25-Sep-02

UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්

UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්
එක්සත් රාජධානියේ 2025 ජුනි මාසයෙන් අවසන් වන වසර සදහා වන ආගමන විගමන දත්ත පහුගිය දවසක බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්ය්‍යාලය මගින් නිකුත් කරා. මේ වෙනකොට බ්‍රිතාන්‍යයට විශාල ගැටළුවක් වෙලා තියන ශුද්ධ සංක්‍රමණ ප්‍රමාණය ඉහළ යාම නිසා මේ නිකුත් වෙන දත්ත ගැන සෑහෙන්න පිරිසක් උනන්දුවෙන් නිරීක්ෂණය කරනවා. ගෙවුනු වසර ඇතුලත බ්‍රිතාන්‍යයේ රජයන් දෙකක් විසින් සංක්‍රමණ පාළණය කිරීම සදහා ගනිපු විවිධ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල සිදුවූ සංක්‍රමණ වල පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් සිද්ධ වෙලා තියනවා.

එක්සත් රාජධානියට පුද්ගලයන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග දෙකක් තමයි රැකියා වීසා සහ ස්ටුඩන්ට් වීසා. මේ වීසා මාර්ග දෙක ඉලක්ක කරගනිමින් තමයි බ්‍රිතාන්‍ය රජය පහුගිය කාලය පුරාවටම විවිධ සීමා කිරීම් පැනවීම කරේ. ඒ නිසාම කැපී පෙනෙන පහත වැටීමක් ඒ අංශ දෙකෙන්ම සිදුවෙලා තියනවා. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යය විසින් නිකුත් කල රැකියා වීසා ප්‍රමාණය 182,553 ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 36% පහත වැටීමක්. සෞඛ්‍ය සහ රැකවරණ සේවක වීසා එහෙම නැත්තම් සෞඛ්‍ය සහ care වීසා වැටෙන්නෙත් ඒ යටතේ රැකවරණ සේවක වීසා වල පසුගිය වසරට සාපේක්ෂව 77% අඩුවෙලා තියනවා.

රැකියා වීසා සදහා පිටතින් එන ප්‍රමාණය අඩුවීමත් එක්ක දැනට මේ රටේ ඉන්න පිරිසට වීසා සහිතව රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. විශේෂයෙන්ම දැනට ස්ටුඩන්ට් වීසා හෝ PSW වීසා වල ඉන්න පුද්ගලයන්ට අඩු තරගකාරිත්වයකින් රැකියාවකට යාමට අවස්ථාව මේ එක්කම වැඩි වෙනවා. ඒ අතරේ ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි පිරිස එම කාලය තුල 431,725 ක් කියලා තමයි සදහන් වෙන්නේ. එම ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 18% ක අඩුවීමක්. මේ අඩුවීම සිද්ධ වෙලා තියෙන්නේ පවුල් වල සාමාජිකයන් ගෙන ඒම අඩුවීමත් එක්ක. ඒ වගේම ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි වැඩිම ප්‍රමාණය චීනයෙන් වන අතර ඉන්පසුව පිළිවලින් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ශිෂ්‍ය වීසා මත පිරිස් පැමිණ තිබෙනවා.

ඒ අතරේ අපිට වඩා වැදගත් වෙන්නේ ලංකාවෙන් එක්සත් රාජධානියට කොච්චර පිරිසක් සංක්‍රමණය වෙලා තියනවද කියන එක. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට රැකියා වීසා මත සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ලෙස 4,924 දෙනෙකු සංක්‍රමණය වෙලා තියනවා. එම කාලය තුල ශ්‍රී ලංකාවේ සිට අයදුම් කල රැකියා වීසා සහ යැපෙන්නන්ගේ අයදුම්පත් වලින් 76% කටම වීසා නිකුත් වෙලා තියනවා. විවිධ හේතු මත ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ අයදුම්පත් 1,416 ක් පමණයි.

2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ස්ටුඩන්ට් වීසා සහ එම යැපෙන්නන් ලෙස ලංකාවෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වූ පිරිස 4,318 ක්. වීසා ප්‍රධානය කල ප්‍රතිශතය 92% ක් . ඒ වසර තුල ලංකාවෙන් ස්ටුඩන්ට් වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ 308 ක් පමණයි. රැකියා විසා සහ ස්ටුඩන්ට් වීසා මත මෙරටට සංක්‍රමණය වූ ජාතීන් අනුව ලංකාව පසුවන්නේ පිළිවෙලින් 12 වන සහ 13 වන ස්ථානයේ.

ඒ අතර ගෙවුනු වසර තුල සංචාරක වීසා මත ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි පිරිස 23,922 ක්. එම ප්‍රමාණය බ්‍රිතාන්‍යයට පුද්ලයන් සංචාරය කරන ප්‍රමාණය අනුව සැලකිය යුතු පිරිසක්. ඒ අතරේ 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ලංකාවෙන් ඉදිරිපත් වූ සංචාරක වීසා අයදුම්පත් 8,504 ක් ප්‍රතික්ශේප කරන්නත් බ්‍රිතාන්‍ය රජය තීරණය කරලා තියනවා. 26% තරම් අයදුම්පත් ප්‍රතිශතයක් ප්‍රතික්ශේප වෙලා තියනවා. අවසානයක් විදියට 2024 වසර තුල ශ්‍රී ලාංකිකයන් 3,019 දෙනෙකුට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය එහෙම නැත්තම් ILR ප්‍රධානය කරලා තියනවා.

තිලාන් ජයසේකර

25-Aug-03

සූර්යා

~ සමාජ මාධ්යය පෙරළියකින් සමාජයම උසස් කරවපු සූර්යාගේ වික්රමය ~

මහේෂ් මුණසිංහගේ අභිමානනීය දෙවන සිනමා රූ සරණිය

ශ්රී ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාණකරණ කර්මාන්තයේ සදා අනුස්මරණීය

වෙළඳ දැන්වීම් සමුදායක් නිමවීම උදෙසා සිය අද්විතීය නිර්මාණ කෞශල්යය

නොමසුරුව දායාද කරමින් ප්රතිභාපූර්ණ අදියුරු සන්නාමයක් විලසින් යෙහෙන්

වැජඹෙන මහේෂ් මුණසිංහ මහතා සහ ශ්රී ලාංකේය උපකාරක පන්ති

ක්ෂේත්රයේ වියත් ගුරු භවතෙකු විලසින් දසත කිතුගොස පතුරමින්

සිව්හෙළයේ සිව්කොණ පුරා විසිරී පැතිරුණු මිලියන සංඛ්යාත උසස් පෙළ ජීව

විද්යා සිසු සිසුවියන්ගේ නැණ මග පහන් දැල්වූ දිනේෂ් මුතුගල මහතාගේ

සුපහන් සුසංයෝගයෙන් ශ්රී ලාංකේය රිදී තිරය එකලු කරවන්නට පායන

සූර්යයායිසූර්යා”.

