25-12-09

“මාරියා”

මිරිඟුවක් සන්තක විට මෛතූන්…?

Dancing Stars, නිකිණි වැස්ස, Happy Birthday, 1970 Love Story වැනි ජනාකර්ෂණීය මෙන්ම

ගුණාත්මක භාවයෙන්ද තෘප්තිමත් සිනමාපටයන් නිර්මාණය කරමින් හෙලවුඩ් සිනමා වංශ කතාවට

නැවුම් ආක්යානයක් තිළිණ කරමින් ජාතිකව හා ජාත්යන්තරව අනේකවිද ඇගයීම්වලට මෙන්ම

ගෞරවාදරයට පාත් වෙමින් හෙලවුඩ් සිනමාව ජාත්යන්තර සිනමාව හමුවේ අභිනන්දනයට මං සැලසූ

ශ්රී ලංකා තිරරචකයින්ගේ සංසදයේ වර්ථමාන සභාපතීත්වය උසුලන ප්රවීණ තිරපිටපත් රචකයෙකු

මෙන්ම ශ්රී ලංකා සිනමා අද්යයක්ෂකවරුන්ගේ සංසදයේ විධායක කමිටු සාමාජිකත්වය උසුලන ප්රවීණ

අදියුරුවරයෙකුද වන අරුණ ජයවර්ධනයන් විසින් තිරරචනය සකස්කොට අද්යයක්ෂණය කරනු ලැබූ

මාරියා සිනමාපටය පසුගිය නොවැම්බර් අගභාගයේ සිට “Scope Cinema” සිනමා බෙදාහැරීමේ

මණ්ඩලයට අයත් සියළු සිනමාශාලාවන් ඇතුළු දිවයින පුරා පිහිටි සිනමාහල් හතළිකදී පමණ අපගේ

දේශප්රේමී සිනමාලෝලීන් අභිමුඛයට පැමිණුනු බව ඉතාමත් ප්රමෝදයෙන් යුතුව ප්රකාශ කිරීමට

කැමැත්තෙමි.

සුවහසක් සමුදුරු ජීවීන් දඩයම් කරමින් ඉමක් කොනක් නොපෙනෙන සමුදුරු තීරයක සිව්කොණ යා කරවීම

දිවිසැරිය කොටගත් පරිණත ධීවර වෘතිකයන් සය දෙනෙකුට ඔස්ට්රේලියානු මහද්වීපයට නීති විරෝධීව

සංක්රමනය වන්නට මානබලන කෙළිලොල් කොළුගැටයෙකු අහඹු ලෙස හමුවීමත්, ඔහුගේ මූලිකත්වයෙන්

මහසමුදුරෙන්ම සොයාගන්නා ස්වාමියෙකු නොහඳුනන නිර්සොභහවික වනිතාවක් නිසා එතැන්පටන්

ඔවුන් සත් දෙනාගේ ජීවිත වලට සිදුවෙන මනෝමූලික විපර්යාස ගොන්නත් සිනමාපටය ඔස්සේ

දිගහැරෙයි.

චිත්රපටයේ සාරාංශය සැකෙවින් ඉහත පරිදි වන අතර හුස්මකින් ඇරඹී හුස්මකින් නිමවන වසර සියයකට

නොඅඩු කෙටිකාලීන මිනිස් ජීවිතය තුළ කාමාසාව නැමැති ජීවවිද්යාත්මක යෙදවුමේ කාර්යභාරයේත්,

සීමාව ඉක්මවමින් දළුලන කල්හී ඉන් සිදුවෙන අගතිය තුනී කරවනු වස් මනුසතුන්ටම පමණක්

සොභාදහමෙන් උරුම වූ අනර්ඝතම කෞශල්යය වන අවස්තානුකූලව හැඟීම් පාලනය කිරීමේ

ජීවවිද්යාත්මක කාර්යභාරයේත් අන්තර් ක්රියාව සිනමා පටය තුළින් මැනවින් විග්රහ කිරීමට

සිනමාකරුවා සහ තිර පිටපත් රචකයා සමර්ථ වී ඇති බැව් එය අවදානයෙන්  නරඹා උඩුපෙළ කියවාගන්නා

කා හට වුවද ප්රත්යක්ෂ වනවා නොඅනුමානය.

සමුදුරු රළ දෙබෑ කරමින් හුදෙකලාව දියබේ ඉදිරියට ඇදෙනා ධීවර යාත්රාව, සමුදුරෙන් වට වූ හුදෙකලා

ශ්රී ලංකා රාජ්යයට උපමා කළෝතින් සහ කෙළිලොල් කොලුගැටයාගේ මූලිකත්වයෙන් පරිණත ධීවර

කණ්ඩායම සතුවන ඉහත කී නිර්සොභහවික වනිතාව, විවෘත අර්ථිකය හඳුන්වාදීමත් සමග මෙරටට

ඛාන්දු වූ කෙළිලොල් පරිභෝජනවාදය ලෙස උපමා කළෝතින්, විදේශයන්ගෙන් මෙරටට සැණෙකින්

සම්ප්රාප්ත වන විකාරරූපී සංස්කෘතික ලක්ෂනයන් ඉවක් බවක් නොමැතිව වැළඳගැනීම හරහා මෙරට

ජන ප්ර්ජාව වත්මනේ අත්විඳිනා ව්යාකූල සංස්කෘතික විතැන්වීම්, සිනමා රූ සරණියක් ඔස්සේ විද්යාමාන

කරවීම අරුණ ජයවර්ධනයන්ගේ මෙකී සිනමා වෑයමේ යටිපළ වියහැකි බවට සිනමා හා ටෙලි නාට්

කර්මාන්තයන්හී තිර රචකයෙකු ලෙස වෘතීමය වශයෙන් නියලෙන මා උපකල්පනය කරමි.

….. * ශ්රී ලාංකේය සිනමාලෝලීන් හට සිනමාපටය නැරඹීමට විශේෂ හේතු * ……

 

1). ශ්රී ලාංකේය සිනමා වංශකතාවේ සෑහෙන කලක සිට එකම

ආරක වූ වීරයා, පෙම්වතිය සහ දුෂ්ඨයා කේන්ද් කරගත්

තුන්කොන් ප්රේමයෙන් සම්පූර්ණයෙන්ම පාහේ

වෙනස් වූ ලිංගිකත්වය සහ මිත්රත්වය යන අතිශය සංවේදී මානව විද්යාත්මක කාරණාවන් ද්විත්වයක්

එකිනෙක මුහුකරමින් නිපදවුණු නාට්යමය ක්ෂානරයේ සිනමාපටයකට දර්ශීය උදාහරණයක් වීම

2). රංගන ශිල්පිණියකගේ ශ්රව්යමය හෝ දෘශ්යමය භාවිතාවක් නොමැතිව හුදු රංගන ශිල්පීන්ගේම

ශ්රව්යමය හා දෘශ්යමය භාවිතාවන් අවස්ථාවන්ට සරිලන පරිදි සමමුහුර්ථ කරවීම තුළින් කතා මාලාව

සකසුරුවම්ව වින්යාස ගතකිරීම.

3). සමුදුරු තීරයක යාත්රා කෙරෙන ධීවර නෞකාවක් එකම දර්ශන තලය බවට පත්කොටගනිමින්

පසුතල, රංගවස්ත් හා රංගභාන්ඩ පාරිසරික සාධකවලට ගැළපෙන පරිදි

නිර්මාණය කිරීම හා තේමාවට උචිත අයුරින් තිරය මත සංගෘහිත කරවීම

4). සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව පහළවන්නා වූ නිරන්තරයෙන් වෙනසට බඳුන් වන්නා වූ

අතිශය සංකීර්ණ වූ අතිශය සියුම් වූ මනෝභාවයන්  වන

ආලයඅනුකම්පාවතණ්හාවඊර්ෂ්යාවකෝපයවිරහවසාංඛාවකාංසාවසංතාපයත්රාසයභීතිය,

 කුතුහලය, ආදිය විනෝදාස්වාදය තුරන්ව නොයන විලසින් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත

ප්රක්ශේපනය කිරීමට උත්සාහ කිරීම.

උක්ත ප්රශස්ථ සාධකයන් රිදී තිරය මතදී සිනමාරූපණයෙන් වියමන් කරවන්නට අසහාය හේතුපාඨ

සපයන්නේ අන් කවරක්වත් නොව යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්රතිභාවම බව සිනමාව

කියවගන්නා කවරෙකුට උවද නිරායාසයෙන්ම වැටහිය යුතුය.

