
ගෙදර හාල් ඇටයක් නෑ..ළමයගේ පංති ගාස්තු ගෙවාගන්න විධියක් නෑ. මොකද්ද මේ ජීවිතේ ? තමුසෙ ඉතින් උඩ බලාගෙන ඉන්නවා..
කෑ ගහන්න එපා උදේ පාන්දර..මොකක් හරි කරන්නම් ඉන්න..( එසේ කියමින් ව්‍යාකූල මනසින් යුතුව රන්සිරි ගෙදරින් පිටත් විය. )
ආහ්..රන්සිරි..උදේම මොකෝ මේ ?
ගෙදරින් බර බරේ බං..බැරිම තැන එළියට බැස්සා..මුකුත් වාසියක් නැද්ද බං ?
මොන වාසිද බං ? අපේ ගෙදරත් ඕකම තමයි..කණක් ඇහිලා ඉන්න බෑ..
මෙහෙම ගියොත් පාරට බහින්න තමයි වෙන්නේ බං..
මේ ඒක නෙවෙයි, අර වංගුවේ ගෙදරට අළුතෙන් කට්ටියක් ඇවිල්ලා..( බෝක්කුව උඩ සිට කුරුඳු දණ්ඩකින් දත් වහල්ල මදිමින් සිටි ගජනායක කීවේය. )
ඇත්තද ?
ඔව්..දැන් මාසයක් විතර වෙනවා..
පේන්න ගෑනු දෙන්නෙක් විතරයි ඉන්නේ..
එහෙමද ? උඹ කොහොමද දන්නේ ? ( රන්සිරි කුතුහලයෙන් මෙන් ඇසුවේය. )
මම දන්න මගුලක් නෑ බං..ඔය ටික කිව්වෙත් අපේ ගෑනි..සල්ලි බාගෙ එහෙම තියෙනවලු..සුදු පාට ලොකු වාහනයක් දවසගානේ එනවලු ගෙදරට..ගෙදර ලොකු ගෑනු ළමයා බලන්න වෙන්න ඇති..ලස්සන කෙල්ල..පාරේ යන ඕනම කෙනෙක් එක්ක හිනාවෙනවා..සිරියාවන්ත කෙල්ල..
අම්මද බොල..උඹේ ගෑනි ජාතකේම දැනගෙනනේ..
උන්ට වෙන වැඩක් නෑනේ බං..හ් හ් හා..
ඒක ඇත්ත.. ( රන්සිරිගේ සිතේ සල්ලි බාගෙ තියෙනවා කියූ කතාව සහ ගෙදර ඉන්නේ ගෑනු දෙන්නෙක් විතරක් යන කතාව පලපැදියම් විය. )
එදා මොරසූරන වැසි දවසක්..කළු පැහැති ඇඳුමකින් සැරසුණු රන්සිරි කළු පාටින්ම රෙදි කඩක්ද රැගෙන පාන්දර 2.30ට පමණ ගෙදරින් පිටවිය. රන්සිරිගේ බිරිඳ සහ පුතා තද නින්දේ පසුවිය. විටින් විට දැල්වූ ටෝච් එළියේ ආධාරයෙන් රන්සිරි පෙර කී වංඟුවෙ ගෙදරට සේන්ඳු විය.
පිළිකන්න පැත්තෙන් ගෙදරට ගොඩ වෙන්න පුළුවන්ද කියලා බලන්න ඕන ( රන්සිරි සිතන්නට විය. )
තිත්ත කළුවරත්, මහ වරුසාවත් ගෙයක් බිඳින්නටම කියාපු වෙලාවක් සහ අහල පහල කිසිවෙකුට කිසිම සද්දයක් නොඇසෙන නිසාවෙන් රැගෙන ආ රෙදි කඩෙන් මුව බැඳගත් රන්සිරි පිළිකන්නේ දොරට ගැසූ පා පහරින් එතරම්ම ශක්තිමත්ව සකසා නොතිබූ දොර විවර විය.
ඈහ්..තවත් දොරක්..රන්සිරි විස්මිත විය.
තාවකාලිකව ඉදිකර තිබූ කුස්සිය ගෙදරට සම්බන්ධ කර තනා තිබූ නිසා එම කුස්සියෙන් ඇතුළත් වූ අයෙකු තවත් දොරක් විවර කරගෙන ගෘහයට ඇතුළත් විය යුතුය.
මේක නම් අරින එක ලේසි නෑ..වහලේ උළු දෙක තුනක් බාගැනීම නුවණට හුරු යැයි සිතා කුස්සියේ දුම් කවුළුව දිගේ උඩට යෑමට තැත් කරනවාත් සමඟම..
ක්‍රෑස්…ක්‍රෑස්… දොර විවර වන ශබ්දය රන්සිරිට ඇසිණි.
