PROTECTION WITH PEACE OF MIND

ජීවිතේ කියලා කියන්නෙ කිසිම විදිහකින් predict කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. ඉතින් ඒ unpredictable

life එකට stable protection එකක් ලබාගන්නෙ කොහොමද කියලා දැනගන්න Api Magazine කියවන

ඕගොල්ලො හැමෝම කැමති ඇති. " BVS Mortgages & Financial Services Ltd. " ආයතනයේ, අධ්‍යක්ෂක

සහ ජේෂ්ඨමූල්‍ය උපදේශක රොෂාන් විතාරණගේ මහතා සතුව Insurance industry එක ගැන

තියෙන පුළුල් දැනුමත්,අත්දැකීමුත් ඕගොල්ලො එක්ක බෙදාගන්නයි මේ සූදානම් වෙන්නෙ.

Q). අපි ඉස්සෙල්ලම පැහැදිලි කරගමු Insurance Policy එකක් Active කරගන්න එකේ වටිනාකම

මට හිතෙන්නෙ පළමුවෙන්ම මේ කාරණාව ගැන පුළුල් අවබෝධයක් ලබාගන්න එක ඉතාමත්ම වැදගත් වෙයි

අපේ ඉදිරි කතාබහට. Insurance policy එකක් active කරගන්න එක හරහා සැලසෙන පළවෙනි වාසිය

තමයි Financial Protection එක. ඔබට කරදරයක් උනොත් ඔබේ පවුලේ අයට එදිනෙදා ජීවන වියදම් ,

mortgage , ණය තුරුස් තනියම දරාගැනීමට සිදුවෙනවා. ඒ වගේ අවස්ථාවක Insurance policy එකක්

තිබීම තුලින් financaial stability එකක් ළඟාකරගන්න පුළුවන්.

දෙවැනි වාසිය තමයි debt coverge එක. සිතන්න ,ඔබ රැකියාවට යනකොට හදිසි අනතුරක් සිදුවෙලා ඔබේ

ජීවිතයට හානියක් සිදු වෙනවා. ඒ වගේ අවස්ථාවක පවුලේ මුළු ණයබරම ඔබේ ආදරණීයන්ට පැටවෙනව. මේ

වගේ අවස්ථාවන් වලදී ඔබේ පවුලේ අය ණය මුදලත්, පොළියත් හරියාකාරව ගෙවන්නෙ කොහොමද? ඉතින් ඒ

වගේ situation එකකදි One & only best option එක තමයි insurance කියලා කියන්නෙ.

Income replacement එක කියලා කියන්නෙ insurance එකක් තිබීමේ තුන්වෙනි වාසිය. ඔබේ severe

illness එකක් නිසා හෝ සිදුවන අනතුරක් නිසා හෝ ඔබේ income එක ඔබට අහිමි වුනොත්, Income

protection වගේ insurance cover එකකින් ඔබ recover වෙනකන් කිසිම අපහසුතාවයක් නැතිව ඔබගෙ

lifestyle එක maintain කරගන්න පුළුවන්කම තියෙනවා.

Critical Illness coverage එක තමයි ඔබට සැලසෙන හතරවෙනි වාසිය. බලාපොරොත්තු නොවෙන විදිහට

ඔබට යම්කිසි බරපතළ අසනීපයක් හැදුනොතින්, එම භයානක අවධානමෙන් ඔබවත් ඔබේ පවුලෙ අයවත්

ඉක්මනින්ම ගළවාගන්න පුළුවන් වෙනවා ඔබට ලැබෙන bulk payout එකින්. ඒ මුදල ඒ මොහොතේදි ඔබේ

ජීවිතේ ආරක්ෂා කරගන්න medical treatment වලට හෝ ඒ සම්බන්ධ වියදම් බාධාවකින් තොරව කරගෙන

යන්න අවශ්‍ය පහසුකම් සලසනවා.

කෙටියෙන් කිව්වොත් ඔබට ජීවිතය තුළ කුමන අහිතකර තත්ත්වයකට මුණ දෙන්න සිදු වුවත්, ඔබට

insurance එකක් තියෙනවනම්, සියල්ල අවසානයේ ඔබේ මානසික නිදහස, නැත්තම් peace of mind කියන

එක හොඳින්ම තහවුරු වේවි. මේ ලෝකෙ මුදලින් තක්සේරු කරන්න බැරි වටිනා දේවල් වලින් ඉස්සරහින්ම

තිබෙන්නෙ මානසික නිදහසයි.

Q). Insurance Policy එකක් Apply කරද්දි Insurance Adviser ට Accurate information ලබාදීම

වැදගත් වෙන්නෙ කොහොමද?

Accurate information කියන්නෙ insurance industry එකේදි ඉහළම අවධානයක් යොමුවෙන කාරණාවක්.

ඔබ adviser ට ලබාදෙන තොරතුරු වලත්, adviser ඔබට ලබාදෙන තොරතුරු වලත් credibility එක

තියාගන්න එක ඔබ දෙදෙනාගේම වගකීමක්.

උදාහරණයක් විදිහට ඔබේ financial situation එක, health conditions, occupation එක සහ life style

එක වගේ ඉතාමත් වැදගත් තොරතුරු පදනම් කරගෙනතමයි ඔබට ලැබෙන premium එක සහ coverage

එක තීරණය වෙන්නෙ. ඔබේ risk level එක වැඩිවෙන තරමට ඔබේ premium එකත්, coverage එකත් වැඩි

වෙනවා. කොහොමත් කිසිම protection එකක් නැතුව ඉන්නවට වඩා premium එක ටිකක් වැඩි උනත්, එය

ඔබේ situations වලට හොඳින් ගැළපෙනවනම්, ඒ insurance policy එක apply කරගන්න එක ඔබට

දිගුකාලීනව වාසි සලසන බව මට ලොකු විශ්වාසයකින් කියන්නපුළුවන්.

විශේෂයෙන්ම කියන්න ඕනෙ ඔබේ medical condition එක පැහැදිලිව හෙළි නොකර සිටියොත් ඔබට

ඇතිවන්නෙ ඉතාමත්ම අහිතකර තත්ත්වයක්. උදාහරණයක් විදිහට කිසියම් නිදන්ගත රෝගයක් ගැන තොරතුරු

ඔබ හිතාමතාම වසන් කළොතින්, එම අසනීපය වැළඳුණු වෙලාවක ඔබේ claim එක reject වීමෙන් ඔබට

ලැබියයුතු payout එක නොලැබී යන්න ඉඩකඩතියෙනවා.

Q). Qualified Insurance Advicer කෙනෙක් හරහා insurance එකකට යන එකේ වැදගත්කම ගැන කතා

කළොත්.

ඇත්තෙන්ම Insurance කියලා කියන්නෙ හරිම සංකීර්ණ විෂයක්. මම කෙටියෙන් කිව්වොත් insurance policy

එකක් apply කරගන්න procedure එකත් තරමක් දුරට සංකීර්ණයි. ඒ නිසාම තමයි පළපුරුදු adviser

කෙනෙක් සැමවිටම උත්සාහ කරන්නෙ ඔබේ life style එක, future needs, financial stability එක සහ risk

taking capacity එක වගේ තීරණාත්මක සාධකයන් ගැන හොඳ analysis එකක් කරලා ඊට පස්සෙ ඔබට

long term suitable policy එකක් සකස්කරලා දෙන්න.

Qualified Insurance Advicer කෙනෙක් ඔබට policy එකක් අලෙවි කිරීමෙන් විතරක් නවතින්නෙ නෑ. policy

එක පවතිනා කාලසීමාව පුරාවටම ඔබ මුහුණපාන හැම අපහසුතාවයකදීම වගකීම් සහගතව ඔබට නිසි

මගපෙන්වීම් සිදුකරනවා.

අපේගණුදෙනුකරුවන් සමඟ අපි හැකි සෑම විටකම හොඳින් සම්බන්ධතාවයන් පවත්වනවා. සුදුසු අවස්ථාවල

අවශ්‍ය විදිහට මැදිහත් වෙනවා. ඒක තමයි ඔවුන් කාලාන්තරයක් තිස්සෙම අපි ගැන විශාල විශ්වාසයකින්

ඉන්නෙ.

Q). Life Insurance එකේ Premium එක තීරණය වෙන්නෙ මොනවගේ සාධක මතද?

Premium එක තීරණය වෙන්නෙ මූලික කාරණා කිහිපයක් මතයි. පළවෙනි කාරණාව තමයි ඔබට අවශ්‍ය

වෙන coverage level එක. දෙවන කාරණාව තමයි ඔබට අවශ්‍ය වෙන policy length එක, ඒ කියන්නෙ long

term ද shortterm ද කියන එක.

මීට අමතරව ඔබේ වයස, medical conditions, family history, life style එක, රැකියාවේ අවධානම්කාරී

සොභහවය, ඔබ දුම් බොනවාද මත්පැන් පානය කරනවාද සහ ඔබ ජීවත්වන වටපිටාව වගේ කාරණාවනුත්

තීරණාත්මක බලපෑමක් එල්ලකරනවා. උදාහරණයක් විදිහට ඔබේ වයස වැඩි වේගෙන යද්දි ඔබේ Risk level

එකත් වැඩිවෙනවා. ඒ කියන්නෙ premium එකත් ඒ හා සමානවම වැඩිවෙනවා කියන එකයි.

