25-Sep-08

නව UK බදු නීති (Foreign Income & Gains (FIG) regime)– ශ්‍රී ලාංකිකයන් දැනගත යුතු වැදගත් කරුණු

2025 අප්රේල් සිට අලුත් පද්ධතියක්   

 

  දශක ගණනාවක් UK හි බදු පද්ධතිය domicile නීති මත ක්රියාත්මක විය. එය විදේශීය පුරවැසියන්ට (non- domicile) , ශ්රී ලාංකිකයන්ට විදේශ ආදායම UK තුළට remit නොකරන තුරු, එම ආදායම UK බදු වලට යටත් නොවීමයි

 

  කෙසේ වෙතත්2025 අප්රේල් 6 සිට මෙම නීති ඉවත් වී, වෙනුවට Foreign Income & Gains (FIG) regime නව පද්ධතිය ආරම්භ වන අතර මෙය UK බදු පද්ධතියේ විශාල වෙනසක් ලෙස සැලකේ

 

නව නීති යටතේ:

  • UK හි පදිංචි සියලුම පුද්ගලයන්ගේ ලෝකය පුරා ඇති ආදායම සහ ලාභ (worldwide income & gains) බදු යටතට ගනු ලැබේ.  
  • Remittance basis (මුදල් UK වලට ගෙන විට පමණක් tax කිරීම) අහෝසි වේ.
  • අලුතෙන් UK වලට පැමිණි පුද්ගලයන් හට අවුරුදු 4ක් foreign income tax-free කරන්න පුළුවන්, නමුත් ඔවුන් පසුගිය අවුරුදු 10 UK resident නොවී තිබිය යුතුයි.
  • Relief අවසන් වූ පසු, ශ්රී ලංකාවේ හෝ වෙනත් රටවල් වලින් ලැබෙන අදායම හෝ ලාභ අනිවාර්යව UK tax return එකේ declare කළ යුතුය. එම මුදල් ශ්රී ලංකාවේම හෝ අදාල රටේම රැඳී තිබුනත්, UK බදු යටතට ගන්නා ලැබේ.  

මෙය UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට ගැටලුවක් සහ අභියෝගයක් වේ.

  • විදේශගත වී පවුලට මුදල් යවන migrant workers,
  • ශ්රී ලංකාවේ දේපල හෝ කුලියට දීලා ඉන්න professionals,
  • Sri Lanka pensions ගන්න retirees සියලු දෙනාටම හැමෝම මේ නව නීතියට බලපානවා.

   සරලවම කිව්වොත්: මේ නව නීතියේ යටතේ ඔබේ ශ්රී ලංකාවේ ආදායම, investments, දේපල income හැමදේම UK tax system එකට ඇතුළත් වෙනවා.

මෙම නීතිය බලපාන්නේ කාටද?

 UK හි වැඩකරන ශ්රී ලාංකිකයන්
ශ්රී ලංකා බැංකු ගිණුම් වලින් ලැබෙන interest, fixed deposits ආදායම් දැන් UK tax return එකට ඇතුළත් කළ යුතුයි.

 ශ්රී ලංකාවේ දේපල හිමියන්
නිවාස හෝ බිම් බදු ගෙවා කුලියට දී ඇති අය, rental income UK tax return එකේ declare කළ යුතුයි.

 Dual-income professionals
විශේෂයෙන් UK හි සේවය කරන Doctors, Engineers, IT consultants සහ SL businesses, shares, side-income තිබෙන අයට මෙම නීති බලපායි.

 Retirees සහ Pensioners
ශ්රී ලංකා pensions හෝ annuities ලබා ගන්න අයගේ ආදායමද UK හි declare කළ යුතුය.

 Double Taxation Agreement (UK–SL DTA) යටතේ tax credit ගත හැක, නමුත් එය නිවැරදිව claim කළ යුතුය.

 අවදානම්නිසි පියවර නොගන්නේ නම්;

HMRC පැහැදිලිව කියා සිටිනවා:

  • Late returns හෝ incorrect returns  සඳහා Penalties සහ interest අය කරයි
  • විදේශ ආදායම නොදැක්වීමේදී investigations ආරම්භ විය හැක
  • “I didn’t know” කියන එක තව දුරටත් valid excuse එකක් නොවෙයි.

විශේෂයෙන් ශ්රී ලාංකිකයන්ට  property, bank accounts, pensions ආදිය නිසා  විශාල අවදානමක් මෙම බදු ක්රමය නිසා ඇති විය හැක.

 Reliefs සහ Protections

මේ නව නීති සම්පූර්ණයෙන්ම අවාසිදායක දෙයක් නොවේ. නව tax rules යටතේත්, ඔබ නිසි සැලසුම් සහ planning කළහොත්, tax burden අඩු කරගැනීමට උපකාරී reliefs සහ protections තිබෙනවා

  1. Foreign Tax Credit Relief (FTCR)
    ඔබ ශ්රී ලංකාවේ income (උදාහරණයක් ලෙස rental income) මත tax ගෙවන්නේ නම්, tax එක UK tax liability එකට offset කරන්න පුළුවන්.
    මේක මඟින් double taxation වැළැක්විය හැක.
    නමුත් rules ඉතා දැඩියි . Claim කල හැක්කේ අඩු අගය (Sri Lanka tax හෝ UK tax එක), සහ නිවැරදි forms (SA106) පුරවා යොමු කළ යුතුයි.
  2. FIG 4-year Relief
    අලුතින් UK වලට පැමිණෙන (new arrivals) සහ පසුගිය අවුරුදු 10 තුළ UK resident නොවූ අය, අවුරුදු 4ක් foreign income tax-free අයදුම් කරගත හැක.
    මේක අලුතින් UK වලට වැඩ කරන්න පැමිණෙන හෝ study  කරන්න පැමිණෙන අය සඳහා golden opportunity එකක්.
  3. Double Taxation Agreement (DTA)
    – UK සහ Sri Lanka අතර තියෙන ගිවිසුමක් මඟින් double taxation වැළැක්විය හැක.
    නමුත් මෙය සාර්ථකව භාවිතා කරන්න නම්, ඔබේ foreign income නිවැරදිව declare කර claim කරන එක අත්යවශ්යයි.

 සරලව කියන විදිහට, reliefs තියෙනවා. නමුත් ඒවා ලැබෙන්නේ නිවැරදි reporting සහ professional guidance එකක් යටතේ පමණි.

ඉදිරි සැලසුම් – How to Prepare ?

