
ඔන්න මං අද නමි ඔයාලට කියන්න ආවෙි වෙනස්ම දෙයක් ගැන……..
මෙි ලංකාවනේ කාලෙන් කාලෙට එක එක රැලි එනවා වගේම පෙර සිංහල ගති පුරුදුත් මිනිස්සුන්ට අමතක වෙනවා….. එ වගේම තමයි පෙර පැරණි මිනිස්සුන්ගේ කියමන් වගේම ක්‍රියාකලාප අද සමාජය විසින් ගොඩෙි යැයි කියන ලේබලය ගහලා පැත්තකටම දාලා……
සමහර දේවල් තියනවා අපිට එහෙම අයින් කරලම දාන්න බැරි දේවල්…. ඉතිං එහෙම අයින් කරන්න බැරි වවටිනාකමක් තියන මනස්ගාත යැයි සලකා අද සමාජය නොසලකා හරින ලද කරුණු කීපයක් ඉදිරිපත් කරන්නයි මගේ සුදාණම…
මෙි දවස්වල රට පුරාම ඇති ලොකුම අර්බුදය තමයි ගොවිතැන් කරන්න පොහොර නැතිකම….. එක එක අය උද්ගොශන කරනවා නිතර දකින්න ලැබෙනවානේ…….
එත් ඉතිං නිකමට හරි හිතෙනවාද එ කාලේ අපේ පැරණි මිනිස්සු කොහොමද රට ස්වයංපෝෂිත කලේ කියලාවත්… වැවි අමුණු හැදුවා වාගේම හොද සරුසාර අස්වැන්නක් ලැබුවා… අහලා ඇතිනේ වෙල්ලස්ස කැරැල්ල ගැන…. එක කුඹුරු යායකින් තමයි එ වෙල්ලස්ස සටන ජය ගන්න වෙහෙස මහන්සිවු එ ආශ්‍රිත සියළු ගමිමාන ස්වයංපෝෂිත කලේ….
එත් අද …….. අද පිටරටින් කාබනික පොහොරයි රසායනික පොහොරයි එනකමි බලන් ඉන්න වෙලා….. ඇයි එහෙම උනේ….
එදා මුළු රටටම සහල් සපායා පිටරට පාව පැටවු පෙරදිග ධාන්‍යගාරය ලෙස විරුදාවලිය ගත් අපේ රට අද අන්තිම තැනට ඇදගෙන වැටිලා……
දේශපාලන උවමනාකමි වගේම ගොවියන්ගේ අතපසුවිමි මෙි අතර තියනවා කියලයි මට නමි හිතෙන්නේ….
ගොඩ මඩ දෙකම එකම විදිහට සරුසාර කල පැරණි ගොවියන්ට එදා රසායනික පොහොර තිබුණේ නෑ … ඔවුන් පොහොර වශයෙන් ගත්තේ පරිසරයේ තියන දේවල්ම තමයි…. අස්වැන්න නෙලා අවසානයේ හරකා බාන බැන්දෙත් ඔවුන් වෙල් යායේ… එ ගොම පසට එකතුවෙලා තවත් පස සාරවත්කලා….
කුඹුරේ ඇති කිවුල් දිය සහ ලවණයන් මී ගස් මගින් උරා ගන්නා නිසා ඔවුන් මී ගස් කපා දැමුවෙ නැ…..
එසේම මී ගසට එන වවුලන්ගෙ වසුරු කදිම පොහොරක්…..අසල ඇති මා දං ගසට එන කුරුල්ලන්ගෙන් කුඹුරේ කෘමි හානිය තුරන් වන නිසා මා දං ගසත් ඔවුන් පරිස්සමි කලා…..
එ වගේමයි මී ගස දහවල් කාලයේ වගේම රාත්‍රි කාලයෙත් ඔක්සිජන් සපයන වටිනා සමිපතක්….
1833දි සුද්දා විසින් ඉදිපත් කෙරු කොල්බෘෘක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් මී ගස කැපිම ආරම්භ කලා.. මෙි මහා පොහොර ගහේ බලය දැනගත් ඔවුන් එදා නියොග කලා, මෙි සද්දන්ත ගස් සියල්ල කපලා වැවු අමුණු වල පාලමි බොක්කු වලට දාන්න….
එදා සුද්දා කියු දේවල් අපේ මිනිස්සු හරියටම කලා….. කුඹුරු පුරන් උනාම අපේ මිනිස්සු සුද්දාගේ වතුවල වැඩට ගියා… සුද්දා අපේ මිනිස්සු රසායනික පොහොර වලට පුරුදු කලා…..
එක මී ගසකින් කුඹුරු අක්කරයකට පොහොර දෙනවා වගේම එවා යුරියා වලට වඩා හතර ගුණයක පොශණ ගුණයකින් යුක්තයි…. එකල රජ සමයේදි මී ගසක් කපා දැමු පුද්ගලයන්ට ලැබුණු දඩුවම හිස ගසා දැමිම තරමි බරපතල දඩුවමක්….
එ තරමට ඉස්සර අපේ කුඹුරු පොශණය කලේ මී ගස.. මී ඇට කන්න ආව වවුල්ලු වාසුරු දැමිමා… වාසුරු ගිණිපෙටිටි පියනක ප්‍රමාණය යුරියා කිලො තුනක රසායනික සංගටක තියනවා…එහි බැර ලෝහ නෑ…
එහෙයින් ඔවුන් එවා රැක ගත්තෙ ඔවුන්ගේ ජිවිත වල කොටසක් වගේ….එ වගේම වී වැපිරිය යුතු කාලයන්ද ඔවුන් මනාව දැන උන්නා… එසේම ඉතා සාර්ථක ආහාර ගබඩා ක්‍රමද ඔවුන් සතු උනා…………
*** කුඹුක් ගස විශේෂ වන්නේ ඇයි ?…. එ ගැනත් මං කියන්නමි…
ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක්…… කුඹුක් ශාකය කොම්බ්‍රෙටාසේ (Combretaceae) කුලයටයි අයත් වන්නේ….
මේ ශාකය සම්බන්දව පවතින විද්‍යාත්මක කරුණු දැන හෝ නොදැන, පැරණි මුතුන් මිත්තන් විසින් කුඹුක් ගස පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කර තිබුණු බව ඉතා පැහැදිලියි……
විශේෂයෙන් සෑම වැවක් හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව කුඹුක් ගස් සිටුවීම ඔවුන් විසින් මනාව කරනු ලැබ තිබුණා…..
කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලය මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්….
විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බවයි වෛද්‍යවරු පවසන්නේ….. වගාවට දැන් එක් කරන රසායනික පොහොර වගේම මෙි කිවුල් ජලයත් මිනිස් සිරුරට අහිතකරයි…… නමුත් පෙර කාලේ පැරණි මිනිසුන්ට මෙවැනි රෝග තිබුණේ නෑ….. අද බවබොග වල වගේම පානය කරන්නට ඇති ජලයෙත් ඇත්තේ විස පමණයි…….
ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතුවයි….
ඉහත සඳහන් ගැටළුව විසඳා ගැනීම සඳහා සොබාදහම විසින් ලබා දී තිබෙන එක් දායාදයක් වන්නේ කුඹුක් ශාකය….. මේ ශාකය වැව් ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට පෙර මුතුන් මිත්තන් කටයුතු කර තිබුණේ එ ශාක මතු පරපුරටත් ආරක්ෂා කර දෙන ගමන්……..
එ නිසාම එ කාලේම බටහිර ආක්‍රමණිකයන් අපේ රටෙි කුබුක් ගසට බය උනා… එවා විනාශ කරන්න පවා ඔවුන් පෙළබි සිටියා…..
නමුත් අද…… අදත් සිදුවන්නේ මෙිතරමි වටිනාකමක් ඇති කුඹුක් ගස් කපා වත්පොහොසත් කමි ඇති අය ඔවුන්ගේ මැදුරු වල බිමට ඇල්ලිමයි….. අද එය රැල්ලක් වෙලා….. අපේම අවාසනාවට….. ජලය පිරිසිදු කරන්න ක්ලොරින් වගේම වගාව සරු කරන්න රසායනික පොහොර දැන් අත්‍යවශ්‍යම දෙවල් අතරට ඇවිත්…. එයත් රැල්ලක් නොවෙිද?…. පෙර මුතුන්මිත්තන් අපි වෙනුවෙන් ආරක්ෂා කල කුබුක් ගස් වගේම මී ගස් අද අවසන් ගමන් යන්නට සැරසි සිටින්නේ ධනවත් පුද්ගලයින්ගේ නිවාස සරසන්න…..
අටවිසි බුදුවරුන් අතරින් අනොමදස්සි බුදුන්වහන්සේ මාසයක් පමණ කෙටි කාලයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්වූ බව සාසන ඉතිහාසයෙහි සදහන් වෙනවා…..
එ වගේමයි මෙි කියමණත්….. “සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා”, යැයි කීවේ සිංහල ප්‍රතිරෝධි බටහිර ආක්‍රමිණිකයන්…
නමුත් කිසිදින සිංහලයා මෝඩකමට කැවුම් කෑවේ නැ…. ආක්‍රමණික යුධයක පවා අවි ආයුධවලට අමතරව කැවුම් මල්ලක් රැගෙන යන්න එදා ඔවුන් පුරුදු වෙලා සිටියා…..
ඒ සිංහලයාගේ බුද්ධිමත්කමට මිස මෝඩකමට නොවේයි….. දරුණු සටනකදි ඇතිවන ආහාර හිඟයට කැවුම් මල්ල බොහෝ ප්‍රයොජනවත් දෙයක්…… දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්….
එ වගේමයි යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියා…. දින කිහිපයක් ගත වූ කැවුම් ගෙඩියකට ඕනෑම තුවාලයක් සුව කිරීමේ දිව්‍යමය හැකියාවක් තිබුණු බවයි පැරණි මිනිසුන් විස්වාස කලේ….
සිරිපා කරුණාවේදි පවා රිටක ගැට ගැසූ කැවුම් මල්ලක් රැගෙන යාම සිංහලයාගේ සිරිතක්… නමුදු එය මෝඩකමට නොවේ…කඳු තරණයේදී අද මෙන් මාර්ග පහසුකම් නොතිබු හෙයින් අධික දුෂ්කර මාර්ග වලින් කඳු තරණය කිරීමේදි අවශ්‍ය තරම් ආහාර රැගෙන යාම පහසු නොවෙි….
පිසූ ආහාර රැගෙන ගියද ඒවා ඉතා ඉක්මනින් නරක් වන බව අපි කවුරුත් දන්නවානේ…. කැවුම් මල්ලෙන් මේ ගැටලු සියල්ලම විසදෙනවා, එ වගේමයි තවත් ඉතාම ප්‍රයොජනවත් කාරණයක් තමයි, රිටෙහී ගැට ගැසූ කැවුම් මල්ල කරේ තබාගෙන යාමේදී කඳු තරණයේදී ඇතිවන සිරුරෙහි අධික නම්‍යශීලීභාවය අඩු කර සිරුර කෙලින් කරගෙන යාමට හැකි විම….
ඉතිං එහෙම සමබරතාවය රැකගැනීම කඳු තරණට බොහෝ පහසුවක්…. මේ කිසිවක සත්‍යතාවය නොදත් සුද්දා මෝඩකමට සිංහලයා කැවුම් කන බවයි පැවසුවෙි……
එ වගේමයි පෙර පැරණි මිනිසුන් තමන් නෙළු ගමිමිරිස් අස්වැන්නෙන් ඉවතලන නැටි පාරට දැමිමත් යමි හෙතුවක් මතයි….
