වින්සන්ට් වැන් ගෝ

ලෝකය නම් හිස් පිටුවේ ජීවිතය නම් පින්සලෙන් යථාර්ථය පින්තාරු කළ

වින්සන්ට් වැන් ගෝ

මානව පරිකල්පනය තුළට නිර්මාණශීලීත්වය මුසු වීම මගින් ගොඩ නැගෙන, ලොව ඇති අලංකාරතම

භාව ප්‍රකාශනය කලාව ලෙසින් හැඳින්වේ. එකී කලාව ලෝකයේ විවිධ තේමාවන් ඔස්සේ සැරිසරමින්

මිනිසුන් අතරම ගලා යයි. මේ ආකාරයට 19 වන සියවසේ මුල් භාගයේදී යුරෝපයේ බිහි වූ කලා

නිර්මාණ අතර වැජඹුන තවත් එක් ප්‍රධාන තේමාවක් වූයේ 'යථාර්ථවාදය' නම් ගැඹුරු සංකල්පය යි.

මෙම තේමාවේ ඇති සුවිශේෂත්වය වන්නේ එකී යථාර්ථය නිරූපණය කිරීම සඳහා එකල විසූ

කලාකරුවන් ආලෝකමය සහ අඳුරු පසුබිම් අතර දෝළනය වන, විවිධ හැඩතල උපයෝගී කර ගනිමින්

සිතුවම්කරනයේ නිරත වීමයි.

ඒ ආකාරයට ලෝකය දෙස අපට වඩා හාත්පසින්ම වෙනස් කෝණයකින් දුටු විරල කලාකරුවන් අතරට

වින්සන්ට් වැන් ගෝ ද එක් වන්නේ සුවහසක් වූ ඔහුගේ රසික රසිකාවියන්ගේ ආදරය සමගිනි.

වින්සන්ට්  වැන් ගෝ යනු බටහිර කලා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් පුද්ගලයින් අතර සිටින 

ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියෙකි.  මෙහෙදී වින්සන්ට් වැන් ගෝ සුවිශේෂී චරිතයක් බවට පත් වන්නේ

සිය මනෝ ලෝකයේ එහා මෙහා අතර ගැවසෙන සිතිවිලි, තෙලි තුඩක ආධාරයෙන් රූපකායකට

පරිවර්තනය කොට අපගේ ජීවිතයේ අප නොදකින පැතිකඩක් එයටම සුදුසු වර්ණ සුසංයෝජනයකින්

ඔහු එළි දැක්වීම නිසාය. චිත්‍ර ශිල්පියෙකු ලෙස සිය ආරම්භක අවධියේ පටන්, වින්සන්ට් වැන් ගෝ හට

අවශ්‍ය වූයේ අඳුර මුසු නිරූපණයන් තුළින් සමාජයේ වූ යථාර්ථවාදී අංගයන් සිතුවම් කිරීමට ය.

ඔහුගේ එම කාර්යය තම සිතුවම් මත ඇඳි තද වර්ණයන්, කැරකෙන බුරුසු පහරවල් මගින් මනාව

ගම්‍යමාන වේ.

අප කාටත් හුරු පුරුදු මෙම සිත්තරුවා  වැන් ගෝ නමින් ප්‍රසිද්ධියට පත් වුවත් ඔහුගේ සම්පූර්ණ නම

වින්සන්ට් විලියම් වැන් ගෝ ය. වර්ෂ 1853 ක් වූ මාර්තු 30 වන දින නෙදර්ලන්තයේ Zundert හි උපත

ලැබූ ඔහු දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා විය. ඔහුගේ පියා රෙපරමාදු පූජකයෙකු වූ

අතර ඔහුගේ මව ගෘහණියකි. දුෂ්කර ළමා කාලයක් ගත කළ ඔහු ඉතා ලැජ්ජාශීලී මෙන්ම තම පවුලේ

අයගෙන් සහ මිතුරන්ගෙන් හුදකලා වූ ජීවිතයක් ගත කළහ.

වැන් ගෝ සිය චිත්‍ර ඇඳීම සහ පින්තාරු කිරීම ආරම්භ කළේ ඔහුගේ යොවුන් වියේ දී ය. වැන් ගෝ

බොහෝ දුරට සිතුවම්කරණය පිළිබඳ තමාගේම වූ ස්වයං-අධ්‍යනයන් තුළින් පන්නරය ලබමින් තම

හැකියාවන් ඔප් නංවා ගත් සිත්තරුවෙක් විය. කලාව සඳහා ඔහු තුළ වූ දක්ෂතාවයන් හේතුවෙන්

පසුකාලීනව ප්‍රංශයේ පැරිස් නුවර වෙත සංක්‍රමණය වූ වැන් ගෝ, ජූලියන්‍‍‍‍‍‍‍‍‍හිදී චිත්‍ර කලාව

හදාරමින් ඔහුටම ආවේණික ශෛලියක් නිර්මාණය කර ගත්තේය. සිය හැදෑරීම් වලින් අනතුරුව 1888 දී

ඔහු ප්‍රංශයේ Arles වෙත පදිංචියට ගියේ කලාකරුවන්ගේ ජනපදයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙනි. 

ඒ සඳහා ඔහු සමඟ ඔහුගේ මිතුරෙකු වූ පෝල් ගෝගුයින් ද එක් වූ නමුත් ඔවුනතර වූ මත ගැටීම්

හේතුවෙන් එම අරමුණ නිෂ්ඵල විය.

1889 දී, ඔහුගේ මානසික තත්ත්වය පිරිහීම නිසා මානසික රෝගීන් රැකබලා ගන්නා

මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලදී. නමුත් එහිදී ද සිය පින්තාරුකරණය ඔහු දිගටම කළේය.  මෙම

කාලය තුළ ඔහු "Starry Night" සහ "Sunflowers" ඇතුළු ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ චිත්‍ර කිහිපයක්

නිර්මාණය කළේය. 1890 දී, එම මධ්‍යස්ථානයෙන් නික්ම ගිය වැන්ගෝ පැරිසිය අසල පිහිටි Auvers-

sur-Oise නම් ගම්මානයට පිවිසියේය.  ඔහු එහි ජීවත් වූයේ කලාව කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ

හෝමියෝපති වෛද්‍ය පෝල් ගැචෙට් සමඟ ය.

මෙම කාලය තුළ වැන් ගෝ ගේ මානසික සෞඛ්‍යය නැවත වරක් පිරිහී ගිය අතර ඔහු මානසික

බිඳවැටීම් මාලාවකට ගොදුරු විය. මානසික අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස වින්සන්ට් වැන් ගෝ කිහිප

වතාවක්ම රෝහල් ගත විය. ඔහුගේ මානසික තත්ත්වය ඉතා දුර්වල වූ අතර එය කෙතරම් ද යත් ඔහු

තම එක්  කණක් කපා එය අභිසුරු ලියක් වෙත යැවීමට කටයුතු කිරීමට තරම් මානසිකව බිඳ වැටිණි.

නමුත් ඒ කිසිවක් ඔහුගේ සිතුවම්කරනයට බාධාවක් නොවූ අතර තම පින්තාරුකරණය දිගටම සිදු

කරගෙන ගියහ. මෙහි ඇති තවත් එක්  විශේෂත්වයක් වන්නේ පසුකාලීනව ජනප්‍රිය වූ ඔහුගේ

විශිෂ්ඨතම සිතුවම් කිහිපයක්ම ඔහු මෙම කාලය තුළදී නිර්මාණය කොට තිබීමයි. 

ඔහුගේ සිතුවම් අතර Starry Night, Cafe Terrace at Night, Terrasse, Houses at Auvers,

Restaurant De La Sirene At Asnieres, Sunflowers යනු රසිකයන් අතර වඩාත්ම ප්‍රසිද්ධ සිතුවම්

වන අතර ඒවා බොහොමයක් ඔහුගේ ජීවිතයේ අවසාන වසර දෙක තුළ නිර්මාණය වීම සුවිශේෂීය. එම

සිතුවම් දෙස තියුණු අවධානයක් යොමු කළහොත් අපට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂනයක් නම්

ආලෝකය සහ අඳුර අතර සංකලනයන්ගෙන් ඔහු තම අවට වටපිටාව විස්තර කොට එතුළින්

“සංකේතාත්මක පණිවිඩයක්” සිය ප්‍රේක්ෂකයන්ට ලබා දීමට කටයුතු කර ඇති අයුරුය. ඒ පිළිබඳව

තවදුරටත් සොයා බැලීමේ දී හඳුනාගත හැක්කේ වැන් ගෝගේ චිත්තවේගීය තත්වයන් ද ඔහුගේ

කලාත්මක කාර්යයට බෙහෙවින් බලපෑ බවත් එතුළින් ඔහු තුළ වූ අවිඥානක මනස තම සිතුවම් මගින්

නරඹන්නාට ගැඹුරු පණිවිඩයක් ලබා දීමට සමත් වන බවයි.

වැන් ගෝ සංකීර්ණ මානසික රෝගවලින් පීඩා වින්දේය. ඔහුව පීඩාවට පත් කළ මානසික රෝග

ඔහුගේ කලා කටයුතුවලට ද බලපෑවේය. වැන් ගෝ  ඔහුගේ වේදනාව සහ බලාපොරොත්තු සුන්වීම

කැන්වසය මත පින්තාරු කළේය. කැපී පෙනෙන සහ බොර පැහැ ගැන්වූ වර්ණ, තෙල් සායමින්

නැහැවුන බුරුසු පහරවල් සහ විකෘති හැඩතල ඔහුගේ කැළඹුණු මනස විද්‍යමාන කරයි. එළෙස ඔහු

මානසික අවපීඩනයෙන් විඳී පීඩාව ඔහුගේ කලා නිර්මාණ තුළින් නිරූපණය කළහ. පසුකාලීනව ඔහුගේ

"බොහෝ විටෙක මා දුක්ඛිත වූ ගැඹුරක සිටියත්, මා තුළ තවමත් සන්සුන්කම, පිරිසිදුවන් සමගිය සහ

සංගීතවත් ස්වරූපයකින් රැඳී පවතියි.." වැනි ප්‍රකාශ තුළින් ද එවැන්නක් අපට තහවුරු කර ගත

හැක. ඒ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ ඔහුගේ කලා කටයුතු සඳහා මෙම මනෝ ගතික සාධකයන් ද

තදින්ම බලපාන්නට ඇති බවයි.

සුප්‍රසිද්ධ ජර්මානු නාට්‍ය රචකයෙක් වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කලාව යන්න සැලකුවේ යථාර්ථය

විදාරණය කෙරෙන තවත් එක් දර්පණ තලයකකට වඩා යථාර්ථය නිර්මාණය කරන සහ එය

හැඩගන්වන මිටියක් ලෙස ය. මෙම සන්දර්භය තුළ වැන් ගෝ ගේ කලා නිර්මාණ තුළින් ද අපට

නිරූපණය කරන්නේ සිය මනස සමග ඇතිකර ගත් ගැඹුරු මනෝවිද්‍යාත්මක සටනක තවත් එක්

ස්වරූපයක් ලෙසයි. මෙලෙස ජීවිතයේ ඉරා අඳුරු පට අතර සක්මන් කරමින්,  ඔහුගේ කටුක ජීවිතය තළ

වූ සිය ආත්මය සෙවීමේ කර්තව්‍යය, සිය කලා නිර්මාණ වල ඉතිරි කර ඇති බව අපට දක්නට ලැබේ.

වැන් ගෝ ඔහුගේ ජීවිත කාලය තුළම කලාකරුවෙකු ලෙස සිය අනන්‍යතාව තහවුරු කරගෙන ඇතත්

බැලූ බැල්මට පෙනී යන්නේ ඔහු බොහෝ විට දරිද්‍රතාවයෙන් ද බැට කමින් ජීවත් වූ බවයි. ඔහුගේ

ප්‍රසිද්ධ තෙල් සායම් සිතුවමක් වන "The Potato Eaters" මගින් සිත්තරුවෙකු අත්විඳින එම

දුප්පත්කම සහ අසරණකම ඉතා මැනවින් නිරූපණය කරයි. ඔහු ගෙවූ ඛේදනීය ජීවිතය සාරාංශගත

කළහොත් අපට ඉන්  දැක ගත හැකි ප්‍රධාන හැරවුම් ලක්ෂයන් අතර විධිමත් අධ්‍යාපනයෙන් ඔහු

ඉක්මනින්ම ඉවත්වීම, සිය ජීවිත කාලය තුළ වාණිජමය වශයෙන් සාර්ථක වූ කලාකරුවෙකු නොවීම,

පුද්ගලික දිවිය සහ පවුල් සබඳතා වල ඇති වූ දුර්වලතා, සහ අධික ලෙස මත්පැන්  සහ දුම් පානයට ඔහු

නැඹුරු වීම මගින් ඔහුගේ සෞඛ්‍යය අයහපත් අතට හැරී තිබූ අයුරු දක්නට ලැබේ.