එදා මෙදා තුර ශ්රී ලාංකේය රිදී තිරය මත කිසිවිටෙකත් එකිනෙක මුනනොගැසුණු උක්ත රංගධරයන්ගේ

එකී රංගන ප්රාතිහාර් අඩු ලුහුඩුකම් විරහිතව පූර්ණ වශයෙන් විදහාපෑමට මං සලසන්නේ ප්රශස්ථ

සංකල්පය, තිර රචනය, අදියුරුත්වය, අර්ථ පතීත්වය, කැමරා අදියුරුත්වය, කලා අදියුරුත්වය, රංග

වස්ත් හා මෝස්තර නිර්මාණය හා වේශ නිරූපණය සිදුකරනා උක්ත නිර්මාණ ශිල්පීන්ගේ කෘතහස්ථ

සිනමා ප්රාගුණ්යම බව නොවලහා පැවසිය යුතුමයි.

සුරංගනීට මාළු ගෙනාවායන නමින් මෙරට ලක්ෂ සංඛයාත ගීතකාමී ධීවර ප්රජාවගේ දෙසවන්

කුල්මත් කරවූ ඉපැරණි ගීතයේ නව ශ්රව් දෘශ් අනුවාදයක් සකස්කොට උචිත අයුරින් අන්තර්ගත

කිරීමට දරා ඇති අනඝි උත්සාහය පිළිබඳව අදියුරුවරයාට මාගේ හෘදයාංගම තුති පිදීමට මෙම සිනමා

විචාරය අවස්තාවක් කරගන්නෙමි.

….* රංගන ධායකත්වය *….

හේමාල් රණසිංහ

මහේන්ද් පෙරේරා

අශාන් ඩයස්

 

ප්රියන්ත සිරිකුමාර

සුරන් දසනායක

දසුන් පතිරණ

දර්ශන් ධර්මරාජ්

 

….* නිෂ්පාදන කණ්ඩායම *….

තිර රචනය සහ අධ්යක්ෂණය | අරුණ ජයවර්ධන

නිෂ්පාදනය | ඉන්ද්රජිත් සිල්වා

කැමරා අධ්යක්ෂනය | චන්න දේශප්රිය

දිය යට සිදුකෙරුණු විශේෂ රූගත කිරීම්හී කැමරා අධ්යක්ෂනය | මැක්ලේන් ඇඩම්ස්

සංස්කරණය | ඩිලන්ත පෙරේරා

සංගීත අධ්යක්ෂණය | චින්තක ජයකොඩි

සහය අද්යයක්ෂණය | දමින්ද ඩී මඩවල

වර්ණ සංයෝජනය | අසංක වික්රමසිරි

ගීත ගායනය | හේමාල් රණසිංහ, මහේන්ද් පෙරේරා, අශාන් ඩයස්, ප්රියන්ත සිරිකුමාර, සුරන්

දසනායක, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ් සහ බිමල් ජයකොඩි

ශබ්ද සැලසුම්කරනය | සසික රුවන් මාරසිංහ

අංග රචනය | ප්රියන්ත තිලක් රත්නායක

කලා අධ්යක්ෂනය | සුනිල් ප්රේමරත්න

නිෂ්පාදන සැලසුම්කරණය | අංජලී බුධවත්ත

නිෂ්පාදන කළමනාකරණය | ගිහාන් පෙරේරා

නිෂ්පාදන සම්බන්ධීකරණය | මල්කි විජේමාන්න

උපසිරැසි ගැන්වීම | මලිත් හෑගොඩ

ගීත රචනය | අරුණ ජයවර්ධන, අංජලී බුධවත්ත

මාධ්යය සම්බන්ධීකරණය | ඇන්ටන් ජේ. ප්රනාන්දු

 

අන්තර්ජාතික සිනමා ඇගයුම් උළෙල කිහිපයකම ඔප්නැංවෙමින් හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය

පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන මෙවන් ප්රශස්ථ සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය

වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත් සැලසේවායි අරුණ ජයවර්ධනයන් අතුළු සමස්ථ නිෂ්පාදන

කාර් මන්ඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

අවසන් වදන…..

මනුසතුන්ගේ විරුද්ධ ලිංගික ආකර්ෂණය සිදුවන්නේ හුදු ස්වයං නිර්ණ අයිතිය මත පමණක්ද?

එසේත් නැතිනම් එය ජීවයේ පදනම වන ප්රජනන යාන්ත්රණයේ මොළය හා ලිංගික හෝර්මෝන හරහා

සිදුවෙන හුදු මෙහෙයවීමක් පමණක්ද? එය එසේ නම්, මානවයා යනු ස්වභාවධර්මයේ අණසක ඉටුකිරීම

උදෙසා නිමවුණු තවත් එක් සත්ත්ව විශේශයක් පමනක්ද?

ප්රමුඛතම මානව හැඟුමන්ගෙන් එකක් වන විරුද්ධ (හෝ සමරිසි) ලිංගික ආකර්ෂණය මෙලෙසින්

ප්රභේදගත කරවිය හැකිද?

එය නිරාමිස ආදරයක් පමනක්මද?, එසේත් නැතිනම් එය හුදු රාගයමද? නොඑසේනම් එය රාගය මිශ්රිත

ආදරයක් ? එනම්, අනුරාගය ?

අත්දැකීම් ඇත්තෝ පිළිතුරු සපයත්වා

සකසුම : හිරාන් ගමගේ

25-12-05

අභියෝග සඳහා සූදානම් වීමේ වැදගත්කම

ජීවිතය කියන්නේ අපූරු මාර්ගයක්. බලාපොරොත්තු උනාටත් වඩා ලස්සන මතකයන් වගේම අපේක්ෂා නොකළ වක්රතා සහ අවස්ථාත් මේ ගමන් මාර්ගයේ හමුවී ඇති .ඉදිරියට මුණගැහෙන්නට ඇති.

පෞද්ගලික සාර්ථක හාඅසාර්ථකතා සිට වෘත්තීය අභියෝග දක්වා, අභියෝග ජීවිතයේ අත්යාවශ් කොටසක් . කිසිවකට බිය නොවී, පෙර සූදානම්ව සිටින්නට හැකි නම්, තුළ අභියෝග ජය ගැනීමේ හැකියාව වැඩි වැඩියෙන් පවතී.

අභියෝග සඳහා සූදානම් වීමෙන් ඔබගේ ආරක්ෂාකාරීභාවය වර්ධනය කර ගන්නට පුලුවන්. අපිට අසාර්ථකතා වලින් නැවත නැගී ඉදිරියට යා හැකි මානසික සහ සංවේදී ශක්තියක් ගොඩනගා ගත හැකි නම්, ඉදිරියේදී ඇතිවන අපහසුතා හා අභියෝග සැලකිල්ලට ගෙන සැලසුම් සකස් කරගැනීමට හැකි නම් විට, එම අවස්ථාවන්ට බිය වීමට හෝ අනවශ් ලෙස තැති ගැනීමට උවමනා වන්නේ නැහැ.

එමෙන්ම පෙර සූදානම අපව අනාගත අවස්ථා විශ්ලේෂණය කිරීමට සහ නිර්මාණාත්මක විසඳුම් සොයා ගැනීමට හුරුකිරීමක් කරනවා. අපි සෑම සිද්ධියක්ම පෙරහුරු කරන විට, අවස්ථාවට සාමකාමී සහ තාර්කිකව ප්රතිචාර දැක්වීමට පුළුවන් වෙනවා. වෘත්තීය ක්ෂේත්රවල නම් අසාර්ථකතාවන් සාර්ථකතාවන්ට පත් කරගැනීමට අවශ් පුහුණුව සහ දැනුම නිරතුරුවම ක්රමානුකූලව ලබා දෙනවා.

ආතතිය සහ පීඩනය අඩු කරන කදිම කියාවලියක් තමයි මේ පෙර සූදානම. කිසිදු
නිරීක්ෂණයක් නොමැතිව උනත් ඇතැම් අවස්ථාවන් පිළිබඳව ආතතියක් අප තුල ඇති වීමට පුලුවන්.සූදානම් නොවී සිටීමත් ඒකට බලපාන ප්රබල හේතුවක් .

අභියෝග වලට මුහුණ දෙන්නත් කලින්, අපිට බරපතළ ලෙස බලය හීන වූවා මෙන් හැඟෙන්නේ මෙකී පෙර සූදානමේ අඩු වැඩිකම් නිසා වෙන්න බැරිද? සූදානම්ව සිටින විට, පැහැදිලි සැලැස්මක් සහිතව අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන්, ආතතිය අඩු කරමින්, තමාගේ අභ්යන්තර ශක්තිය වඩවා ගන්න පුලුවන් .

