Google Travel

කොහොමද ඔයාලට අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත්ම විදියකට හැඩ ගැහෙන ගමන් අලුත් දෙයක් ඉගෙන ගමුද .? ඔන්න වෙනදා වගෙම මම ඔයාලට අලුත් දෙයක් අරගෙන ආවා.අදත් කියලා දෙන්න යන්නෙ ඔයාලා ගොඩක් අය නොදන්න නමුත් ඔයාලට ප්‍රයෝජනවත් වන Google Service එකක් පිලිබදව..

ඉතින් මේ කතාව Google Travel කියන Service එක සහ ඒකේ වැඩ කටයුතු සිද්ද වෙන ආකාරය.

ගොඩක් වෙලාවට ඔයලා trip එකක් යන්න plan කරණ හෝ කරපු කෙනෙක්නම් ඔයාලා Google එකේ ඒකට අදාල විස්තර search කරපු කෙනෙක්නම් සමහර විටක මේ Service එක හමුවෙන්න ඇති.

මේ Google Travel ගැන සරලවම කිව්වොත් පරිශීලකයන්ට සංචාර වෙන් කරවා ගැනීමට, ගමන් මාර්ග කළමනාකරණය කිරීමට ඉඩ සලසන යෙදුමකි.2016 Silicon Valley Giant හිදී මෙය සේවාවක් ලෙස හදුන්වා දෙන ලදී.මීට පෙරදී Google Trip ලෙස අසා තිබුනේත් මෙම service එකමයි.

Google Travel එකෙන් මොනවද කරන්න පුලුවන්.

හොදයි අපි දැන් මෙහි සරල පැහැදිලි කිරීමක් දැන ගත්තනේ.ඉතින් අපි බලමු මෙයින් ඉටු වෙන සේවාවන් මොනවද කියලා..

ඔබ නොසැලකිලිමත් ලෙස Search කරන්නේ නම් හෝ ඔබට යාමට අවශ්‍ය ස්ථානය දැන සිටියත්, Google Travel සමඟින් ගුවන් ගමන් සෙවීම පහසුය. ඔබට ඔබගේ සෙවුමේ සංචාර කොපමණ කාලයක් පැවතිය යුතුද යන්න සැකසීම සමඟින් ඔබට පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය දිනයන් වෙනස් කළ හැක.

ගුවන් ගමන් සොයන විට, ඔබට පරාමිති කිහිපයක් භාවිතා කර ඔබගේ සෙවුම කැමති පරිදි සිදු කළ හැක. මේවාට ඇතුළත් වන්නේ:

1.ඔබ භාවිතා කිරීමට කැමති ගුවන් තොටුපල සම්බන්ධ කිරීම

2.ගමනේ සියලුම ගමන් සඳහා ඔබට ගමන් කිරීමට අවශ්‍ය දවසේ වේලාව

3.ඔබට පියාසර කිරීමට අවශ්‍ය ගුවන් සමාගම්

මේ විතරක් නෙමේ..ඔයාලට ගමන් මලු දීමනාව (baggage allowance) සහ තවත් දේ මත පදනම්ව ගුවන් ගමන් සෙවිය හැක.

ගුවන් ගමන් වලට අමතරව, ඔබට හෝටල්වල මිල ගණන් ද පරීක්ෂා කළ හැකිය. මෙය සිදු කිරීම සඳහා, හෝටල් මිල ගණන් වෙත ගොස් “What you’ll pay” මගින් කළ හැකි වේ..

ඔබේ ආශ්වාදය සදහා සහ විවිධ චාරිකා මත සෙවුම් කළ හැකි වේ.

බොහෝ පුද්ගලයින් සඳහා, ඔවුන්ගේ සංචාරයේ සෑම කොටසක්ම වෙන්කරවා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩා හොඳින් රිසිකරණය කිරීමට උපකාරී වේ. ඔබ මෙම පුද්ගලයන්ගෙන් කෙනෙක් නම්, ඔබගේ සෙවුම් ප්‍රතිඵල ඔබගේ ඉල්ලීම් වලට වඩාත් ගැලපෙන බව සහතික කර ගැනීමට Google Travel ඔබට විකල්ප කිහිපයක් වෙනස් කිරීමට ඉඩ ලබා දෙන බව නිසාම ගැනීමට ඔබ සතුටු වනු ඇත.

ඔබගේ විස්තර එකතු කිරීමේ හැකියාව

ඔබ ඔබගේ සංචාරය සැලසුම් කිරීමට සූදානම් වූ පසු, ඔබට අවසාන ගමන් විස්තරය නිර්මාණය කිරීමට Google Travel භාවිතා කළ හැක. ඔබ නව ගමනක් ආරම්භ කරන විට, ඔබට එයට බොහෝ දේ එකතු කළ හැකිය.ඔබගේ ගුවන් ගමන්වල සිට ඔබ කෑමට කැමති ස්ථාන දක්වා සියලූම විස්තරද එකතු කල හැකියි.

ඔබ Google Travel හරහා ඔබගේ ගුවන් ගමන් සහ නවාතැන් වෙන්කරවා ගන්නේ නම්, ඔබගේ තහවුරු කිරීම් ඔබගේ ගමන් විස්තරයට එකතු වේ.

ඔබගේ සැලසුම් එකතු කිරීමට අමතරව, ඔබගේ ගමනාන්තය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටද ඔබට මෙම කොටස භාවිතා කළ හැක. ඔබ සංචාරය කිරීමට අදහස් කරන වසරේ කාලය සඳහා සාමාන්‍ය උෂ්ණත්වය සමඟින් Google ඔබට නිතර අසන ප්‍රශ්න පෙන්වයි.

නවාතැන් වෙන් කිරීමේ හැකියාව.

ඇත්ත වශයෙන්ම, ඔබට කොහේ හරි සංචාරයක් සැලසුමක් තනිවම කිරීම අපහසු වන නිසාම මේ සේවාව ඉතාමත් පහසුවේ.ගුවන් ගමන් මෙන්ම, ඔබට Google සංචාරක අතුරුමුහුණත හරහා හෝටල් වෙන්කරවා ගත හැක.

හෝටල් සොයන විට, ඔබට ඔබගේ සෙවුම මිල සහ සංචාරයේ කොපමණ පිරිසක් සිටීද යන්න මත පදනම්ව Filter කළ හැක. ඔබ වෙනත් හෝටල් වෙළඳ නාමවලට ​​වඩා කැමති නම්, ඔබට පෙන්වීමට ඔබ කැමති විකල්ප සඳහා පමණක් තෝරාගත හැක.

ඔබට ඔබේ හෝටල් search කිරීම Filter කළ හැකි වෙනත් ක්‍රමවලට ඇතුළත් වන්නේ:

  • දීමනා
  • නොමිලේ Wi-Fi සහ ළමා හිතකාමී වැනි පහසුකම්
  • හෝටලයේ පන්තිය/තරු ශ්‍රේණිගත කිරීම

ඔබට නේවාසිකාගාර සහ ගෙස්ට් හවුස් වෙන්කරවා ගැනීමටද මෙම විශේෂාංගය භාවිතා කළ හැක. ඔබේ නවාතැන් වෙන්කරවා ගැනීම ආරම්භ කිරීමට, ඔබට Hotel එකේ website වෙත යාමට අවශ්‍ය වනු ඇත. ඔබ එහි සිටින විට, ඔබට අවශ්‍ය යැයි හැඟෙන පරිදි කැමති දෙයක් තෝරා ගැනීම කළ හැක.