එත් අද …… අද මිනිස්සු තමන් නෙළු ගමිමිරිස් අස්වැන්නෙන් ඉවතලන නැටි පාරට දාන්නේ එවා මිනිස් පයට පැගුණු පසු තමන්ගේ අස්වැන්න වැඩිවෙිවියැයි හිත්වල පැලපදියම් වි ඇති අධික තෘෂ්ණාවත් මිත්‍යා මතයත් නිසා….
නමුත් සත්‍ය නමි එය නොවෙයි…. පැරණි මුතුන්මිත්තන් තමන් නෙළු ගමිමිරිස් අස්වැන්නෙන් ඉවතලන නැටි පාරට දැමුවෙි කාගේ හො සමෙි රොගයක් සුවවෙියැයි සිතාගෙන , එයයි සත්‍යා…
එ ඇයි දැයි කියනවා නමි පෙර මිනිසුන් වැඩි පුරම ගමන් ගියේ පා ගමනින්….ඔවුන් කිසිවෙකුත් එකල පාවහන් යුගලක් නොපැලදුව ගානයි…. ගවු ගණන් දුර නිරුවත් පා ගමනින් ගමන් යන මිනිසුන්ගේ දෙපා වල නොයෙක් කුෂ්ඨ රෝග මතු වෙනවා…. එ වගේම නොයෙක් කෘමින්ගේ සපා කෑමි නිසා දෙපතුල් තුවාල විමත් දෙපා ඉදිමිමත් සිදුවුවා….
ගමිමිරිස් කියන්නේ ඖෂධිය වටිනාකමක් ඇති මහඟු කුළුබඩුවක්…. ගමිමිරිස් නැටිටෙි පවා එ ඖෂධිය වටිනාකම ගැබිවි තිබෙනවා…. එ නිසාම ගමිමිරිස් නැටි පයට පැඟි යද්දි දෙපාවල ඇති මා පෙර පැවසූ රෝගාබාධ විගසින් සුව වන්නේ කිසිවෙකුටවත් නොදැනෙන්නයි…
නමුත් අද තමන් නෙලා ගන්නා ගමිමිරිස් අස්වැන්නේ ඉවතලන නැටි පාරට දමා එවා පාගානෙ යන මිනිසුන් දිහා බොහො අය බලා සිටින්නේ තමන්ගේ අස්වැන්න වැඩි කරගැනීමෙි අභිප්‍රාය හිත් තුල තබාගෙන….
එදා මුතුන්මිත්තන්ගේ ආකල්ප සමග සංසන්දනය කරන විට අද අපි සිටින්නේ කොහෙද….. ?
අද මෙන් විද්‍යාව දියුණු යුගයක භෞතික උපකරණ වලින් කාළ ගුණ අනාවැකි නොකියු යුගයක අදට වඩා හොදින් ඔවුන් කාළ ගුණය ගැන දැනගත්තේ ඔවුන්ගේ හෙළ දැනුමෙන්…. නමුත් විද්‍යාව දියුණු අද වැනි යුගයක පැරණි මිනිසුන්ගෙ පැරණි මත විහිළුවක් වෙලා…. එත් විද්‍යාවට වරදින බොහොදේ පැරණි මිනිසුන්ගේ පැරණි මත ඉදිරියෙන් සිටින්නේ එ සියල්ලේම සත්‍ය බව මනා පෙන්වා දෙමින්…..
ඉදිරියේදී ඇතිවීමට හැකි නියන් තත්ව, ගං වතුර මනාව දැන ඒවාටද ඔවුන් සූදාණම්ව සිටියේ කල් වෙලා ඇතුවමයි…… අඩුම තරමේ අවුරුද්දකට දෙකකටවත් ඇති තරම් තල, මෙනේරී, කුරක්කන් ,බඩ ඉරිගු, වී වර්ග , ගබඩාකරගෙන සිටියේ කූඹින් වගේ…..
අද අපගේ එකම ප්‍රධාන ආහාරය බත් වූවද පෙර සිංහලයාට බොහෝ විකල්ප ආහාර තිබුණා…… කොස්,කුරක්කන් ,කවුපි,මුං ඇට, මඤ්ඤොක්කා ඔවුන්ගේ දිනපතා ආහාර වෙිල් වලට එකතුවුවෙි වැඩි වැඩියෙන් කාය ශක්තියෙන් වැඩි වෙද්දි….
එ වගේමයි, පරිසරයේ දකින සලකුණු වලින් ඔවුන් කාළගුණය මනාව අවභෝධ කරගත්තේ…
වඩු කුරුල්ලන් ගසක ඉතාම පහලින් කූඩූ තැනීම එලබෙන වැසී වාරයේ වර්ෂාව ඉතා අඩුවෙන් ලැබෙන බවට ද , ගසේ මැද කොටසේ කූඩූ තැනීම සාමන්‍ය වර්ෂාවක් ලැබෙන බවද ,ගසේ මුදුනේ නැත්නම් ඉහල කොටසේ කූඩු තැනීම අධික වර්ෂාක් ලැබීමටද ඉගියක් බව ඔවුන් දැන සිටියා……
එමෙන්ම කිරලකු වැව් තාවුල්ලේ ජලයට ආසන්නයෙහි බිත්තර දැමීම වර්ෂාව අඩු බවට ද , වැව් තාවුල්ලේ ඉහල කොටස හා කුඹුරු යාය අතර බිත්තර දැමීම සමාන්‍ය වර්ෂාවක් ලැබෙන බවට ද, කුඹුරු යාය තුල බිත්තර දැමීම වර්ෂාව අඩුවී නියං තත්වයක් ඇති වෙන බවට ඔවුන් නිගමනය කලා……..
දිවුල් ගසේ පළදාව වෙනදාට වඩා විශාල ලෙස වැඩිනම් ඉදිරියේදී නියං තත්වයක් ඇති වන බවද , අඹ ගසේ පළදාව බොහෝසෙයින් වැඩිවීම අධික වර්ෂාක් ලැබෙන බවටත් එසේම අඹ ගසේ ගෙඩි ප්‍රමාණය අඩුවී ගෙඩියේ නැට්ට අඩියක් පමණ දික්වී ගසත් ගෙඩියත් අතර දුර වැඩිනම් වර්ෂාව අඩුවන බව ඔවුන් දැන සිටියා……
එමෙන්ම අඹ ගස සම්පූර්ණයෙන්ම රතුපැහැති දල්ලෙන් පිරුණෙහිනම් නියඟය හමාර වී සති දෙක තුනක් ඇතුලත වර්ශාව ලැබෙන බවත් ඔවුන් දැන සිටියා……
කිරලෙකු රාත්‍රියෙදී පොලොවට ආසන්නයෙන් ගමන් කරමින් කෑ ගසයි නම් උරෙකු,ගෝනෙකු.බල්ලෙකු වැනි උස අඩු සතකු ගමන් කරන බවටත්,කිරලා ගස් මුදුන් දක්වා ඉහලින් කෑ ගසන්නෙ නම් මිනිසකු ගමන් කරන බවටත්, කිරලා ඉහල අහසට නැග කෑ ගසන්නේ නම් අලියෙක් ඇතෙක් ගමන් කරන බවටත් කිරලාගෙ නාද රටාවෙන් පැරණි හෙළයා දැන සිටියා…..
නමුත් අද මෙි දෙය සිදු වෙිද …. මී ගස් කපති … කුබුක් ගස් කපති…. කැවුමි යනු ගොඩෙි කෑමක් ලෙස හංවඩු ගසති…. එකල අප මුතුන්මිත්තන්ගෙ ක්‍රියා කලාප හා එ කියු කතා මිත්‍යා මත කර විහිළුවක් සේ සලකා සිටියි…… සංස්කෘතිය සදාචාරය ගැන කතා කරන්නා ගල් යුගයෙ මිනිසුන් ලෙස හංවඩු ගසයි ……
එ මොනවා උනත් පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකයි…… අපිටද එවාට වන්දි ගෙවන්න වෙන්නේ නොකල වරදකට නොවෙිද….
එ නිසා සොබාදහමට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන බව කවුරු කවුරුත් වටහා ගත යුතුයි……
මිත්‍යා මතයැයි සමිමත කිසිවක් එකහෙලා ප්‍රතික්ෂේප කල නොහැකියි…… ආදි මුතුන්මිත්තන් එ දේවල් ක්‍රියාත්මක කලෙත් පැවසූවෙිත් අත්දැකීමි අනුසාරයෙන්…. ඔවුන්ගේ සමහර ක්‍රියාකලාප වෙත තාක්ෂණය අතින් දියුණු යැයි සමිමත යුගයේ සිටින අපට ලං වෙන්නවත් හැකිද?………. සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුයි….. එය අප කාගෙත් යුතුකමක් නොවන්නේද…..
තෙරුවන් සරණයි නිසංසලා රණසිංහ




ෆෝලික් අම්ලය මෙය ඇසූ පමනින්ම සිහියට එන්නෙ මේ විටමින් ගන්නෙ ගර්භනී කාලයෙ එහෙම නැත්තං දරුවෙක් බලාපොරොත්තු වෙන තරුණ කාන්තාවන් කියල ,ඇත්තටම මේ ෆෝලික් අම්ලය කියන්නෙ විටමින් Bවර්ගයක් . එය ශරීරයට ඉතාමත් වැදගත් විටමින් එකක්. ඒවගේම බාල මහලු, ස්ත්‍රී ,පුරුෂ සියලු දෙනාටම වැදගත් . ගර්භනී කාලයේදී ෆෝලික් අම්ල ඌණතාවය නිසා, දරුවාට ඉතා අයහපත් බලපෑම් ඇති වීමට විශාල හැකියාවක් ඇති නිසයි විශේෂයෙන් ඒ අයට මේව දෙන්නෙ .
ගර්භනී සමයේ මෙම විටමිනය අවශ්‍ය ප්‍රමාණය ට නොලැබී යාමෙන්, දරුවන්ගේ උපතේදීම මොළයේ හා සුසුම්නාවේ විකෘති හා ආබාධ ඇතිවීමට පුළුවන් .
ඒකයි හුගක් දෙනා හිතන්නේ ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ ගර්භනී මව්වරුන් පමණක් කියල . එය ඉතා වැරදි අදහසක් . එය සෑම දෙනාම ලබා ගත යුතු විටමිනයක් .
මෙම විටමිනය
* රතු රුධිරානු සෛල හා සුදු රුධිර සෛල සෑදීමට ෆෝලේට් අත්‍යාවශ්‍ය වේ.
* ඇමයිනෝ අම්ල සංස්ලේෂණයේදී විශේෂ B12 සමඟ එක් වී ෆෝලේට් විශේෂ මෙහෙයක් ඉටු කරයි.
* හිමෝග්ලොබින් වල යකඩ සංයුතියට ෆෝලික් ඇසිට් අත්‍යාවශ්‍ය වේ.
* මව් කුස තුල සිටින කලළයේ හා දරුවාගේ ස්නායු පද්ධතියේ මෙන්ම මොළයේ වර්ධනයට ෆෝලික් ඇසිට් ඉවහල් වේ.
* පිළිකා රෝග වැළදීමේ අවදානම අඩු කරයි.
*හදවත් රෝගීන්ගේ අවධානම අඩු කරයි.
දිනකට ෆෝලික් අම්ලය 5mg ප්‍රමාණයක් අවශ්‍ය වේ. එමෙන්ම කිරි දෙන හා ගර්භනී මවකට මෙම ප්‍රමාණ අතිරේකව ලබා ගත යුතු බව වෛද්‍ය මතයයි.
කාන්තාවක් ගර්භනී මවක් වීමට මාස 3 කට පමණ පෙර මෙම ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුය. මන්ද යත් ගර්භනී සමයේ මුල් අවධියේ දරු ගැබෙහි ස්නායු නාල හා මොළයේ සෛල වර්ධනයට මෙම ෆෝලික් ඇසිඩ් උපකාරි වන අතරම දරු ගැබද ආරක්ෂා කිරීමට උපකාරි වේ.
