25-April-18

එක්සත් රාජධානියේ ආදි අනුලාවියෝ

1941 වසරේදී . ඩබ්ලිව්

අධිකාරම්තුමන් විසින් අනුලා විද්යාලය ආරම්තභ කරනු ලබන්රන් ශිෂ්යාවන් 38 රද්රෙකු සහ

ගුරුමණ්ඩලය පස් රද්රෙකුරෙන් සමන්විතවයි. එරස් ආරම්තභ වූ අනුලා විද්යාලය වසර අසූ

හතරක් පුරා ඉතා දිගුෙමෙක් පැමිණ අද්වෙ විට බාිකාවන්ට අධ්යාපෙය ලබාරද් මහා

පිංරකතක්ව දිරලයි. පන්ද්හස ඉක්මවූ ශිෂ්යාවන් පරිසක්ද්එකසිය හැත්තෑව ඉක්මවූ ගුරු

මණ්ඩලයකින්ද්සමන්විත අනුලා විද්යාලය විභාෙ ප්රතිඵල අතර ඉහළින් වැජරෙෙ පාසලකි.

හුරද්ක් අධ්යාපෙය පමණක් රොව සද්ාචාරසම්තපන්ෙ දිරිය කුන් බිහිකිරීරම්ත රේතොව

රපරද්ැරි කරෙත් අනුලා විද්යාලරයන් ආධ්යාපනික , ක්රීඩා , කලා , මාධ් සහ රවෙත්

ක්රේත්රයන්හි නිපුණ චරිත රැසක් රම්ත වෙ විට බිහිව තිරබ්ල.

 

එක්සත් රාජධ්ානිරේ අනුලා විද්යාලයීය ආදි ශිෂ්යා සිංෙමය අද්වෙ විට ඉතාම සාේථක

අන්ද්මින් ක්රියාත්මක රවමින් පාසල රවනුරවන් සිය වෙකීම ඉටුකිරීමට සක්රීයව ද්ායක රවමින්

සිටී. සභාපතිනිය වෙ රුේනි රසරෙවිරත්ෙ , රේකම්ත යස්මින් අමරවික්රම සහ භාණ්ඩාොරික

ඩිලාරි අමරුිංෙ ඇුළු රද්ාරලාස් රද්රෙකුරෙන් යුත් නිලධ්ාරි මඩුේරල් මෙරපන්ීම

යටරත් ඉදිරියට යෙ එක්සත් රාජධ්ානිරේ අනුලා විද්යාලයීය ආදි ශිෂ්යා සිංෙමරේ මීළඟ

වැද්ෙත්ම ඉසව්ව වන්රන්් , මැයි 10 වෙද් පැවැත්ීමට නියමිත , ‘ ස්වර සිංචාරසිංගීතමය

අත්ද්ැකීමයි. Ickenham Village Hall හිදී සවස 6.30 ආරම්තභ ීමට නියමිත රමමස්වර සිංචාර

සිංගීතමය සන්ධ්යාව රසෙැන්ීම බුද්ධධික කහවල වාද් වෘන්ද් විසින් සිදුරකරනු ඇති.

ශාරිංගිකා උද්යිංෙනී සහ අචිනි නිශාදිකා රේ හඬින් සුමධුර ස්වර මැද්සරහෝද්රත්වරේ

උණුසුමින් කුළුෙැන්රවෙ සන්ධ්යාවක අත්ද්ැකීම ලබන්ෙට එක්සත් රාජධ්ානිවාසීන්ට ආදි

ශිෂ්යා සිංෙමය ආරාධ් කර සිටී.

 

ශ්රි ලිංකාරව් පාසේ වල ආදි සිසු එකමුුරවන් සිදු රකරරෙ Festival of Cricket සඳහා අනුලා

විද්යාලයීය ආදි ශිෂ්යා කණ්ඩායමක් ඉදිරිපත් ීම රම් වසරේ ද්ක්ෙට ලැරබෙ සුවිරේෂි

සිදුීමක්. 2025 ජුි මස හයවෙද් පැවැත්රවෙ රමම ක්රිකට් සැණරකළිය සඳහා ආදි

ශිෂ්යාවන් රද්ාරළාස්රද්රෙකුරෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වනු ඇති.

 

රම්ත සියේල අතරුර , එක්සත් රාජධ්ානිරේ අනුලා විද්යාලයීය ආදි ශිෂ්යා සිංෙමය පාසල

රවනුරවන් ඔවුන්රේ වෙකීම අමතක කර ෙැත. එහි එක් අදියරක් රලස ශිෂ්යත්ව

වැඩපළිරවලක් ක්රියාත්මක රව්. ආරම්තභක අදියරේදී අධ්යාපෙ රපාදු සහතික පත් උසස් රපළ

විභාෙය සඳහා රපනීසිටිෙ ආේික දුේකරතා වින් රපරළෙ ශිෂ්යාවන් පස්රද්රෙකු

රතා් රාරෙෙ ඔවුන් සඳහා මාසිකව රුපයේ විසිද්හසක මුද්ලක් පරිතයාෙ කිරීරම්ත

වැඩපළිරවලක් ආදි ශිෂ්යා සිංෙමය මගින් රම්ත වෙ විටත් සිංවිධ්ාෙය රකරරමින් පවතී.

වවද් පයුමිකා තිලකවේධ් රේ සම්තබන්ධිකාරකත්වරයන් ක්රියාත්මක වෙ රමම

වැඩපළිරවළ යටරත් ප්රතිලාභ ලබෙ සිංඛ්යාව ශිෂ්යාවන් විසිරද්රෙක් ද්ක්වා රම්ත වසර ුළදී

ඉහළ ෙැිංීමට අරේක්ෂිතයි.

 

අනුලා විද්යාලරේ අභිවෘද්ධධිය රවනුරවන් ආදි ශිෂ්යාවන් රලස ලබාදිය හැකි සියලුම සහය

ලබාදීමට එක්සත් රාජධ්ානිරේ ආදි ශිෂ්යා සිංෙමය අොෙතරේ දී ද්රොපැකිලව කටයුු

කරෙ බව එහි වත්මන් සභාපතිනිය රුේනි රසරෙවිරත්ෙ ඉතා සුටින් ද්ැනුම්ත රද්න්නීය. ඇය

පවසන්රන් තවත් වැඩපළිරවළ රැසක් ඉදිරිරය් දී පාසල රවනුරවන් ක්රියාත්මක කරෙ බවයි.

