2026-02-07

Framed by Destiny

Film එකෙන් Legacy එකක් දක්වා ගමන් කළ ශ්‍රී ලාංකික නිර්මාණශීලී ජීවිතයක්
Chamitha Bandara

ඔබගේ නිර්මාණාත්මක ගමන ආරම්භ වූයේ කොහොමද?
මගේ ගමන ආරම්භ වුණේ ambition එකකින් නොව instinct එකකින්. වයස අවුරුදු 12දී මම මුලින්ම
අතට ගත්තේ 35mm film camera එකක්. ඒ වෙලාවේ technique හෝ industry ගැන මට දැනුමක්
තිබුණේ නැහැ. නමුත් emotion එක මට හොඳින්ම තේරුණා. වචන නැතිව කතාවක් කියන්න පුළුවන්
image එකක තියෙන ශාන්තිමත් බලයට මම ආකර්ෂණය වුණා. ඒ ආකර්ෂණය කවදාවත් මාව
අත්හැරලා ගියේ නැහැ.

2009දී UK ගමන් කිරීම ඔබේ ජීවිතයට කොහොම බලපාද්ද?
2009දී මම UK එකට ආවේ පැහැදිලි සිහිනයක් නැතිව, නමුත් ගැඹුරු බලාපොරොත්තුවක් එක්ක.
බොහෝ ශ්‍රී ලාංකිකයන් වගේම, මමත් resilience එක ඉක්මනින් ඉගෙන ගත්තා. Fast food
chains, hotels, foreign exchange වැනි විවිධ ක්ෂේත්‍රවල වැඩ කළා. ඒ හැම අත්දැකීමක්ම මට
මිනිසුන්, සංස්කෘතිය, සහ ජීවිතය ගැඹුරින් තේරුම් ගන්න උදව් කළා.

Photography එකට ඔබ නැවත සම්බන්ධ වුණේ කොහොමද?
2012දී photography නැවතත් මගේ ජීවිතයට ආවා. මුලින්ම local සහ community events
cover කිරීම part-time ලෙස ආරම්භ කළා. ඒක සරල ආරම්භයක් වුණත්, ඒ මොහොතවලින් මට
නැවතත් මගේ purpose එක හමුවුණා. Camera එක එතනින් පස්සේ tool එකක් විතරක් නෙමෙයි.
මම ලෝකය දකින්නේ කොහොමද කියන එක පෙන්වන extension එකක් වුණා.

2018දී ඔබට සිදුවුණු අත්දැකීම ගැන කතා කරන්න පුළුවන්ද?
2018දී London වලදී මම violent robbery එකකට ලක් වුණා. ඒ මොහොත මගේ ජීවිතය
සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඉන් ටික කලකට පස්සේ Covid pandemic එක ආවා. ඒ කාලය
ජීවිතය නවත්තපු වගේම, මාව ඇතුළතට බැලීමට मजबूर කළ කාලයක්. ඒ නිශ්ශබ්දතාවය තුළ මට
clarity එකක් ලැබුණා. මම තේරුම් ගත්තා, දැන්ම මගේ සිහින පස්සට දාගෙන ඉන්න වෙලාව
නෙමෙයි කියලා.

ඒ තීරණය ඔබව කොහෙටද ගෙන ගියේ?

ඒ තීරණය මාව නැවත education එකට ගෙන ගියා. University of Westminster හි
Contemporary Media Practice specialization එක යටතේ filmmaking සහ photography
formal ලෙස අධ්‍යයනය කළා. 2023දී මම officially graduate වුණා. ඒක chapter එකක් අවසන්
වීමක් වගේම, clarity, confidence සහ deeper purpose එකකින් පටන් ගත්ත නව chapter
එකක් වුණා.

ඒ සමගම, 2019දී London Eye Production House ආරම්භ කළා. ඒක business එකක් විතරක්
නෙමෙයි. Meaningful cinema නිර්මාණය කරන්න, honest stories කියන්න, creatives ලාට
struggle නොවී වැඩ කරන්න පුළුවන් space එකක් හදන්න කියන vision එකෙන්.

ඊට පස්සේ ඔබගේ career එක කොහොමද evolve වුණේ?
මම short films දෙකක් write, direct සහ act කළා. මේ වෙලාවේ මගේ පළමු feature film එක
develop කරන ගමන්. ඉතාමත් මෑතකදී Northampton හි professional production studio
space එකක් open කළා. ඒක UK තුළ filmmakers, photographers සහ storytellers ලාට
creative home එකක් වුණා.

Acting journey එක ගැනත් කියන්න.
2014 සිට UK film සහ television industry එකේ supporting actor ලෙස වැඩ කරනවා. Night
at the Museum: Part Three, King Arthur, The Royals, I Hate Suzie, The Covenant,
Ghostbusters, The Extraordinary, Andor Season 2 (Star Wars), Geek Girl වැනි
internationally recognised productions වලට සම්බන්ධ වෙලා තියෙනවා. Morrisons, Kodak,
Nationwide Bank වැනි brands වල advertising campaigns වලත් appear වෙලා තියෙනවා.

ඔබ අද දින role එක define කරන්නේ කොහොමද?
මම hats ගොඩක් දරන creative professional කෙනෙක්. Filmmaker, photographer, actor,
producer, editor, camera operator, mentor. London Eye Production House හරහා
NHS, UK Parliament, UK top universities සහ international brands සමග වැඩ කරලා
තියෙනවා. International locations වල events සහ productions cover කරනවා.

ශ්‍රී ලංකාවට ආපසු දෙන එක ඔබට කොච්චර වැදගත්ද?
London Eye Production House හි Sri Lanka branch එක open කිරීම මගේ journey එකේ
ඉතාමත් අර්ථවත් milestone එකක්. මාව හැඩ කළ රටට ආපසු දෙන එක business decision එකක්
විතරක් නෙමෙයි. ඒක personal responsibility එකක්. UK creative industry එක තුළ ශ්‍රී

ලංකාව represent කරන එක ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. Local සහ global level වල
Sri Lankan talent එකට pathways හදන්න මට අවශ්‍යයි.

අද ඔබ ඔබේ ගමන බලන්නේ කොහොමද?
අද මගේ වැඩ guide වෙන්නේ position එකෙන් නෙමෙයි, purpose එකෙන්. මවගේ film camera
එකෙන් photography discover කළ පොඩි ළමයෙක්ගෙන්, international production company
එකක් ගොඩනගන තැනට ආපු ගමන persistence, faith සහ storytelling මත පදනම්. මම create
කරන හැම frame එකක් තුළම මගේ අතීතයත්, මගේ අනාගතයත් තියෙනවා.

මේ කතාවේ අවසානය නෙමෙයි.
මේක ආරම්භය විතරයි.

2026-02-01

Q20 with අමා | Kokila Pawan

කුඩාකල සිටම කලා ක්ශේත්‍රයට අවතීර්ණය වී කාලයත් සමග ක්ශේත්‍රයේ ප්‍රවීනයන් බොහෝ
පිරිසකගේ ඇසුර ලබමින් සහ විවිධ වර්ගීකරණයන් යටතට ගොනු වු නිර්මාණ සදහා රංගන
දායකත්වය ලබාදීම තුලින් ලබාගත් අභ්‍යාස, අත්දැකීම් සමුදායෙන් පොහොසත්ව නිතර වේදිකාව,
රූපවාහිනි හෝ ච්ත්‍රපට වැනි මාධ්‍යයන් තුලින් පෙනි නොසිට ඉතා කල්පනාකාරීව තොරා ගත්
නිර්මාණ සදහා පමණක්ම දායකත්වය ලබා දෙන නමුදු ප්‍රේක්ෂක සිත්තුල සදා නොමැකෙන මතක
එකතු කල චරිතාංග රංගනවේදියානන් කෝකිල පවන් ජයසූරිය සමග යෙදුනු පිළිසදර…

1. කෝකිල, මොකද මේ දවල්වල කලා කටයුතු තුලින් ඔබව පේන්න නැත්තේ? 

පේන්න නැති උනාට, ඉදිරි කලා කටයුතු සඳහා සූදානම් වීමකයි මම ඉන්නේ. පේන්න ඉන්නවා වගේම
ඉවසීමකින් නොපෙනී ඉන්නත් ඕනෙනේ. කෙටි කාලයකට මම එංගලන්තයේ ජීවත් වෙනවා. 2026
අවුරුද්දේ වෙනස්ම ආරෙකින් මං නැවත පේන්න ඉඳීවී.

2. කුඩා කාලයේ පටන් දශක ගණනාවක් නිරත වුන නිර්මාණ කටයුතු සහ ඔබ වටා රොද බැදි
ප්‍රේක්ෂක පිරිසගෙන් ඇත් වීම ඔබට දැනෙන්නේ කොහොමද? 

