මායාකාරි දවසක්


  දිය ඇලි කියන්නෙම හිත් වශි කරගන්නා දෙයක්… දිය ඇල්ලක් දිහා බලන් ඉන්න තියනවා නමි මට තවත් ආසම කරන දෙයක් නැති තරමි… කොළපාට නිල්පාට එක්ක කිරි සුදු පාට එකතු වෙලා ගෙනෙන චමත්කාර ජනක දර්ශනය හිත නමි ඇත්තටම සුවපත් කරනවා….

ඉතිං මුහුණු පොතෙන් දැක්කා දවස් කීපයකට කලින් ලස්සන දිය ඇල්ලක්… දෙපැත්තකින් කඩා හැලෙන දිය දහාරාවක් එක් තැනට කඩා වැටෙන සුන්දර දර්ශනයක්.. එ ඡායාරූප වගේම රූප රාමු දුටු මගේ දෑස් සිහින දැක්කා ඉක්මනින් මෙි දිය ඇල්ල දැකගන්න යන්න….

ඉතිං… මට එ අවස්ථාව උදා උනා… මොණර කන්ද ගිහින් ආව අපි පස් දෙනා නැවත යන්න පිටත් උනේ මෙි සුන්දර ඇල්ල සොයාගෙන… ඇත්තටම කියනවා නමි දකිනකමි හදිසියක් තමයි තිබුණේ… රමිබොඩ උමගත් පසු කරන් කිලෝමීටරයක දුරක් පැමිණෙන විට ඈතින් දැක ගන්න හැකි උනා එ සුන්දර දිය කොමලියව… එ සුන්දරත්වය දුටු සැණින් මට ඉඟිල යන්න හිතුනා කිවහොත් හරි… මොකද එ තරමි හදිසියක් තිබුණා මට දිය ඇල්ල අසලටම ගොස් එ හැඬ බලන්න..

රමිබොඩ මෙි මාර්ගයේ යන විට රමිබොඩ ඇල්ල , ගැරඬිගිණි ඇල්ල දැකගත හැකියි… දකින්න ආසාවක් තිබුණා මට ගැරඬිගිණි ඇල්ල පාමුල… මෙි මාර්ගයේ යන විට ඇල්ලේ පාමුලත් දැකගන්න පුළුවන්… එ වගේම රමිබොඩ ඇල්ලේ පහල කොටසත් පාර අයිනේ සිටම  දැකගන්න පුපුළුවන්…

මට කවදාවත් යන්න පුළුවන් වෙිවියැයි නොහිතු මාර්ගයක් තමයි මෙි රමිබොඩ උමග ඇති මාර්ගය… මෙි විශ්වයට ස්තුති වන්න මම රමිබොඩ උමඟ හරහා යන්න ගියේ දකින්න පෙරුම් පුරන එ ඇල්ල හොයාගෙන….

ඉතිං… පුනා ඇල්ල සොයන් ආව අපි පස් දෙනා සුදාණමි උනේ ඇල්ල ලගටම ගිහින් එ සුන්දරත්වය රිසි සේ විදගන්න.. ප්‍රධාන මාර්ගයේ අපි පැමිණි වාහන නවතා ඇවිද යන්න පටන් ගත්තා එ දුෂ්කර මාර්ගය දිගේ… ගල් අල්ලා ඇති මෙි බැවුමි මාර්ගය ලිස්සන සුළුයි..

යන්න සුදාණමි වෙන විට එ අසල කඩෙි සිටිය මාමා කෙනෙක් අපිට යන මඟ විස්තර පැවසුවත් පස්සේ තමයි තේරුම් ගත්තේ අපි පස් දෙනාම මඟ විස්තර වලට හරියට ඇහුමිකන් දිලා නෑ කියලා… ⁣හැබැයි මම නමි එ මාමාගෙන් ඇසුවා මෙි ඇල්ලට පුනා කියන නම වැටුණු හැටි ගැන… වයස්ගත පුද්ගලයෙකු උවත් මෙි මාමා නමි මෙි ඇල්ල ගැන ලොකු විස්තරයක් නොදන්නා බව තමයි මට හැගි ගියේ…

ඉතිං… අපි අර ලිස්සන සුළු මාර්ගය දිගේ හෙමින් පල්ලමි බැස්සේ ඇල්ල පාමුලට යන්න…. කිලෝමීටරයක දුරක් ඇති බව අර මාමා පැවසු නිසාම අපි ඉක්මනින් ඇවිද ගියා.. එත් එක් තැනකදි පාර ඩොසර් කර තිබිම හෙතුවෙන් අපට මඟ වැරදුනා.. මම මගේ මිත්‍රයෙක් සමග නැවත හැරි අර මාමා පැවසු පඩිපෙල් ටික සොය යද්දි මගේ අනෙක් මිතුරන් තිදෙනා කැලේ කඩන් ඇල්ල පැත්තට යන්න පිටත් උනා….

මග දිගට වැටි වැටි කුඩැලි ප්‍රහාර වලට මැදිවි අපි දෙන්නෙක් පැමිණියා ඇල්ල පාමුලට… එ එන මාර්ගය නමි දුෂ්කරයි.. තේ වතු මැදින් දිය දහරා මැදින් එන මාර්ගය දුෂ්කර උවත් සුන්දරයි….

අපි දෙදෙනා පැමිණ බොහො වෙිලාවකට පසුයි අපේ අනෙක් මිතුරන් තිදෙනාත් පැමිණියෙ.. ඉතිං පාරක් හරිහැටි නැති මෙි ඇල්ල අසල ගවයන්ගේ අඩි සලකුණු නිසා මඩ ගොඩක් උඩිනුයි අපි ඇල්ල පාමුලට පැමිණියෙ….

එන මාර්ගය එසේ උවත් මෙි ඇල්ලේ සුන්දරත්වය නමි දෑස් වශි කරගත්තා අපි හැමොගේම… එ තරමි සුන්දරයි… පුනා ඇල්ල සොයාගෙන මම ආවෙි මෙි විදිහට… මගේ දෑස් මොනතරමි වාසනාවන්තදැයි මොහොතකට සිතුනා මට…

ඇල්ල ගැන කියනවා නමි මෙි දිය ඇල්ලේ උස මිටර් 103 පමණ වෙනවාලු. දෙපැත්තකින් ගලා එන පුඬළු ඔයත් පුනා ඔයත් පහලට වැටෙන මෙි තැන ගැන නමි වචනයෙන් විස්තර කරන්න බැරි තරමි සුන්දරයි…

මෙි දිය ඇල්ල අයිති වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල්හැව කියන ගමට. මල්හැව කියන ගමත් එක්තරා සුවිශේෂී ගමිමානයක්.. ඉංග්‍රීසින් ඉන්න කාලේ අපේ දළදා වහන්සේ මෙි ගමෙි සඟවා තිබු බව පැවසෙනවා. දළදා වහන්සේ සගවා තිබු පන්සල ශ්‍රි දළදා කරඬු විහාරය ⁣ලෙසට හදුන්වනවා අදටත්..