දේපල බදු ගැනීම.

ඔබ හෝටලයක නවාතැන් ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ නම්, ඔබට Google Travel හරහා පුද්ගලික නිවාඩු කුලී සොයා ගත හැක. ඔබට විකල්ප කිහිපයක් පෙනෙනු ඇත,:

Apartment

Guest House

කුටි(Cottage)

Hotel මෙන්ම ඔබට අවශ්‍ය පහසුකම්, ඔබේ මිල පරාසය සහ තවත් දේ මත පදනම්ව ඔබට තෝරා ගැනීම කළ හැක.

ඉතින් මේ වගේ තවත් විශේෂාංග රාෂියක් මෙම සේවාව ඔස්සේ ඔබට ලබා ගත හැකි අතර තවත් සේවාවන් රැසක් මෙහි ඇත.ඉතින් අදට අපි මෙතනින් සමුගන්නවා..තවත් කොටසක් අරගෙන ආයේ ඉක්මනින්ම හමු වෙනකම් ඔයාලට සුබම සුබ නව වසරක් වේවා..!

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

නුඹ දුටුව දිනයක් මතකේ නැතිය.

නුඹ දුටුව දිනයක් මතකේ නැතිය.

නුඹේ කටහඬ ඇසුනු දිනයක් ඇත්තේ මීට බොහෝ කලකට පෙරය

අහම්බෙන්වත් නුඹ දකිනු කැමැත්තෙන් මා නුඹව සොයනවිට

නුඹ යාන්තම් හෝ දැකීම මාගේ හුස්මත් නතර වන හැගීමකි,

එය සතුටක්ද,රිදුමක්ද,යන්න වෙන්ව හදුනාගැනීමට මා නොදනිමි .

තවත් නුඹේ පපුව තුළ මට  ඉඩක් නොමැති බැව් හොඳාකාරවම මා දනිමි.

එහෙයින් නුඹව සැබවින්ම දැකීමට සිතුණු හිත නවතා දැමුවේ ආයාසයෙනි.

අප එකට ආ මාවතේ හැරවුම මීට බොහෝ කලකට පෙර අපට හමු වුණි.

එය මා ජිවිතයම එක තැනක නතර වන හැරවුමක් යැයි නුඹ සිතන්නට ඇතිදැයි මා නොදනිමි .

මාවත් දෙකක ගියද මා  තවමත්  ගමන් කරන්නේ නුඹේ මතකයන් වලට සමාන්තරවමය.

මන්  නුඹව දකිමි,

නුඹව දරාගමි,

මා දෙනෙත් වසාගන්නා සෑම මොහොතකම නුඹ නිදන්නේ මාගේ පපුව මතය.

මට  තවමත් නුඹේ සුසුම් දැනේ.

මා මියයන දිනයක් වනතුරු  මේ සියල්ල මට හිමිය,

මා දෑස් ඉදිරියේ  ඔබේ ජීවිතයේ ලස්සන සියල්ල සිදු වනු ඇත.

එය දැකීමට ,ආශිර්වාද කිරීමට හදවතේ කිසිදු කිලිටක් නැතිවම මට කළ හැකිය .

එය නුඹ විශ්වාසකළ යුතු සත්‍යකි.

බලා හිඳීමත් යම් විදිහේ ආදරයක් හා සැනසීමක් දනවන දෙයක් යැයි මට සිතේ

මා එසේ කරමි..

නුඹ සමග තනාගත් ඒ ආදරෙයේ  කැදැල්ල තුළ මා ජීවත් වෙමි,

සිනාසෙමි…හඬමි…

දැවෙමි….නිවෙමි….

නුඹ පපුවේ දරාගෙන දිනෙක සැනසිල්ලේ මියයමි.

එදිනටත් මන් නුඹට ආදරේ කරමි.        නිශූ

කුඩම්මා

ආදරණීය ස්නේහා, 

ලිපිය ආමන්ත්‍රණය කර ඇත්තේ එලෙසිනි. මම ඒ අකුරු දෙස බලාගෙන උන්නේ හිස් හැඟීමෙනි. අවුරුදු විස්සක් පුරාවට මගේ හිතේ කිසිදු පැහැදීමක් නොවූ ඒ ගැහැණිය ජීවිතය නැමති රඟමඩලෙන් අද පාන්දර සමුගත්තාය. ඒ ගැන මගේ හිතේ විශේෂ දුකක් නොවුනත් කාලයක් තිස්සේ වූ බරක් ගිලිහීගියා මෙන් දැනුනේ ඇයගේ මරණය මට ආරංචි වූ මොහොතේදීය.

ලිපිය යලිත් මම දෙකට නැවූයෙමි.හිතට දුකක් නොදැනෙන්නේ ගෙවුනු කාලය පුරාවටම මා ඇයට වෛර කල නිසාදෝ යැයි නොදනිමි. මොහොතකට මම මා ඉදිරියෙන් උන් අප්පච්චී දෙස බැලුවෙමි. පෙරේදා වන තුරුත් විනෝදකාමී ජීවිතයක් ගත කල ඔහු අද වෙද්දී මලානිකය. වියපත් වුනු දෑස් වල ඇත්තේ පුදුමාකාර කණගාටුවකි. අප්පච්චී මා දෙස බලාහිද යලිත් බිම බලාගත්තේය. ඊටත් විනාඩි කීපයකට අනතුරුව කාමරයට ගියේ රනුක මා වෙත ආ බැවිනි. 

‘ඇක්සිඩන්ට් එකෙන් සෑහෙන්න අනූ අම්මට ඩැමේජ් වෙලා. හෙටම බොඩි එක වලදාන්න වෙයි බබා.

‘ඒක හොඳයි. මිනී ගෙවල් අස්සේ තියා ගත්තා කියලා පණ එන්නෙ නෑනේ..

මම හිතා මතා නොකිව්වත් ඒ වචන මගේ මුවෙන් එලියට පැන්නේ මටත් නොදැනීය. පැවසූ යමක් වැරදුනු බව තේරුනු නිසාම මම රනුකගේ මුහුණ දෙස බැලුවෙමි. ඒ දෑස් වල පමනක් නොව මුලු මුහුණ පුරාම වුයේ කෝපයකි.. එතනින් එහාට පිළිකුලකි. 

‘පාරේ ඉන්න බල්ලට පූසාට පවා කන්න දෙන ඔයා ඇයි අනූ අම්මට මෙහෙම සලකන්නේ ගයාත්‍රි? ඒ ගෑනි ඔයාට මම දන්න තරමින් හොඳක් මිසක් නරකක් කලේ නෑ.. 