නිවිති, ගෝවා, සෝයා බොංචි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, තිරිඟු නිෂ්පාදන , රටකජු , කඩල, මල්ගෝවා, අලිපේර, ගස්ලබු ආදී ආහාර වල මෙන්ම කොළ පැහැති එළවළු හා පලා වර්ග වලින් අපේ ශරීරයට අවශ්‍ය ෆෝලික් ලබාගැනීමට පුළුවන් .
ෆෝලික් ඇසිඩ් වල ඌනතාවයන් නිසා
* DNA සංස්ලේෂණය දුර්වල වන අතර නීරක්තිය ඇතිවේ.
* බර අඩු වීම, නොමේරූ දරු උපත් ඇතිවීම දැකිය හැකිය.
*දරු ගැබෙහි ස්නායු සෛල හා මොළයේ සෛල වර්ධනය අඩාල වේ.
කෙසේ වෙතත් පිටතින් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමේදී වකුගඩු රෝගීන් හා ඖෂධ වලට ආසාත්මිකතා ඇති පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වේ.
මෙම විටමිනය අතුරු ආබාධ ඉතා දුර්ලභ අතර ඔබ යම් රෝගී තත්වයක් සදහා ප්‍රතිකාර ලබන කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් මත මේවා ලබා ගැනීමට කටයුතු කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
පොඩියට කොටු කපාගත් ලොකු ළූණු ගෙඩියක්
ඔලිව් ඔයිල් 2tbs
කලින් පිසගත් chicken breast දෙකක් සිහින්ව කපාගෙන
තලාගත් සුදු ලූනු බික් දෙකක්
තක්කාලි පේස්ට් කෝප්ප භාගයක්
මිරිස් කුඩු 1tsp
සුදුරු කුඩු1tsp
kidney beans කෝප්ප භාගයක්
සිහින් පොඩියට කපාගත් මිරිස් කරලක්
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල ස්වල්පයක්
චීස් ග්‍රෑම් 100
ලුණු ස්වල්පයක්
Chicken stock 2 cups
පාන් පිටි 1tbs
Soured cream 6 tbsp
6 Tortilla
සදා ගන්න ආකාරය
මුලින්ම ඔබගේ අවන් එක අංශක 180 ට රත් කරගන්න. ඉන්පසු ඝණකම භාජනයක් ගෙන එයට ඔලිව් ඔයිල් ටික දමා ළුුණු සහ තලාගත් සුදුලූනු එකතු කර විනාඩි තුන හතරක් කළවම් කරගන්න. ඉන්පසුව එයට පිටි එක්කර තවත් විනාඩියක් කලවම් කරගන්න .ඉන්පසු එයට තක්කාලි paste කෝප්ප භාගය තමා මදක් කලවම් කර මිරිස්කුඩු cumin powder සූදුරු කුඩු ලුණු සහ චිකන් ස්ටොක් එක දමා විනාඩි 10ක් පමණ තරමක් හිඳින තුරු කලවම් කර පසෙක තබා ගන්න. ගැඹුර දීසියක් ගෙන එයට පිසගත් කුකුළු මස් (දිග අතට සිහින්ව කපාගත්) දමා kidney beans, කපාගත් මිරිස් කරලක්, කොත්තමල්ලි කොල ටිකක් දමා සහ චීස් වලින් භාගයක් දමා කලවම් කර ඉන්පසු ඔබ සාදා ගත් සෝස් එකෙන් කෝප්ප භාගයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.
ඉන්පසු tortilla ටික ගෙන ඔබගේ මිශ්‍රණය සම ආකාරයට බෙදා රෝල් කරගන්න. ඉන්පසු oven tray එකක් ගෙන ඉතිරි සෝස් වලින් බාගයක් යටින් අතුරා නවාගත් thotilla ඊට උඩින් තබා ඉතුරු , source ටික උඩින් දමා ඉතිරි වූ චීස් උඩින් ඉසින්න. ඉන්පසු එය අවන් එක තුලට දමා විනාඩි විස්සක් විසිපහක් බේක් කරගන්න. ඉන්පසු එළියට ගෙන පිහියක් ආධාරයෙන් එය කපා පිඟානක් මත තබා එයට ඩ් cream හැන්දක් දමා ගත්කල කදිමය.මෙය දවාලට හෝ රාත්‍රියට සලාද ටිකක් සමග කදිම ආහාරයකි
MANOJ FERNANDO
HEAD CHEF
ST’ IVES LODGE LONDON
*ඇත්තටම චරිත් විජේමාන්න කියන්නේ කවුද ? ඔයාගේ වචනෙන්ම කෙටියෙන් කිව්වොත්..*
මම හිතන්නේ නෑ ඔය ප්‍රශ්නයට මට එක එල්ලේම උත්තරයක් දෙන්න පුළුවන් කියලා..මොකද කෙනෙක්ට තමන් කවුද කියලා හරියටම කියන්න බැහැ කියලයි මම විශ්වාස කරන්නේ..ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නම ඕන නිසා මම මෙහෙම කියන්නම්.. ගෙවන හැම තත්පරයකම මනස නිරවුල්ව තියාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති, අසාධාරණය ඉදිරියේ ටිකක් වැඩිපුර කේන්ති යන කෙනෙක් කිව්වොත් මම හිතන්නේ එය ප්‍රමාණවත්.
*චරිත් ඔයාගේ විස්තර ඔයාගේ පවුලේ විස්තර ටිකක් අපි දැනගන්න කැමතියි..*
මට අතිශය සුන්දර ළමා කාලයක් ගත කරන්න වාසනාව තිබුණා. පවුලේ වැඩිමලා වුණේ මම..මටත් වඩා හොඳ ගතිගුණ තියෙන සහෝදරයෙක් මට ඉන්නවා..අම්මා තමයි පොඩි කාලේ ඉඳලා මගේ හැමදේකටම හිටියේ. උත්තරීතර අම්මාගේ ආදරය විග්‍රහ කරන්න භාෂාවක වචන ප්‍රමාණවත් නෑ කියලයි මම හිතන්නේ..මට මතකයි මම පුංචි කාලේ මගේ තාත්තා හරිම සැරයි..ඒ නිසා ඕනම දෙයක් මම කතා කළේ අම්මා එක්ක..හැබැයි ටිකක් කල් යනකොට මට තේරුණා තාත්තා නොහිටින්න මම කියලා කෙනෙක් නෑ කියලා..හදවතේ ආදරය හංඟගෙන තාත්තා එහෙම අපිට සැර කරලා අපිව හරි මාවතට ගත්තේ නැත්නම් අද තත්වය මීට වඩා වෙනස්.. ඒක තමයි ඇත්ත..හැමදාටම තාත්තා තමයි මගේ ජීවිතයේ වීරයා..
මගේ පාසල කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය. එහි උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් විධියට කටයුතු කළ කාලය මම හිතන්නේ මගේ පාසල් කාලයේ හොඳම කාලය. ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති පශ්චාත් උපාධිය ලබාගන්න මට හැකිවෙනවා. පෞද්ගලික බැංකුවක සේවය කරන මම වෘත්තීයෙන් බැංකුකරුවෙක්. විවාහකයි..අවුරුදු දහයක් ආදරය කළාට පස්සේ විවාහ වුණේ. දැන් විවාහ වෙලත් අවුරුදු දහයකට බොහෝම ආසන්නයි. උතුම් කාන්තාවක් මගේ බිරිඳ වෙලා ඉන්නවා.. දැන් මම තිදරු පියෙක්..මට ඉන්නවා දියණියක් සහ පුතුන් දෙදෙනෙක්.. ඉතින් පවුලක් විධියට අපි බොහොම සැහැල්ලුවෙන් සෙනෙහසින් සතුටෙන් ජීවත්වෙනවා..
*කොහොමද මේ ලියන දේවල් වලට යොමුවුණේ ? ඒ වගේම ඔබ බොහොම ලස්සනට සිතුවම් කරනවා කියලත් අපි දන්නවා. කියන්න අපිට ඒ ගැනත්..*
ඇත්තටම ගී පද රචනය, කවි, නිසඳැස්, කෙටි කතා ලියන එක දැන් මම කාලයක් තිස්සේ කරගෙන එනවා. සිතුවම් කරන එක මුලින්ම විනෝදාංශයක් විධියට කරගෙන ගියේ.. මේ හැමදේම කරනකොට පාසලේ, බැංකුවේ ගොඩක් අය මාව අගය කළා. ඒ අගය කිරීම් මට ලොකු ශක්තියක් වුණා මේ හැමදේම වැඩි දියුණු කරගන්න. දැන් දැන් ඒක මගේ ජීවිතයේ නැතුවම බැරි කොටසක් වෙලා. සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න මට මේ දේවල් අස්වැසිල්ලක් වෙලා කිව්වොත් වඩාත්ම නිවැරදියි.
*මේ ඔක්කොම ” චරියාගේ පන්හිඳ ” නිසා නේද ? කොහොමද චරියාගේ පන්හිඳ කරළියට එන්නේ ? මොකද්ද මෙහි අරමුණ ?*
දැන් සන්නිවේදනය දියුණුයි. එහෙම බලනකොට ඇත්තටම අතීතයේ හිටපු ගී පද රචකයන්ට සහ අනෙකුත් නිර්මණකරුවන්ට හිමිවුණ අවස්ථා හරිම අල්පයි. ඒ යුගයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා වගේ සුවිශිෂ්ට නිර්මාණකරුවන් කොපමණ වෙහෙසක් මහන්සියක් වෙන්න ඇතිද ඒ තත්ත්වයට එන්න. අද එක රැයකින් කෙනෙකුට ලෝකයේම ජනප්‍රිය වෙන්න අවස්ථාව තියෙනවා. ජනප්‍රිය වෙන්න හරිම පහසුයි. ඕනම දෙයක් කරලා ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් රටක පුරවැසියෝ විධියට අපිට වගකීමක් තියෙනවා හරවත්, අර්ථවත් යමක් සමාජගත කරන්න. Facebook නිසා තමයි චරියාගේ පන්හිඳ කරළියට එන්නේ..චරියාගේ පන්හිඳ ජනප්‍රිය නෑ. කොහෙත්ම ජනප්‍රිය නෑ. නමුත් එය හැකිතාක් ගුණාත්මක බවින් කරගෙන යන්න මම උත්සහ කරනවා. ඒක තමයි චරියාගේ පන්හිඳේ අරමුණ.
*චරිත්.. අපිට කියන්නකෝ මේ වෙනකොට චරියාගේ පන්හිඳෙන් ලියැවුණ විශේෂිත නිර්මාණ කිහිපයක් කෙටියෙන්..*
ගීත ගැන කතා කළොත් මම මේ වෙනකොට ගීත හයක් වගේ ලියලා තියෙනවා. ඉන් කිහිපයක් අවසන් වෙලා තියෙනවා. ” එන්න දෝණියේ..” ගීතයත් ” ගිරසල ” කියන ගීතයත් මේ වනවිට youtube එකේ තියෙනවා. අනෙකුත් ගීත නුදුරු අනාගතයේදීම අවසන් වේවි කියලා විශ්වාස කරනවා. Facebook හරහා සමාජගත කළ ” ගෙදර ආදරේ “, ” අවසන් ඇමතුම ” වගේ නිර්මාණ අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම පාරේ තොටේ යන එන මග යම් සමාජගත කළ යුතු යැයි සිතෙන යහපත් යමක් දුටු සැණින් එය Facebook සටහනක් මගින් සමාජගත කිරීම පුරුද්දක් වෙලා මට. ඒ වගේ මම ලියපු ” හොඳ හිත “, ” රෝද තුන උඩ මනුස්සකම ” , ” අරවින්ද නම් පතාක යෝධයා ” වැනි සටහන් මිනිස්සු ප්‍රසංශාභිමුඛව ඉතා ආදරයෙන් වැලඳගත්තා.