ඇල්ලේ සුන්දරත්වය නරඹා එන මොහොතේ මුන ගැසුණු මාමලා දෙන්නා පැවසු විදිහට මෙි ඇල්ලට එන්න තවත් මාර්ගයක් තියනවා.. එ කොත්ම⁣ලේ සිට මල්හෑව ගමිමානය හරහා.. එ මාර්ගය නමි දුෂ්කර නැති බවයි මට දැනගන්න ලැබුණේ… දිය ඇල්ලට මෙි නම හැදුණු හැටි ගැන නමි කතාවක් නැති උනත් මෙි දිය ඇල්ලේ රන් මුටිටියක් තිබුණු බවත් එය ඉංග්‍රීසින්⁣ සිටි සමයේම අරගත් බවත් දැන ගන්න ලැබුණා…  ඇල්ල ගැනත් ඇල්ල අයිති ගම ගැනත් මෙි විස්තර මට පැවසු U G ගාමිණි බන්ඩාර , B H G සෙනවිරත්න කියන මහත්වරු දෙදෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා…

එ වගේම තමයි මාව පරිස්සමින් එක්ක ගිහින් එක්ක ආව මගේ යාළුවන් වන සංජිව , උපුල් , චානක , නදීශාන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා…
හැමදාම කියනවා වගේ මගේ හිත සනසන නලවන සුන්දර දෙවල් විතරක්ම මට දෙන ආදරණිය මෙි විශ්වයට ස්තුතියි…
ඉතිං… ඔයාලත් යන්න….ගිහින් එ සුන්දරත්වය හදවතේ පුරවන් එන්න…

නිසංසලා රණසිංහ

ශ්‍රී ලංකාවේ සත්ව හිංසන නීති සහ අයිතීන් ප්‍රමාණවත්ද?

සත්ව හිංසනය ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ගැටලුවක් වන අතර එය ගෘහාශ්‍රිත සතුන්ට සහ වනජීවීන්ට බලපායි. අලි ඇතුන් සහ ගවයින් වැනි සතුන් කෙරෙහි සංස්කෘතික හා ආගමික ගෞරවය තිබියදීත්, බොහෝ සතුන් නොසලකා හැරීමට, හිංසනය මුහුණ දෙයි. සත්ව හිංසනයට ආමන්ත්‍රණය කිරීම සඳහා නිර්මාණය කර ඇති නීතිමය රාමුව දුර්වල, යල් පැන ගිය සහ නූතන සමාජයේ සත්ව සුභසාධනයේ වර්ධනය වන අභියෝගවලට මුහුණ දීමට ප්‍රමාණවත් නොවේ. මෙය තීරණාත්මක ප්‍රශ්නයක් මතු කරයි: ශ්‍රී ලංකාවේ සත්ව හිංසන නීති මෙම අවදානමට ලක්විය හැකි ජීවීන් ආරක්ෂා කිරීමට සැබවින්ම ප්‍රමාණවත්ද?

ශ්‍රී ලංකාවේ සත්ව හිංසනයට අදාළ ප්‍රධාන නීතිය වන්නේ 1907 සත්ව හිංසනය වැළැක්වීමේ ආඥා පනත වන අතර එය දැන් සියවසකට වඩා පැරණි නීතියකි. මෙම නීතිය සතුන්ට පහර දීම, වැඩිපුර වැඩ කිරීම සහ වධහිංසා පැමිණවීම වැනි සතුන්ට එරෙහි කෲර ක්‍රියාවන් සඳහා දඬුවම් නියම කරයි. කෙසේ වෙතත්, රුපියල් 100 ක උපරිම දඩයක් (ඩොලර් 1 ට අඩු) හෝ මාස තුනක් දක්වා සිර දඬුවමක් අද සන්දර්භය තුළ වැළැක්වීමක් ලෙස ක්‍රියා කිරීමට බෙහෙවින් ලිහිල් ය. එවැනි දඬුවම් සත්ව හිංසනයේ බරපතලකම පිළිබිඹු කිරීමට අපොහොසත් වන අතර වැරදිකරුවන්ට අවම ප්‍රතිවිපාක සහිතව පැන යාමට ඉඩ සලසයි. මෙම යල් පැන ගිය නීති සම්පාදනය ශ්‍රී ලංකාව සත්ව ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමිතීන්ට වඩා බොහෝ පසුපසින් තබා පවති.

ශ්‍රී ලංකාවේ වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත (Flora & Fauna Protection Ordinance – FFPO) යටතේ තරමක් ආරක්ෂා කර ඇති අතර එමඟින් ඇතැම් විශේෂ දඩයම් කිරීම, අල්ලා ගැනීම සහ මරා දැමීම තහනම් කරයි. මෙම නීතිය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණය කිරීමට දායක වී ඇතත්, ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී. දඩයම් කිරීම, නීති විරෝධී වනජීවී ජාවාරම සහ වාසස්ථාන විනාශ කිරීම බහුලව දක්නට ලැබේ. ශ්‍රී ලාංකික සංස්කෘතියේ සහ ආගමේ විශේෂ ස්ථානයක් හිමි අලි ඇතුන් බොහෝ විට මිනිස්-වනජීවී ගැටුම්, සංචාරක ව්‍යාපාරය සඳහා නීති විරෝධී ලෙස අල්ලා ගැනීම සහ සංස්කෘතික උත්සව අතරතුර අයුතු ලෙස සැලකීම් වලට ගොදුරු වේ.අලි ඇතුන්ට සැලකීම නියාමනය කරන නීති තිබියදීත්, හිංසනය පිළිබඳ කථා සුලභ වන අතර, එය නීතිමය රාමුව සහ එය ක්‍රියාත්මක කිරීම අතර පරතරය ඉස්මතු කරයි.

අයාලේ යන සතුන්, විශේෂයෙන් බල්ලන් සහ බළලුන්, තවත් ප්‍රධාන ගැටලුවකි. ශ්‍රී ලංකාවේ අයාලේ යන සතුන් විශාල සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් බොහෝ විට අපයෝජනයට, කුසගින්නෙන් හා නොසලකා හැරීමට මුහුණ දෙයි. අයාලේ යන සතුන් කළමනාකරණය කිරීම සඳහා රජය වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතත්, මෙම උත්සාහයන් අස්ථාවර වන අතර අරමුදල් ප්‍රමාණවත් නොවේ. නීති විරෝධී වුවද, විෂ වීම සහ මරා දැමීම තවමත් සමහර ප්‍රදේශවල අයාලේ යන සතුන් පාලනය කිරීමේ මාධ්‍යයක් ලෙස වාර්තා වේ. සත්ව සුභසාධනය පිළිබඳ මහජන දැනුවත්භාවය නොමැතිකම ගැටළුව තවදුරටත් උග්‍ර කරයි.

ශ්‍රී ලංකාවේ සත්ව හිංසනය මැඩපැවැත්වීමේදී පවතින නීති ක්‍රියාත්මක කිරීම විශාලතම බාධකයකි. පොලිස් සහ වනජීවී නිලධාරීන් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බොහෝ විට සත්ව හිංසන නඩු හැසිරවීමට පුහුණුව, සම්පත් සහ කැපවීම නොමැත. බොහෝ නඩු වාර්තා නොවී යන අතර, වාර්තා වූ විට පවා විමර්ශන කලාතුරකින් පරිපූර්ණ වේ. දූෂණය සහ නිලධාරිවාදී ප්‍රමාදයන් වැරදිකරුවන් වගකිව යුතු බවට පත් කිරීමේ හැකියාව තවදුරටත් දුර්වල කරයි.

සත්ව හිංසනයේ තවත් සැලකිලිමත් විය යුතු අංගයක් වන්නේ ශ්‍රී ලංකාව පුරා සත්වෝද්‍යානවල සතුන්ගේ තත්ත්වයයි. බොහෝ විට අධ්‍යාපනය සහ සංරක්ෂණ මධ්‍යස්ථාන ලෙස අලෙවි කරනු ලබන සත්වෝද්‍යාන, සතුන්ට අතිමහත් දුක් වේදනා ගෙන දෙන ස්ථාන බවට පත්විය හැකිය. සත්වෝද්‍යානවල සිටින බොහෝ සතුන් ජීවත් වන්නේ ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන අනුකරණය කිරීමට අපොහොසත් වන පටු, අස්වාභාවික කොටු තුළ ය. ඔවුන්ට අවශ්‍ය ශාරීරික හා මානසික උත්තේජනය අහිමි වන අතර, එය කම්මැලිකම, ආතතිය සහ මානසික අවපීඩනයට පවා හේතු වේ. සමහර අවස්ථාවලදී, නුපුහුණු කාර්ය මණ්ඩලය විසින් සතුන්ට අයුතු ලෙස සැලකීමට හෝ විනෝදාස්වාද අරමුණු සඳහා රඟ දැක්වීමට බල කෙරේ.

