2026-02-01

Q20 with අමා | Kokila Pawan

කුඩාකල සිටම කලා ක්ශේත්‍රයට අවතීර්ණය වී කාලයත් සමග ක්ශේත්‍රයේ ප්‍රවීනයන් බොහෝ
පිරිසකගේ ඇසුර ලබමින් සහ විවිධ වර්ගීකරණයන් යටතට ගොනු වු නිර්මාණ සදහා රංගන
දායකත්වය ලබාදීම තුලින් ලබාගත් අභ්‍යාස, අත්දැකීම් සමුදායෙන් පොහොසත්ව නිතර වේදිකාව,
රූපවාහිනි හෝ ච්ත්‍රපට වැනි මාධ්‍යයන් තුලින් පෙනි නොසිට ඉතා කල්පනාකාරීව තොරා ගත්
නිර්මාණ සදහා පමණක්ම දායකත්වය ලබා දෙන නමුදු ප්‍රේක්ෂක සිත්තුල සදා නොමැකෙන මතක
එකතු කල චරිතාංග රංගනවේදියානන් කෝකිල පවන් ජයසූරිය සමග යෙදුනු පිළිසදර…

1. කෝකිල, මොකද මේ දවල්වල කලා කටයුතු තුලින් ඔබව පේන්න නැත්තේ? 

පේන්න නැති උනාට, ඉදිරි කලා කටයුතු සඳහා සූදානම් වීමකයි මම ඉන්නේ. පේන්න ඉන්නවා වගේම
ඉවසීමකින් නොපෙනී ඉන්නත් ඕනෙනේ. කෙටි කාලයකට මම එංගලන්තයේ ජීවත් වෙනවා. 2026
අවුරුද්දේ වෙනස්ම ආරෙකින් මං නැවත පේන්න ඉඳීවී.

2. කුඩා කාලයේ පටන් දශක ගණනාවක් නිරත වුන නිර්මාණ කටයුතු සහ ඔබ වටා රොද බැදි
ප්‍රේක්ෂක පිරිසගෙන් ඇත් වීම ඔබට දැනෙන්නේ කොහොමද? 

ඇත්තෙන්ම මේ නිහඬ බව ඈත් වීමක් නෙමෙයි. මං මීට කලිනුත් මෙවැනි නිහඬ කාලයක් ගත කරලා
තියෙනවා. ප්‍රේක්ෂකයාට එය මතකයි. නමුත් ඉන් අනතුරුව මගේ නිර්මාණ ඔවුන් වෙනදාටත් වඩා
හොඳින් වැළඳගත්තා. මට ඕනේ ප්‍රේක්ෂකයාට හොඳ වින්දනයක් ලබා දෙන්න. ඒකයි කලාවේ යෙදෙන
අපේ වගකීම. මම වෘත්තීමය වශයෙන් කලා කරුවෙක්. මේ නිහඬ බව තුළ තියෙන්නේ නැවත
ගොඩනැගීමක්.

3. එංගලන්තයේදි අහඹු ලෙස ඔබට මුණ ගැහුන ප්‍රේක්ෂකයකුගෙන් ලැබුන අමතක නොවන
ප්‍රතිචාරයක් මතක් කලොත්… 

එහෙම මතක ගොඩක් තියෙනවා. සංගීත ප්‍රසංගයකදි ඔහු සෑහෙන්න දුරක් ගෙවාගෙන මාව බලන්න
ඇවිත් තිබුනා. ලංකාවෙදි ඔහු මගෙන් ලබා ගත් සමරු සටහනක් මට පෙන්නුවා. ඔහු එය අදටත් ඉතාම
පරිස්සමෙන් රැක ගෙන. අද සෙල්ෆියකින් අවසන් වන සමරු සටහන් අතරේ ඒ මතකය මට මහමෙරක්
තටම් වටිනවා.

4. දශක ගණනාවක උගත් දේවල් සහ පලපුරුද්ද තුලින් ලැබු කලා කුසලතාවයන් එංගලන්තයේ
වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත තිළිණ කරන්න ඔබ ආරම්භ කල ආයතනය පිළිබදව කිවුවොත්… 

එහි නම භාව. භාව ඇකඩමිය හරහා වයස් සීමාවකින් තොරව කලාවට ආදරය කරන ඕනෑම අයෙකුට
තම දක්ශතාවයන් ප්‍රගුණ කිරීමේ අවස්ථාව වගේම, ප්‍රගුණ කල දක්ශතා වේදිකා ගත කිරීමටත්
අවස්ථාව දැන් එංගලන්තයේ ජීවත්වන අපේ ශ්‍රී ලාංකික ආදණීයයන්ට තිබෙනවා. අපේ පලමු
ප්‍රසංගය
2025 වසරේදි පැවැත්වුවා. මෙම දින වල 2026 භාව ප්‍රසංගය සඳහා සූදානම් වනවා. 

5. එතෙක් මෙතෙක් රංගනයෙන් දායක වුන චරිත අතරින් ඔබට වඩාත්ම අභියෝගාත්මක ලෙස හැඟුණු
චරිතය මොකක්ද?

මම කරපු හැම චරිතයක්ම අභියෝගාත්මකයි. ඒ අතරින් මාලන්, බාබු, ශක්ති වැනි චරිත විශේෂ යි. 

6. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක සිත් තුල නොමැකෙන මතක එකතු කල නාඩගම්කාරයෝ ටෙලි සිත්තමෙහි
මලමාලන්ගේ චරිතය වෙනුවෙන් ඔබ ලැබු අමතක නොවන ඉහලම ප්‍රතිචාරය… 

සද්දාමංගල සූරියබණ්ඩාර මහත්මාටත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මාටත්, චාමර සමරවික්‍රම
මහත්මාටත් ඉතාම ස්තූතිවන්ත වනවා මට ඒ චරිතය ලබා දුන්නාට. ඉහලම ප්‍රතිචාරය කියලා මට
විශේෂ කරලා කියන්න බැරි තරමටම අදටත් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය කියපු දේ තමයි
ටෙලිවිෂනයෙන් ඈත් වෙලා ඉන්න යුගයක නැවත ටෙලිවිෂනය ලඟට ඔවුන්ව ගෙනාවේ නාඩගම්කාරයෝ
කියලා. 

7. ඔබට ලැබුණු සම්මාන අතරින් හිතට දැනුන, හිතට ලගම සම්මානය මොකක්ද?

චීනයේ පැවති ජාත්‍යන්තර සම්මාන උළෙලේදි සිරි රජ සිරි චිත්‍රපටය වෙනුවෙන් හොඳම නලුවා
සදහා ලැබුන සම්මානය. 

8. ඔබගේ වෘත්තීය ජිවිතයේ ඔබට ඔබ ගැන ආඩම්බරයක් හිතුන අවස්ථාවක තියෙනවාද?

මම සෑම විටම මගේ වෘත්තීය කලා ජීවිතය ගැන ආඩම්බරයෙන් ඉන්නේ. මොකද කලාව හැමෝටම
පිහිටන්නේ නෑනේ. 

9. අනාගතයේදී අවස්ථාවක් ලැබුනොත් සම්බන්ධ වෙන්න කැමති විශේෂ චරිතයක් හිතේ තියනවද?

ගොඩක් තියෙනවා. ඒ චරිත මම අනිවාර්යයෙන්ම කරනවා. 

10. කලා ක්ශේත්‍රයේ ඔබ අනුගමනය කරන විශේෂ චරිත කිහිපයක්… 

මම හොඳ හොරෙක්. චරිතාංග රංගන ශිල්පියෙක් වීම මගේ අරමුණ. ඒකෙදි මගෙ ඉස්සරහට
හම්බුවෙන ඕනෑම කෙනෙක්ගෙන් මං, මට වැදගත් දේවල් මතක තියාගන්නවා. 

11. ඔබ රංගනයට මෙන්ම අති දක්ෂ ගායන හැකියාවද ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න අදහසක්
තියනවාද? 

ඔව්, මම උත්සාහ ගන්නවා. 

12. කලා ක්ශේත්‍රයෙන් පිටත ඔබ කරන්න බලාපොරොත්තු වෙන වෙනත් දෙයක් තියෙනවද?

ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්න මම කැමතියි. 

13. ශරීර සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය වෙනුවෙන් එදිනෙදා අමතක නොකර කරන දේවල්
තුනක් 

සංගීතයට සවන් දීම, ව්‍යායාම කිරිම සහ ආහාර පිසීම. 

14. ඔබට සතුට දෙන පුංචි දේවල් කිහිපයක් කිවුවොත්… 

මම ඕනෑම දේකින් සතුටු වෙනවා. දුකක් තිබ්බත් මම ඒක පෙන්නන්නේ නෑ. ඒ මගෙ හැටි. 

15. තව අවුරුදු 10කින් ඔබ ඔබව දකින්න බලාපොරොත්තු වෙන විදිය… 

මනස නිරවුල් කෙනෙක් විදියට.

16. විලාසිතාවන් අනුගමනය කිරීමට ඔබ කැමතිද?
ඔව්

17. විවාහයෙන් පසු ඔබේ ජීවිතයේ ඇතිවූ විශාලම වෙනස මොකක්ද?

හැමෝටම විවාහයෙන් පස්සේ ඇතිවෙන වෙනවසම තමයි. 

