වින්සන්ට් වැන් ගෝ

ලෝකය නම් හිස් පිටුවේ ජීවිතය නම් පින්සලෙන් යථාර්ථය පින්තාරු කළ

වින්සන්ට් වැන් ගෝ

මානව පරිකල්පනය තුළට නිර්මාණශීලීත්වය මුසු වීම මගින් ගොඩ නැගෙන, ලොව ඇති අලංකාරතම

භාව ප්‍රකාශනය කලාව ලෙසින් හැඳින්වේ. එකී කලාව ලෝකයේ විවිධ තේමාවන් ඔස්සේ සැරිසරමින්

මිනිසුන් අතරම ගලා යයි. මේ ආකාරයට 19 වන සියවසේ මුල් භාගයේදී යුරෝපයේ බිහි වූ කලා

නිර්මාණ අතර වැජඹුන තවත් එක් ප්‍රධාන තේමාවක් වූයේ 'යථාර්ථවාදය' නම් ගැඹුරු සංකල්පය යි.

මෙම තේමාවේ ඇති සුවිශේෂත්වය වන්නේ එකී යථාර්ථය නිරූපණය කිරීම සඳහා එකල විසූ

කලාකරුවන් ආලෝකමය සහ අඳුරු පසුබිම් අතර දෝළනය වන, විවිධ හැඩතල උපයෝගී කර ගනිමින්

සිතුවම්කරනයේ නිරත වීමයි.

ඒ ආකාරයට ලෝකය දෙස අපට වඩා හාත්පසින්ම වෙනස් කෝණයකින් දුටු විරල කලාකරුවන් අතරට

වින්සන්ට් වැන් ගෝ ද එක් වන්නේ සුවහසක් වූ ඔහුගේ රසික රසිකාවියන්ගේ ආදරය සමගිනි.

වින්සන්ට්  වැන් ගෝ යනු බටහිර කලා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් පුද්ගලයින් අතර සිටින 

ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියෙකි.  මෙහෙදී වින්සන්ට් වැන් ගෝ සුවිශේෂී චරිතයක් බවට පත් වන්නේ

සිය මනෝ ලෝකයේ එහා මෙහා අතර ගැවසෙන සිතිවිලි, තෙලි තුඩක ආධාරයෙන් රූපකායකට

පරිවර්තනය කොට අපගේ ජීවිතයේ අප නොදකින පැතිකඩක් එයටම සුදුසු වර්ණ සුසංයෝජනයකින්

ඔහු එළි දැක්වීම නිසාය. චිත්‍ර ශිල්පියෙකු ලෙස සිය ආරම්භක අවධියේ පටන්, වින්සන්ට් වැන් ගෝ හට

අවශ්‍ය වූයේ අඳුර මුසු නිරූපණයන් තුළින් සමාජයේ වූ යථාර්ථවාදී අංගයන් සිතුවම් කිරීමට ය.

ඔහුගේ එම කාර්යය තම සිතුවම් මත ඇඳි තද වර්ණයන්, කැරකෙන බුරුසු පහරවල් මගින් මනාව

ගම්‍යමාන වේ.

අප කාටත් හුරු පුරුදු මෙම සිත්තරුවා  වැන් ගෝ නමින් ප්‍රසිද්ධියට පත් වුවත් ඔහුගේ සම්පූර්ණ නම

වින්සන්ට් විලියම් වැන් ගෝ ය. වර්ෂ 1853 ක් වූ මාර්තු 30 වන දින නෙදර්ලන්තයේ Zundert හි උපත

ලැබූ ඔහු දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා විය. ඔහුගේ පියා රෙපරමාදු පූජකයෙකු වූ

අතර ඔහුගේ මව ගෘහණියකි. දුෂ්කර ළමා කාලයක් ගත කළ ඔහු ඉතා ලැජ්ජාශීලී මෙන්ම තම පවුලේ

අයගෙන් සහ මිතුරන්ගෙන් හුදකලා වූ ජීවිතයක් ගත කළහ.

වැන් ගෝ සිය චිත්‍ර ඇඳීම සහ පින්තාරු කිරීම ආරම්භ කළේ ඔහුගේ යොවුන් වියේ දී ය. වැන් ගෝ

බොහෝ දුරට සිතුවම්කරණය පිළිබඳ තමාගේම වූ ස්වයං-අධ්‍යනයන් තුළින් පන්නරය ලබමින් තම

හැකියාවන් ඔප් නංවා ගත් සිත්තරුවෙක් විය. කලාව සඳහා ඔහු තුළ වූ දක්ෂතාවයන් හේතුවෙන්

පසුකාලීනව ප්‍රංශයේ පැරිස් නුවර වෙත සංක්‍රමණය වූ වැන් ගෝ, ජූලියන්‍‍‍‍‍‍‍‍‍හිදී චිත්‍ර කලාව

හදාරමින් ඔහුටම ආවේණික ශෛලියක් නිර්මාණය කර ගත්තේය. සිය හැදෑරීම් වලින් අනතුරුව 1888 දී

ඔහු ප්‍රංශයේ Arles වෙත පදිංචියට ගියේ කලාකරුවන්ගේ ජනපදයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙනි. 

ඒ සඳහා ඔහු සමඟ ඔහුගේ මිතුරෙකු වූ පෝල් ගෝගුයින් ද එක් වූ නමුත් ඔවුනතර වූ මත ගැටීම්

හේතුවෙන් එම අරමුණ නිෂ්ඵල විය.

1889 දී, ඔහුගේ මානසික තත්ත්වය පිරිහීම නිසා මානසික රෝගීන් රැකබලා ගන්නා

මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලදී. නමුත් එහිදී ද සිය පින්තාරුකරණය ඔහු දිගටම කළේය.  මෙම

කාලය තුළ ඔහු "Starry Night" සහ "Sunflowers" ඇතුළු ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ චිත්‍ර කිහිපයක්

නිර්මාණය කළේය. 1890 දී, එම මධ්‍යස්ථානයෙන් නික්ම ගිය වැන්ගෝ පැරිසිය අසල පිහිටි Auvers-

sur-Oise නම් ගම්මානයට පිවිසියේය.  ඔහු එහි ජීවත් වූයේ කලාව කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ

හෝමියෝපති වෛද්‍ය පෝල් ගැචෙට් සමඟ ය.

මෙම කාලය තුළ වැන් ගෝ ගේ මානසික සෞඛ්‍යය නැවත වරක් පිරිහී ගිය අතර ඔහු මානසික

බිඳවැටීම් මාලාවකට ගොදුරු විය. මානසික අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස වින්සන්ට් වැන් ගෝ කිහිප

වතාවක්ම රෝහල් ගත විය. ඔහුගේ මානසික තත්ත්වය ඉතා දුර්වල වූ අතර එය කෙතරම් ද යත් ඔහු

තම එක්  කණක් කපා එය අභිසුරු ලියක් වෙත යැවීමට කටයුතු කිරීමට තරම් මානසිකව බිඳ වැටිණි.

නමුත් ඒ කිසිවක් ඔහුගේ සිතුවම්කරනයට බාධාවක් නොවූ අතර තම පින්තාරුකරණය දිගටම සිදු

කරගෙන ගියහ. මෙහි ඇති තවත් එක්  විශේෂත්වයක් වන්නේ පසුකාලීනව ජනප්‍රිය වූ ඔහුගේ

විශිෂ්ඨතම සිතුවම් කිහිපයක්ම ඔහු මෙම කාලය තුළදී නිර්මාණය කොට තිබීමයි. 

ඔහුගේ සිතුවම් අතර Starry Night, Cafe Terrace at Night, Terrasse, Houses at Auvers,

Restaurant De La Sirene At Asnieres, Sunflowers යනු රසිකයන් අතර වඩාත්ම ප්‍රසිද්ධ සිතුවම්

වන අතර ඒවා බොහොමයක් ඔහුගේ ජීවිතයේ අවසාන වසර දෙක තුළ නිර්මාණය වීම සුවිශේෂීය. එම

සිතුවම් දෙස තියුණු අවධානයක් යොමු කළහොත් අපට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂනයක් නම්

ආලෝකය සහ අඳුර අතර සංකලනයන්ගෙන් ඔහු තම අවට වටපිටාව විස්තර කොට එතුළින්

“සංකේතාත්මක පණිවිඩයක්” සිය ප්‍රේක්ෂකයන්ට ලබා දීමට කටයුතු කර ඇති අයුරුය. ඒ පිළිබඳව

තවදුරටත් සොයා බැලීමේ දී හඳුනාගත හැක්කේ වැන් ගෝගේ චිත්තවේගීය තත්වයන් ද ඔහුගේ

කලාත්මක කාර්යයට බෙහෙවින් බලපෑ බවත් එතුළින් ඔහු තුළ වූ අවිඥානක මනස තම සිතුවම් මගින්

නරඹන්නාට ගැඹුරු පණිවිඩයක් ලබා දීමට සමත් වන බවයි.

වැන් ගෝ සංකීර්ණ මානසික රෝගවලින් පීඩා වින්දේය. ඔහුව පීඩාවට පත් කළ මානසික රෝග

ඔහුගේ කලා කටයුතුවලට ද බලපෑවේය. වැන් ගෝ  ඔහුගේ වේදනාව සහ බලාපොරොත්තු සුන්වීම

කැන්වසය මත පින්තාරු කළේය. කැපී පෙනෙන සහ බොර පැහැ ගැන්වූ වර්ණ, තෙල් සායමින්

නැහැවුන බුරුසු පහරවල් සහ විකෘති හැඩතල ඔහුගේ කැළඹුණු මනස විද්‍යමාන කරයි. එළෙස ඔහු

මානසික අවපීඩනයෙන් විඳී පීඩාව ඔහුගේ කලා නිර්මාණ තුළින් නිරූපණය කළහ. පසුකාලීනව ඔහුගේ

"බොහෝ විටෙක මා දුක්ඛිත වූ ගැඹුරක සිටියත්, මා තුළ තවමත් සන්සුන්කම, පිරිසිදුවන් සමගිය සහ

සංගීතවත් ස්වරූපයකින් රැඳී පවතියි.." වැනි ප්‍රකාශ තුළින් ද එවැන්නක් අපට තහවුරු කර ගත

හැක. ඒ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ ඔහුගේ කලා කටයුතු සඳහා මෙම මනෝ ගතික සාධකයන් ද

තදින්ම බලපාන්නට ඇති බවයි.

සුප්‍රසිද්ධ ජර්මානු නාට්‍ය රචකයෙක් වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කලාව යන්න සැලකුවේ යථාර්ථය

විදාරණය කෙරෙන තවත් එක් දර්පණ තලයකකට වඩා යථාර්ථය නිර්මාණය කරන සහ එය

හැඩගන්වන මිටියක් ලෙස ය. මෙම සන්දර්භය තුළ වැන් ගෝ ගේ කලා නිර්මාණ තුළින් ද අපට

නිරූපණය කරන්නේ සිය මනස සමග ඇතිකර ගත් ගැඹුරු මනෝවිද්‍යාත්මක සටනක තවත් එක්

ස්වරූපයක් ලෙසයි. මෙලෙස ජීවිතයේ ඉරා අඳුරු පට අතර සක්මන් කරමින්,  ඔහුගේ කටුක ජීවිතය තළ

වූ සිය ආත්මය සෙවීමේ කර්තව්‍යය, සිය කලා නිර්මාණ වල ඉතිරි කර ඇති බව අපට දක්නට ලැබේ.

වැන් ගෝ ඔහුගේ ජීවිත කාලය තුළම කලාකරුවෙකු ලෙස සිය අනන්‍යතාව තහවුරු කරගෙන ඇතත්

බැලූ බැල්මට පෙනී යන්නේ ඔහු බොහෝ විට දරිද්‍රතාවයෙන් ද බැට කමින් ජීවත් වූ බවයි. ඔහුගේ

ප්‍රසිද්ධ තෙල් සායම් සිතුවමක් වන "The Potato Eaters" මගින් සිත්තරුවෙකු අත්විඳින එම

දුප්පත්කම සහ අසරණකම ඉතා මැනවින් නිරූපණය කරයි. ඔහු ගෙවූ ඛේදනීය ජීවිතය සාරාංශගත

කළහොත් අපට ඉන්  දැක ගත හැකි ප්‍රධාන හැරවුම් ලක්ෂයන් අතර විධිමත් අධ්‍යාපනයෙන් ඔහු

ඉක්මනින්ම ඉවත්වීම, සිය ජීවිත කාලය තුළ වාණිජමය වශයෙන් සාර්ථක වූ කලාකරුවෙකු නොවීම,

පුද්ගලික දිවිය සහ පවුල් සබඳතා වල ඇති වූ දුර්වලතා, සහ අධික ලෙස මත්පැන්  සහ දුම් පානයට ඔහු

නැඹුරු වීම මගින් ඔහුගේ සෞඛ්‍යය අයහපත් අතට හැරී තිබූ අයුරු දක්නට ලැබේ.

