25-11-12

කාන්තා පාර්ශ්වය ලුහුබඳින CTS

වයස අවුරුදු 30-60 අතර වූ බොහොමයක් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් ලෙසට CTS හෙවත් Carple Tunnel syndrome තත්ත්වය හැඳින්විය හැක. ලෝක ජනගහනයෙන් 4.25% පිරිසක් පීඩා විඳින මෙම රෝග අවස්ථාව කාන්තාවන් හට වැළඳීමේ හැකියාව පිරිමි පාර්ශ්වයට වඩා 3 ගුණයක ප්රවණතාවක් ඇත.
CTS යනු අතෙහි මැණික් කටුව ආශ්රිතව අභ්යන්තර ව්යුහාවේ පවතින වලලු ආකාර කුහරමය ගමන් පථය (tunnel) පටු වීම, ආශ්රිත පටක ප්රදාහයට ලක්ව ඉදිමීම, අතෙහි ඇඟිලි කරා ස්නායු ආවේග සම්ප්රේෂණය සිදු කරන ප්රධාන ස්නායුව මත නිතර පීඩනයක් යෙදීම හා අතෙහි රුධිර සැපයුම අඩාල වීම යන ප්රධාන හේතූන් නිසා හටගන්නා රෝග අවස්ථාවකි.

දුරකථනය හෝ පුවත්පත අතට ගත් විට හෝ වාහනයේ සුක්කානම මත අත තැබූ විට ඉහත වේදනා හටගනී නම් බොහෝ විට එය CTS රෝග අවස්ථාව විය හැකිය.
රාත්රියේදී වේදනාව අධික වීම හේතුවෙන් නින්ද නොයෑම මෙන්ම උදෑසනට අතේ හිරියක් පැවතීම ප්රධාන රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබේ.

අතට ස්නායු ආවේග සපයන ප්රධාන ස්නායුව වන median nerve (මධ් ස්නායුව) මත අනවශ් පීඩනයක් නිතර යෙදීමෙන් පසු කාලීනව හිරිය, ක්ෂණිකව හිරි වැටී යාම, අස්වාභාවික දැනීම්, වේදනාව, දැවිල්ල හා අතෙහි ක්රියාකාරීත්වය දුර්වල වීම සිදු වේ.
නිසි ප්රතිකාර සඳහා යොමු නොවීම හේතුවෙන් ස්ථිර ස්නායු හානිය, මහපට ඇඟිල්ලේ අස්ථීන් විකෘති වීම හා මාංශ පේශි ක්ෂය වීම පවා සිදු විය හැක.
ආයුර්වේද වෛද් විද්යාත්මකව ස්ථිර ලෙසටම බටහිර රෝග විනිශ්චයන් සමඟ සමපාත කළ නොහැකි රෝගී තත්ත්වයක් වුවද CTS සඳහා සාර්ථක ප්රතිකාර පද්ධතියක් ආයුර්වේද ප්රතිකාර සතු වේ.

රෝග හේතු :-
කාන්තා හා වයස්ගත පුද්ගලයන් හට පහසුවෙන් වැළඳීමේ ඉහළ සම්භාවිතාවයක් ඇත.
ජානමය හේතුඇතැම් පුද්ගලයන්ට උපතින්ම ශරීර රචනාත්මක වෙනස්වීමක් ලෙස මෙම කුහරමය පථයෙහි (tunnel) පටු වීම පවතී. එමනිසා තුළින් ගමන් කරන ස්නායු මත පීඩනයක් යෙදීම නිරන්තරයෙන් සිදු වේ. පවුලේ අනෙක් අය අතර රෝග ඉතිහාසයක් පවතී නම් රෝගය හට ගැනීමේ ඉහළ හැකියාවක් පවතී.
සන්ධීන්ගේ අධික්රියාකාරීත්වයඅත හා මැණික් කටුව වෙහෙසවමින් එකම කාර්ය්යක බොහෝ වේලාවක් නිරත වීම නිසා අතෙහි හා මැණික් කටුව ආශ්රිතව බන්ධනී හා ඛණ්ඩරා මත ඇති කරන අනවශ් පීඩනය හේතුවෙන් සන්ධි ආශ්රිත ප්රදාහ තත්ත්ව පහසුවෙන් හට ගනී. එමනිසා සන්ධිය වටා ඉදිමීම සිදුවන අතර ඉදිමුම මඟින් නැවත නැවතත් ස්නායුව මත පීඩනයක් ඇති කරයි.

අතෙහි හා මැණික් කටු සන්ධිය ආශ්රිත චලනයන්ගේ ඇදීම්, තෙරපීම්, අනවශ් තරමට වඩා නැවීම් බොහෝ කාලයක් පුරාවට සිදුවීම හේතුවෙන් ස්නායුව මත පීඩනයක් නිරන්තරයෙන් ගොඩනැගේ. පසුකාලීනව CTS රෝගය ඇතිවීමට එය හේතු වේ.
ගර්භණීභාවය සමඟ ඇතිවන හෝර්මෝනමය වෙනස් වීම් හේතුවෙන් ශරීරයේ සන්ධි ආශ්රිත ඉදිමීම නිසා මධ් ස්නායුව මත පීඩනයක් ගොඩනැගීම සිදු වේ.

මැණික් කටු සන්ධියේ ඇතිවන අස්ථි බිඳීම්, අවහන්දි වීම්, රුමොටොයිඩ් ආතරයිටීස් වැනි ආතරයිටීස් තත්ත්ව නිසා කුඩා සන්ධීන්ගේ ස්වරූපයේ වෙනස්කම් ඇති වීම නිසා පසු කාලීනව මෙම රෝග තත්ත්වය ඇතිවීමේ හැකියාව පවතී. එමෙන්ම Carple tunnel ප්රදේශය කාන්තාවන්ගේ පිරිමින්ට සාපේක්ෂව කුඩාවට පිහිටා ඇති බැවින් කාන්තා පාර්ශ්වය අතර රෝගය හට ගැනීම ඉහළ අගයක් ගනී.
ස්නායු ආඝාත හා ඇතැම් කාලීන රෝග දියවැඩියාව නිසා පසු කාලීනව සිදුවන ස්නායු හානි වීම නිසා අතට ස්නායු ආවේග සම්ප්රේෂණය සිදු කරන මධ් ස්නායුවට හානිවීමත්, ඇතැම් ඖෂධ භාවිතය, ආර්තවාභාවය හා
තයිරොයිඩ් ග්රන්ථිය ආශ්රිත රෝග, වකුගඩු අකර්මණ් වීම, වසා ග්රන්ථි ප්රදාහ වැනි රෝග අවස්ථා වලදීත් CTS ඇතිවීමේ ප්රවණතාවක් පවතී.

රෝග ලක්ෂණ :-
හිරිය, අසාමාන්/අස්වභාවික දැනීම්, දැවිල්ල, වේදනාව, මුල්ම අවස්ථාවේදී අතෙහි මහපට ඇගිල්ලේ සිට වෙදගිල්ල දක්වා (lateral half of ring finger) රෝග ලක්ෂණ හට ගනී.
රාත්රී කාලයේදී වේදනාව ප්රමුඛ රෝග ලක්ෂණ උත්සන්න වේ.
ඇඟිලි වල එකවර විදුලියක් දිවයන්නා මෙන් වේදනාවක් ඇතිවේ. ඇඟිලි වලින් ආරම්භ වී අත දිගේ ඉහළට දිවයන වේදනාව හා හිරිය ක්රමයෙන් හට ගනී.
අතෙහි හටගන්නා දුර්වලත්වය හේතුවෙන් අතෙන් සිදු කරන සියුම් ක්රියාවලි, උදාහරණ ලෙස කමිසයක බොත්තම් දමා ගැනීම වැනි දේ සිදු කිරීමට පවා නොහැකි වේ.
හිරිය, මාංශ පේශි දුර්වලත්වය හා පේශි සමායෝජනයේ අඩාලත්වය හේතුවෙන් රෝග ලක්ෂණ තීව් වී, අතට ගත් දේ බිම වැටීම පවා පසු කාලීනව සිදු වේ.
රෝගය ඇති වීම ක්රමක්රමයෙන් සිදු වන අතර රෝගය හටගත් පසු රෝග ලක්ෂණ කිහිපයක් එකවර තීව් ලෙස ඉස්මතු වේ. මුල් කාලයේදී රෝග ලක්ෂණ ඇති වීම දිනයේ ඇතැම් විට පමණක් වුවද පසු කාලීනව දිනය පුරා පැවතිය හැක.
නින්දට පවා බාධා ගෙනදෙමින්, එදිනෙදා වැඩ වලට පවා පීඩා ගෙන දෙන පරිදි රෝග ලක්ෂණ පවතින අවස්ථාව වනතුරු බොහෝ රෝගීන් වෛද් ප්රතිකාර සඳහා යොමු නොවේ. මෙම අවස්ථාවේදීත් ප්රතිකාර නොලැබ නොසලකා හැරීමෙන් ස්නායු හා මාංශපේශීන්හි ස්ථිර හානි වීම් සිදු විය හැක.

