුවන් අපිට හමුඋනා… ඔවුන්ගේ ගමනට කිසිදු බාදාවක් නොකර අපි හයදෙනා ඇවිද ගියේ පුදුමාකාර සතුටකින්…

    හවස එකට පටන්ගත්ත ගමන සඳගලතැන්න ගල්තලාවට ලගා වෙද්දි හවස 3.05යි.. අපිට මද වර්ෂව නිසාත් ඦායාරුප ගැනීමට නතරවීමි නිසාත් පැය තුනක් ගතවෙලා…. මෙි ගැන කියන්නම අවශ්‍යයි… ගමනක් යන විට හදිසිකාරයො නැති එක නමි මානසික සුවයක්… වට පිට සුන්දරත්වය විදගෙන හෙමින් ගමනට තමයි මගෙ වැඩි කැමැත්ත… මෙි ගමන ගිය අපි හයදෙනාම එහෙමයි… ගමන පටන්ගත්ත මොහොතේ ඉදන් නැවත නිවෙස් කරා පැමිණෙන්න බස් රථයට ගොඩ වන තුරුත් අපි එකටමයි…

    සුන්දරත්වය තියෙන්නේ ඇස් දෙකෙන් බලාගෙන විදින්න.. ඉතිං මෙි වගෙ සුන්දර නිස්කලංක පරිසරයකට ඇතුල් වෙනවා කියන්නේ විදින්න තියනදේ ගොඩයි… ගස් කඳන් තවත් ජිවයකට ඉඩ දිලා අපුර්වත්වයක් මවලා… තෙත බරිත පාසි වගේම මීවන ශාක විසල් ගස් වෙලාගෙන… තැනින් තැන ඇසෙන වතුර ගලන් යන හඬ හරියට සංගීතයක් වගේ… හිතම වශි නොවුනොත් පුදුමයි..

     සඳගලතැන්නෙදි අපිට තවත් නඬ දෙකක් දැගන්න හැකි උනා… රාත්‍රිය එහි ගත කරන්න කුඩාරමි බදින පිරිසක් වගේම සිරිපා කරුණාකරලා පහලට බසින නඬයක් සඳගලතැන්න ගල් තලාවෙිදි අපිට හමුඋනා… අපි දවල් ආහාරය ගත්තේ සඳගලතැන්නෙදි…. පාන් එක්ක සීනිසමිබල් අපේ කුසගින්න නිවා දැමුවා….. සීතලෙ වෙවුලන ගමන් ඇතීන් විටින් විට මීදුමි සළුවෙන් වෙලාගන්න සමනොළ කන්ද දිහා බලාගෙන අපි හැමොම හිටියෙ පුදුමාකර සතුටකින්…. මෙි සමනොළ කන්ද ගැන මොනතරමි නමි ජනප්‍රවාද කතා තියනවාද.. සුමනසමන් දෙවියන් ගැන විස්තර මම මීට පෙර අපි මැගසින් එකෙන් ඔයාලට අරන් ආවා. එ නිසා මෙවර එ පිළිබදව අවශ්‍ය නැතියි සිතනවා… නමුත් අපේ නඩෙි චානක මල්ලි නමි අපේ අයට සමනළ කන්ද ගැන වටිනා විස්තර ටිකක් සඳගලතැන්න ගල් තලාවෙිදි පැවසුවා….

     හාස්කමි ඇති භුමියක් වෙතට පැමිණෙන විට අපි කවුරුත් පේ වෙලා එන්න ඔින.. කිලිකුණු නැතුව නිර්මාංශව…. විශේෂයෙන් කැලෑ පාරවල් වල… මං වැරදිමි වෙනවා බොහො අයට මම දැකලා තියනවා… කට වරද්දා ගැනීමි නිසා කරදර වෙන බවයි වැඩිහිටියන් පවසන්නේ.. එ දෙවල් කොහොම උනත් අපි පැරණි කියමන් වලට ගරු කරන්න ඔින… වැඩිහිටියො නිකමි කට කහනවාට කියන කතා නෙවෙයි….

     මෙි මාර්ගයේ යාමේදී සුන්දර දිය කඩිති කිහිපයක් හමුවෙනවා… බීමට සුදුසු පිරිසිදු වතුර, එත් බොන්න කලින් දියපාරේ ඉහළ ටිකක් පරික්ෂා කරලා බලන්න… කැලය නිසා මිය ගිය සතෙක් වැටි සිටියහොත් කැලෙන් පිටතට එන්න පෙර ඔබ ලෙඩ වෙන්න පුළුවන්…. එ නිසා එ ගැන කල්පනාවෙන්… එ වගේම තමයි වෙනත් අඩි පාරවල් බොහෝ දුරට ශාක වලින් වැසි තිබෙනවා.. එ නිසා අවදානයෙන් නිවැරදි මාර්ගයේම ගමන් කරන්න…. මෙි මාර්ගය යායට වැවුණු නෙලූ අතරින් ඝන මීදුම, සීතල සහ නේකවිද ශාක වලින් අනුන වගේම කුඩල්ලන්ගෙන් අඩු නැති  මාර්ගයක්…. නමුත් වාසනාවකට අපිට නමි කූඩැල්ලන්ගෙන් කරදරයක් සිදු උනේ නෑ දෙහෙනකන්දේදි වගේ…..