වැන් ගෝ ගේ මෙම ව්‍යක්තික කලාව එහි වූ බලගතුමය සහ චිත්තවේගීය ශෛලිය මගින් නිර්වචනය

කල හැකිය. වැන්ගෝ වරක් මෙසේ පැවසීය: "අපි අපගේ මුළු ජීවිතයම ගත කරන්නේ අපගේ සිතුවිලි

වචන ආධාරයෙන් ප්‍රකාශ කිරීමේ කලාවේ අවිඥානික අභ්‍යාසවල ය." ඔහු මිනිසා සහ මිනිස්

ස්වභාවය අතර ඇති අරගලය, යථාර්ථය සහ ඔහුගේ අවිඥානික මානසික ගැටුම්  තම නිර්මාණ හරහා

නිරූපනය කිරීමට සමත් විය. 

ඔහු තම අභ්‍යන්තර මනස සමඟ නිතරම සටන් කළේය. මෙම ස්වභාවය ඔහුගේ චිත්‍ර හරහා ද

නිරීක්ෂණය විය. විටෙක ඔහුගේ වර්ණවල වූ තීව්‍රතාවය නැති වී ගොස් ඇත. තවත් විටෙක ඔහුගේ

රේඛා නොසන්සුන් විය. ඔහු ඝන ස්ථර අතර වඩාත් ප්‍රචණ්ඩ ලෙස සායම් ගැල්වීය. ඒ අතර වැන් ගෝ

පෙළුන දැඩි ආතතිය හේතුවෙන් නිර්මාණකරණයේ දී ඔහු නිරායාසයෙන්ම සොබාදහමේ වස්තූන් වෙත

ඇදී ගියේය. භ්‍රමණය වන හිරු, ඇඹරී ගිය සයිප්‍රස් ගස් සහ උල් වූ කඳු මුදුන් ආදී රූපක  වැන් ගෝ ගේ

මානසික ගැටුම්වලින් පිරී තිබුණ ඔහුගේ ජීවිතය නිරූපනය කරමින් වඩාත් ප්‍රචණ්ඩ ලෙස මතු විය.

එතුළින් The Reaper, Cypresses, The Red Vineyard සහ ඔහුගේ සුප්‍රසිද්ධ Starry Night වැනි

විශිෂ්ට ගණයේ නිර්මාණයන් බිහි විය.

Starry Night (1889) සිතුවම ගත් කල එහි මුළු ලෝකයම වෘත්තාකාර චලනයන් මගින් ගිලී ගොස් ඇති

බව පෙනේ.  ඊටත් වඩා Starry Night යනු වැන් ගෝ ගේ ජීවිතය මැනවින්ම විදහා දක්වන චිත්‍රය

බවට සැකයක් නැත. එය ඔහුගේ වඩාත්ම ජනප්‍රිය නිර්මාණය සහ ඉතිහාසයේ වඩාත් බලපෑම් ඇති

කළ  චිත්‍රයක් ලෙස ද නම් කළ හැක. අහසේ කැරකෙන රේඛා ඔහුගේ මානසික තත්වයේ නිරූපණයකි.

එය ඔහුගේ ආත්මීය ප්‍රකාශනය ප්‍රතිමූර්තිමත් කරයි. වින්සන්ට් වැන් ගෝ වරක් මෙසේ පවසයි "මා

සෑම විටකම පාපොච්චාරණය කරන්නේ ඇයිදැයි මම නොදනිමි, නමුත් තරු දෙස බැලීමට මම සැමවිටම

සිහින දකිමි." දුක්ඛිත මෙන්ම ඉතාමත් පාළු ජීවිතයක් ගත කළ ඔහු මෙම දුක් වේදනාවන් කලාත්මක

ලෙස පින්තාරු කරන ලදී. එය කෙතරම්ද යත් වින්සන්ට්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රයත්නයන් පවා

ඔහුගේ අවසන් සිතුවම්වල නිරූපණය කර තිබේ. ඔහු අඳුරු සහ කුණාටු සහිත අහස යට විශාල තිරිඟු

කෙත්වල පින්තාරු කරමින් “මාගේ සම්පූර්ණ දුක සහ අධික තනිකම මෙහි ප්‍රකාශ කිරීම අපහසු

නැත”  කියා කීවේය.  ඔහුගේ අවසන් චිත්‍රවලින් එකක් වන Wheat Field With Crows, කළු

කුරුල්ලෝ තරු නැති අහසක පියාසර කරති. එමගින් ඔහුගේ හදවතේ පැවති හිස් බව මනා ලෙස අර්ථ

දැක්විය හැකිය

නිවහනක් නොමැතිව ගෙවූ රස්තියාදු ජීවන රටාව, කාන්තාවන් සමඟ පැවැත්වූ සබඳතාවල

අසාර්ථකත්වය, මනෝ ව්‍යාකූලතාවන්, සිය මිත්‍රයා සමග වූ අමනාපනම් සහ බංකොළොත් භාවයට

පත්වීම වැනි තත්වයන් වැන් ගෝ සියදිවි නසාගැනීමට පෙළඹවූ මානසිකත්වය තව තවත් තියුණු

කළේය. කෙසේ වෙතත්, ඔහු දිගටම මානසික ආබාධයකින් පෙළුණි.  1890 ජූලි 27 වන දින වැන්ගෝ සිය

පපුවට වෙඩි තබා ගත්තේය.  ඉන් දින දෙකකට පසු, එනම් තම වයස අවුරුදු 37 දී ඔහු මිය ගියේය.

කෙසේ වෙතත්, ඔහුගේ සිතුවම් නිර්මාණ එතැන් පටන් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හා වටිනා ඒවා

බවට පත් විය. අද වන විට, වැන්ගෝ යනු  යුගයේ විසූ විශිෂ්ටතම කලාකරුවන්ගෙන් කෙනෙකු ලෙස

සැලකේ.

මානසික ආබාධයකට ගොදුරු වුවද වින්සන්ට් මිය යන තුරුම අතිශය නිර්මාණශීලී විය. ඔහු ජීවත් වූයේ

කෙටි කාලයක් වුවද ඔහුගේ සිතුවම් නිර්මාණ පසුකාලීන පරම්පරාවේ කලාකරුවන් කෙරෙහි ද ප්‍රබල

බලපෑමක් ඇති කර ඇති අතර, එය අදටත් මිනිසුන්ව විශ්මයට පත් කරයි.  ඇම්ස්ටර්ඩෑම් හි වැන්ගෝ

කෞතුකාගාරය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය කෞතුකාගාරවලින් එකක් වන අතර වැන්ගෝගේ

විශාලතම සිතුවම් සහ චිත්‍ර එකතුව එහි ප්‍රදර්ශනය කර ඇත.

සුප්‍රසිද්ධ ලන්දේසි චිත්‍ර ශිල්පියෙකු වන වින්සන්ට් වැන් ගෝ ගේ ජීවිත කතාව ඇසුරින් Irving Stone

විසින් 1934 දී ‘Lust for life’ නමින් චරිතපදාන නවකථාවක් රචනා කර ඇත. තවද Don McLean ගේ

ජනප්‍රිය ගීතයක් වන Vincent (Starry, Starry Night) හි ගී පද  වැන් ගෝ  ගේ සැබෑ කතාන්දරය

නැවත නැවතත් රසිකයන්ගේ හදවත් අතර ජීවත්  කරවයි. ඔහු චිත්‍ර කලාවට ප්‍රිය කළත් ඔහු

ඔහුගේ සිතුවම්වලට නම්  කිසිදා ආදරය නොකළ බවක් පෙනී යයි. වැන් ගෝ  අකාලයේ මිය ගියද

වැන්ගෝ යුරෝපයේ විසූ  විශිෂ්ටතම කලාකරුවෙකු ලෙස නමක් දිනාගෙන තිබේ. එහෙත් තම ජීවිත

කාලය තුළ ඒවායේ සාර්ථකත්වය දැක ගැනීමට ඔහුට නොහැකි විය. ඇතැම් කලාකරුවන්ගේ ජීවිත සේම

එය වැන් ගෝ ගේ ජීවිතයේ ද සිදු වූ විශාලතම ඛේදවාචකයයි.

මොහොමඩ් මිනාස්

Pareidolia

මෙහෙම වෙනවද බලන්න ඔයාටත්..බිම වතුර ටිකක් වැටිලා තියෙනවා දකිනකොට, අහසේ වළාකුළු දකිනකොට, ගස් අතරින් බිමට හෝ බිත්තියකට වැටිලා තියෙන සෙවණැලි දකිනකොට, සමහර ගස්වල අතු විහිදී ඇති අයුරු දකිනකොට යම් අර්ථාන්විත රූප පේනවද ? ඔව් මට පේනවා..දකිනකොටම පේනවා..රූප විතරක් නෙවෙයි නොකඩවා ඇසෙන ශබ්ද වලින් යම් රටාවකට තාලයක් සිතෙන් ගොඩනැගීමත් එක් අංගයක්.

ඔන්න එක දවසක් මරු වැඩක් වුණා.. අපේ ගෙදර කුස්සියට යාබදව තබා තිබෙන මේසය අසල මම ඉඳගෙන ඉන්නකොට අම්මා ඇවිල්ලා දුන්නා මට කිරි තේ එකක්. ඒක ගන්නකොටම පොඩි අත්වැරදීමකින් කිරි තේ මේසය මත ඉහිරුණා. අම්මා වහාම එය පිසදාන්න රෙදි කැබැල්ලක් ගේන්න එන්න ගිය පොඩි වෙලාවට ඔන්න මට පේන්න ගන්නවා මේ ඉහිරුණු කිරි තේ ටිකෙන් මිනිස් රූපයක්..තව පොඩ්ඩක් ඇඟිල්ලෙන් කිරි තේ රේඛා යා කළා නම් අතිශය තාත්ත්වික රූපයක් ගොඩනගන්න පුළුවන් වගත් මට එකවරම පේන්න ගන්නවා. ඒත් එක්කම අම්මා ආවා.

” ඔය මොනවද කරන්නෙ පොඩි එකෙක් වගේ ? කෝ අත ගන්න ඕක පිහිදාලා දාන්න..” 

“පොඩ්ඩක් ඉන්න අම්මේ..මේක ඉවර කරනකම්..අම්මට මේකෙන් මුකුත් පේන්නේ නැද්ද ?”

” පේනවා..තේ හැලිලා කියලා..”

” නෑ නෑ අම්මේ..රූපයක් “

ඔල්මාදෙද කොල්ලෝ ?..ඕන එකක් කරගන්නවා..විකාර..”

ඇත්තටම මේක පිස්සුවක්ද ? මම හෙව්වා තොරතුරු.. මේකට කියන්නේ “Pareidolia” කියලා..සෑහෙන පිරිසකගෙන් බොහොම ටික දෙනෙකුට මේක පිහිටනවා. කිසිදු සම්බන්ධයක් නොමැති දේ වලින් අර්ථාන්විත චිත්ත රූප නිර්මාණය වීමයි. මුල් කාලයේදී Pareidoilia තත්ත්වය පාකින්සන් සහ විශාදය ඇති පුද්ගලයන්ට ඇතිබව කියැවුණත් පසුව එම පරීක්ෂණවලට යොදාගත් නියැඳි පරීක්ෂාවේ අඩුපාඩුවක් නිසා ඒ නිගමනයට ආ බව තහවුරු වී තිබෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව මෙය රෝගී තත්ත්වයක් නොවන වගත් මොළයේ ඉතා ඉහළ නිර්මාණශීලීත්වයක ලක්ෂණ වගත් තහවුරු වී තිබෙනවා. 

මේ පිළිබඳව ලෝක තොරතුරු සෙවීම අතිශය රසවත් අත්දැකීමක් වුණා. අතිශය විශාල තොරතුරු ප්‍රමාණයකින් මගේ සිත් ඇද බැඳ තබාගත් තොරුතුරු දෙකක් කියන්නම්. 