උපතින්ම ඉහළ මධ්යයම පාන්තික පවුල් පසුබිමකට උරුමකම් කීම නිසාවෙන්

, විනිමය මාපිය දායාද නොමසුරුවම ලත් එකම දරුවා වීම නිසාවෙන් කුඩා

කළ පටන්ම කෙළිලොල් දිවි පෙවතකට හුරු වූ සූර්යා සරණජීව, පාසල්

අධ්යාපනය නිමවීමෙන් පසු සිය අදහස් උදහස් හට කදිමටම පෑහුණු

දෙමිතුරන් සමඟින් එක්ව, බලකාමී දේශපාලන මාධ්යයකරණයේ නව්

උපයෝගීතාවයක් ලෙසින් ගෝලීය සමාජ මාධ්යය සැරියේ ප්රමුඛතම මුහුණුවර

වන යූටියුබ් අවකාශය අවභාවිතා කරන්නට පෙළඹෙන අයුරුත්, සමඟින්

සූර්යාගේ හා ඔහුගේ ළබැඳියන්ගේ ඉරණම් කතාවට එල්ලකෙරෙන

සෘණාත්මක බලපෑම් විකසනය වන අයුරුත්, අවසානයේ පරිණත සමාජ

මාධ්යයකරුවෙකු වශයෙන් තමාගේත්, තම ළබැඳියන්ගේත් මෙන්ම ඉන්

නොනැවතී සමස්ථ සමාජ සංස්ථාවේත් ධණාත්මක පරිවර්තනයක් සිදුකරනු

උදෙසා සමාජ මාධ්යය සුභාවිතකරණය සිදුකරන අයුරුත් සිනමාපටය පුරාවට

අපූරුවට දිගහැරෙයි.

සෑම තාක්ෂණික නවෝත්පාදනයක් හරහාම ධණාත්මක භාවිතාවක් මෙන්ම,

සෘණාත්මක භාවිතාවක් පිළිපිඹු වීමේ සම්භාවිතාවක් පවතින බවත්,

විද්යාමාන වන්නේ කුමන භාවිතාව යන්න තීරණය කෙරෙන්නේ භාවිතා

කරන්නා දරණා ආකල්පයන් මත බවත් සිනමා සළරුව මතින් ගම්යකරන්නට

තැත්කරන උඩුපෙළ විය යුතු බව හැඟෙයි.

කාලීන ලාංකීය ජන සමාජය වේගවත්ව ගෝලීය තාක්ෂණික විප්ලවයේ

ගොදුරක් වෙමින් පැවතීම නවතාලිය හැක්කක් නොවන විටදී, ධණවාදී

සංස්කෘතික ප්රවාහයට ඉබේටම නතුවෙන තාරුණ්යයේ ජීවන දෘෂ්ඨිය

 

බහුචිතවාදි ස්වරූපයක් ගන්නා බව නිර්මාණකරුවන් සිනමාපටය තුළින්

කියාපාන්නට උත්සාහ කරන යටිපෙළ විය හැකි බව සිතේ.

උක්ත පෙළ ද්විත්වය මනා සංයමයකින් යුතුව රිදී තිරය මත ප්රක්ශේපනය

කිරීමට ප්රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන්

විසින් පාන්නා වූ සමර්ථභාවය එය දෑසින් විඳ මනසින් කියවාගැනීමට

සමර්ථභාවයක් ඇත්තා වූ සියළු ප්රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය

යුතුයැයි තරයේ ප්රකාශ කිරීමට කැමැත්තෙමි.

රංගන ධායකත්වය

ජනිත් වික්රමගේ

නිහාරි පෙරේරා

මයික් ෆර්නෑන්ඩු

දිල්හානි ඒකනායක

දිනේෂ් මුතුගල

සණත් ගුණතිලක

අජිත් වීරසිංහ

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

සුදීක්ෂා සමාධි

සංගීත් ප්රභූ

සචින් චතුරංග

ලසන්ත උඩුකුඹුර

කමල් දේශප්රිය

සංගීතා තදානි

හර්ෂිකා රත්නායක

එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්රතිභාව පූර්ණ වශයෙන්

විදහාපෑමට මං සලසාදුන් ප්රශස්ථ කාර්මික දායකත්වය විසින් සිනමාපටය

රාමුගත වන ඉහත ආකයානයන් ද්විත්වය තුළ මිනිසාගේ සියුම් මනෝමය

සංරචකයන්, සංකීර්ණ භෞතිකමය සමාජදේශපාලන සංරචකයන් මත

පුරෝකථනය කළ නොහැකි ලෙසින් විචල් වන අයුරු වඩාත් හොඳින්

ප්රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව්

 

සිනමාපටය සමඟින් තියුණු සබැඳියාවක් සකසාගත් සිනමා සංවේදී කා හට

වුවද වටහාගැන්මට අපහසු නොවනු ඇත.

