2026-01-08

මාස 6කට කලින් Remortgage process එක පටන් ගත යුතු ඇයි?

Smart Homeowners’ Smart Move
බොහෝ homeownersලා තමන්ගේ mortgage
deal එක අවසන් වෙන්නේ කවදද කියලා සැලකිල්ලට ගන්නේ අන්තිම මොහොතේ.
 ඒ වෙලාවේ remortgage කරන්න ගියාම, බොහෝ විට සිදුවෙන්නේ Standard
Variable Rate (SVR) එකකට මාරු වීම. SVR කියන්නේ, ඔබ කලින් ගෙවපු fixed
rate එකට වඩා ඉහළ interest rate එකක් , ඒ කියන්නේ unnecessary, වැඩි monthly
payments.
මේ situation එක avoid කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි,
 ඔබගේ වත්මන් fixed-rate mortgage
deal එක අවසන් වීමට මාස 6කට කලින් remortgage planning ආරම්භ කිරීම.
අනාගතය අපිට පෙර දැනගන්න බැරි වුණත්, ඒකට සූදානම් වෙන්න නම් අපිට පුළු
වන් මාස 6කට කලින් remortgage ගැන හිතන්න පටන් ගත්තොත්,
rate ඉහළ යාමෙන් ඔබව ආරක්ෂා කරගන්නත්, තීරණ නිසි ලෙස සහ සන්සුන්ව
ගන්නත් හැකියාව ලැබෙනවා.

ඇයි මාස 6කට කලින් remortgage ආරම්භ කිරීම වැදගත් වෙන්නේ?
අන්තිම මොහොතේ remortgage කිරීමේදී බොහෝ දෙනා කලබල තීරණ ගන්නවා.
Rate ඉහළ ගිය වෙලාවක deal එකකට එකඟ වීමට සිදුවීම, හොඳ අවස්ථා මඟහැ
රීම, හෝ තාවකාලිකව SVR එකට මාරු වී අවශ්‍ය නොවන වැඩි ගෙවීම් කිරීම වැ
නි ගැටලු මෙතැනදී ඇතිවෙන්න පුළුවන්.
ඒ වෙනුවට, මාස 6කට කලින් කටයුතු ආරම්භ කළොත්,
rate එකක් කලින්ම තෝරා secure/lock කරගන්න පුළුවන්. එමඟින් අනාගතයේදී ra
te එක ඉහළ ගියත් ඔබට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම, lender නීති, ගාස්තු,
valuation අවශ්‍යතා වැනි දේවල් හොඳින් සලකා බැලීමටත්, අවශ්‍ය ලේඛන සකස්
කරගැනීමටත් ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.
කෙටියෙන් කියනවා නම්,
remortgage එක කලබලෙන් ගන්න තීරණයක් නොව, හොඳින් සැලසුම් කළ මූල්‍ය
තීරණයක් බවට පත්වෙනවා.

Remortgage process එක smart විදිහට කරන්නේ කොහොමද?
STEP 1: Deal end date එක confirm කරන්න

 ඔබගේ current fixed-rate deal එක අවසන් වන දිනය check කරන්න
 එයට මාස 6කට කලින් planning window එක start කරන්න
 Calendar reminder එකක් set කරගන්න
 මේක real-life game changer එකක්

STEP 2: Early Repayment Charge (ERC) තියෙනවද කියලා බලන්න

Deal එක ඉවර වෙන්න කලින් completion කළොත් ERC ගෙවන්න වෙයිද che
ck කරන්න
 බොහෝ cases වල, deal end date එකට ලං වෙද්දී ERC reduce /
zero වෙනවා
 ඒ නිසා completion timing එක smartly plan කිරීම ඉතා වැදගත්

STEP 3: Product transfer vs New lender – දෙකම compare කරන්න
Product transfer (same lender):
 Process එක relatively easy
 Legal work අඩුයි (හෝ නැතිවෙන්න පුළුවන්)
 හැබැයි rates & benefits limited වෙන්න පුළුවන්
Remortgage to a new lender:
 More competitive rates available වෙන්න පුළුවන්
 Cashback, free legals වගේ added benefits තිබෙන්න පුළුවන්
 Application, valuation, legal process ටිකක් longer වෙන්න පුළුවන්
Bottom line:
 “පහසු” option එක නෙවෙයි, “ඔබට වාසිදායක” option එක තමයි හොඳම එක.

STEP 4: Rate එක විතරක් බලන්න එපා – Total cost බලන්න
Deal compare කරන වෙලාවේ consider කරන්න:
 Arrangement / product fees

 Valuation fee (or lender-paid valuation)
 Legal / admin fees
 Overpayment allowance (future extra payments easy ද?)
 Mortgage portability (future home
move එකකදී mortgage එක transfer කරන්න පුළුවන්ද?)
 Tip:
Low rate එකක් තිබුණත් fees වැඩි නම්, overall
cost එකෙන් බැලුවාම ඒ deal එක best option එක නොවෙන්න පුළුවන්.

STEP 5: Documents කලින්ම ready කරගන්න
Smooth remortgage එකක් සඳහා:
 Income proof (payslips / accounts)
 Bank statements
 ID & address proof
 Current mortgage statement
 Existing loans / credit cards details
Documents කලින්ම ready නම්:
 Delays අඩු වෙයි
 Decision faster එන්න chance එක වැඩි

STEP 6: Offer ලැබුණම rate එක secure වෙනවා
Mortgage offer එක approve වුණාම:
 ඔබ select කරපු deal එක officially confirm වෙනවා
 Completion date එක deal end date එකට close කරලා plan කරන්න පුළුවන්
 Market rates ඉහළ ගියත්, ඔබේ rate එක lock වෙලා තියෙන්න පුළුවන්
(lender terms අනුව)

STEP 7: Completion timing smartly plan කරලා SVR risk එක avoid කරන්න

 Deal end date එකට හෝ ඒකට ඉතා ආසන්න දිනයක completion
plan කරන්න
 Legal / valuation delays handle කරන්න buffer time එකක් තබාගන්න

“Deal එක ඉවර වෙලා SVR එකට වැටුණා” කියන situation එක avoid කරන්

අවසානයට මතක තබාගන්න
Rate එක සුරක්ෂිත කරගත්ත පසුව, market
rate අඩු වුණොත්, බොහෝ lenderලා අඩු rate එකකට මාරු වීමට අවස්ථාව ලබාදෙ
නවා. එවැනි අවස්ථාවල, ඔබට වඩාත් වාසිදායක විකල්පය නැවත සලකා බැලිය
හැකියි.
ඒ වගේම, Mortgage offer එක apply කරන වෙලාවේ financial
position එක consider කරන නිසා, පසුව රැකියාව වෙනස් වීම, ආදායම අඩුවීම, හෝ
 අලුත් ණය ගැනීම් සිදුවුණොත්, නැවත ඇගයීමක් සිදු විය හැකි බවත් මතක තබා
ගන්න.

ඒ නිසා mortgage adviser කෙනෙකුගේ guidance එක ඉතාම වැදගත්.
Adviser කෙනෙක්:
 එක lender කෙනෙකුට  සීමා නොවී,
market එකේ competitive rates සහ විවිධ lenders ලා පිළිබඳ practical
guidance ලබා දෙනවා.
 Competitive rates, cashback deals, free legals වගේ benefits identify කරනවා
 Documents, valuation, legal process manage කරලා remortgage
journey එක smooth කරනවා
 Unnecessary stress, errors, panic decisions වලින් ඔබව protect කරනවා

 අදම mortgage
adviser කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා, මාස 6කට කලින් ඔබේ remortgage
plan එක සකස් කරගන්න.

ඔබේ mortgage journey එකේ next smart
step එක ගැන අදම සිතන්න, ක්‍රියාත්මක වෙන්න, සහ financial confidence එක ලබාගන්න.

2026-01-07

දකින දේ විශ්වාස නොකරන 2026: තාක්ෂණයේ මායාවට අසු නොවී ඉන්නේ කොහොමද?

අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් බලාපොරොත්තු ගොන්නක්. අපි හැමෝම මේ
දවස්වල ඉන්නේ 2025 ට
සමුදීලා 2026 පිළිගන්න ලොකු උද්යෝගයකින්. හැබැයි අපි භෞතිකව අලුත්
අවුරුද්දට යද්දී, අපි ජීවත් වන
"ඩිජිටල් ලෝකය" ඊට වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. අපි
2026 ට ගෙනියන්න ඕන වැදගත්ම
දේ "අලුත් කැලැන්ඩරයක්" විතරක්ම නෙවෙයි,අපට අත්‍යවශ්‍යම දේ
තමයි "අලුත් විදියට හිතන ඔළුවක්".
අපි නිතරම වගේ "ඇහින් දැක්කොත් විශ්වාස කරනවා" කියලා
කියනවනේ නේද? ඒත් 2026 වෙද්දී ඒ කියමන
වලංගු නෑ.මොකද කෘත්‍රිම බුද්ධිය (AI) කොච්චර දියුණුද කියනවා නම්, දැන්
කෙනෙක්ගේ රූපයක්,
කටහඬක් විතරක් නෙවෙයි වීඩියෝවක් වුනත් තත්පර ගණනකින් ව්‍යාජව
නිර්මාණය කරන්න පුළුවන්.