ඇත්තටම හිතලා බැලුවොත්, පුද්ගලික සංවර්ධනය උද්දීපනය කරන්න තමයි
අභියෝග තියෙන්නේ. සඟවා ඇති අවස්ථා ලෙස අපි අභියෝග වලට මුහුණ දෙන්න සූදානම් උනොත්, අපේ ශක්තිය අපේම දුර්වලතා අභිබවා ගොස් අපි ගැනම අභිමානයක්, ආඩම්බරයක් අවසානයේ ඉතුරු කරනවා.

ඉතින් සෑම අවස්ථාවක්ම පුද්ගලික වර්ධනය සඳහා ඉදිරි පියවරක් විදියට දකින්න පුලුවන් නම්, ධනාත්මක මනෝභාවයක් ගොඩනගා ගැනීම තුළින් අපට අවස්ථාවට මුහුණ දීමට අවශ් මෙවලම්, දැනුම සහ විශ්වාසය අප තුලින්ම හොයා ගන්න එක අපහසු කාර්යයක් වෙන්නේ නැහැ.

එවන් මනෝභාවයක් ඔබගේ මානසික සෞඛ්යය වර්ධනය කරනවා වගේම , අනෙක් අය සඳහාත් උද්දීපනයක් ඇති කරනවා. ඉතින් අභියෝග අතහැරලා අපිට මේ ගමන යන්න බෑ. මේ ගමනම අභියෝගක්. මූලික සැලසුම්, පෙර සූදානම, එකී අභියෝග වලට මුහුණු දෙන්න අවශ් වටපිටාව, දැනුම සහ සම්පත් වලින් සන්නද්ධ වෙන එක තමයි අපි කරන්න ඕනේ, සාර්ථකත්වයේ සවුදිය අවසානයේ සමරන්න නම්.

දිමුතු සේනාදි .

25-12-04

පිටපිට සම්මාන දිනන BVS Mortgages

ලන්ඩනයේ ලාංකීය අභිමානය 2018 වර්ෂයේදී, ඒක පුද්ගල උපදේශකවරයෙක්ගේ දැඩි කැපවීමෙන් කුඩා සමාගමක් ලෙස එක්සත් රාජධානිය තුළ ආරම්භ වූ BVS Mortgages & Financial Services සමාගම අද වන විට විශිෂ්ට කාර්ය මණ්ඩලයකින් යුතුව, වඩාත් පුළුල් සේවාවක් සපයන, එක්සත් රාජධානිය පුරා විශ්වාසනීය නාමයක් දිනාගත්,සමාගමක් බවට පත්ව ඇත.
ආරම්භයේ සිටම, මෙම සමාගමේ අභිප්රාය වූයේ ශ්රී ලාංකීය සංස්කෘතිය හා සමාජයීය අනන්යතා රැකගනිමින්, පාරිභෝගිකයන්ගේ නිවාස හිමිකරගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ් පහසු සහ ආරක්ෂිත සේවාවක් ලබා දීමයි.මෙහිදී පාරිභෝගික අවශ්යතාවයට ගැලපෙන ණය ක්රියාවලියක් තුළින් පුද්ගල සහ ව්යාපාරික මූල් අවශ්යතා සපුරාලීමට පහසුකම් සපයනු ලබයි.

මෙම අභිමානවත් ගමනේදී BVS Mortgages & Financial Services සමාගම, පාරිභෝගික සේවාව, විශිෂ්ට වෘත්තීයභාවය, සහ කාර්යශූරත්වය යන මූලික වටිනාකම් කෙරෙහි වැඩි අවධානයක් ලබා දී ඇත. සමාගම දැඩි කැපවීමෙන් සහ කාර්යක්ෂමතාවෙන් නවෝත්පාදන ප්රතිපත්ති යොදා ගනිමින්, පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන ඇති අතර අන්යෝන් විවිධත්වයට ගරු කිරීම සමාගමේ වටිනාකම තවත් ඉහළ නංවයි. සමාගමේ මෙම සියලු සාර්ථකත්වයට පාදක වී ඇත්තේ සමාගමේ නිර්මාතෘවරයා වන රොෂාන් විතාරණගේ මහතාගේ දූරදර්ශී නායකත්වයත්, යටතේ ක්රියා කරන advisers සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ විශ්වාසවන්ත සේවා සැපයීමයි.

ක්ෂේත්රය පිළිබඳ මනා අවබෝධයත්, පාරිභෝගික අවශ්යතාවයන්ට ප්රමුඛත්වය දෙමින් ඔවුන්ගේ සිහින සැබෑ කරදීමට කටයුතු කිරීමත් නිසා පාරිභෝගික හදවත් දිනාගත් සමාගමක් බවට පත්වීමට BVS Mortgages & Financial Services සමාගම සමත් වී ඇත. එය සනාථ කරමින් mortgage broker සමාගම් අතරින් ලන්ඩනයේ ප්රථම ස්ථානය සහ එක්සත් රාජධානියේ අටවන ස්ථානය දක්වාත් Trustpilot හි ශ්රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට BVS Mortgages & Financial Services සමාගමට හැකියාව ලැබී ඇත.

මෙම පාරිභෝගික විශ්වාසය නිසාම, 2025 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී, එංගලන්තයේ ප්රකට Barclays Intermediary Inclusion Summit and Awards උළෙලේ Best Inclusive Culture (Company) Award අංශයෙන් BVS Mortgages & Financial Services සමාගම ප්රථම ස්ථානය දිනා ගත් අතර, ආසියානු සම්භවයක් සහිත සමාගමක් මෙම සම්මානයෙන් පිදුම් ලද පළමු සහ එකම අවස්ථාව මෙය වීමද සුවිශේෂී කරුණකි.ශ්රී ලාංකීය සමාගමක් ප්රථම වතාවට ලබා ගන්නා ලද මෙම සම්මානය ලාංකීය ව්යාපාරිකයන්ට සහ සමාගමේ කාර්ය මණ්ඩලයට අභිමානවත් අවස්ථාවක් ලෙස සැලකේ.

මෙම උත්සවය සඳහා හිටපු එංගලන්ත පාපන්දු ක්රීඩක Fara Williams සහ Para- Olympic ටෙනිස් ක්රීඩිකා Lucy Shuker සහභාගී විය. ඔවුන් BVS Mortgages සමාගමේ ගමනේ විශිෂ්ටත්වය, කණ්ඩායමේ කැපවීම සහ සමාගමේ සංස්කෘතික වටපිටාව අගය කරන බව ප්රකාශ කළහ.

එපමණක් නොව BVS Mortgages & Financial Ltd සමාගමේ අඛණ්ඩ විශ්වාසවන්ත සේවාවේ ප්රතිඵලයක් ලෙස, SME NEWS මඟින් සංවිධානය කරනු ලැබූ Financial Awards 2025හි දී Best Mortgage & Protection Advisory Firm 2025-London සහ Homebuyer Support Excellence Award 2025 යන සම්මානයන්ගෙන් පිදුම් ලැබීමද, සමාගමක් ලෙස ඔවුන් ලද සුවිශේෂී ජයග්රහණයකි.


එමෙන්ම, BVS Mortgages සමාගම හුදෙක් ලාභ පමණක් අරමුණු කර නොගෙන ඉන් එහා සමාජයට වටිනා යමක් ලබාදිය යුතු යන විශ්වාසය පෙරදැරි කරගෙන 2018 වසරේ සිට EduCare Foundation සමග එක් වී ශ්රී ලංකාවේ අඩු ආදයම්ලාභී ග්රාමීය දිස්ත්රික්ක වල අඩු වරප්රසාද සහිත දරුවන්ගේ අධ්යාපන අවශ්යතා සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර 2018 වසරේදී ළමුන් 100කගෙන් ඇරඹි මෙම ව්යාපෘතිය මෙම වසරේ අභිප්රාය වී ඇත්තේ පාසල් ළමුන් 1000කට ආසන්න ප්රමාණයකට අනුග්රහය දැක්වීමයි.

එලෙසම එක්සත් රාජධානියේ සෑම වසරකම පවත්වනු ලබන RBC Race for the kids ධාවන තරඟය පැවැත්වීම මඟින් ලන්ඩනයේ Great Ormond Street රෝහල සඳහා නවීන මට්ටමේ ළමා පිළිකා ප්රතිකාර මධ්යස්ථානයක් ඉදිකිරීමට 2025 වසරේදී පවුම්3500 කට වැඩි අරමුදලක් රෝහල වෙත පරිත්යාග කිරීමට සමත් වී ඇත. මෙවැනි ව්යාපෘති සිදුකිරීම මඟින් ආයතනික සමාජ වගකීම මනාව පිළිබිඹු කරයි.

