25-Aug-12

The London Show 2025

Art Exhibition by Holy Art Gallery

 

The Holy Art Gallery විසින් සංවිධානය කරනු ලැබූ චිත් ප්රදර්ශනයක් පසුගිය ජුනි 28 වැනිදා

සිට 30 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්විණි. එංගලන්තය, ප්රංශය, ඇමෙරිකාව,

ඇතුළු ලෝකයේ බොහෝ රටවල චිත් ප්රදර්ශන පවත්වන The Holy Art Gallery, මෙම

ප්රදර්ශනය නම් කර තිබුනේ The London Show 2025 නමිනි. 67 Great Titchfield Street හී

Noho Showrooms තුළ දී පැවැත් වූ මෙම චිත් ප්රදර්ශනයට ලෝකයේ බොහෝ රටවල්

නියෝජනය කරන චිත් ශිල්පීන් ගේ විවිධ ශෛලීන්වල සිතුවම් හා නිර්මාණ ඇතූලත්ව තිබුණි.

 

ජාතියන්තර චිත් ශිල්පීන් බොහෝමයක් සහභාගි වූ මෙම ප්රදර්ශනයට දැනට එංගලන්තයේ

ජීවත්වන ලාංකීය චිත් ශිල්පියකු වන සිසිල් ප්රනාන්දුගේ සිතුවමක්ද ඇතුළත්ව තිබීම

විශේෂතත්වයකි. the power of life ලෙස නම් කර තිබූ සිසිල්ගේ මෙම සිතුවම ප්රදර්ශනයට

සුවිශේෂි අලංකාරයක් එක්කර තිබූ අතර එය නැරඹීමට පැමිණි අමුත්තන්ගෙන් හා අනෙකුත් චිත්

ශිල්පීන්ගෙන් ලැබුනේ සුවිශේෂී පැසසුමැකි.

 

මිශ් මාධ්යයෙන් කැන්වසය මත ඇඳ තිබූ මෙම සිතුවම උසින් සෙන්ටිමීටර් එකසිය අසූවක් හා පළලින්

සෙන්ටිමීටර සියයකින් යුක්තය. සුරතල් සතුන් හා මිනිසුන් අතර ඇති සම්බන්ධය හා සුරතල් සතුන්ගෙන්

මිනිසුන්ගේ ජීවිත වලට ලැබෙන ධනාත්මක බලපෑම පිළිබධ අන්තර්ගතයකින් යුතු මෙම සිතුවම

ප්රදර්ශනයේ වටිනාකම තවත් වැඩි කිරීමට සමත් විය.

 

චිත් ශිල්පියෙකුලෙස වසර ගණනාවක අත්දැකීම් ඔස්සේ යමින් පුවත්පත්, යුටියුබ්, මැගසින් ආදී

මාධ්යන් තුල තම සිතුවම් තුළින් ජනතාවට ධනාත්මක පණිවිඩයක් ලබා දෙමින් සිදු කරන මෙහෙවර

ඉදිරියටත් හොඳින් කරගෙන යාමට හැකි වේවායි අපි මැගසින් අපි මෙලෙස සුබපතන්නෙමු.

25-Aug-13

සාහිත්‍ය ප්‍රබන්ධයකට මුල් වූ අමරණීය ඩ්‍රැකියුලා පුරාවෘත්තය

1897 වසරේදී ප්රකාශයට පත් කරන ලද, බ්රෑම් ස්ටෝකර්ගේ (Bram Stoker) ප්රබන්ධයක් වූඩ්රැකියුලානවකතාව, ලොව පුරා වැම්පයර්වරුන් පිළිබඳව නව සාහිත් රසයක් සහ අනුසාරයෙන් බිහිවූ චිත්රපට රැල්ලක් ඇති කිරීමට සමත් විය. මිනිසුන් දඩයම් කිරීමට සහ ඔවුන්ගේ රුධිරය පානය කිරීමට අද්භූත බලයන් භාවිතා කරනඩ්රැකියුලායන නාමය වැම්පයර් චරිත අතර අමරණීය විය. එහෙත්, මෙම ප්රබන්ධ චරිතයට මූලික ආභාෂය ලැබුණේ 15 වන සියවසේ විසූ රුමේනියානු කුමාරයෙකු වූ වැලැඩ් III තෙපෙස් (Vlad III Țepeș) හෙවත් වැලැඩ් ඩ්රැකියුලා (Vlad Dracula) ගෙන් බව ඔබ දන්නවාද?

වැලැඩ් ඩ්රැකියුලා, වර්ෂ 1431 දී ට්රාන්සිල්වේනියාවේ උපත ලැබීය. ඔහුගේ පියා වූ දෙවැනි වැලැඩ් ඩ්රැකුල් (Vlad II Dracul), “මකරාගේ ගෝත්රය” (Order of the Dragon) ලෙසින් හඳුන්වනු ලැබූ ක්රිස්තියානි නයිට්වරුන්ගේ රහසිගත සංවිධානයකට සම්බන්ධ වී සිටියේය. රුමේනියානු භාෂාවෙන්ඩ්රැකුල්යන්නෙහි අරුතමකරාවන අතර, “ඩ්රැකියුලායන්නෙන්ඩ්රැකුල්ගේ පුත්රයාහෙවත්මකරාගේ පුත්රයායන අරුත ලැබේ. කුඩා කල ඔටෝමාන් අධිරාජ්යයේ ප්රාණ ඇපකරුවෙකු ලෙස ගත කිරීමට සිදුවීම, ඔහුගේ පාලන ශෛලියට දැඩි බලපෑමක් කළ බව විශ්වාස කෙරේ. ඔහු තුන් වරක් වල්ලචියාවේ (Walachia) සිහසුනට පත් විය.

වැලැඩ් කුමාරයා ඔහුගේ සතුරන්ට කුරිරු අන්දමේ වධහිංසා ලබාදීම, මිනිසුන් විකෘති කිරීම සහ සමූහ මිනීමැරුම් සිදුකිරීම ඇතුළු විවිධ ම්ලේච්ඡ දඬුවම් ක්රම සම්බන්ධයෙන් කුප්රකටව සිටියේය. ඔහුගේ වඩාත් ප්රියතම දඬුවම් ක්රමය වූයේ උල තැබීමයි . ඔහු තම සතුරන්, දේශද්රෝහීන් සහ නීති කඩ කරන්නන් උල් මතින් තබා මරා දැමීමට නියෝග කළේය. මෙම භයානක ක්රමය හේතුවෙන් ඔහුටඋල තබන්නායන අන්වර්ථ නාමය හිමි විය.

පුරාවෘත්ත වලට අනුව ඔහුගේ ජීවිතකාලය තුළ මිනිසුන් 80,000 කට වැඩි පිරිසක් කුරිරු ලෙස ඝාතනය කර ඇත.
ඔහුගේ පාලන කාලය තුළ සිදු වූ බව පැවසෙන සමහර සිදුවීම් ඔහුගේ කුරිරුකම මොනවට කියාපායි.
ඔහු වරක් තම පියාගේ ඝාතනයට සම්බන්ධ වූ ප්රභූවරුන්ව භෝජන සංග්රහයකට කැඳවා, ඔවුන් ආහාර ගනිමින් සිටින අතරතුර උල තබා මරාදමා, ඔවුන්ගෙන් වැගිරෙන ලේ එකතු කරගෙන පාන් පෙති පොඟවා ආහාරයට ගත් බව පැවසේ. මෙය බ්රෑම් ස්ටෝකර්ගේ ලේ උරා බොන වැම්පයර් චරිතයට මූලික ආභාෂය වීමට එක් හේතුවක් විය.
තවද ඔහු වසංගත උණ රෝගයක් පැතිර ගිය ගම්මානයක් පිටතට බෝවීම වැළැක්වීම සඳහා, එම ගම්මානය එහි සිටි සියලු දෙනා සමඟම ගිනි තබා විනාශ කර දැමූ බව සඳහන් වේ.

