තිලෝෂි ප්‍රනාන්දු

තිලෝෂි ප්‍රනාන්දු කියන්නේ කවුද ඔයාගේ වචනයෙන් කිව්වොත්?

මාව නිර්වචනය කරන්න ඇත්තටම දන්නේ නැහැ මම. නමුත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක් කියලා කියන්න පුලුවන්.

තිලෝෂිගේ පවුලෙ විස්තර ගැන ටිකක් කතා කලොත්?

අම්මා සහ මල්ලී ඉන්නවා . දැන් මගේ Husband, පුතා, දුව එක්ක එංගලන්තයේ ජීවත් වෙනවා.

කොහොමද මෙච්චර ලස්සනට වචන ගළපන්නේ, කොයි කාලයේදීද ලියන්න පටන්ගත්තෙ?

ලියන්න පටන් ගත්තේ… ම්.. සාමාන්‍ය පෙළ කරන කාලේ වගේ මම මගෙ හොඳම මිතුරිය නිසදැස් ලියනවා බලලා ආසාවට ලියන්න ගත්තා. ඊට පස්සේ ඒක හරිම naturel දෙයක් උනා. මගේ තාත්තාගෙ පැත්තෙන් ඒක එන්න ඇති කියලා මම හිතනවා. මොකද මගේ නැන්දා ට සහ අයියට හොඳට ලියන්න පුළුවන්. මට ඒ ආභාෂය තියෙනවා කියලා මම හිතනවා . උසස් පෙළ කරන කාලේ කෙටි කතා ලියනවා. අම්මාට තමයි කියවන්න දීලා හොඳ නරක අඩු පාඩු අහ ගන්නේ. ඒ වගේම උසස් පෙළ අවසන් ව්‍යාපෘතිය සඳහා කලෙත් නිසදැස් එකතුවක් . ඉතින් එහෙම ටික ටික ලියන්න පටන් ගත්තා.

ඔබ ආඩම්බර වන  ඔබ ලියා ඇති හොදම නිර්මාණය .

මම ලියපු මුල්ම ලමා කතාව “සිංහ පැංචා” ඒක ලිව්වේ මගේ පුතාගෙ පලමු වන උපන්දිනය වෙනුවෙන්. 

මම හරිම කැමතියි ඒ පුංචි කතාවට.

පොඩි අයට  ලියන්නේ විශේෂයක් තියෙනවද?

මම ප්‍රාථමික අංශයේ ගුරුවරියක්.  කුඩා දරුවන් එක්ක වැඩ කරන්න තියන්නෙ. ගොඩක්ම කියවන්න ලැබෙන්නේ ලමා කතන්දර. ඉතින් මට කිසිම වෙහෙසක් නැතිව ලමා කතා ලියන්න ඉඩ හසර ලැබෙනවා. ඒ වගේම මගේ පුතා, දුව ඉන්න නිසාත් වෙන්න ඇති හරිම ආසාවෙන් ඒ කතා ලියනවා.

පොඩි අයට හොඳ නරක කියලා දෙන්න පුලුවන් හොඳම මාර්ගයක් තමයි ලමා කතන්දර. මේ හැම කතාවක්ම ඉතාම සරලව වගේම හොඳ පුරුදු සහ ගුණ ධර්ම දියුණු කිරීම ගැන ලියන්න මම උත්සාහ කරනවා. කතාව කියවලා, අහලා පුංචි ම හොඳ දෙයක් හරි දරුවන් එයාලගෙ ජිවිතයට එකතු කර ගනීවි

කියලා මම විශ්වාස කරනවා.

ඉදිරියේදී තිලෝෂිගේ අලුත් නිර්මාන වෙනම තැනකට ගේන්න අදහසක් නැත්ද?

ඔව් ඇත්තටම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ලමා කතන්දර පොතක් එළි දක්වන්න. මේ දවස් වල ඒ ගැන තොරතුරු එකතු කරමින් ඉන්නවා.

මිනිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් උපදෙස් මොනවද?

උපදෙස් දෙන්න තරම් ලොකු දැනුමක් නම් නැ මට නමුත්, අපි කැමති දෙයක් ටික ටික ලියන්න කියවන්න පුරුදු උනා නම් හොඳයි. අපි අපේ කැමති අංශයන් මොනාද කියලා හඳුනාගෙන

ඒ අනුව ඊට අදාල පොත් පත් කියවන්න පටන් ගන්න පුළුවන්. තමන් කැමති දේ මූලින් ම කියවන්න ලියන්න. එක පිටුවක් දවසට කියවන්න පුරුදු උනා නම්, ක්‍රමානුකූලව කියවන්න ඉබේම පුරුදු වෙනවා. අපිට හිතෙන සහ දැනෙන දෙයක් ලියන්න පටන් ගත්තා නම් ඒකත් එහෙමයි. හරිම නිදහසක් සැනසීමක් දැනෙනවා කියවීම ලිවීම තුළින්.

පොඩි අයට කියවීමට පුරුදු කරවන්න  තිලෝෂි ළඟ තියෙන tricks මොනවද?

හොඳ ප්‍රශ්නයක්. මම දැනට කරන සහ සාර්ථක උන trick එකක්‌ කියන්නම්.

කතාව කියවද්දී ඒ චරිතයට අදාළව හඬ වෙනස් කරමින් කතාව කියලා දෙන විට ඒක හරිම රසවත් වෙනවා කුඩා දරුවන්ට. එයාල හරිම කැමැත්තෙන් සහ උනන්දුවෙන් අහන් ඉන්නවා.

ඒ වගේම අපිට පුලුවන් කතන්දරයට අදාළව එහි ඉන්න චරිත අත් මේස් සහ සමාන්‍ය මේස් යොදා ගෙන නිර්මාණය කරන්න.මේස් puppet එකක් හදා ගන්න පුළුවන්. පොඩි අයට කියලම පාට කරලා හෝ ඇස් දෙකක් කටක් මේස් එකේ අලවන්න කියලා එය තවත් විනෝදය පිරි ක්‍රියාකාරකමක් කර ගන්න පුළුවන්. අත් මේස් එකෙන් ඇඟිලි පහට එක එක චරිත අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. කුඩා දරුවන් හරිම ආසාවෙන් එය රස විඳිනවා නොඅනුමානයි.

අපි Magazine එකට සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්.:

ඇත්තටම ඒක අහම්බයක්. මට හරිම සතුටු හිතුනා එංගලන්තයේ මෙහෙම සිංහල මැගසින් එකක් දකිද්දි. ගයාන් සහෝදරයා මට මේ අවස්ථාව දීපු එක මම ගොඩක් අගය කරනවා හැම විටම. මොකද මුලින්ම කතා කරලා මැගසින් එකට ලමා පිටුවක් හදමු කියලා යෝජනා කරද්දී මම එකම එක ලමා කතාවක් විතරයි ලියලා තිබ්බේ. ඉතින් අපි මැගසින් එකට ලියන්න ආසාවෙන් එකතු උන නිසාම මට පුංචි සරල ලමා කතා ලියන්න හුරු උනා. එ හැම කතාවක්ම කියවද්දි මම පුදුම ආත්ම තෘප්තියක් ලබනවා. ඉතින් මම හිතන්නේ මගේ වාසනාවට මට අපි මැගසින් එකට එකතු වෙන්න පුළුවන් උනේ කියලා. මොකද හරිම ලස්සනට ලිපි,නවකතා ,කෙටි කතා , සහ කාලීන මාතෘකා ලියන ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ලේඛකයන් ඉන්න Team එකකට එකතු වෙන්න ලැබුන එක හරිම භාග්‍යයක්.බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තාට.

හරිම ආදරෙන් සුබ පතනවා අපි මැගසින් එකට සහ ප්‍රධාන කර්තෘ ගයාන් කරුණාරත්න සොයුරාට ඉතාමත් හොඳින් අපි මැගසින් එක කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.

ඔයත් Cyber Bullying වලට ගොදුරු උණාද?

අපි හැමෝම ලොකු කුඩා භේදයක් නැතුව මේ කාලෙදි සයිබර් අවකාශෙ පාවිච්චි කරනවා. ඒ අතරිනුත් Social media (සෝෂල් මීඩියා) කියන්නෙ අපි නිතරම බලන, ගත කරන තැනක්. ෆේස්බුක්, යූටියුබ් කියන දේවල් දැන් බහතෝරන කාලෙ පොඩි දරුවෙක් උනත් දන්නවා. ඉතින් මේ Social media වල හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තිබෙන බව අපි හැමෝම හොඳින්ම දන්නවා. අද මම මේ ලිපියෙන් ඔබත් සමග කතා කරන්නේ, මේ Social media වලින් අපිට වෙන්න පුළුවන් නරකම දෙයක් ගැන. ඒ තමයි Bullying වලට ලක්වීම එනම් අයුතු ලෙස හිරිහැරයට ලක් වීම. මෙහෙම උන කෙනෙක් දැඩි ලෙස මානසික කම්පනයට ලක් වෙනවා. එයින් ඔහුගේ හෝ ඇයගේ ජීවන ගමන කෙළවර වෙන්න උනත් පුළුවන්.

ඇත්තටම මොකක්ද මේ Cyber bullying කියන්නෙ? මේකෙන් අපිට සිද්ධ වෙන්නෙ මොකක්ද? කියලා ගොඩක් දෙනෙක්ට ලොකු වැටහීමක් නැහැ. ඔබ සයිබර් අවකාශයට එක් කරන යම්කිසි පෝස්ට් එකක්, වීඩියෝ එකක්, ඕඩියෝ එකක්, ඔබට යම් කිසි අපහසුතාවයක් ඇති කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ව්කෘති කර පතුරවාලීම මෙහිදී සිදු වෙනවා. තවද ප්‍රේම සම්බන්ධතා කඩ වීමෙන්, යහළුකම් පලුදු වීමෙන් පසු පළිගැනීමේ චේතනාවෙන් ද සමහර පුද්ගලයන් නිරුවත් චායාරූව, වීඩියෝ සහ නැවත සකසන ලද (Edited) චායාරූප සහ වීඩියෝ මේ සයිබර් අවකාශයට එක් කරන්නටත් පුළුවන්.

මේ ඕනෑම ආකාරයකින් ඔබ bully වීමකට ලක් වෙන්නට පුළුවන්. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබට ඔබ ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක්ගෙන් එන ඇමතුමකදී…

“හෙලෝ, මේ ඔයා දාපු පෝස්ට් එකක් මෙහෙම edit කරලා share වෙනවා. හැමතැනම” කිව්වොත් ඔබට මොකක්ද හිතෙන්නෙ?

‘මම දැන් මොකද කරන්නෙ?, මම ඉවරයි, මම කොහොමද දැන් සමාජෙට මුහුණ දෙන්නෙ?” වගේ සිතුවිලි සමුදායක් ඔබේ සිතටත් එන්නට එක නිමේෂයක් ඇති. ඊට පස්සෙ හතර වටින්ම ඔබට දෝෂාරෝපණ එන්නට ගනීවි. සමහරුන් බනින්නටත්, සමහරුන් හොඳ කියන්නටත් පටන් ගනීවි. ඔබ මේ සිදුවීම් දිහා බල බලා අඬාවි. දොඩාවි. වැළපේවි. ඇත්තටම ඔබ මොකක්ද කරන්න ඕනි?

මෙහෙම දෙයක් උනාම මුලින්ම ඔබ කලබල වෙන්නට එපා. ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ වරදක් කරේ නැත්නම් ඒ විශ්වාසයම ඇය්හි ඔබට දිනන්න. ඊට පස්සෙ ඒ share වෙන දේවල් වලට, ඒ ගැන දාන comments වලට, මැසේජ් වලට reply කරන්න යන්න එපා. කොටින්ම කිව්වොත් ඒවා බලන්නවත්, ඒවා ගැන හිතන්නවත් ඔබේ වටිනා කාලය නාස්ති කරන්නම එපා. ඔබේ ළඟින්ම ඉන්න අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, පෙම්වතා හෝ පෙම්වතිය, සැමියා හෝ බිරිඳ මේ ගැන දැනුවත් කරන්න. හැකි නම් ඔබ වැඩ කරන තැන අයවත් දැනුවත් කරන්න. ඔවුන් ඔබට කිසියම් ඍණවාදී දෙයක් කිව්වේ නම්, නෙගටිව් කමෙන්ට්ස් දුන්නේ නම් ඒවා නිවැරදි කරන්න යන්න එපා. ඔබ ඔබේ ගමන යන්න පටන් ගන්න.

ඔබ දන්නවාද? අපේ රටේ විතරක් නෙවෙයි, කෝලෙ පුරාම ඕනෑ තරම් ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන් නිරන්තරයෙන්ම මේ bully වීම් වලට ලක් වෙනවා. ඒ හින්දා ඔවුන්ගේ ජීවිත ඔවුන් නතර කර ගන්නේ නැහැ. ඔහු හෝ ඇයව bully කරන්නට ක්ටියාත්මක වූ ඇඟිලි වලින්ම ඔවුන්ට අත්පොළසන් දෙන අවස්ථා දක්වා රැගෙන යන්නට ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. ඉතින් ඔබ ඇයි ජීවිතේ එතැන නතර කරන්නෙ?

තමන්ව විශ්වාස කරලා, ඔයත් වැඩ කරන්න පටන් ගන්න. ඔයාගෙ style එකකට. සාමාන්‍ය විදිහටම Social media පාවිච්චි කරන්න. ඇවිදින්න. හැකි තරම් ඔබ සතුටින් ගත කරන ජීවිතේ ඔවුන්ට පෙන්වන්න. ඒවට වැටෙන කමෙන්ට්ස්, මැසේජ් බලන්න යන්න එපා. ඔය bully කිරීම් කරන අය දිනන්නෙ ඔබ හැංගුනොත්. ඒ හින්දා හැංගෙන්න එපා. පුළුවන් තරම් වැඩ කරන්න. සමාජයෙ ඉන්න. එතකොට ඔවුන්ට තේරෙනවා ඔබව වට්ටන්න බෑ කියලා. ටික දවසකින් ඒ දේවල් මග හැරිලා යනවා. ඒ වෙද්දි ඔබ ඔබේ ජීවිත ගමන යන්න ඕනි.