නිෂ්පාදනය | දිනේෂ් මුතුගල

අධ්යක්ෂණය | මහේෂ් මුණසිංහ

තිර රචනය | රොනල්ඩ් දසනායක

කැමරා අධ්යක්ෂණය | රංගන එස්. බන්ඩාර

සංගීතය | එරංග ජයවර්ධන

සහය අධ්යක්ෂණය | නිරෝෂන් එදිරිමාන්න, ඉඳුනිල් දැරණියගල

සංස්කරණය හා වර්ණ සංයෝජනය | රොෂාන් එඩ්වඩ්

විශේෂ දෘශ් ප්රයෝග | මහේෂ් බී. චන්ද්රසේන

සංගීත සැලසුම්කරණය | සශික රුවන් මාරසිංහ

ගීත පදරචනය | මනුරංග විජේසේකර, එරංග ජයවර්ධන

නිෂ්පාදන ප්රදානී | සන්ක බන්ඩාර

නිෂ්පාදන කළමනාකරණය | එරන්ද දේවනාරායන

කලා අධ්යක්ෂණය | නුවන් සනුරංක

සටන් අධ්යක්ෂණය | සමන් බන්ඩාර

ඇඳුම් නිර්මාණය | ජනක උල්ලන්දුපිටිය

වේශ නිරූපණය | ප්රියන්ත දිසානායක

කොන්ඩා සැකසුම් | අවිෂ්ක චතුරංග

නර්තන වින්යාසය | සාරා අබේවර්ධන

සමාජ මාධ්යය ප්රචාරණය | ඩී. එම්. ඩිජිටල්

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති

කරවන මෙවන් ප්රශස්ථ සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය

වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත් සැලසේවායි මහේෂ් මුණසිංහ

හා දිනේෂ් මුතුගල අතුළු සිනමාපටයේ සමස්ථ නිෂ්පාදන කාර් මනඩලය වෙත

මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

සැකසුම | හිරාන් ගමගේ

25-Aug-08

පසු තැවෙන්න ඕනෙමද?

අපරාදෙ එහෙම උනේ” “අපරාදෙ එහෙම කලේයනාදී වශයෙන් ඇතැම් සිදුවීම් වෙනුවෙන් අපි කවුරුත් ජීවිතේ යම් යම් අවස්ථාවන් වල පසුතැවීමට, කනස්සල්ලට පත්වීමට ලක්වෙලා තියනවා. ගැන කම්පාවට පත්වෙලා තියනවා.

මේ කිසිදු සිදුවීමක් සංස්කරණය කල නොහැකී කියන තැනින් පටන් ගත්තොත්, මේ විදියට මානසිකව පීඩා විඳීම යම්තාක් දුරකට හෝ අඩු කරගැනීමට අස්වැසිල්ලක් ලැබෙනවා. පසුතැවීමට ආසන්නතම හේතුව හොඳින් විග්රහ කරගැනීම තමයි වඩාත්ම වෑදගත් වෙන්නේ. මොකද ඇතැම් සිදුවීම් සිතා මතා කල යමක ප්රතිඵලයක්. වගේම තව සමහරක් සිදුවීම් කිසිදු පෙර සූදානමක් නොමැතිව අවස්ථාවන්වල පෙල ගැසුනු ඒවා.

සිතා මතා ඔබ අතින් වූ යමකට ඔබ සිතින් වද වේදනා විඳී නම්, ක්රියාව සැබැවින්ම තවත් කෙනෙකුට අසාධාරණයක්, අවාසියක් හෝ පීඩාවක් අහේතුකව අත් කර දීමක් නම්, ඔබට එය යලි සිදුවීම නවතාලිය හැකියි. මන්ද, ඔබ අවබෝධය තුලින් ක්රියාත්මක වීම තෝරා ගන්නා පුද්ගලයකු නිසා.ඔබ සිතා මතා නොකල යම් කටයුත්තකදී කෙනෙක් අපහසුතාවට, වේදනාවට පත් වුනේ නම්, සිදුවීම උනත් යලි සිදුනොවීමට ඔබට වගබලා ගත හැකියි.

අපි ගැටෙන්නේ, ගනුදෙනු කරන්නේ, ආදරණීය වෙන්නේ එකිනෙකාට වෙනස් ගැහැණුන්, මිනිසුන් සමග. ඉතින් අන්යෝන් අවබෝධයත් ඉතාමත් වටිනවා, මේ පසුතැවීමට තිත තියන්න.

කොයිහැටි වෙතත්, අතීතයේ සිදුවුන දෙයක් ගැන පමණට වඩා විස්සෝප වීමෙන් වෙන්නේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් වැය කරන්න තියන කාලය අඩු වෙන එක. වගේම ඍණාත්මක සිතිවිලි වලින් ඔයාවම පීඩාවට පත්වෙන්න ඉඩ හැරීම. නිසා අවස්ථානුකූලව, බුද්ධියෙන් වැඩ කරන්න වෙනවා.

සමහර පාරවල් වල ලොකු දුරක් ගිහින් “U Turn” එකක් අරං ආපහු එන්න වෙනවා. අපරාදෙ, අපරාදෙ පාර වැරදුනා කියලා හිතන තත්පරයට පුලුවන් ජීවිතයක් අහිමි කරන්න. ඉතින්, යම් තැනකදී ඔයා ගත්ත තීරණයක් පසුකාලීනව විග්රහ කලාම, හරිම දේ නෙමෙයි නේද කලේ කියලා හිත කියන්න පුලුවන් . සමහර විට සිදුවීම තුළින් ඔයාගෙ පෞරුෂය වර්ධනය වීමක්, තවත් කෙනෙක් සමග තිබුණා බැදීමට නිවැරදි අර්ථකථනයක් ලැබීමක්, ජීවිතය දිහා ඔබ බලන කෝණයේ යම් වෙනස් වීමක් සිදු වෙන්න පුලුවන්.

නිසා වැඩිකාලයක් පසුතැවි තැවී ඉන්න එපා. වඩාත්ම සුදුසු ක්රියාවට අවතීර්ණ වෙන්න. ඉතාම සරලව කිව්වොත් මේ ලිපිය කියවන මොහොතේ ඔයා ජීවත් වෙනවා.
පසුතැවෙන්න ඕනෙමද?

දිමුතු සේනාදි

25-Aug-11

ශ්‍රී ලංකාවේ විවාහ සහ දික්කසාද නීතිය ගැන දැනුවත් වෙමු.

ශ්රී ලංකාවේ බොහෝ දෙනෙකුට විවාහය ජීවිතයේ වැදගත්ම අංගයකි. එය පෞද්ගලික තීරණයක් පමණක් නොව නීතිමය ගිවිසුමක් වේ. ශ්රී ලංකාවේ විවාහය සහ දික්කසාදය පිළිබඳ නීති විවිධ සම්ප්රදායන්, ආගම් සහ නීති පද්ධතිවල මිශ්රණයකි. මෙයට හේතුව රට තුළ විවිධ ප්රජාවන් සඳහා පෞද්ගලික නීති කිහිපයක් ඇති බැවිනි, එනම් උඩරට නීතිය, තේසවලමයි නීතිය, මුස්ලිම් නීතිය සහ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සාමාන් නීතිය. එබැවින්, කෙනෙකුට අදාළ වන නීති ඔවුන්ගේ ආගම හෝ ඔවුන් ජීවත් වන ස්ථානය අනුව වෙනස් විය හැකිය.

