කාමිණී – කෙටි කතාව 

මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු එක එක ජීවිත ගෙවනවා. සමහර මිනිස්සු කාර් විකුණනවා, තවත් සමහරු සිල්ලර බඩු විකුණනවා, ඒ අතර මහා පරිමාණ වගේම කුඩා පරිමාණ ව්‍යාපාර මේ හැම එකෙන්ම අපි මිනිස් ශ්‍රමය හරි භාණ්ඩයක් හරි මිලක් නියම කරලා විකුණනවා. මේ හැමදේම අතර තවත් සමහරු ඇඟ විකුණනවා. ඔව්… හරිම පිළිකුල් නේද? අහද්දිත් පිලිකුල් ඇති පත්තිනි ලෝගුව පොරවගෙන ඉන්න සමහරුන්ට නම්… ඒත් ඒකත් රස්සාවක්; බුදුන්ගේ කාලයේ ඉදන් පැවතගෙන එන.. 

ඇය නම් කාමය දෝතින් දරාගෙන ආව කාම රැජිණක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරාගීබව නොඅඩුව ඇති රූප රාජිණියක්. පිරිමින්ගේ ඇසට රසඳුනක් වූවත් ඕනෑම ගැහැණියකගේ හිත එක මොහොතකට හෝ ඊර්ෂ්‍යාවෙන් පුරවාලන්නට හැකි  ඉහල පෙලේ පිරිමින්ගේ අතින් අතට යන ලෝකයේ පැරණිම රැකියාව කරන්නියක්. ඇතැම් ගැහැණුන් දහදිය මහන්සියෙන් රුපියල් දෙතුන් දහසක් මුලු මාසකටම හොයද්දි එක් රැයකින් එක් පිරිමියෙක් හෝ පිරිමින් කිහිපයක් සනසවා රුපියල් ලක්ෂ ගණනින් සොයන අති සාර්ථක ව්‍යවසායිකාවක්.

ඇය එසේ වෙද්දි ඈ ළඟට ඇදෙන බඹරුන්ගෙන් තවත් එක් බඹරෙකු වන මම දේවක සඳගලතැන්නයි. දිවයිනේ ප්‍රමුඛ පෙලේහෝටල් ජාලයක හිමිකරුවෙකු වන මම වෙනත් ව්‍යාපාරිකයන් මෙන් කටුකත්වය දෝත දරාගෙන  ආව කෙනෙක් නෙවෙයි. මගේ පියාගෙන්, මගේ සීයගෙන් ලැබුනු ව්‍යාපාර ජාත්‍යන්තරයට අරගෙන ගිය කෙනෙක්. කුරුදුවත්තේ ඉපදිලා, ලංකාවේ අංක එකේ පිරිමි පාසලක ඉගෙන ගෙන එංගලන්තයේ ප්‍රධාන සරසවියක උපාධියක් හදාරපු මම මටම ගැලපෙන පවුලකින් විවාහයක් කරගත්තත් තරුණ කාලේ සල්ලාලකම් කොහොම අත අරින්නද? 

ශාමිනී එක්ක විවාහ වුනත් , පසු කාලීනවදෙදරු පියෙක් වුනත් මම පරණ පුරුදු අත ඇරියේ නෑ. ශාමිනීත් එහෙමයි. ඇය ඇයගේ ලෝකයේ ජීවත් වුනා මම මගේ ලෝකයේ ජීවත් වුනා , දරුවෝ දරුවන්ගේ ලෝක වල ජීවත් වුනා. ඒත් ලෝකේට පේන්න අපි අති සාර්ථක පවුල් ජීවිතයක් ගෙව්වා. 

