2026-01-16

නිසංසලාගේ චාරිකා

එදා දවස මට හොදට මතකයි 2021 සැප්තැම්බර් මාසේ…. මගේ පළවෙනි ලිපිය අපි
magazine එකෙන් පලවුන දවස… එකත් දළදා පෙරහැර ගැන…. එදා ඉදන් අද
වනතුරු මම අකුරු එකතු කරනවා සුන්දර මතක එක්ක…
මුලින්ම මම අපි magazine හරහා අරන් ආවෙි ලංකාවෙි ඉතිහාසය ගැන
තොරතුරු… නමුත් එක් වතාවක මට යන්න ලැබුණු ජිවිතේ අමතක නොවෙන
ගමනක් ගැන අත්දැකීම් රැගෙන ආවා… එ තමයි දෙහෙනකන්ද මුක්කුවත්ත
පාරෙන් අවාරේ සිරිපා වන්දනාවෙි ගිය චාරිකාව…. 2022 දෙසැම්බර් මස
කලාපයෙන් මගේ එ පළවෙනි hike එකේ අත්දැකිම රැගෙන පැමිණියාට පසු අපි
මැගසින් නිර්මාතෘවරයා මට යොජනවාක් කලා…. නිසංසාලා ඔයා දිගටම travel
article කරන්න කියලා… ඉතිං එ ලැබුණු පන්නරයත් එක්ක මම මෙි වෙනකමිම
මගේ සුන්දර චාරිකා අත්දැකීමි රැගෙන එනවා…
නමුත් මට මෙි නව වසරේ පළවෙනිම මාසේ මගේ චාරිකා අත්දැකීමක් ගෙන එන්න
නොහැකි උනේ නොවැම්බර් මස අපේ රටෙි ඇතිවු ව්‍යසනය තත්වය නිසා… හිතට
දැනෙන දුක අපමණයි…. එ නිසා එ ව්‍යසනය ගැන නොලියමි… මං ඇවිද ගිය
මංමාවත්, කදු, දිය ඇලි බොහොමයක සුන්දරත්වය සුනුවිසුනුවී ගොස් ඇති බව
දැනගත් විට හදවත කඩා වැටුනා… කොත්මලේ, වලපනේ , රිවස්ටන්.. මෙි වාගේ
බොහොමයක් මං ආදරය කරපු ආදරය හොයන් ගිය සුන්දර කඳුකරයේ
සුන්දරත්වයත් විනාශ උනා එහි අහිංසක ජිවිතත් එක්කම… හිතේ ලොකු
පීඩනයක් මම දරාගෙන සිටියේ මතක් වෙන විටත් දෑස්වලින් කඳුළු ගලද්දි… එ
නිසාම මම දෙසැම්බර් මාසයම නිවසටවි සිටියේ එ පීඩනයට…
2022 දෙසැම්බර් ඉදන්ම මම මගේ චාරිකා ඔබ හමුවට රැගෙන පැමිණියේ මහත්වු
ආශාවෙන්… මං දකින විදින සුන්දරත්වය ඔබටත් රැගෙන එමටයි මට අවැසි
උවෙි… මගේ මෙි චාරිකාවෙි මා පසු පස සිට මට යෝධ ශක්තියක් වන්නේ අපි
magazine මාසික සඟරාව…. මගේ දක්ෂතාවයට වටිනාකමක් ලගා කලා වගේම
මගේ අකුරු වලට ඉහළම වටිනාකමක් ලබා දුන්නා….
වසර හතරක කාලයක් මම අපි magazine හරහා රැගෙන පැමිණෙන ලංකාවෙි
සුන්දරත්වය පිලිබදව විවිද ස්ථාන පිළිබඳව අකුරු කරන්නට නිසංසලාගේ චාරිකා
නමින් නමක් යොජනා කලේද අපි magazine නිර්මාතෘ තුමාම තමයි….
මා මාර්ග පහකින් කල ශ්‍රිපාද චාරිකාවත් හැබැහින් දකින්න ආසා කල
කඩියන්ලෙන ඇල්ලත් පුනා ඇල්ලත් , මා තරණය කරන්න හීන දැක්ක නකල්ස් කදු

පහා ගැනත් අපි magazine සඟරාව ඔස්සේ මම රැගෙන පැමිණියේ එ සුන්දරත්වය
හැබැහින් දකින්න යන්න ඔබටත් ආසාවක් ඇති වන්න…
රාවන කරත්ත පාරත් හොයා ගිය මම එහි කඳවුරු රාත්‍රියක් ගෙවා දැමුවෙි
ජිවිතේ පළවෙනි වතාවට…  කබරගල වගේම කොතලාගල සුන්දර රාත්‍රින් ගෙවා
දමා එ අසිරිය මට ඔබ වෙතටත් රැගෙන එන්න හැකියාව ලැබුණා…
එ වගේම ජිවිතේටම ගිය අවදානමිම ගමන හන්තාන කටුසුකොන්ද තරණය ගැනද
මම ඔබ හමුවට රැගෙන ආවෙි හිත පුරාම එ සතුටත් මතකත් පුරවාගෙන…
එ වගේම මොණරකන්ද ගැන , ලංකාවෙි තුන්වෙනියට උසම කන්ද තොටුපොළ
කන්ද තරණය කරන ගමන් නෙළු මල් අසිරිය ඔබ වෙතට මම රැගෙන ආවා… එ
වගේම මගේ දින ගණනක දකුණු පුරවරයේ ස්තාන කීපයක මා විදි සුන්දරත්වය
මට රැගෙන එන්නට හැකි උනේ වාසනාවකට… තනිව ගිය ගමන් වගේම
කන්ඩායමි එකතුවී ගිය ගමන් බොහොමයක් මම ඔබ හමුවට මෙි කාලය පුරාම
රැගෙන විත් තිබෙනවා…
නවකතා කෙටිකතා ලියන මම චාරිකා සටහන් ලියන්න ආරමිභ කලේ අපි
magazine සඟරාව නිසා… ⁣ඉතිං ලියන්නියක් වගේම සංචාරකයෙක් විදිහට මාව
ඉහලින්ම ඔසවා තැබිම පිටුපස සිටින එ මහා වෘක්ෂය අපි magazine
නිර්මාතෘතුමා ගයාන් කරුණාරත්නයි…. ඔහු නිසයි මම නිසංසලාගේ චාරිකා
නමින් ඔබ හමුවෙි සිටින්නේ.. එ වගේම ඔහු නිසයි මම youtube ඔස්සේ මගේ
නවකතා කෙටි කතා ඔබ හමුවට රැගෙන එන්නේ….
අපි magazine පවුල නිසාම මට බොහො ආදරණිය හදවත් හදුනාගත හැකි උනා…

මෙි සටහන මෙසේ ලියන්න හෙතුවත් එයමයි…
මට අවැසියි මට වටිනාකමි ලබාදි හෙවනැල්ලක් සේ මා පිටුපස සිටින අපි
magazine මාසික සගරාවටත් ආදරණිය ගයාන් කරුණාරත්න නිර්මාතෘ තුමාටත්
ස්තුති කරන්න වගේම සුබ පතන්න.. හයවන සංවත්සරය සමරන ලන්ඩනයේ
ලියාපදිංචි අපි magazine සඟරාවෙි travel writer කෙනෙක් විදිහට මට ලැබුණු එ
ලොකෙටම වලංගු media හැඳුනුම්පත අත තබාගෙන හදවතින්ම ආදරය
පුරවාගෙන මම සුබ පතනවා, තවත් චිරාත් කාලයක් අපිවත් දරාගෙන මුළු
ලොකෙම වැජඹෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා…..
ඉතිං…. ආදරෙයි අපි Magazine,,, සුන්දර චාරිකාවක් රැ⁣ගෙන ඉක්මනින්ම එන්නමි
ඔබ හමුවට…

නිසංසලා රණසිංහ

25-12-08

කොතලාගල Camping

කොතලාගල camping 
නිසංසලාගේ චාරිකා
( දෙවන දිනය )


සීතල එන්න එන්නම ටික ටික වැඩි වෙනවා…. වගේම හුළඟට ෆයිනස් කොළ එකට ගැටෙන හඬ හරි අමුතුයිහරියට නිකමි මහා වැස්සක් වගේඒත් ඉතිං මෙහාට වැස්ස කාලෙකින් ඇවිත් තිබුණෙ නෑ…. මේ කන්ද ගිනි අරගෙනත් තිබුණා එක කොටසක්…. හින්දම අපි පරිස්සම් වුනා ගිනි මැල දල්වන්නගල් වට කරලා ගින්දර පිටතට යන්නෙ නැති වෙන්න ආරක්ෂාව ඇතිව අපි ගිනි මැලය දැල්වුවා… 

ගිනි මැලය දල්වලා රාත්රි ආහාරය විදිහට කොතුතුමිත් සොසේජස් හැදුවා.. හදාගත්ත කෑමත් කාලම අපි සිංදුවක් මුමුණනමින් බොහෝ වෙලාවක් ගිනි මැලේ වටා රැඳී සිටියා…..

ඇත්තටම ජීවිතේ අමතක නොවන රාත්රියක්තරු පිරි අහස යට…. ලොකු සීතලක් තිබුණේ වත් නැති තරම්නින්ද අහලකවත් නෑ….. වගේම තමයි මේ කැලේ හිටියා කිව්ව කුළු හරක් දැන් නෑ කියලා දැන ගත්ත නිසාම හිතේ අර තිබුණ පොඩි චකිතයත් නැති වෙලායි තිබුණේ…. හින්දම අපි හතර දෙනාම හිටියේ හරි සතුටින්….