*කාර්යබහුල රැකියාවක් කරන අතරතුර මේ වගේ නිර්මාණකටයුතු වලට කොහොමද ඔබ කාලය වෙන්කර ගන්නේ ?*
හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ ජීවිතයේ අපි කරන හැමදේම අපිට තනියෙන් කරන්න බෑනේ. අපිට අනෙකාගේ උදව් අත්‍යාවශ්‍යයි. මගේ බිරිඳ සහ මා අතර ඇති අන්‍යොන්‍යය අවබෝධය නිසා මේ දේවල් සමබරව කරගෙන යන්න මට හැකිවෙලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි තමන් කරන නිර්මාණ තමන් රසවිඳිමින් කරනකොට කෙසේ හෝ කාලය හැදෙනවා ඒ දේවල් කරගන්න.
*මොනවද නිර්මාණ කටයුතු පැත්තෙන් ඔබට තියෙන අනාගත බලාපොරොත්තු ?*
එහෙම බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. එකක් තමයි මම කැමැත්තෙන් ඉන්නවා ලංකාවේ දැනට ඉන්න විශිෂ්ටගණයේ ගායකයෙකුට හෝ ගායිකාවකට ගීතයක් ලියලා දෙන්න. ඒ වගේම මගේ කුළුඳුල් පොත එළි දක්වන්න. කවදාහරි සිතුවම් ප්‍රදර්ශනයක් කරන්න. මේවා තමයි මගේ සිහින.
*හැකියාව තියෙන නව නිර්මාණකරුවන්ට මොකද්ද ඔබ ලබා දෙන උපදෙස ?*
උපදෙස් දෙන්න තරම් නම් මම සුදුසුයි කියලා හිතන්නේ නෑ. මොකද මේ ක්ෂේත්‍රය දිග්විජය කරපු දැවැන්තයෝ ඉන්නවා. එහෙම බැලුවොත් මම කියන්නේ බොහොම පොඩි කෙනෙක්. උපදෙසක් විධියට නෙවෙයි අදහසක් විධියට කිව්වොත් මෙහෙමයි. අපේ රටේ පොඩි කාලේ ඉඳන් දරුවන්ගේ හැකියාවන් හඳුනාගන්න නිසි ක්‍රමවේදයක් නැහැ. යම් රාමුවක් හදලා ඒ රාමුව ඇතුළට දරුවන් තල්ලු කරනවා මිසක් දරුවන්ගේ හැකියාවන් වලට අවස්ථාවක් නැහැ. තමන් සතු හැකියාවන් තමන්ට අවබෝධ වෙන්නෙ විවිධ කාලපරිච්ඡේදවලදි. උදාහරණයක් විධියට කිව්වොත් කෙනෙක්ට කුඩා කාලයේදී තමාට යම් දෙයකට හැකියාවක් තියෙනවා කියලා වැටහෙනකොට තව කෙනෙක්ට අවුරුදු පනහෙදි විතර ඒක වැටහෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. වයස නෙවෙයි වැදගත් තමන්ගේ ඇඟේ තියෙන හැකියාව කුමන හෝ මොහොතක දැනගැනීමයි වැදගත්. ඉන්පසු එය දියුණුකරන්න, එය විඳින්න. ඔබේ ඒ ආරට කැමති අය ඔබට එකතු වේවි.
*“ අපි Magazine “ එකට සම්බන්ධ වීම ගැන මොකක්ද දැනෙන අදහස ?* බලන්න මේ Magazine එකේ නම ” අපි “. එතනම ලෙංඟතුකම පටන් අරගෙන.. මම වගේ සරල සාමාන්‍ය පුංචි මනුස්සයෙක්ට මේ වගේ සුවිශේෂි Magazine එකක ලියන්න ලැබීමම මට ලොකු ගෞරවයක්, ආඩම්බරයක්. ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වුණ අනීෂා ජයකොඩි සහෝදරියගේ ආරාධනාවෙන් සහ ගයාන් කරුණාරත්න සහෝදරයාගේ අනතිමානී අවසරයෙන් මට මේ අගනා අවස්ථාව හිමි වූ බව කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම ලෙංඟතු පිරිසක් “අපි” වටා එක්ව සිටින බවත් ඔවුන්ගේ කැපවීම මත ” අපි Magazine ” එක හරවත් ගුණාත්මක දේ සමාජගත කරමින් අතිශය ජනප්‍රිය බවට පත්වෙමින් තිබෙන බවත් කියන්නම ඕන. ඉදිරියටත් මම ” අපි ” සමඟ නිරන්තරව රැඳෙන අතර එහි සියලු කටයුතු සාර්ථක වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
මව් කුසෙන් එළිය දුටු දා පටන් මනුෂ්‍ය ජීවියෙක් විදියට ලබා ගත්තා වූ මේ අති දුර්ලභ මිනිස් ආත්මයට අගයක් දෙන්න. අම්මා කෙනෙකුගගේ තනේ කිරි බිංදුවෙන් බිංදුව තමන්ගේ කුසට වැටුනේ තනේ පිරෙන්නට කිරි තියෙනවාට නොවන බව වටහාගන්න.
දස මාසයක් අනේක දුක් විඳලා සූතිකාගාර වල, ශල්‍යාගාර වල වේදනාවන් විඳලා තමාට ජීවය දුන්නු මවට අගයක් දෙන්නට නම් ඔබේ ජීවිතයට මුලින්ම වටිනාකමක් දෙන්න.
කිසිම කෙනෙකු ඉදිරියේ ඔබේ ජීවිතයේ වටිනාකම හෑල්ලු වන්නට දෙන්නට එපා. කිසිම කෙනෙකුට ඔබේ ජීවිතයට ලංසු තියන්නට දෙන්න එපා. කාගේවත් ඕනෑ එපා කම්, අවශ්‍යතා සපුරාගන්නට ඇති යන්ත්‍රයක තැනට ඔබේ ජීවිතය ඇද දමන්නට එපා. ඔබ තවත් අයෙකුගේ කාංසිය , පාලුව මකන ඔවුන්ගේ අල්ලේ නැටවෙන රූකඩයක් වන්නට එපා.
මිනිසුන් ජීවිතයට ඒවි, නොයෙක් දෑ පවසාවි, ඒ සෑම කරුණකින්ම අවශ්‍ය දෑ පමණක් රැගෙන අනවශ්‍ය දෑ දෙවරක් නොහිතා බැහැර කරන්න. ඔබට කුමන හෝ ආකාරයක වාසි සහගත එසේත් නැතිනම් ඔබට යහපතක් සිදු වෙන තැනක රැඳෙන්නට මිනිසුන් සාමාන්‍යයෙන් උත්සාහ කරනවා. එය සාමාන්‍ය මිනිස් ස්වාභාවය යි.
ඇතැම් විට අවශ්‍ය කාර්‍යය කෙරුණු පසු ඔබට සමීප වූ පුද්ගලයා ඔබට නොදැනෙන්නට ඔබව ප්‍රතික්ෂේප කරනවා හෝ මග හරිනවා වන්නට පුලුවනි. වැදගත් ම දෙය වන්නේ ඔබට කවුරුන් කෙසේ කුමන ආකාරයකින් සමීප වුවත් ඔබේ ආත්මාභිමානය හා ඔබේ වටිනාකම නොනැසෙන ලෙස පවත්වා ගැනීමයි.
ඔබට ඇත්තේ ද අනෙක් අයට මෙන්ම වටිනා මිනිස් ජීවිතයක් බව හඳුනාගන්න. තවත් අයෙකු නිසා තමන්ගේ හැකියාවන් යටපත් කරන්නට එපා. තවත් අයෙකු වෙනුවෙන් ඔබේ වටිනාකම් හා දක්ෂතාවයන් කැප කරන්නටත් එපා. තවත් අයෙකුගේ හැකියාවන් කෙරෙහි ඊර්ෂ්‍යා සිත් ඇතිව කටයුතු කරන්නටත් එපා.
“ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත” නොව එය “ලොවින් එකෙක් දෙක තුනකට වෙයි සමත” ලෙස වෙනස් විය යුතු බව නිතරම සිහි තබා ගන්න. මුලින්ම ඔබ සෙමෙන් ඔබේ දක්ෂතාවයන් හඳුනාගන්න. එයට වසරක්, දෙකක්, තුනක්, පහක් හෝ දහයක් ගත වුවත් ඔබ ඔබම ලෙස ඉදිරියට යන්නට අවශ්‍ය ඔබේ සැඟවුණ කුසලතාවයන් හා හැකියාවන් හඳුනා ගත යුතු යි.
ජීවිතයේ එක් කඩඉමක් ඔබ පැරදෙන්නට පුලුවනි. එය දෙකක් හෝ තුනක් විය හැකිය. නමුත් ඔබ සදාකාලිකවම පැරදෙන්නේ, වැටන්නේ නැත. එක්තරා අවස්තාවක දී ඔබ ඔබව හඳුනාගන්නවා ඇත. ඒ හැරවුම් ලක්ෂයේ දී ඔබ ගත යුතු තීරණය ගන්න.
එය ඇතැම් විට වැරදී තීරණයක් වන්නට ත් පුලුවනි. එයද අත්දැකීමක් කරගන්න. අත්දැකීම් දැවැන්ත මිනිසුන් නිර්මාණය කරන බව සිහි තබාගන්න. ගෙවෙන් හැම තත්පරයක්ම ජීවිතයට අත්දැකීම් හා පාඩම් ම පමණක් ලබා දෙන බව සිහියට ගන්න.
හෙට දවස එළි වන විට පෙරදා අඳුරු මතකයන් අමතක කර දවස ආරම්භ කරන්න. ඔබගේ ජීවිතය ඔබට මෙන්ම තව බොහෝ දෙනෙකුට වටිනා බව සිහියට ගන්න.
කිසිම අවස්තාවක තමන්ගේ ජීවිතය අවතක්සේරු කරන්නට එපා. උස්, මිටි, උගත්, නූගත්, පොහොසත්, දුප්පත් , සුදු, කලු… යනා දී කුමන නිර්ණායක හරහා පදනම් ව වෙනස් වුවත් උත්පත්තියන්ම අප මනුෂ්‍ය වර්ගයා හැමටම ලැබී ඇත්තේ එක හා සමාන වටිනාකමකින් යුතු ජීවිතයක් බව සිතන්න. ඔබේ ජීවිතය පෝෂණය කොට රැක බලාගෙන උසස් තත්වයක් ලබා දීමේ වගකීම ඔබට ඇති බව වටහ ගන්න.
ඔබ ඔබම ලෙස ජීවිතය දකින්න. ඔබේ වටිනාකම වෑඩි කරගන්න. නිදහස් මත දරන්න..ඔබේ අයිතිවාසිකම් හා වගකීම් මෙන්ම යුතුකම්ද වටහා ගන්න.
අඬා වැළපීම් හා පසු තැවීම් වලට කාලය අනවශ්‍ය ලෙස වැය නොකරන්න.ඒ වැය වන්නේ ඔබේ දියුණුව උදෙසා යෙදීමට ඇති කාලය බව වටහා ගන්න.
අනවශ්‍ය ලෙස භෞතික වස්තූන් අල්ලා ගැනීමට , රැස් කිරීමට හා ලෝබ වීමට උත්සාහ නොකරන්න. නමුත් හෙට වෙනුවෙන් යම් ආයෝජනයක් කරන්න. ජීවිතයේ එක් එක් අවධින් වල විඳින්නට අවශ්‍ය ජීවිතය විඳින්න. “අද”ගෙවි ගිය පසු එය අතීතයට එකතු වී එයට “ඊයේ” ලෙස නමක් ලැබේ.