ඔබ මම ගැන හිතන විදිය හරි.. ඔව්…මම ස්ත්‍රී ලෝලියෙක්. මම නැහැ කියන්නෙ නෑ. හැබැයි මම අතිශය පෞද්ගලික විදියට ඒ දේවල් ගණුදෙනු කරන්නෙ.ඇතැම් වෙලාවල් වලට ගැහැනු මගේ යහන මතට නගින තුරු දන්නෙ නෑ කවුරු ළඟටද යන්නෙ කියලා. ඒ තරම් පෞද්ගලිකව මම ගණිකාවන් ඇසුරු කල කෙනෙක්. ඒත්…..,

කාමිණී, කාමයට වඩා යමක් ඇය මට දෙනවා. ඒත් ඒ මොකද්ද? ඒ පහස අවසානයේ හැමදාම මම හිතනවා. ඒත් ඇය මාව සත පහකට මායිම් නොකර සල්ලි මිටියත් අරගෙන බැහැලා යනවා. ආයෙමත් දෙදවසකින් මම ඇය හොයාගෙන යනවා. පුරුදු හැඟීමම මගේ හිතේ ඉතිරි කරලා ඇය යන්න යනවා. මම බලාගෙන ඉන්නවා. 

‘ බොබී ඇත්තටම කාමිණී කියන්නෙ කවුද?’ 

‘ කවුද මිස්ටර් දේවක දන්නේ? එක දවසක් මාව හොයාගෙන ආවා. මාත් රස්සාව දුන්නා. කොහෙන් ආවද කොහොම ආවද දන්නෙ නෑ ඒකි සල්ලි අච්චු ගහන මැශිමක් හින්දා මම විස්තර අහන්න ගියේ නෑ’ කාමිණී ගැන හිතලා හිතලා බැරිම තැන ඇයගේ තැරැව්කාරයා වුනු බොබීගෙන් මම ඇහුවම හරිම සරළව ඔහු එහෙම පිළිතුරු දුන්නා. 

ඒත් ඇය ගැන සෙවීම එතනින් අත් නොහැරපු මම එක් දවසක් රෑ ඇයගෙන්ම ඇහුවා. 

‘ කාමිණීගේ ගෙවල් කොහෙද?’ 

‘ ඒවා දැනගන්නම ඕනද මිස්ටර් දේවකට මගේ ඇඟ උඩ නගින්න?’ එදා ඒ තියුණු උත්තරේ මාව නිරුත්තර කලා. ඒ රැයින් පස්සේ මම ඒ රුව දිහා බලාගෙන ඉන්නවා. ඇය මාව සනසවනවා. ඇයගේ හිතේ කාමයපමනක් දෝරේ ගලනකොට මගේ හිතේ ඈ වෙනුවෙන් උපදින ආදරය දෝරේ ගලනවා. 

‘ ශාමිනීගෙන් දික්කසාද වෙලා මම කොහොමහරි කාමිනී බදිනවා’ එක දවසක් මම ඒ තීරණයට ආවා. එදාත් හවස වෙනදා වගේම මම බොබීගෙන් එක රෑකට කාමිණීව වෙන් කරගත්තා. වෙනදාට වඩා ලස්සනට මම ලෑස්ති වුනා.  අවුරුදු පනස් පහ පිරුණු මම විසි ගනන් වල කාමිනීට විවාහ යෝජනාවක්  අරගෙන යනවා. මේ ජරා ජීර්ණ වුනු ජීවිතෙන්ැයව සදහටම මුදවගෙන මගේම කරගන්න බලාපොරොත්තුව හිතේ කොණක රජයනවා. 

තිබුනු හොඳම සූට් එක ඇදපු මම වෙනදාටත් වඩා සුවඳ විළවුන් තැවරුවා. හොඳම රූපලාවන්‍ය ශිල්පියෙකු ලවා කොණ්ඩය වගේම රැවුලත් සකසාගෙන වෙනදාට අපි මුණගැහෙන තැනට පිටත් වුනා. 