රෑ බෝ වෙනකොට හතර දෙනාම ගිනි මැලයත් නිවා දමලා කුඩාරම් අස්සට රිංගා ගත්තේ හෙට උදෑසන සුන්දර ඉර උදාවත් දකින්න බලාපොරොත්තුවෙන්ඉතින් තරමක සීතලක් තියෙන නිසාම මම නම් ස්ලීපින් බෑග් එක ඇතුලට රිංගා ගත්තේ සුව නින්දක් බලාපොරොත්තුවෙන්

වගේම තමයි උදෑසන අවදි වෙනකොට අවටින් ඇසුණේ එක එක කුරුලු ශබ්ද විතරමයි…. වගේම යමිතමට පන්සලක පිරිත් හඬත් අපිට ඇහුනා…. එතමයි කොතලාගල කන්දට පහළ තියෙන ගමේ පන්සලේ පිරිත් හඬ……

ඉර උදාවක් කියන්නේ කඳු මුදුණකදි දකින්නම ආස කරන සුන්දර දසුනක්…. ඉතිං වලපනේට ඉර පායන්නේ කොහොමද කියල අපි හතර දෙනාම බලාගෙන හිටියා ඉර උදාවෙනකම්ම කොතලාගල කන්දට….. ඒක ඇත්තටම මගේ ජීවිතේ පළවෙනි වතාවට මං දැකපු අමුතුම ඉර උදාවක්….. මොකද තරම් ලස්සනයි…. තනිකරම මුළු කොතලාගල කන්දම තැබිලි පාටයිවෙිලිලා ගියපු වල්පැළෑටිය පවා තැඹිලි පැහැයක් ගෙන තිබුණා

බොහො වෙලාවක් සුන්දරත්වය විදගත්තේ ටිකෙන් ටික තිබුණු සීතලත් අඩුවීගෙන යද්දි…. පස්සෙ තමයි අපි උදේට තේ බිවුවෙිතේත් බිලා අපි අපේ බඩුබාහිරාදිය ටෙන්ටි ඇතුලට දාලා ටෙන්ටි වහලා යන්න පිටත් උනේ තවත් ලස්සන ඉසවුවක් හොයාගෙන

තමයි මෙි කන්දේ ලස්සනම තැනලස්සනම viewpoint එකටලංකාවෙි තුන්වෙනියටම උස දිය ඇල්ල කුරුදු ඔය දිය ඇල්ල පේන තැනට.. වගේම තමයි මෙි යන ගමනෙදි දකින්න පුළුවන් තවත් විශේෂම දෙයක් ගැන චරිත් අයියා වගේම අපට මග පෙන්වු මාමා පැවසුව කොතලාගල ගලනිධානයක් ඇති බව කියන අමුතුම ගල් පර්වතය පිහිටිම නමි හරිම අද්භූත ජනකයි..

ඇත්තටම හිතාගන්න බැරි තරමි හරියට චෛත්යක කොතක් වගේ. නිසාලුනේ මෙි කන්දට කොතලාගල කියන නමත් පටබැදිලා තියෙන්නේකොහොම උනත් අපි කඳවුරු බැන්ද තැන තමයි මෙි කන්දේ උසම තැන.. එතන ඉදන් ලොකු දුරක් නමි නෑ දිය ඇල්ල පෙන මානෙට එන්නපුදුමය කියන්නේ ඇල්ලේ ශබිදයත් ඇසෙනවාමෙි ඇල්ලට එද්දි නමි අපිට ඉදුණු රතු පේර කන්න ලැබුණා.. පේර ගස් විමානයක්අමතක කලේ නෑ මම මගේ ආචිචි අමිමාටත් රස පේර ගෙඩි දෙකක් ගෙනත් දෙන්න….

හැබැයි යන්න තියෙන්නේ ගල් පර්වතය අයිනෙන් ලිස්සන සුලුයි ෆයිනස් කොළ නිසා.. හින්දාම පරිස්සමට යා යුතුයි…. එන්න එන්නම දැඩි අවු රශ්මියක් පතිත උනා දිය ඇල්ල පෙනෙන මානෙට.. එත් පැයකට වඩා අපි දිය ඇල්ල දිහා බලන් හිටියා.. දිය ඇල්ලට මෙහායින් ඇති කිරි කෑ කන්ද ගැනත් අපිට විස්තරයක් පැවසුවා ගමේ මග පෙන්වු මාමා

ඉතිං ලස්සන දර්ශනයට සමුදි අපි නැවත පැමිණියා අපේ කඳවුරු භූමියටඋදැසන අහාරය ලෙස පාන් සමග ජැමි ආහාරයට ගත් අපි අපේ ටෙන්ටි අකුලාගෙන කොතලාගල සුන්දර කදු මුදුණට සමුදි පල්ලමි බැස්සා….

කියන්නම ඔින කිසිම පොලිතින් කැල්ලක් තියා ජරාවක් තිබුනේ නෑ මෙි භූමිය පුරාම තරමි පිරිසිදුයි…. අපිත් අපේ ලටිට පටිට සේරම අරගෙන පහලට බැස්සේ රෑ බෝ වෙන්න ප්රථම ගෙවල් වලට යන්නඅපි පහලට එන තෙක්ම අර මාමා බලන් ඉන්නවා දැක්කාම හිතට දැණුන හැඟිම නමි කියලා නිම කරන්න බෑ

මං මෙි බලන් හිටියේ එනකමි පහලට…. රෑට කැවෙි මොනවද.. බඩඟිනිද…. තේ එකක් බොමු

තරමි මිනිසුන්ගේ හදවත් සුන්දරයිඅපි එපා කිවුවත් අපිට තේ හදලා දුන්නා.. කොහොමත් අපි හතර දෙනාම හිටියේ පිපාසයෙන්.. තේ ටික ඉක්මනින්ම බිලා කියලා අර මාමාගේ දුව නැවතත් අපිට තේ හදලා ගෙනත් දුන්නා.. පැයක් විතර අපි ගෙදර..   මාමා කඩලා දුන්න පැෂන් ගෙඩියත් බැගයේ දමාගෙන මාමාට නැන්දාට වැදලාම අපි ඔවුන්ගෙන් සමුගෙන නැවත පිටත් උනා

කොතලාගල යනවා නමි අමතක නොකර මෙි නිවෙස් දෙකේම පුංචි බබාලා ඉන්නවා එයාලාට මොනවා හරි දෙයක් ගෙනියන්න…. වෙිලාවට අපි ගාව තිබුණා ඔිනවටත් වඩා කෑමයනකොටත් දිලා එනකොටත් දිලයි ආවෙි නිසා හිතට හොදයි

ඉතිං සුන්දර ගමනක් සුන්දර හදවත් එක්ක දින දෙකක් ගෙවා දැමුවා…. එන්න හිතක් නැති තරමිඑතරමි සුන්දර සංචාරයක්හිතම තාමත් සුන්දර වලපනෙ කදු මුදුණේ

නැවත වලපනේ නඟරයට ඇවිත් දවල්ට බඩ පිරෙන්න බත් කාලා භාග්යාවත් බස් එකට දාලා අපි පිටත් උනා අපේ ගමි බිමි කරා එන්නතාමත් හිත එහේ…. ආදරයෙන් මතක් කරන්න ඔින චරිත් අයියාව…. චරිත් අයියා මෙි කදු මුදුන් ගැන වගේම තවත් විස්තර ගොඩක් පැවසුවා. වගේම ගමන පටන් ගත් මොහොතේ ඉදන්ම ගෙදර එනකමි හොයා බැලුවා අපි ගැනඉතිං ස්තුතියි ගොඩක් චරිත් අයියේ..

ගේම මගේ ආදරණිය යාළුවො තුන්දෙනාටත් ගොඩක් ස්තුතියිමට ලස්සන පොටො අරන් දුන්න උපුල් මල්ලිටත් ගොඩක් ස්තුතියි.. හැමදාමත් වගේ හැම ගමනක්ම අවසානේ මම ස්තුතියි කියනවා මෙි විශ්වයට…. ස්තුතියි මාව සතුටින් තබනවාට…. ඉතිංතවත් සුන්දර සංචාරයකින් නැවත හමුවෙමු….

නිසංසලා රණසිංහ

25-11-01

නෙළු මල් වසන්තේ තොටුපොළ කන්දට

නෙළු මල් වසන්තේ තොටුපොළ කන්දට
නිසංසලාගේ චාරිකා

වසර දොලහකට පසු පිපෙන මල් වර්ගයක් ගැන දැනගන්න ලැබුණාම මටත්ලොකුම ලොකු ආසාවක් ආවා මල් බලන්න යන්නඇත්තටම මම ආසම කැලෑ මල් වලට….. මල්වල සුන්දරත්වය අපි හැමදාම දකින මල් වලට වඩා ගොඩක් වෙනස්…..

ඉතිං මෙවර මම අරන් ආවෙි මම නෙළු මල් බලන්න ගිය අපූරු චාරිකාව ගැන පුංචි විස්තරයක්…. කොහොමත් මම ආසම දෙයක් තමයි නෙළු ගස් අතරින් ඇවිද යන්න…. මං එහෙම නෙළු ගස් අතරින් ඇවිද  ගිහින් තියනවා චැරියටිපාත්වලඑදා මං නෙළු මල් දැක්කා එක වර්ගයක්තැනින් තැන පිපි තිබු මල් වල ඡායාරූප ගත්තා දැනට අවුරුදු තුනකට පෙර

දැනගත්ත විදිහට මෙවර මෙි නෙළු මල් පිපි ඇත්තේ වසර දොලහකට පසුවයි…. ඉතින් කලින් 2013 හොර්ටන් තැන්නේ නෙළු පිපිලාඑත් කාලේ මට දැනගන්න ලැබුණේ නෑ…. නමුත් මෙවර ලොකු ප්රචාරයක් සිදු උනා සමාජ මාධ්යයේ

ලංකාවේ පිහිටා ඇති කඳු අතරින් උසින් තුන්වන ස්ථානය හිමි වන තොටුපොළ කන්ද මංපෙතේ මෙි නෙළු මල් පිපි ඇති සුන්දරත්වයත් විදින්න මමත් තොටුපොළ කන්ද තරණය කලා…. එහි උස මුහුදු මටිටමෙි සිට මීටර් 2357ක්…. පිහිටා තියෙන්නේ හෝර්ටන් තැන්න ප්රදේශයේ

නෙළු ගැන විස්තර මම ගොඩක් හොයන්න උත්සාහ කලා…. ඉතින් අතරතුර මට මේ නෙළුම් මල් ගැන පුංචි විස්තරයක් දැනගන්න ලැබුණා. වසර දොළහකට පස්සේ නෙළු වසන්තය ඇවිල්ලා.. නෙළු ප්රභේද පහක් දැක ගන්න පුළුවන් කියලා දැනගන්න හැකි වුණා…..

හෝර්ටන් තැන්නේ තොටුපොල කන්ද මංපෙතේ මේ නෙළුමල් වර්ග පහම දැක ගන්න පුළුවන්ඉතිං නෙළු කියලා හඳුන්වන්නේ strobilanthes කියන ශාක විශේෂ වලට….. ලංකාවේ මේ ශාක විශේෂ තිස්පහක් පමණ වාර්තා වෙලා තියෙනවා කියලා දැනගන්න හැකි වුණා…..