මෙවන් සංස්කෘතික සහ සමාජයීය අගයන්ද BVS Mortgages & Financial Services සමාගමට මෙම සම්මාන දිනා ගැනීමට හේතු විය. මෙම සමාගම සමස්ත ප්රජාව වෙත මෙවන් වටිනා සේවාවක් ලබා දීම අගය කළ යුතුය.සමාගම සිදු කරනු ලබන මෙම සේවාව සමාගමේ සාමාජික වගකීම, සංස්කෘතික අනන්යතාවය සහ ප්රජාභාවය පිළිබඳ කැපවීම මනාව පෙන්නුම් කරයි.

සමාගමේ Director වන රොෂාන් විතාරණගේ මහතා මෙම ජයග්රහණ පිළිබඳ මෙසේ ප්රකාශ කරයි.

මෙම ජයග්රහණ, අපව විශ්වාස කළ කණ්ඩායමටත්, අප සමඟ ගමන් කළ ගනුදෙනුකරුවන්ටත් අයිති විය යුතුයි. එංගලන්තයේ මූල් ක්ෂේත්රය තුළ ශ්රී ලාංකීය සමාගමක් ලෙස අපට මෙය ඉමහත් අභිමානයකි.”

BVS Mortgages ගමන, ශ්රී ලාංකීය ව්යාපාරික ක්ෂේත්රයේ කැපවීම, සහ විශ්වාසය සමඟ සංවර්ධනය වෙමින්, එංගලන්තයෙහි මූල් ක්ෂේත්රයේ ආදර්ශමත් සමාගමක් බවට පත්ව තිබේ. මෙම ජයග්රහණ, කණ්ඩායමේ කැපවීම සහ සමාගමේ වටිනාකම් පිළිබඳ ලෝකයට පෙන්නුම් කරන අතර, අනාගතයේ තවත් සම්මාන සහ සාර්ථකත්වයන් දිනා ගැනීමේ මාර්ගය සකසා දෙයි.

25-11-22

මැතිවරණ පොරොන්දු කඩකරමින් බදු ගහන්න සූදානම් වන ආණ්ඩුව

මේ දවස් වල ශ්රී ලංකාවේ 2026 වසර සදහා වන අයවැය විවාදය පාර්ලිමේන්තුවේ ක්රියාත්මක වන නිසාඅයවැයගැන ලෝකේ පුරාම ඉන්න ශ්රී ලාංකිකයන්ගේ උන්නදුව වැඩි වෙලා තියනවා. අතරේ එළැඹෙන නොවැම්බර් 26 වනදා එනම් තව සති දෙකක විතර කාලයකින් එක්සත් රාජධානියේ ලබන වසර සදහා වන අයවැය හෙවත්සරත් සෘතුවේ ප්රකාශයබ්රිතාන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බ්රිතාන් පාර්ලිමේන්තුවේ අයවැය කියවීමට නියමිතව තිබෙන්නේ බ්රිතාන්යයේ මුදල් අමාත්යවරයා හෙවත් චාන්සලර්වරිය ලෙස හැදින්වෙන රේචල් රීව්ස්

මෙවර බ්රිතාන් අයවැය ගැන අනාවැකි පළකරන බොහෝ ආර්ථික විශේෂඥයන් හා මාධ් නම් කියන්නේ මෙවර අයවැයෙන් බදු වැඩිකිරීමට නියමිතයි කියලා. මේ ගැන චාන්සලර්වරියගෙන් අහන හැම තැනදිම ඇය එයට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නේ නෑ. පහුගිය 10 වෙනිදා BBC සමග පැවති සාකච්ඡාවකදීත් බදු වැඩිකරන්නේද යන්න අහපු ප්රශ්නයට ඇය ලබා දුන්නේ අසීරු තීර්ණ ගන්නට තමන්ට සිදුවනු ඇති බවයි. තවමත් අයවැය යෝජනා අවසන් කර නැතැයි ප්රකාශ කරන රේචල් රීව්ස් කියා සිටියේ බදු වැඩිකිරීම සහ වියදම් කප්පාදු කිරීම යන දෙකෙන් රටට සුදුසු එක තෝරා ගැනීමට තමන් පසුබට නොවන බවයි.

කම්කරු රජයේ මේ බදුවැඩිකිරීමේ සූදානම වඩාත් ආණ්දෝලනාත්මක වෙන්නේ පසුගිය වසරේ එනම් 2024 වසරේදී ඔවුන් බලයට පත්වීමේදී ලබාදුන් මැතිවරණ ප්රකාශයේ පැහැදිලිවමවැඩකරන ජනතාව මත බදු වැඩි නොකරන බවටලබා දුන් පොරොන්දුව. ලංකාවෙදි නම් මැතිවරණ පොරොන්දු අමු අමුවේම උල්ලංඝණය කිරීම අතිශය සාමාන් උනාට බ්රිතාන් වගේ රටකදි මැතිවරණ ප්රතිපත්ති ප්රකාශයේ ප්රධාන පොරොන්දුවක් මෙහෙම උල්ලංඝණය කිරීම ඉතාම බරපතල කාරණාවක් වෙනවා.

කම්කරු පක්ෂ මැතිවරණ ප්රකාශයේ සදහන් වන ආකාරයට සිය රජයක් යටතේ ආදායම් බදු, ජාතික රක්ෂණ අරමුදල හෝ VAT බදු කිසිසේත්ම වැඩි නොකරන බවට පොරොන්දු වෙලා තියනවා. ඒත් චාන්සලර්වරිය මේ සූදානම් වෙන්නේ බලයට ඇවිත් අවුරුද්දක් යනකොට මැතිවරණ පොරොන්දුව කඩ කරන්න. ගැන ඇහුවම රේචල් රීව්ස් කියන්නේ මැතිවරණ ප්රතිපත්ති ආකාරයටම රැකිය හැකි නමුත් එසේ උවහොත් විශාල වශයෙන් ප්රග්ධන වියදම් කපා හැරීමට සිදුවන බවයි. ඇය කියන්න උත්සාහ කරන්නේ බදු වැඩි නොකරොත් යටිතල පහසුකම් මත රජය දරණ වියදම් කපා හරින්න සිදුවන බව.

චාන්සලර්වරියට අනුව මෙවර බ්රිතාන් අයවැයෙහි බලාපොරොත්තු වන්නේ ජීවන වියදම, රාජ් ණය බර සහ NHS පොරාත්තු ලේඛණ අඩු කිරීමයි. මේ අරමුණු තුන ඉටු කරගැනීමට නම් රාජ් ආදායම ඉහළ නැංවීම අනිවාර්ය් වෙනවා. එහෙනම් බදු වැඩිවීම බොහෝදුරට සිදුවිය හැකිය. නිවරදි අවස්ථාවේ නිවරදි තීරණ ගැනීම හැම විටම පහසු නොවන බවයි රේචල් රීව්ස්ගේ අදහස වන්නේ. වගේම පසුගිය රජය මගින් යටිතල පහසුකම් සංවර්ධනය සදහා සිදුකල ආයෝජන අඩුකිරීමෙන් බ්රිතාන් ජනතාව මුහුණ දෙන දුශ්කරතා ගැනද චාන්සලර්වරිය සිහිපත් කරනවා. කෙසේ වෙතත් තව සති දෙකකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මේ සියළු ප්රශ්න සදහා පිළිතුරු ලබාදෙනු ඇති.

 

තිලාන් ජයසේකර 

25-11-20

ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද?

ක්රිප්ටෝ කරන්සි යනු ඩිජිටල් (Digital) හෝ අන්තර්ජාලය තුළ පමණක් පවතින මුදල් වර්ගයකි. මෙය බැංකුවක් හෝ රජයක පාලනයකින් තොරව ක්රියාකරන, පරිශීලකයන් අතර සෘජු ගනුදෙනු සඳහා නිර්මාණය කර ඇති පද්ධතියකි.

 

උදාහරණ ලෙස:

  • Bitcoin (BTC)
  • Ethereum (ETH)
  • Binance Coin (BNB)
  • Solana (SOL)
  • Ripple (XRP)

ඇතුළු තවත් දහස් ගණනක් ක්රිප්ටෝ මුදල් වර්ග පවතී.

 ක්රිප්ටෝ කරන්සි ක්රියා කරන විදිහ

 

ක්රිප්ටෝ මුදල් පදනම් වී ඇත්තේ Blockchain කියන තාක්ෂණය මතය.