ඔන්න කැනඩාවේ 1954 දි නිකුත්වුණ මුදල් නෝට්ටුවල දෙවන එළිසබෙත් රැජිනගේ රුව යොදාගෙන මුද්‍රණය කර තිබුණා. එම නෝට්ටු මාලාව මුදල් නෝට්ටු එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රිය වුණා. හේතුව සොයා බලනවිට එම නෝට්ටුවල එළිසබෙත් රැජිනගේ හිසේ කෙස් කළඹෙ යක්ෂයකුගේ රුවක් ” Devil’s Head ” ලෙස දිස්වීමයි. පසුව මෙම නෝට්ටු මාලාව වෙනුවට අලුත් නෝට්ටු මාලාවක් මුද්‍රණය කිරීමට පවා කැනේඩියානු රජයට සිදුවිය. 

එවැනිම රසවත් තොරතුරක් තමයි ” හිට්ලර්ගේ තේ පෝච්චිය “. මෙම කේතලයට සමාජ මාධ්‍ය තුළින් ලැබුණ අවධානයද “Pareidolia” තත්ත්වයකට නිදසුනක් ලෙස ප්‍රචලිතය.

මෙම Pareidolia තත්ත්වය ඇති පුද්ගලයන්ට අනෙකාගේ චිත්ත වේගය, ඔවුන්ගේ ඊලඟ හැසිරීම ක්ෂණයෙන් හඳුනාගත හැකි විශේෂිත හැකියාවන්ද ඇති අතර මෙම තත්ත්වය විවිධ වෛද්‍ය විද්‍යා පරීක්ෂණයන් වලට උපකාර කරගැනීම දක්වා දියුණු වී ඇත. 

මේක දැක්කම ඔබටත් මේ හැකියාව ඇති කියලා හිතේවි. ඒත් ඇත්තටම ඔබට මේ අත්දැකීම තිබුණද කියලා හිතලා බලන්න..☺

Charith Wijemanna

චරියාගේ පන්හිඳ

නත්තලේ උණුසුම හැඟීම් හරහා ගමනක්

නත්තල පැමිණෙන්නේ සියුම් රහසක් මෙන් වන අතර, අප අවට ලෝකය එහි අද්විතීය මැජික් සහ මතකයන් සමඟ පරිවර්තනය කරයි. එය නිකම්ම නිවාඩු දිනයක් පමණක් නොවේ—එය මෘදු, සැනසිලිදායක බ්ලැන්කට්ටුවක් මෙන් අපගේ හදවත් වටා ප්‍රීතියේ, බලාපොරොත්තුවේ සහ සම්බන්ධතාවයේ නූල් එකට බැඳ තබන හැඟීමකි.

සමය ආරම්භ වන්නේ අපේක්‍ෂාවෙන්, සියුම් විදුලියක් දෙසැම්බරයේ මුලදී යම් වේලාවක නාද වීමට පටන් ගනී. දරුවන්ගේ ඇස් උද්යෝගයෙන් බබළයි, ඔවුන්ගේ පරිකල්පනයන් දිලිසෙන විදුලි පහන් සහ ඔතා ඇති තෑගි දර්ශන සමඟ නටති. වැඩිහිටියන්ට ද වෙනසක් දැනේ – නාඳුනන අය මඳක් උණුසුම් ලෙස සිනහවක් ඇති කරන හදවත මෘදු වීම, අසල්වැසියන් තව ටිකක් උනන්දුවෙන් අත වනයි.

ලොව පුරා නිවෙස්වල, සම්ප්‍රදායන් සැමරීමේ හද ගැස්ම බවට පත්වේ. නත්තල් ගස අලංකාර කිරීමේ චාරිත්‍රය හැඟීම්වල සංධ්වනියකි – සෑම ආභරණයක්ම මතකයක්, සෑම විදුලි පහනක්ම අතීත සැමරුම් සමඟ සම්බන්ධ වේ. පවුල් රැස්ව, ඔවුන්ගේ සිනහවෙන් කාමර උණුසුම්ව පුරවයි, එය ශීත ඍතුවේ සීතල පසුපසට තල්ලු කරයි. ආච්චිලා සීයලා කතන්දර බෙදාහදා ගනී, දෙමාපියන් ළමා සම්ප්‍රදායන් ප්‍රතිනිර්මාණය කරයි, සහ දරුවන් මිශ්‍රණයට ඔවුන්ගේම දීප්තිමත් ශක්තියක් එක් කරයි.

දීමේ ආත්මය සාමාන්‍ය අවස්ථාවන් අසාමාන්‍ය ඒවා බවට පරිවර්තනය කරයි. එය තෑග්ගක මිල ගැන නොවේ, නමුත් එය පිටුපස ඇති චින්තනය – ප්රවේශමෙන් තෝරා ගැනීම, වෙනත් කෙනෙකුට ප්රීතිය ගෙන ඒමේ අපේක්ෂාව. දරුවෙකුගේ අතින් සාදන ලද කාඩ්පතක්, සීයා ආච්චිගෙන් පරිස්සමින් ගෙතූ ලේන්සුවක්, යමෙකු ඔබව සැබවින්ම තේරුම් ගන්නා බව පෙන්වන පුදුම තෑග්ගක් – මේවා නත්තලේ සැබෑ නිධානයයි.

මෙම කන්නයේ දී ආහාර ආදරයේ භාෂාවක් බවට පත් වේ. මුළුතැන්ගෙයි කවුන්ටර සූපශාස්ත්‍ර කාර්ය සාධනයේ අදියර බවට පත්වේ, වට්ටෝරු පරම්පරාවෙන් සම්ප්‍රේෂණය වේ. නැවුම්ව බේක් කරන ලද කුකීස්වල සුවඳ, ඇඹරූ වයින් බඳුනකින් නැඟෙන වාෂ්ප, බැදපු කළුකුමෙකුගේ සිසිලනය – මේවා නත්තල නිර්වචනය කරන සංවේදී මතකයන් වේ. පවුල් සහ මිතුරන් මේස වටා එක්රැස් වන අතර, ආහාර වේලකට වඩා වැඩි යමක් බෙදා ගනී, නමුත් සැබෑ සම්බන්ධතාවයේ අවස්ථා.

එහෙත්, නත්තල එහි සංකීර්ණ හැඟීම්වලින් තොර නොවේ. සමහරුන්ට එය ආවර්ජනය කිරීමේ සහ සිහිපත් කිරීමේ කාලයකි. මේසයේ ඇති හිස් පුටු අපට මතක් කරන්නේ ආදරණීයයන් තවදුරටත් නොසිටින අතර, සැමරුමට තිත්ත මුදු මොළොක් බවක් ගෙන එයි. තවත් සමහරුන්ට තනිකම දැනෙනවා විය හැක, උත්සව ප්‍රීතියේ වෙනස ඔවුන්ගේ හුදකලාව ඉස්මතු කරයි. නමුත් මේ මොහොතේ පවා, නිවාඩු කාලය තුළ පිපෙන බව පෙනෙන විශ්වීය අවබෝධයක්, සාමූහික සංවේදනයක් ඇත.

නත්තලේ මැජික් එක තියෙන්නේ බලාපොරොත්තුවක් ඇති කිරීමේ හැකියාව තුළයි. මිනිස්සු තව ටිකක් විශ්වාස කරන, ටිකක් ලොකු හීන දකින, තව ටිකක් ගැඹුරට ආදරය කරන කාලයක්. දරුවන්ගේ අහිංසක පුදුමය, ත්‍යාගශීලීත්වයේ ආත්මය, සරල කරුණාවන්ත ක්‍රියාවන්-මේවා සමයෙහි සැබෑ ත්‍යාග වේ.

නත්තල් සැන්දෑවේ රාත්‍රිය උදා වන විට, ලෝකය විරාමයක් ඇති බව පෙනේ. වීදි නිශ්ශබ්ද වේ, නිවෙස් මෘදු ආලෝකයෙන් බබළයි, සහ සාමකාමී අපේක්ෂාව පිළිබඳ හැඟීමක් ඇත. ආගමික සම්ප්‍රදාය හෝ ලෞකික සැමරුම හරහා වේවා, නත්තල අපට නවතින්න, කල්පනා කිරීමට, සම්බන්ධ වීමට ආරාධනා කරයි.

අවසානයේදී, නත්තල යනු එක් දිනක් නොව හැඟීමකි – අපගේ හවුල් මනුෂ්‍යත්වය අපට මතක් කර දෙන සාමූහික චිත්තවේගීය අත්දැකීමකි. එය එහි පිරිසිදු ස්වරූපයෙන් ආදරය ගැන ය: කොන්දේසි විරහිත, ත්යාගශීලී සහ උණුසුම්.

අහිමි හිමිකරු

එංගලන්තයට දැනෙන්න සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ බ්‍රිතාන්‍ය සංක්‍රමණ

බ්‍රිතාන්‍යයට සිදුවන සංක්‍රමණ වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීම සිදුකල යුතු බව දැන් වසර කිහිපයක් පුරා සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාවක් වනවා. එහෙත් පසුගිය රජයත් වර්ථමානයේ පවතන කම්කරු රජයත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේක්ෂා කරන මට්ටමට සංක්‍රමණ සීමා කිරීමට අසමත් වී ඇති බව නිරන්තරයෙන් හෙලිදරව් වන ආගමන විගමන සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා. පසුගියදා නිකුත් කරන ලද නවතම සංඛා දත්ත වලට අනුව 2024 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි ශුද්ධ සංක්‍රමණ සංඛාව 728,000  බවයි සදහන් වෙන්නේ.

ඒ අතර අපිට වැදගත්ම කාරණාව වන්නේ ඒ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කොපමණ ප්‍රමාණයක් වාර්ෂිකව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වනවාද යන්නයි. ලෝකයේ රටවල් 200 කට අධික සංඛාවක් තිබියෙදී බ්‍රිතාන්‍යයට වැඩිම විදේශිකයන් සංක්‍රමණය වන මුල් රටවල් 10 අතර රැදීමට ශ්‍රී ලාංකිකයන් සමත්ව තිබෙනවා. එහි අර්ථය නම් 2021 වසරෙන් පසුව මේ දක්වා කාලය තුල අති විශාල ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී ඇති බවයි. රැකියා වීසා යටතේ මෙන්ම අධ්‍යාපන වීසා යටතේද ශ්‍රි ලාංකිකයන් දස දහස් ගණනක් මෙරටට සංක්‍රමණය වී ඇති අතර සංචාරක වීසා මතද ගෙවුනු කාලය තුල ශ්‍රී ලාංකිකයන් රැසක් මෙරටට පැමිණි බව සංඛා ලේඛන පෙන්වා දෙනවා.

බ්‍රිතාන්‍යයේ ආගමන විගමන ආයතනය ප්‍රකාශයට පත්කල නවතම දත්ත අනුව 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිකුත් කල රැකියා වීසා (work visa) සංඛාව 10,492 ක් වනවා. ඒ තුලට රැකියා වීසාලාභීන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද අයත් වනවා. එම වීසා සංඛාව අතරින් වීසා 9,459 ක් skill work visa යටතේ නිකුක් කර තිබෙනවා. එම සංඛ්‍යා දෙක අතර වෙනස බොහෝ විට ආයෝජන වීසා හෝ Business වීසා විය හැකි වේ. Work visa යටතේම ගැනෙන temporary work visa හෙවත් සෘතුමය රැකියා වීසා යටතේ යටතේ ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කල බවක් සදහන් නොවේ.

පසුගිය වසරේ work visa යටතේ මෙරටට පැමිණි පිරිස අතර 9 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන අතර පළමු ස්ථින තුනෙහි පිළිවෙලින් ඉන්දියාව, පකිස්ථානය හා නයිජීරියාව පසුවනවා. ඒ අතර අධ්‍යාපනය ලැබීම සදහා students visa  යටතේ 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි සංඛාව 4,842 ක් වනවා. එම සංඛාව අතරට ශිෂ්‍යන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද ඇතුලත් වන බවයි සදහන් වන්නේ.  සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර සදහා අධ්‍යාපන වීසා මත මෙරටට පැමිණි පිරිස අතර 12 වන ස්ථානයේ පසුවීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඒ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල family වීසා මත මෙරටට පැමිණි පිරිස 1,306 ක් බවයි සදහන් වන්නේ. Family වීසා මත එම කාලය තුල මෙරටට පැමිණි පුද්ගලයන් අතර 18 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා. බ්‍රිතාන්‍යයේ දැනට ජීවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ ස්ථිර පදිංචිය හිමි පුරවැසියන්ගේ පවුල් වල සාමාජිකයන් වෙත මෙලෙස family වීසා නිකුත් කරන අතර බොහෝ දුරට විවාහයන් මත මෙරටට සංක්‍රමණය වන පුද්ගලයන්ට මෙම නීසා නිතුක් කරනු ඇති.