ඡායාරූපකරණය කියන්නේ "ඇත්ත ඒ විදියටම සටහන් කරගැනීම"
වුනාට, අද වෙද්දී තාක්ෂණයට පුළුවන්
"නැති ඇත්තක් මවලා පෙන්නන්න". ඉතින් අලුත් අවුරුද්දෙත් ගිය
අවුරුද්දේ වගේ සමාජ ප්‍රශ්න,මඩ
ගැසීම්,ව්‍යාජ තොරතුරු බොහෝමයක් AI තාක්ෂණය භාවිතා කරලා සමාජ
මාධ්‍යයේ ජනප්‍රිය වෙන්න
පුළුවන්.ඉතින් මෙන්න මේ නිසා අපි හැමෝටම අභියෝග රැසකට මුහුණ දෙන්න
සිදු වේවි. ඇත්ත මොකක්ද
බොරුව මොකක්ද කියලා තෝරාගන්න බැරි තරමටම මේ නිර්මාණ තාත්වික වේවි.
පසුගිය දිනවල ශ්‍රි ලාංකික අපට ජීවිත කාලය පුරාවටම අමතක කළ නොහැකි
අඳුරු මතක රාශියක්

"දිට්වා" කුණාටුව අපට ලබා දුන්නනේ. ඒ දිනවල ස්වභාවික විපතකට
වඩා වේගයෙන් "වැරදි තොරතුරු"
සමාජ මාධ්‍ය පුරා පැතිරුණා. මිනිස්සු කලබල වුනා. හදිසි අවස්ථාවකදී, එක වැරදි
Share කිරීමක් නිසා
කොයි තරම් ලොකු හානියක් වෙන්න පුළුවන්ද කියලා එදා අපි අත්වින්දා. ඒ සිදුවීම
අපිට කියා දෙන ලොකුම
පාඩම තමයි, "Emotion" (හැඟීම්) වලට වඩා "Logic"
(තර්කනය) විශ්වාස කරන්න කියන එක.

මාධ්‍ය භාවිතා කරන අපි ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි, "මම
දැනගෙන හිටියේ නෑ ඒක බොරු
කියලා" කියන එක නීතිය ඉදිරියේ නිදහසට කරුණක් නොවෙන බව. ශ්‍රී
ලංකාවේ පවතින නීති රාමුව
ඇතුළේ (Online Safety Act ආදිය හරහා), අසත්‍ය තොරතුරු පැතිරවීම බරපතල
වරදක්.

විශේෂයෙන්ම , කෙනෙක්ගේ ඡායාරූපයක් අනවසරයෙන් , AI හරහා වෙනස්
කරලා සමාජ මාධ්‍යට මුදා
හැරීම සිවිල් සහ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඔබ
විනෝදයට කරන දෙයක් නිසා
ඔබේ අනාගතයම අඳුරු වෙන්න පුළුවන්. ඒ නිසා කැමරාව සහ කීබෝඩ් එක
පාවිච්චි කරන්න ඕන හරිම
පරිස්සමින්.

2026 කියන්නේ තාක්ෂණය අපිට අභියෝග කරන අවුරුද්දක්. ස්මාර්ට් ෆෝන් එක
අතේ තිබුනට මදි, ඒක
පාවිච්චි කරන කෙනා "ස්මාර්ට්" වෙන්න ඕන.ඉතින් මේ නිසාම,
 සැක කරන්න පුරුදු වෙන්න: ඕනෑම පුවතක්, ඡායාරූපයක් Share කරන්න කලින්
"මේක ඇත්තද?"
කියලා දෙපාරක් හිතන්න.

 මූලාශ්‍ර හොයන්න: විශ්වාසවන්ත මාධ්‍ය ආයතනයකින් ඒක තහවුරු
කරගන්න.
 තාක්ෂණය ගැන දැනගන්න: AI රූපයක් හඳුනාගන්න පුළුවන් උපක්‍රම (විකෘති
වූ අකුරු,
අස්වාභාවික පසුබිම්) ගැන ඉගෙන ගන්න.

තාක්ෂණය කියන්නේ නරක දෙයක් නෙවෙයි. නරක දේ වෙන්නේ, ඒක පාලනයකින්
තොරව භාවිතා කරන
එකයි. ඒ නිසා, 2026 අවුරුද්දේ, තාක්ෂණයේ වහලෙක් නොවී, තාක්ෂණය හරි
විදිහට පාලනය කරන්න
ඉගෙන ගමු.

1.ඔබ "වගකීම් සහගත ඩිජිටල් පුරවැසියෙක්" ද?
2.අනෙකාගේ පෞද්ගලිකත්වයට (Privacy) ගරු කරනවාද?
3.තොරතුරක් Share කරන්න කලින් එහි සත්‍යතාව සොයනවාද?
4.සමාජ මාධ්‍ය තුළ අනුන්ට අපහාස කිරීමෙන් වළකිනවාද?
5.නීතිය ගැන අවබෝධයෙන් කටයුතු කරනවාද?

මේ ප්‍රශ්න හතරටම ඔබේ පිළිතුර "ඔව්" නම්, ඔබ 2026 ට සුදුසුයි!

2026-01-06

“ ධර්මයුද්ධය 2 “

~ දෙවෙනි වේනම් හිරු අරුණමයි පිය සෙනෙහෙට… ~
කැළණිය විශ්වවිද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය සාක්ෂාත් කරගෙන ඉන් අනතුරුව ජාතික චිත්‍රපට
සංස්ථාවේ සිනමාකරණය පිළිබඳව උපාධිය හදාරා ඉන් නොනැවතී ජාතික තරුණ සේවා සභාවේ
රූපවාහිනී හා චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව ඩිප්ලෝමාව ද හදාරා දිවයිනේ ප්‍රමුඛතම රූපවාහිනී
නාලිකා යුගලක් වන සිරස ටී.වි. හා හිරු ටී.වී. හී දශක ද්විත්යකට අධික කාල සීමාවක් මුළුල්ලේ
වැඩසටහන් නිෂ්පාදකවරයෙකු මෙන්ම වැඩසටහන් කලමණාකරුවෙකු වශයෙන් ද සිය ප්‍රතිභාන්විත
නිර්මාණ කෞශල්‍ය මෙරට මිලියන සංඛයාත ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන් හමුවේ විදහාපෑමට
සමර්ථකම්
පෑවෙකි අරුණ ජයවර්ධනයන්.
වර්ෂ 2009 දී ජනගත වූ “ඩාන්සින්ග් ස්ටාර්” චිත්‍රපටයේ සම අදියුරුවරයා වශයෙන් ස්වදේශීය
සිනමාවට අත්පොත් තැබූ අරුණ ජයවර්ධනයන් නිකිණි වැස්ස (2013), හැපි බර්ත්ඩේ (2022),
1970 ලව්
ස්ටෝරි (2024) සහ මාරියා (2025) යන මැයින් විදෙස්ගතව වෙසෙන සුවහසක් ශ්‍රී ලාංකේය සිනමා
රසිකයින් පවා අමන්දානන්දයට පත්කරවීමට සමත් වු අද්විතීය සිනමාපටයන් ශ්‍රේණියේ තිර
රචකයා
මෙන්ම අදියුරුවරයා ද වෙයි. “ධර්මයුද්ධය 2” ඔහු විසින් අධ්‍යක්ෂනය කෙරූ මීළඟ සිනමාපටයයි.
දශක කිහිපයක් පුරාවට නොයෙකුත් අන්තයන්ගෙන් දේශීය සිනමා කර්මාන්තයේ පුනරුදය උදෙසා
අනභිභවනීය මෙහෙවරක් ඉටුකල “සිරස ටී.වී.” “එම්. එන්ටර්ටේන්මන්ට්ස්” ප්‍රමුඛ “එම්. ටී. වී. මාධ්‍ය
ජාලය” එහි දිගුවක් වශයෙන් “ඩාන්සින්ග් ස්ටාර් (2009)”, “මෝටර් බයිසිකල් (2016)”, “ධර්මයුද්ධය
(2017)”, “ඒ ලෙවල් (2017)”, “ගෝල් (2018)”, “උදුම්බරා (2018)”, “තාල (2019)”, “යූ ටර්න්
(2019)”
සහ “හැපි බර්ත්ඩේ (2019)” යන ජනකාන්ත සිනමාපට දාමයේ අර්ථ පතීත්වය උසුලන ලද්දේය.
“ධර්මයුද්ධය 2” එමඟින් නිමවෙන නවතම සිනමාපටයයි.
හරිස්චන්ද්‍ර විසින් ශේන් සමරසිංහගේ දේහය වළලනු ලබන ඉදිකෙරෙමින් පවතින පොලිස්
ගොඩනැගිල්ලේ මිනීමැරුමක් සිදුකොට පොලිස් නිළදාරීන් වෙතින් පළායන ගජේන්ද්‍ර නම් පුද්ගලයෙකු
සැඟවේ. එහිදී දේහය වළලා පලායන හරිස්චන්ද්‍රව ගජේන්ද්‍ර අහම්භෙන් දකී. චෝදනා වලින් නිදොස්

වන හරිස්චන්ද්‍ර සිය ලබැඳියන් සමග විනෝද වෙන අතරේ ගජේන්ද්‍ර සිරබත් කයි. වසර 8 ක්
ඉක්මවෙන
තැන ගජේන්ද්‍ර සිරෙන් නිදහස ලබයි. ශේන්ගේ ඝාතන නඩුව තවමත් විභාග වෙමින් පවතින බව
අහම්භෙන් දැනගන්නට ලැබෙන ගජේන්ද්‍ර පොලීසිය හමුවට ගොස් ගොඩනැගිල්ලේදී තමන් දුටු දෑ
හෙළිදරව් කරයි. සිනමාපටයේ ආරම්භය මෙලෙසින් සනිටුහන් වන අතර මින් ඉදිරියට තිරය මත
ප්‍රක්ශේපනය වන්නේ හරිස්චන්ද්‍රගේ අසමසම පීතෘ සෙනෙහසේ වීර වික්‍රමයයි.
පියෙකුගේ මහෝත්තම සංවේදනාව වන ධාරක ස්නේහය මුදුන්පත් වූ කල්හී ඔහු හට බිඳලිය නොහැකි
බාධකයක් නොමැත්තේමය යන්න අග්‍රගන්‍ය සිනමාත්මක ශ්‍රව්‍ය දෘශ්‍ය අඬහැරයක් ඔස්සේ පිළිපිඹු
කරවීම තිර රචකයාගේ මෙන්ම අදියුරුවරයාගේ ද මුඛ්‍ය අභිමතාර්ථය හෙවත් උඩුපෙළ බව
සිනමාපටය
සිහි නුවණින් නරඹන කා හට වුවද පසක් වන බව නොවළහා පැවසිය යුතුයි.
කිසිවෙකු හට යම් හෙයකින් උරුමවන අනිසි බලයත් එම බලය තවදුරටත් රැකගැනීමට ඔහු හෝ ඇය
දරනා
අදූරදර්ශී වෑයමත් සැමදා සැමවිටකදීම ඔහු හෝ ඇය හට පිරිහීමේ දොරටුවම විවර කරනු ඇති බව
සිනමාපටයේ යටිපෙළ හෙවත් ව්‍යංගාර්ථය විය යුතුයැයි විශ්වාස කරමි.