එමෙන්ම සුළු සොරකමක් කළ අහිගුණ්ඨකයෙකු උතුරන වතුර ඇති විශාල කටාරමකට දමා තම්බා, ඔහුගේ කණ්ඩායමේ සිටි අනෙකුත් අහිගුණ්ඨකයන්ට එය ආහාරයට ගන්නා ලෙස අණ කළ බව කියැවේ.
ඔහු කෙතරම් දැඩි විනයක් පවත්වාගෙන ගියාද යත්, වරක් නගරයේ මැද තබා තිබූ රන් කුසලානයක් දෙස බැලීමටවත්, එය අසලට යාමටවත් කිසිවෙකුටත් ධෛර්යයක් නොතිබූ බව කියැවේ. මෙය ඔහුගේ පාලනය යටතේ ජනතාව තුළ ඇති වූ දැඩි බිය පැහැදිලි කරයි.

වර්ෂ 1462 දී ඔටෝමාන් ආක්රමණිකයන්ට එරෙහිව ඔහු දියත් කළ යුද්ධයේ දී, වැලැඩ් කුමාරයා විසින් ඩැනියුබ් ගංගා ඉවුරේ 20,000 ක් පමණ වූ මිනිසුන් සංඛ්යාවක් ලී උල් ආධාරයෙන් ඝාතනය කරන ලද බව කියැවේ. මෙය ඔටෝමාන් හමුදා භීතියට පත් කිරීමට ඔහු ගත් උපාය මාර්ගයක් විය.

පසු කලෙක හංගේරියානු හමුදාවන් විසින් ඔහුව අල්ලාගෙන සිරගත කරන ලදී. අවසානයේ, වර්ෂ 1476 දී ඔහුට නැවතත් බලයට පත්වීමට හැකි වුවද, එම වසරේදීම ඔටෝමාන්වරුන්ට එරෙහිව පැවති සටනකදී ඔහු මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව සහ සිදුවූ ස්ථානය පිළිබඳව නිශ්චිත වාර්තා නොමැත.

වැලැඩ් ඩ්රැකියුලාගේ මෙම භයානක කතා පුවත සහඩ්රැකියුලායන නාමය, බ්රෑම් ස්ටෝකර්ගේ සුප්රසිද්ධ වැම්පයර් ප්රබන්ධයන් රචනා කිරීම සඳහා පාදක විය. ස්ටෝකර් ඔහුගේ චරිතය වැම්පයර් කෙනෙකු බවට පත් කළද, වැලැඩ් යනු ලේ බොන වැම්පයර් කෙනෙකු නොව, තම රාජධානිය ඔටෝමාන්වරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුරිරු ක්රියා සිදු කළ ඓතිහාසික චරිතයකි.
අදටත්, වැලැඩ් තෙපෙස් රුමේනියාවේ මතභේදාත්මක චරිතයකි. සමහරු ඔහුව දේශයේ ආරක්ෂකයෙකු සහ ප්රතිරෝධයේ සංකේතයක් ලෙස සලකන අතර, තවත් සමහරු ඔහුගේ අසීමිත කුරිරුකම් කෙරෙහි අවධානය යොමු කරති. කෙසේ වෙතත්, ඩ්රැකියුලා පුරාවෘත්තය ලෝක සාහිත්යයේ සහ ජනප්රිය සංස්කෘතියේ අමරණීය කොටසක් බවට පත්ව ඇත.

පියුමි නෙළුමිකා

25-Aug-15

මාධ්‍ය, අපරාධ්‍ සහ නීතිමය සීරුමාරු

අපරාධ සිදුවීම් වාර්තාකරණයේදී ඒවායේ ඡායාරූප භාවිතය පිළිබඳව ශ්රී ලංකායේ මාධය කයෂේත්රයේ

දැවැන්ත විවාදයක පවතී. විය ේෂයයන් වසර ගණනාවක සිට සමාජ මාධය හරහා වයාප්ත වන අපරාධ ඡායාරූප

වාර්තාකරණයේදී මාධය සතු වගකීම කුමකද යන්න අපි විමසා බලන විට අපරාධ වාර්තාකරණයේදී ඡායාරූප භාවිතය

තුළින් මහජන අවධානයට ලකිරීම සහ යතාරතුරු දැනගැනීයම් අයිතිය මාධය විසින් ඉටුකරයි. එයහත් යමය සමාජ

වගකීමින් කළ යුතුයි. ඡායාරූප භාවිතයේදී ගැලයපන ආචාරධර්ම මාලාවක අනුගමනය ිරීම වඩාත් වැදගත්.දැන්

සමාජ මාධය යේගයයන් අපරාධ ඡායාරූප ප්රචාරය කරන පසුබිමක සම්ප්රදායික මාධය ආයතන විය ේෂ වගකීමින් ක්රියා

කළ යුතුයි.මන්ද යත් අපරාධ සිදුවීම් වාර්තාකරණයේදී විය ේෂයයන් ළමුන්, අපරාධ විඳින්නන් සහ සැකකරුවන්යේ

ඡායාරූප භාවිතා ිරීයම්දී ඔවුන්යේ අනනයතාව සුරැකීමට වගබලා ගැනීම වැදගත්. පසුගිය වසයර් මාධය සංවිධාන

ගණනාවක එකතු වී සකසේ කළසංයේදී ඡායාරූප භාවිත මාර්යගෝපයේ අනුව, අපරාධ සිේීන්ි වින්ිතයන්යේ

මුහුණු වසන් ිරීම, අඳුරු ිරීම යහෝ පැහැිලි යනාවන යලස දැකවීම අනිවාර්ය කරුණක වුණි.

නීතිය ඉිරියේ සැකකරුවකු, වරදකරු වනතුරු නිර්යදෝෂී වූවකු යලස සැලකීම සිදුයකයර්. නිසා ඔවුන්යේ

අනනයතාවය වාර්තාකරණයේදී ආරකෂා ිරීම මාධය ආචාරධර්මවල අනිවාර් යකාටසි.අපරාධ ඡායාරූප

වාර්තාකරණයේදී ජනතාවයේ දැනගැනීයම් අයිතිය සහ පුේගලයන්යේ යපෞේගලිකත්වය අතර ගැටුමක ඇතිවිය හැිය.

නීතිඥ තිලක මාරපන පවසන්යන්, “ශ්රී ලංකායේ මූලික අයිතිවාසිකම් යටයත් යපෞේගලිකත්වයේ අයිතිය පිළියගන ඇති

බැවින්, මාධය ආයතන යමය උල්ලංඝනය කරන්යන් නම් සම්බන්ධයයන් අධිකරණ ක්රියාමාර්ග ගත හැි බවයි.