ඇත්තෙන්ම මේ නිහඬ බව ඈත් වීමක් නෙමෙයි. මං මීට කලිනුත් මෙවැනි නිහඬ කාලයක් ගත කරලා
තියෙනවා. ප්‍රේක්ෂකයාට එය මතකයි. නමුත් ඉන් අනතුරුව මගේ නිර්මාණ ඔවුන් වෙනදාටත් වඩා
හොඳින් වැළඳගත්තා. මට ඕනේ ප්‍රේක්ෂකයාට හොඳ වින්දනයක් ලබා දෙන්න. ඒකයි කලාවේ යෙදෙන
අපේ වගකීම. මම වෘත්තීමය වශයෙන් කලා කරුවෙක්. මේ නිහඬ බව තුළ තියෙන්නේ නැවත
ගොඩනැගීමක්.

3. එංගලන්තයේදි අහඹු ලෙස ඔබට මුණ ගැහුන ප්‍රේක්ෂකයකුගෙන් ලැබුන අමතක නොවන
ප්‍රතිචාරයක් මතක් කලොත්… 

එහෙම මතක ගොඩක් තියෙනවා. සංගීත ප්‍රසංගයකදි ඔහු සෑහෙන්න දුරක් ගෙවාගෙන මාව බලන්න
ඇවිත් තිබුනා. ලංකාවෙදි ඔහු මගෙන් ලබා ගත් සමරු සටහනක් මට පෙන්නුවා. ඔහු එය අදටත් ඉතාම
පරිස්සමෙන් රැක ගෙන. අද සෙල්ෆියකින් අවසන් වන සමරු සටහන් අතරේ ඒ මතකය මට මහමෙරක්
තටම් වටිනවා.

4. දශක ගණනාවක උගත් දේවල් සහ පලපුරුද්ද තුලින් ලැබු කලා කුසලතාවයන් එංගලන්තයේ
වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත තිළිණ කරන්න ඔබ ආරම්භ කල ආයතනය පිළිබදව කිවුවොත්… 

එහි නම භාව. භාව ඇකඩමිය හරහා වයස් සීමාවකින් තොරව කලාවට ආදරය කරන ඕනෑම අයෙකුට
තම දක්ශතාවයන් ප්‍රගුණ කිරීමේ අවස්ථාව වගේම, ප්‍රගුණ කල දක්ශතා වේදිකා ගත කිරීමටත්
අවස්ථාව දැන් එංගලන්තයේ ජීවත්වන අපේ ශ්‍රී ලාංකික ආදණීයයන්ට තිබෙනවා. අපේ පලමු
ප්‍රසංගය
2025 වසරේදි පැවැත්වුවා. මෙම දින වල 2026 භාව ප්‍රසංගය සඳහා සූදානම් වනවා. 

5. එතෙක් මෙතෙක් රංගනයෙන් දායක වුන චරිත අතරින් ඔබට වඩාත්ම අභියෝගාත්මක ලෙස හැඟුණු
චරිතය මොකක්ද?

මම කරපු හැම චරිතයක්ම අභියෝගාත්මකයි. ඒ අතරින් මාලන්, බාබු, ශක්ති වැනි චරිත විශේෂ යි. 

6. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක සිත් තුල නොමැකෙන මතක එකතු කල නාඩගම්කාරයෝ ටෙලි සිත්තමෙහි
මලමාලන්ගේ චරිතය වෙනුවෙන් ඔබ ලැබු අමතක නොවන ඉහලම ප්‍රතිචාරය… 

සද්දාමංගල සූරියබණ්ඩාර මහත්මාටත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මාටත්, චාමර සමරවික්‍රම
මහත්මාටත් ඉතාම ස්තූතිවන්ත වනවා මට ඒ චරිතය ලබා දුන්නාට. ඉහලම ප්‍රතිචාරය කියලා මට
විශේෂ කරලා කියන්න බැරි තරමටම අදටත් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය කියපු දේ තමයි
ටෙලිවිෂනයෙන් ඈත් වෙලා ඉන්න යුගයක නැවත ටෙලිවිෂනය ලඟට ඔවුන්ව ගෙනාවේ නාඩගම්කාරයෝ
කියලා. 

7. ඔබට ලැබුණු සම්මාන අතරින් හිතට දැනුන, හිතට ලගම සම්මානය මොකක්ද?

චීනයේ පැවති ජාත්‍යන්තර සම්මාන උළෙලේදි සිරි රජ සිරි චිත්‍රපටය වෙනුවෙන් හොඳම නලුවා
සදහා ලැබුන සම්මානය. 

8. ඔබගේ වෘත්තීය ජිවිතයේ ඔබට ඔබ ගැන ආඩම්බරයක් හිතුන අවස්ථාවක තියෙනවාද?

මම සෑම විටම මගේ වෘත්තීය කලා ජීවිතය ගැන ආඩම්බරයෙන් ඉන්නේ. මොකද කලාව හැමෝටම
පිහිටන්නේ නෑනේ. 

9. අනාගතයේදී අවස්ථාවක් ලැබුනොත් සම්බන්ධ වෙන්න කැමති විශේෂ චරිතයක් හිතේ තියනවද?

ගොඩක් තියෙනවා. ඒ චරිත මම අනිවාර්යයෙන්ම කරනවා. 

10. කලා ක්ශේත්‍රයේ ඔබ අනුගමනය කරන විශේෂ චරිත කිහිපයක්… 

මම හොඳ හොරෙක්. චරිතාංග රංගන ශිල්පියෙක් වීම මගේ අරමුණ. ඒකෙදි මගෙ ඉස්සරහට
හම්බුවෙන ඕනෑම කෙනෙක්ගෙන් මං, මට වැදගත් දේවල් මතක තියාගන්නවා. 

11. ඔබ රංගනයට මෙන්ම අති දක්ෂ ගායන හැකියාවද ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න අදහසක්
තියනවාද? 

ඔව්, මම උත්සාහ ගන්නවා. 

12. කලා ක්ශේත්‍රයෙන් පිටත ඔබ කරන්න බලාපොරොත්තු වෙන වෙනත් දෙයක් තියෙනවද?

ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්න මම කැමතියි. 

13. ශරීර සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය වෙනුවෙන් එදිනෙදා අමතක නොකර කරන දේවල්
තුනක් 

සංගීතයට සවන් දීම, ව්‍යායාම කිරිම සහ ආහාර පිසීම. 

14. ඔබට සතුට දෙන පුංචි දේවල් කිහිපයක් කිවුවොත්… 

මම ඕනෑම දේකින් සතුටු වෙනවා. දුකක් තිබ්බත් මම ඒක පෙන්නන්නේ නෑ. ඒ මගෙ හැටි. 

15. තව අවුරුදු 10කින් ඔබ ඔබව දකින්න බලාපොරොත්තු වෙන විදිය… 

මනස නිරවුල් කෙනෙක් විදියට.

16. විලාසිතාවන් අනුගමනය කිරීමට ඔබ කැමතිද?
ඔව්

17. විවාහයෙන් පසු ඔබේ ජීවිතයේ ඇතිවූ විශාලම වෙනස මොකක්ද?

හැමෝටම විවාහයෙන් පස්සේ ඇතිවෙන වෙනවසම තමයි. 

18. ඇය අතින් හදන කෑමවලින් ඔබේ ප්‍රියතම කැම වර්ගය මොකද්ද?
බිත්තර රොටි

19. ඔබ සමාජ මාධ්‍යයන් භාවිතා කරන්නෙක්ද? එසේනම් වැඩිපුර භාවිතා කරන අවකාශය… 

මම සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ලොකුවට භාවිත කරන කෙනෙක් නෙමෙයි. ප්‍රවෘත්ති නම් බලන්නේ
යූටූබ් එකෙන්. 

20. ඔබේ නිහැඩියාව නිමාවන කාල වකවානුවක් පිළිබදව හෝඩුවාවක් හොයන ලොව වටා සිටින
ඔබේ ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් කියන්න ලැබුනොත්… 

2026 නොවැම්බර් 01

විශේෂයෙන් ස්තූතියි අමා අක්කේ ඔයාට 2026 වර්ෂයේ මගේ පලමු ආටිකල් එක කලාට.

මේ කතාබහ ඉතාම සරල, සහ හරිම ආදරණීයයි.