       මෙි මාර්ගයේ යන විට නල්ලතන්නි මාර්ගයේ පිහිටි යකා ඇඩු ඇල්ල, සාම චෛත්‍ය දැකගන්න පුළුවන්…. හැබැයි මෙි සමස්ත මාර්ගය පුරාවටම කඩ නමි නෑ, විදුලි ආලෝකය වගේම වැසිකිලි පහසුකම්ද නෑ…..  එත් දිවියන් බහුලව ගැවසෙන ඉසව්වක් වන නිසාම කිසිසේත්ම රාත්‍රී ගමන් සුදුසු නැති බව කියන්න ඔින… එ වගේම තනිව රාත්‍රි ගමනත් අවදානමි…. හිදිසියකදි කරදරයක් උනොත් ඔබට ඔබ පමණයි…. මෙි මාර්ගය බොහෝ දුරට භාවිතා කරන්නේ නල්ලතන්නිය මාර්ගයේ ඉහල කඩ වලට බඩු අදින කම්කරුවෝ…

     මෙි ගැනත් කියන්නම ඔින පවුල් පිටින් එන නඩ වගේම කැලය සම්බන්දයෙන් කිසිම අවබෝදයක් නොමැති පිරිසට මෙම මාර්ගයේ යාම ජිවිත වලට පවා තර්ජනයක් ඇති ගමනක් වන්න පුළුවන්… විශෙෂයෙන් වයොවෘර්ධ අය දරුවන් වගේ අයට මෙි මාර්ගය ඇත්තෙන්ම සුදුසු නෑ…  එ නිසා කියන්නේ අසනීප තත්වයක සිටිනවා නමි කැලෑ මාර්ගවල ගමන් කිරිමෙන් වලකින්න…. දැන් රැල්ලක් වෙලානේ දරුවන් ලැබෙන්න ඉන්න අමිමලා සිරිපා වන්දනාවෙි යෑම… ඉතිං එවැනි අය නමි මෙවැනි දුෂ්කර මාර්ග වල ගමන් කිරිමෙන් වැලකි සිටිනවා නමි හොදයි… කරදරයක් සිදු උවහොත් නිරපරාදේ සුමනසමන් දෙවියන්ටයි එ සැදැහැවතුන්ගෙන් බැනුමි අහන්න වෙන්නේ… එහෙම බැතිමතුන්නේ ලංකාවෙි ඉන්නේ…..

        සඳගලතැන්නෙන් ගමන ආරමිභ කරලා අපි නැවත ඉතිරි දුරත් හෙමින් ගමන් කලේ අවට සුන්දරත්වය විදගෙනමයි… හරියටම හවස 4.45ත් 5ත් අතර අපි සඳගලතැන්න මාර්ගය නල්ලතන්නි මාර්ගයට එකතුවෙන තැන මහාගිරිදබෙිට අපි හය දෙනාම පැමිණියා….. ලස්සන ගමනක් පටන් ගෙන එසේ පැමිණියත් මගෙ හිතේ සතුට තත්පරයට වෙනස් උනේ නල්ලතන්නි මාර්ගය දැකලා…. ඇති උනේ ලොකු කළකිරීමක්… එ තරමි අපිරිසිදුයි නල්ලතන්නි මාර්ගය… මුත්‍රා ගඳ විතරක් නෙවෙයි ප්ලාස්ටික් බොතල් පොලිතින් හැමතැනම.. එ වගේමයි සඳගලතැන්න මාර්ගයත් නල්ලතන්නි මාර්ගයත් එකතුවෙන තැන මළපහා කරන්න තරමි මිනිස්සු නින්දිත වෙලා….ඇත්තමයි මට වාරේ සිරිපා කරුණාව එපා උනා කිවහොත් හරි….

      මට හිතාගන්න බෑ…. මෙි තරමි සුන්දර පරිසරයක් මිනිස්සු මෙි විදිහට ජරා කරන්නේ කොහොමද කියලා…. ඇත්තමයි සත්තු ඉන්න තැන් පිරිසිදුයි එත් මිනිස්සු එ තැන්වලට ගියොත් එතනත් ඉවරයි…. මෙි තරමි විනාසයක් සමනළ අඩවියට සිදු වෙද්දි පරිසරවෙිදින් ඇස් කන් පියාගෙන ඉන්නවා , හැබැයි සිරිපා වාරේ අවසන් වෙලා ආවාරේ සිරිපා කරුණාකරන පිරිස දුටු සැණින් එ පරිසරවෙිදින් අවදිවෙනවා..  අවාරේ සිරිපා යනවාට බැන වදිනවා. ගිය වර දෙහෙනකන්දෙන් අවාරේ සිරිපා කරුණා කරන බව පැවසු පසු මටත් අයෙක් බැන වැදුණා පරිසරය විනාස කරන්නයි අවාරේ යන්නේ කියලා… මං අහනවා එ අයගෙන් අවාරේ විතරයිද සමනළ අඬවිය විනාස වෙන්නේ වාරේ එහෙම වෙන්නේ නැද්ද කියලා… මං දැක්ක දෙයක් තමයි වාරේ යන අයට වඩා අවාරේ යන අයයි වාරේ ගිය අයගේ කුණු පහලට අරන් ඇවිත් සිරිපා මාර්ග පිරිසිදු කරන්නේ… කලකිරිමක් පමණයි මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉතිරි වන්නේ….