සත්ව අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය වන විට සත්වෝද්‍යාන වසා දැමීමේ තර්කය ගෝලීය වශයෙන් වේගවත් වෙමින් පවතී. සත්වෝද්‍යාන අධ්‍යාපනය හෝ සංරක්ෂණය යන ඔවුන්ගේ අරමුණට ඵලදායී ලෙස සේවය නොකරන බවට විචාරකයින් තර්ක කරති. ඒ වෙනුවට, ඔවුන් මිනිස් විනෝදය සඳහා සතුන් හිංසනය ප්‍රවර්ධනය කරයි. අවම මිනිස් මැදිහත්වීමකින් ස්වභාවික තත්වයන් තුළ සතුන්ට ජීවත් විය හැකි අභයභූමි සහ වනජීවී රක්ෂිත, වඩාත් සදාචාරාත්මක විකල්ප ලෙස වැඩි වැඩියෙන් සැලකේ. ශ්‍රී ලංකාවේ, සත්වෝද්‍යානවලට සීමා කිරීමට වඩා ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවල සතුන් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පරිසර සංචාරක ව්‍යාපාරය, වනජීවී අභයභූමි සහ සංරක්ෂණ වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමෙන් සතුන්ට සහ මිනිසුන්ට වඩා හොඳ ප්‍රතිඵල ලබා දිය හැකිය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීන් සහ සත්ව සුභසාධන සංවිධාන මෙම ගැටළු විසඳීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරමින් සිටිති. සත්ව අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, සතුන් කෙරෙහි අනුකම්පාව ප්‍රවර්ධනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපාර යම් බැලපෑමක් ඇතිකරනු ඇත. සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීමේ ආඥා පනත වඩාත් පුළුල් සත්ව සුභසාධන පනත් කෙටුම්පතකින් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වැඩිඉල්ලීමක් පවතී. මෙම යෝජිත පනත් කෙටුම්පත සත්ව හිංසනය සඳහා දඬුවම් වැඩි කිරීමට, සත්ව රැකවරණය සඳහා නවීන ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට සහ වඩා හොඳ බලාත්මක කිරීම සඳහා රාමුවක් නිර්මාණය කිරීමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, වසර ගණනාවක් තිස්සේ පෙනී සිටියද, සත්ව සුභසාධනයට ප්‍රමුඛත්වය දීමට දේශපාලන කැමැත්තක් නොමැතිකම පිළිබිඹු කරමින් පනත් කෙටුම්පත තවමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කර නොමැත.

සත්ව හිංසනය අවම කිරීම සඳහා අධ්‍යාපනය සහ දැනුවත්භාවය ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. පාසල්වල සත්ව සුභසාධන අධ්‍යාපනය හඳුන්වාදීම සහ සතුන් කෙරෙහි සංවේදනය ප්‍රවර්ධනය කිරීම මගින් සමාජ ආකල්පවල දිගුකාලීන වෙනස්කම් ඇති කළ හැකිය. නවාතැන් පිහිටුවීම සහ වන්ධ්‍යාකරණ ව්‍යාපාර සංවිධානය කිරීම වැනි ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන මුලපිරීම්, අයාලේ යන සතුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට ද දායක විය හැකිය.

ශ්‍රී ලංකාවේ සතුන් සැබවින්ම ආරක්ෂා කිරීම සඳහා, බහුවිධ ප්‍රවේශයක් ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙයට ශක්තිමත් නීති සම්මත කිරීම, දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, මහජන දැනුවත්භාවය වැඩි කිරීම සහ සත්ව සුභසාධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් සම්පත් වෙන් කිරීම ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය සහ සංස්කෘතික උරුමය එය අද්විතීය රටක් බවට පත් කරයි, නමුත් සතුන් ආරක්ෂා කිරීමට ඇති නොහැකියාව ගෝලීය වේදිකාවේ එහි ප්‍රතිරූපයට හානි කරයි. සැලකිය යුතු ප්‍රතිසංස්කරණ නොමැතිව, සත්ව අයිතිවාසිකම් සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීමේදී රට තවදුරටත් පසුබෑමේ අවදානමක් ඇත.

ප්‍රශ්නය තවමත් ඉතිරිව පවතින අතර අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ සතුන්ට කොපමණ කාලයක් දුක් විඳීමට සිදුවේද? ගෘහස්ථ, වන සතුන් සහ වහල්භාවයේ සිටින සියලුම සතුන්ට ඔවුන්ට ලැබිය යුතු ගෞරවයෙන් හා සැලකිල්ලෙන් සලකන අනාගතයක් ගොඩනැගීම සඳහා සමාජීය වෙනස්කම් සමඟ ඒකාබද්ධ වූ ශක්තිමත් නීතිමය ආරක්ෂාවන් ඉතා වැදගත් වේ.

පවිත්‍රා රණතුංග

Bellwood / බෙල්වුඩි

Bellwood…. මෙික යන්නම ඔින ගමනක්….ඇත්තටම මට එහෙම හිතුනා එ කොළපාට ලොකයට ගියාම… නුවර ඉදන් අමිපිටිය තලාතුඔය පහු කරලා 20km ගිය තැන හමු වෙන සුන්දර පරිසරයක්…. උස් බිමක පිහිටි වැවත් එක්ක තියන කදු ගැටය නිසා බොහො දේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තියන තැනක් තමයි මෙි බෙල්වුඩි කියන්නේ …. ⁣


ඉතිං මම ගියා මෙි සුන්දර පරිසරය හොයාගෙන එ පැත්තට… තනියම නමි නෙවෙයි ගිය වර මගෙත් එක්ක ගල්බොඩ ඇල්ල බලන්න ගිය මිතුරිය වගේම කබරගල , අවාරේ සිරිපාදේ ගිය මිත්‍රයෙක් මෙි ගමනට මාත් එක්ක එකතු උනා…

ඉතිං කතා කරගත්ත විදිහට මුලින්නම මම ආවෙි නුවරට….නුවරින් බෙල්වුඩි බලා යන බස් රථයට ගොඩ උනේ මිතුරියත් එක්ක… එ මොහොතේ තමයි කලින් පැවසු මිත්‍රයාත් මෙි ගමනට අපි එක්ක සමිබන්ද ⁣වන බව පැවසුවෙි… ඉතිං ඔහු පැමිණෙන තුරු අපි බස් රථයෙන් ගමන ආරම්භ කලා…

උදේ 7.40ට නුවරින් පිටත්වු බස් රථය හෙමින් ගමනින් අමිපිටිය තලාතුඔය හරහා ආවා බෙල්වුඩි වලට.. බස් එකෙන් බහිද්දි උදේ නමයයි.. එතන ඉදන් අපි දෙන්නා සීතල ෆයිනස් කැලේ මැදින් වැටිලා තියන පාර දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා… ඇත්තමයි එ ෆයිනස් යාය නමි මගේ දැස් පිනෙවුවා හරි අපූරුවට….. එ සීතල වගේම ෆයිනස් ගස්වල අතු ⁣හුළං සැරට දෙන ශබ්දය වගේම කුරුළු හඬ මගේ ගතයි සිතයි ප්‍රබෝධමත් කලා…

දැනගන්න ලැබුණු විදිහට මෙි ෆයිනස් කැලේ මැදින් වැටි ඇති මාර්ගයේ දුර 2km කියලා කිවුවත් මට නමි හිතුනේ ඊට වඩා වැඩි ඇති කියලා… කොහොම හරි අපි මෙි සුන්දර ෆයිනස් කැලේ පහු කරගෙන ආවා කාපටි පාරට… වාහන වලින් එන අයට ෆයිනස් කැලේ මඟහැරෙනවා.. මොකද එයාලට එන්න වෙන්නේ කාපටි පාරේ නිසා… මට හිතෙනවා ෆයිනස් කැලේ මැදින් වැටුණු පාරට වඩා කාපටි පාර ලගයි කියලා.. අපි එද්දි ආවෙි එ මාර්ගයේ නිසා.. හැබැයි ⁣සුන්දරම මාර්ගය ෆයිනස් කැලේ මැදින් වැටුණු මාර්ගය තමයි…