වැන් ගෝ ගේ මෙම ව්‍යක්තික කලාව එහි වූ බලගතුමය සහ චිත්තවේගීය ශෛලිය මගින් නිර්වචනය

කල හැකිය. වැන්ගෝ වරක් මෙසේ පැවසීය: "අපි අපගේ මුළු ජීවිතයම ගත කරන්නේ අපගේ සිතුවිලි

වචන ආධාරයෙන් ප්‍රකාශ කිරීමේ කලාවේ අවිඥානික අභ්‍යාසවල ය." ඔහු මිනිසා සහ මිනිස්

ස්වභාවය අතර ඇති අරගලය, යථාර්ථය සහ ඔහුගේ අවිඥානික මානසික ගැටුම්  තම නිර්මාණ හරහා

නිරූපනය කිරීමට සමත් විය. 

ඔහු තම අභ්‍යන්තර මනස සමඟ නිතරම සටන් කළේය. මෙම ස්වභාවය ඔහුගේ චිත්‍ර හරහා ද

නිරීක්ෂණය විය. විටෙක ඔහුගේ වර්ණවල වූ තීව්‍රතාවය නැති වී ගොස් ඇත. තවත් විටෙක ඔහුගේ

රේඛා නොසන්සුන් විය. ඔහු ඝන ස්ථර අතර වඩාත් ප්‍රචණ්ඩ ලෙස සායම් ගැල්වීය. ඒ අතර වැන් ගෝ

පෙළුන දැඩි ආතතිය හේතුවෙන් නිර්මාණකරණයේ දී ඔහු නිරායාසයෙන්ම සොබාදහමේ වස්තූන් වෙත

ඇදී ගියේය. භ්‍රමණය වන හිරු, ඇඹරී ගිය සයිප්‍රස් ගස් සහ උල් වූ කඳු මුදුන් ආදී රූපක  වැන් ගෝ ගේ

මානසික ගැටුම්වලින් පිරී තිබුණ ඔහුගේ ජීවිතය නිරූපනය කරමින් වඩාත් ප්‍රචණ්ඩ ලෙස මතු විය.

එතුළින් The Reaper, Cypresses, The Red Vineyard සහ ඔහුගේ සුප්‍රසිද්ධ Starry Night වැනි

විශිෂ්ට ගණයේ නිර්මාණයන් බිහි විය.

Starry Night (1889) සිතුවම ගත් කල එහි මුළු ලෝකයම වෘත්තාකාර චලනයන් මගින් ගිලී ගොස් ඇති

බව පෙනේ.  ඊටත් වඩා Starry Night යනු වැන් ගෝ ගේ ජීවිතය මැනවින්ම විදහා දක්වන චිත්‍රය

බවට සැකයක් නැත. එය ඔහුගේ වඩාත්ම ජනප්‍රිය නිර්මාණය සහ ඉතිහාසයේ වඩාත් බලපෑම් ඇති

කළ  චිත්‍රයක් ලෙස ද නම් කළ හැක. අහසේ කැරකෙන රේඛා ඔහුගේ මානසික තත්වයේ නිරූපණයකි.

එය ඔහුගේ ආත්මීය ප්‍රකාශනය ප්‍රතිමූර්තිමත් කරයි. වින්සන්ට් වැන් ගෝ වරක් මෙසේ පවසයි "මා

සෑම විටකම පාපොච්චාරණය කරන්නේ ඇයිදැයි මම නොදනිමි, නමුත් තරු දෙස බැලීමට මම සැමවිටම

සිහින දකිමි." දුක්ඛිත මෙන්ම ඉතාමත් පාළු ජීවිතයක් ගත කළ ඔහු මෙම දුක් වේදනාවන් කලාත්මක

ලෙස පින්තාරු කරන ලදී. එය කෙතරම්ද යත් වින්සන්ට්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රයත්නයන් පවා

ඔහුගේ අවසන් සිතුවම්වල නිරූපණය කර තිබේ. ඔහු අඳුරු සහ කුණාටු සහිත අහස යට විශාල තිරිඟු

කෙත්වල පින්තාරු කරමින් “මාගේ සම්පූර්ණ දුක සහ අධික තනිකම මෙහි ප්‍රකාශ කිරීම අපහසු

නැත”  කියා කීවේය.  ඔහුගේ අවසන් චිත්‍රවලින් එකක් වන Wheat Field With Crows, කළු

කුරුල්ලෝ තරු නැති අහසක පියාසර කරති. එමගින් ඔහුගේ හදවතේ පැවති හිස් බව මනා ලෙස අර්ථ

දැක්විය හැකිය

නිවහනක් නොමැතිව ගෙවූ රස්තියාදු ජීවන රටාව, කාන්තාවන් සමඟ පැවැත්වූ සබඳතාවල

අසාර්ථකත්වය, මනෝ ව්‍යාකූලතාවන්, සිය මිත්‍රයා සමග වූ අමනාපනම් සහ බංකොළොත් භාවයට

පත්වීම වැනි තත්වයන් වැන් ගෝ සියදිවි නසාගැනීමට පෙළඹවූ මානසිකත්වය තව තවත් තියුණු

කළේය. කෙසේ වෙතත්, ඔහු දිගටම මානසික ආබාධයකින් පෙළුණි.  1890 ජූලි 27 වන දින වැන්ගෝ සිය

පපුවට වෙඩි තබා ගත්තේය.  ඉන් දින දෙකකට පසු, එනම් තම වයස අවුරුදු 37 දී ඔහු මිය ගියේය.

කෙසේ වෙතත්, ඔහුගේ සිතුවම් නිර්මාණ එතැන් පටන් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හා වටිනා ඒවා

බවට පත් විය. අද වන විට, වැන්ගෝ යනු  යුගයේ විසූ විශිෂ්ටතම කලාකරුවන්ගෙන් කෙනෙකු ලෙස

සැලකේ.

මානසික ආබාධයකට ගොදුරු වුවද වින්සන්ට් මිය යන තුරුම අතිශය නිර්මාණශීලී විය. ඔහු ජීවත් වූයේ

කෙටි කාලයක් වුවද ඔහුගේ සිතුවම් නිර්මාණ පසුකාලීන පරම්පරාවේ කලාකරුවන් කෙරෙහි ද ප්‍රබල

බලපෑමක් ඇති කර ඇති අතර, එය අදටත් මිනිසුන්ව විශ්මයට පත් කරයි.  ඇම්ස්ටර්ඩෑම් හි වැන්ගෝ

කෞතුකාගාරය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය කෞතුකාගාරවලින් එකක් වන අතර වැන්ගෝගේ

විශාලතම සිතුවම් සහ චිත්‍ර එකතුව එහි ප්‍රදර්ශනය කර ඇත.

සුප්‍රසිද්ධ ලන්දේසි චිත්‍ර ශිල්පියෙකු වන වින්සන්ට් වැන් ගෝ ගේ ජීවිත කතාව ඇසුරින් Irving Stone

විසින් 1934 දී ‘Lust for life’ නමින් චරිතපදාන නවකථාවක් රචනා කර ඇත. තවද Don McLean ගේ

ජනප්‍රිය ගීතයක් වන Vincent (Starry, Starry Night) හි ගී පද  වැන් ගෝ  ගේ සැබෑ කතාන්දරය

නැවත නැවතත් රසිකයන්ගේ හදවත් අතර ජීවත්  කරවයි. ඔහු චිත්‍ර කලාවට ප්‍රිය කළත් ඔහු

ඔහුගේ සිතුවම්වලට නම්  කිසිදා ආදරය නොකළ බවක් පෙනී යයි. වැන් ගෝ  අකාලයේ මිය ගියද

වැන්ගෝ යුරෝපයේ විසූ  විශිෂ්ටතම කලාකරුවෙකු ලෙස නමක් දිනාගෙන තිබේ. එහෙත් තම ජීවිත

කාලය තුළ ඒවායේ සාර්ථකත්වය දැක ගැනීමට ඔහුට නොහැකි විය. ඇතැම් කලාකරුවන්ගේ ජීවිත සේම

එය වැන් ගෝ ගේ ජීවිතයේ ද සිදු වූ විශාලතම ඛේදවාචකයයි.

මොහොමඩ් මිනාස්

SAJITH WATHSALA

වචන රහට Mix කරන එංගලන්තයේ හඩ පෞරුෂය

SAJITH WATHSALA

1. කොහොමද සජිත් මේ දවස් වල ජීවිතේ

මේ දවස්වල ජීවිතයේ අර ගීතවල කියනව වගේ සැප දුක සමබරව ගලන ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒ වගේම එංගලන්තයේ තිබෙන ප්‍රාසාංගීක අත්දැකීම්  2024 වසරට මම සන්නිවේදකයකු  විදිහට  සහභාගි වන  අවසන් ප්‍රසංගය වෙන්නේ  නොවැම්බර් තිස් වැනිදා ඒ හැඟුම් හැන්දෑව , ක්‍රොයිඩන් වල ස්වභාවික සංගීතයට ආදරය කරන පිරිස වෙනුවෙන් කරන වැඩ සටහනකදී. මේ දිනවල එය සැලසුම් කරගෙන යනවා. මොකද අවසානයේදී දෙසැම්බර් මාසයේදී මුළු දෙසැම්බර් මාසයෙන් වගේම ඉන්නෙ  ලංකාවේ. ඒකට හේතුව තමයි මගේ ජීවිතයෙ පළවෙනි වතාවට හීනයක් සැබෑ වෙන මාසයක් බවට එය පත්වෙනවා .එනම් පළමුවන වතාවට ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත ජීවිතයට අවුරුදු 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කරන “ආදරණීය  රෝහණ” ප්‍රසංගය , ලංකාවේ කොළඹත් ඒ වගේම නුවර ධර්ම රාජ විද්‍යාලයට ඒ කියන්නේ මහනුවර ඉතින් මෙන්න මේ වැඩසටහනෙදි  මම සන්නිවේදකයෙකු විදිහට සහභාගි වෙන්නට කටයුතු කරනවා. ඒ වගේම ඒ වැඩසටහන ප්‍රවර්ධන පැත්තෙනුත් 2025 සංවර්ධන නිලධාරියෙක් විදිහට මගේ වැඩ කටයුතු කරගෙන පෞද්ගලික ජීවිතය දේවලුත් කරගෙන මේ දවස්වල ඉන්නවා.

2. සජිත් වත්සල කියන චරිතය පද ගලපලා රස මුසු කරලා හැමෝම ගැන අදහස් වචන කරන එකේ අද කියමුද ඔයාගෙම වචන වලින් සජිත් වත්සල කියන්නෙ කවුද කියලා

සජිත් වත්සල කියන්නේ මේ අපි මැගසින් සගරාව කියවන රසික රසික වියන් වගේම එංගලන්තයේ වෙසමින් ශ්‍රී ලංකාවේ හර්දස්පන්දනයට ආදරය කරන චරිතයක් කිව්වොත්  මං හිතන්නේ මං නිවැරදියි.  ඒ වගේම කලාව මගේ ආත්මයට ලං කරගන්නට සන්නිවේදකයෙක් විදියට ඒ කලාවට මා වෙන්න මට කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් යමක් මේ සමාජයට ඉතිරි කිරීම බලාපොරොත්තුවෙන් දිවි ගෙවන චරිතයක් කිව්වොත් නිවැරදියි. 

3. A මම හිතන විදියට ගොඩක් දෙනෙක් සජිත්ගෙ ආරම්භය දන්නෙ නෑ. අපි ඒ ගැන කතා කරොත්

මගේ ජීවිතයේ ආරම්භය ඉතින් මම ඉපදෙන්නේ මාතර ඊට පසුව මගේ සිත් සතර හදාරන්නට මම යන්නේ මාතර රාහුල විද්‍යාලයට ඉතින් මාතර රාහුල විද්‍යාලයේ , නැතිනම් මේ ප්‍රධාන ශාලාවේ වේදිකාව තමයි සජිත් වත්සල නිර්මාණය වෙන්නේ. ඒ මුල්හලේ   සිටි මගේ යහළුවන් එවකට සිටි සිසුන්ගේ අත්පොළසන් නාදය ගුරුවරුන්ගේ   අත්පොළසන් නාදය තමයි මේ සන්නිවේදකයකු  වීමට තිබුණු සිහිනයට ආත්ම ශක්තිය බවට පත් වෙන්නේ.

