නායකත්වය හෙට නෙවේ අදම ලබා ගමු

නායකත්වය යනු යම්කිසි පොදු අරමුණක් ඉටු කර ගැනීමට තව පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට කරන බලපෑමක් ලෙස සාමාන්‍යයෙන් නිර්වචනය කරන්න පුළුවන්. මේ නායකත්වය දරන නායකයා ඒ අදාළ කණ්ඩායමේ බලවත් ස්ථානය නිතැතින්ම හොබවන අතර, වර්තමානය වන විට නායකත්වය සඳහා තරුණ තරුණියන් තෝරා පත් කර ගැනීමට වැඩි වශයෙන් පෙළැඹෙන බවක් පෙන්නුම් කරයි. නායකයන් හට නිතැතින්ම අනුගාමිකයන් පිරිසක් සිටින අතර එසේම ඔවුන්ට අනික් අයට බලපෑමක් කළ හැකියි. වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක්ලවා යම් කිසි කාර්‍යක් කරවා ගැනීමේ හැකියාව නායකත්වයට පවතියි. මේ අනුව බලන කල නායකත්වය යනු යම් සුවිශේෂී සමාජ තත්ත්වයක් බව පැහැදිලි වේ.

වත්මන් සමාජයේ තරුණ තරුණියන් හට මේ නායකත්වය දැරීම සදහා පවත්නා ඉඩකඩ වැඩිය. ඔවුන්ට පවත්නා ඉල්ලුමද වැඩිය. මෙනිසාම තරුන තරුණියන් හට සමාජය තුළ ජීවත් වීමේදී නායකත්ව කුසලතා ඔප්නැංවීම වැදගත්. එවිට අවශ්‍ය අවස්ථාවලදී මේ තරුණ තරුණියන්ට නායකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව පවතී. මෙනිසා වැඩිහිටි පරපුරට තම බාල පරපුර නායකත්ව ගතිගුණවලින් හෙබි තත්ත්වයට පත් කිරීමේ වගකීමක් ඇත. තවද ඒ සඳහා තරුණ පරපුර පුහුණ කිරීම් වැනි දෑද සිදු කළ හැකිය.

එසේම නායකත්වය දරන පුද්ගලයෙකු තුළ ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු ලක්ෂණ තිබෙනවා. ‘ඔහු/ඇය උපතින්ම නැත්නම් ස්වභාවයෙන්ම නායකයෙක්’ යමෙක් පෙරමුණ ගෙන වැඩ කරද්දී ඔබේ කණට මෙවැනි වදන් ඇසී තිබෙන්නට පුළුවන්. නායකත්වය සඳහා අනුගාමිකයින් පිරිසක්ද අරමුණකට අරමුණු කීපයක්ද තිබිය හැකිය. මේ පිළිගැනීමට අනුව නායකයෙක් තුළ විශේෂිත නැත්නම් සුවිශේෂිත ගති ලක්ෂණ තිබිය යුතු යැයි සමාජය පිළිගන්නාවූ කාරණයක්. ඒවා සුලබ කාරණාවන් වූවත් එයින් කීපයක් ලෙස පෞරුෂත්වය, කථිකත්වය, නොසිතාම කැපී පෙනෙන ලෙස කටයුතු කිරීම, ආත්ම විශ්වාසය, ආධිපත්‍යය ආදී ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ ගති ලක්ෂණ තරුණ පරපුරේ දක්නට ලැබෙන්නා වූවත්; ලැජ්ජාශීලීකම නිසා මේ ගුණාංගයන් යටපත්වූ අවස්ථාවන්ද තියෙනවා. එනිසා මේ ගුණාංගයන් ඔප්නංවා ගැනීමට අප තරුණ තරුණියන්ට මග පෙන්විය යුතුයි.

නායකයින් ගත් කල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. තමන් දරන තත්ත්වය අනුව වන නායකත්වය හා මතුවී එන නායකත්වය යනු ඒ ආකාර දෙකයි. කණ්ඩායම් නායකයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් මෙයට කදිම නිදසුන්. හේතුව නම් මෙහිදී තමන් දරන තත්ත්වය අනුව වන නායකත්වයක් මෙහිදී දක්නට ඇත. යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බලපෑමක් කළ හැකි පුද්ගලයා ‘මතුවී එන නායකයා’ වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔහුගේ චර්‍යාවන් සෙස්සන් පිළගත යුතුයි. ඔහුගේ/ ඇගේ පෞරුෂයද මෙම කැපී පෙනෙන නායකත්වයට හේතු සාධක වෙයි. මේ නායකත්වය අපට බොහෝ විට දේශපාලනයේදී දක්නට ලැබේ. එහිදී තරුණ තරුණියන් දේශපාලනයට ප්‍රවිශ්ට වන්නේ මෙම මතුවී එන නායකයන් ආකාරයෙනි.

නායකත්වය හා බලය එකිනෙකට සම්බන්ධිත තත්ත්වයන්. බලය කියන්නේ යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බලපෑම් කිරීමට නායකත්වයට, නායකයාට, පුද්ගලයෙකුට පවතින හැකියාව හෝ ශක්තියයි. වෙනත් අයගේ විශ්වාස, ආකල්ප කෙරේ බලපෑම් කිරීම හැකි පුද්ගලයා, බලසතු පුද්ගලයෙක් වශයෙන් සමාජයේ පිළිගන්නා කාරණයක්. ඇමතිවරුන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් ආදී පිරිස මේ සඳහා ගත හැකි නිදසුන්.

බලය පස් වැදෑරුම් වශයෙන් පර්‍යේෂකයින් විශ්ලේෂනය කරනවා. ඒවා පහත පරිදි දක්වන්න පුළුවන්. ඒවානම් ‘උපදේශන බලය’ යනු උපදෙස් දීම සඳහා පවත්නා බලයයි. ‘ඒකාධිපති බලය’ ලෙස බලයෙන් පාලනය කරන්නන් දැක්විය හැකියි. ‘නීත්‍යනුකූල බලය’ ලෙසින් කිසියම් තනතුරක් නිසා ඇති වන්නාවූ බලය දැක්විය හැකියි. අන් අය තමන් වෙත යොමු කර ගන්නා ආකර්ෂණීය බලය ‘පෞරුෂත්වය නිසා ලැබෙන බලය’ වන අතර යම් විෂයක් පිළිබඳ ප්‍රාගුණ්‍යත්වය නිසා ලැබෙන්නාවූ බලය ‘විශේෂණ බලය’යි. මේ ආකාරයෙන් බලයන් ආකාර පහක් අද සමජගතව පවතින අතර මෙම බලයන් දරන අයට අනෙක් කෙනෙකුගේ ආකල්ප, චර්‍යාවන් හා වටිනාකම් වෙනස් කිරීමට ශක්තියක් හෝ හැකියාවක් ඇති වේ. තවද බලය ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්නා මෙවලමක් බවට පත්ව ඇත. මෙනිසා තරුණ තරුණියන් නිවැරැදි ලෙස නායකත්වය හා බලය පරිහරණය සඳහා යොමු කිරීම වැදගත්.

තරුණ පරපුර නිවැරදි නායකත්වයට යොමු කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුනට වහාම බලය ලබාදී කටයුතු කිරීමට ඉඩ සැලැස්වීමෙන් ඔවුන්ගේ නායකත්ව හැකියා ප්‍රවර්ධනය කිරීමත් රටක් වශයෙන් ඉතාමත් වැදගත් කරුණක් බව සියල්ලෝම සිත්වල තබා ගෙන, නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත් වේ.