මම මෙතෙන්දි විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ තවත් සුවිශේෂී කරුණක් තියෙනවා. ඒ තමයි ඔබේ

අවශ්‍යතාවයන් වලට අනුව ඔබේ coverage එක customise කරගැනීමේ හැකියාවත් ඕනෑම අවස්ථාවක ඔබට

සැලසෙනවා කියන එක.

Q). Decreasing Term Assurance (DTA) සහ Level Term Assurance (LTA) අතරේ වෙනස්කම්

මොනවාද?

DTA සහ LTA life insurance වලදි ආකාර දෙකකින් ඔබේ අවශ්‍යතාවයන් ඉටුකරනවා. DTA ගැළපෙන්නෙ

ක්‍රමානුකූලව අඩු කරගෙන යන financial obligations වලට. අපි repayment mortgage එකක් ගැන

හිතමුකො. Coverage එකට වැඩිපුර ගෙවන්නෙ නැතුව mortgage කරපු නිවසක් ආරක්ෂා කරගන්න

බලාපොරොත්තු වෙන අයට මේක තමයි මම recommend කරන්නෙ.

අනෙක් අතින් Level Term Assurance හරහා insurance period එක පුරාම ස්ථාවර ගෙවීමක්

සපයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ LTC හරහා £100,000 ක life insurance cover එකක්

අවුරුදු 20 ක් තිස්සෙ ගෙවාගෙන යන්න තීරණය කරල තියෙනවනම්, එම කාලය තුළදී ඔබේ මරණය සිදූ

උනොතින්, ඔබේ පවුලට පවුම් £100,000 ක සම්පූර්ණ ගෙවීම් ලැබෙනවා. ඔබ Decreasing Term

Assurance (DTA) එකක් තෝරගන්නවද, Level Term Assuran (LTA) එකක් තෝරගන්නවද කියන එක

රඳා පවතින්නෙ ඔබේ priorities මතයි.

Q). Mortgage Insurance Protection කියලා කියන්නෙ මොකක්ද? ඒකෙ වැදගත්කම මොකක්ද?

අපි මීට කළින් විස්තර කළා වගේ කෙටියෙන්ම කිව්වොත් Mortgage insurance protection කියන්නෙ

Decreasing Term Assurance (DTA) එකක්ම තමයි. හොඳට කල්පනා කරලා බලන්න ඔබේ නිවස

mortgage කරල තියෙනකොට හදිසියේම ඔබේ මරණය සිද්දවෙනවා. එහෙම නැත්නම් ඔබ හදිසියේම

අංශභාගය වගේ භයානක රෝග තත්වයකට ගොදුරු වෙනවා.

නමුත් ඔබ mortgage insurance protection එකක් පවත්වාගෙන යනවානම් ඔබට මොන විදිහෙ කරදරයක්

උනත් කිසිම විදිහකින් ඔබේ ආදරණීයයන්ට උන්හිටිතැන් අහිමි වෙන්නෙ නෑ. ඒ නිසා mortgage insurance

protection එකක් active කරලා තියෙනවනම් කායික සෞඛ්‍යය පිරිහුනත් ඔබට මානසික සෞඛ්‍යය සමබරව

තියාගන්න පුළුවන් කියන එක මම වගකීමෙන් කියනවා.

හොඳයි. අපි පළවෙනි සාඛච්චාවෙදි insurance සම්බන්ධයෙන් ගොඩක් වැදගත් කාරණා කිහිපයක් ගැන

අවධානය යොමුකළා. එහෙමනම් මේ කතාබහේම දිගුවක් විදිහට අපි ඊළඟ සාඛච්චාවෙන් මුණගැහෙන්නබලාපොරොත්තු වෙනවා.

ලිංගිකත්වය නිසා අවුල් වන පවුල්

“ හලලෝ මචන්.. ලවඩින්් එලකන් පසේලසේ ලකාල්ලා දැක්ලක් අද..ලමාලකෝ මචන් ලේ මූණ එල්ලලෙන?

ඊලේ හනිමූන් ගිහින් ලකාල්ලට මහන්ි වල්..”

“අලන්..ලේ..පිසේු නැතුව ඉදහන් බන්..උඹ ලේ මගුල්හනිමූන් එකක් ෙැන කිලයෝනවා..යලකෝ මට sex වල

අවුලක් බන්!!!”

ලමවන් සිංවාද අප අතර ඕනෑ තරේ අසන්නට දකින්නට ලැලේ. Sex එලසේත් ලනාමැතිනේ ලිංගිකත්වය යන

ලේ පවුලක් අවුල් වන තැනටම හැිරවිය හැකි ලදයක් ද? වත්මන් සමාජලේ බහුතරයක් පවුල් ලදකඩ වීමට

එහි මූල බීජය බවට පත් වී තිලබන්ලන් ලමකී ලිංගිකත්වයයි. ශ්‍රී ලාිංකීය සමාජය තුළ සිංසේකෘතිය, සභ්‍යත්වය

යන කටු ඔටුනු පැලැදි වැියන් ලමම මාතෘකාව පිළිබදව එළිපිට කරුණු දැක්වීම විශාල ලැජ්ජාවක්, පාපයක්

වශලයන් සැළකුවද අන් සෑම ලේකටම වඩා ලලාකු,කුඩා,මහලු සෑම ලදලනක් සමෙම ඉතාමත්

අවධානලයන් යුතුව ලනාසෙවා කතාබසේ කල යුතු මාතෘකාවක් ලලස ලමය හදුන්වා දීමට හැකි ලේ.

පරීක්ෂණ වලන් පවා ලහලී වී ඇත්ලත් කුඩා දරුවන් පවා අන් ලේවල් වලට වඩා ලිංගික කරුණු සේබන්ධව

දැඩි අවධානයකින් යුක්තව කටයුතු කරන බවයි.

පාසල් අධයාපනය තුළ දී ද දරුවන්ට ලමකී ලිංගිකත්වය පිළිබදව එම වයසේ කාණ්ඩයන්ට ෙැළලපන පරිදි

ලත්රුේ ලේරුේ කර දීමට පාසල් විෂය මාලාවන් නිල්දේශ කර තිබුණත් ඒවා නිි පරිදි ිදු ලනාවන බව

ලකායි කවුරුත් ඉතාමත් ලහාදින් දන්නා කරුණක් බවට පත් වී ඇත. ලිංගිකත්වය යනු දරුවන් සෑම

අතකින්ම සමාජානුලයෝජනය වන කාලසීමාලේ දී වයාකූල බවකින් ලතාරව දරුවන්ට ඉතාමත් ලහාදින්

අවධාරණය කළ යුත්තකි.

ඉතාමත් මෑත කාලයක දී සේනායු විදයාඥයන් විින් ිදුකළ පරීක්ෂණ හරහා තහවුරු වී ඇත්ලත් මිනිුන්

ලිංගිකව එකතු වන විට මිනිසා ඉතාමත් සතුටට පත්වන බවයි. ඒ අනුව ෙත්විට ලිංගිකත්වය යනු මිනිසා

සතුටින් තැබීමට පවා බලයක් සහිත ක්‍රියාවලයකි. ලිංගිකත්වය හදුන්වන විට විරුේධ ලිංගිකයන් ලමන්ම

සම ලිංගිකයන් යන ලදලකාට්ඨාසයම ලමකී ක්‍රියාව අනුෙමනය කරනු ලැලේ. කවුරු ලකලසේ ලිංගික

ක්‍රියාවන් පැවැත්වුව ද සෑම ලදනාල්ම ලිංගික ලසෞඛ්‍ය යහපත් කර ෙැනීමඔවුන්ල් වෙකීමකි.

වත්මන් ශ්‍රී ලාිංකික සමාජලේ දී ලිංගිකත්වය පිළිබදව වැඩි අවධානයක් ලයාමු කරනු ලබන්ලන් පිරිමින් බව

මතුපිටින් ලපණුන ද ඒ හා සමානවම ලහෝ සමහරවිට ඊටත් වඩා වැඩිලයන් වුවද ෙැහැණුන් ලේ පිළිබදව

අවධානය ලයාමු කරනු ලැලේ. නමුත් සමාජලයන් ඇතිවන ෙැරහුේ නිසාලවන් ලිංගික ආශාවන් සැෙවීමට

කාන්තාවන් තැත්කරනු ලැලේ. ලේ නිසාම පවුල් ජීවිත අභ්‍යන්තරලේ විශාල ෙැටලු පවා ඇතිවීමට ලහේතු

ලේ. තම සේවාමියා ලහෝ පවුලල් අලනක් තැනැත්තන් තමා ෙැන වැරදි ප්‍රතිරූපයක් ලොඩනො ෙනීවී යන බිය

නිසාලවන් කාන්තාවන් තම ලිංගික ආශාවන්, අවශයතාවන් ලමන්ම හැකියාවන් සෙවමින් තමාල් හා තම

සේවාමියාල් ලිංගික රසය සහිත ලිංගික ජීවිතය විනාශ කරෙනු ලැලේ. ලේ නිසාම තමාට අවශය කරන

ලිංගික රසය තම බිරිදලෙන් ලහෝ සේවාමියාලෙන් ලනාලැලබන්ලන් නේ පරපුරුෂ ලසේවනයට ලහෝ පරදාර

ලසේවනයට ලයාමු වීම ිදු වන්ලන් ඔවුන්ටත් ලනාදැනීමය.