2019 වසයර් හඳුන්වාදුන්ළමා අපරාධවලදී ඡායාරූප භාවිතයපිළිබඳ විය ේෂ මාධය ආචාරධර්ම සංග්රහය අනුව:

  1. ළමා අපරාධ විඳින්නන්යේ ඡායාරූප භාවිතය සම්ූර්ණයයන් තහනම්.
  2. ළමා අපරාධ සැකකරුවන්යේ ඡායාරූප භාවිතයේදී මුහුණු වසන් කළ යුතුය.
  3. අපරාධ සිදුවීම් සේථානවල ළමයින්ට අදාළ දෘ ද්රවය යපන්වීම වැලැකවිය යුතුය.

මෑතකදී සිදුවූ කන්තයල් අපරාධ සිේධිය වාර්තාකරණයේදී සමහර මාධය ආයතන විඳින්නන්යේ ඡායාරූප වසන්

ිරීමින් යතාරව ප්රකා යට පත් ිරීම වියේචනයට ලකවිය. ේසේුක වැනි සමාජ මාධය ජාලා මගින් ඡායාරූප ප්රචාරය

වුවද, වෘත්තීය මාධය ආයතන විසින් ආචාරධර්ම අනුගමනය කරමින් ඡායාරූප භාවිත කළ යුතු වන්යන්ය.

අපරාධ ඡායාරූප වාර්තාකරණයේදී මාධයයේදීන්ට පුහුණුවක ලබාදීම අති වැදගත් වන්යන්ය.එනම්,

  • ඡායාරූප සංසේකරණය සඳහා තාකෂණික පුහුණුව
  • ඡායාරූප සම්බන්ධ නීතිමය තත්ත්වයන්
  • විඳින්නන්යේ අනනයතාව රැකීම

මාධයයේදීන් ඡායාරූප භාවිතයේදී සංයේදී විය යුතු අතර, නිකරුයේ ිත් යේදනාවට පත්කරන යහෝ කුතුහලය පමණක

අරමුණු කරගත් ඡායාරූප භාවිතයයන් වළකී නම් වටී.2025 ඩිජිටල් යුගයේ නව අභියයෝග මාධය හමුයේ පවතී.

 

එනම් අපරාධ ඡායාරූප කෂණිකව ප්රචාරය වීම හමුයේ වඩාත් වගකීමින් ක්රියා ිරීම සම්ප්රදායික මාධය ආයතනවල

පැවැත්මටද වැදගත් යේ.සමාජ මාධය යේගයයන් අපරාධ ඡායාරූප ප්රචාරය කරන යුගයක, මාධය ආයතන සංයේදී

ඡායාරූප භාවිතයේදී වගකීමින් ක්රියා කළ යුතුය. එමගින් තමන්යේ වි ේවසනීයත්වය හා වෘත්තීයභාවය පවත්වායගන

යා හැිය.

අපරාධ ඡායාරූප වාර්තාකරණයේදී මාධය සතු වගකීම ඉතා වි ාලය. මාධය ආචාරධර්ම අනුගමනය කරමින් යතාරතුරු

සැපයීම සහ විඳින්නන්යේ යපෞේගලිකත්වය රැකීම අතර සමබරතාවය තබා ගැනීම අතයව යේ. ඩිජිටල් යුගයේ වඩාත්

වගකීමින් ක්රියා ිරීම සහ මාධය ආචාරධර්ම පිළිපැදීම මාධය කයෂේත්රයේ අනාගතය සඳහා වැදගත් වන බව පැහැිලිය.


රවි ානි යක ාලිකා

25-Aug-19

කම්මැලිකම අතහරින්න ජීවිතය දිනන්න නම් මේ දේවල් කරන්න.

හෙට කරලා දාමු,අදට වැඩි වැඩක් කරන්න බැහැ, මට කැමැත්තක් නැහැ කියන වචන ඔබේ ජීවිතයේ පොදු වචන නම්, ඔබත් කම්මැලිකමට යට වෙලා කියලා තේරෙන්න පුළුවන්.
මේක එක්කෙනෙක්ට පොදු කරුණක් නෙමෙයි හැමෝම වගේම කම්මැලිකමට හසුවෙනවා නමුත්, එය දිගටම ජීවිතයෙ ක්රියාත්මක වෙනවනං ඔබේ ජීවිතයෙ බලාපොරොත්තු හීන වෙන්න පටන් ගන්නවා.

කම්මැලිකම කියන්නේ මොකක්ද?

කම්මැලිකම කියන්නේ, කළයුතු දේවල් කළ නොහැකිවීම, තීරණ ගැනීමට ඇති අකමැත්ත, එක ක්රියාවකට හිත යොමු කිරීමට නොහැකි වීම.
මෙවැනි සිතුවිලි යම් කිසි දේවල් වලට ඇබ්බැහිවීම තුළින්ද හටගන්න පුළුවන්.
සරලවම කතා කළොත් කම්මැලිකම කියන්නේ ඒකට.

කම්මැලිකමට හේතුවන දේවල් මොනවද?
* අරමුණක් නොමැතිව ජීවත්වීම.
* අධික තාක්ෂණික භාවිතය(phone,TV)
* අභියෝග වලට බිය වීම.
* විවේක ගැනීමට ඇති දැඩි කැමැත්ත මත කළ යුතු දේවල් පසුපසට දැමීම.

කම්මැලිකමට විකල්ප: මේ දේවල් කරන්න!

1. කුඩා ඉලක්කයක් හො තබාගෙන වැඩ කරන්න.
ඉලක්කයට යන්නේ තව අවුරුදු ගානකින් එන්න පුළුවන්. නමුත් අද වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න. ඔබේ ඉලක්කය චිත් ශිල්පියෙක් වෙන්න කියලා හිතමුකෝ. අද ඔබට චිත් ශිල්පියෙක් වෙන්න අදාල දෙයක් කරන්න චිත්රයක් අඳින්න ඒකෙ අඩුපාඩු බලන්න.
නැවත උත්සහ කරන්න. එය ඔබේ අනාගතයේ විශාල ඉලක්කයට පිටුබලයක් වෙනු ඇත.

2. දවසට සුළු ‘To-Do List’ එකක් තබාගන්න.
ඔබට දවසට කරන්න තියෙන වැඩ දෙකක් තුනක් හෝ සටහන් කරගෙන. ඒවා අවසන් කරහම දැනෙන ජයග්රාහී බව අත්විදින්න.

3.Morning routine එකක් හදාගන්න.

දවසේ ආරම්භය ප්රබෝධමත් නම් එය ඔබව දිනය පුරාම සතුටින් තියන්න හේතුවක් වෙනවා.
උදේ අවදි වෙන්න, පොඩි එක්සයිස් එකක් කරන්න වගේ දේවල් වලින් තමයි පටන් ගන්න ඕන.

4. දුරකථනය භාවිතය සීමා කරන්න.

පළමු පැය 1-2 තුල tik tok/Instagram භාවිතා කිරීම තුළින් දවස පුරාම කම්මැලිකම ඔබේ ඇඟේ පැතිරෙන්න පුළුවන්.

5.”5-minute rule ” එක අනුගමනය කරන්න.

ඔබ ඔබට කියන්නමම විනාඩි පහක් හරි මේ වැඩේ කරලා තමයි නවත්වන්නේ.”කියලා පටන් ගත්තොත් වැඩේ කරන්න ආසාව ඇතිවෙනවා.