අදත් ඇය වෙනදා වගේමයි. ගැහැණියකගේ සිරුරේ වැසිය යුතු කොටස් යන්තමින් වැසුනු ඇදුමත්, හිත මන්මත් කරන සුවද විලවුන් මෙන්ම සරාගී රුවත් ඈ පිළිඹඳව මා තුල උපන් හැගීම තවත් අලුත් කලා. වෙනදා වගේම අනවශ්‍ය කතා වලින් තොරව ඇය මගේ හැඟීම් සන්තාපනය කලා. මම වෙනදාට වඩා සන්‍යමයෙන් ඒ මොහොත අත්වින්දා. 

අනුරාගී මොහොතකට පසුව මම තීරණය කලා මගේ සිතැඟි ඇයට පවසන්න. මට ලොකු විශ්වාසයක් තිබුනා ඇය මට අකමැති නොවන වගට. කවුද  අකමැති ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක්ගේ බිරිඳ වෙන්න? ‘ මම මගේ හිතට ධෛර්‍ය ගත්තේ ඒ විදියට. 

‘ කාමිණී…….’

‘මිස්ටර් දේවක ඔයාගේ ෆෝන් එකට කෝල් එකක්’  

ඇයගෙත් මගෙත් සොඳුරු මොහොතට බාධා කරමින් ආව දුරකථන ඇමතුම ගැන මට නැගුනේ පුදුම තරහක්. මගේ ලේඛම්වරයාගෙන් ලැබුනු ඒ ඇමතුමට මම ප්‍රතිචාර දැක්වූයේ පුදුමාකාර කේන්තියකින්. 

‘ කියන්න ගිහාන්.. මොකද මේ මහ රෑ’ 

‘ සර් සමාවෙන්න මහ රෑ කරදර කලාට.. සර්ට අමතක වෙලා ඇති කියලා හිතුනු නිසා මතක් කරන්න ගත්තේ. හෙට හවස සර්ටයි මැඩම්ටයි  අගමැති තුමා එක්ක ඩිනර් එක තියනවා හවස හයට නිල නිවසෙදි’ 

ගිහාන්ගේ වචන කවදාවත් නැතුව මාව වෙනම ලෝකයක අතරමං කලා. ‘අගමැතිතුමාගේ නිල නිවස, සර්- මැඩම්’ මේ වචන කවදාවත් නැතිව මගේ හිත හෙල්ලුවා. මම එහෙමම දුරකථනය විසන්ධි කරලා කාමිණී දිහා බැලුවා; ශාමිනීව හිතේ ඇඳගෙන. ඒත් එක්කම රටක් පිළිගන්න කෝටිපති ව්‍යාපාරික දේවක සඳගලතැන්නගේ ප්‍රතිරූපය තවත් පසෙකින් සිතුවම් වෙන්නට පටන්ගත්තා. 

‘ මම මුළු රෑටම ගෙවලා තියෙන්නේ.. සෝ විල් ස්ටාර්ට් අගේන්’ මම කාමිණීට අණ දුන්නා. හිතේ උපන් ආදරය තත්වය , මුදල් වගේම බලය ඉදිරිපිට එහෙමම දිය වෙලා ගියා. 

තක්ෂිලා ඒකනායක

ඉගිල යන සියොතුන්

ඉගිල යන සියොතුන්

ඔහේ ඉගිලී ගියාවේ…

සුවඳ විහිදන කැකුළු

පිපී පරවුනාවේ…

ගලන ගං දියේ රැළි

නැගී  පා වුනාවේ…

මටම නැති මගේ හිත

ඔහේ තනි වුනාවේ…

සුරේඛා

ජීවත් වෙන්න

හුස්ම පොදක් යදින

උන් අතරේ …

හැමදේම දරාගන

හිනහ වෙලා ඉන්න

උන් අතරේ …

කොච්චර හොදින්

ඉන්න හැදුවත්

මොනවම හරි කියන

උන් අතරේ …

සැනසීම ඉල්ලුවත්

සැනසීම නැති කරන

උන් අතරේ …

කොච්චර ජීවිත

ගෙවිලා යනවා ඇත්ද

වැරදි නොකරත්

දඬුවම් විදින උන් අතරේ …

Gagana

කුරුලු පැටියාට අලුත් පාඩමක්

පුංචි දුවලා පුතාලා ,ඔන්න අද කියන්න යන්නෙ කුරුලු පැටියෙක් ගැන කතාවක්.