අමා නාකන්දලගේ

2026-01-05

අපි ට 6ක්

2026 ජනවාරි වෙනකොට අපි Magazine එකට අවුරුදු 6 ක්.
ඇත්තටම කිව්වොත් මේක කන්ඩායමක් එකමුතු වෙලා කරන වැඩක්. ලෝකයේ හතර වටෙන්ම
එකතුවෙලා හරි ලස්සනට හැම මාසෙකම මුල ඔබ අතට එන මේ ලිපි එකතුව පිටිපස්සෙ ලොකු
පිරිසක් ඉන්නවා. ලොකු වැඩ කොටසක් කෙරෙනවා. හැමෝගෙම අතින් ලියවෙනවා වගේම ඒ ලියවෙන
දේට ගැලපෙන ඩිසයින් එක වගේම ඒ පිටු එකතුව සමාජ මාද්‍ය අතරට රැගෙන එන එකත් අපේම
කන්ඩායමේ වගකීමක්.
2025 වසරේ Magazine එකෙ තවත් වැදගත් සංදිස්තානයක් පසු කරා. ඒ තමයි ISSN
(International Standard Serial Number )
මේය තමයි දෙස් විදෙස් ඕනම තැනක අපේ Magazine එක හදුනා ගන්න පුලුවන් විදිය. ඒක ලබා
ගන්න ලේසි පහසු වුණේ නෑ. මොකද එංගලන්තය වගේ රටක සිංහල මාද්‍යයෙන් කරන Magazine
එකකට ටිකක් අමාරු කාර්යක්.
ඒවගේම අපි ලබා ගත් තවත් ජයග්‍රහණයක් තමයි.. “අපි Magazine” පිටුවට 50000 Followers
පසු කිරීම. ඉතින් මේ හැමදේම අපේ කන්ඩායමේ එකමුතුව සහ ශක්තියි.
පටන් ගත්ත දවසේ සිට මේ වෙනකන් නොඅඩුව ලැබෙන ප්‍රතිචාර අපි හරිම ආදරෙන් බාරගන්නවා. ඒ
ප්‍රතිචාරන් තමයි අපිව දිරිමත් කරන්නෙ.
ඉතින් මේක මම වෙලාව කරගන්නවා අපේ කන්ඩායමටත් අපි වටා ඉන්න අපෙ ආදරනීය පාඨකයන්ටත්
ස්තුති කරන්න. ඒ වගේම ඉදිරියටත් “අපි Magazine” තුලින් අලුත් දේවල් එකතු කරගෙන තවත්
ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඔගොල්ලන්ගෙ සහයෝගය , ශක්තිය සහ ආදරය අපි
බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි!
ගයාන් කරුණාරත්න

25-12-12

Q20 with අමා | Shanudri Priyasad

දෙසැම්බර් මාසයේ අපි Magazine Q20 with අමා සමග කතා බහට එක්වන්නේ රංගනය, නර්තනය සහ ගායනය උපතින්ම ලබමින් එම ජන්ම කුසලතාවයන් තව දුරටත් පුහුණු කරමින් සහ මනා ලෙස හසුරුවා ගනිමින් ළමා ශිල්පිනියක් ලෙස කලා ක්ශේත්රයට පය තබා අද වන විට ඉතා සුන්දර යෞවනියක් ලෙස දිනෙන් දින බැබලෙමින් කල්පනාකාරිව අති සාර්ථක ලෙස පියවරින් පියවර හෙමින් ගමනක නමුත් ජයග්රාහී ගමනක යෙදෙන ඉතා ජනප්රිය කලා පවුලක තුන්වන දියණිය නැතිනම් වර්තමානයේ 3 sisters නමින් හදුන්වන යුවතියන් ත්රිත්වයෙහි තුන් වෙනි පුරුක එසෙත් නැතිනම් ඉතා ලයාන්විත හඩකට හිමිකම් කියන දක්ෂ ගායන ශිල්පියෙකුගේ ආදරවන්තිය ලෙසද නම් කල හැකි දක්ෂ, ජනප්රිය, සරල, සුරූපි රංගන ශිල්පිනිය ශනුද්රි ප්රියසාද්

1. ශරිර සෞඛ්‍ය වෙනුවෙන් පුරුද්දක් ලෙස එදිනෙදා කරන දේවල් 3 ක්

අවම වශයෙන් සතියට 5 වතාවක් වත් ව්යායාම කරනවා. Chia seeds, Flax seeds වැනි ගුණ දේවල් පානය කරනවා. එමෙන්ම, නර්තනය කටයුතු වෙනුවෙනුත් නිතරම කාලය වෙන් කරනවා.

2. Independent girl කෙනෙක් විදියට ඔබේ වයසේ ඔබව අනුගමනය කරන අයට දෙන්න පුළුවන් හොදම ආදර්ශයක්

තමන් තමන්ව විශ්වාස කලොත් ඕනේම දෙයක් සාර්ථකව කර ගන්න පුලුවන් කියලා මම හිතනවා.

3. Me time ගැන ඔබේ අදහස සහ එහෙම වෙලාවක් වෙන් කර ගන්න හිතන අයට අදහසක්

Me time එකිනෙකාට සාපේක්ෂයි. මට අනුව Me time කියන්නේ මම වෙනුවෙන් මම කැමති, හිත සැහැල්ලු වෙන, සතුටු වෙන, ආතතිය අඩු කරන දෙයක් කරන්න කාලය වෙන් කර ගැනිමයි.

4. ඔබේ හිත රිදුන වෙලාවට ඔබේ පවුල සහ ඔබ වටා ඉන්න ඔබේ සමීපතමයන් ගෙන් මුලුමනින්ම කතා කරන දෙතුන් දෙනෙක්

මම මුලින්ම හැමදේම කියන්නේ බෙදා ගන්නේ මගේ පෙම්වතා එක්ක. ඊලගට අනිවාර්යයෙන්ම මගේ අක්කලා දෙන්නාට, අයියලා දෙන්නාට කතා කරනවා.

5. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක් මෙවැනි ඔබ නියැලෙන වෘත්තීන් වලින් ඔබව හදුන්වා දෙනවට වඩාත් කැමති

වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට මාව හදුන්වා දෙනවට මම වඩාත් කැමතියි.

6. එතෙක් මෙතෙක් ජිවිතයේදි ඔබට ලැබුන වටිනාම අගය කිරිමක්

මම බලාපොරොත්තු නොවුන විදියට ක්ශේත්රය තුල ප්රවීනයන්ගෙන් මට අගය කිරිම් ලැබිලා තියනවා අතරින් මෙම දිනවල තිරගත වන නීරා ච්ත්රපටයෙහි රංගනය වෙනුවෙන් මෙතෙක් නොලැබුන විශේෂ අගය කිරිම් රාශියක් ලැබිම සුවිශේෂයි.

7. ඔබ මුදලක් උපයපු මුල්ම අවස්ථාව 

මට වයස අවුරුදු 6 දී විතර රූපවාහිනි දැන්විමකින්   

8. ප්‍රේක්ෂක අප නොදන්නා ඔබගේ තවත් දක්ෂතාවයක්

ප්රේක්ෂකයන් නොදන්න දෙයක් විදියට ගෘහ අභ්යන්තර නිර්මාණකලාව පිළිබදව මගේ හැකියාවන් නම් කරන්න පුලුවන්.

9. ඔබේ ආදරවන්තයාගේ ඔබ කැමති ගතිගුණයක්

මන් වෙනුවෙන් වගේම මගේ පවුලේ අය වෙනුවෙන් එයා ඕනෙම වෙලාවක ඉන්නවා. ඒවගේම එයාගේ යාළුවන්ට, නොදන්නා කෙනෙක්ට වුනත් උදව්වක් කරන්න දෙපාරක් හිතන් නැහැ.

10. ඔබ ඉදිරියේදි ඉගෙන ගන්න හිතන් ඉන්න අලුත් දෙයක්

2019 දි මම උපාධිය අවසන් කලා. එහි ඉදිරි පියවර (Masters) නුදුරු අනාගතයේදි හදාරන්න බලාපොරොත්තු වෙනවා.

11. ඔබ සංචාරයට වඩාත් කැමති දේශිය සහ විදේශීය තැන් කිහිපයක්

ලංකාවේ මුහුද ආශ්රිත විශේෂයෙන් දකුණ පලාතේ අහංගම වැනි ප්රදේශවල සහ ඕස්ට්රේලියාව, තායිලන්තය වැනි විදේශීය රටවල්වල සංචාරය කරන්න කැමතියි

12. ඔබ අනුගමනය හෝ අනුකරණය කරන Sri Lankan, Bollywood හෝ Hollywood රංගන ශිල්පිනියක්

මම කිසිම කෙනෙක් අනුකරණය කරන්න නැහැ. ආලියා බාත්, කාජොල්, විද්යා බාලන් සහ ජාන්වි කපූර් වැනි රංගන ශිල්පිනියන් වෘත්තීය වශයෙන් කරන කියන දේවල් බලනවා සහ මගේ වෘත්තීය ජීවිතයට ගත හැකි දෙයක් තියනවා නම් ඒවා අනුගමනය කරන්න උත්සාහ කරනවා.

13. ඔබ ලගින්ම ඇසුරු කරන මිතුරෙක් සමග හිත අමනාපකමක් ඇති වුනොත් ඔබේ හැසිරීම පියවර 3 කින් විස්තර කලොත්

මම රංඩු කරන කෙනෙක් නෙවෙයි. ටික දවසක් කතා නොකර ඉදියි. දුක හෝ තරහ නිවුනම මම
කතා කරයි. සිදුවිම ගැන මගේ පෙම්වතා සමග කියයි.

14. ඔබේ පවුලෙන් ඔබ වඩාත්ම සමීප

පොඩි කාලයේ ඉදලා මම ගොඩක්ම සමීප දෙවෙනි අක්කා එක්ක. හැබැයි මේ වෙනකොට අක්කලා දෙන්නායි මමයි හරිම එකතුයි.

15. ඔබ නිතරම තරහ යන, තමන්ගේ නිවැරැදිබව වෙනුවෙන් තර්ක කරන කෙනෙක්ද?