මතක තියාගන්න. ‘සෑම අඳුරු වළාකුළකම රිදී රේඛාවක් තිබෙනවා’. ඒ රිදී රේඛාව හොයාගන්න ඕනි ඔයා. මේ වගේ අවස්ථාවක ඔබ ඔබේ රිදී රේඛාව හොයා,ගත්තොත්, ඔබේ දියුණුව නවත්වන්න කිසිම කෙනෙක්ට බැහැ.

තවදෙයක්. ඔබ වෙන කෙනෙක්ට හිරිහැරයක් කරන්නට සිතන් වෙන අයෙක්ව bully කරන කෙනෙක් නම් මේ ටිකත් හිතට ගන්න. ඔබට, ඔබේ මවට පියාට, සහෝදරයාට සහෝදරියට එහෙම උනොත්? ඒ හින්දා තමන්ට වෙනවට අකමැති දේවල්, අනිත් අයට නොකර ඉන්න.

ඔබට ජය!

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

ආසාවෙන් බොරු අහන්න

ඉස්සර මට නිතරම හිතිච්ච දෙයක්‌ තමයි,  මිනිස්සු ඇයි මේ තරමට බොරු කියන්නෙ “කියලා 

බොහෝ සත්‍යවාදී කියලා පිටට පෙන්නගෙන ඉන්න අයත් දිගින් දිගටම කියලා තියන ඔක්කොම බොරු කියලා එකින් එක  ඔප්පු වෙනකොට මිනිස්සුයි බොරුයි අතර සම්බන්ධය මීට එහා ගියපු දෙයක් කියලා තේරුණ නිසා,

මම බොරු ගැන බලන කෝණය වෙනස් කලා.

ඇත්තටම,  මිනිස්සු මේ තරම් බොරු කියන්නෙ ඇයි කියලා එතකොට තමයි හරියටම තේරුනේ..

ඇත්තම කිව්වොත් බොහෝවිට මිනිස්සු බොරු කියනව නෙමෙයි,ඔවුන්ට බොරු කියන්න වෙනවා, ඒ කිව්වෙ ඔවුන් බොරු හෝ කිවිය යුතු තත්වෙට පත් වෙනවා.

ඒක වෙන්නේ මෙහෙමයි.

ප්‍රධාන කාණ්ඩ දෙකක මිනිස්සු මේ සමාජයේ ඉන්නවා

1) තියන දේවල් වලට වඩා තියන බව පෙන්නන අය..

2) බොහෝ දේ තියාගෙනත් කිසිවක් නැති බව පෙන්වන අය..

මේ වර්ග දෙකම, තම තමන්ගේ මතයේ පැවැත්ම වෙනුවෙන් නොසෑහෙන්න බොරු කියනවා, බොරු කරනවා,

උදාහරණයක් විදිහට, ඉතා පීඩිත විවාහයක් ගත කරන මුත් සමාජයේදි යම් මට්ටමක් පෙන්වාගෙන ඉන්න කෙනෙක්, අනේ මගෙ මහත්තයා මන් ගැන බලන්නේ නැහැ, එයාට තව කසාදයක් තියනවා,ඉතින් මම ඉන්නෙ බොහොම දුකෙන්, කියලා ඔබ සමග ඇත්තම කියලා ඔවුන් ඔබ ඉදිරියේ මවා තිබෙන සමාජ ප්‍රතිරූපය බිඳ දමා ගත යුතුයි කියලා ඔබ විශ්වාස කරනවද?

ඇත්තටම එහෙම වෙන්න ඕනේ නැහැ ඉතින්.

ලෝකෙට බම්බු ගහගන්න කියලා අපිට ඕනේ විදිහට අපි ජීවත් වෙමු කියලා වචන්යෙන් කිව්වට රටක් විදිහට මේ අමුතු ඇටේ ඇතුලේ ඕක ලොකුවට කරන්න අමාරුයි.

ඒ නිසා ගෙයක් නැත්තම් ණය වෙලා ලෝකෙට පේන්න හරි හෙන පත ගෙයක් අරගෙන ලීස් කරලා හරි වාහනයක් අරගෙන බඩට නොකා හරි,මිනිස්සු තම තමන් කැමති විදිහට status maintain කරනවා.

ඕකෙ ඇත්ත තත්වේ කවුරුම හරි දැනගෙන අනේ ඔයාල මහ ලොකු පොරවල් වගේ හිටියට ලෝකෙටම ණයයි නේද කියලා කෙනෙක්‌ අහනවට කවුරුවත් කැමති වෙයිද?

මහ ලොකුවට ඇති දේකුත් නැති, නැති දේකුත් නැති, පොළවේ පය ගහල ඉන්න නිසා, සාපේක්ෂව මට බොරු කියන්න වෙන්නේ අඩුවෙන්,( කියන්න වෙන වෙලාවල් තියෙනවා )

හැබැයි මම බොක්කේ තියන දේ ගැනත් ඇත්තම කියද්දී යාලුවෝ නෑදැයෝ  අතේ පැළවෙන ටොන් පච දිගට හරහර වනද්දී ඉස්සර නම් ඇඟේ ලේ රත් වෙන ගානටම තරහ එනවා.

ඒත් දෙයියනේ කියලා දැන් නම් එහෙම තරහ එන්නෙ නැහැ.

 ඇත්තටම බොහොවිට මිනිස්සු හරිම අසරණයි,

නැති කමට, බැරි කමට, දුකට, තනිකමට, වැරදිම්වලට පැරදීම් වලටහිනාවෙන්න බලන් ඉන්න සමාජයක් ඉස්සරහ මිනිස්සු අසරණයි.

ඉතින් කැමැත්තෙන් අකමත්තෙන්, හේතුවක් ඇතුව හේතුවක් නැතුව ප්ලැන් කරලා හෝ ඔහේ කටට එනවට මිනිස්සු හිටු කියලා බොරු කියනවා.

ඇත්තම ඇත්ත හොඳින්ම දන්න අයට ඒවා දැකල තරහ ගියාට, ඒවා අහල හිනා ගියාට අපි ඒක දන්නවා කියලා ඒක ඒ බොරුව කියන කෙනාට දැනෙන්න දෙන්න එපා.

මොකද ඔවුන් ඒ බොරුවකින් මහන්නේ ඉරිච්ච ජීවිත කතාවක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් මැරිච්ච හීනයක් වෙන්න පුළුවන්, සමහරක් විට ඔවුන්ට තියන එකම එක බලාපොරොත්තුව වෙන්නත් පුළුවන්.

බොරුවලට බොරු කාරයින්ට නොරැවටෙන එක ඔවුන්ව තව දුරටත් විශ්වාස නොකරන එක ඔබේ වැඩක්, හැබැයි අකමැත්තෙන් උනත් පිළිගත්තා වගේ බොරුව අහගෙන ඉඳල හා හොඳයි කියන එක ලොකු පිනක්.

මොකද, පටටම පට්ට සරළ ජීවිත මිනිස්සු මාර කට්ටක් කාලා විහින් සංකීර්ණ කරගෙන, බැලුම් වගේ හුලන් දාලා පුම්බගෙන ඒ හිස් ජීවිත ඇතුලේ පට්ට වටින දේවල් තියෙනවා කියලා ලෝකෙට පෙන්නන්න මාර බොරුවක් කරනවා,

ඇත්තම කිව්වොත් අහන අපි විතරක් නෙමෙයි කියන උනුත් තමන්ගේම බොරුවට අහුවෙලා ඉවරයි.

ඒ නිසා මීට පස්සෙ, ඇයි මිනිස්සු බොරු කියන්නෙ කියලා හිතලා දුක් වෙන්න එපා, මිනිස්සුන්ට බොරු කියන්න වෙනවා,

 කියන යතාර්ථය තේරුම් අරන් දත කට මැදන් සාවධානව බොරු අහන්න ලෑස්ති වෙලා ඉන්න.

කාගෙ හරි තත්වයක් රැකෙනවානම්, කාට හරි මම පොරක් කියලා හිතෙනවනම්, කාගෙ හරි හිතට අරූ මගෙ බොරුවට හොඳටම රැවටුනා රැවටුනා කියලා හිතල පොඩි හරි  සැනසීමක් ලැබෙනවානම්,එන්න එච්චරයි වෙන්න ඕනේ..

මීට පස්සෙ මිනිස්සු අපිට ඇත්ත කියයි කියලා හිතන්න එපා, ඇයි මිනිස්සු බොරු කියන්නෙ කියලා හිතලා දුක් වෙන්නත් එපා, අපෝ එයා ඒ තරම් බොරු හිලක්ද කියලා හිතලා හිත කලකිරවගන්නත් එපා.

මිනිස්සුන්ට බොරු කියන්න වෙනවා,ඒ තරමටම ඒ මිනිස්සු අසරණයි නේද කියලා හිතලා  හිත හදාගන්න..

කොහොම උනත් කියන්නෙ බොරු කියලා දැන දැනම ” ආනේ ඇත්තද ” කියලා අහන් ඉන්න එකෙත් අමුතුම එකක් තියනවා..දිගටම පුරුදු උනහම ඒක වෙනමම ආතල් එකක් වෙනවා..

කොහොමත් ඉතින්, ස්කන්ධය දිරලා ආතල් විතරක් ඉතුරු වෙන එකේ කියන කෙනාට බොරු කියලා ආතල් එකක් ගන්න දීලා ඔයා බොරු අහලා ආතල් එකේ ඉන්න. මොකද අපි ඇත්ත අහන්න ආස උනාට ඇත්ත කියන අය දැන් නැහැ..


අනිශා ජයකොඩි ✍️

රන්මසු උයන

සැගවී ගිය ඉතිහාසය සොයා

          ලංකා ඉතිහාසයේ පෞඩත්වය කියා පාන ඓතිහාසික සිද්ධස්ථාන වලට නමි මාගේ සිත බැදි තිබෙන්නේ පුදුමාකාර විදිහට…. නවීන ලෝකයේ කොන්ක්‍රීට් තටිටු වල මොනතරමි වර්ණ ආලේපිත කර අලංකාර විදුලි බුබුලු වලින් නිමවා සිතුවමි කර තිබුණත් හිත පැහැදෙන්නේ නමි නෑ… පැරණි නටබුන් ඇති භූමියකට ගිය විටකදී දැනෙන හැඟිම කියා නිම කල නොහැකියි… මා ප්‍රිය කරන්නේ එවැනි තැන්වල ඇවිදිමත් එ ඉතිහාසය හාරා අවුස්සා ඉන් ඔබිබටම පිය නැඟිමත් පමණයි..

          ලංකා ඉතිහාසය ගැන සොයා යද්දි මොනතරමි දේවල් අපෙන් සගවා ඉතිහාස කතාව ලියා ඇතිදැයි සිතෙන්නේ කනගාටුවක් එක්කමයි.. සමහර ස්ථානයන් හි ඇති විශ්මිත නිර්මාණ අදහාගත නොහැකියි.. ඇත්තෙන්ම මාගේ ප්‍රියතාවයත් එ හෙළ ඉතිහාසයේ විශ්මිත තාක්ෂණය ගැන සොයා යැමයි..

              ඉතිං අද මම අපි මැගසින් එක ඔස්සේ ඔයාලාට අරන් එන්නේ මගේ හිතම සොරා ගත් තවත් විශ්මිත ස්ථානයක් ගැන… එ ඉසුරුමත් මුණිගේ ඉසුරුමුණියේ ඇති රන්මසු උ⁣යනේ සක්වල චක්‍රය ගැන වගේම බොහො අය කතා කරන මිනිසා සහා අශ්ව හිස පිළිබදව…

              මෙි අහස මොනතරමි දේවල් දකිනවා ඇතිද…. මෙි ගහාකොල මොනතරමි දේවල් දිහා බලන් ඉන්න ඇතිද… පැරණි නායකයින් අද වගේම එදාත් අපෙන් මොනතරමි දේවල් සගවාලන්නට ඇතිද…. අප පිළිගත යුත්තේ පත පොතෙහි සදහන් දේ විතරමද?… ඉන් එහාට කිසිවක් සොයා යන්න අවසර නැතිද?…. සැඟවි ගිය හෙළ ඉතිහාසය තරමි රසවත් කුතුහලය දනවන මාතෘකාවක් මට නමි තවත් නොවන තරමි…. මහා පොළොවෙි ඇති නටබුන් වගේම ඈත අහසේ තාරකා ගැනත් මගේ හිත ඇදි යනවා… එ තරමට මෙි මහා පොළවත් එක්ක සමිබන්දතාවයක් තාරකා වලට තියනවා..