ඇඟිලි වල සංවේදනය හා මාංශ පේශී ශක්තිමත් බව පරීක්ෂා කිරීම මගින් වෛද්යවරුන් විසින් රෝගය නිශ්චිතව තහවුරු කර ගන්නා අතර මැණික් කටු සන්ධියෙන් අත නැවීමේදී මෙන්ම, මධ් ස්නායුව මදක් තෙරපීමේදී වේදනාව අධික වීම රෝගය හඳුනා ගැනීමේ ප්රධාන ලක්ෂණ වේ.
මීට අමතරව X-ray හා Scan පරීක්ෂණ මගින් වෙනත් රෝගයන්ගෙන් වෙන්කර හඳුනා ගනිමින් නිවැරදි රෝග විනිශ්චය පහසුවෙන් සිදුකළ හැක.

මාංශපේශීන්ගේ හා මධ් ස්නායුවේ (median nerve) නිසි ක්රියාකාරීත්වය පරීක්ෂා කිරීමට නවීන වෛද් විද්යාවේ දී Electromyography පරීක්ෂණ භාවිතා වේ.

බටහිර වෛද් විද්යාවේ සිදුකරන ශල් කර්ම මගින් රෝග ලක්ෂණ අඩු කිරීම සිදු වුවද නැවත රෝගය ඇතිවීමත්, උපද්රව හට ගැනීමත්, ඇතැම්විට ඇතිවන අතුරු ප්රතිවිපාක හේතුවෙන් සන්ධියේ ක්රියාකාරීත්වය කෙරෙහි අහිතකර බලපෑම් පසු කාලීනව ඇති විය හැකිය.

ආයුර්වේද වෛද් විද්යා මූලධර්මානුකූලව වාත ව්යාධි රෝගයක් වන බැවින් ප්රකුපිත වාත දෝෂය හා බැඳි රෝග ලක්ෂණ වලින් යුක්ත මෙම රෝගයට ස්නේහ යුක්ත මෘදු විරේචන සහිත වාත ව්යාධි චිකිත්සා ප්රත්යක්ෂ ප්රතිඵල ලබා දේ. කෂාය, චූර්ණ, වටී, ගුග්ගුලු, තෛල, ඝෘත හා රස ඖෂධ භාවිතය සාර්ථක ප්රතිඵල ලබා දෙන අතර අභ්යංග, ඌෂ්ණ ස්වේද, උපනාහ ස්වේද, බන්ධන (bandage) යෙදීම, පිචු, ලේපන, ධාරා, නස්, රක්තමෝක්ෂණ හා අග්නි ප්රතිකාර ක්රම සාර්ථක බාහිර ප්රතිකාර ලෙස දක්වා ඇත.


ආයුර්වේද වෛද් විද්යාවට අනුවමනිබන්ධ මර්මයමැණික් කටු සන්ධිය ආශ්රිතව පිහිටා ඇති අතර මර්මය පීඩාවට පත් වීම රෝගය හට ගැනීම හා උත්සන්න වීමට හේතු වේ. දීර්ඝ කාලීනව මර්මය පීඩාවට පත් වීමෙන් අතෙහි ක්රියාහානිය පවා සිදු විය හැක. එමෙන්ම හදිසි අනතුරු හේතුවෙන් මර්මය පීඩාවට පත්වීමෙන් පසු රෝගය හට ගන්නා අවස්ථාවන්ද පවතී. රෝග ලක්ෂණ හටගත් මුල්ම අවස්ථාවේදී ප්රතිකාර වෙත යොමු නොවීමෙන් රෝග ලක්ෂණ තීව් වීමත්, රෝගය සුව වීමට කල්ගත වීමත් සිදු වේ.
රෝග ලක්ෂණ උත්සන්න වීමේදී අත දිගේ ඉහළට වේදනාව පැතිර යාම දක්නට ලැබෙන අතර, මෙම අවස්ථාව ආයුර්වේද වෛද් විද්යාවේ සඳහන්විශ්වාචීරෝග අවස්ථාව (Brachial neuralgia) හා සැසඳීම සිදු කළ හැක.

හිතකර ක්රියා :-
කාර්ය්යන්ගේ නිරත වීමේදී යොදන බලය අවම කිරීම හා විවේකය ලබා දීම. උදා:- යතුරුපුවරුවක ක්රියාවේ යෙදේ නම් පීඩනයකින් තොරව යතුරු එබීම සිදු කළ යුතුය. ලිවීමේදී ප්රමාණයෙන් ලොකු පෑනක් භාවිතා කිරීම හා මෘදු ලෙස අල්ලා ගැනීමට හැකි වන අයුරින් සකසා ගැනීම මෙන්ම මෘදුව ලිවීමට උත්සාහ ගැනීම කළ යුතුය.
කඩින් කඩ විවේක ගැනීමත්, අල්ල දිගහැර ඇඟිලි විහිදුවීම හා මැණික්කටු සන්ධියෙන් දෙපසට අත නවමින්, දිගහරිමින්, සෙමෙන් කරකවමින් අතට ව්යායාම ලබා දීමත් සිදුකළ යුතුය.

බෙල්ලේ හා උරහිස්මාංශපේශීන්ගේ තද බවද ස්නායු තෙරපීමට හේතු විය හැකි බැවින් ඇඟිලි හා අතෙහි වේදනාව ගෙන දිය හැකිය. එබැවින් නිවැරදි ඉරියව් භාවිතය අනිවාර්යයෙන්ම කළයුතුය.
එමෙන්ම වායු සමීකරණ තුළ රාජකාරියේ යෙදීමේදී වේදනාව වැඩි විය හැකිය. එමනිසා අත් උණුසුම්ව තබා ගැනීමට උණුසුම් අත් ආවරණ පැළඳීම සුදුසු වේ.
අති ස්තෞල් පුද්ගලයෙක් නම් ශරීර බර පාලනය කළ යුතුය.
මැණික් කටු සන්ධිය වටා ප්රත්යස්ථ වෙළුම් පටියකින් වෙළීම හෝ elastic band එකක් පැළඳීම සුදුසුය.
අත මත නිදා ගැනීම සිදු නොකළ යුතුය.

රෝග ලක්ෂණ හටගත් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවරයෙක් වෙත ගොස් නිසි ඉක්මන් ප්රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝග තත්ත්වය පහසුවෙන් සුවකර ගත හැක.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo (SL)

25-11-10

Q20 with අමා - Gevin Abhishek

පිය උරුමයෙන් ලද හැකියාවන් අධ්යනයෙන් සහ ප්රායෝගික භාවිතයෙන් ඔප මට්ටම් කර ගනිමින්, තමන්ට ලැබෙන චරිතය ඉතා සූක්ෂම ලෙස හසුරුවමින්, තමන්ගේ වෘත්තීය වෙනුවෙන් උපරිමව කැප වෙමින්, කල්පනාකාරිව ගුණාත්මක නිර්මාණ තොරා ගනිමින්, කලා ක්ශේත්රයේ අනාගතය වෙනුවෙන් ක්ශේත්රයේ ප්රවීනයන් අතර සහ ප්රේක්ෂක සිත් තුල විශ්වාසය ගොඩ නැගු චරිතාංග කුසලතා සපිරි, සම්මානනීය, කඩවසම් රංගන පෞර්ෂය ගෙවින් අභිශේක් සමග Q20 with අමා කතා බහ

1. “ආලේ” ටෙලි නිර්මාණය නරඹන්න බලාපොරොත්තු වෙන පිරිසට ඒ පිළිබදව අදහසක්

මුලු ලෝකයම රදා පවතින්නේ ආදරයෙන්, ආලය කියන්නේ ආදරයට තවත් නමක්. මනුස්ස බැදීම් වල ආලය හොයාගෙන යන අපේ කතාව බලන්න.

2. ඔබව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගිය පීතෘ ටෙලිනාට්‍යය සදහා ලැබුනු අමතක නොවන අගය කිරිමක්

2024 සුමති සම්මාන උළලේදි පීතෘ ටෙලි නිර්මාණයෙහි ශානකගේ චරිතය වෙනුවෙන් නැගි එන නළුවා සම්මාන ලැබීම.

3.  රංගන ජිවිතයට ඔබේ පියාගෙන් ලැබුන වටිනා අවවාදයක්

වෘත්තීය රංගන ශිල්පියෙකු ලෙස තමන්ගේ රැකියාව තෝරා ගන්නවා නම් කලබල නැතුව, කල්පනාකාරීව, තමන් කරන වැඩ හරියට කරගෙන හෙමින් ගමනක් යන්න කියලා තාත්තා මට කියලා තියෙනවා.

4. පිය උරුමයෙන් කලා ලොවට පැමිණිමෙන් ඔබේ කලා ජීවිතයට ලැබුනු වාසියක් සහ අවාසියක්

තාත්තා කලා ක්ශේත්රයේ ආදරය, ගෞරවය ලබන පුද්ගලයෙක්. ආදරය මුල ඉදන්ම මටත් විදියටම ලැබුනා. අවාසියක් නම් කියන්න නැහැ.

5. ශරිර සෞඛ්‍ය වෙනුවෙන් සහ ඔබේ පෙනුම එක ලෙස පවත්වා ගැනීම සදහා පුරුද්දක් ලෙස එදිනෙදා කරන දේවල් 3 ක්

මම දිනපතා ව්යායාම කරනවා. වූශු ක්රිඩාවෙහි නියැලෙනවා. මගේ හමට හෝ කොන්ඩෙට කිසිම රූපලාවණ්යය ආලේපනයක් භාවිතා කරන්න නැහැ. හොදට වතුර බොනවා.