අද කළ යුතු දෑ අදම කරන්න. හෙට ට කල් නොදමන්න.
.. ඔබට වටිනාකම දෙන්න. ඔබේ වටිනාකම අන් අයට පෙනෙන්නට ඉඩ දෙන්න… මේ සියල්ල අවසානයේ ජීවිතය විඳින්න..
දිගැZ
(දිගැසි පබසරා අමරසිංහ )
2021 නොවැම්බර් 26
යුග දිවියට පත් යුවලකගේ ඊළඟ පැතුම නිරෝගී දරු සම්පතක් ලැබීම. විවිධ හේතූන් නිසා දරුවන් බලාපොරොත්තු වීම විවාහ වූ විගස හෝ පසුව හෝ යුවළගේ කැමැත්ත මත සිදුවන්නක්. නමුත් ගැටලුව නම් දරුවන් බලාපොරොත්තු වුවත් දරුඵල ප්‍රමාද වීමයි. අතීතයේ දී පමණක් නොව වර්තමානයේ දී පවා දරුඵල ප්‍රමාද වීමේ දී එයට හේතුව ලෙස බොහෝ විට ඇඟිල්ල දිගු වන්නේ කාන්තාව දෙසටයි. නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණ නම් දරුඵල ප්‍රමාද වීමට හේතුව, බිරිඳට පමණක් ඇති සරුභාවයේ ගැටළුවක් නිසා හෝ සැමියාට පමණක් ඇති සරුභාවයේ ගැටළුවක් නිසා හෝ දෙදෙනාගේම ඇති යම් හේතුවක් නිසා හෝ ඇති විය හැකි බවයි. එනිසා දරුඵල ප්‍රමාදය සඳහා ප්‍රතිකාර ගැනීමට පෙර සැමියා සහ බිරිඳ යන දෙදෙනාම පරීක්ෂාවට බඳුන් වීම වඩාත් සුදුසුයි.
මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන්ම විමසා බලන්නේ පුරුෂයින්ගේ සරු බව අඩු වීම පිළිබඳවයි.
පුරුෂයින්ගේ සරු බව අඩු වීමට බලපාන හේතු විශ්ලේෂණය කර බැලීමේ දී ඒවා ප්‍රධාන අංශ තුනක් යටතේ විස්තර කළ හැකියි.
(1) විවිධ රෝග හා ආබාධ සම්බන්ධ හේතු
(A).පසුගාමී ශුක්‍රාණු පිටවීම:
ශුක්‍ර ශිෂ්ණය කෙළවරින් පිටතට පැමිණීම වෙනුවට ඉහළට ගමන් කර මුත්‍රාශය දක්වා ගලා යාම මෙහි දී සිදු වෙයි. මෙම තත්වය පවතීනම් නිරෝගී ශුක්‍රාණු තිබුණත් ශිෂ්ණය ඔස්සේ පිටතට පැමිණීම අඩු නිසා කාන්තාවගේ ඩිම්බය සංසේචනය වීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි. මධුමේහය, සුෂුම්නාව හානි වීම, මුත්‍රාශය පෞරුෂ ග්‍රන්ථිය මුත්‍රා මාර්ගය ආශ්‍රිත ශල්‍යකර්ම ආදිය මේ සඳහා හේතු වෙයි.
(B).වෘෂණ ආශ්‍රිත වෘද්ධි තත්ත්ව:
වෘෂණ කෝෂ ආශ්‍රිතව පවතින ශිරා ඉදිමීම මෙහි දී සිදු වන අතර පුරුෂයන් අතර සැළකිය යුතු සංඛ්‍යාවක් මෙම තත්වයෙන් පීඩා විඳියි. මෙහි දී වෘෂණ ආශ්‍රිත රුධිර සංසරණයට බාධාවන නිසා ශුක්‍රාණු නිපදවීම අඩු වීම මෙන්ම ශුක්‍රාණුවල නිරෝගීතාව අඩු වීම ද සිදුවිය හැකියි.
(C).ආසාදන තත්ත්ව:
සමහර ආසාදන තත්ත්ව නිසා ශුක්‍රාණු නිපදවීම අඩු වීම, ශුක්‍රාණුවල නිරෝගීතාව අඩු වීම මෙන්ම ශුක්‍ර ගමන් කරන නාල අවහිර වීම ද සිදුවිය හැකියි. ගොනෝරිය, HIV වැනි ලිංගාශ්‍රිත රෝග මෙන්ම වෘෂණ කෝෂවලට බලපෑ හැකි කම්මුල්ගාය වැනි ආසාදන ද මේ සඳහා හේතු විය හැකියි.
(D).අර්බුධ, පිළිකා වැනි වර්ධන:
පිළිකා හෝ පිළිකා නොවන ගැටිති, අර්බුධ ආදිය නිසා පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියා අඩාල විය හැකියි. එමෙන්ම සමහර අවස්ථාවල දී මෙම අර්බුධ ආදිය ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම, විකිරණ හෝ ඖෂධ ප්‍රතිකාර නිසා ද පුරුෂයින්ගේ සරු බව අඩු විය හැකියි.
(E).ශරීරයේ සෑදෙන ප්‍රතිදේහ ශුක්‍රාණුවලට ප්‍රහාර එල්ල කිරීම:
ඇතැම් අවස්ථාවල දී ශරීරයේ නිපදවන ඇතැම් ප්‍රතිදේහ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වරදවා වටහා ගැනීම හේතුවෙන් ශුක්‍රාණුවලට පහර දී විනාශ කරයි.
(F).වෘෂණ, වෘෂණ කෝෂ දක්වා පැමිණ නොතිබීම:
මෙය කලාතුරකින් දක්නට ලැබෙන තත්වයකි. පුරුෂ කළලයක වෘෂණ ශරීරය තුළ පවතින අතර ඒවා ශරීරයෙන් පිටතට පැමිණීම සිදුවන්නේ දරු උපතට පෙර අවසන් මාස කිහිපයේදීයි. බොහෝවිට නොමේරු දරු උපත්වල දී වෘෂණ ශරීරයෙන් පිටතට පැමිණීම සිදු නොවී පවතින අතර ඉපදී මාස කිහිපයක් තුළ වෘෂණ යථා තත්වයට පත් නොවුවහොත් එය සරු බවට බලපෑ හැකියි.
(G).හෝමෝන අසමතුලිතතාවය:
වෘෂණ මගින් ස්රාවය කරන හෝමෝන මෙන්ම හයිපොතැලමස, පිටියුටරිය, තයිරොයිඩ් ග්‍රන්ථිය, අධිවෘක්ක ග්‍රන්ථිය ආදියෙන් ස්රාවය කරන හෝමෝනවල අසමතුලිතතාවය ද බලපෑ හැකියි.
(H).ශුක්‍ර පරිවහනය කරන නාල ආශ්‍රිත ආබාධ:
ශුක්‍රාණු නිපදවීමේ සිට පිට වීම දක්වා ගමන් කරන ඕනෑම නාලයක් ආශ්‍රිතව සිදුවන අවහිර වීමක් හෝ දුර්වල වීමක් එනම් ශල්‍යකර්මවල දී සිදුවන අත්වැරදීම්, ආසාදන, අර්බුධ, පිළිකා ආදිය මෙයට හේතු වෙයි.
(I).ක්‍රෝමසෝම සම්බන්ධ ගැටළු:
ඩවුන් සින්ඩ්‍රෝමය, ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය වැනි ප්‍රවේණික ආබාධ ද දරුඵල ලැබීමට බාධා පමුණුවයි.
(J).ලිංගික එක් වීමේ දී ඇති ගැටළු:
ලිංගය ඍජු වීමේ ගැටළු, ක්‍ෂණික මෝචනය, මානසික අසමතුලිතතාවය, බිරිඳ සමඟ මනා අවබෝධයකින් යුක්ත සම්බන්දතාවක් නොමැතිවීම වැනි තත්ත්ව මෙහි දී බලපෑ හැකියි.
(K).ඖෂධ වර්ග:
වෙනත් රෝග තත්ත්ව සඳහා ලබා ගන්නා සමහර ඖෂධ නිසා ද ශුක්‍රාණු නිපදවීමේ හා ශුක්‍රාණුවල ප්‍රමිතියේ විෂමතා ඇතිවිය හැකියි. නිදසුන් ලෙස සන්ධි ආශ්‍රිත රෝග, විශාදය වැනි මානසික රෝග, ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග, විවිධ ආසාදන, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝග සඳහා ලබා ගන්නා සමහර ඖෂධ මෙවැනි විෂමතා ඇති කරයි.
(2) පාරිසරික හේතු
(A).වෘෂණ අධික උෂ්ණත්වයට නිරාවරණය වීම :
වෘෂණ අධික උෂ්ණත්වයට නිරාවරණය වූවිට ශුක්‍රාණු නිපදවීමට හා ශුක්‍රාණුවල ක්‍රියාකාරිත්වයට හානි පැමිණෙයි. නිතරම උණුසුම් ජලය ස්නානය, උණුසුම් ජල බේසම්වල ගිලී සිටීම, උෂ්ණත්වය හොඳින් පිට නොවන තද ඇඳුම් ඇඳීම, වැඩි වේලාවක් වාඩි වී සිටීම, ලැප්ටොප් පරිගණක වැනි රත්වන උපකරණ උකුළ මත තබා ක්‍රියා කරවීම ආදියේ දී ශුක්‍රාණු වැඩි උෂ්ණත්වයට නිරාවරණය වෙයි.
(B).විකිරණවලට නිරාවරණය වීම:
එක්ස් කිරණ වැනි විකිරණවලට නිරාවරණය වීම ශුක්‍රාණු නිපදවීම සඳහා බලපායි.
(D).විවිධ විෂ රසායන ද්‍රව්‍ය:
කෘමිනාශක, වල්නාශක, තීන්ත හා ආලේප වර්ග වැනි විෂ රසායන ද්‍රව්‍යවලට දීර්ඝකාලීනව නිරාවරණය වීම ශුක්‍රාණු සඳහා අහිතකරව බලපායි.
(C).බැර ලෝහ:
ඊයම් වැනි බැර ලෝහ දීර්ඝකාලීනව ශරීරගත වීම ශුක්‍රාණුවල නිරෝගීතාව අඩු කරයි.
(3) අහිතකර ජීවන රටාව
(A).අහිතකර ආහාර පාන:
වර්තමාන සමාජයේ ඇති කාර්යබහුලත්වය නිසාම බොහෝදෙනෙකු කෙටි ආහාර, කෘත්‍රිම ආහාරපාන ආදිය ගැනීම බහුලව සිදු කරයි. එසේම වගාවන් සඳහා කෘමිනාශක වල්නාශක අධිකව යෙදූ ආහාර ලබා ගැනීම ද ශුක්‍රාණුවල නිරෝගීතාව අඩු වීමට හේතු වෙයි.
(B).අධික ස්ථුලතාවය:
අධික ස්ථුලතාවය මගින් සෘජුවම හා හෝමෝන අසමතුලිතතාව ඔස්සේ වක්‍රව ශුක්‍රාණු සම්බන්ධ දුර්වලතා ඇති කරයි.
(C).සුව නින්දක් නොමැති වීම:
කාර්යබහුලත්වය, මානසික ආතතිය, දුරකතනයට හා අන්තර්ජාලයට ඇබ්බැහි වීම වැනි හේතු නිසා සුව නින්දක් නොලැබීම සිදු වෙයි. මෙය හෝමෝන අසමතුලිතතාව හා ශුක්‍රාණුවල නිරෝගිතාවට බලපායි.