2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකිකයන් සදහා සංචාරක වීසා 23,718 ක් බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කර ඇති අතර මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් අතර 15 වන ස්ථානයේ ශ්‍රී ලාංකිකයන් පසුවනවා. ඒ අතර එම කාලය තුලදීම බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූලව විවිධ වීසා මත ඇතුළුවීමට උත්සාහ කල ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු තෙටුපළ තුලදීම හරවා යැවීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන අංශය කටයුතු කර ඇති බව එම වාර්ථා සදහන් කරනවා.

2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලැබීමේ බලාපොරොත්තුවෙන් සරණාගතභාවය අයදුම් කල ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය 2,726 ක් වනවා. එම කාලසීමාව තුල ශ්‍රී ලාංකිකයන් 1,136 දෙනෙකුට විවිධ වර්ගයේ සරණාගතභාවය පිරිනමා ඇති අතර  ප්‍රතික්ශේප වූ හා ඉල්ලා අස්කරගත් ප්‍රමාණය 1,992 ක් වනවා. මේ ආකාරයට බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ සංඛා තුල ශ්‍රි ලාංකිකයන්ද දැවැන්ත භූමිකාවක් හොබවන අතර අනාගතයේදී බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණ සීමා කිරීම තවත් දැඩි කලහොත් නැවත වරක් පදිංචිය සදහා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය අවම වනු ඇති.

තිලාන් ජයසේකර 

දේශසීමාවට කොටු නොවූ අමරණීය ආදරය ‘අමරන්’

සිනමාව ප්‍රේක්ෂක හදවත සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් කලාවකි. සිනමා නිර්මාණ අතර ඉන්දීය සිනමා නිර්මාණයන් සුවිශේෂී වන්නේ ඊටම අනන්‍ය වූ අපූර්වත්වය  හේතුවෙනි. පසුගිය දීපවාලී දිනයේ රිදී තිරයට පැමිණි Amaran චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක හදවත් සංවේදී කෙරූ එවැනි අපූරු නිර්මාණයකි.

Amaran චිත්‍රපටයට පාදක වන්නේ ‘මුකුන්ද් වරදරාජ්’ නම් ඉන්දීය මේජර්වරයාගේ සත්‍ය කතාවයි .ඔහු ඉන්දු කාශ්මීර යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් රට රැකගත් උදාර මිනිසෙකි.මෙය  රාජ්කුමාර් පෙරියසාමී විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර කමල් හසන් විසින් නිෂ්පාදනය කර ඇත.කතාවේ ප්‍රධාන චරිත දෙක  මේජර් මුකුන්ද් වරදරාජ් සහ ඔහුගේ බිරිඳ වන ඉන්දු රෙබේකා වර්ගීස් වේ.

මුකුන්ද් වරදරාජ්  1983 කරේ ද්‍රවිඩ යුවළවකට දාව උපත ලබයි.කුඩා කල සිටම ඔහුගේ සිහිනය වන්නේ හමුදා සෙබළෙකු වීමයි.උසස් අධ්‍යාපනයට පිවිසෙන මුකුන්ද් සහ ඉන්දු රෙබේකා වර්ගීස් ආදරයෙන් බැදෙන අතර ඉන්දු තම පෙම්වතාට ඔහුගේ සිහිනය හඹා යාමට දිරි දෙයි.නමුත් රෙබේකාගේ මවුපියන් හමුදා නිලධාරියෙකු සමග සිය එකම දියණිය විවාහ කර දීමට අකමැති වන නිසා ඔවුන්ගේ ආදර කතාව හැල හැප්පීම් හමුවේ ගලායයි.පසුව මෙම බාධක මැඩ ගෙන සියල්ලන්ගේම ආශිර්වාදය සමග විවාහ වන ඔවුන් දෙදෙනාගේ සතුට දෙගුණ කරමින් නොබෝ කලකින්  කැදැල්ලට ආදරණීය  දියණියක් එක්වේ.2006 වසරේ හමුදාවට බැදෙන මුකුන්ද් එතැන් සිය ජීවිතය රට වෙනුවෙන් පරිත්‍යාග කරයි.ඔහුගේ එම උදාර පරිත්‍යාගයට ප්‍රාණ සම බිරිඳගෙන් ලැබෙන්නෙ අප්‍රමාණ කැපකිරීමකි.සහයකි.

“මේ මුහුදයි අහසයි අතට දුර එයාටයි මටයි.මං ඉන්නෙ මගේ ආදරය එක්ක සදාකාලික දුරස්ථ ප්‍රේමයක”

   -රෙබේකා-

දේශසීමාවලින් වෙන් වූ ඔවුන්ගේ ආදර කතාවේ ඉරණම කුමක්ද දැනගැනීමට අමරන් නරඹන මෙන් ඉල්ලා සිටිමි.

චිත්‍රපටයේ මුකුන්ද් ලෙස චරිත නිරූපණය කරන ශිවකාර්තිකේයන්ගේ  රංගන ජීවිතයේ අද්විතීයම චරිත නිරූපනය ලෙස මෙය දැක්විය හැකිය.වරෙක යුද නිලධාරියකු සතු වීරත්වය ද,තවත් වරෙක පියෙකු,සැමියෙකු සහ පුතෙකු ලෙස සිය පවුලට නොඅඩුව යුතුකම් ඉටු කරන මුකුන්ද්  නම් ආදරණීය සහ මානුෂීය මිනිසාව ඔහු නොමැකෙන ලෙස තිරයෙහි ප්‍රතිනිර්මාණය කර ඇත.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ සිට විරෝධාර මේජර්වරයෙකු දක්වා මුකුන්ද් ගේ පරිවර්තනය අපූරුව ලෙස ඉදිරිපත් කිරීමට ඔහු සමත්‍ ය.එමෙන්ම ඔහුගේ බිරිඳගේ චරිතයට පණ පොවන සායි පල්ලවි ප්‍රේක්ෂක දෑස් කඳුළින් තෙමීමට සමත් සංවේදී සහ සියුම් රංගනයක නියැලෙයි.හමුදා බිරිඳක සතු එම අසහාය දරා ගැනීම සහ කැප කිරීම සිය අනර්ඝ සතර අභිනයන් තුළින් මනාව නිරූපණය කිරීමට ඇය දක්වා ඇති දක්ෂතාවය ප්‍රශංසනීය වේ.

චිත්‍රපටයේ සංගීතය ද එහි භාවයන් ප්‍රේක්ෂකයාට වඩාත් දැනවීමට රැකුල් වේ.ජී.වී ප්‍රකාශ් කුමාර් විසින් මෙහි සංගීත අධ්‍යක්‍ෂණය සිදුකර ඇත.සුන්දර කාශ්මීරයේ දසුන් සමග එම සංගීතය මුසු වූ විට සිනමාපටයට ලැබෙන්නෙ කදිම මිහිරියාවකි.

කාශ්මීරයේ සුන්දරත්වය ද,යුද බිමේ භීතිය ද සිය කැමරාකාචයට හසුකර ගැනීමට කැමරාකරු දක්වා ඇති දක්ෂතාවය මෙන්ම නළු නිළි කැල මනා ලෙස හසුරවමින් යුද සිදුවීමක් සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා දැක්වූ හැකියාව ද අගය කල යුතුය.

අමරණීය ආදර කතාවක රසය විද ගැනීමටත්, යුද විරුවන් සතු අප්‍රමාණ කැපකිරීමට මොහොතකට උපහාර කිරීමටත් අමරන් නරඹන ලෙසට ප්‍රේක්ෂක ඔබට ඇරයුම් කරමි.

-පියුමි නෙළුමිකා –

 ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

යුක්තිය සඳහා සමාන ප්‍රවේශයන් සදන ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

යුක්තිය සඳහා සමාන ප්‍රවේශයන් සදන “ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව”

ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී රටකි. ලංකාවේ නීති පද්දධතිය ගතහොත් විනිවිදභාවයකින් යුත් ශක්තිමත් නීති පද්ධතියක් ලෙස හඳුන්වාදිය හැකිය.

     කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අසාධාරණයකදී තමන් උදෙසා යුක්තිය ඉෂ්ට කරගැනීම පිණිස බොහෝ වියදම් දැරීමට සිදුවන බව ඔබ අප කවුරුත් දන්නා සාමාන්‍ය කරුණකි. 

නමුත් එසේ වියදම් දරාගෙන තමන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමට අපහසු පුද්ගලයින් අප අතර ඕනෑතරම් සිටිති.

     අද අප ඔබ හමුවට ගෙන එන්නේ ආර්ථික අපහසු තා ඇති පුද්ගලයන් වෙනුවෙන් පෙනීසිටිමින් ඔවුනට නීති සහන සලසන ශ්‍රී ලංකාවේ දැනටමත් ක්‍රියාත්මක වන ආයතනයක් පිළිඹඳවයි. එනම් ” ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව” යි.

           ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ මෙහෙවර වන්නේ රටේ නීතිමය පිහිට ලැබිය යුතු පුද්ගලයන්ට නීති ආධාර ලබාදීමයි. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ දැක්ම වන්නේ 

“සියලුම ශ්‍රී ලාංකිකයන්ට යුක්තිය සඳහා සමාන ප්‍රවේශයන් තිබිය යුතු සමාජයක් නිර්මාණය කිරීමයි.” මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී  ලංකා නීති ආධාර කොමිෂන් සභාව බොහෝ ව්‍යාපෘති සිදු කරමින් පවතියි.

නීතිය ඉදිරියේ සියලුම පුද්ගලයන් සමානය යන්න  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගත් මූලික අයිතිවාසිකමකි. 

          එහෙත් තමුන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නඩුවක් පැවරීම සඳහා නීතිඥවරයකුට මුදල් ගෙවීමට වත්පොහොසත්කමක් නොමැති පුද්ගලයන්ට නීතියේ සාධාරණත්වය සමානව හිමිවේද යන්න ගැටලු සහගතය. එවැනි තැනැත්තන්ට එනම් දිළිඳු හා අඩු ආදායම්ලාභීන්ටද නීතියේ සමාන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 1978 අංක 27 දරන පනතින් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය මධ්‍යස්ථාන 85 ක් දක්වා විහිදුණු පුළුල් සේවාවන් එමඟින් සිදු කරනු ලබයි. ශ්‍රී  ලංකා නීති ආධාර කොමිෂන් සභාව 1978 අංක 27 දරන පනත මඟින් ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව දිවයින පුරා පළාත් 9ක මධ්‍යස්ථාන 85ක පවත්වාගෙන යන අතර ඒ වෙත පැමිණෙන ඕනෑම පුද්ගලයකුට නීති උපදෙස් ලබාදීම සහ දැනුවත් කිරීම ආදායම් සීමාවකින් තොරව සිදු කරනු ලබයි. ආධාර කොමිෂන් සභාවයටතේ ස්ථිර නීතිඥයන් 120කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත වේ.

       අධිකරණයේ පෙනී සිටීම සඳහා නීතිඥ නියෝජනය ලබා දීමේදී මාසික ආදායම රුපියල් 25,000ට වඩා අඩුවෙන් ලබන පුද්ගලයන් නොමිලේ නීතිඥ සහාය ලැබීමට සුදුසුකම් ලබයි. අදාළ නීති ආධාර ඉල්ලුම්කරු, ඉල්ලුම්කාරිය පදිංචි වී සිටින ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කාරියගේ ආදායම් තත්ත්වය පිළිබඳව සහතික කළ යුතුය. ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය ප්‍රමාණවත් වන අතර අවශ්‍ය

අවස්ථාවලදී පමණක් ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතික අවශ්‍ය වේ. 

නීති ආධාර කොමිෂන් සභාව විසින් නඩු වර්ග කිහිපයකට නොමිලේ නීතිඥ සේවය ලබාදීමට කටයුතු කර ඇත.