කුරුලු පැටියා රවුමක් පියාඹලා එන්න කියලා හිතන් කැලෑව ඇතුලට ගියා.ටික ටික කැලෑව තුලට පියඹා යන විට , ඇහුනා අමුතු   ශබ්දයක් . මොකක්ද ඒ හඬ හරිම බය හිතෙන ශබ්දයක් .

කුරුලු පැටියා හඬ එන දෙසට පියඹලා ඇවිත්, ගසක උස අත්තකින් ඉඳ ගත්තා . කවුද මෙහෙම කෑ ගහන්නෙ.. වට පිට හොඳින් පරික්ෂා කර බැලුවා .

අහ්.. අන්න ඉන්නවා හරිම ලස්සන දිලිසෙන පිහාටු තියන, ලොකු කුරුල්ලෙක්.

දුවලා පුතාලා දන්නවාද කවුද ඒ කියලා ..

කුරුලු පැටියා දක්කේ ලස්සන පිල් විදහාගෙන ඉන්න මොනරෙක්ව.

කුරුලු පැටියා හෙමින් මොනර රාළ ලඟට කිට්ටු වුණා .

“යාලුවේ .. ඔබ හරිම ලස්සනයි . මේ දිලිසෙන පිහාටු හරිම අලංකාරයී.. මම වගේ කුඩා කුරුල්ලෙක් නෙවෙයි.ඔබ විශාලයි.” කුරුලු පැටියා කිව්වා.

පිල් විදහාගෙන හරිම ආඩම්බරයෙන් ඉන්න මොනර රාළට ඉතින් හරිම සතුටු හිතුනා, පුංචි කුරුලු පැටියගෙ මේ වර්ණනාවට.

“බොහොම ස්තුතියි ඔබ මේ කරපු වර්ණනාවට. ඔබත් හරිම ලස්සන පුංචි කුරුලු පැටියෙක්”. මොනර රාළ කිව්වා.

“ඒත් මට ඔබට වගේ ලස්සන දිලිසෙන පිහාටු නෑනේ.” කුරුලු පැටියා දුකෙන් කිව්වා .

“කුරුලු පැටියො.. අපි හමෝම එක වගේ නෙවෙයි .හැමෝම විවිධාකාරයි. ඒ වගේම අපි හැමෝම විශේෂයී. ලස්සනයි . කුරුලු පැටියාට තියන ලස්සන පුංචි පිහාටු හරිම ලස්සනයි . කුඩා නිසා ඉකමනින් පටු ගස් අතු ඉති මඟින් පියඹා යන්නත් පුලුවන් . ඉතින් ඔබ එයට සතුටු වෙන්න ඕන.

ඒ වගේම ස්තූති වන්ත වෙන්න ඕනා.” මොනර රාළ කුරුලු පැටියාට පැහැදිලිකර දුන්නා .

නැවතත් හමු වෙන පොරොන්දුව පිට කුරුලු පැටියා මොනර රාළට සමු දුන්නා .ඒ වගේම ස්තූති කලා .. අපිට තියන, හැම දෙයකටම ස්තූති වන්ත වෙන්න වගේම ඒ ගැන සතුටු වෙන්නත් කියලා දුන්න නිසා.

කුරුලු පැටියා වෙනදාටත් වඩා සතුටෙන් තම කූඩුව වෙත පියඹා ගියා .

මගේ පුංචි දුවලා පුතාලාත් තම තමන්ගෙ පෙනුම ,හැකයාවන් සහ තමන් ගැන සතුටු වෙන්න. අපි හැම දෙනෙක්ම හරිම විශේෂයී .අපට නැති දෙයට වඩා අපිට තිබෙන දෙයට ස්තූති වන්ත වෙන්න පුරුදු වෙමු, නේද දරුවනේ.

