25-11-21

Back Cover

යාන්තමින් හෝ නුඹේ කිරණින්
නැහැවෙන්නට මග බලන
එතෙක් මැලවුණු මගේ වත
නුඹේ උණුසුමෙන් පිබිදෙන්න
නොඉවසිලිමත් වුන
සූරියකාන්තියයි මම….

කොයිතරම් නුඹ දුරින් දිලුනද
නුඹ නැගෙන්නේ
මා වෙනුවෙන්ම නොවූවද
නුඹේ පහසින් මුසපත් වන්න
නුඹ දකිනු රිසියෙන්ම
නෙතු විදහන
සූරියකාන්තියයි මම….

නුඹ නැගුන වේලේ පටන්
නුඹ දෙසම නෙත් යොමාගෙන
සිතින් සැනසුම සොයන
නුඹ ගිලී යන මූසලම හෝරාවේ
සිතින් ඉකිලන
යළිත් නුඹ නැගෙන තුරු
විඩා නෙතු වසා සිටින
නුඹේම සූරියකාන්තියයි මම….

25-11-19

හැදෙන උන් හා හැදුණ උන්


පැරණි පරපුර නොදුටු බෝ දේ
දැක බලාගෙන වැඩුණු අප හට
නිතර සවනට වැටුණු වදනකි
දැන් හැදෙන උන්, කමකටම නෑ!”

නව විලාසෙන් ඇඳුම් ඇන්දම
රැප් හිපොප් සංගීතෙ ඇහුවම
නිතර නිතරම ඇහුණ බැනුමකි
දැන් හැදෙන උන්, කමකටම නෑ!”

හැබැයි ඒවා කොහොම වූවත්
අපේ කාලේ වගෙ නෙවෙයි දැන්
ලෝකෙ හොඳටම වෙනස් වී ඇත
දැන් හැදෙන උන්, කමකටම නෑ!”

තාරක ජයතිලක

25-11-11

අපරාජිත හිතක්

හිත හොඳ කමට
හැමදේම වැරදුනත්,
කමක් නෑ හරියන
දවසක් ඒවි මටත්,

වැරද්දක් නැතුව
බැනුම් ඇහුවත්
කමක් නෑ මම දන්නවා
වැරදි නැති බවක්,

කෙළෙහි ගුන නැති අයට
උදව් කෙරුවත්,
අහිතක් නෑ අය එක්ක
හොඳ දවසක් ඒවි මටත්,

වැඩියෙන් ආදරේ අය
මා හැර ගියත්,
තනියක් දැනෙන්නෙ නෑ
මට මම ඉන්නවා කොහෙත් ….

 

ගගන ගුරුගේ

25-11-09

මතක මානෙන්...

හදත් අහසට
කවි කියාදී
අමාවකදා ගොලුවුනා,
නුඹත් පෑ
සෙනෙහෙ මගදී
ගොලු උනාදැයි නොහැගුනා,
දුරත්
මහ බෝ නිසාවට
ඉන්නෙදෝ යැයි
සිත සිතා,
උනත් කම් නෑ
තනිව දිවියේ
ආමගෙම ආපසු ගියා
දිනෙන් දින කුස
නෙරා එද්දී
පියා කවුරුන්දැයි අසා,
තැවුනු ලතැවුනු
කිසිකෙනෙකු නෑ
දිරිය වන්නට මග සදා,
නුඹත් දවසක
දමා ගියොතින්
මතක මානෙන් ඔසවලා,
පන්හිදේ කුරුටෙන් ගනින් පුත
මගේ කදුලක් පිස දමා

 

රීනා

25-Oct-21

Back Cover

කඳුළ දැන් කුමට නුඹ
තවත් නෙතු අතර හිඳ
හෙමින් සැඟවියන් යළි
නොපෙනෙනා මානයක

ගගනතේ දිලෙන සඳ
දුර ඈත වුවද මට
කාලෙකින් නැඟි පුරා සඳෙ
එළිය ඇති සැනසෙන්න

දෙතොලටද අමතකව
සැඟව ගිය සිනාවක
යළිත් මල් සුපිපුනේ
දන්නවද නුඹ නිසාමය

සුරේඛා..

25-Oct-19

අපෙ ජන්ම දා...

සෙනෙහසට කවි කුමට
පද හරඹ ගලපලා,
ලේ කිරට හැරෙන්නට දී
දෙහදක් පණගසා,
එකම කුස තුල ගුලිව
සතර පායුග සලා,
දෑගිලිත් පටලන්ම
මගෙ කුසේ දග කලා
උපන්නෙත් තනිව මා
නෑ සොයුරන් සදා,
එම දිනයෙම එනිසා
මිණිකැට දෙකකී ගෙනා,
නැත තවත් පාලුවක්
සොයුරෙකුත් නෑ කියා,
දියණියන් තිදෙනෙකුට
සෙනෙහසත් වැඩිඋනා
පුතෙකු නැති හැටි කියා
සමහරෙක් කී නිසා,
එදා හිත ගැස්සුනත්
නොකියාම බැහැ මෙදා,
තනිව කෙල්ලක ලෙසට
තිබු හයිය දත් නිසා,
දියණියන් තිදෙනගැන
තව කවරනම් කතා
රකින්නට ඇති හෙටක්
මිනිස් දම් පුරවලා,
මලක් වූවත් දැඩිව
පෙති සුරැකිව තනා,
පිපුණු මල් කැකුළු යුග
මගෙ සෙනේහෙට වෙලා,
3 වසක් සපිරු තැන
නොදැනීම එළඹුණා…!!!