අනුලා විද්යාලයීය ොමය රලාවට රැරෙෙ යාම සිය සිංෙමරේ එකම පැුම බවයි ඇය

පවසන්රන්. එක්සත් රාජධ්ානිරේ රවරසෙ සියළුම ආදි අනුලාවන්ට තම සිංෙමය හා

එක්වන්ෙැයි ඇය ඇුළු නිළධ්ාරි මඩුේල ද්කමිටු සාමාජිකාවන් ද්ඉතා ආද්රරයන් ඉේලා

සිටියි.

 

FB page – Anulians PPA UK

FB account – Anula Ppa

Email – anula.ppa.uk@gmail.com

 

හරහා එක්සත් රාජධ්ානිරේ අනුලා විද්යාලයීය ආදි ශිෂ්යා සිංෙමය සමඟ සම්තබන්ධ්විය

හැකියි.

Home / Archive by category "Life-Style"

25-April-16

“ අයිස්ක්‍රීම් “

 

~ අයිස්ක්රීම් නැති දුදූගේ ලෝකය ~

සහය නිෂ්පාදකයෙක් විලසින් ටෙලිවිෂන් කර්මාන්තය තුළ සිය වෘතීය

ජීවිකාව අරඹා කාලයාගේ ඇවෑමෙන් වැඩසටහන්

නිෂ්පාදකයෙකුවැඩසටහන් අධ්යක්ෂකවරයෙකු, පූරකයෙකුරංගන

ශිල්පියෙකු සහ ටෙලිනාට් අධ්යක්ෂකවරයෙකු විලසින් සිය කලා

කෞශ්ල්යයන් ඔප්නංවාගන්නට සමත් වූ ප්රදීප් ධර්මදාසඉන් නොනැවතී සිනමා

ක්ෂේත්රය තුළට  අවතීර්ණ වූයේ සිනමා රංගන

ශිල්පියෙක් විලසින්  සිය ප්රසාංගිකතවය තවදුරටත් විහිදුවාලන්නට

උත්සුක වෙමින්. “අයිස්ක්රීම්ඔහුගේ සිනමා අධ්යක්ෂණ භූමිකාවේ දොරට

වැඩුමයි.

 

පැල්පත් නිවාස සංකීර්ණයක වෙසෙන, ස්ථීර රැකියාවක් හෝ වෙනත් ස්ථිර

ආධායම් මාර්ගයක් හෝ නොමැති, මවගේ සහ එකම නැගණියගේ සෙනෙහස

පමණක් උපතින් උරුම වූ, කෙදිනක හෝ කවර අයුරකින් හෝ ශ්රී ලාංකේය

සිනමාවේ ජනාකර්ෂණීයම සිනමා තරුව වීමට සිහින දකින, කඩවසම්අව්යාජ

ප්රේමවන්තයෙකු වනදුදූ’ සිය ඇස් මායිමෙන් ඔබ්බෙහි වූ ලෝකය දකින

අයුරු සිනමාපටය පුරාවට චිත්රණය වෙයි

මිනිසුන් උපදින්නේ මියඇදෙන්නේද හිස් අතින් යැයි දාර්ශනික කියමනක් ව්යවහාරයේ තිබුණද මේ

මහපොළවෙ මත පැළවුණු සමාජදේශපාලන යථාර්ථය ඉන් සහමුලින්ම විතැන් වේයැයි

සිනමාපටයේ යටිපෙළ කියවාගන්නට වෙරදරණ සිනමා සංවේදී මෙන්ම සමාජදේශපාලන

සංජානනයෙන් යුතු කවරෙකු හට වුවද වැටහෙනු ඇතැයි සිතමි.

කරුමයෙන් උරුම වූ සෘණාත්මක ආර්ථික, සාමාජයීය, සංස්කෘතික, ආගමික සහ දේශපාලනික පසුබිම

සහජයෙන් උරුම වූ ධණාත්මක ආකල්පයන් අන්තර්ගත වන්නෙකුගේ ඉරණම තීන්දුකිරීම කෙරෙහි

කෙතරම් තීරණාත්මක සාධකයක් වන්නේද යන්න නිර්ධන පාන්තික උද්වේගකර තාරුණයේ

සංකේතය වූ දුදූගේ ලිවිසැරිය තුළින් සිනමාරූපීව පිළිපිඹු කරවීම තිර රචකයා සහ අදියුරුවරයාගේ

මූලික අභිප්රාය වන්නට ඇත.

සිනමාපටය සවිඤානකව කියවාගැනීමේදී උක්ත අයුරේ ගැඹුරු අභ්යන්තරික යටිපෙළක් පිළිබඳව

සංකල්පනාවක නිරත විය හැකි වුවත් සිනමාපටය ඇරඹුමේ පටන් අවසානය තෙක්ම ගලායන්නේ

නිරූපිත ප්රදාන චරිතයන් හට අහඹු ලෙසින් මුහුණපාන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් දාමයන්

නිසාවෙන් ප්රේක්ෂකාගාරය තුළට සියුම් සිනහවක් ජනිත කෙරවෙන නමුදු අදාළ චරිතයන් තුළින්

හාස්යය විද්යාමාන නොකෙරෙන්නට වගබලාගැනීම නිර්මාණකරුවන් විසින් සිනමාපටයේ

හිතාමතාම සංගෘහිත කරවන ලද සුවිශේෂී කාරණාවක් බව ඉතා ඕනෑකමින් පැවසිය යුතුය.

සිනමාපටයේ ප්රදාන රංගන ශිල්පීන් වන හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි සහ සරත් කොතලාවල

යන ප්රතිභා සපිරි රංගන ශිල්පීන් විසින් මිනිස් චිත්ත සංතානය තුළ නිරන්තරයෙන් හටගන්නා වූ

අතිශය සියුම් වූත් සංකීර්ණ වූත් භාවාත්මික ප්රකාශනයන් වඩාත් තාත්වික අයුරින් ගෙනහැරපෑම

 

සිනමාපටය රාමුගත වන ආකයානයන් තුළ ඉහත සඳහන් කරන ලද යටිපෙළ වඩාත් ත්රීව ලෙසින්

සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව් පැහැදිලිව පෙනීයයි.