Blockchain එක යනු ගනුදෙනු සියල්ල සටහන් කරුණු සහිත, විවෘත හා ආරක්ෂිත ඩිජිටල් පොත්පොතක් වගේ එකක්.

 

මෙහිදී:

  • ගනුදෙනු සත්යාපනය (verification) කෙරෙයි විශේෂ “miners” හෝ “validators” විසින්,
  • සඳහා ඔවුන්ට reward (උපහාරයක් ලෙස නව ක්රිප්ටෝ කාසි) ලැබේ,
  • හේතුවෙන් පද්ධතියක් මත විශ්වාසය තබාගත හැක.

 ක්රිප්ටෝ මුදල් වල ප්රධාන වාසියන්

  1. අධික ආරක්ෂාව – Blockchain තාක්ෂණය හේතුවෙන් දත්ත ව්යාජ කිරීම අතිශය අසීරුය.
  2. ඉක්මන් ගනුදෙනුවිශේෂයෙන් ජාත්යන්තර මුදල් යැවීම සඳහා වේගවත් සහ සෘජුය.
  3. තනතුරු රහිත පාලනයක්රජයක් හෝ බැංකුවක් මත පාලනයක් නැති නිසා, පරිශීලකයාටම සම්පූර්ණ අධිකාරිය ලැබේ.
  4. ආයෝජන අවස්ථාබොහෝ අය ක්රිප්ටෝ මුදල් මිල වැඩිවීම හේතුවෙන් ලාභය ලබාගනී.

අවදානම් සහ අවශ් සැලකිලි

  1. මිල වෙනස්කම් වැඩියි – Bitcoin වගේ මුදල් වල මිල දිනකට බොහෝ වෙනස් විය හැක.
  2. වංචා සහ ඩිජිටල් අවදානම්හොඳින් නොදන්නා ව්යාපාර හෝ “scams” වලින් අනතුරු පවතී.
  3. නීතිමය අස්ථාවරතාවයසමහර රටවල ක්රිප්ටෝ තහනම් හෝ සීමා කර ඇත.
  4. මතක තබාගත යුතු කීස්ඔබේ “wallet” කේතය නැතිවුණොත් මුදල් නැවත ලබාගත නොහැක.

ශ්රී ලංකාවේ ක්රිප්ටෝ තත්ත්වය

 

ශ්රී ලංකාවේ දී ක්රිප්ටෝ ගනුදෙනු නීතිවලින් තහනම් නොකළත්, මධ්යම බැංකුව විසින් එය අවධානයෙන් භාවිතා කළ යුතු බව අනතුරු අඟවයි.

නිසා, ආයෝජන කිරීමට පෙර විශ්වාසනීය “exchange” සේවාදායකයන් (උදා. Binance, Coinbase, Kraken) ගැන හොඳින් පරීක්ෂා කිරීම වැදගත්ය.

 නිගමනය

 

ක්රිප්ටෝ කරන්සි යනු අනාගතයේ මුදල් පද්ධතියක් ලෙස සැලකිය හැකි නව තාක්ෂණික විප්ලවයකි.

එහෙත්, මෙය ආයෝජන මගක් ලෙස භාවිතා කරන විට දැනුම, පරීක්ෂාව සහ අවධානය අත්යවශ් වේ.

අහිමි හිමිකරු

25-11-18

ඡායාරූපයක සැඟවුණු සන්සුන්ස ල ෝකය

දිලෙන්ස දිෙ කාර්යබහු වෙ ෝකලේ, මිනිසාට මාෙසික ආතතිය යනු නුහුරු ලෙයක් ලොලේ. රැකියාලේ

පීඩෙය, පවුලේ ගැටලු, සහ ජීවෙ අභිලයෝග හමුලේ සිත සන්සුන්ස කර ගැනීම අෙ ලබාලහෝ ලෙලෙකුට

අභිලයෝගයකි. ලේ සියලු පීඩෙයන්ස අතරින්ස ඔබට මිලෙන්සෙට, ඔලේ සිත නිවා ගන්සෙට, නිර්මාණශීලී

විලෙෝොාංශයක් තිබීම අතිශය වැෙගත් ලේ. සඳහා අපට ඇති අපූරුම විලෙෝොාංශයක් වන්සලන්ස ෙේ

ඡායාරූපකරණයයි. එය හුලෙක් පින්සූර ගැනීමකට එහා ගිය, ආත්ීය ුවයක් ලගෙ ලෙෙ චිකිත්සාවක්

කිවලහාත් නිවැරදිය.

 

සාංලේදී ෙෑසක් ලමන්සම සන්සුන්ස මෙසක්

ඡායාරූපකරණය විලෙෝොාංශයක් ලතෝරා ගැනීලමන්ස මාෙසික ආතතිය අඩු කර ගන්සලන්ස ලකලසේෙ?

ලමහි ඇති ප්රධාෙම රහස වන්සලන්ස, එය අපව වර්තමාෙ ලමාලහාතට ලගෙ ඒමයි. ෙවස පුරා අපලේ සිලතහි

අතීතලේ කෙගාටු සහ අොගතලේ බිය අතර ලෙෝ ෙය වෙ විට, කැමරා කාචයකින්ස ෝකය ලෙස

ලමාලහාතකින්ස පවා, සිත එහිම සන්සුන්ස ලේ.

ලහාඳ ගුණාත්මක ඡායාරූපයක් ගැනීමට ෙේ, ඔබ ආල ෝකය (Lights), වයෙය (Texture), වර්ණ, සහ

සාංයුතිය (Composition) ලකලරහි ෙැඩි අවධාෙයක් ලයාමු කළ යුතුය. එලමන්සම මෙස නිරවුේ කර ගනිමින්ස

අවධාෙය සඳහා බාදිය යුතුය.ලමය භාවොවකදී ලමන්ස මෙස සන්සුන්ස කරයි. ඔලේ සිලත් ඇති අෙවශය

සිතුවිලි සහ පීඩෙයන්ස ඉවත් වී, ඔබ ලේ ලමාලහාලත් ෙකිෙ ලේ ලකලරහි පමණක් අවධාෙය ලයාමු වීලමන්ස,

ආතතිය සේවභාවිකවම පහව යයි.කැමරාවක් ලහෝ smart දුරකථෙයක් රැලගෙ එළිමහෙට යෑම යනු,

පරිසරය සමඟ සේබන්සධ වීමයි.එෙේ බාහිර සමාජය සමඟ ගැටීමයි. සේවභාවධර්මලේ ඇති ුන්සෙරත්වය

ගසක ලකාළයක්, ලපත්තක්, ලවරලළේ රළ ලපළක් ලහෝ හිරු බැස යෙ ෙුෙක්ඔබ ලවෙත්

ලකෝණයකින්ස ෙකින්සෙට පටන්ස ගනී. ලමම ලසාබාෙහේ ුන්සෙරත්වය විඳීම, ඔබලේ මාෙසික ුවතාවයට

සෘජුවම පායි. එය හුලෙක් ඡායාරූපයක් පමණක් ලොව, ඔලේ ඇවිදීම, ෙැවුේ වාතය ැබීම සහ ශාරීරික

වයායාමය වැඩි දියුණු කරයි.

 

ඡායාරූපකරණය යනු, ඔලේ හැඟීේ සහ අෙහසේ ප්රකාශ කිරීලේ එක් මාර්ගයකි. ඔබ දුටු ුන්සෙරත්වය ලහෝ

ඔබට ෙැනුණු සාංලේෙෙයක් ඡායාරූපයක් තුළින්ස සටහන්ස කිරීම, සිතට විශා තෘප්තතියක් ලගෙ ලෙයි. ඔලේ

කැමරා කාචය තුළින්ස ඔබ නිර්මාණය කරෙ කතාව, ඔලේ ලපෞේගලික ලේෙොවන්සලගන්ස ලහෝ

පීඩෙයන්සලගන්ස ඔබව මුෙවා ගනී.එලමන්සම එය නිර්මාණශීලී ප්රකාශෙයකි. ලමය ආත්ම අභිමාෙය වැඩි

දියුණු කරෙ ඉතා වැෙගත් ක්රියාවලියකි.මතක තබා ගන්සෙ, ඡායාරූපකරණය ඔබට ආතතිය අඩු කර ගැනීමට

උපකාරී වන්සලන්ස, ඔබ එය තරඟයක් ලොෙකින්සලන්ස ෙේ පමණි. වැඩිම යික් ගණෙක් ලහෝ වැඩිම

අනුගාමිකයන්ස පිරිසක් බා ගැනීම ලවනුවට,ජීවිත තරඟලයන්ස මඳකට මිදී, තම සතුට ලසායා ගැනීමට ෙේ

ඔබ ගන්සො සෑම ඡායාරූපයකින්සම සතුටක් ැබීමට උත්සාහ කරන්සෙ.