නිතරම තරහා යන්නේ නැහැ. තර්ක කරන්නෙත් නැහැ. නිවැරැදි බව ඔප්පු කරන්න යන්නෙත් නැහැ. මම වැරදියි නිවැරැදි කියලා තව කෙනෙක්ට කැමති විදියට හිතන්න ඉඩ දෙනවා.

16. ඔබේ මීලග උපන්දිනයට පෙර  ඉටු කර ගන්න සැලසුම් කරන දෙයක්

මීලග උපන්දිනයට තව මාස 10 ක් විතර තියනවා. එම කාලය ඇතුලත විශේෂ දෙයක් කරන්න සැලසුම් කරලා නැහැ. සැහැල්ලුවෙන් ජිවත් වෙන්න සහ මේ විදියට හෙමින් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

17. දැනට ඔබ සතු වටිනාම වත්කම

දැනටත් ඉදිරියටත් මා සතු වටිනාම වත්කම් ලෙස පෞද්ගලික ජිවිතයේදි මගේ පවුල සහ වෘත්තීය ජිවිතයේදි මගේ ප්රේක්ෂකයන් නම් කරන්න පුලුවන්.

18. ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබ සැලසුම් කරන ඊලග පියවර

පහුගිය අවුරුද්ද පුරාවට ච්ත්රපට රූපගත කිරිම සදහා වැඩිපුර කාලය වෙන් කරන්න සිදුවුන නිසා ව්යාපාර කටයුතු පිළිබදව අවධානය යොමු කරන්න බැරි වුනා. අලුත් පියවරකින් ඉදිරියට යන්න අදහසක් තියනවා.

19. ඔබ මෑත කාලයේදි එකතු කර ගත් පොත් කියවන්න පුරුද්දෙන් ජිවිතයට එකතු වුන අලුත් දෙයක්

මම ගොඩක් පොත් කියවන කෙනෙක් නෙවෙයි. මම සංචාරය කරන කොට අනිවාර්යයෙන්ම පොතක් අරගෙන යනවා. මම හිතනවා කාර්යබහුල අවස්ථාවලදි මගේම ලෝකෙකට යන්න, ආතතිය අඩු කර ගන්න පොත් කියවන පුරුද්ද වැදගත් කියලා.

20. ඔබේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පෙළ ගැසුනු ඔබේ ඉදිරි නිර්මාණ පිළිබදව විස්තරයක්

මෙම දිනවල ලංකාවෙහි සහ ලෝකයේ විවිධ රටවල්වල තිරගත වන නීරා ච්ත්රපටය සහ මෝඩ තරිඳු ච්ත්රපට දෙකෙයි ප්රචාරණ කටයුතුවල නිරත වෙනවා. ලබන වසරේ තවත් චිත්රපට දෙකක් තිරගතවිමට නියමිතයි. කවිදු මදිශාන් සමග නර්තන ප්රසංගයක් පවත්වන්න අදහසක් තියනවා. මෙතෙක් කල් මා සමග රැදුන මගේ ප්රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙමින් ඉදිරියටත් මා සමග එකතු වෙන්න ආරාධනා කරනවා.

අමා නාකන්දලගේ

Photos Credit : Gayan Karunaratne

25-12-04

පිටපිට සම්මාන දිනන BVS Mortgages

ලන්ඩනයේ ලාංකීය අභිමානය 2018 වර්ෂයේදී, ඒක පුද්ගල උපදේශකවරයෙක්ගේ දැඩි කැපවීමෙන් කුඩා සමාගමක් ලෙස එක්සත් රාජධානිය තුළ ආරම්භ වූ BVS Mortgages & Financial Services සමාගම අද වන විට විශිෂ්ට කාර්ය මණ්ඩලයකින් යුතුව, වඩාත් පුළුල් සේවාවක් සපයන, එක්සත් රාජධානිය පුරා විශ්වාසනීය නාමයක් දිනාගත්,සමාගමක් බවට පත්ව ඇත.
ආරම්භයේ සිටම, මෙම සමාගමේ අභිප්රාය වූයේ ශ්රී ලාංකීය සංස්කෘතිය හා සමාජයීය අනන්යතා රැකගනිමින්, පාරිභෝගිකයන්ගේ නිවාස හිමිකරගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ් පහසු සහ ආරක්ෂිත සේවාවක් ලබා දීමයි.මෙහිදී පාරිභෝගික අවශ්යතාවයට ගැලපෙන ණය ක්රියාවලියක් තුළින් පුද්ගල සහ ව්යාපාරික මූල් අවශ්යතා සපුරාලීමට පහසුකම් සපයනු ලබයි.

මෙම අභිමානවත් ගමනේදී BVS Mortgages & Financial Services සමාගම, පාරිභෝගික සේවාව, විශිෂ්ට වෘත්තීයභාවය, සහ කාර්යශූරත්වය යන මූලික වටිනාකම් කෙරෙහි වැඩි අවධානයක් ලබා දී ඇත. සමාගම දැඩි කැපවීමෙන් සහ කාර්යක්ෂමතාවෙන් නවෝත්පාදන ප්රතිපත්ති යොදා ගනිමින්, පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන ඇති අතර අන්යෝන් විවිධත්වයට ගරු කිරීම සමාගමේ වටිනාකම තවත් ඉහළ නංවයි. සමාගමේ මෙම සියලු සාර්ථකත්වයට පාදක වී ඇත්තේ සමාගමේ නිර්මාතෘවරයා වන රොෂාන් විතාරණගේ මහතාගේ දූරදර්ශී නායකත්වයත්, යටතේ ක්රියා කරන advisers සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ විශ්වාසවන්ත සේවා සැපයීමයි.

ක්ෂේත්රය පිළිබඳ මනා අවබෝධයත්, පාරිභෝගික අවශ්යතාවයන්ට ප්රමුඛත්වය දෙමින් ඔවුන්ගේ සිහින සැබෑ කරදීමට කටයුතු කිරීමත් නිසා පාරිභෝගික හදවත් දිනාගත් සමාගමක් බවට පත්වීමට BVS Mortgages & Financial Services සමාගම සමත් වී ඇත. එය සනාථ කරමින් mortgage broker සමාගම් අතරින් ලන්ඩනයේ ප්රථම ස්ථානය සහ එක්සත් රාජධානියේ අටවන ස්ථානය දක්වාත් Trustpilot හි ශ්රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට BVS Mortgages & Financial Services සමාගමට හැකියාව ලැබී ඇත.

මෙම පාරිභෝගික විශ්වාසය නිසාම, 2025 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී, එංගලන්තයේ ප්රකට Barclays Intermediary Inclusion Summit and Awards උළෙලේ Best Inclusive Culture (Company) Award අංශයෙන් BVS Mortgages & Financial Services සමාගම ප්රථම ස්ථානය දිනා ගත් අතර, ආසියානු සම්භවයක් සහිත සමාගමක් මෙම සම්මානයෙන් පිදුම් ලද පළමු සහ එකම අවස්ථාව මෙය වීමද සුවිශේෂී කරුණකි.ශ්රී ලාංකීය සමාගමක් ප්රථම වතාවට ලබා ගන්නා ලද මෙම සම්මානය ලාංකීය ව්යාපාරිකයන්ට සහ සමාගමේ කාර්ය මණ්ඩලයට අභිමානවත් අවස්ථාවක් ලෙස සැලකේ.

මෙම උත්සවය සඳහා හිටපු එංගලන්ත පාපන්දු ක්රීඩක Fara Williams සහ Para- Olympic ටෙනිස් ක්රීඩිකා Lucy Shuker සහභාගී විය. ඔවුන් BVS Mortgages සමාගමේ ගමනේ විශිෂ්ටත්වය, කණ්ඩායමේ කැපවීම සහ සමාගමේ සංස්කෘතික වටපිටාව අගය කරන බව ප්රකාශ කළහ.

එපමණක් නොව BVS Mortgages & Financial Ltd සමාගමේ අඛණ්ඩ විශ්වාසවන්ත සේවාවේ ප්රතිඵලයක් ලෙස, SME NEWS මඟින් සංවිධානය කරනු ලැබූ Financial Awards 2025හි දී Best Mortgage & Protection Advisory Firm 2025-London සහ Homebuyer Support Excellence Award 2025 යන සම්මානයන්ගෙන් පිදුම් ලැබීමද, සමාගමක් ලෙස ඔවුන් ලද සුවිශේෂී ජයග්රහණයකි.


එමෙන්ම, BVS Mortgages සමාගම හුදෙක් ලාභ පමණක් අරමුණු කර නොගෙන ඉන් එහා සමාජයට වටිනා යමක් ලබාදිය යුතු යන විශ්වාසය පෙරදැරි කරගෙන 2018 වසරේ සිට EduCare Foundation සමග එක් වී ශ්රී ලංකාවේ අඩු ආදයම්ලාභී ග්රාමීය දිස්ත්රික්ක වල අඩු වරප්රසාද සහිත දරුවන්ගේ අධ්යාපන අවශ්යතා සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර 2018 වසරේදී ළමුන් 100කගෙන් ඇරඹි මෙම ව්යාපෘතිය මෙම වසරේ අභිප්රාය වී ඇත්තේ පාසල් ළමුන් 1000කට ආසන්න ප්රමාණයකට අනුග්රහය දැක්වීමයි.