ලලයි ලිලයි ලයි..සිසිලයි..සුළඟයි..ලලයි ලිලයි ලයි සිසිළයි..සුළඟයි..
මේ රෑ දෙගොඩහරියේ සින්ඳු මුමුණන්නේ කවුද යකෝ ? ඒකත් ගෑනු කෙනෙක්..( රන්සිරි දුම් කවුළුවේ බිත්ති හතරේ නිසොල්මන්ව රැඳී සිටිමින් ඇහුම්කන් දුන්නේය..)
දුහුල් සළුවකින් සැරසී සිටි ඉටි රූපයක් බඳු ලලනාවකගේ ඡායාව ජනේලය මතින් වැටෙන හඳ එළිය තුළින් රන්සිරි දුටුවේය. ඇය හරිම සැහැල්ලු මනසකින් සිටින වගද පෙනෙන්නට විය.
කූල් පෙට්ටිය ඇර ජෑම් බෝතලයක් සහ පෙති කපන ලද පාන් ගෙඩියක් ගත් ඈ පාන් පෙති දෙකක ජෑම් තවරනු රන්සිරි බලා සිටියේය. ඒ සමඟම..
ස්‍රාස්..දඩං…#%***€€£|%]£]£!\££**..
දුම් කවුළුවේ අසීරුවෙන් රැඳී සිටි රන්සිරි එකවරම රූටාගෙන වැටිණ. හට්ටි මුට්ටි පෙරළගෙන බිමටම ඇද වැටුණි..
හ් හ් හා..හ් හා හා….හ් හ් හා හා.. මහ හයියෙන් සිනාවකි..
රන්සිරිට සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකි විය. වැටුණ එකටත් වඩා හිනාව ගැනය.
මම දැනගත්තා එයි කියලා..නරක සොරා..
මො..මො..මොකද්ද නෝනා..?
නෝනා නෙවෙයි අනේ මම ඔයාගේ ශෝනා..
පිටිපස්සෙන් ආවේ ඇයි අනේ ඉස්සරහෙන් එන්න තිබ්බනේ..ලැජ්ජයි නේ ? මමී ඉන්න නිසා..මම මමීට කිව්වා ඔයා කොයි වෙලාවේ හරි එනවා කියලා.
හෑ..මො..මො..ම..මම..මම එනවා කියලා..?
( වඳින්න ගිය දේවාලේ ඉහේ කඩං වැටුණාක් මෙන් රන්සිරිට හැඟෙන්නට විය. )
ඔව් අනේ..හරි හරි එන්න මම ඔයාට ජෑම් එක්ක පාන් කවන්නම්..
ඔයා ස්ට්‍රෝබෙරි ජෑම් කන්න ආසයිනේ..මම දන්නවා..
මම..මේ..මේ..මම..( මොන ජෑමක්ද හත්තිලව්වේ..අපි කන හැටි ලිපා දනී.. රන්සිරි තමාටම කියාගත්තේය..)
මෙන්න මෙහෙ එනවා නරක සොරා..( බිම වැතිර හිඳගෙන සිටි ශෝනා හිල් කරන ලද පොල් කට්ටකින් පොඩි එකෙකුව හරහට දා නාවන්නාක් මෙන් රන්සිරිව තමා වෙත ඇද හිස උකුළෙහි හොවාගෙන ජෑම් තැවරූ පාන් පෙත්තක් කවන්නට වූවාය.
රන්සිරිට බිව් රන් කිරි සිහි විය. ජෑම් සමග පාන් කනවාට වඩා රන්සිරිට ඇගේ දුහුල් සළුවේ සුසුනිඳු බව දැනෙන්නට විය. මොර සූරන වැස්සක, තිත්ත කළුවරක, හඳ එළියක, හිරි ගඩු පිපෙන සීතලක, සුන්දර ලඳකගේ ඔඩොක්කුවේ හිස තබාගෙන ස්ට්‍රෝබෙරි ජෑම් තැවරූ පාන් කෑල්ලක් කන්න ලැබෙන එක සොරකම් කර ලැබෙන සොච්චමට වඩා කෙතරම් අගනේද යන්න රන්සිරිගේ යටි හිත කියයි.
තව ඕනද වස්තුවේ ?
ආහ්…ආහ්.. හා හා තව කෑල්ලක් කමු එහෙනම්..
අන්න මගේ හොඳම නරක සොරා.. ඉන්න මම ජෑම් ගාන්නම්..
පසුදා උදෑසන..
රන්සිරියා අද මොකද නැත්තේ..? ( ගජනායක මුමුණන්නට විය..)
අපි යමු උගෙ ගෙවල් පැත්තට..
ඔව් යමු..
රන්සිරි…රන්සිරි..