ඒ කාලයේදී තමයි මට හේම නලින් කරුණාරත්නයන් හමුවන්නේ එතුමන්ගේ ආභාෂයත් එක්ක ලැබුණු දැනුම් සම්භාරයත් එක්ක සන්නිවේදකයෙක් වීමේ වෘත්තීමය හීනයක් බවට පත්කරගන්න උත්සාහ කරන්න කළ නමුත් මට ලංකාවේ මාධ්‍ය භාවිතය පිළිබඳව එවකට තිබුණු කලකිරීම  නිසා  මම තීරණය කරනවා මම සන්නිවේදනයෙකු වන්නට  තිබුන  හීනය හීනයක් විදියට තබාගෙන Apitt  ආයතනයට  යනවා .  ඉන් අනතුරුව මෘදුකාංගි ඉංජිනේරු විද්‍යාව ගැන ඉගෙන ගෙන එහිදීත් අවසන් වසර දෙක කරන්නට  එංගලන්තේ stafordshire university එකට එනවා 2009  . 2009 ඉඳලා 2023 පෙබරවාරි වෙනකම් මයික් එකක් අල්ලන්නේ නෑ. ඒ හීනය  කුඩු පට්ටම උන  හින්දා. ඉන් අනතුරුව එංගලන්තයේ වෙසෙන පිරිස එක්ක මං සන්නිවේදකයෙක් වශයෙන් කටයුතුයි කරනවා . එදා සිට අද වෙනතුරුම සන්නිවේදනයේ සහ මගෙ පෞද්ගල ජීවිතයේ වැඩ කටයුතු කරගනිමින්  කාර්යබහුල ජීවිතයක් ගතකරනවා.

4. එංගලන්තයේ ඉවෙන්ට් එකකට නැතුවම බැරි කටහඩක් කියන තැනට ඔයා ඔයාගෙ තැන නිර්මාණය කරගත්තෙ කොහොමද 

මා හිතනවා මිනිසුන්ගේ ආදරය. එංගලන්තයේ ඉවෙන්ට්ස් ගැන කතා කරනකොට එංගලන්තයේ  වෙසෙන ශ්‍රී ලාංකිකයන් තමයි මට සන්නිවේදකයන් විදිහට, ඔවුන් මම වේදිකාවට නගින කොට අත්පුඩි ගහලා මාව දිරි ගන්වපු නිසා, තව ඉවෙන්ට්ස් තියෙනවා නම් ඒවට මාව නිර්දේශ කරේ.  ඔබ  අහල තියනවනම් ලංකාවෙ නාට්‍ය කලාවේ  භෞතිස්ම කිරීම ඉස්සර කාලෙ නාට්‍යයක් ජනගත කිරීම මුලින්ම ඒක අරන් යන්නේ  පේරාදෙණිය සරසවියේ වලට.  වලයේ මිනිස්සු අප්පුඩි ගැහුවොත් තමයි  නාට්‍ය ජනගත කිරීමට සුදුසුයි කියලා අධ්‍යක්ෂකවරු කියන්නේ ඒවගේම තමයි එංගලන්තය වෙසෙන හැමෝම මාව දිරිගන්නපු නිසා තමයි මං හිතන්නේ අද මම මෙතරම් ඉදිරියට එන්න හේතුව. අන්න ඒ එක්කම මට  සිංහල හා ඉංග්‍රීසි බාශා දෙකම භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා.  අපේ ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතරට සන්නිවේදක විදිහට සම්මුඛ වෙන්නට ඔවුන් එයට දෙන ආදරය එයට දෙන ඇල්ම නිසයි මම මෙච්චරක් දුරක් ඇවිල්ල තියෙන්නෙ.

5. සජිත් අද වෙනකොට Brand එකක්. අපි ඒක ගැනත් ටිකක් කතා කරමු

ආසාව උනන්දුව අත්නොහැරීම කියන වචන තුනන් තමයි ඕනම බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන්න හේතුව, හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකේ සිටින හැම මිනිසෙක්ම ආවේණික වූ පර්සනල් බෑන්ඩ් එකක් තියෙන කෙනෙක් සමහර අය ඒ  සන්නාමය දුරටත් වැඩි කර ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා.  ඉතින් මම ඒ විදිහට හිතන්නට කැමතියි. මගේ යාලුවන් මගේ වටපිටා වේ පිරිස දිරිගන්වන පුද්ගලයෙක් විදිහට ඒ ආදර්ශය මම සපයන්න බැඳිලා ඉන්නවා, ඉගෙනීම් ක්‍රියාවලිය කියන එක ජීවිතේකටම තියෙන්න ඕන දෙයක් මම අදටත් මගේ සිංහල ගුරුතුමා වෙච්ච බී එල්   කරුණාතිලක    ගුරුපියාණන් ගෙන් දේවල් අහගන්න අවස්ථා ගොඩක් තියෙනවා . සමහර දවස්වල වේදිකාවට නගින්නට පැය දෙකකට කලින් සර් මම මේ වචනේ පාවිච්චි කරන්නෙ කොහොමද කියල මම අහපු අවස්ථාවල් තියෙනවා.  ඉංග්‍රීසි භාෂාව ලංකාවේ ඉන්නකොට මේ විදියට කතා කරන්න බැරි වෙන්න පුළුවන් අදත් මම ඉගෙන ගන්නවා. හැබැයි අවුරුදු 15ක කාලයක් එංගලන්තේ ජීවත් වෙනකොට ඉංග්‍රීසි භාෂාව  භාවිතයෙන් පමණක් නෙවෙයි. මගේ ජීවිතේ ප්‍රියතම චරිතයක් තමයි  ඔබාමා කියන්නේ. ඉතින් ඒ වගේ චරිත වේදිකාවල කතා කරන්නේ කොහොමද මිනිස්සුන්ගේ හදවත අර අපි කියනවා වගේ මයිල් කෙලින් වන ඔවුන්ගේ ශෛලීන්  මගේ ජීවිතයට මට ගැලපෙන විදියට මේවා සකසා ගන්නේ කොහොමද කියලා හැමතිස්සෙම හිතනවා. ඉතින් ඔන්න ඔය කැප කිරීම් එක්ක තමයි වේදිකාවේ දකින බ්‍රෑන්ඩ් එක නිර්මාණය වෙන්නෙ. ඒ සමාජ මාධ්‍යයත් විශාල කාර්යභාරයක් දැන් දවසේ අපි වෙනුවෙන් කරනවා. එයට උදාහරණයක් ඔබට රූපවාහිනියක් ගුවන් විදුලියක් තියෙන්නට ඕන නෑ පුවත්පක් තියෙන්නට ඕන නෑ නිදහස් අවකාශයක් නිර්මාණය කරගෙන ඔබේ තියෙන දක්ෂතාවය පෙන්නන්නට හොඳ තැනක් සමාජ මාධ්‍ය කියන්නෙ. මං හිතනවා මා එය මුල් කාලෙත් 2023 වසරේදී සන්නිවේදකයකු වශයෙන්  කියනකට සතියේ දින හතට reals හතක් මම මුදා හරිනවා. මුහුණ පොතේ අන්න ඒ තුළින් තමයි මා කියන බ්‍රෑන්ඩ් එක ගැන මුලින්ම මිනිස්සුන්ට එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය සමාජයටම පණිවිඩයක් යවන්නේ, අද එංගලන්තයේ මිනිස්සුන්ට මම ශ්‍රී ලාංකීය මිනිස්සුන්ට මගේ හදවතේ ගෞරවය පුද කරන ගමන් ලංකාවේ සමාජයට සජිත් පුවත් සැලකෙන ප්‍රැන්ඩ් එක කොහොමද අරගෙන යන්න ඒකත් මට තිබෙන හීනයක්. ඉතින් ඒ හීනය දැන් ම ම තබන කොට ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ?  

6. එංගලන්තයේ ශ්‍රීලාංකිකයන් අතර ඉන්න කෙනෙක් විදියට මේ වගේ Events රැල්ලක් කලමණාකරනයකින් තොරව වෙන එක ගැන මොකද හිතෙන්නෙ සහ ඉස්සරහට මොනවා වෙයිද

එක්තරා විදියක අභියෝගාත්මක ප්‍රශ්නයක් මගේ පිළිතුර තමයි ඕනෑම තැනක වැඩ වෙනකොට වැඩියෙන් එතන තරඟයක් ඇතිවෙනවා. ඒක තමයි අ යථාර්ථය නිව්ටන්ගේ තුන්වන නියමය වගේ හැබැයි එහෙම වැඩ වෙනකොට සංවිධායකවරුන්ගේ පැත්තෙන් සංවිධායකවරුන්ට මොකක්ද වෙන්නේ එංගලන්තේ ඉන්නවා ඒ වගේම  ගේම පැරණි සංවිධායකින් පිරිසක් අද වෙනතුරුත් විශාල ප්‍රමාණයේ වැඩ කටයුතු රැසක් එංගලන්තයේ ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් දායක කරනවා දැන් ඉදිරියට එනවා. මේ හැම දෙනාටම වෙනදා ගායකයන් ගෙනල්ලා වේදිකාවක් අරගෙන ඊට පස්සේ ඒ වේදිකාවට බෑන්ඩ් එකක් කරපු සංදර්ශනයේ ගිහිල්ලා කොහොමද මේක ඇතුලට කලාවක්ැඳීමදද මේකද මේක ඇතු කියලා හිතන්න වෙලා තියෙනවා තමන්ගේ වැඩකටයුතු සාර්ථක කරගන්නට මොකද ඒ තරම් එව වෙනවා. හැබැයි එහෙම ියලා හිතන්න වෙලා තියෙනවා තමන්ගේ වැඩකටයුතු සාර්ථක කරගන්නට මොකද ඒ තරම් වෙනවා. හැබැයි එකම යෝජනාව තමයි මේ ලංකාවේ සමාජයට අපි කරන්නේ එක්තරා විදිහක අසාධාරණයක් මට මේ ස්වභාවි වැඩේට යන්නත් අවශ්‍යයි මට මේ ලස්සනට නටන්න පුළුවන් වැඩේට යන්නත් ආසයි හැබැයි මට ඒ දෙකට යන්න බෑ එකම දවසක ම මං හිතනවා එක්ක සිංහල ඕනෑම සංවිධායකවරයෙකුට බලන්නට පුළුවන් වෙන්න ඕන අර අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ වැඩසටහන් මොන මොන විදිහටද මේ සිතියමේ අඩංගු වෙන්නේ  අනුව අපි දින සති ගලපල මේ වැඩ කළොත් මා හිතනවා ඉදිරියටත් මේක අර අපි කියනවා වගේ Sustainable වැඩක් බවට පත්වෙනවා.

7. තවත් එක කඩයිමක් තමයි තමන්ගෙ විදුහල වෙනුවෙන් දෙයක් කරන්න ලැබීම. අපි ඒ දේ ගැනත් කතා කරමු

මාතර රාහුලය වෙනුවෙන් මං හිතන්නේ ගයාන් ඔබ ඔය අහන්නේ අපි තාරකා කොටුව කියල වැඩසටහනක් කරන්න ගියා. හැබැයි යම් යම් හේතු වූ නිසා මේ වැඩසටහන කර ගන්නට  හැකියාව ලැබුණේ නෑ.එහි අරමුණ වුණේ  මාතර රාහුලේ මුල්හල එහෙම නැත්නම් ප්‍රධාන ශාලාව පසුගිය රජය විසින් කඩල දමලා එය යළි ප්‍රතිසංස්කරණය නොකරපු නිසා දරුවන්ට අද වෙනකොට වේදිකාවක් නෑ. හැබැයි ඒ මුල් වේදිකාව තමයි  මාව හැදුව ඒ ඒවගේම දක්ෂ කතිකයන් පිරිසක් දක්ෂ සංගීත වේදීන් පිරිසක් සහ හොඳ හඬවල් ටිකක් වගේම රට දැය කරවන්න පුලුවන්    චරිත තෑගි ගත්තේ මේ ත්‍යාග මේ මුල්හලේ . හැබැයි අද මගේ පාසලට එය  නෑ. ඉතින් එංගලන්තයේ වෙසෙන ඒ රාහුල ප්‍රජාව එහෙම නැතිනම් ආදි සිසුන්  මේක කරන්න ගියාට මේක කරන්න වුනේ නෑ.  ඒ පිළිබඳ විශාල කණගාටුවක් තියෙනවා. හැබැයි මම එදා තීරණය කළා. මා කරන යම් ව්‍යාපෘතියක් හරහා මගේ පාසල වෙනුවෙන් යම් දෙයක් මා කළ යුතුයි කියලා. ඉතින් එංගලන්තයේ කටයුතු සංවිධානය කරන එක්තරා සංවිධායකයයෙකු සමග සාකච්ඡා කරලා මේ දේට කරන්න පුළුවන් මොකක්ද කියලා දැන් සාකච්ඡා කරමින් යනවා. ඒ වගේම ඊළඟ වසරේ මං හිතනවා  අප්‍රේල්  මැයි වගේ කාලය අතර  අපිට යමක් කරන්නට  ලැබෙයි කියලා.