‘ඔයා නොදන්න මඟුල් කතා නොකර ඉන්නවද රනුක.. පින් සිද්ධ වෙයි.. පවුල් කඩලා පවුල් හදපු වල් ගෑනු එක්ක මගේ ඇයි හොඳයියක් නෑ. උන් එක්ක සංසාරේ පුරාවටම මම වෛර බදිනවා. එච්චරයි… 

හිතේ කෝපය නිසාම මගේ දෑස් වලින් නොකඩවා කඳුලු ගලන්නට විය. ගැඹුරු හුස්මක් හෙලූ රනුක මගේ ළඟින් ගියේ හූල්ලමින්. මගේ මුලු හිතම මූසල නිහැඬියාවකින් පිරී තිබුනත් ගමේ මිනිස්සු හරි හරියට අනූ අම්මාගේ මළඟමට සූදානම් විය. ඒ වෙනුවෙන් කල යුතු වැඩ රාජකාරී බොහෝමයක් තිබුනත් මගේ හිතේ වූ ඇල්මැරුණු සොභාවය මා කිසිවක් නොකරන තැනට පත්කර තිබුනි. 

‘ගයාත්‍රි, මේ ඇවිත් ඉන්න මිනිස්සුන්ට තේ අල්ලන්න දුවේ… 

මගේ කල්පනා ලෝකය බිද දමමින් ලොකු අම්මා කියද්දී මගේ කෝපය දෙඟුණ වීය. 

‘මට බෑ.. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න අනේ.. 

‘ගයාත්‍රි, මේ උඹේ කුඩම්මා නෙවෙයි.. මේ උඹේ පුංචි අම්මා. උඹෙ අම්මාගේ නංගි.. මගේ චූටි නංගි.. 

‘ඉතින් මට මොකද? මොකී වුනත් ඔය ගෑනි නිසා.. 

‘ගයාත්‍රි උඹේ කන පැලෙන්න මම ගහනවා තව එක වචනයක් හරි අනුලාට විරුද්ධව කිව්වොත්. අනික උඹ නොදන්න දේවල් කතා නොකර හිටපන් මෙතන මිනිස්සු හිනස්සන්නෙ නැතුව.. 

මටත් ගස්සාගෙන ලොකු අම්මා එතනින් ගියේ තවත් මොනවාදෝ කියා මට බනිමිනි. ලොකු අම්මා රිදවීමෙන් දැනුනු සතුට මම යටිහිතින් විදිමින් මම මිදුලේ ඔහේ ඇවිද්දෙමි. 

‘අනුලා ඉස්කෝලේ හාමිනේ කීදෙනෙක්ගෙ නම් ඇස් පෑදුවද? අනේ අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න තිබුනු උත්තමාවියක්… 

‘හොඳ මිනිස්සු ඉක්මනට ඒ ලෝකෙට අරගන්නවා සේදිරිස්.පැන්ශන් ගිහින් දෙයියනේ මාස කීයද? ඉස්කෝලේ අන්තිම දවසේ අපේ කෙලීට කිව්වලු දැන් ඉතින් ගයාත්‍රි බේබිගේ දරුවෙක් නලවගෙන වීරසේකර මහත්තයත් බලාගෙන ඉන්නවා කියලා… 

ඒ ගමේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ කතාය. මට නරක අනුලම්මා මුළු ගමටම හොඳය. අප්පච්චීට පමනක් නොව නෑදෑ සනුහරේටම අනුලම්මා තරම් කෙනෙක් නැතිය. මම එතැනින් නික්ම ආවේ තවත් අනුලම්මාගේ ගුණ ඇසීමට තරම් හිතේ ඉඩක් නොවුනු බැවිනි. 

ඉස්තෝප්පුවේ තිබුනු අනුලම්මාගේ රූපයට අප්පච්චී සුදුමල් මාලයක් දානවා මම බලාගෙන උන්නෙමි. දර්ශන හිතට දුකක් එක් කලත් අප්පච්චී ඇය කැන්දාගෙන ආ දිනය සිහිවෙද්දී සුපුරුදු කෝපය මගේ හිතට යලිත් ඇතුලු වූයේ අනවසරයෙනි. 

අනුලම්මා; ඇය මට කුඩම්මා වන්නට පෙර පුංචි අම්මා විය. එනම් අත්තම්මාගේ බඩවැල කඩාගෙන ආ ගැහැණු දරුවන් තිදෙනාගේ බාල දුවය. මුලින් මාලා ලොකු අම්මා. අනතුරුව මගේ අම්මාය. ඊටත් පසුව අනුලා පුංචි අම්මාය. 

මට මතක කුඩා කාලයේ සිට අම්මාත් අප්පච්චීත් අතර කිසිදු විරසකයක් නොවීය. එහෙත් දිනක් අම්මා නිදි ඇඳේදීම මිය ගොස් තිබුනේ මගේ පුංචි හිතට කෝටියක් ප්‍රශ්න ඇති කරමිනි. අදටත් අම්මාගේ මරණයට හේතු මම නොදන්නා අතර ඒ ගැන කිසිවෙක් මා සමඟ කතා කරන්නේද නැත. අම්මා මිය ගොස් වසරක් ගෙවෙද්දී අත්තම්මලා සිය කැමත්තෙන්ම අනුලම්මා අප්පච්චීට බන්දා දුන්නාය.

අම්මා අහිමි වූ මට අප්පච්චීද අහිමි වූ හැඟීම දැනෙන්නට වූයේ වැඩි කලක් නොගොස්ය.ඒ නිසාම අනුලම්මා මට ලං වන සෑම මොහොතකදීම මම ඇයව නොසලකා හැරියෙමි. ඇයට හිතුවක්කාර වූයෙමි.මටත් නොපෙනෙන්නට හඩන ඇය පහුවදාටත් උදෑසනින්ම අවදි වී පාසල් යාමට මා සූදානම් කලාය. ඇය අම්මාගේ පවුලේ සැමට වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම මවක් වූවත් මට ඇයව පෙනුනේ අප්පච්චී මගෙන් උදුර ගන්නට හදන මායාකාරියක මෙනි. 

මම ටිකෙන් ටික වයසින් මෝරන්නට වුනෙමි. අම්මාට අප්පච්චිට වඩා මට ලැබුනේ අනුලම්මාගේ හැඩ රුව වෙද්දී මම මගේ රූපයට වෛරකරන්නට වූයෙමි. 

‘මගේ අම්මා මැරුනේ උඹ නිසා. උඹ මගේ අප්පච්චි දැලේ දාගත්ත දුක හින්දා අම්මා නිදිපෙති බීලා මැරුණා… 

අනුලාම්මාත් මාත් නිවසේ තනිවුනු හැම මොහොතකදීම කුමක් හෝ දෙයකට ඈත් සමඟ අඬදඹර වන මම එලෙස වාග් ප්‍රහාර එල්ල කලෙමි. 

‘අනේ මගේ පැටියෝ.. ඔහොම මට කතා කරන්න එපා මැණික.. නොතේරුම් කමට මට බැන්නට ඇත්ත දැනගත්ත දවසට ඔයාට දුක හිතෙයි පුතේ.. 