 

කුඩා ලේකින්ස පවා එහි ලවෙසක් හඳුොලගෙ,තවලකකු ලොෙකිෙ යමක් ඔබ ෙකිෙවා ෙේ සැබවින්සම

ඔබයි.ඔබ ෙකිෙ ලේ ලොලේ තවලකකු ෙකිනුලේ,එලසේ ෙේ ඔලේ ලහාඳම මිතුලරකු ලමන්ස ජීවිතලේ

දුෂේකරතා මධයලේ, සිත නිවා ගන්සෙටකැමරා කාචයඔබට ුවිලශේෂී ලමව මක් පමණක් වනු

ලොඅනුමාෙය. ඔබ වටා ඇති ුන්සෙරත්වය කාචයට හු කර ගන්සො අතරතුර, ඔලේ මෙසට ැලබෙ

සන්සුන්ස බව වචෙලයන්ස විසේතර කළ ලොහැකි තරේය.දිවිලේ ඒකාකාරීත්වයට අභිලයෝග කරෙ, සිත නිවෙ

ලේ වලේ විලෙෝොාංශයක් ඔබට තවමත් ෙැතිෙ?

 

එලසේෙේ, ඔලේ කැමරාව අතට ගන්සෙ. ඔලේ නිර්මාණශීලී ෙෑසින්ස ෝකය විඳින්සෙ. ආතතිය දුරු කර,

ජීවිතය ුන්සෙර කරගන්සෙ!

 

රවිශානි ලක්ශාලිකා

කැ ණිය විශේවවිෙයා ය

25-11-15

වරද සැමදාම වරදක් විය යුතුම ද?

වරද එසසේත් නැතිනම් වැරැද්ද යන වචනය ඇසූ සැනින් ඕනිම සෙසනක්සේ සිතට කුතුහලයක් ප්රමුඛ වූ

බියක් දැසනන්නට ගනී. එය එසසේ වන්සන් සියල්ලක්ම පාසහේ වරදට මහා බියක් දක්වන නිසාසවනි. සෙසසේ

සවතත් සියල්ලක්ම වරදට බිය විය යුතුමය. එසසේත් සනාමැති වුවසහාත් සමම සමාජය තුලිතව

පවත්වාසගන යාමට සනාහැකි වනු ඇත.

නමුත් අදවන විට සමාජය තුළ මිනිසුන් වරසද් බැසදන අවසේතා ප්රමාණය ඉහළ සගාසේ ඇත. මිනිසුන් වැරදි

ෙරන ප්රමාණය ඉහළ යන විට එම වැරදිෙරුවන්ට දඩුවම් ලබා දීමට අවශ් ෙරන නීතිය ක්රියාත්මෙ ෙරන

ආයතන වැඩි වශ්සයන් සේතාපනය ෙරනු ඇත. අනුව සපාලීසි, උසාවි, බන්ධනාගාර දිසනන් දින වැඩි වන

වැරදිෙරුවන්, අපරාධෙරුවන් සමල්ල කිරීමට පිහිටුවනු ඇත. සම් ආොරයට මිනිසුන් වරසද් බැදීම අවම

ෙරගැනීමට නම් මිනිසාට කුඩා ෙළ සිටම නිසි අධයාපනයක් ලබා දිය යුතුය. කුඩා දරුසවක් හට ලබා සදන

අධයාපනය පළමුසවන්ම ආරම්භ වන්සන් නිවසසනි. එය ප්රාතමිෙ සමාජානුසයෝජනය සලස හදුන්වයි.

ඉන්පසු සදවැනියට අධයාපනය ලබා සදන්සන් පාසසලනි. එය ද්ීතීයිෙ සමාජානුසයෝජනය සලස නම්

සෙසේ. අනුව පාසල යනු මිනිසුන්සේ යහපත නිේමාණය කිරීමට විශ්ාල කර්ර්යභාරයක් ඉටු ෙරන සමාජ

ආයතනයකි. “එක් පාසලක් වැසසන විට බන්ධනාගාර තුනක් ඇසේයනුසවන් පවතින ප්රසිද්ධ කියමන

ඇතිීමට පාසල සතුව පවතින වැදගත්ෙම මහත් සසේ ඉවහල් වන්නට ඇත.

අනුව කුඩා ොලසේ සිටම නිවසින් සහෝ පාසසලන් ලැබිය යුතු අධයාපනය නිසි පරිදි සනාලැබීම

නිසාසවන් මිනිසසකු කුඩා ෙළ සිටම සනාමග යෑසම් ප්රවණතාවයක් පවතී. නිසාම දරුවන්ට කුඩා

අවධිසේ සිටම නිසි අධයාපනයක් ලබා දීම සදමාපියන්සේ හා ගුරුවරුන්සේ විශ්ාල වගකීමකි. ඕනෑම

පුද්ගලයකු ඕනෑම සදයක් එක්වරම නිවැරදිව සිදු ෙරන්සන් නැත. සමය අතීත විද්වතුන් යම් යම් නයායන්

හරහා සාෙච්චා සොට ඇත. එයට ෙදිම නිදසුනක් වන්සන් . එල්. සතෝන්සඩායික් විසින් ඉදිරිපත් ෙරනු

ලැබූ තැත් වරද ඉසගනුම් නයායයි. සමය මුලින්ම සයාදාගත්සත් සතුන් හටය. සතුන් පරීක්ෂාවට සයාදාසගන

වැරදි වැරදි ඔවුන් නිවැරදි සද් සිදු කිරීමට ෙටයුතු ෙරන ආොරය සමහි දී පරීක්ෂා ෙරන ලදී.

ආොරයටම මිනිසාට සමය සයාදාගැනීමට හැකි සේ. එහි දී වැරැද්දක් සිදුවන විට එයට ඍජුවම දඩුවමක්

ලබා සදනවා සවනුවට සිදුෙළ වැරැද්ද පිළිබදව නිසි අවසබෝධයක් ලබා සදමින්, එසලස වැරැද්ද සිදු කිරීසමන්

සිදුවන අලාභයන් ගැන මනාව වටහා ගැනීමට අවොශ් සලසමින් නැවත එවන් වැරදි සිදු සනාකිරීමට

වගබලා ගැනීමට උගන්වනු ලබයි. වසේම නිවැරදි සදයක් සිදුෙළ විට එයට ප්රශ්ංශ් ෙරමින් තයාග ලබා

දීසමන් තව තවත් එවන් සද්වල් සිදු කිරීමට දිරිගැන්ීම් එෙතු ෙරනු ලැසේ. සමය තයාග හා දඩුවම්

ෙරමසේදය සලස හදුන්වයි.

අදවන විට සමාජය තුල මිනිසුන් සිදු ෙරන සෑම වැරදි ක්රියාවෙටම ඉතාමත් පහසුසවන් නිවැරදි සද්

අවසබෝධ ෙරවමින් ඒවා සාමනයෙරණය කිරීමට සනාහැකි වුවත් සිදුෙරනු ලබන වැරැද්දට නිසි දඩුවම්

පැමිනීමකින් පසුව සහෝ එම තැනැත්තන්ව සාමානය සමාජයට එෙතු ෙරගනිමින් ඔවුන්ව නැවතත් වරදට

 

සපළඹීමට ඇති ඉඩ අවම කිරීමට හැකි සේ. නමුත් සමාජය සතය වශ්සයන්ම සිදු ෙරන්සන් එය ?

වැරැද්දක් සිදු වූ විට එයට දඩුවම් ලැබීසමන් අනතුරුව එම පුද්ගලයා සදස වැරදිොරයා යන සෙෝණසයන්ම

බැලීම හා ආොරයටම සැලකීම නිසා තව තවත් එම තැනැත්තා වරසද් බැසදනවා මිස නිවැරදි මාවතට

පැමිනීමට ඇති ඉඩ ෙඩ සම්ූේණසයන්ම ඇසිරී යනු ඇත.