8. අද සජිත් ඉන්න තැනට මේ එංගලන්තෙ ඉන්න සංනිවේදනයට ආස අයට ඔයාගෙ අතදීම කොයිවගේ වෙයිද සහ මොනවද ඒ අයට කියන්න තියෙන්නෙ

මා හිතනවා අපෙන් අපි මරණ මංචකේ ඇස් පියා ගන්න කලින් යමක් සතුටෙන් කල්පනා කරන්න පුළුවන් නම් අපි මේ ජීවත්වන සමාජයට යමක් දායාද කළා කියලා ඒක තමයි හොඳම දේ. ඉතින් අන්න ඒ හින්දා මා හිතනවා මා ආදරේ තෝරා ගත් නිකාය සන්නිවේදනය නම් ඒ සන්නිවේදනය වෙනුවෙන් ඉදිරියට මා වෙනුවෙන් යමක් කළ යුතුද ඒ කිරීම නොපිරිහෙලා  මගේ යුතුකම .අන්න ඒ හින්දා මේ දිනවල සන්නිවේදනයට ආදරය කරන තරුණ තරුණයන්  හතර පස් දෙනෙක් එකතු කරගෙන ඒ අය වෙනුවෙන් පුහුණු කඳවුරක් කරන්න නොවැම්බර් මාසේ 23 වැනිදා, සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ලියනකොට සමහර විට මම මෙය කර අවසන් වෙන්න පුලුවන් . මගේ බලාපොරොත්තුව තියන්නෙ එවැනි පුංචි පුංචි ව්‍යපෘති හරහා මට පුලුවන්  විදිහට අනාගත සන්නිවේදන පරපුර නිර්මාණය කරන්නට දායක වෙන එක.

9. මේතාක් දුරක් ආපු ගමනට සහයක් වුන හෝ අත දුන්න අය ගැන මතක් කරොත්

එය කියන්න ගියොත් අද මේ සඟරාවේ මං හිතන්නේ ඔබට පිටු විශාල ප්‍රමාණයක් ඕන වෙයි.  එය සඳහන් නොකොට මම මුලින්ම මහා පොදු සාධක විදියට කියාගෙන යන්නම්, මාතර රාහුලේ බී එල් කරුණාතිලක ගුරු පියාණන් , ඒ වගේම කිත්සිරි ලියනගමගේ විදුහල්පතිතුමන්, මේ දෙදෙනාව ආදරයෙන් සිහිපත් කරන්න ඕන. ඒ ඇතුළු ගුරු පරපුරම මාව දිරිගන්වලා ඒ වගේම මගේ යාළුවෝ එදා එවකට සිටි සිසුන්ගේ අත්පොළසන් නාදය තමයි  මාව සිතියමේ තිබ්බේ . ඒ වගේම හේම නලින් කරුණාරත්නයන් අමතක කරන්නටම බෑ.. මොකද එතුමන් තමයි මට ජීවිතය කියා දුන්නෙ. 

මුහුදේ වතුර මහ ගංගාවට වැඩියි බොන්නට බැරිය ඒ වතුරේ ලුණු වැඩිය

වචන ගොඩක් උණු තරමට රහ නැතිය හරිම තැනට එක වචනෙත් මදි නැතිය.

ඉතිං ඒක අද වෙනකම්ම මගේ ජීවිතේ  රැඳිලා තියෙනවා. ඊට පස්සේ මේ හීන සේරම මදකට අමතක කරලා එංගලන්තයට ආවට පස්සේ. එංගලන්තේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව මාව ආදරෙන් වැළඳ ගත්ත නිසාවෙන් තමයි යලිත් ඒ හීනයට අත්තටු  හම්බවුණේ. ඒ හින්දා එංගලන්තේ වෙසෙන ආදරණීය ශ්‍රී ලාංකික මිනිසුනි ඔබ මට දුන් දිර ගැන්වීම ඔබගේ අත්පොළසන්නාදය ඔබ සමාජ මාධ්‍ය හරහා මට කරන දිරිගැන්වීම්, මේ සියල්ලටම මා හදවතින්ම ණය ගැතියි. ඒ නිසාවෙන් මගේ මේ හීනයට පන්නර එකතු කරන්නට හැකියාව ලැබුණා. ඉතින් ඔබ සියලු දෙනාම ආදරෙන් සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා අවසානයට මම කියන්න කැමති මගේ ජීවිතයේ මට වැඩිම දෙයක් කළ චරිතය කවුද කියලා එයා අද මාත් එක්ක ජීවත් නොවෙන අපිත් එක්ක අද නෑ මගේ ආදරණීය තාත්තා. මම තාත්තා වෙනුවෙන් තමයි සන්නිවේදකයකු බවට පත් වුණේ තාත්තව සතුටු කරන්න සන්නිවේදකයෙක් බවට පත් වුණේ. තාත්තා හැකි පමණින් මාතර ඉඳගෙන කොළඹට මාව එක්කන් ගිහිල්ලා, මම ජයග්‍රහණයන් ගන්නකොට මට මුලින්ම කිව්වේ ඉස්කෝලෙට කතා කරන්න සර්ට කතා කරන්න. මගේ ඔලුවෙන් කලින් සර්ට කතා කරන්න මගේ ඔළුව ඉඹින්නත් කලින්.  ඉතින් ඒ ආදරණීය තාත්තාව ආඩම්බර කරන්න තමයි හැමදාම මම වේදිකාවේ දාහක් මිනිස්සු ඉස්සරහා ඉන්නකොට මම ඔලුවේ තියාගෙන හිටිය මම තාත්තාව ආඩම්බර කරන්න විදිහට මම මේ වැඩේ ඉවර කරනවා කියලා.  ආදරණීය තාත්තවත් සිහිපත් කරන්න ඕනේ.

10. අවසාන වශයෙන් ඔයා හොදටම දන්න අපි මැගසින් එක ගැන ඔයාගෙම වචනෙන් කිව්වොත්

කියන්නේ ලංකාවෙන්  සැතපුම් දහස් ගණනක් දුර ඉන්න ඕනෑම ශ්‍රී ලාංකිකයක්ද ඒ වගේම ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් තමන්ගේ ඩිජිටල් සන්නාමය විදියට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් සාහිත්‍යා තොරතුරුවේවා  මේ  හැම අනාවරණය කරන්නට ඩිජිටල් මාධ්‍ය හරහා ඔවුන් තනන තැත ඉතා අපූරුයි.  ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්නට ඕනේ අපේ ආදරණීය ගයියාට මොකද ගයාන් ඇතුළු මේ කණ්ඩායම මේ  ධෛර්යය  දැක තිබෙනවා සමහරක් වෙලාවට තම  පොකෙට්ටුවෙන් හරි මේ වැඩේ අපිට අඛණ්ඩව කරලා දෙන්න ඕනේ. ඒ වගේම අපි මැගසින් එක අඛණ්ඩව රිලීස් කරන්න ඕන කියන මතයේ ඉඳගෙන මේ කටයුතු කරන නිසාම තමයි අපි මැගසින් සාර්ථක වෙන්නේ අවුරුදු පහක් සමරනවා අද අපි මැගසීන් මම හිතනවා මේ අවස්ථාවේදී අපි දාඩම්බර වෙන්නට ඕන ලාංකිකයන් විදියට ඒ වගේම අපි වැනි අයටත් අවස්ථාව දෙන්නට  විශාල ලෙස අපි මැගසින් සඟරාවේ ගයාන් කටයුතු කරලා තියෙනවා ඉතින් ගයන්නටත් මගේ ආදරය මේ වෙලාවේ ඇති සියලු දෙනාට මේ වැඩ ඉදිරියටත් කරන්නට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා.

Pareidolia

මෙහෙම වෙනවද බලන්න ඔයාටත්..බිම වතුර ටිකක් වැටිලා තියෙනවා දකිනකොට, අහසේ වළාකුළු දකිනකොට, ගස් අතරින් බිමට හෝ බිත්තියකට වැටිලා තියෙන සෙවණැලි දකිනකොට, සමහර ගස්වල අතු විහිදී ඇති අයුරු දකිනකොට යම් අර්ථාන්විත රූප පේනවද ? ඔව් මට පේනවා..දකිනකොටම පේනවා..රූප විතරක් නෙවෙයි නොකඩවා ඇසෙන ශබ්ද වලින් යම් රටාවකට තාලයක් සිතෙන් ගොඩනැගීමත් එක් අංගයක්.

ඔන්න එක දවසක් මරු වැඩක් වුණා.. අපේ ගෙදර කුස්සියට යාබදව තබා තිබෙන මේසය අසල මම ඉඳගෙන ඉන්නකොට අම්මා ඇවිල්ලා දුන්නා මට කිරි තේ එකක්. ඒක ගන්නකොටම පොඩි අත්වැරදීමකින් කිරි තේ මේසය මත ඉහිරුණා. අම්මා වහාම එය පිසදාන්න රෙදි කැබැල්ලක් ගේන්න එන්න ගිය පොඩි වෙලාවට ඔන්න මට පේන්න ගන්නවා මේ ඉහිරුණු කිරි තේ ටිකෙන් මිනිස් රූපයක්..තව පොඩ්ඩක් ඇඟිල්ලෙන් කිරි තේ රේඛා යා කළා නම් අතිශය තාත්ත්වික රූපයක් ගොඩනගන්න පුළුවන් වගත් මට එකවරම පේන්න ගන්නවා. ඒත් එක්කම අම්මා ආවා.

” ඔය මොනවද කරන්නෙ පොඩි එකෙක් වගේ ? කෝ අත ගන්න ඕක පිහිදාලා දාන්න..” 

“පොඩ්ඩක් ඉන්න අම්මේ..මේක ඉවර කරනකම්..අම්මට මේකෙන් මුකුත් පේන්නේ නැද්ද ?”

” පේනවා..තේ හැලිලා කියලා..”

” නෑ නෑ අම්මේ..රූපයක් “

ඔල්මාදෙද කොල්ලෝ ?..ඕන එකක් කරගන්නවා..විකාර..”

ඇත්තටම මේක පිස්සුවක්ද ? මම හෙව්වා තොරතුරු.. මේකට කියන්නේ “Pareidolia” කියලා..සෑහෙන පිරිසකගෙන් බොහොම ටික දෙනෙකුට මේක පිහිටනවා. කිසිදු සම්බන්ධයක් නොමැති දේ වලින් අර්ථාන්විත චිත්ත රූප නිර්මාණය වීමයි. මුල් කාලයේදී Pareidoilia තත්ත්වය පාකින්සන් සහ විශාදය ඇති පුද්ගලයන්ට ඇතිබව කියැවුණත් පසුව එම පරීක්ෂණවලට යොදාගත් නියැඳි පරීක්ෂාවේ අඩුපාඩුවක් නිසා ඒ නිගමනයට ආ බව තහවුරු වී තිබෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව මෙය රෝගී තත්ත්වයක් නොවන වගත් මොළයේ ඉතා ඉහළ නිර්මාණශීලීත්වයක ලක්ෂණ වගත් තහවුරු වී තිබෙනවා. 

මේ පිළිබඳව ලෝක තොරතුරු සෙවීම අතිශය රසවත් අත්දැකීමක් වුණා. අතිශය විශාල තොරතුරු ප්‍රමාණයකින් මගේ සිත් ඇද බැඳ තබාගත් තොරුතුරු දෙකක් කියන්නම්. 