6. ඔබට නැවත නිර්මාණය කිරීමට ලැබුනොත් ආදරයෙන් භාර ගන්න වෙනත් කෙනෙකු රගපෑ චරිතයක්

මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන ඕනේම චරිතයක් ප්රති නිර්මාණය කරන්න මම කැමතියි. විශේෂයෙන් මගේ ප්රියතම රංගන ශිල්පියෙකු වන විජය කුමාරතුංග මහත්මයා රගපෑ චරිතයක් ප්රති නිර්මාණ කරන්න ලැබුනොත් සතුටින් භාර ගන්නවා.

7. ඔබ නිතර අහන, මුමුණන ප්‍රියතම ගීත කිහිපයක්


ඩබ්ලිව් ඩි අමරදේව මහත්මයාගේමහ වැස්සක පෙර නිවිති පෙනෙනවා” , එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේනිහඩ කල්පනාවැනි ගීත සහ මගේ ප්රියතම ගායකයා වන සෝමතිලක ජයමහ මහත්මයාගේදස බිම්බර මාර සෙනගවැනි පරණ ගීත අහන්න මම කැමතියි.

8. වැඩිදුර අධ්‍යනය සදහා ඔබට අවස්ථාව ලැබුනොත් ඔබ තෝර ගන්න විෂයන් සහ ඊට පාදක වුන හේතුන්

මම ඕස්ට්රේලියාවේ Deakin විශ්වවිද්යාලයේ Film & television උපාධිය හැදැරුවා. Film making & Film acting පිළිබදව වැඩිදුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.

9.  ඔබේ ජයග්‍රහණයන් මුලින්ම බෙදා ගන්නා ඔබ වටා ඉන්න සමීපතමයන්

දෙතුන් දෙනෙක්
මගේ තාත්තා, අම්මා, ආච්චි

10.  සංචාරයට වඩාත් ප්‍රිය දේශිය සහ විදේශීය ස්ථාන කිහිපයක්

ලංකාවේ නම් හපුතලේ, බෙරගල, නුවරඑළිය, ඇල්ල සහ මුහුදුබඩ පලාත්. විදේශීය රටවල් සියල්ලටම වගේ යන්න කැමතියි.

11. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රේමවන්තිය ගැන අදහස්

ලැබෙන පෙම්වතියගෙන් අවංක ආදරය බලාපොරොත්තු වෙනවා.

12. රංගනට අමතරව ප්‍රේක්ෂක අප නොදන්නා ඔබේ තවත් දක්ෂතාවයන්

මම හිතන්නේ කවුරුත් නොදන්න දේවල් කිහිපයක් තියනවා. මම ලංකාවේ ජාතික තලයේ වුෂූ ක්රිඩකයෙක්. ගීත ගායනා කරන්න, අශ්වයන් පදින්න, සරෆ් කරන්න, රෝලර් ස්කේට් කරන්න වගේම හොදට බ්රේක් ඩාන්ස් කරන්නත් මට පුලුවන්.

13. ඔබ ප්‍රිය කරන ශ්‍රී ලාංකීය ආහාරපාන කිහිපයක්

පොළොස් ඇඹුල, හත් මාළුව සහ රඹුටන්, වෙරළු, මැංගුස් වැනි ලංකාවේ හැදෙන පලතුරුවලට කැමතියි.

14. නව ටෙලි නිර්මාණයක ඔබට ලැබෙන ප්‍රධාන චරිතය සමඟ එකට මූලික භූමිකාවක් ඉටු කිරිමට ඔබ තොරා ගන්නා රංගන ශිල්පිනිය

කලා ක්ශේත්රයේ විවිධ දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ වු රංගන ශිල්පිනියන් බොහොමයක් ඉන්නවා. මට ලැබෙන චරිතයට ගැලපෙන ඕනේම රංගන ශිල්පිනියක් සමග රංගනයෙ යෙදෙන්න මම කැමතියි.

15. ඔබ මෙතෙක් රංගන දායකත්වය ලබා දුන් චරිත අතරින් බොහෝ අභියෝගයක් වූ භූමිකාව

ඉදිරියේදි තිරගතවිමට නියමිත බ්රිතාන් ජාතික බෙන් මෙයර් මහතාගේ “Christmas in colombo” නම් ඉංග්රීසි ච්ත්රපටයෙහි ප්රධාන චරිතයකට රංගන දායකත්වය ලබා දෙන්න මට අවස්ථාව ලැබුනා. මෙය අන්තර්ජාතික වේදිකාවක් සදහා මම දායකත්වය ලබා දෙන පළමු ඉංග්රීසි ච්ත්රපටය වෙනවා. බ්රිතාන් ජාතිකයන් සහ ශ්රි ලාංකික දක්ෂ රංගන ශිල්ප ශිල්පිනියන් සමග එහි මම රගපෑ චරිතය මට ලොකු අභියෝගයක් වුනා.

16. ඔබට විදේශීය රංගන ක්ෂේත්‍රයක වැඩ කරන්න අවස්ථාව ලැබුණොත් ඔබ එයට කැමති වෙයිද

පහුගිය වකවානුවේදි විදේශීය නිර්මාණයක් සදහා රංගන දායකත්වය ලබා දෙන්න මට පුලුවන් වුනා. තවත් අවස්ථාවන් ලැබුනොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

17. විවේකයක් ලැබුන අවස්ථාවක ඔබ කරන්න ප්‍රිය දේවල් කිහිපයක්

මම දිනපතා ව්යායාම කරන නිසා ඇගට විවේකයක් ලැබෙන්න නිදා ගන්න කැමතියි. ඒවගේම ගිටාරය වාදනය කරමින් ගීත ගායනා කරන්න, පොත් කියවන්න සහ මුහුදේ නාන්න කැමතියි.

18. ඔබේ පෞද්ගලික ජීවිතය සහ රංගන ජීවිතය වෙන්ව සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද

මම වෘත්තිය රංගන ශිල්පියෙක්. මගේ වෘත්තියට මම අවංකයි. ලැබෙන නිර්මාණ වෙනුවෙන් කැප වෙමින් මහන්සි වෙලා මම වැඩ කරනවා. මම පෞද්ගලික ජිවිතයේ නිදහසේ ඉන්න කෙනෙක්. පෞද්ගලික ජීවිතය සහ වෘත්තිය ජීවිතය සමබර කර ගන්න අපහසු නැහැ.

19. ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකුගෙන් ලැබුන අමතක නොවන අගය කිරිමක්

ප්රවීන අධ්යක්ෂක ආනන්ද අබේනායක මහත්මයා ලලිත් රත්නායක මහත්මයා සමග මා ඉදිරියේදිම මාව අගය කරමින් කතා කරපු දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට තිලිණ කරන ඉදිරි නිර්මාණ පිළිබදව විස්තරයක්

ලබන වසරේදි රූපගත කිරිමට නියමිත ච්ත්රපට ත්රිත්වයක ප්රධාන චරිත සදහා ආරාධනා ලැබිලා තියනවා. ඉදිරියේදි එම ච්ත්රපට තුලින් ප්රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා.

අමා නාකන්දලගේ

25-11-08

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ එහි මාධ්‍ය නියෝජනය පිළිබද දැනුවත් වෙමු...

අප ලෝකය දකින ආකාරය හැඩගැස්වීමේදී මාධ් බලවත් කාර්යභාරයක් ඉටු කරයි, එයට අපි ස්ත්රී පුරුෂ භාවය (Gender) තේරුම් ගන්නා ආකාරයද ඇතුළත් වේ.රූපවාහිනී වැඩසටහන් සහ චිත්රපටවල සිට ප්රවෘත්ති, වෙළඳ දැන්වීම් සහ සමාජ මාධ් දක්වා, පිරිමි හෝ ගැහැණු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න හෝ එම සාම්ප්රදායික භූමිකාවන්ගෙන් ඔබ්බට හඳුනා ගැනීම පිළිබඳ අපගේ අදහස්වලට මාධ් බලපෑම් කරයි. කෙසේ වෙතත්, ස්ත්රී පුරුෂ භාවය බොහෝ විට අසාධාරණ සහ සීමිත ආකාරවලින් පෙන්වනු ලබන අතර එය පුද්ගලයන්ට සහ සමාජයට ප්රබල බලපෑමක් ඇති කළ හැකිය.