‘මොකද්ද ඇත්ත? මීට වඩා ඇත්තක් මොකද්ද? මගේ ඇස් දෙකට පේන්න එන්න එපා…. 

හැම හිත් රිදවීමක්ම අවසානයේ අනුලම්මා හඩද්දී මගේ හිත සතුටින් ඉහවහා යන්නට විය. අනුලම්මා මා ගිය පාසලේම සේවය කල නිසා මම නඟරයේ බාලිකා පාසලට ඇතුලත් වූයෙමි. නිතර ගමට එන්නට අකමැති නිසාම මම පාසලේ නේවාසිකාගාරයේ නතර වූයෙමි. එහෙත් අනුලම්මා එතැනින් නොනැවතුනි. ඇය සතියකට සෑහෙන්න කෑම බීම හදාගෙන මා බලන්නට ආවේ අප්පච්චී සමගිනි. අනුලම්මාට මොනතරම් කෙනෙහෙලි කම් කලත් ඒවා අප්පච්චී ඉදිරියේ කරන්නට මා බිය වූ නිසාම නැති සතුටක් මවාපාමින් ඒ කෑම බීම දෑතට ගත් මම ඒවා නේවාසිකාගාරයේ මගේ යෙහෙළියන්ට දුන්නෙමි. 

‘මේ නම් උඹේ කුඩම්මා නෙවෙයි බං.. ගිය ආත්මේ අම්මා.. 

මගේ යෙහෙලියන් අනුලම්මාගේ කෑම රසවින්දේ එලෙසිනි. පාසල් දිවියට සමුදුන් මම විශ්ව විද්‍යාලයට ගියෙමි. එතනදී මට රනුක හමුවුනු අතර මා ඔහුව අප්පච්චීට හදුන්වාදුන්නේ අපි දෙන්නාට ආශිර්වාද ලබාගැනීමටය. මුලදී මටත් රනුකටත් අප්පච්චී අකමැති වූයේ රනුක නාඟරික පරිසරයක හැදීවැඩුනු නිසාවෙනි. එහෙත් ලොකු අම්මාගේ දියණිය වූ දවිත්‍රී කී පරිදි අවසානයට මටත් රනුකටත් කැමත්ත ලබාදෙන්නට මහන්සි වී ඇත්තේ අනුලම්මාය. දවිත්‍රීගේ කතාව මම සම්පූර්ණයෙන් විශ්වාස නොකලත් අපි දෙදෙනාට අප්පච්චීගේ ආශිර්වාදය ලැබිම ගැන මම උන්නේ පුදුමාකාර සතුටකිනි. විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස මාත් රනුකත් විවාහ වුනු අතර ඔහු අනුලම්මාට පුදුමාකාර ලෙස ලෙන්ගතු වීම ගැන මගේ හිතේ වූයේ කේන්තියකි. 

‘වල් ගෑනි.. තමුසෙවත් දැලේ දාගන්න හදන්නේ. පරිස්සමින්.. 

‘මගේ අම්මෝ ගයාත්‍රී.. මට ආයෙත් ඇහෙන්න ඔය කතාව කියන්න එපා.. ඇත්තටම මට ඔයාව එපාම වෙයි.. චික් ගයාත්‍රී ඔයා කොහොමද අනුලම්මාට ඔහොම වෙනස්කම් කරන්නේ? අප්පච්චි බැන්ද එක අමතක කරන්න.. එතනින් එහාට ඔයාට තියෙන්නෙත් එයාගෙම ලේ.. කොහොමද ගයාත්‍රි ඔයා මෙහෙම හැසිරෙන්නේ?

එදා රෑ මම ඔහුට පිළිතුරු නොදුන්නෙමි. සැබැවින්ම ඔහුට මා එපාවේ යැයි සිතා බිය වුනු නිසාම මම යලිත් අනුලම්මා ගැන කතා කරද්දී ප්‍රවේසම් වූයෙමි. 

‘අනුලම්මා පෙන්ශන් ගියා පුතේ.. ඒ ගෑණි හරි ආසාවෙන් ඉන්නේ ඔයාගෙ දරුවෙක් නළවන්න…

මීට දෙසතියකට කලින් අප්පච්චී පවසද්දී මා උන්නේ කෝපයෙනි. කිසිවක් නොකියා මම අප්පච්චී සමග කතාව වෙනත් අතකට හැරවූයේ අනුලම්මාගේ හෙවනැල්ලවත් මගේ දරුවන්ට වැටෙන්නට ඉඩ නොදෙන බවට මම මටම පොරොන්දු වෙමිනි. 

එකී සිදුවීමෙන් අනතුරුව පෙරදා රාත්‍රියේ බෝධිපූජාවකට අප්පච්චී සමඟ සහභාගී වී යලිත් නිවසට එද්දී අනුලම්මාත් අප්පච්චීත් සිටි කාර් රථය අනතුරට ලක්වී ඇත. අනතුරින් අප්පච්චීට සීරීමක් වත් නොවූ අතර අභ්‍යන්තර ලේ ගැලීමකින් අනුලම්මා රෝහලේදීම මියගිය වග රොහල් කාර්‍යමණ්ඩලය තහවුරු කලේ අද පාන්දරය. 

‘ඔයා හරි වාසනාවන්තයි මිස් අනුලා වගේ අම්මෙක් ලබන්න. මම අද මේ විදියට ස්තෙතස්කෝප් එක දාගෙන ඉන්නෙ මිස් නිසා’ 

මගේ වයසේම වෛද්‍යවරියක් මගේ අතින් අල්ලාගෙන පැවසුවේ කඳුලු පිරීගිය දෙනෙතිනි. මම ඒ දෙනෙත් මඟහැර බිම බලාගත්තේ කියන්නට කිසවක් නොවූයෙනි. 

‘පුතේ… වැඩක්ද?

අප්පච්චීගේ හඩින් මම යලිත් වර්තමානයට පිවිසුනෙමි. 

‘නෑ අප්පච්චී… කියන්න… 

‘ එන්න ටිකක් මම එක්ක… 

අප්පච්චී මගේ අතින් අල්ලාගෙනම ඔහුගේ කාමරයට රැගෙන ගියේය. කිසිවක් සිතාගත් නොහැකිව මම ඔහු සමඟ ගියෙමි.

‘මෙහෙන් වාඩි වෙන්න…

අප්පච්චීගේ ඇඳේ කොනකින් මම වාඩි වෙද්දී ඔහු තම අල්මාරිය වෙත ගොස් කුමක්දෝ හොයන්නට විය. විනාඩි ගානක ඇවෑමෙන් අනතුරුව ඔහු දෙකට නැවූ කඩදාසියක් රැගෙන මවෙත අවේය. 

‘පුතා මේක කියවන්න.. 

