
Category: Other
සංසාරික ප්‍රේමය
2024-07-20
කළුවරට පෙම් බඳින කවියනුත් පෙර දාක
පුර හඳට අකුරු බැඳ හැඩ බැලූවළු රෑක
සේපාලි-කා සුවඳෙ මිහිර විඳි තරු රෑන
පිණි වැටෙන යාමයේ පියා ගත්තලු දෑස
කණමැදිරි එළියකින් දිලිසෙනා වත කෝල
කතන්දර කියැවුනා බොඳ වු දෙනෙතින් නීල
තාරුකා මල් කිණිති ගසා වරලස රෑන
හාදු තවරා සුසුම් නොවිඳ බොඳ විය හීන
දෙතොල අමරස නොවිඳි සා පිපාසා වූව
මධු පැනෙන් දෝවලා හැඟුම් සඟවා බෝම
රිදුම් දෙන තැන් බලා එල්ල කරනා හීය
දරාගෙන ගයනු ඇත තවම ජීවන ගීය
සුරේඛා
2024-07-16
තඹරක අරුම..
සප්ත ස්වරයෙන් හැඩවෙන තත්නද
නැංවූ දුක් ගී නුඹට ඇසේවිද
හිත්මානෙක පීදුනු මල් කැකුලක
පෙති ගිලිහී යන්නට නොමදෙනු මැන…
මොණර නිලක ලා අහසට වන් සද
ඈතින් සැගවී බලා හිදිමි මම
ලංකරගන්නට නොමැති ලොවක තව
හඩා දොඩානම් කිනම් පලක් වෙද…
පෑලදොරට පිටුපා ගියදා නුඹ
හිත් කඩ හතකට පැලී ගියා වෙද
තවත් නොමැත හිත්ලූවක තනිවම
වැළපී ලතැවී තැවී දැවෙන්නට…
ලා දම් පාටට දිදුලන අහසට
පෙම් බැද කව් ගී ලියා තබමි සොද
බාදුරාව සේ ඇදබැද නොගෙනම
මඩෙහි පිපී තඹරෙක් වන්නෙමි මම…
රීනා
2024-07-15
~ නොකිලිටි කුණු ~
උණු බතක් නොවැරදී – ඉදුණමුත් හැමදාක
ලුණු ටිකක් සමඟ කා – නිදයි සමහර රෑක
හුණු නොගෑ බිත්ති ඇය – ගොඩනැගුවෙ තනියෙන්ම
කුණු අදින ට්‍රැක්ටරේ – වැඩ කරල සතියේම
පෑ සෙනේ නොකිලිටියි – කිලිටි වූවත් ගතින්
නෑ සියන් නැති දුකත් – දරාගති තනි සිතින්
බෑ කියා දෙයක් නෑ – දිරිය දුටුවෙමි ඇගෙන්
නෑ අපිට අඩු පාඩු – සතුටු වුණි ලද දෙයින්
පාසැලට යන විටදි – මිතුරු කැල සමගින්ම
මග තොටදි ට්‍රැක්ටරේ – ඉඳහිටක දුටුවාම
අම්මෙ මම මෙහේ යයි – කියන්නට කලියෙන්ම
නාදුනන සේ ගියේ – ඇයි කියන් හැමදාම
තාරක ජයතිලක
2024-07-14
2024-07-09
එන්පියු (NPU) යාන්ත්‍රණය: නවීන පරිගණක ක්‍රියාකාරීත්වය
එන්පියු (NPU) කුමක්දැයි අපි අවබෝධ කර ගත යුතුයි. එන්පියු යනුවෙන් හැඳින්වෙන්නේ Neural Processing Unit, එනම් සූක්ෂම ක්ෂුද්‍ර ද්‍රව්‍ය විද්‍යාංග ව්‍යාප්ත ගැමුණුකරණක ප්‍රතිසම්භන්ධනය (Neural Network) ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනු ලබන විශේෂිත චිප් එකකි.
එන්පියු (NPU) කුමක්ද?
එන්පියු යනු පරිගණකය තුළ නිර්මාණය කරන ලද කෘතිම මනසක් (Artificial Intelligence) සහ මොළය (Machine Learning) ක්‍රියාකාරීත්වයන් සඳහා අදාළව දත්ත සැකසීමේදී භාවිතා කරන විශේෂිත ප්‍රොසෙසර් (Processor) එකකි. මෙය GPU (Graphics Processing Unit) සහ CPU (Central Processing Unit) වැනි සම්ප්‍රදායික ප්‍රොසෙසර්වලට වෙනස් වේ.