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

කිසිවිටෙකත් අතනොහරින්න..

එක රළක් බිඳෙන මෘදු බව දැක මහ මුහුදම දුර්වල යැයි නොසිතන්න…..

“කිසිවිටෙක අත්නොහරින්න.”යනු  කුමන තත්වයකට කුමන තරාතිරමක දේකට මුහුණ දුන්නත් තම ජීවිතය දරාගෙන සිටිය යුතුය යන තේමාවයි දුෂ්කරතා හා සටන් කරමින් පොරබඳින්නේ නම් ඔහු හෝ ඇය තම ජීවිතයේ නිසැකවම සොයන දේ  සොයාගැනීමට හැකියාව ලැබෙයි.ඒ මන්දයත් ඔවුන් සටන් කරන්නෙ කටුක පොළවක වුවද පසුව පය තබන්නේ තණ පලසක බැවිනි.

අසාර්ථකවීම කිසිවෙකුට කඩා වැටීමට හෝ ජීවිතේ අඩියට වැටීමට හේතුවක් නොවේ.මොන යම් ක්‍රියාවක දී හෝ අසාර්ථක වුවද ඔබ නැවත නැගී සිට එය කළ යුතුය.නමුත් ඕනෑම අවස්ථාවක එක පිට එක කඩා වැටීමක දී වුවද ඔබ කිසිවිටෙකත් ඔබේ සිහින අත් නොහැරිය යුතුය.,

ඔබ කිසි විටෙක තම අරමුණු,සිහින අත් නොහැරිය යුතු අතර ජීවිතයට එන ඕනෑම අරගලයක් කිසි විටෙකත් අත් නොහැරිය යුතුය,කෙසේ හෝ ඒවා ජයග්‍රහණය කළ යුතුය.කිසිවිටෙක අත්නොහැරීම සමාජයේ බොහෝ දෙනකුට නැති ගුණාංගයකි.( “Never give up”)ආකල්පය තිබේ නම් ඔබට කළ නොහැක්කක් නොමැත.මෙම ගුණය සැම අතින්ම අපට උපකාරී වේ සෑම කෙනෙකුම තම සිතේ තබාගත යුතු දෙයක් නම් මේ මුළු මහත් ලෝකයේම කිසිවක් සර්ව සම්පූර්ණ කෙනෙකු නොමැති අතර,කිසිවක් කිසිදා සර්ව සම්පූර්ණ නොවේයි.සෑම කෙනෙකුන් අතින්ම වැරදි වේ නමුත් ඔවුන් එම වැරදි යලි වතාවක් තමන් අතින් සිදු නොවන ලෙසට වග බලා ගන්නේ නම් ඔබේ සිහින ඉලක්ක  ඔබට පහසුවෙන් සාක්ෂාත් කරගත හැකිය,.

ඔබේ අතින් සිදුවන කුමක් හෝ අතපසුවීමක් වැරැද්දක් නිසා ඔබේ සිහින , ඉලක්ක ඔබ අත්හරින්නේ නම් ඔබ කිසිවිටෙකත් ඉලක්ක හෝ සිහිනයක් නොතිබුණු කෙනෙකි. ඒ මන්දයත් කුමන බාධාවක් ආවත් සිහිනය හඹා යන තැනැත්තා කිසිවිටෙක තම සිහිනය අත්නොහරියි.

ඔබ ඔබේ ඉලක්ක සිහින සඳහා වෙහෙස මහන්සි වීමේදී. ඔබට වඩා තව කෙනෙකුන් ඉදිරියට යන්න උත්සාහ කරනවා නම්,ඔබ තීරණය කළ යුතුය. ඔබ විසින් ඔබේ සිහින අත්හරිනවා ද, නැතහොත් සටන් කර දිනනවාද යන්න.

ඔබ සිහින,ඉලක්ක,අරමුණු කරා යන ගමනේදී  ඔබට මුහුණ දීමට සිදුවන කුමන තරාතිරමක බාධාවට,ගැටලුවකට,අරගලයකට,වැරදීමක්මට,අතපසුවීමට   පොරබදිමින් සටන් කර ඒය ජයග්‍රහණය කරනවා මිස;ඔබේ ජීවිතය කිසි විටෙකත් අත් නොහැරීමට වගබලාගන්න….

එක රළක් බිඳෙන මෘදු බව දැක මහ මුහුදම දුර්වල යැයි නොසිතන්න…..

සටහන,නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ…

ඔයාගෙ Comfort Zone එකෙන් මිදෙන්නෙ කවද්ද?

‘අනේ මට නම් හරිම කම්මැලියි’, ‘අනේ මට නම් එහෙම වැඩ කරන්න බෑ මහන්සියි’, ‘ඇයි ඔයා ඔච්චර මහන්සි වෙන්නෙ?’ ……

වගේ කතා ඔයත් ඔයාගෙ ජීවිතේ ඕනි තරම් අහලා ඇති. ඔයා අනිත් අයටත් කියලා ඇති. ඇයිඅපිට මෙහෙම හිතෙන්නෙ. හිතන්න මොළයක් තිබෙන ඕනිම සත්ත්වයෙක් කැමතියි අයිස් ගහන්න. ඒ කිව්වෙ වැඩ නොකර හරිම පහසුවට ඉන්න. ඒකෙනුත් මේ වැඩේ නියමෙටම කරන්නෙ මනුස්සයා කිව්වොත් මම හටියටම හරි. ඇත්තටම අපි සැප පහසුවට ඉන්න හොඳ නැද්ද වගේ දෙයක් ඔයාගෙ හිතට යන්න පුළුවන්. සැප පහසුවට ඉන්න. ඒත් ඒක ඔයාගෙ සාර්ථකත්වයට යන ගමනට බාධාවක් කර නොගෙන ඉන්නෙ කොහොමද? ඒකට මොනවද කරන්න ඕනි කියලා තමයිනපිබද සාකච්චා කරන්නෙ.

මොකක්ද මේ Comfort Zone එක කියන්නෙ? අපිට සැපපහසුවක් දැනෙන පරාසය අපි මේ දිදිහට හඳුන්වනවා. මේකෙදි අපි කැමතියි කාලා බීලා, හොඳට නිදාගෙන බොහෝම සැප පහසුවෙන් ඉන්න. ඒ එක්කම Risk එකක් ගන්න අකමැත්තත් තියෙනවා. ඒ හින්දා අලුත් අලුත් අත් හදාබැලීම් කරන්න පෙළඹෙන්නෑ. ඒවට බයයි. ඒ නිසාම ඒ වගෙ අය ළිඳේ ඉන්න මැඩියෙක්ට සමාන කළත් වරදක් නැහැ. මොකද ඒ අය දකින්නෙ තමන් වටේ තියෙන බොහෝම සුළු පරාසයක්. එතනින් එහාට හිතන්න වගේම රිස්ක් එකක් අරන් දෙයක් කරන්න පුදුම බයක් තියෙන්නෙ.