දිගු කලක් තිස්සේ මාධ් ක්ෂේත්රයේ කාන්තාවන් සුන්දරත්වය, ප්රේමය හෝ ගෙදර දොරේ වැඩ කෙරෙහි අවධානය යොමු කරන භූමිකාවන්හි පෙන්වා ඇත. කාන්තා චරිත බොහෝ විට පිරිමින්ට වඩා අඩු බලගතු හෝ අඩු වැදගත්කමක් දරයි. මෙය මිනිසුන් විශ්වාස කරන්නේ කාන්තාවන් මෘදු, චිත්තවේගීය හෝ යැපෙන්නන් විය යුතු බවත් පිරිමින් ශක්තිමත්, නිර්භීත සහ නායකයින් බවත්ය. මෙම අදහස් සැමවිටම සත් නොවේ, නමුත් මාධ් බොහෝ විට ඒවා පුනරාවර්තනය කරයි. මෙය ස්ත්රී පුරුෂ භාවය පිළිබඳ ඒකාකෘතියක් (Stereotype) ලෙස හැඳින්වේ. මාධ් කාන්තාවන් මව්වරුන්, පෙම්වතුන් හෝ වින්දිතයින් ලෙස සහ පිරිමින් වීරයන්, සටන්කරුවන් හෝ ලොක්කන් ලෙස පමණක් පෙන්වන විට, එය පැරණි අදහස් ජීවමාන කර ප්රගතිය නතර කරයි.

තවත් ගැටළුවක් වන්නේ සාම්ප්රදායික ස්ත්රී පුරුෂ භූමිකාවන් අනුගමනය නොකරන පුද්ගලයින් අප දකින්නේ කෙතරම් අල්ප වශයෙනි. උදාහරණයක් ලෙස, සංක්රාන්ති ලිංගික (Transgender) සහ ද්විමය නොවන (Homo Sexual) පුද්ගලයින් බොහෝ විට නොසලකා හරිනු ලැබේ හෝ සෘණාත්මක ආකාරයකින් පෙන්වනු ලැබේ. ඔවුන් විහිළු, අපරාධකරුවන් හෝ ව්යාකූල ලෙස පෙන්විය හැකි අතර, එය සැබෑ ජීවිතයේ වෙනස්කම් කිරීමට හේතු විය හැක. මෙම අසාධාරණ පින්තූර අන් අය ඔවුන්ට සලකන ආකාරය සහ ඔවුන් තමන් ගැන හැඟෙන ආකාරය වේදනා සහ මානසික පීඩනයක් වේදනා සහ මානසික පීඩනයක් ගෙන් දෙයක් විය හැකිය. මාධ් මෙම කණ්ඩායම් කරුණාවන්ත හා ගෞරවනීය ආකාරයකින් නියෝජනය කිරීමට අපොහොසත් වූ විට, එය වරදවා වටහා ගැනීම සහ වෛරය වැඩි කරයි.

සමාජ මාධ් විසින් මිනිසුන්ට තමන් වෙනුවෙන් කතා කළ හැකි නව අවකාශයන් නිර්මාණය කර ඇත. දැන්, වැඩි හඬවල් ඇසෙන අතර, මිනිසුන්ට සාම්ප්රදායික ස්ත්රී පුරුෂ භාවය පිළිබඳ රූපවලට අභියෝග කළ හැකිය. ක්රියාකාරීන් සහ නිර්මාණකරුවන් සැබෑ කථා, නව අනන්යතා සහ ශක්තිමත් කාන්තා නායිකාවන් පෙන්වීමට Instagram, TikTok සහ YouTube වැනි වේදිකා භාවිතා කරයි. මෙය බොහෝ දෙනෙකුට දැක ඇති සහ තේරුම් ගත් බවක් දැනීමට උපකාරී වී ඇත. එය මහජන මතය වෙනස් කිරීමට සහ සමාන සැලකිලි සඳහා තල්ලු කිරීමට උපකාරී වේ. අසාධාරණ මාධ්යවලට හඬ නඟා වෙනසක් ඉල්ලා සිටීමෙන් සමාජ මාධ් මිනිසුන්ට ඉක්මනින් ප්රතිචාර දැක්වීමට ඉඩ සලසයි.

දේවල් දියුණු වෙමින් පැවතුනද, තවමත් බොහෝ දුර යා යුතුව තිබේ. බොහෝ වෙළඳ දැන්වීම් තවමත් කාන්තාවන් වස්තූන් ලෙස පෙන්වයි හෝ කුසලතා වලට වඩා අලංකාරය කෙරෙහි අවධානය යොමු කරයි. ප්රවෘත්ති කථා බොහෝ විට කාන්තා නායකයින් පිරිමි නායකයින්ට වඩා වෙනස් ලෙස සලකයි, ඔවුන්ගේ වැඩවලට වඩා ඔවුන්ගේ ඇඳුම් ගැන කතා කරයි. සංගීත වීඩියෝ සහ චිත්රපට තවමත් පිරිමින්ගේ ඇස සතුටු කරන ආකාරයෙන් කාන්තාවන් පෙන්වන අතර, මෙය ගැටලුව දිගටම කරගෙන යයි. මාධ් හැඟීම් සැඟවීමට හෝ සෑම විටමදැඩිලෙස ක්රියා කිරීමට ඔවුන්ට බලපෑම් කරන විට පිරිමින් පීඩාවට පත්වේ. මෙම යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් සෑම කෙනෙකුටම හානිකර .

මාධ් සියලු ලිංගභේද සාධාරණ, ගෞරවනීය සහ සමාන ආකාරයකින් පෙන්වීම වැදගත් වේ. දරුවන් සහ තරුණයින් තමන් නරඹන දෙයින් බොහෝ දේ ඉගෙන ගනී. ඔවුන් මාධ් තුළ වඩාත් ශක්තිමත් කාන්තාවන්, කරුණාවන්ත පිරිමින් සහ විවිධ ලිංගභේද අනන්යතා දුටුවහොත්, ඔවුන් වඩාත් විවෘත මනසකින් වැඩෙනු ඇත. මෙය වඩාත් සමාන හා සාධාරණ සමාජයකට මඟ පාදනු ඇත. දරුවන්ට තමන් දකින මාධ් ගැන විවේචනාත්මකව සිතීමට උපකාර කිරීමේදී පාසල් සහ දෙමාපියන් විශාල කාර්යභාරයක් ඉටු කරයි.

අවසාන වශයෙන් කිව හැක්කේ මාධ්යයට විශාල බලයක් ඇතබලය සමඟ වගකීම පැමිණේ. ලේඛකයින්, අධ්යක්ෂවරුන්, මාධ්යවේදීන් සහ බලපෑම් කරන්නන් ඔවුන් බෙදා ගන්නා රූප සහ කථා ගැන හොඳින් සිතා බැලිය යුතුය. සියලුම ලිංගභේදවල සැබෑ සහ ගෞරවනීය පින්තූර පෙන්වීමෙන්, සෑම කෙනෙකුටම තමන් කවුදැයි නිදහසේ සිටින ලෝකයක් ගොඩනැගීමට මාධ්යයට උදව් කළ හැකිය. නියෝජනය වැදගත් වන අතර සාධාරණ මාධ්යයට සැමට ගෞරවය, සමානාත්මතාවය සහ අවබෝධයෙන් පිරුණු අනාගතයකට දොර විවර කළ හැකිය.

පවිත්‍රා රණතුංග

25-11-07

ගුරු හදක සිතුවිලි

ගුරු ගෝල බැඳීම යනු හුදු විෂය දැනුම හුවමාරුවකට පමණක් සීමා වූවක් නොවේ. එය මානව සබඳතා අතර ඇති පූජනීයම බැඳීමක් වන අතර, එහි හරය වී ඇත්තේ ගුරුවරයා තම ගෝලයන් කෙරෙහි දක්වන අසීමිත ආදරය, කරුණාව සහ කැපවීමයි. ගෝලයන්ට ආදරය කිරීම යනු ඔවුන්ගේ අධ්යාපනයට පමණක් නොව, සමස්ත ජීවිතයටම ආලෝකයක් ලබා දීමකි.

දරුවෙකුගේ ජීවිතයේ පළමු ගුරුවරුන් වන්නේ දෙමාපියන්ය. එහෙත්, ලෝකය අවබෝධ කර ගැනීමටත්, සමාජයේ යහපත් පුරවැසියෙකු වීමටත් අවශ් දැනුම, කුසලතා සහ ආකල්ප ලබා දෙන්නේ ගුරුවරයා විසිනි. එම නිසා, ගුරුවරයා බොහෝ විටදෙවන මව්පියන්ලෙස හැඳින්වේ. මේ බැඳීමේ පදනම වන්නේ ආදරය සහ විශ්වාසයයි. ගුරුවරයා ගෝලයන්ට දක්වන ආදරය, ඔවුන්ව ආරක්ෂිත, උණුසුම් සහ ධනාත්මක ඉගෙනුම් පරිසරයක් තුළ තබයි. ගුරුවරයා තම දරුවන් මෙන් ශිෂ්යයන් රැකබලා ගන්නා විට, ඔවුන් බියෙන් තොරව තම අදහස් ප්රකාශ කිරීමටත්, ප්රශ්න ඇසීමටත්, අභියෝග භාර ගැනීමටත් පෙලඹෙති.

සමහර විට ගෝලයන්ට ආදරය යනු ඔවුන්ගේ වැරදිවලට සමාව දීම පමණක් නොවේ. සැබෑ ආදරය යනු ඔවුන්ට නිවැරදි මාවත පෙන්වීමයි. ආදරණීය ගුරුවරයෙකු කිසිවිටෙකත් දරුවන් දඬුවම් කිරීමෙන් පමණක් හික්මවන්නේ නැත. ඔවුන් දරුවාගේ වැරැද්දට හේතුව තේරුම් ගෙන, සංවේදීව කතා කර, නිවැරදි මාර්ගය පෙන්වා දෙයි. ගුරුවරයාගේ ආදරය නිසාම, ශිෂ්යයා තමන් නිවැරදි විය යුතු බව තේරුම් ගෙන, ස්වයං විනයක් ඇති කර ගැනීමට පෙලඹේ.