  1. ඔබේ විදේශ ආදායම් සහ දේපල ලැයිස්තු ගන්න. – ශ්රී ලංකාවේ ඇති bank accounts, rental properties, investments, pensions, හෝ business income ලිස්ට් එකක් සකස් කර ගන්න.
  2. ඔබේ UK tax residence තහවුරු කර ගන්න – Statutory Residence Test හෝ HMRC online tool භාවිතා කර, ඔබ UK tax resident යන්න පරීක්ෂා කර බලන්න.  
  3. Deadlines අවබෝධ කර ගන්න –  නව නීතිය බලපැවැත්වෙන පළමු වසර 2025/26 .   සඳහා Self-Assessment return එක 31 January 2027 පෙර පුරවිය යුතුය. අවසන් මොහොත දක්වා රැඳී නොසිටින්න  
  4. Document රැස්කරගන්න – Bank statements, rental agreements, Sri Lankan tax receipts වැනි ලියකියවිලි UK return සකස් කිරීමට අත්යවශ් වේ.  
  5. Professional advice ගන්න –  International tax ගොඩක් complex. UK සහ Sri Lanka tax laws දෙකම දන්නා adviser කෙනෙක්ගෙන් උපදෙස් ගත්තාම, reliefs claim කරන්න, වැරදි වලින් වලක්වගන්න, tax bill අඩු කරන්න පුළුවන්.  

  ශ්රී ලාංකිකයන් සඳහා මෙය ඇත්තෙන්ම වැදගත් වන්නේ ඇයි?

මෙය සරල paperwork එකක් විතරක් නොවෙයි.
මෙම නව නීති අපි ශ්රී ලංකාවට යවන මුදල් ප්රමාණයට, අපි ශ්රී ලංකාවේ කරන ආයෝජන වලට, සහ අපේ විශ්රාම සැලසුම් වලට සෘජුවම බලපායි.

බොහෝ ශ්රී ලාංකිකයන් UK වෙත ගියේ විදේශ ආදායම වෙනමම රැඳෙයි කියන විශ්වාසය ඇතිවය. නමුත් 2025/26 සිට එම වෙන්කිරීම අවසන් වේ.

 නිසි සැලසුම් නොමැතිනම්:

  • වැඩි tax bills
  • penalties
  • සහ ඔබේ අතේ තියෙන මුදල් අඩුවීම

 නිවැරදි සැලසුම් සහ වෘත්තීය උපදෙස් සමග:

  • නීති සම්පූර්ණයෙන් පිළිපදින්න පුළුවන්
  • double taxation වලින් වලක්වගන්න පුළුවන්
  • සහ ඔබේ පවුලට UK තුළත්, ශ්රී ලංකාව තුළත් ආධාර ලබා දෙමින් ආරක්ෂිතව ඉදිරියට යන්න පුළුවන්.

 

නව FIG regime යනු UK taxation ඉතිහාසයේ විශාල වෙනසක් වන අතර, UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට  වාසි   සහ  අවාසි දෙකම ගෙන එයි.

අදම සැලසුම් ආරම්භ කර, නිසි professional උපදෙස් ලබා, ඔබේ hard-earned මුදල්ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් නිවැරදිව ක්රියාත්මක වන බවට වගබලා ගන්න.

මෙම නව නීති යටතේ, ඔබේ overseas income, pensions, property සහ investments පිළිබඳ පැහැදිලි සැලසුම් කිරීම මඟින්, double taxation වලින් බේරී, අනාගත ආර්ථික ආරක්ෂාව සහ family support සුරක්ෂිත කර ගත හැක

25-Sep-06

සීතල යුද්ධයෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය සහ එහි වත්මන් තත්වයට මුහුණ දීමට සහ හැඩගැසීමට ශ්

සීතල යුද්ධයෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය සහ එහි වත්මන් තත්වයට මුහුණ දීමට සහ හැඩගැසීමට ශ්රී ලංකාවේ උපාය මාර්ග

සීතල යුද්ධය යනු එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර දේශපාලන හා මිලිටරි එදිරිවාදිකමක් පමණක් නොව, ගෝලීය ආර්ථිකය හැඩගස්වා ගත් දිගු අරගලයක් විය. එය ලෝකය කණ්ඩායම් දෙකකට බෙදා, ආතතීන්, වෙළඳ සීමාවන් සහ අසමාන සංවර්ධනයක් ඇති කළේය. විශේෂයෙන් ආසියාවේ, අප්රිකාවේ සහ ලතින් ඇමරිකාවේ බොහෝ රටවල් මෙම බලවතුන් දෙදෙනා අතර සිරවී සිටියහ. සීතල යුද්ධය අතරතුර සහ ඉන් පසුව ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය ආයුධවල පිරිවැය සහ හමුදා ව්යාප්තිය පමණක් නොව කුඩා ජාතීන්ට නිදහසේ සංවර්ධනය වීමට ඇති සීමිත අවස්ථා විය. මෙම උරුමය අදටත් ගෝලීය ආර්ථිකයට බලපාන අතර ශ්රී ලංකාව වැනි රටවලට බලපෑම් කරයි.

සීතල යුද්ධය අතරතුර, සුපිරි බලවතුන්ගේ තරඟය බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල තෙල් කම්පන, උද්ධමනය ඉහළ යාම සහ ණය අර්බුද ඇති කළේය. කණ්ඩායම් දෙකෙන් ඕනෑම කණ්ඩායමකින් ආධාර හෝ ණය මත යැපෙන රටවල් බොහෝ විට ණය ආපසු ගෙවීමට අරගල කළ අතර, ඔවුන් ආර්ථික අස්ථාවරත්වයට ගොදුරු විය. IMF සහ ලෝක බැංකුව වැනි ජාත්යන්තර ආයතන ව්යුහාත්මක ගැලපුම් වැඩසටහන් හඳුන්වා දුන් අතර, එය බොහෝ අවස්ථාවලදී සාමාන් පුරවැසියන්ගේ ආර්ථික දුෂ්කරතා ගැඹුරු කළේය. ශ්රී ලංකාව වැනි කුඩා දූපත් රාජ්යයන් සඳහා, මෙම ගෝලීය ආර්ථික තරංග ප්රධාන අභියෝග ඇති කළේය. වෙළඳ මාර්ගවලට බලපෑම් ඇති විය, භාණ්ඩ සඳහා ගෝලීය ඉල්ලුම වෙනස් විය, සහ ශක්තිමත් ආර්ථිකයන් මත මූල් යැපීම වැඩි විය.

ශ්රී ලංකාව, නොබැඳි රටක් ලෙස, සීතල යුද්ධය අතරතුර තම විදේශ සබඳතා ප්රවේශමෙන් සමතුලිත කිරීමට උත්සාහ කළේය. එක්සත් ජනපදය හෝ සෝවියට් සංගමය සමඟ සම්පූර්ණයෙන්ම පැත්ත ගැනීම වෙනුවට, ශ්රී ලංකාව තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් දෙපැත්තෙන්ම ආධාර ලබා ගැනීමට තම මධ්යස්ථ ස්ථාවරය භාවිතා කළේය. කෙසේ වෙතත්, තෙල් මිල ඉහළ යාම සහ වෙනස් වන වෙළඳපොළවල් වැනි ගෝලීය අර්බුදවල ආර්ථික බලපෑම් තවමත් රටට තදින්ම බලපෑවේය. උද්ධමනය, විරැකියාව සහ ආනයන මත යැපීම දිගුකාලීන ගැටළු බවට පත්විය.