එන්පියු ක්‍රියාකාරීත්වය
එන්පියු හැකියාවන්වලින් මෙන්න කිහිපයක්:
1. **වේගවත් දත්ත සැකසුම**: එන්පියු දත්ත සැකසීමේදී බෙහෙවින් වේගවත් වේ. මෙය ක්ෂුද්‍ර ද්‍රව්‍ය විද්‍යාංග ව්‍යාප්ත ගැමුණුකරණක (Neural Network) යටතේම වැඩි දියුණු වේ.
2. **විදුලි ශක්ති කාර්යක්ෂමතාව**: එන්පියු CPU සහ GPU කෙරෙහි වැඩි විදුලි ශක්ති කාර්යක්ෂමතාවක් දක්වයි. එය විදුලි බලය සහ පරිගණක කාලය අත්‍යාවශ්‍ය ප්‍රමාණයකින් ඉතිරි කරයි.
3. **අධි කාර්යක්ෂමත්වය**: මොවුන් මගින් කෘතිම බුද්ධිය (AI) සහ මැෂින් ලර්නින් (ML) වැඩසටහන් ඉතා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කළ හැකිය.
එන්පියු භාවිතා කරනු ලබන ක්ෂේත්‍ර
එන්පියු පහත සදහන් ක්ෂේත්‍රවල පුළුල් වශයෙන් භාවිතා වේ:
1. **පරිගණක දෘෂ්ටිය (Computer Vision)**: රූප හදුනා ගැනීමේ සහ විශේෂණය කිරීමට එන්පියු භාවිතා කරයි.
2. **බස් හදුනා ගැනීම (Speech Recognition)**: කථන හදුනා ගැනීමේ දී එන්පියු විශේෂිත වේ.
3. **සවිකෘතිම බුද්ධිය**: AI ක්ෂේත්‍රයේ මූලික සාධකයක් ලෙස එන්පියු භාවිතා කරයි.
4. **සමාජ මාධ්‍ය හා වෙළඳාම්**: ප්‍රවණතා හදුනා ගැනීමේ සහ දැන්වීම් තෝරා ගැනීමේදී එන්පියු භාවිතා වේ.
නිගමනය
එන්පියු (NPU) කෘතිම බුද්ධිය සහ මැෂින් ලර්නින් ක්ෂේත්‍රයේ විප්ලවීය යාන්ත්‍රණයකි. එහි වේගවත් දත්ත සැකසුම, විදුලි ශක්ති කාර්යක්ෂමතාව, සහ අධි කාර්යක්ෂමත්වය මගින් විවිධ ක්ෂේත්‍රවල ප්‍රගතියට සහාය වන සවිස්තරාත්මක මාර්ගයක් සලසා දෙයි. කෘතිම බුද්ධියේ අනාගතය සඳහා එන්පියු මගින් විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.
ටෙරාන් සුභසිංහ
Lecturer at Live College (Pvt) Ltd
24-06-20
මුදමි මම නුඹව
සෙනෙහසින් වට බැඳි
රැඳී උන් කූඩුවෙන්….
යන්න නුඹ අහසටම
එක්වන්න නුඹේ රෑනට….
උස වැඩී නිල් අහස
තටු සිඳුන කිරිල්ලියකට…
එපා නුඹ බිය ගන්න
සවිය දැන් නැහැ මෙමට
පසුපසම හඹා විත්
නිල් ගුවන ජයගන්න….
සැරි සරනු නිදහසේ
නුඹේ රෑනක් සමඟ…
හිඳින්නම් පෙර ලෙසම
මතකයන් තුරුළුකර
සෙනෙහෙ කූඩුව තුළම
හැමදාම සිරගතව…
සුරේඛා
24-06-16
24-06-13
අතීතයක්….
හිත නැවතුනා වළාකුළු බැම්මේ
හීන් වැහි කෝඩෙත් එදා වගෙමයි
ගැටෙන හැපෙන රිය පෙලේ
මං අද නුඹ සොයන්නැහැ
ඒ මගේ අතීතයයි…
බිදුනු විසිරුනු ප්‍රේමෙක ශේෂ උනු
ලා මතක අවු රැල්ලක්
හීන් වැහි කෝඩෙන් මුවා වී ආවත්
ජීවිතේ දැන් පරිණතයි
නුඹ අතීතෙම විතරයි…
වැව රවුම තාම ඒ වගෙයි
ඒත් අපි දුරයි
හිත මත්තේ පිපී
සී සී කඩ විසිරගිය
ප්‍රේමයත් නුඹ තමයි…
ආයුබෝ සෙංකඩපුරට
අපි ආයේ හමුනොවුනත්
එදා සේම අදත්
නුඹ තාම තරුණයි..
රීනා