සිනමාපටය සවිඤානකව කියවාගැනීමේදී උක්ත අයුරේ ගැඹුරු අභ්‍යන්තරික යටිපෙළක් පිළිබඳව
සංකල්පනාවක නිරත විය හැකි මෙන්ම නිරූපිත ප්‍රදාන චරිතයටත් ඔහුගේ ලබැඳියන්ටත් අහඹු
ලෙසින්
මුහුණපාන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් දාමයන් නිසාවෙන් සිනමාපටයේ පළමු දසුනේ පටන්
අවසන්
දසුන දක්වාම ප්‍රේක්ෂකාගාරය තුළට සන්ත්‍රාසය ජනිත කෙරවෙන අතර සෙසු සහය චරිතයන්ගේ
නිරූපනයන් තුළින් කිසිවිටෙකත් ප්‍රේක්ෂක මනසේ සහේතුකව ජනනය වන කුතුහලය පලුදු
නොකෙරෙන්නට වගබලාගැනීම ද නිර්මාණකරුවන් විසින් සිනමාපටය තුළ හිතාමතාම සංගෘහිත
කරවන
ලද සුවිශේෂී කාරණාවක් බව ඉතා ඕනෑකමින් පැවසිය යුතුය.
කැමරාකරණය, කලා අදයයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන සිනමාපටයක ප්‍රාදාන
සංරචකයන් අතර පවත්නා මනා පෑහීම ප්‍රේක්ෂක මනස තුළ කතා තේමාවට මැනවින් සුසර වන
අයුරේ

උද්වේගකාරී එල්බගැනීමක් හටගැන්වීමට සමත්වන බැව් අව්‍යාජව කිවයුතුය.
සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන තෙක් දාවනය වන මියුරු
භාවාත්මික
පසුබිම් සංගීතයත් සිනමාපටයේ කථා තේමාව සමඟින් අපූර්ව ලෙස ඒකාත්මික වීම ප්‍රේක්ෂකයන් හා
සිනමාපටය අතර හටගන්නා සියුම් සන්නිවේදනය වඩාත් ත්‍රීව කරන බව ප්‍රකාශ කිරීමට
කැමැත්තෙමි.
ගීත රචකයන්, ගීත ගයන්නන් සහ සාංගීත අදයයක්ෂකවරයා අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය
හා සුසංයෝගය උක්ත කාරණාවට මං සැලසූ බව සිනමාපටය සිනමා සංවේදීව රසවින්දනය කරන්නා
වූ
රසකාමියෙකුට යෙහෙන් වැටහී යනු ඇති බව සිතමි.
නිෂ්පාදන ධූරාවලිය
අධ්‍යක්ෂණය – අරුණ ජයවර්ධන
නිෂ්පාදනය – මහරාජා මාධ්‍ය ජාලය
විධායක නිෂ්පාදනය – යසරත් කමල්සිරි
රේඛීය නිෂ්පාදනය – ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක
කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය
අනුවර්තනීය තිර රචනය හා නිර්මාණ සැලසුම්කරණය – සුනෙත් මාලිංග ලුකුහේවා
සංස්කරණය හා වර්ණ සං‍යෝජනය – ශාන් අල්විස්
පසුබිම් සංගීතය – කෙෂාන් පෙරේරා
ගී පද රචනය – වසන්ත දුක්ගන්නාරාල, අංජලී බුදවත්ත
ගීත ගායනය – බිමල් ජයකොඩි, තිමොති සිල්වා සහ අශ්මිත අභිෂේක විජේරත්න
ගී තනු නිර්මාණය – කෙෂාන් පෙරේරා සහ රවිහාන්ස් වැටකේපොත
නිෂ්පාදන කළමනාකරණය – මොහාන් රාමනායක

නිෂ්පාදන සම්බන්ධීකරණය – මංජුල යටවතුර
සහය අධ්‍ය්ක්ෂණය – රංජන් ප්‍රසන්න
කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම
අංග රචනය – ප්‍රියංක රත්නායක

ඇඳුම් නිර්මාණය – නිවර්තනා මාන්නගේ
විශේෂ ප්‍රයෝග සජීවීකරණය – කසුන් චන්ද්‍රනාත් පතිරණ
ශබ්ද සැලසුම්කරණය – ස්ගසින් ගිම්හාන් පෙරේරා
නිශ්චල ඡායාරූප – ඉන්දික මල්ලවාඅරච්චි
කොණ්ඩා මෝස්තර – සන්තුෂ් නිමේෂ
ආලෝකකරණය – ආරියරත්න පෙරේරා
මාධ්‍යය සම්බන්ධීකරණය – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
ප්‍රදාන රංගන ධායකත්වය
බිමල් ජයකොඩි
දිල්හානි අශෝකමාලා
තිසුරි යුවනිකා
විනුම් වින්සදී
කුසුම් රේණු
ඩග්ලස් රණසිංහ
කුමාර තිරිමාදුර
ආනන්ද අතුකෝරාල
අශාන් ඩයස්
දිනක්ෂි ප්‍රියසාද්
සනත් ගුණතිලක
මවිලි ෆර්ඩිනෑන්ඩු
නලින් ලුසේනා
කළණ ගුනසේකර

බුද්ධදාස විතානාඅරච්චි
මැල්කම් මචාඩෝ
කසුනි කාවින්ද්‍යා
හර්ෂිකා රත්නායක

තිලක්ෂිණී රත්නායක
ආරියසේන ගමගේ
ඉරේෂ් ලක්මාල්
නිරුක්ෂාන් ඒකනායක
ජයරත්න ගලගෙදර
වීරයා, දුෂ්ඨයා, පෙම්වතිය පෙරටුකොටගත් තුන්කොන් ආදරය ඉස්මතුවෙන කතාංගයන් හෝ
රාජකීයත්වය සමගින් පෑහුණු බෞද්ධ සංස්කෘතිය ඔප්නැංවෙන කතාංගයන් හෝ තේමා කරගන්නවා
වෙනුවට අභියෝගාත්මක, ආන්දෝලනාත්ම්ක තේමාවන් තෝරාගෙන සිනමා නිර්මානකරණයට
පිවිසීමේ
වත්මන් ධණාත්මක ප්‍රවණතාවය පිළිබඳව සිනමා කර්මාන්තයේ සහ ටෙලිවිෂන් මාධ්‍යයේ වෘතීය
තිර
රචකයෙකු ලෙසින් කටයුතුකරන මා හට ඇත්තේ හද පිනා යන සන්තුෂ්ටියක් බව මා අවංකවම පවසමි.
හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන මෙවන් ප්‍රශස්ථ
සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත්
සැලසේවායි
අරුණ ජයවර්ධන අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.
සැකසුම
හිරාන් ගමගේ

2026-01-05

අපි ට 6ක්

2026 ජනවාරි වෙනකොට අපි Magazine එකට අවුරුදු 6 ක්.
ඇත්තටම කිව්වොත් මේක කන්ඩායමක් එකමුතු වෙලා කරන වැඩක්. ලෝකයේ හතර වටෙන්ම
එකතුවෙලා හරි ලස්සනට හැම මාසෙකම මුල ඔබ අතට එන මේ ලිපි එකතුව පිටිපස්සෙ ලොකු
පිරිසක් ඉන්නවා. ලොකු වැඩ කොටසක් කෙරෙනවා. හැමෝගෙම අතින් ලියවෙනවා වගේම ඒ ලියවෙන
දේට ගැලපෙන ඩිසයින් එක වගේම ඒ පිටු එකතුව සමාජ මාද්‍ය අතරට රැගෙන එන එකත් අපේම
කන්ඩායමේ වගකීමක්.
2025 වසරේ Magazine එකෙ තවත් වැදගත් සංදිස්තානයක් පසු කරා. ඒ තමයි ISSN
(International Standard Serial Number )
මේය තමයි දෙස් විදෙස් ඕනම තැනක අපේ Magazine එක හදුනා ගන්න පුලුවන් විදිය. ඒක ලබා
ගන්න ලේසි පහසු වුණේ නෑ. මොකද එංගලන්තය වගේ රටක සිංහල මාද්‍යයෙන් කරන Magazine
එකකට ටිකක් අමාරු කාර්යක්.
ඒවගේම අපි ලබා ගත් තවත් ජයග්‍රහණයක් තමයි.. “අපි Magazine” පිටුවට 50000 Followers
පසු කිරීම. ඉතින් මේ හැමදේම අපේ කන්ඩායමේ එකමුතුව සහ ශක්තියි.
පටන් ගත්ත දවසේ සිට මේ වෙනකන් නොඅඩුව ලැබෙන ප්‍රතිචාර අපි හරිම ආදරෙන් බාරගන්නවා. ඒ
ප්‍රතිචාරන් තමයි අපිව දිරිමත් කරන්නෙ.
ඉතින් මේක මම වෙලාව කරගන්නවා අපේ කන්ඩායමටත් අපි වටා ඉන්න අපෙ ආදරනීය පාඨකයන්ටත්
ස්තුති කරන්න. ඒ වගේම ඉදිරියටත් “අපි Magazine” තුලින් අලුත් දේවල් එකතු කරගෙන තවත්
ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඔගොල්ලන්ගෙ සහයෝගය , ශක්තිය සහ ආදරය අපි
බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි!
ගයාන් කරුණාරත්න