18. ඇය අතින් හදන කෑමවලින් ඔබේ ප්‍රියතම කැම වර්ගය මොකද්ද?
බිත්තර රොටි

19. ඔබ සමාජ මාධ්‍යයන් භාවිතා කරන්නෙක්ද? එසේනම් වැඩිපුර භාවිතා කරන අවකාශය… 

මම සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ලොකුවට භාවිත කරන කෙනෙක් නෙමෙයි. ප්‍රවෘත්ති නම් බලන්නේ
යූටූබ් එකෙන්. 

20. ඔබේ නිහැඩියාව නිමාවන කාල වකවානුවක් පිළිබදව හෝඩුවාවක් හොයන ලොව වටා සිටින
ඔබේ ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් කියන්න ලැබුනොත්… 

2026 නොවැම්බර් 01

විශේෂයෙන් ස්තූතියි අමා අක්කේ ඔයාට 2026 වර්ෂයේ මගේ පලමු ආටිකල් එක කලාට.

මේ කතාබහ ඉතාම සරල, සහ හරිම ආදරණීයයි.

අමා නාකන්දලගේ

2026-01-31

සීගිරිය Solo Travel

කූවෙිරගේ ආලකමන්දාව, කාශ්‍යපගේ අහස් මාලිගය…. එක හරි අපූරු නමක්…
මෙි නම යෙදෙන ලො⁣කයේ අටවෙනි පුදුමය ලෙස සැලකෙන එ සුන්දර මහා පර්වත
රාජයාව දැකගන්න මම මෙවරත් තනිවම පිටත් උනේ මෙි වසරේ මුල්ම සංචාරය
ඔබ වෙත ගෙන එමෙි අදිටනින්…
සීගිරිය… මුළු ලොකයක් වසග කරගත් අපේ මවි බිමෙි අභිමානය… කාශ්‍යප
රජුගේ අහස් මාලිගාව දැක නරඹන්න ගවෙිශනයට මම පාන්දරින්ම පොදු
ප්‍රවාහනයෙන් මාතලේ සිට දඹුල්ලට පැමිණියා… දඹුල්ලෙන් සීගිරිය බස් රථයකට
ගොඩවී උදැසන 7.44වන වට මම බස් රථයෙන් බැසගත් විටම මගේ දැස් මානේ
සීගිරි පර්වතය දිස් උවෙි මහත් වු අභීමානයෙන්….
අවට දිය අගල්වල සුන්දරත්වය විදිමින් උදැසන හිරු රශ්මියේ පහස විදිමින්
කුරුල්ලන්ගේ සහා මොණරුන්ගේ හඬටත් සවන් දිගෙනම මම සුන්දර සංචාරය
විදින්න ගත්තේ හිතම අමුතුමවු ප්‍රබොදයකින් පිරි යද්දියි… දේශිය සංචාරකයන්
නමි මගේ දැසට හසු නොවු තරමි.. එ තරමි විදේස් සංචාරකයන්ගෙන් මෙි
උදැසනම සීගිරිය පිරි තිබුණේ අපේ රටෙි මෙි මහත් අභිමානවත් රාජධානිය ගැන
තවත් මගේ හිත ආඩමිබරයෙන් හදවත පිරි යද්දි…..
ටිකටි පතක් මිලදිගෙන දිය අගල මතින් ඇති කුඩා පාලමත් පසු කරගෙන මම
ගොඩ උනේ රාත්‍රියටත් එකල දිස්නේ දුන් චන්ද්‍රකාන්ති පාෂාණයෙන් නිම කල
පඩිපෙල වෙතට… කුඩා කල දෙවතාවක් මෙහි පැමිණ ඇතත් සීගිරිය ගැන
ඓතිහාසික වටිනාකම දැන සිටියේ නෑ….නමුත් මෙවර ගමනේදි නමි යමතාක්
දුරට සීගිරිය පිළිබදව රහස් බොහොමයක් දැනගෙන සිටින නිසාම දැස් මත
මායාවක් වගේ එකල මෙසේ මෙහි තිබෙන්නට ඇතැයි යන හැඟීම සමග මැවි
පෙණුනේ මගේ ගමන තවත් සුන්දර කරලයි….
මෙසේ ආරමිභ කලා මගේ ගවෙිශන චාරිකාව….දිය අඟල් පසු කර පැමිණ ලගා
උනේ ජල උද්‍යානයට… මට වාසනාව තිබුණා තාමත් සක්‍රිය මටිටමෙි තිබෙන ජල
මල්වල සුන්දරත්වය සිසිලස සමග විදින්න… ඉදිරියට පර්වතය දෙස බලාගෙන
ඇවිද ගියේ හිතින් අතීතය දසත මවාගෙන…. තනිව පැමිණි මා සමග සුහදවු චින
ජාතිකයන් කීප දෙනා නිසාම මටත් ඔවුන්ගෙ මගපෙන්වන්නාගෙන් සීගිරියෙ යමි
යමි ස්ථාන ගැන විස්සතර දැනගත හැකිවුවෙත් වාසනාවකට…
දුටු විට හිත තුල පුදුමාකාර ආශාවක් ඇති කල සිංහ පාදය අසල මම රැදි සිටියා

බොහො වෙිලාවක්… එය සිංහයෙකුගේද ගුරුලෙකුගේදැයි යන ප්‍රශ්නය මගේ
හිත තුලට එබිකමි කලත් නැවත එ ගැන හිතත් සමග විවාද නොකල මම නැවත
ඉහලට නැඟගෙන යන්න ගියේ පර්වතය මුදුණත දැකගන්න….පර්වත මුදුණතට
ලගා වෙන විට මගෙ දෑස් මානයෙ බැබළුණේ මම මීට පෙර දිනක ගිය පිදුරංගල
ගල් පර්වතයයි… කෙමෙන් කෙමෙන් පතීත වෙන අවුරශ්මියත් දරාගෙනම මම එ
දෙස මොහොතක් බලා සිටියදී මට ගයිඩි මහත්මයකුගෙන් දැනගත හැකි උනා
පර්වතයට ගොඩ වෙන තැනම ඇති වැසි ජලය එක්විමට ඇති සීදි ගිය පොකුණ..
එහි එක් කුහරයක් පෙන්වු ඔහු පැවසුවෙි වැසි කාලයට ⁣එකතුවෙන වැසි ජලය
කුහරය ඔස්සේ පර්වතය පාමුලට රැගෙන යන බවයි……
ඉන්පසු මම ලගා උනේ සීගිරි පර්වතයෙ උසම ස්ථනයට.. කාශ්‍යප රජුගේ
සිරියහන් ගැබ මෙි ස්ථානයෙ තිබු බවත් එහි ඇති චන්ද්‍රකාන්ති පාෂාණයෙන් නිම
කල අවසන් ගල්පඩි දෙක මෙහි ඉතිරි පියගැටපෙලේ අවශේෂ බවත් මට ගයිඩි
මහත්මයෙකුගෙන් දැනගත හැකි උනා… 1201 සහා 1202වන මෙි ගල් පඩි දෙකටත්
නැග විස්සතර පැවසු ගයිඩි මහතාටම කියා ඡායාරූපයක් ගන්නටද මම අමතක
කලේ නෑ…
කෙමෙන් ⁣උදාවෙන මධ්‍යාහන නිසා අවුරශ්මිය දරාගත නොහැකි තරමි… මෙි
මොහොතේදියි මට මතක් උනේ මෙහි ඇති ගල් ආසනය එහෙමත් නැත්නමි රජ
ආසනය දකින්න… පඩිපෙල් බැසගෙන නැඟගෙන මම ලගා උනේ එ අපූරු
ස්ථානයට….
විශ්මත නිර්මාණ.. මගෙ දෑස්ද මෙි විශ්මයෙන් ඔප නැංවි තිබෙන්නට ඇති එ
මොහොතේ… ගල් ආසනයට පෙර මගේ දැස් නතර උනේ කොළපැහැති ජලයෙන්
පිරි ඇති විශාල පොකුණ මතයි… මෙි පොකුණ වටාද කතා බොහොමයක් පවතින
බව මම අසා තිබෙනවා… කෘත්‍රිමව සෑදු දිය ඇල්ලක් මෙි පොකුණ අලංකාරයට
එදා යොදා ගත් බව විස්තර සොයා යෑමෙිදි දැනගත් බව මගේ මතකෙට පැමිණියේ
එවිටයි.. එ එක්තරා පඩිපෙල් පෙළියක් දුටු විටයි… පොකුණත් බලාගෙන ගලෙන්
කල ආසනය අසලට එන විට ගඩොල් මත එක්තරා අංකයක් දුටු මට එය
ගැටලුවක් උවා.. නමුත් එ අංකය කුමක් සදහා යෙදවුවක්දැයි තවමත් මට සොයා
ගත නොහැකී වීම නමි කණගාටුවට කරුණක්…..
දැඩි අවුරශ්මියත් සමග පර්වත මුදුණට සමුදී කැටපත් පවුරත් එ සුන්දර සීගිරි
ලලනාවන්ගේ සිතුවමි විලින්ද මගේ හිත පුරවාගෙන පහලට බැස්සේ මොනතරමි
නමි රහස් මෙහි සැගවී ඇතිදැයි සිතමින්… රාජසභා මන්ඩපය ලෙස සැලකෙන
තැන පසු කල පසු නයිපෙන ගුහාවෙි නයි පෙනයක් බදුවු එ අපූරු දැවැන්ත
පාශානය මගේ දැස් විශ්මයෙන් පිරවුවා…