ලිංගික රසය, හැකියා ලහෝ ආශාවන් සැෙවීම නිසා පමණක්ම ලනාව ඇතැේ විට මිනිුන්ට මුහුණපෑමට

ිදුවන මලනෝලිංගික අක්‍රමතා නිසාලවන් ද වයාකූල තත්වයන් ඇතිවීම ිදු ලේ. මලනෝලිංගික අක්‍රමතාවක්

යනු මානික ලහෝ චිත්තලේගී ලහේතු මත ලිංගික ක්‍රියාවලයට ුදුු අවසේතාවල දී ලිංගික පිබිදීමට ලහෝ එහි

තෘප්තතියට පැමිණීමට ලකලනකුට ඇති ලනාහැකියාව යි. ඒ වල්ම පුේෙලලයකුල් ලිංගික හැඩෙැසේම

පිළිබදව ඔහු තුළ පවතින ආතතිය ද මලනෝලිංගික අක්‍රමතාවක් ලලස හැදින්විය හැකිය.

ලමවැනි මලනෝලිංගික අක්‍රමතා නිසාලවන් ද ලිංගික රසයට බාධා ඇතිවීම නිසාලවන් පවුල අභ්‍යන්තරලේ

විවිධ ෙැටලු ඇති වීලේ ප්‍රවණතාවයක් පවතී. ලමවැනි මලනෝලිංගික අක්‍රමතා ප්‍රධාන වශලයන් ලිංගික

කැමැත්ත ලහෝ ආශාව පිළිබද ෙැටලු, ලිංගික පිබිදීම පිළිබද ෙැටලු, ුරතාන්තය පිළිබද ෙැටලු හා ලිංගික

ලේදනාව පිළිබද ෙැටලු යනුලවන් ලබදා දැක්වීමට හැකි ලේ. ලේවා පුරුෂයන්ට පමණක් ලනාව සේීන්ට ද

ලපාදුලේ ඇති වන ෙැටලූන් ය. ලමවැනි මලනෝලිංගික අක්‍රමතා පවතින සහකරුලවකු ලහෝ සහකාරියක

සමෙ ජීවත්වන විට ලිංගිකත්වය පිළිබදව ඇති වන ෙැටලු වලට සාකච්ඡා ලකාට පිළිතුරු ලසවීම අවශය

වුවත් ලදලදනා අතර ඉතාමත් සමීප සබදතාවක් ලහෝ විවෘත අදහසේ හුවමාරුවක් ලනාමැති නේ එවන් අවසේතා

වල දී පවුල් විතැන් වීම ිදු ලේ. අලනක් අතට ෙත්විට ලමවන් ආබාධ ඇත්තන් ඒවා වසන් කරමින් ුව කර

ෙැනීමට උත්සහා ලනාකිරීම නිසාලවන් ද පවුල් අවුල් වීම ිදු ලේ.

ශ්‍රී ලාිංකීය සමාජලේ පිරිමි පුේෙලයන්ට බහුල වශලයන් වැළලදන ලරෝෙයක් වන premature ejaculation

(ක්ෂණික ලමෝචනය) යන ලරෝෙය තම බිරිදලෙන් ද වසන් කරමින් නිි පරිදි ප්‍රතිකාර ෙැනීමට ද මැලකමක්

දැක්වීම නිසාලවන් නිරතුරුවම තමාව මෙහැරීම නිසාලවන් සේවාමියා ෙැන බිරිදල් ිලත් සැකයක් ඇතිවීම,

සේවාමියා නීතයානුකූම බිරිදව මෙහරින්ලන් පර අඹුවක් ඇති බැවින් යනවෙ ිතීම, නිරතුරුවම අභ්‍යන්තරය

විමසීමට යාලමන් බහින්බසේවීේ ඇති වීම, පවුල් ජීවිතය අවුල්ජාලයක් වීම, බිරිද ද ලවනත් පුරුෂයන්

ලකලරහි බැදීම ආදිය විශාල වශලයන් ිදු ලේ. ලේ හා සමානව පවතින සේීන්ට වැළලදන මලනෝලිංගික

අක්‍රමතාවන් වන Female Sexual Arousal Disorder, Persistatnt Genital Arousal Disorder, Female

orgasmic Disorder, vaginismus ආදිය නිසාලවන් ද පුරුෂයන් තුළ කාන්තාවන් ලකලරහි ද ඉහත සදහන්

කළ ෙැටලුකාරී තත්වයන් ඇති වී පවුල් විතැන් වීම පවා ිදු ලේ.

මිනිසාල් මනලසේ පවතින වයාකූලත්වය අවම කිරීමට, උලදයෝෙයක් ලෙනදීමට ලමන්ම මනස සතුටින්

පිරවීමට ලමන්ම නිරවුල්ව ජීවත් වීම ආදී ලබාලහෝමයක් ලේ ලවනුලවන් ලිංගිකත්වය මූලකවම කටයුතු

කරනු ලැලේ. ලිංගිකත්වය යනු ප්‍රජනන අවශයතාවක් වුවත් එය අතීතලේදී ප්‍රජනන සදහා පමණක්

ලයාදාෙත්ත ද මෑත කාලලේ ිට ලිංගිකත්වලේ අරමුණු ලබාලහෝමයක් ලවනසේ විය. ඒ නිසාම මිනිසාට

යහපත් ලසෞඛ්‍ය ඇති කිරීම ලමන්ම ලිංගික ඉන්ියන් සතුටු කිරීම ලවනුලවන් ද එය ක්‍රියාත්මක වනු ඇත. ඒ

නිසා සේියක වුව ද පුරුෂයකු වුව ද ලදලකාට්ඨාසයටම නිි පරිදි ලිංගිකත්වය ලනාලැලබන්ලන් නේ එතන

දී විශාල ෙැටලුවක් පැනනගිනු ඇත. ලේ නිසාම උසසේ මනසක් ඇති අරුත් සහිත මිනිසා ඉතාමත්

සිං යමයකින් යුතුව තම ලිංගික තෘප්තතිය තමා කැමති අයුරින් ශිෂේට ලලස විද ෙැනීම ලහෝ විද ෙැනීමට උත්සහ

කිරීම ෙැටලුවක් ලනාවන අතරම ලිංගික අතපුවීේ ලහෝ එවන් ෙැටලු නිසාලවන් මතුවන ෙැටලු අවම කර

ෙැනීමට වෙබලා ෙැනීම ද මිනිසාල්ම යුතුකමකි.


චලමෝදයා එදිරිිිංහ

ලෝරා

කෘතිය ගැන

පුංචි දඟකාර කෙල්ලෙක් අම්මගෙයි අප්පච්චිගෙයි තුරුලෙන් මිදිලා ජීවිතේ අනාගතය ගොඩ නගා ගන්න තමන් දැකපු ලස්සනම හීනය වෙච්චි සරසවියට පා තියන්න මග බලා ගෙන හිටියා. ඒ හීනය හැබෑවක් වෙලා ඇය මහ ගොඩක් සතුටින් සරසවි ජීවිතේට පිවිසෙනවා. සරසවිය රසවිය සවිය විය කියන කියමන ඇත්තක් ⁣කරමින් ඇගේ ජීවිතේ සරසවිය ඇතුලේ  හරි අපූරුවට ගලා ගෙන යනවා. ඇගේ කතාව වන්නි අහසක අකීකරු සුළඟක පා වෙලා කොහොම ගෙතේවිද කියලා ඇයවත් දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ ඇයවත් නොදැන සිටි ඇගේ කතාවයි. මේ ලෝරාගේ කතාවයි. 

සිංහල, දෙමළ, මුස්ලිම් විදියට ජාති භේද වලට බෙදිලා හිත්වල තරහව වෛරය පුරවගෙන සමහර තැන්වලදී රණ්ඩු සරුවල් වෙන්න සමා⁣ජයෙ බොහෝ අය උත්සහ කරනවා. ඒත් ඇත්තටම විවිධ සංස්කෘතික ජාතීන් අතර තියෙන වෛර්ණ සුන්දර සංස්කෘතිය රසවිඳින්න පුළුවන් මානසික මට්ටමක් අපිට තියෙන්න ඕන නේද? මේ අපි හැමෝගෙම ඇග ඇතුලේ තියෙන්නේ එකම පාටක රුධිරය මිස වෙනස් පාටක රුධිරය නෙවෙයි නේද? මනුෂ්‍යත්වය මිසක අපි හැමෝටම අවශ්‍ය වෙන කිසිවක් නොමැති බව ලෝරාට වැටහෙන්න ඇය දැකපු ⁣සිදුවීම් බොහොමයක් හේතු වෙනවා.

ආදරය, කරුණාව, සෙනෙහස, විස්වාසය කියන දේවල් පවුලක් ඇතුලේ ගොඩ නැගෙන එක හරිම වැදගත් දෙයක්. ඒ ගොඩනැගීම් අඹුසැමි සබඳතවලට වගේම දරුවන්ගේ මානසික කායික අධ්‍යාත්මික සුවය උදෙසා මූලික වෙනවා. දරුවෝ කොච්චර උස්මහත් වෙලා වයසින් වැඩුනත් අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්න මැද දරුවෙක්ට මැදි වෙන්න වුනොත් කොහොම වෙයිද කියලා ලෝරාටවත් හිතා ගන්න ඇත්තටම නොහැකි වෙන්න ඇති.