නැවතත් අලුත් කතවක් එක්ක ඔයාලා හමු වෙන්න එනකම් සතුටින් ඉන්න .

තිලෝෂි ප්‍රනාන්දු .

සඳ කිරණ විඳිමී….

සඳ කිරණ විඳිමී….

සාවුන් ගැන සොයන්නට නොයමි

ආවාට දැක සිත

රිදව ගන්නට නොහැකියි…..

මලේ රුව විඳිමී…

නටුව ගැන සොයන්නට නොයමි

විස පිරුණු කටුව

දකින්නට නොහැකියි….

ගඟ සිසිල විඳිමී…

ගලන ඉම සොයන්නට නොයමි

අයිතිය මුහුදට බව

සිතන්නට නොහැකියි…

නුඹට පෙම් කරමී…

නුඹේ තතු සොයන්නට නොයමි

හිත රිදෙන දේ ගැන

අසන්නට නොහැකියි…

සුරේඛා 

තවත් එක් වතාවක් හැකිනම්

නුඹව දැකගන්නට

නුඹ සතුටින් දැයි අහන්නට

නැහීගෙන දොඩමළු වූ කාලයේ මෙන්

හිඳ සුපුරුදු විලසට

සිහිකරමින්  අප පෙර සොඳුරු මතකයන්

තනිවෙන්න නිමේෂයකට

අපිට අපි අහිමි වූ තැන හිද

ආසයි  එකම එක වරක්වත් තව

දැකගන්න ඔය ඇස් දෙක

පෙර ලෙසට කතාවක් නැතුවම

බලා සිටින්නට නුඹේ රැව දෙස

ඒ මෘදු හැගුම් ළඟ නවතින්න වරම් නැති තැන

වෙන් උනත් අපි කලකට පෙර

ගෙව්නේ කාලය පමණක් මිසක

මා හදවතේ හැගුම් නොවන බව

අවැසිය නුඹට කියන්නට

සැබවින්ම

නුඹේ සුසුම් ළඟ දැවටෙමින් මට

නිශා

මහ පාරේ විලාපය

ජැකට්ටුව දා උදෑනක්කෙම

බක්කියක් දෑතින් කරකවා

කොළඹ හතෙ සිරි බලාගෙන

රම්‍යා පාරට වඩිනවා

බඩත් උස්සන් ඉදල අරගෙන

මහ පාර අතු පතු ගානවා

ඉණට අත තිය නතරවීගෙන

උඩට ඇද හති අරිනවා

සති දෙකයි තව ඇඟිලි ගැනගෙන

ජැකට් යට බඩ පිරිමැදා

දවසෙ ගතමන අද සොයාගෙන

යනවා පමුණුවෙ සළු බලා

එදත් සිනහවෙන් හති දමාගෙන

ආ සැණින් නුඹ ගැන කියා

අමාරුවෙන් ඈ හඬාගෙන

වැතිරුනෙ මහ පාරේ දිගා

පාර මැද්දෙ අපි අත් විදාගෙන

වාහනයක් නවත්තනු සිතා

වේගෙ අඩුකර ෆෝටෝ අරගෙන

පිම්මෙ ගියෙ හෝනුත් ගසා

සරණ නෑ බක්කියට දමාගෙන

සිව්දෙනක් තල්ලුවෙ වෙර දමා

කියද්දිත් එයි හිරිගඩු පිපීගෙන

ලේ උතුරනවා බක්කිය පුරා

හඬ ඇසුණි නුඹ අත් ඔසවගෙන

මගේ දෑතිනි පෙකිණිය කපා

අම්මා නුඹෙ හුරු සිනා පාමින

බක්කියෙම ඇගෙ හුස්මත් ගියා

චරියාගේ පන්හිඳ

ස්වභාවික rice water මගීන්  රුව රැක ගනිමු 

දිදුලන කෙස් කළඹකට රහස් පසුගිය ලිපිය සමගින් මම හිසකෙස් රැකගැනීම පිළිබද ඔබත් සමග බොහෝ දේ කතා බහ කල අතර මේ ලිපිය මගින් ඔබට සරලව පහසුවෙන් නිවසේදී Rice water භාවිතා කිරීමෙන්  දිදුලන කෙස් කළඹක් ලබා ගැනීමට කල හැකි සත්කාර කිහපයක් පිළිබද  මෙම ලිපිය තුලින් ඔබත් සමග බෙදාහදා ගැනීමට බලාපොරොත්තු වන්නෙමි.