හිත තුල ගැටලු රාශියක් මතුවෙලා… එ තරමට සීගිරිය යනු කියවා අවසන් කල
නොහැකි පුස්තකාලයක් බව නමි කිව යුතුමයි…. දැඩි පිපාසයත් කුසගින්නත් නිසා
සීගිරි පර්වතයට සමුදී මම නැවත ගමිබිමි කරා එන්නට පිටත් උනේ නැවතත්
දවසක තාමත් මට දැකගත නොහැකිවු සහා මට ගැටලු සහගත තැන් ගැන සොයා
බලන්න පැමිණිමෙි බලාපොරොත්තුවෙනුයි….
සුන්දර සංචාරයක් ලොකේ අටවන පුදුමය ලෙස සැලකෙන සීගිරියේ මෙලෙස මම
ගෙවා දැමුවා… නැවතත් දිනක යන්නට තරමි හිත එ පුස්තකාලයට වශි වෙලා
තිබෙනවිට මම ස්තුති කලේ මෙි විශ්වයට….. ඔබත් දිනක යන්න මෙි විශ්මිත
ඓතිහාසික සීගිරිය නරඹා එන්න… එය ඔබෙි ජිවිතේට ගිය හොදම ගමනක් වෙන
එක නමි නොඅනුමානයි…
ඉතිං හැමදාමත් වගේ මෙි ග⁣මනේදීත් මගේ හිත සතුටින් පුරවන විශ්වයට ස්තුතියි
කරන්න අමතක කලේ නෑ…. ඉතිං තවත් සුන්දර සංචාරයකින් නැවත හමු
වෙනතුරු රෑදි ඉන්න…
නිසංසලා රණසිංහ

2026-01-30

ඩූම්ස්ක්‍රෝලිං (Doomscrolling) අඳුරු ආකල්පයය

ඇතැම් රටවල් වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්
කිරීමේ අණ පණත් හඳුන්වා දෙමින් සිටියි. එය මේ ඩිජිටල් යුගයේ තරුණ පරපුර
අතර නිහඬව පැතිර යන නව අඳුරු පුරුද්දක් සහ ආකල්පයක් මැඬ පැවැත්වීමට
යම් තරමකින් හෝ උපකාර කරනු ඇත. එය doomscrolling ලෙස හඳුන්වන,
අසත්‍ය, බියජනක, අඳුරු පුවත් සහ සමාජ මාධ්‍ය අන්තර්ගතය නිරන්තරයෙන්
පහළට යමින් සළකා බැලීමේ පුරුද්ද සහ ඒ මඟින් තමන් දකින ලෝකය අඳුරු
ලොවක් වේවා යනුවෙන් බැලීමේ ආකල්පයයි. මුලින්ම එය පුරුද්දක් වන අතර
ආකල්පයද එයින් බිහිවේ.
බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, මෙය සුන්දර ළමා සිත් අඳුරු කරන මානසික
ගැටළු ඇතිකරන අකුසල චිත්ත ඇති කරයි. ගැඹුරින් බැලීමේදී doomscrolling
කෙලෙස් (කිලේස) වලින් සිත පුරවන අතර සන්තානයේ නිදාසිටින අභ්‍යන්තර
යක්ෂයන් වන අනුසය (dormant destructive forces) පෝෂණය කරයි. අනුසයවල
ස්වභාවය නම් පුද්ගලයාට නොදැනී ඔහුව අනුසය විසින් පාලනය කරනු ලැබීමයි.
ඩූම්ස්ක්‍රෝලින් තුළින් පමණක්ම තම ජීවිතය සහ ලෝකය දෙස බලන දරුවන් මට
හමුවී තිබේ. ඒ මනෝ උපදේශනය සඳහා ඔවුන් හමුවූ විට ය.
බෞද්ධ මනෝවිද්‍යාවට අනුව, මනස නැවත නැවත සිදු කරන දෙයින් අවධානය,
ඇබ්බැහිවීම සහ අත් හදා බැලීමේ ජීවන රටාව නිර්මාණය වේ. අඳුරු හා
විරෝධාත්මක පුවත් සහ ක්‍රීඩා නිරන්තරයෙන් දකිමින් සිටීමෙන් සැකය, කෝපය,
සහ පළිගැනීම වර්ධනය වේ. මේ නිසා ඇතිවන නිශේධාත්මක මානසික පෙරලිය
පාප විතක්ක ලෙස හැඳින්වේ. පාප විතක්ක තුළින් සිදුකරන ඝාතන ආදි අපරාධ,
විශේෂයෙන්ම බාලවයස්කාරයන් විසින් සිදුකරන ඒවා සඳහා පැහැදිලි හේතුවක්
අවශ්‍ය නොවේ. තනියම හෝ කණ්ඩායමක් ලෙස එම අපරාධ සිදුකිරීමේදි ඔවුනට
අවශ්‍ය වන්නේ පහසු ඉළක්කයක් පමණි. අපරාධ වාර්තා අනුව ඇතැම් දරුවන්ට
අවශ්‍ය වූයේ තමන් ඩූම්ස්ක්‍රෝලින් තුළින් දුටු දේ අත් හදා බැලීම පමණි.
බ්‍රහ්මවිහාර හෙවත් මිනිස් ජීවිතය තුළ දෙවියන් බිහි කරන මෙත්තා
(unconditional universal love), කරුණා (compassion, empathy for others), මුදිතා
හෙවත් අනුන්ගේ දියුණුවේදී සතුටුවීම (altruistic joy) සහ උපෙක්ඛා (emotional
balance before life situations) ජනප්‍රිය කරවන දේ සමාජ මාධ්‍ය තුළ විරල ය.
ප්‍රාථමික වයසේ දරුවන්ට හාවා සමඟ සෙල්ලම් කරන සිංහයා හෝ කොටියා
සිටින වැඩ සටහන් තිබුණද භද්‍ර යෞවනත්වයට පත්වන දරුවන් සඳහා ඇත්තේ
ඩූම්ස්ක්‍රෝලින්වලින් පිරිණු දේ ය. මාර්ගගත ක්‍රීඩා (online games) ඒ අතර
ප්‍රධාන ය.

දින කීපයකට පෙර වයස 14 – 15 ක දරුවන් 26 දෙනෙකු සඳහා වැඩ මුළුවක්
කළෙමි. ඒ අය අතරින් 5 දෙනෙකු සිටියේ ඩූම්ස්ක්‍රෝලින් නිසා තමන්ගේම
සහෝදරයාට හෝ සහෝදරියට පහරදීමේ ආකල්පයකිනි. සහජයෙන්ම එන sibling
rivalry හෙවත් සහෝදර සහෝදරියන් අතර ඇතිවන තරඟමය ආකල්පයට සහ
sibling jealousy due to parental attention හෙවත් මව්පියන්ගේ අවධානය අඩුවීම
නිසා සහෝදර සහෝදරියන් අතර ඇතිවන ඉරිසියාවට ඩූම්ස්ක්‍රෝලින් ඉන්ධන
සපයයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මනස නිතර යොමු කරන දේ අනුවම හැඩ
ගනී.
එබැවින්, මනසට ආලෝකය දෙන දේ තෝරා ගැනීම ධර්මමාර්ගයේ අත්‍යවශ්‍ය
පියවරකි. එම මාර්ගය පෙන්වීම මේ ඩිජිටල් යුගයේදී දුෂ්කර වුවත් එය
මව්පියන්ගේ සහ භාරකාරයන්ගේ වගකීමයි. බොහෝ මව්පියෝ ටැබ්
පරිගණකයක් හෝ ස්මාට් ෆෝන් දරුවන්ට දී දරුවන් නිහඬ කිරීම parenting
හෙවත් දරුවන් හැදීම යැයි සිතති. ඒ parenting නොව දරුවාට අඳුරු ලෝකයකට
යාමට මඟ පෙන්වීමක් විය හැකිය.
මේ මව්පියන් අවදි වියයුතු කාලයයි.


සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක 
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

2026-01-28

ආදරවන්තයන්ගේ දිනය – ආදරය, සෙනෙහස සහ මානව සබඳතා සැමරෙන දිනය

පෙබරවාරි 14 වන දින ලොව පුරා ජනතාව විසින් සැමරෙන ආදරවන්තයන්ගේ
දිනය (Valentine’s Day) ආදරය, සෙනෙහස, විශ්වාසය සහ මානව සබඳතා
වටිනාකම මතක් කරවන විශේෂ දිනයක් වේ. මෙම දිනයේදී පෙම්වතුන් තම
ආදරණීයයන්ට ආදරය ප්‍රකාශ කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරති. මල්,
චොකලට්, තෑගි, සුභ පැතුම් කාඩ්පත් සහ ආදරණීය පණිවිඩ හුවමාරු කිරීම මෙම
දිනයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අංගයන් වේ.

ආදරවන්තයන්ගේ දිනයේ ඉතිහාසය පුරාණ රෝම යුගය දක්වා දිව යයි. ශාන්ත
වැලන්ටයින් නම් පූජකවරයෙකු මෙම දිනයට සම්බන්ධ ප්‍රධාන චරිතය ලෙස
සැලකේ. රෝම අධිරාජ්‍යයා විසින් සොල්දාදුවන්ට විවාහ වීම තහනම් කර තිබූ
කාලයක, ශාන්ත වැලන්ටයින් ආදරයෙන් බැඳුණු යුවළන්ට රහසිගතව විවාහ කර
දීම සිදු කළ බව කියවෙයි. ඒ හේතුවෙන් ඔහු දඬුවම් ලැබ මරණයට පත් වූ අතර,
ඔහුගේ කැපවීම සහ ආදරය වෙනුවෙන් කළ පූජාව මතක් කරමින් මෙම දිනය
ආදරය සැමරෙන දිනයක් ලෙස හඳුනාගෙන ඇත.