ඉතිංමේ නෙළු ශාක හොර්ටන්තැන්නට විතරක් ආවේනික ශාක නෙවේයි….. හොර්ටන් තැන්නේ පිපෙන නෙළු ශාක මධ්යම කඳුකරේ පිදුරුතලාගල, නකල්ස් කදුවල පවා දකින්න ලැබෙනවලු…. ඒක ඇත්ත….. මොකද මමත් කාලෙකට කලින් චැරියට්පාත් ගිය මොහොතේ එහෙදි මේ නෙළුම් මල් තැනින් තැන පිපිලා තියෙනවා දැක්කා…..

අවුරුදු දොළහකට පස්සේ ශාක වල මල් පිපිලා තියෙනවා…. මෙි මල් පර වෙලා ගෙඩි හැදිලා ඉවර වුණාට පස්සේ මෙි ගස් මැරිලා යනවා.. හැදෙන ගෙඩිවල බීජ පොළොවට යට වෙලා තිබිලා නැවතත් ටිකෙන් ටික මේ ශාක වර්ධනය වෙනවා….  ඉතින් කාලය වසර දොළහක් වෙන්න ඇති…. වසර දොළහකට පසු නැවතත් අපිට මේ සුන්දර මල් දැක ගන්න පුළුවන් වෙයි

මවු මරා උපන් නෙළු කුමරියොඑසේ මෙි නෙළු වසන්තයට නමි පවා පටබැඳි තිබු අයුරු මම දුටුවා සමාජ මාධ්යයේ

මට නමි වාසනාව ලැබුණා නෙළුමල් බලන්න යන්නඇත්තටම රෝස පාට, දම් පාට වගේම කහ පාට, කොළ පාට සහා  සුදු පාට මල්වලින් තොටුපොළ මංපෙත වටපිටාවම වර්ණවත් වෙලා තිබුණා…… හිතා ගන්න බැරි තරම් සුන්දරත්වයක් තිබුණා…. ඉතින් මම පුදුම ආසාවකින් තොටුපොල කන්ද තරණය කලේ මේ මල් බලන්න වගේම තමයි මී මැස්සන්ට රජ දහනක්මගේ ජීවිතේට දුටුවාමයි මෙි තරමි මී මැසි ප්රමාණයක්…..

කොහොමත් මගේ ලොකු ආසාවක් තිබුණා තොටුපොළ කන්ද නගින්න…… එක හීනයක් උනා මගේ ජීවිතේ…. තොටුපොල කන්ද කියන්නේ ලංකාවෙ තුන්වෙනියට උසම කන්ද….

වගේම තොටුපොළ කන්ද වටා ජනප්රවාදයකුත් පවතිනවා…. තමයි රාවණ රජතුමා සම්බන්ධ ජනප්රවාදය…. රාවණ රජතුමා ඉන්දියාවෙන් සීතා දේවිය පැහැරගෙන ලංකාවට ඇවිල්ලා මුලින්ම දඬුමොනරය නවත්තපු තැන මේ තොටුපොළ කන්ද කියලා ජනප්රවාදයේ කියවෙනවා….. නිසාම මේ කන්දටරාවණ මං පෙතකියලත් ගම්මු හඳුන්වනවා…..

කොහොමත් එතන බෝඩ් එකක් ගහලා තියෙනවා බෝඩ් එකෙත් රාවණ කියන නම තියෙනවාගම්මු විශ්වාස කරනවලු තොටුපළ කන්දේ කොහේ හරි තාමත් දඬුමොනරය සඟවලා ඇති කියලා……

කොහොම හරි මගේ හීනයක් උන තොටුපොළ කන්දත් තරණය කරලා….. වසර දොලහකට පසු පිපුණු නෙළු මල් වසන්තයත් හිත පිරෙන්නම දෑසින් විදලා මම ගෙදර ආවෙි හිත එහේ තියලා…. මොකද මට ආයෙමත් යන්න ඔින එහේ…. සීතල මීදුම මට රිසිසේ විදින්නයි අවශ්….

යමි විදිහකින් මට සුන්දරත්වය දකින්න නොහැකි උනා නමි මගේ ජිවිතේ පුරාවටම මම පසුතැවෙන්න ඉඩ තිබුණානමුත් මට වාසනාව ලැබුණා සුන්දරත්වයත් දෑසින් දැකගන්න….. ඉතින් හැමදාමත් වගේ මම ස්තුතියි කියන්නේ මෙි විශ්වයට……..

නිසංසලා රණසිංහ

25-Oct-07

කොතලාගල camping

නිසංසලාගේ චාරිකා 

(පළවෙන දිනය )



උදැසන පටන්ම ඇද හැලෙන වර්ෂාව මොහොතකට හිතත් ගැස්සුවා…. සුන්දර කදු මුදුණක් සොයාන කඳවුරු බදින්න මවපු හීන හෙදිලාම යයිදො කියලා හිතුනාවැස්සේ කඳවුරු බැදිම කියන්නේම සීතල කෙසේ වෙතත් මිනින්දෝරු මහත්තුරුන්ගේ ප්රහාරය එපා වෙන නිසා ( කුඩැල්ලො )


උදැසන නිවසෙන් පිටත් වෙන්න සූදානමි උනේ නමයටනමුත් නමයි තිහටයි මම ගෙදරින් පිටත් වෙලා නුවරට යන්න බස් එකට ගොඩ උනේ යන ගමනුත් මගේ මිත්රයන්ගෙන් මම ඇසුවෙි වර්ෂාව ගැන…. කොහොමත් කතා උනා නාන්න හරි දාගත්ත ගමන යමු කියලා…. අපි එහෙමයි….


අපේ ගමනාන්තය තමයි මෙවර වලපනේ කොතලාගල කන්ද…. ගමන යන්න අපි තුන්දෙනෙක් නුවරට එකතුවෙලා ගමන පටන් ගත්තා…. මගදි දින දෙකකට අවශ් කෑම බිම ගන්න නතර උන වෙලාවෙි ආයෙත් වැස්සාඋපුල් මල්ලි නමි කිවුවෙි නාන්න හරි යමං කියලා…. 


අවශ් කරන දේවල් රැගෙන නැවතත් අපි වලපනේ සුන්දර කදු මුදුණ සොයාගෙන යන්න පිටත් උනා…. මගක් යනකොට තමයි කො වැස්ස කියලා හිතුනේ…. වික්ටෝරියා ජලාශය පැත්තට නමි වැස්සක් වැටිලා නෑ මාස ගානකින් තරමට වියලියි පරිසරයම…… දැඩි අවු රශ්මියක් තිබුනේසමහර කදු මුදුන් ගිණිබත් වෙන සැටි සියැසින් දකිමින් ගමන ඉදිරියට ඇදුණා අපි…. 


දහවල් 11.30 පමණ නුවරින් පිටත් උන අපි කඳුකර මාර්ගයන් ඔස්සේ පැමිණියා 2.20 වලපනේ නඟරයට මෙි ගමනට එකතුවෙන භාග්යාව ගන්නඇයවත් රැගෙන හොටලයකට ගොඩ වෙලා දහවල් ආහාරයත් රැගෙන නැවත පිටත් උනා අපට පෙනි පෙනිම තිබෙන සුන්දර කදු මුදුණත සොයාගෙන


මෙි ගමන යන්න තියෙන්නේ වලපනේ රොහල ඇති මාර්ගයේ.. රෝහලට යන මාර්ගයේ කිලොමිටර් දෙකක් පමණ යා යුතුයි කදු මුදුණට ලගා වෙන්න ඇති අඩිපාරට අසලට යන්න


ඇත්තටම මට නමි හිතුනේම වලපනේ කියන්නෙම වලක් කියලා.. තනිකරම වලක තමයි වලපනේ නඟරය තිබෙන්නේඉතිං කාපටි පාරක් දිගේ ඇවිත් ගල් බොරළු මාර්ගයකට සෙන්දු උන අපි මෙි ගමනේ මග විස්තර කියාදුන් චරිත් අයියා පැවසු නිවසට පැමිණියාඅපි පැමිණි යතුරුපැදි ජාලිය අයියාගෙ නිවසේ නතර කර ගමනට සුදාණමි උනේ තවත් වෙලා නොගෙනමයි


හවස 3.30වන විට අපි ගමන පටන් ගත්තාබයිසිකල් දැමු නිවස ලගින් නැවතත් පහල බැහැලා අපි සේන්දු උනේ තවත් නිවසකට යන්න තියන මාර්ගයකටඇත්තෙන්ම නිවැසියන් නමි අපිව පිලිගත්තේ කාලයක් තිස්සේ දන්නා අඳුරන අය වගේ.. තරමට සුන්දර හදවත් ඇති මිනිසුන් මම දැක්කාමයි ගමකගමනට අවශ් වතුරත් අපි පුරවා ගත්තේ නිවසෙන්.. ඉතිං නිවසේ මාමාත් මාමාගේ මිනිබිරියත් අපට කදු මුදුණට ඇතුල් වෙන මාර්ගය පෙන්නූවාමෙි නිවෙස් මායිමෙි ඇත්තේ ගල් වැටියක්.. මෙි ගල් වැටිය එක්කම ඇලක්.. මෙතනින් ගොඩවී යා යුතුයි.. මෙසෙ මේ විදිහට ගල් වැටි බැද තිබෙන්න හේතුව ලැවුගිණි ගමිවැදිම නවතා ගැණිම, වගේම නාය යෑමි වලින් තරමක හො ආරක්ෂාවක් ලබා ගන්නහැබැයි නාය යෑමි වලට වඩා ලැවුගිණි වලට තමයි මෙසේ අඩි දෙක තුනක ගල් වැටි බැද තබන්නේ


කදු පාමුලම ඇති නිවස අසලින් වල් වැදි ඇති ගල් පඩිපෙල් නැඟගෙන අපි පැමිණියා ෆයිනස් යායට…. ඇත්තේ සීග් නැග්මක්කොයි හරියෙන් ගොඩ වෙනවාදැයි සිතාගත නොහැකියිමිට සති කීපයකට පෙර කොතලාගල කන්දේ මෙි ඉසවුව ගිණි අරගෙන.. නිසාම මාර්ගය අපැහැදිලියි.. 