අප්පච්චී ඒ කඩදාසිය මගේ අතට දුන්නේ එසේ කියමිනි. පරණ එක්සයිස් පොතක කොලයකින් ඉරාගත් එම කඩදාසිය අතට ගත් මම අප්පච්චී බලා සිටියදීම දිග හැරියෙමි. එය වචන කීපයක සටහනකි. කියවන්නට ගත වූයේ තත්පරයකි… 

‘ සිරිල්, හෙට ජගත් රෑ වැඩ. මම ගයාත්‍රිව අම්මලාගෙ ගෙදර යවන්නම්.. මාව එක්ක යන්න එන්න. මට ඔයා එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න ඕන. 

මීට, ඔයාගේ මාලා…. 

ලිපිය කියවා මම තුෂ්නිම්භූතව අප්පච්චී දෙස බලාගෙන උන්නෙමි. අම්මාගේ නම මාලා වන අතර අප්පච්චී ජගත් වීරසේකර නම් විය. ඔහු ව්ෘතීයෙන් දුම්රිය රියැදුරෙකු වූ අතර මාසයකට කීපවතාවක් රාත්‍රී සේවයේ නිරත වූයේය. ලිපියේ සදහන් වූ අනෙක් නම මගේ නම වූ අතර සිරිල් යන අම්මාගේ කවුරුන්දැයි යන ප්‍රශ්නය මගේ හිත පුරා නැගෙන්නට විය.

‘ඔය ලියුම මට අහුවුනේ අම්මාගේ ඩයරිය අස්සේ තිබිලා. එයා එදා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. සිරිල් කියන්නේ අම්මා එක්ක එකට ඉස්කෝලෙ වැඩ කරපු ස‍ර් කෙනෙක්… ඔය ලියුම අහුවුනු ලැජ්ජාවට තමයි අම්මා නිදිපෙති බීලා මැරුනේ… 

මගේ ලෝකය එක තැන කරකැවෙන්නට විය.. අප්පච්චී කියන කිසිවක් අසන්නට තරම් මානසික මට්ටමක මා නොවීය. 

‘ ඒ දවස් වල අනුලා බදින්න උන්නේ දොස්තර මහත්තයෙක්.. ඒ කසාදේ නවත්තලා අනුලා මාව බැන්දේ උඹලෑ අත්තම්මගේ ඉල්ලීමට. උඹ උස්මහත් වෙද්දී උඹව බලන්න කෙනෙක් නැති නිසා..මාව බැදලා ගෙදර ආව අනුලා උඹ හින්දම තව දරුවෙක් ගැන හිතුවෙ නෑ පුතේ. උඹ බුද්ධාගමට එක සැරයක් රචනාවක් ලියලා තිබුනා මහාප්‍රජාපතී ගෝතමී දේවිය ගැන. ඒකේ හරි වර්ණනාව තිබුනා එතුමිය ගැන. ඒත් ගෙදර උන්නු ප්‍රජාපතී දේවියට උඹ සැලකුවේ පාරේ ඉන්න බැල්ලියෙකුට වගේ… 

ඉකිගසා අඩමින් අප්පච්චී කියද්දී මම කන්දෙක දෑතින්ම වසා ගත්තෙමි.

‘ඇයි මට මේවා නොකිව්වේ අප්පච්චී?

‘අනුලම තමයි කිව්වේ අක්කා ගැන උඹත් එක්ක කිව්වොත් අම්මට වෛර බදීවි කියලා. මැරුණු කෙනෙක්ට වෛර බදින එක පාපයක් හැටියටයි අනුලා දැක්කේ.. උඹේ අම්මා අහන්න ඕනි කුණු බැනුම් ඔක්කොම අනුලා ඇහුවේ උඹට වගේම උඹේ අම්මටත් තිබුනු ආදරේට. අනික පුතේ…. 

එක හුස්මට කියාගෙන ගොස් අප්පච්චී මොහොතකට කතාව නැවැත්තූවේය. මම ඉගි ගසා හඬමින් ඔහු දෙස බලාගෙන උන්නෙමි. 

‘ඒ ගෑණි ජීවත්ව ඉද්දි මෙහෙම කතාවක් කිව්වා නම් උඹ අහයිද?

මට තව දුරටත් එතැනට වී හිදින්නට බැරි ගතියක් විය. මම එහෙමම වත්තපහළට දිව ආවේ නිවසේ සෑම තැනකම අනුලම්මාගේ රූපය මට මැවි මැවී පෙනෙන්නට වූ බැවිනි. හිතේ හැටියට කොස්ගහ මුලට වී හැඩූ මම අතේ ගුලි වී තිබුනු ලියුම දිඟහැරියෙමි. මේ ඇය මා විවාහ වූ දින රනුකගේ අතට දුන් ලිපියකි. 

‘ආදරණීය ගයාත්‍රී, 

අද ඔයාගේ ජීවිතේ ලස්සනම දවස. මම හරි ආසාවෙන් ඔයා දිහා බලාගෙන උන්නේ. ඔයාට වගේ මාලහතක් දාන්න මම පිං නොකලත් මගේ රූපය මම අද ඔයාගෙන් දැක්කා. පුතේ මේ ලියුම ඔයාට ලැබෙන්නෙ කවදාහරි මම මැරුණු දවසකට. එදාට අප්පච්චි ඔයා නොදන්න කතාවක් කියයි. මගේ පුතා කවදාවත් අම්මට වෛර කරන්න එපා. අම්මා නොකරපු යුතුකම් ඔක්කොම මම මගේ පුතාට ඉෂ්ඨ කරලා තියෙනවා. මගේ රත්තරන් බඩු හැම එකක්ම වගේම ඔයාගෙ කිරිඅත්තා මට දුන්නු හැම ඉඩමක්ම මම පවරලා තියෙන්නෙ ඔයාගෙ නමට. ඒ හැම ඔප්පුවක්ම අප්පච්චි ඔයාගෙ අතට දේවි.. මගේ අතින් ඔයාට වරදක් වුනා නම් මට සමාවෙන්න. මම කවදාවත් පවුල් කඩපු ගෑණියෙක් නෙවෙයි පුතේ.. 

මීට, 

ඔයාගෙම පුංචි අම්මා, 

අනුලා… 

මගේ ලෝකය මා වටාම කරකැවෙන්නට විය. ගෙවුනු අවුරුදු විසි ගාන පුරාවටම මා උන්නේ මොන තරම් මුලාවකදැයි මගේ හිත මගෙන් අසන්නට විය. මට මම ගැනම පිළිකුළක් දැනෙන්නට විය. සිදු වූ සියල්ලම ගැන පසුතැවුනත් දැන් මට අනුලම්මා ලැබෙන්නේ නැත. මම මොනතරම් පව්කාරියකදැයි මගේ හිත මටම කෑගසා බනින්නට විය. 

මම යලිත් ඒ අකුරු දෙස බැලුවෙමි. වෙනදා නොදුටු අහිංසක, අව්‍යාජ බවක් ඒ අකුරු තුල සැඟවී තිබුනි. මම ඒ ලිපිය මගේ පපුවටම තදකරගත්තෙමි. 

‘මට සමාවෙන්න පුංචි අම්මේ.. හැම ආත්මෙම මගේ පුංචි අම්මා නෙවෙයි මගේ අම්මාම වෙලා ඉපදෙන්න!

