25-April-07

World අවුරුදු කුමරා කුමරිය

World අවුරුදු කුමරා කුමරිය තරගාවලිය ගැන ඔබ දකින විදිය.

ගොඩක් වටිනා වැඩ සාටහනක් මොකද මේක ලෝකයේ රටවල් ගණනාවක් එකතුව කරන සහ අපේ රටේ සංස්කෘතිය ලෝකෙට ගෙනියන වැඩ පිලිවෙලක් 

 

World අවුරුදු කුමරා කුමරිය තරගාවලියේ එංගලන්තයේ සූදානම කොහොමද 

මේ වන විට අවශ් කරන මූලික වැඩ කටයුතු අවසන් දැන් තියෙන්නේ තරුණ තරුණියන් බඳවා ගැනීමේ කටයුතු. අපි බලාපොරොත්තු වෙනවා මුලු එක්සත් රාජධානියේ අස්සක් මුල්ලක් නෑර සිටින සියලුම ශ්රී ලාංකික සුන්දර සහ දක්ෂ දරු දැරියන් ලෝකයට යන්නට දොර කවුලු විවර කර දෙන්නට වගේම අපේ සංස්කෘතිය ලොකෙට කියාපාන්නට. මොකද අපට තියෙනවා ලෝකයේ ගොඩක් රටවල නැති සංස්කෘතික උරුමයන්.

 

ලැබෙන ප්රතිචාර කොහොමද

ගොඩක් හොඳ ඉහළ ප්රතිචාර තියෙනවා . මං විශ්වාස කරනවා මෙය මෙතෙක් එංගලන්තයේ නොදැකපු සහ නොලබපු විශිෂ්ට අත්දැකීමක් බවට පත්වේවි කියලා

 

තරගයට සහභාගි වෙන්න කියලා ඔයාගෙම වචනෙන් කිව්වොත්

මට කියන්න තියෙන්නේ ප්රමාද නොකර ඉක්මනින් ඔබගේ අයදුම්පත් අපට එවන්න කියලා. මොකද අපිට මේ වනවිට සෑහෙන අයදුම්පත් ලැබෙමින් පවතිනවා. ඔබගේ අවස්ථාව මගහැර ගන්න එපා. වගේම තරුණ දරුවන් සිටින දෙමව්පියන් පුළුවන් තමන්ගේ දරුවන් දිරිමත් කරලා මෙයට ඉදිරිපත් කරන්න මොකද මෙය ඔව්න්ට ලැබෙන මහගු අවස්ථාවක්

Wasanthi Gunarathna

(National Director UK)

 

එංගලන්තයේ පැවැත්වෙන World අවුරුදු කුමරා තරඟයේ ශ්රී ලංකාවේ national කෝඩිනිටර් වශයෙන්, මගේවගකීම විශාලයි

එංගලන්තයේ World අවුරුදු කුමරා තරඟයට සූදානම:

 

නියෝජනය සහ සංවිධානය:

 

ශ්රී ලංකාවේ නියෝජනය කිරීම සඳහා නිවැරදිව සූදානම් වීම.

 

තරඟයේ විවිධ අංග සහ ක්ෂේත් සූදානම් කිරීම (නිරූපණ, ඇසින්, පෙනුම, හා මනාප).

 

පුහුණුව:

 

තරඟයට සහභාගී වන කුමරියන්/කුමරයන්ට නිසි පුහුණුව ලබා දීම.

 

ශ්රී ලංකා සංස්කෘතිය සහ විලාසිතාව පිළිබඳ පුහුණුව.

 

අවශ් උපකරණ සහ කටයුතු:

 

කුමරියන්ට පිරිසිදු හා ලස්සන ආරම්භයක් ලබා දීමට අවශ් උපකරණ, විලාසිතා, සහ සැරසිලි සකස් කිරීම.

 

සවිකිරීමේදී සහ තරඟයේ පවතින ආරක්ෂාව.

 

සම්බන්ධතා හා සෙසු රටවල් සමඟ සම්බන්ධතාවය:

 

තරඟයේ ආයෝජකයන් සහ සහභාගී රටවල් සමඟ හොඳ සම්බන්ධතාව පවත්වා ගැනීම.

 

සංචාරක සහ සංස්කෘතික කටයුතු:

 

තරඟයේ පටන්ගත් පසු, නව සම්බන්ධතා සහ විදෙස් සංස්කෘතිය ගැන අවබෝධය ලබා ගනිමින්, ශ්රී ලංකාවේ සංග්රහණය.

 

මෙවැනි සූදානම් සමඟ, තරඟය අඛණ්ඩව සහ සාර්ථකව පැවැත්වීමේ හැකියාව  එංගලන්තය තුළ ඉහළයි.

 

ඉහළ ගෞරවය:

 

ශ්රී ලංකා කුමරියන් සහ කුමරයන්ගේ කුසලතා, විලාසිතා, සහ සංස්කෘතිය ලෝකයාට හැඩගැස්වීම.

 

මෙම තරඟයේ කුමරියන්ගේ නිර්මාණාත්මක හා සාර්ථකභාවය, එංගලන්තයේ සහ අන්තර්ජාතික ප්රේක්ෂකයන්ගෙන් විශාල ගෞරවයක් දිනාගැනීම.

මෙම තරඟය සම්බන්ධව, ඔබට මේ අනර්ඝ අවස්ථාව මග හැර ගත නොහැක. එය ඔබේ හැකියාවන් පෙන්වීමේ හා ජාත්යන්තර මට්ටමින් ශ්රී ලංකාව නියෝජනය කිරීමේ අසමසම අවස්ථාවක්!”

 

නුවන් ප්රසන්තත ප්රනාන්දු

(National cordinator)

 

රටින් බැහැරව ඉන්න අපි වාගේ අයවත් සහබාගි කරගෙන,

අපේ සංස්කෘතිය , අපේකම නොමැකි ඉදිරයට අරන් යන්න හදන සුදානම් විමක් ලෙස තමයි මම දකින්නෙ .

 

මමත් මගේ කාර්ය මන්ඩලයටත් පැවරිලා තියෙන්නෙ , අපේ දරැ දැරියන්ගෙ , පෙනුම , පිලිවෙල , සහ අංගනිරැපනය සම්බන්ධයෙන් කටයුතු කරන්න

ඉතින් අපි ගැන මේවන කොටත් පෙර සුදානමක් විමක ඉන්නෙ

 

ඔව් ගැන ඇත්තටම මට පෟද්ගලිකව  ලැබෙන ප්රතිචාරය ඉතාමත් සතුටුයි , මොකද මට පෟද්ගලිකව දරැවන්ගෙ අම්මලා , තාත්තලා පවා කතාකරා  ගැන වැඩි විස්තර දැනගන්න  . අය හරිම ආසාවෙන් ඉන්නෙ දරැවන්ව මේ දෙයට යොමු කරන්න

 

හරි මම දෙයට මේ වගේ උත්තයක් දෙන්නම්

මේ event එක ඇත්තටම new year kumariya kumara විදිහට සිදුවන එක්තරා ආකාරයක pageant එකක් .මේක ලංකාවේ modelling, pageant field වල ඉන්න අයගෙ ප්රදාන මැදිහත් විමකින් සිදුවන්නෙ .

මේක world wide , අපේ අය celebrate කරනවා ,මෙතනින් එක් අයෙක් හෝ දෙදෙනෙක් විතරක්ම නෙවෙයි , සහභාගි වන අනෙක් අයටත් opportunities ලැබෙනවා, කිහිපයක් සඳහන් කලොත් ,modelling , acting , photoshoots ,working on magazines , etc …..

ඔන්න ඔය හේතුව මත මේකට සහභාගි වෙන්න කියල මට කියන්න පුලුවන් .

Roshini Sulochana

(Beauty Care Partner)

 

World අවුරුදු කුමරා කුමරිය UK කියන්නෙ ඉතාමත්ම හොද වැඩක්. පිටරට ඉන්න සහ පිට රටවල් වල ඉපදුන දුවා දරුවන්ට මේ වගේ දෙයක් හරි කලාතුරකින් ලැබෙන්නෙ. අපි මේකෙ බලන්නෙ වෙනම පැතිකඩක්. පංච කල්යාණ, කඩවසම් තරුණයා වගෙ ඒගොල්ලන්ගෙ හැකියාවන්. වක්රාකාරව අපේ රටේ සංස්කෘතිය ගැන උරුමය විදේශිකයන්ට පෙන්නන්න හොද අවස්තාවක්.

 

ලැබෙන ප්රතිචාර නම් ඉතා ඉහලයි. ගොඩක් අය ඉතාම කැමැත්තෙන් මේකට සහභාගි වෙනව. මට පෞද්ගලිකවම ගොඩක් අය කතා කරලා අහනවා. තවත් ගොඩක් අය අපිත් එක්ක සම්බන්ද වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. තරගයට සහභාගි වෙන්න කියලා මගේම වචනෙන් කියනවානම් සිංහල දෙමල මුස්ලිම් බර්ග හැමෝරම මේකට සහභාගි වෙන්න කියලා කියනවා. කාලෙකට පස්සෙ අපේ රට ගැන ලෝකයටම කියන්න හොද අවස්තවාක් වගේම වෙනස්ම අත්දැකීමක්. අපේ ඉල්ලුම් කරන්න පුලුවන් ලින්ක් එක අපි දැනටමත් ප්රචාරය කරලා තියෙන්නෙ. අනික් අයටත් මේ ගැන කියලා මේ වැඩේට එකතුකරගන්න

 

ඉතින් ගයාන් කරුණාරත්න වගේ මාද්යවේදියෙක් සහභාගිත්වයෙන් මේවිදියට කරගෙන යන එක ගැන අපි ගොඩාක්ම ස්තුති වන්ත වෙනවා.

San Dias

(Official Photographer)

ලොව පුරා විසිරී සිටින ශ්රී ලාංකිකයින්ගේ හදවත් තුල ශ්රී ලාංකේය අභිමානය සදා රැකගනු වස්, අනාගත පරපුර වෙත ඒවා දායාද කරනු වස්, සම්ප්රදාය හා සංකෘතිය පෙරදැරි කොට ගෙන, දැනුම විනෝදය හා ප්රවෘති සපයන සුවිශේෂී ටෙලිවිෂන් නාලිකාවක ආරම්භයක් ලෙස UK Lanka tv සඳහන්  කරනෙමු

 

World අවුරුදු කුමරා කුමරිය වනාහි අපගේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ගම් නගර සිසාරා ලක්බිම වර්ණවත් කරන තරඟ ඉසව්ව කාලෝචිත අයුරින් අන්තර්ජාතිකයට රැගෙන යන්නනකි. ලොව සියළුම ශ්රී ලාංකික තරුණ තරුණියන්ට තම පංචකල්යාණිය, පෞරුෂත්වය, දක්ෂතා හා කුසලතා ඔපනංවා ගැනීමට මෙය මහගු පිටිවහලක් වනු අත

 

මෙහි මාධ් අනුග්රහය ලෙස අපි බෙහෙවින් සතුටු වෙමු! ඔබේ අනාගහ ජයග්රහණයන්ට සුභ පතමු!

 

Thilak Dharmarathne

(TV UK Lanka – Official Media Partner)

 

world අවුරුදු කුමර කුමරියෝ එක්සත් රාජධානියේ ජීවත් වන ශ්රී ලාංකීය තරුණ තරුණියන්ට ලැබෙන විශේෂ අවස්ථාවක්.මෙයින්  අපේ ශ්රී ලාංකීය අනන්යතාවය,අපේ රටටම ආවේණික වූ ඇඳුම් විලාසිතාවන්,සහ අපේ සාම්ප්රදායික නර්තනයන් මුළු ලෝකයටම ගෙනියන්න කදිම අවස්ථාවක්. වගේම මේ ශ්රීලාංකික සිංහල දෙමළ ජනතාවට ආවේනික වූ අලුත් අවුරුදු උත්සවයකින්  පැවත එන තරගය මුළු ලෝකයටම ගෙනියන අවස්ථාවේ  අපගේ ජාතීන්ගේ  සමගිය වර්ධනය කර ගැනීමටත් එක්සත් රාජධානියේ සිංහල දමිළ තරුණ තරුණියන්ට මෙය හොඳ අවස්ථාවකි

 නිරo  ගුණසේකර

(Dancing  Coordinator)



25-April-06

BVS Mortgages and financial Services

BVS Mortgages and financial Services – එංගලන්තයේ නිවාස සිහිනය සැබෑ කරන ලාංකික සන්නාමය.

එංගලන්තයේ ජීවත් වන අපි හැමගේම බලාපොරොත්තුව නිවසක් තමන්ටම කියලා මිලදී ගන්න එක. ජීවිතේ වැඩි කාලයක් කුලී පදනම මත නිවාස වලට වෙලා කාලය ගත කරනකොට තියෙන අපහසුකම් වචනයෙන් විස්තර කරන්න ඕන නෑ. එංගලන්තයේ ජීවත්වෙන ලංකාවේ අපි ගොඩක් වෙලාවට හිතනවා ගෙයක් තමන්ටම කියල ගන්න එක ගොඩක් අමාරු වැඩක් කියලා. ඇත්තටම නිවාසයක් ලබා ගැනීමට යන මාවත ටිකක නුහුරු අලුත් අත්දැකීමක් තමයි. හැබැයි පළපුරුදු උපදේෂණයක් එක්ක මේ ගමන ගියොත් ඔයාලට පුළුවන් වෙනවා තමන්ටම කියලා ගෙයක් ගන්න. විතරක් නෙවේ සදහා අඩිතාලම දමා ගන්න. අන්න වගේ පළපුරුදු උපදේෂණයක් ලබා ගන්න පුළුවන් විශ්වාසවන්ත ආයතනයක් තමයි  BVS Mortgages and Financial Services Ltd කියන්නේ.

මොකක්ද මේ BVS Mortgages and Financial Services Ltd  කියන්නේ.?

එංගලන්තයේ ජීවත්වන ඔබේ නිවාස සිහිනය යතාර්ථයක් කරන ලාංකීය සන්නාමය මොකක්ද කියල ඇහුවොත් ඔබට නිතැතින්ම අසෙන නාමය තමයි BVS Mortgages and Financial Services Ltd  කියන්නේ. අද වන විට ශ්රේණීගත කිරීම් වලින් ඉහලම ස්ථානයක වැජඹෙන BVS Mortgages,Trustpilot 5 star reviews 1600 කට වඩා ලබාගෙන ලංකික, ලාංකික නොවන සැමගේම අධික විශ්වාසයක් දිනාගෙන තිබෙනව.