             ලංකා ඉතිහාසයට වැඩිම උරුමකම්ක් ඇති වැඩිම නටඹුන් ප්‍රමාණයක් ඇති අනුරාධපුර රාජධානියේ ඇති තවත් රමණිය ස්ථානයක් තමයි ඉසුරුමුණිය…. අටමස්ථානයට අයත් නොවුනත් අනුරාධපුර වන්දනාවෙි යන අය මගහැර නොයන ස්ථානයක්.. තිසා වැවට පහලින් ගල් කුළු මත ඉදිවි ඇති මණරමි ඉසුරුමුණිය වැද පුදා ගන්න අනුරාධපුර වන්දනාවෙි යන පිරිස් අමතක නමි කරන්නේ නෑ… එත් එ යන අය අතර ඉසුරුමුණිය ගැන හරියටම දන්නේ හොයන්නේ කීයෙන් කී දෙනාද?…

              ගොඩක් අයට නමි ඉතිං ඉසුරුමුණිය කිවුවාම මතක් වෙන්නේ පෙමි යුවලව.. අද මම ආවෙි එ ගැන කතා කරන්න නමි නොවෙයි…. මොකද මෙි වන විට ඉසුරුමුණි පෙමි යුවල ගැන නොදන්නා කෙනෙක් නොමැති නිසා.. සමහර පුද්ගලයන් එහි ගොස් කරනා දේවල් දුටුවාම මට නමි හිතට දැනෙන්නේ කණගාටුවක්…. බුදුගෙයට දකුණු පසින් ඇති ⁣පැන් පොකුණටත් ඇත් රුප ඇති ගල ඉහලින් ඇති කවුළුවටත් මිනිසුන් කාසි දමන්න පුරුදු වෙලා… හිතාගත නොහැකියි එ තරමි අපේ මිනිසුන්ගේ මානසිකත්වය ගැන…..

             ඉසුරුමුණිය ගැන විස්තර සොයා යන විට මිහිඳු මා හිමියන් මේ ස්ථානයේ වැඩසිටි බවත්,  එ කලයේ මෙි ස්ථානය  “මේඝගිරි” විහාරය නමින් හැඳින්වූ බවත්, වර්ෂාව ලබා ගැනීම සඳහා උත්සව පැවැත්වූ මෙිඝ වන නමි රජතුමෙකුගේ මගුල් උයන පිහිටා ඇත්තේද මේ ආසන්නයේ බවත් පැවසෙනවා….

              දේවානම් පියතිස්ස රජතුමා මේ විහාරය කරවුයේ මිහිඳු හිමියන් ළඟ පැවිදිවූ එතුමාගේ බෑනා කෙනෙකුවූ අරිට්ඨ කුමාරයා ඇතුළු පන්සියයක් වෛශ්‍ය කුලයේ දරුවන් වෙනුවෙන් බව ඉතිහාසයයේ සදහන් වෙනවා.. වංශ කතා පොත්වල මේ විහාරය ඉස්සරසමනාරාම,කසුන්ගිරි වෙහෙර ආදී නම් වලින්ද හඳුන්වා දෙනවා…

              එ වගේමයි රාවණ යුගය දක්වාද ඉසුරුමුණිය ඇදි යන බවත් පැවසිය යුතුමයි.. ඉසුරුමුණිය යනු ඉසුරුමත් මුනි නමි මුනිවරයා වාසය කල ස්ථානය ලෙසටත් හදුන්වනවා දිය හැකියි.. මෙහි ඇති බොහො ගල් ගැටයමි වලින් නමි එ බව හැබැවක් බව සිතන්නට පුළුවන්.

              ඉසුරුමත් මුනි යනු මහා රවණයන්ගෙ පියා විශ්‍රවස් මුනි නමි වෙසමුනි ලෙස හදුන්වනවා..  වෛයිශ්‍රවන / වෙස්සවණ ලෙස සතරවරම් දෙවිවරුන් අතරට සිටින වෛයිශ්‍රවන දෙවියන් මොහුයි… කොටි ලක්ෂයක් යක්ෂයන්ට අධිපති දෙවියන්ද මොහුයි.. සතරවරම් දෙවිවරුන් සිටි මාලිගා පිහිටා ඇත්තේ මෙි මහා පොළොවෙිම නමි ඉසුරුමුණිය යනු වෛයිශ්‍රවන දෙවියන්ගෙ මාලිගයදැයි මොහොතකට මට සිතෙනවා..

              ඉසුරුමුණි විහාරය අසල ඇති පොකුණට ඉහලින් ගල් තලාව මත කැටයමි ගණනාවක් දක්නට ලැබෙනවා.. ඇත් රුප වගේම මිනිසා සහා අශ්ව හිස සහිත කැටයම ඔබ දැක ඇති. බොහො අය මෙි පිළිබදව බොහො නිගමන ඉදිරිපත් කර තිබුණත් තවමත් ස්ථිරවම මෙි කවුරුන්දැයි නිගමනය කරලා නමි නෑ..

             ඉතිහාසය පිරික්සා බැලිමෙිදි ගැටලුවක් පවතිනවා..  ඉසුරුමුණිය භික්ෂූන් වහන්සේලාට පුජා කිරිමට ප්‍රථම මෙි ස්ථානය භාවිතා කලේ කවුරුන්ද ?… එ පිළිබදව සොයා බැලුවොත් ඔබව මම ඉහත කී මහා රාවණ යුගය දක්වා රැගෙන යනු ඇත…

             කෙසේ වෙතත් ඉතිහාසයේ බොහො දේවල් යටපත් කර ඇති බව නමි කිව යුතුමයි.. මෙහි සිටි ඉසුරුමත් මුනි වරයා කවුරුන්ද? ඇත් අස් රිය පාබල සේනාවලින් සමන්විතව විරාජමානව වැජඹුණු මහා කළුගල් කුටිටි කල එ ගල් මත කැටයමි කළ එ මහා තාක්ෂණය කාගේ විය හැකිද? පත පොතෙහි පමණක් ලියා ඇති දේ අප විස්වාස කල යුතුද… ගැටලුව එතනයි…. මෙහි ඇති සමහර නිර්මාණය වල කාලය තාමත් නිගමනය කර නෑ… ඉතිං මෙහි සිටියා යැයි පැවසෙන ඉසුරුමත් මුනිවරයා අන් කවරෙකුවත් නොව එ මහා රාවණගේ පියා වන විශ්‍රවස් මුනිවරයා නොවන්නේද….

             මිනිසා සහා අශ්ව හිස සහිත කැට⁣යමෙන් නිරුපණය වන්නේ ඉසුරුමත් මුනිවරයා බවයි මාගේ මතය. එ ඔහු වාඩිවි සිටින ඉරියවුවෙන් එ බව පැවසිය හැකියි…. මා හට නමි එය දුටු විට දැක ගත හැකි වුවෙි බොහො වෙිලාවක් යාගයක හො භාවනාවක නිරතව සිටිමෙන් සිරුරේ ඇති වන අපහසුතාවය නිසා සිරුර සැහැල්ලු කරගැනිමට පහසු ඉරියවුවකට මාරුවි සිටින ආකාරයක්.. එය මගේ මතයක් පමණක් බව සදහන් කරන්න කැමතියි… අවට වට පිටාව සමග මෙි කැටයම සසදා බැලිමෙිදි මට නමි එසේ සිතුනා. එ වගේම අශ්ව හිස නිසා මෙි ලෙසත් සිතිය හැකියි.. බොහො වෙහෙසකාරි ගමනාත්තයකින් පසු අසු පිටින් බැස වෙහෙස නිවාගන්නා ආකාරයක්දැයි සිතෙනවා.. මෙි මාගේ මතයක් පමණයි..

             නමුත් මෙි පුරාණ කැටයමි ගැන නිගමනයකට එන්නට කාටත් අපහසුයි…. එහි සත්‍ය සොයා යාම මොනතරමි අඟනේදැයි වැටහෙන්නෙ මෙි ඉතිහාසය මොනතරමි දේවල් සගවාගෙන සිටිනවාදැයි හැගෙන විටයි… යමි කිසි සලකුණක් දුටු විට එය කුමක්දැයි විමසා බලන්න වගේම එ පිළිබදව සොයා බලන්න නිගමනය කරන්න අපට අයිතියක් තියනවා.. එත් බොහො දේවල් රහසක් ලෙස තබාගෙන කටයුතු කරන්නට සිදුවි ඇත්තේ මෙි සමාජයේ බොහො පිරිසකගේ නොදැනුවත්කම නිසා ඉතිහාසය විහිළුවක් කරගන්නා ගමන් එ දේවල් වලට විනාශය ලගා කරවිමයි…

            ඉසුරුමුණි විහාරයට දකුණු පසින් පිහිටා ඇති තවත් අපුරු ස්ථානයක් තමයි රන්මසු උ⁣යන…. රථ ගාලත් එක්කම දකුණු පස.. අද එහි ගුප්ත සොබාවයකට උරුමකමි කියයි…. එහි ඇතුල් වෙන විටම නමි මට දැණුනේ අමුත්තක්… මෙි කරුණත් පැවසිය යුතුමයි… තිසා වැව පාමුල ඇති ඉසුරුමුණියත් රන්මසු උ⁣යනත් එ කාලයේ මොනතරමි අලංකාරව සුන්දරව තියෙන්න ඇතිද…. රන්මසු උ⁣යනේ ඇති ගහා කොල හරි අමුතුයි.. බොහො සෙයින් වෙනස් බවක් මා දුටුවා.. වෙනත් තැන් වල වගේ නොවෙයි එහි ශාක , පත්‍ර, අතු , ඉති හැමදේම එහා සම වෙනත් තැනක ඇති වෙනත් ශාක වගේ නොවෙයි. එහි වෙනසක් තිබෙනවා…. ඔබත් එහි යන්න.. හොදින් බලන්න… ඔබටත් එය වැටහෙවි..

         එදා රන්වන් මසුත් පිරි රන්මසු උයනේ අද එ රන්වන් මසුත් නැති සිදි ගිය පොකුණු තිබුණත් බොහො දෙනාගේ අවදානය දිනා ඇත්තේ එහි ගලක තිරස් අතට කොටා ඇති සටහන වෙතයි… බොහො අය මෙය සක්වල චක්‍රය ලෙස නමි කරලා තියනවා.. ඉතිං එ ගැනත් මං ඔබට විස්තර ගෙන එන්නමි…

            ⁣රන්මසු උ⁣යනේ ඇති මෙි සටහන මුලින්ම සොයාගෙන ඇත්තේ මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එචි . සී. පී . බෙල් මහත්මයා… ඉන් පසු මෙි පිළිබදව බොහො දෙනා බොහො මතිමතාන්තර ඉදිරිපත් කර තිබෙනවා… මෙි කරුණත් කිව යුතුමයි.. පුරාණ කාලයන්ට අයිති සංකේතයක් වගේම එ සංකේත අයිති තැනක මෙි සංකේතයෙන් සදහන් කරන්නේ මෙන්න මෙික කියලා අපිට එක පාරටම නිගමනය වලට එමට නොහැකියි.. එ මන්දයත් එ සංකේත වලින් සදහන් කර ඇති දේ අර්ථ දැක්වීම ඉතාම අපහසු කාරණයක් නිසා..

            යමි පිරිසක් ගත් විට එක එක අයගේ එක එක අදහස් තිබිය හැකියි.. එ මෙවැනි නිර්මාණ වලට අරථ දැක්වීමක් නොමැති නිසා.. එ නිසාම ඔිනෑම අයෙක්ට මෙි පිළිබදව අර්ථ දැකිවිමට පුළුවන්.. සක්වල චක්‍රය ලෙස මෙි සටහන යමි පිරිසක් හදුන්වා දෙන විට තවත් පිරිසක් මෙයට star geat ලෙස ඉංග්‍රීසියෙන් හදුන්වනවා…

              STAR GATE එහෙමත් නැතිනමි සක්වල චක්‍රය නොහොත් තාරකා දොරටුව ගැන විස්තර කරනවා නමි මිටර් 1.8 ක විශ්කම්භයකින් යුතු වෘත්තාකාර චක්‍රයක්.. එහි විශේෂිතවූ රුප මෙන්ම අක්ෂරද ජ්‍යමිතික  සංකේතද සත්ව රුපද දැකගන්න පුළුවන්….  මෙහි පිටත චක්‍රය තුල ජලජ සත්ව රුප එකම දිශාවකට පිහිනා යන ආකාරයෙන් දක්වා තිබෙනවා…. හරියට පෘථිවිය එක් දිශාවකටම කරනවා වගේ..

            පිටත චක්‍රය තුල ඇති ජලජ ජිවින් ලෙස මුහුදු බෙල්ලන් , මුහුදු අශ්වයින් , කැස්බෑවන් , ඉබිබන් , කකුළුවන් , මුහුදු සිංහයින් , දැල්ලන්ද පැහැදිලිව දැකගත හැකියි…

             මෙහි සදහන් වෘතය මධ්‍යයේ හරි හතරැස් කොටුවක් තුල වෘත හතක් දැක්වෙනවා… එ වටා විවිද පරිමාණයෙන් යුත් කොටු දක්වා ඇති අතර සෑම කොටුවක් මැදම කිසියමි ජ්‍යමිතික හැඩතලයක් බැගින් දක්වා තිබෙනවා…. එම හැඩලත අතර කොටස් හතරකට බෙදෙන ලද කුඩා වෘත කිහිපයක්ද චක්‍රයට සමාන හැඩතලද හදුනානොගත හැකි සංඛෙිතද දැකගත හැකියි… .

         මෙම චක්‍රයේ ඉහල කොටසේ බ්‍රහ්මීය අක්ෂරයෙන්  “පනතිපනශ” යනුවෙන් කොටා තිබෙනවා….. මෙහි අදහස නමි , පන ( ප්‍රණ ) තිපනශ ( පනස් තුන ) යන්නයි සෙනරත් පරණවිතාන මහාතා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ.. මෙම චක්‍රයේ ඇති සත්ව රුප හා ජ්‍යමිතික  හැඩතලවල එකතුව පනස් තුනයි…..  සත්ව රුප විස්ස හා  ජ්‍යමිතික හැඩතල එකතුව තිස් තුනක එකතුව පනස් තුනයි….

         එ වගේම මෙි ගැණත් සදහන් කල යුතුමයි… මෙි හා සමාන වන්නාවූ තවත් විශ්ව සලකුණු දෙකක් ලොකයෙන් සොයාගත හැකිව තිබෙනවා. පෙන්ටගනයේ එ හා සමාන වු සලකුණුත්, මිසර ශිෂ්ටාචාරයේ කොපු නමි වු පිරමිඩයේ සලකුණත් සමාන බවයි පැවසෙන්නේ…..