ආහ්හ්.. එයා නිදි.. ඉන්න මම ඇහැරවන්නම්..
ආහ්..ගජේ..මොකද මේ ? රන්සිරි එළියට විත්..
නෑ ඉතින් උඹ අද ඒ පැත්තට ආවේ නැති නිසා අපි ආවේ..මොකෝ ඔය මූණේ දැලි ගෑවිලා..?
දැලි..? ( ක්ෂණයෙන් මුහුණ පිසදා ගනිමින්..) නෑ නෑ ඊයේ නින්ද ගියේ නෑ බං..එළිවෙන ජාමේ තමයි නින්ද ගියේ..
මේ ඒක නෙවෙයි…අද පාන්දර එක විජ්ජුම්බරයයි අර වංඟුවෙ ගෙදර..
ඈහ්…ඇයි මොකද ?
අපේ ගෑනි ඉතින් ඇහැ ගහගෙනනේ ඉන්නේ ඒ පැත්ත දිහා..
රන්සිරි ඇස් ලොකු කරගෙන කෙළ ගිල්ලේය.
මො..මොකද වෙලා තියෙන්නේ ?
ඊයේ ඒ ගෙදරට හොරෙක් පැනලා..
හො..හො..හොරෙක් ?
ඔව් ඔව් හොරෙක්..
ඉ..ඉ..ඉතිං ?
ඒ ගෙදර ලොකු කෙල්ල..අර මං කිව්වේ සීදේවි කෙල්ල..
ඔව් ඔව් මං දන්නවා ( එකවරම රන්සිරිට කියැවිණ..)
උඹ දන්නවද ?
නෑ නෑ මම දන්නේ නෑ..උඹනෙ එදා මට කිව්වේ..
ආහ් ඔව් ඔව්.. ඒ කෙල්ලට ඔල්මාදෙලු..අර සුදු වාහනයක් නිතරම එන්නේ දොස්තර මහත්තයෙක් ඇවිත් බෙහෙත් කරනවලු. අද පාන්දර ඔල්මාදෙ හොඳටම තද වෙලාලු.. නරක සොරා මට ඕන..නරක සොරා මට ඕන කිය කිය බෙරිහන් දෙනවලු.. වත්ත වටේ දුවනවලු.. එහා ගමටත් දුවලා අද උදේ..මේ පැත්තටත් එන්න බැරි නෑ..
ඈහ්..මේ පැත්තට ? ගජේ මට හරි නිදි මතයි..හවස හම්බවෙමුද ?
ආහ්..හරි හරි..අරකි මේ පැත්තට ආවොත් කෝල් එකක් ගහපන් හරිද ?
ආහ් හරි හරි..මම කියන්නම්..
මේ රන්සිරි හොඳම එක කියන්න බැරි වුණානේ..
මොකද්ද ?
අර ආපු හොරා ඒකිත් එක්ක ජෑමුයි පානුයි කාලා ගිහින් තියෙන්නේ..
චරියාගේ පන්හිඳ
කොහොමද වලට ඉතින් හුඟ දවසකින් හම්බුන නිසා අද අපි කතා කරන්න හිතුවා සමාජයේ පොදු ක්‍රියාවන් අපි සිත කරන කොට අපිට සිද්ධ වෙනවා පාවිච්චි කරන්න විවිධ ක්‍රම එහෙම නැත්නම් strategies ,ඉතින් මෙන්න මේ strategies ටිකක් අද ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මම ඉන්නෙ ගොඩක් වෙලාවට මෙතනදී සිකුරුටි සම්බන්ධ කාරණා සහ ඔයාලගේ privacy එක ගැන ගොඩක්ම හිතලයි මං මේ කරුණු කාරණා ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ.
හරි ඉතින් මෙතනදි සඳහන් කරන සමහර කරුණු නිසා කිසිම ඇප් එකක් වත් කිසිම ආයතනයක් වත් මම ප්‍රමෝට් කරන එක නෙමේ මේ කරන්නේ මෙතනදි මම ඔයාලත් එක්ක බෙදා ගන්න බෙදා ගන්නේ මගේ prrsonal අත්දැකීම් සහ මම ඒ ඒ අවස්ථාවල දී පාවිච්චි කරන විවිධ ක්‍රම .