2026-01-04

ලැබුවා වූ 2026 නව වසර සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

​නව වසරක් උදාවීම යනු හුදෙක් දින දර්ශනයක පිටුවක් පෙරළීම පමණක් නොව,
අපේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට ලැබෙන මහගු අවස්ථාවකි.
​අලුත් අවුරුද්දට අලුත් වෙලා යමුද?
​සෑම වසරකම ජනවාරි පළමුවැනිදා අප හමුවට එන්නේ දහසක් බලාපොරොත්තු
පෙරදැරි කරගෙනය. “පරණ අවුරුද්ද ඉවරයි, දැන්වත් හැදෙන්න ඕනේ” යන්න අප
බොහෝ දෙනෙකුගේ මුවින් නිතර ඇසෙන වැකියකි. නමුත් සැබෑවටම “අලුත් වීම”
යනු කුමක්ද?
​1. මනසින් අලුත් වෙමු
​අලුත් ඇඳුම් පැළඳුම් හෝ භෞතික සම්පත්වලට වඩා වැදගත් වන්නේ අපේ
සිතුවිලි අලුත් කර ගැනීමයි. පසුගිය වසරේ අප අතින් වූ වැරදි, අසාර්ථක වීම් සහ
පසුතැවීම් දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදු වෙමු. අතීතයේ එල්බගෙන සිටීම
වෙනුවට, එම වැරදිවලින් උගත් පාඩම් සමඟින් වර්තමානය ජය ගැනීමට සිත
ශක්තිමත් කරගත යුතුය.


​2. ඉලක්ක සහ සැලසුම්
​බොහෝ දෙනෙක් අවුරුද්ද ආරම්භයේදී විශාල පොරොන්දු ලැයිස්තුවක් (New Year
Resolutions) සාදා ගත්තද, ජනවාරි මාසය අවසන් වීමටත් පෙර ඒවා අමතක කර
දමති. මේ වසරේ අප කළ යුත්තේ ඉටු කළ හැකි කුඩා නමුත් පැහැදිලි ඉලක්ක
වෙත අවධානය යොමු කිරීමයි.
​දිනකට පොතක පිටු කිහිපයක් කියවීම.
​සිරුරේ සෞඛ්‍යය වෙනුවෙන් සුළු ව්‍යායාමයක නිරත වීම.
​අනවශ්‍ය වියදම් පාලනය කර ඉතිරිකිරීම් ආරම්භ කිරීම.


​3. සබඳතා අලුත් කරගමු
​තාක්ෂණය සමඟ හුදකලා වූ ලෝකයක, සැබෑ මිනිස් සබඳතාවලට අද ඇත්තේ අඩු
වටිනාකමකි. මේ නව වසරේ ඔබේ පවුලේ අය, මිතුරන් සහ අසල්වැසියන් සමඟ
ඇති සබඳතා වඩාත් අර්ථවත් කරගන්න. එකිනෙකාට ඇහුම්කන් දීම, උපකාර
කිරීම සහ දයාව දැක්වීම තුළින් ඔබට ලැබෙන මානසික සහනය අතිමහත්ය.


​4. පරිසරයටත් අලුත් අවුරුද්දක්
​අප අලුත් වන අතරතුර අප ජීවත් වන පරිසරය ගැනත් සිතිය යුතුය. අවම
වශයෙන් පැළයක් සිටුවීමට හෝ පරිසරයට මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය අවම
කිරීමට මේ වසරේ අදිටන් කර ගනිමු.
​”සැබෑ වෙනස ආරම්භ වන්නේ අප තුළිනි. ලෝකය අලුත් වීමට පෙර ඔබ අලුත්
වන්න.”

​නව වසර යනු හිස් පොතක මුල්ම පිටුව වැනිය. එහි ලස්සනම කතාව ලිවීමේ
වගකීම ඇත්තේ ඔබේ අතේය. එදිනෙදා වැඩකටයුතුවලට කොටු නොවී, ජීවිතය
විඳිමින්, අන් අයටත් ආලෝකයක් වෙමින් මේ වසර ගත කිරීමට උත්සාහ කරමු.
​ඔබ සැමට අර්ථවත් නව වසරක් වේවා!
සටහන,
නවොද්‍යා දෙව්මිණි ආරියවංශ

25-12-17

බොරුවක බලපෑම

බබොරු කීම, මුසොවොදය, අසත් පැවැසීම යනු ආගමට, සමොජයට, සංස්කෘතියට, දර්ර්ශනයට ආදී බේ ඕනෑම

බදයකට අනුව වැරදි බමන්ම සිදු බනොකළ යුතු ක්රියොවක් බවට හදුනොබගන තිබේ. නමුත් සමහර අවස්ථොවන්

වලදී යේ යේ වෘත්ීන්බේ සීමිත්කේ නිසොබවන්ම සත් වසන් කිරීමට සිදු බේ. බමයට කදිම නිදසුනක් බලස

වවදය වෘත්තිය දැක්ිය හැකිය. තුළ දී බරෝගියොට පවතින්බන් සුව කළ බනොහැකි බරෝගයක් නේ එම

ත්ත්ත්වය භයොනක නේ එම බරෝගී මට්ටබේ සත් බත්ොරතුරු සෘජුවම බරෝගියොට බහළිබනොකර බරෝගියොබේ

සමීපත්මබයකුට ගැන පැවැසීම සිදු කරයි. එහි දී අවශ් නේ බරෝගියොට අසත් පැවසීම සිදු කිරීමට සිදු

බේ.

බකබස්බවත්ත් බබොරු කීම යනු සදොචොරොත්මක බලස බනොකළයුත්ත්කි. බකොයි ආකොරයට වුවත් බබොරු කීම

වැරදි ක්රියොවක් වුවත් වර්ර්තමොනබේ දී මිනිසුන්බගන් බබොබහෝමයක් ජීවත්වන්බන් බබොරුව මූලික

කරබගනමය. ඔවුන් මුල සිටම බබොරුව මූලික කරබගන ජීවත්වන බැින් ඔවුන්ට එයින් මිදී ජීවත්ීමට

බනොහැකි ත්ත්වයක් උද්ගත් ඇත්‍. බේ නිසොම පැවසූ බබොරු සෑමදොම සගවො ත්බො ගැනීබේ හැකියොවක්

බනොපවී. බකදිනක බහෝ ඒවො බහළි ිශ්ොල ගැටලූන්ට මුහුණ පෑමට මිනිසොට සිදු බේ.

අන්න නිසොම කුමක් සිදු වුවත් බබොරු බනොකියො සත් පමණක් පවසමින් ජීවත් වන්බන් නේ ජීිත්

ඉත්ොමත් පහසු වනු ඇත්‍. බමම බබොරු කීම නැතිනේ මුසොවොදය වත්මන් සමොජය තුළ ිලොසිත්ොවක් බවට

පත් ඇත්‍. ඕනෑම බදයක්, වැරැද්දක් බහෝ අකටයුත්ත්ක් සිදු බකොට අවසොනබේ එය වසොගැනීමට බබොරුවක්

බගොත් පැතිරීම සියලූම බදනොට පුරුද්දක් බවට පත් ඇත්‍. බමය ඉත්ොමත් සං යමයකින් යුතුව සූක්ෂමව

ිමසො බැලීබේ දී බමම බබොරු කීබේ පුරුද්ද සමොජබේ කුඩොම ත්ැනුේ ඒකකය වන පවුල තුළින්ම සමොජගත්

ඇති බව දක්නට ලැබේ.

දරුවන් කුඩො කොලබේ සිටම බදමොපියන් දරුවන්බේ වැරැදි, අඩුපොඩු වසො දැමීමට බබොරු සොදො පැතිරීම

සිදු කරයි. ිබශ්්ෂබයන්ම ඔවුන්බේ දරුවන් ඉබගනීම, ක්රීඩො, රැකියො, ජයග්රහණ, ිවොහ බහෝ අබනකුත්

කොරණො වලදී අබනකොට වඩො පසුබෑමක සිටී නේ එය බදමොපියන්ට බමන්ම සමස්ත්පවුලටම නින්දොවක් බව

සළකමින් සත් වසන් කරමින් බනොපවතින බහෝ සිද්ද බනොවුණු යහපත් බද්වල් පිළිබදව බබොරු සොදමින්

සමොජගත්කරයි. බමම ක්රියොවලිය දිගින් දිගටම සිදු ිම නිසොම නිවස තුළ සිටින සමොජොනුබයෝජනය බවමින්

පවතින කුඩො දරුවො බමයට හැඩගැබස්. එහි දී දරුවන් සිත්න්බන් කුමන බදයක් සිදු වුණත් ඒවො

සියල්ලක්ම බබොරු බගොත්මින් වසන් කිරීමට හැකි බවයි.