කැම්පස් එකක් ඇතුලේ සරසවි සහෝදරකම ගැන හරියටම තේරුම් ගන්න සතුටකට වඩා කරදරයක්ම වෙන්න ඔන. හැමෝම එකා වගෙ තව කෙනෙක් වෙනුවෙන් කරදරේකදී දුකකදි ළඟ ඉන්නෙ හරියට එකම අම්මා තාත්තගේ දරුවෝ වගේ. 

කාලය ගෙවෙන කොට ලෝරාට ඇගේම කියලා ආදර කතාවක් සමාජ මාධ්‍යයකින් ගොඩ නැගෙනවා. ඇත්තටම ඒක කොහොම කතාවක් වෙයිද? මේ ආදරයට ලෝරාගේ වගේම ඔහුගේ ගෙදරින් කැමැති වෙයිද ? ඒ ගැන දැන ගන්න ලෝරා කියවන්නම වෙනවා. 

සමාජෙ සිදුවෙන මෙවැනි බොහොමයක් සිදුවීම් වලට මුහුණ දෙන්න වගේම අහන්න දකින්නත් ලෝරාට සිද්ද වෙනවා.

ඒ  සිදුවීම් නිසාවෙන් ඇය ජීවිතේ ගැන හිතන්න පටන් ගන්නෙ මනුෂ්‍යත්වය හදවතේ තියාගෙනයි. 

………………………………………………….

කතෘ ගැන 

මගේ නම ලක්මි දිනූෂා ද කාංචනා. මේ වෙන කොට මම යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිව් වන වසරේ ශිෂ්‍යාවක් විදියට ⁣තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගෞරව උපාධියක් හදාරමින් ඉන්නවා. කුලියාපිටිය සුරදුත බාලිකා විදුහලෙන් හා කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබුවා. Institute of Media and Performing Arts – IMPAS ආයතනයෙන් “රූපවාහිනි සහ ගුවන්විදුලි නිවේදන” පාඨමාලාවක් හදාරනවා. 

මාධ්‍යවේදී ප්‍රේමසිරි වැවේගෙදර ගුරුපියාගේ සහ චන්ද්‍රසිරි විජේසිංහ ගුරුපියාගේ මග පෙන්වීමත් සමඟ මුද්‍රිත ලේඛනයට පිවිසෙනවා. ඒ හරහා අඟහරු ජීවියා, මුව පැටියා, සෙල්ලම් ගෙදර වැනි ළමා කතා මුද්‍රණය කිරීමට හැකි වෙනවා. 

එසේම කිවිඳියක් ලෙස දක්ෂතා  ඔප මට්ටම් කර ගත්තෙ රැස , නවලිය , රැජිණ රාවය වගේම ලංකාදීප , දිවයින ,  මව්බිම වගේ පුවත්පත්වලින් .

Festival of Netball

මහනුවර මහාමායා බාලිකා ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳ ගනිමින්

ශ්‍රී ලාංකික කාන්තාවන් අතර සහෘදත්වය ප්‍රවර්ධනය කිරීමේ

අරමුනින් “දැල්පන්දු උළෙල – Festival Of Netball (FON) ” කරළියට ගෙන ආ අතර එහි

පළමු පියවර ලෙස එවකට මහ කොමසාරිස් ගෞරවනීය රෝහිත බෝගොල්ලාගම

මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 මාර්තු 15 වන දින සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා

මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. ("සහෘදත්වය ප්‍රවර්ධනය කිරීම" –

නෙට්බෝල් ක්‍රීඩාව හරහා ප්‍රජාවන් අතර සමගිය, සංහිඳියාව සහ සුහදතාවය යන

මූලික අදිටන අපගේ ආදර්ශ පාඨයයි.)

නෙට්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ 1921 දී මහනුවර

උසස් බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරිය වූ ජෙනී ග්‍රීන් මෙනෙවිය විසිනි. FON

කුසලානය නම් කර ඇත්තේ එම මෙනෙවියට ගෞරව පිණිසයි. 2022 නෙට්බෝල්

ආසියානු කුසලානය – Asia Cup තරඟාවලිය ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලාංකික දැල්

පන්දු කණ්ඩායමේ නායකත්වය ගයාංජලී අමරවංශ මෙනවිය හෙබවූ අතර

(මහනුවර උසස් බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍යා) එම කණ්ඩායම පුහුණු කරන ලද්දේ

හයසින්ත් විජේසිංහ මහත්මිය (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍යා)

විසිණි.

FON 2024 සමාරම්භක උළෙල මැයි 6 වන දින Slough හි බර්නම් ක්‍රිකට් සංගම්

ක්‍රීඩාංගනයේ පැවති අතර, එයට පහත සඳහන් කණ්ඩායම් සහභාගී විය:

● එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය

● එක්සත් රාජධානියේ මහාමායා බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ මලියදේව බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය

● එක්සත් රාජධානියේ, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි

ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ මියුසියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ, මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය

කෙසේ වෙතත්, වර්ෂා සහිත කාලගුණය මධ්‍යහනය වන විට තරඟාවලියට

බාධාවක් විය. හිරාන් විජේරත්න සජීවී සංගීතය සැපයූ අතර, වටිනා ත්‍යාග ඇතුලත්

කුසපත් ඇදීම , ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාර පාන, එක්සත් රාජධානියේ දේවි බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ දායකත්වය ලබා දුන් Cake stall, Bouncy

Castle සහ අනෙකුත් වෙළඳ කුටි විසින් රැස්වී සිටි පිරිස පිනවූ අතර පස්වරු සැසිය

සවස 7 ට පමණ නිමා විය.

පසුව මෙම උත්සවය 2024 ජූලි මස 13 දිනට Slough හි Slough Eaton Business

College පරිශ්‍රයේදී පැවැත්වීමට දින නියම කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන

ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ

එවකට නියෝජ්‍ය මහ කොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි මහත්මියයි. මෙම

සම්මාන ප්‍රදානෝත්සවයට Slough Borough හි හිටපු නගරාධිපති අහමඩ් අබ්බාසි

මහතා, සීමාසහිත ලංකා බැංකුවේ එක්සත් රාජධානීය ප්‍රධාන විධායක නිලධාරී

මාධව දිසානායක මහතා (Platinum අනුග්‍රාහක),Absorption Technology Ltd, Bala Lettings

London Ltd & Bala Propertiesහි අධ්‍යක්‍ෂ බාලා වාමදේවන් මහතා (Gold අනුග්‍රාහක) සහ

London MCS Consultants ආයතනීය අධ්‍යක්‍ෂ මනෝජ් රම්බොඩවිලගේ මහතා (Silver

අනුග්‍රාහක) යන අය සහභාගී වූහ. මෙම තරඟාවලිය මහනුවර උසස් බාලිකා

විද්‍යාලයීය විශ්‍රාමික පැසිපන්දු ගුරු අමිතා ද අල්විස් මහත්මියගේ සපැමිණීමෙන්

වර්ණවත් වන ලදී.

ජෙනී ග්‍රීන් ගෞරව කුසලානයේ ජයග්‍රාහකයින් – එක්සත් රාජධානියේ මලියදේව

බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

පළමු අනුශූර කුසලානය – එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය

ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

දෙවන අනුශූර කුසලානය – එක්සත් රාජධානියේ විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය

කණ්ඩායම් අගය කිරීමේ සමරු ඵලක – එක්සත් රාජධානියේ මහාමායා බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ වෙන්නප්පුව ශුද්ධ වූ

පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ මියුසියස්

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

සහභාගිවුවන් සැමට අප හද පිරි ප්‍රණාමය පුද කරන අතර මෙම ඉසව්ව පිරිපුන්

කිරීමට විව්ධාකාරයෙන් උපකාර කරන ලද අනුග්‍රාහක භවතුන්ට හදවතින්ම ස්තුති

කරමු. මෙම වසරේම මෙම අවසන් ඉසව්ව පිරිපුන් කිරීමට FON කණ්ඩායම් ගත්

උත්සාහය මේ අවස්ථාවේදී විශේෂයෙන් අගය කල යුතුමය.

මීට අමතරව 2024 දෙසැම්බර් මස 14 වන දින “නොයෙල් බ්‍රන්ච්” නමින් අති

සාර්ථක නත්තල් උත්සවයක් අප කම්ටුව විසින් සංවිධානය කරන ලදී. පහත

සඳහන් ආදි ශිෂ්‍යා සංගම් වන එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ මහාමායා බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයම, එක්සත් රාජධානියේ මලියදේව බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ ශාන්ත ජෝශප් බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය එක්සත් රාජධානියේ – වෙන්නප්පුව ශුද්ධ වූ

පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ මියුසියස්

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ – මිලාගිරිය ශාන්ත

පාවුළු විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ දේවි බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ හිල්වූඩ් විද්‍යාලයීය ආදි

ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ – කොළඹ මුස්ලිම් ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය මෙම අවස්ථාව වර්ණවත් කලහ.