කාපටි පාර අයිනේ තියන පොඩි කඩෙන් රොටියක් වඩෙි එකක් කාලා ප්ලෙන්ටියකුත් බඩට දාගෙන ඉතිරි කිලෝමිටරය යන්න ගත්තේ ඉර මාමා අපිව හොදටම තෙහෙටිටු කරද්දි…. මොකද පුදුම අවුව සැරක් තිබුණේ… කොහොම හරි අපි එ ලස්සන මුතුකෙලින වැව ලගට ආවාම අවුව සැර නිසා දැණුන වෙහෙස නැත්තටම නැති වෙලා ගියා… එක තනිකරම කොළපාට පාරාදීසයක්…

බෙල්වුඩි කියන්නේ කාලෙකට කලින් හොද සාරවත් තේ වගාවක් තිබුණු අක්කර 500ක භුමියක්… එ ප්‍රදේශයේ ජිවත් වෙන ජනතාව තමන්ගේ ආදයමි මාර්ගය විදිහට තේ දළු නෙලා ගැණිම තමයි ජිවනොපාය විදිහට කරගෙන ගිහින් තියෙන්නේ, නමුත් කාලයාගේ ඇවැමෙන් තේ වගාව නැත්තටම නැති වෙලා… තාමත් දැකගන්න පුළුවන් තේ වගාවන් සදහා බිමි සකස් කර තිබු අන්දම…

තේ වගාව නැති වෙද්දි එහි මිනිස්සු ගවයන් වගේම එළුවන් කුකුලන් හදන්න පටන් ගෙන.. දැන් ඔවුන් ජිවත් වෙන්න මුදල් හොයාගන්නේ එ සතුන්ගෙන්.. දුෂ්කරයි කියලා හිතුවාට නුවරට ඇත්තේ 20kmක දුරක් නිසා දුෂ්කරතාවයක් නෑ…

මුතුකෙලින වැව අසල ඇති කුඩා කදු ගැටය මතට නැග ගත් විට හාත්පසම දැකගත හැකියි.. ජලාශ වගේම මා නමි නොදන්නා කදු ගැට පිරිවරා අපුර්වත්වයක් දැස් මානයේ දිස් වෙන්නේ දැඩි අවු රශ්මියත් නොදැනි යද්දි….

මම දුටුවා එක් කණ්ඩායමක් මුතුකෙලින වැවෙ අයිනෙන් නානවා.. එත් මම නමි හිතන්නේ එක එ තරමි සුදුසු නෑ කියලයි.. එන අතරමග තියනවා ලස්සන දියපාරක් නාන්න අවශ්‍ය නමි එ දිය පාරෙන් නාන්න පුළුවන් යන අයට…

එ වගේම මතක් කරන්නම ඔින එහි කඳවුරු බැදීමට හො නැරඹීමට යනවා නමි තමන්ගේ ආරක්ෂාව වගේම තමන් රැගෙන යන දේ ගැනද අවදානයෙන් සිටින්න… මෙි ගමිමු කීප දෙනෙක් පුරුදු වෙලා තියනවා සංචාරකයන්ගේ දේවල් සොරාගන්න.. මටත් එහි ගිය පසුයි දැනගන්න ලැබුණේ….

ඉතිං යන්න එ සුන්දර කොළපාට පරිසරය විදගන්න වගේම රසවිදින්න… හැබැයි මතක ඇතුව තමන්ගේ කුණු නැවත රැගෙන එන්න තරමි කාරුණික වෙන්න.. මොකද මෙි සුන්දරත්වය විදින්න අයිතිය තියෙන්නේ ඔබට මට විතරක් නෙවෙයි අපි හැමොටම……

නිසංසලා රණසිංහ

දියඇලි පාරදීසයක් දිගේ

සමහර වෙලාවට මට ඕනි කරන්නේ ඇත්තටම හොඳ හුස්මක් ගන්න ඉතින් ඒ වෙනුවෙන් ඕන දෙයක් මට කරන්න පුළුවන්..ඉතිං අද මම කියන්නේ යන්නේ අන්න ඒ වගේ හොද හුස්මක් හොයන් ගිය සුන්දර ලස්සනම ඉසව්වක් ගැන…
දොළොස්භාගේ දේදුගල මාර්ගය… ඇත්තටම මේ මාර්ගය සුරපුරයක් කියලා කියන්න පුළුවන් මම ඇවිද ගියපු මාර්ග අතර තවත් සුන්දර මාර්ගයක් තමයි මේ දොළොස්භාගේ මාර්ගය… 

 ඇත්තටම ඇවිදින අයට මම ආදරෙන් ආරාධනා කරනවා. යන්න ඒ මාර්ගයේ දොළොස් භාගේ පාරේ දේදුගල බුලත් කෝපිටිය පැත්තෙන් ඇත්තටම පුදුම තරම් ලස්සනයි…

මීදුමත් එක්ක වැස්ස මැදින් මේ පාරේ යන්න ඕනේ. ඒ තරමට මේ පාර වැස්සට මීදුමට පුදුම තරම් හිත නිවනවා..
නිදහසේ හරි ලස්සන සින්දුවක් අහගෙන යන්න තියෙනවනම් ඇත්තමයි හිත නිවෙනවා…
කිසිම කලබලයක් නැතුව මේ පාරෙ යන ඔයාලට දිය ඇලි බොහොමයක් දැක ගන්න පුළුවන්..
එ විතරක් නෙවෙයි දිය දහාරාවන් තියෙනවා මේ පාරේ යනකොට ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ තැන්වලින් ඔයාලට කිසිම කරදරයක් නැතුව නා ගන්න පුළුවන් සීතල වතුර ටිකක්….
දිය නෑ මට සුදුසුයි කියලා බෝඩ් ගහලා තියෙනවා.. ඉතින් ඒකම ගොඩක් වටිනවා….

මනුස්සයෙක්ගෙ හිත සනසන්න ඒ වගේම හිත නලවන්න පුළුවන් එකම දේ මේ සොබාදහම කියලා මේ වෙනකොට මම තේරුම් අරන් තියෙන්නේ… ඉතින් මගේ හිත සනසන්න මගේ හිත නලවන්න මේ වගේ සුන්දර මාර්ගයක් කියන්නේ ඇත්තටම මට වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් සම්පතක්…..

හැබැයි එක දෙයක් කියන්න ඕනේ අපිට සුන්දරත්වය ගේන මේ ප්‍රදේශ ඇත්තටම හරි දුෂ්කරයි මොකද මම එනකොට දැකපු දේවල් ගොඩක් තිබුනා… තේ වතු විතරක් නෙවෙයි මං දැක්කා සමහර තැන්වල රබර් තියෙනව… ඒ වගේම මේ පැත්තේ ඉන්න මිනිස්සු ජීවත් වෙන්න ගන්න ලොකු උත්සාහය ඇත්තටම යන එනකොට අපිට බලාගන්න පුළුවන්..  වැඩි හරියක් මං හිතන විදිහට මේ පැත්තේ ඉන්නේ දමිළ ජනතාව…

මේ මාර්ගයේ මේ දේදුගල පැත්තේ ඉන්නේ දමිළ මිනිස්සු තේ දළු ටික නෙළාගෙන ඒ තේ දළු පොහොර බෑග් වලට දාගෙන එක එක ස්ථානවල දළු ලොරි එනකමි බලන් ඉන්නවා මම දැක්කා…  මාසෙ වියදම හොයාගන්න වෙහෙසෙන මේ මිනිස්සු මේ වගේ පැත්තක තියන සුන්දරත්වය විඳින අපි වගේ අය වගේ නෙවෙයි එයාලා ලොකු දුෂ්කරතාවයකට මුහුණ දෙනවා… 

ඉතින් මේ පාරේ බුලත් කොහු පිටිය පැත්තට යනකොට දිය ඇලී පාරාදීසයක් කිව්වනේ ඒ දියඇලි පාරාදීසෙන් ඉස්සෙල්ලාම හම්බවෙන්නේ සුරබ ඇල්ල , ඊළඟට විලද ඇල්ල හම්බවෙනවා. ආයෙ රිකිළි අල්ල හම්බවෙනවා.