පළමුව 1/2 cup නොයු සහල් ගෙන එය හොදින් සෝදා පිරිසුදු සහල් සදහා වතුර cup දෙකක් දමා පැය 24 ක කාලයක් කාමර උෂ්ණත්වයේ පෙගෙන්නට හැර පිරිසුදු කරන ලද Spray bottle එකක් ගෙන එයට දමා භාවිතයට ගන්නා තුරු ශීතකරණයේ තබන්න .

හිසකෙස් වර්දනයට 

ඔබගේ හිසකෙස් වර්දනයට ඉතාම වැදගත් විටමින් B,C,E  සහ ඉතා ඉක්මනින්  හිසකෙස් වර්දනය සදහා උපකාරී වන amino acids Rice water වල අඩංගු වන අතර ස්වභවික Rice water බාවිත කිරීම මගින් සුන්දර  කෙස් කලබක් ලබාගැනීමට හැකිවේ .

නිරෝගිමත් හිස්කබලක් සදහා Rice water 

ඔබ හිසකෙස් පිරිසුදු කිරීමේදී නිරෝගිමත් කළඹක්‌ ලබා ගැනීම සදහා ඔබගේ හිසකෙස් පළමුව shampoo දමා හොදින් පිරිසුදු කරගැනීමෙන් පසු rice water ගෙන හොදින් හිස්කබලේ සහ හිසකෙස් වල ගල්ව  විනාඩි  20ක්  පමන තබා සිතල ජලය මගින් සෝදා හරින්න .මෙම ස්වභාවික ප්‍රතිකාරය ඔබට දිනපතා මෙන්ම සතිපතා කල හැකිවන අතර  මෙමගින් ඔබට දිදුලන දීප්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමට හැකිවනු නොවනුමානයි .

Repair hair damege

රාත්‍රී  නින්දට යාමට පෙර spry bottle එකක් භාවිතා කර ගනිමින්  හිස් කබල සහ හිසකෙස් සදහා  rice water හොදින් spry කරගැනීම මගීන්  ඔබගේ damege වූ හිසකෙස් නැවතත් යතා තත්වයට පත් කරගැනීමට rice water තුල ඇති ගුණාත්මකබව ඉවහල් වනුඇත .

නිරෝගිමත් සමක් 

මුහුණ පිරිසිදු කිරීමේදී පළමුව පිරිසුදු ජලයෙන් මුහුණ  සෝදා ගැනීමෙන් පසු rice water ගෙන හොදින් මුහුණ   සෝදා මුහුනේ උඩු අතට හොදින් සම්බාහනය කරීමෙන් අනතුරුව පිරිසුදු ජලයේ  මුහුණ නැවතත් පිරිසිදු කරීම මගින්  සමෙහි ඇති එල්ලා වැටීම වැළකීමත් සම tigten කිරීමත් සමෙහි ඇති සිදුරු minimiz කරගැනීමට මෙන්ම ඔබගේ සම සුසිනිදු සහ පැහැපත් බවක් ලබාගැනීමට rice water බෙහෙවින් උපකාරී වේ  .

අතුරු ආබාධවලින් තොර ව සහ ඉතා ම අඩු වියදමකින් ඔබට මෙලෙස ස්වාභාවික ප්‍රතිකාර භාවිතයෙන් රුව අලංකාර කරගන්නා ආකාරය තවත් ලිපියකින් රැගෙන එනතුරු ඔබට සුබ දවසක්!

Makeup by sameera 

Bridal and party makeup enquire

07402992944