        මෙි පිළිබඳව පුරාවිද්‍යා ගාවෙිශක එචි ඩබිලිවු කුමාරතුංග මහතාගේ මතය වන්නේ මෙහි මධ්‍යම වු චක්‍රය පෘථිවිය ලෙසත් එවැනිම වමිපසින් වු චක්‍රය ⁣වෙනත් විශ්වයක් බවත් පෘථිවියේ සිට එතනට ඇති දුරත් මෙයින් නිරුපණය කරන බවයි. මෙම විශ්ව යතුර වෙනත් ලොවකට පිවිසුමක් යැයිද ඔහු පවසනවා….

       මෙම වෘතයේ එක් පසෙක එකක් වසා ඇති ආකාරයත් අනෙක් පස එය විවෘතව ඇති ආකාරයත් කිසියමි පනිවිඩයක් කියා පාන බවයි පවසන්නේ…. පිටසක්වල ජිවින් සමග මහා රාවණා රජු හා සමකාලිනයන් සමිබන්දතා පවත්වා තිබුණ බවත්,  පිටසක්වලයන්ගෙන් ලබාගත් දැනුම භාවිතා කරමින් හෙළයො බොහො දේ සිදුකර ඇති බවත් තතු දන්නො පවසනවා…

        හොදම නිදසුන වන්නේ ඔිරායන් තරු රාශියෙහි  බදපටියේ තරු ත්‍රිත්වය , ගීසා පිරමිඩ ත්‍රිත්වය හා ලංකාවේ ජේතවනය රුවන්මැලි හා අභයගිරිය දාගැබි එකම රේඛාවක එ හා සමාන වීමයි.  එ වගේම එ ආසන්නයේම ඇති මෙි සක්වල චක්‍රයත්..

          යමි කිසි පුරාවිද්‍යා ස්ථානයක නටඹුන් වගේම යමි සලකුණු ඇති තැන්වලට ගිය විට සලකුණු දෙස පමණක් විපරමි කර බැලිමයි බොහො අය කරන්නේ. නමුත් එ ආශ්‍රිත වටපිටාවටත් තමන්ගේ අවදානය ලබා දුන්නා නමි නොයෙක් විසදාගන්න නොහැකිවු ගැටලු විසදා ගත හැකියි… රන්මසු උ⁣යනේදි මා ලද අත්දැකීම මා දුටු දේවල් සියල්ල මෙහි සටහන් කල නොහැකියි… එ අන් කිසිවක් නිසා නොවෙයි මගේ ගුරුතුමා මා හට දි ඇති උපදෙස් පරිදි කටයුතු කිරිමට මා පොරොන්දුවි ඇති නිසාමයි.. තමන් දන්නා ආරක්ෂා කලයුතු යමි කරුණක් වෙි නමි එය සත්‍යවාදී යැයි හැගෙනා අයට පමණක් පවසන්න එයයි මගේ ගුරුවරයා මට දි ඇති අවවාදය..

          මාගේ සිතම භාවනාවකට සම වැදුණු තවත් තැනක් ලෙස රන්මසු උ⁣යන සදහන් කල යුතුමයි. දීර්ඝ කාලයක් එකම තැනකට පිරිසක් එක් උන හොත් එහි බිමට කුමක් සිදුවෙිවිද… විශේෂයෙන් ගලක් මතට… මා මෙය පමණක් ඔබට පවසන්න කැමතියි.. සක්වල චක්‍රය පිහිටා ඇති ස්ථානයේ ආසන හතරක් සලකුණු කර ඇති බව ඔබත් දැක ඇතියි. මෙි ආසන පිහිටි ගල වෙත ඔබෙි අවදානය යොමු කලේ නමි ඔබටද වැටහෙනු ඇත.. එනමි රන්මසු උ⁣යනේ ඇති වෙනත් ස්ථාන හා මෙි පිහිටි ගල සැසදිය නොහැක… බොහො පිරිසකගේ පාද ස්පර්ශය දිගින් දිගටම ලැබු නිසා මෙි ගල මටසිළුටු වි ඇත.. එ වගේම නිරුවත් දෙපා වලට එහි සිසිලස දැනෙනු ඇත…. මෙි ආසන මත ඉදගත් පසු එක එල්ලේම පෙණෙන්නේ සක්වල චක්‍රය ලෙස නමි කර ඇති මෙි අපුරු සටහන පමණයි… ඉතිං බොහො දේවල් අපිට සිතන්න නිගමනය කරන්න පුළුවන්…

          මෙය ලොක සිතියමක්ද? එහෙමත් නැත්තමි වෙනත් සමාන්තර ලොකයක් හා සමිබන්ද විය හැකි දොරටුවක්ද? එහෙමත් නැත්තමි භාවනාවකදි හිත එක තැනක තබා ගැණිමට යොදාගත් සලකුණක්ද? කොයි කාට උනත් එ ගැන අදහස් දක්වන්න පුළුවන්.. එ වගේම තවත් කරුණක් සදහන් කල යුතුයි.. අද වන තෙක් කිසිවෙකුත් මෙම සිතියම පිළිබදව නිගමනයකට පැමිණ නොමැත. මෙිවැනි උරුමයක් හිමි ලංකිකයන් වන අප මහා අභිමානවත් ඉතිහාසයකට උරුම කමි කියන්නොයි.. එබැවින් අප එ සියළු දේ ආරක්ෂා කල යුතුයි. රන්මසු උයන අදවන විට වල් බිහිවිමට පටන්ගෙන ඇත. තාරකා දොරටුව අවු වැසි වලට නිරාවරණය වි විනාශයට ලගාවෙමින් පවතී…මෙය රැකගැණිම හෙළ සිංහලයො වන අපගේ වගකීම නොවන්නේද…

           මා මෙහි කීපවතාවක්ම ගිය පසු දුටු දෙවල් බොහොයි.. කිසිවෙකුට පැවසිය නොහැකිදැ මා දැක ගතිමි … නමුත් තවත් එක් දෙයක් මෙහි සටහන් තබමි.. එනමි මෙි සක්වල චක්‍රය බලාකියා ගැනිමට මිනිසෙකු එහි සිටි. එහි පැමිණෙන සියල්ලන්ටම මෙි චක්‍රය ඇල්ලීමට ඉඩදෙයි… ඔහු අල්ලන්නැයි කියා කියයි.. එ නිසාම ඉහල වෘතයෙ තෙල් පැල්ලමි දකින්නට තිබෙි.. කාලයක් සමග දිගින් දිගටම මෙි පුද්ගලයා මෙි ක්‍රියාව සිදුකලහොත් වෙන්නේ කුමක්ද….  සලකුණ මැකි යා හැකිය..

           ඔහු පවසන දෙවල් එහෙන් මෙහෙන් අහුලාගෙන කියන එවා බව පැහැදිලියි… මා විසින් මගේ පවුලේ අයට පවසන ලද තරමක් විස්තර නිසා ඔහු පුදුම උවා මා දුටුම..  ” ඇත්තටම නොනා කවුද ?” එ ඔහු මගෙන් ඇසු එකම ප්‍රශ්නයයි… මා අවට පරිසරය නිරික්ෂණය කරන්නට පටන්ගත්තෙමි…. මට ඔහුගේ වැල්වටාරමි වලින් පලක් නැත.. මදක් එහි එක් ආසනයක ඉදගෙන මා දැස් පියා ගතිමි.. නමුත් විනාඩියක් ගෙවෙන්නට මත්තෙන් මගේ සිත මට දැඩිව පැවසුවෙි අවට බලන ලෙසයි… ඉතිං මා සියැසින් දුටු දේවල් බොහොයි..

            රාවණ ඉතිහාසය දක්වා දිවයන මෙිහි සත්‍ය තොරතුරු සැඟවි තිබිමයි සුදුසුම ….ලොකය යන්නේ විනාශය කරා .. ඉතිං බොහො අයට හෙළ ඉතිහාසය විහිළුවක් වි අවසන්.. කවුරුන් හො වෙිවා ඉතිහාසය ගැන දන්නා සත්‍ය දේ රහස් ලෙස තබාගෙන සත්‍යවාදියැයි හැගෙන අයට පමණක් පවසන්න….. එ වගේම මිල කල නොහැකි වටිනාකමි ඇති මෙවන් සථාන ආරක්ෂා කරන්න… රැගෙන යන ටොෆි කොලයක්වත් එහි නොදමා එන්න තරමි කාරුණික වන්න…

නිසංසලා රණසිංහ

සන්ෆලවර්ස් / Sunflowers 🌻

සන්ෆලවර් සීඩ්ස් (Seeds) විටම්න් බහුල පෝෂ්‍යදායක ආහාරයක් බව සහ ආහාර පිසීමේදී සන්ෆලවර් ඔයිල් (Oil) භාවිතා කර ගැනීම ඉතාමත් හිතකර බව ඔබ දන්නවා ද?  

මෙම ලිපිය කියවා මේ පිළිබදව වටිනා විස්තර රැසක් ඔබේ දැනුම පොතට එකතු කර ගන්න.

The National Garden Bureau  ආයතනය 2021 අවුරුද්ද “Year of the Sunflower” ලෙසට නම් කර තිබෙනවා. 

“Helianthus annuus” කියන්නේ සන්ෆලවර් වලට කියන විද්‍යාත්මක නාමයයි. මෙම විද්‍යාත්මක නම හැදිලා තියෙන්නේ helios (“sun”) සහ anthos (“flower”) යන ග්රීක් (Greek) භාෂාවෙන් එන වචන දෙකක එකතුවෙනි. 

ඇමරිකාව සහ මෙක්සිකෝව යන රටවල්වල් සන්ෆලවර් මුලින් ම වගා කිරිම ආරම්භ කර තිබෙනවා. ඉන්පසු යුරෝපියන් සහ ඒශියන් (European and Asian) රටවල්වලත් සන්ෆලවර් වගාව බහුලව ප්‍රචලිත වෙලා තිබෙනවා. 

සන්ෆලවර් බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ තද කහ පාට වර්ණයෙනි. රතුපාට, තැඹිලි පාට, මෙරූන් පාට සහ දුඹුරු පාට සන්ෆලවර් වර්ගත් අද වනවිට බහුලව දක්නට ලැබෙනවා. 

සන්ෆලවර් හිරු එලියේ දිශාවට අනුව හැසිරෙන එනම් හෙලිඔට්‍රොපික් (Heliotropic) ලක්ෂණයෙන් යුතු පැල විශේෂයක් වෙනවා.  හෙලිඔට්‍රොපික් ස්වභාවය මල් හටගෙන මුල් කාලයේදී විශේෂයෙන් දකින්නට ලැබෙනවා. මල ප්‍රමාණයෙන් විශාල වී බීජ හට ගන්නා කාලයේදී මලෙහි බර ප්‍රමාණය වැඩිවීම සමග මෙම ස්වභාවය සෙමින් අඩු වී යනවා. 

සන්ෆලවර් උෂ්ණත්වයට හොදින් ඔරොත්තු දෙන නිසා, එමෙන්ම කෘමීන්ගෙන් පැලවලට වන බලපෑම ඉතාමත් අඩුවන නිසා වගා කිරිම පහසු පැල විශේෂයක් වෙනවා. එමෙන්ම 

මී මැස්සන් සහ කුරුල්ලන්ගේ විශේෂ ආකර්ෂණයක් මෙම අලංකාර මල්වලට හිමි වෙනවා. 

මෙම මල්පැල දින 80 ක් 95 ක් අතර කාලයේදි පරිණත ස්වභාවයට පැමිණිනවා. ප්‍රමාණයෙන් විශාල සන්ෆලවර් වර්ග (American Giant Sunflowers) අඩි 15 ක් පමණ උසට වැවෙන බවයි කියවෙන්නේ.

දැනට වාර්තා වුනු උසම සන්ෆලවර් පැලය අඩි 30 යි අගල් 1 ක් උසින් යුතු වේ. මෙය 2014 දී Germany වලින් වාර්තා වී තිබෙනවා. අඩි කීපයක් උසින් යුතු Sunrich or ProCut වැනි නම්වලින් හදුන්වන කුඩා ප්‍රමාණයේ සන්ෆලවර් වර්ගත් දකින්නට ලැබෙනවා. 

ඒවගේම විශාල සන්ෆලවර් මල්වල මැද කොටස එනම් සන්ෆ්ලවර් හෙඩ් (Sunflower head) අගල් 12 ක වගේ ප්‍රමාණයකින් විශාල වෙනවා. එවැනි සන්ෆලවර් හෙඩ් එකක් තුල තවත් කුඩා මල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 

සන්ෆලවර් බීජ පැල කිරිමේදී කලින් පැල සුදානම් කිරිමේ ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ නැත. ඔබ තෝරාගත් බිම් කොටසෙහි පෙර සුදානමකින් තොරව බීජ සිටුවා ගත හැකිය. බීජ පැල කිරීමේදී පැය 6 ක් 8 ක් හිරු එලිය වැටෙන හොදින් ජලය බැසයන බිම් ප්‍රදේශයක් තෝරා ගන්න. සන්ෆලවර්  බීජ පැල කිරිමේදී අගල් 1 ක් 1-½ ගැඹුරින් ද පැල අතර පරතරය අගල් 30 ක් ද විය යුතුය.