(D).මානසික ආතතිය
කාර්යබහුලත්වය, ආර්ථික ගැටළු පමණක් නොව දරු සම්පත් ප්‍රමාද වීම නිසා පව්ලෙන් හා සමාජයෙන් එල්ලවන පීඩනය නිසා පවා බොහෝදෙනෙකු පසුවන්නේ අධික මානසික ආතතියෙනි. මෙය ශරීරයේ හෝමෝන අසමතුලිතතාවට බලපෑම ඔස්සේ සරු බවට ද අහිතකරව බලපායි.
(E).දුම් පානය
සෘජුවම දුම් පානය කරන පුද්ගලයින්ට මෙන්ම ඔහුගේ ආශ්‍රිතයින්ට ද මෙය අහිතකර ලෙස බලපානු ලබන අතර ශුක්‍රාණු ප්‍රමාණය හා ශුක්‍රාණුවල නිරෝගිතාව අඩු වෙයි.
(F).මත්ද්‍රව්‍ය භාවිතය
කොකේන්, මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා ශුක්‍රාණු ප්‍රමාණය හා ඒවායේ නිරෝගීතාව අඩු වෙයි.
(G).මද්‍යසාර භාවිතය
මද්‍යසාර පානය මගින් දේහයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහත හෙලීම, ශිෂ්ණය සෘජු වීමේ ආබාධ, ශුක්‍රාණු නිපදවීම අඩු වීම සිදු වෙයි.
– පුරුෂයින්ගේ සරු බව අඩු වීම නිසා මුහුණපාන්නට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මොනවාදැයි ඊළඟට සලකා බලමු. ප්‍රධාන වශයෙන්ම දරුඵල ප්‍රමාද වීම නිසා මානසික අසහනය මෙන්ම බිරිඳ සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමේ ගැටළු ද ඇතිවන්නට පුළුවන්. මිට අමතරව වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකා, පෞරුෂ ග්‍රන්ථි පිළිකා වැනි සංකුලතා පවා ඇති වීමේ අවධානමක් පවතියි.
ඔබ මෙවැනි ගැටළුවකට මුහුණ දෙන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම ඉතා වැදගත්. යුවලකට දරු සම්පත් ප්‍රමාදයි නම් සැමියා සහ බිරිඳ යන දෙදෙනාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් අවශ්‍යයි. මෙහි දී වෛද්‍යවරයා විසින් ප්‍රශ්න ඇසීම හා විවිධ පරික්ෂා කිරීම් ඔස්සේ පවතින තත්වයන් පිළිබඳව හොඳින් අවබෝධ කරගන්නා අතර අවශ්‍යතාවය මත ශුක්‍රතරලය විශ්ලේෂණය කිරීම, හෝමෝන පරීක්ෂා , ස්කෑන් ආදී පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත. පුරුෂයින්ගේ ප්‍රජනක පද්ධතිය, සරු බව ආශ්‍රිත ගැටළු බොහෝමයකට සාර්ථක ප්‍රතිකාර ඇති බැවින් අනවශ්‍ය බියක් හෝ ආතතියක් ඇති නොකර ගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම සිදු කළ යුතුයි.
පුරුෂයින්ගේ සරු බව වැඩි කර ගැනීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් පරිදි අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාදැයි දැන් සලකාබලමු.
සුදුසු ආහාරපාන –
සමබල ආහාර වේලක් නියමිත වෙලාවට ලබා ගත යුතුයි. විශේෂයෙන්ම විෂ රසායන නොයෙදූ නැවුම් එළවලු පළතුරු පලාවර්ග ආදිය, තම ගෙවත්තේම වගා කළ ඒවා ආහාරයට ගත හැකිනම් වඩාත් හොඳයි. නමුත් අහිතකර රසායනික ද්‍රව්‍ය නොයෙදූ නිශ්පාදන ලබා ගැනීමට සැළකිලිමත් විය යුතුයි.
එළු මස්, වටු බිත්තර ද ගුණදායක වෙයි.
ඉහත ආහාර සුදුසු පරිදි කැඳ, සිසිල් බීම, සැලඩ් ආදී ලෙස සකසා ආහාරයට ගත හැකියි.
නුසුදුසු ආහාරපාන –
අළු පුහුල්, අළු කෙසෙල් වැනි ආහාර නිතරම ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ. එසේම කෘත්‍රිම ආහාරපාන, විෂ රසායනික ද්‍රව්‍ය එකතු කළ ආහාරපානවලින් වැළකිය යුතුයි.
සුදුසු විහරණ –
මානසික ආතතියට පත් වීම අඩු කරගැනීම, සුව නින්දක් ලැබීම, භාවනා කිරීම, පව්ලේ සාමාජිකයින් සමඟ එකට කටයුතු කිරීම හා ඔවුන් සමඟ විනෝද ගමන් යාම, ආගමික කටයුතුවල නිරත වීම මානසික සුවය ලබා දෙයි.
ව්‍යායාම සිදු කිරීම හොඳ ප්‍රතිඵල ලබාදෙයි. එසේම සිසිල් ජලය දිනපතා ස්නානය කිරීම, පිරිසිදු බව පවත්වා ගැනීම, පිරිසිදු මෙන්ම හොඳින් වාතාශ්‍රය ලැබෙන උෂ්ණ නොවන ඇඳුම් පැළඳුම් භාවිතය සිදු කළ යුතුයි.
සැමියා සහ බිරිඳ හොඳින් කතාබහ කර දෙදෙනා අතර මනා අවබෝධයක් තිබීමත් ඉතාම වැදගත්.
නුසුදුසු විහරණ –
උෂ්ණ සහ හිර ඇඳුම් පැළඳුම් භාවිතය, තද උණුවතුරෙන් ඇඟ සේදීම හෝ ස්නානය, ලැප්ටොප් හෝ වෙනත් රත්වන උපකරණ උකුළ උඩ තබාගෙන ක්‍රියාකරවීම ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලිය අඩපන කරයි. එසේම එක්ස් කිරණ වැනි විකිරණවලට නිතර නිතර නිරාවරණය වීම, ජංගම දුරකතන ආදිය නිතරම කලිසම් සාක්කු තුළ තබා ගැනීම අඩු කළ යුතුයි. තවද මද්‍යසාර, දුම්වැටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය සුදුසු නැත.
එමෙන්ම තමන්ගේ සරු බව පිලිබඳ ගැටළු, වෛද්‍යරුන් වැනි සුදුසු පුද්ගලයින් හැර යහළුවන් හෝ වෙනත් පුද්ගලයින් සමඟ අනවශ්‍ය ලෙස සංසන්දනාත්මකව කතාබහ කිරීමෙන් වළකින්න. මන්ද යත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් අතිශයෝක්තියෙන් පවසන කරුණු නිසා තමන් තව තවත් මානසිකව ආතතියට පත් වීමට වැඩි ඉඩකඩක් ඇති නිසාවෙනි.
නිසි ප්‍රතිකාර ලබා ගැනීමට අමතරව ආහාරපාන හා විහරණ පිළිබඳවත් සැළකිලිමත් විය යුතුයි. එසේනම් මව්පියන් වීමට බලාපොරොත්තු වන ඔබට ඉතාමත් ඉක්මනින් නිරෝගී දරු සම්පතක් ලැබේවා! යන්න මගේ පැතුමයි.
වෛද්‍ය චන්දි රාජපක්ෂ
M. Sc. (Peradeniya), BAMS (Colombo),
B Sc (USA)
+94776585821
මිනිස්සු උනහම ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න ඕනෙ, ඒ හම්බකරන සල්ලි වලින් ජීවිතේ විඳින්න ඕනෙ.. ඒකයි ක්‍රමය..
ඒත් සමහරු මේක පටලගෙන ඉන්නෙ,
ජීවත් වෙන්න රස්සාවක් කරනවා වෙනුවට රස්සාව කරන්නම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සුන්ගේ ජීවිතේම තියෙන්නෙ ඔෆිස් ඒකේ…
රස්සාවක් කියන්නේ අපි ජීවත් වෙන්න ධනය හොයාගන්න විදිහ ..මුළු ජීවිතේම මහන්සි වෙලා කැප වෙලා ඉගනගෙන ජීවත් වෙන්න මාර්ගයක් විදිහට රස්සාවක් හොයාගෙන ඊට පස්සේ වත් ජීවත් වෙන්නේ නැතුව මුළු ජීවිතේම රස්සාව කරගෙන ඔහේ මැරිලා යන ඒ වගේ මිනිස්සු, ඕන තරම් අපි අතරෙ ඉන්නවා .
තමන්ගෙ කාළය හරියට කළමනාකරණය කරගන්න බැරුව මොන උපාධි ගැහුවත් මොකටද ?
කළමනාකරණය කියන්නේ, කලට මනාවට කිරීම ,
එකේ තේරුම රස්සාවට අදාල කාලය ඇතුලේ රස්සාවේ වගකීම් ටික කරගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ කියන එක.එතනට ගිය වෙලාවේ ඉඳල, වටේම ඉන්න අයත් එක්ක ඕපදූප කියවල, ටෙලිපොනේ එකේ එල්ලිලා ඉඳල වැඩ ගොඩ ගැහුණම ඒ වැඩ උස්සන් ගෙදර ආවම වෙන්නේ.. රස්සාවයි පව්ද්ගලික ජීවිතෙයි දෙකම නැති නාස්ති වෙලා යන එක.
………………..👇👇👇……………….
🔴 නියමිත වෙලාවට රැකියාවට යන්න.
(කලින් යාම මගින් ආයතනය දිනපතා ඔබගේ කලින් පැමිණීම බලාපොරොතු වීම ඔබට අවාසි විය හැකි අතර, ප්‍රමාධ වී පැමිණීම දවස පුරාම ඔබව පීඩනයෙන් පෙළන අතර විනයනුකූලද නොවේ.)
🔴 වැඩ කරන කාලය තුල ,පව්ද්ගලික වැඩ කිරීම නවතා දමන්න.( දරුවන්ගේ පාසලේ වැඩ , අන්තර්ජාලයේ සැරිසැරීම වැනි..)
🔴 රැකියා ආයතනය තුල කේලම් කීම, කේලම් වලට සවන්දීම ඔපදුප කියවීම නවතා දමන්න.
🔴 රැකියාවේ සහ තනතුරේ වගකීම අවබෝධ කරගන්න .ඔබේ වගකීම් එකිනෙකාගේ පිට පැටවීමට නොගොස් ඔබේ රාජකාරි විසින්ම සිදු කරන්න.
🔴ආයතනයේ මිතුරන් සමග ඉතා තද සහ කිට්ටු සම්බන්ධත පැවැත්වීම අවම කරගන්න .මන්ද එය ඔබගේ සහ ඔවුන්ගේ තනතුරේ වගකීම වලට බාධාවක් විය හැකිය.
🔴 පව්ද්ගලික ජීවිතයේ තොරතුරු ප්‍රශ්න රැකියා ආයතනයේ කතා කිරීම සීමා කරන්න.
( සැමියාගේ බිරිඳගේ අඩුපාඩු, පවුල් ආරවුල් , දරුවන්ගේ ප්‍රශ්න වැනි දෑ ..)
🔴 ඔබගේ සියලු වැටුප රැකියාව වෙනුවෙන්ම වැය නොකරන්න.( බොහෝ අය මුළු පඩියම වැය කරනු ලබන්නේ වැඩට යාමට අවශ්‍ය ඇඳුම් සපත්තු බෑග් මිලදී ගැනීමටය)
🔴 ආයතනයේ ඉහල නිලදාරීන් සමග රැකියාවෙන් ඔබ්බට සම්බන්දතා පැවැත්වීම අවම කරන්න.