තව නලඟන ඇල්ල.. ඉතින් මේ නාලඟන ඇල්ල ටිකක් විශේෂයි මොකද මේ ඇල්ල ගොඩක් අය අතර ජනප්‍රියයි.. කියනවනෙ නළගනක් වගේ කියලා හැබැයි ඉතින් එදා අපි යනකොට නම් තනිකර මඩ පාටයි… මොකද අපි ගියේ වැස්සෙ නිසා වැස්සට වතුර පාර වැඩී ඉතින් මඩ වතුරත් එක්ක තමයි තිබුනේ… නළඟන ඇල්ල විතරයි හැබැයි එහෙම මඩ වතුර අපි දැක්කේ මොනවා වුනත් හරි සුන්දර පැත්තක් මොකද නළඟන ඇල්ලට යන්න චුට්ටක් යන්න තියෙනවා පයින්.. ඒ පයින් යන ටික රබර් වතු මැද්දෙන් තමයි යන්න තියෙන්නේ.. රබර් ගස්වල කිරි කපලා එවාට ඉටිරෙදි බැදලා තිබුණා.. මම දැක්කේ හරියට රබර් ගස්වලට යටසායවල් අන්දවලා වගේ..

නලගෙන ඇල්ල පහු කරලා යනකොට හම්බවෙන්නේ රුක්මල් ඇල්ල.. ඉතින් මෙතන රොටී කඩයක් තියෙනවා. ඒ රොටි කඩෙන් ලුණු මිරිස් එක්ක රොටියක් කාලා ප්ලේන්ටියක් බීලා එතන ටිකක් වෙලා ගිමන් හැරලා අපි ආයෙත් එන්න පටන් ගත්තා. ඇත්තටම මේකනම් සුරපුරයක් කියලා කියන්න පුළුවන්..

කියන්නම ඕනේ. දොළොස්භාගෙට යන පාර නම් මාරම ලස්සනයි. ඒක හරියට වෙනම ලෝකයක් වගේ තමයි මම දැක්කේ. එක පැත්තකින් මීදුම අනිත් පැත්තෙන් තනිකරම කොළ පාට ඒ කොල පාටත් එක්ක මීදුම ගලාගෙන යනකොට ඇත්තටම මේක වෙනම ලෝකයක් කියලා හිතෙනවා…

 දවසක ඔයාලත් යන්න දොළොස් භාග පාරේ මේ ලස්සන බලන්න… ඔයාලට පුළුවන් යන්න නාවලපිටියට ගිහින් දොළොස්භාගේ පාරේ යන්න… එහෙමත් නැත්නම් කෑගල්ලේත් දොළොස්භාගේ පාරේ ගිහින් නාවලපිටිය පැත්තේ ඇවිදින්න ඔයාලට පුළුවන් ඉතින් දවසක යන්න මේ සුන්දරත්වය විඳින්න… හැබැයි කියන්නම ඕනි දෙයක් තියෙනවා නලඟන ඇල්ල ළඟ පරිසරය නම් විනාස කරල තියනව දැක්කා. පොලිතීන් ප්ලාස්ටික් බිස්කට් කවර එතන නැති දෙයක් නෑ. ඉතින් යන තැන පරිස්සම් කරන්න මොකද මේ සොබාදහම අයිති අපිට විතරක් නෙවෙයි මේ සොබාදහම අපි පරිස්සම් කරන්න ඕනේ අපි මේ සොබාදහමේ එක කොටසක් විතරයි. ඒ නිසා එ පරිසරයත් පරිස්සම් කරගෙන එ සුන්දරත්වය විදින්න යන්න කියලා මං ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා..


නිසංසලා රණසිංහ 

KABARAGALA HILL

කබරගල 

සීතල රාත්‍රියක් කදු මුදුණක ගෙවා දමනවා කියන්නේ ඔිනම සංචාරකයෙක්ගේ සිහනයක්.. ඉතිං එ සිහිනය හඹා යන්න මෙවර මම තොරා ගත්තේ දොලොස්බාගේ කදු පන්තියෙ උසම කදු මුදුණ කබරගල…

මීදුම සේලයක් වගේ සීතලත් එක්ක උදැසනක් ගෙවා දමන්න තරමි අපි වාසනාවන්ත උනා එදා… මෙි ගමන අපි ගියේ තුන්දෙනෙක්… මුහුණු පොතින් දැනහඳුනා ගත් මිත්‍රයන් දෙදෙනෙක් එක්කයි මම මෙවර කබරගල කදු මුදුණ සොයා ගියේ… 

ඇත්තටම මෙික යන්නම ඔින ගමනක්.. අපි රාත්‍රිය ගත කලේ 1224mක් උසින් තියන කබරගල ප්‍රසිද්ධම තැන..
දෙවනි කදු මුදුණට යන්නට සිතාගෙන සිටියත් පසුදා උදැසන අධික මීදුමත් වර්ෂාව ගැන ඇති අවිස්වාසයත් නිසා අපි එ ගමන ගියේ නැ…
කබරගල කියන්නේ camping වලට හොදම තැනක්..
දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලය තමයි camping වලට සුදුසුම කාලය..

හැබැයි අපි ගියේ වර්ෂාව වැඩිම මෙි කාලයේ.. යන්න දවස් දෙක තුනක ඉදන්ම කබරගලට වහිනවා කියලා දැනගන්න ලැබුණේ මගේ මිත්‍රයා පැතුම් බුද්දික මල්ලිගෙන්.. එත් වාසනාව කොයිතරමිද නමි කියනවා නමි අපි කන්ද තරණය කරන්න යන දවසේ වැස්ස නෑ… 

මම මාතලෙන් නුවරට ඇවිත් නුවරින් ගමිපොල හරහා තමයි කබරගල නගින්න ආවෙි. කබරගල එන්න පුළුවන් පාරවල් දෙකක් තියනවා. එ තමයි දොලොස්බාගේ හරහා බුලත්කොහුපිටිය පැත්තෙන්. අනිත් පාර තමයි ගමිපොල හරහා නාවලපිටියට ඇවිත් නාවලපිටියෙන් දොලොස්බාගේ පාරේ එන්න ඔින… 

මගේ ජිවිතේ මම ආසම දෙයක් තමයි මීදුම කියන්නේ.. එ මීදුම ෆයිනස් යායකට වැටුණාම තියන අපුරු සුන්දරත්වය නමි මගේ ජිවිතේ මම පළවෙනි වතාවට විදගත්තා මෙි කබරගල කදු මුදුණේදි.. 