සෑම දරුවෙකු තුළම සුවිශේෂී දක්ෂතාවක් ඇත. ආදරණීය ගුරුවරයෙකුට කළ හැකි වැදගත්ම දේ වන්නේ, එක් එක් ගෝලයාගේ අනන්යතාවය හඳුනාගෙන, ඔවුන්ගේ හැකියාවන්ට ගරු කිරීමයි. සමහරු විෂය දැනුමෙන් දක්ෂ විය හැකි අතර, තවත් සමහරු කලාවෙන්, ක්රීඩාවෙන් හෝ නිර්මාණශීලීත්වයෙන් දක්ෂතා දක්වනු ඇත. ගුරුවරයාගේ ආදරය සහ දිරිගැන්වීම, මෙම දක්ෂතා ඔප්නංවා ගැනීමට අවශ් ආත්ම විශ්වාසය ඔවුන්ට ලබා දෙයි. ශිෂ්යයෙකු තුළ තමාගේ හැකියාවන් පිළිබඳව විශ්වාසයක් ඇති කිරීම, ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට මග පාදයි.

ගෝලයන්ට ආදරයෙන් කටයුතු කිරීම යනු රටක අනාගතයට කරන උතුම් ආයෝජනයකි. ගුරුවරයා දෙන ආදරය සහ මඟ පෙන්වීම නිසා ගුණවත්, බුද්ධිමත් හා සමාජයට වැඩදායී පුද්ගලයන් බිහි වේ. මේ නිසා ගුරුවරයාගේ බලපෑම පන්ති කාමරයට පමණක් සීමා නොවේ; එය මුළු සමාජය පුරාම විහිදේ. ගුරුවරයෙකුගෙන් ලබන ආදරය ජීවිත කාලය පුරාම ගෝලයාට රැකවරණයකි.
ගෝලයන්ට ආදරය කිරීම ගුරුවෘත්තියේ පරම පූජනීය වගකීමයි. එය හුදු උපදේශනයකට එහා ගිය, හදවතින්ම ගලා එන බැඳීමකි. මෙම ආදරය තුළින්, ගුරුවරයා තම ගෝලයන්ගේ ජීවිත ආලෝකවත් කරන අතර, ලෝකය යහපත් තැනක් බවට පත් කිරීමට මඟ පෙන්වයි. ගෝලයන්ට ආදරය කරන ගුරුවරයා සැබවින්ම දෙවියන් හා සමාන වන්නේ එබැවිනි.

පියුමි නෙළුමිකා
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

25-11-06

අනුන්ට වලවල් නොකපා, තමන් ගොඩ එන්න.....

සැබෑ දියුණුවේ රහසඅන්යයන් පරදවා නොව, තමා දිනා ගැනීමයි….

ලෝකය දිනෙන් දින තරඟකාරී වෙන බව ඇත්ත. අපේ අරමුණු කරා යන ගමනේදී, අපට විවිධ බාධක සහ අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. නමුත්, සැබෑ දියුණුව සහ ස්ථාවර සාර්ථකත්වය තියෙන්නේ අනුන්ගේ ගමන අඩාල කරලා අපේ ගමන යෑමේ නෙවෙයි. “අනුන්ට වලවල් නොකපා තමන් ගොඩ එන්නකියන මේ සරල කියමන තුළ ගැබ්ව ඇත්තේ පුද්ගල සහ සමාජ සංවර්ධනය සඳහා වූ ගැඹුරු දර්ශනයක්.

​1. වලවල් කැපීමෙන් සිදුවන්නේ කුමක්ද?


අප අන්යයෙකුගේ සාර්ථකත්වය ඊර්ෂ්යාවෙන් හෝ තරඟයෙන් දැක, ඔවුන්ව පහතට ඇද දැමීමට උත්සාහ කරන විට, අපේ ශක්තියත් කාලයත් නිකරුණේ අපතේ යනවා.
වෙහෙස දෙගුණ වීම: අනුන්ගේ දියුණුව වැළැක්වීම සඳහා අප දරන වෙහෙස, අපේම දියුණුව වෙනුවෙන් යෙදවීමට තිබූ ශක්තියයි. එමඟින් අපේ ගමන දෙගුණයක් දුෂ්කර වෙනවා.
සෘණාත්මක මානසිකත්වය: නිතරම අන් අය දෙස බලා ඊර්ෂ්යාවෙන් ක්රියා කිරීමෙන්, අපේ මානසිකත්වය සෘණාත්මක වෙනවා. සතුට, තෘප්තිය සහ නිර්මාණශීලීත්වය වෙනුවට හදවතේ ඉතිරි වන්නේ වෛරය සහ කලකිරීම පමණයි.
සමාජ විශ්වාසය බිඳ වැටීම: තවත් කෙනෙකුට හානි කිරීමට උත්සාහ කිරීමෙන් අවට සමාජයේ අප කෙරෙහි ඇති විශ්වාසය බිඳී යනවා. දිගුකාලීන සාර්ථකත්වයට අත්යවශ් වන සහයෝගය සහ සම්බන්ධතා අපට අහිමි වෙනවා.

2. තමන්ගේ සාර්ථකත්වය තහවුරු කරගන්නා මඟ


අනුන්ට වළ කැපීමෙන් ලැබෙන තාවකාලික සතුට වෙනුවට, අපේ ශක්තිය යෙදවිය යුත්තේ වඩාත් ඵලදායී ක්රියාවලියක් සඳහායි:
තමාගේ අභියෝග ජය ගැනීම: අපේ අවධානය යොමු කළ යුත්තේ අන් අය දෙස නොව, තමාගේ දුර්වලතා සහ තමාට ඇති බාධක දෙසටයි. අපේ දැනුම, කුසලතා සහ හැකියාවන් වැඩි දියුණු කර ගන්නේ කෙසේදැයි සැලසුම් කරන්න.
අන්යයන් සමඟ සහයෝගීතාව: සාර්ථක පුද්ගලයෙක් තම ගමන පහසු කර ගැනීමට අන් අයගේ සහයෝගය ලබා ගන්නා අතර, තමාට හැකියාවක් ඇති විට අනුන්ට උපකාර කරනවා. එකට එකතු වී වැඩ කිරීම තුළින් කිසිදා තනිව ළඟා විය නොහැකි ඉලක්ක කරා අපට යා හැකියි.
ධනාත්මක දැක්ම: අන් අය දියුණු වන ආකාරය දකින්නේ තරඟකරුවන් ලෙස නොව, අපටත් ආදර්ශයට ගත හැකි ප්රබෝධමත් සාර්ථකත්වයන් ලෙසයි. ඔවුන්ගෙන් ඉගෙන ගෙන, ඔවුන්ව අභිබවා යාමට නිරෝගී මානසිකත්වයකින් ක්රියා කරන්න.
නිර්මාණාත්මක විසඳුම්: ගැටලුවක් විට අනුන්ට දොස් කීම වෙනුවට හෝ ඔවුන්ව පහතට දැමීමට උත්සාහ කිරීම වෙනුවට, එම ගැටලුවට විසඳුම් සෙවීමට ඔබගේ නිර්මාණශීලිත්වය යොදවන්න.

​ 3. අත්තිවාරම ශක්තිමත් කරමු

සැබෑ දියුණුව කියන්නේ, කඳු මුදුනට තනිවම නැගීමක් නෙවෙයි. එය, ශක්තිමත් පදනමක් ගොඩනඟා, ස්ථාවරව ඉහළට යෑමකි. අන් අය සමඟ සටන් කරමින් ගොඩනඟන සාර්ථකත්වය වැලි පවුරක් වැනිය. නමුත්, අන්යෝන් ගෞරවය සහ සහයෝගය මත පදනම් වූ සාර්ථකත්වය යනු ස්ථාවර අත්තිවාරමක් මත ගොඩනැඟූ මන්දිරයකි.
අපේ ගමනේදී, අපිට අවශ් වෙන්නේ අන්යයන් පරාජය කිරීම නොවෙයි. අපිට අවශ් වන්නේ තවත් හොඳ, දියුණු ලෝකයක්. සඳහා, අද දින සිට අනුන්ට වලවල් කැපීම වෙනුවට, අපේම පාරවල් පුළුල් කර, අනෙක් අයටත් ගමනට ආරාධනා කරමු!

සටහන
නවොද්‍යා දෙව්මිණි ආරියවංශ.

25-11-05

රැයක් හෝ පැයක්

රැයක් හෝ පැයක්

~ නොබිඳෙන පතිකුලයේ අරුමැසි හාස්කම ~

"ධම්ම ජාගොඩ රංග ශිල්ප ශාලිකාවේ" රංගවේදය හදාරා ඉන් නොනැවතී

ඉන්දියාවේ මුම්බායි හී “National Institute of Film Television & Theatre” හී

තවදුරටත් රංගවේදය හදාරන ලාල් වීරසිංහ ලාංකේය සිනමා කර්මාන්තයේ

රංගනවේදියෙකු ලෙස අත්පොත් තබන්නේ වර්ෂ 1991 දී රිදී තිරය

ආලෝකමත් කෙරූ "වැඩ බැරිනම් වැඩක් " සිනමාපටයේ යොවුන්

රංගනවේදියෙකු ලෙසයි.