      01).  කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ නඩුවලදී නීති ආධාර කොමිෂන් සභාව ඔවුන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැත. කාන්තාවන්ට තමන්ට සිදුවන අසාධාරණයන් නීතිය හමුවට ගෙනයාමට, තම දරුවන්ට සිදුවන අසාධාරණයන් නීතිය හමුවට ගෙන යාමට නීති අදාළ කොමිෂන් සභාව ලබාදෙන්නේ මහත් සහයෝගයකි. ඔවුන්ට කිසිදු ගෙවීමකින් කිසිදු අය කිරීමකින් තොරව නීතිඥයන්ගේ සහය සහ උපදෙස් ලබාදීමට නීති ආධාර කොමිෂන් සභාව සැදී පැහැදී සිටියි.එසේම දරුවන් සම්බන්ධ නීතිමය කාරණයකදී මව, පියා හෝ භාරකරු විසින් දරුවාගේ යහපත පිණිස කරනු ලබන ඉල්ලීමකදී මෙම රුපියල් 25,000ක ආදායම් සීමාව අදාළ වන්නේ නැත.

02). නඩත්තු නඩු;

         ස්වාමිපුරුෂයා විසින් සිය බිරිය හෝ දරුවන් පෝෂණය නොකර

පැහැර හරින අවස්ථාවක බිරිය සහ දරුවන්ගේ යැපීම වෙනුවෙන් මුදල් ලබාගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩු පැවැරීම නීති ආධාර කොමිෂන් සභාව මඟින් බහුලව සිදු කරනු ලබයි. ඉල්ලුම්කරුගේ ආදායම් තත්ත්වය සලකා බැලීමකින් තොරව මෙහිදී සහාය ලබා දෙනු ලැබේ.

03). රිය අනතුරු වන්දි නඩු ;

                      රිය අනතුරක් සිදු වූ අවස්ථාවක අනතුරට ලක් වූ පුද්ගලයාට පවුලේ යැපෙන්නන්ට වන්දියක් ලබා ගැනීම සඳහා අනතුර සිදු වූ ප්‍රදේශයේ අධිකරණයේ වසර දෙකක් ඉක්මවා යෑමට පෙර නඩු පැවැරීමටද නීති ආධාර කොමිසම මඟින් නීතිඥ සහාය ලබා දීම සිදු කරයි.

04). දික්කසාද/භාරකාරත්ව නඩු ;

                       වෛවාහක වරදක් ඔප්පු කිරීමෙන් දිසා අධිකරණයේ දික්කසාද නඩු ගොනු කිරීමටත්, දික්කසාද නඩුවක විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමටත්, දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් නියෝග ලබාගැනීමටත්, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී කාන්තාවන් වෙනුවෙන් නීති ආධාර කොමිසම නීතිඥ සහාය ලබා දේ. 

ඉහත කරුණු අදාළ වන්නේ විවාහය තුළින් අසාධාරණට ලක් වූ කාන්තාවන්ටය. අමිහිරි ජීවිත කතාවල හිමිකරුවන්ට තව දුරටත් මුදල් නොමැතිකම නිසා හෝ නීතිය නොදැනසිටීම නිසා හෝ දුක්විඳීමට අවශ්‍ය වන්නේ නැත.

             ඊට අමතරව නීති ආධාර කොමිෂන් සභාව විසින් නොමිලේ නීති ආධාර ලබාදෙන අවස්ථා රැසක්ද හඳුනාගත හැකිය.

05). ඉඩම්/නෙරපීම් නඩු

අඩු ආදායම්, ලාභීන්ගේ ඉඩම් සම්බන්ධ නඩු කටයුතුවලට සහ ඔවුන්ගේ දේපළක බලහත්කාරයෙන් රැඳී සිටින්නෙක් ඉවත් කිරීමට හෝ අසාධාරණ ලෙස දේපළකින් ඉවත් කිරීමට ලක් වූ අයෙක් වෙනුවෙන් පෙනී සිටීමට නීති ආධාර කොමිෂන් සභාව නීතිඥ සහාය ලබා දේ.

06). මුදල් නඩු සහ

අනෙකුත් සිවිල් නඩු

යම් මුදල් ගනුදෙනුවක් හෝ බැංකු ණයක් සම්බන්ධ කටයුත්තකදී අසාධාරණයට ලක් වූ පාර්ශ්වයකට සහ කුලී සින්නක්කර ගිවිසුමක් සම්බන්ධ නඩුවකදී අසාධාරණයට ලක් වූ විත්තිකාර පාර්ශ්වයට ඉතා සීමිත අවස්ථාවන්වලදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ අනුමැතිය මත ඉහත කී ආදායම් සීමාවට යටත්ව දිසා අධිකරණයේ පෙනී සිටීම සඳහා නීති ආධාර ලබා දෙනු ඇත.

07). අනෙකුත් මහෙස්ත්‍රාත්

අධිකරණ නඩු:

නීති සහාය ලැබීමට සුදුසු පුද්ගලයනට, දේපළ සම්බන්ධයෙන් ප්‍රාථමික නඩු විධාන සංග්‍රහයේ 66 වගන්තිය යටතේ නඩුකර ගොනු කිරීමට නීතිඥ සහාය ලබාදීම.

2000 අංක 09 දරන පනත යටතේ වැඩිහිටි නඩත්තු ඉල්ලීම් මණ්ඩලය මඟින් දෙනු ලබන නඩත්තු නියෝග ක්‍රියාත්මක කරගැනීම සඳහා ඉල්ලුම්පත් ගොනු කිරීමට නීතිඥ සහාය ලබාදීම.

අවශ්‍ය අවස්ථාවල අපරාධ වින්දිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ සහාය ලබා දීම.

08).මූලික අයිතිවාසිකම් නඩු

අග්‍රවිනිශ්චයකාරවරයා විසින් ඍජුවම නීති ආධාර කොමිසමට යොමු කරනු ලබන අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධ පැමිණිලි සහ නීති ආධාර කොමිසමට පැමිණෙන (මාසයක කාලය ඉක්මවා යෑමට පෙර) අඩු ආදායම්ලාභීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධ පැමිණිලි සඳහා නීතිඥ සහාය ලබා දේ.

09).ඇප සම්බන්ධ නඩු

වසරකට වඩා වැඩි කාලයක් ඇප ලබා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින නීතිඥ සහාය ලබා ගැනීමට ආදායම් නොමැති සැකකරුවන් (ළමා අපචාර/ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූවන් හැර) සඳහා නීති ආධාර කොමිෂම ඇප ලබා ගැනීමට නොමිලේ නීතිඥ සහාය ලබා දෙනු ලැබේ.

10). අභියාචනා නඩු

අපරාධ නඩුවල අභියාචනා හැර අනෙකුත් සියලුම අභියාචනා සහ ශේ‍ර්ෂ්ඨාධිකරණ නඩුද රීට් ආඥා නඩුකර සහ ප්‍රතිශෝධන නඩු සඳහාද නීති ආධාර කොමිසම අඩු ආදායම්ලාභීන්ට නොමිලේ නීතිඥ සේවය ලබා දේ.

එසේම අසාධාරණ සේවා සමාප්තියක් සිදුවී ඇති අවස්ථාවක නැවත සේවය හෝ වන්දි ලබා ගැනීමට මාස 06ක් ඇතුළත කම්කරු විනිශ්චය සභාවල නඩු ගොනු කිරීමට නීති ආධාර කොමිසම නීතිඥ සහාය ලබාදේ. තවද හදිසි මුදල් අවශ්‍යතාවක් වෙනුවෙන් තම නිශ්චල දේපළක් ණයක් සඳහා උකස් තබා උකස්කර හෝ සින්නක්කර ඔප්පු ලියා ඇති අවස්ථාවක එම ණය මුදල් ගෙවා ගැනීමට අපහසු වීම නිසා අසාධාරණ ලෙස දේපළේ අයිතිය ණය හිමි විසින් ලබාගැනීමට උත්සාහ කරන අවස්ථාවක අසාධාරණයට ලක්වන අඩු ආදායම්ලාභී තැනැත්තන් වෙනුවෙන් නීති ආධාර කොමිසම නීතිඥ සහාය ලබාදීම සිදු කරයි.

නීති ආධාර කොමිෂන් සභාව විසින් නඩු වලට පෙනී සිටීමේදී රුපියල් 200ක ලියාපදිංචි ගාස්තුව හැරුණු විට ඉහත සඳහන් කිසිදු නඩුවක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා නීතිඥවරයකුට කිසිදු ගාස්තුවක් සේවාදායකයකු විසින් ගෙවිය යුතු නොවේ. විශේෂිතම කරුණ නම් නඩත්තු නඩුවකදී රු.200.00 ක ලියාපදිංචි ගාස්තුවද අය නොකිරීමයි. 

        ඔබ යුක්තිය පතා කරන සටනේදී තව දුරටත් බියගුලුව සැඟවී සිටිය යුතු නැත. 

       අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල පිහිටා ඇති නීති ආධාර කොමිෂන් සභාව ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමෙන් නීතිඥ සහය සහ නීති උපදෙස් ලබා ගැනීම පිළිබඳ තවදුරටත් දැනුවත් වීමේ හැකියාව පවතී. එසේම පහත ලිපිනය සහ දුරකථන අංක ඔස්සේ ද වැඩිදුර තොරතුරු විමසා සිටීමේ හැකියාව පවතියි.

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

අංක 129, අලුත්කඩේ වීදිය,

කොළඹ – 12,

දුරකථන :-

+94 115 335 329/ +94 115 335 281

+94 112 433 618

ඊමේල් :- legalaid@sltnet.lk

සටහන -: මංගලා පවිත්‍රානි

මේ කොයි යන්නේ?

“පුතේ‍, පාඩම් වැඩ ටික විතරනෙ ඔයාට කරන්න තියෙන්නේ.. ඒ ටික හරියට කරන්න. අනිත් වැඩ ඔක්කොම අපි කරලා දෙන්නම්”

මෙන්න මේ පණිවිඩය හැදෙන වැඩෙන දරුවකුගේ මනසට අනවශ්‍ය ලෙස කාවද්දන්න එපා කියන ආදරණීය ආයචනයත් එක්ක අද දවසේ ලිපියට අවතීර්ණ වෙන්න හිතුවා. 

අධ්‍යාපනය දරුවකුගේ ජීවිතය තුළ ඉතාම ප්‍රබල භුමිකාවක් නිරූපණය කරනවා. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැහැ. නමුත් එතැනින් එහාට අධ්‍යාපනයට නොදෙවෙනිව දරුවාගේ පෞරුෂය වර්ධනයට‍ හා ආකල්පමය සංවර්ධනයට අවශ්‍ය බොහොමයක් මෙවලම් සැපයීම සිදුවන්නේ ‍දරුවා ජීවත් වන පරිසරයෙන්. 

කුඩා අවදියේ සිටම ආත්මාභිමානය‍, ආත්මශක්තිය‍, සුබවාදී චින්තනය‍, අන්‍යෝන්‍ය ගරුත්වය‍, ස්වාධීනත්වය යනාදී මනුෂ්‍ය පැවැත්මට බෙහෙවින් ඉවහල් වන සාධක පිළිබඳ යම් සංවේදනයක් දරුවා තුළ ඇතිකිරීමට මෙන්ම‍, එකී සාධක වර්ධනය කරගැනීමට දරුවාට සහයවීම දෙමව්පියන් ප්‍රමුඛ සෑම වැඩිහිටියකුගේම සමාජයීය හා කාලීන වගකීමක් ලෙස මා දකිනවා.

දෛනික ක්‍රියාවලිය තුළ කිසිදු පෙර සූදානමක් නැතිව දරුවකුට අධ්‍යාපනිකව මෙන්ම ආකල්පමය වශයෙන්ද සාර්ථක පුද්ගලයකු වීමට ඔබට සහය විය හැකි අවස්ථාව බොහොමයි. අවශ්‍ය වන්නේ එම අවස්ථාවන් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීමයි. 

තවත් කෙනෙකු⁣ට ඒ පුද්ගලයාගේ යම් අපහසුතාවක් මත දිගු පෝළිමක මැදින් ඉඩක් පිරිනමන්නේත්‍, වීදියක අයාලේ යන සතෙකුට කෑමට යමක් පිළිගන්වන්නේත්‍, වෙනත් පුද්ගලයකුගේ විපතකදී කම්පා වන්නේත් එක්තරා වකවානුවක දරුවෙක් ලෙස බිහිවී මා ඉහත කී සාධක අවශෝෂණය කරගනිමින් දැඩිවුණු වැඩිහිටියෙක්. වෙනසකට ඇත්තේ ඔහු හෝ ඇය විසින් අධ්‍යාපනයට අමතරව හෝ කිසිදු අධ්‍යාපන පසුබිමක් නොමැතිව වුවද ජීවත් වීමට අවශ්‍ය කලාව ප්‍රගුණ කර තිබීමයි. 