අද පවා, ශ්රී ලංකාවට සීතල යුද්ධ ගතිකය තුළ මුල් බැසගත් ගෝලීය ආර්ථික අභියෝගවල අඛණ්ඩ බලපෑම් දැනේ. ලෝකය ගෝලීයකරණය සහ නිදහස් වෙළඳපොළ පද්ධති වෙත ගමන් කර ඇත, නමුත් බලවත් රටවල් අතර තරඟකාරිත්වය තවමත් අස්ථාවරත්වයක් ඇති කරයි. වෙළඳ යුද්ධ, ඉහළ යන ඉන්ධන පිරිවැය, ගෝලීය උද්ධමනය සහ මූල් අර්බුද සීතල යුද්ධයේ නූතන දෝංකාරයයි. අත්යවශ් භාණ්ඩ සඳහා ආනයන මත යැපෙන සහ තේ, ඇඟලුම් සහ ශ්රම ප්රේෂණ වැනි අපනයන මත දැඩි ලෙස රඳා පවතින ශ්රී ලංකාව වැනි රටකට, මෙම ගෝලීය මාරුවීම් අවදානම් සහ පීඩන යන දෙකම ගෙන එයි.

මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා, ශ්රී ලංකාව වෙනස් වන ආර්ථික තරංගවලට අනුවර්තනය වීමට උපාය මාර්ග සකස් කර ඇත. එක් ප්රවේශයක් වන්නේ එහි ජාත්යන්තර හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීමයි. එක් සුපිරි බලවතෙකු මත පමණක් යැපීම වෙනුවට, ශ්රී ලංකාව ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය සහ යුරෝපීය ජාතීන් ඇතුළු බහු රටවල් සමඟ වෙළඳ සහ ආයෝජන සබඳතා ගොඩනඟා ගෙන ඇත. තවත් උපාය මාර්ගයක් වන්නේ විදේශ ආදායම් උපයා ගැනීමේ මාර්ග ලෙස සංචාරක ව්යාපාරය සහ සේවාවන් කෙරෙහි අවධානය යොමු කිරීම, සාම්ප්රදායික අපනයන මත දැඩි ලෙස යැපීම අඩු කිරීමයි. සමඟම, මෙම පියවරයන්ට සමහර විට දැඩි ප්රතිසංස්කරණ අවශ් වුවද, ණය ප්රතිව්යුහගත කිරීමට සහ එහි ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්රී ලංකාව ගෝලීය මූල් ආයතන සමඟ කටයුතු කර ඇත.

මෑත වසරවලදී, විශේෂයෙන් ආහාර සහ ඉන්ධන සඳහා ආනයන මත යැපීම අඩු කිරීම සඳහා ශ්රී ලංකාව සිය දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීමට උත්සාහ කර ඇත. දේශීය කර්මාන්ත දිරිමත් කිරීම, පුනර්ජනනීය බලශක්තිය ප්රවර්ධනය කිරීම සහ ඩිජිටල් තාක්ෂණයේ ආයෝජනය කිරීම රට ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයට මුහුණ දීමට සූදානම් වන නව ක්රම කිහිපයකි. මෙම පියවර පහසු නොවූවත්, ගෝලීය දේශපාලනයෙන් ඇතිවන ආර්ථික අර්බුද තත්ව තාවකාලික නොවන නමුත් බුද්ධිමත් අනුවර්තනයක් අවශ් දිගුකාලීන යථාර්ථයන් බව පිළිගැනීම ඒවායින් පිළිබිඹු වේ.

සීතල යුද්ධයෙන් වර්ධනය වූ ගෝලීය ආර්ථික අර්බුදය ලොව පුරා කල් පවතින බලපෑම් ඇති කර ඇති අතර, අනෙකුත් බොහෝ ජාතීන් මෙන් ශ්රී ලංකාව එහි ප්රතිවිපාකවලට මුහුණ දෙමින් සිටී. රාජ් තාන්ත්රිකභාවය, විවිධාංගීකරණය සහ දේශීය ශක්තිය හරහා හැඩගැසීමෙන්, කුඩා ජාතීන්ට තවමත් අවිනිශ්චිත ගෝලීය පිළිවෙලක දිවි ගලවා ගැනීමට මාර්ග සොයා ගත හැකි බව ශ්රී ලංකාව පෙන්වයි. ශ්රී ලංකාවේ උපාය මාර්ග පිළිබඳ කතාව, ඉතිහාසය අභියෝග නිර්මාණය කරන අතරම, අනාගතය සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ නවෝත්පාදනය සොයා ගැනීමට රටවල් තල්ලු කරන බව මතක් කිරීමකි.

පවිත්රා රණතුංග

25-Sep-05

එළද බ්‍රා

~ තිසර පට යට වසන්තය ~

ලාංකේය ටෙලිනාට් කර්මාන්තයේ මෙන්ම සිනමා කර්මාන්තයේ පුරා දශක

ද්විත්යකට නොවැඩි කාල පරාසයක් මුළුල්ලේ නිෂ්පාදන කළමණාකරුවෙකු

ලෙසත්, සහය අදියුරුවරයෙකු ලෙසත් නිපුණශීලීව වෘතියේ නියළුනු සොඳුරු

නිමැවුම්කරුවෙකි පූජිත සේනාරත්න ගුණතිලක. එමෙන්ම වර්ෂ 2019 දී මෙරට

රිදී තිර ආලෝකමත් කරන්නට වරම් ලැබූෂෙලීනාසිනමාපටයේ අර්ථපතීත්වය

දරමින් එහි අධ්යක්ෂණ භූමිකාව නොපිරිහෙලා ඉටුකරන්නට හෙතෙම

සමර්ථකම් ඉසුලුවේය. “එළද බ්රාඔහුගේ දෙවන සිනමා වියමන ලෙසින් තව

නොබෝ දිනකින් දිවයින පුරා සිනමාහල් වර්ණවත් කරන්නට සූදානමිනි.

නූගත් දුගී ගැමියෙකු හට සිය මුත්තණුවන් විසින් අතීන්ද්රීය විස්කමක් හරහා

අමිල දියමන්තියක් ත්යාග කරයි. ගැමියා එය සුඛෝපභෝගී සංචාරක හෝටල්

පරිශ්රයක් තුළදී ධනවත් විදේශීය මැණික් ව්යාපාරිකයෙකු හට අලෙවි කරන්නට

සැරසෙයි. එනමුත් එහිදී සිදුවන එක් අනපේක්ෂිත සිදුවීමක් නිසාවෙන් දියමන්තිය

හෝටල් සේවකයෙකු භාරයට පත්වෙයි. අනිසි තැතිගැන්මකට ලක්වන සේවකයා

වහා හෝටල් පරිශ්රයෙන් පලායාමට වෙර දරද්දී, ව්යාපාරිකයාත් ඔහුගේ

සහචරයිනුත් සේවකයා පසුපස හඹායයි. සේවකයා අහම්භෙන් කාන්තා නිමි

ඇඳුම් හලකට පිවිසෙයි. ඉන් අනතුරුව සේවකයා දියමන්තිය අඛණ්ඩවම තමා

සන්තකයේ රඳවා ගන්නට දරණ උත්සාහයත්, ව්යාපාරිකයා සහ සහචරයින්

දියමන්තිය යළි තම භාරයට ගැනීමට දරණ වෑයමත් පෙරටු කොටගෙන

සිනමාපටය ඉදිරියට ධාවනය වෙයි.