අවසානයෙදි මම බුදුන් වදින අත් දෙක එකතුකරලා ඔයාලාගෙන් ඉල්ලන්නේ මෙි ලස්සන පරිසරය විනාස කරන්න එපා.. රැගෙන යන ඔයාලාගේ කුණු ටික නැවත ගෙදර අරන් යන්න තරමි කාරුණික වෙන්න….. ඉතාමත් සංවෙිදි පරිසර පද්දතියක් ඇති සමනොළ අඬවිය මතු පරපුරටත් පරිස්සමි කරලා දෙන එක අපේ වඟකිමක් බව සිතට ගන්න.. යන්න එ සුන්දර පරිසරය විදින්න…. එත් ඔබ රැගෙන යන සියළු දෑ නැවත රැගෙන යන්න….

( ගමන පුරාවටම මගේ ඦායාරුප මට අරන් දුන්න චානක මල්ලිටත් පැතුම් මල්ලිටත් බෙහෙවින් ස්තුතියි )

නිසංසලා රණසිංහ

Trying is Better than Crying!

බැරි දේට අඬනවට වඩා උත්සාහක් වීම ප්‍රභලයි!

 ඒ සාර්ථකත්වය සහ හැඟීම් අතර ඇත්තේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවත්. සාර්ථකත්වය අත් කර ගන්නා අය කිසි විටෙකත් ඔවුන්ට බාධක ආවිට කඳුළු සලමින් කාලය නාස්ති කළේ නෑ.ඔවුන් දැන සිටියා හඬන මිනිසුන් කිසිවිටෙකත් සාර්ථක නොවන වග. සාර්ථකත්වය හා ජයග්‍රහණය යනු දෙකකි. නමුත් සියලු දෙනා උත්සාහ කරන්නේ සාර්ථකත්වය අත් කර ගැනීම නොවේ. ඔවුන් සැමවිටම උත්සාහ කරන්නේ ජයග්‍රහණය කුසලානය අත්කර ගැනීමටත් සාර්ථකත්වයක් අත් කර ගැනීමටයි.නමුත් සාර්ථකත්වය යනු තරගයක් හඹාගොස් කුසලානයක් අත්කර ගැනීම  පමණක්ම නොවේ, අභියෝග ජයගෙන ඒවාට මුහුණ දී කටුකත්වයත් සුන්දර මල්  යහනාවක් කර ජීවිතයම ජය ගැනීමයි. සාර්ථකත්වය  ඉතා අපැහැදිලිය. එය ජයගන්නේ මිලියන ගණනින් කීපදෙනකු පමණි.

 ලෝකයේ බිහිවුණු සාර්ථක දැවැන්ත චරිත කිසිවිටෙකත් සාර්ථකත්වය කරා ගමන් කිරීමේ දී එන ගැටලු බාධක හමුවේ හඩමින් කාලය නාස්ති කර දැමුවේ නැත. ඔවුන් එම කාර්යයක් උපයෝගී කර ගනිමින් නැවත නැවත උත්සාහ කරමින් කෙසේ හෝ සාර්ථකත්වය හඹා යෑමට උත්සුක විය.ලෝකයේ බිහිවුනු ප්‍රබල සාර්ථක චරිත ගැන අපි අසා තිබෙනවා. ඔවුන් නික්ම යෑමෙන් පසු වත් මිනිසුන් ඔවුන් අනුකරණය කරමින් සාර්ථකත්වය සඳහා ආදර්ශ  ගන්නවා. ඇල්බට් අයින්ස්ටයින්,චාල්ස්ඩාවින්, සොක්‍රටීස්, තෝමස් එඩිසන්, ඒබ්‍රහම් ලින්කන්,චාලි චැප්ලින්, හෙන්රි ෆෝඩ්,බිල් ගේට්ස්, මහත්මා ගාන්ධි ආදීන්  අප මවිතයට පත් කරන නම් කිහිපයකි.ඉහත සදහන්  කල සියලුම පුද්ගලයින්  සාර්ථකත්වය  ළගා කර ගැනීමේ රහස් අපට කියා දුන්නා.     “අත් නො හැර නැවත නැවත උත්සාහ කිරීම”ඉන් එකකි.

සාර්ථකත්වය ළඟා කරගැනීම නිසැකවම ඉතා අපහසුය.එහි මාවත බලවත් අසාර්ථකත්වයකන් ගෙන් පිරී තිබේ. අප ක්‍රියාත්මක විය යුත්තේ නොපසුබට උත්සහය සහ සාර්ථක වීමට අධිෂ්ඨානය පෙරදැරිවයි. ඔබ සාර්ථක වීමට උනන්දුවෙන් වැඩ කරන විට එන බාධක හමුවේ දුක් වී හඬා වැටීමෙන් කිසිම ප්‍රයෝජනයක් නො වේ.එම නිසා එන සියලු අභියෝග හමුවේ උනන්දුවෙන් උත්සාහවන්තව කටයුතු කරන්න.

 එවිට ඔබගේ අවසානය  කිසිම විටෙක කඳුළු සැලීමක් නොවෙනු ඇත.             

ඔබට ජය!                 

 සටහන නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ .

සඳගලතැන්න හරහා සිරිපා කරුණාව

01 වන කොටස

  ඔන්න මං අදත් ආවෙි මම 2023 මාර්තු 03න් වෙනිදා ගිය තවත් ලස්සන සුන්දර ගමනක් ගැන ඔයාලාට කියන්න… වෙනදා වගේම ආරාධනා කරනවා එකතුවෙන්න මාත් එක්ක ලස්සන තැන් ගැන විස්තර දැනගන්න.. දවසක ඔයාලටත් එ තැන් බලන්න යන්න ආස හිතෙයි…

         නිල් වන් අහස්කුස විදගෙන වළාකුළුත් වට කරගෙන විරාජමානව ⁣පෙනි සිටින දිව්‍යලොකය වගේ තැනක් ගැන කිවුවාම කවුරුත් දන්නවා එ කොහෙද කියලා….. එ තමයි මගේ හදවත බැදි කන්ද සමනොළ කන්ද ගැන…  මෙවර කියන්න යන්නෙත් සමනොළ තරණය කරන්න අපි හයදෙනෙක් තොරාගත්ත ⁣අලුත් පාරක් ගැන….. අහලා තියන විදිහට සමනොළ කන්ද තරණය කරන්න පාරවල් හතක් තියනවා.. ඉතිං මගේ ආසාව මෙි හැම පාරකින්ම සිරිපා වදින්න යන්න… එ නිසාම අපි මෙවර යන්න කතා කරගත්තේ මාරේ වතුයාය ,රජමලේ වත්ත, සඳගලතැන්න හරහා සමනොළ කන්දට… සිරිපාදේ යන්න කෙටිම සුන්දරම මාර්ගය තමයි මෙි සඳගලතැන්න හරහා මාර්ගය…

      හීනයක්….. හීනයක්ම වෙන්නට නොදුන්න ගමනක්…. මෙි ගමන යන්න ඇත්තටම මං හීන දැක්කා…. මොකද ගොඩක් අය කියලා තිබුණා මෙි මාර්ගය දුෂ්කර වගේම ඉතාමත් සුන්දර වනගත මාර්ගයක් කියලා…. ඉතිං මං ආසම එ වගේ දුෂ්කර ගමන් යන්නමනේ….. කොයිතරමි අපහසු උනත් එවැනි ගමනකදි ලබන අද්දැකිමිවල වටිනාකම කියලා නිමක් නැ….. එ නිසාම මම මගේ යාළුවොත් එක්ක මෙවර සඳගලතැන්න හරහා වාරේ සිරිපා කරුණාකරන්න කතා කරගත්තා….

    ඉතිං මෙි ගමන යන්න 2023/03/03 වෙනිදා නුවරින් හවස 5.20ට තියන නානුඔය දුමිරියෙන් මමයි වාසනයි දෙන්නා හැටන් එකට ආවා… ගමන යන්න කතා කරගත්තේ පහු වෙනිදා උදෙට, එ කියන්නේ 4 වෙනි සෙනසුරාදා උදේ…. ගමන උදෙන්ම පටන්ගන්න ඔින නිසාමයි කලින් දවසේ අපි හැටන් එකට ගියේ… ඉතිං මෙි සිරිපා වාරේ නිසා හැටන් දුමිරියපලේ විශ්‍රාම ශාලාවෙි නමි ඉඩක් නැති තරමි.. කොහොම හරි මමයි මගේ මිතුරිය වාසනයි දෙන්නා අපේ අනික් සඟයො දෙන්න පැතුමි ,චානක එනකමි විශ්‍රාම ශාලාවෙි පැත්තක් අල්ලන් නිදාගත්තා….

ඉතිං හරිම සුන්දර ගමනක්… ගමන පටන්ගත්ත වෙලාවෙි ඉදන් මම නමි හිටියේ කියාගන්න බැරි තරමි සතුටකින්… සිරිපාදේ යන්න දුරින් අඩුම මාර්ගය විදිහට සැලකෙන්නේ මෙි සඳගලතැන්න මාර්ගය තමයි… එකට හෙතුව 7km පමණ සුන්දර තේ යායවල් මැදින් වාහනයක උනත් යන්න පුළුවන් නිසා.. කැලෑ පාර තියෙන්නේ 5kmක් වගේ. ටිකක් දුෂ්කරයි.. එත් හිතට සැණසිල්ක් ගෙන එන ගමනක්..

   මාඋස්සාකැලේ පාලම පහු කරලා සුමනසමන් දේවාලයත් වැදගෙනම නල්ලතන්නියට එන විට නල්ලතන්නියට බස් හොල්ටි දෙකක් මෙහායින් මුල්ගම හන්දිය හමුවෙනවා…. මුල්ගම හංදියෙන් Fishing Hut / මරේ වතුයාය මාර්ගයට හැරෙන ස්ථානය හමුවෙනවා ( 6°49’30.0″N 80°31’39.0″E). අපි නමි නල්ලතන්නිය බස් එකේ ඇවිත් මෝහිනි ඇල්ල බලන්න එතනින් බැස්සා… හරියටම මෝහිනි ඇල්ල ලගට එද්දි වෙලාව උදේ 9.15. මෙවර අපේ ගමනට නල්ලතන්නියෙන් අලුත් යාළුවො දෙදෙනෙක් එකතු උනා එ තමයි දර්ශන් වගේම ජීවා…. ගිය වර දෙහෙනකන්දෙන් සිරිපා කරුණාකරලා හැටන් පාරෙන් පහලට බහිද්දි තමයි මට දර්ශන්ව අදුනගන්න ලැබුණේ…….. මෝහිනි ඇල්ලත් බලලා අපි එතනින් පා ගමනින්ම පිටත් උනා ඈතින් පේන සමනළ කන්ද දිහා බලාගෙනම මුල්ගම හන්දියට….