අපි මොළයක් තියෙන හොඳින් හිතලා මතලා වැඩ කරන්න පුළුවන් අය විදිහට මේ Comfort zone එකෙන් එළියට ඒම කියන්නෙ ජීවිතේට අත්‍යවශ්‍යය දෙයක්. ඔයාට දියුණුවෙන්න ඕනි නම් අනිවාර්‍යෙන් ම කරන්න ඕනි දෙයක්. එහෙම නැතුව එක තැනක හිර වෙලා, කොටු වෙලා ඉන්නවා කියන්නෙ ම ඒක ඔයාගෙ දියුණුවට බාධාවක්. ඉතින් මේ Comfort Zone එකෙන් ඔයා මිදුණ දවසට තමයි ඔයාට ඔයාගෙ ජීවිතේ දියුණුවට යනවා කියලා හිතන්නවත් පුළුවන්.

දැන් අපි බලමු ඔයාත් මේ Comfort Zone එකේ හිර වෙලා නම් ඔයාගෙන් දකින්න ලැබෙන්න දීන ලක්ෂණ මොනවද කියලා. නිදාගන්න අසීමිතව කැමතියි, සැප කෑම බීම ජාති වලට ලොල් වෙලා ඉන්නෙ, ඒ වගේම කිසිම මහන්සියක් නොවී රස්සාවක් නොකර ඉන්න ගොඩාක් කැමතියි, රස්සාවක් කළත් නිකරුණේ ගත කරන වෙලාව වැඩියි, ඕනිම වැඩක් කරන්නෙ හරිම අලසකමින්, අනිත් ආශ්‍රය කරන අයත් කම්මැලි කරනවා, ඒ විතරක් නෙවෙයි නෙගටිව් දේවල් විතරයි කතා කරන්නෙත්. තව තවත් මේ ලක්ෂණ වැඩි වෙලා හිතන්න අලුත්දේවල් කරන්න පවා කම්මැලි වෙනවා. දවසේ වැඩි කාලයක් නිදාගන්නට ම යොමු වෙනවා. ඉතින් එහෙම කෙනෙක් දියුණු වේවිද? සාර්ථක වේවිද?

ඔයාගෙත් මේ ලක්ෂණ අඩුවෙන් හෝ වැඩියෙන් ඇති. ඇත්තටම අපි අපේ Comfort Zone එකෙන් එහෙම නැත්නම් කලින් කිව්ව දේවල් වලින් මිදෙන්නෙ කොහොමද? කියන්න හරිම පහසු ක්‍රමයක්. ඒ වගේ ම කරන්න ගියාම ගොඩාක් අමාරු ක්‍රමයක්. ඒ මොකක්ද ඒ? ඒ ක්‍රමය තමයි ‘ස්ථාවර සිතුවිලි’ ගොඩ නගා ගන්න එක. ඒ කිව්වෙ ඔය කලින් කිව්ව ලක්ෂණ වලට ප්‍රතිවිරුද්ධ සිතුවිලි අපේ යටි සිතට ඇතුල් කරන එක. මේක කරන්න පටන් ගන්නෙ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම ඔයාට සාර්ථක වෙන්න නැත්නම් දියුණු වෙන්න ඕනි කියන සිතුවිල්ල නිතර නිතරම හිතන්න ඕනි. ඉඩක් ලැබෙන හැම වෙලාවකම. මුලදි මේක අමාරුයි. නමුත් දවස් කීපයක් කරද්දි අපේ මස මේ විදිහට ම හිතන්න හුටු වෙනවා. ඊට පස්සෙ හිතට එන නෙගටිව් සිතුවිලි ඒ කිව්වෙ දැන් නිදියන්න ඕනි, අනේ බඩගිනියිනෙ, මට මේක කරන්න පුළුවන් වෙයිද දන්නෑ….etc වගෙ සිතුවිලි හිතට එන හැම වෙලාවකම, ඒක අ විරුද්ධ විදිහට හිතන්න. මට බඩගිනි නෑ, මට නිදිමත නෑ තව ටිකක් වැඩ කරන්න ඕනි….etc වගෙ සුබ සිතුවිලි හෙවත් ධනාත්මක සිතුවිලි සිතන්නට පටන් ගන්න. මේකත් දවස් කීපයක් මනසට හුරු කරද්දි යටි සිතට ඇතුල් වෙනවා.

ඊට පස්සෙ ඔයාගෙ ධනාත්මක වෙච්ච යටි සිතෙන් ඔයාගෙ ඉදිරි බලාපොරොත්තු මොනවද?, ඒවට යන්නෙ කොහොමද කියලා හොඳට හිතලා Plan එකක් ගහගන්න. අමතක වෙන්න පුළුවන්නෙ. ඒ හින්දා ලියල ම තියා ගත්තත් කමක් නෑ. ඊට පස්සෙ step by step, අදාළ කාල වලදී plan එකට ව්ඪ කරන්න. ඒ වගේමයි අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න. අලුත් දේවල් හිතන්නත් වෙලාවක් ඒ කිව්වෙ දවසකට විනාඩි 5- 10ක් වත් වෙන් කරන්න. මෙහෙම ටික ෆ්හවසක් කරන් යනකොට ඔයාටම තේරේවි ඔයාගෙ හිතේ කලින් නොතිබ්බ විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඔයා කලින්ට වඩා උනන්දුවෙන් දැන් වැඩ කරනවා. ඔව්! ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද දියුණු වෙන්න ඔයා පටන් අරන්. ඉතින් මේ යන ගමනෙදි අමතක නොකර ඔයාට දියුණුවෙන්න වචනෙකින් හරි උදවු කරන අය ඔයා වටේට තියා ගන්නත්, එයාලගෙ උපදෙස් සහ උදවු ගන්නත් අමතක කරන්න එපා. ළිඳට වැටිච්ච එකා ගොඩට එන්න ඕනි ළිං කටෙන්ම යි. ඇවිත් ලෝකය දිහා බලන්න. වේගෙයෙන් දියුණු වෙනවා. ඒකට අනුලෝමව අපිත් දියුණු වෙන්නට අවශ්‍ය යි. ඔබට ජය!

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

යකා

වෙස්මුහුණු 

  පන්දමි අරගෙන

  ගිණිකෙළි අරගෙන

  යක්කුත් පිටියට ආවා

       එහෙම කියනකොට අමුතු ගැමිමක් හිතට එනවා නේද… කාලෙන් කාලෙට එක එක රැලි එනවා…. සමහර දෙවල් ටික කාලෙකින් මිනිස්සුන්ට අමතක වෙලා යනවා..  එත් අද මම අපි මැගසින් එක හරහා කතා කරන්න යන්නේ එහෙම රැල්ලකට හසුවුන සුන්දර අපේ රටෙි නිර්මාණයක් ගැන…

          වෙස්මුහුණු කිවුවාම කාටත් මතක් වෙන්නේ අමිබලන්ගොඩ , එ වගේමයි ගිණි රාක්ෂ මුහුණ.. ගිණි රාක්ෂ මුහුණ කොයිතරමි නමි ප්‍රසිද්ධියට පත්වි ඇතිදැයි කිවයුතු නෑ , අද වන විට විදේශිකයන්ගෙත් නෙත් සිත් වසඟ කරගන්නට වෙස් මුහුණු සමත්⁣ වෙලා තියෙනවා..