මීට අමතරව සිනමාපටයේ අතිරේඛ රංගන ශිල්පීන් විසින්ද චිත්රපටය තුළ ඉදිරිපත් කරන්නා

වූ යථාර්ථවාදී රංගනය ප්රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ රංගන ශිල්පීන්යේ භාවාත්මික

ප්රකාශනය සමඟින් මැනවින් අතිච්චාදනය වී ඇති බවද නොවළහා පැවසිය හැක.

 

රංගන ධායකත්වය

හේමාල් රණසිංහ

සරත් කොතලාවල

අයිශරා අතුකෝරල

රුක්මල් නිරෝෂ්

බිමල් ජයකොඩි

චමිලා පීරිස්

දමිතා අබේරත්න

රොෂාන් රණවන

මධුශාන් නානායක්කාර

චින්තක වාස්

වීණා ජයකොඩි

ජයලත් මනෝරත්න

දයා තෙන්නකෝන්

ඩී. බී. ගංගොඩතැන්න

කෝරළගේ සමන්

ආනන්ද කුමාරෞන්නැහේ

අංජන ප්රේමරත්න

රොෂෙල් ඩැනියෙල්

ලයන්ත ප්රැන්සිස්

ශෙනුල්යා දන්තනාරායන (ළමානිළි)

කැමරාකරණයකලා අදයයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන සිනමාපටයක ප්රාදාන

සංරචකයන් අතර පවත්නා මනා පෑහීම ප්රේක්ෂක මනස තුළ උද්වේගකාරී

එල්බගැනීමක් හටගැන්වීමට සමත්වන බැව් නොවළහා කිවයුතුය.

 

සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන

යතක් දාවනය වන මියුරු භාවාත්මික පසුබිම් සංගීතයත් සිනමාපටයේ කථා

තේමාව සමඟින් අපූර්ව ලෙස ඒකාත්මික වීම ප්රේක්ෂකයන් හා සිනමාපටය

අතර හටගන්නා සියුම් සන්නිවේදනය වඩාත් ත්රීව කරන බව ප්රකාශ කිරීමට

කැමැත්තෙමි

 

ගීත රචකයන්, ගීත ගයන්නන් සහ සාංගීත අදයයක්ෂකවරයා අතර ඇති අන්යෝන් අවබෝධය

හා සුසංයෝගය උක්ත කාරණාවට මං සැලසූ බව සිනමාපටය අවදානයයන් රසවින්දනය කරන්නා වූ

කා හට වුවද යෙහෙන් වැටහී යනු ඇති බව සිතමි.

 

සංගීත අධ්යක්ෂණය | කසුන් කල්හාර

ගීත රචනය | මංජුල වෙඩිවර්ධන

ගීත ගායනය | කසුන් කල්හාර, කුෂානි සඳරේඛා, ශේන් සිංග්

නිෂ්පාදන ධූරාවලිය 

නිෂ්පාදනය | කෝකිලා විතානගේ, දුමින්ද පියරත්න

අධ්යක්ෂණය | ප්රදීප් ධර්මදාස

තිර රචනය | කළණ ගුණසේකර

කැමරා අධ්යක්ෂණය | චින්තක සෝමකීර්ති

කලා අධ්යක්ෂණය | රුවන් මලිත් පීරිස්

අංග රචනය | නාරද ධනංජි තොටගමුව

සංස්කරණය | රුක්මල් නිරෝෂ්

සටන් අධ්යක්ෂණය | සමන් ඔසඳ බණ්ඩාර

නර්තන වින්යාසය | අවන්ත ආටිගල

සහය අධ්යක්ෂණය | චාමර සේලාර

ශබ්ද පරිපාලනය | සුනන්ද මෙත්තසිං

වර්ණ සංයෝජනය | දිනිදු ජාගොඩ

නිෂ්පාදන කළමනාකරණය | ජීවම මනරම් කෝදාගොඩ

ශබ්ද සැලසුම්කරණය | තරුපති මුණසිංහ

මාධ්යය සම්බන්ධීකරණය | ඇන්ටන් ජේ. ප්රනාන්දු

"අයිස්ක්රීම්" සිනමාපටය තම කුළුඳුල් සිනමා අධ්යක්ෂණය බවට පත්කොට ගනිමින් පුරා දශකයන්

හතක් ඉක්මවූ හෙලවුඩ් සිනමා වංශකතාවේ අදියුරු භූමිකාවට පිළිපන් ප්රදීප් ධර්මදාස

නම් නිහතමානී සොඳුරු මිනිසා හට හෙලවුඩයේ දීප්තිමත් හෙටක් අපේක්ෂා කරන්නා වූ සුවහසක්

දේශීය හා විදේශීය සිනමාලෝලීන්ගේ මනදොළ පිනවීමටත් ඔවුන්ගේ බුද්දිය අවධි කිරීමටත් මතු

අනාගතයේදීද ඉඩ ප්රස්ථාව උදාවේවායි එක සිතින් පතන්නෙමු.

සැකසුම | හිරාන් ගමගේ

Home / Archive by category "Life-Style"

25-April-15

Q20 with අමා - Ashan Kapugedara

දැනට වසර ගණනාවක් පුරාවට වැඩිම ප්රේක්ෂක පිරිසක් නරඹන රියැලිටි තරගාවලිය ලෙස ඔටුනු පැළදි හිරු ස්ටාර් ගායන තරු තරගය තුලින් ජනතා මනාප සජීවීව ලබමින් අවසන් මහා තරගාවලිය දක්වා ගමන් කල කන්ද උඩරටින් පැමිණ ගීතයෙන් ප්රේක්ෂක හදවත් ස්පර්ශ කල ලයාන්විත හඩ පෞර්ෂයකට හිමිකම් ලැබු අශාන් කපුගෙදර සමග මෙවර අපේ කතා බහ