සාමාන් නීතිය යටතේ, ඕනෑම යුවළකට නීත්යානුකූල වයස අවුරුදු 18 වැඩි නම් විවාහ විය හැකිය. විවාහය නීත්යානුකූලව ලියාපදිංචි කළ යුතු අතර දෙදෙනාම කැමැත්තෙන් එකඟ විය යුතුය. එක් පුද්ගලයෙකු බලහත්කාරයෙන් සිදු කළහොත් හෝ ඔවුන් හොඳ මනසකින් නොසිටින්නේ නම්, විවාහය අවලංගු ලෙස සැලකිය හැකිය. මුස්ලිම් නීතිය යටතේ වැනි සමහර සිරිත් විරිත් වලදී, ක්වාසි (ඉස්ලාමීය විනිසුරුවරයෙකුගේ) අවසරය ඇතිව ගැහැණු ළමයින්ට වයස අවුරුදු 18 පෙර පවා විවාහ විය හැකි අතර, එය ළමා ආරක්ෂාව සහ සමාන අයිතිවාසිකම් පිළිබඳව රට තුළ බොහෝ සාකච්ඡා ඇති කර තිබේ.

විවාහයක් සාර්ථක නොවන විට, මිනිසුන් දික්කසාදය ගැන සිතිය හැකිය. ශ්රී ලංකාවේ, දික්කසාදය පහසු ක්රියාවලියක් නොවේ, විශේෂයෙන් සාමාන් නීතිය යටතේ. පුද්ගලයෙකු දිස්ත්රික් අධිකරණයට ගොස් පහත සඳහන් හේතු තුනෙන් එකක් ඔප්පු කළ යුතුය: අනාචාරය (Adultery) ද්වේෂ සහගත ලෙස අතහැර යාම (malicious desertion) හෝ සුව කළ නොහැකි ලිංගික බෙලහීනත්වය (Sexual Impotency). මේවාදෝෂ පදනම් කරගත්හේතු ලෙස හැඳින්වේ, එයින් අදහස් වන්නේ එක් පුද්ගලයෙකුට දොස් පැවරිය යුතු බවයි. මෙය දික්කසාදය වඩාත් දුෂ්කර කරයි, විශේෂයෙන් කාන්තාවන්ට, එවැනි දේවල් ඔප්පු කිරීමට හෝ සමාජ විනිශ්චයට මුහුණ දීමට අපහසු විය හැකිය.

ඊට වෙනස්ව, මුස්ලිම් නීතිය තලාක්, මුබාරාඅත් හෝ කුලා වැනි ක්රම කිහිපයක් හරහා දික්කසාද වීමට ඉඩ සලසයි. පිරිමියෙකුට තලාක් ප්රකාශ කිරීමෙන් තම බිරිඳ දික්කසාද කළ හැකි නමුත්, කාන්තාවක් දික්කසාදයක් ඉල්ලා සිටීමට ක්වාසි අධිකරණය හරහා යා යුතුය. නැවතත්, මෙය ක්රමය කාන්තාවන්ට සාධාරණ ලෙස සලකනවාද යන්න පිළිබඳ විවාදවලට තුඩු දී තිබේ. උඩරට සිංහලයන් විසින් බහුලව භාවිතා කරන උඩරට නීතිය සහ යාපනය කලාපයේ දෙමළ ජනතාව විසින් අනුගමනය කරන තේසවලමයි නීතියට ඔවුන්ගේම අනන් දික්කසාද නීති ඇත. මෙම ක්රම තවමත් පවතී, නමුත් බොහෝ අය විශ්වාස කරන්නේඒකාබද්ධ සිවිල් සංග්රහයක්ලෙස හඳුන්වන සෑම කෙනෙකුටම එක නීතියක් තිබීම දේවල් සරල හා සාධාරණ කළ හැකි බවයි.

දික්කසාද නඩු වලදී තවත් වැදගත් දෙයක් වන්නේ ළමා භාරකාරත්වය සහ දේපළයි. සාමාන්යයෙන් අධිකරණය තීරණය කරන්නේ දරුවන්ගේ යහපත දෙස බලා දරුවන් රැකබලා ගන්නේ කවුරුන්ද යන්නයි. මව්වරුන්ට බොහෝ විට කුඩා දරුවන්ගේ භාරකාරත්වය ලැබේ, නමුත් අවශ් නම් අධිකරණයට එය පියාට හෝ වෙනත් භාරකරුවෙකුට පවා ලබා දිය හැකිය. දේපළ සම්බන්ධයෙන් ගත් කල, දික්කසාදයෙන් පසු වත්කම් බෙදීම පිළිබඳ පැහැදිලි නීතියක් ශ්රී ලංකාවේ නොමැති නිසා දේවල් සංකීර්ණ විය හැකිය. දේපළ එක් පුද්ගලයෙකුගේ නමට පමණක් තිබේ නම්, අනෙක් සහකරුට එය උපයා ගැනීමට හෝ එය වැඩිදියුණු කිරීමට උදව් කළ බව ඔප්පු කළ නොහැකි නම් මිස කිසිවක් නොලැබෙනු ඇත.

ශ්රී ලංකාවේ දික්කසාද වීමට කාලය, මුදල් අවශ් වන අතර චිත්තවේගීය වේදනාවක් ගෙන දිය හැකිය, විශේෂයෙන් සමාජයෙන් පීඩනයට ලක්විය හැකි කාන්තාවන් සඳහා. “වරදක් නැති දික්කසාද“(No Fault Divorce) සඳහා ඉඩ සැලසෙන පරිදි නීති පද්ධතියේ ප්රතිසංස්කරණ සඳහා ඉල්ලීම් වැඩිවෙමින් පවතී, එහිදී යුවලකට එකිනෙකාට දොස් නොකියා සාමකාමීව වෙන් විය හැකිය. එසේම, ආගම, ස්ත්රී පුරුෂ භාවය හෝ ප්රජාව නොසලකා සියලුම මිනිසුන්ට නීතිය යටතේ එක හා සමානව සලකන බව සහතික කිරීමේ අවශ්යතාවයක් පවතී.