    අද ⁣වන විට මෙි යක්ක මුහුණු යොදාගෙන කරන දේවල් නමි බොහොමයි…. ඇත්තටම මට වෙස්මුහුණු ගැන ලියන්න හිතුනෙත් මැතකදි බොහො අයගේ නෙත් සිත් වසග කරගත්ත එක carnival එකක් නිසා. මතක ඇති විශාල වෙිදිකාවක් ලෙස ගිණි රාක්ෂ මුහුණ ඉදිකර තිබුණු අන්දම…. එ නිසාමයි මෙවර කලාපයෙන් වෙස්මුහුණු ගැන තොරතුරු බිදක් ගෙන එන්න තීරණය කලේ…

       ඉතිං මම අපි මැගසින් එක ඔස්සේ අද ඔබට ගෙන එන්නේ අපේ සාම්ප්‍රදායික වෙස්මුහුණු කලාව පිළිබඳ තොරතුරු… 

     අපේ රටෙි පහතරට ප්‍රදේශයට ආවේණික වූ වෙස්මුහුණු කලාව කවදා කෙසේ ආරම්භ වූවා දැයි කිව නොහැකි වුවත් දීර්ඝ කාලයක් තිස්සේ විනෝදාස්වාදයට මෙන් ම ශාන්තිකර්ම වලට වෙස්මුහුණු යොදාගෙන තිබෙනවා….

         රාක්ෂ වෙස්මුහුණු වලට නමි කාගෙත් සිත් වසඟ වෙනවා… එ අතර කාගෙත් හිත් දිනාගෙන ඇත්තේ ගිණි රාක්ෂ වෙස්මුහුණ…. ගිණි රාක්ෂ වෙස්මුහුණ යොදාගෙන අද වන විට ඇදුමි නිර්මාණය වනවා…. එ අතර ප්‍රධාන තැනක් ගන්නේ සරමි… එ වගේම වාහනවලත් මෙි ගිණි රාක්ෂ වෙස්මුහුණුනේ ස්ටිකර් අලවා තිබෙනවා, නිවෙස් වල වගේම හොටල් වලත් ගිණි රාක්ෂ වෙස්මුහුණ කාටත් පෙණෙන ස්ථානයක ප්‍රදර්ශනය කර තිබෙනවා දැකලා ඇති.. එ තරමට ගිණි රාක්ෂ වෙස්මුහුණට බොහො අය ඇලුමි කරනවා.. එ නිසාම අද වෙළදසැල් වල යකා ඇදුමි පැලදුමි වලින් නමි අඩුවක් නෑ…

           ඇත්තටම වෙස්මුහුණු කියන්නේ මොනවා ද? මේ වන විට ඔබ වෙස්මුහුණු එකක් හෝ පැළදලත් ඇති․…  අපි පුංචි කාලේ වෙසක්‚ පොසොන් තොරණ් බලන්න ගිහින් වෙස්මුහුණක් ගෙදර අරන් ඇවිත් දාගෙන යාළුවෝ බය කර තියෙනවා…. එ වගේම ශාන්තිකර්ම‚ තොවිල් වලදී වෙස්මුහුණු පැළදගෙන නර්තනයේ යෙදෙනවත් ඔබ දැකලා ඇති..․  ඒත් ඔබ දන්නවාද වෙස්මුහුණු කලාව යනු  ලෝකය ම පිළිගත් අපේ ම සංස්කෘතිකාංගයක් බව..․

          වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික කලාවක්…  උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප්‍රදායන් සමඟ බැදිලයි පවතින්නේ… වෙස් මුහුණු කලාවේ ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි අපට කිව නොහැකි වුවත් මහා සමිමත මනු රජ සමය දක්වා දිව යන බවනමි සිතිය හැකියි.

           අපේ රටෙි මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟ ද මෙම වෙස් මුහුණු බැදී පැවතුනුබව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනී යන කාරණක්… ඔවුන්ගේ පූජා කර්ම සිදු කිරීම සඳහා ඔවුන් විසින්ම සොබාවික දෙවල් වලින් තමාගේ ශරීරය සහ මුහුණ පාට කරගත් බවට ඉතිහාසය සාක්ෂි දරනවා…. ඔයාලට මතක ඇති ගිය කලාපයේ මම අරන් ආව සොකරි ශාන්තිකර්ම… එහිදීත් වෙස්මුහුණු භාවිතා වන බව මම පැවසූවා..

        වෙස්මුහුණු නිර්මාණය සදහා ප්‍රසිද්ධ අමිබලන්ගොඩ නඟරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහාත් ඉතාමත් ප්‍රසිද්ධයි.. විදේශීය සංචාරකයන් නෙත් සිත් පැහැර ගන්නා තරමට එ නිර්මාණ විශිෂ්ඨයි…. අද වන විට වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙන්නේ සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය ‍සඳහා ඈදා ගැනීමට යොදා ගන්නා උපක්‍රමයක් ලෙස බවයි එ පිලිබදව සොයා යාමෙිදි මට දැනගත හැකි උනේ…

          වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බෙහෝ විට යොදාගනු ලබනවා….  එ එම වෙස් මුහුණු වල ස්වභාවිකත්වය සහ සංස්කෘතික බව ඔප් නංවන්නට…  යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්‍යමාන බලවේග පිදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දූපතක් ලෙස අපේ රට ලොකයේ ප්‍රසිද්ධියට පත්වි ඇති බව කිවයුතු නෑනේ… එ නිසාමයි වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග සදහාම…..

        අපේ ජනශ්‍රැතියේ වෙස්මුහුණු බිහිවීම පිළිබඳව අපූරු  සදහනක් තිබෙනවා․. එ ගැන කියනවා නමි මහ සම්මත රජ්ජුරුවන්ගේ බිසවට නාට්‍ය දැක සිනාසීමට දොළදුකක් ඇතිවිම․…. එය සංසිදුවීමට විශ්වකර්මයා ලවා සක් දෙවියන් විසින් වෙස්මුහුණු හා කෝලම් නාට්‍ය නිර්මාණය කල බව සඳහන් වෙනවා..․ එ නිසයි වෙස්මුහුණු බොහොමයක් කෝලම් නාට්‍ය හා සම්බන්ධ වෙන්නේ․… එ විතරක් නොවෙයි තවත් මූලාශ්‍රයක සඳහන් වන්නේ රාවණා රජු ද වෙස්මුහුණු යොදාගෙන සතුරන් පරාජය කළ බවයි․

        වෙස්මුහුණේ බියකරු පෙනුම වැඩි දියුණු කරනුයේ නැටුම්කරු වෙස්මුහුණු පැළද ගයන විවිධ වූ ගීත‚ දීර්ඝ වූ යාගහෝම ඉදිරිපත් කිරීමෙන්․… යකුන් සහ ප්‍රේතයන් පළවාහැරීම ඈත අතීතයේ සිටම තිබුණ දෙයක්…. ගම්බද පෙදෙස්වල පැවති දුර්භික්ෂ‚ රෝග බියවලට ප්‍රධාන හේතුව වශයෙන් ගම්වැසියන් විශ්වාස කලේ යකුන් හා ප්‍රේතයින්ගේ බලපෑමි..

