ඉගිල යන සියොතුන්
ඔහේ ඉගිලී ගියාවේ…
සුවඳ විහිදන කැකුළු
පිපී පරවුනාවේ…
ගලන ගං දියේ රැළි
නැගී පා වුනාවේ…
මටම නැති මගේ හිත
ඔහේ තනි වුනාවේ…
සුරේඛා
සඳ කිරණ විඳිමී….
සාවුන් ගැන සොයන්නට නොයමි
ආවාට දැක සිත
රිදව ගන්නට නොහැකියි…..
මලේ රුව විඳිමී…
නටුව ගැන සොයන්නට නොයමි
විස පිරුණු කටුව
දකින්නට නොහැකියි….
ගඟ සිසිල විඳිමී…
ගලන ඉම සොයන්නට නොයමි
අයිතිය මුහුදට බව
සිතන්නට නොහැකියි…
නුඹට පෙම් කරමී…
නුඹේ තතු සොයන්නට නොයමි
හිත රිදෙන දේ ගැන
අසන්නට නොහැකියි…
සුරේඛා
පියමනින විට
තේජසින් නුඹ
එලු රතු පාවඩ දිගේ….
ගියා අවසන්
ගමන් පෙම නුඹ
එලූ සුදු පාවඩ දිගේ…..
නුඹ ගමන් මග
සැලෙන විට මල්
පිපී හිනැහී රන් රුවේ…
හැඬූවා මල්
ප්‍රේම මළගමෙ
සොවින් බිම වැතිරී ඔහේ….
කිත් වැනුම් නුඹෙ
දෙසවන්ද බිහිරිව
කරන කල ඝෝෂා රැසේ…
ගියා නෑසී
මළගමේ දුක්
සුසුම් නුඹ හට එම කලේ…
පා නැගූ දා
ඉසුරු ලොවකට
සියල් හැරදා සිතු ලෙසේ…
හැරීවත් නුඹ
නොබල හිඳපන්
සොහොන් කොත දෙස ප්‍රේමයේ…
සුරේඛා
දිනය වේ මතකයේ නොවරදා
දෙන්නගෙ anniversaryයට පෙරදා
සාමාන්‍ය තෑගි හැම පරදා
ගත්තා හොඳම තෑග්ගක් වෙරදා
හෙට නුගේගොඩ බංඩගෙ පංතියට
සිතා ඇඳගෙන යන්න ජැන්ඩියට
ඇඳුමකුත් ගත්තා ගොස් හංඳියට
සියල්ල ready දැන් anniversaryයට
බලා සිටි දිනය නම් දැන් එළඹුනා
කඩිමුඩියෙ කඩිසරව මං සැරසුනා
සැකෙන්දෝ අම්මා කාමරේට එඹුනා
වෙනසක් දැනිලා දැයි මට සිතුණා
කුකුලා අතේ ගෙන මං පිටවෙන්න සිතා
ගත්තා බෑගය වැඩිපුර නොකර කතා
“මෙන්න මේක සුදු නැන්දට දෙන්න පුතා”
පාර්සලයක් දුන්නා මට හොඳට ඔතා
ගත්ත ගමන් ඒකත් බෑගයට ඔබා
අම්මට වැඳ ගමනට ආසිරිද ලබා
වෙනදා නොම වේගෙන් පියවරත් තබා
හනික ගියේ හමුවන්නට මගේ බබා
ඈත සිටම මිතුරන් වට වී සිටිනා
පුන් සඳ සේ දිස්වන ඇගෙ රුව දිලුනා
මා එන මග පිලිගන්නට නෙත් සොයනා
ඒ දෙනෙතින් මාගෙ රුව මට පෙනුනා
පංතිය මුලම මුරවන් ඇගෙ මිතුරන් ය
මා එනු දුටු සැම මුවගට හසරැල් ය
Anniversaryය ගැන සැමදෙන දැනුවත් ය
පෝලිමට ලැබෙන්නේ මට සුබ පැතුමන් ය
වෙන ලොවකයි අපි දෙන්නා සිතින් ඇසින්
කිට්ටු වුණා පෙම්බරියගෙ ලඟට සෙමින්
බෑගය විවර කරළා මහ උජාරුවෙන්
අරගෙන තෑග්ග තිබ්බා ඈ අත්ල මතින්
හිතට මගේ දැනෙනවා දැන් නම් පට්ට
Branded නිසා බය එය ගනිදැයි වට්ට
විවර කළ සැණින් මා ඇස් විය පොට්ට
සුළු දිය බරයි දුටුවම කරවල කට්ට
ඇගේ මිතුරන් දැන් පෙන්වයි මෙමට කොකා
“මොනවද ගෙනැත් ඇත්තේ මේ බූරු යකා”
සරුවාංගෙම හීතල වී නියත් කකා
“හරි එක මේක” කියලා දුනි දිවත් විකා චරියාගේ පන්හිඳ