මුලින්ම අපි බලමු අපි ගොඩක්ම පාවිච්චි කරන පාවිච්චි කරන චැට් කරන්න එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා හරහා තව කෙනෙක්ට කතා කරන්න පාවිච්චි කරන apps මොනාද කියල.අපි හැමෝම අතර ජනප්‍රිය කීපයක් තියෙනවා imo, viber, whatsapp ඉතින් මේ විදියට තවත් ගොඩක් තිබුනත් අපි ප්‍රධාන වශයෙන් හැමෝම භාවිත කරන ලංකා ප්‍රසිද්ධ මෙය 3 ගැන කතා කරමු .රිතික් සිකුරුටි අතින් බැලුවොත් ඉමු කියන ඇප් එක ෆෝන් දෙකක එකවර එකම මොහොතේ එකම එකවුන්ට් එක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේක එක්තරා විදියක අවාසියක්.ඒ වගේම තමයි වට්ස්ඇප් සහ වයිබර් කියන ඇප් එක ගොඩක් අය පාවිච්චි කරණවා.මේ දෙකේම secutity එක ටිකක් වැඩියි ඒ අතින් වැඩිම security එකක් තියෙන්නෙ Viber app එකට ඉතින් ඔයාට පුළුවන් මේකේ තියෙන secret chat කියන option එක use කරලා files ,photos,messages හැමදෙයක්ම යවන්න පුළුවන් වගේම හැම දෙයකම රහස්‍ය භාවය රැකෙනවා..ඉතින් ඔයාලටත් පුළුවන් මේ ක්‍රමේ try කරලා බලන්න.
ඔයාලා දන්නෙ නැති භාෂාවක ලියකියවිල්ලක් හෝ යම් දෙයක් හම්බුනොත් අපි උදාහරණයකට කියමු අපි අලුතෙන් මිලදී ගන්නවා නිවසට අලුත් විදුලි උපකරණයක් හෝ විදෙස් රටකින් කුමන හෝ දෙයක් ගත්තොත් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කළත් වෙනත් භාෂාවකින් යමක් තිබුනොත් එය අපට කියවීමට හෝ තේරුම් ගැනීමට නොහැකිය.ඒ වගේ වෙලාවට ඔයාලට ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි google lens කියන ඇප් එක පාවිච්චි කරලා ඔයාලට සජීවීව යම් කිසි වස්තුවක් මත මුද්‍රණය කරලා තියෙන ඕනම දැනට ලෝකයේ සම්මත පිළිගත් ඕනෑම භාෂාවක් ඔයාලට කැමති භාෂාවක් විදියට පරිවර්තනය කරන්න පුළුවන්.
ඉතින් මේ වගේ එදිනෙදා ජීවිතයේදී තවත් භාවිතා කරන්න පුලුවන් පුංචි උපක්‍රමයක් තමයි හදිසියෙවත් ඔයාලගෙ ෆෝන් එකක් අස්ථාන ගත උනොත් ඒ කීවේ නැති උනොතින් හොයාගන්න ටිකක් සම්භාවිතාවක් තියෙන ක්‍රමයක්.ඔයාලා දන්නවද find me කියන option එක ඇත්තටම මේක app එකක් විදියටත් තියෙනවා.හැබැයි ඔයාලා මේක කලින් ඔයාලගෙ gmail එකකින් ලොග් වෙලා බලන්න ඒකට access දෙන්න සහ ඔයාලගෙ දුරකතනයේ location සහ mobile data හෝ wifi යන Option දෙක අනිවාර්‍යෙන්ම ක්‍රියාත්මක කර තැබිය යුතුමයි.තවද ඔබගේ දුරකතනයේ මේ settings වෙනත් පුද්ගලයෙකුට ක්‍රියා විරහිත කිරීම හෝ ඒ setting වලට acccess වීම වැලැක්වීමට දුරකතනයට Lock එකක් දමා තිබිය යුතුමයි සහ එම lock එක තිබියදී අර settings වලට access වීමේ හැකියාව නැති විය යුතුමයි .ඉතිං මේ අය පහසුකම් ටික ඔබ සපුරා තිබේ නම් හදිසියේ ඔබ අතින් ඔබගේ දුරකථනය නැති වූ අවස්ථාවකදී හෝ අස්ථානගත වූ අවස්ථාවකදී ඔබට වෙනත් දුරකථනයක් භාවිතයෙන් ඔබගේ gmail එක තුළට තුළට ඇතුළු වී මෙම app එක හරහා ඔබගේ දුරකථනය තිබෙන තැන එහි තිබෙන දත්ත මකා දැමීම හා එයින් ශබ්දයක් නිකුත් කිරීම එහෙමත් නැත්නම් එයින් music එකක් වැනි දෙයක් නිකුත් කිරීම කළ හැකියි.
ඉතින් ඔන්න අද අපි විවිධ ක්‍රම තුනක් අරගෙන ආවා ඔයාලටඉතිං ඔය වෙනසකටත් එක්ක හිතුව මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ඔයාලට අරගෙන එන මොකද අපි සමහර වෙලාවට හිතන්නේ නැති පැති වලින් අපිටදැනුම අවශ්‍ය වෙනවා ඉතින් මම හිතුවා මින් ඉදිරියට මේ වගේ පුංචි පුංචි ටෙක්ස් සහ තවත් ඔයාට උවමනා කරන අවශ්‍යම දේවල් අරගෙනඔයාලා අත 4ක් එන්න ඉතින් අතට අපේ ලිපිය අවසන් වෙනවා ඉතින් මේ වගේ තවත් ලිපියක් අරගෙන ලබන මාසේ ඔයාලට එන්න මම බලාපොරොත්තු වෙනවා .