ඔන්න කැනඩාවේ 1954 දි නිකුත්වුණ මුදල් නෝට්ටුවල දෙවන එළිසබෙත් රැජිනගේ රුව යොදාගෙන මුද්‍රණය කර තිබුණා. එම නෝට්ටු මාලාව මුදල් නෝට්ටු එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රිය වුණා. හේතුව සොයා බලනවිට එම නෝට්ටුවල එළිසබෙත් රැජිනගේ හිසේ කෙස් කළඹෙ යක්ෂයකුගේ රුවක් ” Devil’s Head ” ලෙස දිස්වීමයි. පසුව මෙම නෝට්ටු මාලාව වෙනුවට අලුත් නෝට්ටු මාලාවක් මුද්‍රණය කිරීමට පවා කැනේඩියානු රජයට සිදුවිය. 

එවැනිම රසවත් තොරතුරක් තමයි ” හිට්ලර්ගේ තේ පෝච්චිය “. මෙම කේතලයට සමාජ මාධ්‍ය තුළින් ලැබුණ අවධානයද “Pareidolia” තත්ත්වයකට නිදසුනක් ලෙස ප්‍රචලිතය.

මෙම Pareidolia තත්ත්වය ඇති පුද්ගලයන්ට අනෙකාගේ චිත්ත වේගය, ඔවුන්ගේ ඊලඟ හැසිරීම ක්ෂණයෙන් හඳුනාගත හැකි විශේෂිත හැකියාවන්ද ඇති අතර මෙම තත්ත්වය විවිධ වෛද්‍ය විද්‍යා පරීක්ෂණයන් වලට උපකාර කරගැනීම දක්වා දියුණු වී ඇත. 

මේක දැක්කම ඔබටත් මේ හැකියාව ඇති කියලා හිතේවි. ඒත් ඇත්තටම ඔබට මේ අත්දැකීම තිබුණද කියලා හිතලා බලන්න..☺

Charith Wijemanna

චරියාගේ පන්හිඳ

නත්තලේ උණුසුම හැඟීම් හරහා ගමනක්

නත්තල පැමිණෙන්නේ සියුම් රහසක් මෙන් වන අතර, අප අවට ලෝකය එහි අද්විතීය මැජික් සහ මතකයන් සමඟ පරිවර්තනය කරයි. එය නිකම්ම නිවාඩු දිනයක් පමණක් නොවේ—එය මෘදු, සැනසිලිදායක බ්ලැන්කට්ටුවක් මෙන් අපගේ හදවත් වටා ප්‍රීතියේ, බලාපොරොත්තුවේ සහ සම්බන්ධතාවයේ නූල් එකට බැඳ තබන හැඟීමකි.

සමය ආරම්භ වන්නේ අපේක්‍ෂාවෙන්, සියුම් විදුලියක් දෙසැම්බරයේ මුලදී යම් වේලාවක නාද වීමට පටන් ගනී. දරුවන්ගේ ඇස් උද්යෝගයෙන් බබළයි, ඔවුන්ගේ පරිකල්පනයන් දිලිසෙන විදුලි පහන් සහ ඔතා ඇති තෑගි දර්ශන සමඟ නටති. වැඩිහිටියන්ට ද වෙනසක් දැනේ – නාඳුනන අය මඳක් උණුසුම් ලෙස සිනහවක් ඇති කරන හදවත මෘදු වීම, අසල්වැසියන් තව ටිකක් උනන්දුවෙන් අත වනයි.

ලොව පුරා නිවෙස්වල, සම්ප්‍රදායන් සැමරීමේ හද ගැස්ම බවට පත්වේ. නත්තල් ගස අලංකාර කිරීමේ චාරිත්‍රය හැඟීම්වල සංධ්වනියකි – සෑම ආභරණයක්ම මතකයක්, සෑම විදුලි පහනක්ම අතීත සැමරුම් සමඟ සම්බන්ධ වේ. පවුල් රැස්ව, ඔවුන්ගේ සිනහවෙන් කාමර උණුසුම්ව පුරවයි, එය ශීත ඍතුවේ සීතල පසුපසට තල්ලු කරයි. ආච්චිලා සීයලා කතන්දර බෙදාහදා ගනී, දෙමාපියන් ළමා සම්ප්‍රදායන් ප්‍රතිනිර්මාණය කරයි, සහ දරුවන් මිශ්‍රණයට ඔවුන්ගේම දීප්තිමත් ශක්තියක් එක් කරයි.

දීමේ ආත්මය සාමාන්‍ය අවස්ථාවන් අසාමාන්‍ය ඒවා බවට පරිවර්තනය කරයි. එය තෑග්ගක මිල ගැන නොවේ, නමුත් එය පිටුපස ඇති චින්තනය – ප්රවේශමෙන් තෝරා ගැනීම, වෙනත් කෙනෙකුට ප්රීතිය ගෙන ඒමේ අපේක්ෂාව. දරුවෙකුගේ අතින් සාදන ලද කාඩ්පතක්, සීයා ආච්චිගෙන් පරිස්සමින් ගෙතූ ලේන්සුවක්, යමෙකු ඔබව සැබවින්ම තේරුම් ගන්නා බව පෙන්වන පුදුම තෑග්ගක් – මේවා නත්තලේ සැබෑ නිධානයයි.

මෙම කන්නයේ දී ආහාර ආදරයේ භාෂාවක් බවට පත් වේ. මුළුතැන්ගෙයි කවුන්ටර සූපශාස්ත්‍ර කාර්ය සාධනයේ අදියර බවට පත්වේ, වට්ටෝරු පරම්පරාවෙන් සම්ප්‍රේෂණය වේ. නැවුම්ව බේක් කරන ලද කුකීස්වල සුවඳ, ඇඹරූ වයින් බඳුනකින් නැඟෙන වාෂ්ප, බැදපු කළුකුමෙකුගේ සිසිලනය – මේවා නත්තල නිර්වචනය කරන සංවේදී මතකයන් වේ. පවුල් සහ මිතුරන් මේස වටා එක්රැස් වන අතර, ආහාර වේලකට වඩා වැඩි යමක් බෙදා ගනී, නමුත් සැබෑ සම්බන්ධතාවයේ අවස්ථා.

එහෙත්, නත්තල එහි සංකීර්ණ හැඟීම්වලින් තොර නොවේ. සමහරුන්ට එය ආවර්ජනය කිරීමේ සහ සිහිපත් කිරීමේ කාලයකි. මේසයේ ඇති හිස් පුටු අපට මතක් කරන්නේ ආදරණීයයන් තවදුරටත් නොසිටින අතර, සැමරුමට තිත්ත මුදු මොළොක් බවක් ගෙන එයි. තවත් සමහරුන්ට තනිකම දැනෙනවා විය හැක, උත්සව ප්‍රීතියේ වෙනස ඔවුන්ගේ හුදකලාව ඉස්මතු කරයි. නමුත් මේ මොහොතේ පවා, නිවාඩු කාලය තුළ පිපෙන බව පෙනෙන විශ්වීය අවබෝධයක්, සාමූහික සංවේදනයක් ඇත.

නත්තලේ මැජික් එක තියෙන්නේ බලාපොරොත්තුවක් ඇති කිරීමේ හැකියාව තුළයි. මිනිස්සු තව ටිකක් විශ්වාස කරන, ටිකක් ලොකු හීන දකින, තව ටිකක් ගැඹුරට ආදරය කරන කාලයක්. දරුවන්ගේ අහිංසක පුදුමය, ත්‍යාගශීලීත්වයේ ආත්මය, සරල කරුණාවන්ත ක්‍රියාවන්-මේවා සමයෙහි සැබෑ ත්‍යාග වේ.

නත්තල් සැන්දෑවේ රාත්‍රිය උදා වන විට, ලෝකය විරාමයක් ඇති බව පෙනේ. වීදි නිශ්ශබ්ද වේ, නිවෙස් මෘදු ආලෝකයෙන් බබළයි, සහ සාමකාමී අපේක්ෂාව පිළිබඳ හැඟීමක් ඇත. ආගමික සම්ප්‍රදාය හෝ ලෞකික සැමරුම හරහා වේවා, නත්තල අපට නවතින්න, කල්පනා කිරීමට, සම්බන්ධ වීමට ආරාධනා කරයි.

අවසානයේදී, නත්තල යනු එක් දිනක් නොව හැඟීමකි – අපගේ හවුල් මනුෂ්‍යත්වය අපට මතක් කර දෙන සාමූහික චිත්තවේගීය අත්දැකීමකි. එය එහි පිරිසිදු ස්වරූපයෙන් ආදරය ගැන ය: කොන්දේසි විරහිත, ත්යාගශීලී සහ උණුසුම්.

අහිමි හිමිකරු

එංගලන්තයට දැනෙන්න සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ බ්‍රිතාන්‍ය සංක්‍රමණ

බ්‍රිතාන්‍යයට සිදුවන සංක්‍රමණ වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීම සිදුකල යුතු බව දැන් වසර කිහිපයක් පුරා සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාවක් වනවා. එහෙත් පසුගිය රජයත් වර්ථමානයේ පවතන කම්කරු රජයත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේක්ෂා කරන මට්ටමට සංක්‍රමණ සීමා කිරීමට අසමත් වී ඇති බව නිරන්තරයෙන් හෙලිදරව් වන ආගමන විගමන සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා. පසුගියදා නිකුත් කරන ලද නවතම සංඛා දත්ත වලට අනුව 2024 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි ශුද්ධ සංක්‍රමණ සංඛාව 728,000  බවයි සදහන් වෙන්නේ.

ඒ අතර අපිට වැදගත්ම කාරණාව වන්නේ ඒ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කොපමණ ප්‍රමාණයක් වාර්ෂිකව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වනවාද යන්නයි. ලෝකයේ රටවල් 200 කට අධික සංඛාවක් තිබියෙදී බ්‍රිතාන්‍යයට වැඩිම විදේශිකයන් සංක්‍රමණය වන මුල් රටවල් 10 අතර රැදීමට ශ්‍රී ලාංකිකයන් සමත්ව තිබෙනවා. එහි අර්ථය නම් 2021 වසරෙන් පසුව මේ දක්වා කාලය තුල අති විශාල ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී ඇති බවයි. රැකියා වීසා යටතේ මෙන්ම අධ්‍යාපන වීසා යටතේද ශ්‍රි ලාංකිකයන් දස දහස් ගණනක් මෙරටට සංක්‍රමණය වී ඇති අතර සංචාරක වීසා මතද ගෙවුනු කාලය තුල ශ්‍රී ලාංකිකයන් රැසක් මෙරටට පැමිණි බව සංඛා ලේඛන පෙන්වා දෙනවා.

බ්‍රිතාන්‍යයේ ආගමන විගමන ආයතනය ප්‍රකාශයට පත්කල නවතම දත්ත අනුව 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිකුත් කල රැකියා වීසා (work visa) සංඛාව 10,492 ක් වනවා. ඒ තුලට රැකියා වීසාලාභීන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද අයත් වනවා. එම වීසා සංඛාව අතරින් වීසා 9,459 ක් skill work visa යටතේ නිකුක් කර තිබෙනවා. එම සංඛ්‍යා දෙක අතර වෙනස බොහෝ විට ආයෝජන වීසා හෝ Business වීසා විය හැකි වේ. Work visa යටතේම ගැනෙන temporary work visa හෙවත් සෘතුමය රැකියා වීසා යටතේ යටතේ ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කල බවක් සදහන් නොවේ.

පසුගිය වසරේ work visa යටතේ මෙරටට පැමිණි පිරිස අතර 9 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන අතර පළමු ස්ථින තුනෙහි පිළිවෙලින් ඉන්දියාව, පකිස්ථානය හා නයිජීරියාව පසුවනවා. ඒ අතර අධ්‍යාපනය ලැබීම සදහා students visa  යටතේ 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි සංඛාව 4,842 ක් වනවා. එම සංඛාව අතරට ශිෂ්‍යන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද ඇතුලත් වන බවයි සදහන් වන්නේ.  සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර සදහා අධ්‍යාපන වීසා මත මෙරටට පැමිණි පිරිස අතර 12 වන ස්ථානයේ පසුවීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඒ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල family වීසා මත මෙරටට පැමිණි පිරිස 1,306 ක් බවයි සදහන් වන්නේ. Family වීසා මත එම කාලය තුල මෙරටට පැමිණි පුද්ගලයන් අතර 18 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා. බ්‍රිතාන්‍යයේ දැනට ජීවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ ස්ථිර පදිංචිය හිමි පුරවැසියන්ගේ පවුල් වල සාමාජිකයන් වෙත මෙලෙස family වීසා නිකුත් කරන අතර බොහෝ දුරට විවාහයන් මත මෙරටට සංක්‍රමණය වන පුද්ගලයන්ට මෙම නීසා නිතුක් කරනු ඇති.