සන්ෆලවර් සීඩ්ස් මේ විදියට හදලා රස බලන්න…

සන්ෆලවර් සීඩ්ස් Vitamin E සහ Selenium සහිත ඉතාමත් ගුණදායක ආහාරයක් වෙනවා. සන්ෆලවර් සීඩ්ස් මේ ආකාරයට ආහාරය සදහා පිළියෙල කරගත හැකිය. සන්ෆලවර් සීඩ්ස් ලුනු ස්වල්පයක් දමා රැයක් එලිවෙන තුරු වතුරේ පෙගෙන්නට හැර පෙරේනයක් භාවිතයෙන් වතුර ඉවත් කර පේපර් ටවල් (Paper towel) එකකට දමා තෙතමනය අඩු වෙන්නට හරින්න. ඉන්පසු විදුලි උදුනක් (Oven) උෂ්ණත්වය 325 °C තබා විනාඩි 25 ක් 30 ක් පමණ බේක් (Bake) කර ගන්න. ඉන්පසු ඔබ කැමති නම් ඔලිව් තෙල් සහ ලුනු ස්වල්පයක් එකතු කර තවත් රසවත් කර ගත හැකිය. එලවලු සලාද සැදිමේදී සන්ෆලවර් සීඩ්ස් එකතු කරගෙන සලාදයේ රසය සහ ගුණය වැඩ කර ගත හැකිය.

සන්ෆලවර් ඔයිල් (Sunflower oil) සමග නිරෝගී දිවියක්…

සන්ෆලවර් බීජ භාවිතා කර සන්ෆලවර් ඔයිල් සාදා ගත හැකිය. Vitamin E, Omega 3 සහ Omega 6 බහුලව ම ලබාගත හැකි ඉතාමත් ගුණදායි ඔයිල් වර්ගයක් ලෙස සන්ෆලවර් ඔයිල් නම් කල හැකිය. ආහාර පිසීමේදී සන්ෆලවර් ඔයිල් යොදා ගැනිමෙන් ශරීරයට අහිතකර මේදය තැන්පත්වීම අවම කර ගැනීමට මෙන්ම ආහාරවලට හොද රසයක් ලබා ගැනීමට ද ඔබට හැකිය.

ගුණයෙන් සපිරි සන්ෆලවර් සීඩ්ස් සහ ඔයිල් ආහාරයට එකතු කරගෙන නිරෝගීමත් ආහාර රටාවකට හුරුවන්න ඔබටත් හැකි වේවි යැයි අප සිතනවා. 

සටහන: අමා නාකන්දලගේ

ජීවිත පොත පෙරළන්න, කයින් වගේම මනසිනුත් දියුණු වෙන්න!

ජීවිතය යනු විවිධ විපර්යාස හමුවේ නොසැලී ඉදිරියට යා යුතු දිගු ගමනක්. ඇතැම් විට මේ ජීවිතය උපමා කළ හැකි අපූර්ව සංසිද්ධියක් වැස්ස. අහසේ සිට පොළවට වැටෙන වැහි බිඳු අතුරින් ඇතැම්  වැහි බිඳු  කෘෂිකර්මාන්තය සරු කරමින් මේ රටේ පමණක් නොව බොහෝ  පිරිසකගේ ජීවිතය පවා සාර්ථක කරගැනීමෙහි ලා  විශාල මෙහෙයක් ඉටු කරන නමුත් ඇතැම් වැහි බිදු වැටෙන්නේ කොතැනටද, ගලා යන්නේ කොතැනටද කියලා නිශ්චිත අවබෝධයක් දැක්මක් නොමැතිවාක් මෙන් ඔහේ ගලාගෙන යන්නේ තමාගෙන් කිසිවෙකුට පල ප්‍රයෝජනයක් ලබා නොදෙමින්. ජීවිතය ද මෙවැනිම වූ දෙයක්.

           ඕනෑම පුද්ගලයෙක් මනුෂ්‍යයෙකු ලෙස මෙලොව උපත ලද දා පටන් ම විවිධ ආකාරයේ වටිනාකම් තමා වටා එක් රොක් කර ගනිමින් නිරන්තරයෙන් වෙහෙසෙන්නේ තම ජීවිතය වටිනා එකක් බවට පත් කර ගැනීමට වුව ද වර්තමානයේ ජීවත් වන ඇතැම් පිරිස් වටිනාකම් වලින් කෙතරම් අනූන වුවත් ඒවායෙන් තම රටට පමණක් නොව තමාට ද ප්‍රයෝජන ලැබීමටත් පෙර ඔවුන් ඔවුන්ගේම ජීවිතය හැර යන අවස්ථා ඕනෑතරම්.

            අධ්‍යාපනයෙන්, ගුණධර්ම අතින් කෙතරම් වටිනාකම් අපේ ජීවිතය සතුව පැවතියත් අප එවැනි වටිනාකම් අපේ ජීවිත වලට එක් කර ගත්ත ද ඒවායෙන් ප්‍රයෝජන නොලබා පොදි ගසා තබා ගැනීමෙන් තමාටත් තමා ජීවත් වන රටටත් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොවේ.

            මෑත කාලීනව ශ්‍රී ලාංකේය  තාරුණ්‍යය තුළ පමණක් නොව ඕනෑම රටක සංවර්ධනයේ පැවැත්ම කෙරෙහි සුවිශේෂීම පිරිසක් වන තරුණ පරපුර තමාගේ වටිනාකම් තුළින් පල ප්‍රයෝජන ලැබීමටත් පෙර තම ජීවිතය අතහැර නැවත නොඑන්නටම යන අවස්ථා ඕනෑ තරම්. අධ්‍යාපනයේ ඉතා අසීරු කඩඉම් පවා ජය ගෙන විශ්වවිද්‍යාල වරම් ලද බුද්ධිමත් යැයි පිළිගන්නා තාරුණ්‍යය තුළ ද සිය දිවි නසා ගැනීම් වර්තමානයේ සුලභ කරුණක්.

            ප්‍රේම සබඳතා නිසාවෙන් හෝ වෙනත් කුමන හේතු සාධකයක් නිසාවෙන් හෝ ඔවුන් මෙපමණ කලක් තම ජීවිතයට එක් කර ගත් වටිනාකම් අගයන් තුළින් තමාගේ රටට තමා හැදූ වැඩූ  මවුපියන්ටවත් යුතුකම් ඉටු කිරීමට පෙර මෙවැනි තීරණවලට එළඹීම ඉතාමත් කනගාටුදායක තත්වයක්.

            එහෙත් මෙවන් පිරිස් අතුරින්  තවත් පිරිස් හිසට වහලක් හිතට නිවනක් නොමැතිව වුව ද තමාට ලද ජීවිතය කෙසේ හෝ ගැට ගසා ගන්නට උත්සහ දරති. ඔවුන්ගේ ජීවිතයට කිසිදු වටිනාකමක් එක් කර ගැනීමට නොහැකි වුවද තමා ලද මිනිසත් බවේ වටිනාකම රැක ගෙන ජීවිතය ජය ගැනීමට ඔවුහු වෙර දරති. අධ්‍යාපනයෙන් ධනයෙන් සශ්‍රික නොවුව ද ආත්ම ශක්තිය, අභියෝග ජය ගැනීම වැනි වටිනාකම් ඔවුන් උපදින විටම තම දෑතේ මිට මොලවා ගෙන පැමිණියාක් මෙන් මොවුන් හැසිරේ.

           ඕනෑම සමාජ ක්‍රමයක මෙකී දෙපිරිසම ජීවත් වෙයි. එනම් වටිනාකම් තිබුණ ද එහි ඵල ප්‍රයෝජන නොවිඳින පිරිස් හා වටිනාකම් නොමැති වුව ද කෙසේ හෝ තම ජීවිතය රැක ගැනීමට උත්සහ දරන පිරිස් ලෙස ඕනෑම සමාජයක මානව කණ්ඩායම් දෙපිරිසක් ජීවත් වෙයි.

           ඕනෑම පුද්ගලයෙකු තම ජීවිතයට වටිනාකම් එකතු කර ගනු ලබන්නේ ඒවා පොදි ගසා ගෙන මිය යාමට නොව, එයින් තම රටට ජාතියට යුතුකම් හා වගකීම් ඉටු කිරීමටය. ඒ නිසාවෙන් වඩා වැදගත් වන්නේ වටිනාකම් එක් කර ගැනීම පමණක් නොව එයින් තමාට මෙන්ම තම රටට තමා හැදූ වැඩූ මවුපියන්ට ද යහපතක් සැලසීමයි.

          අධ්‍යාපනයෙන් ධන ධාන්‍යයෙන් කොතරම් සශ්‍රීක වුවද යමෙකුට මේ ජීවිත ගමනෙහි එන අනේක විධ බාධක හමුවේ නොසැලී මුහුණ දීමට ආත්ම ශක්තියක් නොමැත්තේ නම් එවැනි අයෙකු වටා කොතරම් වටිනාකම් එක් රැස් වී තිබුණද පලක් නොවේ. ඒ නිසාවෙන් මිහිපිට ජීවත්වන  අප සෑමවිටම උත්සහ දැරිය යුත්තේ වටිනාකම් එකතු කර ගන්නවා සේම ඒවා තුළින් අපට මෙන්ම අප ජීවත් වන රටට සමාජයට අප හැදූ වැඩූ මවුපියන්ට එයින් පල ප්‍රයෝජන ලබා දීමටය.

          වටිනාකම් නොවටිනාකම් මැදින් අප මේ ගෙවනජීවිතය අපට සාර්ථක කරගත  හැකිවන්නේ අප ඒආකාරයෙන් කායිකව  මෙන්ම මානසිකව ද සංවර්ධනය වුවහොත් පමණි. වත්මන් තරුණ පරපුර එය මනාව වටහා ගනිමින් ස්වයං සංවර්ධනය විය යුතු කාලය එළඹ ඇත. 

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counselor

M. Sc., BAMS, B. Sc., CCHRM,
Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology!

කොන්ද කෙලින් තියන් කසාද බඳින්න

වයිෆ්  කියනවා අපි වෙනම පදිංචි වෙමු කියලා , මට පුලුවන්ද මගේ අම්මා තනිකරන්න ,ගෑණිට ඕන කුදයක් ගහගන්න කියලා දික්කසාද නඩු දැම්මා , අපි බැන්දේ ආදරේ කරලා , ඒත් මටනම් දැන් එයාව තිත්තයි ,අපේ අම්මා ඔය ඉඳලා හිටලා එක එක අවකැපෙන කතා කියනවා තමයි ,

මොකද වචනයක් දෙකක් කිව්වා කියලා  ඉතින් ඇඟේ වැදෙන වයෑ , ගෑණු උනාම පොඩ්ඩක් ඉවසන්න බැරිද ?

ගෑණු නම් ඕන තරම් හොයාගන්න බැරි යෑ , හැබැයි අම්මලා එහෙමද , උපන්දා ඉඳලා කන්න බොන්න දීලා හදපු අම්මට සමාන කරන්න පුළුවන් ද මේ  කොහෙවත් හිටපු ගෑණු .

ගෑණු වගේද අම්මා ..????

මේ ටික මෙහෙම කිව්වේ දන්න කියන පිරිමි යාලුවෙක් උනාට , මේ කතාව මීටත් වඩා බරට කියන පිරිමි අපේ සමාජයේ තොග පිටින් ඉන්නවා .

ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා , නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා කියලා,නෝනයි අම්මයි අතර ලස්සනට ජීවිතේ බැලන්ස් කරන්න ගොඩක් පිරිමින්ට බැහැ ,ඇත්තම කිව්වොත් ගොඩක් පිරිමින්ට එහෙම කරන්න කොන්දක් නැහැ .

අන්න ඒ නිසා,

ලංකාවේ බහුතරයක්  කසාද ජීවිතවල ,   ” නැන්දම්මා ” හිටගෙන ඉන්නේ හරිම අවලස්සන තැනක .

එකෙනුත් සාපේක්ෂව ගත්තහම දරුණුවටම රිදෙන  තැනක හිටගෙන ඉන්නේ  ඉන්නේ  ” පිරිමියාගේ අම්මා ” 

නැන්දම්මා මෙහෙමයි , ඇරෙහෙමයි , කියලා නන්දම්මලගෙන් දුක්විඳපු ගැහැණු පිරිමි දෙපැත්තට බෙදුවොත් , නැන්දම්මලා නිසා දුක් විඳින ගැහැණු ගාන  , පිරිමි ගානට වඩා දහස් ගුණයකින් විතර වැඩිවෙලා තියෙයි .

මහත්තයාගේ අම්මා බැන්නා  , හස්බන්ඩ්ගේ අම්මා හින්ට් ගැහුවා , වද දුන්නා කියලා කවුරුමහරි ගැහැණියෙක් අඬනවනම් දුක් විඳිනවනම් ,  සම්පුර්ණයෙන්ම ඒ වගකීම ගන්න ඕනේ ඒ ” පිරිමියා” මිසක් අර නැන්දම්මා නෙමෙයි .

සරළවම කිව්වොත් ,බැන්දට පස්සේ නැන්දම්ම නිසා කවුරුම හරි ගැහැණියකගේ ජීවිතේ අවුල් වෙනවනම් ඒ වගකීම  200% ම පිරිමියා දරන්න ඕනේ. අම්මට තාත්තට ඕන විදිහට විතරක්ම ජීවත් වෙන්න හිතන් ඉන්න පිරිමි කසාද බඳින එක අපරාදේ , තවත් ගැහැණු ජීවිතයක් අසරණ කරන්නේ නැතුව එයාලා සදාකාලිකවම අම්මාගේ ඔඩොක්කුවලම ඉන්න එක තමයි හොඳම දේ .

කසාදයක් බඳින්න නම් අවුරුදු 16 සම්පුර්ණ වෙන්න ඕනේ කියලා නීතියක් දාලා තියෙන්නේ , කෙනෙකුට ස්වාදීනව ජීවිතේ තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ යමක් කමක් තේරෙන්නේ අවුරුදු 16ක් වත් උනාට පස්සේ කියලා දන්න හින්දා.