       ඉතිං තව දුරටත් වෙස්මුහුණු වර්ග ගැන සදහන් කලොත් සැහැල්ලු‚ කල්පවත්නා ලී වර්ගයක් වන වෙල්කදුරු සහ රුක්අත්තන යන ලී වලිනුයි වර්තමානයේ වෙස්මුහුණු නිර්මාණය කරන්නේ..․ මෙම ලීය වෙස් මුහුණ කැටයම් කිරීමට පෙර දුමෙන් වියලනු ලබන අතර, ඇතුළත කුහරයක් සහිතව නිර්මාණය කරන බවයි දැනගත හැකිවුවෙි…… වෙස් මුහුණෙහි ඇස් නිර්මාණය කිරීම සඳහා බොහෝ විට වීදුරු යොදා ගනු ලබන අතර එමගින් වෙස් මුහුණට තාත්ත්වික පෙනුමක් ලැබෙන බවයි පැවසෙන්නේ……. වර්ණ සංයෝජනය වෙස් මුහුණු කලාවේ ප්‍රධාන තැනක් ගනු ලබනවා….. මෙහිදී රතු , කලු සහ කහ වර්ණ භාවිත කරන අතර නිල් පැහැය භාවිත වන්නේ ඉතාම කලාතුරකින්…..

         වෙස්මුහුණු වර්ග ගැන කියනවා නමි සන්නි වෙස්මුහුණු, කෝලම් වෙස්මුහුණු , රාක්ෂ වෙස්මුහුණු, සත්ව වෙස්මුහුණු, යක්ෂ වෙස්මුහුණු, මිත්‍යා වෙස්මුහුණු, මනුෂ්‍ය වෙස්මුහුණු, පාලිය වෙස්මුහුණු, දේව වෙස්මුහුණු හදුන්වා දිය හැකියි…

       මේ අතරින් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන වෙස්මුහුණු වර්ග දෙකක් ලෙස සන්නි වෙස්මුහුණු වගේම  කෝලම් වෙස්මුහුණු හැදින්වීමට පුලුවන්․… මේවා නමි වැඩිපුර ම භාවිත කරන්නේ ශාන්තිකර්මවලට.

කෝලම් වෙස්මුහුණු -: කෝලම් වෙස්මුහුණු භාවිත කරනු ලබන්නේ හාස්‍ය ජනිත කරවීම උදෙසා․.. සමාජයේ ඇති විවිධ චරිත උපහාසයට ලක් කිරීමත් අධිරාජ්‍ය පාලනය උපහාසයට ලක්කිරීමත්‚ කෝලම් නාට්‍ය සම්ප්‍රදාය භාවිත කරනු ලබනවා..

රාක්ෂ වෙස්මුහුණු :- මෙම වෙස්මුහුණු නිවෙස්වල තබාගැනීමෙන් වාසනාව උදාවන අතර ආරක්ශාව ද සැලසෙන බවයි පැරණි හෙළයා විශ්වාස කරන්නේ․ඇස්වහ කටවහ දෝශ සහ රෝගවලින් ද ආරක්ශාව සැලසෙන බව අපේ පැරැන්නන්ගේ අදහස.

ගුරුළු රාක්ෂ -: ගුරුළු රාක්ෂ මිත්‍යා සත්වයෙක් වන අතර නාගයින්ගේ දෂ්ට කිරීම්වලින් ආරක්ශාවීමට ගම්වල මෙම වෙස්කෝලම් නැටුම නටනු ලබනවා․ විශ්ණු දෙවියන්ගේ වාහනය ලෙසත් ගුරුළා හැදින්වෙනවා..

නාග රාක්ෂ-: ගුරුළු රාක්ෂ හා ප්‍රතිවාදී කෝලම් නැටුමට මෙම වෙස්මුහුණ යොදාගන්නවා․ නයිපෙන හතකින් සමන්විත මෙම වෙස්මුහුණ නිවෙස්වල ඔබ දැක ඇතුවාට සැක නෑ.․ මෙම වෙස්මුහුණ නිවසේ තබාගැනීමෙන් සියළු අනතුරුවලින් වැලකී සිටිය හැකිබවයි විශ්වාස කරන්නේ.

මයුර රාක්ෂ-: මොණරකුගේ හැඩතලවලින් යුතු මෙම වෙස්මුහුණ සාමය‚ සතුට‚ සෞභාග්‍ය උදාකර ගැනීමට නිවෙස්වල තබාගන්නවා․

ගිනි රාක්ෂ:- සතුරු කරදර මගහැරී නිවසට සාමය හා මිත්‍රත්වය උදාකරන බවයි මෙමඟින් සංකේතවත් කරන්නේ.. වෙස්මුහුණු අතර ජනප්‍රියම වෙස්මුහුණත් මෙයයි.. මමත් පුද්ගලිකවම ප්‍රිය කරන වෙස්මුහුණක්.

ගරා යක් මුහුණු:- ඇස්වහ කටවහ දෝශ මගහැරීමට මෙම ගරා යකුන්ගේ වෙස්මුහුණ නිවෙස්වල එල්ලා තිබෙනවා․ කෝලම් නැටුම්වල එක් නර්තන අංගයක් ලෙස ගරා යක් නැටුම හදුන්වා දෙන්න පුළුවන්.

යක්ෂ වෙස්මුහුණු:- පෙර ඡන්මවල දී කළ පාපකර්ම හේතුවෙන් යකුන්ට හිමිවන්නේ පහත් තත්ත්වයක්. මිනිසුන් බිය ගැනිමත් යකුන් මිනිසුන්ට ආරූඪ වීමෙන් මිනිසුන් ලෙඩකිරීමේ අපූරු බලයක් මොවුන්ට ⁣තිබෙන බවයි සැළකෙන්නේ. යකුන් පස්දෙනෙකු මෙහිදී දැක්විය හැකියි. කළු යකා, රීරි යකා, මහාසෝනා. හුනියමි යකා, අභිමාන යකා,

කළු යකා :- කුඩා දරුවන් හා ගැහැණු පක්ෂය රෝගාතුර කරවයි.එ වගේම තරුණ අයට රාග අධික සිහින දැකීමට සැලැස්වීමටත් මොහු දක්ෂ යි. කළු කුමාරයා කියලා කියන්නෙත් මෙයාට තමයි.

රීරි යකා :- ලේ ආශ්‍රිත රෝග සෑදීම මොහුගේ කාර්යයි.

මහසෝනා :- මොහු මිනිසුන් බියගන්නා උණ කරවයි. මහාසොන් යකා ගැන නමි තියනවා රසවත් කතාවක්. එ ගැනත් මම ඉදිරියෙදි ඔයාලාට කියලා දෙන්නමි.

හූනියම් යකා :- ප්‍රධාන යකුන් පස්දෙනාගෙන් කෲර ම යකා මොහු. මොහු දවල් කාලයේ සූනියම් දේවතාව ලෙස සිටියි, රාත්‍රියේදී මිනිසුන් ලෙඩ කර මිනිසුන් බිය කරන බවයි පැවසෙන්නේ. විෂ්ණු දෙවියන්ගෙ පණිවිඩකරුත් මොහුමයි..

අභිමාන යකා:-මොහු මිනිසුන්ගේ මනස ලෙඩ කරවා මිනිසුන් බිය ගන්වන බවයි පැවසෙන්නේ

       රෝගයන් සුවපත් කිරීමේ අරමුණින් ශාන්තිකර්මයක් කිරීමේ දී මෙම ප්‍රධාන යකුන් තොවිල්පලට කැදවනු ලබනවා…. එහිදී මහඇදුරා එම යකාගේ ක්‍රියාවන් ආතුරයාට බලපාන ආකාරය විස්තරාත්මකව ඉදිරිපත් කරන්තෙ යමි අවස්ථාවන් වල කවියෙන්…. මෙම යකුන් යාගපොළට පැමිණි පසු ඔවුනට අයත් දොලපිදේනි ආදිය පුද කිරීමෙන් අනතුරුව ආතුරයා අතහැර යා යුතුයි.. එය ඔවුන් අතරේ ඇති නිතීයක්.