විතරක් නෙවේ නිසාම ලන්ඩනයේ අංක එකේ Mortgage Broker  (Best London Mortgage Broker No 1) සමාගම බවට වාර්තාවක් තියන්න BVS Mortgages and Financial Services ආයතනයට හැකි වෙනවා . BVS team එක වෙනස් වෙනස් හැකියාවන්ගෙන් යුක්තයි. විශේෂයෙන්ම මේ සාමූහික වගකීම BVS Mortgage ආයතනයට කෙටි කාලයක් ඇතුලත මෙච්චර දුරක් එන්න ලොකු පිටුවහලක් උනා.


BVS Mortgages ආයතනයට ලාංකිකයින්ගෙන් ලැබෙන ප්රතිචාර මොනවගේද ?

ඉතාම විශිෂ්ට ප්රතිචාරයක් ලැබෙනවා.  ආයතනයේ ඉන්නේ ශ්රී ලාංකික උපදේශකවරු. කියන්නේ විශ්වසනීයත්වය අතින් අංක එකේ තියන්න පුලුවන්.  BVS Mortgages මුලින්ම ඉලක්ක ගත කලේ ශ්රී ලාංකිකයින්ව. වසර හයක් වගේ කාලයක් තුල මේ කණ්ඩායමෙන් සේවය ලැබූ කවුරුත් ආයතනයට ඉහල වටිනාකමක් ලබා දී තිබෙනවා. ඒක කොහොමද කියල ඔබටම බලාගන්න පුළුවන් BVS Mortgages සන්නාමය ඉදිරියේ ඔවුන් තබන සටහන්/reviews මත. BVS කණ්ඩායම නිතරම අලුත් දැනුම සොයා ගිහින් දැනුම ඔවුන්ගේ පාරිභෝගිකයෛන්ට ලබා දෙනවා. එංගලන්තයේ වත්මන් වෙලදපොල ප්රවණතා මොනවද, ඒවා තමන්ගේ  පාරිභෝගිකයින්ට ලබාදෙන්නේ කොහොමද, පාරිභෝගිකයින්ගේ ගැටලු වලට නිසි විසදුම් දෙන්නේ කොහොමද ..වගේ පුළුල් පරාසයක කටයුතු කරන අති දක්ෂයින් පිරිසක් BVS සේවක මඩුල්ලේ ඉන්නවා.

BVS ආයතනය ලාංකිකයින්ට  පමණක් සේවය දෙන්නේ ?

BVS Mortgages ලොකු පිම්මක නිරතවෙලා තමයි ලන්ඩනයෙන් අංක එකට එන්නේ. ඒක ඉහල කැපවීමකින් සහ විශ්වාසයකින් ආපු ගමනක්. මේ වනවිට BVS මුලු ලන්ඩනයේම විශ්වාසය දිනූ Mortgages & Protection ආයතනය  බවට පත්වෙලා ඉවරයි.

ශ්රී ලාංකිකයින් නොවන බොහෝ පිරිස BVS වෙත එන්නේ පෙරකී විශ්වාසයත් එක්ක. නිවසක් සොයාගෙන තමන් ලගට පැමිණෙන පුද්ගලයෙක්ට නිවාසය හිමිකරදීම වෙනුවෙන් කෙරෙන අවසාන ක්රියාවලිය දක්වාම බොහෝ විශ්වාසයකින්
ඔවුන් සමග කටයුතු කිරීම නිසා එංගලන්තයේ වෙනත් සමාගම් කෙරෙහි නැති විශ්වාසයක් ඔවුන්ට ලැබෙනවා. ඇත්තම කියනවනම් BVS Mortgages මුළු එංගලන්තයෙම ප්රචලිතයි කිව්වොත් නිවරදියි.


BVS Mortgages ආයතනය ලොකුම වත්කම ඔවුන්ගේ Team එකද ?

ඇත්තටම ඔව්. තරුන ජවය කියල කිව්වොත් හරි . යම් ආයතනයක් සේවය සලසනකොට ආයතනයට තමන්ගේ ගැනුම්කරුවන් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන . එහෙම නැත්නම් එතන සාර්ථකත්වයක්  නෑ. මොකද විවිධ මට්ටමේ ගණුම්කරුවන්ට එක සමාන සේවයක සලසන්නත් හැකියාව තියෙන්න ඕන.BVS Mortgages ආයතනයේ  සේවක පිරිස උගත්, දක්ෂ මෙන්ම ඉවසීමෙන් ක්රියාවලියේ අවසානය දක්වා පාරිභෝගිකයින් වෙත සේවය සලසන පිරිසක්. ඔවුන්ගේ සේවා කාලය තුල හැකි සෑම අවස්ථාවක්ම තම සේවා දායකයාගේ ගැටළු වලට කන්දීමට කටයුතු කිරීම විශේෂයි. මොකද නිවසක් ගන්න ක්රියාවලිය හරිම පීඩනයකින් යුක්ත කාලයක්. පීඩනය නිසාම පාරිභෝගිකයින් පූර්ණ ලෙස විශ්වාසය තබන්නේ තමන්ගේ උපදේශකයා මත. ඉතින් BVS Team එක ඒක හොදින් අවබෝධ කරගෙන ඉන්නවා.

BVS Mortgages ආයතනය කොහොමද  තමන්ගේ සේවා ලාභීන්ට උසස් සේවයක් දෙන්නෙ ?

BVS Mortgages ආයතනයේ ලොකුම වත්කම තමයි ඔවුන්ගේ සේවා ලාභීන්.  ආයතනයේ සේවය ලබා ගන්නා පළවෙනි දවසෙ ඉදලා පියවරෙන් පියවර ඉදිරියටම ගිහින් නිවසේ යතුර අතට ගන්න මොහොත දක්වා සහ ඉන් පසුවත් BVS ඔවුන්ගේ ලගින් ඉන්නවා. අන්න නිසාම තමයි Trustpilot වගේ Platform එකක BVS Mortgages හැමදාම ඉදිරියෙන් ඉදිරියට යන්නේ. නිසාම තමයි මේ වෙනකන් සේවා ලාභීන් BVS වෙත excellent 5 start reviews පමණක්ම ලබා දීල තියෙන්නේ.


BVS Mortgages කියන්නේ Mortgages පමණක් ලබා දෙන ආයතනයක් ?

Residential Mortgages, BTL Mortgages,Commercial Mortgages, Remortgages වලට අමතරව BVS එක Protection service එකත් ලබදෙනවා.නිවසක් වෙනුවෙන්ම පමණක් නොවෙයි BVS Protection Service එක ඔබේ මුලු ජීවිත කාලයටම වැදගත් වන සේවා රැසකින් සමන්විතයි හරියට Mortgage protection Insurance ,Life & Critical Illness Insurance සහ Income Protection. අද එංගලන්තයේ මිත්යා පතුරුවන රක්ෂණාවරන වෙනුවට පළපුරුදු උපදේශකයකුගේ සේවාව ලබා ගෙන ඔබේ හෙට දවස සුරක්ෂිත කරගන්න BVS  කෙරෙහි විශ්වාසය තබන්න ඔබට පුළුවන්.


BVS Mortgages වසරක් පාසා සිදුකරන CSR Projects ගැන කිව්වොත්..

BVS ආරම්භයේ සිටම අප ශ්රී ලංකාවේ පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිදුකරන EDUCARE Foundation සමග එකතුවී පොත් ලබා දීමේ වැඩසටහන අඛන්ණ්ඩව අදටත් ක්රියාත්මක කෙරෙනවා . අපි මොන රටේ හිටියත්  BVS  කියන්නේ හදවතින්ම ශ්රී ලාංකික ආයතනයක්.

මේ වෙලාවේ RBC Race for the Kids – GOSH charity Marathon එක ගැනත් කියන්න ඕන. BVS Mortgages Great Ormond Street Hospital (GOSH), UK ළමා පිළිකා රෝහලට ආධාර පිනිස සිදුකෙරෙන වාර්ශික මැරතන් තරගයට එක්වුනේ පිළිකා රෝගයෙන් පෙලෙන පුංචි දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් හැකි පමණකින්  දායක වීමටයි.  

ඉතින් BVS  කියන්නේ එංගලන්තය තුල ශ්රී ලාංකිකයාගේ මෙන්ම ඕනෑම ජාතියක හදවතට කතා කල හැකි ආයතනයක්. අපේ සේවාව ලබා ගන්නා කවුරු හෝ අපේ වත්කම මිසක් අපේ ලාභය නොවෙයි. ඉතින් හෙට දවසේත් අපේ බලාපොරොත්තුව තව තවත් අතුපතර විහිදුවමින් අපේම අයට සෙවණක් වීම පමණයි

 

25-April-05

මාතලේ ලස්සනම දවස්

  මෙි වසරේ මාර්තු 12 සහා 13 මාතලේට නමි එක්තරා සුවිශේෂී දවස් දෙකක්.. මාතලේ නඟරය පුරාම අමුතුම අලංකාරයක් ගන්නා උත්සවයක් නිසා…. ශ්රී මුත්තුමාරි අමිමාන් කොවිලේ වාර්ෂික තේරු උත්සවය..
           මම බෞද්ධයෙක් උනත් මෙි උත්සවයට හරිම ආසයිමම පුංචි කාලේ ඉදන්ම දකින අලංකාර උත්සවයක් තමයි මෙි උත්සවය.. ඇත්තටම එකත් එක්තරා වාසනාවක් , පත්තිනි දේව ප්රතිමාව පමණක් නොවෙයි තවත් දේව ප්රතිමා මෙි තේරු උත්සවයෙන් නඟරයේ විදි පුරා සංචාරය කරන තේරු කරත්ත වල තැන්පත් කරලා තියනවා.. හැම තේරු කරත්තයක්ම බෞද්ධයෙක් උන මමත් භක්තියෙන් ඇදලා තියන බව කියන්නේ ආඩමිබරයෙන්.. මොහොතේ හිතට දැනෙන සිතුවිලි නමි පුදුමාකාරයි
         
    ලංකාවෙි පත්තිනි දේවාල තවත් බොහොමයක් තිබෙනවා…. එත් ඓතිහාසික මාතලේ පුරවරයේ සුන්දර කඳුවළල්කට මැදිව ඉදි කර ඇති ශ්රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්.

       අරුල්මිගු ශ්රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් . පත්තිනි දේවිය වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා .

          මාතලේ පුරවරයේ දෙමළ ජනතාව වාසය කිරීම සාමාන් දෙයක් . ඉතාම පිරිසිදු දෙමළ ජනතාවක් මේ ප්රදේශයේ වාසය කරනවා . මේ දෙමළ ජනතාව නිසාම හින්දු ආගම මේ ප්රදේශයේ වඩාත් ප්රචලිත වෙලා තියෙනවා . මුත්තුමාරි අම්මාන් කෝවිලත් ඇතිවෙන්නේ මේ දෙමළ ජනතාවගේ වන්දනාමාන කිරීම වෙනුවෙන් .

          මේ කෝවිල පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න හේතුවුණු යම් නිමිත්තක් තියෙනවා . දැනට වසර 200කට වගේ කලින් . කියන්නේ කෝවිල නිර්මාණය කරන්න කලින් මේ කෝවිල තියෙන ප්රදේශයේ කොහොඹ ගහක් ලග දවසක් ඉතාම ලස්සන ඇඳුමෙන් සැරසුණු පුංචි ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා. පහුවෙනිදා උදේ බලනකොට මේ ළමයාගේ ඇඳුන් එහෙමත් හොඳටම පරණ වෙලා නිකං හිඟන ගැහැණු දරුවෙක් වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ .
          මේ ප්රදේශයේ ඉඳලා තියෙනවා නල්ලමුත්තු කියලා ඉතාමත් භක්තිවන්ත දෙමළ කෙනෙක් . මේ කෙනා මේ ගැහැණු දරුවාව ඔය කියන ලස්සනට සහ වැරහැලි ඇඳගෙන ඉන්න දවස් දෙකේම දැකලා තියෙනවා . දවසක් නල්ලමුත්තු හීනෙන් පත්තිනි දේවියව දකිනවා . පත්තිනි දේවිය නල්ලමුත්තුට කියනවා එදා කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහ ලග ඉන්නවා දැක්ක ගැහැණු ළමයා තමන්ම තමයි . භූමිය ශුද්ද භූමියක් . නිසා එතන පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් හදවන්න කියලා .
          මේ කාලේ වෙනකොට මේ ප්රදේශයේ හිටපු දෙමළ ජනතාව සහ වෙළඳාම් කරන්න ආව දකුණු ඉන්දීය දෙමළ ජනතාව මේ කෝවිල හදන්න දායක වෙලා තියෙනවා මේ කතාව ප්රසිද්ධ වුණාට පස්සේ . කලින් මේ ස්ථානය වෙල් යායක් විදියට තමයි පැවතිලා තියෙන්නේ . ඒත් ඊට පස්සේ 1852 වසරේ තමයි මේ ඉඩම හිමි අය මේ කෝවිලට මේ ඉඩම පවරලා දීලා තියෙන්නේ . කෝවිල ඉදිකරලා තියෙන්නේ 1874 වසරේ . තාමත් අර කියන කොහොඹ ගහේ කඳ කොටස දේවාලය ඇතුලේ තියනවාගිය කෙනෙක්ට දකින්න පුළුවන්.

         අද වෙනකොට කෝවිලේ පෙනුම ගැන බලනකොට විශේෂයෙන්ම කැපිලා පෙන්නේ කෝවිලේ තියෙන සුවිශාල ගෝ පුරය . මේ ගෝපුරය අඩි 108 ක් උස වෙනවා . ඒවගේම තමයි කුඩා කුඩා පිළිම 1008 ක් මේ ගෝපුරයේ අන්තර්ගත වෙනවා . දැනට ලංකාවේ තියෙන උසම ගෝපුර වලින් එකක් කියලා තමයි මේ කෝවිලේ ගෝ පුරය හඳුන්වන්නේ . මේ ගෝපුරය නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පී නාගලිංගම් සහ ඔහුගේ පුත් රාමනාදන් කියන මූර්ති ශිල්පීන් දෙදෙනා . මේ දෙදෙනාට 100 පමණ පිරිසක් උදවු උපකාර කරලා තියෙනවා මේ කටයුත්ත සම්පූර්ණ කරන්න .