මෙම වැඩසටහනට FON 2024 හි අනෙකුත් ආදි ශිෂ්‍ය ස්වේච්ඡා නිලධාරීන් හරසරින්

පිළිගැනීම, Mulled Wine, නත්තල් කේක්, රසවත් ශ්‍රී ලාංකික ආහාර පාන, නත්තල්

කැරොල් ගායන, Secret Santa සහ Karaoke Session ඇතුළත් වූ අතර සහභාගී වූවන්

තුටින් එදින භුක්ති විදින ලදී. FON 2024 දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ වැලිකඩ

බන්ධනාගාරයේ කාන්තා බන්ධනාගාර රැඳවියන්ට උපකාර කිරීම මුල්කරගෙන මාතෘ

භූමියට සහයෝගය දැක්වීමටත්, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා

කළමනාකරණ මධ්‍යස්ථානය අනුමැතියෙන් මෑතකදී ගංවතුරෙන් විපතට පත් වූවන්ට

ආධාර කිරීම සඳහාත් ව්‍යාපෘතියන් දියත් කරන ලදී.

Festival of Netball

රෝස ආදරේ

~ වියවුල් නිද්‍රාව අභිබවා අවදි වූ පැහැසර ආලය ~

උලත් එකයි පිලත් එකයි (2016), කොළඹ සන්නිය රිටන්ස් (2018), ගෝරි (2019), ෆේස්ටු ෆේස් (2019), සේද මාවත (2020), කබඩි (2021) යන සිනමාපටයන් තිර රචනය සකස්කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ හර්ෂ උඩකන්ද විසින් සත්වන වරටත් තිර රචනය සකස්කොට අධ්‍යක්ෂණය කරනු ලබන සිනමාපටය වන්නේ ; රෝස ආදරේ යි.

නිදාලුව හෙවත් Narcolepsy යනු නිදන්ගත ස්නායු ආබාධයකි. මිනිස් මොළය විසින් මිනිස් වර්ගයාගේ යහපැවැත්ම තහවුරු කිරීම උදෙසා සිදුකරනු ලබන එක්වැ දගත්ම කරුණක් වන නින්ද – අවදි චක්‍ර නියාමනය කිරීමේ හැකියාව සැළකියයුතු ලෙසින් අඩාල කිරීම ප්‍රදානතම ආබාධය ලෙසින් හඳුනාගත හැක. ඊට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාවේ නවතම පර්යේෂණ තතු වලට අනුව විශේෂයෙන්ම වේගවත් අක්ෂි චලන නිද්‍රාව හෙවත් Rapid eye movement Sleep නම්ත ත්වය හටගැනීම කෙරෙහි බලපවත්වන්නේද මෙම නිදන්ගත ස්නායු ආබාධයයි. රෝග ලක්ෂණ අතර දිවා කාලයේ ඇතිවන අධික නිදිමත ගතිය, නින්ද ආශ්‍රිත මායාවන්, නිද්‍රාගත අංශභාගය, බාධාකාරී රාත්‍රී නින්ද සහ හදිසි සහ තාවකාලික මස්පිඩු වේදනාව සඳහන් කළ හැකිය.

රුධිරගත බැන්ධනයෙන් හමුවන එකම ළබැඳියා ලෙසින් සිය මව පමණක් ඉතිරි වූත්, ඉහත ආබාධයෙන් පෙළෙන නිසාවෙන් කිසිඳු ස්ථීර රැකියා අවස්ථාවක් හෝ ආධායම්මා ර්ගයක් සොයා සපයා ගැනීමට සමත් නොවූත් අනූජ් නැමැති අවිහිංසක අව්‍යාජ තරුණයා හට සිය හෘදයාංගම මිතුරෙකු හරහා අහම්භෙන් උදාවන රංගන වරමක්තු ළ අතිසාර්ථකව නිරූපණයේ යෙදීම ඔහු හට නිර්මළ ප්‍රේමයේ සුමධුර පහස ලැබීමේ අවකාශයද සලසයි. විවේක කාලය උදාවන තුරු සිනමාපටයේ එන සිදුවීම්පෙළගැස්ම එලෙසින් සඳහන් කළ හැකිය. මනුශ්‍යත්වය මැනවින් හඳුනනා, ස්වාර්ථය පරයා පරාර්ථය ගරුකරනා කිසිවෙකු තුළ උපතින්ම ජනිත වන කුමන තරාතිරමක හෝ කුමන අන්දමක හෝ කායික සහ මානසික ආබාධයක් නිරාමිස ප්‍රේමසැරියට හෝ සන්තුෂ්ටිමය විවාහසැරියට හෝ සඵලදායී දිවිසැරියට සෘණාත්මක ලෙසින් එල්ලකළ හැකි බලපෑමත් ඉන් නොසැළී ධණාත්මක චින්තනයෙන් උක්ත සැරියන් සාර්ථකව සපුරාගැනීමට සොභාදම් මාතාව ආශ්චර්‍යමත් ආශීර්වාදය කැන්දන අයුරුත් සිනමාපටය තුළින් කතිකාවට බඳුන්ක රන්නට උත්සාහකරන මූලික ප්‍රස්තුතය ලෙසින් හඳුනාගත හැක.

ඉඳුරාම ප්‍රකාෂ කළහොත් එම සිනමාපටය මෙතුවක් කාලයක් පුරාවට හෙලවුඩ් සිනමා වංශකතාව තුළට එකදු පහදු වූ වීරයා, පෙම්වතිය හා දුෂ්ඨයා කේන්ද්‍රකොටගත් තුන්කොන් ප්‍රේමාන්දරයකට හාත්පසින්ම වෙනස් නැවුම් ප්‍රස්තූතයක් අන්තර්ගත වූවකි. ආලය, අනුකම්පාව, තණ්හාව, ඊර්ෂ්‍යාව, කෝපය, විරහව, සාංඛාව, කාංසාව, සංතාපය, ත්‍රාසය, භීතිය, කුතුහලය, විනෝදය ආදී වූ සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව පහළවන්නා වූත්නි රන්තරයෙන් වෙනසට බඳුන් වන්නා වූත් අතිශය සංකීර්ණ වූත්අ තිශය සියුම් වූත් මනෝභාවයන් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්‍රක්ශේපනය කිරීමට ප්‍රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන් විසින් පාන්නා වූ සමර්ථභාවය එය දෑසින්වි ඳ මනසින් කියවාගැනීමට සමර්ථභාවයක් ඇත්තා වූ සියළු ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය යුතුයැයි තරයේ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. 

රංගන ධායකත්වය

නිසල හෙට්ටිආරච්චි

දිනක්ෂි ප්‍රියසාද්

දිල්හානි ඒකනායක

රජිත හිරාන් චාමිකර

පැතුම් රුක්ෂාන්

නිමේෂ් එදිරිසිංහ

රුමලී කෙෂීඩා

වසන්ත කුමාරවිල

වසන්ත කුමාරසිරි

ලාල් වීරසිංහ (ගරු රඟපෑම්)

අශේන් නවීන්

හේෂානි ලියදිපිට

සඳුනි වක්කුඹුර

ගයාන් කාන්චන

සැනට් දික්කුඹුර

රයන් වැන්‍රෝයන්

අතුල ඉද්දමල්ගොඩ

සුගත් ජානක

මංජුල සේනානායක

නාලක දළුවත්ත

ශැගී වීරනායක

ආකාෂ් බුද්ධි

චතුරංග පීරිස්

සචිනි යකුපිටිය

සමන්ත මායාදුන්න

මානෝජ් කොතලාවල

හිමල්ක මධුශාන්

අමායා දිල්‍රංගා

දයා ප්‍රතාපසිංහ

රෝහණ සේනාරත්න

සශින් පෙරේරා

එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්‍රතිභාව පූර්ණ වශයෙන්වි දහාපෑමට මං සලසාදුන් ප්‍රශස්ථ සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන් ත්‍රිත්වය විසින් සිනමාපටය රාමුගත වන ආකයානය තුළ ඉහත සඳහන් කරන ලද මනෝමූලික සංරචකයන්සි යල්ල වඩාත් හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව් සිනමාපටය සමඟින් තියුණු සබැඳියාවක්සකසාගත් සිනමා සංවේදී කා හට වුවද වටහාගැන්මට අපහසු නොවනු ඇත.

වර්ථමානය වන විට විද්‍යාව හා තාක්ෂණවේදය කොතරම් උද්දීපනය වුවත් ස්වභාවධර්මය තුළ ක්‍රියාත්මක වන්නා වූ ඇතැම් යාන්ත්‍රණයන්

ක්‍රියාවට නැංවෙන ආකාරය නිර්වචනය කරගැනීමට මානව ප්‍රජාව දක්වන පොහොසත්කම පිළිබඳව සිනමාපටය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන අතර ඒ තුළින් ජීවිතයේ සැබෑ අරුත පිළිබඳවද උභතෝකෝටිකයන් ගණනාවක් නිර්මාණය කෙරෙයි.  (ඇතැම් ආගම්වලට අනුකූලව එම යාන්ත්‍රණයන් පුද්ගල ස්වරූපයකින්ප වතින මහානිර්මාණකරුවකු විය හැක) 

සෑම රූපරාමුවකම පාහේ මිනිස් ඇසට මෙන්ම මනසටද වඩාත් ප්‍රිය උපදවන සුළු සොභා අසිරියෙන් අනූන වූ ස්ථානයන් රැසක සිනමාපටය රූපගතකොට තිබීමත් ඒවායේ පාරිසරික සාධකයන්ට උචිත පසුතලයන්, රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ ආදිය නිර්මාණයකොට භාවිතාව තුළින් ඉහත සඳහන් කරන ලද තිරය හා ප්රේක්ෂකයාගේ මනස අතර හටගන්නා සබැඳිය ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව විශේෂ කාරණාවක් ලෙස හුවාදැක්වීමට කැමැත්තෙමි.  උක්ත කාරණාවෙහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ සිනමාපටයේ නිෂ්පාදකයා, අදියුරුවරයා, කැමරා අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂකවරයා, රංග වස්ත්‍ර හා මෝස්තර නිර්මාණශිල්පියා හා වේශ නිරූපණ ශිල්පියා හට බැව් අවංකව ප්‍රකාශ කළ යුතුය.