P.K.D.Manujaya
(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )
076 2209299
අවසාන කොටස.
මම ජීවත් වුනේ පුදුමාකාර නිදහසකින්. ඒ නිදහස ගෙවුනු අවුරුද්දක කාලයකදි නැත්තටම නැති වෙලා ගියේ මගේ හිතුවක්කාරකම් නිසාද නැත්නම් ඕනෑවටත් වඩා තිමිරට අවනත වුනු නිසාද කියන්න මම තාමත් දන්නෙ නෑ.
‘බලපන්, දිනූශා අක්කයි තිමිරයි ඉන්න විදිය. උන් දෙන්නා ඉන්න හැටි දැක්කම බදින්න ආස හිතෙනවා..
‘කෝ..කෝ කොහෙද ඉන්නේ?
‘අර අතන කොනේ.. දෙන්නා මොනවදෝ කකා මයිලෝ බොනවා.. එහෙම තමා ඉන්න ඕනි..
මගේ මිතුරියක වුනු සචිනි තිමිරත් දිනූශාත් දිහා බලාගෙන කියද්දී ඒ පැත්ත නොබලා ඉන්න, ඒ ගැන දැනෙන වේදනාව යටපත් කරගන්න මම පුදුම විදියට උත්සහා කලා. ඒත් මගේ ඒ වෙනස සචිනිටත් දැනුනු නිසාද කොහෙද ඇය මගේ අතින් අල්ලා ගත්තේ හරිම ලෙන්ගතුකමින්.
‘ටික දවසක් තිස්සේ මම උඹේ ලොකු වෙනසක් දකිනවා බන්ධනා. තිමිර කියන නම ඇහුනත් උඹ ගැස්සෙනවා. මට ඇත්ත කියපන්. මොකද්ද මේ වෙලා තියෙන්නේ?’
එක හුස්මට සචිනි මගේ ඇස් දිහා බලාගෙන අහද්දි මට හැඬුම් වාවාගන්න බැරි වුනා. එහෙමම අවන්හලෙන් පිටතට දුවගෙන එද්දි මම කාගෙදෝ ඇඟකත් හැප්පුනා. ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න වත් නොඉද මම දුවගෙන ඇවිත් නතර වුනේ බෝඩිම් කාමරයේ. එදා හවස මම හැමදේම සචිනි එක්ක කිව්වා. කාලෙකට පස්සේ කෙනෙක් ඉස්සරහා හිතේ හැටියට ඇඬුවා. මගේ කතාවට සචිනි බාධා කලේවත් බැන්නෙ වත් නෑ. ඒත් අන්තිමට ඇය කිව්ව දෙයින් මම තීරණය කලා මම තව දුරටත් තිමිරගේ අනියම් බිරිඳ භූමිකාවෙන් ඉවත් විය යුතු බව. ඒ වචන ඒ තරමටම මගේ හිතට කතා කලා.
‘දිනූශා අක්කා ප්‍රෙග්නන්ට්… උඹව තිමිර යූස් කරනවා විතරයි. අනික බන්ධනා, කසාද බැඳපු මිනිහෙක් තමන්ගේ ගෑණිව දාලා තව ගෑණියෙක් ළඟට යන්නේ ඒ ගෑණිව හොර ගෑණි විදියට තියාගන්න මිසක් ආදරේට නෙවෙයි. උඹම හිතලා බලපන්. එච්චර උඹට ආදරෙයි නම් දිනූශාට කොහොමද බබාල හම්බවෙන්නේ? ආදරේ කියන්නෙ ඇස් මානේ තියාගෙන පරිස්සම් කරන දෙයක්.. උඹට ඒ විදියේ ආදරයක් ලැබුනු කාලෙක තේරෙයි. අනික, නිකමට හිතපන්. උඹ තිමිරව බැඳලා දිනූශා තුන්වෙනියෙක් වෙනවට කැමතිද ආහ්?
එදා සචිනි ඒ ටික කියද්දි මම ඒ වචනයක් ගානේ අහගෙන උන්නේ මට මම ගැනම පිළිකුලක් දැනෙද්දියි. අවුරුද්දක් පුරාවට තිමිරගේ හොර වැඩ වලට මාත් කොටස් කාරයෙක් වුනා නේද කියන හැඟීම මගේ පපුවට තදින්ම දැනෙන්න වුනා. මට නිදහසේ හිතන්න ඉඩ දීලා සචිනි කාමරයෙන් යද්දී මම අවසාන වතාවට තිමිරට ඇමතුමක් ගත්තා.