         2007 වසරේ තමයි කෝවිලේ ගෝපුරයේ වැඩ කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තියෙන්නේ . වෙනකොට මේ නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදම් වෙලා තියෙනවා . මේ ගෝ පුරය නිර්මාණය කරලා සායම් වලින් පින්තාරු කිරීමට කේරලීය ශිල්පීන් සහ ශ්රී ලාංකික ශිල්පීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා .

        මෙි තමයි මාතලේ ශ්රි මුත්තුමාරි අමිමාන් කොවිල ගැන ගැන මට හොයාගන්න පුළුවන් උන දේවල්කොවිල ගැන වගේම වාර්ෂිකව පවත්වන මෙි අලංකාර උත්සවය ගැන ගොඩක් විස්තර තියනවා. තේරු කරත්ත විදි සංචාරය කරන විට ගොඩක් අය භාරහාර වෙනවා.. ආගමි භේද පසෙකලා මෙි උත්සවයට හැමොම සහාබාගි වෙන්නේ තරමට කොවිල ගැන ඇති විස්වාසය නිසා.. කොටින්ම මාතලේ පුරවරයට කිසිදු කරදරයක් නොවන්නෙත් මුත්තුමාරි අමිමාන් කොවිල නිසා කියලා සියළු දෙනාම විස්වාස කරනව.. තරමි සත්යක් මෙි කොවිල කෙරෙහි බැදි තිබෙනවා.. නිසාම වාර්ෂික තේරු මංගල්යය දවසට මුළු මාතලේ නඟරයම එකම හිස් ගොඩක් බවට පත් වන්නේ මංමාවත් පවා අතුරු සිදුරු නැතුව මහා ජනතාවගෙන් පිරි යද්දි

  ඉතිංමෙි තේරු කරත්ත පහ ගැන කියනවා නමි මුලින්ම යන්නේ ගණදෙවියන්, දෙවනුව කතරගම දෙවියන් සමග වල්ලි අමිමා සහා තේවානි අමිමා දෙවඟනන්, තුන්වෙනියට යන්නේ ශිව සහා පාර්වති දෙවියන්හතර වෙනියට තමයි යන්නේ පත්තිනි මැණියන්පස්වෙනි තේරු කරත්තයේ සිටින්නේ සන්ඩෙිෂ්වර් කියන දෙවියන්.. මෙි දෙවියන් තමයි මෙි තේරු කරත්ත පහටම ආරක්ෂාව සපයන ආරක්ෂක දෙවියන්

        එන්න දවසක  තේරු දවසට හැබැයි රෑට අලංකාර ලස්සන පෙරහැර දකින්න වගේම තේරු කරත්තයක් ඇදලා දෙවියන්ගෙ ආශිර්වාදය ලබා ගන්න.
ඔබ සැමට සත්පත්තිනි දේවි පිහිටයි

නිසංසලා රණසිංහ  

25-April-04

වේල්සය දෙවනත් කරමින් 6 වන වරටත් වේල්සයේ දැවැන්තම අවුරුදු උදානය

වේල්සය දෙවනත් කරමින් 6 වන වරටත් වේල්සයේ දැවැන්තම අවුරුදු උදානයවේල්ස් අපි අවුරුදු උදානය 2025” අතිශය උත්කර්ෂවත්ව අප්රේල් මස 06 වැනි දින උදේ 9 සිට දවස පුරා කාඩිෆ් සෙවර්නොක්ස් පාක්ස් හිදී පවත්වන්නට යෙදුනා. වේල්ස් අපි සංවිධානය විසින් සංවිධානය කරන්නට යෙදුන අවුරුදු උදානය මෙතරම් සාර්ථකව අවසන් කරන්නට හැකි වූයේ සදහා ශක්තිය ධෛරය මෙන්ම අනුශාසනා ලබාදෙමින් ඔවුන් දිරිමත් කල ශ්රී ලාංකීක ප්රජාව නිසා බව සිහිපත් කල යුතුයි.
වේල්සයේ සිදුවන මෙවැනි සුවිශේෂි කටයුතු සදහා සෑම විටම අනුශාසනා දෙමින් මගපෙන්වන, බ්රිස්ටල් බෞද්ධ විහාරාධිපති, පැලවත්තේ ධම්මාන්නද ස්වාමින් වහන්සේ ඇතුලු බ්රිස්ටල් ,කාර්ඩීෆ් බෞද්ධ විහාරවාසී ස්වාමීන් වහන්සේලාට ප්රථම කොට ගෞරව නමස්කාර ස්තූතිය පුද කරමු. එමෙන්ම
වේල්ස් අපි අවුරුදු උදානය 2025 සමාර්ම්භය සනිටුවහන් කරන්නට ලබාදුන් දායකත්වය සිහිපත් කරමු. එමෙන්ම එදින ආරාධිත අමුත්තන් ලෙස සපැමිණි, අතිගෞරවනීය පැල්වත්තේ ධම්මාන්නද ස්වාමීන් වහන්සේ,ගරු හීන්බුන්නේ සුනන්ද ස්වාමීන් වහන්සේ, ගරු මොනරාගල සුමේධ ස්වාමීන් වහන්සේ,ගරු බුලුගහපිටියේ නන්දබෝධි ස්වාමීන් වහන්සේ, ගරු මහරගම සුදස්සී ස්වාමීන් වහන්සේ, ගරු මොරගහඋල්පත විමලබුද්ධි ස්වාමීන් වහන්සේ ඇතුලුව සාන්ත පීතර දේවස්ථානය නියෝජනය කරන Benny Dennis පියතුමා, කාඩිෆ් කවුන්සිලය නියෝජනය කරන Right Honourable the Lord Mayor of Cardiff Councillor Helen Lloyd Jones (Guest of Honour) සමගින් ආරාධිතව සපැමිණි
Consort Sir Richard Lloyd Jones KCB, Pontypridd Mayor Councillor Desmond Paul
Consort, Anoma Paul Lord-Lieutenant of South Glamorgan Morfudd Meredith, Police Constable Emma Roach, Police Constable Leah Roberts, Sargent Samantha Johnson, Police Community Support Officer Leah Williams ඇතුලු සියලුම දෙනා සමාරම්භය වර්ණවත් කරමින් ලබාදුන් ශක්තීය වේල්ස් අපි ඉතා ගෞරවයෙන් හා ආඩම්බරයෙන් ස්තුති පූර්වකව සිහිපත් කරනවා.

වගේම වේල්ස් අපි අවුරුදු උදානය 2025 දැවැන්ත කර්තව් මේසා සාර්ථක වන්නට ප්රධාන අනුග්රහය ලබාදුන් Bank of Ceylon,
Sri Lankan Airlines, BVS Mortgages, Owl Financial, Philip Nolan Accounts, Universal Retail Group, H&T Pawnbrokers, Ceylon Express, Owen Tudor Solicitors වෙත ලබාදුන් දැවැන්ත මුල් ශක්තිය වෙනුවෙන් වේල්ස් අපි හදපිරි ස්තූතිය පුද කර සිටිනවා.

වගේම මෙම කර්තව්යයට නිබද ශක්තිය වෙමින් සම අනුග්රහය ලබා දුන්, Little Lanka Restaurant, Genius Bit Academy, Teeparam, Teddy Wills Photography කලමණාකාරීත්වය ඉතා ආදරයෙන් ස්තූති පුර්වකව සිහිපත් කරනවා.

එසේම තවදුරටත් අනුග්රහය ලබාදෙමින් ශත්කියක් වන්නට වේල්ස් අපි අවුරුදු උදානය 2025 එකතු වුන, Fast Credit, Autoway Service, The King Coconut,
Otsy Bubble Tea, Kandy Brew Beverages, Ravana Events,
Divine UK, Rashi Salon,
KGV Consultancies, Sri Product, Ceylon Brew,
Craft Aura – Stall (Y)
Fat Elephant, Ceylon Heritage Limited, Concept Crew Limited, Ceylon Mirror, Banana Leaf සැම ඉතා ආදරයෙන් සිහිපත් කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය සමාජ මාධ්යවලින් සහ වෙනත් සියලුම ආකාරවලින් ප්රවර්ධනයට, වර්ණවත් කරන්නට, බබලවන්නට මෙන්ම ආදරණීය දවසක් ලෙස මතක අතරට ගාන යන්නට නිබද ශක්තියක් වුන, Story of Glory – Official Photographer,
N Lab – Official Photographer
Jesko Frames – Official Videographer, Ambient Portraiture – Official Videographer, Api Magazine Official Media Partner, UK Lanka TV – Official TV Partner
London Api – Official YouTube Partner ඉතා ආදරයෙන් සිහිපත් කරනවා.
දවස පුරාවට ශබ්ද විකාශණ සහ DJ සංගීතය සපයමින් වර්ණවත් කල Dirty Cordz Official DJ Partner, ආරක්ෂාව තහවුරු කල
Special Task Security – Official Security partner මෙන්ම නර්තනයෙන් වේල්ස් අපි අවුරුදු උදානය වර්ණවත් කල Samu Academy – Official Dancing Partner දවස මේ තරම් ආදරණීය දවසක් කරන්නට ලබාදුන් දායකත්වයට හදවතින් ස්තූතිවන්ත වෙනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 දවස පුරාවට ඉතා අලාකෘතව නිවේදන කටයුතු සදහා කැපවුන සැමට අපගේ ස්තූතිය පුද කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 සදහා අති දැවැන්ත කෑම මේසයක් නිර්මාණය කල සියලුම දෙනාටමත්, එම කෑම මේසයට ආහාරපාන සපයමින් දායක වුන හැමෝටමත්, ආරම්භයේ සිට අවසානය තෙක් සංග්රහ කටයුතු කල හැමෝටමත් වේල්ස් අපි ස්තූතිය පුද කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 වර්ණවත් කල අවුරුදු ක්රීඩා සම්බන්ධීකරණය කරමින් සියල්ල මෙහෙයවූ ක්රීඩා කමිටුව නියෝජනය කරමින් නායකත්වය ලබාදුන් කණ්ඩායමට ආදරණීය ස්තූතිය පුද කරනවා.

එසේම වේල්ස් අපි සංවිධානය සංවිධානය කල මෙම දැවැන්තම වේල්ස් අපි අවුරුදු උදානය 2025 සංවිධායක කමිටුව නියෝජනය කල සියලුම දෙනාටත්, කමිටුව නියෝජනය නොකලත් සදහා දායකත්වය ලබාදුන් හැමෝටමත් හෘදයාංගම ස්තූතිය පුද කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 සිගිති අවුරුදු කුමරා සහ කුමරිය සමගින් අවුරුදු කුමරා සහ කුමරිය තෝරා ගන්නට විනිශ්ඡයෙන් දායකත්වය ලබාදුන්, Londis Nantymoel Bridgend Manager – Hasangani De Silva, Beyond Reality Make-up Artist –
Roshini Sulochana, OWL Financial Area Manager –
Riyancy Abeygunawardana, Artist / Chief Guests – Jananath Warakagoda ඔබ සැමට වේල්ස් අපි සංවිධානයේ ආදරය ගෞරවය හා ස්තූතිය පුද කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 මෙතරම් සාර්ථකව අවසන් කරන්නට, අනුශාසනා ලබාදුන් සැමටත්, දායකත්වය ලබාදුන් සැමටත්, ශක්තියක් වෙමින් සංවිධාන කටයුතු කල සැමටත්, දවස වර්ණවත් කල වෙලද කුටි පැවැත්වූ ව්යාපාරික ඔබ සැමටත්, තරග සදහා සහභාගී වූ මෙන්ම එදා දවස වේල්සයේ ලස්සනම දවස කරන්නට එකතු වූ සියලුම ආදරණීය ශ්රී ලාංකික ප්රජාවටත් අප ඉතා ආදරය ගෞරවය මෙන්ම ස්තූතිය පුද කරනවා.

වේල්සයේ ඉතිහාසය නැවත ලියන්නට තරම් මේ සා දැවැන්තම කර්තව්යක් වෙනුවෙන් වේල්ස් අපි සංවිධානය සමගින් නිබදව සිටින ශ්රී ලාංකික ඔබ අපගේ අද්වීතීය ශක්තියයි, විශ්වාසයයි. ආදරය සමගින් නැවතත් මෙවැනි සුන්දර දවසකදී හමුවෙමු. ලබන්නාවූ සිංහල, දමිල හා හින්දු නව වසර සුභ සුභ වේවායි වේල්ස් අපි සුභාශිංෂණ එකතු කරනවා.

වේල්ස් අපි 08 වන සංවත්සරය සදහා සැමරුම් කේක් සපයමින් දායකත්වය ලබාදුන් ඔබටත්www.walesapi.co.uk නිල වෙබ් අඩවිය නිර්මාණය කල ඔබටත්, 08 වැනි සංවත්සරයට සමගාමීව මාර/බෝපාගොඩ අනුර විද්යාලයේ ලමා ක්රීඩාංගණය ඉදිකරදීම සදහා පැවැත්වූ Raffle draw සදහා තාග් ලබාදුන් සැමටත්, එම ටිකට් පත් මිලදී ගනිමින් අදාල අරමුදල් රැස් කිරීමට ශක්තියක් වු ආදරණීය ඔබ සැමටත් අපගේ අවංක ආදර ස්තූතිය පුද කරනවා.

ගොවි තාත්තා

….සොඳුරු අඳ ගොවියෙකුගේ විදුර හද සකිය…..

හිඟුරක්ගොඩ නගරයට මායිම්ව

පිහිටි උණගලාවෙහෙර නම් අතිශයින් මනහර ගම්

පියසේ එක් කෙළවරක ක්ෂිතිජ ඉම තෙක් විහිදී පැතිරුණු

සරුසාර කෙත්වතු යාය වෙහෙස මහන්සි වී යෙහෙන්

අස්වැද්දීමම එකඳු ජීවිකාව බවට

පත්කොටගත් සෞන්ද්‍ර්‍යවාදියෙකු වූ දුගී අඳ ගොවියෙකු වූ

උක්කුං මහත්තයා නොහොත් ප්‍රේමරත්නත්

ඔහුගේ කලාකාමී සොභහවිකවාදී කුඨුම්භයත්

සිනමාපටයේ ප්‍රධාන වස්තු බීජය බවට පත්ව ඇත. 