හැබැයි දාසයෙන් පස්සේ ගන්න තීරණත් මඩේ හිටවපු ඉනි එක එක්කෙනා තට්ටු කරනකොට  එහාට මෙහාට වැනේනවානම් වයස ගියාට ඒ වගේ මිනිස්සු කාසද බඳින්න සුදුසු නැහැ .

ලංකාව වගේ ආසියාතික රටවල් වල තදින්ම මුල් බැහැලා තියන “මාතෘත්වය “කියන කාරණාව ඉස්සරහ , දරුවෝ බිරිඳ නෙමෙයි , දෙවියෝ  බුදුන් වත් සමාන නැහැ කියලා තමයි සම්මතය හැදිලා තියෙන්නේ .

අන්න ඒක නිසා , අම්මාද බිරිඳද කියලා තීරණයක් ගන්න වෙන වෙලාවේදී ,පුරුද්දට වගේ මුළු සමාජයම ගන්නේ ” අම්මා “කියන චරිතය පැත්ත තමයි .

හැබැයි , තමන්ගේ බිරිඳත් අම්මා කෙනෙක් කියන එක ගොඩක් පිරිමින්ට මතක නැහැ , එහෙම මතක් උනත් ඒක ප්‍රසිද්දියේ පිළිඅරගෙන බිරිඳගේ පැත්තේ හිටගන්න ගොඩක් පිරිමින්ට හයියක් නැහැ .

එන්න ඒ වගේ කශේරුකාවක් නැති පිරිමියෙක්ගේ බිරිඳක් වෙනවා කියන්නේ ඉතින් ජීවිත කාලෙම පවක් ගෙවන්න ලැස්ති වෙනවා කියන එක තමයි .

අන්න ඒ නිසා , ගැහැණියෙක් විදිහට   විදිහට ආදරේ කරන්න , හරි කසාද බඳින්න හරි පිරිමියෙක් තොරගන්නකොට උප්පැන්න සහතිකේ පුරුෂ කියල තිබ්බට , ජීවිතේ තීරණයක් ගන්න වෙන වෙලාවක නියම පිරිමියෙක් විදිහට තීරණයක් ගන්න බැරි පිරිමියෙක්ව නම් ජීවිතයට ලන්කරගන්න එපා .

අවුරුදු දහසය පහුවෙලා ස්වාදීන මිනිහෙක් විදිහට සමාජ ගත උනාට පස්සෙත් , අම්මගේ උකුලේ හුරතල් වේවි , චාටු බස් අහ අහ , උක්කුන් බිබී  අම්මගේ සියලු තීරණ වලට හිස නමා අම්මව සනසවා , බිරිඳව රිදවුවාට කමක් නැහැ කියලා  විශ්වාස කරන,නමට පිරිමි වුන පිරිමි ආත්ම කසාද බඳින්න හිතන එක ගැහැණු ආත්ම තමන්ටම කරගන්න අවැඩක් .

තමන් පිරිමියෙක් විදිහට තමන්ට කැමති කාන්තාවක් එක්ක විවාහ වෙලා , තමන් හදපු කුටුම්බය ඇතුලේ තීරණ ගන්නකොට , ඉන්නේ කොහෙද , කන්නේ මොනවද , ළමයි කී දෙනෙක්ද , කියන එක තීරණය කරන්න ඕනේ සැමියා සහ බිරිඳ මිසක් , අම්මා , තාත්තා , අයියා , අක්කා නෙමෙයි .

එහෙම ස්වාදීනව තීරණ ගන්න බැරි කසාද ජීවිත නූල් කැඩිච්ච සරුංගල් වගේ , හුළඟ හැරෙන හැරෙන පැත්තට වැනෙනවා .

මේ මගේ කොල්ලා , එයා වෙනුවෙන් මම අච්චර දුක් වින්දා , මෙච්චර වින්දා , ඒ නිසා කොල්ලා ඉන්න ඕනේ මගේ ළඟ , කියලා සැමියාගේ අම්මා පුතාව ළඟ තියාගන්න ඉල්ලන  ඉල්ලීම සාදාරණයි නම් , මේ මගේ කෙල්ල , කෙල්ල වෙනුවෙන් මම මෙච්චර කළා , අච්චර විඳේව්වා , මගේ දුව මට ඇස් දෙක වගේ , දුව ඉන්න ඕනේ මගේ ළඟ කියලා , දුවගේ අම්මා ඉල්ලන ඉල්ලීමත් ඒ තරමටම සාදාරන වෙන්න ඕනේ .

එතකොට අපිව හැදුවා , අපි වෙනුවෙන් දුක් වින්දා කියලා ඒ වෙනුවට හිලව් වෙන්න  දෙමව්පියෝ ළඟ ජීවත් වෙන්න , එයාලගේ අදහස් වලට ජීවත් වෙන්න පටන් ගත්තොත් , කුටුම්බය ඇතුලේ , සැමියා , බිරිඳ දරුවෝ කියන න්‍යාය වෙනුවට , සැමියාගේ අම්මා , සැමියාගේ තත්තා , සැමියා බිරිඳ , බිරිඳගේ අම්මා , බිරිඳගේ තත්තා , දරුවෝ වෙන්න ඕනේ නේද ?

 ඔහොම අච්චාරු වෙච්ච ජීවිත ඉන්දියාවේ කතා වල වල තිබ්බට , ප්‍රයෝගිකව එහෙම හවුලේ ජීවත්වෙන්න විසිඑක්වෙනි සියවසේ මිනිස්සුන්ගේ මනස  සුදානම් නැහැ . 

දෙමව්පියෝ වයසට ගිහාම , අත පය වාරු නැති උනාම දරුවෝ එයාලව බලාගන්න ඕනේ , ඒක සාදාරණයි වගේම මානුශීයයි .

එහෙම අවස්ථාවක දරුවෝ එක්ක ජීවත්වෙන්න අම්මා ත්තත්ට අවශ්‍යතාවය වගේම අවස්තාවත් ලැබෙන්නත් ඕනේ,

 හැබැයි ඒකේ තේරුම ඒ පවුලේ තීරණ වලට ඇඟිලි ගහන්න දෙමව්පියන්ට අවස්ථාව ලැබෙනවා කියන එක නෙමෙයි කියන දේ දෙමව්පියෝ වගේම පවුලේ ගෘහමුලිකයත්  තේරුම ගන්න ඕනේ .

ගැහැණු කසාද බඳින්න පිරිමියෙක් හොයනකොට , රැවුල තියනවද , ගෙයක් දොරක් රස්සාවක් තියනවද කියලා බලනවා වගේම , පිරිමියෙක් වගේ තීරණයක් ගන්න පුළුවන් කොන්දක් තියනවද කියලත් නිකමට වගේ බලන්න .

මොකද ශුක්‍රානු වලින් දරුවෙක් හැදුව පලියට මිනිහෙක් පිරිමියෙක් වෙන්නේ නැහැ , තමන් කසාද බැඳලා , බලාගන්නවා ආදරේ කරනවා , ජීවිතේ බාරගන්නවා කියලා පොරොන්දු වෙචච ගැහැණියට තමන්ගේ අම්මාගෙන් උනත් වැරද්දක් අවැඩක් වෙනවනම් , එයා අම්මනේ , මොනවා උනත් අම්මනේ කියල නං පචන් ගාන්නේ නැතුව , කරුණාකරලා අම්මා අපේ ජීවිතවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න කියලා කෙලින්ම කියන්න පුළුවන් කමක් ඕනෑම පිරිමියෙකුට තියෙන්න ඕනේ ,

ඒකෙ තේරුම බැන්දට පස්සේ අම්මට තාත්තට නොසලකනවා කියන එක නෙමෙයි .

හැබැයි ආම්මට තාත්තට සලකනවා කියලා කියන්නේ තමන්ගේ බිරිඳට, පවුලට, එයාලගෙන් වෙන අනිසි බලාපෑම් දිහා කට උඩ තියාගෙන බලන් ඉන්න එකත්  නෙමෙයි .

ඔව් මම ඔබේ පුතා ,දරුවෙක්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුකම් මම  ඉටු කරනවා, නමුත් මම දැන් ස්වාදීන පුද්ගලයෙක් , විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ ගැන තීරණ ගන්නේ මම සහ බිරිඳ , කරුණාකර ඒවාට අනිසි බලපෑම් කිරීමෙන් වලකින්න , කියලා  කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ අම්මට තාත්තට කියන්න බැරි පිරිමි , තමන්ගේ බිරිඳට තමන්ගේ පවුලෙන් වෙන හිරිහැර නවත්තන්න බැරි පිරිමි , තමන් කසාද බඳින ගැහැණියට ඒ අයිතිවාසිකම් පුර්ණව දෙන්න බැරි පිරිමි , සර්ව සම්පුර්ණ  පිරිමි නෙමෙයි .

ඔයා,ගැහැණියෙක් විදිහට කසාද ජීවිතේ සතුටෙන් සැහැල්ලුවෙන් සැනසීමෙන් ගත කරන්න හීන දකිනවනම් ,කසාද බඳින්න කලින් අනිත් දේවල් බලනවා වගේම ඒ බඳින පිරිමියාගේ කොන්දයී කශේරුකාවයිත් කෙලින් තියනවද කියලත් නිකමට වගේ බලන්න .


අනීෂා ජයකොඩි

Overnight Coconut Oil Beauty Tips

කාන්තාවන් තමන්ගෙ රුව රැකගැනීම පිළිබඳව නිරන්තරයෙන් උනන්දුවක් දක්වන අතර ඒ සඳහා වයස් බේදයක් නැත. වෙළෙඳපොළ තුළ විවිධ නම්වලින් , විවිධ සන්නාමවලින් සහ විවිධ වර්ගීකරණයන් යටතේ රූපලාවණ්‍යය නිෂ්පාදන දහස්ගණනක් විවිධ මිල ගණන් යටතේ පවතී. ඒ අතර ඉතා ම මිල අධික නිෂ්පාදන මෙන් ම ඉතා ම අඩු මුදලකට විකිණෙන නිෂ්පාදන ද තිබේ. සමහර විටෙක ඔබ මිල දී ගන්නා නිෂ්පාදනවලින් ඔබ අපේක්ෂා කරන ප්‍රථිපල ළඟාකරගැනීම ඉතා සෙමින් සිදුවන්නක් හෝ සමහරවිට ඒ නිසා අතුරුප්‍රථිඵල ලෙස විවිධ ගැටළු ද මතු විය හැක. එහෙත් ඉතා මිල අධික නොවන, පහසුවෙන් සපයාගත හැකි ස්වාභාවික නිෂ්පාදන තුළින් එදිනෙදා නිවසේ දී ම පහසුවෙන් ඔබගේ රුව වඩවාගත හැකි ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් අද කතාබහ කරමු. මෙහි ඇති විශේෂත්ත්වය නම් ඉතා පහසුවෙන් සපයාගත හැකිවාක් මෙන් ම හිසකෙස්වල සිට දෙපතුල වනතෙක් ම මෙම බොහෝ නිෂ්පාදන ඉතා අව ම අතුරු ආබාධ සහිතව පාවිච්චිකළ හැකි වීම යි. ඉතා පහසුවෙන් ගුණ රැසක් ඇති පොල්තෙල් භාවිතයෙන් පහසුවෙන් ම ඔබට ඇති රූපලාවණ්‍යය ගැටළු රාශියකට පිළිතුරු මෙම ලිපියෙන් අනාවරණය කිරීම ට යි මේ සූදානම් වන්නෙ. 

Dry Hair

ඔබ නින්දට යාමට පෙර coconut oil ප්‍රමාණයක් ගෙන මද ක් උණුසුම් කොට නින්දට යාමට පෙර හිස්කබලේ හොදින් අලේප කර ,පසුදා උදැසන shampo ,conditionaer යොදා හොදින් wash කරගැනීම මගින් නිරෝගිමත් හිසකෙස් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත . (මෙහි දී ඔබට ඉතා තදින් සෙම්‍ රෝග සහ පීනස් රෝග ඇති නම් පොල්තෙල් ඇතුළු තෙල් වර්ග භාවිතයේ දී ඉතා සැළැකිලිමත් වන්න. දිගුවේලාවක්  තෙල් හිස ගල්වා තැබීම එවැනි රෝගී තත්ත්ව උත්සන්න කිරීමට හේතු විය හැකි බැවින්)

Dandruff 

ඔබට හිස්හොරි සහිත හිස්කබලක් ඇත්තේ නම් උණුසුම් coconut oil ටිකක් ගෙන එයට tea three oil මිශ්‍රකර හොදින් හිස්කබලේ අලේප කර පැයක් පමණ කාලයක් තබා හොදින් shompo ,conditioner දම හිසකෙස් සෝදා පිරිසුදු කරගැනීම මගින් ඔබට dandruf තත්වය වලකා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Hair falls 

ඔබට හිසකෙස් ගැළැවීයාම පිළිබද තත්වයක් ඇතිනම් එය වලක්වාගැනීම සදහා coconut oil සහ fenugreek water ගෙන හොදින් මිශ්ර කර පැයක පමණ කාලයක් තබා shampo ,conditioner කිරීම මගින් ඔබට හිසකෙස් වැටීයාම අව ම කරගෙන දිදුලන නිරෝගී හිසකෙස් ලබාගත හැකි ය. 

Creaked heels 

විවිධ දේශගුණික වෙනස්කම්වලට ලක්වන අපේ ශරීරය සමහර අවස්ථාවන්වල ඒවා දරාගන්නා ආකරය නිසා මුහුණ , දෑත් දෙපතුල් ආදී අවයව කොටස් අධික වියළිබවට පත්වීම සාමාන්‍යය යි. එවන් අවස්ථාවකට නිදසුනක් වන්නේ දෙපතුල් පැලීම යි.  ඔබේ දෙපා අධික වියළි සහ වේදනාකාරී ලෙස පැලීයාමට ලක්ව ඇත්නම්  ,නින්දට යාමට පෙර හොදින් පිරිසිදු කල දෙපතුල්වල පොල්තෙල් ආලේප කොට මේස්දෙකක් පැළඳීමෙන් අනතුරුව රාත්‍රී නින්දට යාම මගින් ඔබට දෙපතුලු පැලී යාම වලක්වා ගැනීමට හැකියාව ලැබේ.