නමුත් සමසේත සමාජයටම එෙට එෙතු වැරදිෙරුවන් සලස හංවඩු ගසා ඇති පුද්ගලයන් හට ඔවුන්ට සුදුසු

දඩුවම් පැමිණීසමන් පසු ඔවුන් සදස ොරුණිෙව බලමින් නිවැරදි මාවතෙට පැමිසණන සතක් ඔවුන්ට

උපොර කිරීමට හැකි නම් සමම සමාජය තිසබනවාටත් වඩා සුන්දර තැනක් වනවා නියතය. නිදසුනක් සලස

ගතසහාත් තමාසේ ආත්මාරක්ෂාවට මිනිමැරුමක් සිදු ෙල පුද්ගලසයක් බන්ධනාගාරගත පැමිණි විට එම

තැනැත්තාට එම ක්රියාව ගැන පසුතැීමට සහෝ ඉඩක් සනාතබාම ඔහු සෙසරහි මිනීමරුවා යන

දෘෂේිසෙෝණසයන් දිගින් දිගටම බැලීසමන් එම තැනැත්තා තම වැරද්ද නිවැරදි ෙරගන්නවා සවනුවට තවත්

වරසද්ම ගිලී යයි. බියක් සනාමැතිවම වැරදි සිදු ෙරයි. අනුව ගත් විට වැරදි පුද්ගලයකු නිවැරදි පුද්ගලයකු

බවට පත් කිරීමටත්, නිවැරදි පුද්ගලයකු වැරදි පුද්ගලයකු බවට පත් කිරීමටත් ඇති වගකීම නිවැසියන්ට

හා ගුරුවරුන්ට සමන්ම සමසේත සමාජයටම පවතින්නකි.

නිසාම වරද වරදක් සලසම සෑමදාම පැවතිය යුතු නැත. ඕනෑම වැරද්දක් නිවැරදි කිරීමට හා නිවැරදි

ෙරගැනීමට සෑම පුද්ගලසයකුටම අවොශ් සැලසිය යුතුමය.


චසමෝදයා එදිරිසිංහ

25-11-14

එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය.

එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ්යාවන්ගේ සංගමය (Devi Past Pupils’ Association of the United Kingdom – Devi PPA UK) 1991 දී එක්සත් රාජධානියේ පදිංචි වූ ආදි දේවි බාලිකාවන් විසින් ස්ථාපිත කරන ලදී. 2026 දී මෙමෙ සංගමය “Coral Anniversary” සන්ධිස්ථානයට ළඟාවීම, සංවිධානය ස්ථාපනය කිරීමට උර දුන් අයගේ අනගි ජයග්රහණයකි. පසුගිය අවුරුදු 34 පුරා මෙම සංගමය කටයුතු කොට ඇත්තේ මූලික අරමුණු දෙකක් සාක්ෂාත් කරගැනීමටයි.
ශ්රී ලංකාවේ දේවි බාලිකා විද්යාලයේ ශිෂ්යයන්ගේ අධ්යාපනය ඉදිරියට ගෙන යාම සඳහා අධ්යාපනික සම්පත් හා ආර්ථික ආධාර සැපයීම.
එක්සත් රාජධානියේ පදිංචි පුරවැසිවරුන්, ගුරුවරුන් සහ පවුල් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම.
2025 අගෝස්තු මාසයේදී මෙම සංගමය නිල වශයෙන් සත්කාරක ආයතනයක් (charitable organisation) ලෙස ලියාපදිංචි කරන ලදී. වසර පුරා සංස්කෘතික වැඩසටහන් සහ අනෙකුත් උළෙලවල් උළෙලවල් සංවිධානය කරමින්, පවත්වාගෙන යමින්, එකී අවස්ථාවන් වල රැස්වෙන මූල්යමය සම්පත් ප්රධාන වශයෙන්මඋපාධිධාරී ශිෂ්යත්ව වැඩසටහනසඳහා යෙදවීම සුවිශේෂී කාර්යයක් ලෙස නම් කල හැක. 2003 දී ආරම්භ වූ මෙම සත්කාර වැඩසටහන, විශ්වවිද්යාල, අධ්යාපනික ගැටළු හා ආර්ථික අපහසුතා අත්විඳින දේවි ශිෂ්යාවන්ගේ වෙනුවෙන් වැයවේ. 2009 දී සම්මත වීමෙන් අනතුරුව මෙම සංගමය විසින් ශිෂ්යත්ව ලබාදුන් සිසුවියන් පිරිස 100කට වැඩි සංඛ්යාවක් වෙයි. මෙම සහාය ඔවුන්ට ඔවුන්ගේ අධ්යාපනික සිහිනයන් ඉටු කර ගැනීමට හා විවිධ වෘත්තිමය ක්ෂේත්රවලට පිවිසීමට උපකාරී වී ඇත. එමඟින් ශ්රී ලංකාවේ බුද්ධිමය හා වෘත්තිමය ප්රජාවට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.

දේවි ආදි ශිෂ් සංගමය සංවිධානය කල සංස්කෘතික උත්සවයන් අතරින්දේවි කලා උළෙලමුල් තැනක් ගනී. 2024 සැප්තැම්බර් මාසයේදී සාහිත් මාසය සමරමින් මුල්වරට පැවැත්වුණු දේවි කලා උළෙල මෙවරද අතිසාර්ථක ප්රවේශයක් ගනිමින්, සහෝදර පාසල් වල ආදි සිසු සංගම්ද එක් රොක් කරගනිමින්, 2025 සැප්තැම්බර් 21 වැනිදා, Watford Grammar School for Boys හි James Theatre හිදී දෙවන වරටත් පැවැත්විණි. එක්සත් රාජධානියේ ආදි සිසු සංගම් 20කට ආසන්න සංඛ්යාවක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, සම්ප්රදායික සංගීත, නර්තන, නාට්, සහ ගැහැණු හා පිරිමි කණ්ඩායම් අතර තරග විවාදයන්ද මෙහි විශේෂාංග විය.
කවිය, කෙටිකතා, හා ලිවීමේ වෙනත් කලාවන් සදහා තරගද පැවැත්විණි. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කරන ලද මෙම තරගවල ජයග්රාහීන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වය පිළිබඳව සම්මාන පිරිනමන ලදී.

එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ් සංමයෙහි ක්රියාකාරකම් විශ්වාසනීයව මඟ පෙන්වනු ලබන කමිටුවකින් සංවිධානය වන අතර, 2025/2026 වර්ෂයට ගයනි වීරසිංහ මහත්මිය සභාපතිනිය ලෙසත්, ගෝතමී වීරකෝන් මහත්මිය උප සභාපතිනිය ලෙසත් කටයුතු කරයි. ඊට අමතරව ,ඉමල්කා රත්නායක සහ තේජා කලුබෝවිල මහත්මීන් සම ලේකම් ලෙසත්, ජෙනිෆර් පෙරේරා මහත්මිය භාණ්ඩාගාරික ලෙසත්, උදේනි සමරවික්රම මහත්මිය උප භාණ්ඩාගාරික ලෙසත් මේ වසරේ කටයුතු කරයි. මෙම වසරේ පැවැත්වූ දේවි කලා උළෙලෙහි සේයාරූ කිහිපයකින් ලිපිය හැඩ ගන්වමින්, එක්සත් රාජධානියේ දේවි ආදි සිසුවියන්ගේ සංගමයට තව තවත් දිරිය සවිය ප්රාර්ථනා කරමි.

 

සේයාරූප්රනීත් හෙට්ටිආරච්චි



දිමුතු සේනාදි

25-11-13

Facebook Monetization

ඔන්න අද අපි අරගෙන ඇවිත් තියෙනවා මේ දවස් වල trending මාතෘකාවක් ඉතින්

ඔයාලත් මේක කියවලා අපි Magazine හා එක් වෙනවාට ඔයාලා හැමෝටම ගොඩාක්

ස්තූතියි.ඩිජිටල් ලෝකයේ අන්තර්ගත නිර්මාණය (Content Creation) යනු තවදුරටත්

විනෝදාංශයක් පමණක් නොවේ. එය මුදල් ඉපයිය හැකි, වෘත්තීය මට්ටමේ ක්ෂේත්රයකි.

ශ්රී ලංකාවේ සිටින Facebook භාවිතා කරන ඔබටත් ඔබේ නිර්මාණශීලී අන්තර්ගතයන්

මුදල් බවට පත් කර ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.

මෑතකදී ශ්රී ලංකාවට Facebook Monetization පහසුකම නිල වශයෙන් විවෘත කිරීමත්

සමඟ, සිංහල භාෂාවෙන් අන්තර්ගතයන් නිර්මාණය කරන අපේ රටේ නිර්මාණකරුවන්ට

සිය වීඩියෝ, රීල්ස් (Reels), සහ අනෙකුත් පළ කිරීම් හරහා සෘජුවම මුදල් ඉපයීමේ

 

හැකියාව ලැබී ඇත.

මෙම ලිපියෙන් Facebook Monetization යනු කුමක්ද, එයින් මුදල් උපයන්නේ කෙසේද, සහ

ඊට සුදුසුකම් ලැබීමට අවශ් දෑ ගැන සවිස්තරාත්මකව දැනුවත් වෙමු.