මනුශ්‍ය ධර්මයන් සුරකින, ස්වාර්ථය පරයා පරාර්ථය

ගරුකරනා, සොභාදහමට ලෙන්ගතු ආදරණීයයෙකුගේ

අව්‍යාජ අභීත ආත්ම ප්‍රකාශනය ඊට හාත්පසින්ම විපරිත

වූ අතිධාවනකරී ධනවාදී අර්ථ ක්‍රමයත් එයින් වහනය වන

අධිපරිභෝජනවාදී  සමාජ ව්‍යුහයත් ඉදිරියේ වියැකී යන

ආකාරය සුභාවිත මියැසි සුයාමයකට මැදිව ශ්‍රී ලාංකේය

 සිනමාලෝලීන් හට තිළිණ කරවීමේ සංකල්පධාරීන්ගේ

මුක්‍ය අභිමතාර්ථය සරිලන අයුරින් මුදුන්පත් වන්නට ඇති

බව මා විශ්වාසකරමි. 

කිසිවෙකු කිසි ලෙසකින් අපේක්ෂා නොකෙරූ අයුරින්

සමස්ථ ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවගේම ජීවන මංපෙත

උඩුයටිකුරු කරවීමට සමත්කම් පෑ ගෙවුණු අසූව

දශකයේදී මෙරට ජාතික අර්ථ ක්‍රමය පශ්චාත් නූතනවාදී

දිශානතියට අනුගත කරවීමේ අරමුණින් සිදුකළ අතිශයින්

අභියෝගාත්මක වූත් අතිශයින් ආන්දෝලනාත්මක

වූත් සුවිශේෂීම දේශපාලන තීන්දුව වූ විවෘත්‍ර ආර්ථිකය

මෙරටට හඳුන්වාදීමත් එයින් ජන විඤ්ඤානයට එල්ල වූ

පසුගාමී බලපෑමුත් ප්‍රගතිගාමී සිනමාරූපණයට නෑකම්

කියනා මැදහත් දේශපාලනික දෘෂ්ඨිකෝණයකින්

විග්‍රහ කරගැනීමටද තිර රචකයා මෙන්ම අදියුරුවරයා

කදිම ප්‍රයත්නයක් දරා තිබෙන අයුරු සිනමාපටයේ යටිපෙළ

මැනවින් කියවාගන්නෙකු හට දැකගත හැකිවනු ඇත.

ජගත් චමිල ඇතුළු සිනමාපටයේ කොඳුනාරටිය හට

ජීවයසම්ප්‍රේෂණය කරනා ප්‍රදාන රාංගන ශිල්පීන් සියළු

දෙනාම විසින් තම චරිතයන් හුදු නිරූපණය කිරීමකින්

ඉතා ඔබ්බට ගොස් අදියුරුවරයාගේ විධානයන්ට නතු වන

කාල සීමාව තුළදී අදාළ චරිතයන් තුළ භාවාත්මිකව ජීවත්

වෙන්නට ඇති බව සිනමාපටය නැරඹීමෙන් අනතුරුව හද

කීරිගැසෙන සුළු ඉතාසංකීර්ණ සංවේදී

මනෝභාවයන් ගොන්නක වල්මත් වී සිනමාශාලාවෙන්

පිටතට පැමිණෙන බොහෝ පිරිසකට මැනවින්ප්‍රත්‍යක්ෂ

වන්නට ඇත.

ප්‍රදාන රංගවේදීන්

ජගත් චමිල

හිමාලි ස්‍යුරංගි

ධර්මප්‍රිය ඩයස්

සනත් චන්ද්‍රසේකර

සනත් විමලසිරි

දිමුතු චින්තක

එරික් මදනායක

ගාමිණී ජයලත්

ප්‍රසන්න දිසානායක

නදීශා රංගනී දයාරත්න

සූර්‍යා දයාරුවන්

සචිනි රණවක

ප්‍රසාදි නිමන්තිකා

නිරෝෂා විරාජිනී

සරත් බණ්ඩාර කොක්වැව

අත්තනායක බණ්ඩාර

දයා වයමන්

ලාල් සිරිසේන

සුරංජිත් සමීර රණසිංහ

සේනක ඩග්ලස්

මීට අමතරව සිනමාපටයේ ළමා රංගන ශිල්පීන් සියළුම

දෙනා විසින්ද චිත්‍රපටය තුළ ඉදිරිපත් කරන්නා වූ

යථාර්ථවාදී රාංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා

වූ රංගන ශිල්පීන්ගේ දැඩි උත්සාහයට හා කැපවීමට මනා

සාධාරණත්වයක් ඉටුකිරීමට සමර්ථ වී ඇති බවත්

පැහැදිලිව පෙනීයයි.

හඳුන්වාදෙන ළමා රංගන ශිල්පීන්

තෙනුක් රොද්‍රිගෝ

වාදිශ දිසානායක

දුල්මා දිසානායක

සගිත්නා ගමගේ

නෙත්මි දිසානායක

මෙතූප බිම්සර

චනුල් ඉමන්ජිත් කොක්වැව

රන්මිණි උත්තරා කොක්වැව

මෙත්සර කෞෂික

තිහාන් තිලකරත්න

පහාවී දිසානායක

එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්‍රතිභාව පූර්ණ

වශයෙන් විදහාපෑමට මං සලසාදුන් ප්‍රශස්ථ

සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන්

ත්‍රිත්වය විසින් සිනමාපටය රාමුගත

වන සංගීතමය ආක්‍යානය තුළ ඉහත සඳහන් කරන

ලද සමාජ – දේශපාලනික සංරචකයන් සියල්ල වඩාත්

හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට

මහත්රුකුලක් වී ඇති බැව් සිනමාපටය සමඟින් තියුණු

සබැඳියාවක් සකසාගත් සිනමා සංවේදී කා හට වුවද

වටහාගැන්මට අපහසු නොවනු ඇත.

සෑම රූපරාමුවකම පාහේ මිනිස් ඇසට මෙන්ම මනසටද

වඩාත් ප්‍රිය උපදවන සුළු සොභා අසිරියෙන් අනූන වූ

ස්ථානයන් රැසක සිනමාපටය රූපගතකොට තිබීමත්

ඒවායේ පාරිසරික සාධකයන්ට උචිත පසුතලයන්, රංග

වස්ත්‍ර හා රංග භාණ්ඩ ආදිය නිර්මාණයකොට භාවිතාව

තුළින් ඉහත සඳහන් කරන ලද තිරය හා

ප්රේක්ෂකයාගේ මනස අතර හටගන්නා සබැඳිය

ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව විශේෂ කාරණාවක්

ලෙස හුවාදැක්වීමට කැමැත්තෙමි.

උක්ත කාරණාවෙහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ

සිනමාපටයේ නිෂ්පාදකයා, අදියුරුවරයා, කැමරා

අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂකවරයා, රංග වස්ත්‍ර හා

මෝස්තර නිර්මාණශිල්පියා හා වේශ නිරූපණ ශිල්පියා හට

බැව් අවංකව ප්‍රකාශ කළ යුතුය.

හෙලවුඩ් සිනමාවේ මධුර ගීත රචකයින්, ගායක

ගායිකාවන් හා සංගීත නිර්මාපකයන් කිහිපදෙනෙකුගේම

නොමඳ ධායකත්වය සැපිරීම තුළින් ප්රේක්ෂක හදවත්

වසඟ කරවමින් පිනා යෑමට සමත් අතිශය

චමත්කාරජනක රූපරාමු රැසකින් සමන්විත

ගීතකිහිපයක් සිනමාපටය තුළ විද්‍යාමාන කරවීමට සංගීත

රස නිෂ්පත්තිය හොඳින්ම හඳුනන උක්ත අදියුරුවරයා

අමතකකොට නැතිවීම පිළිබඳව මාගේ හෘදයාංගම තුති

පිදීමට කැමැත්තෙමි.

නිෂ්පාදන කාර්‍ය මඬුල්ල

තාක්ෂණික පිටපත – ආචාර්‍ය සුනිල් රණසිංහ, දර්ශන රුවන්

දිසානායක

කතාව සහ අධ්‍යක්ෂණය | දර්ශන රුවන් දිසානායක

දෙබස් | ආචාර්‍ය සුනිල් රණසිංහ, දර්ශන රුවන් දිසානායක

නිෂ්පාදනය – සරත් බණඩාර කොක්වැව

නර්තන වින්‍යාසය | අයෝමි විජේසිරි

නිෂ්පාදන කලමනාකරණය | ලක්රුවන් ගුණතිලක, අත්තනායක බණ්ඩාර

සහය අධ්‍යක්ෂණය | ප්‍රසාදි නිමන්තිකා විජයරත්න, වසන්ත අමරසිංහ,

දිලිප් මධුරංග, වසන්ත වැල්ලවාය

දෘශ්‍ය ප්‍රයෝග | රුසිරු පන්නිලගේ

ඩිජිටල් වර්ණාකරණය | ආනන්ද බණ්ඩාර

ඇඳුම් නිර්මාණය | වසුන්දරා තෙන්නකෝන්

ඇඳුම් නිර්මාණ සහය | නදීශා නෙරන්ජලා සෙනෙවිරත්න

කලා අධ්‍යක්ෂණය | හරේන්ද්‍ර සංජය චන්ද්‍රරංජන

කලා අධ්‍යක්ෂණ සහය | තරිඳු ප්‍රදීප් රණතුංග, නිපුන් චතුරංග, රශ්මිත

නයනංජන, ඉන්දුක අතුකෝරාල, දයාවංශ විජයලත්

ප්‍රදාන වේශ නිරූපණ ශිල්පී සහ කෘතිම වේශ නිරූපණ නිර්මාණකරු |

නාරද තොටගමුව

වේශ නිරූපණ සහය | විදුර ශානක අබේධීර

කොණ්ඩා සැකසුම | ප්‍රේමලාල් ලියනගේ

ශබ්ද නිර්මාණ හා සම්මිශ්‍රණය | සසික රුවන් මාරසිංහ

සංස්කරණය | අජිත් රාමනායක

ගී තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය | දර්ශන රුවන් දිසානායක

කැමරා අධ්‍යක්ෂණය | නිශාන්ත ප්‍රදීප්

කැමරා නාභිගතකිරීම | ආර්. කේ. රංගන, පී. ගුණතිලක

නිෂ්පාදන සහය | රාමයියා ජයක්‍රිශ්නා, තරංග මදුවන්ත

සහය ගායනය | සචිනි නිසංසලා සඳමාලි, තුසිත් සිම්සන්, තිළිණ උදේශ්

හඬකැවීම | සදෙව් භාසණ බණ්ඩාර, ලාල් සරත් කුමාර, ගීතානන්ද

අබේසුන්දර, නිමල් ජයසිංහ, නෙතලි නානායක්කාර

තාක්ෂණික අධ්‍යක්ෂණය | චානක ද සිල්වා

නිෂ්චල ඡායාරූප | සචිත් රවිඳු බෝගොඩ, රුක්මන්ත තාරක

ඩ්‍රෝන ක්‍රියාකරවීම | එරන්ද කැළුම්, සුසන්ත වල්පොල

සිලිකන් කාර්මික ශිල්පීන් | සකුන්තලා තොටගමුව, රජිත

සඳරුවන්

මූර්ති නිපදවීම | ලක් ශ්‍රී වජිර

ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ දීප්තිමත් මතු අනාගතයක් දකිනු රිසියෙන් ස්වදේශීය

සිනමාකෘතීන් සිනමා ශාලාවක් වෙතට ගොස් නරඹන, ඒ පිළිබඳව ශාස්ත්‍රීය සංවාදයන්හී

නියලෙන, ඒවා ඇගයීමට රුචි සිනමාලෝලියෙකු විලසින් ද එසේම ස්වකීය ජීවන

මංපෙත වෙතට යම් තරමක හෝ අරුණැල්ලක් පතිත කරවාගන්නා අටියෙන්

ද යුතු මා මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක් සමඟින්

නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු

සම්පත් සැලසේවායි ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්

දිසානයක අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය මනඩලය වෙත

මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.සැකසුම –

හිරාන් ගමගේ

අපගේ ජීවිත ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ මග

ජීවිතයේ සාර්ථකත්වය කරා යන ගමනේදී පැහැදිලි ඉලක්ක තිබීම ඉතා වැදගත් වේ. නමුත් බොහෝ දෙනෙකුට තම ඉලක්ක කරා ළඟා වීමට අපහසු වන්නේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසාය. මෙන්න ඔබේ සිහින සැබෑ කරගැනීමට උපකාරී වන ක්‍රමවේද කිහිපයක්:

පැහැදිලි ඉලක්ක හඳුනාගන්න

ඔබේ ජීවිත ඉලක්ක මොනවාදැයි හොඳින් සිතා බලන්න. ඒවා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස වර්ග කරගන්න. උදාහරණයක් ලෙස අධ්‍යාපනික සුදුසුකම් ලබාගැනීම, වෘත්තීය දියුණුව, ආර්ථික ස්ථාවරත්වය වැනි ඉලක්ක විය හැකිය.

සැලසුම් සකස් කරන්න

හඳුනාගත් එක් එක් ඉලක්කය සඳහා පියවරෙන් පියවර ක්‍රියාමාර්ග සැලසුම් කරන්න. එක් එක් පියවර සඳහා කාල රාමුවක් නියම කරගන්න. මෙහිදී ඔබේ දක්ෂතා, සීමාවන් හා බාහිර සාධක සැලකිල්ලට ගන්න.

දෛනික පුරුදු වර්ධනය කරගන්න

ඔබේ ඉලක්ක වෙත ළඟා වීමට උපකාරී වන හොඳ පුරුදු ඇති කරගන්න. උදාහරණයක් ලෙස උදෑසන අවදි වීම, කාල කළමනාකරණය, ධනාත්මක ආකල්ප පවත්වාගැනීම වැනි දේ ඇතුළත් විය හැකිය.

බාධක ජය ගන්න

ගමන් මගේදී විවිධ බාධක හා අභියෝග මතුවනු ඇත. ඒවා අසාර්ථකත්වයේ සලකුණු ලෙස නොසලකා, ඉගෙනීමේ අවස්ථා ලෙස සලකන්න. අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියට යන්න.

ප්‍රගතිය නිරීක්ෂණය කරන්න

නිතර ඔබේ ප්‍රගතිය පිරික්සා බලන්න. සාර්ථක වූ දේ හා වැඩිදියුණු කළ යුතු දේ හඳුනාගන්න. අවශ්‍ය විට සැලසුම් සංශෝධනය කරගන්න.

ධනාත්මක මානසිකත්වය පවත්වාගන්න

සෑම විටම ධනාත්මක සිතුවිලි පවත්වාගන්න. අසාර්ථකත්වයන්ට බිය නොවන්න. ඔබේ හැකියාවන් ගැන විශ්වාසය තබන්න. සාර්ථකත්වය කරා යන ගමනේදී ඉවසීම හා දැඩි අධිෂ්ඨානය අවශ්‍ය වේ.