1. ලගදීම හැබැ කර ගන්න බලාගෙන ඉන්න හීනයක්

ලොකු හීන නෑ. එකින් එක හැබෑ කරගන යන ගමන්

2. ඔබ නිතර අහන ගීත ලැයිස්තුවෙහි ප්‍රියතම ගීතයෙහි හිමිකරු

චන්දන ලියනආරච්චි

3. ගායන ශිල්පියෙකු වීම නිසා ඔබට ලැබුන වටිනාම තෑග්ගක්

ආදරණීය ප්රේක්ෂක පිරිසක්

4. ඔබ ගායන ශිල්පියෙකු නොවුනේ නම් කුමන වෘත්තියක යෙදෙයිද

ව්යාපාරිකයෙක්

5. කලා ක්ශේත්‍රයේ ඔබට මුණ ගැසුනු ප්‍රියතම චරිතයක්

නිරෝශා විරාජිනි මිස්

6. ප්‍රේක්ෂකයන් නොදන්නා ඔබේ සහජ හැකියාවක්

ගායන හැකියාවම තමා ගොඩක් අය දැනගෙන හිටියෙ නැති හැකියාව

7. ජිවිතයේ අමතක නොවනම දවසක්

හිරුස්ටාර් තරගාවලියේ අවසන් මහා තරගයට ටිකට් එක දිනාගත්ත දවස

8. නිවාඩු දවසට ඔබ බොහෝ විට කරන්නේ

යාලුවෝ එක්ක නිදහසේ ගත කරන එක

9. ඔබව වෙනස් කර ගන්න ඔබටම වරමක් ලැබුනොත් වෙනස් කර ගන්නා දෙයක්

මගේ අසනීප තත්වය

10. ඔබ ලග නිතරම තියා ගන්නා දෙයක්

දුරකතනය

11. ඔබ නිතර භාවිතා කරන සමාජ මාධ්‍ය අවකාශය

ෆේස්බුක්

12. යුග ගීතයක් ගායනා කරන්න ඇරයුමක් ලැබුනොත් ඔබ තෝරා ගන්නා ගායිකාව

ශෂිකා නිසංසලා මිස්

13. හිරු ස්ටාර් වේදිකාවේ අමතක නොවන මතකයක්

මගේ යාලුවා සමග එකට තරග කරන්නට වුණු දවස

14. රංගන දායකත්වය ලබා දෙන්නට ඔබට ආරාධනාවක් ලැබුනොත්

ඒකනම් කරන්න ටිකක් විතර අමාරු වෙයි

15. ඔබ අදින්න කැමති විදිය

සරල විදිහට

16. ඔබේ දින චර්යාවෙන් ශරිර සෞඛ්‍යයට වැදගත් යයි නම් කල හැකි දෙයක්

වෙලාවට කෑම කන එක

17. ඔබේ ප්‍රියතම ආහාර වර්ගයක්

පීට්සා

18. ඔබේ විනෝදාංශවලින් එකක්

යූ ටියුබ් වීඩියෝ නැරඹීම

19. අශාන් කපුගෙදරගේ අනාගත බලාපොරොත්තුවක්

ලංකාවේ ජනප්රියම ගායකයා වෙන එක

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක්

හැමෝටම ආදරයෙන් ඉන්න

අමා නාකන්දලගේ

Home / Archive by category "Life-Style"

25-April-14

අතිශයින්ම පිරිමින්ට පමණයි

ස්ත්රීපුරුෂ ජීව විද්යාත්මක වෙනස හා ශරීර රචනාත්මක ව්යුහයේ වෙනස්කම් වලට අනුව කාන්තාවන්ට හා පුරුෂයන්ට වෙන් වෙන් වශයෙන් ආවේණික වූ රෝග තත්ත්වයන් හටගනී.

 

පුරුෂ මෞත් ලිංගික පද්ධතිය ආශ්රිතව ඇතිවන පුරස්ථි ග්රන්ථයෙහි ප්රදාහය හා පුරස්ථි ග්රන්ථිය ආශ්රිතව ඇතිවන පිළිකා තත්ත්ව පිරිමින් අතර පමණක් දක්නට ලැබේ

ටෙස්ටොස්ටෙරෝන් හා ඇන්ඩ්රජන් යන පිරිමින් සඳහා විශේෂිත හෝර්මෝන ශ්රාවය කරන පුරස්ථි ග්රන්ථියෙහි ශරීර ව්යුහාත්මකව හෝ ක්රියාකාරීත්වයෙහි වෙනස්කම් ඇතිවීම හෝ ව්යුහාත්මකව හා ක්රියාකාරීත්වයෙහි යන දෙකෙහිම වෙනස්කම් හටගැනීම නිසා කායිකව මෙන්ම මානසිකව පීඩා ගෙන දෙන රෝග තත්ත්වයක් ලෙස මෙම රෝගය ප්රකට වේ.

 

මුත්රාශයට පහළින් මුත්රා මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටා ඇති ග්රන්ථිමය අවයවය පුරස්ථි ග්රන්ථිය යි. මෙම ග්රන්ථයෙහි ඉදිමීම මුත් වාහිනිය මත පීඩනයක් ඇතිකිරීමත්, ඉදිමුම මගින් වාහිනී විවරය තද කිරීමත් නිසා මෞත් ලිංගික පද්ධතිය ආශ්රිතව විවිධ අපහසුතා ඇතිකරයි.

 

ආයුර්වේද වෛද් විද්යාත්මක සිද්ධාන්ත වලට අනුවසුශ්රැත සංහිතාග්රන්ථයෙහි සඳහන් පරිදි වසර පන්දහසකට පමණ පෙර කාලයේදී පවා මුත් රෝග විශ්ලේෂණාත්මකව විස්තර කර ඇත. අනුව මෙම පුරස්ථි ග්රන්ථිය ආශ්රිත රෝග තත්ත්වය (Prostate enlargement) ආයුර්වේද මූලග්රන්ථයන්හි සඳහන්වාතජ අශ්ඨිලාරෝග තත්ත්වය හා බොහෝදුරට සමපාත කළ හැක

 

මෙම රෝග අවස්ථාවට අනුමත ප්රතිකාර පද්ධතිය ඉහත සඳහන් රෝගී විශයෙහි ඉහළ ප්රතිඵල ලබා දේ. ආයුර්වේද වෛද් විද්යාත්මක ඉගැන්වීම් වලට අනුව සංහිතා ග්රන්ථයන්හි රෝග හේතූන්, පූර්ව රෝග ලක්ෂණ, ප්රධාන රෝග ලක්ෂණ, රෝග සංකූලතා, රෝගය සඳහා ප්රතිකාර හා රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළයුතු පිළිවෙත් විස්තරාත්මකව දක්වා ඇත.

එමනිසා රෝගය පිළිබඳ දැනුවත් වීම රෝගය වළක්වා ගැනීමටත්, ඉක්මන් ප්රතිකාර සඳහා යොමුවීමටත් අතිශය වැදගත් වේ.