මම කෑගසා හඩමින් කීවෙමි.


තක්ෂිලා ඒකනායක.

– අවසන් ඇමතුම –

‘පුතේ පපුව රිදෙනවා’ කිව් පසුව    මෙමා

‘තාත්තා පරිස්සමක් නෑනේ’ කිව්වා   පුතා

අද නම් පුතේ වැඩිපුර මට රිදෙයි    කියා

කීවත් පුතු පයිසෙට මායිම් නොකර  ගියා

ඇස් දෙක මගෙ උණු කඳුළින් ඉනුව  නියා

කඳුළු පිසින්න දිනිතිය දැන් නොමැති නිසා

තනිව පාළුවෙන් යහනක ඉන්න        නිසා

මගේ මතකෙ අතීතෙටම රැගෙන      ගියා

පුතු ඉපදුන දිනවල මට නින්දක් කොහිද

නිතර බලන්නේ පුතු මගෙ    අසනීපෙන්ද

ගෙට ගොඩ වන්නේ අහලා පුතු   කෑවාද

පුතු නළවන්න කෙතරම් ගී පද     කීවාද

ලොව හොඳම දේ දෙන්නට පුතුට  මගේ

වෙහෙසුනෙමි රෑ එළිවෙනකම්ම   වගේ

සතපහ නැති දිනට දුක තද කරන් හිතේ

වතුර ඩිංඟක් බී නින්දට ගියා        පුතේ

හොඳම පාසලක් අකුරට නුඹට  පුතේ

හැමට වඩා ඕන වුණේ මටයි     පුතේ

සල්ලි තිබ්බෙ නෑ මට යහමින්ම අතේ

ණයත් වෙලා ඒකත් මං කළා     පුතේ

අතේ පයේ පොඩි සීරිමක් වුණත්  නුඹේ

කලබල වෙලා දුක ගත්තෙත් පියා නුඹේ

කහවණු නැතත් බිම්බිසාරටම    වගේ

හැම සැප දුන්නා අඩුවක් නැතිව  අගේ

විභාග සැම පුතු ඉහළින් සමත්   වුණා

රැකියාවත් පුතු මහිමෙට හිමිම   වුණා

ඩිංග ඩිංග කරදඬු උස් මහත්     වුණා

ආඩම්බරෙන් මගෙ හදවත සතුටු වුණා

පුතුගෙ විවාහෙට සල්ලිත් ඕන    නිසා

ඉසිඹු ලැබුවා මම පස් වසරක්ම තියා

ගම් හතටම හොඳහැටි මඟුල්   කියා

පුතු තුට දැක මගෙ දුක සැඟව   ගියා

මතකයේ ගිලී යහනේ මා දැන් වැතිර

පපු රිදුමේ වැඩි වේගෙන එයි    නිතර

දුරකථනෙන් පුතු හට ඇමතුව   අතර

‘මීටිමක ඉන්නේ’ එපාලු කතාව නිතර

පුත නුඹ පියාට කතා බැරිය අදින් මතු

හුස්ම මගේ හිරවීගෙන එනවා     පුතු

අවසන් වරට වදනක් ඇත කිවම යුතු

අජාසත් සේ පසුතැවිලි නොවන්    පුතු

________________________ච | රි | යා_______

ප:ලි:   රැකියාව, මිල මුදල් හෝ වෙන යම් භෞතික වස්තූන් ඉදිරියේ වහල් නොවී දිවියේ උත්තරීතරම වස්තූව වන දෙමාපියන්ට දැක්විය යුතු සෙනෙහස, ආදරය, රැකවරණය නොඅඩුව ලබා දීමට වග බලා ගන්න. නැතහොත් නිසැකවම දිනෙක ඔබ පසුතැවිලි වනු ඇත

Google Keep

ආයුබෝවන්..! මේ අවුරුද්දේ අවසාන ලිපිය විදියට මේ ලිපිය හදුන්වන්න පුලුවන් ඉතින් බලාපොරොත්තු රැසක් එක්ක අපි දැන් මේ අලුත් අවුරුද්දට අඩිය තියන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ අපි අද අලුත් දෙයක් ඉගෙනගන්න යන්නෙ

ඉතින් අද මම කියලා දෙන්න යන්නෙ ලිපියක් හෝ යම්කිසි දෙයක් Type කිරීමට යාමේදී අපිට ඒ සඳහා ලේසිම ක්‍රමයක් .ඉතින් අපි බලමු කොහොමද කියලා.

ඉතින් මේ ක්‍රමයට අකුරු Type කිරීමේදී ඔබට සහ කියවන්ටන්නා හටද ඉතාමත් පහසු සහ ඕනෑම ආකාරයක Font එකකට වුවද වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා.ඉතින් අපි බලමු මේ ලේසිම ක්‍රමය මොකක්ද කියලා.

ඔයාලා දන්නවා Google ආයතකය විසින් ඔබට සේවාවන් සමූයක් සහ බොහොමයක් සේවාවන් මුදලක් අය නොකරම ඔබට බුක්ති විදීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඉතින් අපි බලමු මොකක්ද අපි අද භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන සේවාව කියලා. Google Keep ගැන මොනවද ඔයාලා අහලා තියෙන්නෙ ,ඉතින් මේ Google Keep කියන සේවාව තුලින් ඉතා පහසුවෙන්ම ඔබට ඔබගේ ජංගම දුරකතනයේ බොහෝ විට මෙම Software එක එහෙමත් නැත්නම් Google play store හෝ Apple store එකෙන් Download කරගන්න පුලුවන්.

ඉතින් මේකට ගියාට පස්සෙ ඔයාලගෙ ජංගම දුරකතනයෙන් ඔයාලා භාවිතා කරණ හෝ ඔයාලා කැමති Gmail Address එකක් දෙන්න පුලුවන් ඉතින් මීට පස්සෙ ඔයාලට බලාගන්න පුලුවන් ඉතින් මේක ඇතුලේ Section කිහිපයක් තියෙනව ඔයාලගෙ Private Notes, Photos මේකට Add කරන්න පුලුවන් ඒ වගේම තමයි විවිධ Labels ගොඩක් යටතේ ඔයාලට අවශ්‍ය  Notes කැමති තරමක් එකතු කරන්න පුළුවන් වගේම කැමතිනම් තවත් ඔයාග මේ  Notes එකක් තව යාලුවෙක් හෝ කිහිප දෙනෙක් අතර බෙදාගන්න අවශ්‍ය නම් එක  Note එකකට Collaborator කෙනෙක් විදියට එකතු කරගන්න පුළුවන්.ඉතින් අපි හිතමු ඔයාලා Voice Typing හෝ Helakuru වගේ App එකකින් ඔයාලගෙ ජංගම දුරකතනය තුල Google Keep හි Note එකක් විදියට Type කරාම ඒක එම මොහොතෙම Save වෙනවා.ඊට පස්සෙ ඒක අපි අපේ පරිඝනකය තුලට ගන්න විදිය බලමු.ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ පරිඝනකය තුල ඇති Chrome වගේ Browser එකකින් Google Keep කියලා  Type  කරලා  Search කරන එක ඉන් පසුව ඔයාලා ඒ අදාල Gmail එකෙන් Log වෙලා නැත්නම් ඔයාලට  Log in කියලා option එකක් පෙන්වයි එතනින් ඔයාලා කරන්න ඕනේ ඒ අදාල Gmail එකට Log වෙලා Google Keep open කර ගන්න එකයි.පසුව ඔයාලට ඔයාලා Type කරලා Save කරපු Note එක මේකේ දැක ගන්න පුළුවන්.ඉතින් ඒක ඇතුලට ගියාම තියෙන Option වල තියෙන Copy to Google Doc කියන Option එක තෝරාගත්තම ඔයාලගෙ Note  එක ඔයාලගෙ Browser එක තුලම Google Keep Document එකක් විදියට Open වෙනවා ඉන් පස්සෙ ඔයාලට කරන්න තියෙන්නෙ file වල තියෙන Download කියන option එක තුලින් ඔයාලා කැමතිම Format එකකින් ඔයාලගෙ ලිපිය Download කරගන්න  පුළුවන්.

ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.ඒ වගේම ලබන්නා වූ කව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නා වූ සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරණවා.

BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

නේත්රා – කෙටි කතාව

ගෙවුනු අවුරුදු හැට ගානෙදිම වලව්වේ වත්තට වැහි දාස් ගානක් ඇද හැලුනත් මම ඒ හැම වැස්සක් දිහාම බලාගෙන උන්නේ එකිනෙකට වෙනස් වුනු හිස් හැඟීම් වලින්.පුංචිම පුංචි කාලෙදි මම ඒ වැටුනු වැහි දැක්කේ මල් වැහි වගෙයි. ලොකු අක්කා එක්ක එකතු වෙලා වලව්වේ වත්තේ වැස්සට තෙමෙද්දි අම්මා අපි දෙන්නට මදි නොකියන්න පේර කෝටුවෙන් සංග්‍රහ කලත් , ගුටි කාල කොච්චර ඇඩුවත් ඒ දඩුවම් මතක තිබුනේ ආයෙත් මොර සූරන වැහි වැටෙනකම් විතරයි. කාලය ගෙවෙද්දි ලොකු අක්කයි මමයි පුංචි කාලෙදි වගේ වැස්සෙ තෙමෙන්න නොගියත් අක්ක බැඳලා යනකම් අපි දෙන්නා වැස්ස දිහා බලාගෙන එක එක දේවල් කියෙව්වා.

අක්කා බැන්දේ දුල්ලෑව වලව්වේ ලොකු අයියව. නෑකමට ඇවැස්ස මස්සිනාව. අයියව බැන්දමත් අක්කා වැස්ස දිහා බලන් ඉන්න ඇති. අයියා හින්දා තනි කමක් දැනෙන්න නැතිව ඇති. ඒත් මට එදා ඉදන් දැනුනු තනිකම තාමත් එහෙමමයි. වැස්ස දිහා විතරක් නෙවෙයි අක්කා බැදලා ගිය දවසේ ඉදන් මේ මොහොත වෙන තුරුත් මගේ ජීවිතේ හරි මූසල විදියට පාලුයි.

‘පොඩි මැණිකෙට තේ ගෙනවා.

‘හ්ම්ම්.. තියලා පලයන්. රෑට මොනවද නදී උයන්නේ?

‘රෑට ඉදියාප්ප හදන්න කියලා බැලුවේ පොඩ් මැණිකේ.

‘හ්ම්ම් ඒක හොඳයි.. කොහොමත් හෙට ඉදන් රෑට පිටි කෑම අඩු කරපන්. මගේ ඇඟ හරි බර ගතියයි ඒවා කෑවම..

‘එහෙමයි.. මම රෑට රතු හාල් පිටි වලින් ඉදියාප්ප තම්බන්නම්’

බයාදු විදියට මාත් එක්ක එකඟ වුනු නදී මගේ ළඟින් ඉවත් වුනේ එහෙම කියාගෙන. මම නදී අරන් ආව තේ කෝප්පෙන් උඟුරක් බිව්වා. ඉඟුරු මිශ්‍ර වුනු තේ කෝප්පය ආයෙත් මගේ පරණ මතක අලුත් කලේ කවදාකවත් නැතිව.

‘අප්පච්චි, ඒ මිනිහා මම කවුරු කියලා හිතාගෙනද ඔය යෝජනාව අරන් ආවේ? මම අප්පච්චි නුවර ඉන්න ප්‍රසිද්ධම ලෝයර්.. කුලෙන් අපිට ගැලපුනාට ඔය වතු වවන මිනිහෙක් මගෙ රස්සාවට ගැලපෙනවද? අනික ඒ මිනිහා වපරයි.අප්පච්චි මෙතන නොහිටින්න මම සෙරෙප්පුවෙන් ගහලා එලවන්නේ.

‘හරි හරි පොඩි මැණිකේ.. දැන් වයස තිස් පහත් පැන්න එකේ…

‘ඉතින් මොකද අප්පච්චි? මට නොගැලපෙන මිනිහෙක් එක්ක දීග ගිහින් දොඩන්තැන්න වලව්වේ නම්ඹුව තුට්ටුවට දාන්න බෑ. ඊට හොඳයි මම තනියම ඉන්නවා. අනික ඔය අතින් කටින් දරුවෝ එල්ලන් ඉන්නවට වඩා මට මම වෙනුවෙන් වැඩ කරන්න තියෙනවා.

‘මොනවද නේත්‍රා උඹට ඔය හැටි කරන්න තියෙන වැඩ? දරුවො එපා වුනාට කමක් නෑ මූසල කතා කියන්න එපා. මම අපේ නිළමෙට කිව්වා රට රාජ්ජ වල යවලා උගන්නද්දි ඒ තාලෙට හැදෙයි කියලා..

එදා මගෙ අම්මා, දොඩන්තැන්න වලව්වේ මහ කුමාරිහාරි රවලා ගිය හැටි තාමත් මතකයි. අම්මා මොනතරම් දේවල් එදා කිව්වත් මම ඒ වචන තඹේකට මායිම් කලේ නෑ. ඒත් මගේ අප්පච්චි වුනු දොඩන්තැන්න වලව්වේ ලොකු නිළමේ මම වෙනුවෙන් මනමාලයෝ හොයන එක නැවැත්තුවේ නෑ.

‘නේත්‍රා.. මේ දරුවා නම් ඔයාට හැම අතින්ම ගැලපෙනවා…’

මෙහෙම කිය කිය අප්පච්චි මනමාලයෝ කීදෙනෙක්ගේ රූප මට ගෙනත් දෙන්න ඇතිද? ඒත් මම කාලයක් ආදරේ කරපු කෙනාව හිතින් සදහටම අමතක කරලා වෙන කෙනෙක් ළඟ ආයෙත් ජීවිතයක් පටන්ගන්න බැරි තත්වෙකයි මම උන්නේ. කායිකව අපි අතර කිසිම සම්බන්ධයක් නොවුනත් මට ආයෙත් ආදරේ කරනන පුලුවන් මානසික මට්ටමක මම උන්නෙ නෑ..