‘ඔව් කියපන්.. මම මේ ගෙදර..මොකද වෙන්නේ?
මෙච්චර කල් මේ වගේ කතා මට ලොකුවට නොතේරුනත් අද අනියම් බිරිඳක් වීම මොන තරම් පහත්ද කියලා තේරුනේ තිමිරගේ කතාවෙන්. ආයෙත් සචිනිගේ වචන මගේ කන් වල දෝංකාර දෙන්න වුනා..
‘කසාඳ බැදපු පිරිමි තමන්ගෙ ගෑණිව අත් ඇරලා වෙන ගෑනියෙක්ව කසාද බදින්නේ ඒකට සාධාරණ හේතු තිබුනොත් විතරයි. තිමිර කියන්නෙ දිනූශාව කවදාවත් අත අරින කෙනෙක් නෙවෙයි…
…………………………………………..
‘භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා…..’
පෝරු මස්තකයේ ඉදන් මම මගේ අනික් පසින් සිටින රූපය දිහා බලාගෙන උන්නේ හරි ආදරෙයෙන්. අවුරුදු ගානක් තිස්සේ මගේ ආදරය පතාගෙන ආව එරංග මගේ එහා පැත්තෙන් හිටගෙන ඉන්නවා දකිද්දි මට දැනෙන්නෙ පුදුමාකාර ආඩම්බරයක්. මගේ ජීවිතේ සිද්ද වුනු හැමදෙයක්ම අඩුවක් නැතිව දැනගෙනත් එරංගගේ ආදරේ දවසින් දවස වැඩි වුනා මිසක් අඩුවුනේ නෑ. කාලයක් තිමිර සහ දිනූශගෙයි ආදරේ ගැන කතා කරපු අය මමයි එරංගයි ගැන කියද්දි මගේ ඇස් කඳුලින් තෙත් වුනේ මටත් නොදැනීමයි. වැහි පොදේකින් පවා මාව පරිස්සම් කරපු එරංග නතර වුනේ මාව පෝරුවට නග්ගලමයි.
සචිනිගේ වචන වලින් පස්සේ තිමිරව මම මඟ හරින්න පුලුවන් හැම විදියටම මඟ හැරියා. තිමිර සෑහෙන්න උත්සහ කලා මාව මුණගැහෙන්න වගේම එක එක දුරකථන අංක වලින් ඇමතුම් ගන්නත්. ඒත් අන්තිමට එයාටම හති වැටුනා. ඊටපස්සේ මමත් තිමිරත් එකම රෝහලක හැසිරුනේ නන්නාදුනන අය ලෙසිනි.
අතීතය ගැන මට දුකයිද?
ඇත්තටම නෑ. තිමිර ගැන නොතේරෙන්න මම එරංගට කවදාවත් ලං වෙන්නෙ නැති වෙයි. මේ තරම් හොඳ රැකියාවක් කරද්දිත් සමාජයට මම අනියම් බිරිඳක් වෙන්න තිබුනා. කිසිම සතුටක් නැතිව රෑ ගනං අඩපු මට රෑ ගණං හිනා වෙන්න ඉගෙන්නුවේ එරංගයි. ඉතින් මට අතීතය ගැන දුකක් නෑ.
අතීතයේ බර බිමින් තියලා වර්තමානයට ඇවිත් මම ගොඩාක් දවස්. පෝරුවේ චාරිත්‍ර වල අවසානයට ලන් වෙද්දි මම සෙනඟ අතරින් බැලුවේ සචිනි දිහා. ඒ ඇස් වල තියෙන අව්‍යාජ සතුට දිහා මම බලාගෙන උන්නේ හරි ආදරයෙන්. ඇය නොහිටින්න මගේ ජීවිතේ මේ තරම් සුන්දර නෑ. මගේ දිහා බලාගෙන ඇය මොනවාදෝ කියද්දි මම හිනා වුනා. ඒත් එක්කම එරංග මගේ අතින් අල්ලා ගත්තා.
‘පිස්සි, කොයි ලෝකේ ඉන්නවද මන්දා. දැන් පෝරුවෙන් බහිමු. මේක උඩම ඉන්නද කල්පනාව?
‘ඔයා ඉන්නවා නම් කොහේ හිටියත් එකයි මට ‘
එරංගට ලං වෙලා එහෙම කිව්ව මම පෝරුමස්තකයෙන් බැස්සෙ මුළු ජීවිතයම මින් මතුවට අපි වෙනුවෙන් කැපවෙන බවට පොරොන්දුවෙමින්.
අවසානයි.
තක්ෂිලා ඒකනායක.