 

රෝග හේතු :-

 

  • කාර්යය බහුල ජීවන රටාව
  • අධික ලෙස නිදි වැරීම
  • අහිතකර ආහාර රටාව
  • මත්පැන් හා දුම් පානය
  • කෝපි වැනි උත්තේජකර පාන වර්ග නිතර පානය කිරීම
  • ව්යායාම අඩුවීම
  • ඇතැම් ජානමය හේතු
  • මුත්රා පිටනොකර බොහෝ වේලාවක් දරා සිටීම (මුත් වේග ධාරණය)

 

ඉහත හේතූන් නිසා අපාන වාතයේ හා ශ්ලේෂක කඵ යන දෝෂයන් විකෘති වීමෙන් පසු පිත් දෝෂයේ අනුබන්ධතාවය නිසා රෝගය පහසුවෙන් හටගැනීම සිදුවේ.

 

Prostatitis, benign prostatic hyperplasia (BPH) යන රෝග තත්ත්වයන් මෙන්ම පුරස්ථි ග්රන්ථිය ආශ්රිතව ඇතිවන පිළිකා තත්ත්ව අද සමාජයේ මැදි වයස් ගත පිරිමි පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබේ

 

බටහිර වෛද් විද්යාවට අනුව වයස් ගත වීමත් සමඟම පිරිමින්ගේ ලිංගික හෝර්මෝනයන්හි සිදුවන වෙනස් වීම නිසා ග්රන්ථියෙහි ශරීර රචනාවේ හෝ ක්රියාකාරීත්වයේ සිදුවන වෙනස මෙම රෝගයට ප්රධාන හේතුව ලෙසට සැළකේ.

 

රෝග ලක්ෂණ 

 

නිතර නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය පැවතීම 

හදිසියේ පාලනයකින් තොරව එකවර මුත්රා පිටකිරීමේ අවශ්යතාව ඇතිවීම

මුත්රා පිටකිරීමේදී දුර්වල මුත් ධාරාවක් පැවතීම හෝ මුත් ධාරාව කැඩි කැඩී පිටවීම

මුත්රා පිටකිරීම ආරම්භ කිරීමේදී ඇතිවන අධික අපහසුතාව 

මුත්රා පිටකල පසු නැවත පිටකිරීමේ අවශ්යතාවය ඇතිවීම හා නැවත බිංදු වශයෙන් මුත්රා පිටවීම

රාත්රියට වැඩි වාර ගණනක් මුත්රා පිටකිරීම සඳහා අවදි වීමට සිදුවීම

එදිනෙදා කාර්යයන්හි නිරතවීමට පවා බාධා වන අයුරින් නිතර නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය පැවතීම

මුත් වේගය දරා සිටීමේ නොහැකියාව

ලිංගික ජීවිතය අඩාල වීම

මුත් මාර්ගය ආශ්රිතව දැවිල්ල හා වේදනාව

බඩ පුරවා දැමීම

මුත්රාශය තුළ රැස්ව පවතින මුත්රා සම්පූර්ණයෙන් පිටනොවීම හේතුවෙන් යම්කිසි මුත්රා ප්රමාණයක් නිතරම මුත්රාශයේ ඉතිරිව රැඳී පැවතීම හේතුවෙන් පසුකාලීනව මුත්රා ආසාදන ඇතිවීම

 

පුරස්ථි ග්රන්ථිය ආශ්රිත මෙම රෝග තත්ත්වයෙහි රෝග ලක්ෂණ බොහෝ විට හටගනු ලබන්නේ වයස අවුරුදු 40-45 පමණ ඉක්මවූ පිරිමින් හට වුවද ඇතැම් රෝගීන්ට රෝග ලක්ෂණ පහළ නොවන අවස්ථාවන් දක්නට ලැබේ

එවැනි අවස්ථා වලදී, බොහෝවිට වෙනත් රෝගයකට සිදු කරන ලද වෛකෘත පරීක්ෂණ වාර්තා වලට පසුව මෙම රෝග තත්ත්වය හඳුනා ගන්නා අවස්ථාවන් දක්නට ලැබේ

ඇතැම් රෝගීන්ට ඉහත සඳහන් රෝග ලක්ෂණ කිහිපයක් හෝ සියල්ලම එකවිට දක්නට ලැබෙන අවස්ථාවන්ද බහුලව පවතී. තවද, මුලදී සුළු රෝග ලක්ෂණ පෙන්වමින් පැවතියද, දීර්ඝ කාලයක් ප්රතිකාර නොගෙන සිටීම හේතුවෙන් බරපතල රෝගී තත්ත්වයක් ලෙස වර්ධනය වීමේ හැකියාව පවතින රෝග අවස්ථාවකි.

ආයුර්වේද ප්රතිකාරයේදී මුත්රා පිටකිරීම පහසු කිරීමත්, පුරස්ථි ග්රන්ථියෙහි ඉදිමුම් තත්ත්වය අඩු කිරීම හා නීරෝගී බව නැවත ලබා දීමත් සිදුකෙරේ.

 

සඳහා රෝග හේතු සාධක බැහැර කිරීමත්, හිතකර ආහාර, විහරණ වලට යොමුවීමත්, ශාරීරික හා මානසික දෝෂ ප්රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමත් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ

රෝග තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා මුත් පරීක්ෂණ, රුධිර පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණ භාවිතා කරන අතර පිළිකා රෝගයක් නොවන බවට තහවුරු කරගැනීමට Prostate specific antigen test (PSA), biopsy, cystoscopy, MRI පරීක්ෂණ පවා වෛද් වරු විසින් රෝගීන් වෙත නිර්දේශ කරනු ලැබේ.

 

රෝගය හට ගැනීමේ ප්රවණතාව සහිත පුද්ගලයන් ලෙස සක්රීයව ඇඟ වෙහෙසෙන රැකියාවල නොයෙදෙන්නන්, තරබාරු පුරුෂයන්, තීන්ත වර්ග ආශ්රිත රසායනික කර්මාන්ත ශාලාවල රැකියාවේ යෙදෙන්නන්, සමාජ රෝග පවතින පුද්ගලයන්, අවුරුදු 40-45 ඉක්මවූ පිරිමි පුද්ගලයන් හැඳින්විය හැකිය.

 

ආයුර්වේද වෛද් චිකිත්සාවේදී බාහිර හා අභ්යන්තර චිකිත්සා ක්රම අනුගමනය කර ප්රතිකාර කරනු ලැබේ.