චිත්රපටයේ සාරාංශය සැකෙවින් ඉහත පරිදි වන අතර, හුස්මකින් ඇරඹී

හුස්මකින් නිමවන කෙටිකාලීන මිනිස් ජීවිතය තුළ තෘෂ්ණාව නැතහොත් ආසක්ත

භාවය නැමැති පාරභෞතික යෙදවුමේ කාර්යභාරය සිනමා පටය තුළින් මැනවින්

විග්රහ කිරීමට සිනමාකරුවා සමර්ථ වී ඇති බැව් එය අවදානයෙන්  නරඹා

යටිපෙළ කියවාගන්නා කා හට වුවද ප්රත්යක්ෂ වනවා නොඅනුමානය.

පුබුදු චතුරංග, අමන්දා සිල්වා ඇතුළු සිනමාපටයේ කොඳුනාරටිය හට ජීවය

සම්ප්රේෂණය කරනා ප්රදාන රාංගන ශිල්පීන් සියළු දෙනාම විසින් තම චරිතයන්

හුදු නිරූපණය කිරීමකින් ඉතා ඔබ්බට ගොස් අදියුරුවරයාගේ විධානයන්ට නතු

වන කාල සීමාව තුළදී අදාළ චරිතයන් තුළ භාවාත්මිකව ජීවත් වෙන්නට ඇති

බව සිනමාපටය නැරඹීමෙන් අනතුරුව මුව විදහා, දසන් විලිස්සා සිනහවට

නෑකම් කියමින් සිනමා ශාලාවෙන් පිටතට පිවිසෙන සුවහසක් ප්රෙක්ෂක ජනකාය

දෙසට අවධානය යොමුකරන්නෙකු හට ආයාසයෙන් වටහාදිය යුතු නොවේ.

රංගන දායකත්වය

 

පුබුදු චතුරංග

නිලුක්ෂි අමන්දා සිල්වා

රොඩ්නි වර්ණකුල

ප්රියන්ත සෙනෙවිරත්න

ශ්රියන්ත මෙන්ඩිස්

සරත් කොතලාවල

මිහිර සිරිතිලක

සුරංග සතරසිංහ

නිල්මිණි කෝට්ටේගොඩ

සුසිලා කෝට්ටගේ

පේෂල මනෝජ්

ශ්රීමාල් වෙඩිසිංහ

නිර්ධා උයන්හේවා

හේමන්ත ඊරියගම

කැළුම් ශ්රීමාල්

ශිරෝමිකා ප්රනාන්දු

ශාන්ත ගාල්ලගේ

ලක්ෂ්මන් අමරසේකර

සුමුදු අමල්ක

චතුර පෙරේරා

නදීකා ගුණසේකර

සාරා අබේවර්ධන

චින්තක පීරීස්

හිරුණි රණසිංහ

 

කැමරාකරණය, කලා අද්යයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන

සිනමාපටයක ප්රාදාන සංරචකයන් අතර පවත්නා මනා පෑහීමත්, දර්ශනයෙන්

දර්ශනයට මදකුදු ඇසිපිය ඉවතට නොගන්නට සිතෙනා තරමේ කුකුස නොඅඩුව

කැටි වූ උද්වේගකාරී එල්බගැනීමක් ප්රේක්ෂක මන තුළ හටගැන්වීමට සමත්වන

බැව් නොවළහා කිව යුතුය.

එමෙන්ම සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන

තෙක් දාවනය වන සවනට ප්රිය පසුබිම් සංගීතයත් සිනමා ශාලාව තුළ

අසුන්ගන්නා සුවහසක් රසික සිත් නොසිඳෙන විනෝදාස්වාදයෙන් පුරවාලන්නට

හපන්කම් උසුලන බව අව්යාජව පැවසිය හැකියි.

නිෂ්පාදන කාර් මණ්ඩලය

කතා සංකල්පය සහ අධ්යක්ෂණයපූජිත සේනාරත්න ගුණතිලක

නිෂ්පාදනයසුජිතා පීරිස් , දේදුණු සිල්වා

සහය නිෂ්පාදනයසමිත පීරිස් , ප්රසන්න සිල්වා

විධායක නිෂ්පාදනයචරිත් සුද්දත්චාරි

සහය අධ්යක්ෂණයඋදය ප්රසන්න

කැමරා අධ්යක්ෂණය සහ ආලෝකකරණයනිරංග සංජීව

කැමරා සහයප්රදීප් නිශ්සංක

සංස්කරණය , වර්ණ සංයෝජනය , ශබ්ද සැලසුම්කරණය සහ විශේෂ ශබ්ද

ප්රයෝගසිනෙත් මාලක පතිරණ

අංග රචනය සහ නිෂ්පාදන කළමණාකරණයතාරක අධිකාරි

කලා අධ්යක්ෂණයවින්ද්යා ප්රියංකර

සටන් අධ්යක්ෂණයසුමුදු අමල්ක

නර්ථන වින්යාසයගයාන් ශ්රීමාල්, තරංග හර්ෂ කුමාර

හඬකැවීම් පටිගතකිරිමතනුෂ්ක කහඳවල

5.1 ශබ්ද පරිපාලනයප්රියන්ත එදිරිසිංහ , සිනෙත් මාලක පතිරණ

පසුබිම් සංගීතයඔනිෂ් මෙල් , දිලීප ලියනගේ

ගීත රචනයකැළුම් ශ්රීමාල් , චාමික වීරසිංහ , රුචිර ෆ්රීසෝ , දිවාන් තේමිස්

ගී තනු නිර්මාණයරවි රොයිස්ටර් , කේෂාන් පෙරේරා , ඔනිෂ් මෙල්

 

ගීත ගායනයරවි රොයිස්ටර්, කේෂාන් පෙරේරා , රංග හේරත්, සදීපා ඉසුරුණි,

චන්දි සුද්දත්චාරි

නිශ්චල ඡායාරූපහසිත නිළුපුල්

ප්රධාන අලෝකකරණ ශිල්පිසමන් මායාකඩුව

දෙවන සහය අධ්යක්ෂණයමධුශාන් පෙරේරා , අරවින්ද රත්නායක

ඩ්රෝන කැමරාසම්පත් චතුරංග

එළද බ්රාසිනමාපටය තම දෙවන සිනමා අධ්යක්ෂණය බවට පත්කොට ගනිමින්

පූජිත සේනාරත්න ගුණතිලක හට හෙලවුඩයේ දීප්තිමත් හෙටක් අපේක්ෂා

කරන්නා වූ මිලියන සංඛයාත එතෙර මෙතෙර සිනමාලෝලීන්ගේ ඇස් කණ්

ප්රමුදිත කරවීමටත්, මනදොළ කුල්මත් කරවීමටත් මතු අනාගතයේදී විවරණ

ලැබේවායි, ලාංකේය සිනමා සහ ටෙලිවිෂන් කර්මාන්තයන්හී වෘතීය තිර

රචකයෙකු ලෙසින් නිර්මාණකරණයේ නියලෙන මා එක සිතින් පතන්නෙමු.