මේ හැම අහඹු තප්පරයකම මට නුඹව මතක්වෙන බව.
මට මගේ කියන්නට තිබෙනා හැම සිතුවිල්ලකම නුඹ ඉන්න බව,
කවදාවත් එක් කළ නොහැකි අපේ දෛවයේ මම ආසම දවස් කිහිපය ගෙවුණේ නුඹ එක්ක බව
අතින්වත් නොඇල්ලූ ආදරණීය මොහොතවල් ගෙව්නේ නුඹ එක්ක බව,
හිතෙන්, මනසින් බන්ධනය වුණු අපූරු හැඟුම් කෝටියක් පපුවෙ දරාගෙන නුඹ එක්ක බව,
මන් ආසයි
හැම සුළගකටම නුඹ ගැන රහස් කියන්න,
මම නැතත් නුඹ ඉන්න තැනකට ඇවිත් මගේ ආදරේ කියන්න කියලා ඉල්ලන්න.
මේක හරි පිස්සුවක්
හැබෑවටම විකාරයක් වෙලාවකට ,
මිනිස්සු කියාවි දහසකුත් කතන්දර, අපේ හමුවීමට, අපේ වෙන්වීමට අරුත් දේවි,
ඒත් අපි ගැන, අපි තරම් වෙන කවුරුනම් දැනගන්නද,
මතකද දවසක් කිව්ව නුඹ වෙන් වුණොත් අපි කවදහරි හදිසියෙම, හේතුවක් කියාගන්නවත් බැරිව,
නුඹටමන් ඉතිරිකර යන වග,
මගේ හිතේ හැම මතකයක්ම නිදන්කර
ඔව්,
මේ තරම් කාලයක් ගෙවිලත්,තවමත් නුඹ මගෙ හදවතේ හිටපු තැනම එහෙමම
මන් දන්නෙ නෑ කවද කොහොම නුඹව අමතක කරන්නද ,
මන් තාම දන්නෙ නෑ
ප්‍රේමනීය වෙන්වීම් කියන්නේ මේ වගේ වෙන්වෙලත් හිතේ තියාගෙන විදවන එකටද නිශූ
අද අපි කතා කරන්න යන්නෙ ඔයාලා ලගම තියෙන ඔයාලා නොදන්න තවත් එක Google Service එකක් ගැන ඔයාලට කියලා දෙන්න.ඔයාලගෙ ජීවිත තවත් පහසු කරන්න තවත් එක තාක්ෂණික ලිපියක් ඔබ වෙත ගෙන එන්න තමයි අද මම ආවේ.
අද අපි කතා කරන්න යන්නෙ Google Lens කියන ඔයාලගෙ Camera එක access කරලා දෙන තවත් Google service එකක් සම්බන්ධවයි.
Search What You See – ඔබ දකින දේ සොයන්න කියන තේමා පාඨය යටතේ තමයි මේ Service එක එන්නේ.ඔබ අවට ඇති දේ වෙනස්ම ආකාරයකින් දැකීමට මෙම සේවාව මහත් උපකාරී වනු ඇත. මෙය මගින්,

1. Text Scan කිරීම සහ ඒවා Translate කිරීමට හැකි වේ
Real Time එහෙමත් නැත්නම් ඔබ ඒ දෙස බලන මොහොතේම ඔබට අවශ්‍ය text එකක් ඕනෑම භාෂාවකින් පරිවර්තනය කර බලා ගත හැකි වේ තවද, වචන Translate කරගැනීමට , විවිද events ඔබගේ calander එකට ඇතුලත් කිරීමට ,දුරකතන අංකයකට කතා කිරීමට, හෝ එහි ඇති දේ Copy කරගැනීමටද හැකි වේ.
2. Find A Look you like මෙහිදී ඔබ දකින ඕනෑම වස්තුවකට සමාන වස්තුවක Online sale දමා ඇති තැනක මිල වැනි දෑ ඔබට එම මොහොතේම බලාගත හැකි අතර මේ සදහා ඇදුම්, ගෘහභාණ්ඩ ,නිවෙස් අලංකරණ ආදිය ඇතුලත් වේ.

3. Copy and paste text to your Computer
ඔබ දකින ලිපියක හෝ කුමන හෝ තැනක ඇති අකුරු කිහිපයක් හෝ වචන දලින් සෑදුනු කිහිපයක් Scan කර එය ඔබගේ පරිඝනකයේ ඇති document එකක් තුලට ඇතුලත් කරගැනීමෙ හැකියාවක් පවතී.

4. Identify Plants and animals
ඔබ අසල ඇති ශාකයක හෝ සත්වය්කු හදුනාගැනීමට හා විස්තර දැන ගැනීමට මෙම ක්‍රමය භාවිත කළ හැක.