එවන් බදමොපියන්බේ දරුවන් කිසිදු බයක් සැකක් බනොමැතිව බබොරුව සමොජගත්කිරීමට බපළබේ. එය

ඔවුන්බේ අනොගත්යට බමන්ම සමස්ථ සමොජයටම පිළිලයකි. දරුවන් ත් ජීිත්බේ ප්රථම බබොරුව බලස සිදු

කරන්බන් අඩු ලකුණක් ලබොගත් පසු එය වැඩි ලකුණක් බවට පත් කරමින් බපන්ීමයි. බේ ආකොරයට ඔවුන්

අරඹන මුසො ජීිත් ක්රම ක්රමබයන් වර්ර්ධනය බවමින් ඉදිරියට ගලොබගන යයි. බේ ආකොරයට පටන්ගත් පසු

 

නුසුදුසු කොලබේ දී නුසුදුසු ක්රියොවන් පවො සිදු කරමින් එයින් ජීිත්යට බමන්ම චරිත්යට පවො හොනි සිදු වුවත්

ඒවො සගවමින් බබොරු බගොත් සියල්ලක්ම පිළිසකර කර ගැනීමට ඔවුන් උත්සහො දරයි. බමම ක්රියොබවන්

අබනකො බනොව ත්මන්ම පමණක් රැවබටන බව බකත්රේ අවබබෝධබයන් යුතුව දැන සිටියත් එය නත්

කිරීමට ඔවුන්ට කිසිදු අවශ්යත්ොවක් බනොපවී.

දරුවන් කුඩො කොලබේ සිටම කුඩො කුඩො බද්වල් වලට බබොරු බගොත්මින් සිටීම ිශ්ොල කරුණක් බලස

බනොසැලකුව එය ඔවුන් වැඩි ියට පත්වනවොත් සමගම බබොරුව ිශ්ොල බේ. එිට ඔවුන් බබොරු

බගොත්න්බන් ිශ්ොල සිදුීේ සේබන්ධබයනි. සමහර අවස්ථොවල දී නුසුදුසු බේම සේබන්ධත්ොවල පැටබලමින්

බනොකළයුතු ක්රියොවන් සිදු කරමින් ඒවො නිවැසියන්ට සගවමින් බබොරු බගොත්මින් කටයුතු කිරීම නිසොබවන්

දරුවන් අඩු වයසින් අමොරුකේ වල අත්රමං ීම සිදු බේ. නමුත් බේ ආකොරයට මුසොවොදය නැතිනේ බබොරු

කීම වැළැක්ීම හරහො සිදු ීමට යන මහො ිනොශ්යන් වළක්වො ගැනීමට බහෝ අවම කරගැනීමට හැකි වනු

ඇත්‍.


චමෝදයො එදිරිසිංහ

25-12-15

කාලය 'කූල්' එකේ කළමනාකරණය කරමු!

දැන් කාලේ රස්සාවක් කරන ගමන් යුනිවර්සිටි යන එක සුලභ දෙයක්. ඒත් දෙක අතරේ සමබරතාවක් තියාගන්න එක ලේසි නැහැ. උදේ රැකියාව, රෑට පාඩම් වැඩමෙහෙම දුවන ජීවිතේ සාර්ථක කරගන්න, ඔබම ඔබේ කාලය කළමනාකරණය කරගන්න ඕනේ. මේ තියෙන්නේ එදිනෙදා ජීවිතයට ගැලපෙන ප්රායෝගිකම ටිප්ස් ටිකක්.
1. ප්රමුඛතා වෙන් කරලා, දින චර්යාවක් හදමු
ඔබේ දවසට පැය 24ක් විතරයි තියෙන්නේ. නිසා, අදඇත්තටමකළ යුතු දේ සහකළ හැකිදේ අතර වෙනස තේරුම් ගන්න. රැකියාවේ මීටිං, පන්ති වෙලාවල්, ඇසයිමන්ට් භාර දෙන දින මේ හැම දෙයක්ම එක දිනපොතක සටහන් කරගන්න. ඩිජිටල් ඇප් එකක් වුණත් කමක් නැහැ.සමහර වෙලාවට අපිට හිතෙනවා හැමදේම හදිසියි කියලා. ඒත් ඇත්තටම හදිස්සි, වගේම වටිනාම දේ මුලින්ම ඉවර කරන්න. අත්යවශ් නැති, ඒත් කාලය නාස්ති කරන දේවල්වලටනෑකියන්න ඉගෙන ගන්න.
2. පාඩම් කරන්න නිශ්චිතස්ලොට්එකක් වෙන් කරන්න
රැකියාවට යන ගමන් පාඩම් කරන අය අතින් වෙන ලොකුම වැරැද්දක් තමයි: “නිවාඩු වෙලාවට බලමුකියලා හිතන එක. එහෙම බැහැ!දිනපතා ස්ථාවර කාලයක් වෙන් කරන්න: දවසට පැය 1-2ක් වුණත් කමක් නැහැ, කාලය පාඩම් වැඩවලටම වෙන් කරන්න. මේක ඔබේ රැකියාව වගේම වැදගත්.උදේට ? රෑට ? ඔබේ මොළය හොඳටමෆ්රෙෂ්තියෙන වෙලාව හොයාගන්න. සමහර අයට උදේ පාන්දර පාඩම් කරද්දී මතක තියෙනවා. තවත් අයට රෑ 10න් පස්සේ අවධානය හොඳයි. ඔබේ වෙලාව හඳුනාගෙන වැඩ පටන් ගන්න.
3.  “පොමඩෝරෝ” (Pomodoro) ටෙක්නික් එක අත්හදා බලන්න
අඛණ්ඩව පැය ගණන් පාඩම් කරලා විඩාපත් වෙන්න එපා. අවධානය එක තැනක තියාගන්න ලෝකෙම පාවිච්චි කරන මේ සරල ක්රමය පාවිච්චි කරන්න. විනාඩි 25 පාඩම් කරන්න, විනාඩි 5 නිදහසේ ඉන්න. ඔරලෝසුවක් හෝ ටයිමරයක් තියාගෙන, සම්පූර්ණ අවධානයෙන් විනාඩි 25 ක් වැඩ කරන්න. ඊට පස්සේ විනාඩි 5 ක් නැගිටලා ඇවිදින්න, වතුර ටිකක් බොන්න.විනාඩි 5 විවේකය මොළය නැවත ආරම්භ කරනරිස්ටාර්ට්බට්න් එක වගේ. මේකෙන් වෙහෙස අඩු වෙනවා, අවධානය වැඩි වෙනවා.
4. අවධානය කඩන දේවල්වලටඅගුළුදමන්න
ඔබේ කාලය ඉතා සීමිත නිසා, සෑම විනාඩියක්ම වටිනවා. කාලය කා දමන දේවල් ඉවත් කරන්න.ෆෝන් එක පැත්තකට දාන්න. පාඩම් කරන වෙලාවට ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් notification off කරන්න.වැඩ මේසය අවුල් නම්, මනසත් අවුල්. ඉගෙන ගන්න නිස්කලංක, පිළිවෙළ තැනක් හදාගන්න.
5. නින්දයි, විවේකයි කැප කරන්න එපා
රැකියාව සහ පාඩම් වැඩ අතර මැදි වූ අය කරන ලොකුම කැප කිරීම තමයි නින්ද කැප කිරීම. මේකෙන් වැඩේ අවුල් වෙනවා මිසක් සාර්ථක වෙන්නේ නැහැ. හොඳට නිදා ගත්තොත් විතරයි ඊළඟ දවසේ රැකියාවට ගිහින් හොඳට වැඩ කරන්නත්, රාත්රීයේ පාඩම් වැඩ සාර්ථකව කරන්නත් පුළුවන් වෙන්නේ. පැය 6-7 නින්දක් අනිවාර්යයෙන්ම ලබා ගන්න.

6. උදව් ඉල්ලන්න බය වෙන්න එපා
පාඩම් කරන වෙලාවට ඔබට නිදහස දෙන ලෙස ඔබේ පවුලේ අයගෙන් ඉල්ලා සිටින්න. ඔවුන්ගේ සහාය ලොකු ශක්තියක පුළුවන්නම්, එකම උපාධිය හදාරන මිතුරන් සමඟ එකතු වෙලා වැඩ කරන්න. සමහර ඇසයිමන්ට් කොටස් හෝ විෂය කරුණු බෙදා හදාගෙන වැඩ කිරීමෙන් කාලය විශාල ලෙස ඉතිරි කර ගන්න පුළුවන්.
සාර්ථකත්වය තියෙන්නේ ඔබ පැය කීයක් වැඩ කරනවාද කියන එකේ නෙමෙයි. තියෙන වෙලාවෙන් ඔබ හොඳම දේ කරන්නේ කොහොමද කියන එකේ. නිවැරදි සැලසුම්කරණයෙන්, රැකියාවත්, උපාධියත් දෙකම සුපිරියටම සමබර කරගන්න ඔබට පුළුවන්.

පියුමි නෙළුමිකා
ශ්රි ජයවර්ධනපුර විශ්වවිද්යාලය

25-12-14

ප්‍රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂාව පිළිබඳ දැනුවත් වෙමු......

ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂාව ( Community Based Intervention & Social Protection) යනු දරිද්රතාවය තුරන් කිරීම, අසමානතාවයන් අඩු කිරීම සහ සමාජ සංවර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා වූ පුළුල් උපාය මාර්ගයක තීරණාත්මක අංග දෙකකි.

ප්රවේශයන් දෙකම මිනිසුන්ට සහ ප්රජාවන්ට තමන්ගේම ජීවිත භාර ගැනීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට බලගැන්වීමේ වැදගත්කම හඳුනා ගනී. මෙම ලිපියෙන්, අපි ප්රජා පාදක මැදිහත්වීම සහ සමාජ ආරක්ෂාව පිළිබඳ සංකල්පය සහ පුද්ගලයන්ට සහ ප්රජාවන්ට ඒවායේ විභව බලපෑම ගවේෂණය කරන්නෙමු. ප්රජා පාදක මැදිහත්වීම යනු ප්රජා අවශ්යතා සපුරාලීම සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මැදිහත්වීම් හඳුනා ගැනීම, සැලසුම් කිරීම, ක්රියාත්මක කිරීම සහ ඇගයීම සඳහා ප්රජා සාමාජිකයින්ගේ ක්රියාකාරී සහභාගීත්වය ඇතුළත් සහභාගීත්ව ප්රවේශයකි. මෙම ප්රවේශය හඳුනා ගන්නේ ප්රජාවන්ට තමන්ගේම අභියෝගවලට මුහුණ දීම සඳහා යොදා ගත හැකි දැනුම, කුසලතා සහ සම්පත් රාශියක් ඇති බවයි.