6. සාර්ථක අය ගැන කියවන්න.
සාර්ථක මිනිසුන්ගේ ජීවිත, කැපවීම්, ඔවුන්ට ඉලක්ක කරා යෑමට තිබුණු උනන්දුව ඔබෙ ජීවිතයට වටිනාකමක් එක් කරනවා. වගේම ඒවා තුළින් ඔබට පිබිදීමක් ඇතිවෙනවා.


කම්මැලිකම යනු ඔබේ හැකියාවන්, සිහිනයන්, අරමුණු අතරට කඩා වදින අනතුරකි. ඒවා ජය ගන්න නම්, අදම කුඩා පියවරක් ගන්න. කම්මැලිකම අයින් කරලා නිවැරදි ගමන් මගක් තුළින් ලොකු ඉලක්ක සපුරා ගත හැක.

ඉස්සර හෝ හෙට කියනවට වඩා අද කියන එක තමයි ජයග්රහණයේ පළමු පියවර. ඉතින් කම්මැලිකම අයින් කරලා ජීවිතය ජය ගන්න පටන් ගන්න එක අරමුණකින් ඔබට පුළුවන්. සිහින දකින්න විතරක් එපා. ඒවා සත් කරගන්න පියවර ගන්න.
කියවන්නක්රියා කරන්න.

සටහන
නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.

25-Aug-21

මදර් ලංකා

~ ස්ත්රීත්වයේ උත්තරීතරත්වය, පුහුදුන් මාතෲත්වයමයි ~

අනූෂ සංජීව එදිරිමුණිගේ කුළුඳුල් සිනමා සම්ප්රාප්තිය

ප්රෞඩ හෙළ දෙරණේ අනන් තේජස ගෝලීය ප්රජාවේ දෑස් අභිමුවදී ක්රීඩා

කෞශල්යය තුළින් යෙහෙන් විරාජමාන කරවන්නට, සවිමත් අදිටනින්,

නොපිරිහෙලෙන වීර්යයෙන්, අනවරත වෑයමක නියලෙනා දහිරියවන්ත

තරුණියකට අහඹු විලසින් සම්මුඛ වන රූපසාරී සුපසන් තරුණයෙකු

කියාපානා ලාමක නුරාවේ මධුර හසරැල්හී පහස රිසි ලෙසින් විඳගන්නට

නොමද අවකාශ සැලසෙයි.

කාලයේ ඇවෑමෙන්, මධුර නුරා ආශ්වාදයෙන් මන මත් කරගන්නා හට

උක්ත උත්කෘෂ්ට අභිලාෂය පසෙක ලෑමට සිදුවෙන අයුරේ ඛේදජනක දෛවයේ

සරදමකට නොසිතූ නොපැතූ ලෙසින් මුහුණ පෑමට සිදුවේ. කෙසේවුවද,

ප්රතාපවත් දහිරිය උපතින්ම උරුමකොටගත් නොසැලෙන තම අව්යාජ

ප්රේමයේ අමිල දායාදය මෙලොවට බිහිකරලීමට තීන්දු කරයි.

තම ක්රියාශීලී ජවසම්පන්න ජාන ශක්තිය හට නොමසුරුවම උරුමකම් කියනා

සුපහන් දියණියක් සන්තක කරගැනීමට සොභාදම් මාතාව හට වරම් දෙයි.

ඉතින් එබැවින්, පියාගෙන් අහිමි රැකවරණයත් සෙනෙහසත්

හාන්කවිසියකටවත් නොදැනී යන අන්දමේ අරුමැසි රැකවරණයත් සෙනෙහසත්

දියණිය හට සමීප කරවමින්, මෙරට සිව්කොණේම පෙළපත් නාමය රැව්පිළි

රැව් දෙන විලසින් දියණියව ක්රීඩා කුසලතාවයෙන් ඔප්නැංවවීම ඇගේ ඒකායන

අරමුණ බවට පත්වේ.

පණනල සුරක්ෂා කරගැනීමේ උපක්රමයක් විනා ස්ත්රීත්වයේ වෙස් ගන්නා

අයෙකුගේ අහඹු හමුවීම මොවුන්ගේ ලිවිසැරිය කිනම් දිශානතියකට

යොමුකරවාවිද? දෛවයේ සරදමට ලක් වූ ඔවුන් පෙරළා දෛවයටම සරදම්

කරාවිද?

පුරා දශකයන් 7 ක් මුළුල්ලේම සෙලෝලොයිඩ් පටයෙන් නානාප්රකාරයේ කයි

කතන්දර තනාලමින් මුළු මහත් ලොව පුරාවට විසිරී පැතිරී සිටින ශ්රී

ලාංකිකයින්ගේ නෙත් සිත් කුල්මත් කරවීමේ සමර්ථකම් පෑ ශ්රී ලාංකේය

සිනමා වංශකතාවේ අද්විතීය හැරවුම් ලක්ෂයක් වන " මදර් ලංකා " සළරුවේ

කතා සාරාංශය ඉහත අයුරින් සැකෙවින් දැක්වීමට කැමැත්තෙමි.

දශක ද්විත්වයකට නොඅඩු කාල සීමාවක් පුරාවට ප්රතිභාන්විත ලාංකේය

සිනමා රූ සරණි 25 කට අධික සංඛයාවක් අතිසාර්ථකව ජනගත කිරීම

උදෙසා ප්රවර්ධනය හා අලෙවිකරණය යන දෙවැදෑරුම් අංශයන්ගෙන් සිය

 

වෘත්තීය නිපුණත්වය මැනවින් පෙන්නුම් කෙරූ " අනූෂ සංජීව එදිරිමුණි "

නම්, නිහතමානී සොඳුරු කලාශිල්පියාගේ අදියුරු භූමිකාවේ දොරට වැඩුම,

මදර් ලංකා සළරුව නිමවීම හරහා අග්රගණය අයුරින් සනිටුහන් වන බව

ඉමහත් ප්රීතියෙන් යුතුව දැනුම්දෙමි.

පීතෘත්වයේ නිමළ දායාදයන් උරුම කර ගැනීමට උපතින්ම

අපොහොසත් වන මනුදම් රකිනා තම දියණියගේ ආත්ම ගෞරවය

සුරක්ෂා කිරීමටත්, ඉන් නොණැවතී ඇගේ ආත්ම අභිමානය

විරාජමාන කරවීමටත් නිබඳව නොමදව යත්න දරණ දිරිය

මාතාවකගේ චිත්ත සංතානය තුළ පහළ වන්නා වූ අතිශය සියුම් සහ

අතිශය සංකීර්ණ වූ මනෝභාවයන්හි සිදුවන සියුම් විචල්යයන් පිළිබඳ

අතිශය ගැඹුරු සාකච්ඡාවක් සදහා  ප්රවේශයක් ලබා ගැනීමට

නිර්මාණකරුවන් වෙහෙසී තිබීම මෙම සිනමාපටය ස්විඤ්ඤානිකව හා

සබුද්දිකව රසවින්දනය කිරීමට අපේක්ෂා කරන සිනමාලෝලියෙකු

හට ධණාත්මක කාරණාවක් වනවා නොඅනුමානයි.