නිෂ්පාදන කාර්‍යමණ්ඩලය

දෙබස්, තිර රචනය, කාර්මික තිර රචනය සහ අධ්‍යක්ෂණය | හර්ෂ

උඩකන්ද

නිෂ්පාදනය | අශෝක් ජයකොඩි

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය | නිශාන් හසිත

කතා සංකල්පය | අනූජ් රණසිංහ

සහය අධ්‍යක්ෂණය | බන්දුල කැබැල්ලහිටියාව

සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය | තිවංක අමරසිරි

වර්ණ සංයෝජනය | ශාන් අල්විස්

ශබ්ද සැලසුම | සශින් ගිම්හාන් පෙරේරා

දෙබස් පටිගතකිරීම | තනුෂ්ක කහඳවල

අංග රචනය | මනුක ගලගෙදර

අංග රචනා සහය | නවෝද්‍ය සත්සර

කලා අධ්‍යක්ෂණය | හර්ෂණ ලාල් කුමාර

සහය කලා අධ්‍යක්ෂණය | කෙනිෂ් නවරත්න, තමීර කරුණාරත්න,

අෂාන් ද සිල්වා

ඇඳුම් නිර්මාණය | දුල්ශාන් රත්නායක

නර්තන වින්‍යාසය | ශේන් ආර්‍යන්

සටන් අධ්‍යක්ෂණය | සමන්ත මායාදුන්න

නිෂ්පාදන කළමනාකරණය | නන්දලාල් ජයසිරි

විධායක නිෂ්පාදනය | ශලිනි ප්‍රනාන්දු

නිෂ්පාදන සහය | දුෂ්‍යන්ත පෙරේරා, උපුල් බාලසූරිය

නිෂ්පාදන සම්බන්ධීකරණය | හිමල්ක මධුශාන්

සංගීත අධ්‍යක්ෂණය | නිමේෂ් කුලසිංහ

ගීත රචනය | ශෙහාන් ගලහිටියාව, කුසල විදානපතිරණ

ගීත ගායනය | රවීන් තාරුක, ආදිත්‍යා වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා,

හිරුෂ ප්‍රනාන්දු, සෙව්මිණි සංජනා

නිෂ්චල ඡායාරූප | ස්කයි ගැලරි

කැමරා සහය | සුරේෂ් කුමාර, ජනිත් දෙව්මින

හෙලවුඩ් සිනමාවේ මධුර ගීත රචකයින්, ගායක ගායිකාවන් හා සංගීත නිර්මාපකයන්කි හිපදෙනෙකුගේම නොමඳ ධායකත්වය සැපිරීම තුළින් ප්රේක්ෂක හදවත් වසඟ කරවමින් පිනා යෑමට සමත්

අතිශය චමත්කාරජනක රූපරාමු රැසකින් සමන්විත ගීතයන්

සිනමාපටය තුළ විද්‍යාමාන කරවීමට අදියුරුවරයා අමතකකොට

නැතිවීම පිළිබඳව මාගේ හෘදයාංගම තුති පිදීමට කැමැත්තෙමි. 

විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක

භාවයකින් යුත් ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය

ගලාගෙන යන රිද්මයට හා ඉන් ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන

භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු හානියක් නොවෙන අයුරින්

සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි. 

මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා

ශිල්පීන් මෙන්ම සංස්කාරකවරුන්ද මහත් වගකීමකින් හා

ප්‍රවේශමකින් යුතුව කටයුතුකොට ඇති බව විෂයානුබද්ද දැනුමැති

කවරෙකු හටත් පහසුවෙන් ප්‍රත්‍යක්ෂ වන කාරණාවකි. 

ඇක්ෂන්, ඩ්‍රාමා, රොමෑන්ස්,  ක්ෂානරයේ සිනමාපටයක් සඳහා දර්ශීය

උදාහරණයක් වන මෙම සිනමාපටය හෙලවුඩ් සිනමා වාංශ කතාවේ

තවත් එක් සුවිශේෂී කඩඉමක් බැවින් සියළු සම්ප්‍රධායික

ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින්

යාවත්කාලීන වන නැවුම් අනාගත හෙලවුඩ් සිනමාවක පහස විඳීමට

කැමති සියළු දේශානුරාගී සිනමාලෝලීන් සඳහා මෙම ආකර්ෂණීය

ගුණාත්මක සිනමාපටය  නුදුරේදීම නැරඹීමට අවස්ථාව උදාවීම ඔවුන්

ලත් භාග්‍යයකි. 

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය

අපේක්ෂාවන් ඇති කරවන මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක්

සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු

සම්පත් සැලසේවායි හර්ෂ උඩකන්ද අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය

මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

සැකසුම | හිරාන් ගමගේ

සුබ අලුත් අවුරුද්දක් වේවා

නවමු බලාපොරොත්තු, අභිලාෂ, ඉලක්ක වගේම අභියෝග මේ අවුරුද්දටත් පොදුයි. විය යුත්තේ එළඹෙන දින 365කට ආසන්න කාලපරාසය ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීම තුළින්, තමාට අවැසි ඉලක්ක කරා සාර්ථකව ළඟා වීමට ක්‍රියාත්මක වීමයි.

ගතවුන අවුරුද්ද තුළ ලද ජයග්‍රහණ යලි යලිත් සමරමින්, තමාට දිය යුතු උපරිම වටිනාකම දෙමින්, අතප්සුවීම් සහ පරාජයන් හමුවේ ලද අත්දැකීම් මේ අවුරුද්ද තුල සාර්ථක වීමට උපයෝගී කර ගත හැකියි. ඒවා පිළිසකර කරගෙන ඉදිරියට යාමම ජීවිතය දිනවීමක්.

සිත පිනවූ අවස්ථාවන් වගේම තවමත් සුව නොවුන සිත් පෑරීම්ද මේ අතරින් පතර ඇති. සර්ව සම්පූර්ණ කිසිවක් නොමැති අවකාශයක පරාජිත සිතිවිලි වලට ඔබව අඩපණ කරන්නට ඉඩත් ඇති. අවසානයේ සංයමයෙන් ඒ හැම දේකටම සුබවාදී පිළිතුරක් නිර්මාණය කරගත යුත්තේ ඔබමයි.

කෙසේහෝ, පුද්ගලයකු ලෙස අවංකවම ඔබට ඔබ ගැන තක්සේරුවක් කල හැකි, ඒ තුලින් නොමදව සතුටු විය හැකි, අභියෝග ජයගත් සැමරුම්ම බහුල නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!

දිමුතු සේනාදි

අරවින්ද නම් පතාක යෝධයා

ලක් මෑණිට ජය ගෙනෙන්න වරෙන්     ගුරා

අණසක පතුරවමු අපි දෙන්නා පිටිය    පුරා

මේ පිත්තෙන් නෙළනවා අද වගකීම    දරා

පර සුද්දනි තොපි දැනගව් මමයි         අරා

1996 මාර්තු 17 කියන්නේ ලංකාවට නිදහස ලැබුණ දිනය වගේ මතකයේ රැඳුණ තවත් දිනයක්.. මේක ලියන මම එතකොට හිටියේ හයේ පංතියේ..දැන් වගේ නෙවෙයි ඉස්සර දකින දකින තැන කතා කළේ ක්‍රිකට් ගැන. ඒ කාලේ අද වගේ තාක්ෂණය දියුණු නැති නිසා score එක බලන්නවත් ජංගම දුරකථනයක් අතේ තිබුනේ නෑ. නමුත් එසේ කියා ගැටලුවක් නොවූයේ මැච් එකක් තියෙන දවසට පාරට බැස්ස වෙලේ ඉඳලා අඩියෙන් අඩියට score එක දැනගන්න පුළුවන් වුණ නිසා. ඒ Singer, Abans showrooms වලට සහ ස්වීප් ටිකට් විකුණපු මහත්තුරුන්ට පිං සිද්ධ වෙන්නටය. අපේ ගෙදර..ඒක වෙනමම ආතල් එකක්..තාත්තා මුලසුන හොබවන එහි ක්‍රිකට් විස්තර විචාරක අට්ටාලයක සිට මැච් එක බලන අත්දැකීමක් හා සමය. තාත්තාට ක්‍රිකට් කිව්වොත් ඉතින් වෙන දෙයක් අවැසි නැත. 