රීනා 

25-Oct-12

මේ අසරණකමද?

වැරද්ද මොකක් උනත්
සමාව දීලා ළඟට ගන්න තරම්
හිතක් අසරණ වෙද්දී

කොච්චර අඩුපාඩු තිබුණත්
ඒවත් දරාගත
ළඟින් ඉන්න තරම්
හිතක් ශක්තිමත් වෙද්දී

මඟහැර ගිහින් ආයේ ආවත්
ළඟට ගන්න තරම්
වෙලාවකට සමහර හිත්
අනුකම්පා කරද්දී

එයා හිටියට කමක් නෑ
මාත් ආදරෙයි කියන තරමට
ඇයි දෙවියනේ
සමහර ආදර කතා අසරණ වෙන්නේ

ගගන ගුරුගේ

25-Oct-11

ගංගාවේ ගීතය~


අහසට දුක සිතී කඳුළැලි වසින විට
පහසට කඳුළු වල, සොම්නස දැනෙයි මට
කඳුළට කඳුළ එක්වී මා වැඩෙන කොට
රටකට දුක් දෙන්න පුලුවන් වේවි හෙට

පෙරකල නිහඬවම සමුදුර තෙක් ඇදුණී
පින් කල බෝ දනට පැන් පහසුව ලැබුණී
කල හොඳ පසුව නරකෙන් නරකට හැරුණී
කලගුණ නැති නිසාවෙන් හොඳහිත මැරුණී

දැක මිනිසුන්ගෙ හීනව ගිය කුලුණු ගුණේ
දුක අනුකම්පාව යන කිසිවක් දැන් නොදැනේ
නෙක වතු උයන් රට තොට සිරි දකිනු මෙනේ
එක වැස්සෙන්ම උතුරා යමි සතර කොනේ

– තාරක ජයතිලක

25-Sep-18

Back Cover

පාළු සුළඟට දැවෙන දෙනෙතට
හඬන්නට තව කඳුළු නැතිවද ?
හිස් අහස මත නුඹේ රූපය
මවන්නට තහනමක් කාගෙද ..?

මතකයන් කටු ඇනී රිදුනද
සුවඳ තාමත් රැඳෙයි හිත මත
නුඹ මගෙන් දුර ඈත ගිය හැටි
සිහිනයක්මයි තවම මා හට

වදන් නොම වූ නුඹේ සෙනෙහස
දෙනෙත් වල ලිය වූ අපූරුව
නුඹයි කීවේ කියවනා ලෙස
නුඹේ නෙත් තුළ රැඳුණ ප්රේමය….

අකුරු වැරදී ගියාදෝ මට
එදා නුඹෙ පෙම කියවනා කල
එක වරක් විත් කියනවද මට
ආදරේ මම කලා ඇත්තට“…

සුරේඛා

25-Sep-17

සංසාර චාරිකාවකි මේ...


ජීවිතේ කියන්නෙම පාසලක්,
හැමදාම අපි එහි ශිෂ්යයන්..
දුක, වේදනාව කියන්නෙම අභියෝගයන්,
දවසක දිනන්නම ඕන පරීක්ෂණයන්..
සමහරක් චරිත වේදිකාවල රගපාද්දී
තවත් සමහරෙක්,
ඇත්ත ජීවිතේම රගමඩලක් කරන්
පව් පින් දෙකම පොදු මිනිස් ධර්මතාවන්,
දවසක කාටත් මුහුණ දිය යුතුවූ
සංසාර චක්රයක්
තනග පිණිබිදක් වන් ජීවිතේ
කොයියම්ම මොහොතක හෝ
ගමන යා යුතුයි
ඉදින් තව තවත් ව්යිරය වපුරා
එහි අස්වැන්න නෙලන්නෙපා
අපෙන් මතු පරපුරක් හෙට තනා
අස්වැන්නේ සිරගත කරනෙපා..
මල් කැකුළට රෝසමලක්ව පිපී
කටු මැද වුවත් ලස්සන ගුණ රැකන්
පිපී දිලෙන්නත්,
තවකෙකුට ආදරේම මිස
ව්යිරය නොදෙන්නත් කියාදී,
මේ රගමඩලෙන් සැනසීමෙන් අපි සමුගනිමු

 

රීනා