           වෙස් මුහුණු යොදා ගනිමින් කරනු ලබන ශාන්ති කර්ම අතරින් සන්නි යකුම ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනු ශාන්තිකර්මයක්…. මෙහිදී සියලුම යක්ෂයින්ට පිළිවෙලින් පූජා කරනුලබන අතර ඔවුන් වෙනුවෙන් විවිධාකාරවූ පිළිවෙත් ද යොදාගනු ලබනවා.. මෙය සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නමින් ද ව්‍යවහාර කරනව….. මෙම සන්නියකුම සදහා පදනම් වූ අතීත කතා වෘතාන්තයක් අපට අසන්නට ලැබෙන්නේ ඉන්දියාවෙන්…. එ දඹදිව සංඛපාල රජුගේ කතාවයි…..  පුරාවෘත්තයට අනුව එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ ඒ සන්නි යකුන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනු ලබන බව සදහන්…. මෙම සන්නි යකුමට අයත් නැටුම් ‍කොටස් ලෙස

සැන්දෑ සමයම, යහන් දැක්ම, සොළොස් පාලිය ආදිය දැකිවිය හැකියි….

      සන්නි යකුම හෙවත් දහඅට සන්නියේ සන්නි දහ අට ගැන කියනවා නමි භූත සන්නිය, අභූත සන්නිය, අමුක්කු සන්නිය, වෙඩි සන්නිය, වාත සන්නිය, කණ සන්නිය, පිත් සන්නිය, බිහිරි සන්නිය, ගොලු සන්නිය, මුර්තු සන්නිය, දෙමළ සන්නිය, නාග සන්නිය, කොර සන්නිය, ගිනිජල සන්නිය, ගුල්ම සන්නිය, සීතල සන්නිය, දේව සන්නිය, කෝල සන්නිය ලෙස දක්වන්න පුළුවන්…

         වෙස්මුහුණු වල සංකේතාත්මක අර්ථය ලාංකීය වෙස් මුහුණු කලාවෙි වෙස්මුහුණු අධ්‍යයනය කිරීමේදී පෙනී යන ලක්ෂණයක් වන්නේ ඒවා අධි යථාර්ථවාදී ලෙස නිර්මාණය කර තිබීමයි. විශාල ඇස්, පුළුල් සිනහව හා වර්ණ මිශ්‍රණයන් ඒ අතුරින් ප්‍රමුඛත්වයක් ගන්නවා…….

            වෙස්මුහුණු වල වර්ණයෙන් නිරූපණය වන්නේ යක්ෂයාගේ වර්ණය බවයි පැරැන්නන් පවසන්නේ…..  වෙස් මුහුණු එකම ආකාරයේ පෙනුමක් ගන්නා අතර ඒවා දිගු, පටු සහ තියුණු අයුරින් යුක්තයි…. වෙස් මුහුණු ඉරියව් වලට ඇත්තේ ඊටම ආවේණික වූ ශෛලයක්…. සමහර වෙස් මුහුණු වලට ඇත්තේ බිය උපදවන සුලු පෙනුමක්….  හැබැයි බිය උපදවන පෙණුමක් වගේම හාස්‍ය මතුකරණ පෙණුමක් කැටමි කිරිම නමි ඉතිං කැටයමි ශිල්පීන්ගේ ඇති විශිෂ්ඨ දක්ෂතාවයක්… අපේ රටට එවැනි අය සමිපතක් ලෙසයි මම නමි දකින්නේ…

           මේ සියල්ල අනුව වෙස් මුහුණු කලාව ලාංකීය ජන සමාජය සමග කෙතරම් බද්ධ වී ඇත්දැයි මනාව පැහැදිලි වෙනවා…. ශ්‍රී ලාංකීය නිමැවූම් කරුවන් අතින් නිමවෙන මෙම වෙස් මුහුණු ලංකාවෙි අපට මහත්වු සමිපතක්.. තව විස්තර බෙහොමයක් වෙස්මුහුණු පිළිබඳව තිබෙනවා.. මෙවැනි වටිනා කලාවක් ආරක්ෂා කරගැනීම කොයිතරමි නමි වටිනවාද… තවත් දවසක එ පිළිබදව අපි තවත් විස්තර කතා කරමු…නිසංසලා රණසිංහ 

ඩිල්ෂාන් මනුජය

ඩිල්ෂාන් මනුජය කියන්නේ කවුද කියලා මම ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරය?

මම පොළොවෙ පයගහල ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. ගොඩක් වෙලාවට මම මම ගැන කියනවට වැඩිය මිනිස්සු මම ගැන දක්වන ආකල්පය තමයි මට වටින්නේ .ඒක නිසා මම ගැන මමම අඳුන්වා දෙනවට වැඩිය ඔයාලා මම ගැන දන්න විදිහ මට වටිනවා.

 ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?

මට bsc in computer science විද්‍යාවේදී උපාධියක් සහ finance, production ,Sales සහ HRM යන විෂය ධාරාවලින් diploma හතරක් තියෙනවා.ජීවිතයේ කියන්නේ කවදාවත්ම ඉගෙනගෙන ඉවර වෙන දෙයක් නෙමෙයි. ඉතින් තවදුරටත් ඉගෙන ගන්න එක තමයි මගේ බලාපොරොත්තුව.

ඔබගේ පවුලේ කවුද ඉන්නේ?

අම්මා,තාත්තා ,නංගී සහ මම.

ඔබතුමා වෘත්තිමය වශයෙන් මොනවද කරන්නේ ?

කලාකරුවෙක් ,ඉංජිනේරුවෙක් ,ව්‍යාපාරිකයෙක්,රචකයෙක් ,ගුරුවරයෙක් ,social media strategists කෙනෙක් වගේම මෑතකදී රටේ පිළිගත් ආයතනයක කළමනාකාරවරයකු වශයෙන් සේවයට බැඳීමට නියමිතයි. ඒත් බොහෝ දෙනා මාව දන්නෙ social media strategists කෙනෙක් විදිහටයි.

ඔයා කිව්ව විදිහට ඔයා social media strategist කෙනෙක් විදිහට කරලියට එන්නේ කොහොමද?

ඇත්තටම පුංචි කාලෙ ඉඳලම මම තාක්ෂණයට වගේම අලුත් අලුත් දේවල් හොයන්න කැමතියි.මට හැමවෙලේම උවමනා උනේඅනිත් අයට වඩා විෂ විශේෂ වෙන්න එහෙමත් නැත් නැත්නම් අනිත් අය නොදන්න දෙයක් මම දැන්ගන්නවට.ඉතින් මේ දැනුම හඹාගෙන යනකොට මේ ක්ෂේත්‍රයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුත් මට හම්බ වුණා එයාලගේ ආභාෂය සහ මගේ අදත්දැකීම් අනුව හිමින් හිමින් තමයි මේ තැන් මම ඇවිත් ඉන්නේ.මේ ක්ෂේත්‍රයේ තියෙන වැදගත්ම දේ තමයි හැම වෙලේම update එකේ ඉන්න එක.