සැකසුම

හිරාන් ගමගේ

25-Sep-02

UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්

UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්
එක්සත් රාජධානියේ 2025 ජුනි මාසයෙන් අවසන් වන වසර සදහා වන ආගමන විගමන දත්ත පහුගිය දවසක බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්ය්‍යාලය මගින් නිකුත් කරා. මේ වෙනකොට බ්‍රිතාන්‍යයට විශාල ගැටළුවක් වෙලා තියන ශුද්ධ සංක්‍රමණ ප්‍රමාණය ඉහළ යාම නිසා මේ නිකුත් වෙන දත්ත ගැන සෑහෙන්න පිරිසක් උනන්දුවෙන් නිරීක්ෂණය කරනවා. ගෙවුනු වසර ඇතුලත බ්‍රිතාන්‍යයේ රජයන් දෙකක් විසින් සංක්‍රමණ පාළණය කිරීම සදහා ගනිපු විවිධ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල සිදුවූ සංක්‍රමණ වල පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් සිද්ධ වෙලා තියනවා.

එක්සත් රාජධානියට පුද්ගලයන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග දෙකක් තමයි රැකියා වීසා සහ ස්ටුඩන්ට් වීසා. මේ වීසා මාර්ග දෙක ඉලක්ක කරගනිමින් තමයි බ්‍රිතාන්‍ය රජය පහුගිය කාලය පුරාවටම විවිධ සීමා කිරීම් පැනවීම කරේ. ඒ නිසාම කැපී පෙනෙන පහත වැටීමක් ඒ අංශ දෙකෙන්ම සිදුවෙලා තියනවා. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යය විසින් නිකුත් කල රැකියා වීසා ප්‍රමාණය 182,553 ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 36% පහත වැටීමක්. සෞඛ්‍ය සහ රැකවරණ සේවක වීසා එහෙම නැත්තම් සෞඛ්‍ය සහ care වීසා වැටෙන්නෙත් ඒ යටතේ රැකවරණ සේවක වීසා වල පසුගිය වසරට සාපේක්ෂව 77% අඩුවෙලා තියනවා.

රැකියා වීසා සදහා පිටතින් එන ප්‍රමාණය අඩුවීමත් එක්ක දැනට මේ රටේ ඉන්න පිරිසට වීසා සහිතව රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. විශේෂයෙන්ම දැනට ස්ටුඩන්ට් වීසා හෝ PSW වීසා වල ඉන්න පුද්ගලයන්ට අඩු තරගකාරිත්වයකින් රැකියාවකට යාමට අවස්ථාව මේ එක්කම වැඩි වෙනවා. ඒ අතරේ ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි පිරිස එම කාලය තුල 431,725 ක් කියලා තමයි සදහන් වෙන්නේ. එම ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 18% ක අඩුවීමක්. මේ අඩුවීම සිද්ධ වෙලා තියෙන්නේ පවුල් වල සාමාජිකයන් ගෙන ඒම අඩුවීමත් එක්ක. ඒ වගේම ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි වැඩිම ප්‍රමාණය චීනයෙන් වන අතර ඉන්පසුව පිළිවලින් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ශිෂ්‍ය වීසා මත පිරිස් පැමිණ තිබෙනවා.

ඒ අතරේ අපිට වඩා වැදගත් වෙන්නේ ලංකාවෙන් එක්සත් රාජධානියට කොච්චර පිරිසක් සංක්‍රමණය වෙලා තියනවද කියන එක. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට රැකියා වීසා මත සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ලෙස 4,924 දෙනෙකු සංක්‍රමණය වෙලා තියනවා. එම කාලය තුල ශ්‍රී ලංකාවේ සිට අයදුම් කල රැකියා වීසා සහ යැපෙන්නන්ගේ අයදුම්පත් වලින් 76% කටම වීසා නිකුත් වෙලා තියනවා. විවිධ හේතු මත ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ අයදුම්පත් 1,416 ක් පමණයි.

2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ස්ටුඩන්ට් වීසා සහ එම යැපෙන්නන් ලෙස ලංකාවෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වූ පිරිස 4,318 ක්. වීසා ප්‍රධානය කල ප්‍රතිශතය 92% ක් . ඒ වසර තුල ලංකාවෙන් ස්ටුඩන්ට් වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ 308 ක් පමණයි. රැකියා විසා සහ ස්ටුඩන්ට් වීසා මත මෙරටට සංක්‍රමණය වූ ජාතීන් අනුව ලංකාව පසුවන්නේ පිළිවෙලින් 12 වන සහ 13 වන ස්ථානයේ.

ඒ අතර ගෙවුනු වසර තුල සංචාරක වීසා මත ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි පිරිස 23,922 ක්. එම ප්‍රමාණය බ්‍රිතාන්‍යයට පුද්ලයන් සංචාරය කරන ප්‍රමාණය අනුව සැලකිය යුතු පිරිසක්. ඒ අතරේ 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ලංකාවෙන් ඉදිරිපත් වූ සංචාරක වීසා අයදුම්පත් 8,504 ක් ප්‍රතික්ශේප කරන්නත් බ්‍රිතාන්‍ය රජය තීරණය කරලා තියනවා. 26% තරම් අයදුම්පත් ප්‍රතිශතයක් ප්‍රතික්ශේප වෙලා තියනවා. අවසානයක් විදියට 2024 වසර තුල ශ්‍රී ලාංකිකයන් 3,019 දෙනෙකුට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය එහෙම නැත්තම් ILR ප්‍රධානය කරලා තියනවා.

තිලාන් ජයසේකර

25-Aug-03

සූර්යා

~ සමාජ මාධ්යය පෙරළියකින් සමාජයම උසස් කරවපු සූර්යාගේ වික්රමය ~

මහේෂ් මුණසිංහගේ අභිමානනීය දෙවන සිනමා රූ සරණිය

ශ්රී ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාණකරණ කර්මාන්තයේ සදා අනුස්මරණීය

වෙළඳ දැන්වීම් සමුදායක් නිමවීම උදෙසා සිය අද්විතීය නිර්මාණ කෞශල්යය

නොමසුරුව දායාද කරමින් ප්රතිභාපූර්ණ අදියුරු සන්නාමයක් විලසින් යෙහෙන්

වැජඹෙන මහේෂ් මුණසිංහ මහතා සහ ශ්රී ලාංකේය උපකාරක පන්ති

ක්ෂේත්රයේ වියත් ගුරු භවතෙකු විලසින් දසත කිතුගොස පතුරමින්

සිව්හෙළයේ සිව්කොණ පුරා විසිරී පැතිරුණු මිලියන සංඛ්යාත උසස් පෙළ ජීව

විද්යා සිසු සිසුවියන්ගේ නැණ මග පහන් දැල්වූ දිනේෂ් මුතුගල මහතාගේ

සුපහන් සුසංයෝගයෙන් ශ්රී ලාංකේය රිදී තිරය එකලු කරවන්නට පායන

සූර්යයායිසූර්යා”.