ශ්රී ලාංකේය සිනමා වංශකතාවේ එතෙක් මෙතෙක් බිහි වූ තාරකා

ගුණයෙන් අනූන රංගන ශිල්පීන් අතර ප්රමුඛස්ථානයක් දිනා සිටින

රූපණ වේදිනියක වන තරින්දි ප්රනාන්දුගේ අසමසම ප්රතිභාන්විත

රූපණ පෙළහරිනුත්, පුංචි තිරයේ ප්රේක්ෂක ප්රජාව අතර නොමැකෙන

මතක සටහන් ඉතිරි කරමින් සිනමාවට පිළිපන් රංගන ශිල්පියෙකු

ලෙස ධනංජය සිරිවර්ධනගේ මින් පෙර නොවූ විරූ අන්දමේ සාතිශය

භාවාත්මක රැඟුමිනුත් සමන්විත රූප රාමුඅද්විතීය පසුබිම් සංගීත

සැලසුම්කරණයත් සමගින් මනාව පෑහීමනිර්මාණකරුවන්ගේ උක්ත

වෑයම රිදී තිරය මතදී උත්කර්ෂවත් අයුරින් සඵල කොටගැනීම සඳහා

මනා ශක්තියක් වන්නට ඇති බව සිනමා රසවින්දනය හොඳින්

හඳුනන  කා හට උවද ප්රත්යක්ෂ වනු නිසැකයි.

ප්රධාන රංගන ධායකත්වය

තරින්දි ප්රනාන්දු

ධනංජය සිරිවර්ධන

ශෙනුකි දිසල්යා

බිමල් ජයකොඩි

හේෂානි ලියදිපිට

සනත් ගුණතිලක

 

දිල්හානි ඒකනායක

නුවන් ගුණසේකර

කලණ ගුණසේකර

නවින්දි රැපියෙල්

විචින්ත ඉලංගකෝන්

හර්ෂිකා රත්නායක

සිධීක්ෂා සමාධි

චතුරංග කොඩිතුවක්කු

ධර්මප්රිය ඩයස්

හිරාන් යටෝවිට

මාදනී මල්වත්ත

සරත් කොතලාවල

මෙතික නවීක් සෙනරත්

තේෂාලි දෙවිමිණි

ෂෙලන් මුණසිංහ

සාරා අබේගුණවර්ධන

නිපුණි පූජිත ගුණවර්ධන

නෙතුලි පෙරේරා

කුසුම් පෙරේරා

ලිෂාරා සනුත්මි

ඊසා සංජලී මැදගේ

අනුර බන්ඩාර රාජගුරු

ධනුෂ්ක ජයසිංහ

ගමගේ ප්රියන්ති

සමන් අමුණුගම

පත්මා මෙන්ඩිස්

තරංගා සුරංජි බුලත්සිංහල

ලක්රුවන් ලොකුහපුආරච්චි

 

වෛද් ලාල් ඒකනායක

වෛද් චමල් සංජීව

තරුකා සමරකෝන්

එබැවින් සොභාදහමේ පදනම හෙවත් ස්ත්රීත්වයේ පරිපූර්ණත්වය වන

මාතෘත්වය මෙන්ම සොඳුරුතම මනු දම වන නිරාමිස ස්නේහය

නිර්වචනය කෙරෙනා ස්මරණීය සිනමාත්මක අත්දැකීමක්

එකදුපහදුකොට ගැනීමට අමතරව ජීවන ගමනට ආක්යානයන්

කිහිපයකින්ම සැළකියයුතු අර්ථයක් සැපයිය හැකි  අපූරු

සිනමාපටයක් සිනමාශාලාවක් තුළ නැරඹීම සඳහා ඔබේ වටිනා මුදල්

හා කාලය වෙන් කිරීම නොවැදගත් තීරණයක් ලෙස නොසිතන බැව්

හදවතට එකඟව පැවසීමට කැමැත්තෙමි.

මෙම සිනමාපටය හෙලවුඩ් සිනමාලෝලීන්ගේ හෘද ස්පර්ශයෙහි

කොනක හෝ තැන්පත් කරලීමට සමර්ථ වේවායි සිනමාපටයේ

අද්යයක්ෂකවරයා වන අනූෂ සංජීව එදිරිමුණි මහතාටත්, ක්රිශාන්ති

කුලසූරියගේ තිර පිටපත යථාර්ථයක් කරලීමට අර්ථ පතීත්වය දැරූ

ඉෂාන් ලියනගේ මහතාටත් මෙන්ම බුද්ධිමය ශ්රමය කැප කෙරූ

සියලු ප්රාසාංගික සහ තාක්ෂණික ශිල්පීන් හටත් මුළු හදින්ම

සුභාසිංශණය කරන අතර හැකි ඉක්මනින් තවත්

විශිෂ්ට සිනමා නිර්මාණයක් සමඟින් නැවතත් හෙලවුඩයේ කරළියට

ඒමට අවැසි සියළු හේතු සම්පත් සැපයේවායි එක හිතින් පතන්නෙමු

සැකසුම

හිරාන් ගමගේ

25-Aug-22

වචනයක තෑග්ගක්

වචන කියන්නේ හරිම බලවත් දෙයක්. කෙනෙක්ව බලගන්වන්න වගේම, කෙනාව මුලින් උදුරා දැමූ ගහක් වගේ දුර්වල කරන්නත් වචන වලට පුලුවන්. ඔයා නිතර ගැටෙන නොගැටෙන කොයි කාට උනත්, උත්තේජනයක්, ආස්වාදයක්, මිහිරක්, ආත්මාභිමානයක් තෑගි කරන්න වචන විදියට . ඔයාට හැම වෙලේම හොඳ වචනම නෑහෙන්නට පුලුවන්. ඒක අමාරුවෙන් හරි දරාගෙන, ඔයාගෙ තෑග්ග දෙන්න. ඒකට අඩු පාඩුවක් කරන්න එපා.


ඔයාගෙ වචන වලින් දිලිසෙන, අඳුනන,නාඳුනන , ගැහැණුන්, මිනිස්සුන්ගේ ඇස්වල කාන්තිය විඳින්න. ඔයාගෙ වචන වලින් ජීවිතයට පන්නරයක් ලබාගත් උදවියගේ සාර්ථකත්වයේ අදිසි කොටස්කාරයකු වී බලන්න. සුවය අකුරු කරන්න තරම් පොහොසත් මට වචන නෑ. ඔයාටත් එහෙම නේද?

සොබාදහමට නොවන අවනත, ලොවේ කිසිවක් නෑමම අනිත් අයට කොපමණ හොඳ වචන වලින් සංග්රහ කලත්, මට ඒක ලැබෙන්නෑනෙ, නැත්නම් මට ඒක අඩුවෙන්නෙ ලැබෙන්නෙ කියලා දුක් වෙන්න එපා..

වචන වලින් කෙනෙක්ව ඝාතනය කරන්න උනත් පුලුවන්, අනිත් පැත්තට ජීවත් කරවන්නත්. ඔයා තෝරාගැනීම කරන්න. මේ විශ්වය ඔයාව හොඳින්ම බලාගනීවි.