අභ්යන්තර ප්රතිකාරයේදී සුවිශේෂී කෂාය වර්ග, ගුලි, කල්ක, චූර්ණ ලබාදීමත්, බාහිර ප්රතිකාර ලෙස ස්වේද ප්රතිකාර සිදු කිරීමත්, පංචකර්ම ප්රතිකාර ලෙස ඖෂධීය තෙල් මඟින් වස්ති ප්රතිකාර හා ශිරෝධාරා ප්රතිකාර කිරීමත් පුරස්ථි ග්රන්ථිය ආශ්රිත රෝග තත්ත්වයන් සඳහා සාර්ථක ප්රතිඵල ලබා දේ.

 

හීන් නෙරෙංචි, කොබෝනීල වැනි ශාකමය ඖෂධ තම්බා පානය කිරීමත් අශ්වගන්ධ, චන්ද්රප්රභා, කාංචනාර ගිග්ගුලු වැනි ආයුර්වේද ඖෂධ, වෛද් නිර්දේශ මත ලබා ගැනීමත් සිදුකළ හැක.

 

හිතකර පුරුදු – 

කෙඳි සහිත එළවළු හා පලතුරු ආහාරයට වැඩි වශයෙන් එක් කර ගැනීම

දේශීය ධාන් වර්ග ආහාරයට ගැනීම 

ඇවිදීම, පිහිනීම වැනි ව්යායාමයන්හි නිරත වීම

යෝගා අභ්යාස, භාවනා ක්රම සඳහා යොමු වීම 

කාලය කළමණාකරණය නිසිලෙස සිදු කර ගනිමින් මානසික ආතතිය හැකිතාක් අවම කර ගැනීම 

ජලය පානය කිරීම ප්රමාණවත් තරම් සිදු කිරීම

 

පුද්ගල ප්රකෘතිය හා දෝෂ විෂමතාව සලකා බලා ආයුර්වේද සිද්ධාන්ත මත පදනම්ව සිදු කරන චිකිත්සා පද්ධතියක් මඟින් පුරස්ථි ග්රන්ථිය ආශ්රිත ඉදිමීම හා මුත් ව්යුහාව ආශ්රිත රෝග තත්ත්වය සඳහා සාර්ථක ප්රතිකාර ආයුර්වේද වෛද් විද්යාව සතුවන බැවින් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවරයෙක් වෙතගොස් ප්රතිකාර ලබා ගැනීමෙන් රෝගය පහසුවෙන් සුව කරගැනීමේ හැකියාව පවතී.

 

ආයුර්වේද වෛද් නාලිකා හංසිනී ජයතිලක 

BAMS -Colombo (SL)

Home / Archive by category "Life-Style"

25-April-13

හරිත බක්මහා උළෙල

ප්රථම වතාවට Travel මේනියා සංසදය සමගින් ශ්රි ලාංකීය සංචාරක හදවත් එකමුතුවෙන් සංවිධානය කරනු ලැබු හරිත බක් මහ උළෙලට ඔන්න අපි Magazine එකත් එක්ක මටත් සහාබාගි වෙන්න අවස්ථාව ලැබුණා… 
ඉතිං මෙි අවස්ථාව මට ලැබුනේ මාස කීපයකට කලින් ට්රැවල් මෙිනියා සංසදයේ නිර්මාතෘවරයා වන කසුන් වාද්දුවගේ මල්ලිගේ ආරාධනාවත් එක්ක..

සංචාරක හදවත් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබු හරිත බක්මහ උළෙල 2025 අප්රේල් මස 06 වන දින හොරණ පොකුණුවිට ජනසෙත ක්රීඩාංගනයේදී පැවත්වුවෙි කොළපාට හදවත් බොහොමයකගේ සිත් සතුටු කරමින්විවිද ජන ක්රිඩා වගේම විවිදවු විචිත් අංගයන්ගෙන් සමන්විතවු මෙි බක්මහා උළෙල සංවිදානය කරන්න සංවිදායක මන්ඩලේ සියල්ලන්ම තමන්ගේ කාලය ශ්රමය වැය කලේ ඉතාමත් සතුටින්මෙි මොහොතේ මමත් ස්තුති වන්ත වෙනවා සංවිදායක මන්ඩලයේ සමාජික සමාජිකාවන් සියළු දෙනාට මට දැක්වු සුහදතාවයට… 
වගේම අපි Magazine අපි ආශිර්වාද කරනවා ලබන වසරේත් ඔවුන්ට මෙි සුන්දර කර්තව්යය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා හදවතින්ම

අපි Magazine වෙනුවෙන් මම නිසංසලා රණසිංහ  

Home / Archive by category "Life-Style"

25-April-10

සුදු වෙන ආලේපන ඉතාමත්ම අනතුරුදායකයි.

සුදු වෙන ආලේපන ඉතාමත්ම අනතුරුදායකයි.

The dangers of skin lightening products

Skin whitening එහෙමත් නැත්නම් හම සුදු කිරීම අද ගැහැනු, පිරිමි භේදයකින් තොරව ඇබ්බැහි වී ඇති ඉතාමත්ම භයානක ක්රියාවලියක්. විවිධ මාද් තුලින් කරන අසත් දිරිගැන්වීම් තුලින් අපි අපේම ඡීවිත ඉක්මනින්ම විනාශ කරගැනීමට පෙලබවීමක් මේ තුලින් සිදු වෙන බව රහසක් නෙමෙයි.
මෙම ආලේපන වල අඩංගු රසායනික කාරයන්,
MERCURY
HYDROQUINONE
STEROIDS
මෙම රසායනිකයන් ශරීරයට ඉතාමත්ම අහිකර වගේම අධිමාත්රා වලිනි භාවිතා කිරීමෙන් මරනය පවා ලගාවීමේ සම්භාවිතය වැඩි බව ඹබ දන්නවාද?
MERCURY සහ HYDROQUINONE මෙම ආලේපන තුල අඩංගු බව නිෂ්පාදකයන් ප්රකාශ කිරීමෙන් වැලකී සිටීම ඹවුන් පාරිභෝගිකයන් මුලා කිරීමට යොදාගන්නා උපෙව්ගක්, නමුත් ඹබ භාවිතයට ගන්නා සියලුම සම සුදු කිරීමේ ආලේපන තුල මෙම විශ සහිත රසායනයන් අඩංගුයි.
mercury or hydroquinone is not declared on the product label. There have been cases in which people exposed to such products have had mercury poisoning or elevated levels of mercury in their bodies. Additionally, FDA has received reports of serious side effects including skin rashes, facial swelling, and ochronosis (discoloration of skin) from the use of skin lightening products containing hydroquinone.
Whitening creams can cause various side effects, including skin irritation, itching, acne, and in some cases, more serious issues like skin thinning, increased risk of skin cancer, and even mercury poisoning if containing mercury .
විශේෂයෙන්ම දේශීය වශයෙන් කිසිම ප්රමිතිකරණයකට යටත් නොවී ලංකාව තුල නිපදවෙන මෙම ආලේපන වෙලදපොලට යොමු කිරීමට පෙර සුදුසු ලෙස පරීක්ෂණයට යෙමු කිරීමට බලදරයන්ගේ සම්පුර්ණ වගකීම විය යුතුමයි.