වර්ථමානය වන විට වෘත්තීය භාවයෙන් රූපලාවණ් ශිල්පියෙකු වන ඔහු

මෙරට ටෙලිනාට්යය මෙන්ම සිනමා කර්මාන්තයන් තුළත් රංගවේදියෙකු,

අදියුරුවරයෙකු, නිෂ්පාදකයෙකු හා තිර රචකයෙකු යන භූමිකාවන්

ඉටුකොට, සාඩම්භර ලෙසින් ඉන්දීය සිනමාපට කිහිපයක් වෙනුවෙන් සිය

රංගන ධායකත්වය ප්රදානය කොට තිබීම සුවිශේෂී කරුණකි.

වර්ෂ 2015 දී රට වටා සිනමාහල්හී තිරගත කෙරුණු "සිංග මචං චාලි" යන

සිය කුළුඳුල් වෘතාන්ත සිනමාපටයෙන් අනතුරුව සිය දෙවන වෘතාන්ත

සිනමාපටය වන "රැයක් හෝ පැයක්" ලෝ වාසී මිලියන සංඛ්යාත

සිනමාලෝලීන්ගේ නෙත් සිත් කුල්මත් කරවන නියාවෙන් ඔහු විසින් නුදුරේදීම

මුදාහරින්නට සැරසෙන වග ඉමහත් සතුටෙන් කියා සිටින්නට කැමැත්තෙමි.

දකින්නෙකුට ඊර්ෂ්යා සිතෙන පරිද්දෙන් සන්තුෂ් සිය ප්රිය බිරිය අපර්ණා හා

සිය එකම දියණිය සමඟින් කුඨුම්භය පුරා මන්දහාසය පතුරවයි. එනමුත්

ඔවුන් සිහිනෙන්වත් නොපැතූ විරූ විලසින් එයින් මදහස අතුරුදන් වන්නේ

සන්තුෂ් රහසේ අනියම් සම්බන්ධයක් පවත්වන බව අපර්ණා පසක් කොටගත්

නිමේෂයේය.

නොබෝ කල් නොගොස් සන්තුෂ් විශ්රාමික යුධ හමුදා නිළදාරියෙකු සමඟින්

ආරවුලක් ඇතිකරගනී. එයින් වික්ෂිප්ත භාවයට පත්වන අපර්ණාගේ මනසේ

අඳුරු කම්පනයන් දෝංකාර දෙන්නට පටන්ගන්නේ සිය එකම දියණිය

හිටිහැටියේ අතුරුදන් වද්දීය. ඉක්බිති අපර්ණා බිරියක විලසින් හා මවක

විලසින් කොතනකදී කෙලෙසින් තීන්දු තීරණ ගනීවිද? ඇගේ තීන්දු තීරණ

හමුවේ සන්තුෂ් කොතනදී කෙලෙසින් තීන්දු තීරණ ගනීවිද? ඔවුන්ගේ තීන්දු

තීරණ හමුවේ දියණියගේ ඉරණම කෙලෙසින් විසඳෙයිද…?

ප්රේක්ෂකාගාරයේ අසුන්ගත් සිනමා රසකාමී සබුද්දික රසික සිත් තුළ කුතුහලය

නොපිරිහෙලා උපදවමින් විටින්විට පැනනගිනා මෙම උභතෝකෝටික

ප්රශ්ණාර්ථයට ශ්රව්දෘශ් මාධ්යයෙන් රිදී තිරය මත පිළිතුරු ප්රක්ශේපනය

කරමින් සිතුවම් පටය ඉදිරියට ධාවනය වේ.

 

දිවිහිමියෙන් පතිවත රකිනා කුලවත් කාන්තාවක් සතු විමසිලිමත් භාවය,

සුපරික්ෂාව, ඉවසීම, දරාගැනීම හා එඩිතරකම යන ධණාත්මක ගුණාංගයන්

සිය ලබැඳියන් අනතුරු කලාපයෙන් මුදාගැනීමට සවිමත් තෝතැන්නක් වන

අයුරු හුවාදැක්වීම තිර රචකයාගේ මෙන්ම අදියුරුවරයාගේ නිර්මාණ වෑයම

වන්නට ඇතැයි සිතමි.

උක්ත වායාමය පරිපූර්ණ අයුරින් සඵල වන්නට යථාර්ථවාදී රඟ

සොභාවක් තිරය මතට ගෙනහැරපෑමට සමත් වැඩිහිටි හා

ළමා රූපණ වේදීන් සමුදායක් තිර රචනය වටා ඒකරාශි

කරගැනීමට අදියුරුවරුන් යුගලය භාග් සම්පන්න වී ඇති

බැව් නොවලහා කිවයුතුය.

ප්රදාන රංගන ධායකත්වය

ලාල් වීරසිංහ

චන්න පෙරේරා

දිල්රුක්ශි වීරප්පෙරුම

කුමාර ජයකාන්ත

රජිත හිරාන්

නොෂින් සිල්වා

රුද්රා

අතිරේඛ රංගන ධායකත්වය

සංජනා නයිඳු

යෝගී රාම්

රාජිත මෙල්ඩර්

අමිල හේරත්

චතුරිකා ආරියවංශ

උදාරි නදීශානි

ලියනා මෙල්ඩර්

නිශාල කේ. නිශ්ශංක

යූසුෆ් මොහොමඩ්

 

මිෂාල් පෙරේරා

කාංචනා පීරිස්

මිලින්ද පෙරේරා

ඔසදි කුමා කුරුකුලසූරිය

ආලෝකා ධනංජනී

චමෝද් ලක්ෂාන්

තිර රචකයාගේ තියුණු පෑන් පහරේ නිර්මිත අරුත රිදී

තිරය මතතේජාන්විතව රූප මාධ්යයෙන් ගෙත්තම් කරවීමේ

අදියුරුවරයාගේ මුඛ් කාර්යභාරය ප්රශස්ථව ඉටුකළ හැක්කේ කලා

අධ්යක්ෂකවරුන්කැමරා ශිල්පීන්වේශ නිරූපණ ශිල්පීන් හා

සංස්කාරකවරුන් යන සිව් වැදෑරුම් නිර්මාණවේදීන්  ඊට අමතරව

තාක්ෂණික දැනුමින් අනූන කාර්මික ශිල්පීන් ස්වකීය

මෙහෙය සකසුරුවම්ව අනූපමේයව ඉටුකරලන්නේ නම් පමණි.

නිෂ්පාදන කාර් මණ්ඩලය

අධ්යක්ෂණය | ලාල් වීරසිංහ

නිෂ්පාදනය | ධනුෂි ප්රේමරත්න

කතාව හා තිර රචනය | ආර්. කුලන්දායි යේෂු

කැමරා අධ්යක්ෂණය | තංගයියා මඩසාමි

සටන් අධ්යක්ෂණය | එස්. ආර්. මුරුගන්, ශේන් ආර්යන්

කලා අධ්යක්ෂණය | එම්. සෙල්වරාජ්, නාලක කුරුප්පුආරච්චි

අංග රචනය | රාමු

5.1 ශබ්ද මිශ්රණය | කාවින්ද රංගන

කොන්ඩා මෝස්තර | කුමුදු ළමාහේවා

නිෂ්පාදන සම්බන්ධීකරණය | නිමල් වික්රමසිංහ

නැටුම් අධ්යක්ෂණය | රේඛා ඇන්ජලීනා, පී. එම්. නන්ද කුමාර

පසුබිම් සංගීතය | සජිත් ඇන්ඩර්සන්, සම්පත් ප්රනාන්දු

ගීත රචනය | සුනිල් ධර්මසිරි, හර්ෂ උඩකන්ද

 

ගීත ගායනය | නොයෙල් රාජ්, චම්පා කල්හාරි, දිනූෂ දිසානායක, ශෂිකා

මධුශානි

විධායක නිෂ්පාදනය | මංජුලා සිල්වා, නිශාන්ත ප්රදීප්

නිෂ්චල ඡායාරූප | ප්රවීන් කුමාර

සංස්කරණය | එල්. යූ. කේ. ඩොෂ්

නිෂ්පාදන කළමනාකරණය | මහේෂ් වනිගසූරිය, චන්ද් සේකරන්

සහය අධ්යක්ෂණය | චාමර බලංගොඩ, සාදුනි ජයපත්මා සුභ්රමනි

තාක්ෂණික සම්බන්ධීකාරක | බුද්ධික මංගල

ලාල් වීරසිංහගේ දෙවන සිනමා සම්ප්රාප්තියට ආශිර්වාදයක් වන

මැයින් චිත්රපට ශාලාවන් වෙතටම සිය ළබැඳියන් සමඟම

ගොස් අරුමැසි සිනමා ආශ්වාදයක් විඳගන්නට ස්වදේශීය සිනමාලෝලී

න් හට ලෙන්ගතු සිත් පෙරදැරිව ඇරයුම් කර සිටින්නේ මතු ශ්රී

ලාංකේය සිනමාවලෝකනයේ ප්රභාෂ්වරය නෙතු ගැටෙන්නට හද

පුරාවට පතමිනි.