වර්තමාන සමාජයේදී ආදරවන්තයන්ගේ දිනය වෙළඳාමටද දැඩි ලෙස සම්බන්ධ වී
ඇති දිනයක් බවක් පෙනේ. වෙළඳසැල්, හෝටල් සහ විවිධ ආයතන මෙම දිනය
ආශ්‍රිතව විශේෂ ප්‍රචාරණ වැඩසටහන් සංවිධානය කරති. එහෙත්, ආදරය
කියන්නේ මුදල් හෝ වටිනා තෑගි මත පදනම් වූ දෙයක් නොව, හදවතින් හදවතට
ගලා යන සත්‍ය හැඟීමක් බව අප මතක් කරගත යුතුය.

ආදරය යනු පෙම්වතුන් අතර පමණක් සීමා වන හැඟීමක් නොවේ. මව්පියන්ගේ
ආදරය, ගුරුවරුන්ගේ කැපවීම, මිතුරන්ගේ සෙනෙහස සහ සමාජයේ එකිනෙකාට
දක්වන කරුණාවද ආදරයේ විවිධ ආකාර ලෙස සැලකිය හැක. එබැවින්
ආදරවන්තයන්ගේ දිනය අපට අපගේ ජීවිතයට වටිනාකම එක් කරන සියලු
දෙනාට ස්තූතිය පළ කිරීමටත්, ඔවුන්ට අපගේ සෙනෙහස පෙන්වීමටත් හොඳ
අවස්ථාවක් වේ.

අවසානයේදී, ආදරවන්තයන්ගේ දිනය අපට උගන්වන්නේ ආදරය කියන්නේ එක්
දවසකට පමණක් සීමා කළ හැකි දෙයක් නොව, සෑම දිනකම ක්‍රියාවලියෙන්

පෙන්විය යුතු අගනා ගුණාංගයක් බවයි. එකිනෙකාට ගරු කිරීම, තේරුම් ගැනීම
සහ සමාව දීම තුළින් සත්‍ය ආදරය පෝෂණය කළ හැකි අතර, එවැනි ආදරයක්
ඇති සමාජයක් බිහිකිරීමට මෙම දිනය අපට ආශ්වාදයක් විය හැක.
අහිමි හිමිකරු

2026-01-18

ශ්‍රී ලාංකික තරුණ පරපුර සැබෑ ලෝකයට සූදානම්ද?

සෑම තරුණ පරම්පරාවක්ම ජාතියක බලාපොරොත්තුව රැගෙන යන අතර ශ්‍රී
ලංකාවද ඊට වෙනස් නොවේ. අද තරුණ පරපුර ජවසම්පන්න, නිර්මාණශීලී සහ
අභිලාෂයෙන් පිරී ඇත. ඔවුන් විශාල සිහින දකින අතර තම රට තුළ අර්ථවත්
වෙනසක් කිරීමට කැමති වේ. නමුත් ලෝකය වඩාත් තරඟකාරී, වේගයෙන් වෙනස්
වන සහ අවිනිශ්චිත වන විට, විශාල ප්‍රශ්නයක් පැන නගී එනම් ශ්‍රී ලාංකික
තරුණ පරපුර සැබෑ ලෝකයට සැබවින්ම සූදානම්ද?
අධ්‍යාපනය සැමවිටම සාර්ථකත්වයේ යතුර ලෙස සලකනු ලැබුවද, පාසලෙන් හෝ
විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගන්නා දේ පන්ති කාමරයෙන් ඔබ්බට ජීවිතය සඳහා
ඔවුන්ව සම්පූර්ණයෙන්ම සූදානම් නොකරන බව බොහෝ තරුණයින් ඉක්මනින්
වටහා ගනී. සැබෑ ලෝකය දැනුම පමණක් නොව සන්නිවේදනය, ගැටළු විසඳීම,
කණ්ඩායම් වැඩ, නායකත්වය සහ චිත්තවේගීය බුද්ධිය වැනි කුසලතා ද ඉල්ලා
සිටී. අවාසනාවකට මෙන්, මෙම ජීවන කුසලතා බොහෝ විට අපගේ අධ්‍යාපන
ක්‍රමය තුළ නොසලකා හරිනු ලැබේ, එය තවමත් විභාග සහ කටපාඩම් කිරීම
කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කරයි. බොහෝ සිසුන් සහතික සහිතව
පාසලෙන් පිටව යන නමුත් පිටත අභියෝගවලට මුහුණ දීමට විශ්වාසයක් හෝ
ප්‍රායෝගික හැකියාවන් නොමැති වීම ගැටලුවකි.
තවත් කනස්සල්ලක් වන්නේ තරුණ විරැකියාවේ ඉහළ අනුපාතයයි. සෑම
වසරකම, උපාධිධාරීන් දහස් ගණනක් රැකියා වෙළඳපොළට ඇතුළු වන්නේ විශාල
අපේක්ෂාවන් ඇතිවය, නමුත් සුදුසු රැකියා සොයා ගැනීමට සමත් වන්නේ ස්වල්ප
දෙනෙකුට පමණි. බොහෝ දෙනෙකුට තම අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ
නොවන රැකියා පිළිගැනීමට හෝ දිගු කාලයක් රැකියා විරහිතව සිටීමට බල
කෙරෙයි. මෙම තත්වය කලකිරීමට, ආර්ථික අරගලවලට සහ සමහර විට බුද්ධි
ගලනයට පවා හේතු වන අතර එහිදී දක්ෂ තරුණයින් වඩා හොඳ අවස්ථා
සොයමින් විදේශගත වේ. ගැටලුව සෑම විටම රැකියා නොමැතිකම නොව,
උගන්වන දේ සහ රැකියා වෙළඳපොළ ඉල්ලා සිටින දේ අතර නොගැලපීමයි. තරුණ
රැකියා සොයන්නන්ට මෘදු කුසලතා, ප්‍රායෝගික පුහුණුව සහ අනුවර්තනය වීමේ
හැකියාව නොමැති බව සේවා යෝජකයින් බොහෝ විට පවසති.
ඒ සමඟම, ශ්‍රී ලාංකික තරුණයින් වැඩි වැඩියෙන් ඩිජිටල් සහ ගෝලීය වෙමින්
පවතින ලෝකයකට මුහුණ දෙයි. තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ දුරස්ථ වැඩවල
නැගීම අනාගතය නැවත සකස් කරමින් පවතී. ඉදිරියට යාමට සහ සාර්ථක වීමට
නම්, තරුණයින් ඩිජිටල් සාක්ෂරතාවයෙන් හා ගෝලීය වශයෙන් දැනුවත් විය
යුතුය. සමහර නාගරික තරුණයින් ඉක්මනින් අනුවර්තනය වෙමින් සිටියද,

තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා බාධක සඳහා ඇති දුර්වල ප්‍රවේශය හේතුවෙන්
බොහෝ ග්‍රාමීය තරුණයින් තවමත් පිටුපසින් සිටිති. සැමට සමාන අවස්ථා
සහතික කිරීම සඳහා මෙම ඩිජිටල් පරතරය පියවීම අත්‍යවශ්‍ය වේ.
කෙසේ වෙතත්, සියල්ල ඍණාත්මක නොවේ. ශ්‍රී ලංකාව පුරා, තරුණයින් බාධක
බිඳ දමා තමන්ගේම මාර්ග නිර්මාණය කරන බවට ආශ්වාදජනක උදාහරණ තිබේ.
ප්‍රජා ගැටලු විසඳීම සඳහා නවෝත්පාදනයන් භාවිතා කරන සමාජ
ව්‍යවසායකයින්ගේ සිට, යුක්තිය සහ තිරසාරභාවය සඳහා හඬ නඟන
කලාකරුවන් සහ ක්‍රියාකාරීන් දක්වා, බොහෝ තරුණයින් අධිෂ්ඨානය සහ
නිර්මාණශීලිත්වය සැබෑ වෙනසක් ඇති කළ හැකි බව පෙන්නුම් කරමින් සිටිති.
තරුණ පරම්පරාව ද පෙර කවරදාටත් වඩා විවෘත මනසක් ඇති සහ සමාජීය
වශයෙන් සවිඥානක ය. ඔවුන් පරිසරය, සමානාත්මතාවය සහ මානව හිමිකම්
ගැන සැලකිලිමත් වන අතර, යල් පැන ගිය පද්ධති ප්‍රශ්න කිරීමට ඔවුන් සූදානම්
ය.
සැබෑ ලෝකය සඳහා තරුණයින් සැබවින්ම සූදානම් කිරීම සඳහා, පාසල්, විශ්ව
විද්‍යාල, පවුල් සහ රජයෙන් සාමූහික උත්සාහයක් තිබිය යුතුය. අධ්‍යාපනය
පෙළපොත්වලින් ඔබ්බට ගොස් තරුණයින්ට විවේචනාත්මකව සිතීමට, ස්වාධීනව
වැඩ කිරීමට සහ වෙනසට අනුවර්තනය වීමට උපකාර වන කුසලතා ඉගැන්විය
යුතුය. උපාධිය ලැබීමට පෙර සිසුන්ට සැබෑ ලෝක අත්දැකීම් ලබා ගැනීමට උපකාර
කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය, සීමාවාසික වැඩසටහන් සහ
ව්‍යවසායකත්ව පුහුණුව පුළුල් කළ යුතුය. දෙමව්පියන් ද තම දරුවන්
සාම්ප්‍රදායික මාර්ගවලට බල කිරීම වෙනුවට ඔවුන්ගේ කුසලතා සහ
රුචිකත්වයන් ගවේෂණය කිරීමට දිරිමත් කළ යුතුය.
ශ්‍රී ලාංකික තරුණයින් විභවයන්ගෙන් පිරී ඇත. ඔවුන් කම්මැලි හෝ සූදානම්
නැත. ඔවුන් හුදෙක් නිවැරදි පරිසරය වර්ධනය වන තෙක් බලා සිටිති. නිවැරදි
අවස්ථා, පුහුණුව සහ මග පෙන්වීම ලබා දෙන්නේ නම්, ඔවුන්ට රට දීප්තිමත්
අනාගතයක් කරා ගෙන යා හැකි ශක්තිමත් නායකයින්, නවෝත්පාදකයින් සහ
වෙනස් කරන්නන් බවට පත්විය හැකිය. සැබෑ ලෝකය අභියෝගාත්මකයි, නමුත්
නිවැරදි සහයෝගය ඇතිව, ශ්‍රී ලාංකික තරුණයින්ට එයට මුහුණ දීමට පමණක්
නොව ඔවුන්ට එය පරිවර්තනය කළ හැකිය.
පවිත්‍රා රණතුංග