තවත් ගැටළුවක් වන්නේ මහජනතාව අතර නිසි නීති දැනුමක් නොමැතිකමයි. බොහෝ අය, විශේෂයෙන් ග්රාමීය ප්රදේශවල කාන්තාවන්, ඔවුන්ගේ අයිතිවාසිකම් නොදනිති හෝ නීතිමය ආධාර ලබා ගත නොහැක. රජය සහ සිවිල් සමාජ කණ්ඩායම් දැනුවත් කිරීම සහ නොමිලේ නීති සහාය ලබා දීමට උත්සාහ කරන නමුත් තවත් බොහෝ දේ කළ යුතුය. පාසල්වල නීති අධ්යාපනය සහ ප්රජා වැඩසටහන් මගින් මිනිසුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් තේරුම් ගැනීමට සහ වඩා හොඳ තීරණ ගැනීමට උපකාරී වේ.

නිගමනයක් ලෙස, ශ්රී ලංකාවේ විවාහ සහ දික්කසාද නීති සංස්කෘතිය හා ආගම තුළ ගැඹුරින් මුල් බැස ඇති අතර, නූතන ජීවිතයට සාධාරණත්වය, සමානාත්මතාවය සහ පැහැදිලිකම අවශ් වේ. සෑම පුද්ගලයෙකුටම පුරුෂයෙකුට හෝ කාන්තාවකට විවාහයේදී සමාන අයිතිවාසිකම්, අපයෝජනයෙන් ආරක්ෂාව සහ විවාහය අසාර්ථක වුවහොත් යුක්තිය සඳහා ප්රවේශය තිබිය යුතුය. අද යථාර්ථයන් පිළිබිඹු කිරීම සඳහා නීති යාවත්කාලීන කළ යුතුය. සියලුම පුරවැසියන් සඳහා එක් පොදු විවාහ නීතියක් හඳුන්වා දීම, සමාන දේපළ අයිතිවාසිකම් සහතික කිරීම, දික්කසාද ක්රියාවලිය සරල කිරීම සහ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීම සාධාරණ හා ගෞරවනීය නීති පද්ධතියක් කරා යන ප්රධාන පියවර වේ. විවාහය සැබවින්ම ආදරය, ගෞරවය සහ සමාන අයිතිවාසිකම්වල එකමුතුවක් විය හැක්කේ එවිට පමණි.

පවිත්‍රා රණතුංග

25-Aug-12

The London Show 2025

Art Exhibition by Holy Art Gallery

 

The Holy Art Gallery විසින් සංවිධානය කරනු ලැබූ චිත් ප්රදර්ශනයක් පසුගිය ජුනි 28 වැනිදා

සිට 30 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්විණි. එංගලන්තය, ප්රංශය, ඇමෙරිකාව,

ඇතුළු ලෝකයේ බොහෝ රටවල චිත් ප්රදර්ශන පවත්වන The Holy Art Gallery, මෙම

ප්රදර්ශනය නම් කර තිබුනේ The London Show 2025 නමිනි. 67 Great Titchfield Street හී

Noho Showrooms තුළ දී පැවැත් වූ මෙම චිත් ප්රදර්ශනයට ලෝකයේ බොහෝ රටවල්

නියෝජනය කරන චිත් ශිල්පීන් ගේ විවිධ ශෛලීන්වල සිතුවම් හා නිර්මාණ ඇතූලත්ව තිබුණි.

 

ජාතියන්තර චිත් ශිල්පීන් බොහෝමයක් සහභාගි වූ මෙම ප්රදර්ශනයට දැනට එංගලන්තයේ

ජීවත්වන ලාංකීය චිත් ශිල්පියකු වන සිසිල් ප්රනාන්දුගේ සිතුවමක්ද ඇතුළත්ව තිබීම

විශේෂතත්වයකි. the power of life ලෙස නම් කර තිබූ සිසිල්ගේ මෙම සිතුවම ප්රදර්ශනයට

සුවිශේෂි අලංකාරයක් එක්කර තිබූ අතර එය නැරඹීමට පැමිණි අමුත්තන්ගෙන් හා අනෙකුත් චිත්

ශිල්පීන්ගෙන් ලැබුනේ සුවිශේෂී පැසසුමැකි.

 

මිශ් මාධ්යයෙන් කැන්වසය මත ඇඳ තිබූ මෙම සිතුවම උසින් සෙන්ටිමීටර් එකසිය අසූවක් හා පළලින්

සෙන්ටිමීටර සියයකින් යුක්තය. සුරතල් සතුන් හා මිනිසුන් අතර ඇති සම්බන්ධය හා සුරතල් සතුන්ගෙන්

මිනිසුන්ගේ ජීවිත වලට ලැබෙන ධනාත්මක බලපෑම පිළිබධ අන්තර්ගතයකින් යුතු මෙම සිතුවම

ප්රදර්ශනයේ වටිනාකම තවත් වැඩි කිරීමට සමත් විය.

 

චිත් ශිල්පියෙකුලෙස වසර ගණනාවක අත්දැකීම් ඔස්සේ යමින් පුවත්පත්, යුටියුබ්, මැගසින් ආදී

මාධ්යන් තුල තම සිතුවම් තුළින් ජනතාවට ධනාත්මක පණිවිඩයක් ලබා දෙමින් සිදු කරන මෙහෙවර

ඉදිරියටත් හොඳින් කරගෙන යාමට හැකි වේවායි අපි මැගසින් අපි මෙලෙස සුබපතන්නෙමු.

25-Aug-13

සාහිත්‍ය ප්‍රබන්ධයකට මුල් වූ අමරණීය ඩ්‍රැකියුලා පුරාවෘත්තය

1897 වසරේදී ප්රකාශයට පත් කරන ලද, බ්රෑම් ස්ටෝකර්ගේ (Bram Stoker) ප්රබන්ධයක් වූඩ්රැකියුලානවකතාව, ලොව පුරා වැම්පයර්වරුන් පිළිබඳව නව සාහිත් රසයක් සහ අනුසාරයෙන් බිහිවූ චිත්රපට රැල්ලක් ඇති කිරීමට සමත් විය. මිනිසුන් දඩයම් කිරීමට සහ ඔවුන්ගේ රුධිරය පානය කිරීමට අද්භූත බලයන් භාවිතා කරනඩ්රැකියුලායන නාමය වැම්පයර් චරිත අතර අමරණීය විය. එහෙත්, මෙම ප්රබන්ධ චරිතයට මූලික ආභාෂය ලැබුණේ 15 වන සියවසේ විසූ රුමේනියානු කුමාරයෙකු වූ වැලැඩ් III තෙපෙස් (Vlad III Țepeș) හෙවත් වැලැඩ් ඩ්රැකියුලා (Vlad Dracula) ගෙන් බව ඔබ දන්නවාද?