අසා දැනගත් විදිහට කොතලාගල කඳු මුදුණත කුළු හරක් සිටින බව දැගත්තා. නමුත් අපට මග පෙන්වු මාමා පැවසුවෙි කඳු මුදුණත සිටි අහිංසක සතුන්ව ගමෙි මිනිසුන්ම මසට මරා දමා ඇති බවයිඇත්තෙන්ම එයට නමි පුදුම දුකක් දැණුනාකාලෙකට කලින් කොටියන්ද සිටි නමුත් දැන් නමි කිසිදු සතෙක් නැති බවයි මාමා පැවසූවෙි….


අපිට චරිත් අයියා පවසා තිබු විදිහට අපි වමට බර නොවි මෙි සීග් නැග්ම නගින්න පටන් ගත්තාහිතුවාට වඩා අමාරු නැති කන්දක්ෆයිනස් කොල වගේම වැලි බොරු පස නිසා ලිස්සන සුළුයි.. එත් ඉතිං අපිට ඇති හදිසියකුත් නැති නිසා මෙි වටපිට සුන්දරත්වය විදින ගමන් ඇවිද ගියා… 


ටික දුරක් මෙි විදිහට අපි නිසි අඩි පාරක් නොමැතිව හිතුමතේ මුදුණ බලාගෙන ඇවිද ගියේ රසබර කතා එක්ක.. කෙසෙ හො චරිත් අයියා පැවසු කාලෙකට කලින් කරන්ටි ලයින් එකක් ගිය ෆයිනස් ගස් නැති සුන්දර මාර්ගයක් වගේ තැනට පැමිණි විටයි අපිට අඩි පාර මුණගැසුනේෆයිනස් වනාන්තරය ගිනි අරගෙන තිබුණ නිසාම බොහො ගස් බිම වැටිලා.. මාර්ගය වැසි ගිහින්… 


අඩිපාර ඔස්සේ අපි කොතලාග කදු මුදුණේ ඉහලම ස්ථානයට එන විට නමි ඈතින් රන්දෙණිගල ජලාශය වගේම මම නමි නමි නොදන්නා කදු බොහොමයක් දැකගන්න පුළුවන් උනාවර්ෂාව නොමැති වීම නමි හිතට ගෙන දුන්නේ සහනයක්.. 


මෙි කදු මුදුණේ සුන්දරම ස්ථානය.. සුන්දරම කඳවුරු භූමිය වෙතට ලගා වෙන විට හවස පහයි.. මහන්සියක් දැනුණේ නැති තරමි තරමි අපහසු නෑ මෙි කඳු තරණයදවසින් උවත් පැමිණ ගිය හැකි තැනක් බව පැවසිය යුතුමයි…. 


කඳවුරු භූමිය වෙත පැමිණි අපි හතර දෙනාම ඉක්මනින් රෑ බො වෙන්න ප්රතම අපෙ කූඩාරම් දෙක අටවා ගත්තේ ඉක්මනින් තේ කොප්පයක් සාදාගෙන පානය කිරිමෙි හදිසියෙන්……


(රාත්රි කඳවුරු අත්දැකිම සමග දෙවනි කොටසින් හමුවෙමු )


නිසංසලා රණසිංහ  

25-Sep-09

Knuckles five peaks

තාමත් මට සිතාගත නොහැකියි මගේ මෙි සැබැවු සිහිනය…. මිට මෙළවු අතක් බඳු නකල්ස් කදු වැටිය සොයා යාම මෙි වසරේ මගේ හොදම සංචාරය ලෙසයි මට හැඟි යන්නේ.. තරමට මම හීන දැක්කා ආස කලා මෙි කදු මුදුණ දැක ගන්නටත් සිසිල් සුළං රැල්ලක පහස විදින්නත් නකල්ස් ඇල්ලේ සුන්දරත්වය දකින්නත්

නිතරම මීදුමෙන් බරවී තිබිම නිසාම දුමිබර යන නමින් වගේම , බටදඬු ගස් බොහොමයක් ඇති නිසාම බටදඬු කදු වැටිය යන නමින්ද ප්රචලිත මෙි කොළපාට ලොකය හොයාන මට යන්නට හැකි උනා….  ඉතිං.. මෙි සුන්දර චාරිකාවෙි මම ලද අත්දැකීම් ගොන්නක් රැගෙනයි මම මෙවර ඔයාලා හමුවට ආවෙි….

මෙි ගමන යන්න මාත් සමග තවත් හතර දෙනෙක් එකතු උනාඉතිං අපි පස් දෙනාම එකතු උනේ වත්තේගමටවත්තේගමින් ගමන ආරම්භ කල අපි පන්විල හරහා බඹරැල්ලට පැමිණියේ ඉතාමත් සුන්දර මාර්ගයක් දිගෙයිමෙි එන මාර්ගයේදි බොහො දිය ඇලි ප්රමාණයක් දැක ගන්නට හැකියාව ලැබෙනවා.. අතර හුළුගඟ ඇල්ල රහස් ඇල්ල සාරි ඇල්ල ජොඩු ඇල්ල වගේ තවත් මා නොදන්නා බොහොමයක් සුන්දර තැන් දැක බලා ගන්න පුළුවන්

නමුත් අපේ ගමනාන්තය උනේ නකල්ස් කදු මුදුන් පහා නිසාම ජොඩු ඇල්ල වගේ තැන් ඇතින් දැකගෙන ගමන ආරම්භ කලාඑත් අමතක කලේ නෑ මම මෙි ගමන යන්නට මුලපිරු දින සිටම මගේ තාත්තා මට පැවසූ රහස් ඇල්ල බලන්න.. රහස් ඇල්ලත් බලාගෙන හුළුගඟ ඇල්ලත් බලාගෙන අපි ගියේ බඹරැල්ල දෙසට

බඹරැල්ලට ලගා උන අපි මඟ සිටි අයගෙන් මාර්ගය අසාගෙන ගියත් මඟදි එක් අයෙක් පැවසූවෙි වනජීවී කාර්යාලය ඇති ස්ථානයට බයිසිකල් වලට යා නොහැකි බවයි.. එසේ යනවා නමි තවත් මාර්ගයක් ඇති බවත් ඔහු පැවසූවා.. නැවත හරවාගත් අපි පස් දෙනාම කාපටි යෙදු මාර්ගයේ 3kmක් නැවත ගියේ වනජීවී කාර්යාලය ඇති ගොමරය ගමට යන්නට ඇති දුෂ්කර ගල් බොරළු මාර්ගය වෙතටයි….

ඉතාමත් අබලන්වු මාර්ගයක් ඔස්සේ ලගා උනා රක්ෂිතයට යන්නට අවසර ගන්න වනජීවී කාර්යාලය අසලටඅපි එහි යන විටත් වෙිලාව උදැසන දහයයි තිහ පසුවි අවසන්අප පැමිණි බයිසිකල් කීපය වනජීවී කාර්යාලයත් වනපෙතට ඇතුල් වෙන ස්තානයත් පසු කර ඉදිරියට ගොස් මෙි මාර්ගයේ අවසන් නිවස වන මල්ලිකා අක්කාගේ නිවසේ නවතා ගමනට සූදානමි උනා….

හරියටම මධ්යාහන උදා විමට හොරාවක් තබා මා විසින් චාරිත්රයක් ලෙස කොල අත්තක් කඩා මෙි වනයට අරක්ගෙන සිටින සියළු දෙවියන්ගේ ආරක්ෂාවත් අවසරයත් ඉල්ලා සිට ගමන ආරමිභ කලා….
අපි ඇතුල් වෙන්නේ හදවතක් බඳුවු ස්ථානයකටදවටගල ස්වාභාවික මංපෙත.. සමිපූර්ණ දුර කිලොමිටර් 08යිගමන ආරමිභ කලේම දහවලේ නිසා පුළුවන් තරමි දුරක් ගොස් හවස හතර වන විට නැවත පල්ලමි බැසිමට අප කතාබහ කරගත්තේ මෙි රක්ෂිතයේ රාත්රියේ රැදිම දඬුවමි ලැබිය හැකි වරදක් බව දන්නා නිසාමයි

ගමන ආරම්භ වන තැන සිට වනලැහැබ මැදින්
වනයට ඇතුල්වි මිටර් 300ක් පමණ ගිය විට හමුවන දිය පාරෙන් ගොඩවු විට ඇති තුන්මන් හන්දියෙන් දකුණු පසට ඇති අඩි පාරේ මදක් පහලට බැසගත් පසු නකල්ස් ඇල්ල හමුවෙනවාමගේ ජිවිතේ මම දකින්න හීන දැක්ක දිය ඇල්ලක් මෙි ලෙස මගේ දෑස මානයේ සුන්දරත්වය විදහාලමින් සිටියේ සතුට වැඩි කමට මටත් නොදැනි මා පිස්සෙකු සේ කෑ ගසද්දියි…. මෙි දිය කොමලියගේ උස 10mක් ලෙසයි දැනගත හැකි උනේ

සුන්දර නකල්ස් දිය ඇල්ල ලග මොහොතක් ගත කල අප ඉක්මනින් නැවත ගමන ආරම්භ කලේ අපේ කාල වෙිලාව පිළිබඳව ඇති ගැටලුව නිසාමයි.. දිය ඇල්ලෙන් සමුගෙන නැවතත් අප පැමිණි  තුන්මන් හන්දියට පැමිණ වමි පසට ඇති අඩිපාරේ ඉදිරියට ගමන් කලේ කදු පහා සොයා යෑමෙි අරමුණින්මද දුරක් අඩි පාරේ ගමන් කල අප අවතීර්ණ උනේ එළිමහන් ස්තානයකට.. මෙි ස්ථානයට නකල්ස් කදු පහා වගේම වමි පසින් රිලාගලත් පැහැදිලිව දැකගත හැකි උනාමෙි අතරමග තමයි මෙි ගමනේ හමුවන අවසන් දිය පාර හමුවන්නේ.. අපි රැගෙන ගිය බොතල් වලට එයින් ඇති පදමට ජලය පුරවාගෙන නැවත ගමන ආරමිභ කලා..