වර්ශා කලයේ නිසා වැස්සට සුදාණමි පිට ගියත් කදු මුදුණේ රාත්‍රි නමි හරිම අපුරුයි.. ජිවිතේ පළවෙනි වතාවට තරු පිරි අහසක් යට පැයක් දෙකක් මම හිටියෙ හිතම හිස්වෙලා නිදහසක් දැනෙද්දි. සීතල යමිතමි වතට දැණුනත් නෑ වගේ. කබරගල හෙළ පාමුල විදුලි ආලොකයෙන් වර්ණවත් වෙද්දි ඉහල අහස්කුස තරු පිරිගියේ දෑස් එ චමත්කාර දර්ශනයෙන් මවිත වෙද්දි…

හැබැයි රාත්‍රිය එසේ වෙද්දි පාන්දර ජාමය ඊට හාත්පසින්ම වෙනස් උනා… ඇද හැලුනා මහා වර්ෂාවක්.. කුඩාරමි අස්සට වෙලා වැස්ස පායන තුරු බලන් හිටියා උදැසන හයත් පහු වෙනකමි.. ඇත්තමයි.. එ මීදුම මාව වශි කරගත්තා.. කලින් දවසේ තිබුණු පරිසරය සමිපුර්ණ වර්ශාවත් එක්ක වෙනස් වෙලා.. මීදුමෙන් මුළු පලාතම වහගෙනයි උදැසන තිබුණේ. හරියට මට දැණුනේ මම වළාකුළු උඩ ඉන්නවා වගෙයි. එ තරමි සිසිල් මීදුමක් අපි වටා තිබුණේ විටක ෆයිනස් යායම නොපෙනි යද්දි…මෙි අත්දැකීම නමි ජිවිතේ එක් වතාවක් හො විදගත යුතුමයි…

කබරගල කදු මුදුණට අවට පෙනෙන සුන්දරත්වය නමි කියා නිම⁣කල නොහැකි තරමි… උතුමි ශ්‍රිපාදය වගේම අමිබුලුවාව, මොණර කන්ද, කොත්මලේ ජලාශය වගේම කොත්මලේ සෑයත් දැකගත හැකියි.. එ වගේම හැටන් මාර්ගය නාවලපිටිය නඟරයත් තව ඈතින් දිය ඇල්ලක් සුන්දරව දැකගන්න පුළුවන්.. කබරයෙක් කට ඇරන් ඉන්නවා වගේ නිසා මෙි කන්දට කබරගල කියනවාලු. හැබැයි ඉතිං මට නමි එහෙම පෙණුනේ නැ..

කබරගල කියන්නේ camping අත්දැකිමකට සුදුසුම ස්ථානයක්… තනියම උනත් යන්න පුළුවන්.. හැබැයි මම නමි මෙි වතාවෙි ගියේ තනියම නෙවෙයි මගෙත් එක්ක ගමනට මිතුරන් දෙදෙනෙක් එකතු උනා. තව විශේෂයෙන්ම කියන්න ඔින කබරගල මගේ මිත්‍රයා ගැන.. පැතුම් බුද්දික මල්ලි.. සස්තුතිවන්ත වෙනවා නැවත වරක් ඔහුට අපට කල සංග්‍රහයන්ට… ඔයාලටත් කබරගල ගිහින් එ සුන්දර camping අත්දැකීම විදගන්න පුළුවන් අවශ්‍ය සියළුම දේවල් ඔහුගෙන් ගන්න පුළුවන් rent එකට.. (Pathum buddika 0779634812)

ඉතිං ඔයාලත් යන්න දවසක මෙි සුන්දරත්වය විදින්න… හැබැයි මතක ඇතුව ප්ලාස්ටික් පොලිතින් වලින් තොරව යන්න.. එ සුන්දර පරිසරය ආරක්ෂා කරන්න…

නිසංසලා රණසිංහ

මිනිසුනේ නුබලාට හදවතක් නැතිද

මෙි රට අයිති අපිට විතරයිද?….. මනුෂ්‍ය වර්ගයා උන අපිට විතරමද?….. මෙි ගහා කොළට සතා සිවුපාවුන්ට මෙි රට අයිති නැද්ද?…..
දිනෙන් දින මෙි මිහිතලයට අහිමිවි යන සුන්දර අහිංසකයින් ගැන කතා කරන්න මෙවර මම හිතුවා…

හැමදාම අසන්න දකින්න ලැබෙන්නේම හිත රිද්දන දේවල් වෙනකොට කළකිරීමක් ඇති වෙනවා අපේ මිනිස්සු ගැන…
මෙි රටෙි තියන වටිනා කියන රක්ෂිත එළිපෙහෙළි වෙනවා විතරක් නෙවෙයි එ රක්ෂිත ඇතුලේ ජිවත් වෙන අහිංසකයො දිනෙන් දින මිය යනවා…. එ හැම මරණයකටම වග කිවයුත්තො මනුස්සයාම නොවෙිද?

පෙරහැර කාලෙට විතරක් සත්ව කරුණාව උතුරා යන බොහො අයට කැලේ ඉන්න වල් අලියා පෙනෙන්නේ නෑ… එ අහිංසකයාන්ට කරන හිංසා පෙන්නෙ නෑ… ඇත්තමයි මගේ හිතට එන්නේ කෙන්තියක්…

වනස්පති අතර හුදකලාව ගාමිබිර ගමනෙන් තමන්ගේ තේජස පතුරවාගෙන යන තනි අලියාට තියන භයානම වෛයිරසය තමයි මිනිසා කියන්නේ…
තමන්ගේ රැලෙන් වෙන් වෙලා තනිව වාසය කරන අලි ඇත්තු විටෙක මිනිස් ජිවිත උදුරා ගන්නවා වගේම මිනිස්සුන්ගෙ වාසභුමි වගා වලට හානි ගෙන එනවා… ඇයි එහෙම වෙන්නේ?
එකට හේතුව බැලුවත් තියෙන්නේ මිනිස්සුන්ගෙ පැත්තට විතරයි…
හක්කපටස් විතරක් නෙවෙයි අලි අගල් පවා කපා මෙි අහිංසකයින්ට යන එනමං නැති කරන්නේද මිනිස්සුම තමයි..

ලංකාවෙි මිනිස්සු බොහොමයක් වනසතුන්ට ඉතාමත් ආදරේයි.. එ වගේමයි තවත් බොහො පිරිසක් මෙි වනසතුන් විනාස කරන්නම ඉපදිලා ඉන්නවා…
ඔබටත් මතක ඇති අග්බොව… ජිවිත අවදානමක හිටිය අග්බොව ⁣සුව කරන්න කොයිතරමි නමි වනජිවි මහත්වරුන් වෙහෙසක් ගත්තාද… එත් තාමත් අග්බොගේ ජිවිතය අවදානමෙි නොවෙිද….. දෙවියන් වැනි එවැනි මිනිසුන් මැද මනුස්සකමි නැති මිනිස්සුද සිටින බව මම හොදටම තෙරුමි ගත්තේ මෙි ලගදි දිනක සිදුවු විපත… කොටි රජෙක් ඉතාමත් අවසනාවන්ත විදිහට මද්දකට හසුවෙලා වෙිදනා විදලා මිය යනවා…

ඇත්තමයි එ රූප රාමු මගේ හදවත බිද දැමුවා… මිනිස්සුන් ගැන තවත් කළකිරීම වැඩි උනා…

වන අලින්ගේ මලගම රට වටෙන්ම ආරමිභ වෙලා… කවුරුත් එ ගැන කතා කරන්නේ නැති තරමි… මුහුණු පොත පුරා යන මගේ දෑස් නැවතුනේ හදවත් ගැහෙද්දි, උස අඩි 12කට වැඩි, පලල අඩි 4ක් පමණ වන මාරක අලි අගල් කපන්න පටන් ගෙන… ඉතිං කෑම ,වතුර සොයා යන සද්ධන්තයින් මෙිවාගේ වැටී හිරවී මියයාම හැර බේරිල්ලක් ඔවුන්ට ඉතිරිවෙයිද?….