🔴 ඔබ කුමන ආයතනයේ කුමන තනතුර දරුවත් , වැඩිදුර අධ්‍යාපනය , හෝ ඉහලට යාමේ සිහින දැකීම අත නොහරින්න .
🔴එකම ආයතනයක අනාගතය පැහැදිලි නැති විටක රැකියාව වෙනස් කිරීමසඳහා ඕනෑම වෙලාවක සුදානමින් සිටින්න.
🔴 උදේම වැඩට ගොස් මහ රෑ වෙනකම් වැඩ කරමින්, තමාට අදාල නොවන රජකාරීන්ද කරමින් මුළු ජීවිතයම රැකියාවට කැප කරන ලද බොහෝ මිනිසුන් පවා, හේතුවක් ඇතුව හෝ නැතුව රැකියාවෙන් එලියට විසි වුනු අවස්ථා බොහෝමය.
එනිසා ඔබ වැඩ කරන ආයතනය ට ප්‍රේම කිරීමෙන් වැළකී සිටින්න.මන්ද, ආයතනය ඔබට ප්‍රේම කිරීම නවතා දැමීම ඕනෑම මොහොතක සිදු විය හැකිය.
🔴 ප්‍රධානම දේ නම් රැකියාව ඔබේ රාජකාරී කාලය තුලට පමණක් සීමා කරන්න.
🔴 රැකියාවෙන් පසු වැඩ කිරීම, නිවසට ගෙනවිත් වැඩ කිරීම නිවාඩු දවසේ වැඩ කිරීම මගින් ඔබට පමණක් නොව ඔබගේ, සැමියාගේ බිරිඳගේ, දරුවන්ගේ සතුටටද එය මහා ලොකු බාධාවක් බව සිහියට ගන්න..
🔴 රැකියාවේ ප්‍රශ්න එතැන තබා ගෙදර එන්න. ඔබගේ රැකියාවේ පීඩනය, ඔබේ දරුවාට හෝ නිවසේ තනිවී සිටින බිරිඳට තවත් පීඩනයක් නොකිරීමට වග බලා ගන්න.
🔴 බොහොමයක් පවුල් ප්‍රශ්න,අනියම් සබඳතා වලට මුලික හේතුවද තමාට අනෙකා වෙනුවෙන් කැපකිරීමට කාලය නොමැති වීම වන අතර , අවසානයේ මන් ඉතින් මේ තරම් රස්සාවට කැපවුණේ ඔයාල නිසානේ කීම පල රහිතය .
🔴 ඔබ නිවසට පැමිණි විට ඔබේ අයිතිය, ඔබේ පවලට ලබා දෙන්න. ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔබගේ කාලය වැය කරන්න.
🔴 ඔබ කොතරම් රැකියවෙන් සාර්ථක වුවත් ඔබගේ නිවැසියන් ඉන්නේ ඔබ නිසා පීඩාවෙන් නම් ඔගේ උගත්කමෙන් වත් ,රැකියාවෙන් වත් ,මිල මුදල් වලින් වත්, කිසිදු ප්‍රයෝජනයක් නැති බව STEVE JOBS මහතා පවා අවසානයේ තේරුම් ගත් බව මතක තබා ගන්න.
මිනිස්සුන්ට ඒ කාල රාමුව ඇතුලේ කරන්න පුළුවන් වැඩ කොටසක් විතරක් දෙන්න බොස්ල උනත් උනන්දු වෙන්න ඕනේ.
නැත්තම් වෙන්නෙ PRODUCTIVITY එක නැතිවෙනවා විතරක් නෙමෙයි රස්සාවේ පීඩනය දරාගන්න බැරි වුනු මානසික ලෙඩ්ඩු ටිකක් බිහිවෙන එක.කාලරාමුවට දරාගැනීමට නොහැකි තරම් වැඩ වැඩි රස්සාවක් නම්, රස්සාව මාරු කරන්න.
අපේ ඔෆිස් එකේ ඉන්නවා දෙතුන් දෙනෙක් කොච්චර රස්සාවටම ඇබ්බැහි වෙලාද කියන්නේ උන්ට හරි කාලේදී කසාද බඳින්නත් අමතක වෙලා..එයාලත් නොදැන එයාල වයසට ගිහිං,තවත් සමහරු සහෝදරයාගේ මගුලට ගිහිං නැහැ, ආච්චිගේ මලගෙදර ගිහිං නැහැ, යාළුව බලන්න ඉස්පිරිතාලෙට ගිහිං නැහැ, ළමයාගේ කොන්සට් එක බලන්න ගිහින් නැහැ, කොටින්ම කිව්වොත් ජීවිතේ ආයෙත් නොඑන කිසිම අවස්ථාවකට සහභාහි වෙලා නැහැ රස්සාව නිසා..
අපිට අමතක උනාට, අවසානයේ අපි මේ හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න.රස්සාව නිසා අපේ සතුට සැනසීම නැතිවෙනවානම් ඒක රස්සාවක් නෙමෙයි කරුමයක්.ඒ කරුමය නිසා ඔබ විතරක් නෙමේ ඔබේ ආදරණීයයන් පවා දුක් විඳිනවා.
මොකද ගෙදර එක්කෙනෙක් ඉන්නෙ පීඩනයෙන් නම් මුළු පවුලේම සතුටට ඒක ඍජුවම බලපානවා.
පව්ද්ගලික ජීවිතය උස්සන් වැඩට යාමත් රස්සාව උස්සන් ගෙදර ඒමත් නවතා දමා ,
රස්සාවක් කිරීමට ජීවත් වන මිනිසෙකු නොවී ජීවත් වීමට පමණක් රස්සාවක් කරන්න..
මොකද, රස්සාව නැති උනොත් තව එකක් හම්බෙයි, ජීවිතේ මගහැරුනොත් නම් ඉතිං සොරි ම තමයි..
අනිශා ජයකොඩි
ජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා
මදූෂ වෙත්තසිංහ ; මේ වෙද්දි අපි දන්නේ සූපවේදියෙක් වගේම එංගලන්තයේ ජීවත් වෙන ලාංකික ව්යාපාරිකයෙක් විදියට. ලංකාවෙ ඉඳලා එංගලන්තෙ ආපු ගමන ගැන කිව්වොත් , පදිංචිය ආපු කාලෙ මොකටද ආවෙ කියලා?
මගේ තාත්තා හරහා තමයි මම එංගලන්තයට ආවේ. ඒ කාලේ තාත්තා වැඩ කලේ කොළඹ හිල්ටන් හෝටලයේ. ඒ වැඩ කරද්දි තාත්තට අවස්ථාවක් ලැබුනා එංගලන්තයට එන්න. මමත් ඉස්සර ඉදන්ම කැමතියි cricketer කෙනෙක් වෙන්න. ඒත් තාත්තා නිසා සූපවේදියෙක් මාර්ගයට වෙනස් වුනා.ඒනිසාම මම අවුරුදු 16දි ගල්කිස්ස මහ හෝටලයේ අවුරුද්දක කාලයක් පුහුණුවීම් සිදුකලා. ඊටපසුව තමයි මම එංගලන්තයට ආවේ.
ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත් ?
මගේ බිරිඳ මනීශා අම්ඩේකාර්. ඇය ඉන්දියානු ජාතික කාන්තාවක්. අපි දෙන්නට දුවලා තුන්දෙනෙක් ඉන්නවා.
මදූශව අපි දැනගන්නෙ එංගලන්තයේ පටන්ගත්ත ව්යාපාරයකින් කිව්වොත් අපි හරි. ඒ ගැන කිව්වොත්. ආරම්භ වෙන්නෙ කොහොමද සහ අද තත්ත්වය?
මම කලින් කිව්වා වගේ මම එංගලන්තයට ආවේ අවුරුදු 17දි. මම Moorside Hilton හෝටලයේ පුහුණුවෙන සූපවේදියෙක් විදියට අවුරුදු 4ක් වැඩ කලාට පසුව එහි ප්‍රධාන සූපවේදී විදියට උසස් වීම් ලැබුවා. ඒ කාලයේදි තමයි මම තීරණය කලේ මගේම ව්‍යාපාරයක් පටන්ගන්න. ඒ වෙනුවෙන් මම වගේම මගේ බිරිඳත් සෑහෙන්න මහන්සි වුනා. අපි දෙන්නගේ මහන්සිය සහ මගේ පවුලේ අයගේ උනන්දුකිරීමේ ප්‍රතිපලයක් විදියට ආයුබෝවන් අවන්හල 2013 වසරේදී ග්ලොසප් නගරයේදී විව්ෘත වුනා. ඊටපස්සෙ පිළිවෙලින් Matlock -Tinsley නඟරයේත්, Sheffield – Eccelesall road වගේම 2021 වසරේ මුල් බාගයේදී කොට්ටාව නඟරයේදීත් විව්ෘත වුනා. මගේ අලුත්ම ව්‍යාප්ෘතිය වුනු Ayubowan street food bar ”, ශෙෆීල්ඩ් නඟරයේ Orchard square හීදී 23/09/2021 විව්ෘත කලා.
අනෙකුත් ව්යාපාර ගැන කතා කරොත්?
මම ඉස්සර Off Licence shops දෙකක් කලා ව්‍යාපාර ගැන ඉගෙන ගන්න වගේම ඒ ගැන අත්දැකීම් ලබාගන්න. ඒත් දැන් මට ඒ වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් නෑ. දැන් ඒ ව්‍යාපාර කරගෙන යන්නෙ මගේ අම්මයි තාත්තයි.
ලංකාවෙන් එංගලන්තෙට ආපු එක ගැන අද දැනෙන්නෙ කොහොමද?
මුලින් නම් මම ආවේ තාත්තා කියපු නිසා. ඒ එද්දී එංගලන්තය ගැන, ඇවිත් කරන්න ඕන දේ ගැන මට කිසිම අවබෝධයක් තිබුනේ නෑ. හැබැයි කාලේ ගෙවෙද්දි, මම එංගලන්තයේ ජීවිතේට හුරු වෙද්දී මම හීන දැක්කේ මගේම ව්‍යාපාරයක් පටන්ගන්න.ඒ වෙනුවෙන් මම මහන්සි වුනා. කිසිම දෙයක් අපිට ලේසි වුනේ නෑ. එහෙම මහන්සි වුනු මමයි මගේ බිරිඳයි අද වෙද්දි අපි ඉන්න තැන ගැන සතුටු වෙනවා.
මේ තරම් සාර්ථක ව්යාපාරිකයෙක් වෙන්න උදව් කලේ කවුද? ඒ ගැන කිව්වොත් ?
මම හිල්ටන් හෝටලයේ ප්‍රධාන සූපවේදී විදියට වැඩ කරද්දි එහි කලමණාකරුවෙක් විදියට වැඩ කලේ Graham Pickersgill. ඒ කාලේ ඉදන් අද වෙනකම් ග්‍රෙයම් මට ලබාදෙන්නෙ පුදුමාකාර සහයෝගයක්. ඒ වගේම ආයුබෝවන් අවන්හල ආරම්භයේ සිට අද දක්වාම එහි ප්‍රධාන සූපවේදී විදියට සේවය කරන චතුරංග රත්නායකත් මගේ ජීවිතේ දුක සැප මාත් එක්ක බෙදාගන්න මගේ බිරිඳ මනීශාත් නිසා තමයි අද ආයුබෝවන් සන්නාමය මේ තරම් දුරකට අරගෙන එන්න මට පුලුවන් වුනේ. ඊට අමතරව මනීශගේ පවුලේ අයගෙනුත් මගේ පවුලේ අයගෙනුත් විශේෂයෙන්ම මගේ පොඩි නංගි මල්ශා වෙත්තසිංහගෙනුත් ලැබෙන සහයෝගය මතක් කල යුතුමයි.