2026-01-15

HELP THE MOTHERLAND

ලක්මවට සවියක් වෙන්න මවුබිමට දිරියක් වෙන්න පසුගියදා ලන්ඩනයේදී
බ්‍රිතානයේ ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කල හරි අපුරු වැඩක්
අතිසාර්ථකව නිමාවට පත්වුණා. ඒ අනෙකක් නොව “ලක්මවට සවියක් ” දැවැන්ත
සංගීත ප්‍රසංගයයි.
ප්‍රසංග සංගීත කලාවෙන් එහාට ගිය උතුම් මානුෂික ගුණාංග පෙරදැරිව
“ලක්මවට සවියක් ” බ්‍රිතාන්‍යයේදී රෝපණය වන්නේ ඉතිහාසයේ පළමු
වතාවටයි. එදා මෙදා තුර බ්‍රිතාන්‍යයේ සිටිනා ප්‍රමුක්තම ලාංකික සංගීත
කණ්ඩායම් පහක් එකට රොදබැදි “ලක්මවට සවියක් ” ප්‍රේක්ෂකයන් 450කගේ
දෑස් ඉදිරිපිට, බ්‍රිතාන්‍යයේ ඉන්නා මවුබිමට පෙම්බදින සියලුම වුර්ථිය ශිල්පීන්ගේ
ස්වේච්චා සහභාගිත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක්.
බ්‍රිතාන්‍යයේ මවුබිමට හිතැති ශ්‍රී ලාංකිකයන්ගේ ආශීර්වාදයෙන්, බ්‍රිතාන්‍යයේ
ශ්‍රී ලංකා මහකොමසාරිස් ගරු නිමල් සේනාධිර, නියෝජ්‍ය මහකොමසාරිස්තුමිය
මල්ලිකා — හා ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ඩිලන්ත ප්‍රනාන්දුගේ සහ තවත්
බොහෝ රාජත්‍රන්තිකයන්ගේ සහභාගිත්වයෙන් ලක්මවට සවියක් මේ දැවැන්ත
වේදිකාව හිරු නොබසිනා දේශයේදී මෙසේ දිගහැරුණේ ලංකික හදවත් සුවපත්
කරන උදාර අරමුණ පෙරදැදිවයි.
Exceed, Frontline, Solid, Hasthi, Strummers බ්‍රිතාන්‍යයේ සිටිනා ප්‍රමුක්තම
ලාංකික සංගීත කණ්ඩායම් ශ්‍රී ලංකාවේ අපදා තත්වය නිසා විපතට පත් සහෝදර
ශ්‍රී ලාංකිකයන්ගේ ජිවිත නගා සිටුවීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට මෙසේ
බ්‍රිතාන්‍යයේදී එකම වේදිකාවට පැමිණීම නැවුම්ම අත්දැකීමක් වුණා. අතුරුසිදුරු
නොමැතිව මවුබිමට පෙම්බැදි මිනිසුන්ගෙන් පිරී ගිය ශාලාවට වෙන කිසිදා නොදුටු
සංගීත රස රටා මවන්නට මේ සංගීත ශිල්පින් පෙරමුණ ගත්තා.
රොෂාන් යාපා, ඉෂාණි සදනායක, ඩිලන් බුර්කත්ගේ හඩ පෞර්ෂයෙන් මේ සොදුරු
සංගීත රාත්‍රිය වර්ණවත් වූ අතර රන්වල බලකායේ නර්තනයන්ගෙන් ශ්‍රී
ලාංකික අපේ කම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්ට මවුබිම ගැන දැනෙනා ගැගීම
තවත් වැඩිකරලීමට සමත් වුණා.
“ලක්මවට සවියක් ” වේදිකාව ගොඩනැගෙන්නේ බාලා වාමතෙවන් , චන්දන
එදිරිසූරිය, කාංචන රොද්‍රිගු යන සොයුරන්ගේ උපන් බිමට යුතුමකම් ඉටුකිරීමට
ඇති උතුම් සංකල්පයක තවත් එක් පරිච්චේදයක් විදියට. මේ දැවැන්ත සත්කාරයට
බ්‍රිතාන්‍යයේ සිටින සියලුම ගායන, වාදන, නර්ථන ශිල්පින්, මාධ්‍යය, උත්සව
සංවිධායකයන්, උත්සව අලංකරණ ශිල්පින්, සුපවේදීන් ඇතුළු උත්සව ආහාර

සපයන්නන්, පරිත්‍යාග ලබාදෙන්නන්, ස්වෙච්චා සංවිධාන ඇතුළු සියලුම
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන් මේ කටයුත්තට ස්වේඡාවෙන් සිය ශක්තිය
ලබාදුන්නා.
Raffle Draw එකකින් හා වෙන්දේසියකින් යුතුවූ ලක්මවට සවියක් ප්‍රසංගය
වෙනුවෙන් පරිත්‍යාග ත්‍යාගයන් ලබාදීමට බ්‍රිතාන්‍යයේ ඇති ප්‍රමුකතම ශ්‍රී
ලංකික වෙළද සන්නාමයන් ප්‍රසංගය හා අත්වැල් බැදගෙන තිබුණා.
වෙන්දේසියේදී ක්‍රිකට් තරුවන කුමාර සංගක්කයන්ගේ හා ලසිත් මාලිංගගේ
සමරු සිහිවටන වෙන්දේසියට ලක්වූ අතර එමගින් විශාල මුදලක් අරමුදල් ලෙස
එකතු කිරීමට සංවිධායකයන් සමත්වුණා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්
සියල්ලෝම නොමසුරුව සිය මුදල් මවුබිමට ශක්තියක් ලබාදීමට නොපැකිලව
ලබදීමට කටයුතු කලා.
ප්‍රසංගය අවසානයේදී බ්‍රිතාන්‍යය පවුම් 14734 මුදලක් ( ශ්‍රී ලංකික රුපියල්
මිලියන 6.1 ක් ) ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ rebuild Sri Lanka අරමුදලට
එකතුකිරීමට බ්‍රිතාන්‍යයේ යුතුකම් දන්නා සහකම්පනය ඇති ශ්‍රී ලංකික
ප්‍රජාවට හැකිවුණා. සියලුම මුදල් නිලවශයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා
මහකොමසාරිස් කාර්යාලය හරහා මවුබිම වෙත සෙනහසින් ලබාදීමට ප්‍රසංග
සංවිධායකයන් පසුගියදා කටයුතු කළා.
මේ “ලක්මවට සවියක් ” වේදිකාව තැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා සිය කාලය,
ශ්‍රමය , ධනය ස්වේඡාවෙන් මවුබිම වෙනුවෙන්, ප්‍රසංගය සාර්ථක කර ගැනීම
වෙනුවෙන් වැයකළ සංවිධායක මණ්ඩලය කල ඒ කැපවීම අමතක කරන්නම්
බැහැ. එය එතරම් ප්‍රශන්ෂනියයි. සංවිධායක මණ්ඩලයේ බාලා, චන්දන,
කාංචන,රැවනි, ගයාන් , විපුල ඇතුළු සැමට ස්තූතිවන්ත වියයුතුයි.
මවුබිමට අවැසිම මොහොතේ මවුබිම වෙනුවෙන් යුතුකම් කල බ්‍රිතාන්‍යයේ
ලැතැත් හදවත් ඇති බ්‍රිතානයේ ශ්‍රී ලාංකිකයන්ට, මවුබිමේ අපේ මිනිසුන්ගේ
ආශීර්වාදය හා ප්‍රශංසාව නිබදව ලැබෙන බව නම් සිකුරුයි. හැමදාමත් වගේ රැලි
හැදෙනා බ්‍රිතාන්‍යයේ අපේ මිනිස්සු මේ හදනා මනුසත්කමේ යුතුකමේ රැල්ල
බ්‍රිතාන්‍යය පුරාම මෙන්ම ලොව පුරාම ඉදිරි සති කිහිපය මුළුල්ලේම පැතිර යනවා
දක්නට ලැබීමද සතුටක්.
එලෙසම පුද්ගලිකව මටත් “ලක්මවට සවියක් ” ප්‍රසංගය හා එකතු වෙමින්
මවුබිමට ශක්තියක් දිරියක් ලබාදීමට හැකිවීම සතුටක් , කිසිදා නොමැකෙන
මතකයක් !