මෙච්චර වැඩ ගොඩක් එක්ක කොහොමද ඔයාගෙ ජීවිතේ manage කරගන්නෙ ?

ජීවිතය කියන්නෙ ලේසි දෙයක් නෙමේ නේ ඉතින් මටත් තියනවා හැමෝටම වගේ ජීවිතයේ ලෙහෙසි නොවන ප්‍රශ්න. ගොඩක් වෙලාවට ජීවිතේ මගේ තියෙන වගකකීම් වලට වැඩිය,මගේ වැඩ වලින් වෙන්නේ වගකීම් වැඩියි. ඉතින් ගොඩක් වෙලාවට වැඩ වැඩි වීම් නිසා stressful mind එකක් නැතුවාම නොවේ.ඉතින් බුදු දහමේ එන ගොඩක් ඉගැන්වීම් සහ කලා කටයුතු නිසා මට ඒ දේවල් වලින් මේ මිදෙන්න ගොඩක් අවස්ථාවල හම්බෙනවා තව මගේ යාලුවෝ ගොඩක් මාත් එක්ක ඉන්නවා ඒ අය නිසා මගේ ජීවිත ගමන ගොඩක් ලේසියි.මේ දේවල් කොහොම වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනා කරලා තියෙනවා විදිහට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න තමයි මම ගොඩක් උත්සහ කරන්නේ සහ ඒ විදිහට ජීවිත ගැන දකින්නත් .සමහර වෙලා වෙලාවට ඉතින් සමහර වැඩ කටයුතු අතපසු වීම් නොවනවාම නොවේ.අපි magazine එකේ ඔයත් ඒ ගැන හොඳටම දන්නවා. හැබැයි අව අවසාන මොහොතේදී වුණත් මං මගේ වැඩේ හරි විදිහට ඉවරයක් කරනවා.මට ඕනේ අනිත් පාර්ශවයෙ විශ්වාසය විතරයි .

ඔයා වැඩ කරනකොට මේ සමාජයේ මිනිස්සු හම්බෙනවා වගේම ගොඩක් අය එක්ක ගනුදෙනු කරනවා.ඉතිං මේ විදිහට ජීවිතයේ ප්‍රශ්න මතුවෙලා නැද්ද?

සමාජයේ මිනිස්සු විවිධාකාරයි , බොහොමයක් දෙනා අවස්ථාවට සහ වාසිය තමයි තවත් කෙනෙක්ව ආශ්‍රය කරන්නේ.ඉතින් මිනිස්සු මොනවා කිව්වත් කරත්තමන් හරියට ඉන්නවා නම් තමන්ගෙ හිතට තමන් එකඟව ඉන්නවනම් මම හිතන්නේ එතන තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද කවුරු කොහොම මොනවා කිව්වත් ගොඩක් වෙලාවට තමන්ට තමන් විතරයි.ඉතින් මම නේ නිතරම කියන වගේ පොළොවෙ පය ගහල මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන එකා මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත්වෙන එක ඇඟට ගුණයි.

 අපි magazine එකට සම්බන්ධ වීම ගැන ඔයාගේ අදහස් කුමක්ද?

ඇත්තටම මේකට මාව සම්බන්ධ කරගත්තු එක ගැන ගැන මෙහි මුල් පුරෝගාමීන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.මොකද මොන වැඩ තිබ්බත් පරක්කු වෙලා හරි මම මේකට ලියන්න පුදුම ආස ආසාවෙන්. අපි මේක magazine කියන්නේ එක පවුලක් ේක ඇතුලේ ඉන්න හැමෝම විවිධ අදහස් තියෙන විවිධ මත දරන විවිධ ක්ෂේත්‍රයන් වල ඉන්න සුපිරිම සෙට් එකක්. ඇත්තටම හරිම සුන්දරයි සහෝදර සහෝදරියො ගොඩයි .මේ වගේ පිරිසක් එක්ක එකතු උන ගැන මාරම සතුටුයි ඒ වගේම තමයි මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේදී අපි magazine එක තව තව ත් දුරට දියුණු වෙලා මුළු ලෝකයටම දැනුම සපයන මාධ්‍යයක් වන ලෙස සහ එහි කොටස් කාරයකු වීම ගැන මම ඉතාමත් ගෞරවනීය සතුටක් ලබනවා.

හිත ලෙඩ වුණොත්…

පසුගිය කොවිඩ් කාලවකවානුව සේම නැවතත් අප ඊටත් වඩා ඉතාම බැරෑරුම් හා දුෂ්කර කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇති බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. රට දේශපාලනික, ආර්ථික හා සාමාජීය වශයෙන් අස්ථාවර වූ මේ අවස්තාවේ බඩු මිළ ඉහළ යන්නේ එක රැයින්. ඉන්ධන මිළ, කිරිපිටි , සබන් ඇතුළු අවශ්‍ය කරන සෑම භාණ්ඩයකම මිළ මෙසේ ඉහළ යද්දී එය අපට දැරිය නොහැකි මට්ටමකට පැමිණ තිබෙනවා. 

      මේ ගැටළු හමුවේ පිළිතුරු නැති වන විට අප මානසිකව ඇද වැටෙන්නේ නොදැනුවත්වම යි. මානසික බිඳ වැටිම කායික රෝග වලට ද බලපානු ලබනවා. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මේ වන විට ඇති වී තිබෙන සම්පත් හිඟ කම හා ඖෂධ හිඟකමත් නිසා බොහෝ රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ ඉල්ලමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඉල්ලීම් ද අප දැක නැතුවා නොවේ.

   එසේ නම් මේ ගැටළු වලට යම් තාක්

හෝ සහනයක් එසේත් නැත්තම් විසඳුමක් තිබේ ද?

   විසඳුමක් පේන තෙක් මානයක නොතිබුණත් අප අඩුම තරමේ මානසික මට්ටම යහපත් අයුරින් පවත්වාගෙන හෝ ශක්තිමත්ව මෙයට මුහුණ දිය යුතු යි.

එසේනම් ඒ සඳහා කළ යුත්තේ මොනවාද ?

  ඔව් ! මේ ඉතාම පීඩාකාරී අවස්තාවක් අපි සියලු දෙනාටම. රටේ එක් එක් තැන් වල සිදුවන සිදුවීම් වගේම පුද්ගලිකව තමන් අත්විඳින ඉහත මා සඳහන් කළ ආකාරයේ ගැටළුන් හමුවේ අපි අසරණයි. 

      එසේනම් මේ අසීරු අවස්තාවේ අප අනිවාර්යයෙන් ම අපගේ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා හැකි සෑම අයුරකින්ම ක්‍රියා කළ යුතුය. 

1. දරුවන්, නිවැසියන් හා එක්ව එකට එක කෑම වේලක් හෝ ලබා ගැනීම, එක් එක් අයට ඇති ගැටළු සාකච්ඡ කිරීම, විසඳුමක් සෙවීම හෝ ඒ සඳහා මාර්ගයක් සෙවීම.

2. නිතර පීඩාකාරී පුවත් ලැබෙන මාධ්‍ය වලින් දවසේ පැය කිහිපයක් හෝ ඇත්ව සිටීම.

3. පාන්දර හෝ හවසක මදක් එළි පහළියට බැස පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම.