5. Step by step homework help
ඔබගේ පාසලේ හෝ ඉගෙනුම් කටයුතු කරණ ස්ථානයේ ඉතිහාසය ,ගණිතය, ජීව විද්‍යාව ,රසායන විද්‍යාව ,භෞතික විද්‍යාවේ එන ගැටලු විස්තරාත්මකව පියවර සහිතව විසදා දීමට මෙයින් ඔබට උපකාර කරයි. ඉතින් මේ වගේ ඉතාම ලෙහෙසියෙන් වැඩ ගන්න පුළුවන් servece එකක් Google එකෙන් අපිට දීලා තියෙනවා කියලා ඔයාලත් දැනන් හිටියද.ඔන්න ඔයාලට අද try කරලා බලන්න අලුත් මාතෘකාවක් තියෙනවා..ඉතින් අදට අපේ ලිපියෙන් මම සමුගන්නවා.තවත් මේ වගේම වටිනා ලිපියක් සමගින් ඊලග කලාපයේදීත් හමුවෙමු.

P.K.D.Manujaya
(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )
076 2209299
සහලෝලා උණ හැදිලා වෙව්ලගෙන
හිටියා මා කාමරේට වී ඉවසගෙන
ඇඳ උන්න සරමත් බාගෙට එල්ලගෙන
ඉස්පිරිතාලෙට ගියේ පිය මා උස්සගෙන
ප්‍රයිවට්ද පුතේ යන්නේ පියා ඇසුව සැණින්
ඔව් තාත්තේ යැයි කියවුණි අසුරු සැණින්
තාත්තත් අනේ විතවුට් එනි හෙසිටේශන්
එක්කන් ගියා මා ඇතුළට තුරුළු කරන්
යුහුසුළුව වැඩ කරනා සේවකයන්
ඒ මේ අත මන බඳනා සුදු හෙදියන්
මාත් ඉතින් දත් තිස්දෙක එළියෙ දමන්
හිනාවුණා රෙදි කඩකින් ඔළුව වහන්
අඩ සුදු වතෙන් සැරසුනු මනරම් හෙදියක්
ආවා මවෙත වනමින් ඇගෙ කෙස් කළඹක්
මොකද වුණේ යැයි ඇහුවා නැමිලා මදක්
දැන් නම් මෙමෙට නෑ මෙලොවේ සිහියක්
රෙදි කඩ ඉවතලා මගෙ නළලට අත තියලා
උණ කටුව ගෙන සොලවා කට තුළ ඔබලා
දෙනෙත් තවම නැත මා නම් ඉවතට යොමලා
දියෙන් කිර වෙන් කරනට මා සටනේ යෙදිලා
මුහුණ නොවේ වෙනතක මා බලනයුරු
ඇයටත් ඒක වැටහීගෙන එන අයුරු
ලොව නැති කවි ගී මුවගට එයි මියුරු
උණ වැඩිවෙලා වාගේ දැන් මට වියරු
ඕකට හොඳ බෙහෙතක් ඇතැයි කියා
ඇය දොර වහගෙන එළියට යන්න ගියා
එන පොට එතරම් හොඳ නොවන නියා
හිටියා ඇඳේ ගුලිවී ඇස්දෙකම පියා
අවා තට්ටු කර ඇතුළට පිරිමි මිසී
කොහොමද පුතා යැයි එකවරම ඇසී
ඇසුවා මා කොහෙදැයි පෙර ආපු මිසී
කිව්වා එයා නම් දැන් ගොඩක් බිසී
දහදිය දැම්මා සේ එකවර මාගේ ගතේ
සොඳුරු හීන බොඳ විය ඒ නැගුන හිතේ
පියා මගේ ලං වී අත තියලා හිසේ
ඇහුවා කොඳුරලා “දැන් සනීපයිද පුතේ?”
පියමනින විට
තේජසින් නුඹ
එලු රතු පාවඩ දිගේ….
ගියා අවසන්
ගමන් පෙම නුඹ
එලූ සුදු පාවඩ දිගේ…..
නුඹ ගමන් මග
සැලෙන විට මල්
පිපී හිනැහී රන් රුවේ…
හැඬූවා මල්
ප්‍රේම මළගමෙ
සොවින් බිම වැතිරී ඔහේ….
කිත් වැනුම් නුඹෙ
දෙසවන්ද බිහිරිව
කරන කල ඝෝෂා රැසේ…
ගියා නෑසී
මළගමේ දුක්
සුසුම් නුඹ හට එම කලේ…
පා නැගූ දා
ඉසුරු ලොවකට
සියල් හැරදා සිතු ලෙසේ…
හැරීවත් නුඹ
නොබල හිඳපන්
සොහොන් කොත දෙස ප්‍රේමයේ…
සුරේඛා