තමන්ගේ කෑම පිඟාන ⁣පිරිසිදු කිරීමේ සිට හැකි සෑම අවස්ථාවකම තමා වෙනුවෙන් පෙනී සිටීමට හා ක්‍රියාත්මක වීමටත්‍, එම ක්‍රමවේදයම පෙරළා තවත් කෙනෙකු වෙනුවෙන් කැපකිරීමට ඉදිරිපත් වීමත් දක්වා දරුකුගේ චින්තනය ඔපමට්ටම් කල හැක්කේ වැඩි වශයෙන් දෙමව්පියන්හටයි. මේ කවර අවස්ථාවකදීවත්‍, තමාගේ ස්ත්‍රී පුරුෂභාවය ඊට බාධකයක් හෝ නිදහසට කරුණක් නොකරගැනීමට තරම් ඔබේ දරුවා සරල‍, සාධාරණ පුද්ගලයකු විය යුතුයි. 

මුළුතැන් ගෙය සහ දරුවන් කාන්තාවටත්‍, ඉස්තෝප්පුව සහ කුටුම්බ ආදායම ඉපයීම පිරිමියාටත් තනි භුක්තියට කොටුකරන රාමු නිර්මාණය වීම වැළැක්විය හැක්කේ වැඩිහිටියන් වන අපටයි. 

ඉතින් මතුරැකෙනා ශිල්ප උගත්‍, වියත් වැඩිහිටියකු තුළ‍, මානවහිතවාදියකු‍, නිර්මාණකරුවකු‍, තවත් අයෙක් සුවපත් කරන්නකු‍, සංවේදී මිනිසකු තැනීමේ ආදරණීය වගකීම අපි නොපමාව ඉටුකරමු. හැම අතින්ම නිවැරදි  ඉසව්වට දරුවන්  යොමු කරමු.

දිමුතු සේනාදි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට විදේශ ප්‍රතිපත්තියේ බලපෑම

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට විදේශ ප්‍රතිපත්තියේ බලපෑම

 විදේශ ප්‍රතිපත්තිය බොහෝ විට රාජ්‍ය තාන්ත්‍රිකත්වය සඳහා මෙවලමක් ලෙස සලකනු ලැබේ, නමුත් එය ජාතියක ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවකයන්ගෙන් එකකි.  ඉන්දියන් සාගරයේ හදවතෙහි උපායමාර්ගිකව පිහිටා ඇති කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව සඳහා, විදේශ ප්‍රතිපත්තිය එහි ආර්ථික භූ දර්ශනය හැඩගැස්වීමට උපකාරී වී ඇත.  වෙළඳ සබඳතා වර්ධනය කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සිට සංචාරක ව්‍යාපාරය නංවාලීම සහ ජාත්‍යන්තර ණය කළමනාකරණය දක්වා, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති තීරණ එහි ආර්ථික වර්ධනයට සෘජු හා කල්පවත්නා බලපෑමක් ඇති කර තිබේ.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම එයට සුවිශේෂී වාසියක් ලබා දෙයි.  ප්‍රධාන සමුද්‍රීය වෙළඳ මාර්ග ඔස්සේ පිහිටා ඇති මෙම දූපත ආසියාව, මැද පෙරදිග සහ යුරෝපය සම්බන්ධ කරමින් ගෝලීය වාණිජ්‍යයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.  එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය, යුරෝපා සංගමය වැනි විදේශ බලවතුන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමට උනන්දු වෙති.  මෙම උපායමාර්ගික වැදගත්කම විදේශ ආයෝජන සුරක්ෂිත කිරීම, වෙළඳාම පුළුල් කිරීම සහ ආධාර ආකර්ෂණය කර ගැනීම සඳහා තම ස්ථාවරය භාවිතා කිරීමට රටට ඉඩ සලසා දී ඇත.  කෙසේ වෙතත්, මෙම සබඳතා සමතුලිත කිරීම සඳහා ප්‍රවේශම් සහගත රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ග අවශ්‍ය වේ, විශේෂයෙන් ගෝලීය බලවතුන් කලාපය තුළ බලපෑම සඳහා තරඟ කරන බැවිනි.

විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන වඩාත්ම වැදගත් ක්‍රමයක් වන්නේ විදේශ සෘජු ආයෝජන (FDI) ය.  2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වෙළෙඳ හා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය වීමට උත්සාහ කර ඇති අතර, FDI එහි ආර්ථික වර්ධන උපාය මාර්ගයේ තීරණාත්මක කොටසක් බවට පත් කර ඇත.  යටිතල පහසුකම්, නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාරය වැනි ප්‍රධාන අංශ සැලකිය යුතු විදේශ ආයෝජන, විශේෂයෙන් චීනයෙන් දැක ඇත.  එහි Belt and Road Initiative (BRI) යටතේ චීනය ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන ගණනක් වත් කර ඇත, විශේෂයෙන් හම්බන්තොට වරාය සහ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදිකිරීම දැක්විය හැකිය.

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රැකියා උත්පාදනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට මෙම ආයෝජනවලට හැකියාවක් ඇතත්, ඒවා අවදානම් සහිතයි.  ශ්‍රී ලංකාව සිය විදේශ ණයවලින් සැලකිය යුතු කොටසක් දැන් චීනයට ණය වී සිටින බැවින්, චීන ණය මත ශ්‍රී ලංකාව වර්ධනය වන විශ්වාසය ණය මත යැපීම පිළිබඳ කනස්සල්ල මතු කර ඇත.  මෙය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බීජිං සමඟ ඉතා සමීපව පෙලගැසී ඇති බවට විවේචනයට තුඩු දී ඇති අතර, ස්වාධීන ආර්ථික තීරණ ගැනීමේ හැකියාව සීමා කළ හැකිය.  එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සියුම් සබඳතාව කළමනාකරණය කර ගැනීම රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ දිගු කාලීන වර්ධනයට ඉතා වැදගත් වේ.

චීනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ ද ශක්තිමත් ආර්ථික සබඳතා ගොඩනඟා ගෙන ඇත.  ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය වැනි බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රධාන හවුල්කරුවන් වේ.  මෙම රටවල් තාක්ෂණය සහ කෘෂිකර්මාන්තයේ සිට යටිතල පහසුකම් සංවර්ධනය දක්වා විවිධ අංශවල ආයෝජනය කර ඇත.  සියලුම ප්‍රධාන බලවතුන් සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරන ශ්‍රී ලංකාවේ බහු පෙළගැස්වීමේ උපාය මාර්ගය පුළුල් පරාසයක ආයෝජන අවස්ථා වලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ ලබා දී ඇත.  විවිධ ආර්ථික ආධාරක මූලාශ්‍ර සඳහා රට විවෘතව පවතින බව සහතික කිරීම සඳහා මෙම රාජ්‍ය තාන්ත්‍රික තුලන පනත (Diplomatic Balancing Act) ඉතා වැදගත් වේ.

විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපාන තවත් ක්ෂේත්‍රයකි වෙළඳාම සහ අපනයන මත යැපෙන රටක් ලෙස, ශ්‍රී ලංකාවේ ආර්ථික සෞඛ්‍යය ප්‍රධාන හවුල්කරුවන් සමඟ ශක්තිමත් වෙළෙඳ සබඳතා පවත්වා ගැනීම මත දැඩි ලෙස රඳා පවතී.  යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙලඳපොලවල් අතර වන අතර රට මෙම කලාප වෙත රෙදිපිළි, තේ, රබර් සහ අනෙකුත් භාණ්ඩ යවයි.  යුරෝපීය වෙලඳපොලවල් වෙත මනාප ප්‍රවේශයක් සලසා දෙමින් යුරෝපා සංගමය සමග වෙළඳ ගිවිසුමක් වන සාමාන්‍යකරණය වූ GSP+ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය විශේෂයෙන් ප්‍රයෝජනවත් වී ඇත.  දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළින් ශ්‍රී ලංකාව සිය අපනයන කර්මාන්ත ගෝලීය තලය මත තරඟකාරී ලෙස තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන මෙම වෙළඳ ප්‍රතිලාභ රඳවා ගැනීමට සමත් වී ඇත.

ඒ අතරම, ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි අනෙකුත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs) වලට එළැඹීමෙන් ශ්‍රී ලංකාව සිය වෙළඳ සබඳතා විවිධාංගීකරණය කිරීමට කටයුතු කරයි.  රට දැනටමත් ඉන්දියාව සහ පකිස්ථානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කර ඇති අතර එහි වෙළඳ ජාලය පුළුල් කිරීම සඳහා චීනය, සිංගප්පූරුව සහ අනෙකුත් ජාතීන් සමඟ සාකච්ඡා කරමින් සිටී.  මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා නව වෙළඳපොලවල් විවෘත කරනවා පමණක් නොව සාම්ප්‍රදායික බටහිර වෙළඳපොල මත රට යැපීම අඩු කරමින් වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් නිර්මාණය කරයි.

සංචාරක ව්‍යාපාරය යනු ආර්ථික වර්ධනය සඳහා විදේශ ප්‍රතිපත්තිය වැදගත් කාර්යභාරයක් ඉටු කරන තවත් අංශයකි.  එහි විශ්මය ජනක භූ දර්ශන, පොහොසත් සංස්කෘතික උරුමයන් සහ ජෛව විවිධත්වය සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වී ඇත.  කෙසේ වෙතත්, ත්‍රස්තවාදී ප්‍රහාර හෝ වසංගත වැනි සිදුවීම් නරඹන්නන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කළ හැකි බැවින් සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර සබඳතාවලට ඉතා සංවේදී ය.  2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සහ COVID-19 වසංගතය වැනි අර්බුදවලින් පසු සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීම සඳහා ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සමඟින් ශ්‍රී ලංකාව ආරක්ෂිත සහ ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ප්‍රධාන වේ.

තවද, ගෝලීය සංචාරක සංසදවල සහ ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සංචාරක ගමනාන්තයක් ලෙස එහි දෘශ්‍යතාව ඉහළ නැංවීමට උපකාරී වී ඇත.  සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලීමෙන් සහ එහි ස්වභාවික හා ඓතිහාසික වත්කම් ප්‍රදර්ශනය කිරීමෙන් දේශීය ආර්ථිකයට සහය වන සහ රැකියා උත්පාදනය කරන ආදායම් උත්පාදනය කරමින් වැඩි සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.  එබැවින් සංචාරක ව්‍යාපාරය සාම්ප්‍රදායික වෙළඳාම සහ ආයෝජනය ඉක්මවා ආර්ථික ප්‍රතිඵල කෙරෙහි විදේශ ප්‍රතිපත්තියට බලපෑම් කළ හැකි ආකාරය පිළිබඳ පැහැදිලි උදාහරණයක් ලෙස සේවය කරයි.

මෙම ධනාත්මක වර්ධනයන් තිබියදීත්, අභියෝග තවමත් පවතී.  වඩාත්ම දැවෙන ප්‍රශ්නවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාව විදේශ ණය මත, විශේෂයෙන් චීනයෙන් දැඩි ලෙස රඳා පැවතීමයි.  රටේ විදේශ ප්‍රතිපත්තිය අවශ්‍ය ආයෝජන ආකර්ශනය කර ගැනීම සහ ණය මත යැපීමේ අන්තරායන් මඟහරවා ගැනීම අතර සියුම් සමතුලිතතාවයේ සැරිසැරිය යුතුය.  එපමනක් නොව, වෙළඳ ආතතීන්, උද්ධමනය සහ ජාත්‍යන්තර වෙලඳපොලවල මාරුවීම් වැනි ගෝලීය ආර්ථික තත්ත්වයන් විදේශ හවුල්කාරිත්වයන් හරහා වර්ධනය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් සංකීර්ණ කළ හැකිය.