එලෙසම එක්සත් රාජධානියේ සෑම වසරකම පවත්වනු ලබන RBC Race for the kids ධාවන තරඟය පැවැත්වීම මඟින් ලන්ඩනයේ Great Ormond Street රෝහල සඳහා නවීන මට්ටමේ ළමා පිළිකා ප්රතිකාර මධ්යස්ථානයක් ඉදිකිරීමට 2025 වසරේදී පවුම්3500 කට වැඩි අරමුදලක් රෝහල වෙත පරිත්යාග කිරීමට සමත් වී ඇත. මෙවැනි ව්යාපෘති සිදුකිරීම මඟින් ආයතනික සමාජ වගකීම මනාව පිළිබිඹු කරයි.

මෙවන් සංස්කෘතික සහ සමාජයීය අගයන්ද BVS Mortgages & Financial Services සමාගමට මෙම සම්මාන දිනා ගැනීමට හේතු විය. මෙම සමාගම සමස්ත ප්රජාව වෙත මෙවන් වටිනා සේවාවක් ලබා දීම අගය කළ යුතුය.සමාගම සිදු කරනු ලබන මෙම සේවාව සමාගමේ සාමාජික වගකීම, සංස්කෘතික අනන්යතාවය සහ ප්රජාභාවය පිළිබඳ කැපවීම මනාව පෙන්නුම් කරයි.

සමාගමේ Director වන රොෂාන් විතාරණගේ මහතා මෙම ජයග්රහණ පිළිබඳ මෙසේ ප්රකාශ කරයි.

මෙම ජයග්රහණ, අපව විශ්වාස කළ කණ්ඩායමටත්, අප සමඟ ගමන් කළ ගනුදෙනුකරුවන්ටත් අයිති විය යුතුයි. එංගලන්තයේ මූල් ක්ෂේත්රය තුළ ශ්රී ලාංකීය සමාගමක් ලෙස අපට මෙය ඉමහත් අභිමානයකි.”

BVS Mortgages ගමන, ශ්රී ලාංකීය ව්යාපාරික ක්ෂේත්රයේ කැපවීම, සහ විශ්වාසය සමඟ සංවර්ධනය වෙමින්, එංගලන්තයෙහි මූල් ක්ෂේත්රයේ ආදර්ශමත් සමාගමක් බවට පත්ව තිබේ. මෙම ජයග්රහණ, කණ්ඩායමේ කැපවීම සහ සමාගමේ වටිනාකම් පිළිබඳ ලෝකයට පෙන්නුම් කරන අතර, අනාගතයේ තවත් සම්මාන සහ සාර්ථකත්වයන් දිනා ගැනීමේ මාර්ගය සකසා දෙයි.

25-11-10

Q20 with අමා - Gevin Abhishek

පිය උරුමයෙන් ලද හැකියාවන් අධ්යනයෙන් සහ ප්රායෝගික භාවිතයෙන් ඔප මට්ටම් කර ගනිමින්, තමන්ට ලැබෙන චරිතය ඉතා සූක්ෂම ලෙස හසුරුවමින්, තමන්ගේ වෘත්තීය වෙනුවෙන් උපරිමව කැප වෙමින්, කල්පනාකාරිව ගුණාත්මක නිර්මාණ තොරා ගනිමින්, කලා ක්ශේත්රයේ අනාගතය වෙනුවෙන් ක්ශේත්රයේ ප්රවීනයන් අතර සහ ප්රේක්ෂක සිත් තුල විශ්වාසය ගොඩ නැගු චරිතාංග කුසලතා සපිරි, සම්මානනීය, කඩවසම් රංගන පෞර්ෂය ගෙවින් අභිශේක් සමග Q20 with අමා කතා බහ

1. “ආලේ” ටෙලි නිර්මාණය නරඹන්න බලාපොරොත්තු වෙන පිරිසට ඒ පිළිබදව අදහසක්

මුලු ලෝකයම රදා පවතින්නේ ආදරයෙන්, ආලය කියන්නේ ආදරයට තවත් නමක්. මනුස්ස බැදීම් වල ආලය හොයාගෙන යන අපේ කතාව බලන්න.

2. ඔබව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගිය පීතෘ ටෙලිනාට්‍යය සදහා ලැබුනු අමතක නොවන අගය කිරිමක්

2024 සුමති සම්මාන උළලේදි පීතෘ ටෙලි නිර්මාණයෙහි ශානකගේ චරිතය වෙනුවෙන් නැගි එන නළුවා සම්මාන ලැබීම.

3.  රංගන ජිවිතයට ඔබේ පියාගෙන් ලැබුන වටිනා අවවාදයක්

වෘත්තීය රංගන ශිල්පියෙකු ලෙස තමන්ගේ රැකියාව තෝරා ගන්නවා නම් කලබල නැතුව, කල්පනාකාරීව, තමන් කරන වැඩ හරියට කරගෙන හෙමින් ගමනක් යන්න කියලා තාත්තා මට කියලා තියෙනවා.

4. පිය උරුමයෙන් කලා ලොවට පැමිණිමෙන් ඔබේ කලා ජීවිතයට ලැබුනු වාසියක් සහ අවාසියක්

තාත්තා කලා ක්ශේත්රයේ ආදරය, ගෞරවය ලබන පුද්ගලයෙක්. ආදරය මුල ඉදන්ම මටත් විදියටම ලැබුනා. අවාසියක් නම් කියන්න නැහැ.

5. ශරිර සෞඛ්‍ය වෙනුවෙන් සහ ඔබේ පෙනුම එක ලෙස පවත්වා ගැනීම සදහා පුරුද්දක් ලෙස එදිනෙදා කරන දේවල් 3 ක්

මම දිනපතා ව්යායාම කරනවා. වූශු ක්රිඩාවෙහි නියැලෙනවා. මගේ හමට හෝ කොන්ඩෙට කිසිම රූපලාවණ්යය ආලේපනයක් භාවිතා කරන්න නැහැ. හොදට වතුර බොනවා.

6. ඔබට නැවත නිර්මාණය කිරීමට ලැබුනොත් ආදරයෙන් භාර ගන්න වෙනත් කෙනෙකු රගපෑ චරිතයක්

මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන ඕනේම චරිතයක් ප්රති නිර්මාණය කරන්න මම කැමතියි. විශේෂයෙන් මගේ ප්රියතම රංගන ශිල්පියෙකු වන විජය කුමාරතුංග මහත්මයා රගපෑ චරිතයක් ප්රති නිර්මාණ කරන්න ලැබුනොත් සතුටින් භාර ගන්නවා.

7. ඔබ නිතර අහන, මුමුණන ප්‍රියතම ගීත කිහිපයක්


ඩබ්ලිව් ඩි අමරදේව මහත්මයාගේමහ වැස්සක පෙර නිවිති පෙනෙනවා” , එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේනිහඩ කල්පනාවැනි ගීත සහ මගේ ප්රියතම ගායකයා වන සෝමතිලක ජයමහ මහත්මයාගේදස බිම්බර මාර සෙනගවැනි පරණ ගීත අහන්න මම කැමතියි.

8. වැඩිදුර අධ්‍යනය සදහා ඔබට අවස්ථාව ලැබුනොත් ඔබ තෝර ගන්න විෂයන් සහ ඊට පාදක වුන හේතුන්

මම ඕස්ට්රේලියාවේ Deakin විශ්වවිද්යාලයේ Film & television උපාධිය හැදැරුවා. Film making & Film acting පිළිබදව වැඩිදුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.

9.  ඔබේ ජයග්‍රහණයන් මුලින්ම බෙදා ගන්නා ඔබ වටා ඉන්න සමීපතමයන්

දෙතුන් දෙනෙක්
මගේ තාත්තා, අම්මා, ආච්චි

10.  සංචාරයට වඩාත් ප්‍රිය දේශිය සහ විදේශීය ස්ථාන කිහිපයක්

ලංකාවේ නම් හපුතලේ, බෙරගල, නුවරඑළිය, ඇල්ල සහ මුහුදුබඩ පලාත්. විදේශීය රටවල් සියල්ලටම වගේ යන්න කැමතියි.

11. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රේමවන්තිය ගැන අදහස්

ලැබෙන පෙම්වතියගෙන් අවංක ආදරය බලාපොරොත්තු වෙනවා.

12. රංගනට අමතරව ප්‍රේක්ෂක අප නොදන්නා ඔබේ තවත් දක්ෂතාවයන්

මම හිතන්නේ කවුරුත් නොදන්න දේවල් කිහිපයක් තියනවා. මම ලංකාවේ ජාතික තලයේ වුෂූ ක්රිඩකයෙක්. ගීත ගායනා කරන්න, අශ්වයන් පදින්න, සරෆ් කරන්න, රෝලර් ස්කේට් කරන්න වගේම හොදට බ්රේක් ඩාන්ස් කරන්නත් මට පුලුවන්.