දහවල නිසා දැඬි අවු රශ්මියත් විදගෙන ඉදිරියට ඇවිද ගිය අප ඇතුල් උනේ අඳුරු වනලැහැබකටදැඬි අවු රශ්මියෙන් එළිමහන් ප්රදේශය පසු කර පැමිණි මට වචනයෙන් කියාගත නොහැකි සිසිලසක් ගතට දැණුනා මෙි වනලැහැබ තුලදිකෙමෙන් කෙමෙන් අප කදු මුදුණට ලගා වෙන නිසාම දැඩි වෙහෙසක් දැණුනා මට….

මෙි වන ලැහැබ පුරාම මම දුටුවෙි විසල් වනස්පතින් සමග ඇති කුඩා ශාකයටි රෝපණයක් නැති තරමි…  දහවල් ආහාරය ලෙස ගෙනා කුඩා ඉදි ආප්ප පාර්සලය ලිහා බඩකට පුරවාගෙන නැවතත් ගමන ආරමිභ කලේ කුඩැල්ලන්ගේ පහසත් විදගෙනමයි…..  බැලු තෙක් මානේ ඇත්තේ ඝන වනාන්තරය වෙනකොට නැවතත් අප මෙි අඳුරු වන ලැහැබ පසු කරගෙන ලගා උනේ එළිමහන් උස් ස්ථානයකටදැස් අදහාගත නොහැකි තරමි වට පිටාවෙිම තිබුණේ උස් කදු විතරමයිකොළපැහැති ලොකයක් තමයි අප වටා තිබුණේඅපේ මුහුණු වල තෙහෙටිටුව මදකට අඩුවි සිනාවෙන් මුහුණු වර්ණවත් වෙන්න ගියේ තත්පරයයි

අප සිටින මෙි ස්ථානයට අපේ ගමනාන්තය පැහැදිලිවම දිස් වෙද්දි අප නැවතත් ගමන ආරමිභ කලේ තවත් කිලොමිටර් කිපයක් අපට පළවන සහා දෙවන කදු මුදුන් වලට යෑමට ඇති හෙයිනිඅප මදකට විවෙික ගත් ගල් පර්වතයෙන් බැස නැවතත් සීග් නැග්මක් ඔස්සේ ගමන ආරමිභ කලේ පළවන කදු මුදුණතට ලගා විමටයි.. මෙි යන අතරමග අපට ලාංකිය සංචාරකයන් වගේම විදෙස් සංචාරකයන්ද මුණගැසුණු බව සදහන් කල යුතුමයි.

එළිමහන් ස්ථානය පසු කර ගිය පසු බට පඳුරු ශාක බහුලව ඇති සීග් නැග්මක් ඔස්සේ පැමිණි අප අවතීර්ණ උනේ තංගප්පුව මාර්ගය අප යන මාර්ගයට සමිබන්ද වෙන ස්ථානයටයි.. මෙි වෙතට ලගා වෙත්ම ලංකාවෙි සංචාරයට පැමිණි පොලන්ත ජාතිකයන් පිරිසක් අපට මුණගැසුණා.. ඔවුන් අපට දකුණු පසින් ඇති අළුගල් ලෙනට යන තංගප්පුව මාර්ගයෙන් පහලට බැස ගියේ මෙි පටු මාර්ගයේ ඔවුන් යන තෙක් ඉඩදී බලා සිටියදියි….

නොයෙක් වර්ගයේ ශාක කඳන් වසාගෙන ඇති තෙත පාසි වර්ග අතගා බලා සිසිලස විදගෙන වන මල් පිපි ඇති වනලැහැබෙි සුන්දරත්වයත් විදගෙන මම නමි දැඩි වෙහෙසකින් ඉදිරියට නැඟ ගියේ බලාපොරොත්තු දහසක් හිත තුල පොදි බැදගෙනයි

අපේ ගමනාන්තයේ පළවෙනි කදු මුදුණතට ලගාවු පසු මගේ විඩාව නමි කොහේ ගියාදැයි සිතාගත නොහැකි උනා.. 1500m උසින් පිහිටි මෙි කදු මුදුණත තරමක පටු තැනක් , පහලින් ප්රපාතය නිසා පළමු කදු මුදුණේ සිට අවට රිසි සේ නැරඹීමට නොහැකියි.. මද වෙලාවක් එහි සිටි අප නැවත අඩිපාර දිගේ ඉදිරියට ඇවිද ගියේ දෙවනි කදු මුදුණත සොයාගෙනයි

මාව පිස්සෙකු සේ මන්මත් කල නකල්ස් කදු මුදුන් පහේ උසම කදු මුදුණතට අප ලගා උනේ සියළු වෙහෙස මහන්සිය කොහෙන් ගියාදැයි සිතාගත නොහැකි වෙද්දියි

නකල්ස් කදු වැටියේ උසම කදු මුදුණ වන ගොමිබානියට දෙවනි වන කදු මුදුණත තමයි මෙි five peaks වල දෙවන කදු මුදුණ.. උසින් 1864m… දහවල් එකොලහට වනාන්තරයට ඇතුල්වි සීග් නැග්මන් ඔස්සේ 6kmක් ගෙවා අප දෙවන කදු මුදුණතට ලගා වෙන විට වෙලාව් හවස තුනයි

අප පසු කර පැමිණි කාපටි මාර්ගයේ අප ඉදිරියෙන් දිස්වු කන්ඳසාමි ගල පැහැදිලිවම අපට දැකගත හැකි උනා. වගේමයි මගේ තවත් හීන ගමනාන්තයක් වන ලකේගල , ගොමිබානිය අළුගල් කන්ද රිලාගල වගේ තවත් බොහො කදු මුදුන් මගේ දැස් මානයේ විරාජමානව තෙජාන්විතව සිටියේ හරියට කදු මුදුන් මට කතා කරනවා වගේ හදවතට දැනෙද්දි

මොහොතකට මට සිතුනා මගේ දැස් කොයිතරමි නමි වාසනාවන්තදැයි කියලත්.. වර්ණවත් ශාක පත් වගේම වනමල් මගේ හිත වශිකරගෙනරාවණ ඉතිහාසය ගැන බොහො කතාන්දර මෙි නකල්ස් කදු මුදුණ් සමග බැදී පවතිනවා.. කතා ලියා තැබිමට ගියහොත් මගේ ලිපිය තවත් දීර්ඝ වෙන බව මා දන්නා නිසාම ලකේ ගල ගිය දවසක විස්තර රැගෙන එන්නට පොරොන්දු වෙනවා

අපේ රට මොනතරමි නමි සුන්දරද.. මෙි රටේ සුන්දරත්වය දැක බලා ගන්නට මෙවැනි කදු මුදුණකට එන්නම ඔිනදෑස් මානයේ පෙනෙන්නට ඇති අනෙක් කදු මුදුණ් ත්රිත්වය දෙස බලා සිටියේ එහි යාමට අපට කාල වෙිලාව නොමැති සොවින්

ඉතිංබොහො වෙිලාවක් මෙහි සුන්දරත්වය විදගෙන ගෙනා කෙටි ආහාර වලින් කුසත් පුරවාගෙන හතරයි තිහ වන විට අප පල්ලමි බැස්සේ අඳුර වැටෙන්නට ප්රතම අප පැමිණි දුශ්කර බොරළු ගල් ගොඩැලි ඇති ගොමරය ගමි පියසේ මාර්ගය පසු කර යා යුතු නිසයි

හදවත නකල්ස් දෙවන කදු මුදුණත තබා මෙි විශ්වයට ස්තුති කර නැවත පහලට බැස ගත්තාපැමිණි මාර්ගයේ එළිමහන් තැන්නට පැමිණි පසු නැවතත් සුළු මොහොතක් අප තරණය කල දෙවන කදු මුදුණත දුටු විට ඇතිවු තෘප්තියෙන් හදවත පිරි යද්දි බස්නාහිරි හරි අපූරුවට හිරු බැස යන සුන්දරත්වයත් මෙි විශ්වය අපට තෑගි කලා

මෙි සුන්දරත්වය දෑස් පුරා පුරවාගෙන නකල්ස් වලට සමුදි සවස හයයි තිහ වන විට අප පැමිණි යතුරුපැදි නවතා ඇති නිවසට පැමිණියා එන විටත් මල්ලිකා අක්කා ඇගේ නිවසේ ඉදිකඩ ලග පෙර මඟ බලා සිටියේ අප දහවලේ කදු තරණයට ගිය හෙයින් අඳුර වැටෙන විට අතරමං උවාදැයි බියෙන්.. මදක් ඇගේ නිවසේ ගිමන් හැර නැවත අප අපේ ගමි බිමි කරා පිටත්ව ආවෙි සුන්දර මතක ගොන්නකින් හදවත පුරවාගෙනයි….

මෙි ගමන පුරාවටම මගේ හිත සතුටින් පිරිලාවෙනදා වගේම මෙි ගමනෙත් මාව පරිස්සමට එක්ක ගිය මගේ මිත්රයන් උපුල්,සංජිව, නදීශාන් සමග අලුත් මිත්රයා මහීවත් ආදරයෙන් මතක් කරනවාකදු තියෙන්නේ නගින්න හදවත් තියෙන්නේ සතුටින් පුරවා ගන්න.… සුන්දර මතක පුරවාගෙන තාමත් සුන්දර මකත මතක් කරමින් සතුටු වෙන මම වෙනදා වගේම අවසානයේ ස්තුති කරන්නේ මෙි විශ්වයට…. ස්තුතියි මාව සතුටින් තබනවාට

ඔබත් දිනක එහි යන්න සුන්දරත්වය විදින්න.. වගේම මතක තබාගන්න නොයිදුල් පරිසරය ආරක්ෂා කරන්න.. තමන් රැගෙන යන දේ නැවත රැගෙන එන්න තරමි කාරුණික වෙන්නඑහෙනමි තවත් නිසංසලාගේ චාරිකාවකින් ඔබ හමුවට එන්නමි..