    මුල්ගම හන්දියට එද්දි උදේ 9.55යි…  මුල්ගම හන්දියට ගියාම එතැනින් වමට තියනවා පාරක්….. Fishing Hut , මරේ වතුයායට යන මාර්ගය…. එතන ඉදන් 7km පමණ ගමන් කරලා සිරිපා මාර්ගය ආරම්භ වන ස්ථානයට රජමලේ වතුයායට (6°48’01.7″N 80°31’29.9″E) පැමිණිය හැකියි… මෙම මාර්ගයේ පැමිණෙන විට අවසන් කිලෝමීටරයට පෙර නැවතත් ඔබට හන්දියක් හමුවෙනවා (6°47’53.6″N 80°31’30.6″E) , එහි Fishing Hut සහ සිරිපාදය ලෙස පුවරු සඳහන් කර තිබෙනවා දකින්න පුළුවන්.. එතනින් උඩහට ඇති සිරිපා මාර්ගය තොර ගෙන රජමාලේ වතුයායට පැමිණෙන්න පුළුවන්…. අතරමග කඩ එහෙ⁣මත් තියනවා අවශ්‍ය දෙයක් මිලදි ගන්න පුළුවන්… මොනවා උනත් රජමලේ වතුයායට නමි මට හිත ගියා. පදිංචි වෙන්න ඇත්නමි කියලා හිතුනා.. එ වෙන දෙයක් නිසා නෙවෙයි… එ තරමි එ පරිසරය සුන්දරයි එ ජිවිත සරලයි..

තව දෙයක් කියන්න ඔින මෙි මාර්ගයේ එනවා නමි බස් රථයක් තියනවා.. නල්ලතන්නියෙන් එ බසය තියන වෙලාවට එන්න පුළුවන්…… නැත්නමි මුල්ගම හන්දියෙන් ත්‍රිවිල් එකක් හයර් එකට අරන් එන්න පුළුවන්.. අපි නමි පා ගමනින් 400m විතර ඇවිත් අවුව සැර වැඩි නිසා ත්‍රිවිල් එක්ක තමයි ගියේ… මෙි වෙලාවෙි ත්‍රිරොද රථයේ රියදුරු මල්ලිවත් මතක් කරනවා… මොකද අපේ ගමනට කිසිම හදිසියක් කලේ නෑ.. අපිට අපේ නිදහසේ යන්න පුළුවන් උනා… එ යන ගමන් Gartmore ඇල්ල Viewpoint එක බලන්නත් ගියා… ඇත්තටම එක නමි පාරාදිසයක්… තව මරේ වතු යාය, මාඋස්සා කැලේ ජලාශය, මරේ ඇල්ල සහ Fishing Hut නැරඹිය හැකියි… අපි සිරිපා මාර්ගය ආරමිභ වෙන තැනට එද්දි වෙලාව හවස එකයි… මොකද අපි ගාටිමොර් viewpoint එක බලන්න ගිය නිසා ටිකක් වෙලාව ගත උනා…

රජමලේට ආවට පස්සේ ත්‍රිවිල් මල්ලිට සමු දිලා අපි හය දෙනාම ගමන පටන්ගත්තෙ සමන්දෙවිහාමුදුරුවන් සිහිකලාමයි… හීනයක් වගේ ගමනක් ආරමිභ කරන්න සුදාණමි වෙද්දිම අහසත් කළු කරගෙන වැහි පොද යමිතමි වැටෙන්න ගත්තා කැලෙට ඇතුල්වෙන තැන ඉද්දිම… කොකටත් කියලා කුඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න ඔින දෙවලුත් කරගෙන කැලෙට ඇතුල් උනේ ගහක අත්තක් කඩලා දෙවියන්ට බාරහාර වෙලාමයි…. මඟ දුරක් යද්දි වැස්ස පටන්ගත්තා…. වැස්ස කියන්නේ කැලේක යදිද් තියෙන්නම ඔින දෙයක් කියලා තෙරුනේ මෙි වතාවෙි තමයි… වැස්සේ උනත් වාසනාවකට කුඩැල්ලෙක් නමි අපි කාටවත් දකින්නවත් ලැබුණේ නමි නෑ….

ගමනේ තවත් විස්තර දෙවනි කොටසින් අරන් එනකමි බලන් ඉන්න…..

නිසංසලා රණසිංහ

මහා බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සමඟින් අපි

එක්සත් රාජධානිය තුළ ශ්‍රී ලාංකේය සප්ත ස්වරයේ අනන්‍යතාවය විදහා දක්වමින් ඉතාමත් කෙටි කාලයක් තුළ ස්ථාවර හා ශක්තිමත් ගමනක් යාමට වෙර දරණ සංගීත කණ්ඩායමක් ලෙස ” Roots සංගීත කණ්ඩායම ” හඳුන්වා දිය හැකි ය. 