2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකිකයන් සදහා සංචාරක වීසා 23,718 ක් බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කර ඇති අතර මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් අතර 15 වන ස්ථානයේ ශ්‍රී ලාංකිකයන් පසුවනවා. ඒ අතර එම කාලය තුලදීම බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූලව විවිධ වීසා මත ඇතුළුවීමට උත්සාහ කල ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු තෙටුපළ තුලදීම හරවා යැවීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන අංශය කටයුතු කර ඇති බව එම වාර්ථා සදහන් කරනවා.

2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලැබීමේ බලාපොරොත්තුවෙන් සරණාගතභාවය අයදුම් කල ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය 2,726 ක් වනවා. එම කාලසීමාව තුල ශ්‍රී ලාංකිකයන් 1,136 දෙනෙකුට විවිධ වර්ගයේ සරණාගතභාවය පිරිනමා ඇති අතර  ප්‍රතික්ශේප වූ හා ඉල්ලා අස්කරගත් ප්‍රමාණය 1,992 ක් වනවා. මේ ආකාරයට බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ සංඛා තුල ශ්‍රි ලාංකිකයන්ද දැවැන්ත භූමිකාවක් හොබවන අතර අනාගතයේදී බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණ සීමා කිරීම තවත් දැඩි කලහොත් නැවත වරක් පදිංචිය සදහා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය අවම වනු ඇති.

තිලාන් ජයසේකර 

දේශසීමාවට කොටු නොවූ අමරණීය ආදරය ‘අමරන්’

සිනමාව ප්‍රේක්ෂක හදවත සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් කලාවකි. සිනමා නිර්මාණ අතර ඉන්දීය සිනමා නිර්මාණයන් සුවිශේෂී වන්නේ ඊටම අනන්‍ය වූ අපූර්වත්වය  හේතුවෙනි. පසුගිය දීපවාලී දිනයේ රිදී තිරයට පැමිණි Amaran චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක හදවත් සංවේදී කෙරූ එවැනි අපූරු නිර්මාණයකි.

Amaran චිත්‍රපටයට පාදක වන්නේ ‘මුකුන්ද් වරදරාජ්’ නම් ඉන්දීය මේජර්වරයාගේ සත්‍ය කතාවයි .ඔහු ඉන්දු කාශ්මීර යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් රට රැකගත් උදාර මිනිසෙකි.මෙය  රාජ්කුමාර් පෙරියසාමී විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර කමල් හසන් විසින් නිෂ්පාදනය කර ඇත.කතාවේ ප්‍රධාන චරිත දෙක  මේජර් මුකුන්ද් වරදරාජ් සහ ඔහුගේ බිරිඳ වන ඉන්දු රෙබේකා වර්ගීස් වේ.

මුකුන්ද් වරදරාජ්  1983 කරේ ද්‍රවිඩ යුවළවකට දාව උපත ලබයි.කුඩා කල සිටම ඔහුගේ සිහිනය වන්නේ හමුදා සෙබළෙකු වීමයි.උසස් අධ්‍යාපනයට පිවිසෙන මුකුන්ද් සහ ඉන්දු රෙබේකා වර්ගීස් ආදරයෙන් බැදෙන අතර ඉන්දු තම පෙම්වතාට ඔහුගේ සිහිනය හඹා යාමට දිරි දෙයි.නමුත් රෙබේකාගේ මවුපියන් හමුදා නිලධාරියෙකු සමග සිය එකම දියණිය විවාහ කර දීමට අකමැති වන නිසා ඔවුන්ගේ ආදර කතාව හැල හැප්පීම් හමුවේ ගලායයි.පසුව මෙම බාධක මැඩ ගෙන සියල්ලන්ගේම ආශිර්වාදය සමග විවාහ වන ඔවුන් දෙදෙනාගේ සතුට දෙගුණ කරමින් නොබෝ කලකින්  කැදැල්ලට ආදරණීය  දියණියක් එක්වේ.2006 වසරේ හමුදාවට බැදෙන මුකුන්ද් එතැන් සිය ජීවිතය රට වෙනුවෙන් පරිත්‍යාග කරයි.ඔහුගේ එම උදාර පරිත්‍යාගයට ප්‍රාණ සම බිරිඳගෙන් ලැබෙන්නෙ අප්‍රමාණ කැපකිරීමකි.සහයකි.

“මේ මුහුදයි අහසයි අතට දුර එයාටයි මටයි.මං ඉන්නෙ මගේ ආදරය එක්ක සදාකාලික දුරස්ථ ප්‍රේමයක”

   -රෙබේකා-

දේශසීමාවලින් වෙන් වූ ඔවුන්ගේ ආදර කතාවේ ඉරණම කුමක්ද දැනගැනීමට අමරන් නරඹන මෙන් ඉල්ලා සිටිමි.

චිත්‍රපටයේ මුකුන්ද් ලෙස චරිත නිරූපණය කරන ශිවකාර්තිකේයන්ගේ  රංගන ජීවිතයේ අද්විතීයම චරිත නිරූපනය ලෙස මෙය දැක්විය හැකිය.වරෙක යුද නිලධාරියකු සතු වීරත්වය ද,තවත් වරෙක පියෙකු,සැමියෙකු සහ පුතෙකු ලෙස සිය පවුලට නොඅඩුව යුතුකම් ඉටු කරන මුකුන්ද්  නම් ආදරණීය සහ මානුෂීය මිනිසාව ඔහු නොමැකෙන ලෙස තිරයෙහි ප්‍රතිනිර්මාණය කර ඇත.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ සිට විරෝධාර මේජර්වරයෙකු දක්වා මුකුන්ද් ගේ පරිවර්තනය අපූරුව ලෙස ඉදිරිපත් කිරීමට ඔහු සමත්‍ ය.එමෙන්ම ඔහුගේ බිරිඳගේ චරිතයට පණ පොවන සායි පල්ලවි ප්‍රේක්ෂක දෑස් කඳුළින් තෙමීමට සමත් සංවේදී සහ සියුම් රංගනයක නියැලෙයි.හමුදා බිරිඳක සතු එම අසහාය දරා ගැනීම සහ කැප කිරීම සිය අනර්ඝ සතර අභිනයන් තුළින් මනාව නිරූපණය කිරීමට ඇය දක්වා ඇති දක්ෂතාවය ප්‍රශංසනීය වේ.

චිත්‍රපටයේ සංගීතය ද එහි භාවයන් ප්‍රේක්ෂකයාට වඩාත් දැනවීමට රැකුල් වේ.ජී.වී ප්‍රකාශ් කුමාර් විසින් මෙහි සංගීත අධ්‍යක්‍ෂණය සිදුකර ඇත.සුන්දර කාශ්මීරයේ දසුන් සමග එම සංගීතය මුසු වූ විට සිනමාපටයට ලැබෙන්නෙ කදිම මිහිරියාවකි.

කාශ්මීරයේ සුන්දරත්වය ද,යුද බිමේ භීතිය ද සිය කැමරාකාචයට හසුකර ගැනීමට කැමරාකරු දක්වා ඇති දක්ෂතාවය මෙන්ම නළු නිළි කැල මනා ලෙස හසුරවමින් යුද සිදුවීමක් සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා දැක්වූ හැකියාව ද අගය කල යුතුය.

අමරණීය ආදර කතාවක රසය විද ගැනීමටත්, යුද විරුවන් සතු අප්‍රමාණ කැපකිරීමට මොහොතකට උපහාර කිරීමටත් අමරන් නරඹන ලෙසට ප්‍රේක්ෂක ඔබට ඇරයුම් කරමි.

-පියුමි නෙළුමිකා –

 ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

යුක්තිය සඳහා සමාන ප්‍රවේශයන් සදන ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

යුක්තිය සඳහා සමාන ප්‍රවේශයන් සදන “ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව”

ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී රටකි. ලංකාවේ නීති පද්දධතිය ගතහොත් විනිවිදභාවයකින් යුත් ශක්තිමත් නීති පද්ධතියක් ලෙස හඳුන්වාදිය හැකිය.

     කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අසාධාරණයකදී තමන් උදෙසා යුක්තිය ඉෂ්ට කරගැනීම පිණිස බොහෝ වියදම් දැරීමට සිදුවන බව ඔබ අප කවුරුත් දන්නා සාමාන්‍ය කරුණකි. 

නමුත් එසේ වියදම් දරාගෙන තමන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමට අපහසු පුද්ගලයින් අප අතර ඕනෑතරම් සිටිති.

     අද අප ඔබ හමුවට ගෙන එන්නේ ආර්ථික අපහසු තා ඇති පුද්ගලයන් වෙනුවෙන් පෙනීසිටිමින් ඔවුනට නීති සහන සලසන ශ්‍රී ලංකාවේ දැනටමත් ක්‍රියාත්මක වන ආයතනයක් පිළිඹඳවයි. එනම් ” ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව” යි.

           ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ මෙහෙවර වන්නේ රටේ නීතිමය පිහිට ලැබිය යුතු පුද්ගලයන්ට නීති ආධාර ලබාදීමයි. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ දැක්ම වන්නේ 

“සියලුම ශ්‍රී ලාංකිකයන්ට යුක්තිය සඳහා සමාන ප්‍රවේශයන් තිබිය යුතු සමාජයක් නිර්මාණය කිරීමයි.” මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී  ලංකා නීති ආධාර කොමිෂන් සභාව බොහෝ ව්‍යාපෘති සිදු කරමින් පවතියි.

නීතිය ඉදිරියේ සියලුම පුද්ගලයන් සමානය යන්න  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගත් මූලික අයිතිවාසිකමකි. 

          එහෙත් තමුන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නඩුවක් පැවරීම සඳහා නීතිඥවරයකුට මුදල් ගෙවීමට වත්පොහොසත්කමක් නොමැති පුද්ගලයන්ට නීතියේ සාධාරණත්වය සමානව හිමිවේද යන්න ගැටලු සහගතය. එවැනි තැනැත්තන්ට එනම් දිළිඳු හා අඩු ආදායම්ලාභීන්ටද නීතියේ සමාන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 1978 අංක 27 දරන පනතින් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය මධ්‍යස්ථාන 85 ක් දක්වා විහිදුණු පුළුල් සේවාවන් එමඟින් සිදු කරනු ලබයි. ශ්‍රී  ලංකා නීති ආධාර කොමිෂන් සභාව 1978 අංක 27 දරන පනත මඟින් ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව දිවයින පුරා පළාත් 9ක මධ්‍යස්ථාන 85ක පවත්වාගෙන යන අතර ඒ වෙත පැමිණෙන ඕනෑම පුද්ගලයකුට නීති උපදෙස් ලබාදීම සහ දැනුවත් කිරීම ආදායම් සීමාවකින් තොරව සිදු කරනු ලබයි. ආධාර කොමිෂන් සභාවයටතේ ස්ථිර නීතිඥයන් 120කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත වේ.

       අධිකරණයේ පෙනී සිටීම සඳහා නීතිඥ නියෝජනය ලබා දීමේදී මාසික ආදායම රුපියල් 25,000ට වඩා අඩුවෙන් ලබන පුද්ගලයන් නොමිලේ නීතිඥ සහාය ලැබීමට සුදුසුකම් ලබයි. අදාළ නීති ආධාර ඉල්ලුම්කරු, ඉල්ලුම්කාරිය පදිංචි වී සිටින ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් ඉල්ලුම්කරු හෝ ඉල්ලුම්කාරියගේ ආදායම් තත්ත්වය පිළිබඳව සහතික කළ යුතුය. ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය ප්‍රමාණවත් වන අතර අවශ්‍ය

අවස්ථාවලදී පමණක් ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතික අවශ්‍ය වේ. 

නීති ආධාර කොමිෂන් සභාව විසින් නඩු වර්ග කිහිපයකට නොමිලේ නීතිඥ සේවය ලබාදීමට කටයුතු කර ඇත.

      01).  කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ නඩුවලදී නීති ආධාර කොමිෂන් සභාව ඔවුන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැත. කාන්තාවන්ට තමන්ට සිදුවන අසාධාරණයන් නීතිය හමුවට ගෙනයාමට, තම දරුවන්ට සිදුවන අසාධාරණයන් නීතිය හමුවට ගෙන යාමට නීති අදාළ කොමිෂන් සභාව ලබාදෙන්නේ මහත් සහයෝගයකි. ඔවුන්ට කිසිදු ගෙවීමකින් කිසිදු අය කිරීමකින් තොරව නීතිඥයන්ගේ සහය සහ උපදෙස් ලබාදීමට නීති ආධාර කොමිෂන් සභාව සැදී පැහැදී සිටියි.එසේම දරුවන් සම්බන්ධ නීතිමය කාරණයකදී මව, පියා හෝ භාරකරු විසින් දරුවාගේ යහපත පිණිස කරනු ලබන ඉල්ලීමකදී මෙම රුපියල් 25,000ක ආදායම් සීමාව අදාළ වන්නේ නැත.