13. ඔබ ප්‍රිය කරන ශ්‍රී ලාංකීය ආහාරපාන කිහිපයක්

පොළොස් ඇඹුල, හත් මාළුව සහ රඹුටන්, වෙරළු, මැංගුස් වැනි ලංකාවේ හැදෙන පලතුරුවලට කැමතියි.

14. නව ටෙලි නිර්මාණයක ඔබට ලැබෙන ප්‍රධාන චරිතය සමඟ එකට මූලික භූමිකාවක් ඉටු කිරිමට ඔබ තොරා ගන්නා රංගන ශිල්පිනිය

කලා ක්ශේත්රයේ විවිධ දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ වු රංගන ශිල්පිනියන් බොහොමයක් ඉන්නවා. මට ලැබෙන චරිතයට ගැලපෙන ඕනේම රංගන ශිල්පිනියක් සමග රංගනයෙ යෙදෙන්න මම කැමතියි.

15. ඔබ මෙතෙක් රංගන දායකත්වය ලබා දුන් චරිත අතරින් බොහෝ අභියෝගයක් වූ භූමිකාව

ඉදිරියේදි තිරගතවිමට නියමිත බ්රිතාන් ජාතික බෙන් මෙයර් මහතාගේ “Christmas in colombo” නම් ඉංග්රීසි ච්ත්රපටයෙහි ප්රධාන චරිතයකට රංගන දායකත්වය ලබා දෙන්න මට අවස්ථාව ලැබුනා. මෙය අන්තර්ජාතික වේදිකාවක් සදහා මම දායකත්වය ලබා දෙන පළමු ඉංග්රීසි ච්ත්රපටය වෙනවා. බ්රිතාන් ජාතිකයන් සහ ශ්රි ලාංකික දක්ෂ රංගන ශිල්ප ශිල්පිනියන් සමග එහි මම රගපෑ චරිතය මට ලොකු අභියෝගයක් වුනා.

16. ඔබට විදේශීය රංගන ක්ෂේත්‍රයක වැඩ කරන්න අවස්ථාව ලැබුණොත් ඔබ එයට කැමති වෙයිද

පහුගිය වකවානුවේදි විදේශීය නිර්මාණයක් සදහා රංගන දායකත්වය ලබා දෙන්න මට පුලුවන් වුනා. තවත් අවස්ථාවන් ලැබුනොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

17. විවේකයක් ලැබුන අවස්ථාවක ඔබ කරන්න ප්‍රිය දේවල් කිහිපයක්

මම දිනපතා ව්යායාම කරන නිසා ඇගට විවේකයක් ලැබෙන්න නිදා ගන්න කැමතියි. ඒවගේම ගිටාරය වාදනය කරමින් ගීත ගායනා කරන්න, පොත් කියවන්න සහ මුහුදේ නාන්න කැමතියි.

18. ඔබේ පෞද්ගලික ජීවිතය සහ රංගන ජීවිතය වෙන්ව සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද

මම වෘත්තිය රංගන ශිල්පියෙක්. මගේ වෘත්තියට මම අවංකයි. ලැබෙන නිර්මාණ වෙනුවෙන් කැප වෙමින් මහන්සි වෙලා මම වැඩ කරනවා. මම පෞද්ගලික ජිවිතයේ නිදහසේ ඉන්න කෙනෙක්. පෞද්ගලික ජීවිතය සහ වෘත්තිය ජීවිතය සමබර කර ගන්න අපහසු නැහැ.

19. ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකුගෙන් ලැබුන අමතක නොවන අගය කිරිමක්

ප්රවීන අධ්යක්ෂක ආනන්ද අබේනායක මහත්මයා ලලිත් රත්නායක මහත්මයා සමග මා ඉදිරියේදිම මාව අගය කරමින් කතා කරපු දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට තිලිණ කරන ඉදිරි නිර්මාණ පිළිබදව විස්තරයක්

ලබන වසරේදි රූපගත කිරිමට නියමිත ච්ත්රපට ත්රිත්වයක ප්රධාන චරිත සදහා ආරාධනා ලැබිලා තියනවා. ඉදිරියේදි එම ච්ත්රපට තුලින් ප්රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා.

අමා නාකන්දලගේ

25-Oct-15

සිලිඳු රන්වල සමග Q20 with අමා

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව ඔස්සේ විවිධ නිර්මාණ තුලින් චරිතාංග රංගනයෙන් ප්රේක්ෂක සිත් ස්පර්ශ කරමින් එපමණක්ම නොව ගායනය, නර්තනය, හඩ කැවීම මෙම සියලු මාධ්යයන්හි උපන් හපන්කම් ඇති රන්වල පරම්පරාවේ වර්තමාන පුරුක ලෙස ඔටුනු දරණ සිලිඳු රන්වල සමග Q20 with අමා මෙවර දිග හැරුම

1. ඔබ ගැන ඔබව නොදන්නා කෙනෙකුට කිවුවොත්
මම සිලිදු

2. ඔබ සතු කලා හැකියාවන්ගෙන් ඔබ වැඩිපුර නියැලෙන්නට කැමති
රංගනය, ගායනය, නර්තනය සහ හඩ කැවීම් මේ සියලු දේම නියැලෙන්න කැමතියි.

3. ප්‍රේක්ෂක ආදරය දැනුන අවස්ථාවක්
වියළි ටෙලිනාට්යය සදහා ඉතා ඉහල ප්රේක්ෂක ප්රතිචාරයක් ලැබුනා. එමෙන්ම මගේ කට හඩෙන් මාව අදුර ගෙන එදිනෙදා ලැබෙන ප්රතිචාර නම් ගොඩක් තියනවා.

4. ඔබගේ සමීපතමයෙකු ලග නොතිබයුතු යැයි ඔබ හිතන්නේ
ඍණතාවය

5. රංගන ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යය භාවිතය පිළිබදව අදහස
රංගන ශිල්පිනියක් වශයෙන් තමන්ගේ කලා කටයුතු ප්රචාරණය කරන්න සමාජ මාධ්යය භාවිතා කිරිමේ වැරැද්දක් මම දකින්න නැහැ.

6. ඔබ පිළිබදව ඔබට ආඩම්බරයක් දැනුන දවසක්
වචනයකින් හරි ධනාත්මක දෙයක් කරන හැම අවස්ථාවකම මම නිහතමානීව සතුටු වෙනවා.

7. ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් වන ඔබගේ මවගෙන් ඔබේ රංගන ජිවිතයට ලැබුන ආදර්ශයක්
ඇය නිරන්තරයෙන්ම ලැබෙන නිර්මාණයට අවංක දායකත්වය ලබා දෙනවා.

8. ආදරණීය කෙනෙකුගෙන් ලබන්න කැමතිම තෑග්ගක්
ආදරය පමණක්ම ඇති

9. ඔබ නිතර මුමුණන ගීතයක කණ්ඩයක්
හැම වෙලාවෙම මොකක්ම හරි ගීයක් මුමුණනවා. නිසා එක ගීතයක් නම් කරන්න අමාරුයි.

10. ශරීර සෞඛ්‍ය වෙනුවෙන් හිතකර යැයි සිතා දිනපතා පූරුද්දක් ලෙස කරන දෙයක්
ලගකදි ඉදලා හොදට වතුර බොනවා.

11. ඔබ ගරු කරන, අනුගමනය කරන රංගන ක්ශේත්‍රයේ චරිතයක්
අම්මා 

12. ඔබ දෙතුන් වතාවක් නරඹපු නැවත නරඹන්නට  කැමති ච්ත්‍රපටයක්
Billy elliot

13. ඔබට ලැබුනා නම් කැමති වෙනත් කෙනෙක් රංගනයෙහි යෙදුන චරිතයක්

ස්වර්ණා මල්ලවාරච්චි, Kate winslette, Natalie portman, Cate blanchette, Emma stone, Olivia coleman, Jessica chastine වැනි රංගන ශිල්පිනියන් රංගන දායකත්වය ලබා දුන් සියළුම චරිතවලට කැමතියි.

14. වේදිකාව, පුංචි තිරය සහ රිදි තිරය… ඔබේ වැඩි කැමැත්ත
මෙම මාධ්යයන් තුනෙහිම අවස්ථාවක් ලැබුනොත් රංගන දායකත්වය ලබා දෙන්න කැමතියි.

15. ඔබට රසටම හදන්න පුළුවන් කෑම වර්ගයක්
රසම රස sandwitches හදන්න පුළුවන්

16. Me time ගැන ඔබේ අදහස
හැම කෙනෙක්ටම ඉතාම වැදගත්

17. ඔබ වැඩිදුර අධ්‍යනයෙහි යෙදෙන්නට කැමති දෙයක්
රංගනය, ගායනය, නර්තනය සහ හඩ කැවීම

18. ඔබ කැමති තාමත් නොකෙරුන අනාගතයේදි කරන්න හිතන දෙයක්
මගේ ආත්මික ගමන

19. සමාජයට ඔබෙන් ගත හැකි ආදර්ශයක්
මම කැමතියි මිනිසුන්ට, සතුන්ට, පරිසරයට කරුණාවන්ත වෙනවට.