2026-01-14

න"තන යෙ & අ (ෙ කම +කග&නා කලා පව1ල

වයස අව%&’ අ ටෙ * න,තනය ආර0භ කළ චල6 7 8භා:ව; අද වන =ට >&ව?ය@, න,තන ABC6ය@ සහ
ප, Fෙ ෂකව?ය@ ලෙ ස Hෙ Iය න,තන කලාවට දායක වන කලාකා?6යJ. Kවන සහක&වා වL6රංජ >ණ Pෙ කර සහ QයRය
රෙ Sමලා සමඟ එ@ව, ඇය X ලාං @ෙ ය න,තන උ&මය Zකගැ]ම සඳහා Q> කා_න කලා ගමනක 6රත වෙ `.
චල6 aෙ න,තන ගමන ඇර ඹෙ * *ෙ 8cණ න,තනාචා,ය න*දන බාලසL?ය >&Cයාණ* යට eෙ උඩරට න,තනය
හැදෑ; මෙ *ය. පාසB අවh Fෙ i සමPත ලංකා න,තන තරග හා අ නෙ je පාසB උeසව අවPථාව*li ඇය න,තන යෙ *
දායක c ඇත. jඩා කල mටම Hෙ Iය න,තනයට දැ@වLදැn කැමැeත, ඇයව න,තන ස08දාය* oeවයම (උඩරට, පහතරට
සහ සබරගම%) =hමeව හැදෑ;මට ජන කලා @ෙ *pය වෙ ත ගෙ න q Fෙ ය. එli ඇය =A:ට සාමා,ථ සlතව එම පාඨමාලාව
සා,ථකව අවස* කළාය. X ලංකා sෙ බරත නාටt කලාව සඳහා මහe 8mHhයකට පeව mu කලා v; පHwR දහනායක
>&xwය යට eෙ ඇය බරත නාටt කලාව ද 8>ණ ක yෙ ය. 0ෙ අතරxර අ. පෙ ා.ස. (උසP පෙ ළ) =භාග Fෙ =A:ට 8zඵල ලබා
ගe ඇයට කෙ ාළඹ =|ව=දtාලයට ඇxළe cමට වර0 lw =ය. කෙ ාළඹ =|ව=දtාල Fෙ i 8ාසාංqක කලා = |ෙ ෂ sෙ Q
උපාhය හැදෑ} කාලය xළ, X ලාං @ෙ ය න,තන ස08දාය* oeවයම පමණ@ නෙ ාව, ඉ*Qයාන%න,තන ස08දාය* වන
බරත, කත@, කතක සහ ම6පු? න,තන CÅබඳවද ගැඹ%& අධtයනය@ J;මට ඇයට අවPථාව උදා=ය. =|ව =දtාල
Aෂtයj වශ යෙ * mu එම අවh Fෙ i Cයසාර ABපාQපz, ර=බ*’ =දtාපz, මl*ද =මලm?, Ñ*තක බÖඩාර, උ 7ෙ ඛා
ගං ගෙ ාඩ=ල ආi 8cණ =Hවe =|ව=දtා_ය >& මÖඩලය@ යට eෙ මෙ ම අධtාප6ක ගමන ලැáම, ඇය aෙ න,තන
K=තයට මහà ශ@zය@ c ඇත. එl 8zඵලය@ ලෙ ස, “ Hෙ Iය සL=m =වරණය*l 8âයමාන 8ාසාංqක ල@ෂණ” යන
මාතෘකාව යට eෙ ඇය aෙ 8ථම ප, Fෙ ෂණාeමක 6බ*ධනයද සා,ථකව 6ම =ය.
2006 වස ,ෙ i චල6 aෙ K=ත Fෙ නව ස*QPථානය@ ස6ට%හ* =ය, එන0 න,තන කලා sෙ ම ගම* කරන ද@ෂ න,තන
ABC යෙ j වL6රංජ >ණ Pෙ කර ඇය aෙ Kවන සහක&වා බවට පecමය. පාසB අවh Fෙ mටම න,තනය හැදෑ} 6රංජ, 8cණ
න,තන ABC] ZãR සෙ Bවනායග0 >&xwය යට eෙ උඩරට න,තනය හදාරා, lස වෙ P තැබL වෙ P න,තන ABC යෙ J.
තවද ච*න =ජයව,ධන, රcබ*’ =දtාපz සහ jලm? බ%දවeත යන =Hවe න,තන >&ව&* යට eෙ ABප හැදෑ} ඔහ%,
බPනාlර පළාe නැට%0 කÖඩාය 0ෙ ද සාමාãක යෙ j ලෙ ස කටය%x කර ඇත. ජාතt*තර මçට 0ෙ සංද,ශනවල mට, රාජt
උeසව, සමPත ලංකා න,තන තරග, රාජt ඇසළ පෙ රහැර සහ 6දහP උeසව ද@වා 6රංජ aෙ න,තන දායකeවය =ශාලය.
තවද ඔහ%රJම%කලාක& වෙ S සං=ධාන Fෙ eෙ මා පාට 6,මාතෘ සහ භාÖඩාගා?ක ලෙ සද කටය%x කර`.
2006 වස ,ෙ ම, තම* උගe දැන%ම අනාගත පරපුරට ලබාi 0ෙ අරම%R* චල3 – 3රංජ රංගායතනය ආර0භ =ය.
ද&ව* aෙ න,තන, ගායන සහ වාදන ද@ෂතාව* ව,ධනය J;ම මෙ *ම, ඔව%* aෙ 6,මාණාeමක jසලතාවය* Qය%é
කරw* ==ධ උeසව සහ කලාeමක වැඩසටහ* සඳහා සහභාè cමට මෙ ම රංගායතනය අවPථා සලසා ඇත. රාජt උeසව,
ස0මාන උeසව සහ =වාහ උeසව සඳහා සා08දා`ක න,තනාංග, 6,මාණාeමක න,තනාංග, බෙ ර ස*êව6 සහ ඉ*Qයාන%
බෙ ර වාදන අංග ලබාiමද මෙ l = |ෙ ෂeවයJ. පස%ව අ7ඨක Weddings & Dance Company ලෙ ස 8mHධeවයට පe
වL මෙ ම ආයතනය, = දෙ P සංචාරවලටද ස0බ*ධ වෙ w* X ලාං @ෙ ය අනනtතාවය ජාතt*තර sෙ Qකාවට ගෙ න ගෙ ාP ඇත.
මෙ ම කාලය xළi චල6 තම 8ථම උපාhය ස0පූ,ණ කර, න% aෙ ගෙ ාඩ ල`mය0 ජාතt*තර පාසලට ස0බ*ධ cම ඇය aෙ
K=ත Fෙ තවe ස*QPථානයJ. වසර නමය@ පුරාවට mස%ද&ව* Zසකට න,තන කලාව ඉගැ*වLඇය, >ණාeමක mස%
පරපුර@ íl J;මට කැප වL>&ව?ය@ ලෙ ස හැì*=ය හැක. වා,îක පාසB න,තන 8සංග, තtාග 8ධා නෙ Seසව, මෙ *ම