නිසංසලා රණසිංහ

25-Aug-07

බතලේගල Bible Rock / solo travel

මං හිතනවා ඔයාලාට මතක ඇති මගේ කලින් සංචාරය දෙවනගල.. එදා දෙවනගල ඉදන් මම බලන් හිටියා එක්තරා පර්වතයක් දිහා.. මට ඉගිලෙන්න තරමි හිතුන.. තමයි බතලේගල නොහොත් Bible Rock ,, කඩුගන්නාවට ඈතින් පෙනෙන සිගිරිය වගේ ගල් පර්වතය, පුංචි සීගිරිය කියලත් කියනවා.. ඉතිං මෙවර මම එහෙත් හොයාගෙන ගියා තනිවම

ටිකක් විතර දුෂ්කර ගමනක්බතලේගල පිහිටා තියෙන්නේ කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ.. මේ පර්වතය මුහුදු මට්ටමේ සිට අඩි 2618 උසින් යුක්තයි…. පාන්දර පහට ගෙදරින් පිටත් උන මම නුවරට ආවානුවරින් මං නැග්ගා කොළඹ යන බස් එකට.. කොළඹට යන බස් එකේ තමා මම මාවනැල්ලට ආවේ…. මාවනැල්ලෙන් අරණායක පාරේ යන දෙබත්ගම බස් එකට නැග්ගා. මොහොතේ මගේ වෙලාවටම දෙබද්ගම යන බස් එක තිබුණාමාවනැල්ලේ සිට කිලොමිටර් 13ක් යා යුතුයි හත්ගමිපල හන්දියට..

ඉතිංගමන ආරමිභ කලාකරකවලා අතැරියා වගේ ගමනක්.. මොකද බස් එක හත්ගමිපලට යන පාර පහු කරලා ටවුන් එක්කට ගිහින් ආපසු හරවන් එනවා.. ඇත්තටම මම නමි ටිකක් විතර ගැස්සුණා මෙි මොකද කියලා.. පස්සේ තමයි එක දන්නේබස් එකේ ඇවිත් හත්ගමිපල හන්දියෙන් බැස්ස මම එතන ඉදන් ඇති කිලොමිටර් දෙක ත්රිරෝද රථයකින් යන්න තීරණය කලේ කාලයේ ඇති වටිනාකම නිසාමොකද මෙි ගමන මම යන්නේ තනියම.. රෑ බො වෙන්න මත්තෙන් නැවත මාතලේට යා යුතුයි මම

හත්ගමිපල හන්දියෙන් ත්රිරෝද රථයක ගමන ආරමිභ කල එක ගැන නමි දැණුනේ සතුටක්මොකද කියනවා නමි කොන්ක්රීට් දමා තිබුණ මාර්ගය කන්ද වැඩියි..බුලුගම්මන මාර්ගයේ කඳු පාමුලට කිලොමිටර් දෙකක් මම යන්න ඔින.. දුෂ්කර ගමනක්…. ඉතිං වැඩි වෙලාවක් ගත නොවිම මම ආවා උදැසන අට වෙත්දි බතලේගල පර්වතයට යන මාර්ගය ආරමිභ වෙන තැනට. එතන බොඩි එක්ක නමි ගහලා තියෙන්නේ මිටර් 500යි කියලා. එත් ඊට වඩා වැඩියි කියලා තමයි මට නමි හිතුනේ මුදුණට ගියාම..

අලුතින් හදන මකර තොරණේ අටිටාලේ අස්සෙන් රිංගලා මම කොන්ක්රීට් දමා ඇති මාර්ගයේ දිගේ මගේ පා ගමන ආරමිභ කලා.. පාර දෙපැත්තෙම ගොරකා සහා කජු ගස් මම දැක්කා… 40°-45°ත් අතර දළ බැවුමක් තමයි නැඟ යන්න තියෙන්නේ.. කොන්ක්රීට් මාර්ගය අවසානයෙන් පඩිපෙල පටන් ගන්නවා.. හෙමින් සැරේ මම පඩිපෙල නැගගෙන ආවෙි බතලේගල රක්ෂිතයට ඇතුල් වෙන ස්ථානයට

ගස්වැල් වල සිසිලස වගේම කුරුළු හඬටත් කන් දීගෙනම මම ඇවිද ගියා වනාන්තරය මැද්දෙන්යෝධ පුස්වැල් මට මෙි මාර්ගයේදිත් දැකගත හැකි උනා.. ගොරකා , කිතුල්, හල්මිල්ල වගේම තවත් මම නමි නොදන්නා රූස්ස ගස් අතරින් ඇවිද යන විට නමි තෙහෙටිටුවත් කොහේ ගිහින්ද දන්නේ නෑවනාන්තර කොටස අවසානයේ මගේ මනස අරන් ගියේ ආදරණිය ශ්රිපාදයට . සුන්දර පඩිපෙල් මට මතක් කලා මෙි පර්වතයට නැග යන්න තියන රතු බටත් පඩිපෙලියත් දැකලා..

උදෑසනම ගමන ආරමිභ කල නිසාම බතලේගල දෙසට ඇදී එන මිදුමි දුමාරයක් මුදුණතදී දැක ගන්නත් මට වාසනාව ලැබුණාපර්වතය මුදුණතට ලගා විමට මට වැය වී තිබුණේ විනාඩි හතලිහක වගේ කාලයක්හැබැයි ටිකක් තෙහෙටිටුයි නැඟ යන්න ඇති දළ බැවුම නිසා.. මොනවා උනත් මගේ දෑසට හසුවු සුන්දර දර්ශනය නිසා තෙහෙටිටුව කොහේ ගියාදැයි සිතාගත නොහැකියි.. තරමි කොළපාට ලොකයක් මා වටා තිබුනේ අහස උසට නැඟ ඇති විසාල කදු පංතිත් සමගයි..

මුලින්ම මම ගියේ අලුතින් ඉදිකර ඇති විහාරයට. මතක් කරන්න ඔින ප්රදිප් විජේතුංග මල්ලිව.. ඔහු මා එන බව පන්සලේ විමලබුද්ධි ස්වාමීන්වහන්සේට දන්වා තිබුණා.. විහාරය පැත්තට ගිය මම ස්වාමීන්වහන්සේටත් කතා කරලා උන්වහන්සේ සමඟ ගියා මම ගල් ලෙන් ඇති දෙසට….. අතීතයේ මෙහි භාවනායොගීව ස්වාමීන්වහන්සේලා වැඩ සිටින්නට ඇති බවයි විමලබුද්ධි ස්වාමීන්වහන්සේ මා සමග පැවසූවෙි

ගල් ලෙන් ඇතුලත ඇති සිදුරු මතින් දිය බිදිති වැටි කුඩා පොකුණු දෙකක් නිර්මාණය වී තිබෙනවා.. බැලු බැල්මටම සිතාගත හැකියි ජලයේ සිසිලසමහා රූස්ස ගස් මැදින් උන්වහන්සේ මාව එක්කාසු කරගෙන ගියේ ඈතින් අසුපිනි ඇල්ල පෙණෙනා මානයට

ස්වාමීන්වහන්සේ මට මග පෙන්වා දුන්නා මෙි පර්වත රාජායා මුදුණත ඇති හුළං කපොල්ල දක්වා යාමටඈතින් පෙණෙනා කදු පංති රාශිය මගේ සිත නමි සොරා ගත්තා.. අසුපිනි ඇල්ල වගේම අලගල්ල මට අත වනා කතා කරනවා වාගෙයි මට දැනුනේ

බතලේගල කඳු රාශියකින් වට වූ හුදකලා කන්දක් විදියට තමයි තියෙන්නේ. එක පැත්තකින් අලගල්ල, තවත් පැත්තකින් ඌරා කන්ද, තවත් පැත්තකින් හන්තාන මෙන්ම අම්බුලුවාවත් අනිත් පැත්තෙන් උතුවංකන්ද සහා දකුණින් සාමසර කන්දත් බලාගන්න පුලුවන්.
අක්කර 150කින් සමන්විතවු මෙි පර්වතය මුදුණත විශාලත්වය අක්කර හයක් පමණ වෙනවා.. මට මතක් නොවුනාම නෙවෙයි කාලෙකට කලින් සාමසර කන්දේ නායේ යෑමත්

උදෑසන දහය පසු වෙනවත් සමගම දැඩි හිරු රශ්මියක් පර්වතය මුදුණට වැටි මට කියාපැවෙි ගමණ නිමා කරන කාලය පැමිණ ඇති බවයි.. නැවත ස්වාමීන්වහන්සේ සොයා ගොස් උන්වහන්සේට වැද නමස්කාර කර පැමිණියේ උන්වහන්සේ ලබා දුන් තේ පැන් සංග්රහයත් බුක්ති විදලා පිරිත් නූලකුත් ගට ගසාගෙන ආශිර්වාදත් රැගෙනමයි

ආදරයෙන් ඉල්ලා සිටිනවා බතලේගලට යන ඔයාලාගෙන් ඔබ රැගෙන යන දෑ එහි දමා නමි එන්න එපා.. එවා අස් කරන්න වෙන්නේ ස්වාමීන්වහන්සේට.. විදුරු කටු වගේම ටෙන්ටි වලට සවි කරන ඇන සහා ප්ලාස්ටික් බොතල් උන්වහන්සේ මට පෙන්වුවා කඳවුරු භූමිය තුලඑහි ගොස් සුන්දරත්වය විදගෙන පරිසරයට හානියක් නොකර පැමිණෙන්නයැයි හැමොගෙන්ම ඉල්ලනවා..