මිනිස්සුන්ගෙ නැතිබැරිකම දුක වෙිදනාව අසන්න බොහො පිරිසක් හිටියත් කුසට අහරක් වතුර උගුරක් නැතුව ගමි වැදෙන මෙි සතුන්ගේ දුකට පිහිට වෙන්නේ කියෙන් කීදෙනෙක්ද?….
මට අසන්න තියෙන් “ මිනිසුනේ නුබලාට හදවතක් නැතිද?” කියලා විතරයි…

පුංචි අලි පැ⁣ටියෙක් වලකට වැටෙනවා… එ වැටෙන අලි පැටියාව ගොඩට අරන් වෙඩි තියලා මරලා දානවා.. වනජිවි මහත්වරුන් බොහො වෙහෙසක් ගෙන සුව කල අග්බො ඇතාගේ ඇසට මිනිසෙක් කැටපොලෙන් විදිනවා… එවාට ක්‍රියාත්මක වන නීතියක් මෙි රටෙි නැති එක ගැන හිතේ තියෙන්නේ දැඬි කමිපාවක්…

අලි පලවා හැරිමට දමන අලි වෙඩි කමි නැත… වගා පාළු උවහොත් මිනිසුන් බඩගින්නේ… ඉස්සර මිනිස්සු හිටියා තමන් වගා කරන වගාවෙන් කොටසක් කැලේ මෙි අහිංසකයො වෙනුවෙන් වෙන් කරපු… එ සත්තුත් පුරුදු වෙලා හිටියා තමන්ට ලැබෙන කොටස බුක්ති විදින්න… එත් කාලයත් එක්කම ජනාකීර්ණ වෙනකොට මිනිස්සු වැඩි වැඩියෙන් කැලේ මායිමෙන් ඇතුලට තමන්ගේ කොටස කියා අල්ලා ගත්තා… කැලෑ එළිපෙහෙළි කරගෙන අලිමංකඩවල් වල ගෙවල් හැදුවා වගා කරා…

ඉතිං හිතන්න අනවසරයෙන් තමන්ගේ ගෙදර තමන්ගේ ඉඩමට කවුරුන් හො ඇවිත් පදිංචි උනොත් අපි මොනවගේ දෙයක් කරයිද කියලා… එ වගේ තමයි සත්තුත්.. උංට වෙන යන්න තැනක් නෑ… එ නිසාම උං මිනිස් ජිවිත වලට තර්ජනයක් වෙනවා… ඉතිං එකට වග කියන්න ඔින අපිද සත්තුද කියලා මම අහනවා… ඉතිං මෙි අලි මිනිස් ගැටුම කවදා නමි නිම වෙිද?…..

මස් වෙනුවෙන් උගුල් අටවන අය නිසා මෙි ලගදීත් කොටි රාජෙක් අහිමි වෙනවා… නොසැහෙන්න දුක් විදලා එ සතා මිය යන්නේ වනජිවි මහත්වරුන්ගේ හොද කම නිසා.. එකයි මම මුලින්ම පැවසුවෙි මිනිස් දෙවිවරුන් වගේම මනුස්සකම ගැවිලාවත් නැති මිනිසු ඉන්නා බව……

මෙි ලෝකය අයිති අපිට විතරක් නෙවෙයි.. පුංචි කුහුඹුවාගේ ඉදන් සෑම සත්වයෙක්ටම මෙි ලෝකය අයිතියි… නිදහසේ ඉන්න සතුන් මෙි ලෙස ඝාතනය කිරිම වැඩි දවසක් සොබාදහම නමි බලා සිටින්නේ නැතිවෙයි.. කීපදෙනෙක් කරන මෙි පවුකාර වැඩ වලට ඔබට මට අපි හැමොටම වන්දි ගෙවන්න වෙන මව මතක තබා ගන්න…. ගෙදර හුරතලයට හදන බල්ලා පුසා මාළු පැටවු විතරක් නෙවෙයි… මෙි ලොකේ ජිවත් වෙන සෑම සත්වයෙක්ම අහිංසකයි… ඔවුන්ටත් අයිතියි මෙි මිහිතලය…

මෙි ලෙසට වන විනාශය වගේම වන සතුන් දඩයම දිගටම තවත් වර්ධනය උවහොත් වෙන්නේ, දිනක අනාගත පරපුරට මෙි සතුන් පනපිටින් දකින්න නොලැබෙන එක විතරයි.. ඉතිං හැමොගෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ මෙි සුන්දර පරිසරය රකිනවා වගේම මෙි අහිංසක සත්වයිනුත් රකින්න… ඔවුන්ව ආරක්ෂා කරන්න…..


නිසංසලා රණසිංහ

ශ්‍රී ලංකාවේ වනහරණය සහ ජෛව විවිධත්වයට වන බලපෑම

ඉන්දියන් සාගරයේ සුන්දර දිවයිනක් වූ ශ්‍රී ලංකාව කලක් ජීවයෙන් පිරුණු සශ්‍රීක හරිත වනාන්තරවලින් වැසී තිබුණි.  මෙම වනාන්තර බොහෝ අද්විතීය සතුන් සහ ශාක සඳහා නිවහන වූ අතර, ජීවමාන සහ සමබර පරිසර පද්ධතියක් නිර්මාණය කරයි.  කෙසේ වෙතත්, මෑත වසරවලදී, වන විනාශය හේතුවෙන් වනාන්තර භයානක ලෙස අතුරුදහන් වෙමින් පවතී.  මෙම පාඩුව දිවයිනේ ජෛව විවිධත්වයට බරපතල බලපෑමක් ඇති කර ඇත.

 ශ්‍රී ලංකාවේ වන විනාශයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කෘෂිකර්මාන්තය, නාගරික සංවර්ධනය සහ දැව කැපීම සඳහා වැඩි ඉඩම් අවශ්‍යතාවයයි.  වනාන්තර එළි පෙහෙළි කරන විට බොහෝ විශේෂවලට ස්වභාවික වාසස්ථාන අහිමි වේ.  නිදසුනක් වශයෙන්, පොහොසත් ජෛව විවිධත්වය සඳහා ප්‍රසිද්ධ සිංහරාජ වන රක්ෂිතය, ශ්‍රී ලංකා දිවියා සහ දම් පැහැති ලැන්ගර් වැනි දුර්ලභ විශේෂවල නිවහන වේ.  ඔවුන්ගේ වනාන්තර නිවාස විනාශ වූ විට, මෙම සතුන් වඳවීමේ තර්ජනයට මුහුණ දෙයි.

 වනාන්තර අහිමි වීමේ ප්‍රතිවිපාක සතුන්ට පමණක් සීමා නොවේ.  සමස්ත පරිසර පද්ධතියම බලපායි.  සොබාදහමේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා වනාන්තර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.  ගස් සතුන්ට ආහාර සහ නවාතැන් සපයන අතර ඒවායේ මුල් පස නිසි ලෙස තබා ගැනීමට උපකාරී වේ.  ගස් නොමැතිව, පස සෝදා ඉවත් කළ හැකි අතර, ඛාදනය වීමට තුඩු දෙන අතර නව ශාක වර්ධනය වීමට අපහසු වේ.  මෙය, ආහාර සඳහා මෙම ශාක මත යැපෙන සතුන්ට බලපායි.

 වනාන්තර විනාශය පරිසරය හරහා ජලය ගමන් කරන ආකාරය ද වෙනස් කරයි.  වර්ෂාපතනය නියාමනය කිරීමට සහ අතිරික්ත ජලය අවශෝෂණය කිරීමෙන් ගංවතුර වැළැක්වීමට වනාන්තර උපකාරී වේ.  ගස් ඉවත් කරන විට, ජල ප්රවාහය පාලනය කිරීම අඩු වන අතර, එය නිතර නිතර හා දරුණු ගංවතුර හෝ නියඟවලට හේතු විය හැක.

 තවද, වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගනිමින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට වනාන්තර උපකාරී වේ.  ගස් කපා පුළුස්සා දැමූ විට ගබඩා කර ඇති කාබන් නැවත වායුගෝලයට මුදා හරින අතර එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වේ.  මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව පෘථිවියට ද පුළුල් බලපෑමක් ඇති කරයි.