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබේ ඉදිරි කලා නිර්මාණ පිළිබදව පණිවිඩයක්
මෙම දිනවල නීරා චිත්රපටය තිරගත වෙනවා. එමෙන්ම ආදරණීය මිනිසෙක් සහ මූණු ටෙලිනාට්යය විකාශනය වෙනවා. ඉදිරියේදී කීර්ති කේ රත්නායකගේ නිර්මාණයකින් මාව දැක ගන්න පුළුවන්.

අමා නාකන්දලගේ

25-Oct-05

සිහින සරුංගල්

~ නොනැසෙන දිරිය නිති ජය රන්දයි ~

වේදිකා නාට්යය රංගන ශිල්පියෙකු ලෙස ශ්රී ලාංකේය කලා කෙතට දොරට වැඩ

වත්මනේදී අංග රචනා ශිල්පියෙකු, පරිපාලන ශිල්පියෙකු හා නාට්යය

නිෂ්පාදකවරයෙකු ලෙස වේදිකාව තුළත්, නිෂ්පාදන කළමනාකරුවකු,

නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියෙකු හා ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු හා

අධ්යක්ෂකවරයෙකු ලෙස ටෙලිනාට්යය කර්මාන්තය තුළත් ස්වකීය නිර්මාණ

ප්රතිභාව උත්කර්ෂයට නංවමින් සිටින කලාකාමිඋඑකි තාරක අධිකාරි

නව යොවුන් ළමා වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු ලෙස මෙරට කලා ලොවට

අවතීර්ණ වෙමින් පසුකාලීනව රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා රැසක

විවිධාකාර ළමා වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු ලෙසින් අනන් පෞර්ෂයක්

ගොඩනංවාගෙන, ළමා ගීත ගායන ශිල්පියෙකු, ගීත රචකයෙකු, පිටපත්

රචකයෙකු, රංගන ශිල්පියෙකු, අධ්යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙස

වේදිකා, ටෙලිනාට්යය හා චිත්රපට යන තුන් වැදෑරුම් ශ්රව්දෘශ්

මාධ්යයන්ගේම මෙකලදීත් ක්රියාකාරීව නිර්මාණ කාර්යයේ නියැලෙන

රසකාමියෙකි ආචාර් උපුල් වීරසිංහ.

මොවුන් දෙදෙනාගේම සාකල් රසවින්දනයේත් නිර්මාණවේදයේත්

සමෝධානයේ උත්කෘෂ්ට ප්රතිඵලයක් ලෙස "සිහින සරුංගල්" සිනමාපටය

නුදුරේදීම මෙරට දිවයින පුරා රිදී තිරයන් ප්රතිදීප්ත කරවන්නට සැරසෙන බව

ඉමහත් ප්රීතියෙන් පවසන්නට කැමැත්තෙමි.

උපතින් උරුම වූ ඛේදවාචකයක් ලෙසින් දිළිඳුකමේ අනන්ත ආදීනව නොවලහා

අත්දකින්නට සිදුවුවත්, මරණ මංචකය තෙක්ම එය කරපින්නාගෙන

සදාතනිකව දුක උරුම කරගන්නට අකමැති දිරිමත් නැණවත් පාසල් සිසුවෙකු

ප්රදාන ප්රස්තූතය කොටගනිමින් සිනමාපටය ආඛ්යාන ගතවන බව බැලුබැල්මට

පෙනේ.

"හිත ඇත්නම් පත කුඩාද?" යන පුරාණ ආත්යෝපදේශය සිනමා රූ සරණියක්

ඇසුරුකොටගෙන පසක් කරවීම තිර රචකයා හා අදියුරුවරයා යන කේන්ද්රීය

නිමැවුම්කරුවන් යුගලය සිනමාපටය හරහා ගම් කරවන්නට සැරසෙන

උඩුපෙළත් එමෙන්ම ත්රාඩ අදුරදර්ශී දේශපාලනයේ හා අතිධාවනකාරී

වාණිජකරණයේ අනිටු ඵලවිපාකයන් සමස්ථ සමාජ සංස්ථාවම පාරභෞතික

ආධ්යාත්මික නිර්නායක අතින් පසුගාමීත්වයට පොළඹවන්නට අර ඇඳීම

යටිපෙළ ලෙසත් කියවාගතිමි.

උක්ත උඩුපෙළ හා යටිපෙළ පරිපූර්ණ අයුරින් පසක් වන්නට යථාර්ථවාදී රඟ

සොභාවක් තිරය මතට ගෙනහැරපෑමට සමත් වැඩිහිටි හා ළමා රූපණ වේදීන්

 

සමුදායක් තිර රචනය වටා ඒකරාශි කරගැනීමට අදියුරුවරුන් යුගලය භාග්

සම්පන්න වී ඇති බැව් නොවලහා කිවයුතුය.

ප්රවීණ රංගන ධායකත්වය

රොෂාන් රණවන

හේමසිරි ලියනගේ

ජනක රණසිංහ

ක්ලීටස් මෙන්ඩිස්

සතිෂ්චන්ද් එදිරිසිංහ

චමීර සිල්වා

කුමාර තිරිමාදුර

ආනන්ද අතුකෝරල

උපුල් වීරසිංහ

මනෝහාරි විමලතුංග

ශිරෝමිකා ප්රනාන්දු

උමා කරඳගොල්ල

ළමා රංගන ධායකත්වය

මෙතික සෙනරත්

ඔමාෂි චාතූර්යා

සස්නිත දෙව්මුතු

ලබ්දි හෙසන්යා

සිතුම්දි විහස්නා

සදිනි දිලස්නා

තිර රචකයාගේ තියුණු පෑන් පහරේ නිර්මිත අරුත රිදී තිරය මත

තේජාන්විතව රූප මාධ්යයෙන් ගෙත්තම් කරවීමේ අදියුරුවරයාගේ මුඛ්

කාර්යභාරය ප්රශස්ථව ඉටුකළ හැක්කේ කලා අධ්යක්ෂකවරුන්, කැමරා ශිල්පීන්,

වේශ නිරූපණ ශිල්පීන් හා සංස්කාරකවරුන් යන සිව් වැදෑරුම් නිර්මාණවේදීන්

ස්වකීය මෙහෙය සකසුරුවම්ව අනූපමේයව ඉටුකරලන්නේ නම් පමණි.

 

නිෂ්පාදන කාර් මණ්ඩලය

අධ්යක්ෂණය | තාරක අධිකාරි, උපුල් වීරසිංහ

නිෂ්පාදනය | නවීන් රත්නායක, රෝහණ වන්නිආරච්චි

තිර රචනය | සනත් භාෂ්වර කරුණාරත්න

කැමරා අධ්යක්ෂණය | මංජුල පත්මකුමාර

සංස්කරණය | ශාන් අල්විස්

ශබ්ද සංයෝජනය හා සැලසුම්කරණය | තනුෂ්ක කහඳවල

සංගීත අධ්යක්ෂණය | කිත්සිළු වික්රමසිංහ

අංග රචනය | ජනක රණසිංහ

සහය අධ්යක්ෂණය හා නිෂ්පාදන කළමනාකරණය | චන්දන එදිරිසිංහ

කලා අධ්යක්ෂණයචන්දන ප්රියන්කර

ඇඳුම් නිර්මාණය | ලක්මාල් අතුකෝරල

ගී පද රචනය | පූජ් පාතෙගම ඤාණිස්සර හිමි

ගී ගායනා | ගමිත් නිසංස, ලබ්දි හෙසන්යා

පසුබිම් කථනය | අතුල ජයසිංහ

පසු කාලයට සාපේක්ෂව මෑත කාලයේදී නිකුත් වූ ශ්රී ලාංකේය සිනමාපට

රැසක්ම මෙරට සිනමාලෝලීන් හෘදයාංගමව වැළඳගැනීම ස්වදේශීය සිනමා

කර්මාන්තයේ නියැලෙන මා ඇතුළුව නානාප්රකාරයේ වෘත්තීකයන් හට

සොම්නසට කාරණාවක්ව ඇති බව නොරහසකි. එසේ වන්නට මූලය වන්නට

ඇත්තේ විදේශීය සිනමාපටයන්ට සමාන්තරව උසස් තාක්ෂණික

ප්රයෝගයන්ගෙන් සමන්විතව අර්ථසාරී ප්රතිභාපූර්ණ සිනමා භාවිතාවක් ප්රකට

කරවීම බව නොරහසකි.

ඉතින් එබැවින් උක්ත සිනමා රීතීන් පිළිපදිමින්, උක්ත සිනමා ආනතියම

ආරක්ෂා කරගනිමින් අඛන්ඩව නිර්මාණකරණයේ නියැලීම වත්මන් සොම්නස

වඩවාගැනීමේ එකම සරිලන උපක්රමය බැව් එකී වෘත්තීකයන්ටම ඒත්තු යා

යුතුවෙ තිබේ.