ප්රජා පාදක මැදිහත්වීම් ප්රජාවේ නිශ්චිත අවශ්යතා සහ සන්දර්භය අනුව බොහෝ ආකාර ගත හැකිය. ඒවාට ප්රජා සෞඛ් සේවකයින්, ප්රජා පාදක සංවිධාන සහ අධ්යාපනය, ජීවනෝපායන් සහ පාරිසරික තිරසාරභාවය වැනි ක්ෂේත් කෙරෙහි අවධානය යොමු කරන ප්රජා මූලික මුලපිරීම් ඇතුළත් විය හැකිය. ප්රජා පාදක මැදිහත්වීමේ ප්රධාන අංගය නම්, එය ප්රජාව මැදිහත්වීමේ ක්රියාවලියේ කේන්ද්රයේ තැබීමයි, එමඟින් ඔවුන්ට ගැටලුවේ හිමිකාරිත්වය ලබා ගැනීමට සහ විසඳුම් සංවර්ධනය කිරීමට සහ ක්රියාත්මක කිරීමට සහයෝගීව වැඩ කිරීමට ඉඩ සලසයි.

අනෙක් අතට, සමාජ ආරක්ෂණය යනු දරිද්රතාවය, අවදානම සහ අසමානතාවය අඩු කිරීම අරමුණු කරගත් ප්රතිපත්ති සහ වැඩසටහන් සමූහයකි. සමාජ ආරක්ෂණ මැදිහත්වීම් සාමාන්යයෙන් නිර්මාණය කර ඇත්තේ අඩු ආදායම, ආබාධිතභාවය, මහලු විය හෝ විරැකියාව වැනි විවිධ සාධක හේතුවෙන් ඔවුන්ගේ මූලික අවශ්යතා සපුරාලීමට නොහැකි පුද්ගලයින්ට සහ කුටුම්භවලට සහාය ලබා දීම සඳහා . සමාජ ආරක්ෂණ වැඩසටහන් බොහෝ ආකාර ගත හැකිය, මුදල් මාරු කිරීම්, සමාජ රක්ෂණය සහ සෞඛ් සේවා සහ අධ්යාපනය වැනි සමාජ සේවා ඇතුළුව. සමාජ ආරක්ෂණ මැදිහත්වීම්වල ප්රධාන අරමුණ වන්නේ වඩාත් අවදානමට ලක්විය හැකි අයට ආරක්ෂිත ජාලයක් සැපයීම, ඔවුන්ට මූලික භාණ්ඩ හා සේවා සඳහා ප්රවේශය ඇති බව සහතික කිරීම සහ අවම ජීවන තත්වයක් පවත්වා ගැනීමට හැකි වීමයි.
ප්රජා පාදක මැදිහත්වීම සහ සමාජ ආරක්ෂාව අතර සම්බන්ධතාවය සංකීර්ණ හා ගතික . ප්රජා පාදක මැදිහත්වීම ප්රජාවන්ට තමන්ගේම අභියෝගවලට මුහුණ දීමට ඇති හැකියාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරන අතර, සමාජ ආරක්ෂණය ඔවුන්ගේ මූලික අවශ්යතා සපුරාලීමට නොහැකි අයට සහාය ලබා දීමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, ප්රවේශයන් දෙකම පුද්ගලයන්ගේ සහ ප්රජාවන්ගේ යහපැවැත්ම සහ ඔරොත්තු දීමේ හැකියාව ප්රවර්ධනය කිරීමේ පොදු ඉලක්කයක් බෙදා ගනී. ප්රජා පාදක මැදිහත්වීම සහ සමාජ ආරක්ෂණය එකිනෙකාට අනුපූරක විය හැකි එක් ක්රමයක් වන්නේ ප්රජාවන් සමඟ සහයෝගයෙන් නිර්මාණය කර ක්රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන් සැපයීමයි. සමාජ ආරක්ෂණ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්රියාත්මක කිරීම සඳහා ප්රජාවන් ක්රියාකාරීව සම්බන්ධ වන විට, මෙම වැඩසටහන් ප්රජාවේ අවශ්යතාවලට ඵලදායී, තිරසාර සහ ප්රතිචාරාත්මක වීමට වැඩි ඉඩක් ඇත.
උදාහරණයක් ලෙස, බංග්ලාදේශයේ ග්රාමීය ප්රදේශවල, රජය විසින් ප්රජා පාදක සෞඛ් රක්ෂණ වැඩසටහනක් ක්රියාත්මක කර ඇති අතර එය දේශීය ප්රජාවන් විසින් කළමනාකරණය කරනු ලැබේ. මෙම වැඩසටහන අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෞඛ් රක්ෂණ ආවරණයක් සපයන අතර ප්රජාවේ සියලුම සාමාජිකයින්ට දැරිය හැකි සහ ප්රවේශ විය හැකි පරිදි නිර්මාණය කර ඇත. කළමනාකරණය සහ අධීක්ෂණය සඳහා ප්රජාවන් සම්බන්ධ කර ගැනීමෙන් මෙම වැඩසටහන මගින් ජනගහනය අතර ඉහළ මට්ටමේ සහභාගීත්වයක් සහ පිළිගැනීමක් ලබා ගැනීමට හැකි වී ඇති අතර, එහි ප්රතිඵලයක් ලෙස සෞඛ් ප්රතිඵල වැඩිදියුණු වී දරිද්රතාවය අඩු වී ඇත.

ප්රජා පාදක මැදිහත්වීම සහ සමාජ ආරක්ෂාව එකිනෙකාට අනුපූරක විය හැකි තවත් ක්රමයක් වන්නේ ජීවනෝපායන් සහ ආදායම් උත්පාදන ක්රියාකාරකම් ප්රවර්ධනය කිරීමයි. ව්යවසායකත්වය, කුසලතා ගොඩනැගීම සහ ආදායම් උත්පාදනය ප්රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ප්රජා පාදක මැදිහත්වීම් දරිද්රතාවය අඩු කිරීමට සහ පුද්ගලයන්ගේ සහ ප්රජාවන්ගේ ආර්ථික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

ඊට අමතරව, මුදල් මාරු කිරීම් හෝ වෙනත් ආකාරයේ ආදායම් ආධාර සපයන සමාජ ආරක්ෂණ වැඩසටහන් දරිද්රතාවය අඩු කිරීමට සහ කුටුම්භවලට ලබා ගත හැකි මූල් සම්පත් වැඩි කිරීමට උපකාරී වේ.

මෙම වැඩසටහන් ජීවනෝපායන් සහ ආදායම් උත්පාදන ක්රියාකාරකම් ප්රවර්ධනය කරන ප්රජා පාදක මැදිහත්වීම් සමඟ ඒකාබද්ධ වූ විට, වැඩිදියුණු කළ යහපැවැත්ම සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට හේතු වන සහයෝගී බලපෑමක් ඇති කළ හැකිය.

කෙසේ වෙතත්, ප්රජා පාදක මැදිහත්වීම සහ සමාජ ආරක්ෂාව අභියෝග නොමැතිව නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ප්රවේශයන් දෙකටම සම්පත්, කාලය සහ උත්සාහය අනුව සැලකිය යුතු ආයෝජන අවශ් වේ. ඊට අමතරව, එම ක්රියාවලිය සහතික කිරීම සඳහා රජය, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශය අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් අවශ් වේ. එබැවින්, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් විවිධ සමාජ ගැටළු විසඳීමට සහ ප්රජාවන් තුළ ධනාත්මක වෙනසක් ප්රවර්ධනය කිරීමට වැදගත් මෙවලම් වේ. මෙම වැඩසටහන් මගින් පුද්ගලයන්ට සහ පවුල්වලට, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි හෝ ආන්තිකකරණයට ලක් වූ අයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.

ප්රජා මූලික සෞඛ් මුලපිරීම්, අධ්යාපන වැඩසටහන් සහ ආර්ථික සංවර්ධන මුලපිරීම් වැනි ප්රජා පාදක මැදිහත්වීම්, සමාජ ප්රාග්ධනය ගොඩනැගීමට සහ ප්රජා අයිතිය සහ බලගැන්වීම පිළිබඳ හැඟීමක් ප්රවර්ධනය කිරීමට උපකාරී වේ. හැසිරීම් වෙනස් කිරීම, සෞඛ් ප්රතිඵල වැඩිදියුණු කිරීම සහ දරිද්රතාවය අඩු කිරීම සඳහා ඒවා ඵලදායී විය හැකිය. මුදල් හුවමාරු වැඩසටහන්, පොදු වැඩ වැඩසටහන් සහ සමාජ රක්ෂණ යෝජනා ක්රම වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන්, ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන පුද්ගලයින් සහ පවුල් සඳහා ආරක්ෂිත ජාලයක් සැපයිය හැකිය. මෙම වැඩසටහන් අසමානතාවය අඩු කිරීමට සහ සමාජ ඇතුළත් කිරීම ප්රවර්ධනය කිරීමට උපකාරී වේ, විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන් වැනි ආන්තික කණ්ඩායම් සඳහා.
සමස්තයක් වශයෙන්, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සමාජ සංවර්ධනය ප්රවර්ධනය කිරීම සහ පුද්ගලයන්ගේ සහ ප්රජාවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා වැදගත් මෙවලම් වේ.