සැකසුම

හිරාන් ගමගේ

25-11-04

එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම - දෙවන සාකච්චාව

එංගලන්තයේ පදිංචි ශ්රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම – දෙවන සාකච්චාව

එංගලන්තයේ  හි පදිංචි ශ්රී ලාංකිකයන් බොහෝ විට සිතන්නේ, Inheritance Tax (IHT) ඔවුන්ට බලපාන්නේ නැහැ කියලාශ්රී ලංකාවේ IHT නොතිබීම හේතුවෙන් මෙම අදහස ඇති වුවත්, UK හිදී IHT ඔබේ UK-based assets පමණක් නොවසමහර අවස්ථා වල worldwide assets සඳහාත් බලපා හැක.

පසුගිය ලිපියෙන්, අපි IHT යනු කුමක්ද, එය කොහොම ක්රියා කරන්නේද, estate value එක ගණනය කරන ආකාරය, gifts, trusts, reliefs සහ IHT ගෙවීමේ ක්රම පිළිබඳ පැහැදිලි කළෙමු. මේ ලිපියෙන්, UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට IHT සඳහා ඉදිරියට සැලසුම් කිරීමේ වැදගත්කම සහ early planning අවශ්යතාවය විස්තර කරනු ඇත.

 

  1. Domicile Rules – UK-හිපදිංචිශ්රී ලාංකිකයන්

2017–2025 නීති අනුව, ඔබ UK හි tax years 20 අතර 15 වසරක් පදිංචිවී ඇත්නම්, ඔබ UK domiciled (deemed domicile) ලෙස සැලකේ. එවිට worldwide assets: Sri Lanka property සහ සියලු overseas holdings, estate valuation එකට ඇතුළත් වේ.

Domiciled නොවන අය සඳහා, UK-based assets විතරක් IHT යටතේ ගෙවිය යුතුය. නිසා UK හි දිගු කාලීන ජීවත් වන ශ්රී ලාංකිකයන් තම domicile status හොඳින් තේරුම් ගෙන, professional advice ලබා ගත යුතුය.

 

  1. IHT සැලසුම්කිරීමේවැදගත්කම 

Seven-Year Rule

Gifts (තෑගි), estate එකෙන් පිටවන්නේ මරණයට පෙර අවසන් 7 වසරක පසු පමණි. පසු වයසේදී assets පවරනවා නම්, 7-year rule යටතේ IHT යටත් වීමේ අවදානම ඇත.

Wills සහ Trusts

නිසි will එකක් නොමැතිනම්, UK හි intestacy rules ක්රියාත්මක වේ. එය ශ්රී ලාංකික පවුල් වල සාම්ප්රදායික උරුම බෙදාහැරීමේ ආකල්ප සපුරාලිය නොහැකි විය හැක. උදාහරණයක් ලෙස, පවුලේ නිවස හෝ වෙනත් දේපල අනාගත පරපුරට සාමකාමීව පවරා ගැනීම අවශ් වුවත්, intestacy rules යටතේ එය සැලසුම් මගින් නොව, නීතිමය ආකාරයෙන් බෙදා හැරේ.

Record Keeping

HMRC පසුකාලීනව 20 වසරක gifts ලේඛන විමසිය හැක. ආරම්භයේ සිටම සරල, පැහැදිලි record-keeping කිරීම, disputes අවදානම අඩු කරයි.

Life Insurance

Whole-of-life insurance trust තුළ ලියා තිබේ නම්, IHT ගෙවීමට assets විකුණා නොමැතිව tax cover කළ හැක. මෙය family financial security සහ estate preservation සඳහා ඉතා වැදගත් වේ.

Reliefs (BPR / APR)

Business Property Relief (BPR) සහ Agricultural Relief (APR) වල උපරිම වාසිය ලබා ගැනීමට, qualifying assets නිසි ආකාරයෙන් structure කර, මරණයට පෙර අවම වසර 2ක් තබා ගැනීම අවශ් වේ. Proper planning මඟින් reliefs වල උපරිම වාසිය ලබා ගත හැක.

 

  1. පවුල්සහ සාම්ප්රදායික අදහස්

ශ්රී ලාංකිකයන් බොහෝවිට පවුලේ දේපල, අනාගත පරපුරට රැක ගැනීමට කැමතියි. නමුත් නිසි සැලසුම් නොමැති නම්:

  • දරුවන්ට පවුලේ නිවස විකුණා IHT ගෙවීමට සිදු වෙයි .
  • Surviving spouse  ආර්ථික අභියෝගයකට ලක් විය හැක.
  • උරුමකරුවන් අතර ගැටුම් සහ විවාද ඇති විය හැක, පවුලේ සාමය කඩාවැටේ.

නමුත් නිසි සැලසුම් කර තිබේ නම්:

  • දේපල අනාගත පරපුරට ගැටලුකාරකමකින් තොරව බෙදා හැරිය හැක.
  • Inheritance Tax වගකීම අඩු කරගත හැක.
  • පවුලේ සම්පත් සහ ධනය දරුවන් සහ පැරපුරේ දරුවන් (grandchildren) සඳහා සුරක්ෂිතව රැකිය හැක, පවුලේ උරුමය (family legacy) ආරක්ෂා කරයි.

 

  1. Common Myths
  • “£325,000 අඩු estate නම් IHT බදු නොයෙදේ → නිවසේ වටිනාකම වැඩිවීම සහ pensions එකතු වීමෙන්, estate එක tax-free threshold ඉක්මවිය හැක.
  • ශ්රී ලංකාවේ ඇති දේපළ IHT යටතේ සැලකෙන්නේ නැහැ → ඔබ deemed domicile නම්, Sri Lanka සහ overseas ඇති සියලු assets estate valuation එකට ඇතුළත් වේ.
  •   “Gifts දුන්නොත් බදු වලින් නිදහස් විය හැක” → PETs 7-year rule යටතේ, gift එක මරණයට පෙර අවසන් 7 වසර ඇතුළත සිදු වූ නම් IHT යටතේ ගණනය කෙරේ; reservation of benefit gifts estate එකට add කර ගණනය වේ.
  • “IHT only affects rich” → UK හි property price inflation නිසාමධ්යම පන්තියේ families හි estates  IHT threshold ඉක්මවීමට පුළුවන්උදාහරණයක් ලෙස, £525,000 estateක් තියෙන family එකකට £80,000 IHT liability ඇති විය හැක.
  • “Trusts සියල්ල විසඳයි → Trusts වල 10-yearly periodic charges සහ වෙනත් නීතිමය රීති ඇතනිසි professional උපදෙස් අත්යවශ්යය.

 

  1. Practical Planning Tips
  • Will සකස් කරන්න – පවුල් අතර ගැටලු වැලැක්වීමට සහ probate ක්රියාවලිය සරල කිරීමට.
  •  Gift allowances use කරන්න – £3k annual, £250 small gifts, wedding gifts properly plan කරන්න
  •  PETs early plan කරන්න – 7-year rule යටතේ gifts structured කරන්න  
  •   Estate records update කරන්න – property valuations, bank statements, jewellery appraisals, share certificates, gift records maintain කරන්න.
  •  Charity donations consider කරන්න – net estate 10%+ charities donate කලොත් IHT rate 36% දක්වා reduce වේ.  
  •  BPR / APR සුදුසුකම් පරීක්ෂා කරන්න – පවුල් ව්යාපාර හෝ ගොවිපල හිමියන් නිසි සැලසුම් සකස් කරන්න.
  • Life insurance trust තුළ සලකා බලන්න – payout estate එකට count නොවී බදු ආරක්ෂාව ලබා ගත හැක.
  •  Professional උපදෙස් ලබා ගන්න – solicitors, financial advisers, විශේෂයෙන් සංකීර්ණ estate සඳහා.
  •    නවතම නීති පිළිබඳ යාවත්කාලීන වන්න – 2027 සිට pensions ගණනය, 2025+ දී long-term residency / domicile rules වෙනස්කම්.

 

  1. Planning Timeline
  • 40 වන වියේදී: Gifts (තෑගි) සහ long-term planning පිළිබඳව සලකා බලන්න.
  • 50 වන වියේදී: Wills සහ trusts review කර, අවශ් සංශෝධන කරන්න.
  • 60 වන සහ ඊට පසුව: Life insurance සැලසුම් කරන්න, spouse ආරක්ෂා කර, grandchildren සඳහා අනාගත සැලසුම් සකස් කරන්න.

 

Inheritance Tax (IHT) සැලසුම් කිරීම යනු, පවුලේ ආර්ථික ආරක්ෂාව සහ දේපල අනාගත පරපුරට නිසි ලෙස පැවරීම සඳහා අත්යවශ් ක්රියාවලියකි.