2019 වර්ෂයේදී සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත ව කැල්ෆ්සෝ සංගීත කණ්ඩායමක් ලෙස තම මූලික ප්‍රවිශ්ඨය තබන්නට ඔවුනට හැකි විය.

චිලාන් ඩි සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් රූට්ස් සංගීත කණ්ඩායම ආරම්භ වේ. සමන් ඩි සිල්වා නම් වූ ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතය හා බයිලා සංගීත කලාව තුළ නොමැකෙන මතකයන් සනිටුහන් කළ දක්ශ කලාකරුවාගේ අඩිපාරේ යමින් ඒ ගුරුහරුකම් සහ ආභාසයන් උකහා ගනිමින් තමන්ට ආවේණික ලෙස ඉතාම කෙටි කාලයක් තුළ සංගීත ලොව දිග්විජය කරන්නට Roots සංගීත කණ්ඩායමට හැකි විය.

මේ වන විට Roots සංගීත කණ්ඩායම රාත්‍රී ප්‍රිය සම්භාෂණ , උපන්දින සාද, විවිධ උත්සව අවස්ථා සඳහා සමස්ත සංගීත කණ්ඩායම වශයෙන් මෙන්ම ඔබගේ අවශ්‍යතාවයට අනුකූල ව හා උචිත ආකාරයට කණ්ඩායම් සාමාජිකයන් දෙදෙනෙකු – තිදෙනෙකු වශයෙන් වුවද සංගීතය සපයන්නට සූදානමින් සිටින අතර ඔබගේ උත්සව ස්ථානය අනුව නිවෙස්- එළිමහන් හෝ හෝටල් පරිශ්‍රය තුළ ආදී වූ මේ සෑම ආකාරයකින් ම ඔවුන්ගේ රසික ප්‍රජාව වෙත ස්වකීය සේවාවන් සැපයීමට අනලස් ව සැදී සිටියි. එලෙස සංගීතය සැපයීම සඳහා දිනෙන් දින යාවත්කාලීන වන සංගීතමය මෙවලම් හා නවීන තාක්ෂණය මනා ලෙස සම්මිශ්‍රණය කරමින් අපූර්වතම සංගීත රසයක් සිය ප්‍රේක්ෂක රසිකයන්ට තිළිණ කරන්නට ඔවුන්ට හැකි වී ඇත.

එසේම Roots සංගීත කණ්ඩායම ඉදිරියේදී තමන්ටම ආවේණික වන අයුරින් සුවිශේෂී වූ නිර්මාණ කිහිපයක් සිදුකිරීමේ අපේක්ෂාවෙන් පසු වේ. 

වර්තමානයේදී එතරම් නො ඇසෙන පැරණි ගීත නව සංගීත ශෛලියකට මුසු කොට නවමු ආකාරයකින් – නව රසයකින් යුතුව ප්‍රේක්ෂක හදවත් තුළට ගෙන එමින් ස්වකීය රසික ප්‍රජාව ආමන්ත්‍රණය කරන්නට ඔවුන් සූදානමින් සිටී. 

එසේම Roots සංගීත කණ්ඩායමට ධ්වනික- Acoustic වාද්‍ය වෘන්දයක් ලෙස English , Tamil , Hindi, Baila mix යන ආකාරයේ විවිධ ශෛලීන්ගෙන් හා විවිධ භාෂාවන්ගෙන් තම රසික ප්‍රජාව අමන්දානන්දයට පත් කරන්නට හැකියාව ලැබී ඇත.

තවද Roots සංගීත කණ්ඩයම ස්වකීය නාද මාලාවන් හරහා ලංකාවේ සිට එක්සත්‍ රාජධානියේ සංගීත ප්‍රසංගයන් සඳහා සහභාගී වන ප්‍රවීණ – ජනප්‍රිය – රසික ඔබේ සිත් අමන්දනන්දයට පත්කරවන ඔබ කැමතිම කලාකරුවන් සඳහා පසුබිම් සංගීතය සැපයීමේ කටයුතු වල ද නියැලෙන්නේ රසිකයන්ගේ තෘප්තිය උපරිම කරලමින් මියුරු සංගීත අත්දැකීමක් ලබා දෙන බලාපොරොත්තු ඇතිවයි. 

හිරු නො බසින අධිරාජ්‍යයේ ශ්‍රී ලාංකේය සන්නාමය ලොවට විදහා පාමින් , විවිධ භාෂා ශෛලීන් උපයෝගී කොට ගනිමින් , තමන්ට ආවේණික ලෙස ඉතාම ශක්තිමත් සහ සාර්ථක මෙන් ම ස්ථාවර ගමනක් යන්නට වෙර දරණ චිලාන් ඩී සිල්වා ප්‍රමුඛ Roots සංගීත කණ්ඩායමට උණුසුම් සුබපැතුම් පිරිනමන අතර තමන්ගේ හැකියාවන් උපරිමයෙන් විදහා දක්වමින් සෙසු සංගීත කණ්ඩායම් අභිබවමින් ඉදිරියට පැමිණීමටත් හැකියාව ලැබේවා’යි ඉතාම නිහතමනී ව හා ආදරයෙන් යුක්ත ව ප්‍රාර්ථනා කරමි.