උපතින්ම ඉහළ මධ්යයම පාන්තික පවුල් පසුබිමකට උරුමකම් කීම නිසාවෙන්

, විනිමය මාපිය දායාද නොමසුරුවම ලත් එකම දරුවා වීම නිසාවෙන් කුඩා

කළ පටන්ම කෙළිලොල් දිවි පෙවතකට හුරු වූ සූර්යා සරණජීව, පාසල්

අධ්යාපනය නිමවීමෙන් පසු සිය අදහස් උදහස් හට කදිමටම පෑහුණු

දෙමිතුරන් සමඟින් එක්ව, බලකාමී දේශපාලන මාධ්යයකරණයේ නව්

උපයෝගීතාවයක් ලෙසින් ගෝලීය සමාජ මාධ්යය සැරියේ ප්රමුඛතම මුහුණුවර

වන යූටියුබ් අවකාශය අවභාවිතා කරන්නට පෙළඹෙන අයුරුත්, සමඟින්

සූර්යාගේ හා ඔහුගේ ළබැඳියන්ගේ ඉරණම් කතාවට එල්ලකෙරෙන

සෘණාත්මක බලපෑම් විකසනය වන අයුරුත්, අවසානයේ පරිණත සමාජ

මාධ්යයකරුවෙකු වශයෙන් තමාගේත්, තම ළබැඳියන්ගේත් මෙන්ම ඉන්

නොනැවතී සමස්ථ සමාජ සංස්ථාවේත් ධණාත්මක පරිවර්තනයක් සිදුකරනු

උදෙසා සමාජ මාධ්යය සුභාවිතකරණය සිදුකරන අයුරුත් සිනමාපටය පුරාවට

අපූරුවට දිගහැරෙයි.

සෑම තාක්ෂණික නවෝත්පාදනයක් හරහාම ධණාත්මක භාවිතාවක් මෙන්ම,

සෘණාත්මක භාවිතාවක් පිළිපිඹු වීමේ සම්භාවිතාවක් පවතින බවත්,

විද්යාමාන වන්නේ කුමන භාවිතාව යන්න තීරණය කෙරෙන්නේ භාවිතා

කරන්නා දරණා ආකල්පයන් මත බවත් සිනමා සළරුව මතින් ගම්යකරන්නට

තැත්කරන උඩුපෙළ විය යුතු බව හැඟෙයි.

කාලීන ලාංකීය ජන සමාජය වේගවත්ව ගෝලීය තාක්ෂණික විප්ලවයේ

ගොදුරක් වෙමින් පැවතීම නවතාලිය හැක්කක් නොවන විටදී, ධණවාදී

සංස්කෘතික ප්රවාහයට ඉබේටම නතුවෙන තාරුණ්යයේ ජීවන දෘෂ්ඨිය

 

බහුචිතවාදි ස්වරූපයක් ගන්නා බව නිර්මාණකරුවන් සිනමාපටය තුළින්

කියාපාන්නට උත්සාහ කරන යටිපෙළ විය හැකි බව සිතේ.

උක්ත පෙළ ද්විත්වය මනා සංයමයකින් යුතුව රිදී තිරය මත ප්රක්ශේපනය

කිරීමට ප්රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන්

විසින් පාන්නා වූ සමර්ථභාවය එය දෑසින් විඳ මනසින් කියවාගැනීමට

සමර්ථභාවයක් ඇත්තා වූ සියළු ප්රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය

යුතුයැයි තරයේ ප්රකාශ කිරීමට කැමැත්තෙමි.

රංගන ධායකත්වය

ජනිත් වික්රමගේ

නිහාරි පෙරේරා

මයික් ෆර්නෑන්ඩු

දිල්හානි ඒකනායක

දිනේෂ් මුතුගල

සණත් ගුණතිලක

අජිත් වීරසිංහ

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

සුදීක්ෂා සමාධි

සංගීත් ප්රභූ

සචින් චතුරංග

ලසන්ත උඩුකුඹුර

කමල් දේශප්රිය

සංගීතා තදානි

හර්ෂිකා රත්නායක

එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්රතිභාව පූර්ණ වශයෙන්

විදහාපෑමට මං සලසාදුන් ප්රශස්ථ කාර්මික දායකත්වය විසින් සිනමාපටය

රාමුගත වන ඉහත ආකයානයන් ද්විත්වය තුළ මිනිසාගේ සියුම් මනෝමය

සංරචකයන්, සංකීර්ණ භෞතිකමය සමාජදේශපාලන සංරචකයන් මත

පුරෝකථනය කළ නොහැකි ලෙසින් විචල් වන අයුරු වඩාත් හොඳින්

ප්රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව්

 

සිනමාපටය සමඟින් තියුණු සබැඳියාවක් සකසාගත් සිනමා සංවේදී කා හට

වුවද වටහාගැන්මට අපහසු නොවනු ඇත.

නිෂ්පාදනය | දිනේෂ් මුතුගල

අධ්යක්ෂණය | මහේෂ් මුණසිංහ

තිර රචනය | රොනල්ඩ් දසනායක

කැමරා අධ්යක්ෂණය | රංගන එස්. බන්ඩාර

සංගීතය | එරංග ජයවර්ධන

සහය අධ්යක්ෂණය | නිරෝෂන් එදිරිමාන්න, ඉඳුනිල් දැරණියගල

සංස්කරණය හා වර්ණ සංයෝජනය | රොෂාන් එඩ්වඩ්

විශේෂ දෘශ් ප්රයෝග | මහේෂ් බී. චන්ද්රසේන

සංගීත සැලසුම්කරණය | සශික රුවන් මාරසිංහ

ගීත පදරචනය | මනුරංග විජේසේකර, එරංග ජයවර්ධන

නිෂ්පාදන ප්රදානී | සන්ක බන්ඩාර

නිෂ්පාදන කළමනාකරණය | එරන්ද දේවනාරායන

කලා අධ්යක්ෂණය | නුවන් සනුරංක

සටන් අධ්යක්ෂණය | සමන් බන්ඩාර

ඇඳුම් නිර්මාණය | ජනක උල්ලන්දුපිටිය

වේශ නිරූපණය | ප්රියන්ත දිසානායක

කොන්ඩා සැකසුම් | අවිෂ්ක චතුරංග

නර්තන වින්යාසය | සාරා අබේවර්ධන

සමාජ මාධ්යය ප්රචාරණය | ඩී. එම්. ඩිජිටල්

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති

කරවන මෙවන් ප්රශස්ථ සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය

වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත් සැලසේවායි මහේෂ් මුණසිංහ

හා දිනේෂ් මුතුගල අතුළු සිනමාපටයේ සමස්ථ නිෂ්පාදන කාර් මනඩලය වෙත

මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

සැකසුම | හිරාන් ගමගේ

25-Aug-08

පසු තැවෙන්න ඕනෙමද?