දිමුතු

25-Aug-01

මහනුවර ඇසළ පෙරහැර

මහනුවර ඇසළ පෙරහැර: ශ්රී ලංකාවේ අභිමානවත් සංස්කෘතික මංගල්යය
ශ්රී ලංකාවේ සංස්කෘතික අනන්යතාවය ලොවට විදහාපාන අති උත්කර්ෂවත් මංගල්යයක් ලෙස මහනුවර ඇසළ පෙරහැර හැඳින්විය හැකිය. වසරක් පාසා ඇසළ මාසයේදී මහනුවර නගරයේදී පැවැත්වෙන මෙම පෙරහැර, දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද සිත් ඇදගන්නා සුවිශේෂී උත්සවයකි. බුදුන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම පෙරහැර, ශ්රී ලංකාවේ බෞද්ධ උරුමයේ සහ සංස්කෘතික සම්ප්රදායන්ගේ ජීවමාන සංකේතයකි.

ඉතිහාසය සහ සම්ප්රදාය
මහනුවර ඇසළ පෙරහැරේ ඉතිහාසය ඈත අතීතයට දිව යයි. මෙය ඇසළ පෙරහැර සහ දළදා පෙරහැර යන පෙරහැර දෙකක එකතුවක් ලෙස සැලකේ. ඇසළ පෙරහැර ක්රි.පූ. 3 වැනි සියවසේදී පමණ ආරම්භ වූ බව විශ්වාස කෙරෙන අතර, එය කාලෝචිත වර්ෂාව සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා සිදු කරන ලද චාරිත්රයකි. දළදා පෙරහැර ආරම්භ වූයේ ක්රි.. 4 වැනි සියවසේදී පමණ බුදුන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ ශ්රී ලංකාවට වැඩමවීමෙන් පසුවය. වර්තමාන පෙරහැරේ ස්වරූපය මහනුවර රාජධානිය සමයේ සිට පැවත එන අතර, දන්ත ධාතූන් වහන්සේ ප්රදර්ශනය කිරීමේ සම්ප්රදාය වසර 1,500 කට වඩා පැරණි . 1815 දී බ්රිතාන්යයන්ට මහනුවර රාජධානිය අහිමි වීමෙන් පසු, දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වය මහා සංඝරත්නයට පැවරිණි. පාලක රජෙකු නොමැති අවස්ථාවක, දියවඩන නිලමේ තනතුර පිහිටුවන ලද්දේ ධාතූන් වහන්සේට අදාළ දෛනික පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහාය.

පෙරහැරේ අංග
මහනුවර ඇසළ පෙරහැර දින දහයක් පුරා පැවැත්වෙන අතර, එය කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර ලෙස අදියර දෙකකට බෙදා දැක්විය හැකිය. සෑම රාත්රියකම පෙරහැරේ අලංකාරය සහ උත්කර්ෂවත් බව වැඩි වේ.

කුඹල් පෙරහැර
කුඹල් පෙරහැර දින පහක් පුරා පැවැත්වේ. මෙම පෙරහැරේදී දළදා කරඬුව වැඩම කරවනු ලබන්නේ දියවඩන නිලමේ විසින් තෝරාගත් අලංකාර ලෙස සරසන ලද හස්තියෙකු විසිනි. මෙම පෙරහැර සාපේක්ෂව කුඩා වන අතර, එය ප්රධාන පෙරහැරට පෙර පෙරහුරුවක් ලෙස ක්රියා කරයි. නර්තන ශිල්පීන්, බෙර වාදකයින්, ගිනි කෙළි දක්වන්නන් සහ අලි ඇතුන්ගෙන් සමන්විත මෙම පෙරහැර මහනුවර වීදි පුරා ගමන් කරයි.

රන්දෝලි පෙරහැර
රන්දෝලි පෙරහැර දින පහක් පුරා පැවැත්වෙන අතර, එය පෙරහැරේ ප්රධාන සහ වඩාත්ම අලංකාර කොටසයි. මෙම පෙරහැරේදී දළදා කරඬුව වැඩම කරවනු ලබන්නේ දළදා මාළිගාවේ ප්රධාන හස්තියා වන මාලිගාවේ ඇතු විසිනි. රන්දෝලි පෙරහැරේදී අලි ඇතුන් විශාල සංඛ්යාවක් සහභාගී වන අතර, ඔවුන් අලංකාර ලෙස සරසා ඇත. විවිධ නර්තන කණ්ඩායම්, බෙර වාදකයින්, කොඩි දරන්නන්, සහ සාම්ප්රදායික කලාකරුවන් මෙම පෙරහැරට එක්වී එහි අලංකාරය තව තවත් වැඩි කරයි. අවසාන රන්දෝලි පෙරහැර, ඇසළ පෙරහැරේ උච්චතම අවස්ථාව වන අතර, එය අතිශය අලංකාරවත් හා උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

දිය කැපීමේ මංගල්යය සහ දහවල් පෙරහැර
රන්දෝලි පෙරහැර අවසන් වීමෙන් පසු, දිය කැපීමේ මංගල්යය මහවැලි ගඟේ ගෙටඹේ තොටුපළේදී සිදු කෙරේ. මෙය පෙරහැරේ අවසාන චාරිත්රය වන අතර, එයින් පසු දහවල් පෙරහැරක් මහනුවර වීදි පුරා ගමන් කරයි. මෙම දහවල් පෙරහැරෙන් පසු ඇසළ පෙරහැර නිල වශයෙන් අවසන් වේ.

සංස්කෘතික වැදගත්කම
මහනුවර ඇසළ පෙරහැර ශ්රී ලංකාවේ සංස්කෘතික හා ආගමික ජීවිතයේ අතිශය වැදගත් ස්ථානයක් ගනී. එය බුදුන් වහන්සේට සහ දන්ත ධාතූන් වහන්සේට දක්වන ගෞරවය මෙන්ම, ශ්රී ලංකාවේ පැරණි සම්ප්රදායන් සහ කලා ශිල්ප ආරක්ෂා කිරීමේ සංකේතයකි. මෙම පෙරහැර තුළින් සිංහල සංස්කෘතියේ විවිධ අංගයන් වන නර්තනය, සංගීතය, ඇඳුම් පැළඳුම්, සහ අලි ඇතුන් පුහුණු කිරීමේ කලාව ලොවට ප්රදර්ශනය වේ. එය ශ්රී ලංකාවේ ජාතික උරුමයේ සහ අනන්යතාවයේ කැඩපතක් බඳුය.

නිගමනය
මහනුවර ඇසළ පෙරහැර යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය ශ්රී ලංකාවේ පොහොසත් ඉතිහාසය, සංස්කෘතිය, සහ ආගමික භක්තිය විදහාපාන ජීවමාන කෞතුකාගාරයකි. මෙම අසිරිමත් මංගල්යය, වසර දහස් ගණනක් පුරා පැවත එන සම්ප්රදායන් සහ විශ්වාසයන් අනාගත පරම්පරාවන් වෙත ගෙන යන පාලමකි. එය ශ්රී ලංකාවට පැමිණෙන ඕනෑම අයෙකු අත්විඳිය යුතු අද්විතීය අත්දැකීමකි.

 

අහිමි හිමිකරු

25-July-19

ජීවිතය වෙනස් කරන තැන්

(Life Changing Points)

 

ජීවිතය යනු නිරන්තරයෙන් වෙනස් වන ගමනක්. අපි හැමෝම ජීවිතයේ අලුත් වටපිටාවක්, අලුත් සිතිවිලි මට්ටමක් හෝ අලුත් අරමුණක් දක්වා ගමන් කරන අවස්ථා පසුවනවා. මේ වගේ මොහොතක් තුළ, ඔබේ සම්පූර්ණ ජීවිතයම වෙනස් විය හැක. මෙවැනි මොහොතවල් අපේ සෑම කෙනෙකුගේ ජීවිතයේම පවතී.