Mouth ulcers 

විවිධ ආසාත්මිකතා නිසා හෝ වියළිබව නිසා හටගන්නා වේදනාකාරී තොල් පැලීම් සහ දෙතොල්මත ඇතිවන කුඩා වේදනාකාරී තුවාල සඳහා ද ඉක්මන් සහ සාර්ථක ප්‍රථිපල පොල්තෙල් භාවිතයෙන් ලැබේ. එමෙන් ම මුඛයේ ඇතුළු පැත්තේ හටගන්නා mouth ulcersවලට ද පොල්තෙල් මඟින් සහනයක් ලබාගත හැකි ය. ඔබ mouth ulcers වලින් පීඩාවිදින්නේ නම් pure coconut oil ගෙන mount ulcer මත රාත්‍රියක් දී ආලේප කිර්‍ර්මෙන් ඔබට ඉක්මන් සහනයක් ලැබේවි. 

Healthy Teeth 

නිතිපතා දවසට දෙවරක්වත් දත් මැදියයුතු බව විශේෂඥ මතය යි. එහෙත් වර්තමානයේ වැරැදි ආහාර රටා හෝ වෙනත් සෞඛ්‍යය ම ය ගැටළු නිසා අදවන විට මුඛ රෝග බහුල ය. එහෙත් ඔබ දිනපතා උදැසන දත් මැදීමෙන් පසුව  extra verging coconut oil බිඳක් ගෙන හොදින් දත්වල ආලේප කර පිරිමැදීමෙන් නිරෝගිමත් දත් පෙළක් සහ නිරෝගී විදුරුමස් ලබාගැනීමට හැකියාව ලැබේ. 

ඉතින් කාලයට ගැළැපෙන ලෙස ඉතා ම අඩු වියදමකින් ඔබේ ආහාර රසවත් කරන ගුණදායක පොල්තෙල් භාවිතයෙන් බොහෝ රුවවඩන සත්කාර කිරීමට ද හැකිබව මෙම ලිපියෙන් ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මා විශ්වාසකරනවා. මෙවැනි ම ලිපියකින් නැවත හමුවන තුරු ඔබට සුබ දිනක් !

Sameera Jayasinghe

සමනොළ ගිර

       හරියට දිව්‍යලොකයට ආවා වගෙයි…. සීතල පරිසරය…. කමිමුල් පවා මගේ මෙි සිසිලසට හිරි වැටිලා, අතැගිලි අයිස් කැට වගෙයි, සීත ගඟුලේ සීතල දිය දාහාරාවල්, මනස්කාන්ත කදු යායවල් , ඇත්තටම මාව අමුතුම ලෝකයකට අරන් ගිහින්…. ගස් වැල් අතු මත පිපි ඇති නේක විද මල් , එ මල් වල පැණි බොන ලස්සන සමනළයන් , නේකවිද කුරුල්ලන්ගේ ගී නාදයන් මගේ හිත ගත දෙකම සනසවනවා…. විටින් විට හමන මද සුළග තවත් මාව කුල්මත් කරනවා….. මං පෙමි බඳිමි මෙි මනස්කාන්ත සුන්දර පරිසරයට….. “සමනොළ අඬවිය”

       විටින් විට පුදුමාකාර ලෙස නාසයට දැනෙන නේකවිද මල්වල සුවඳ… හරි පුදුමයි… එවැනි මල් දෑස් මානයේ කොහෙවත් පෙණෙන්නට නෑ… එ උනත් මල් සුවඳ නාසයට දැණෙන්නේ අපිට හොරෙන් නෙපෙණෙන්නට කවුරුන් හො සිරිපා වන්දනාවෙි යන බව නොවෙිද….

       දහවලට එහෙමයි….එත් රාත්‍රියට….. එක අමුතුම ලොකයක්.. විදුලි ආලොකයත් එක්ක මට නමි පෙණෙන්නේ දිව්‍ය විමානයකට යන මාවතක් වගේ…. අහස් කුස සිපගෙන විහිදෙන ආලෝකය අමුතුම චමත්කාරයක් එකතු කරලා….. ඉතිං.. එ තරමට මට හදිසියි එහාට යන්න…. අත්තටු ලැබුණානමි කියා විටෙක මට සිතුනා…  පුදුමාකර ප්‍රියවු දසුණක්…. ඇතින් ඇහෙන තුන්සරණේ කවි… සුදො සුදු වතින් සැරසිලා සමනොළ ගිර තරණය කරන බැතිමතුන් කිසිම විටකවත් කට නමි වරද්දගන්නේ නෑ…..  මොකද එ තරමට හාස්කමි පිරි භූමියක්…. කට වරද්දා ගැණිමි නිසා සිදුවු සිදුවීමි නමි ඈත අතීතයේ ඉදන් බොහො කතා තියනවා….

බුද්ධන් සරනේ සිරස දරාගෙණ

දම්මන් සරණේ සිත පහදාගෙණ

සංගන් සරණේ සිවුරු දරාගෙණ

ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන

“වදින්න යන මෙි නඬෙිට සුමන සමන් දෙවි පිහිටයි”

“වැදලා බහින මෙි නඬෙිට සුමන සමන් දෙවි පිහිටයි”

        වදින්න යන අයගෙන් , වැදල බහින අයගෙන් ආශිර්වාද ලැබෙන්නේ එ ලෙසයි….. මස්කෙලිය නඟරය පහු කරගෙන නල්ලතන්නිය කරා එද්දි වටපිට පරිසරය ගැන ආදරයක් ආසාවක් හිතට ඇතුල් වෙන්නේ කියාගන්න බැරි තරමි… ඇතින් පෙණෙන සමනළ කන්ද දැක්කාම ඉඟිලිලා යන්න තරමි හදිසියක් හිතට දැනෙනවා…..

              මං මෙි ගමනට කොඩුකාරයෙක්…. පිටකොටුව දුමිරිය සථානයෙන් බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුමිරියෙන් අපි පස්දෙනෙක් පිටත් උනේ සිරිපාදේ යන්න…. සුන්දර මාතලේ පදිංචි මම එහෙම යන්න තීරණය කලෙත් අත්දැකීමක් ලබන්න ඇති ආසාව නිසා…. රාත්‍රියේ දුමිරිය ගමන නමි වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමි සුන්දරයි… කලින්ම ආසන වෙන්කරගෙන තිබුණු නිසා ගමන තවත් පහසු උනා… හරියටම පාන්දර හතර පමණ වෙනවිට අපි හැටන් දුමිරිය ස්ථානයෙන් බැසගත්තේ බොගවන්තලාවට යන්න… එ මගේ මිතුරියකගේ නිවසට.. එත් එහාට යන්න බස් රථය පැමිණෙන්නේ හයට.. එ වන තුරු අපි දුමිරිය ස්ථානයේ ඇති විවෙිකි ශාලාවෙි රැදි සිටියේ දැඩි සීතලද රිසිසේ විද දරාගෙන…  හැටන්වල මෙි පාන්දර යා⁣මයේ සීතල ගැන අමුතුවෙන් කිවයුතු නෑ……..

                     එදා උදේ වරුව විවෙිකි සුවය අරගෙන බොගවන්තලාවෙන් කූලි පදනම මත වෑන් රථයක් රැගෙන හවස දෙකට පමණ අපි පිටත් උනා…. හිතම අමුතුම ආගන්තුක සතුටකින් පිරිලා… තේ වතු මැද අයිස් වගේ වතුර පිරිලා ඉතිරිලා යන උල්පතකින් අපි හැමොම නාලා පිරිසිදු උනේ පුන්‍ය භූමියට ඇතුල් වෙන්න පෙරමයි….

                     උස මිටර් 2243 , සිරිපා අඬවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380ක් පමණ වන බවයි ගණනය කර ඇත්තේ. 1940 ඔක්තෝබර් 25වනදා අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන මෙි අපුරු සමනොළ අඬවිය ලංකාවෙි තුන්වන උසම කන්ද….

                      ⁣ නල්ලතන්නි පොලිසිය අසලින් ගමන ආරම්භ කලේ නැවත වතාවක් සමන්දෙවිහාමුදුරුවනේගෙ ආරක්ෂාව ලැබෙිවායි පතාගෙනමයි… අපි පුංචි නඬයක්..  සීත ගඟුලේදි මගේ මිතුරියක් දෙහි ගොඩියක් දෙකට කපලා මගේ අතපය වලා ගාලා මගේ මුණ සේදුවා… ඇය එපා කියද්දිම මම වතුරට බැස්සා… හැබැයි බැස්සට වඩා ඉක්මනින් මම නැවත ගලක් මතට ගොඩ උනේ කකුල් දෙක නෑ වගේ දැණුන නිසා… අයිස් පෙටිටියකට බැස්සා වගේ….

                     කෙමෙන් රාත්‍රිය උදාවෙමින් තිබුණු නිසාම සීත ගඟුල නමි මෙි දියපරේ වැඩි පිරිසක් ස්නානය කරනවා මම දැක්කේ නෑ… මං බලන් සිටියේ මගේ මිතුරිය දිහා…. ඇයගේ තුන්වන හො හතරවන ගමන් වාරය මෙි…… මගේ හිතේ එ මොහොතේ තිබුණේ ආගන්තුක හැඟිමි ගොන්නක්… මෙි අයිස් වගේ වතුර නාන්න ආසවක් හිතට ආවත් කොඩු කාරෙක් උනු මම මගේ ආසාව යටපත් කරගෙන මිතුරිය පසු පස වැටුණේ ඇය ඊලගට මාව ඇදන් යන්නේ කොහාටදැයි නොදන්නා නිසා…  සීත ගඟුල අසලම ඇති කුඩා සමන් දෙවියන්ගෙ දේවාලයක්, සුදු රෙදිකඩක ගැට ගැසු පඩුරක් අරන් ඇය මගේ අතේ වැළමිට හරියෙන් ගැට ගැස්සුවා එහි සිටි කපු මහතෙකුලවා… ගමන ආරමිභයේ සිට අවසානය දක්වා සමන්දෙවි ආරක්ෂාව ලැබෙිවා කියලා ආශිර්වාද ලැබුණා… උඩ මලුවෙිදි පඬුර ලිහා එහි ඇති පිං කැටයට දමන ලෙසත් කපු මහතා උපදෙස් දුන්නා…..

                     මෙසේ පඬුරු අතේ බදින්නේ කොඩු කාරයන් හදුණා ගන්නත් ආරක්ෂාවටත් එසේ කරන බවයි මිතුරිය පැවසූවෙි…. මම බැළුවෙි මගේ දකුණු අතේ ගැට ගැසු පඬුරත් පිරිත් නූලත් දිහා.. එක එ මොහොතේ මට දැණුනේ රත්රන් වලට වඩා වටිනා දෙයක් විදිහට… හරියට මාව සමන් දෙවි හාමුදුරුවන්ට භාර කලා වැනි හැඟිමක්….. එදා මගේ මුල්ම සිරිපා ගමන පටන් ගත්තේ එහෙමයි…..

          ඉතිං මෙි ශ්‍රිපාද වන්දනා සමයයි.. මට හිතුනා මෙවර හාස්කමි පිරුණු එ අසිරිමත් පරිසරය ගැන විස්තර  ටිකක් ලියන්න…. එදා මම දුටුව දේවල් වගේම අත්විදි දෙවල් අපි මැගසින් එක හරහා ඔබටත් කියන්න…. උඳුවප් පොහොයෙන් අරමිභ වන ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වෙන්නේ වෙසක් පොහොයෙන්….

             සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 ක් පමණ බවයි එ පිළිබදව තොරතුරු සොයනවිට මට දැනගන්න ලැබුණේ… වසරේ මාස හයක්‌ පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක්‌ මෙහි පවතිනවා.. නිරිතදිග මෝසම පවතින මැයි , ජුනි , ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ සමනළ අඬවියට.. දෙසැම්බර් , ජනවාරි , පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුයි. එබැවින් කාලගුණික බාදා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක්‌ පොහොය දක්‌වා පවතීනවා.

          සිංහල බෞද්ධයන් සැදැහැ සිතින් පේ වෙලා ශ්‍රි පාදස්ථනය වන්දනා කරන්න යන්නේ ඉමහත් භක්තියෙන්… එ යන අතර මග සුමන සමන් දෙවියන් වැද භාරහාර වි යන්නත් අමතක කරන්නේ නෑ.. මතක තියාගන්න සමන් දේවාලය ඇතුලට කළු පැහැති ඇදුමි නමි ඇදන් යන්න දෙන්නේ නෑ….. මෙි සුමන සමන් දෙවියන්ගේ අඬවිය… බොහො හාස්කමි ඇති බුද්ධ පාද ස්පර්ශ ලැබු වන්දනීය ස්ථානය…….. අපේ රට ගැන අපේ කම ගැන බෞද්ධයන්වු අපි ගැන ආඩමිබරයක් ඇතිවන තැනක්….

          බොහො අය එක එක කතා මැද සිරිපා කරුණා කලත් මම ගමන් කලේ මගේම ලෝකයක…. මගේ මුළු මනසම දැහැනකට සමවැදිලා වගේ…. අදුර මැදින් පරිසරයත් යන එන මිනිසුන් දෙසත් ඇත අහස මත ආලොකයෙන් බබළන දිව්‍ය විමාණයත් මගේ මුළු හිතම හොරාගෙන…. තනිවම මම මගේ ගමන ආරමිභ කලේ මට නිදහසේ ඇවිද යන්න අවැසි නිසා.. එ යන අතරතුර මතකෙට නැඟුණේ අපේ ඉතිහාසය….