කෙසේ වෙතත්, මෙම වැඩසටහන් ඵලදායී ලෙස ක්රියාත්මක කිරීම සහ තිරසාරභාවය සඳහා ශක්තිමත් ප්රජා සහභාගීත්වයක්, දේශපාලන කැමැත්තක් සහ ප්රමාණවත් සම්පත් අවශ් වේ. සමාජ හා ආර්ථික සංවර්ධනය ප්රවර්ධනය කිරීමේදී සහ දරිද්රතා මට්ටම් අඩු කිරීමේදී ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් අත්යවශ් වේ. කෙසේ වෙතත්, මෙම වැඩසටහන් ඵලදායී වීමට නම්, ඒවායේ සාර්ථකත්වයට බාධා කරන හිඩැස් සහ අභියෝග හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමේ අවශ්යතාවයක් පවතී. මෙහිදී, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ කිහිපයක් මම සාකච්ඡා කරමි.

පළමුව, ප්රජා පාදක මැදිහත්වීම් සැලසුම් කිරීමේදී සහ ක්රියාත්මක කිරීමේදී ප්රජා සහභාගීත්වය සහ හිමිකාරිත්වය ශක්තිමත් කිරීමේ අවශ්යතාවයක් පවතී. මෙම වැඩසටහන්වල ප්රධාන ප්රතිලාභීන් ප්රජාවන් වන අතර, තීරණ ගැනීමේ ක්රියාවලියට ඔවුන් සම්බන්ධ කර ගැනීමෙන් මැදිහත්වීම් ඔවුන්ගේ නිශ්චිත අවශ්යතා සපුරාලීම සඳහා සකස් කර ඇති බව සහතික කෙරේ. ප්රජා සහභාගීත්වය හිමිකාරිත්වය පිළිබඳ හැඟීම වැඩි කරයි, එය වැඩසටහන් තිරසාරභාවය වැඩි දියුණු කරයි. දෙවනුව, ප්රජා පාදක මැදිහත්වීම්වලට සම්බන්ධ පාර්ශවකරුවන් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අවශ්යතාවයක් පවතී.

සහයෝගීතාවය උත්සාහයන් අනුපිටපත් වීම වළක්වා ගැනීමට සහ සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන බව සහතික කිරීමට උපකාරී වනු ඇත. මැදිහත්වීම් පුළුල් ලෙස ක්රියාත්මක කිරීම සහ කිසිවෙකු ඉතිරි නොවන බව සහතික කිරීම සඳහා සම්බන්ධීකරණය අත්යවශ් වේ. තෙවනුව, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සැලසුම් කිරීමේදී සහ ක්රියාත්මක කිරීමේදී සාක්ෂි මත පදනම් වූ ප්රවේශයන් භාවිතය ප්රවර්ධනය කිරීමේ අවශ්යතාවයක් පවතී. සාක්ෂි මත පදනම් වූ ප්රවේශයන් තීරණ ගැනීම සඳහා විද්යාත්මක පදනමක් සපයන අතර එමඟින් සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව භාවිතා කරන බව සහතික කෙරේ. මෙම ප්රවේශයන් මැදිහත්වීම් ඉලක්කගත ජනගහනයේ අවශ්යතා සපුරාලීම සඳහා සකස් කර ඇති බවත් සමස්ත සංවර්ධන අරමුණු සමඟ පෙළගැසී ඇති බවත් සහතික කරයි.

සතරවනුව, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් ඔවුන්ගේ අපේක්ෂිත ප්රතිඵල සාක්ෂාත් කර ගැනීමේදී ඵලදායී බව සහතික කිරීම සඳහා අධීක්ෂණ සහ ඇගයීම් පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්යතාවයක් පවතී. අධීක්ෂණ සහ ඇගයීම් පද්ධති ප්රගතිය මැනීම, අභියෝග හඳුනා ගැනීම සහ අවශ් අවස්ථාවලදී ගැලපීම් කිරීම සඳහා පදනමක් සපයයි. ඔවුන් පාර්ශවකරුවන්ට වගවීම සහ සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන බව සහතික කරයි. අවසාන වශයෙන්, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් දිගු කාලීනව තිරසාර බව සහතික කිරීමේ අවශ්යතාවයක් පවතී.

දේශීය සම්පත් භාවිතය ප්රවර්ධනය කිරීම, ප්රාදේශීය ආයතන සහ ප්රජාවන්ගේ ධාරිතාව ගොඩනැගීම සහ මැදිහත්වීම් රටේ සමස්ත සංවර්ධන අරමුණු සමඟ පෙළගැසී ඇති බව සහතික කිරීම මගින් මෙය සාක්ෂාත් කරගත හැකිය.

සාරාංශයක් ලෙස, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සමාජ හා ආර්ථික සංවර්ධනය ප්රවර්ධනය කිරීමේදී සහ දරිද්රතා මට්ටම් අඩු කිරීමේදී ඉතා වැදගත් වේ. කෙසේ වෙතත්, මෙම වැඩසටහන් ඵලදායී වීමට නම්, ඒවායේ සාර්ථකත්වයට බාධා කරන හිඩැස් සහ අභියෝග ආමන්ත්රණය කිරීමේ අවශ්යතාවයක් පවතී. ප්රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම, සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම, සාක්ෂි මත පදනම් වූ ප්රවේශයන් ප්රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් පද්ධති ශක්තිමත් කිරීම සහ වැඩසටහන් තිරසාරභාවය සහතික කිරීම ඇතුළුව මෙසහ සමාජ ආරක්ෂණ වැඩසටහන්. සහයෝගීතාවය උත්සාහයන් අනුපිටපත් වීම වළක්වා ගැනීමට සහ සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන බව සහතික කිරීමට උපකාරී වනු ඇත. මැදිහත්වීම් පුළුල් ලෙස ක්රියාත්මක කිරීම සහ කිසිවෙකු ඉතිරි නොවන බව සහතික කිරීම සඳහා සම්බන්ධීකරණය අත්යවශ් වේ. තෙවනුව, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සැලසුම් කිරීමේදී සහ ක්රියාත්මක කිරීමේදී සාක්ෂි මත පදනම් වූ ප්රවේශයන් භාවිතය ප්රවර්ධනය කිරීමේ අවශ්යතාවයක් පවතී. සාක්ෂි මත පදනම් වූ ප්රවේශයන් තීරණ ගැනීම සඳහා විද්යාත්මක පදනමක් සපයන අතර එමඟින් සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව භාවිතා කරන බව සහතික කෙරේ. මෙම ප්රවේශයන් මැදිහත්වීම් ඉලක්කගත ජනගහනයේ අවශ්යතා සපුරාලීම සඳහා සකස් කර ඇති බවත් සමස්ත සංවර්ධන අරමුණු සමඟ පෙළගැසී ඇති බවත් සහතික කරයි.

සතරවනුව, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් ඔවුන්ගේ අපේක්ෂිත ප්රතිඵල සාක්ෂාත් කර ගැනීමේදී ඵලදායී බව සහතික කිරීම සඳහා අධීක්ෂණ සහ ඇගයීම් පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්යතාවයක් පවතී. අධීක්ෂණ සහ ඇගයීම් පද්ධති ප්රගතිය මැනීම, අභියෝග හඳුනා ගැනීම සහ අවශ් අවස්ථාවලදී ගැලපීම් කිරීම සඳහා පදනමක් සපයයි. ඔවුන් පාර්ශවකරුවන්ට වගවීම සහ සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන බව සහතික කරයි. අවසාන වශයෙන්, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් දිගු කාලීනව තිරසාර බව සහතික කිරීමේ අවශ්යතාවයක් පවතී.

දේශීය සම්පත් භාවිතය ප්රවර්ධනය කිරීම, ප්රාදේශීය ආයතන සහ ප්රජාවන්ගේ ධාරිතාව ගොඩනැගීම සහ මැදිහත්වීම් රටේ සමස්ත සංවර්ධන අරමුණු සමඟ පෙළගැසී ඇති බව සහතික කිරීම මගින් මෙය සාක්ෂාත් කරගත හැකිය.

සාරාංශයක් ලෙස, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සමාජ හා ආර්ථික සංවර්ධනය ප්රවර්ධනය කිරීමේදී සහ දරිද්රතා මට්ටම් අඩු කිරීමේදී ඉතා වැදගත් වේ. කෙසේ වෙතත්, මෙම වැඩසටහන් ඵලදායී වීමට නම්, ඒවායේ සාර්ථකත්වයට බාධා කරන හිඩැස් සහ අභියෝග ආමන්ත්රණය කිරීමේ අවශ්යතාවයක් පවතී. ප්රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම, සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම, සාක්ෂි මත පදනම් වූ ප්රවේශයන් ප්රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් පද්ධති ශක්තිමත් කිරීම සහ වැඩසටහන් තිරසාරභාවය සහතික කිරීම ඇතුළුව මෙම රචනයේ ඉස්මතු කර ඇති නිර්දේශ, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා බොහෝ දුරක් යා හැකිය. මෙහි ඉස්මතු කර ඇති නිර්දේශ, ප්රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා බොහෝ දුරක් යා හැකිය.