Sri Lanka’s Cinema

ශ්‍රී ලාංකීය සිනෙමාව

ශ්‍රී ලාංකීය සිනමාව ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය ආවරණය කරයි. වර්ෂ 1947 දී චිත්‍ර කලා මූවිටෝන් හි

එස්. එම්. නායගම් විසින් නිෂ්පාදනය කරන ලද “කඩවුනු පොරොන්දුව” චිත්‍රපටයත් සමඟ ආරම්භ කළ දා සිට

පාදම සොයා ගැනීමට අරගල කළ නව සිනෙමා කර්මාන්තයකි. සාමාන්‍යයෙන් චිත්‍රපට නිර්මාණය වන්නේ

රටේ ප්‍රමුඛ භාෂාව වන සිංහල භාෂාවෙන් ය. ආරම්භක අවදියේදී සිනමාවේ වැජඹුණු බොහෝ ප්‍රසිද්ධ

නළුවන්ට "F" අකුරින් වාසගම තිබූ බැවින් ඇතැම්හු එකළ ශ්‍රී ලංකාවේ සිනමාව Follywood ලෙසද හඳුන්වනු

ලැබිණි.

පළමු වසර නවය තුළ බොහෝ චිත්‍රපට නිපදවන ලද්දේ අසල්වැසි දකුණු ඉන්දියාවේ වන අතර ඉන්දියානු

සිනමාවේ සම්මුතීන් සමීපව අනුගමනය කරන ලදී. චිත්‍රාගාර රූගත කිරීම් සාමාන්‍ය දෙයක් වූ අතර

චිත්‍රාගාර තුළ සියළුම දෑ පාහේ ඉන්දියානු ශෛලිය නිරූපණය වෙන සේ ඉදිකර තිබුණි. 1956 දී පුරෝගාමී

අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද “රේඛාව” චිත්‍රාගාරයෙන් පිටත

සම්පූර්ණයෙන්ම රූගත කළ පළමු සිංහල චිත්‍රපටය බව බොහෝ දෙනා විශ්වාස කළත් එය 1950 දී කිංස්ලි

ජයසේකර සහ ශීලා පීරිස් රඟපෑ "ගම්බද සුන්දරී" චිත්‍රපටය බව බොහෝදෙනෙක් නොදනී. එය රේකාව

චිත්‍රපටයේ මෙන් දෙබස් එම ස්ථානයේදීම පටිගත කළ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටයද විය. මෙයට හේතුව

වූයේ Kinevox 35mm චුම්බක රෙකෝඩරයක ශබ්දය පටිගත කරන ලද අවස්ථාවේ මෙන් නොව 16mm

පටලයේ ශබ්දය දෘශ්‍යමය වශයෙන් පටිගත කරන ලද Auricon sound-on-film කැමරාවක් භාවිතයෙන්

චිත්‍රපටය 16mm මත රූගත කර තිබීමයි. මෙම චිත්‍රපටය පසුව මිලිමීටර් 35 දක්වා blow up වූ අතර 1950

වර්ෂයේදී කොළඹදී තිරගත විය.

රේකාව දේශීය හා ජාත්‍යන්තර විචාරකයන්ගේ පැසසුමට ලක් වුවද චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයින්

ආකර්ෂණය කරගැනීමට අපොහොසත් වූ අතර එය බොක්ස් ඔෆිස් වාර්ථා අතරට යාමට සමත් නොවිණ.

"සංදේශය” සහ “කුරුළු බැද්ද” වැනි චිත්‍රපට නිර්මාණය කිරීමට උත්සාහයන් දැරීමට පෙර 1960 ගණන්වල

මුල් භාගය දක්වාම ඉන්දියාවෙන් ණයට ගත් සූත්‍ර කථාන්තරයන් අනුගමනය කරමින් චිත්‍රපට නිර්මාණය

කිරීම සිදුකෙරිණි.

1964 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් නැවතත් ශ්‍රී ලාංකේය සිනමාවේ අභිවර්දනයට දායක වූයේ චිත්‍රාගාරයෙන්

පිටතදී ගීතයක්ද අන්තර්ගත නොකොට රූගත කළ පළමු සිංහල චිත්‍රපටය ලෙස "ගම්පෙරළිය" නිර්මාණය

කරමිණි. එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීම හේතුවෙන් ඉමහත් ප්‍රශංසාවට ලක්

වූ අතර විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් විසින් ද එකසේ පැසසුමට ලක් විය. ගම්පෙරළිය චිත්‍රපටය

වෙනුවෙන් එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී රිදී මයුර

සම්මානයෙනද පිදුම් ලැබීම ශ්‍රී ලාංකීය සිනෙමාවේ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. මින්පසුව 1960 දශකයේ

අග භාගයේ දී “සත් සමුදුර” ඇතුළු කලාත්මක සිංහල චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරන ලද්දේ මහාචාර්ය

සිරි ගුණසිංහයන් විසින් වෙන අතර කැමරාකරණයෙන් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් දායක විණි.