නිසි සැලසුම් සහ professional උපදෙස් ලබාගැනීමෙන්, ඔබේ දේපල අනාගත පරපුරට ගැටලුකාරකමකින් තොරව බෙදාහැරිය හැකි අතර, IHT වගකීම් අඩු කර, පවුලේ උරුමය (family legacy) ආරක්ෂා කළ හැක. Estate planning මඟින් පවුලේ සාමය රැක ගත හැකි අතර, financial uncertainty අවම කර, ආර්ථික ආරක්ෂාව සහ continuity එකක් පවත්වා ගත හැක. එමනිසා, UK හි පදිංචි ශ්රී ලාංකිකයන් IHT සම්බන්ධ සැලසුම් දැන්ම ආරම්භ කළ යුතුය

25-Oct-20

AI තාක්ෂණය අප නරක ලෙස භාවිතා කළහොත්

අද ලෝකයේ වේගවත් වර්ධනය වෙමින් පවතින තාක්ෂණයක් වන්නේ කෘත්රිම බුද්ධිමත් (AI) . AI නිසා අපගේ ජීවිතය පහසුකම් සහිත වන අතර වෛද්, ගුරුත්ව, ගණිත, වාණිජ හා විනෝද ක්ෂේත්රවල විශාල දායකත්වයක් ලබා දී ඇත. එහෙත්, මේ තාක්ෂණය නිවැරදිව නොව භාවිතා කළහොත්, ඒවායෙන් ගොඩක් අනතුරු සහ අභියෝග මතුවිය හැක.

 

  1. තොරතුරු ව්යාජ කිරීම

 

AI මගින් සෑදිය හැකි deepfake වීඩියෝ සහ රූප නිසා මිනිසුන්ට සැබෑ හා ව්යාජය අතර වෙනස හඳුනාගැනීම අපහසු වේ. මෙය පසුබිම් තොරතුරු වංචා, දේශපාලන අර්බුද සහ පුද්ගලික නාස්තියකට හේතු විය හැක.

 

  1. රැකියා අහිමිවීයාම

 

AI පදනම්ව ක්රියා කරන යන්ත් සහ මෘදුකාංග මනුෂ්යයන්ගේ රැකියා බොහොමයක් ආදේශ කළ හැක. එමඟින් අනාගතයේ අර්ථික අසමතුලිතතා වැඩි වීමේ අවදානමක් ඇත.

 

  1. යුධ හා ආරක්ෂාව

 

AI තාක්ෂණය අවි හෝ මාරාන්තික යන්ත් සෑදීමට භාවිතා කළහොත්, ඒවා මිනිස් ජීවිතයට විශාල අනතුරක් වේ. යුධ භූමියේ මිනිසුන් වෙනුවට AI යන්ත් භාවිතා වීම මිනිසත් බව අහිමි කරන අවදානමක් ගෙන එයි.

 

  1. පුද්ගලික දත්ත කඩාවැටීම්

 

අපගේ දත්ත, ඊමේල්, ඡායාරූප සහ පුද්ගලික තොරතුරු AI මගින් අයත් නොවන අය භාවිතා කළහොත්, ගෝලීය හා ආරක්ෂාව බරපතල ලෙස විනාශ වේ.

 

  1. මනුෂ් ගුණාංග අහිමිවීම

 

AI මත අවධාරණය වැඩි වීම නිසා මනුෂ්යයන්ගේ සිතුවිලි, හැඟීම් සහ මනුෂ්යත්වය පවා අඩු විය හැක.

 

AI තාක්ෂණය යනු අපගේ අනාගතය වෙනස් කරන බලවත් මෙවලමකි. නමුත් එය නරක ලෙස භාවිතා කළහොත්, මිනිස් ජීවිතය, ආරක්ෂාව, ආර්ථිකය සහ මනුෂ් සංස්කෘතියට මාරාන්තික බලපෑම් ඇති කරයි. නිසා AI තාක්ෂණය නීතිගතව, වගකීම් සහිතව සහ මනුෂ්යත්වය සුරක්ෂිත කරමින් භාවිතා කළ යුතුය.

 අහිමි හිමිකරු 

25-Oct-15

සිලිඳු රන්වල සමග Q20 with අමා

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව ඔස්සේ විවිධ නිර්මාණ තුලින් චරිතාංග රංගනයෙන් ප්රේක්ෂක සිත් ස්පර්ශ කරමින් එපමණක්ම නොව ගායනය, නර්තනය, හඩ කැවීම මෙම සියලු මාධ්යයන්හි උපන් හපන්කම් ඇති රන්වල පරම්පරාවේ වර්තමාන පුරුක ලෙස ඔටුනු දරණ සිලිඳු රන්වල සමග Q20 with අමා මෙවර දිග හැරුම

1. ඔබ ගැන ඔබව නොදන්නා කෙනෙකුට කිවුවොත්
මම සිලිදු

2. ඔබ සතු කලා හැකියාවන්ගෙන් ඔබ වැඩිපුර නියැලෙන්නට කැමති
රංගනය, ගායනය, නර්තනය සහ හඩ කැවීම් මේ සියලු දේම නියැලෙන්න කැමතියි.

3. ප්‍රේක්ෂක ආදරය දැනුන අවස්ථාවක්
වියළි ටෙලිනාට්යය සදහා ඉතා ඉහල ප්රේක්ෂක ප්රතිචාරයක් ලැබුනා. එමෙන්ම මගේ කට හඩෙන් මාව අදුර ගෙන එදිනෙදා ලැබෙන ප්රතිචාර නම් ගොඩක් තියනවා.

4. ඔබගේ සමීපතමයෙකු ලග නොතිබයුතු යැයි ඔබ හිතන්නේ
ඍණතාවය

5. රංගන ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යය භාවිතය පිළිබදව අදහස
රංගන ශිල්පිනියක් වශයෙන් තමන්ගේ කලා කටයුතු ප්රචාරණය කරන්න සමාජ මාධ්යය භාවිතා කිරිමේ වැරැද්දක් මම දකින්න නැහැ.

6. ඔබ පිළිබදව ඔබට ආඩම්බරයක් දැනුන දවසක්
වචනයකින් හරි ධනාත්මක දෙයක් කරන හැම අවස්ථාවකම මම නිහතමානීව සතුටු වෙනවා.

7. ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් වන ඔබගේ මවගෙන් ඔබේ රංගන ජිවිතයට ලැබුන ආදර්ශයක්
ඇය නිරන්තරයෙන්ම ලැබෙන නිර්මාණයට අවංක දායකත්වය ලබා දෙනවා.

8. ආදරණීය කෙනෙකුගෙන් ලබන්න කැමතිම තෑග්ගක්
ආදරය පමණක්ම ඇති

9. ඔබ නිතර මුමුණන ගීතයක කණ්ඩයක්
හැම වෙලාවෙම මොකක්ම හරි ගීයක් මුමුණනවා. නිසා එක ගීතයක් නම් කරන්න අමාරුයි.

10. ශරීර සෞඛ්‍ය වෙනුවෙන් හිතකර යැයි සිතා දිනපතා පූරුද්දක් ලෙස කරන දෙයක්
ලගකදි ඉදලා හොදට වතුර බොනවා.

11. ඔබ ගරු කරන, අනුගමනය කරන රංගන ක්ශේත්‍රයේ චරිතයක්
අම්මා 

12. ඔබ දෙතුන් වතාවක් නරඹපු නැවත නරඹන්නට  කැමති ච්ත්‍රපටයක්
Billy elliot

13. ඔබට ලැබුනා නම් කැමති වෙනත් කෙනෙක් රංගනයෙහි යෙදුන චරිතයක්

ස්වර්ණා මල්ලවාරච්චි, Kate winslette, Natalie portman, Cate blanchette, Emma stone, Olivia coleman, Jessica chastine වැනි රංගන ශිල්පිනියන් රංගන දායකත්වය ලබා දුන් සියළුම චරිතවලට කැමතියි.

14. වේදිකාව, පුංචි තිරය සහ රිදි තිරය… ඔබේ වැඩි කැමැත්ත
මෙම මාධ්යයන් තුනෙහිම අවස්ථාවක් ලැබුනොත් රංගන දායකත්වය ලබා දෙන්න කැමතියි.

15. ඔබට රසටම හදන්න පුළුවන් කෑම වර්ගයක්
රසම රස sandwitches හදන්න පුළුවන්

16. Me time ගැන ඔබේ අදහස
හැම කෙනෙක්ටම ඉතාම වැදගත්

17. ඔබ වැඩිදුර අධ්‍යනයෙහි යෙදෙන්නට කැමති දෙයක්
රංගනය, ගායනය, නර්තනය සහ හඩ කැවීම

18. ඔබ කැමති තාමත් නොකෙරුන අනාගතයේදි කරන්න හිතන දෙයක්
මගේ ආත්මික ගමන

19. සමාජයට ඔබෙන් ගත හැකි ආදර්ශයක්
මම කැමතියි මිනිසුන්ට, සතුන්ට, පරිසරයට කරුණාවන්ත වෙනවට.

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබේ ඉදිරි කලා නිර්මාණ පිළිබදව පණිවිඩයක්
මෙම දිනවල නීරා චිත්රපටය තිරගත වෙනවා. එමෙන්ම ආදරණීය මිනිසෙක් සහ මූණු ටෙලිනාට්යය විකාශනය වෙනවා. ඉදිරියේදී කීර්ති කේ රත්නායකගේ නිර්මාණයකින් මාව දැක ගන්න පුළුවන්.

අමා නාකන්දලගේ