02). නඩත්තු නඩු;

         ස්වාමිපුරුෂයා විසින් සිය බිරිය හෝ දරුවන් පෝෂණය නොකර

පැහැර හරින අවස්ථාවක බිරිය සහ දරුවන්ගේ යැපීම වෙනුවෙන් මුදල් ලබාගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩු පැවැරීම නීති ආධාර කොමිෂන් සභාව මඟින් බහුලව සිදු කරනු ලබයි. ඉල්ලුම්කරුගේ ආදායම් තත්ත්වය සලකා බැලීමකින් තොරව මෙහිදී සහාය ලබා දෙනු ලැබේ.

03). රිය අනතුරු වන්දි නඩු ;

                      රිය අනතුරක් සිදු වූ අවස්ථාවක අනතුරට ලක් වූ පුද්ගලයාට පවුලේ යැපෙන්නන්ට වන්දියක් ලබා ගැනීම සඳහා අනතුර සිදු වූ ප්‍රදේශයේ අධිකරණයේ වසර දෙකක් ඉක්මවා යෑමට පෙර නඩු පැවැරීමටද නීති ආධාර කොමිසම මඟින් නීතිඥ සහාය ලබා දීම සිදු කරයි.

04). දික්කසාද/භාරකාරත්ව නඩු ;

                       වෛවාහක වරදක් ඔප්පු කිරීමෙන් දිසා අධිකරණයේ දික්කසාද නඩු ගොනු කිරීමටත්, දික්කසාද නඩුවක විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමටත්, දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් නියෝග ලබාගැනීමටත්, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී කාන්තාවන් වෙනුවෙන් නීති ආධාර කොමිසම නීතිඥ සහාය ලබා දේ. 

ඉහත කරුණු අදාළ වන්නේ විවාහය තුළින් අසාධාරණට ලක් වූ කාන්තාවන්ටය. අමිහිරි ජීවිත කතාවල හිමිකරුවන්ට තව දුරටත් මුදල් නොමැතිකම නිසා හෝ නීතිය නොදැනසිටීම නිසා හෝ දුක්විඳීමට අවශ්‍ය වන්නේ නැත.

             ඊට අමතරව නීති ආධාර කොමිෂන් සභාව විසින් නොමිලේ නීති ආධාර ලබාදෙන අවස්ථා රැසක්ද හඳුනාගත හැකිය.

05). ඉඩම්/නෙරපීම් නඩු

අඩු ආදායම්, ලාභීන්ගේ ඉඩම් සම්බන්ධ නඩු කටයුතුවලට සහ ඔවුන්ගේ දේපළක බලහත්කාරයෙන් රැඳී සිටින්නෙක් ඉවත් කිරීමට හෝ අසාධාරණ ලෙස දේපළකින් ඉවත් කිරීමට ලක් වූ අයෙක් වෙනුවෙන් පෙනී සිටීමට නීති ආධාර කොමිෂන් සභාව නීතිඥ සහාය ලබා දේ.

06). මුදල් නඩු සහ

අනෙකුත් සිවිල් නඩු

යම් මුදල් ගනුදෙනුවක් හෝ බැංකු ණයක් සම්බන්ධ කටයුත්තකදී අසාධාරණයට ලක් වූ පාර්ශ්වයකට සහ කුලී සින්නක්කර ගිවිසුමක් සම්බන්ධ නඩුවකදී අසාධාරණයට ලක් වූ විත්තිකාර පාර්ශ්වයට ඉතා සීමිත අවස්ථාවන්වලදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ අනුමැතිය මත ඉහත කී ආදායම් සීමාවට යටත්ව දිසා අධිකරණයේ පෙනී සිටීම සඳහා නීති ආධාර ලබා දෙනු ඇත.

07). අනෙකුත් මහෙස්ත්‍රාත්

අධිකරණ නඩු:

නීති සහාය ලැබීමට සුදුසු පුද්ගලයනට, දේපළ සම්බන්ධයෙන් ප්‍රාථමික නඩු විධාන සංග්‍රහයේ 66 වගන්තිය යටතේ නඩුකර ගොනු කිරීමට නීතිඥ සහාය ලබාදීම.

2000 අංක 09 දරන පනත යටතේ වැඩිහිටි නඩත්තු ඉල්ලීම් මණ්ඩලය මඟින් දෙනු ලබන නඩත්තු නියෝග ක්‍රියාත්මක කරගැනීම සඳහා ඉල්ලුම්පත් ගොනු කිරීමට නීතිඥ සහාය ලබාදීම.

අවශ්‍ය අවස්ථාවල අපරාධ වින්දිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ සහාය ලබා දීම.

08).මූලික අයිතිවාසිකම් නඩු

අග්‍රවිනිශ්චයකාරවරයා විසින් ඍජුවම නීති ආධාර කොමිසමට යොමු කරනු ලබන අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධ පැමිණිලි සහ නීති ආධාර කොමිසමට පැමිණෙන (මාසයක කාලය ඉක්මවා යෑමට පෙර) අඩු ආදායම්ලාභීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධ පැමිණිලි සඳහා නීතිඥ සහාය ලබා දේ.

09).ඇප සම්බන්ධ නඩු

වසරකට වඩා වැඩි කාලයක් ඇප ලබා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින නීතිඥ සහාය ලබා ගැනීමට ආදායම් නොමැති සැකකරුවන් (ළමා අපචාර/ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූවන් හැර) සඳහා නීති ආධාර කොමිෂම ඇප ලබා ගැනීමට නොමිලේ නීතිඥ සහාය ලබා දෙනු ලැබේ.

10). අභියාචනා නඩු

අපරාධ නඩුවල අභියාචනා හැර අනෙකුත් සියලුම අභියාචනා සහ ශේ‍ර්ෂ්ඨාධිකරණ නඩුද රීට් ආඥා නඩුකර සහ ප්‍රතිශෝධන නඩු සඳහාද නීති ආධාර කොමිසම අඩු ආදායම්ලාභීන්ට නොමිලේ නීතිඥ සේවය ලබා දේ.

එසේම අසාධාරණ සේවා සමාප්තියක් සිදුවී ඇති අවස්ථාවක නැවත සේවය හෝ වන්දි ලබා ගැනීමට මාස 06ක් ඇතුළත කම්කරු විනිශ්චය සභාවල නඩු ගොනු කිරීමට නීති ආධාර කොමිසම නීතිඥ සහාය ලබාදේ. තවද හදිසි මුදල් අවශ්‍යතාවක් වෙනුවෙන් තම නිශ්චල දේපළක් ණයක් සඳහා උකස් තබා උකස්කර හෝ සින්නක්කර ඔප්පු ලියා ඇති අවස්ථාවක එම ණය මුදල් ගෙවා ගැනීමට අපහසු වීම නිසා අසාධාරණ ලෙස දේපළේ අයිතිය ණය හිමි විසින් ලබාගැනීමට උත්සාහ කරන අවස්ථාවක අසාධාරණයට ලක්වන අඩු ආදායම්ලාභී තැනැත්තන් වෙනුවෙන් නීති ආධාර කොමිසම නීතිඥ සහාය ලබාදීම සිදු කරයි.

නීති ආධාර කොමිෂන් සභාව විසින් නඩු වලට පෙනී සිටීමේදී රුපියල් 200ක ලියාපදිංචි ගාස්තුව හැරුණු විට ඉහත සඳහන් කිසිදු නඩුවක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා නීතිඥවරයකුට කිසිදු ගාස්තුවක් සේවාදායකයකු විසින් ගෙවිය යුතු නොවේ. විශේෂිතම කරුණ නම් නඩත්තු නඩුවකදී රු.200.00 ක ලියාපදිංචි ගාස්තුවද අය නොකිරීමයි. 

        ඔබ යුක්තිය පතා කරන සටනේදී තව දුරටත් බියගුලුව සැඟවී සිටිය යුතු නැත. 

       අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල පිහිටා ඇති නීති ආධාර කොමිෂන් සභාව ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමෙන් නීතිඥ සහය සහ නීති උපදෙස් ලබා ගැනීම පිළිබඳ තවදුරටත් දැනුවත් වීමේ හැකියාව පවතී. එසේම පහත ලිපිනය සහ දුරකථන අංක ඔස්සේ ද වැඩිදුර තොරතුරු විමසා සිටීමේ හැකියාව පවතියි.

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

අංක 129, අලුත්කඩේ වීදිය,

කොළඹ – 12,

දුරකථන :-

+94 115 335 329/ +94 115 335 281

+94 112 433 618

ඊමේල් :- legalaid@sltnet.lk

සටහන -: මංගලා පවිත්‍රානි

මේ කොයි යන්නේ?

“පුතේ‍, පාඩම් වැඩ ටික විතරනෙ ඔයාට කරන්න තියෙන්නේ.. ඒ ටික හරියට කරන්න. අනිත් වැඩ ඔක්කොම අපි කරලා දෙන්නම්”

මෙන්න මේ පණිවිඩය හැදෙන වැඩෙන දරුවකුගේ මනසට අනවශ්‍ය ලෙස කාවද්දන්න එපා කියන ආදරණීය ආයචනයත් එක්ක අද දවසේ ලිපියට අවතීර්ණ වෙන්න හිතුවා. 

අධ්‍යාපනය දරුවකුගේ ජීවිතය තුළ ඉතාම ප්‍රබල භුමිකාවක් නිරූපණය කරනවා. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැහැ. නමුත් එතැනින් එහාට අධ්‍යාපනයට නොදෙවෙනිව දරුවාගේ පෞරුෂය වර්ධනයට‍ හා ආකල්පමය සංවර්ධනයට අවශ්‍ය බොහොමයක් මෙවලම් සැපයීම සිදුවන්නේ ‍දරුවා ජීවත් වන පරිසරයෙන්. 

කුඩා අවදියේ සිටම ආත්මාභිමානය‍, ආත්මශක්තිය‍, සුබවාදී චින්තනය‍, අන්‍යෝන්‍ය ගරුත්වය‍, ස්වාධීනත්වය යනාදී මනුෂ්‍ය පැවැත්මට බෙහෙවින් ඉවහල් වන සාධක පිළිබඳ යම් සංවේදනයක් දරුවා තුළ ඇතිකිරීමට මෙන්ම‍, එකී සාධක වර්ධනය කරගැනීමට දරුවාට සහයවීම දෙමව්පියන් ප්‍රමුඛ සෑම වැඩිහිටියකුගේම සමාජයීය හා කාලීන වගකීමක් ලෙස මා දකිනවා.

දෛනික ක්‍රියාවලිය තුළ කිසිදු පෙර සූදානමක් නැතිව දරුවකුට අධ්‍යාපනිකව මෙන්ම ආකල්පමය වශයෙන්ද සාර්ථක පුද්ගලයකු වීමට ඔබට සහය විය හැකි අවස්ථාව බොහොමයි. අවශ්‍ය වන්නේ එම අවස්ථාවන් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීමයි. 

තවත් කෙනෙකු⁣ට ඒ පුද්ගලයාගේ යම් අපහසුතාවක් මත දිගු පෝළිමක මැදින් ඉඩක් පිරිනමන්නේත්‍, වීදියක අයාලේ යන සතෙකුට කෑමට යමක් පිළිගන්වන්නේත්‍, වෙනත් පුද්ගලයකුගේ විපතකදී කම්පා වන්නේත් එක්තරා වකවානුවක දරුවෙක් ලෙස බිහිවී මා ඉහත කී සාධක අවශෝෂණය කරගනිමින් දැඩිවුණු වැඩිහිටියෙක්. වෙනසකට ඇත්තේ ඔහු හෝ ඇය විසින් අධ්‍යාපනයට අමතරව හෝ කිසිදු අධ්‍යාපන පසුබිමක් නොමැතිව වුවද ජීවත් වීමට අවශ්‍ය කලාව ප්‍රගුණ කර තිබීමයි. 