උපකාර පතන්න

අවශ්‍ය විට අන් අයගේ උපදෙස් හා සහය ලබාගන්න. ඔබේ ක්ෂේත්‍රයේ පළපුරුදු අය හමුවී ඔවුන්ගේ අත්දැකීම් ඉගෙන ගන්න.

තමන් ගැන සැලකිලිමත් වන්න

ඉලක්ක වෙත යන ගමනේදී මානසික හා ශාරීරික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. විවේකය, ව්‍යායාම හා පෝෂ්‍යදායී ආහාර රටාවක් පවත්වාගන්න.

මතක තබාගත යුතු වැදගත්ම කරුණ නම්, සාර්ථකත්වය යනු ගමනක් මිස ගමනාන්තයක් නොවන බවයි. එබැවින් එක් එක් ජයග්‍රහණය සමරන්න. කුඩා ජයග්‍රහණ පවා අගය කරන්න. මෙම ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබේ සිහින සැබෑ කරගත හැකි වනු ඇත.​​​​​​​​​​​​​​​​


 අහිමි හිමිකරු

Little Hands – Big Hearts !!!

(Thalapoorna School of SriLankan Dance)

නර්ථනය වූ කලී ශරීරය මූලික කොට, ශරීරය මාධ්‍යය කොටගනිමින්, ශාරීරික, මානසික, ශක්ති විභවයන්ගේ ඒකමතික සුසංයෝගයෙන් ශරීරයෙන් හටගන්නා කලාවයි. සන්නිවේදනය සදහා ශරීරය උපයෝගීකොට ගැනීම නර්තනය ලෙස දැක්විය හැකිය.

            කාළගුණික දේශගුණික තත්වයන් අනුව ලෝකයේ සෑම රටකම පාහේ ඒ ඒ පරිසර තත්වයනට අනුකූලවන පරිදි ගොඩනගා ගත් විවිධ නර්තන සංස්කෘතීන් දැකිය හැකිය. ඒවා ඒ ඒ එක් එක් රටවල සංස්කෘතික හැඩය ගනී.

             වසර 2500 කටත් එපිට ඉතිහාසයකට උරුම ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාව එම භූමියටම ආවේණික විචිත්‍රවත්වූ  සංස්කෘතික විවිධත්වයෙන් අපූරු දේශීය නර්තන කලාවක නිජබිමකි.

උඩරට,පහතරට,සබරගමු වශයෙන් දේශීය නර්තන කලාවන් ත්‍රයක් ඈත අතීතයේ සිටම පෝෂණය වෙමින් පැවත එන අතර එය ලෝකය හමුවේ දිගහැරෙන්නේ ප්‍රේක්ශකයන් අමන්දානන්දයට පත්කරවමිනි.

              රටක සංස්කෘතිය මනාව ගෙනහැරපාන්නේ ඒ රටේ පවතින කලාවන්ගෙනි. සංස්කෘතිය කෙරෙහි ලොබ බදින්නන් කලාව ඇසුරු කරන්නට අමතක නොකරති.

               තම මාතෘ භූමියෙන් පිටතට පැමිණියත් තම භූමියට, සංස්කෘතියට ලොබ බදින හෙළ දරුවන් අපේ කලාවන් රැකීමටත් ඒවා ඇසුරු කිරීමටත් නොපසුබසිති. ශාරීරික, මානසික, නිදහස්බව, ලිහිල්බව නිරායසයෙන්ම ලගා කරගැනීමට එකී කලාවන් ඇසුරු කිරීමෙන් හැකිවනු ඇත.

දේශීයත්වය තව තවත් ඔසවා තබන්නටත්, අපේ කලාවන් අගය ලොව වෙත ගෙනයාමටත්, දරුවන්ගේ ශාරීරික, මානසික, චිත්තවේගීය නිව්‍යාජ නිදහස උදාකරලීමටත් අදිටන් ඇතිව 2025 අප්‍රේල් 05 වන දින තාලපූරණ නර්තන පාසල මගින් Alder Hey ළමා රෝහලට ආධාර පිණිස මහා සංස්කෘතික සංදර්ශනයක්/ නර්තන පෙළහරක් පෑමට ලහි ලහියේ මේ දිනවල සූදානම් වෙමින් පවතී.

       40 කට ආසන්න සිසු පිරිසක් ඒකරාශී කරගනිමින්, ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරයේ වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ, නොමිළයේ පවත්වාගෙන යනු ලැබූ තාලපූර්ණ නර්තන පාසල (Thalapoorna School of SriLankan Dance) ඇකඩමියෙහි පළමු නර්තන සංදර්ශනය 2025 අප්‍රේල් මස 05 වන දින ලිවර්පූල් Light House හීදී පැවැත්වීමට නියමිතය.

                ශ්‍රී ලාංකේය පරිසරය තුළ දේශීය නර්තනය හදාරන දරුවෙකුත්, බ්‍රිතාන්‍ය පරිසරය තුල ශ්‍රී ලාංකේය නර්තනය හදාරන දරුවෙකුත් ඉදුරාම වෙනස්‍ වේ. එහිදී අරමුණෙහි පටන් බොහෝ විවිධතා හටගනී. බොහෝවිට බ්‍රිතාන්‍ය පරිසරය තුල හැදී වැඩෙන දරුවෙකුට සම්විටෙක තම මව්බස කතාකිරීමට පවා අපහසු අවස්ථා ඇත. සම්විටෙක සංස්කෘතිය පිළිබද කිසිදු අල්පමාත්‍රයක දැනුවත්බාවයක් නොමැතිබවද වියහැකිය. නමුත් තම දේශයට මෙන්ම එකී කලාවන්ට ඇති ආදරය, ඇල්ම, එකී අපහසුතා අභිබවා නැගී සිටින්නේය.

    එලෙස තම දේශයට ඇති ලැදියාව හා සෙනෙහස පෙරදැරි කරගනිමින් ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන කලාව හා නිර්මාණාත්මක නර්තන කලාවන් තාලපූර්ණ නර්තන පාසලේ දරුවන් විසින් හදාරනු ලබයි.

           නර්තනය වූ කලී සුසමාහිත පෞර්ෂයෙන් හෙබි දරුවකු නිර්මාණය කිරීමෙහි ලා ඇති අනගි අවස්තාවකි. දරුවා තුළ කායික,මානසික ශක්තිමත් භාවයක් හා ස්ථීරබාවයක් නර්තනය ඉගෙනුමෙන් හටගනී.

          ඉගැන්වීමට වඩා ඉගෙනුම ප්‍රශස්ථය. දරුවාට ඉගැන්වීම නොව ඉගෙනුමට අවස්ථා ඇතිකරලිය යුතුය. ඉගෙනුම තුළින් දරුවා සොයා යන්නටත්, තම අවශ්‍යතා නිවැරදිව හදුනාගන්නටත්, ඒවාට අවශ්‍ය පිළියම් සොයාගන්නටත් පෙළඹේ. වැඩිහිටියන් ලෙස අප කල යුත්තේ දරුවන් ඉගෙනුමට පෙළඹවීමය. ඉගෙනීමේ ආස්වාදජනක බව දරුවා විසින්ම පසක් කරගත් පසු දරුවා ඉගෙනීමට පෙළඹවේ. පෙළඹවීම හඹා යාමට මග පාදයි. අධ්‍යාපන හඹායන දරුවා තම ඉලක්ක වෙත පහසුවෙන් ලගා වේ. එහිදී දරුවන් ජීවත්වෙමින් උගනී. මිනිසා ජීවත්වීමට ඉගෙනීම මිසක, ඉගෙනීම සදහා ජීවත් නොවේ.

දරුවනට තම සාමාජීය, අධ්‍යාපනික කටයුතුවලදී දැනෙන විඩාබර බව ලිහිල් කිරීම සදහා උචිතම පියවර වන්නේ දරුවන් සෞන්දර්‍යාත්මක හෝ ක්‍රීඩාමය කටයුතු සදහා යොමු කිරීමය. එහිදී දරුවන් එකී විශයන් තම කැමැත්තෙන් අධ්‍යනය කිරීම තුළ, දරුවන් ශාරීරික, මානසික තෘප්තිමත්බාවයට පත්වේ. සෞන්දර්‍යාත්මක විශයන් හැදෑරීමෙන් වින්දනාත්මක් ක්ෂේත්‍රය දරුවන් තුළ වඩාත් හොදින් වර්ධනය වන අතර එමගින් ජීවිතයේ බොහෝ අවස්තාවලදී එය සිසිලසක් ගෙනදෙන්නක් බවට පත්වේ.

                       නර්තනය යන විශය බොහෝ විශයයන්වල එකතුවෙන් සකස් කෙරුණකී.  නර්තනය කරනු ලබන්නේ පිරිසක් හමුවේය. එබැවින් තමා තුළ තමා වෙනුවෙන් නැගී සිටීමට මානසික, ශාරීරික ස්ථීර ශක්තියක් අවශ්‍යය. ශරීරය එකවර නිසිලෙස හැසිරවිය යුතුය. සුන්දර, අසුන්දර බව පිළිබද මිනුමක් තිබිය යුතුය. ශාරීරික නිරෝගි බව, මානසික නිරවුල් බව, ප්‍රියමනාප බව, නිවැරදි හැගීම් ප්‍රකාශන ශක්තිය, එඩිතර බව, නිසිබව, විවිධත්වය, ඇගැයීම, තර්කනය, කඩිසර බව, දරාසිටීම, වැනි බොහෝ ශක්තීන් නර්තනය හදාරන දරුවකු තුළ ක්‍රමයෙන් මෝරා වැඩෙයි. එබැවින්ම නර්තනය හැදෑරිය යුත්තේ නැට්ටුවෙකු වන්නටම පමණක් නොව එය එක් පැතිකඩක් පමණී. එය සෑම කෙනෙකුම හැදෑරිය යුත්තේ එමගින් එම විෂය තුළ පවතින විපුලතා හදුනාගෙන එය ජීවිතයට ලගා කරගනිමින් ජීවිත ජයග්‍රහණයට උරදීමටය.

                  තාල පූර්ණ නර්තන පාසලේ පුංචි දරු දැරියන් අවුරුදු 3 සිට මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දරු දැරියන්ද අධ්‍යාපනය ලබන  අතර අපගේ එකම අරමුණ නර්තකයන් බිහිකිරීමම පමණක් නොව, තම සංස්කෘතිය හා කලාවන් පිළිබද දරුවන්ගේ දැනුම වර්ධනය හා දරුවන්ගේ කුසලතා සංවර්ධනය කරමින් නිවැරදි ආකල්ප වලින් පිරිපුන්, කායික හා මානසික වශයෙන් සුවපත් දරුවකු බිහිකිරීමය. කායික හා මානසික ශක්තීන්ගේ එකමුතුවෙන් උපදින නර්තනය ජීවන ගමනට ශක්තිමත් අඩිතාලමක් ලෙස එක්කර දීමය.

             2025 “Little Hands – Big Hearts”  සංකල්පය පෙරදැරිව තාල පූර්ණ නර්තන ප්‍රසංගය Alder Hey ළමා රෝහලට ආධාර පිණිස පවත්වනු ලබනුයේ ආකල්පමය වශයෙන් දරුවන්ට තවත් පියවරක් ඉදිරියට තබන්නට අත්වැල් සපයමිනි. 2025 අප්‍රේල් 05 වන දිනට යෙදෙන ප්‍රසංගයට පෙරාතුව මාර්තු මස 30 වන දිනට යෙදී තිබෙන ලාංකේය උඩරට නර්තන කලාවේ හිසවෙස් තැබීමේ මංගල්‍යය හා පායිම්පත් තැබීමේ මංගල්‍යය ලාංකේය නර්තන කලාවේ ප්‍රථම මහාචාර්‍යවරයා, මහාචාර්‍ය මුදියන්සේ දිසානායකයන්ගේ සහභාගීවීමෙන් සුභ මොහොතින් සිදු කිරීමට නියමිතය.

ඒ සදහා ඔබ සැමට ගෞරවනීයව ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරය වෙත අරාධනා කෙරේ.

සාම්ප්‍රදායික හිසවෙස් හා පායිම්පත් තැබීමේ මංගල්‍යයක් නැරඹීමට ඔබ සැමට ආරාධනා!!!

තේජා

…..නූතන පරමාදර්ශී ස්ත්‍රීත්වයේ ගවේශණාත්මක සිනමා

ප්‍රක්ශේපනය…..

තම ස්වාමි පුරුෂයා හට යහපත් බිරිඳක විලසිනුත් තම දරුවන් හට යහපත්

මවක විලසිනුත් ආදර්ශමත් කුඨුම්භ දිවියක් ගතකරමින් සිටින මැදිවියේ පසුවන

තේජා නම් ස්ත්‍රියගේ දිවි සැරිය මූලික ප්‍රස්තුතය කොටගනිමින්, ඇගේ පෞද්ගලික

දෘෂ්ඨිකෝණය ඔස්සේ සිනමාපටය දිශානුගත වන බව සිනමාපටයේ ආක්‍යානය

සම්බන්ධයෙන් සැකෙවින් පැවසිය හැකිය.

සිය ස්වාමියා හට අනපේක්ෂිත ලෙසින් මුහුණපාන්නට සිදුවන භිහිසුණු උවදුර

පසුබිම්කොටගෙන තේජාගේ දිවිසැරියේ සිදුවන අභියෝගාත්මක විපර්‍යාසයන්

තාත්විකව ගෙනහැරපාමින් සහ එයම හිණිමගක් කොටගනිමින් ශ්‍රී ලාංකේය

වෘතීය අරගල ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් ඉතිරි කරවන්නට සමත්

වූ, වර්ෂ 1982 ත් 1985 ත් අතර කාලසීමාවේදී එක්තරා නිදහස් වෙළඳ කලාපයක

එක්තරා ඇඟළුම් කම්හලක් ඇසුරු කරගනිමින් එහි පීඩාකාරී කළමනාකරණ

උපක්‍රම මෙන්ම දුක්ඛිත සේවා කොන්දේසි වලට එරෙහිව දියත්වුණු කාන්තා

කම්කරු අරගලය පිළිබඳව ප්‍රමානවත් කතිකාවතක් ගොඩනැංවීමට තිර රචකයා

සහ අදියුරුවරයා අප්‍රතිහත වෑයමක් දරා ඇති බව පෙනෙන්නට තිබේ.