වැලැඩ් ඩ්රැකියුලා, වර්ෂ 1431 දී ට්රාන්සිල්වේනියාවේ උපත ලැබීය. ඔහුගේ පියා වූ දෙවැනි වැලැඩ් ඩ්රැකුල් (Vlad II Dracul), “මකරාගේ ගෝත්රය” (Order of the Dragon) ලෙසින් හඳුන්වනු ලැබූ ක්රිස්තියානි නයිට්වරුන්ගේ රහසිගත සංවිධානයකට සම්බන්ධ වී සිටියේය. රුමේනියානු භාෂාවෙන්ඩ්රැකුල්යන්නෙහි අරුතමකරාවන අතර, “ඩ්රැකියුලායන්නෙන්ඩ්රැකුල්ගේ පුත්රයාහෙවත්මකරාගේ පුත්රයායන අරුත ලැබේ. කුඩා කල ඔටෝමාන් අධිරාජ්යයේ ප්රාණ ඇපකරුවෙකු ලෙස ගත කිරීමට සිදුවීම, ඔහුගේ පාලන ශෛලියට දැඩි බලපෑමක් කළ බව විශ්වාස කෙරේ. ඔහු තුන් වරක් වල්ලචියාවේ (Walachia) සිහසුනට පත් විය.

වැලැඩ් කුමාරයා ඔහුගේ සතුරන්ට කුරිරු අන්දමේ වධහිංසා ලබාදීම, මිනිසුන් විකෘති කිරීම සහ සමූහ මිනීමැරුම් සිදුකිරීම ඇතුළු විවිධ ම්ලේච්ඡ දඬුවම් ක්රම සම්බන්ධයෙන් කුප්රකටව සිටියේය. ඔහුගේ වඩාත් ප්රියතම දඬුවම් ක්රමය වූයේ උල තැබීමයි . ඔහු තම සතුරන්, දේශද්රෝහීන් සහ නීති කඩ කරන්නන් උල් මතින් තබා මරා දැමීමට නියෝග කළේය. මෙම භයානක ක්රමය හේතුවෙන් ඔහුටඋල තබන්නායන අන්වර්ථ නාමය හිමි විය.

පුරාවෘත්ත වලට අනුව ඔහුගේ ජීවිතකාලය තුළ මිනිසුන් 80,000 කට වැඩි පිරිසක් කුරිරු ලෙස ඝාතනය කර ඇත.
ඔහුගේ පාලන කාලය තුළ සිදු වූ බව පැවසෙන සමහර සිදුවීම් ඔහුගේ කුරිරුකම මොනවට කියාපායි.
ඔහු වරක් තම පියාගේ ඝාතනයට සම්බන්ධ වූ ප්රභූවරුන්ව භෝජන සංග්රහයකට කැඳවා, ඔවුන් ආහාර ගනිමින් සිටින අතරතුර උල තබා මරාදමා, ඔවුන්ගෙන් වැගිරෙන ලේ එකතු කරගෙන පාන් පෙති පොඟවා ආහාරයට ගත් බව පැවසේ. මෙය බ්රෑම් ස්ටෝකර්ගේ ලේ උරා බොන වැම්පයර් චරිතයට මූලික ආභාෂය වීමට එක් හේතුවක් විය.
තවද ඔහු වසංගත උණ රෝගයක් පැතිර ගිය ගම්මානයක් පිටතට බෝවීම වැළැක්වීම සඳහා, එම ගම්මානය එහි සිටි සියලු දෙනා සමඟම ගිනි තබා විනාශ කර දැමූ බව සඳහන් වේ.

එමෙන්ම සුළු සොරකමක් කළ අහිගුණ්ඨකයෙකු උතුරන වතුර ඇති විශාල කටාරමකට දමා තම්බා, ඔහුගේ කණ්ඩායමේ සිටි අනෙකුත් අහිගුණ්ඨකයන්ට එය ආහාරයට ගන්නා ලෙස අණ කළ බව කියැවේ.
ඔහු කෙතරම් දැඩි විනයක් පවත්වාගෙන ගියාද යත්, වරක් නගරයේ මැද තබා තිබූ රන් කුසලානයක් දෙස බැලීමටවත්, එය අසලට යාමටවත් කිසිවෙකුටත් ධෛර්යයක් නොතිබූ බව කියැවේ. මෙය ඔහුගේ පාලනය යටතේ ජනතාව තුළ ඇති වූ දැඩි බිය පැහැදිලි කරයි.

වර්ෂ 1462 දී ඔටෝමාන් ආක්රමණිකයන්ට එරෙහිව ඔහු දියත් කළ යුද්ධයේ දී, වැලැඩ් කුමාරයා විසින් ඩැනියුබ් ගංගා ඉවුරේ 20,000 ක් පමණ වූ මිනිසුන් සංඛ්යාවක් ලී උල් ආධාරයෙන් ඝාතනය කරන ලද බව කියැවේ. මෙය ඔටෝමාන් හමුදා භීතියට පත් කිරීමට ඔහු ගත් උපාය මාර්ගයක් විය.

පසු කලෙක හංගේරියානු හමුදාවන් විසින් ඔහුව අල්ලාගෙන සිරගත කරන ලදී. අවසානයේ, වර්ෂ 1476 දී ඔහුට නැවතත් බලයට පත්වීමට හැකි වුවද, එම වසරේදීම ඔටෝමාන්වරුන්ට එරෙහිව පැවති සටනකදී ඔහු මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව සහ සිදුවූ ස්ථානය පිළිබඳව නිශ්චිත වාර්තා නොමැත.