 

Facebook Monetization යනු කුමක්ද?

Facebook Monetization යනු අන්තර්ගත නිර්මාණකරුවන්ට (Creators) ඔවුන්ගේ Facebook

පිටු (Pages) හෝ වෘත්තීය ගිණුම් (Professional Accounts) හරහා මුදල් ඉපයීමට Facebook

විසින් සපයන මෙවලම් සහ වැඩසටහන් සමූහයකි. ඔබේ අන්තර්ගතය නරඹන පිරිස

(Audience) සහ ඔවුන්ගේ නියැලීම (Engagement) මත පදනම්ව ඔබට මුදල් ඉපයීමට

මෙයින් අවස්ථාව ලැබේ.

මුදල් ඉපයීමේ ප්රධාන ක්රම (Key Monetization Tools)

මෑත කාලීන යාවත්කාලීන කිරීම් අනුව Facebook විසින් සිය මුදල් ඉපයීමේ වැඩසටහන්

ඒකාබද්ධ කර Facebook Content Monetization Program නමින් නව වැඩසටහනක් හඳුන්වා

දී ඇත. කෙසේ වෙතත්, සාමාන්යයෙන් පහත සඳහන් ආකාරයට ඔබට මුදල් උපයා ගත

හැක.මම ක්රම මේ විදියට ලියන්නම් කරුණු වශයෙන්.

 

  1. In-Stream Ads (වීඩියෝ තුළ දැන්වීම්)

දිගු වීඩියෝ (අවම වශයෙන් මිනිත්තු 3ක්) අතරතුර ධාවනය වන කෙටි දැන්වීම් හරහා

ආදායමක් ලැබෙන ක්රමය මෙයයි.

  • සුදුසුකම් අවශ්යතා (සාමාන්යයෙන්):
  • අවම වශයෙන් Followers 10,000 ක් සිටිය යුතුය.
  • පසුගිය දින 60 තුළ මිනිත්තු 600,000 නැරඹුම් කාලයක් (Watch Time) සම්පූර්ණ කර

තිබිය යුතුය.

  • සක්රීය වීඩියෝ 5ක් වත් තිබිය යුතුය.
  1. Ads on Reels (රීල්ස් දැන්වීම්) සහ Performance Bonus

 

මෙය කෙටි වීඩියෝ (Reels) හරහා මුදල් ඉපයීමේ ක්රමයකි. ඔබගේ Reels හි දර්ශන වාර

(Views) සහ නියැලීම (Engagement) මත පදනම්ව ආදායමක් ලැබේ.

  • Facebook Content Monetization වැඩසටහන යටතේ Reels, වීඩියෝ, ඡායාරූප, සහ සරල

 

text posts පවා ඒවායේ කාර්ය සාධනය (Performance) මත පදනම්ව මුදල් ඉපයීමට

සුදුසුකම් ලබයි. මෙම නව වැඩසටහනට ආරාධනා (Invite-only) ලැබීමෙන් හෝ

Professional Dashboard හරහා ඔබගේ උනන්දුව ප්රකාශ කිරීමෙන් (Express Interest)

සම්බන්ධ විය හැක.

  1. Stars (තාරකා)

නරඹන්නන්ට ඔවුන් කැමති නිර්මාණකරුවන්ට සජීවී (Live) වීඩියෝ හෝ සාමාන්

වීඩියෝ නරඹන අතරතුර 'Stars' මිලදී ගෙන යැවිය හැක. ලැබෙන සෑම Star එකක්

සඳහාම නිර්මාණකරුට මුදල් හිමි වේ.

  • සුදුසුකම් අවශ්යතා:
  • Facebook හි ප්රතිපත්ති වලට අනුකූල වීම.
  • අඛණ්ඩ දින 30ක් පුරා අවම වශයෙන් Followers 500 ක් සිටිය යුතුය.
  • වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුය.

 

  1. Fan Subscriptions (අනුගාමික දායකත්ව)

අනුගාමිකයින්ට මාසික ගාස්තුවක් ගෙවා ඔබේ පිටුවේ සුවිශේෂී අන්තර්ගතයන්

(Exclusive Content) සහ විශේෂ වරප්රසාද ලබා ගැනීමට මෙයින් අවස්ථාව ලැබේ.

  • සුදුසුකම් අවශ්යතා:
  • අවම වශයෙන් Followers 10,000 ක් හෝ නිරන්තරයෙන් පැමිණෙන නරඹන්නන් 250+

ක් සිටිය යුතුය.

  • අදාළ Engagement අවශ්යතා සපුරා තිබිය යුතුය.

Facebook Monetization සඳහා ශ්රී ලංකාවේ නිර්මාණකරුවන් සූදානම් විය යුත්තේ කෙසේද?

මුදල් ඉපයීමට සුදුසුකම් ලැබීමට පෙර පහත මූලික කරුණු කෙරෙහි අවධානය යොමු

කිරීම අත්යවශ් වේ.

 

  1. නීතිරීතිවලට අනුකූල වන්න
  • Partner Monetization Policies: Facebook හි මූලික නීතිරීති හා ප්රමිති වලට අමතරව මුදල්

 

ඉපයීම සඳහා වන විශේෂ ප්රතිපත්ති (Partner Monetization Policies) පිළිබඳව දැඩි

අවධානයක් යොමු කරන්න.

  • ප්රකාශන හිමිකම් (Copyright) ගැටළු: වෙනත් අයගේ වීඩියෝ, සංගීතය හෝ ඡායාරූප

අවසරයකින් තොරව භාවිතා කිරීමෙන් වළකින්න. මුදල් ඉපයීමට නම් ඔබේ

අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ඔරිජිනල් (Original) විය යුතුය.

  1. ගුණාත්මක අන්තර්ගතය (Quality Content)
  • අගය එකතු කරන්න: ඔබේ නරඹන්නන්ගේ ගැටළු විසඳන, ඔවුන්ට දැනුම හෝ

විනෝදය ලබා දෙන ගුණාත්මක සහ ආකර්ශනීය අන්තර්ගතයන් නිතිපතා පළ කරන්න.

  • නියැලීම වැඩි කරන්න: ප්රශ්න අසමින්, අදහස් (Comments) වලට පිළිතුරු දෙමින්, සහ

සජීවීව (Live) විකාශනය කරමින් නරඹන්නන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා

ගන්න.

 

  1. සුදුසුකම් පරීක්ෂා කිරීම සහ සැකසීම
  • Meta Business Suite / Professional Dashboard: ඔබේ පිටුව හෝ ගිණුම අවශ්යතා සපුරා

ඇත්දැයි පරීක්ෂා කිරීමට සහ Monetization මෙවලම් සකස් කිරීමට මෙම වේදිකාව

භාවිතා කරන්න.

  • Monetization Tab: Meta Business Suite හි ඇති Monetization කොටසට ගොස් ඔබේ පිටුවට

විවෘත වී ඇති මෙවලම් සහ ඒවාට සුදුසුකම් ලැබීමට අවශ් දෑ පරීක්ෂා කරන්න.

 

  1. ගෙවීම් සැකසීම (Payout Setup)
  • මුදල් ඉපයීම ඇරඹීමෙන් පසු ඔබට ඔබේ බැංකු ගිණුම (බැංකු විස්තර, Swift Code

ආදිය) සහ අනෙකුත් ගෙවීම් තොරතුරු Facebook හා සම්බන්ධ කිරීමට අවශ් වනු ඇත.

ශ්රී ලංකාවට මේ සඳහා විදේශ මුදල් හුවමාරු කළ හැකි ගිණුම් අවශ් වේ.

 

Facebook Monetization යනු එක රැයකින් ධනවත් වන මාර්ගයක් නොවේ. එයට කැපවීම,

නිරන්තරයෙන් ගුණාත්මක අන්තර්ගතයන් සැපයීම සහ Facebook නීතිරීතිවලට ගරු

කිරීම අවශ් වේ. ශ්රී ලංකාවේ නිර්මාණකරුවෙකු ලෙස, මෙම අවස්ථාවෙන් උපරිම

ප්රයෝජන ගෙන, ඔබේ දක්ෂතා මුදල් බවට පත් කර ගැනීමට මෙය රන් අවස්ථාවකි!

 

P.K.D.Manujaya

(BSc Hons. In Computer Science, Social Media Strategists, Dip in HRM, Dip in Finance

Management, Dip in Production Management , Dip in Sales Management )

+9476 2209299

Www.dilshanmanujaya.com

Yes.manujaya@gmail.com