නිර්මළ ස්ත්‍රීත්වයත්, මනුදම් පහවගිය දේශපාලනයත්, ධණවාදය පෙරටුකොටගත්

වාණිජකරණයත් පශ්චාත් නූතනවාදී සමාජ, සංස්කෘතික, ආගමික සංදර්භයන්

ඉදිරිපිට අහඹු ලෙසින් එකිනෙක අතිඡ්චාදනය වීම වඩාත් තාත්විකව සහ

සිනමාත්මක නීති රීතීන් හට අවනත වෙමින් ප්‍රශස්ථව පිළිපිඹු කිරීමට

සිනමාපටය උදෙසා රංගනයෙන් දායක වූ ප්‍රතිභාන්විත රංගවේදීනී නීටා ප්‍රනාන්දු මහත්මිය

ඇතුළු අනෙකුත් සියලුම රංගවේදීන් පැසසුම්ලාභී මෙහෙයක් ඉටුකොට ඇති බව

නොවළහා පැවසිය යුතුයි.

රංගවේදීන්

නීටා ප්‍රනාන්දු

අයිරාංගනී සේරසිංහ

මහේන්ද්‍ර පෙරේරා

අනුරුද්දිකා පාදුක්කගේ

චමිලා පීරිස්

සුජානි මේනකා

අතුල පතිරණ

ශ්‍රීමාල් වෙඩිසිංහ

කේ. ඒ. මිල්ටන් පෙරේරා

කුමා අත්තනායක

මෙලනි අශෝකා

කරුණාරත්න අමරසිංහ

මිලින්ද පෙරේරා

කුමාර සිරිවර්ධන

ඩී. බී. ගංගොඩතැන්න

රහල් බුලත්සිංහල

ගුණවර්ධන හෙට්ටිආරච්චි

නිලන්ති ගුණවර්ධන

රවිනි විරංගා (ළමා නිළි)

හෙලවුඩ් සිනමාපටයන්හි ඉතා කලාතුරකින් දක්නට ලැබෙන සිනමා සංගීතය හා

චිත්‍රපටය තුළ දිගහැරෙන රූප රාමු එකිනෙක මනාව අතිච්චාදනය වී තිබීම

තුළින් ප්‍රේක්ෂකයා හා සිනමාපටය අතර ඉතා ශක්තිමත් බැඳීමක්

නිර්මාණයකොට තිබීම ස්මස්ථ නිර්මාණයේ සාර්ථකත්වය තවදුරටත් ඔපමට්ටම්

කිරීම සඳහා විශාල පිටුවහලක් සපයන බව කිවයුතු විශේෂ කාරණාවකි. මීට

අමතරව සමස්ථ සිනමාපටය පුරාවටම දිගහැරෙන එකම ගීතය මෙන්ම එහි

තේමා ගීතයද වන “ ලිහිණියක නොවී “ ගීතය තුළින් සිනමාපටයේ සමස්ථ

භූමිකාව කාව්‍යාත්මක පද පේළි කිහිපයක් තුළ සකසුරුවම්ව සංගිත කරවන්නට

සමත්වීම ද ඇගයීමට ලක්විය යුත්තක් සේ දකිමි.

ගීත රචනය – වසන්ත කුමාර කොබවක

සංගීතය – නවරත්න ගමගේ

ගීත ගායනය – උමාලි තිලකරත්න

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති

කරවන මෙවන් අවංක ආත්මීය ප්‍රශස්ථ සිනමා භාවිතාවක් පුරා දශක අටකට

ආසන්න හෙලවුඩ් සිනමා වංශකතාව වෙත තිළිණ කරවීම උදෙසා ස්මස්ථ

නිෂ්පාදන කණ්ඩායම දරනු ලබන අපමණ වෙහෙස හා කැපවීම සියළුම

දේශප්‍රේමී හෙලවුඩ් සිනමාලෝලීන්ගේ ස්ම්භාවනාවට ලක්විය යුතු බව සිතමි.

නිෂ්පාදන කණ්ඩායම

තිර රචනය සහ අධ්‍යක්ෂණය – නිලන්ත හපන්වීර

නිෂ්පාදනය – නීටා ප්‍රනාන්දු, සුරංග ද අල්විස්, මහීල් ආර්. පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය – කාවින්ද රණවීර

සංස්කරණය – ස්ටැන්ලි ද අල්විස්

සංගීතය – නවරත්න ගමගේ

කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම

ශබ්ද සංකලනය සහ ශබ්ද ප්‍රයෝග – ලයනල් ගුණරත්න, සශික රුවන් මාරසිංහ

සහය අධ්‍යක්ෂනය – චන්දන ඉරුගල්බණඩාර

නිෂ්පාදන කළමනාකරණය – සරත් වීරසේකර

අංග රචනය – මනෝ සෙල්වරාජ්, හංසක සුහීර

මාධ්‍යය සම්බන්ධීකරණය – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

වීරයා, දුෂ්ඨයා, පෙම්වතිය පෙරටුකොටගත් තුන්කොන් ආදරය ඉස්මතුවෙන

කතාංගයන් හෝ රාජකීයත්වය සමගින් පෑහුණු බෞද්ධ සංස්කෘතිය ඔප්නැංවෙන

කතාංගයන් හෝ තේමා කරගන්නවා වෙනුවට අභියෝගාත්මක,

ආන්දෝලනාත්ම්ක තේමාවන් තෝරාගෙන සිනමා නිර්මානකරණයට පිවිසීමේ

වත්මන් ධණාත්මක ප්‍රවණතාවය පිළිබඳව සිනමා කර්මාන්තයේ සහ ටෙලිවිෂන්

මාධ්‍යයේ වෘතීය තිර රචකයෙකු ලෙසින් කටයුතුකරන මා හට ඇත්තේ හද පිනා

යන සන්තුෂ්ටියක් බව මා අවංකවම පවසමි.

සම්ප්‍රධායික ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින්

යාවත්කාලීන වන නැවුම් අනාගත ශ්‍රී ලාාංකේය සිනමාවක පහස විඳීමට කැමති

සියළු දේශානුරාගී සිනමායලෝලීන් සඳහා නුදුරේදීම මෙම චිත්‍රපටය නැරඹීමට

අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් මා ඉතා ප්‍රයමෝදයට පත්වෙමි.

එමෙන්ම තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය තුළින් හෙලවුඩ් සිනමා වාංශකතාවේ

අදියුරු භූමිකාවට පිළිපන් කෝඩුකාර සිනමාකරු නිලන්ත හපන්වීර මහතා හට

මෙම සිනමාපටය සමඟ දීර්ඝ චාරිකාවක් යාමටත් නුදුරු අනාග්‍තයේදී මෙවන්

තවත් අපූරු නිර්මාණයකින් අප හමුවට පැමිණීමටත් අවැසි සියළු හේතු සම්පත්

සැලසේවායි මා මුළු හදවතින්ම පතමි.

සැකසුම – හිරාන් ගමගේ

Q20 with අමා | සහන් රන්වල


ශ්‍රී ලාංකීය ජන සංගීතය වත්මනෙහි ජනගත කරන ඇදුරුතුමා සහන් රන්වල


ලාංකීය මහ පොළොවෙ පිනට පහල වු ශ්‍රේෂ්ඨ කලාකරුවානන් අචාර්ය ලයනල් රන්වල සුරින් ජන සංගීතය වත්මන් සමාජයේ ජනගත කිරිමට දැරු ප්‍රියත්නය ඔහුගෙන් පසු ඔහුගේ ලෙයින් දැයට උරුම වු
විශිෂ්ඨ පුත්‍රරත්නය සහන් රන්වල කලාකරුවානන් ඔහුගේද පසු පරපුර සමග දේශීයත්වය ලෝකයට ගෙනයන රන්වල බලකාය පිළිබදව ආඩම්බරයෙන් කතා කරන යුගයක සහන් රන්වල ගුරුතුමා සමග යෙදුන පිළිසදර වචන කරන්නට ලැබුන අවස්ථාව මෙසේ දිග හරින්නටයි සුදානම….

1. ඔබේ ජිවිතයේ අමතක නොවන දවසක්
තාත්තාගෙ අභාවයෙන් පස්සෙ අපි ඉස්සෙල්ලාම කරපු ගම show එකට  ආපු සෙනග දැකපු දවස. මම එදා එතනට ආවෙ විභාගයක් ඉවර කරලා පරක්කුවෙලා.
මම එනකොට විශාල සෙනග කන්දරාවක් හෝල් එක පුරවලා. තව ඒ තරම්ම ගොඩක් ඉඩ නැතුව හැරිලා යනවා. මට ඒ දවස නං අමතක වෙන්නෙ නෑ.

2. ඔබ මුමුණන නව පරපුරේ ගීතයක්
ඩැක්කි  –  අන්ජලී බණ්ඩාර

3. ඔබ අධ්‍යනය කල වර්තමානයෙහි පරිහරණය වන විෂයක්
මම ඉගෙන ගෙන තියෙන්නෙ නොයෙක් අංශ වලින්. ඉතිං මට හැම දේකදිම මම ඉගන ගත්ත දේවල් පරිහරණය වෙනවා. විශේෂයෙන් කළමනාකරණය

4. දිනපතා නොවැරදීම ඔබ කරනා දෙයක්
උදේ නැගිටපු ගමන් ටික වෙලාවක් හරි මගේ පොත අරගෙන මොනවා හරි ලියන එක

5. ඔබ නැරඹීමට, නියැලීමට කැමතිම ක්‍රීඩාවක්
ක්‍රිකට්

6. ඔබ අනුගමනය කරන සෞඛ්‍යයට හිතැති පුරුද්දක්
උදේ නැගිටපු ගමන් වතුර බොන එක

7. විවේකයක් ලැබුනොත් නවතින්න හිතෙන තැනක්
නුවරඑළිය

8. ඔබ ඔබගේ කැමතිම ගුණාංගක්
අනේ මන්දා. ඕන තත්වයක් යටතේ විහිලුවක් කරගෙන ඉන්න පුළුවන් එක වෙන්න ඇති

9. ඔබට නැවත කියවන්න හිතෙන පොතක්
චයිනමන්

10. ඔබ ගැන හිතට එකගව කතා කල හැකි කෙනෙක්
අම්මා

11.  ඔබට ජිවිතයේ ආපස්සට යන්න පුලුවන් වුනොත් වෙනස් කර ගන්නා දෙයක්
මුකුත්ම නෑ. තාත්තව මගෙයි  අයියගෙයි දරුවො දකින්න තියා ගන්න ආසයි.

12. ඔබේ ජිවිතයේ වටිනාම කෙනෙක්
පුතා

13. ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකිය ආහාර වර්ගයක්
කිරියා


14. ඔබ වෙනුවෙන් වෙන කෙනෙක් කල අමතක නොවන දෙයක්
කෙනෙක් උදව්වක් කළා නම් ඒක කවදාවත් අමතක කරන් නෑ

15. සහන් රන්වල ගැන ප්‍රේක්ෂක අප නොදන්නා දෙයක්
වැඩක් නොකර නිකං ඉන්න වුණොත් පිස්සු වගේ

16. රංගනය, ගායනය, වාදනය, තනු නිමැවිම්, ගුරු වෘත්තීය සහ ඔබ උගත් විෂයන් අතරින් ඔබ නියැලිමට වඩාත් ප්‍රිය
ඒ එකක් වත් නෙමෙයි. නිවේදනය.

17. ලයනල් රන්වල ඔබේ පියා ඇසුරෙන් ඔබට දායාද වුන වටිනාම තිළිණයක්
ඊළඟ පරම්පරාව දෙස ආදරෙන් බලන එක

18. රන්වල බලකායෙහි ගැයෙන ඔබේ ප්‍රියතම ගීතයක්
සක්වල පුරා

19. රන්වල බලකාය නිසා එතෙක් මෙතෙක් ලද
අමතක නොවන සිහිවටනක්
චීනයේ ෂැන්ජියාජි නුවරදී ලොව හොදම ජන ගී කණ්ඩායම ලෙස සම්මානයට පාත්‍ර වීම.

20. ජන සංගීතයට ප්‍රිය අයට රන්වල බලකායෙන් පණිවිඩයක්
ජන සංගීතය අපි හැමෝටම අයිති දෙයක්. තමන්ට පුළුවන් තරමින් ඒක රැක ගමු.

අමා නාකන්දලගේ

World අවුරුදු කුමරා කුමරිය එංගලන්තයේදී වෙන්නෙ මෙහෙමයි

1) වසන්ති, කොහොමද මේ දවස් වල ජීවිතේ

මේ දවස්වල ජීවිතය නම් ඇත්තටම ඉතාම කාර්යබහුලයි. ගොඩක්ම කාර්ය බහුල වෙලා තියෙන්නේ අපි පවත්වන world  අවුරුදු කුමරා කුමරිය 2025 එකේ national director uk විදිහට මම වැඩ කරනවා.  ඉතින් ඒක නිසා ගොඩක්ම කාර්යබහුල වෙලා තියෙනවා. මේ වන විට මගේ ඩිග්‍රිය එකේ final complete කරන්න තියෙනවා.  එකේ වැඩකටයුතු පටන් අරන් තියෙනවා ඉතින් තව මම බියුටි කෝස් එකකට level 3 එක complete කරගෙන යනවා. ඒත්  එක්කම ශ්‍රී ලංකාවේ teledrama එකක් ප්‍රඩියුස් කරනවා. ඒකට මම ලංකාවට ලබන සතියේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒවත් එක්ක  teledrama  preducer  කෙනෙක් විදියට මම මගේ දෙවනි ටෙලි නාට්‍යය නිෂ්පාදනය වෙනවා ශ්‍රී ලංකාවේ මේ වන විට. ඉතින් ඒකේ වැඩ කටයුතු වලට මම ලබන සතියේ නැවත ලංකාවට යනවා. ඉතින් ඒ කටයුතුත් සමගම ලොකු වැඩ කොටසක් මට පැවරිලා තියෙනවා එංගලන්තය ඇතුලත. ඉතින් ඒ ඒ  එංගලන්තය ඇතුලතට විතරක් තිය සීමා වක් නෙමෙයි අපේ මේ වැඩසටහන ඉතින් සම්පූර්ණ united කින්ඩම් එකේම අපි මේක ව්‍යාප්ත වෙන වැඩසටහනක් විදිහට ඇත්තටම මේ දවස්වල මම විසිවෙලා ඉන්නේ.