වැලැඩ් ඩ්රැකියුලාගේ මෙම භයානක කතා පුවත සහඩ්රැකියුලායන නාමය, බ්රෑම් ස්ටෝකර්ගේ සුප්රසිද්ධ වැම්පයර් ප්රබන්ධයන් රචනා කිරීම සඳහා පාදක විය. ස්ටෝකර් ඔහුගේ චරිතය වැම්පයර් කෙනෙකු බවට පත් කළද, වැලැඩ් යනු ලේ බොන වැම්පයර් කෙනෙකු නොව, තම රාජධානිය ඔටෝමාන්වරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුරිරු ක්රියා සිදු කළ ඓතිහාසික චරිතයකි.
අදටත්, වැලැඩ් තෙපෙස් රුමේනියාවේ මතභේදාත්මක චරිතයකි. සමහරු ඔහුව දේශයේ ආරක්ෂකයෙකු සහ ප්රතිරෝධයේ සංකේතයක් ලෙස සලකන අතර, තවත් සමහරු ඔහුගේ අසීමිත කුරිරුකම් කෙරෙහි අවධානය යොමු කරති. කෙසේ වෙතත්, ඩ්රැකියුලා පුරාවෘත්තය ලෝක සාහිත්යයේ සහ ජනප්රිය සංස්කෘතියේ අමරණීය කොටසක් බවට පත්ව ඇත.

පියුමි නෙළුමිකා

25-Aug-15

මාධ්‍ය, අපරාධ්‍ සහ නීතිමය සීරුමාරු

අපරාධ සිදුවීම් වාර්තාකරණයේදී ඒවායේ ඡායාරූප භාවිතය පිළිබඳව ශ්රී ලංකායේ මාධය කයෂේත්රයේ

දැවැන්ත විවාදයක පවතී. විය ේෂයයන් වසර ගණනාවක සිට සමාජ මාධය හරහා වයාප්ත වන අපරාධ ඡායාරූප

වාර්තාකරණයේදී මාධය සතු වගකීම කුමකද යන්න අපි විමසා බලන විට අපරාධ වාර්තාකරණයේදී ඡායාරූප භාවිතය

තුළින් මහජන අවධානයට ලකිරීම සහ යතාරතුරු දැනගැනීයම් අයිතිය මාධය විසින් ඉටුකරයි. එයහත් යමය සමාජ

වගකීමින් කළ යුතුයි. ඡායාරූප භාවිතයේදී ගැලයපන ආචාරධර්ම මාලාවක අනුගමනය ිරීම වඩාත් වැදගත්.දැන්

සමාජ මාධය යේගයයන් අපරාධ ඡායාරූප ප්රචාරය කරන පසුබිමක සම්ප්රදායික මාධය ආයතන විය ේෂ වගකීමින් ක්රියා

කළ යුතුයි.මන්ද යත් අපරාධ සිදුවීම් වාර්තාකරණයේදී විය ේෂයයන් ළමුන්, අපරාධ විඳින්නන් සහ සැකකරුවන්යේ

ඡායාරූප භාවිතා ිරීයම්දී ඔවුන්යේ අනනයතාව සුරැකීමට වගබලා ගැනීම වැදගත්. පසුගිය වසයර් මාධය සංවිධාන

ගණනාවක එකතු වී සකසේ කළසංයේදී ඡායාරූප භාවිත මාර්යගෝපයේ අනුව, අපරාධ සිේීන්ි වින්ිතයන්යේ

මුහුණු වසන් ිරීම, අඳුරු ිරීම යහෝ පැහැිලි යනාවන යලස දැකවීම අනිවාර්ය කරුණක වුණි.

නීතිය ඉිරියේ සැකකරුවකු, වරදකරු වනතුරු නිර්යදෝෂී වූවකු යලස සැලකීම සිදුයකයර්. නිසා ඔවුන්යේ

අනනයතාවය වාර්තාකරණයේදී ආරකෂා ිරීම මාධය ආචාරධර්මවල අනිවාර් යකාටසි.අපරාධ ඡායාරූප

වාර්තාකරණයේදී ජනතාවයේ දැනගැනීයම් අයිතිය සහ පුේගලයන්යේ යපෞේගලිකත්වය අතර ගැටුමක ඇතිවිය හැිය.

නීතිඥ තිලක මාරපන පවසන්යන්, “ශ්රී ලංකායේ මූලික අයිතිවාසිකම් යටයත් යපෞේගලිකත්වයේ අයිතිය පිළියගන ඇති

බැවින්, මාධය ආයතන යමය උල්ලංඝනය කරන්යන් නම් සම්බන්ධයයන් අධිකරණ ක්රියාමාර්ග ගත හැි බවයි.

2019 වසයර් හඳුන්වාදුන්ළමා අපරාධවලදී ඡායාරූප භාවිතයපිළිබඳ විය ේෂ මාධය ආචාරධර්ම සංග්රහය අනුව:

  1. ළමා අපරාධ විඳින්නන්යේ ඡායාරූප භාවිතය සම්ූර්ණයයන් තහනම්.
  2. ළමා අපරාධ සැකකරුවන්යේ ඡායාරූප භාවිතයේදී මුහුණු වසන් කළ යුතුය.
  3. අපරාධ සිදුවීම් සේථානවල ළමයින්ට අදාළ දෘ ද්රවය යපන්වීම වැලැකවිය යුතුය.

මෑතකදී සිදුවූ කන්තයල් අපරාධ සිේධිය වාර්තාකරණයේදී සමහර මාධය ආයතන විඳින්නන්යේ ඡායාරූප වසන්

ිරීමින් යතාරව ප්රකා යට පත් ිරීම වියේචනයට ලකවිය. ේසේුක වැනි සමාජ මාධය ජාලා මගින් ඡායාරූප ප්රචාරය

වුවද, වෘත්තීය මාධය ආයතන විසින් ආචාරධර්ම අනුගමනය කරමින් ඡායාරූප භාවිත කළ යුතු වන්යන්ය.

අපරාධ ඡායාරූප වාර්තාකරණයේදී මාධයයේදීන්ට පුහුණුවක ලබාදීම අති වැදගත් වන්යන්ය.එනම්,

  • ඡායාරූප සංසේකරණය සඳහා තාකෂණික පුහුණුව
  • ඡායාරූප සම්බන්ධ නීතිමය තත්ත්වයන්
  • විඳින්නන්යේ අනනයතාව රැකීම

මාධයයේදීන් ඡායාරූප භාවිතයේදී සංයේදී විය යුතු අතර, නිකරුයේ ිත් යේදනාවට පත්කරන යහෝ කුතුහලය පමණක

අරමුණු කරගත් ඡායාරූප භාවිතයයන් වළකී නම් වටී.2025 ඩිජිටල් යුගයේ නව අභියයෝග මාධය හමුයේ පවතී.