 

  1. තීරණාත්මක තීරණයක් ගත් මොහොත

 

ඔබ ජීවිතයෙහි කුමන දිශාවකට යන්නද කියා තීරණය කරන මොහොත යනු ඉතා බලවත් එකකි. උදා: රැකියාවක් තෝරාගැනීම, ව්යාපාරයක් ආරම්භ කිරීම, විදේශ ගමනක් යාම, හෝ විශේෂ අධ්යාපනික ක්ෂේත්රයකට හැරෙන්න තීරණය කිරීම වැනි තීරණ.

 

  1. අසීරුතාවයක් හමුවූ මොහොත

 

කෙනෙකුගේ මරණයක්, රෝගයක්, හදිසි ආර්ථික අර්බුදයක් වැනි අවාසිදායක මොහොතක් වුවද, එය ඔබව සදාතනිකව වෙනස් කරයි. මේවා හරහා ජීවිතය ගැන නව දෘෂ්ටියක් ලැබිය හැක.

 

  1. ආදරය හෝ සබඳතාවය

 

සත් ආදරය හමුවීම, හෝ කිසිදා අමතක නොවන සබඳතාවයක් අවසන් වීමද ජීවිතයට විශාල බලපෑමක් ගෙන එයි. මෙවැනි සබඳතා අපව ගැඹුරු මනසක් සහිත මනුෂ්යයන් බවට පත් කරයි.

 

  1. ආත්මභාවය අවදි වූ මොහොත

 

තමන්ගේම ඇසට නොපෙනෙන හැකියාවක් හෝ අභ්යන්තර ශක්තියක් පවා හඳුනාගත් මොහොත. මෙවැනි අවස්ථාවකින් පසු, කෙනෙකුගේ විශ්වාස පද්ධතිය, අදහස් හා ජීවිතයේ අරමුණු මුලුමනින්ම වෙනස් විය හැක.

 

  1. ආධුනික අභියෝගයකට මුහුණදීම

 

ඔබ කලින් කිසිදාක මුණ නොගැසුන අභියෝගයකට (උදා: මිනිස්සුන් ඉදිරියේ දේශනයක් කිරීම, උසස් තරඟයකට සහභාගී වීම) මුහුණ දීමත්, එය ජීවිතය වෙනස් කරන මොහොතක් විය හැක.

 

 

ජීවිතය යනු සෑම මොහොතක්ම අරුත්බර කළ හැකි වටිනා ගමනක්. ඔබට හිතාගන්න බැරි මොහොතක්, ඔබගේ සම්පූර්ණ අනාගතයම වෙනස් කළ හැක. එවැනි මොහොතක් එනවිට, එයට බිය නොවී ආදරයෙන් පිළිගන්න.

කණගාටුවෙන් නොව, තීරණාත්මක වෙන්ට ඔයාව සූදානම් කරගෙන ඉන්න.

අහිමි හිමිකරු 

25-July-18

යන අයට යන්න දෙන්න, එපා ප්‍රශ්න ොගන්න ...

ජීවිතය යනු දිගු ගමනකි. ඉපදීම හා මරණය යන අන්ත දෙක අතර ක්රියාත්මක වන චක්රයක් වන ජීවිතය

හරහා ලැදෙන දකටි කාලය තුළ දී උපරිම වින්ෙනයක් ලො ගැනීම සෑම ජීවිදයකුදේම අභිප්රායක් වී ඇත.

නමුත් අෙ වන විට වින්ෙනය කළ යුතු ජීවිතය එකී ජීවීන් විසින්ම හිතාමතාම විෙවීමකට පරිවර්ර්තනය

කරදගන තිදේ.

ජීවත් වීදේ දී කිසිදු පුද්ගලදයකුට තනිව හැසිරීමට දනාහැකි දේ. එකිදනකා සමග ඇතිකරගන්නා දහෝ

ඉදේම ඇතිවන අදනයානය සෙෙතා ඇසුරින් ජීවිතය ඉදිරියට ගලාදගන යාම සිදු දේ. අනුව අප විසින්

හිතාමතාම සමීප කරගන්නා දහෝ උපදත්දී සමීප වන පුද්ගලයන් සමග ඇති කරගන්නා ෙැදීේ දහෝ

ඔවුන් සමග හැසිදරන ආකාරය මත අප ජීවිතදේ සතුට දහෝ දුක යන කාරණාවන් තීරණය දේ.

සමහර අවස්තාවන්වල දී තමා විසින් අදනකාට දකතරේ නේ යහපත් දද් සිදුකළ ඔවුන්දගන් හා

සමානව ප්රති උපකාර දහෝ ප්රතික්රියා දනාලැබීම නිසාදවන් තම සිත විශාල වශදයන් දේෙනාවාට, කරෙරයට

දහෝ පීඩාවට පත් වීම නිසාදවන් නිරන්තරදයන් අප සිත තුළ අසතුට ක්රියාත්මක දේ. දේ දෙස හරියාකාරව

ෙැලුවදහාත් අප විසින් අපටම අටවා ගනා උගුලක් දලස දපදන්.

එය එදස් සිදුවන්දන් අප තුළ පවතින හැගීේ, මදනෝභාවයන් අධික දලස අනයයන් මත යැපීමට

සැලැස්වීදමනි. අප විසින් කුමන ආකාරයක උපකාරයක් දහෝ ක්රියාවක් අදනකා දවනුදවන් සිදුකළ ඊට

අොළ ප්රතික්රියාවක් අදනකාදගන් ෙලාදපාදරාත්තු දනාවන්දන් නේ අප සතුට රො පවතින්දන් අදනකා

මත දනාව අප මතයි. නමුත් අෙ කාලදේ ජීවත්වන මිනිසා සිදු කරන්දන්ම තම ජීවිතය අදනකා ලවා

පාලනය කරගැනීමකි.

දලෝකදේ පළමු ොර්ර්ශනිකයා වූ බුදුරජාණන්වහන්දස් දමන්ම ග්රීක සේභාවය ොර්ර්ශනිකදයක් වන

ඇරිස්දටෝටල් පවා ප්රකාශ දකාට ඇත්දත් ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නැත යනුදවනි. එහි දී ඔවුන්

පවා විදශ්ෂදයන්ම සෙහන් කර ඇත්දත් සෑමදෙයක් දකදරහිම මධ්යස්ත නැතිනේ මැදුේ පිළිදවතින්

යුක්තව ක්රියා කිරීදමන් තමාට ලැදෙන සතුට අසීමාන්තික ෙවයි.

තමා වටා පවතින ඕනෑම සෙෙතාවක් දකදරහි අන්තගාමී දනාවී මධ්යස්ත දලස ක්රියා කිරීදමන් ඒවායින්

ලැදෙන දුක වුවෙ සමෙරව ෙරාගැනීමට හැකියාවක් පවතී. මන්ෙ තමා ඔවුන් සමග ක්රියාදකාට ඇත්දත්

වඩාත් ඇදලනසුලු ෙවින් දනාවන නිසාදවනි. අෙ වන විට මිනිසාට තම හැගීේ මැදුේ පිළිදවතකට අනුව

පවත්වා ගැනීමට දනාහැකි වීම නිසාදවන් දොදහෝ පීඩාවන්ට මුහුණපෑමට සිදු වී ඇත.