ඉදිරිය දෙස බලන විට, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය එහි ආර්ථික අනාගතය තීරණය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.  රටේ උපායමාර්ගික පිහිටීම සහ කලාපීය සහ ගෝලීය බලවතුන් සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව වර්ධනය සඳහා සැලකිය යුතු අවස්ථා ලබා දෙයි.  දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (SAARC) සහ බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය (BIMSTEC) වැනි සංවිධානවලට ශ්‍රී ලංකාව සම්බන්ධ වීම කලාපීය සහයෝගීතාව සඳහා මාර්ග සපයන අතර එමඟින් එහි ආර්ථික අපේක්ෂාවන් තවදුරටත් ඉහළ නැංවිය හැකිය.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි විදේශ ප්‍රතිපත්තියේ බලපෑම ගැඹුරු ය.  සුපරීක්ෂාකාරී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් තුළින් රටට විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමටත්, වෙළෙඳාම පුළුල් කිරීමටත්, සංචාරක ව්‍යාපාරය නංවාලීමටත් රටේ ආර්ථික දියුණුව සඳහා අත්‍යවශ්‍ය සියලු දේ කිරීමට හැකි වී තිබේ.  කෙසේ වෙතත්, ණය කළමනාකරණය සහ සංකීර්ණ ජාත්‍යන්තර සබඳතා සැරිසැරීම වැනි අභියෝග තවමත් පවතී.  ශ්‍රී ලංකාව අඛණ්ඩව වර්ධනය වන විට, එහි විදේශ ප්‍රතිපත්තියට ආර්ථික අවස්ථා අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීම සහ තරඟකාරී ගෝලීය භූ දර්ශනයක් තුළ එහි ස්වෛරීභාවය පවත්වා ගැනීම අවශ්‍ය වේ.

පවිත්‍රා රණතුංග 

කාන්තාවන් අධ්‍යාපනය ලැබීම ස්ත්‍රීවාදය වයාප්ත කරවීමක් ද

කාන්තාවන් අධ්‍යාපනය ලැබීම ස්ත්‍රීවාදය වයාප්ත කරවීමක් ද ?

ස්ත්‍රීවාදය යනු කාලාන්තරයක් තිස්ත්‍ර්ස්ත්‍ර ප්‍රචලිතව පවතින මාතෘකාවකි. ්මය එක්තරා වයාපාරයක් ්ලස්ත්‍ ද

හදුන්වාදිය හැකිය. ්මකී ස්ත්‍රීවාදය ඉතාමත් ගැඹුරින් ස්ත්‍ළකා බලන විට එය එක්තරා අතකින් මානූෂීය

වයාපාරයක් ්ලස්ත්‍ ද හදුන්වාදිය හැකිය. එය එ්ස්ත්‍ර වීමට ්හරතු වී ඇත්්ත් ස්ත්‍රිය යනු ලිිංගිකත්වය හා ශ්‍රමය

යන අිංශ ද්වවිත්ව්යන්ම අධික ්ලස්ත්‍ සූරාකෑමකට ලක්වන්ියකි. එබැවින් කාන්තාවට ස්ත්‍මාජය තුළ, ිවස්ත්‍

තුළ, රැකියා ස්ත්‍රතානය තුළ ්හෝ ඇය ්ව්ස්ත්‍න ඕනෑම ස්ත්‍රතානයක් තුළ මුහුණදීමට සිදුවන අභි්යෝග, හිරිහැර

පීඩා ්මන්ම හිිංස්ත්‍න හදුනා්ගන ඒවායින් කාන්තාව ්ේරාගැනීමට කළයුතු ්ද්වවල් ගැන කාන්තාව ්මන්ම

ස්ත්‍මාජ්ේ ්ව්ස්ත්‍න අ්නකාව ද දැනුවත් කිරීම ්මම ස්ත්‍රීවාදය හරහා සිදුවන බැවින් එය ්පර කී ්ලස්ත්‍ටම

මානුෂීය වයාපාරයක් බවට පත් ්ේ.

්මකී ස්ත්‍රීවාදය ආරම්භ කළ මුල් කාලීන ස්ත්‍රීවාදී දාර්‍ර්ශිකයන් ්ව්හස්ත්‍ වී ඇත්්ත් ස්ත්‍රීයට ද ස්ත්‍මාජය තුළ

පුරුෂයාට හිමි වී ඇති ස්ත්‍රතානය හා ස්ත්‍මාන ස්ත්‍රතානයක් අත්පත් කරදීමට මිස්ත්‍ පුරුෂයා පරදා ස්ත්‍රියට මුල්තැන

ලබාදීමට ්නා්ේ. නමුත් ස්ත්‍රීවාදය එ්ස්ත්‍රත් නැතිනම් කාන්තාවාදී දර්‍ර්ශනය යන ්බෝඩ් ලෑල්ල ගස්ත්‍ාගත්

ඇතැමුන් කරන, කියන දෑ ිස්ත්‍ාම ස්ත්‍රීවාදය යන ස්ත්‍ිංකල්පයට ස්ත්‍මහර තැනැත්තන් ්දාස්ත්‍ර නගනු ඇත. කවුරු

්කා්හාම ්ක්ස්ත්‍ර කීවත් ස්ත්‍රීවාදය යනු එය පිළිගත් දිනටත් ්පර සිටම ක්‍රියාත්මක වූ ්දයක් බව නම්

ස්ත්‍තයයකි. ස්ත්‍රිය, කාන්තාව, ගැහැණිය, ස්ත්‍රියට හා පුරුෂයාට ස්ත්‍මාජය තුළ පැවැතිය යුතු ස්ත්‍රතානය ආදී

අිංගයන් පිළිබදව ඈත අතීත්ේ සිටම ස්ත්‍ාකච්ඡා ්ක්රන්නට විය. නමුත් ්මය වාදයක් නැතිනම්

වයාපාරයක් ්ලස්ත්‍ වර්‍ර්ධනය වන්නට වූ්ේ බ්‍රිතානය තුළ ආගමික ිදහස්ත්‍, පුද්වගලික ඉවසීම, ස්ත්‍රවභාවික නීතිය

ආදිය ගැන ස්ත්‍ාකච්ඡා ආරම්භ වූ බුද්ව්ධ්‍ෝත්පාද යුගය තුළදී ය.

්මකී ස්ත්‍රීවාදයට අත්්පාත් තබන්නට වූ්ේ ්ම්රි ්වාලස්ත්‍ර්ටෝන්රාෆ්ර් නම් වූ ස්ත්‍රීවාදී දර්‍ර්ශනවාදිිය යි.

ඇය (A vindication of the rights of women ) “කාන්තාවන්්ේ අයිතිවාසිකම් තහවුරු කිරීම නම් වූ

ග්‍රන්තය 1792 වර්‍ර්ෂෂ්ේ දී රචනා කරමින් ස්ත්‍රියන්ට ද එවකට ස්ත්‍මාජය තුළ පිරිමින්ට හිමිව තිබූ අධ්‍යාපනය

හා ස්ත්‍මාන අධ්‍යාපනයක් ලබාදිය යුතු බවට අවධ්‍ාරණය ්කරීය. ඇය වැඩිදුරටත් එකී ග්‍රන්තය හරහා ස්ත්‍දහන්

කරනු ලැබූ්ේ ස්ත්‍රිය හා පුරුෂයා ගත්විට ශාරීරිකමය වශ්යන් විවිධ්‍ ්වනස්ත්‍රකම්වලට ලක්වූවත් ස්ත්‍රියට ද

පුරුෂයා හා ස්ත්‍මානවම අධ්‍යාපනය ලැබීමට හැකි බවත් එයට අවකාශය ස්ත්‍ලස්ත්‍ා දිය යුතු බවත් ය.

්ක්ස්ත්‍ර නමුත් ්ම්ලස්ත්‍ ආරම්භ වූ ස්ත්‍රීවාද්ේ පළමු රැල්ල තුළ දී අධ්‍යාපනයට අමතරව ස්ත්‍රියට ඡන්ද

අයිතිය ද ලබා දිය යුතු බවට හඩක් නැගීය. ඒ ස්ත්‍දහා සුස්ත්‍ෑන් .බී. ඇන්තනී, එලිස්ත්‍්බත් ඇන්ස්ත්‍රටන් වැන්නවුන්

ක්‍රියාකළහ. ස්ත්‍රීවාදය විශාල ්පරළියක් බවට පත්වන්නට වූ්ේ ්දවන රැල්ල තුළ දී ය. එහි දී මූලිකත්වය

දරනු ලැබූ්ේ ්බටී ෆ්‍රයිඩ්න් හා ේ්ලෝරියා ඇන්ස්ත්‍රටයිම් යන ්දපළ යි. එහි දී මූලිකවම තහවුරු කරන්නට

්වර දරනු ලැබූ්ේ ලිිංගිකත්වය, ප්‍රජනන අයිතිය හා රැකියා ස්ත්‍රතාන්ේ ස්ත්‍රියට පහත්්කාට ස්ත්‍ැලකීම

ස්ත්‍ම්බන්ධ්‍ව ය. ඒ අනුව ඒ හරහා ලිිංගික කටයුතුවල ිරතවීමට ඇති කැමැත්ත එහි ස්ත්‍රවභාවය,දරුවන් ලැබීම

්හෝ ්නාලැබීම ගැන තීරණය කිරීම ස්ත්‍ම්බන්ධ්‍ව ්මන්ම රැකියා ස්ත්‍රතාන්ේ දී ලිිංගික අකටයුතුකම්, ශ්‍රම

සූරාකෑම ්හෝ පහත්්කාට ස්ත්‍ැලකීම ස්ත්‍ම්බන්ධ්‍ව හඩනගමින් එකී අයිතීන් කාන්තාවට ලබාදීමට ්වරදරනු

ලැබූහ.

්දවන රැල්ල හරහා කාන්තාවන්්ේ අයිතිවාසිකම් ජාතික ම්ටමින් යම්තාක් දුරකට තහවුරු කර්ගන එන

අතරවාර්ේ දී ස්ත්‍රීවාද්ේ ්තවන රැල්ල හරහා අන්තර්‍ර්ජාතික ම්ටමින් කාන්තා හිිංස්ත්‍නයට තිත තැබීමට

කටයුතු ්කරීය. එහි දී අරාබිකර්ේ ස්ත්‍රී අවයව ්ේදනයට ලක් කරමින් ස්ත්‍රිය තලා ්පලීම, ස්ත්‍රියට සිදුවන

ලිිංගික ඇතුළු සියලුම අකටයුතුකම් ්මන්ම රැකවරණය ස්ත්‍දහා භාවිතා වන කාන්තාවාදී ආචාරධ්‍ර්‍ර්ම ගැන ද

වි්ශරෂ්යන් ස්ත්‍ාකච්ඡා විය. වර්‍ර්තමාන්ේ දී ද ක්‍රියාත්මක ්වමින් පවතින්්න් ද ්මකී ස්ත්‍රීවාද්ේ ්තවන

රැල්ලයි. ්ම් හරහා කාන්තාවන්ට ද රාජය පාලනයට ඉඩහස්ත්‍ර ලබාදිය යුතු බවට ද අවශයතා මතු විය. ඒ

අනුව ්ලාවපුරා කාන්තා ්ද්වශපාලන නායකයන් ද බිහි විය.

ඉහත දැක්වූ ආකාරයට වර්‍ර්ධනය වූ ස්ත්‍රීවාද්ේ එක්තර අිංගයක් ්ලස්ත්‍ පමණක් කාන්තාවන්්ේ අධ්‍යාපනය

ලැබී්ම් අයිතිය හදුන්වාදිය හැකිය. අතීත ස්ත්‍මාජ තුළ දී පුරුෂයන්ට පමණක් ස්ත්‍ාහිතයමය දැනුම, යුධ්‍

පුහුණුව, අවි ආයුධ්‍ ස්ත්‍ම්බන්ධ්‍ පුහුණුව, රාජය හා ආරක්ෂණ ්මන්ම කෘෂිකාර්‍ර්මික හා කාර්‍ර්මික කටයුතු

පිළිබද දැනුම ලබා්දන්නට විය. නමුත් ස්ත්‍රීන්ට ලැබීමට ියම වූ්ේ ගෘහස්ත්‍රත කටයුතු පිළිබදව පවතින

අධ්‍යාපනය පමණි. ්ම් ිස්ත්‍ාම ස්ත්‍රීවාද්ේ පළමු රැල්්ල් ආරම්භක දර්‍ර්ශනවාදිියක් වන ්ම්රි

්වාලස්ත්‍ර්ටෝන්රාෆ්ර් ස්ත්‍දහන් කරනු ලැබූ්ේ කාන්තාවන්ට ද පිරිමින්ට හා ස්ත්‍මානම අධ්‍යාපනයක් ලබාදිය

යුතු බවයි.