ල`mය0 පාසB ජාලය මq* පවeවන%ලබන “මාïා” 8ාසාංqක න,තන 8සංගය සඳහාද රංග =ñඤාස යෙ *, රංග
වPïාභරණ 6,මාණ යෙ * සහ sෙ ශ 6}පණ යෙ * ඇය aෙ නෙ ාමද සහය ලබාi ඇත. තවද සමPත ලංකා න,තන තරග,
රාජt න,තන තරග සහ ජාතt*තර න,තන තරගාව සඳහාද ද&ව* පුහ%é කරවw* ජයòහණ ලබා ගැ]මට ඇය aෙ
දායකeවය ඉමහeය. එම සම Fෙ i 9; ජයව,ධනපුර =|ව=දtාල Fෙ ප|චාe උපාh අධtයන ôඨ Fෙ භාෂා හා සංPකෘzක
අධtනාංශය යට eෙ ශාPïපz උපාhය (MA) සඳහා අධtාපනය ලබw*, මහාචා,ය ම%Qය* Pෙ Qසානායක සහ මහාචා,ය
ලයනB බෙ *තර යන =Hවe >& මÖඩලය යට eෙ “පහතරට ශා*z ක,මය*l 8âයමාන ය@ෂ =|වාස” යන මාතෘකාව
යට eෙ දෙ වන ප, Fෙ ෂණාeමක 6බ*ධනයද සා,ථකව 6ම කළාය. =|ව=දtා_ය වා,îක සඟරා සහ 8ා Hෙ Iය සඟරා සඳහා
ශාPöය C පළ J;මද මෙ ම කාල Fෙ m’ =ය.
මෙ ම කලා ගමනට තවe ආ ලෙ Sකය@ එ@ ක yෙ ඔව%* aෙ QයRය රෙ Sමලාය. jඩා කල mටම මsCය* aෙ >& උප Hෙ ශන
යට eෙ න,තනය හැදෑ} ඇය, පස%ව 8cණ න,තන ABô ච*න = õෙ ව,ධන සහ 8cණ බැ Bෙ න,තන ABô කCල පහවඩන
යට eෙ ද අධtාපනය ලැáය. ජාzක උeසව, වා,îක න,තන 8සංග සහ ජාතt*තර සංද,ශනවලටද ඇය සහභාè c ඇත.
2019 වස ,ෙ i කෙ ාළඹ =ච ජාතt*තර පාස Bෙ න,තන >&ව?ය ලෙ ස eෙ ; පe වLචල6, එli X ලාංJක ද&ව*ට මෙ *ම
= Hෙ Iය ද&ව*ටද න,තන කලාව ඉගැ*cමට කටය%x කළාය. එම කාලය xළ පාස Bෙ වා,îක න,තන 8සංග වැ6 ==ධ
උeසව අවPථාව* සඳහා න,තන 6,මාණකරණ යෙ * දායක වLඇය, mස%ද&ව* aෙ ද@ෂතා sෙ Qකාවට ගෙ න ඒමට
සා,ථකව කටය%x කළාය.
2023 වස ,ෙ i QයRය aෙ උසP අධtාපන කටය%x සඳහා එංගල*තයට පැwR මෙ ම කලා පව%ල, එliද තම මෙ හෙ වර
අeහැර නැත. වසර දෙ කහමාරක කාලය@ xළi චල6, “අ:ඨක Dance Academy” හරහා එංගල*ත Fෙ උප* X ලාංJක
ද&ව*ට Hෙ Iය න,තනය ඉගැ*cමට කටය%x කරw*, බෙ ෟHධ =හාර 8ධාන කර ගe mංහල අûe අව%&’ උeසව, ජාzක
උeසව සහ ==ධ 8සංග සඳහා න,තන 6,මාණකරණ යෙ * නෙ ාමද දායකeවය ලබාi ඇත. මෙ ම කාලය xළi ද&ව* aෙ
ද@ෂතා පමණ@ නෙ ාව, දෙ මාCය* xළ සැඟව%é න,තන ද@ෂතාවය* ද sෙ Qකාවට ගෙ න ඒමටe ඇය සමe වLඅවPථා
බෙ ා හෙ Sය. එ Pෙ ම එංගල*ත Fෙ ආර0භ කර ඇz ම%xහර ළමා සමාජය =m* ඉQ?පe කළ “වලාj* බැස” 8සංගය
සඳහාද න,තන 6,මාණ යෙ * දායක cම = |ෙ ෂ යෙ * සඳහ* කළ ය%xය. එ Pෙ ම එංගල*ත Fෙ පවe වන%ලබන X ලාංJක
උeසව, ජාzක උeසව, =වාහ උeසව, පෙ රහැර ආi අවPථාවලi 8cණ වෙ P න,තන ABC යෙ j හා බෙ ර වාදන ABC යෙ j
ලෙ ස 6රංජ දායක cම තවe = |ෙ ෂeවයJ. තවද එංගල*ත Fෙ පවeවන%ලබන වෙ නe න,තන ආයතනය*l වා,îක 8සංස
සඳහා රංග =ñඤාසකරන යෙ * ද sෙ ශ 6}පණ යෙ * ද ඔව%*ට තම නෙ ාමද සහය ලබාiමට 0ෙ z දෙ නා කටය%x කර ඇත.
මනmකව හා ශා;?කව =ඩාවට පe c muන වැnlu C?P සඳහා üයාI 8 බෙ Sධමe Kවන රටාව@ හ%&කරc 0ෙ අරම%R*
මෙ *ම Hෙ Iය න,තන කලා sෙ අනනtතාවය Zකගැ] 0ෙ අරම%R* X ලාංJකය*ට හා = Hෙ Aකය*ට න,තන වැඩම%†
පැවැecමද 0ෙ වන =ට ආර0භ කර ඇත.
න,තනය ඔP Pෙ X ලාං @ෙ ය අනනtතාවය ලෙ Sකය වෙ ත ගෙ න යා 0ෙ දැn අරම%R* ගම* කරන මෙ ම කලා පව%ල,
සංPකෘzය@ Zකගැ]ම යන%අ°තයට බැ¢ m£ම@ නෙ ාව, එය අනාගතයට වගJව ය%x ලෙ ස භාර iම@ බව 8ා යෙ Sqකව
පෙ *වා දෙ `. X ලාං @ෙ ය න,තන කලාව Zකගැ]ම පමණ@ නෙ ාව, එය ලෙ Sකයට ගෙ න යාම තම K=ත මෙ හෙ වර කරගe
ඔව%*, රu* ‘රP වLවe මLලය* අමතක නෙ ාකර සංPකෘz Fෙ වuනාකම නව පරපුරටe = Hෙ Iය sෙ Qකාව*ටe අඛÖඩව
හ§*වා iමට කැපc m£.

2026-01-11

නව වසර සාර්ථකව සැලසුම් කරන්නේ කෙසේද?

නව වසරක් ආරම්භ වීම අපගේ ජීවිතයට නව අවස්ථා, නව බලාපොරොත්තු සහ නව අභියෝග ගෙන එන විශේෂ කාලයකි. පසුගිය වසරේ සිදු වූ දේවල් විමර්ශනය කර, ඉදිරියට යාම සඳහා හොඳ සැලැස්මක් සකස් කරගැනීමට මෙය ඉතා සුදුසු මොහොතකි. නව වසර නිසි ලෙස සැලසුම් කිරීමෙන් අපගේ පුද්ගලික, වෘත්තීය සහ මානසික ජීවිතය වඩාත් සාර්ථක කරගත හැක.

1. පසුගිය වසර සමාලෝචනය කිරීම

නව වසර සැලසුම් කිරීමේ පළමු පියවර වන්නේ පසුගිය වසර පිළිබඳ අවංක සමාලෝචනයක් කිරීමයි.
ඔබට ලැබූ සාර්ථකත්වයන් මොනවාද?
ඔබට අසාර්ථක වූ අවස්ථා මොනවාද?
ඔබ ඉගෙනගත් පාඩම් මොනවාද?

මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමෙන්, නව වසරේදී කළ යුතු දේ පැහැදිලිව තීරණය කළ හැක.

2. පැහැදිලි ඉලක්ක නියම කිරීම

නව වසරට ඉලක්ක තැබීම අතිශය වැදගත්ය. එම ඉලක්ක:
පැහැදිලි විය යුතුය
මැනිය හැකි විය යුතුය
යථාර්ථවාදී විය යුතුය

උදාහරණයක් ලෙස, “මම මේ වසරේ සෞඛ්‍යය වැඩිදියුණු කරගන්නවා” කියන ඉලක්කයට වඩා, “සතියට දින 4ක් ව්‍යායාම කරනවා” යන්න වඩා ප්‍රයෝජනවත්ය.

3. කාලය නිසි ලෙස කළමනාකරණය කිරීම

හොඳ සැලැස්මක් තිබුණත් කාලය නිසි ලෙස භාවිතා නොකළහොත් එය සාර්ථක නොවේ.
දෛනික හා මාසික කාලසටහන් සකස් කරන්න
වැදගත් කාර්යයන්ට ප්‍රමුඛතාවය දෙන්න
අවශ්‍ය නොවන දේවල් සඳහා කාලය නාස්ති වීම අවම කරන්න

4. ආර්ථික සැලසුමක් සකස් කිරීම

නව වසරේදී මුදල් කළමනාකරණය සඳහා සැලැස්මක් තිබීම ඉතා වැදගත්ය.
මාසික වියදම් ලැයිස්තුවක් සකස් කරන්න
ඉතිරි කිරීමේ ඉලක්ක තබාගන්න
අනවශ්‍ය වියදම් අඩු කරන්න

මෙය ආර්ථික සුරක්ෂිතතාවය සහ මානසික සාමය දෙකම ලබාදේ.

5. ශාරීරික හා මානසික සෞඛ්‍යයට අවධානය

සාර්ථක ජීවිතයක් සඳහා සෞඛ්‍යය අත්‍යවශ්‍යය.
නිසි ආහාර රටාවක් අනුගමනය කරන්න
නිතර ව්‍යායාම කරන්න
මානසික නිදහස සඳහා භාවනා, පොත් කියවීම හෝ ඔබ කැමති කාර්යයන් කරන්න

6. නව දේවල් ඉගෙනගැනීම

නව වසර නව දැනුමක් ලබාගැනීමට හොඳ අවස්ථාවකි.
නව කුසලතා ඉගෙනගන්න
භාෂාවක්, තාක්ෂණික දැනුමක් හෝ නව විනෝදාංශයක් ආරම්භ කරන්න

මෙය ඔබගේ පුද්ගලික වර්ධනයට මහත් දායකත්වයක් සපයයි.

නිගමනය

නව වසර යනු අලුත් ආරම්භයක් පමණක් නොව, අපගේ ජීවිතය වඩා හොඳ දිශාවකට ගෙනයාමට ලැබෙන අවස්ථාවකි. නිසි සැලසුමක්, පැහැදිලි ඉලක්ක සහ ස්ථිර කැපවීමක් සමඟ නව වසරට පියඹා යා හැක. අදම ඔබගේ නව වසර සැලැස්ම සකස් කර, සාර්ථක හා සතුටුදායක වසරක් සඳහා පියවර ගන්න.