අපරාදෙ එහෙම උනේ” “අපරාදෙ එහෙම කලේයනාදී වශයෙන් ඇතැම් සිදුවීම් වෙනුවෙන් අපි කවුරුත් ජීවිතේ යම් යම් අවස්ථාවන් වල පසුතැවීමට, කනස්සල්ලට පත්වීමට ලක්වෙලා තියනවා. ගැන කම්පාවට පත්වෙලා තියනවා.

මේ කිසිදු සිදුවීමක් සංස්කරණය කල නොහැකී කියන තැනින් පටන් ගත්තොත්, මේ විදියට මානසිකව පීඩා විඳීම යම්තාක් දුරකට හෝ අඩු කරගැනීමට අස්වැසිල්ලක් ලැබෙනවා. පසුතැවීමට ආසන්නතම හේතුව හොඳින් විග්රහ කරගැනීම තමයි වඩාත්ම වෑදගත් වෙන්නේ. මොකද ඇතැම් සිදුවීම් සිතා මතා කල යමක ප්රතිඵලයක්. වගේම තව සමහරක් සිදුවීම් කිසිදු පෙර සූදානමක් නොමැතිව අවස්ථාවන්වල පෙල ගැසුනු ඒවා.

සිතා මතා ඔබ අතින් වූ යමකට ඔබ සිතින් වද වේදනා විඳී නම්, ක්රියාව සැබැවින්ම තවත් කෙනෙකුට අසාධාරණයක්, අවාසියක් හෝ පීඩාවක් අහේතුකව අත් කර දීමක් නම්, ඔබට එය යලි සිදුවීම නවතාලිය හැකියි. මන්ද, ඔබ අවබෝධය තුලින් ක්රියාත්මක වීම තෝරා ගන්නා පුද්ගලයකු නිසා.ඔබ සිතා මතා නොකල යම් කටයුත්තකදී කෙනෙක් අපහසුතාවට, වේදනාවට පත් වුනේ නම්, සිදුවීම උනත් යලි සිදුනොවීමට ඔබට වගබලා ගත හැකියි.

අපි ගැටෙන්නේ, ගනුදෙනු කරන්නේ, ආදරණීය වෙන්නේ එකිනෙකාට වෙනස් ගැහැණුන්, මිනිසුන් සමග. ඉතින් අන්යෝන් අවබෝධයත් ඉතාමත් වටිනවා, මේ පසුතැවීමට තිත තියන්න.

කොයිහැටි වෙතත්, අතීතයේ සිදුවුන දෙයක් ගැන පමණට වඩා විස්සෝප වීමෙන් වෙන්නේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් වැය කරන්න තියන කාලය අඩු වෙන එක. වගේම ඍණාත්මක සිතිවිලි වලින් ඔයාවම පීඩාවට පත්වෙන්න ඉඩ හැරීම. නිසා අවස්ථානුකූලව, බුද්ධියෙන් වැඩ කරන්න වෙනවා.

සමහර පාරවල් වල ලොකු දුරක් ගිහින් “U Turn” එකක් අරං ආපහු එන්න වෙනවා. අපරාදෙ, අපරාදෙ පාර වැරදුනා කියලා හිතන තත්පරයට පුලුවන් ජීවිතයක් අහිමි කරන්න. ඉතින්, යම් තැනකදී ඔයා ගත්ත තීරණයක් පසුකාලීනව විග්රහ කලාම, හරිම දේ නෙමෙයි නේද කලේ කියලා හිත කියන්න පුලුවන් . සමහර විට සිදුවීම තුළින් ඔයාගෙ පෞරුෂය වර්ධනය වීමක්, තවත් කෙනෙක් සමග තිබුණා බැදීමට නිවැරදි අර්ථකථනයක් ලැබීමක්, ජීවිතය දිහා ඔබ බලන කෝණයේ යම් වෙනස් වීමක් සිදු වෙන්න පුලුවන්.

නිසා වැඩිකාලයක් පසුතැවි තැවී ඉන්න එපා. වඩාත්ම සුදුසු ක්රියාවට අවතීර්ණ වෙන්න. ඉතාම සරලව කිව්වොත් මේ ලිපිය කියවන මොහොතේ ඔයා ජීවත් වෙනවා.
පසුතැවෙන්න ඕනෙමද?

දිමුතු සේනාදි

25-Aug-11

ශ්‍රී ලංකාවේ විවාහ සහ දික්කසාද නීතිය ගැන දැනුවත් වෙමු.

ශ්රී ලංකාවේ බොහෝ දෙනෙකුට විවාහය ජීවිතයේ වැදගත්ම අංගයකි. එය පෞද්ගලික තීරණයක් පමණක් නොව නීතිමය ගිවිසුමක් වේ. ශ්රී ලංකාවේ විවාහය සහ දික්කසාදය පිළිබඳ නීති විවිධ සම්ප්රදායන්, ආගම් සහ නීති පද්ධතිවල මිශ්රණයකි. මෙයට හේතුව රට තුළ විවිධ ප්රජාවන් සඳහා පෞද්ගලික නීති කිහිපයක් ඇති බැවිනි, එනම් උඩරට නීතිය, තේසවලමයි නීතිය, මුස්ලිම් නීතිය සහ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සාමාන් නීතිය. එබැවින්, කෙනෙකුට අදාළ වන නීති ඔවුන්ගේ ආගම හෝ ඔවුන් ජීවත් වන ස්ථානය අනුව වෙනස් විය හැකිය.

සාමාන් නීතිය යටතේ, ඕනෑම යුවළකට නීත්යානුකූල වයස අවුරුදු 18 වැඩි නම් විවාහ විය හැකිය. විවාහය නීත්යානුකූලව ලියාපදිංචි කළ යුතු අතර දෙදෙනාම කැමැත්තෙන් එකඟ විය යුතුය. එක් පුද්ගලයෙකු බලහත්කාරයෙන් සිදු කළහොත් හෝ ඔවුන් හොඳ මනසකින් නොසිටින්නේ නම්, විවාහය අවලංගු ලෙස සැලකිය හැකිය. මුස්ලිම් නීතිය යටතේ වැනි සමහර සිරිත් විරිත් වලදී, ක්වාසි (ඉස්ලාමීය විනිසුරුවරයෙකුගේ) අවසරය ඇතිව ගැහැණු ළමයින්ට වයස අවුරුදු 18 පෙර පවා විවාහ විය හැකි අතර, එය ළමා ආරක්ෂාව සහ සමාන අයිතිවාසිකම් පිළිබඳව රට තුළ බොහෝ සාකච්ඡා ඇති කර තිබේ.