          බුදු බව පතනා සුමන සමන් දෙවියන්… සිංහල බෞද්ධ අපගේ අප්‍රමාණ ගෞරවයට වන්දනාවට පත් වන මෙි හෙළයේ දෙවි කෙනෙක්… සිරිපා කරුණාකරන සියළුම බෞද්ධයන්  සුමන සමන් දෙවියන්ට බාරහාර වී ගමන ආරමිභ කරන්නේ පටන් ගැන්මෙි සිට අවසානය දක්වා කිසිදු උපද්‍රවයක් ලගා නොවිමට ආශිර්වාද ලබාගෙනමයි..

            පුජාවලියෙ සදහන් වන පරිදි සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන්… බුදු රජාණන්වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වුයේ මහියංගනයට… එදා යක්ෂ ගොත්‍රිකයන් අතර මහා සටනක් සිදු වීය… එ සටන අතරවාරයේදී බුදුන්වහන්සේ අහසින් වැඩ අහසෙහිම පලක් බැද ඉර්ධි බලයෙන් ගිණි දුමි මවද්දි එ කවුරුත් බිය වි සටන නවතා ඇති බවයි සදහන් වෙන්නේ..

       මෙි යක්ෂ දමණය කරන මොහොතේ බුදු බල මහිමය දුටු සමන් දෙවියන්ගේ හිත බොහොසේ පැහැදි තිබෙනවා… බුදු හාමුදුරුවන්ගේ බණ ඇසු දෙවිවරුන් සසර දුකින් මිදුණු බව පුජාවලියෙ සදහන් වෙනවා…. සමන් දෙවියන් එදා බණ අසා සොවාන් වී තිබෙනවා… එ විතරක් නෙවෙයි සමන් දෙවියන් බුදු හාමුදුරුවන්ගෙන් පුජාවට යමක් ඉල්ලා සිටි මොහොතේ බුදු රජාණන්වහන්සේ සිරස පිරිමැද කෙස් රොදක් ගෙන සුමන සමන් දෙවියන්ට දුන් බවත් සදහන්…. 

       මහියංගනය පුද බිමෙි බුදු රදුන් වැඩහුන් ස්ථානයේ සත් රියනක් උස දාගැබක් ඉදිකර කේස දාතුන් වහන්සේ එහි තැන්පත් කර ඇත්තේද සුමන සමන් දෙවියන් විසින්…. එයයි ලක්දිවෙහි ස්ථාපිත ප්‍රථම චෛත්‍ය…….

       ලංකාවේ මුල් කාල වල සිටි දෙවිවරුන්ගේන් සමහර දෙවියන්ට හිංදු උපතක් තිබුණත් සුමන සමන් දෙවියන් නමි පැහැදිලිවම සිංහල බෞද්ධ දෙවි කෙනෙක්.. බන අසා සොවාන්වු එකම දෙවියනුත් සුමන සමන් දිව්‍යරාජයා පමණයි….

       බොහොම ශාන්ත විලාසටකට උරුම කමි කියන සුමන සමන් දෙව්යන් සුදු පැහැති ශ්‍රි දේහයකින් යුතු එක් අතකින් නෙළුමි මලක් දරාගෙන, ස්වර්ණාභරණයෙන් සැරසී, හිසෙහි ඔටුන්නක්ද පැළද සිටියි.. මෙි දෙවියන්ගෙ වාහනය ලෙස සැළකෙන්නේ සුදු ඇතෙක්….   ( ඇලි ඇතා නමින්ද හදුන්වයි . සුදු වර්ණයට කියන තවත් නමක්) තේජවන්ත ඇත් රා⁣ජයෙක්… ඇත් රාජයාගේ හොඬවැලෙහිද ⁣නෙළුමි මලක් තිබෙනවා… එ බුදුහිමි සිරිපතුල පිදුමට…

            බුදුන් ලක්දිවට පැමිණි සමයේ එම ප්‍රදේශයේ අධිපති ලෙස සිටි සුමන දේව නැමති දේව වංශික ප්‍රභු වරයා බුදු බණ අසා සොවාන් වු පසු සබරගමු වාසින් විසින් ඔහු දේවත්වයෙන් පිදු බව සදහන් වෙනවා… එ විතරක් නොවෙයි සුමන සමන් දෙවියන්ගැන තවත් කතා නමි එමටයි……

        බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී ,බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජු ගේ ආරාධනයක් අනුවයි….. එම ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපාද සළකුණ පිහිටුවන්නට ඇතැයි ‍බෞද්ධයෝ විශ්වාස කරනවා වගේම ඉතිහාසයෙත් සදහන් වෙනවා….. කැලණියට වැඩමකල බුදුන් වහන්සේ සමන් දේවියන්ගේ ආරාධනය අනුව තම වම් සිරිපා සලකුණ මෙහි තැබු බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ…

           රොබට් නොක්ස්ගේ ග්‍රන්ථයේ  “ආදම්” ගේ පා සටහන ලෙස වරදවා හඳුන්වාදි තිබෙනවා.. බටහිර ජාතීන් ඒ නිසා සමනොළ ගිර “ඇඩම්ස් පීක්” (Adam’s peak) යනුවෙන් හැඳින්වනවා… නමුත් එය ආදම්ගේ පිය සටහනක් බව ලෝකයේ කිතුනුවෝ නමි විශ්වාස කරන්නේ නෑ….  මුස්ලිම් භක්තික‍යෝ සමනළ සිරසේ “බබාද මලෙයි /ආදම් මලෙයි” යනුවෙන්ද භාවිතා කරනවා….. ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පා සළකුණ එහි පිහිටා ඇතැයි විශ්වාස කරනවා. ඔවුන් එය හඳුන්වන්නේ “ශිවන් ඔලි පාදම්” යනුවෙන්.

           නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයින් සතු බවට ඔවුන්ගේ වසර 2500 අධික ලිඛිත ඉතිහාසය සාක්ෂි සාධක සහිතව මනාව පිරික්සා බැලිමේදි සදහන් වෙනවා…

            දඬු කොඬු කාරයෙක් වන මං හෙමින් ගමන් කල නිසා මහන්සියක් නොදැණුනා.. ඉදිකටු පහන ලගට එනකමි මට වැඩි සීතලක් නමි නොදැණුන තරමි.. නමුත් එතිනින් එහාට ඇග හීගඩු පිපිළා… අත්වැට අල්ලා ගන්නවත් බැරි තරමට අත් හිරි වැටිලා… යකඩ අත් වැටත් අයිස් වගේ… ඉදිකටුවට ඇමුණු නුල ඇදගෙනම මම ඉදිරියට පියවර තැබුවෙි මගේ මිතුරිය මට කියා දුන් පරිද්දෙන්මයි….

            මහා හාස්කමක් ඇති භුමියේ මහා ගිරිදබයට ලං වෙද්දි නමි ඇතින් අහස් කුස ආලොකයෙන් ආලොකමත්වි ඇති සිරිපාද පද්මය දකින විට මට සිතුනේ අපි අසා ඇති තවුතිසා දිව්‍යලොකය මෙයවත්දැයි කියලමයි…. එ තරමි මගේ නෙත පිනවන දර්ශනයක්… කෙමෙන් කෙමෙන් සීතල වැඩි වෙද්දි සිරිපා පද්මයට පැමිණ බුදුන්වහන්සේගේ වාම සිරිපතුල භක්තියෙන් වැද පුදාගෙන එ අසලම ඇති සුමන සමන් දේව ප්‍රතිමාවත් වැද පුදාගෙන පසෙකටවි බලා සිටියේ මෙි අසිරිමත් පුජා භූමිය දැසින් රිසි සේ විදගනිමින්…

            එත් අවසනාවකට වගේ මගේ දැසටත් එක් දසුනක් හසුවුවෙි මොහොතකට මගේ හදවතත් නතර වෙනවා වගේ දැනෙද්දි… එක්තරා තරුණයින් දෙදෙනෙක් පාවහන් පැළදගෙනම සුමන සමන් දෙව ප්‍රතිමාව ඇති කුඩා කුටිය අසලට යන පඩි පෙල් දෙකත් නැඟලා.. ඔවුන් දෙදෙනාම බිමතින්… විනාඩියක් ගත වන්නට ප්‍රථම එහි භාරකාරිත්වය දරණ කීපදෙනෙක් පැමිණ එ තරුණයන් දෙදෙනාට අතුල්පහර දෙකක් ගසා මළුවෙන් පන්නා දැමිමෙි එහි සිටි හැමදෙනාගෙම අවදානය එ දෙසට යොමු වෙද්දි….

            සිරිපා කරුනාවෙිදි කට වරද්දා ගැනීමි නොකරන ලෙසයි වැඩිහිටියන් උපදෙස් දෙන්නේ.. එසේ කට වරද්දා ගන්නා යමි උදවියට තවමත් සිරිපා වන්දනා කරන්නට යන්නට නොලැබි ඇති බවට කතාද එමටයි… දැනට වසර ගණනකට පෙර සිරිපා වදින්න යන අවස්ථාවෙි මස්කෙලිය ආසන්නයේදි නඩයක් ගමන් ගත් බස් රථයේ රේජියෙටරය පුපුරා එහි ඇති උණු වතුර ඇගට වැටි පිලිස්සුමි තුවාල ලැබු අය ගැන මම පුද්ගලිකවම අසා ඇත.. එ වගේම ඔවුන්ට කිසිදා සිරිපා කරුනා කරන්නට අවස්ථාවද තවමත් ලැබි නැත….. එසේ වන්නට හේතුව දන්නෙත් ඔවුන්ම පමණයි…

            රත් කන්ද, බෑන සමනළ, කුඩා බෑන සමනළ, කුණු දිය පවුව, හීන් පිදුරුතලාගල , මහා පිදුරුතලාව, යකා හැඩු කන්ද , බල්ලා බැදි ගල…. මෙි වගේ කදු යායක් සමනළ කන්ද වටා සිටින්නේ සමනොළ කන්දේ ආරක්ෂාවට වගේ…. කේතුවක හැඩයක් ගත් සමනොළ කන්දේ හෙවනැල්ල දුටු විට මතකෙය එන්නේ පිරමිඩ… ස්වාභාවික පිරමිඩ…. එ ගැනත් හිතන්න බොහො දේවල් මගේ හිතට නැඟුනා.. කදු යායවල් වලින් වටවී විරාජමානව සිටින සමනොළ ගිර සිට මම ඇත බලාගෙන එහි සුන්දරත්වය වින්දේ ජිවිතයේ ලද මහඟු අත්දැකිමක් හදවතේ පරිස්සමට තියාගෙන..

බතට කන්න බැරි බතලේ ගල කන්ද

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

හූනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද

මෙි කදු තුනට නායක සමනොළ කන්ද

යන්ට හොඳයි තේවතු බල බලායේ

කන්ට හොඳයි පැණිරස අග්ගලායේ

ඉන්ට හොඳයි සීතල පිනි බබායේ

වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ

        ජිවිතයේ එක් වරක් හො ශ්‍රී පාදස්ථනය වන්දනා කරන්න යන්න…. එතරමි එ අත්දැකීම පුදුමාකාරයි…. හිතට නැඟෙන සිතුවිලි නමි නිමක් නැති තරමි… මගෙ හිත තනිවම කවි කියනවා…. එ තරමි මම මෙි පරිසරයට බැදිලා…. නමුත් බොහො අය ඇවිත් යන්නේ තමන් ගෙනා දේවල් මෙහිම දමලා… ප්ලාස්ටික් බොතල්,  පොලිතින් බෑග් , යොගටි කප්, අයිස් පැකටි, ලන්චි සිටි, හැම තැනම…. යන එන පාර දෙපසම දමා ගිහින්….. එවා දැක්කාම මට හිතුනේ සමනළයන් යන මාවතේ කැරපොත්තන්ද යන බවයි…. සුන්දර පරිසරයට වින කටින්නේ අපේ රටෙි අපේම මිනිස්සුයි…. එ ගැන හිතට දැනෙන්නේ කණගාටුවක්.. තමන් රැගෙන යන දේවල් ටොෆි කොලයේ පටන් තමන්ගේ සියළු කුණු නැවත නිවසටම රැගෙන යනවා නමි මොනතරමි අඟනේද?….

ශ්‍රී පාද වන්දනාව

( තථාගතයන් වහන්සේගේ පා සටහනට බෞද්ධයෝ “ශ්‍රී පාදය” යි ව්‍යවහාර කෙරෙති. එය උද්දේශික චෛත්‍යයට අයත් ය. )

ජනානං වන්දමානානං – පත්ථානං සාධකං වරං,

තථාගතපදං වන්දෙ – දෙවින්දෙහි’පි වන්දිතං.

(වඳින ජනයාගේ ඒ ඒ ප්‍රාර්ථනාවන් සිදු කරන්නා වූ දේවේන්ද්‍රයන් විසිනුදු වඳින්නා වූ උත්තම වූ තථාගතයන් වහන්සේ ගේ පා සටහන වඳිමි.)

        සමනොළ කන්ද සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේ ම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක්…. අපි පන සේ එය රැක ගත යුතුයි… එ පරිසරය අපි ආරක්ෂා කර ගත යුතුයි… මෙි සිරිපා වන්දනා සමයේ වන්දනාවෙි යන සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ රැගෙන යන සියල්ල නැවත රැගෙන එන්න… පා සළකුණු පමණක් ඉතිරි කර එන්න…

සුමන සමන් දෙවි පිහිටයි… වදින්න යන හැම නඬයට…. සැම සිත් පහන් වෙිවා…

ධර්මය අවබොද වෙිවා!

සමන්⁣ දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි !

නිසංසලා රණසිංහ