 

Dilanthi liyanarachchi
Aesthetic practitioner

Serenity body clinic

Home / Archive by category "Life-Style"

25-April-09

දරුවන් හදන එක පස්සට දාන එංගලන්තයේ අම්මලා

දරුවන් හදන එක පස්සට දාන එංගලන්තයේ අම්මලා.

එක්සත් රාජධානියේ ජාතික සංඛ්යාලේන කාර්ය්යාලයේ දත්ත වලට අනුව එංගලන්තයේ සහ වේල්ස් හී කාන්තාවන් දරුවන් ලැබීම දිගින් දිගටම ප්රමාද කරන බව සොයාගෙන තිබේ. එම හේතුවෙන්ම පෙර පරම්පරාවල් වලට වඩා කුඩා පවුල් වලට ඔවුන් හිමිකම් කියන බවයි එම දත්ත වාර්ථා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සංඛ්යාලේන කාර්ය්යාලයේ පෙරයීම් අනුව 2025 වසරේදී 18 විය සපුරණ තරුණියකට වයස 35 වන විට ඇයට එක දරුවෙකු පමණක් සිටීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ඔවුන් ප්රකාශ කරයි. නමුත් එම කාන්තාවන්ගේ මව්වරුන්ගේ පරම්පරාවේ සාමාන්යක් ලෙස ගත්කල කාන්තාවකට වයස 31 ක් වන විට එක දරුවෙකු සිට ඇත.

එංගලන්තයේ සහ වේල්ස් හී තරුණ පරම්පරාවේ කාන්තාවන් දරුවන් හැදීම පිළිබදව තවදුරටත් විස්තර කරන සංඛ්යාලේඛන කාර්ය්යාලය වර්ථමාන පරම්පරාවේ කාන්තාවන්ට සිය ජීවිත කාලය තුල දරුවන් 1.52 ක් ක් සිටිනු අඅති බව ප්රකාශ කරයි. එහෙත් ඔවුන්ගේ මව්වරුන්ගේ පරම්පරාවේ කාන්තාවන්ට සාමාන්යයක් ලෙස දරුවන් 1.95 ක් සිටි බවත් ඔවුන්ගේ ආත්තම්මලාගේ පරම්පරාවේ කාන්තාවන්ට දරුවන් 2.04 සිටි බවත් සදහන් කරයි.

මෙම සමීක්ෂණය සදහා පරම්පරා තුනක දත්ත යොදාගෙන ඇති අතර 1978 වසරේ උපන් කාන්තාවන්, 1951 වසරේ උපන් කාන්තාවන් සහ 2007 වසරේ උපන් එනම් 2025 වසරේදී වයස 18 සපිරෙන තරුණියන් යොදාගෙන ඇත. අනුව මෙරට කාන්තාවන් දිගින් දිගටම දරුවන් හැදීම කල් දමන බවත් පෙර පරම්පරා දෙකේදී පිළිවෙලින් වයස 26 වන විට එක් දරුවෙකුත් , වයස 31 දී එක දරුවෙකුත් සිට ඇත. එම පුරෝකථනයන්ම සදහන් කරන ආකාරයට 2025 වසරේ උපත ලබන කාන්තාවකට ප්රථම දරුවා ලැබීම වයස 36 දක්වා පසුපසට යනු ඇති.

 

 තිලාන් ජයසේකර 

Home / Archive by category "Life-Style"

25-April-08

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණය පිළිබඳ නීතිය ප්‍රමාණවත් තරම් ශක්තිමත්ද

ශ්රී ලංකාවේ ස්ත්රී දූෂණය පිළිබඳ නීතිය ප්රමාණවත් තරම් ශක්තිමත්ද?

 

මෙම දිනවල ලංකාවේ වැඩි වශයෙන් කතාවෙන මාතෘකාවක් ලෙස මෙය දැක්විය හැකිය. ස්ත්රී දූෂණය යනු ශ්රී ලංකාවේ සිදුවන බරපතලම අපරාධවලින් එකක් වන අතර එය බොහෝ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ජීවිතවලට බලපායි. නීතියෙන් වැරදිකරුවන්ට දඬුවම් ලබා දී ඇත, නමුත් බොහෝ අය තවමත් ප්රශ්න කරන්නේ නීති පද්ධතිය වින්දිතයින් ආරක්ෂා කිරීමට සහ යුක්තිය ඉටු කිරීමට තරම් ශක්තිමත්ද යන්නයි. ශ්රී ලංකාවේ ස්ත්රී දූෂණය සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය විධිවිධාන තිබුණද, ක්රියාත්මක කිරීමේදී සැලකිය යුතු අභියෝග, යුක්තියේ ප්රමාදයන් සහ බොහෝ වින්දිතයින්ට නිසි ආරක්ෂාවක් නොමැතිව ඉතිරි කරන හිඩැස් තිබේ.

 

ශ්රී ලංකාවේ, දණ්ඩ නීති සංග්රහයේ 363 වගන්තිය යටතේ ස්ත්රී දූෂණය අර්ථ දක්වා ඇත්තේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගය ලෙස හෝ බලහත්කාරයෙන්, තර්ජනය කිරීමෙන් හෝ රැවටීමෙන් කැමැත්ත ලබා ගැනීම ලෙස . වින්දිතයා වයස අවුරුදු 16 අඩු නම්, එය ව්යවස්ථාපිත ස්ත්රී දූෂණයක් (Statutory Rape) ලෙස සලකනු ලැබේ, එනම් ගැහැණු ළමයා එකඟ වුවද, එම ක්රියාව තවමත් නීති විරෝධී . ස්ත්රී දූෂණය සඳහා දඬුවමට අවම වශයෙන් අවුරුදු 7 සිර දඬුවමක් සහ උපරිම වශයෙන් අවුරුදු 20 සිර දඬුවමක් සහ වින්දිතයාට දඩයක් හෝ වන්දි ගෙවීමක් ඇතුළත් වේ. කෙසේ වෙතත්, බොහෝ නීති විශේෂඥයින් සහ ක්රියාකාරීන් විශ්වාස කරන්නේ මෙම දඬුවම් සෑම විටම වැරදිකරුවන් වැළැක්වීමට හෝ දිවි ගලවා ගත් අයට යුක්තිය සහතික කිරීමට ප්රමාණවත් නොවන බවයි.