අහිමි හිමිකරු

2026-01-10

මේ වසරේ සිට එක්සත් රාජධානියට අළුත් යුගයක්.

2026 වසර උපත් මරණ අනුපාතිකය සම්බන්ධයෙන් එක්සත් රාජධානියට “හැරවුම්
ලක්ෂයක්” වනු ඇතැයි විශේෂඥයන් කණ්ඩායමක් අනාවැකි පළ කරනවා. ඔවුන්
සදහන් කරන්නේ මෙම වසරේ සිට අඛණ්ඩව එක්සත් රාජධානියේ වාර්ෂික උපත්
ප්‍රමාණයට වඩා මරණ සංඛාව වැඩිවිය හැකි බවයි. 20 වන සියවස ආරම්භයේ
සිටම සුවිශේෂි අවස්ථාවක හැර අඛණ්ඩවම සෑම වසරකම වාර්ෂික මරණ
අනුපාතයට වඩා උපත් අනුපාතය වැඩි වූ අතර කොරෝනා වසංගතය හේතුවෙන්
2020 වසරේදී හා 2023 වසරේදී පමණක් මරණ ප්‍රමාණය උපත් සංඛාව ඉක්මවා
ගොස් ඇති අතර මේ වසරේ සිට එය අඛණ්ඩව සිදුවීමට නියමිත වේ.
එවැනි තත්වයක් රටක ජනගහන වර්ධනයට සෘණාත්මකව බලපෑමට හේතු
වනවා පමණක් නොව අනාගතයේදී එක්සත් රාජධානියේ ජනගහන වර්ධනය
සම්පූර්ණයෙන් සංක්‍රමණ මත රැදී සිටීමට සිදුවනු ඇති. දැනටමත් පුරෝකථනය
කර ඇති පරිදි 2032 වසර වන විට සංක්‍රමණ හේතුවෙන් එක්සත් රාජධානියේ
ජනගහණය 5.9 % වර්ධනය වනු ඇති අතර අනාගතයේදී රටේ ශ්‍රම බළකාය
වර්ධනය කිරීමට නම් සංක්‍රමණ දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකල යුතු
වේ.
එහෙත් මේ වන විට සංක්‍රමණ කපා හැරීම සදහා බ්‍රිතාන්‍යයේ සියළුම
දේශපාලන පක්ෂ පෙරමුණ ගෙන ඇති අතර සංක්‍රමණ සම්පූර්ණයෙන්ම
දේශපාළණ කාරණාවක් වී ඇත. විදේශ රටවලින් තරුණ සේවකයන් ගෙන්වා
නොගන්නේ නම් වැඩකරන ජනගහණය අඩුවීමේ ප්‍රථිපලයක් ලෙස රජයට අහිමි
වන බදු ආදායම අය කරගැනීමට අනාගතයේදී බදු වැඩිකිරීමට හෝ රාජ්‍ය
සේවාවන් කපා හැරීමට රජයට සිදුවනු ඇති. ඒ අතර වයස්ගත ජනගහනය රැක
බලා ගැනීමේ ගැටළුවද රජය ඉදිරියේ ඇති බරපතළ අභියෝගයක් වේ.
2024 වසරේදී එංගලන්තයේ හා වේල්සයේ වාර්ථි වූ සාපල්‍යතා අනුපාතය හෙවත්
එක් කාන්තාවකට සිටින දරුවන් අනුපාතය 1.44 වූ අතර එය ඉතිහාසයේ වාර්ථා වූ
අඩුම අගය වේ. තවද G7 කණ්ඩායමට අයත් රටවල් අතරින් අඩුම සාපල්‍යතා
අගයක් වාර්ථා කෙරුනේද එක්සත් රාජධානියෙනි. දරුවන් ලැබීම නිසා දැරීමට වන
පිරිවැය බොහෝ දෙනෙකු දරුවන් නොසෑදීමට ප්‍රධාන හේතුව ලෙස හදුනාගෙන
ඇති අතර එම හේතුව කෙනෙකු දරුවන් සෑදීමට ඇති අකමැත්ත ඉක්මවා ගොස්
තිබේ. එක්සත් ජාතීන්ගේ වාර්ථාවකට අනුව එක්සත් රාජධානියේ පමණක් නොව
ගෝලීය වශයෙන්ද පසුගිය වසර 50 ක් පුරා සාපල්‍යතා අනුපාතය පහත වැටෙමින්
පවතී.

වර්ධනය වෙමින් පවතින තත්වය අනුව 2040 පමණ වන විට වාර්ෂික උපත්
ප්‍රමාණය හා මරණ සංඛාව අතර වෙනස 100,000 වඩා ඉහළ යා හැකියැයි
අනුමාන කෙරේ. මෙම තත්වය සලකා බලා මෙවර අයවැය මගින් බ්‍රිතාන්‍ය රජය
විසින් දරුවන් සදහා ගෙවන ප්‍රථිලාභ වෙනුවෙන් පනවා තිබූ සීමාවන්ද ඉවත්
කිරීමට යෝජනා කරන ලදී. කෙසේ වෙතත් නුදුරු අනාගතයේදීම නැවතත් එක්සත්
රාජධානියට සංක්‍රමණ දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවනු
ඇත.

තිලාන් ජයසේකර

2026-01-09

2026 දී restart වෙමු

අපි හැමෝටම කිසිම දවසක නොහිතපු විදිහට ජීවිතේ තනිවෙච්ච අත්දැකීම්
තියෙනවා.සමහර විට ආදරය අහිමිවීමක් නැත්නම් අපි ආස කරපු රැකියාවක්
නැත්නම් මිතුරෙකුගේ වෙන්වීමක් වෙන්න පුළුවන්.එතකොට අපිට හිතෙනවා මේ
මට වෙච්ච දේවල් මගේ ජීවිතේ අවසානයද? කියලා.හැබැයි ඒ සිතුවිලි නම් හරිම
තාවකාලිකයි.
ජීවිතයේ එක එක වෙලාවට එක එක විදිහට අපිව පරීක්ෂා කරනවා.2026
කියන්නෙත් ඒ පරීක්ෂාවෙන් පස්සේ අපිට ලැබෙන අලුත් අවස්ථාවක් විදිහට දකින
එකයි හොදම දේ.ඉතින් අලුත් අවුරුද්දක අලුත් අදහසක් එක්ක restart වෙන එක
හොඳ දෙයක්.අපි අමිහිරි දේවල් වලින් හරි පාඩම ඉගෙන ගෙන වේදනාව
අත්හරින්න පුරුදු වෙන්න ඕනේ.අපිට වටිනාකමක් නොදුන්න තැන් සහ අපිව
පහතට දාලා කතා කරපු හැම තැනින්ම ලබපු වේදනාවලට සීමාවක් දාන්න කාලෙ
දැන් ඇවිත්.
අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ අනිත් අයගේ බලාපොරොත්තු සපුරාලන්න.
හොඳ දුව, හොඳ සේවකයා, හොඳ මිතුරා, හොඳ ආදරවන්තයා වෙන්න උත්සාහ
කරද්දී, අපි අපේම හදවත මග හැරලා දාන්නේ. ඒත් 2026දී අපිට එහෙම කරන්න
ඕනද? අපිට සාමය නැති, අපිව හිස් කරන ජීවිතයක් ඉදිරියටත් අරගෙන යන්න
ඕනද?
මෙවර අපි තෝරගමු වෙනස් මාර්ගයක්. අපිට ශක්තිය දෙන මිනිස්සු, අපිව
ඉදිරියට තල්ලු කරන අදහස්, අපේ මනසට නිදහස දෙන ජීවන රටාවක්. සමහරවිට
ඒක රැකියාවක් වෙනස් කිරීමක් වෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු ගාණක්
පසුබැසපු හීනයක් නැවත ආරම්භ කිරීමක්. කුඩා පියවරක් වුණත්, ඒක අපේම
පියවරක් නම්, ඒක වටිනවා.
අසාර්ථක වීම ගැන බය වෙන්න එපා. අසාර්ථක වීම කියන්නේ අපි වැරදි මාර්ගයක
යාම නෙවෙයි, අපි උත්සාහ කරපු දෙයක්. උත්සාහ නොකළ ජීවිතයක් තමයි
ඇත්තටම අසාර්ථක. 2026දී අපිට උත්සාහ කරන්න අවසර දීමු. වැටුණොත්
නැගිටින්න, වැරදි නම් ඉගෙනගන්න .
මේ අවුරුද්දේ වැදගත්ම තීරණය ලොකු එකක් වෙන්න ඕන නැහැ. සමහරවිට
හොඳින් නිදාගන්න පුරුද්දක් හදාගන්න එක. නැත්නම් අපිව අඩු කරන මිනිස්සුවලට
“නෑ” කියන්න ඉගෙනගන්න එක. හෝ අපිට අපිම වඩා කරුණාවන්ත වෙන්න පටන්
ගන්න එක. මේවා කුඩා දේවල් වගේ පේනවාට, ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්
කරන්න පුළුවන් තීරණ.
අවසානයේ, 2026 කියන්නේ පරිපූර්ණ වෙන්න අවුරුද්දක් නෙවෙයි. අපිට දුක

හිතුණොත් දුක හිතන්න, සතුටු හිතුණොත් සතුටු වෙන්න, අපිට අපිම වරදක්
කරගත්තොත් අපි අපිටම සමාව දෙන එක ඉගෙනගන්න අවුරුද්දක්.
පියුමි නෙළුමිකා