4. අත්‍යාවශ්‍ය වියදම් ලැයිස්තු ගත කොට ඒ සඳහා සැලසුමක් සකස් කර ගැනීම.

5. තමන් අදහන ආගමකට අනුව ආගමික කටයුතු වල යෙදීම.

6. ජලය හොඳින් පානය කිරීම.

7. තමන්ගේ ගැටළු පිළිබඳව සමීපතමයෙකු සමග සාකච්ඡා කිරීම.

8. හොඳ සවන්දෙන්නෙකු ලෙස සමීපතමයන් සමග කටයුතු කිරීම.

9. තිබෙන දේ අරපිරිමැස්මෙන් භාවිතා කිරීම.

10. බෝවන ලෙඩ රෝග සෑදීමට ඇති ඉඩ කඩ අවම වන ලෙස ක්‍රියාකිරීම.

වැනි කරුණු අපගේ මානසික සෞඛ්‍යය පවත්වාගැනීම සඳහා සෘජුවම හෝ වක්‍රාකාරයෙන් බලපානු ලබන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය.

    ඔබට වැදගත් වන මෙම කරුණු ඔබගේ සමීපතමයන් අතර ද බෙදා ගැනීමෙන් යහපත් මානසික සෞඛ්‍යයයක් පවත්වාගැනීමේ වගකීමට ඔබට ද දායක විය හැකි නම් එය මහගු උපකාරයක් වනු නොඅනුමානය. 

©️දිගැZ✍️

(දිගැසි පබසරා අමරසිංහ )

මිනිස්සුන්ට ලන්වෙන්නේ බලාගෙන

ගොඩක් වෙලාවට මිනිස්සු කියන දෙයක් තමයි,

අපි හොඳනම් කාව ආශ්‍රය කලත් ප්‍රශ්නයක් නැහැ “කියන එක

වාක්‍යයක් විදිහට ඒක හරි සරළව කිව්වට ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙනවා.

අපි හැමෝටම යාළුවො ඉන්නවා, හිතවත් අය ඉන්නවා, හැබැයි ඔවුන් ඉන්නෙ එක එක කවයන් වල,

📍දැනෙන නොදැනෙන සියළු හැඟීම් ඒ ආකාරයෙන්ම බෙදා ගන්නා පිරිස 

📍අවශ්‍ය හැඟීම් පමණක් බෙදා හදාගන්න පිරිස 

📍හායි බායි කියන පිරිස

📍නමට ඉන්න පිරිස

ඔයා මැද ස්ථාන ගත කරලා ඔය කවයන් එක සමාන ගැප් එකකින් ටික ඔයා වටා වුර්තාකාර ලෙස ඇන්දොත් ඔයාට වඩාත්ම බලපෑමක් වෙන්නේ ලඟම කවය තුලින්.

ඔබ විශ්වාස කලත් නොකලත් ඒ ලඟම කවය තුලට ඔබ තෝරාගන්නා පිරිස, ඔබට, ඔබගේ හැඟීම් වලට, ඔබගේ සිතුවිලි වලට බලපෑමක් කරනවම තමයි.

📍ඔබේ ලඟම කවය ඉතා විනෝදකාමී නම් ඔබත් නොදැනීම ඔබ විනෝදයට බර වීමේ ප්‍රතිශතය ඉතා ඉහළයි.

📍ඒ කවය කියවන්නන්ගෙන් සමන්විත නම් කියවීම එපා කරපු කෙනෙක් උනත් ඔබ‍ට නොදැනීම කියවීම ගැන ආශාවක් ඔබේ මනසේ තැන්පත් වෙනවා.

ඒ වගේම,

ඔබේ ළඟම කවය, හොරකමේ යනවනම්, හොරකම මොනතරම් පිළිකුල් කරමින් සිටියත් කාලයත් සමග ඔබත් නොදැනීම ඔබ හොරකම වරදක් නොවන බව පිළිගන්න තත්වයට පත් වෙන්න පුළුවන් වගේම කල්යත්ම හොරෙක් වෙන්නත් පුළුවන්.

ඔබේ ලඟම කවය සමාජයට වයිර කරන්නන් වුනොත්, රට අවුලන්නන් උනොත්, කේලම් කියන්නන් උනත්, නීරස පවුල් ජීවිත ගෙවන අසන්තෘප්ත මිනිසුන් උනත් ඒ බලපෑම කාලයත් සමග යම් යම් ප්‍රමාණයන්ගෙන් ඔබට කාන්දු වෙනවා.

ඒක ඔබ වත් ඔවුන් වත් හිතලා කරන දෙයක් වුනත් නොවුනත් වෙන්නේ ඒක තමයි.

කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන්, මගෙ සමහර යාළුවො හෙරොයින් බොනවා ඒත් මම බොන්නේ නැහැ කියලා,

ඔව් මම එකඟයි,

හොඳට බලන්න ඒ යාළුවා ඉන්නෙ ඔබගේ මොන කවය තුලද කියලා, බොහෝවිට ඒ යාළුවා ඉන්නවා ඇත්තේ ලඟම කවය තුල නෙමෙයි.

කවය ඈත් වෙන්න වෙන්න බලපෑම අවම වෙනවා.

බහුවිද චර්යා සහිත මිනිසුන් වෙසෙන සමාජයක පිරිස සමග කටයුතු කිරීම අමාරු බව ඇත්ත,

නමුත් ඔබේ අරමුණු මුදුන්පත් කරගැනීමට නම් ඒක බොහොම වැදගත්.

ඔබ ඉගනගන්න ආස කෙනෙක් නම් ඉගනගන්න ආස පිරිස හෝ ඉගනගත් පිරිස තුලින් සමීපතම කවය සන්නද්ධ කරගන්න.

ඔබ සංගීතයට ආස කෙනෙක් නම් ගීතවත් පිරිස ලඟම කවයට ගන්න.

ඒකෙ තේරුම සමාන අදහස් ඇත්තන් පමණක්ම ආශ්‍රය කල යුතුයි කියන එක නෙමෙයි, ඒත් ඔබට ලඟම කවය ඔබේ රුචි අරුචි කම් බලාපොරොත්තු අරමුණු, සහ සිතුවිලි වලට ධනාත්මක දායකත්වයක්‌ දිය යුතු පිරිස විය යුතුයි කියන එකයි.

ගැලපෙන මිනිස්සු කොහෙද ඉන්නෙ, ඉන්න කෙනෙක්‌ ආශය කරනවා මිසක්,

කියන තර්කය ඔබ‍ට ආවොත් පිළිතුර වෙන්නේ,

💢එහෙනම් ලඟම කවය හිස් ව තියාගන්න, අනිත් අය ඈත කව වලම තියාගන්න.

තවත් සරළවම කලොත් ඔබට ගැලපෙන ඔබේ සිතුවිලි වලට ගැලපෙන පිරිසක්‌ ඔබේ ආශ්‍රයට නැත්තම්, ඒත් හැමෝවම ආශ්‍රය කරන්න  නමුත්, ඒ කිසිවෙකු ඉතා ලඟින් ආශය කිරීමෙන් වලකින්න,

ඔබ වටා ඇති මිතුරු කවයන් නිසි පරිදි පවත්වාගෙන යාම, ශාරීරිකව මානසික ව ඔබට ඔබේ අරමුණු ගතවීම උදෙසා ඔබ හිතනවට වඩා බොහොමත්ම වැදගත්.
අනීෂා ජයකොඩි