 

මෙම නීති පැවතුනද, යුක්තිය පතා යාමේදී වින්දිතයින් බොහෝ බාධක වලට මුහුණ දෙයි. විශාලතම ගැටළුවක් වන්නේ නීතිමය ක්රියාමාර්ග ප්රමාද වීමයි. අධිකරණ නඩු අවසන් වීමට වසර ගණනාවක් ගත විය හැකි අතර, එමඟින් වින්දිතයින්ට නැවත නැවතත් ඔවුන්ගේ කම්පනය අත්විඳීමට සිදුවන දැඩි දුක් වේදනා ඇති වේ. තවත් ගැටළුවක් වන්නේ දුර්වල පරීක්ෂණ වන අතර, එහිදී තීරණාත්මක සාක්ෂි නිසි ලෙස රැස් නොකිරීම නිසා අධිකරණයේ දුර්වල නඩු විභාගවලට මග පාදයි. බොහෝ වින්දිතයින් තම පවුල්වලින් හෝ ප්රජාවන්ගෙන් ලැබෙන සමාජ අපකීර්තියට සහ පීඩනයට බිය වන අතර එමඟින් අපරාධය වාර්තා කිරීමෙන් ඔවුන් අධෛර්යමත් වේ. ඊට අමතරව, ශ්රී ලංකාවේ විවාහ දූෂණය හඳුනාගෙන නොමැත, එනම් ස්වාමිපුරුෂයෙකුට තම බිරිඳට වයස අවුරුදු 12 අඩු නම් මිස කිසිදු නීතිමය ප්රතිවිපාකයකින් තොරව තමා මතට බල කළ හැකිය. මෙම නීතිමය හිඩැස බොහෝ කාන්තාවන් විවාහය තුළ ලිංගික හිංසනයෙන් අනාරක්ෂිත කරයි.

තවත් ප්රධාන කරුණක් වන්නේ වරදකරුවන් බවට පත් කිරීමේ අනුපාතය අඩු වීමයි. නඩු උසාවියට ගියත්, සාක්ෂි නොමැතිකම, නීතිමය හිඩැස් හෝ සමාජ බලපෑම හේතුවෙන් බොහෝ දූෂකයින් දඬුවම් වලින් බේරී සිටිති. දිවි ගලවා ගත් අය බොහෝ විට ද්විතීයික වින්දිතයින්ට මුහුණ දෙන අතර, එහිදී නීතිමය කටයුතු අතරතුර ඔවුන්ට දොස් පැවරීම හෝ අසාධාරණ ලෙස සැලකීම සිදු වේ. මෙය බොහෝ දෙනෙකු යුක්තිය සෙවීමෙන් අධෛර්යමත් කරන අතර, අපරාධකරුවන්ට බියෙන් තොරව ඔවුන්ගේ අපරාධ දිගටම කරගෙන යාමට ඉඩ සලසයි. උපදේශනය සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වැනි වින්දිත සහාය සේවා නොමැතිකම පද්ධතිය තවදුරටත් දුර්වල කරන අතර, දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීම දුෂ්කර කරයි.

 

ශ්රී ලංකාවේ දූෂණයට එරෙහිව නීති තිබුණත්, ඒවා ශක්තිමත් කළ යුතු බව බොහෝ දෙනා විශ්වාස කරති. විවාහක දූෂණය අපරාධයක් ලෙස හඳුනා ගැනීම, විවාහක කාන්තාවන් ලිංගික හිංසනයෙන් ආරක්ෂා වන බව සහතික කිරීම එක් වැදගත් ප්රතිසංස්කරණයකි. ස්ත්රී දූෂණ නඩු සඳහා විශේෂ කඩිනම් අධිකරණ හඳුන්වා දීමෙන් අධිකරණ නඩු වේගවත් කිරීම වින්දිතයින්ට ඉක්මනින් යුක්තිය ලබා ගැනීමට උපකාරී වේ. ආරක්ෂිත නවාතැන්, මනෝවිද්යාත්මක උපදේශනය සහ නීති ආධාර ඇතුළුව වඩා හොඳ වින්දිත ආරක්ෂාව, දිවි ගලවා ගත් තවත් බොහෝ දෙනෙකු ඉදිරියට පැමිණීමට දිරිගන්වනු ඇත. අවම දඬුවම වැඩි කිරීම වැනි වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබා දීම, ස්ත්රී දූෂණයට එරෙහිව ශක්තිමත් වැළැක්වීමක් ලෙස ක්රියා කළ හැකිය.

ස්ත්රී දූෂණය යනු ජීවිත විනාශ කරන බරපතල අපරාධයක් වන අතර, ශ්රී ලංකාවේ නීති පද්ධතිය වින්දිතයින් ආරක්ෂා කිරීමට සහ යුක්තිය සහතික කිරීමට වැඩි යමක් කළ යුතුය. නීතිය දඬුවම් ලබා දෙන අතර, ප්රමාදයන්, අපකීර්තිය සහ නීතිමය හිඩැස් එහි කාර්යක්ෂමතාව දුර්වල කරයි. ස්ත්රී දූෂණ නීති ශක්තිමත් කිරීම, නීතිමය ක්රියා පටිපාටි වැඩිදියුණු කිරීම සහ වින්දිතයින් සඳහා වඩා හොඳ සහයෝගයක් ලබා දීම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ආරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. සැබෑ වෙනසකට නීති ප්රතිසංස්කරණ පමණක් නොව, වින්දිතයින්ට සවන් දීම, ආරක්ෂා කිරීම සහ ඔවුන්ට ලැබිය යුතු යුක්තිය ලබා දීම සහතික කිරීම සඳහා සමාජ ආකල්පවල වෙනසක් අවශ් වේ.

 

පවිත්රා රණතුංග

Home / Archive by category "Life-Style"