දමය දොදහෝ දසයින් ෙලපා ඇත්දත් දේම සෙෙතා දකදරහිය. සහකරුදවකු තම සහකාරිය සමග පමණ

ඉක්මවා ෙන්ෙනයට ලක් වීදමන් ඔවුන් එම සෙෙතා බිෙ වැටුණු විට මහත් දස් සිත් බිදීේ වලට ලක් දේ. දේ

නිසාම තමාට හිමි ගරුත්වය පවා ොල්දු කරමින් මිනිසුන් පසුපස යාම අෙ වන විට ඉතාමත් සුලෙ දෙයක්

 

ෙවට පත් වී ඇත. නමුත් මිනිසුන්ට හැකි නේ තමා වටා ඇති සෙෙතා සියල්ලම මැදුේ පිළිදවතට අනුව

පවත්වාදගන යාමට හැගීේ සමග ගණුදෙණු කිරීදේ දී ඉතාමත් සූක්ෂම දලස කටයුතු කිරීමට හැකි දේ.

එවිට කුමන දහෝ දහ්තුවක් නිසා කුමන දහෝ පුද්ගලදයක් තම ජීවිතදයන් ඉවත්ව ගියත් එය කිසිදු

ආකාරයක පාඩුවක් දලස දනාසිතා තම ජීවිතදේ ඉදිරිය ගැන පමණක් සිතමින් තම හීන හා ජයග්රහණයන්

පසු පස හඹාදගන යාමට මිනිසුන්ට හැකියාවක් ලැදේ.

තම ජීවිතය තුළ දී තමා සමගම සිටින එදස්ත් නැතිනේ දිදවන් දිව ගාදගන සිටින මිනිසුන් වුව දකදිනක

දහෝ තමාව අතැර ෙමා යන දිනයක් නිසැකවම පැමිදණනු ඇත. අඩුම තරදේ මරණදේ දී දහෝ එය සිදු වනු

ඇත. එය දලෝක සතයයකි. දකදස් දවතත් ආකාරයට මිනිසුන් අදනකාදගන් ඈත් වීමට දනාදයක් දහ්තු

ෙලපාන අතරම අතර පවතින සුලෙ සිදුවීේ කිහිපයක් පහත පරිදි දේ.

දකදනකුදේ දියුණුව අදනකාට ෙරාදගන සිටීමට දනාහැකි වීම.

එකිදනකා දකදරහි අධික දලස ඊර්ර්ෂයාවක් පැවැතීම.

පවතිනවාට වඩා දහාෙ යැයි සිදතන හමුවීේ වල පැටලීම.

එකිදනකා අතර දවනස්කේ සිදු වීම.

අතපසුවීේ සිදු වීම.

එවැනි දහ්තු නිසාදවන් තමාදගන් ඉවත්ව පිට වී යන මිනිසුන් පසුපස වැෙවැටී යාදමන් තම ගරුත්වයට

හානිවන අතරම ෙැඩි දලස කලකිරීේ, සිත්පීඩා ආදිය ඇති දේ. නමුත් මිනිසුන් සමග සීමාවකින් යුතුව

ඇසුරු කරමින් සිටිය දී ඔවුන් ජීවිතදයන් ඉවත් වුව එයින් විශාල පාඩුවක් දහෝ බිෙවැටීමක් තමාට සිදු

දනාවන අතරම එමගින් තම සතුටට ොධ්ාවක් ඇති දනාදේ.

අනුව ඕනෑම මිනිදසකු තම ජීවිතදේ දී තරදේම මතක තො ගත යුතු දෙයක් වන්දන්,

අෙ ඔෙව යදමකු විසින් අතැර යන්දන් නේ දහට දිනදේ එම පුද්ගලයාට ඔෙව ලො ගැනීමට තියා සමීප

වීමට දහෝ දනාහැකි තරමටම වටිනාකමක් සහිත පුද්ගලදයක් දලස ඔෙව නිරරමාණය කිරීමට වග

ෙලාගන්න.”

එෙැවින් සියල්ලටම ප්රතමව තමා ගැන සිතන්න. තමාට ආෙරය කරන්න. එවිට අන් සැමටත් වඩා සතුටින්

සිටීමට තමාට හැකි වනු ඇත.


චදමෝෙයා එදිරිසිිංහ

25-July-17

ග්‍රීෂ්ම සමයේදී ඔබේ සමය ආරක්ෂා කරමු

  1. සමට සුදුසු Sunscreen තෝරන්න

හැමෝටම එකම sunscreen එක සුදුසු නැහැ. ඔබේ සම වර්ගය (තෙත, වියළි, සංයුක්ත, සන්වලට භාවිතා කිරීම වළක්වන) අනුව නිවැරදි UVA/UVB ආවරණය සහිත SPF 30 හෝ වැඩි sunscreen එකක් තෝරන්න. ජෙල් හැඩයේ sunscreen තෙතමන සමයට හොඳයි. වියළි සමට තෙතමනය දෙන දියර sunscreen එකක් වඩා හොඳයි.

  1. Exfoliate –

සතියකට වරක් හෝ දෙවරක්, ඉතාම මෘදු scrub එකක් භාවිතයෙන් මළ සෛල ඉවත් කරන්න. මෙය sunscreen එක හොඳින් ඇතුළුවීම සඳහා මාර්ග නිවැරදි කරයි. නමුත් වැඩියෙන් exfoliate කළොත් සමය හැකිලිලා යා හැක.

  1. Moisturizer අමතක නොකරන්න

ග්රීෂ්මයේදී වියළි වායුව සමයේ තෙතමනය අඩු කරයි. සුදුසු moisturizer එකක් දමා සමය තෙත තබා ගැනීමට උත්සාහ කරන්න. aloe vera, hyaluronic acid වැනි අමුද්රව් සහිත moisturizer උණුසුම් කාලයට සුදුසුයි.

  1. Makeup 

ග්රීෂ්මයෙදි තද makeup එකක් සම මත හිදී ඝන බවක් දැනේ. නිසා lightweight foundation, BB/CC cream, සහ waterproof products භාවිතා කරන්න.

  1. Facial Treatments – විශේෂ දවසකට පෙර පමණක්

ග්රීෂ්මයේදී chemical peels වැනි treatments වලින් පසු සූර්ය රැඳීම සමට හානි කරනවා. එවැනි සේවාවන් සූර්යයට යාමට පෙර සති 2කට කලින් පමණක් කරන්න.

  1. ඔබේ තෙල් සහ පීලි පාලනය කරන්න

oily skin නම්, oil-control sheets සහ mattifying primer භාවිතා කරන්න. මේවා make-up stay කරන්න උදව් කරනවා.

 

 විශේෂ උපදෙස්: සෑම රාත්රියකම makeup ඉවත් කරලා නිදා යන්න. නියම skincare routine එකක් ග්රීෂ්මයේදි හෝ වෙනත් කාලයකදි හෝ ඔබේ සමයට සන්සුන් බවක් ගෙන එයි.

දුලාන්ජලි අලහප්පෙරුම