2) ඔයගේ කලා කටයුතු ගැන, කලාවට සම්බන්ද වුන කාලය අපි පොඩ්ඩක් මතක් කරමුකො

මගේ කලා කටයුතු සහ සම්බන්ධ උන කාලය ගැන කිව්වොත් මම 1999 තමයි කලාවට සම්බන්ධ වෙන්නේ සහ එතැන් පටන් මම ටෙලි නාට්‍යය පහළොවකට වැඩි ප්‍රමාණයකටත් චිත්‍රපටි පහකටත් ඒ වගේම tv commercial  25 කටත් වැඩි ප්‍රමාණයකට දායකවත්වය ඒ කාලයේ දුන්න කෙනෙක්. ඉතින් මමත් කලාවට සම්බන්ධ වෙන්නේ ඇත්තටම අනවුන්ස  කෙනෙක් විදිහට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ tnl එකේ ගියපු සවනට ගීමදු කියන වැඩසටහන ඔස්සේ තමයි මම නිවේදිකාවක් විදියට කලඑළි බහින්න. එතනින් පස්සේ මම freelancer කෙනෙක්එ ගොඩක් චැනල්වල අපි කිව්වොත් රූපවාහිනී.  ස්වර්ණවාහිනියේ චැනල්ස්  වල tnl  වගේ ඒකත් එක්ක මම ගොඩක්ම සම්බන්ධ වෙන්න ඊට පස්සේ ටෙලි නාට්‍යවලට. ඉතින් මගේ අවුරුදු පහක කාලයක් තමයි මම ඇත්තටම මේ ක්ෂේත්‍රයේ දිගටම රැදුන එක දිගට වැඩ කරපු කාලයක් විදියට 2004 වෙනකන් තමයි මගේ අවසාන teledrama එක වසූදා. ඉතින් ඒ වෙනකම්ම මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණ සහ ෆිල්ම් සහ ටීවී commercials  කියන හැම පැත්තකින්ම. මගේ ජීවිතයේ හොඳම කාලෙක කියන්නේ අපි කලාවේ හොඳම කාලයේදී මම කලාවෙන් අයින් වෙනවද 2004 දී එහෙ මගේ ව්‍යාපාර සහ මගේ විවාහය සහ ව්‍යාපාර කටයුතු නිසා. ඉතින් එහෙම තමයි, මම කලාවට සම්බන්ධ වෙන්නේ මුලින්ම tnl එකේ සවනට ගීමදු හරහා. ඒකෙන් මම නිවේදනයත් රඟපෑමක් සහ නිරූපණය හැම අංශයක්ම නියෝජනය කරලා තියෙනවා.

 එතනින් පස්සේ මම කලාවට ආපහු සම්බන්ධ වෙනවා නිෂ්පාදිකාවක් විදිහට 2023 අවුරුද්දේ, එතකොට මගේ පළවෙනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය තමයි ඒක. ඇත්තටම සම නිෂ්පාදනයක් විදිහට මම ව වැඩ කරනවා. ඒකෙ එක මගේ අනිච්චාවත සංඛාරා කියන ටෙලි නාට්‍ය, ඒක 2023ම අපි නිෂ්පාදනය කරා 2023 දෙසැම්බර් වෙනකොට එක විකාශනය ජාතික රූපවාහිනිය ඔස්සේ  වුනා. සහ දැන් මෙහ මේ වෙනකොට මගේ දෙවැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනයත් ඒක සම නිෂ්පාදකාවක් විදියට ඒකෙත් වැඩ කරනවා. මම ඒක මේ දිනවල, ඒ කියන්නේ මාර්තු අවසාන සතියේ රූගත කිරීම් කෙරෙනවා. ඒකට මම ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් නිෂ්පාදිකාවක් විදිහට තමයි සහ මම ඒකේ රඟපානවා. මගේ පළවෙනි ටෙලි නාට්‍යයේ  පොඩි චරිතයක් නිරූපණය කරා. මේකේ ටිකක්, ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් කරන්න තියෙනවා. ඇත්තටම මේකෙ සෑහෙන රෝල් එකක් මට කරන්න තියෙනවා. මූලික ඒ කියන්නේ  නිෂ්පාදන කටයුතු සහ ඒ පළවෙනි එපිසෝඩ් කිහිපය මේ මාර්තු අන්තිම සතියේ රූගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා තමයි මම ලංකාව ඇතුළෙ මේ වෙනකොට කලා කටයුතුවලින් සම්බන්ධ වෙලා ඉන්නේ. නැවතත් නිෂ්පාදනයෙන් සහ රඟපෑමෙන් දායක වීමේ බලාපොරොත්තුවෙන් තමා මම මේ කාලය තුළ ඉන්න කලා කටයුතු සම්බන්ධයෙන්.

3) එංගලන්තයට එන්නෙ කොයි කාලයේද සහ එංගලන්ත ජීවිතය ගැන කිව්වොත්

මම එංගලන්තෙට එන්නෙ ඇත්තටම මුලින්ම 2018 අවුරුද්දේ. නැවත මම පොඩි කාලයක් ඇතුලත නැවත ලංකාවට  ගිහිල්ලා මගේ දරුවෝ සමගම ආපහු එංගලන්තෙට එන්න 2019 අවුරුද්දේ පෙබරවාරි වල.  ඉතින් මේ වෙනකොට මං අවුරුදු හයකට වැඩි කාලයක් එංගලන්තය තුළ ජීවත් වෙනවා.  ජීවත් වීමේදී ගොඩාක් අභියෝග රැසකට මූණ දෙන්න වුනා. පළවෙනි අභියෝගය තමයි මෙහෙ weather  ඒකට ඒ කියන්නේ මෙහේ කාල ගුණ දේශගුණක තත්ත්වයට හුරු වීම.  ඉතින් ඒක තමයි අදටත් තියෙනවා අමාරුම කාර්ය කියල මං හිතන්නේ. කාල ගුණික දේශගුණක තත්ත්වය ඇරුනහම ඇත්තටම එංගලන්තය තුළින් මට ලැබුණු දේ බොහෝයි. මම දැන් මේ වෙනකොට එංගලන්තයේ ඉගෙන ගන්නවා විශ්ව විද්‍යාලයක.  මම  පටන් ගත්තේ මෙහේ කොලෙජ් එකක. බියුටි  සයිඩ් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම health care, social service ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මට ගොඩක්  oppotunaties  මේ රට ඇතුලෙදි ඇත්තටම හම්බවුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් කිව්වොත් එංගලන්තෙ ජීවිතය ලේ සිත් නෑ ඇත්තටම අමාරුත් නෑ. ගොඩක්ම මේ දේශගුණික කාලේ ගුණික තත්වයන්ට පොඩි හුරුවීමක් තමයි තාමත් හුරු වෙනවා වගේ තමයි දැනෙන්නේ මට

4) Wold අවුරුදු කුමරා කුමරිය, මොකද්ද මේ කවුරුත් කතාකරන Event එක

world අවුරුදු කුමරා කුමරිය,  ඇත්තටම මේක ගැන කිව්වොත් මේ වෙනකොට රටවල් 12ක් ඉන්නවා. මම කිව්වොත් මේක මොකක්ද කියලා. මේක අපේ සිංහල සංස්කෘතියට සම්බන්ධ වැඩසටහනක් සහ අපේ එංගලන්තය. දැන් මම මේකේ නියෝජනය කරන්නේ united kingdom එක. අපි මේ රටේ ඉන්න ශ්‍රී ලාංකික දුවා දරුවන්ට අවස්ථාවක් උදා කරල දෙනවා බියුටි පැජෙන්ට් එකක් තමයි මේක අවුරුදු කුමරා කුමරිය කියන එක අපි හැමෝම දන්නවා කවුරු මොකක්ද මේ අවුරුදු කුමරා කුමරිය කියලා කියන්නේ. අපට මේ අවුරුදු කුමරා කුමරියෙක් කියන මේ කන්සෙප්ට් එක ඇතුලේ අපි uk වල ඉන්න සියලූම දුවා දරුවන්ට අවස්ථාවක් උදා කරලා දෙනවා ලෝකෙට යන්න. ඒ කියන්නේ මේකෙන් මම අදහස් කරන්නේ ලෝකෙට යන්න කියන්නේ අපි මේක අපේ රටේ අපේකම  අපි මේක  අපේ  මේ ඉන්න මේ සිංහල දෙමළ කියන එක අදාලත්වයක් නෑ. අපිට මේක අපි සිංහල tamil අලුත් අවුරුද්ද මූලික කරගෙන කරන වැඩසටහනක් නිසා. මේක වර්ල්ඩ් අවුරුදු කුමරා කුමරිය ශ්‍රී ලාංකිකයන්ට මේක විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ටැමිල්ද ශ්‍රී ලාංකික සිංහල කියලද හැමෝටම කරන ඉවෙන්ට් එකක් මේක.  මේක අනිවාර්යෙන්ම අපේ දුවා දරුවන්ට මේක ලෝකෙට යන්න අවස්ථාවක් උදා කරලා දෙන අවස්ථාවක් හැටියටයි මම මේක දකින්නේ. ඉතින් මේක හොඳ වැඩක් මේ  ඉවෙන්ට් එක  අපිට ගෙනාවේ මේ රටට ගෙනාවේ ලලිත් පැරකුම් කියන සහෝදරයත් නිරාන් කියන සහෝදරයත්. ඒගොල්ලෝ තමයි මේකෙ වර්ල්ඩ් ඕගනයිසස්  ලා විදියට කටයුතු කරන්නේ. එතකොට ඒගොල්ල සම්බන්ධයෙන් තමයි මේගොල්ලන්ගෙන් හරහා තමයි මාව මේකෙ නැෂනල් ඩිරෙක්ට කරන්නේ. මේ ඉවෙන්ට එක්ක අපේ දුවා දරුවා අතරේ මේක ව්‍යාප්ත කරලා ඒගොල්ලන්ගේ සහභාගිත්වය මේක වර්ල්ඩ් එකට ගෙනියන්න තමයි  මගේ වෑයම. මගේ දරුවෝ ටික ලෝකෙට අඳුන්වා දෙන්න. 

5) Wold අවුරුදු කුමරා කුමරිය UK එකට ඔයාගෙ සම්බන්දය සහ ඔයාගෙ plans කොහොමද මේ event එක කරන්න

 world අවුරුදු කුමරා කුමරිය තරගunited kingdom  තුළ නැශනල් ඩිරෙක්ට හැටියට ජාතික සංවිධායක හැටියට මම පත්වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා මට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මේක එංගලන්තය පුරා ව්‍යාප්ත කරන ගමන්ම මේ ඉවෙන්ට් එක සහ සාර්ථක කරගන්න දේවල් කරන්නේ ඉතින් මම මේකට හොඳ ටීම් එකක් සම්බන්ධ කරගන්න අදහස් කරගෙන ඉන්නවා සහ මේ වෙනකොට අපිට ඒ ටීම් එක ලැබෙමින් පවතිනවා. ඇත්තටම මට ගොඩක් කියන්න සතුටුයි. දවස් හයක් වගේ ඉතාමත් කෙටි කාලයකින් මට ලොකු සාර්ථකත්වයකට ලඟා වෙන්න පුළුවන් වුනා. මට එංගලන්තයේ වෙසෙන දක්ෂ කලාවට ලැදි අපේ දුවා දරුවන්ට අත දෙන්න කැමතියි. අපේ ශ්‍රී ලාංකික කියන නාමය ලෝකෙට ගෙනියන්න කැමැති පිරිසක් මාත් එක්ක එකතු වෙලා මේ වැඩේට සම්බන්ධ වෙන්න සම්පූර්ණ සහයෝගය දක්වමින් සිටිනවා. මේ වෙලාවේ මම විශ්වාස කරනවා තවත් අපිට කොහොමත් කට්ටිය මේකට සම්බන්ධ කරගන්න ඕනේ. අපේ රටේ ප්‍රභූ පිරිස ඒ කියන්නේ මේ රටේ ගොඩාක් උගත් බුද්ධිමත් පිරිසක් ඒ වගේම හොඳ ව්‍යාපාරිකයෝ පිරිසක් මේ හැමෝම හැම ක්ෂේත්‍රයම  නියෝජනය වන පරිදි සියලු දෙනා එක්කාසු කරගෙන මේ ඉවෙන් එක සාක්ෂාත් කරගන්න තමයි මගේ මූලික අරමුණ. මේක ඇත්තටම වෙනස්, මේක වෙන හැමෝම කරන ඉවෙන්ට් එකකට වඩා වෙනස්. මියුසිකල් ෂෝ එකක් නෙමෙයි. මේක එහෙම නැත්නම් වෙන cultural show එකක් විතරක්ම නෙමෙයි. මේක ඇතුලේ ලස්සන වැඩ ගොඩක් තියෙනවා. අපි හිතුවා දරුවන්ට මේකේ අපි මේ event  එක හරහා අපි ගෑණු ළමයි දාසයකුත් පිරිමි ළමුන් දාසයකුත් මේකෙන් අපේ ෆයිනල් එකට තෝරගන්නා අදහස් කරගෙන ඉන්නවා. ඉතින් එතකොට අපේ final එක විදිහට අපි මැයි 31 යෝජනා කරගෙන ඉන්නවා. සහ ඊට කලින් අපිට වේල්ස් වල ලන්ඩන් වල අපිට odition  දෙකක් සම්මුඛ පරීක්ෂණ දෙකක් පවත්වන්න නියමිතයි. ඉතින් සම්මුඛ  පරීක්‍ෂණ දෙක අවසානේ අපි ඊළඟ ඔඩිෂන් එක විදිහට තියෙන්නේ අවසාන  තිස් දෙක තෝරගන්න  ඔඩිෂන් එක. ඊට පස්සේ ඒ තිස් දෙක අරගෙනත් අපි තෝරගන්නවා අපේ දරුවන්ගේ ටැලන්ස් බලනවා. ඒ කියන්නේ අපි දැන් මේක අවුරුදු කුමරා කුමරිය කියලා කිව්වොත් අපි සාමාන්‍ය කියනවා සම, කොන්ඩ නිරෝගී ඇස් දත්. මේ අපි හැමදේම බලනවා මේ පංච කල්‍යානය බලලා තමයි ඇත්තටම අපි මේ අන්තිම තිස්දෙනාට ගේන්නේ. එතකොට අපිට ඒගොල්ලන්ගේ  talent එකක් තියෙන්න ඕන.  අපි මේ ගොල්ලෝ ගේ  දක්ෂකම් බලන්න පොඩි මිණිපැජන්ට් එකක්  අපි එක දවසක් කරනවා. මේක සම්පූර්ණම final event එකට එන දවස වෙනකොට අපි  ඔඩිෂන් හතරක් විතර පහු කරලා තමයි ෆයිනල් එකට ගේන්න හදන්නේ.  ඉතින් ඒකෙ ලොකු වැඩ කොටසක් මේකට තියෙනවා මං මට මේ ඇත්තටම මේ ඉවෙන්ට් එක  සාර්ථක කරගන්න මට හොඳ පිරිසකුත් හම්බ වෙලා තියෙනවා සහ ඒ හැමෝගෙම අයිඩියාස් තියෙනවා. මේකේ යෝජනාව ඔක්කොම අරගෙන අදහස් ඔක්කොම අරගෙන තමයි අපි මේක කරන්න යන්නේ. මොකද මේක මගේ වැඩක් විතරක්ම නෙමෙයි මේක සාමූහික වැඩක් විදියට අපි එළියට දාන්න ඕනේ. අපි එංගලන්තය කියන ඒ කියන්නේ මේ united kingdom එක තියෙන ගෞරවය සහ ඒකේ තියෙන කොලිටි අපි පෙන්නන්න ඕනේ මුළු ලෝකෙටම.