වගේම ස්වාමීන්වහන්සේ පැවසුවා මා සමග.. උන්වහන්සේට දානය නිතරම නොලැබෙන බව.. පන්දර තුනට අවදි වෙන උන්වහන්සේ දානය සකසා ගන්නා බව පැවසුවා.. ඉල්ලිමක් කරනවා තලේගල සංචාරය කරන ඔබ යන විට උන්වහන්සේට පුජා කරන්න යමක් රැගෙන යන්න අමතක කරන්න එපා කියලා…. වගේම එහි කඳවුරු බදින්නන්ගෙන් ඉල්ලා සිටිනවා උන්වහන්සේ උදවුවක් වශයෙන් යමි කාර්යක් කර දෙන ලෙස ඉල්ලා සිටියොත් එය මගහැර නොයන ලෙසට

උදැසන දහයයි හතලිහ පමණ විට මම බතලේගලට සමුදිලා නැවතත් පැමිණයා පහළට…. නැවත හත්ගමිපල හන්දියට යෑමට ත්රිරෝද රථයට ඇමතුමක් ලබා දී මම හෙමින් මාර්ගය දිගේ ඉදිරියට ඇවිද ගියේ මෙි ගම්මානේ ඇති දුෂ්කරතාවයත් එහි නිවාසත් දැක ගැනීමෙි අරමුණෙන්.. අවස්ථාවාදි මට හමුවු මාමා කෙනෙක් මට පැවසුවෙි මෙි ප්රදේශයටම තියන පැරණිතම නිවස ඔහුගේ නිවස බවයි.. ත්රිරෝද රථය පැමිණෙන තෙක් මම නිවසේ සුන්දරත්වයත් දැකබලා ගත්තා.. වර්ෂ 1955දී ඉදිකර ඇති මෙි නිවස නමි හරිම නිස්කලංකයි ඇසට ප්රියජනකයි

දහවල් දොලහා වෙද්දි මම නැවතත් හත්ගමිපල හන්දියෙ.. සුන්දර ගමනක් නිමා කලා මමබතලේගල එක් වරක් හො යන්නම වටිනා තැනක්එයි යන්න , සුන්දරත්වය විදින්නසුන්දර මතක එකතු කරන් නැවත එන්න.. හැමදාමත් වගේ මෙවරත් මම ස්තුති වන්ත වෙනවා මෙි විශ්වයට මාව සතුටින් තබනවාට වගේම මා ආරක්ෂා කරනවාට…. තවත් සුන්දර සංචාරයකින් හමු වෙන්නමි

නිසංසලා රණසිංහ  

25-July-10

නිසංසලාගේ චාරිකා දෙවනගල Solo travel

බතලේගලට දෙවෙනි වූදෙවනගල සොයා තනිව ගිය ගමනක් තමයි අද මම ඔයාලාට අරන් ආවෙිලස්සන නිදහස් කොළපාට පිරුණු තැනකට ඉක්මනින් යන්න නැතුව උණ හැදිලා වගේ ඉන්නකොට තමයි දෙවනගල ගැන මතක් උනේ
කඩුගන්නාව පාරෙන් යන එන කෙනෙක් නමි දැකලා ඇති , කඩුගන්නාවට ඈතීන් පෙණෙන බතලේගලට ඉදිරියෙන් හකුරු බැයක් වගේ ගලක් මත සුදු පාට චෛත් රජාණන් වහන්සේ කෙනෙක් පෙණෙන පර්වතය.. තමයි දෙවනගල
ඉතිං ආයෙමත් සුපුරුදු පරිදි තනිව ඇවිදින්න පටන් ගත්තා මම

දෙයියනේ මට යන්න ඔින උනේ බතලේගල , එත් ආයෙම මට හිතුනා දෙවනගල ගිහින් පසුව බතලේගල නඟිනවා කියලා.. එදාම විස්සතර හොයාගත්තා යන විදිහ , පහුවදාම උදේ පාන්දර ලැස්ති වෙලා තනියම මම ගියා අපූරු නිස්කලංක පුදබිම හොයාගෙන

උදේ හයට මාතලෙන් නුවරට ගිය මම නුවරින් මන්දගාමි බස් රියකින් මාවනැල්ල නඟරයට ආවා..
වැඩෙි කියන්නේ හෙමිමාතගම කියන නම මට වෙනකොට අමතක වෙලා.. මාවනැල්ල බස් රථයේ රියදුරු මහත්තයාගෙන් ඇසුවා මට දෙවනගල යන්න ඔින යන බස් එක කොතනද නවත්තන්නේ කියලා
අනේ ඉතිං රියදුරු මහත්තයා වගේම කොන්දොස්තර මහත්තයාත් මට දෙවනගලට යන බස් එක පෙන්නලා එකට නගින්න කියලා එකේ කොන්දොස්තර මහත්තයාටත් කිවුවා මෙයාව දෙවනගල පන්සල ලගින් බස්සවන්න කියලා
ඉතිං එහෙමයි මම ගමන පිටත් උනේ.. හැබැයි බස් එක හෙමිමාතගම බස් එකක් නෙවෙයි. (මට නම අමතකයි)

මාවනැල්ල නඟරයේ ඉදන් කිලොමිටර් 7 දුරක් තමයි යන්න තියෙන්නේ.. කොකටත් මම මැප් එකත් බලන් උදේ කාලා හිටිය නැති නිසා බඩගින්නත් එක්ක ඇවිත් තිබුණ හිසේ අමාරුවට බස් එකේ සෙනඟ හිටියත් බස් හොල්ටි එක ලග පෙටිටි කඩෙිකින් ගත්ත සමිබොල වඩෙි ටික කන්න ගත්තා….

ගමන පටන්ගෙන දෙවනගල සීමාවටම එද්දි මැප් එකේ පෙන්වනවා අඩි පාරක් යන්න..එත් එක්කම මම දැක්කා දකුණු පැත්තේ ඉදන් සිටිය නිසාම පාර අයිනේ බොඩි එකක්. එතන තිබුණේ පඩිපෙල්..
කතා කරලා කොන්දොස්තර මහත්තයාට කිවුවාම එතුමා කිවුවෙි පාර දුෂ්කරයි කියලාඊලඟට තියන හොල්ටි එකේ බැස්සාම පාර ලෙසියි කිවුවා..
ඉතිං මමත් කියපු විදිහටම දෙන්නට ස්තුති කරලා ඊළඟ හොල්ටි එකෙන් බස් එකෙන් බැහැලා වමි පැත්තේ බොඩි එකත් එක්කම තියන කොන්ක්රීට් මාර්ගයේ ඉදිරියට ඇවිදගෙන ගියේ තවත් සුන්දර ස්ථානයක් මට දෑසින් දකින්න වාසනාව තියනවා නේදැයි හිත හිතාමයි….

ඉර නමි මට උපරිම සහායොගය දුන්නා.. තරමි අවු රශ්මියක් තිබුනා පර්වතය මුදුණට ලගා වෙනකොට….
පුරාවිද්යා වටිනාකමක් ඇති සුන්දර නිස්කලංක පුදබිමක් පැරණි සුවඳට මම කොයිතරමි නමි ආසා කරනවාදඅලුතින් හදන කොන්ක්රීට් ගොඩවල් වලට වඩා මෙි පෞරාණික ස්ථාන වලට ආවාම දැනෙන අමුතු සුවඳ වගේම සුන්දරත්වය මම විදගත්තේ හිතම පිරිලා යද්දිකොයිතරමි වෙලාවක් රැදි හිටියත් එපා නොවෙන තරමි නිස්කලංකයි
එත් ඉතිං විටින් විට නිස්කලංක බව නමි නැති කලා එහි සිටි කාන්තාවකගේ කියවිලක්

ඉතිං මෙි ඓතිහාසික දෙවනගල රජමහා විහාරය බොහොම වට්නා වැදගත් ස්ථානයක්.. පැරණි ගොඩනැගිල්ල ඇතුලත ඇති ශාන්ත බුදු රුව දිහා නමි බලන් ඉන්න ආස හිතෙනවා.. වගේම තමයි එහි ඇතුලත ඇති සිසිලස වගේම කලින් මම පැවසු දැණෙන පරණ සුවඳමට මතක් උනේ රංගිරි දඹුලු ලෙන් විහාර ඇතුලත සිසිලස
ඉතිං මේ අවටම තමා බතලේගල කන්ද තියෙන්නෙත්.. බතලේගලට දෙවනි වූ ගල මෙය නිසාත් දැඩිමුණ්ඩ දෙවියන් දෙවන වරට වැඩි ගල නිසාත් මෙම ගල දෙවනගල ලෙස ප්රචලිත වූ බවයි ජනප්රවාදයේ සදහන් වන්නේ

වගේම මට දැකගත හැකි උනා දළදා වහන්සේ සඟවා තැබුවායි පැවසෙන කුරහන් ගලත්
අනුරාධපුර යුගයේ ධාතුසේන රජ සමයේ ඉදිකරන ලද දාසෙන් වෙහෙර ලෙසත් හඳුන්වනවා මෙි දෙවනගල වෙහෙරමෙහි පොළොන්නරුව සහ මහනුවර යුගයන්ට අයත් සෙල්ලිපි දෙකක්ද තිබෙනවා
පොළොන්නරු යුගයට අයත් සෙල් ලිපිය බලන්න යන්න වෙනවා මෙහි ඇති ගල් ගෙය අසලින් පහලට

ඉතිං මමත් ගල් ගෙය අසලින් පහලට හෙමින් බැස ගියේ සෙල් ලිපිය බලන්න හිතාගෙනනමුත් සෙල් ලිපිය ඇති තැන ආවරණය කර ඇති වහලය දැක දැකම නැවතත් මම ආපසු හැරි ගල් ගෙය දෙසට ඇවිද ගියේ දැඬි අවු රශ්මිය නිසා මගේ යටි පතුල් දැවිල්ල ඇල්ලු හේතුවෙන්.. තරමි රත්වි ඇති පර්වත රාජයාගේ උණුහුමට මගේ නිරුවත් දෙපා ඔරොත්තු නොදෙන තරමි.. තරමට යටිපතුල් රත්පැහැවි තිබුණා
මට මතක් උනේ මම පැමිණි බස් රථයේ කොන්දොස්තර මහත්තයාත් ඩ්රයිවර් මහත්තයාත් කතාවු දෙය
දිගටම පඩිපෙල්…. ගල රත්වෙලා ඇත්තේ.. පාර අමාරුයි.. ඉස්සරහින් බස්සමු.. එකේ නිදහසේ යයි
දන්නවාද මිනිස්සු හරි හොදයි. මැප් එකයි පඩිපෙළයි බොඩි එකයි දැක්කාම මම කලබල උන මොහොතේ ඔවුන් දෙදෙනා එසේ කතා උනා

වගේම සෙල් ලිපිය බලන්න ගිහින් නොබලා නැවත පැමිණෙන විට එහි වැඩ කරමින් සිටි මහත්මයෙක් මට පැවසුවෙි මඟ එන විට පාර අයිනේම තියන පඩිපෙල තමයි සෙල්ලිපිය තියන මාර්ගය කියලා
ඉතිං සෙල් ලිපිය බැලුවා කියලා මම එක කියවන්න දන්නේ නැනේ කියලා හිත හදාගත්තා..
වැස්ස කාලෙකට නමි ලිස්සනවා ඇති අනිවාර්යයෙන්ම. තරමි බැවුමක්..
නටඹුන් වූ ගල් බැමිමකින් වටවු ශාන්ත පෙනුමැති වෙහෙරක්ද පවතිනවා
මහනුවර යුගයට අයත් මූර්ති සහ සිතුවම් කිහිපයක් මෙහි ටැම්පිට වෙහෙරතුල පවතිනවා
සංඝවාසයත්, ධානශාලාවත්, පොකුණක් සහ සිරිපතුල වැනි ප්රධාන ස්මාරක කිහිපයක් මෙහි තිබෙනනවා..
මේ අතීත උරුමයන් රැකගෙන ඉතිහාසය ආනාගතයට දායාද කරන්න නම් අපි මේවා රැකගන්නම ඕනේ..
වගේම මගේ තනි රැකපු බලු කෙල්ල එක්ක මම බොහො වෙලාවක් ඈතින් පෙණුන බතලේගල දිහා බලන් හිටියා…. අනේ මට එහාටත් ඉගිලෙන්න තරමි ආසාවක් ඇති උනා.. ඉතිං මම එහෙත් යයි අනිවාර්යයෙන්.. එත් දුක මගෙ තනි රැක්ක බලු කෙල්ලට කන්න දෙන්න දෙයක් තිබුණේ නෑ මං ලග.