පවිත්‍රා රණතුංග

25-12-12

Q20 with අමා | Shanudri Priyasad

දෙසැම්බර් මාසයේ අපි Magazine Q20 with අමා සමග කතා බහට එක්වන්නේ රංගනය, නර්තනය සහ ගායනය උපතින්ම ලබමින් එම ජන්ම කුසලතාවයන් තව දුරටත් පුහුණු කරමින් සහ මනා ලෙස හසුරුවා ගනිමින් ළමා ශිල්පිනියක් ලෙස කලා ක්ශේත්රයට පය තබා අද වන විට ඉතා සුන්දර යෞවනියක් ලෙස දිනෙන් දින බැබලෙමින් කල්පනාකාරිව අති සාර්ථක ලෙස පියවරින් පියවර හෙමින් ගමනක නමුත් ජයග්රාහී ගමනක යෙදෙන ඉතා ජනප්රිය කලා පවුලක තුන්වන දියණිය නැතිනම් වර්තමානයේ 3 sisters නමින් හදුන්වන යුවතියන් ත්රිත්වයෙහි තුන් වෙනි පුරුක එසෙත් නැතිනම් ඉතා ලයාන්විත හඩකට හිමිකම් කියන දක්ෂ ගායන ශිල්පියෙකුගේ ආදරවන්තිය ලෙසද නම් කල හැකි දක්ෂ, ජනප්රිය, සරල, සුරූපි රංගන ශිල්පිනිය ශනුද්රි ප්රියසාද්

1. ශරිර සෞඛ්‍ය වෙනුවෙන් පුරුද්දක් ලෙස එදිනෙදා කරන දේවල් 3 ක්

අවම වශයෙන් සතියට 5 වතාවක් වත් ව්යායාම කරනවා. Chia seeds, Flax seeds වැනි ගුණ දේවල් පානය කරනවා. එමෙන්ම, නර්තනය කටයුතු වෙනුවෙනුත් නිතරම කාලය වෙන් කරනවා.

2. Independent girl කෙනෙක් විදියට ඔබේ වයසේ ඔබව අනුගමනය කරන අයට දෙන්න පුළුවන් හොදම ආදර්ශයක්

තමන් තමන්ව විශ්වාස කලොත් ඕනේම දෙයක් සාර්ථකව කර ගන්න පුලුවන් කියලා මම හිතනවා.

3. Me time ගැන ඔබේ අදහස සහ එහෙම වෙලාවක් වෙන් කර ගන්න හිතන අයට අදහසක්

Me time එකිනෙකාට සාපේක්ෂයි. මට අනුව Me time කියන්නේ මම වෙනුවෙන් මම කැමති, හිත සැහැල්ලු වෙන, සතුටු වෙන, ආතතිය අඩු කරන දෙයක් කරන්න කාලය වෙන් කර ගැනිමයි.

4. ඔබේ හිත රිදුන වෙලාවට ඔබේ පවුල සහ ඔබ වටා ඉන්න ඔබේ සමීපතමයන් ගෙන් මුලුමනින්ම කතා කරන දෙතුන් දෙනෙක්

මම මුලින්ම හැමදේම කියන්නේ බෙදා ගන්නේ මගේ පෙම්වතා එක්ක. ඊලගට අනිවාර්යයෙන්ම මගේ අක්කලා දෙන්නාට, අයියලා දෙන්නාට කතා කරනවා.

5. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක් මෙවැනි ඔබ නියැලෙන වෘත්තීන් වලින් ඔබව හදුන්වා දෙනවට වඩාත් කැමති

වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට මාව හදුන්වා දෙනවට මම වඩාත් කැමතියි.

6. එතෙක් මෙතෙක් ජිවිතයේදි ඔබට ලැබුන වටිනාම අගය කිරිමක්

මම බලාපොරොත්තු නොවුන විදියට ක්ශේත්රය තුල ප්රවීනයන්ගෙන් මට අගය කිරිම් ලැබිලා තියනවා අතරින් මෙම දිනවල තිරගත වන නීරා ච්ත්රපටයෙහි රංගනය වෙනුවෙන් මෙතෙක් නොලැබුන විශේෂ අගය කිරිම් රාශියක් ලැබිම සුවිශේෂයි.

7. ඔබ මුදලක් උපයපු මුල්ම අවස්ථාව 

මට වයස අවුරුදු 6 දී විතර රූපවාහිනි දැන්විමකින්   

8. ප්‍රේක්ෂක අප නොදන්නා ඔබගේ තවත් දක්ෂතාවයක්

ප්රේක්ෂකයන් නොදන්න දෙයක් විදියට ගෘහ අභ්යන්තර නිර්මාණකලාව පිළිබදව මගේ හැකියාවන් නම් කරන්න පුලුවන්.

9. ඔබේ ආදරවන්තයාගේ ඔබ කැමති ගතිගුණයක්

මන් වෙනුවෙන් වගේම මගේ පවුලේ අය වෙනුවෙන් එයා ඕනෙම වෙලාවක ඉන්නවා. ඒවගේම එයාගේ යාළුවන්ට, නොදන්නා කෙනෙක්ට වුනත් උදව්වක් කරන්න දෙපාරක් හිතන් නැහැ.

10. ඔබ ඉදිරියේදි ඉගෙන ගන්න හිතන් ඉන්න අලුත් දෙයක්

2019 දි මම උපාධිය අවසන් කලා. එහි ඉදිරි පියවර (Masters) නුදුරු අනාගතයේදි හදාරන්න බලාපොරොත්තු වෙනවා.

11. ඔබ සංචාරයට වඩාත් කැමති දේශිය සහ විදේශීය තැන් කිහිපයක්

ලංකාවේ මුහුද ආශ්රිත විශේෂයෙන් දකුණ පලාතේ අහංගම වැනි ප්රදේශවල සහ ඕස්ට්රේලියාව, තායිලන්තය වැනි විදේශීය රටවල්වල සංචාරය කරන්න කැමතියි

12. ඔබ අනුගමනය හෝ අනුකරණය කරන Sri Lankan, Bollywood හෝ Hollywood රංගන ශිල්පිනියක්

මම කිසිම කෙනෙක් අනුකරණය කරන්න නැහැ. ආලියා බාත්, කාජොල්, විද්යා බාලන් සහ ජාන්වි කපූර් වැනි රංගන ශිල්පිනියන් වෘත්තීය වශයෙන් කරන කියන දේවල් බලනවා සහ මගේ වෘත්තීය ජීවිතයට ගත හැකි දෙයක් තියනවා නම් ඒවා අනුගමනය කරන්න උත්සාහ කරනවා.

13. ඔබ ලගින්ම ඇසුරු කරන මිතුරෙක් සමග හිත අමනාපකමක් ඇති වුනොත් ඔබේ හැසිරීම පියවර 3 කින් විස්තර කලොත්

මම රංඩු කරන කෙනෙක් නෙවෙයි. ටික දවසක් කතා නොකර ඉදියි. දුක හෝ තරහ නිවුනම මම
කතා කරයි. සිදුවිම ගැන මගේ පෙම්වතා සමග කියයි.

14. ඔබේ පවුලෙන් ඔබ වඩාත්ම සමීප

පොඩි කාලයේ ඉදලා මම ගොඩක්ම සමීප දෙවෙනි අක්කා එක්ක. හැබැයි මේ වෙනකොට අක්කලා දෙන්නායි මමයි හරිම එකතුයි.

15. ඔබ නිතරම තරහ යන, තමන්ගේ නිවැරැදිබව වෙනුවෙන් තර්ක කරන කෙනෙක්ද?

නිතරම තරහා යන්නේ නැහැ. තර්ක කරන්නෙත් නැහැ. නිවැරැදි බව ඔප්පු කරන්න යන්නෙත් නැහැ. මම වැරදියි නිවැරැදි කියලා තව කෙනෙක්ට කැමති විදියට හිතන්න ඉඩ දෙනවා.

16. ඔබේ මීලග උපන්දිනයට පෙර  ඉටු කර ගන්න සැලසුම් කරන දෙයක්

මීලග උපන්දිනයට තව මාස 10 ක් විතර තියනවා. එම කාලය ඇතුලත විශේෂ දෙයක් කරන්න සැලසුම් කරලා නැහැ. සැහැල්ලුවෙන් ජිවත් වෙන්න සහ මේ විදියට හෙමින් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

17. දැනට ඔබ සතු වටිනාම වත්කම

දැනටත් ඉදිරියටත් මා සතු වටිනාම වත්කම් ලෙස පෞද්ගලික ජිවිතයේදි මගේ පවුල සහ වෘත්තීය ජිවිතයේදි මගේ ප්රේක්ෂකයන් නම් කරන්න පුලුවන්.

18. ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබ සැලසුම් කරන ඊලග පියවර

පහුගිය අවුරුද්ද පුරාවට ච්ත්රපට රූපගත කිරිම සදහා වැඩිපුර කාලය වෙන් කරන්න සිදුවුන නිසා ව්යාපාර කටයුතු පිළිබදව අවධානය යොමු කරන්න බැරි වුනා. අලුත් පියවරකින් ඉදිරියට යන්න අදහසක් තියනවා.

19. ඔබ මෑත කාලයේදි එකතු කර ගත් පොත් කියවන්න පුරුද්දෙන් ජිවිතයට එකතු වුන අලුත් දෙයක්

මම ගොඩක් පොත් කියවන කෙනෙක් නෙවෙයි. මම සංචාරය කරන කොට අනිවාර්යයෙන්ම පොතක් අරගෙන යනවා. මම හිතනවා කාර්යබහුල අවස්ථාවලදි මගේම ලෝකෙකට යන්න, ආතතිය අඩු කර ගන්න පොත් කියවන පුරුද්ද වැදගත් කියලා.

20. ඔබේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පෙළ ගැසුනු ඔබේ ඉදිරි නිර්මාණ පිළිබදව විස්තරයක්

මෙම දිනවල ලංකාවෙහි සහ ලෝකයේ විවිධ රටවල්වල තිරගත වන නීරා ච්ත්රපටය සහ මෝඩ තරිඳු ච්ත්රපට දෙකෙයි ප්රචාරණ කටයුතුවල නිරත වෙනවා. ලබන වසරේ තවත් චිත්රපට දෙකක් තිරගතවිමට නියමිතයි. කවිදු මදිශාන් සමග නර්තන ප්රසංගයක් පවත්වන්න අදහසක් තියනවා. මෙතෙක් කල් මා සමග රැදුන මගේ ප්රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙමින් ඉදිරියටත් මා සමග එකතු වෙන්න ආරාධනා කරනවා.

අමා නාකන්දලගේ

Photos Credit : Gayan Karunaratne