 

එනම් අපරාධ ඡායාරූප කෂණිකව ප්රචාරය වීම හමුයේ වඩාත් වගකීමින් ක්රියා ිරීම සම්ප්රදායික මාධය ආයතනවල

පැවැත්මටද වැදගත් යේ.සමාජ මාධය යේගයයන් අපරාධ ඡායාරූප ප්රචාරය කරන යුගයක, මාධය ආයතන සංයේදී

ඡායාරූප භාවිතයේදී වගකීමින් ක්රියා කළ යුතුය. එමගින් තමන්යේ වි ේවසනීයත්වය හා වෘත්තීයභාවය පවත්වායගන

යා හැිය.

අපරාධ ඡායාරූප වාර්තාකරණයේදී මාධය සතු වගකීම ඉතා වි ාලය. මාධය ආචාරධර්ම අනුගමනය කරමින් යතාරතුරු

සැපයීම සහ විඳින්නන්යේ යපෞේගලිකත්වය රැකීම අතර සමබරතාවය තබා ගැනීම අතයව යේ. ඩිජිටල් යුගයේ වඩාත්

වගකීමින් ක්රියා ිරීම සහ මාධය ආචාරධර්ම පිළිපැදීම මාධය කයෂේත්රයේ අනාගතය සඳහා වැදගත් වන බව පැහැිලිය.


රවි ානි යක ාලිකා

25-Aug-19

කම්මැලිකම අතහරින්න ජීවිතය දිනන්න නම් මේ දේවල් කරන්න.

හෙට කරලා දාමු,අදට වැඩි වැඩක් කරන්න බැහැ, මට කැමැත්තක් නැහැ කියන වචන ඔබේ ජීවිතයේ පොදු වචන නම්, ඔබත් කම්මැලිකමට යට වෙලා කියලා තේරෙන්න පුළුවන්.
මේක එක්කෙනෙක්ට පොදු කරුණක් නෙමෙයි හැමෝම වගේම කම්මැලිකමට හසුවෙනවා නමුත්, එය දිගටම ජීවිතයෙ ක්රියාත්මක වෙනවනං ඔබේ ජීවිතයෙ බලාපොරොත්තු හීන වෙන්න පටන් ගන්නවා.

කම්මැලිකම කියන්නේ මොකක්ද?

කම්මැලිකම කියන්නේ, කළයුතු දේවල් කළ නොහැකිවීම, තීරණ ගැනීමට ඇති අකමැත්ත, එක ක්රියාවකට හිත යොමු කිරීමට නොහැකි වීම.
මෙවැනි සිතුවිලි යම් කිසි දේවල් වලට ඇබ්බැහිවීම තුළින්ද හටගන්න පුළුවන්.
සරලවම කතා කළොත් කම්මැලිකම කියන්නේ ඒකට.

කම්මැලිකමට හේතුවන දේවල් මොනවද?
* අරමුණක් නොමැතිව ජීවත්වීම.
* අධික තාක්ෂණික භාවිතය(phone,TV)
* අභියෝග වලට බිය වීම.
* විවේක ගැනීමට ඇති දැඩි කැමැත්ත මත කළ යුතු දේවල් පසුපසට දැමීම.

කම්මැලිකමට විකල්ප: මේ දේවල් කරන්න!

1. කුඩා ඉලක්කයක් හො තබාගෙන වැඩ කරන්න.
ඉලක්කයට යන්නේ තව අවුරුදු ගානකින් එන්න පුළුවන්. නමුත් අද වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න. ඔබේ ඉලක්කය චිත් ශිල්පියෙක් වෙන්න කියලා හිතමුකෝ. අද ඔබට චිත් ශිල්පියෙක් වෙන්න අදාල දෙයක් කරන්න චිත්රයක් අඳින්න ඒකෙ අඩුපාඩු බලන්න.
නැවත උත්සහ කරන්න. එය ඔබේ අනාගතයේ විශාල ඉලක්කයට පිටුබලයක් වෙනු ඇත.

2. දවසට සුළු ‘To-Do List’ එකක් තබාගන්න.
ඔබට දවසට කරන්න තියෙන වැඩ දෙකක් තුනක් හෝ සටහන් කරගෙන. ඒවා අවසන් කරහම දැනෙන ජයග්රාහී බව අත්විදින්න.

3.Morning routine එකක් හදාගන්න.

දවසේ ආරම්භය ප්රබෝධමත් නම් එය ඔබව දිනය පුරාම සතුටින් තියන්න හේතුවක් වෙනවා.
උදේ අවදි වෙන්න, පොඩි එක්සයිස් එකක් කරන්න වගේ දේවල් වලින් තමයි පටන් ගන්න ඕන.

4. දුරකථනය භාවිතය සීමා කරන්න.

පළමු පැය 1-2 තුල tik tok/Instagram භාවිතා කිරීම තුළින් දවස පුරාම කම්මැලිකම ඔබේ ඇඟේ පැතිරෙන්න පුළුවන්.

5.”5-minute rule ” එක අනුගමනය කරන්න.

ඔබ ඔබට කියන්නමම විනාඩි පහක් හරි මේ වැඩේ කරලා තමයි නවත්වන්නේ.”කියලා පටන් ගත්තොත් වැඩේ කරන්න ආසාව ඇතිවෙනවා.

6. සාර්ථක අය ගැන කියවන්න.
සාර්ථක මිනිසුන්ගේ ජීවිත, කැපවීම්, ඔවුන්ට ඉලක්ක කරා යෑමට තිබුණු උනන්දුව ඔබෙ ජීවිතයට වටිනාකමක් එක් කරනවා. වගේම ඒවා තුළින් ඔබට පිබිදීමක් ඇතිවෙනවා.


කම්මැලිකම යනු ඔබේ හැකියාවන්, සිහිනයන්, අරමුණු අතරට කඩා වදින අනතුරකි. ඒවා ජය ගන්න නම්, අදම කුඩා පියවරක් ගන්න. කම්මැලිකම අයින් කරලා නිවැරදි ගමන් මගක් තුළින් ලොකු ඉලක්ක සපුරා ගත හැක.

ඉස්සර හෝ හෙට කියනවට වඩා අද කියන එක තමයි ජයග්රහණයේ පළමු පියවර. ඉතින් කම්මැලිකම අයින් කරලා ජීවිතය ජය ගන්න පටන් ගන්න එක අරමුණකින් ඔබට පුළුවන්. සිහින දකින්න විතරක් එපා. ඒවා සත් කරගන්න පියවර ගන්න.
කියවන්නක්රියා කරන්න.

සටහන
නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.