වටෙිම කදු යායයිකඩුගන්නාව අමිබුලුවාව, අලගල්ල වගේම මම තවත් නොදන්නා බොහො ස්ථාන වගේම කදු රාශියක් දැකගන්න පුළුවන් උනා මටඉතිං ස්තුතිවන්ත වෙනවා ප්රදීප් විජේතුංග මල්ලිට මෙි ගමන යන්න මට විස්තර දුන්නාට වගේම හැමදාමත් කියනවා වගේම ස්තුතියි මෙි විශ්වයට මට සුන්දරත්වය විදින්න දෙනවාට

වගේම නුවර අවට සංචාරය කරන ඔයාලාත් අතීත උරුමයන් බලන්න උස්සාපිටිය, මාවනැල්ල දෙවනගල රාජමහා විහාරය වැදපුදාගන්න යන්න නිස්කලංක පුදබිමෙි මොහොතක් රැදෙන්න හිතම සුවපත් වෙනවා

නිසංසලා රණසිංහ

මායාකාරි දවසක්

  දිය ඇලි කියන්නෙම හිත් වශි කරගන්නා දෙයක්… දිය ඇල්ලක් දිහා බලන් ඉන්න තියනවා නමි මට තවත් ආසම කරන දෙයක් නැති තරමි… කොළපාට නිල්පාට එක්ක කිරි සුදු පාට එකතු වෙලා ගෙනෙන චමත්කාර ජනක දර්ශනය හිත නමි ඇත්තටම සුවපත් කරනවා….

ඉතිං මුහුණු පොතෙන් දැක්කා දවස් කීපයකට කලින් ලස්සන දිය ඇල්ලක්… දෙපැත්තකින් කඩා හැලෙන දිය දහාරාවක් එක් තැනට කඩා වැටෙන සුන්දර දර්ශනයක්.. එ ඡායාරූප වගේම රූප රාමු දුටු මගේ දෑස් සිහින දැක්කා ඉක්මනින් මෙි දිය ඇල්ල දැකගන්න යන්න….

ඉතිං… මට එ අවස්ථාව උදා උනා… මොණර කන්ද ගිහින් ආව අපි පස් දෙනා නැවත යන්න පිටත් උනේ මෙි සුන්දර ඇල්ල සොයාගෙන… ඇත්තටම කියනවා නමි දකිනකමි හදිසියක් තමයි තිබුණේ… රමිබොඩ උමගත් පසු කරන් කිලෝමීටරයක දුරක් පැමිණෙන විට ඈතින් දැක ගන්න හැකි උනා එ සුන්දර දිය කොමලියව… එ සුන්දරත්වය දුටු සැණින් මට ඉඟිල යන්න හිතුනා කිවහොත් හරි… මොකද එ තරමි හදිසියක් තිබුණා මට දිය ඇල්ල අසලටම ගොස් එ හැඬ බලන්න..

රමිබොඩ මෙි මාර්ගයේ යන විට රමිබොඩ ඇල්ල , ගැරඬිගිණි ඇල්ල දැකගත හැකියි… දකින්න ආසාවක් තිබුණා මට ගැරඬිගිණි ඇල්ල පාමුල… මෙි මාර්ගයේ යන විට ඇල්ලේ පාමුලත් දැකගන්න පුළුවන්… එ වගේම රමිබොඩ ඇල්ලේ පහල කොටසත් පාර අයිනේ සිටම  දැකගන්න පුපුළුවන්…

මට කවදාවත් යන්න පුළුවන් වෙිවියැයි නොහිතු මාර්ගයක් තමයි මෙි රමිබොඩ උමග ඇති මාර්ගය… මෙි විශ්වයට ස්තුති වන්න මම රමිබොඩ උමඟ හරහා යන්න ගියේ දකින්න පෙරුම් පුරන එ ඇල්ල හොයාගෙන….

ඉතිං… පුනා ඇල්ල සොයන් ආව අපි පස් දෙනා සුදාණමි උනේ ඇල්ල ලගටම ගිහින් එ සුන්දරත්වය රිසි සේ විදගන්න.. ප්‍රධාන මාර්ගයේ අපි පැමිණි වාහන නවතා ඇවිද යන්න පටන් ගත්තා එ දුෂ්කර මාර්ගය දිගේ… ගල් අල්ලා ඇති මෙි බැවුමි මාර්ගය ලිස්සන සුළුයි..

යන්න සුදාණමි වෙන විට එ අසල කඩෙි සිටිය මාමා කෙනෙක් අපිට යන මඟ විස්තර පැවසුවත් පස්සේ තමයි තේරුම් ගත්තේ අපි පස් දෙනාම මඟ විස්තර වලට හරියට ඇහුමිකන් දිලා නෑ කියලා… ⁣හැබැයි මම නමි එ මාමාගෙන් ඇසුවා මෙි ඇල්ලට පුනා කියන නම වැටුණු හැටි ගැන… වයස්ගත පුද්ගලයෙකු උවත් මෙි මාමා නමි මෙි ඇල්ල ගැන ලොකු විස්තරයක් නොදන්නා බව තමයි මට හැගි ගියේ…

ඉතිං… අපි අර ලිස්සන සුළු මාර්ගය දිගේ හෙමින් පල්ලමි බැස්සේ ඇල්ල පාමුලට යන්න…. කිලෝමීටරයක දුරක් ඇති බව අර මාමා පැවසු නිසාම අපි ඉක්මනින් ඇවිද ගියා.. එත් එක් තැනකදි පාර ඩොසර් කර තිබිම හෙතුවෙන් අපට මඟ වැරදුනා.. මම මගේ මිත්‍රයෙක් සමග නැවත හැරි අර මාමා පැවසු පඩිපෙල් ටික සොය යද්දි මගේ අනෙක් මිතුරන් තිදෙනා කැලේ කඩන් ඇල්ල පැත්තට යන්න පිටත් උනා….

මග දිගට වැටි වැටි කුඩැලි ප්‍රහාර වලට මැදිවි අපි දෙන්නෙක් පැමිණියා ඇල්ල පාමුලට… එ එන මාර්ගය නමි දුෂ්කරයි.. තේ වතු මැදින් දිය දහරා මැදින් එන මාර්ගය දුෂ්කර උවත් සුන්දරයි….

අපි දෙදෙනා පැමිණ බොහො වෙිලාවකට පසුයි අපේ අනෙක් මිතුරන් තිදෙනාත් පැමිණියෙ.. ඉතිං පාරක් හරිහැටි නැති මෙි ඇල්ල අසල ගවයන්ගේ අඩි සලකුණු නිසා මඩ ගොඩක් උඩිනුයි අපි ඇල්ල පාමුලට පැමිණියෙ….

එන මාර්ගය එසේ උවත් මෙි ඇල්ලේ සුන්දරත්වය නමි දෑස් වශි කරගත්තා අපි හැමොගේම… එ තරමි සුන්දරයි… පුනා ඇල්ල සොයාගෙන මම ආවෙි මෙි විදිහට… මගේ දෑස් මොනතරමි වාසනාවන්තදැයි මොහොතකට සිතුනා මට…

ඇල්ල ගැන කියනවා නමි මෙි දිය ඇල්ලේ උස මිටර් 103 පමණ වෙනවාලු. දෙපැත්තකින් ගලා එන පුඬළු ඔයත් පුනා ඔයත් පහලට වැටෙන මෙි තැන ගැන නමි වචනයෙන් විස්තර කරන්න බැරි තරමි සුන්දරයි…

මෙි දිය ඇල්ල අයිති වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල්හැව කියන ගමට. මල්හැව කියන ගමත් එක්තරා සුවිශේෂී ගමිමානයක්.. ඉංග්‍රීසින් ඉන්න කාලේ අපේ දළදා වහන්සේ මෙි ගමෙි සඟවා තිබු බව පැවසෙනවා. දළදා වහන්සේ සගවා තිබු පන්සල ශ්‍රි දළදා කරඬු විහාරය ⁣ලෙසට හදුන්වනවා අදටත්..

ඇල්ලේ සුන්දරත්වය නරඹා එන මොහොතේ මුන ගැසුණු මාමලා දෙන්නා පැවසු විදිහට මෙි ඇල්ලට එන්න තවත් මාර්ගයක් තියනවා.. එ කොත්ම⁣ලේ සිට මල්හෑව ගමිමානය හරහා.. එ මාර්ගය නමි දුෂ්කර නැති බවයි මට දැනගන්න ලැබුණේ… දිය ඇල්ලට මෙි නම හැදුණු හැටි ගැන නමි කතාවක් නැති උනත් මෙි දිය ඇල්ලේ රන් මුටිටියක් තිබුණු බවත් එය ඉංග්‍රීසින්⁣ සිටි සමයේම අරගත් බවත් දැන ගන්න ලැබුණා…  ඇල්ල ගැනත් ඇල්ල අයිති ගම ගැනත් මෙි විස්තර මට පැවසු U G ගාමිණි බන්ඩාර , B H G සෙනවිරත්න කියන මහත්වරු දෙදෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා…

එ වගේම තමයි මාව පරිස්සමින් එක්ක ගිහින් එක්ක ආව මගේ යාළුවන් වන සංජිව , උපුල් , චානක , නදීශාන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා…
හැමදාම කියනවා වගේ මගේ හිත සනසන නලවන සුන්දර දෙවල් විතරක්ම මට දෙන ආදරණිය මෙි විශ්වයට ස්තුතියි…
ඉතිං… ඔයාලත් යන්න….ගිහින් එ සුන්දරත්වය හදවතේ පුරවන් එන්න…

නිසංසලා රණසිංහ