” මාගේ මතකය දිව යනවා එදා පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංඟනයේ අරවින්ද ද සිල්වා දියත් කළ මනරම් පිතිහරඹය වෙත..” 1996 න් පසුව පැවති සෑම මැච් එකකම පාහේ පේමසර ඈපාසිංහ නම් වූ අද්විතීය නිවේදක මහතාගෙන් ඇසුණ සුන්දර වාක්‍ය කොටසක් තමයි ඒ.. කොහොමෙන් කොහොමහරි 96 ලෝක කුසලානය දිනන එක තමයි අපිට තිබුන ලොකුම දේ..කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස්හී ඉන්දියාවත් එක්ක ගහපු සෙමියේ ආතල් එක පස්සේ කාලෙක ලැබුණා නම් ලැබුනේ 2014 T20 ලෝක කුසලානයේ නවසීලන්ත මැච් එකේදී විතරයි. ඊඩ්න් ගාඩ්න්ස් මැච් එකේ අරවින්දගේ ඉනිම දියත් කරන්න ඔහු පිටියට ආවේ හරියට මහා යෝධයෙක් විලසටය. ජවගල් ශ්‍රීනාත්ටයි, වෙන්කටේෂ් ප්‍රසාද්ටයි අනිල් කුම්ලෙටයි පහර පිට පහර ගැහුවේ උන් හිටි තැන් අමතක වෙන්නටය. විකට් දෙකක් වැටිලා තියෙන වෙලාවක බෝල 47කින් ගහපු ඒ ලකුණු 66 ඇත්තටම අමතක කරන්නම බැරි වුණේ බලන් ඉන්න අපිට හිතුනේ අරවින්ද ගහන්නේ නිකං හරියට ” දාපන් ඕන බෝලයක් මම ගහනවා පැලෙන්න ” වගේ හින්ඳා. ගෙදර රූප පෙට්ටියේ එක බෝලයක්වත් මිස් නොකර බලන් ඉන්න අපිට ඒ ගැහිල්ල තව තවත් ආශ්වාදජනකව දැනුනේ මේ ගහන්නේ ඉන්දියාවටනේ කියලා මතක්වෙද්දි. ඒ ලකුණු 66 ඇතුලේ විල්ස් ලෝක කුසලානයේ බලාපොරොත්තුව රැඳුනා. අමන්දානන්දයට පත්වෙලා හිටපු ඉන්දීය ප්‍රේක්ෂකයෝ ඉකි ගගහා අඬන තත්ත්වයටත්, විනෝද් කම්බ්ලිලාගේ ගෙවල් උමතු වූ ප්‍රේක්ෂකයන් ගිනි තියන තත්ත්වයකටත් පත් කරන්න අරවින්දගේ ඒ ඉනිම දැඩි බලපෑමක් කළා කිව්වොත් නිවැරදියි. 

ඔන්න පුතේ ලක් ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අවසන් මහා තරඟයකට අපි එනවා. අස්සක් මුල්ලක් නෑර සියලුම ශ්‍රී ලාංකිකයෝ එකම බලාපොරොත්තුවකට රොඳ බැඳ ගත්තේ හිත් වල මරණ බයත් තියාගෙන. ඒ කාලේ යුද්ධයකින් බැට කන අපිට ක්‍රිකට් කියන්නේ හිත නිවන භාවනාවක් වගේ. හිතේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න අමතක කරන්න පුළුවන් අමුතුම දෙයක් ඒ කාලේ ක්‍රිකට් වල තිබුණා. මහා ප්‍රතාපවත් නායකයෙක් එක්ක ගඩාෆි පිටියට බැස්ස අපේ කොල්ලෝ සුද්දන්ව හොල්මන් කරනවා.

තම්බපු කඩල ටිකකුයි, උලුප්පපු පොල් කෑලි ටිකකුයි සූදානම් කරගෙන අපේ ගෙදර ඔක්කොම ටීවි එක ඉස්සරහින් වාඩි වුණේ කිසිදා ජීවිතයේ දෙවරක් දකින්න නොලැබෙන අත්දැකීමකට සාක්ෂිකරුවන් වීමේ අටියෙනි. විටින් විට අම්මාගෙන් ලද තේ පැන් සංග්‍රහයෙන් නව ජීවයක් ලද තාත්තා සහ මම අපේ කොල්ලන්ට චියර් එක දුන්නේ මහ හයියෙන් කෑ ගසමින් සහ අත්පුඩි තලමින්‍ ය. තම්බාගත් කඩල ඇටයක් කටට දාගන්නටත් පෙරාතුව නොසිතූ ලෙස සනා සහ කලූගේ දැවීයාම් තුලින් බලාපොරොත්තු සුන් වූ අපි අරවින්දගේ පැමිණීම ගැන දැඩි අවධානයෙන් බලාසිටියේ අප සතුව සිටි එකම ගැලවුම්කාරයා ඔහු වූ බැවිනි. මේ දිනවල සමාජජාලාවල ඇති අරවින්දගේ පහත සඳහන් ඡායාරූපය දුටු විගස මෙකී මතකයන් යළි ආවර්ජනය වූ බව කිව යුතුමය. මුළු කණ්ඩායමේම බර තම දෙඋර මතට ගත් අරවින්ද ගුරාද කැටුව සුද්දන්ට එළව එළවා ගැහුවේ එවකට ක්‍රිකට් පිටියේ රඟ දැක්වූ ශේන් වෝන්ලාට, ග්ලෙන් මැග්‍රාත්ලාට, ඩේමියන් ෆ්ලෙමින්ලාට අම්මා මුත්තා සිහිගැන්වෙන ආකාරයටය. නිරන්තරව ක්‍රීඩා කරන්නට මැච් ලැබුන සචින්ලාව ගවස්කාර්ලාව ඉන්දියානුවන් දේවත්වයෙන් සැලකූ නමුදු එවකට ඉන්දියානු කණ්ඩායමට අරවින්ද ක්‍රීඩා කළා නම් සචින්ලා ගවස්කාර්ලා යනු සිප්පි කටු බඳුය. අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයන් පසුකරමින් අද තිබෙන තත්ත්වයට ක්‍රිකට් ගෙන ඒමට වෙන කවුරුත් නොව අරවින්දලාගේ දායකත්වයම අතිවිශාලය.

1996 ලෝක කුසලානය ජයගත් පසු අරවින්ද අයියා සහ හෂාන් අයියා පිලිගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිලිගැනීමේ උත්සවයක් සංවිධානය වුණා. එහිදී අප පාසලේ නිර්මාතෘ දිවංගත ආර්. අයි. ටී. අලස් ගුරුපියාණන් හරිම රසවත් තොරතුරක් හෙළි කරනවා. සර් මෙහෙම කියනවා. එදා මාර්තු 17 රෑ ඕස්ට්‍රේලියා ඉනිම ඉවර වුණාට පසුව මම අරවින්ද පුතාට දුරකථනයෙන් කතා කළා. 

පුතා අරවින්ද.. උඹ තමයි අපේ බලාපොරොත්තුව..උඹ තමයි ලෝක කුසලානේ අරගෙන එන්න ඕන. උඹේ උරහිසේ තමයි වගකීම තියෙන්නේ..

සර්..සර් බයවෙන්න එපා.. මම මගේ රටට කුසලානය ගේනවා.. අද මම හොඳට සෙල්ලම් කරලා මගේ වගකීම මම අකුරටම ඉටු කරනවා සර්..

එතෙක් වේලා ගිනි අව්වේ පිට්ටනිය මැද්දෙ දූවිලි කකා උත්සව කටයුතු දෙස බලාගෙන හිටපු මා ඇතුළු දහස් ගණනක් ඩී. එස් කොල්ලෝ සර්ගේ ඒ වචන ටිකෙන් ප්‍රිතියෙන් ඉපිලව ඔල්වරසන් දෙන්නට වූහ. අරවින්ද කියන්නේ ලෝක ක්‍රිකට් වංශකතාවේ පතාක යෝධයෙක් කියලා මට එදා හිතුණා.

ක්‍රීඩාව වෙනුවෙන් අසීමිත කැපවීම, අධිෂ්ඨානය සහ තමන් කරන කාර්ය පිළිබඳ විශ්වාසය අරවින්දගෙන් සහ එවකට සිටි සෙසු ක්‍රීඩකයන්ගෙන් පිළිබිඹු වූහ. මේ තොරතුරු සමාජගත කරන්නේ හුදෙක්ම වත්මන් දරුවෝ, තරුණයෝ මේ ඉතිහාසය ගැන දැන සිටිය යුතුම බැවිනි. අරවින්ද වැනි ක්‍රිකට් වංශකතාවේ පතාක යෝධයෙක් ක්‍රීඩා කරන සැටි සියැසින් දැකබලා ගැනීමට තරම් අපි වාසනාවන්ත විය.

චරිත් විජේමාන්න – චරියාගේ පන්හිඳ

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගල වන අතර, ජනතා නියෝජනය111, නීති සම්පාදනය කරන සහ රජය වගකිව යුතු මූලික ආයතනය ලෙස සේවය කරයි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ආයතනය ලෙස, එය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහතික කිරීම, යහපාලනය ප්‍රවර්ධනය කිරීම සහ නීතියේ ආධිපත්‍යය පෝෂණය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පාර්ලිමේන්තුව එහි ව්‍යවස්ථාදායක, නියෝජිත සහ අධීක්ෂණ කටයුතු හරහා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ සම්ප්‍රදායන්හි ආරක්ෂකයා ලෙස ක්‍රියා කරයි.

 පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ එහි ව්‍යවස්ථාදායක භූමිකාවයි. ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂයන් පිළිබිඹු කරන නීති වාද විවාද කිරීම සහ සම්මත කිරීම එහි වගකීම වේ. නිදසුනක් වශයෙන්, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ පොදු තොරතුරු වෙත ප්‍රවේශ වීමට පුරවැසියන් බලගැන්වීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත (2016) වැනි වැදගත් නීති පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම නීතිය දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ රජය කෙරෙහි මහජන විශ්වාසය වැඩි කිරීමට ඉවහල් වී ඇත. ඒ හා සමානව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත (2005) වැනි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආමන්ත්‍රණය කරන නීති පාර්ලිමේන්තුව සමාජ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය සහ මූලික අයිතිවාසිකම් සුරැකීම සහතික කරන ආකාරය පෙන්නුම් කරයි.

 පාර්ලිමේන්තුවේ තවත් තීරණාත්මක කාර්යයක් වන්නේ නියෝජනයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සහ උත්සුකයන් නියෝජනය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් මගිනි. නිදසුනක් වශයෙන්, පාර්ලිමේන්තුවේ දෙමළ සහ මුස්ලිම් නියෝජිතයින් තම ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, ඇතුළත් කිරීම සහ සමාජ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය, තවමත් සීමිත වුවද, ප්‍රතිපත්ති සම්පාදනයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඉදිරිදර්ශනවල වැදගත්කම ද ඉස්මතු කර ඇත.

 ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තවත් වැදගත් කාර්යභාරයක් වන්නේ අධීක්ෂණයයි. පාර්ලිමේන්තු කමිටු සහ ප්‍රශ්න සැසි හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විධායකයේ ක්‍රියාවන් විමර්ශනය කර වගවීම සහතික කරයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වැනි කමිටු මූල්‍ය අක්‍රමිකතා අනාවරණය කර ගැනීමට සහ පාලනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට මූලික වී ඇත. උදාහරණයක් වශයෙන්, රාජ්‍ය ආයතනවල වැරදි කළමනාකරණය පිළිබඳ කෝප් විමර්ශන මගින් රජයේ මෙහෙයුම්වල ප්‍රතිසංස්කරණ හා වැඩි විනිවිදභාවයක් අවශ්‍ය බව අවධාරණය කර ඇත.

 විශේෂයෙන්ම පශ්චාත් ගැටුම් ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ දී ද පාර්ලිමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. 2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව සංහිඳියාව, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බලය බෙදා හැරීම පිළිබඳ සාකච්ඡා සඳහා වේදිකාවක් බවට පත් විය. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) වැනි ආයතන පිහිටුවීමට දරන උත්සාහයන් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ දුක්ගැනවිලි විසඳීමට සහ සුවය ප්‍රවර්ධනය කිරීමට පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබිඹු කරයි. අභියෝග පවතින නමුත්, මෙම මුල පිරීම් දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ වැදගත්කම අවධාරණය කරයි.

 මීට අමතරව, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගැස්වීමේදී සහ ගෝලීය ක්‍ෂේත්‍රය තුළ එහි තත්ත්වය පවත්වා ගැනීමට පාර්ලිමේන්තුව තීරණාත්මක වේ. ජාත්‍යන්තර ගිවිසුම්, වෙළඳ ප්‍රතිපත්ති සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වාද විවාද සහ තීරණ හරහා රටේ අවශ්‍යතා සුරක්ෂිත බව පාර්ලිමේන්තුව සහතික කරයි. නිදසුනක් වශයෙන්, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම පිළිබඳ සාකච්ඡා ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා විදේශ ගනුදෙනු ඇගයීමේ දී පාර්ලිමේන්තු අධීක්ෂණයේ වැදගත්කම අවධාරණය කළේය.

 එහි සැලකිය යුතු දායකත්වයක් තිබියදීත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායී ලෙස ශක්තිමත් කිරීමට ඇති හැකියාවට බාධා කරන අභියෝගවලට මුහුණ දෙයි. දේශපාලන ධ්‍රැවීකරණය, දූෂණය සහ කාන්තා නියෝජනයේ ඌනතාවය වැනි ප්‍රශ්න එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ කනස්සල්ල මතු කර ඇත. තවද, මන්ත්‍රීවරුන් ජාතික අවශ්‍යතාවයට වඩා පක්ෂ පක්ෂපාතිත්වයට මුල්තැන දෙන අවස්ථා ආයතනය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කර ඇත. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණ, වැඩි විනිවිදභාවයක් සහ පාර්ලිමේන්තු ක්‍රියාවලීන් සඳහා සක්‍රීය මහජන සහභාගීත්වය දිරිගැන්වීම සඳහා මුල පිරීම් අවශ්‍ය වේ.

 අවසාන වශයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය සහතික කිරීම, නීති සම්පාදනය කිරීම, රජයට වගවීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එහි ක්‍රියාවන් පුරවැසියන්ගේ ජීවිතවලට සහ ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයට සෘජු බලපෑමක් ඇති කරයි. අභියෝග පවතින අතරම, පාර්ලිමේන්තුවට වඩාත් ඇතුළත්, විනිවිද පෙනෙන සහ ඵලදායී ආයතනයක් බවට පරිණාමය වීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාව ශක්තිමත් සහ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එහි කාර්යභාරය ශක්තිමත් කිරීම සහ එහි අඩුපාඩු සපුරාලීම අත්‍යවශ්‍ය වේ.

පවිත්‍රා රණතුංග

සම්මානයක් එක්කම අවුරුදු 5 සමරණ අපි

අපි මැගසින් ආරම්භ වෙන්නේ 2020 ජනවාරි පළවෙනිදා. 

ඒක ආරම්භ වෙන්නේ මගේ හිතට ආපු සිතුවිල්ලක ප්‍රතිඵලයක් විදිහට. පිටරටක ජීවත් වෙන කෙනෙක් විදිහට ශ්‍රී ලාංකික පිරිස එකට එකතු කරවන  ක්‍රමයක් හිත හිත ඉන්නකොට තමයි මගේ ඔලුවට ආවේ magazine එකක් කරන්න ඕනේ කියලා.  මැගසීනයකින් මිනිස්සුන්ට දෙයක් දීලා මිනිස්සුන් එකතු කරගන්න පුලුවන් කියන එක මට ඔලුවට ආවා. magazine කියන එක ඔලුවට එනවත් එක්කම, තේරුණ දෙයක් තමයි මිනිස්සුන්ට කාලය කියන එක ගොඩක් අඩුයි මේ කාලයේ පත්තරයක් අතට අරන් කියවන්න. දිනෙන් දින අලුත් වෙන තාක්ෂණයත් එක්ක මම හිතුවා අපි මේක ඊ මැගසින් එකක් විදියට සමාජයට දෙන්න පුළුවන් කියල. අන්න ඒ කන්සෙප්ට් එකේ ඉඳලාම තමයි මම මැගසින් පටන් ගන්නේ. මේ magazine එකේ තියෙන විශේෂත්වය තමයි රටවල් කිහිපයක් එකතු වෙලා කරන වැඩක්. මට මුල ඉඳලම ඕන වුණේ මේක මගේ නෙවෙයි අපේ කියල කියන්න. අන්න ඒක නිසා තමයි මේ මැගසින් එකට අපි මැගසින් කියලා නම දාන්න හිතුවේ.  රටවල් වලින් කිහිපයකින් එකතුවෙලා ලියන මේ මැගසින් එකේ ලොකු විශේෂත්වයක් ගන්නවා ඒ ලියන අය එම විෂයේ  ප්‍රවීණයවීමයි.  අදටත් මම ගොඩාක් සතුටින් කියන්න ඕනෙ මට ඉන්නවා මටත් වඩා උනන්දුවෙන් magazine එක ගැන කැපවෙන පිරිසක්.   මේ අවුරුදු පහ ඇතුළත ගොඩක් අඩියෙන් අඩිය උඩට ආවා. ඒ හැමෝගෙම අදහස්වල එකතුවෙන්.  ඉතින් අපේ වාසනාවත් එක්ක අපිට මේ අවුරුදු පහ ඇතුළත අපි මැගසින් එකට සම්මානයක් හිමිකරගන්න තැනටම එන්න පුළුවන් උනා. එංගලන්තය ඇතුළු වෙනත් රටවල් ගණනාවක් අතරේ දිගහැරෙන මෙම magazine එක තාක්ෂණය ඔස්සේ තමන්ගෙ තමන්ගේ ඇගිලි තුඩු වලට අරන් කියවන්න පුළුවන් තැනකට අපි ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ දුරකථනයට හෝ පරිගණකයට ලැප්ටොප් එකකට ඕනම විදිහකින් මේක බලන්න පුලුවන් විදියට අපි අද හදලා තියෙනවා. අපි මැගසින් කියන්නේ creative දක්ෂ ප්‍රවීණ කණ්ඩායමක එකතුවීමක්. ඉතින් ඉදිරියටත් තවත් අලුත් දේ එකතු කරගෙන දුර ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැමදෙනාම මේ හිටියා වගේම , ඉදිරියටත් අපි මැගසින් එකත් එක්ක එකතුවෙලා ඉන්න!, අපිව දිරිමත් කරන්න කියලා ඉල්ලා සිටින අතරම, මේ අලුත් අවුරුද්ද අලුත් බලාපොරොත්තු එක්ක ජය ගන්න ඉදිරියට යන්න ඔබට හැකි වේවා කියලත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා !.

ස්තුතියි !!

මම

ග‍යාන් කරුණාරත්න.