වන විනාශයේ ගැටලුව විසඳීම සඳහා වනාන්තර ආරක්ෂා කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දරයි.  සංරක්ෂණ ව්‍යාපෘතිවල අරමුණ වන්නේ ඉතිරිව ඇති වනාන්තර ප්‍රදේශ සංරක්ෂණය කිරීම සහ වනාන්තර විනාශ වූ ස්ථානවල නැවත ගස් සිටුවීමයි.  ප්‍රාදේශීය ප්‍රජාවන් මෙම ප්‍රයත්නයන් සඳහා සම්බන්ධ වීම ද වැදගත් වන අතර, ඔවුන්ගේ ස්වභාවික වටපිටාව ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට හැකි වේ.

අධ්‍යාපනික වැඩසටහන් මගින් වනාන්තරවල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ සංරක්ෂණ ප්‍රයත්නයන්ට සහාය වීමට ජනතාව දිරිමත් කළ හැක.  වනාන්තරවල වටිනාකම සහ ඔවුන් ජීවත් වන ජීවිතය අවබෝධ කර ගැනීමෙන්, මිනිසුන්ට ඒවා ආරක්ෂා කිරීමට උපකාර කිරීමට පියවර ගත හැකිය.

අවසාන වශයෙන්, වන විනාශය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට බරපතල බලපෑමක් ඇති කරයි.  වනාන්තර අහිමි වීම බොහෝ අද්විතීය විශේෂවලට තර්ජනයක් වන අතර සොබාදහමේ සමතුලිතතාවයට බාධා කරයි.  අනාගත පරපුරට ශ්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය භුක්ති විඳීමට සහ ප්‍රතිලාභ ලැබිය හැකි බව සහතික කරමින් දිවයිනේ වනාන්තර ආරක්ෂා කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

පවිත්‍රා රණතුංග

2024-07-11

මෝ හිනි ඇල්ල

Mohini falls

මෝ හිනි කිවුවා ම ටිකක් මො කදො වගේ නේ ද?… ඇයි ඉතිං යකින්නක්නේ … එතනත් ටිකක් එ වගේ

තමයි… ගුප්ත තැ නක්…. හැ ටන් නල්ලතන්නි මා ර්ගයෙ න් සිරිපා වදින්න යද්දි මස්කෙ ලිය නගරය පහු

කරගෙ න නල්ලතන්නිය පැ ත්තට යද්දි තමයි මෙි මෝ හිනිය ඉන්න… එ පා රේ යන අය නමි මෙ යා ව

දකිනවා .. එයා ව දැ ක්කා ම නමි හැ බැ යි බය හිතෙ න්නේ නැ .. එ තරමට ලස්සනයි වැ ස්ස කා ලේ ට

එයා ගේ ලස්සන බලන්න නමි ඉතිං වැ ස්ස වැ ඩි කා ලෙ කම යන්න ඔින…. මම නමි ඉතිං වැ ස්සට

හැ ඩ වෙ ලා ඉන්න කා ලේ වගේ ම පා යන කා ලෙ ත් එයගේ ලස්සන දැ ක්කා … පා යන කා ලෙ දි නමි එ

ලගටම ගියා ඇයි මෙ යා ලස්සන හං ගන් ඉන්නේ කියලා හිත හිතම…

එක පා රක් සිරිපා වා රයෙ දි. පා යන කා ලේ , අපි හැ ටන් එකෙ න් නල්ලතන්නි බස් එකෙ න් ඇවිත්

එතනින් බැ ස්සේ මුණ අතපය සො දා ගෙ න සඳගලතැ න්න හරහා සිරිපා දේ යන්න. එත් ඉතිං පස්සේ

තමයි දන්නේ මෙි ලස්සන මෝ හිනිගේ වතුර භා විතයට සුදුසු නැ කියලා .. නල්ලතන්නි පො ලිසියේ අපේ

මිත්රයන් දෙ දෙ නා වෙ ලා වට අපිව ගන්න එතන්ට ආව නිසා අපේ එක මිත්රයෙ ක් දත් ටික විතරක්

මැ දගෙ න මුණ හො දන වැ ඩෙි නතර කලා .. පස්සේ නේ අනේ බො ඩි එක දැ ක්කේ . එයා දත් මැ දලා ඉවරයි

එ වෙ ද්දි… කණගා ටුවෙ න් උනත් කියන්න ඔින අපේ ම මිනිස්සුන්ගේ වැ රදි නිසා තමයි මෙි හැ මදේ ම

විනා ස වෙ න්නේ අපවිත්ර වෙ න්නේ .. මො කද මො හිනිය ගලන් එන්නේ වතුකරය මැ දින්..

ඇත්තටම මෙි ඇල්ල හරිම ලස්සනයි. නිස්කලං කයි. සං චා රකයන්ගේ අවදා නය මෙි ඇල්ලට

ලැ බෙ නවා ගො ඩක් අඩුයි.. මො කද සිරිපා දේ නැ ගලා බැ හැ ලා මහන්සි වෙ ලා එන අයට ඇල්ල ලග

බහිනවා තියා හිතන්නවත් බැ මහන්සිනේ …

මෝ හිනී ඇල්ල ආසන්න වශයෙ න් මීටර 30ක පමණ උසකින් සමන්විත වෙ නවා … මා වුස්සා කැ ලේ

ජලා ශයට එකතු වෙ න කුඩා ජල පහරකින් නිර්මා ණය වෙ න මේ මෝ හිනී ඇල්ල වර්ශා කා ලයේ දී

බො හෝ ම සුන්දරත්වයකින් දැ කගන්නට පුලුවන්.. තද කො ලපා ට පසුබිමෙි සීතල මිදුම අතරින් සුදුපා ට

සේ ලයක් බිමට ඇද හැ ලෙ නවා වගේ ලස්සනක් වර්ෂව කා ලෙ දි දැ කගන්න පුළුවන්. මට නමි ඉතිං

දැ කගන්න පුළුවන් උනා එයා ගේ සුන්දරත්වය කීපවතා වක්ම..

මෝ හීනී ඇල්ලට මේ නම ලැ බෙ න්නේ ඇල්ලේ කඩා හැ ලීමෙි ස්වරූ පය නිසා වෙ න්න ඔින…. සුදු

සා රියක හැ ඩයක් ගන්න නිසා කියලත්,කා න්තා වකගේ වරලසක හැ ඩය ගන්න නිසා ත් කියලා සමහර

අය කියනවා … තව සමහර අය කියනවා රා ත්රියට මෙ තන මෝ හිනිගේ අවතා රය ඉන්නවා කියලා … ඒ

කො හො ම උනත් රා ත්රියකදී නම් මහා ඝන අන්ධකා රයක මේ සුදෝ සුදු ජල පහර කඩ හැ ලෙ න

ආකා රයට එහෙ ම නමක් පටබැ දෙ න්න ඇති, ගුප්ත බවත් එක්ක මෝ හිනී ඇල්ල කියන නම මෙි

ඇල්ලට බො හෝ දුරට ගැ ලපෙ නවා …. සුදු සා රියක් ඇදගත්ත කා න්තා වත් කරු වලේ ඉන්නවා කියන්නේ

ඉතිං මෝ හිනිම තමයි…

එත් ඉතිං මෙි මුතු ඇටෙි අයට හැ මදා ම කියනවා වගේ කියන්නේ , බුදුන් වදින අත්දෙ කින් වැ දලා

කියන්නමි මෙි වගේ වටිනා ස්ථා න ජරා කරන්න එපා … ආරක්ෂා කරන්න මෙි සුන්දර තැ න්… කවුරු හරි

කුණු දා ලා අපිරිසිදු කරනවා දැ ක්කො ත් කනට දෙ කක් දෙ න්න. එක පවු නෑ … හැ බැ යි වැ ස්ස කා ලෙ ට

වගේ ම වැ ස්ස නැ ති කා ලෙ ටවත් ඇල්ලට බහින්න නමි එපා , එ වගේ ම මෙි මා ර්ගයෙ න් ඇවිද ගියො ත්

මො හිනීය ලග නතර වෙ ලා සුන්දරත්වය විදින්න නමි අමතක කරන්න එපා …..

නිසං සලා රණසිං හ