එංගලන්ත පදිංචි කෙනෙක් හැටියට ලංකාවේ සූපවේදීන් වෙනුවෙන් මොනවද අපිට කරන්න පුළුවන්?
ලංකාවේ සූපවේදීන් වෙනුවෙන් එංගලන්තයේ ඉදන් කරන්න ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් ඇත්තටම නෑ. ඒත් මම මට හිතෙන දේ කියන්නම්. ලංකාවේ සූපවේදීන්ට ජාත්‍යන්තර තලයට යන්න තියෙන අවස්ථා වැඩි වෙන්න නම් ලංකාවේ හෝටල් වල තියෙන වැඩ කිරීමේ පිළිවෙල වෙනස් විය යුතුයි කියන මතයේ මම ඉන්නවා. ඒ ලංකාවේ සූපවේදින්ගේ තාක්ෂණික දැනුම ලෝකේ අනිත් රටවල සූපවේදීන් එක්ක සසඳනකොට ටිකක් අඩුයි. ඒ දේවල් වැඩි දියුණු කරන්න පුලුවන් නම් ලංකාවේ සූපවේදීන්ට මීට වඩා ඉදිරියට එන්න පුලුවන්.
Business පැත්තට තියෙන නැඹුරුව එක්ක ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙ මොනවද?
මේ වෙද්දී ආයුබෝවන් නාමය අවන්හල් ජාලයක් බවට පත්කරන්න තීරණය කරලා ඉවරයි. ඒ නිසා මේ වෙද්දි අපි සැලසුම් කරනවා එංගලන්තයේ වගේම ලංකාවෙත් තවත් ආයුබෝවන් අවන්හල් විව්ෘත කරන්න. ඒ සැලසුමේ ඊළඟ කොටස විදියට ආයුබෝවන් අවන්හල් මැන්චෙස්ටර් , ලීඩ්ස් වගේම මධ්‍යම ලන්ඩනයේදීත් විව්ෘත කරන්න හිතාගෙන ඉන්නවා.
ජීවිතයෙ ලස්සනම දවස ගැන පොඩ්ඩක් මතක් කරොත්?
මගේ ලොකු දුව අනූශා වෙත්තසිංහ ඉපදුනු දවස. එතකොට මට වයස අවුරුදු 23යි. එදා මගේ හිතට දැනුනු හැඟීම ගැන මතක් කරද්දී මට ඒ ගැන කියන්න තාමත් වචන ගලපන්න අමාරුයි. ඒ තරමටම ඒ මොහොත සුන්දරයි. ඉතින් ඒ දවස තමයි මගේ ජීවිතේ හැමදාටම ලස්සනම දවස. ඒ දවසට පසුව නම් ඉතින් ආයුබෝවන් පළමු අවන්හල ග්ලොසප් වල විව්ෘත කරපු දවස තමයි.
අපි Magazine එක ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම හොඳ සඟරාවක්. එංගලන්තයේ ජීවත් වෙන ලාංකිකයන්ට තොරතුරු දැනගන්න තියෙන හොඳම විදියක්. සඟරාව පළවෙන්නේ ඔන්ලයින් නිසා ඕනම කෙනෙක්ට නිවාඩුවේ කියවන්න පුලුවන්. ඒ වගේම එංගලන්තය පුරා විසිරිලා ඉන්න ලාංකිකයන්ට තමන් ගැන කතා කරන්න ලබා දෙන අවස්ථාවට බොහොම ස්තූතියි.
ඊළඟට කාවද Nominate කරන්නෙ?
නීතීඥ තුසිත මම ඊළඟට nominate කරනවා.
ඔන්න අද මං ඔයාලට අරන් එන්නේ අංගම් පොර ගැන විස්තරයක්… ඉතිං අංගමි සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයනවා. මෙි හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරලා තියන බව සදහන් වෙනවා… ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇති බවයි ජනප්‍රවාද වල සදහන් වෙන්නේ.
අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගන්න පුළුවන්… රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙක්….
රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.
මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිම දායකත්වයක් දි තිබෙනවා…
එ වගේම අංගමි සටන් කලාවට මහාසොන් යක්ෂයාගෙත් සමිබන්දයක් ඇති බව සදහන් වෙන්නේ රිටිගල හා බැදි ඇති පුරාවෘත කතා වල… රිටිගල ජයසෙන නමි පුද්ගලයා මහාසොන් යක්ෂයා ලෙස පරිවර්තනයවු කතා පුවතේ එ බව සදහන් වෙනවා….. රාවණ යුගයේ සිටම සිටින යක්ෂයෙක් ලෙසට මහාසොන් යක්ෂයා අංගමි සටන් කලාවට උපන් හපන් දක්ෂයෙක් බවයි එහි සදහන් වෙන්නේ .. රිටිගල විශුද්ධි අංගමි හරඹයේ පුරාවෘත කතාවෙි එ බව සදහන් වෙනවා…
අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි, පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වනවා. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබනවා. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදි. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමයි.
මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැ. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක්රම රැසක් දැකගත හැකියි. යටත්විජිත සමයේ අංගමිපොර තහනමටත් ලක්වෙලා තියෙන්නේ ඔවුන් ශක්තිය නිසාමයි…
මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වූ නිසාම අංගම් සටන්කරුවන් විනාශකරන්නට විවිධ උපක‍්‍රම යොදාගෙන තියනවා.
1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බි‍්‍රතාන්‍යයන් පියවර ගත්තේ එ බිය නිසාමයි. එ නිසාම ක‍්‍රමයෙන් අංගම් පුහුණුව සිංහලයා වෙතින් ඈත් වන්නට පටන් ගත්තේ ඇතිවු තාඩන පිඬන නිසාමයි.
කොහොම උනත් අංගම් සටන් මගින් ඈත්වන්නට අකමැති වූ හෙළයන් වනගතව එය ආරක්ෂාකරගත් නිසා අදටත් සුරක්ෂිතව පවතීනවා. සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේද යන්න ඕනෑම අයකුට නැගෙන ප‍්‍රශ්නයක්. වසර ගණනක් තහනමට ලක් උවත් අදටත් නොනැසී අංගමි කලාව පවත්වාගෙන යනවා.
මෙම ශාස්ත‍්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේනවා. ඉතාමත්ම අප‍්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරා බොහෝ විට අදටත් නර්තන සම්ප‍්‍රදා හා බද්ධව මෙය පවත්වාගෙන යනවා. කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත‍්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන්කරුවන් මෙහිදී අමතක කළ නොහැකියි..
කොරතොට අංගම්පොර සම්ප්‍රධාය ගැන සදහන් කරනවා නමි, අදින් වසර 33000කට පමණ පෙර ලක්දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග‍්‍රහණයට මුල්වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තානාන්තර ලත් ගෞරවාන්විත සම්ප්‍රධායක්. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප‍්‍රදාය රැගෙන නොනැසී පවත්වාගෙන යන්නේ ජාතියේ වාසනාවට.
අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් තිබෙනවා…. එ අතර ”එතුණු කඩුව” නම් වූ ආයුධයට හිමි වන්නේ විශේෂ තැනක්. මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත කසයක ස්වරූපය ගත් ආයුධයක්.. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා දෑතට දෙකක් භාවිත කරන්නේ එ දක්ෂ කමි මනාව පිළිබිඹුව පෙන්නා දෙමින්… සෙල්ලමක් වගේම තමයි ඉතිං.. එත් ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවශ්‍යමයි… එ ඇයි කියනවානමි ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වන බව ස්ථිර නිසා.. මෙි ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන දක්ෂ සටන් ශිල්පීන් පමණක් භාවිතා කරන්නේ එ නිසාමයි.
අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමි වෙනවා… මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබන්නක්. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමානයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයක්.
අංගම්පොර නැමැති උත්තරීතර සටන් ශිල්පය ඉතිහාසයේ කවරකමදාකවත් ක්‍රීඩාවක් නමි උනේ නෑ… එය රට, ජාතිය හා ආගම සමඟ ප්‍රතිබද්ධවූ ගරු ගාම්භිර වූ පූජිත සම්ප්‍රදායක්.. ඉතාමත් රහසිගතව විදේශික බලපෑමි වලින් ආරක්ෂා කරගෙන අනේකවිද කෙනෙහිලි වලටත් මුහුණ දිලා පාරමිපරිකව ආරක්ෂා කරගෙන පැමිණි මහඟුවු කලාවක්….
සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේ මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමයි. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නමි නැ. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්රම රැසක් දැකගත හැකියි..
නිළ අල්ලා පහරදීම.
එවෙලේම මරණය ය ගෙනදෙන නිළ පහර
නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
නිළ බලා ලේ වමනය යන්න පහරදීම.
ගණිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.
මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.
සිරුරේ නිළ බලා පහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ක්‍රමයක්..
අංගම් සටන්කරුවකු තුල කපුටාගේ ඇසත් , මොණරාගේ කනත් , වදුරාගේ පැනිල්ලත් , කොටියාගේ ගමන්විලාසයත් , වලසාගේ බදාගැනිමත් යන සියල්ල එකවර සිදුවිය යුතුයි.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් වගේම ඉවසීමක් ප‍්‍රගුණ කළ අය… බුදුදහම තුලිනුයි ඔහුට එ හික්මීම ලැබෙන්නේ. කියන්න අවශ්‍ය නෑනේ අංගම් සටන්කරුවාගේ ශක්තිය ගැන… එතරමි පුදුම සහගතය.
ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙනවා. හිසෙන් පොල් පැලීම, පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීම, පොලූ අට කැඩිම, කුළු හරක් මෙල්ල කිරීම, විශාල ගල්, ගස් කඳන් ඈතට විසි කිරීම, පොල් ගසට පයින් ගසා පොල් කැඩිම, පුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, මිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබන දෙවල් ලෙස සදහන් කරන්න පුළුවන්.
නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට ලැබෙන්නේ කලාතුරකින්.. යුරෝපීය ආක්‍රමණයත් සමග අංගමි සටන් කලාව පරිහානියට පත්වෙන්නේ හෙළයන්ගේම අවාසනාවට. අවසානයේ මෙසේ ඔබට පවසන්නමි අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට ගියත් යම් තරමින් ආරක්ෂාවී ඇත්තේ අංගමිපොර සටන් කලාවට ආදරය කරන පාරමිපරික ශිල්පීන් නිසාමයි. එ වගේම තවත් දෙයක් සදහන් කල යුතුමයි… සිංහල බෞද්ධයන්ටම ආවෙිනිකවු සටන් කලාවක් වන අංගමි කලාව ඉතාමත් වන්දනීය කලාවක්…. පාරමිපරාවෙන් පරමිපරාට එන මෙි කලාව අද මුදලටද විකිණෙන බව සදහන් කල යුතුමයි.
මත්පැන් භාවිතයෙන් තොරව වගේම නිර්මාංශව සිදුකරන මෙි හටන් කලාව අද වන විට බොහො පිරිස් තමන්ගේ විනොදය තකා සිදු කරන්නේ කිසිදු පේ විමකින් තොරවයි….. එ ගැන නමි ඇතිවන්නේ කළකිරිමක්.
හෙළයේ පෞඩත්වය විදහා පාන අංගමි සටන් කලාව ආරක්ෂා කරගැණිම අපගේ යුතුකමක් නොවෙිද. අදටත් මෙි සටන් කලාව ආරක්ෂා කරන පාරමිපරික ශිල්පීන්ට මාගේ හද පිරි ගෞරවය පුද කරමි.
තෙරුවන් සරණයි නිසංසලා රණසිංහ