්ම්ස්ත්‍ර හඩනැගීම ිස්ත්‍ාම 1800 ගණන් පමණ වනවිට යු්රෝපානු රටවල ශාස්ත්‍රරාල තුළින් පිටතට පැමිණි

කාන්තා ශාස්ත්‍රරඤයන් ප්‍රමාණය වැඩිවන්නට විය. ්ම් ආකාරයට රමරම්යන් අධ්‍යාපනය නම් වූ ස්ත්‍ාධ්‍කය

කාන්තාවන් අතර ප්‍රචලිත අිංගයක් බවට පත්වන්නට විය. ්මහි ප්‍රතිඵලයක් ්ලස්ත්‍ තමා තුළ ස්ත්‍ගවා්ගන සිටි

දක්ෂතා ද එළියට හුවාදක්වමින් කාන්තාවන් අධ්‍යාපනය ්ක්රහි අවධ්‍ානය ලබා්දන්නට විය. මුල්

කාලවල දී පිරිමි පුද්වගලයන් ිසි අධ්‍යාපනයක් ලබමින් රැකියා ්හෝ කාර්‍ර්මික අිංශවල ියැ්ලමින් තම

ිවැසියන් රැකබලාගත් ආකාරයට ස්ත්‍මානවම අවස්ත්‍රතාවන් ්ක්රහි කාන්තාවන්ට ද ඇතුළත් වීමට

හැකියාව ලැබු්ේ අධ්‍යාපනය යන ස්ත්‍ාධ්‍කය ලැබීම ්හරතු්වි.

එදා ඒ ආකරයට සිදු වූ ්දය අදවන විට ස්ත්‍මාජය තුළ විශාල ්පරළියක් සිදු කිරීමට ස්ත්‍මත්කම් දක්වා ඇත.

අදවන විට අධ්‍යාපනය ලබමින් නවමානයන්ට ඇතුළත් වූ ස්ත්‍රීන් රාජය පාලනය, පරිපාලනය,

කළමණාකරණය ආදී අිංශයන් ස්ත්‍ෑම එකකම පා්හර ඉහළින් වැජඹීමට කටයුතු ්කාට ඇත. ස්ත්‍රියන් එදා

ස්ත්‍මාජය තුළ ්දවන ලිිංගිකයා එනම් පළමු ලිිංගිකයා ්ලස්ත්‍ හදුන්වන පුරුෂයා්ගන් යැ්පන තැනැත්තියක්

්ලස්ත්‍ හදුන්වමින් පාගා දැමීමට, පහත්්කාට ස්ත්‍ැළකීමට කටයුතු කළත් අද වනවිට පුරුෂයන් හා ස්ත්‍මානවම

ස්ත්‍රීන් ද හරිහරියට ජීවන ස්ත්‍ට්න් ියැ්ලමින් ජීවිතය ජයගැනීමට කටයුතු කරන්්න් අධ්‍යාපනය හරහා

ලබාගත් කුඩා ්හෝ දැනුම් මාරාවක් ිස්ත්‍ා්වි.

ඒ අනුව අතීත්ේ දී අධ්‍යාපනය ලබමින් පුරුෂයන් ඉහළින්ම වැජඹුනා හා ස්ත්‍මානවම කාන්තාවන් ද අද

වනවිට ස්ත්‍මාජ්ේ ඉහළ ස්ත්‍රතානවල බබළමින් සිටියි. ්මය ඇතැමුන් තර්‍ර්ක කරනු ලබන්්න් ස්ත්‍රීවාදය

වයාප්ත කිරීමක් ්ලස්ත්‍යි. නමුත් එය ස්ත්‍ැබැවින්ම එ්ස්ත්‍ර වන්නක් ්නා්ේ. පුරුෂයා මත යැපීමකින් ්තාරව

කාන්තාවට ද තමාටම ආ්ේණික වූ ස්ත්‍රතාවරත්වයක් ්ගාඩනගමින් අනයයන් ්මන්ම ගරුත්වයකින් යුතුව

ජීවත් වීමට හැකියාවක් ලැ්බන්්න් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ිස්ත්‍ා්වි. ඒ අනුව ගත් විට

අධ්‍යාපනය යනු ස්ත්‍රීවාදයක් වයාප්ත කිරීමක් ්නාව කාන්තාව ද පුරුෂයා ්මන්ම ස්ත්‍මාජය තුළ ස්ත්‍ැපපහසුව

්මන්ම ගරුත්වයකින් යුතුව ජීවත් වීමට ගත් හු්දක් උත්ස්ත්‍හයක්ම පමණි.

ච්මෝදයා එදිරිසිිංහ

(රුවන්වැල්ල)

දර්‍ර්ශනය ස්ත්‍හා ම්නෝවිදයා අධ්‍යනාිංශය

ශ්‍රී ජයවර්‍ර්ධනපුර විශරවවිදයාලය

හදගැස්ම

~ සිඳුණු විට ආලය… සිඳීයාවි ජීවිතය… ~

ප්‍රවීණ තිර රචකයෙකු සහ සිනමාකරුවෙකු වන උදයකාන්තවර්ණසූරිය මහතා විසින් ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවටදායාද කරන ලද ලෝවාසී ශ්‍රී ලාංකේය සිනමාලෝලීන් අතර අතිශය ජනාදරයට පත් “හිරිපොද වැස්ස” සිනමාපටය තුළින්රංගන වරම් ලබා මෙරට ටෙලි හා සිනමා කර්මාන්තයන් තුළජනප්‍රිය රංගවේදියෙකු ලෙසින් දශක ද්විත්වයකට ආසන්න කාලයක් වෘතියේ නියළුණු අකිල සඳකැලුම් විසින් තිර රචනාකොට අධ්‍යක්ෂණය කරන කුළුඳුල් සිනමාපටය “හදගැස්ම” යි. 

ධනය, සිවිල් බලය, සමාජ තත්ත්වය, හණමිටි ආකල්පයන් හා ආගම් සමඟින් බැඳි ඊනියා සංස්කෘතිය ආදී වූ හුදුභෞතික නිර්ණායකයන් හට ජීවයේ පදනම මෙන්ම මනුශ්‍යත්වයේ උත්තරීතරම හැඟුම් ගොනුව වනභෞතිකත්වයෙන් ඔබ්බට විහිදුණු නිමළ ආලය කෙසේ තක්සේරු කළ හැකිද? 

ඉහත ප්‍රස්තූතය සිනමාපටය තුළින් මැනවින් විග්‍රහ කිරීමට තිර පිටපත් රචකයා සහ සිනමාකරුවා සමර්ථ වීඇති බැව් එය අවදානයයන් නරඹා යටියපළ කියවාගන්නා කා හට වුවදප්‍රතයක්ෂ වනවා නිසැකයි. 

සිනමාපටයේ ප්‍රදාන රංගන ශිල්පීන් විසින් මිනිස් චිත්ත සංතානය තුළ

නිරන්තරයෙන් හටගන්නා වූ අතිශය සියුම් සංකීර්ණ භාවාත්මික ප්‍රකාශනයන්

වඩාත් තාත්වික අයුරින් යගනහැර පෑම සිනමාපටය රාමුගත වන ආකයානය තුළ

ඉහත සඳහන් කරන ලද යටියපළ වඩාත් යහාඳින්සන්නිවේදනය කිරීමට මහත්

රුකුලක් වී ඇති බැව් පැහැදිලිව පෙනීයයි.

මීට අමතරව සිනමාපටයේ අතිරේඛ රංගන ශිල්පීන් විසින්ද චිත්‍රපටය තුළ ඉදිරිපත්

කරන්නා වූ යථාර්ථවාදී රංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ රංගන

ශිල්පීන්යේ භාවාත්මික ප්‍රකාශනය සමඟින් මැනවින් අතිච්චාදනය වී ඇති බවද

සිතිය හැක.

රංගන ධායකත්වය

අර්ජුන කමලනාත්

ශාලිකා එදිරිසිංහ 

නයෝමි පීරිස්

නවීන් දිල්ශාන්

හර්ෂිකා රත්නායක 

අනුර පතිරණ 

කුමුදුනී අධිකාරි

සෝමවීර ගමගේ

ශාලිත ගුණවර්ධන 

කුමාර වඳුරැස්ස

පවිත්‍රා වික්‍රමසිංහ 

ඉෂාන් මෙන්ඩිස්

මෙතික නවීක් සෙනෙවිරත්න 

දිනූෂ සම්පත් ද සිල්වා

නිෂාන් සම්පත්

බුද්ධික සඳරුවන් හෙට්ටිආරච්චි 

සිරිල් රාජපක්ෂ 

දිනුක සිතරු

කැමරාකරණය, කලා අදයයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන සිනමාපටයක ප්‍රාදාන සංරචකයන් අතර පවත්නා මනා පෑහීම ප්‍රේක්ෂක මනස තුළ උද්වේගකාරීඑල්බගැනීමක් හටගැන්වීමට සමත්වන බැව් නොවළහා කිවයුතුය.

සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන

යතක් දාවනය වන මියුරු භාවාත්මික පසුබිම් සංගීතයත්සිනමාපටයේ කථා

තේමාව සමඟින් අපූර්ව ලෙස ඒකාත්මික වීම ප්‍රේක්ෂකයන් හා සිනමාපටය

අතර හටගන්නා සියුම් සන්නිවේදනය වඩාත් ත්‍රීව කරන බව ප්‍රකාශ කිරීමට

කැමැත්තෙමි. 

ගීත රචකයන් සහ සාංගීත අදයයක්ෂකවරයා අතර ඇතිඅන්‍යෝන්‍ය අවබෝධය

හා සුසංයෝගය උක්ත කාරණාවට මං සැලසූ බව සිනමාපටය අවදානයයන් රසවින්දනය කරන්නා වූ කා හට වුවද යෙහෙන් වැටහී යනු ඇති බව සිතමි.

නිෂ්පාදන ධූරාවලිය 

තිර රචනය සහ අධ්‍යක්ෂණය | අකිල සඳකැලුම් 

නිෂ්පාදනය | ඉසුරු ෆිල්ම්ස්

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය | ජනිත් ගුණසේකර

සංස්කරණය, වර්ණ සංයෝජනය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝගසැකසීම සහ දෙබස් පටිගතකිරීම | දනාල් තිරංජන

හඬ නිර්මාණය සහ 7.1 ශබ්ද මිශ්‍රණය | දිලාන් ගුණවර්ධන 

සහය අධ්‍යක්ෂණය | නිමේෂ් ලක්මාල්

දෙවන සහ තෙවන සහය අධ්‍යක්ෂණය | විමුක්ති ලක්මාල් සහ බුද්ධික සඳරුවන් හෙට්ටිආරච්චි 

නර්තන අධ්‍යක්ෂණය | රොලන්ඩ් රොඩ්නි වැන්ටුවෙස්ට්

සටන් අධ්‍යක්ෂණය | සුමුදු අමල්ක

සංගීත අධ්‍යක්ෂණය සහ ගීත නිර්මාණය | ලක්මාල් ෆර්නෑන්ඩු 

ගීත ගායනය | නලීන් ෆර්නෑන්ඩු, රශිනි හෙට්ටිආරච්චි, තාරකආචාරිගේ, වාසනා කාවින්දි ෆර්නෑන්ඩු 

නිෂ්පාදන කළමනාකරණය | ධම්මික ගුණසේන, දිනූෂ සම්පත් ද සිල්වා

නිෂ්චල ඡායාරූපකරණය | සයුරු යසංග

කලා අධ්‍යක්ෂණය | සුමති කුඩලිගම

කලා අධ්‍යක්ෂණ සහය | බුද්ධික කුමාරසිංහ, ඉන්දික සඳරුවන් රාජපක්ෂ 

කැමරා සහය | රසික නුවන් විජේසිංහ, චාමර මධුශංක

ආලෝකකරණ සහය | අසංක ප්‍රදීප් 

උපසිරසි | හර්ෂ අරවින්ද

අංග රචනා සහය | සුපිපි දොඩංගොඩ

නිෂ්පාදන සහය | ජයන්ත නිශාන්ත අබේධීර

හඬකැවීම| උමයංගනා වික්‍රමසිංහ, අකිල සඳකැලුම්, සුරංග හික්කඩුව, මනේෂ් ප්‍රමුදිත

“හදගැස්ම” සිනමාපටය තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය බවට පත්කොට ගනිමින් පුරා දශකයන් හතක් ඉක්මවූ හෙලවුඩ් සිනමා වංශකතාවේ අදියුරු භූමිකාවට පිළිපන් අකිල සඳකැලුම් නම් නිහතමානී සොඳුරු මිනිසා හට හෙලවුඩයේ දීප්තිමත් හෙටක් අපේක්ෂා කරන්නා වූ සුවහසක් දේශීය හා විදේශීය   සිනමාලෝලීන්ගේ  මනදොළ පිනවීමටත් ඔවුන්ගේ බුද්දිය අවධි කිරීමටත් මතු අනාගතයේදීද ඉඩ ප්‍රස්ථාව උදාවේවායි එක සිතින් පතන්නෙමු.

හිරාන් ගමගේ