6) මේක ලොකු Event එකක්. කොහොමද ඒ අභියෝගය බාර ගන්නෙ

ඇත්තටම ඔව් මේක ලොකු ඉවෙන්ට් එකක්. මේක මම භාරගන්න  මූලිකම හේතුව තමයි මට මේක සාර්ථක කරගන්න පුළුවන් කියන විශ්වාසය තුළ තමයි පළවෙනිම අභියෝගය මං භාර ගත්තේ. මම තමන් තුළ තිබුන විශ්වාසයත් එක්ක මේකේ world ඕගනයිස්ර් දෙන සපෝට් එකෙන්ම විශ්වාස කරා. ඒක ඇත්තටම මේ වෙනකොට මට ඒ ගොල්ලන්ගෙන් සම්පූර්ණ දායකත්වය හොඳටම ලැබෙමින් පවතිනවා. ඒ හින්දාා දැන් දවස් කීපයක් ඇතුලත සාර්ථක කරගෙන තියෙන දේවල් බැලුවහම මට ඇත්තටම මේක අභියෝගයක් කියලා හිතෙන්නෙ නැති තරමටම මට මේක ඇත්තටම මේ හැමෝම මට හරිම නිදහසක් දැනෙන තැනකට මේ ඉවෙන්ට් එක දැන් පත්වෙලා තියෙනවා. මං දන්නවා මේකේ තියෙනවා ලොකු කාර්යභාරයක් මට ඉෂ්ට කරන්න. හැබැයි ඒක ගැනත් මම  ගැනත් මට පොඩ්ඩක්වත් සැකයක් නෑ.  මොකද මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපි මේ ලෝකෙට ගෙනියන්න හදන දුවා දරුවෝ ටිකද මේ එංගලන්තය මේ united kingdom  එක එංගලන්තෙ නෙමෙයි මේ මුළු ශ්‍රී ලාංකිකයෝ මට සම්පූර්ණ සහයෝගය දක්වයි කියලා . ඒකෙන් අපි මේ ලෝකෙට ගෙනියන්නේ අපේ දරුවන්ව. නිකන් හිතලා බලන්න දැන් මේ වෙනකොට අපේ දරුවා කොහේ හරි ඉන්නවා මේ දරුවෝ දෙන්න අන්තිමට තේරෙන දරුවෝ දෙන්නා. මේ වෙනකොට මේ රට ඇතුලේ කොහේ හරි ඉන්නවා ඉන්නවා. මම විශ්වාස කරනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන ඉවෙන්ට් එකක් මේක. තව මාස තුනකින් ඒ දෙන්නා මේ රටේ අවුරුදු කුමරා සහ කුමරිය බවට පත්වෙනවා. අපි නිකන් ඉමැජින් කරලා බැලුවොත් ඒ අවස්ථාව ඒ දෙන්නවත් දන්නෙ නෑ අද වෙනකොට, ඒ දෙන්නා තමයි කියලා. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ ජීවිතයේ  පෙරළීමකට, පෙරළියකට ලක් කරනවා අපි මේක හරහා සහ ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් අපි මේ ලබා දෙනවා. ඒගොල්ලන්ට මේක හොඳ අවස්ථාවක් ලබා දෙනවා. මේක අභියෝගයක් විදියට මම භාරගන්නේ නැතුව මේක අපි හැමෝටම තියෙන හොඳම අවස්ථාවක් විදියට බාර අරගෙන මට පුළුවන් උපරිම සහයෝගය දීල මේ වැඩේ කරන්නව, මම කැමැත්තෙන් බාර අරගෙන තමයි මම මේ අභියෝගයට මුහුණ දෙන්න ලෑස්ති වුණේ.

7) එංගලන්තයේ ඉන්න අයට මේ Event එකට සම්බන්ද වෙන්න කොහොමද?

මේ united kingdom  ඉන්න අයට අපිට සහභාගී වෙන්න පුළුවන්න් විදියට අපි ලින්ක් එකක් ක්ෂයා කරනවා. එතකොට ඒක හරහා ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක  සම්මුඛ පරීක්ෂණ ස්ථාන දෙකකදී පැවැත්වීමට නියමිතයි.  වේල්ස් වල සහ ලන්ඩන් වල එතකොට අපි මේකෙන් අපි ටාගට් එක වෙන්නේ ඔය ගැන ලන්ඩන් වලට ඒ කියන්නේ හැමෝම අපි මේකෙන් තෝරගන්නවද නැද්ද කියලා තාම කවුරුත් දන්නේ නැති නිසා. අපි ඒ සම්මුඛ පරීක්ෂණය හරහා එන්න අවශ්‍ය පැත්තේ ඉන්න ඒ පැත්තට කිට්ටු කට්ටියට වේල්ස් වල තියෙන සම්මුඛ පරීක්ෂණයටත් ලන්ඩන් වලට එන්න පුළුවන් අයට ලන්ඩන්න් වලට එන්නත් අපි මේ ස්ථාන දෙකකදී මේක කරනවා. අපි මේක සම්පමුඛ  පරීක්ෂණ දෙක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ලින්ක් එක හරහා ගිහිල්ලා ඒ ස්ථාන දෙකෙන් කොයිකද තෝරගන්නේ කියලා අපි අවස්ථාවක් දීලා තියෙනවා.  අපි link ශෙයා කරලා තියෙනවා මේ වෙනකොට. ඒක හරහා මේ හැමෝටම එක්සත් රාජධානිය වෙසෙන සියලුම ශ්‍රී ලාංකික දුවා දරුවන්ට අපි අවස්ථාව උදා කරලා දෙන්න කැමති නිසා තමයි අපි ස්ථාන දෙකකදී මේක කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ස්ථාන දෙකටම සම්බන්ධ වෙන්න පහසු අයට ස්ථාන දෙකෙන් කැමති එකක් තෝරගන්න කියලා අපි කියනවා.

8)  ඔයාට මේ වැඩේදී හොද Team Work එකක් ඕනෙ. ඒ Team එක ගැන ඔයා කොහොමද දකින්නෙ

 අනිවාර්යෙන්ම අපිට මේ වගේ වැඩක් කරනකොට ටීම්වර්ක් කියන එක ඇත්තටම import කාරණාවක්. ඇත්තටම ඒක එහෙම නැතුව අපිට මේ කරගන්න බැරි වෙනවා. මට දැනට හම්බවෙලා තියෙන ටීම් එක මං විශ්වාස කරනවා ඒගොල්ලෝ මට උපරිම සහයෝගය දක්වනවා. මේ වෙන කොට ඒගොල්ලෝ මට දක්වල තියෙන සහයෝගයත් එක්ක මේක ෆයිනල් ඉවෙන්ට්  එක දක්වා මට ඒ ගොල්ලන්ගේ සහයෝගය ලැබෙන විශ්වාසය මත තමයි මම ඉන්නේ. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් වැඩ කරනවා. මේ වෙනකොට ඉතින් මට ඇත්තටම ඒගොල්ලෝ මේක ඒගොල්ලන්ගේ වැඩක් විදිහට භාර  අරගෙන කරන්න පටන් අරන් තියෙනවා. සහ අපි කියන්නේ ඒගොල්ලන්ගේ කාර්යයට පරිබාහිරවත් සමහර අවස්ථාවල සමහර දේවල් වලට මට අවවාද උපදෙස් අනුශාසනා දෙනවා. ඉතින් මං ඒ හැමෝගෙම එකතුවක්. මොකද අපි හැමෝගෙම දේවල් වලට ඇහුම්කන් දෙන්න ඕනේ. මේක මොකද හැමෝටම උවමනාව තියෙන්නේ මේක සාර්ථක ඉවෙන්ට් එකක් බවට පත් කරගන්න. ඉතින් ඒක නිසා මේකේ ඇත්තටම මට හොඳ සහයෝගයක් මේ වෙනකොට හැමෝගෙන්ම ලැබෙමින් පවතිනවා මට ඒ ගැන හරි ආඩම්බරයි.

9)  ඉදිරියේදි World අවුරුදු කුමරා කුමරිය UK Event එක ගැන තව තවත් වැඩි විස්තර අපි Magazine එක හරහා ලබාදෙන බලාපොරොත්තු වෙන් ඔයාට මොනවද කියන්න තියෙන්නෙ එංගලන්තයේ අපේ ශ්‍රී ලාංකිකයන්ට

ඇත්තටම මේ world අවුරුදු කුමරා  කුමරිය තරංගය පවත්වන්නේ අපි අපේ ෆයිනල් අපි කියන්නේ Finale අපි පවත්වන්න අදහස් කරන්නේ මැයි 31 ඊට කලින් අපිට දැනට අපි දාගත්තු දින ටිකක්  තියෙනවා  එංගලන්තය ඇතුළෙ අපේ ඔඩිෂන් එක පවත්වන දිනය පළවෙනි සම්මුඛ පරීක්ෂණය අපිට අප අප්‍රේල් 27 වැනි දා ලන්ඩනයේදී පැවැත්වෙනවා. ඒක තාම අපිට ස්ථානය තීරණය කරලා නැති නිසා අපි ඒක ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතනින් එන අපි තෝර ගන්න දුවා දරුවෝ ටික මැයි 10  දෙවැනි සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා ඔවුන් වෙනුවෙන්. එදාට තමයි අපි තෝරන්නේ  අවසාන තිස් දෙදෙනා තෝරන දවස. ඒක ලොකු අවස්ථාවක් විශාල පිරිසක් සහභාගී වන සහ ඒක අපිට ලොකු වැඩ කොටසක් කරන්න තියෙන දවසක් බවට පත්වෙනවා මැයි 10 කියන දවස. ඊළඟට අපි මැයි 18 අපි තෝරාපත් කරගන්නා ලද තිස් දෙක ඒ කියන්නේ ගෑනු ළමයි දාසයකුත් පිරිමි ළමුන් දාසියකුත්  අපි ෆයිනල් ඉවෙන්ට් එකට ගෙනි යනවා. එතකොට ඒ ගෙනියන දාසය දෙනාගේ මිණි පැජෙන්ට් එක තෝරන දවස අපේ මැයි 18 වැනිදා එතනින් එහාට මේක මැයි 31තමයි අපි ෆයිනල් එක විදිහට සහභාගි කරන්නේ. එතකොට මේක ඇතුලේ මට එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒ තමයි ඔබගේ දුවා දරුවන්ට  මේක හොඳ අවස්ථාවක් ඔබේ දුවා දරුවන් ඉදිරිපත් කරන්න. එහෙම නැත්තං ඕගොල්ලෝ මේ තරුණ පරපුරක් අපේ රටේ දැන් ලංකාවෙන් ඇවිල්ලා ඉන්නවා මෙහෙට යුනිවර්සිටිස් වල ඉන්නවා. මම කියන්නේ ඒ දුවා දරුවන්ටත් මේකට සම්බන්ධ වෙන්න  හොඳ අවස්ථාවක් කරගන්න. එතකොට මේක හරහා ඕගොල්ලන්ට ලෝකෙට යන්න පුළුවන් අවස්ථාවක්ාවක් දෙනවා. ඒ වගේමාව එංගලන්තයේ වෙසෙන ව්‍යාපාරිකයන්ට සහ අපේ ප්‍රභූ පන්තියේ පුරවැසියන්ටත් මම කියන්නේ මම ඉල්ලීමක් කරනවා. මේ ඉවෙන්ට් එක සාක්ෂාත් කරගන්න ඔබලාගේ පූර්ණ සහයෝගය අපිට ලබා දෙන්න. මේක  අවස්ථාවක් අපේ මේ රටේ වෙසෙන දුවා දරුවන්ට අපි දෙන්නේ මේ ඉවෙන්ට එක හරහා අපි දුවා දරුවන්ට ලොකු අවස්ථා උදාකරලා දෙනවා. ටෙලිනාට්‍යවලට tv commercials වලට එතකොට දැන් අපි ඒ කියන්නේ ලෝකයා ලෝකෙටම විවෘත වන මේක වැඩසටහනක්. ඉතින් ඒක හරහා ඒගොල්ලන්ගේ සම්පූර්ණම ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත්කරන වැඩසටහනක් මේක. මේ වෙන තැනක හරහා ලෝකයද අපි දරුවෝ දාසයක් ඉදිරිපත් කරන වා. ඒ වගේම අන්තිම දරුවෝ දෙන්න අපි ලෝකෙට විවෘත කරනවා. ඒ දෙන්නව අරගෙන අපි ලංකාවට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට තව grand final  එකක් තියෙනවා. ලංකාව ඇතුලේ එතැනින් අපේ දරුවො දෙන්නව අපිට ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන් වුනොත් ඒකත් එංගලන්තය මේ එක්සත් රාජධානිය වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මහත් ගෞරවයක් බවට පත් වෙවී. ඒක නිසා නිසා මං හැමෝගෙම ඉල්ලා සිටිනවා මේ වැඩසටහන සාර්ථක කරගන්න ඔබේ දුවා දරුවන්ව ඉදිරිපත් කරන්න මේකට සහ මේ event එක සාර්ථක කරගන්න මට ඔබලාගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා. ඒවගේම ඩිජිටල් මීඩියා partner  විදිහට අපි magazine  හරහා world අවුරුදු කුමරා කුමරිය ඉවෙන්ට් එක ගැන සවිස්තරාත්මකව  ඔබ හමුවට ඒමට අවස්ථාව දීම සඳහා ස්තූතියි.  බොහොම ස්තුති