තමන්ගේ කෑම පිඟාන ⁣පිරිසිදු කිරීමේ සිට හැකි සෑම අවස්ථාවකම තමා වෙනුවෙන් පෙනී සිටීමට හා ක්‍රියාත්මක වීමටත්‍, එම ක්‍රමවේදයම පෙරළා තවත් කෙනෙකු වෙනුවෙන් කැපකිරීමට ඉදිරිපත් වීමත් දක්වා දරුකුගේ චින්තනය ඔපමට්ටම් කල හැක්කේ වැඩි වශයෙන් දෙමව්පියන්හටයි. මේ කවර අවස්ථාවකදීවත්‍, තමාගේ ස්ත්‍රී පුරුෂභාවය ඊට බාධකයක් හෝ නිදහසට කරුණක් නොකරගැනීමට තරම් ඔබේ දරුවා සරල‍, සාධාරණ පුද්ගලයකු විය යුතුයි. 

මුළුතැන් ගෙය සහ දරුවන් කාන්තාවටත්‍, ඉස්තෝප්පුව සහ කුටුම්බ ආදායම ඉපයීම පිරිමියාටත් තනි භුක්තියට කොටුකරන රාමු නිර්මාණය වීම වැළැක්විය හැක්කේ වැඩිහිටියන් වන අපටයි. 

ඉතින් මතුරැකෙනා ශිල්ප උගත්‍, වියත් වැඩිහිටියකු තුළ‍, මානවහිතවාදියකු‍, නිර්මාණකරුවකු‍, තවත් අයෙක් සුවපත් කරන්නකු‍, සංවේදී මිනිසකු තැනීමේ ආදරණීය වගකීම අපි නොපමාව ඉටුකරමු. හැම අතින්ම නිවැරදි  ඉසව්වට දරුවන්  යොමු කරමු.

දිමුතු සේනාදි

ලොවක් මවිත කෙරූ කිඳුරු ප්‍රවාද

ල ොවක් මවිත ලෙරූ කිඳුරු ප්‍රවොද

මිනිසා අතීතයේ සිටම විවිධ මිථ්‍යා සත්වයෙන් පිළිබඳ කුතුහලයෙන් පසු වී ඇත.ඒ අතර දිෙ කිඳුරු

ප්‍රවාදෙන්ට හිමි වන්යන් සුවියශේෂී අවධානෙකි.දිෙ කිඳුරන් ෙනු ශරීරයෙන් උඩ ය ාටස මිනිසේ

සේවරූපෙක් ද,ශරීරයෙන් ෙට ය ාටස මත්සය සේවරූපෙක් ද ගන්නා මිථ්‍යා සත්වයෙකි.දිෙ කිඳුරන් පිළිබඳ

විවිධ වූ ප්‍රවාදෙන් පවතියි.

ග්‍රී මිථ්‍යා තාවල සයිරන් නම් දිෙ කිඳුරිෙක් පිළිබඳ දැක්යේ. සයිරන් ග්‍රී යේවතාවිෙක් වන අතර

ඇතැම් තැන්වල ඇෙ මුහුදු සත්වයෙකු යලස හැදින්යේ.බටහිර දිෙ කිඳුරු ප්‍රවාද තාවල ආරම්භෙ යලසද

ඇෙව හැඳින්විෙ හැකිෙ.

ජනප්‍රවාදවල සඳහන් වන අන්දමට ඇෙ තමන්යේ දූපත අසලින් ගමන් රන නැේවල නැවිෙන්ව

තමන්යේ සංගීතයෙන් වශී රවායගන ,ගල්පර වලින් වට වූ තමායේ දූපතට ඔවුන්යේ නැව

යගන්වායගන නැව මුහුදුබත් රයි.මිථ්‍යා තා වලට අනුව ඇෙයේ සංගීතයෙන් කිසියවකුට යේරී සිටිෙ

යනාහැකිෙ.ඇෙයේ සංගීත භාණ්ඩෙ වන්යන වීණාව වන අතර එම වීණා හඬට සවන් යදන නැවිෙන්

යමෝහනෙ වන බව පැවයසේ.

ඇෙයේ හැඩ රුව දිෙ කිඳුරිෙ ට සමාන වන අතර ග්‍රී සිතුවම් තුළ ඇෙ අර්ධ ගැහැණු හා අර්ධ

පක්ියෙකුයේ ලක්ෂණවලින් යුත් පක්ෂෙකු යලස දක්වා තියේ. පසු ාලීනව ඇෙයේ ඉයනන් ඉහළ

ය ාටස ාන්තාව යලසත් , පහළ ය ාටස මත්සය සේවරූපයෙන් සිත්තම් ර ඇත.

මූලාශ්‍රවලට අනුව සයිරන් සිටින්යන් ගල්කුළුවලින් පිරුණු දූපත වන අතර එම දූපත මිනී ඇට ටු වලින්

පිරී ඇත.ෙයමක් ඇෙයගන් යේරී පලා ගිෙයහාත් ඇෙ සිෙදිවී නසා ගන්නා බවද කිෙයේ.

එයමන්ම චීනයේ ද දිෙ කිඳුරිෙන් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඇත.චීන ජාති ෙන් දිෙ කිඳුරිෙන් විවාහ ර

ගැනීම අ ාලයේ මිෙ ොමක් බව විශේවාස රති.චීන ජන තා වලට අනුව දිෙ කිඳුරිෙන් ඉතාමත් සුන්දර

ාන්තාවන් බවත්, යමම යහේතුව නිසා මුහුයේ ගමන් ගන්නා ධීවරෙන් විවිධ මාො ර්ම රමින් දිෙ

කිඳුරිෙන් වසඟ ර ඔවුන් සමඟ විවාහ වී අ ාලයේ මිෙගිෙ බවත් එම ජන තාවල දැක්යේ.චීන

ධීවරයෙෝ අදටත් මුහුදු ොමට යපර පහනක් දල්වා තමන්ව යමම කිඳුරු ශාපයෙන් යේරගන්නා යලසට

යදවිෙන්ට ොඥා රති.

මීට අමතරව රුසිොනු ජනප්‍රවාදයේ රුසල් ා නම් දිෙ කිඳුරිෙක් පිළිබඳව කිෙයේ.මිථ්‍යා තාවලට අනුව

රුසල් ා ඉතා රූමත් ෙ. දීප්තතිමත් දුඹුරු ඇසේ සහ සිහින් සිරුරක් ඇෙ සතුෙ.ඇෙ තරුණිෙක්ව සිටිෙදී

ඇෙයේ විවාහෙට යපර මරා දමන ලද බවත්,එම යරෝධෙ නිසා ඇෙ විල දිෙ කිඳුරිෙක් වී එම විල

අසලින් ෙන මිනිසුන්ව මිහිරි ගීත ගො, වසඟ ර මරා දමන බවත් කිෙැයේ.එයමන්ම ඇෙට මිනිසේ යවසේ

ගැනීයම් හැකිොවද ඇත.

යමයලස විවිධ මිථ්‍යා මත දිෙ කිඳුරිෙන් ගැන සඳහන් වන නමුත් ඔවුන් පිළිබද පැහැදිලි සාක්ිෙක්

තවමත් යසාොයගන නැත.

සටහන- පියුමි යනළුමි ා

ශ්‍රී ජෙවර්ධනපුර විශේවවිදයාලෙ

මහ බ්‍රිතාන්‍යයේ ජය කෙහෙලි නංවන ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම

මහ බ්‍රිතාන්‍යයේ ජය කෙහෙලි නංවන ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම –

Serendib Lions

ලෝක ක්‍රිකට් වංශ කථාවේ මහගෙදර ලෙස සැලකෙන එංගලන්තය ඇතුලු මහා බ්‍රිතාන්‍යයේ එදා මෙන්ම අදටත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ක්‍රිකට් වෙනුවෙන් ඇති උනන්දුව නොවෙනස්ව අදටත් දකින්නට පුලුවන්. ජාතික මට්ටමට පමනක් සීමා නොවී බ්‍රිතාන්‍ය පුරා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුබද්ධව පලාත් මට්ටමින් , ක්‍රීඩා සමාජ මට්ටමින් තරගාවලි රැසක් පැවැත්වෙනවා. මෙම තරගාවලි සදහා දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සිය දක්ෂතා නිරන්තරයෙන්ම එක් කරනු ලබනවා. ලෝක ක්‍රිකට් සන්නාමයක් වූ කුමාර සංගක්කාර 2024 වසරේ Shillingstone ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් Dorset League county Division තරගාවලිය නියෝජනය කරනු ලැබුවා. 

මෙලෙස ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩා කරන බ්‍රිතාන්‍යයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ මෙන්ම ශ්‍රී ලාංකිකයන් පමණක්ම ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායම් රැසක් බ්‍රිතාන්‍යයේදී දැක ගන්නට පුලුවන් . අද අපි ඔබට හදුන්වා දෙන්නේ ඒ අතරට 2024 වසරේ එක්වූ නවතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයයි. ඒ මෙවර South East Wales Cricket League Division 13 Champions 2024 කිරුල හිමිකර ගත් Serendib Lions ක්‍රිකට් ක්‍රීඩා සමාජයයි. 

ගයාන් මහවත්ත ගේ නිර්මාතෘත්වයෙන් සහ සාගර ලියනගේ , තාරක සදරුවන් ගේ මූලිකත්වයෙන් 2024 ජනවාරියේදී ආරම්භ කල Serendib Lions කණ්ඩායම නිර්මාණය වීමේ මූලික අරමුණ වී තිබුනේ මවු බිමෙන් ඈත්ව බ්‍රිතාන්‍යයේ තරගකාරී ජීවන රටාවෙන් වෙහෙසට පත් , ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකික මිතුරන්ට එක්ව ක්‍රිකට් ක්‍රීඩාව තුල වූ සතුට සොම්නස බෙදා ගැනීමයි. 

2024 වසරේ නිමාවූ South East Wales Cricket League Division 13W Champions 2024 ජයග්‍රාහකයින් ලෙස සිය මංගල තරග වාරය ඉතිහාසයට එක් කල කිරි කෝඩු Serendib Lions සිංහයන් එම කිරුල හිමි කර ගන්නේ වේල්සයේ ඉතා පැරණි , ශක්තිමත් , දක්ශ , පලපුරුදු මෙන්ම නම් දැරූ බ්‍රිතාන්‍යයේ දේශීය ක්‍රීඩකයන්ගේ කණ්ඩායම් 10ක් සමග කරට කර තරග වදිමින් සියලු තරග ජයගත් අපරාජිත කණඩායම ලෙස වීම අති විශේෂ සිදුවීමකි. එය ශ්‍රී ලාංකික නාමය බ්‍ර්තාන්‍යයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ ඉතිහාසයේ සටහන් කල මතකයක් වනු ඇත.

ජයග්‍රාහී ලෙස 2024 වසර නිම කල Serendib Lions ක්‍රීඩා සමාජයේ වාර්ෂික සම්මාන උළෙල සහ සුහද හමුව පසුගිය ඔක්තෝබර් 20 වෙනිදා කාඩිෆ් නගරයේ Radisson Blu හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්කර්ෂවත් රාත්‍රිය ශාන් පෙරේරාගේ DJ සංගීතයෙන් රසවත් වුනා. පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පෑ ක්‍රීඩකයන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර හොදම පිතිකරුවන් ලෙස ප්‍රථම ස්ථානය – ශෂී බණ්ඩාර , දෙවන ස්ථානය – සුරංග මහවත්ත , තෙවන ස්ථානය – තාරක සදරුවන් ටත් හිමිවුනා . හොදම පන්දු යවන්නන් ලෙස ප්‍රථම ස්ථානය ක්‍රිස්ටියන් E.S. පෙරේරා , දෙවන ස්ථානය – රාහුල් දොන් ලියනගේ , තෙවන ස්ථානය – දම්මික ගමගේ ටත් හිමිවුනා. 

Serendib Lions ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සාර්ථකත්වයට ශක්තියක් වෙමින් ප්‍රදාන අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ Universal Retail Group ( Mr.Suresh Edirimuni ) සමාගමයි. එමෙන්ම සම්මාන රාත්‍රිය වෙනුවෙන් Sagara Service Centre ( Mr.Sagara Don Liyanage ) සහ Owl Financial ( Mr. Indika Pathiraja ) අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී. 

ශ්‍රී ලාංකික නාමය හිරු නොබසින දේශයේ ක්‍රිකට් ක්‍රීඩාව තුල ජයග්‍රාහී ලෙස සටහන් කරන්නට ඉදිරියේදීත් ශක්තිය ලැබේවා යයි Serendib Lions ක්‍රිකට් ක්‍රීඩා සමාජයට අපි ප්‍රාර්ථනා කරමු.