විවාහයක් සාර්ථක නොවන විට, මිනිසුන් දික්කසාදය ගැන සිතිය හැකිය. ශ්රී ලංකාවේ, දික්කසාදය පහසු ක්රියාවලියක් නොවේ, විශේෂයෙන් සාමාන් නීතිය යටතේ. පුද්ගලයෙකු දිස්ත්රික් අධිකරණයට ගොස් පහත සඳහන් හේතු තුනෙන් එකක් ඔප්පු කළ යුතුය: අනාචාරය (Adultery) ද්වේෂ සහගත ලෙස අතහැර යාම (malicious desertion) හෝ සුව කළ නොහැකි ලිංගික බෙලහීනත්වය (Sexual Impotency). මේවාදෝෂ පදනම් කරගත්හේතු ලෙස හැඳින්වේ, එයින් අදහස් වන්නේ එක් පුද්ගලයෙකුට දොස් පැවරිය යුතු බවයි. මෙය දික්කසාදය වඩාත් දුෂ්කර කරයි, විශේෂයෙන් කාන්තාවන්ට, එවැනි දේවල් ඔප්පු කිරීමට හෝ සමාජ විනිශ්චයට මුහුණ දීමට අපහසු විය හැකිය.

ඊට වෙනස්ව, මුස්ලිම් නීතිය තලාක්, මුබාරාඅත් හෝ කුලා වැනි ක්රම කිහිපයක් හරහා දික්කසාද වීමට ඉඩ සලසයි. පිරිමියෙකුට තලාක් ප්රකාශ කිරීමෙන් තම බිරිඳ දික්කසාද කළ හැකි නමුත්, කාන්තාවක් දික්කසාදයක් ඉල්ලා සිටීමට ක්වාසි අධිකරණය හරහා යා යුතුය. නැවතත්, මෙය ක්රමය කාන්තාවන්ට සාධාරණ ලෙස සලකනවාද යන්න පිළිබඳ විවාදවලට තුඩු දී තිබේ. උඩරට සිංහලයන් විසින් බහුලව භාවිතා කරන උඩරට නීතිය සහ යාපනය කලාපයේ දෙමළ ජනතාව විසින් අනුගමනය කරන තේසවලමයි නීතියට ඔවුන්ගේම අනන් දික්කසාද නීති ඇත. මෙම ක්රම තවමත් පවතී, නමුත් බොහෝ අය විශ්වාස කරන්නේඒකාබද්ධ සිවිල් සංග්රහයක්ලෙස හඳුන්වන සෑම කෙනෙකුටම එක නීතියක් තිබීම දේවල් සරල හා සාධාරණ කළ හැකි බවයි.

දික්කසාද නඩු වලදී තවත් වැදගත් දෙයක් වන්නේ ළමා භාරකාරත්වය සහ දේපළයි. සාමාන්යයෙන් අධිකරණය තීරණය කරන්නේ දරුවන්ගේ යහපත දෙස බලා දරුවන් රැකබලා ගන්නේ කවුරුන්ද යන්නයි. මව්වරුන්ට බොහෝ විට කුඩා දරුවන්ගේ භාරකාරත්වය ලැබේ, නමුත් අවශ් නම් අධිකරණයට එය පියාට හෝ වෙනත් භාරකරුවෙකුට පවා ලබා දිය හැකිය. දේපළ සම්බන්ධයෙන් ගත් කල, දික්කසාදයෙන් පසු වත්කම් බෙදීම පිළිබඳ පැහැදිලි නීතියක් ශ්රී ලංකාවේ නොමැති නිසා දේවල් සංකීර්ණ විය හැකිය. දේපළ එක් පුද්ගලයෙකුගේ නමට පමණක් තිබේ නම්, අනෙක් සහකරුට එය උපයා ගැනීමට හෝ එය වැඩිදියුණු කිරීමට උදව් කළ බව ඔප්පු කළ නොහැකි නම් මිස කිසිවක් නොලැබෙනු ඇත.

ශ්රී ලංකාවේ දික්කසාද වීමට කාලය, මුදල් අවශ් වන අතර චිත්තවේගීය වේදනාවක් ගෙන දිය හැකිය, විශේෂයෙන් සමාජයෙන් පීඩනයට ලක්විය හැකි කාන්තාවන් සඳහා. “වරදක් නැති දික්කසාද“(No Fault Divorce) සඳහා ඉඩ සැලසෙන පරිදි නීති පද්ධතියේ ප්රතිසංස්කරණ සඳහා ඉල්ලීම් වැඩිවෙමින් පවතී, එහිදී යුවලකට එකිනෙකාට දොස් නොකියා සාමකාමීව වෙන් විය හැකිය. එසේම, ආගම, ස්ත්රී පුරුෂ භාවය හෝ ප්රජාව නොසලකා සියලුම මිනිසුන්ට නීතිය යටතේ එක හා සමානව සලකන බව සහතික කිරීමේ අවශ්යතාවයක් පවතී.

තවත් ගැටළුවක් වන්නේ මහජනතාව අතර නිසි නීති දැනුමක් නොමැතිකමයි. බොහෝ අය, විශේෂයෙන් ග්රාමීය ප්රදේශවල කාන්තාවන්, ඔවුන්ගේ අයිතිවාසිකම් නොදනිති හෝ නීතිමය ආධාර ලබා ගත නොහැක. රජය සහ සිවිල් සමාජ කණ්ඩායම් දැනුවත් කිරීම සහ නොමිලේ නීති සහාය ලබා දීමට උත්සාහ කරන නමුත් තවත් බොහෝ දේ කළ යුතුය. පාසල්වල නීති අධ්යාපනය සහ ප්රජා වැඩසටහන් මගින් මිනිසුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් තේරුම් ගැනීමට සහ වඩා හොඳ තීරණ ගැනීමට උපකාරී වේ.

නිගමනයක් ලෙස, ශ්රී ලංකාවේ විවාහ සහ දික්කසාද නීති සංස්කෘතිය හා ආගම තුළ ගැඹුරින් මුල් බැස ඇති අතර, නූතන ජීවිතයට සාධාරණත්වය, සමානාත්මතාවය සහ පැහැදිලිකම අවශ් වේ. සෑම පුද්ගලයෙකුටම පුරුෂයෙකුට හෝ කාන්තාවකට විවාහයේදී සමාන අයිතිවාසිකම්, අපයෝජනයෙන් ආරක්ෂාව සහ විවාහය අසාර්ථක වුවහොත් යුක්තිය සඳහා ප්රවේශය තිබිය යුතුය. අද යථාර්ථයන් පිළිබිඹු කිරීම සඳහා නීති යාවත්කාලීන කළ යුතුය. සියලුම පුරවැසියන් සඳහා එක් පොදු විවාහ නීතියක් හඳුන්වා දීම, සමාන දේපළ අයිතිවාසිකම් සහතික කිරීම, දික්කසාද ක්රියාවලිය සරල කිරීම සහ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීම සාධාරණ හා ගෞරවනීය නීති පද්ධතියක් කරා යන ප්රධාන පියවර වේ. විවාහය සැබවින්ම ආදරය, ගෞරවය සහ සමාන අයිතිවාසිකම්වල එකමුතුවක් විය හැක්කේ එවිට පමණි.

පවිත්‍රා රණතුංග