1970 දශකයේදී තවත් දක්ෂයින් කිහිප දෙනෙක් ඉදිරියට පැමිණි අතර ඉන්දියානු චිත්‍රපටවල ආභාශය රැගත්

කථා තේමාවන් මෙන්ම කතාන්දරයන් ඔස්සේ වාණිජ දාරාවේ සිනෙමාව අඛණ්ඩව වර්දනය විණි. 1972 දී

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ "වැලිකතර" චිත්‍රපටය සිනමාස්කෝප් අනුපාතය යටතේ පුළුල් තිරයේ

ප්‍රදර්ශනය වුණු පළමු චිත්‍රපටයයි. "වෙස් ගත්තෝ" චිත්‍රපටයෙන් සාර්ථක ඇරඹුමක් ලබාගත් වසන්ත

ඔබේසේකරයන් 1979 දී "පළඟැටියෝ” චිත්‍රපටය ඇතුළුව තවත් විශිෂ්ඨ චිත්‍රපට රැසක් දායාද කරමින් ජනතා

ප්‍රසාදය දිනාගන්නා ලදි. මේ කාලයේ ඉදිරියට පැමිණි තවත් ප්‍රධාන අධ්‍යක්ෂවරයකු වන්නේ “බඹරු ඇවිත්”

සහ "අහස් ගව්ව" වැනි කෘතීන් තුළින් පූර්ණ සහ අර්දව නාගරීකරණය වූ යොවුන් ප්‍රජාවේ මානසික ආතතිය

විමසා බැලූ ධර්මසේන පතිරාජයනුයි. දේශීයව සුපතල කවියෙකු වන මහගමසේකරයන්ගේ එකම චිත්‍රපටිය

වූ "තුන් මං හන්දිය” ද 1970 දී තිරගත වුණු අතර එය ශ්‍රී ලාංකේය සිනමාවේ තවත් සුවිශේෂී සංදිස්ථානයකි.

1970 දශකයේදීම ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් ද සමාජයේ ගැටුම්කාරී

භූමිකාවන් පිළිබඳව විමර්ශනාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීම තුළින් ඉදිරියට පැමිණි අතර ඇය

සිනෙමාකරුවන්ගේ ප්‍රථම කාන්තා නියෝජනය වීමද කැපී පෙනුණි. “ගැහැණු ළමයි" සහ “ගඟ අද්දර” ඒවා

අතරින් ප්‍රමුඛ වේ.

ඉදිරි දශක කිහිපය තුළ තිස්ස අබේසේකර, චන්ද්‍රන් රත්නම්, ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, උදයකාන්ත

වර්ණසූරිය, එච්.ඩී.ප්‍රේමරත්න, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන

සිනෙමාකරුවන් කර්මාන්තයට නව ජීවයක් ලබා දීමට මහත්වෙහෙසක් දරණලදි. ඩී. බී. නිහාල්සිංහයන්

අතිදක්‍ෂ කැමරා අධ්‍යක්ෂවරයකු මෙන්ම සංස්කාරකවරයකු ද වූ අතර එබැවින් ඔහුගේ චිත්‍රපට සුවිශේෂ

ආකෘතියකින් සමන්විත වෙන අතර ඔහුගේ බොහොමයක් චිත්‍රපටවල සමාජයේ සූරාකෑමට ලක් වූ කාන්තාවන්

ප්‍රදාන ප්‍රස්තූතය විණි.

ප්‍රසන්න විතානගේගේ “පුරහඳ කළුවර” චිත්‍රපටය ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ හොඳම චිත්‍රපටවලින්

එකක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර විචාරකයන් සළකයි. විමුක්ති ජයසුන්දරගේ "සුළඟ එනු පිණිස"

චිත්‍රපටය 2005 කෑන්ස් සිනෙමා උළෙලේ ඇගයීමට පාත්‍ර විය.

අශෝක හඳගමයන් විසින් ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරාවට පැවතුණු සිවිල් යුද්ධය සමාජයේ මූලික තැනුම්

ඒකකය වෙන පවුල තුළ ගොඩනැගෙන මිනිස් අන්තර් සබඳතාවයන් කෙරෙහි කෙතරම් අහිතකර අයුරින්

බලපැවැත්වූයේද යන්න පිළිබඳව වඩාත් යථාර්ථවාදී ලෙස සාකච්ඡා කිරීමට පටන් ගත්තේය. එවැනි

ආන්දෝලනාත්මක කරුණු කාරණා හඹා යෑම සම්බන්ධයෙන් විවිධාකාර පාර්ශවයන්ගෙන් දැඩි විවේචන එල්ල වූ

අවස්ථාද නැතුවා නොවේ.

මෑත වසරවලදී ශ්‍රී ලාංකීය වීර කාව්‍යයන් මෙන්ම ඉතිහාස පුවත් පදනම් කරගත් “අබා", "මහරජ ගැමුණු"

සහ "ආලෝකෝ උදපාදි” වැනි දැවැන්ත පිරිවැයකින් යුත් වාණිජ දාරාවේ චිත්‍රපට විශාල සාර්ථකත්වයක්

අත්කරගෙන තිබීමද සුවිශේෂී කරුණකි. තවද පසිගිය වකවානුවේ පැවති Covid-19 වසංගතය හේතුවෙන්

චිත්‍රපට කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්වූවත් ඉන් අනතුරුව 2022 වසරේදී දැවැන්ත ආදායමක් ඉපැයීමට

ආදරනීය ප්‍රාර්ථනා” චිත්‍රපටයට හැකියාව ලැබුණි.