තාරක අධිකාරි හා උපුල් වීරසිංහගේ දෙවන සිනමා සම්ප්රාප්තියට

ආශිර්වාදයක් වන මැයින් චිත්රපට ශාලාවන් වෙතටම සිය ළබැඳියන් සමඟම

ගොස් අරුමැසි සිනමා ආශ්වාදයක් විඳගන්නට ස්වදේශීය සිනමාලෝලීන් හට

 

ලෙන්ගතු සිත් පෙරදැරිව ඇරයුම් කර සිටින්නේ මතු ශ්රී ලාංකේය

සිනමාවලෝකනයේ ප්රභාෂ්වරය නෙතු ගැටෙන්නට හද පුරාවට පතමිනි.

සටහන

හිරාන් ගමගේ

25-Sep-12

හිරුන්දි තිරන්‍යා වික්‍රමසිංග

ශ්රි ලාංකේය නිවේදන ක්ෂ්රේත්රයේ අභිමානය ජාත්යාන්තරයට රැගෙන යන මෑත කාලයේ බිහි වූ ආදරණීය පුංචි සුරංගනාවිය……

හිරුන්දි තිරන්යා වික්රමසිංග


01. හිරුන්දි….මේ දවස්වල කොහොමද ජීවිතේ ?

හරිම සතුටින් ජිවිතේ ගත කරනවා.

02. මෑතකදී සම්මාන උලෙලවල් ද්විත්වයකින් සම්මාන පිදුම් ලැබුවා නේද ?Diamond Excellence Awards 2025 සම්මාන උළෙලේ ලැබුණ සම්මානය ගැන මතක් කළොත් ?

හරිම වටිනා අවස්ථාවක් තමයි Diomend Excellence Award 2025 කියන්නේ. දකුණු ආසියාවේ පවත්වපු සුවිශේෂි සම්මාන උළෙලක් තමයි ඒක. ඉතිං මට ගිය මාසේ සාරංගනාවී රන් සම්මානයත් ලැබුණා. ඉතින් රන් සම්මානයට පස්සේ Diamond සම්මානයත් ලැබීම මට හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.



03. Sri Lankan Top 100 සම්මානයෙන් ද පිදුම් ලැබීමටද අපේ පුංචි දියණියට හැකි උනා. ශ්‍රී ලංකාවේ දක්ෂයින් 100 අතරට තේරී පත්වීම ගැන ඔයාට දැනෙන හැඟීම මතක් කළොත් ?

මට ලැබෙන හැම සම්මානයක්ම මට ලොකු විශේෂත්වයක් එක්ක තමයි ලැබෙන්නේ. මගේ මුල්ම සම්මානය 2021 Future Leader සම්මානය. ඉතිං එදා 2023 Future Leader කෙනෙක් විදිහට සම්මානනිය කරපු අහස මීඩියා අද මට ශ්රි ලංකාවේ හොඳම දක්ෂයින් 100 අතරට එකතු කලා. මට හැකි උනා Sri Lankan Top 100 සම්මානය දිනාගන්න. මම හිතනවා මාමේ එදා අහස මීඩියා මට දීපු අඩිතාලම උඩ මම ලොකු මාලිගාවක් හැදුවා කියලා. මම ගොඩක් වැඩ කරලා තමයි මේ සම්මානය ලබාගත්තේ. ඒක නිසා ගොඩක් සතුටුයි.




04. හිරුන්දි අපිට ආරංචි වුණා ඔයා මේ දවස් වල අලුත්ම කලා කටයුතු ටිකක් නාලිකා මෙන්ම ආයතන එක්ක ආරම්භ කරලා තියෙනවා කියලා. ඒ අලුත් වැඩකටයුතු මොනවද ?

මම මාමේ ඇත්තටම අලුත් වැඩක්, අලුත් Team එකක් එක්ක කරන්න මේ දිනවල කටයුතු කරනවා. ගැන විස්තර ළඟදීම කියන්නම්. තව නිවේදන අංශවල පවත්වන දේශන වල ආරාධිත දේශන වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. දැනට නුවර/කොලොන්නාව/දේශන වලට සහභාගි වෙලා තියෙනවා. සැප්තැම්බර් 13 ගාල්ලේ දේශනයකටත් සහභාගි වෙනවා. මගේ නිවේදන අත්දැකීම් මගේ යහළුවන් එක්ක බෙදාගන්න එක මට සතුටක්.




05. නිවේදන ක්ෂේත්‍රට ආරම්භය ලබාගත්තේ කොහොමද ?

ඒක අහම්බෙන් සිදු වුණු දෙයක්. මගේ හොඳම යහළුවා දිනේලි. ඉතින් දිනේලිගේ තාත්තා මගේ දක්ෂතා දැකලා මාව සිරස TV ආයතනයට අදුන්වලා දුන්නා. එතනදි ටෂ්මා නැන්දා/විරාජ් මාමා/චන්ද්රිකා නැන්දා ළමයි ගොඩක් අතරින් මාව තෝරාගෙන තිබුණා.



06. පාසලේ කටයුතුත් සමග නිවේදන කටයුතු කළමනාකරණය කර ගන්නේ කොහොමද ?


ඒකට නම් මගේ අම්මා තමයි ලොකුම වගකීම ගන්නේ. අම්මා මාත් එක්ක එකතු වෙලා දවසේ වැඩ ප්ලෑන් කරනවා. සමහර දවස් අපිට දිගයි. නින්ද අඩුයි. ඒත් අපි දවසේ වැඩ දවසේම ඉවර කරනවා. අපි නිදහසේ හොඳ කැපවීමෙන් වැඩ කරනවා.


07. හිරුන්දි කියලා කියන්නේ ජාත්‍යන්තර ජයග්‍රහණයන් ලබපු කෙනෙක්. දේශීය මෙන්ම විදේශීය ලබාගත් ජයග්‍රහණ ගැන මතක් කළොත් ?

ඒක වෙනමම අත් දැකීමක්. ජිවිතේ අමතක නොවන එකක්. තමන්ගේ රට වෙනුවෙන් ලෝකේ තියෙන ලොකුම Stage එකේ තමයි අපි ඉදිරිපත් කිරිම් කරේ. මට දවසේ තමයි මගේ රට ගැන ලොකුම ලොකු දෙයක් දැණුනේ. හරිම ශක්තියක් දැනෙනවා. අපේ ජාතික කොඩිය ලගදී. විවිධ රටවල් 30 ක් ඉන්දියාවේ ප්රාන්ත 29 ළමයි ඉදිරියේ මගේ උපරිමය කලා. ලෝකයෙම 3 ස්ථානය සහ Best team player ශ්රි ලංකාවට අරගෙන ආවා.


08. නිවේදනයට අමතරව මේ දවස් වල රංගන කටයුතුවලත් නියැලෙනවා නේද ?

ඔව් වේදිකා නාට්යයක රංගනයෙන් දායක වෙනවා. වෙනස්ම අත්දැකීමක්. ටෙලිනාට් වලටත් ආරාධනා නම් ලැබිලා තියෙනවා. ගැන නම් තාම හිතනවා. ඊට අමතරව මම Tebale Tennis ක්රීඩාව කරනවා. නිවේදන වලට අමතරව දැනට වැඩි කාලයක් දෙන්නෙ ක්රීඩාවටයි.



09. නිවේදන ක්ෂේත්‍රය සම්බන්ධ වැඩමුළු යම් ආයතන සමඟ එකතුවෙලා කරනවා නේද ?

ඔව් ඇත්තටම මගේ නිවේදන සහ හඬ කැවීම් වල අත් දැකිම මම වගේම පුංචි යහළුවන්ට බෙදා දෙන්න මම හරිම ආසාවෙන් ආරාධිත දේශන වලට සහභාගි වෙනවා. පුංචි අපි හැමෝටම දක්ෂතා තියෙනවා. මම ආසයි මගේ අත්දැකීම් වලින් ප්රයෝජන අරගෙන මම වගේ හැමෝම ඉදිරියට යන එකට. දැනට මම ආයතන කිහිපයක් එක්ක ආරාධිත දේශන වලට සහභාගි වෙනවා. ඉදිරියේදි ගොඩක් වෙනස් වැඩක් ආයතනයක් සමග කරන්න බලාපොරොත්තු වෙනවා.


10. හිරුන්දි ඔයාගේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?

මම හරිම ආසයි හැමෝටම මට පුළුවන් උදව්වක් කරගෙන සතුටින් ජීවත් වෙන්න. මගේ අම්මා මට නිතර පුරුදු කරන දෙයක් තමයි අපිට කාටහරි උදව්වක් කරන්න පුළුවන් පලවෙනි අවස්ථාවෙම දේ කරන්න කියන එක. අපි හැමෝටම විවිධ දක්ෂතා තියෙනවා. අපි හැම වෙලාවෙම අනිත් අයගේ පුංචි දක්ෂතාවයක් උනත් අගය කරන්න ඕනි. අපේ අත්පුඩි හැම වෙලාවෙම අනුන් වෙනුවෙන් ගැහෙනවා නම් අපිට අත්පුඩි නිකම්ම ලැබෙනවා.


සටහනබුද්ධික පින්නදුව