ඒ දවස් වල මම නීතීඥවරියක් වුනු අලුතමයි. මගේම කියලා කාර්‍යාලයක් පටන් ගන්න කලින් අප්පච්චි මාව අදුන්වලා දුන්නේ නීතීඥ හස්ථ ගංගොඩවිලට. හස්ථ මට වඩා අවුරුදු දහයක් වැඩිමහල් වුනත් ඒ හැටි වයසක් නොපෙනුනේ පරම්පරාවෙන් උරුම වුනු ජාන නිසාද, එහෙමත් නැත්නම් පෙර පිං නිසාද කියලා හස්ථව දකින සැරේට මට හිතුනා. ඒ හින්දමද කොහෙද දැකපු පළවෙනිම දවසේ ඉදන් මම හස්ථට පුදුම විදියට ලං වුනා. හිතුවට වඩා කාලයක් මම හස්ථ ළඟට ගියේ මට නඬු කතා කරන්න බැරි නිසා නෙවෙයි මම හස්ථ ළඟට වෙලා ඉන්න ආස කරපු නිසයි.

එක දවසක් අපි දෙන්නා කාර්‍යාලයේ තනි වුනු වෙලාවක මගේ හිතේ දහසක් බලාපොරොත්තු ඇති කරමින් හස්ථ මට ආදරෙයි කිව්වා. එදා මට දැනුනේ මම මේ ලෝකේ ජීවත් වෙන වාසනාවතම ගෑණි කියලයි. ඕනම කෙල්ලෙක් හිතින් ආදරේ කරන කෙනාව ලැබෙද්දී ඒක වචනයෙන් කියන්න බැරි සැනසීමක්. මටත් එහෙමමයි. මම ඒ දවසේ ඉදන් හස්ථට පුදුම විදියට ආදරේ කලා. හස්ථ ලෝබ නැතිව හැමදේම මට උගන්වපු නිසා මට හස්ථටත් වඩා දක්ෂ නීතීඥවරියක් වෙන්න පුලුවන් වුනා.

ඒත්, හැමදේම නැති වෙන්න මහා කාලයක් ගියේ නෑ. හරියටම අපි ආදරේ කරන්න අරන් දෙවනි අවුරුද්දේ හස්ථ මාව හමුවෙන්න ආවේ කඳුලු පිරුණු ඇස් වලින්.

‘මට සමාවෙන්න නේත්‍රා.. මේක ගොඩාක් කලින් කතා කරපු මඟුලක්.. මට නීලියාව බදින්නම වෙනවා.. එහෙම නැත්නම් අපි දෙන්නා මේ රටින් පැනලා යමු.මට කරන්න ඕනි දේ කියන්න නේත්‍රා…

‘ඇයි ඔයා මම ගැන ඔයාගේ අප්පච්චිට නොකිව්වේ? මොන ලැජ්ජා නැති කමක්ද හස්ථ රටින් පැනලා යන එක? අනික ඔයාලගේ පවුල වගේම මගේ පවුලත් මේ මැද මහනුවර නොදන්න කෙනෙක් නෑ..

‘මම ඔයාලා ගැන කිව්වා නේත්‍රා… අප්පච්චි මේ ප්‍රශ්නෙදි අසරණයි.. මෙතන මේ කලින් කතා කරගත්ත දෙයක් තියෙන්නේ..

‘ඉතින් මොකද්ද ප්‍රශ්නේ?

‘අපි පැනලා නොගියොත් මට අප්පච්චි කියන දේ කරන්න වෙනවා නේත්‍රා…

‘යන්න හස්ථ, ඔයා වගේ කොන්ද පණ නැති මිනිහෙක් මගේ ගෙදර වත්තේ හතර මායිමට වත් එපා.. අපරාදේ මගේ ගෙවිච්ච අවුරුදු දෙක…

එදා මම තවත් මොනවදෝ කියලා හස්ථට බනිද්දි පුරුදු විදියටම මගේ වාහනෙන් බැහැලා ඔහු නිහඪවම ඔහු ඔහුගේ වාහනයට නැග්ගා. මම එකම එක කඳුලු බිංඳුවක් වත් මගේ නැති වුනු ආදරේ වෙනුවෙන් හෙලුවේ නෑ. මම ඒක දැක්කේ නිවට කමක් විදියට. මම හරි ඉක්මනින් හස්ථව අමතක කලා කියලා පෙන්වන්න උත්සහ කලත්, අදටත් මේ පාලුවේ වැස්සක් දිහා බලන් ඉද්දී මට ඔහුවම මතක් වෙන්නේ ඇයිදැයි කියන්න මම දන්නේ නෑ. සමහර විට මගේ දරඳඩු හිතේ කොණක තාමත් හස්ථ ඇති.

හස්ථගෙයි මගෙයි සම්බන්ධේ නැති වුනාට පස්සේ මම මගේ වෘතීය වෙනුවෙන් සෑහෙන්න කැප වුනා. හස්ථගෙන් පස්සෙ පිරිමි ගැන මට තිබුනෙ ධනත් නැති ඍනත් නැති ආකල්පයක්. කොටින්ම සම්බන්ධකම්, බැදීම් කැඩෙන හැටි දැකලාම මට මගේ ජීවිතේට බැදීම් එකතු කරගන්න උවමනාවක් නොතිබුනු තරම්. ඒ නිසාමද කොහෙදෝ අප්පච්චි හොයන මනමාලයෝ මට වදයක් වුනා.අනික් පැත්තෙන් ලොකු අක්කා වගේම දුල්ලෑවේ ලොකු අයියත් මට මනමාලයෝ හෙව්වා. මට මතකයි අන්තිමට ගෙදරට ආව මනමාලයට බලන්න මාව ලෑස්ති කරපු ගෑණු ළමයා සෑහෙන්න මහන්සි වුනා මගේ සුදු වුනු කෙස් වහන්න. එදා ඔහුටත් අකමැති වුනාම පවුලේ හැමෝටම මනමාලයෝ හොයලම හති වැටෙන්න ඇති. එදායින් පස්සෙ ආයෙත මේ ගෙදරට දොඩන්තැන්න පොඩි මැණිකෙව කැන්දන් යන්න මනමාලයො ආවෙ නෑ.

කාලය ගෙවිලා ගියා.. අප්පච්චියි අම්මයි මාව දාලා ගියේ උපරීම ආයුෂ අරන් ජීවිතය විදලයි. අක්කා දැන් අත්තමා කෙනෙක් වෙලා. දුල්ලෑවේ ලොකු අයියා හදිස්සි හ්ෘද්‍යාබාධයකින් නැති වුනාට පස්සේ අක්කගේ ලොකු පුතා කැනඩාවට එයාව ගෙන්න ගත්තා. මමත් අක්කා එක්ක කැනඩාවට ගියත් දෙසතියකට වඩා මට එහෙ ඉන්න බැරි වුනා. දොඩන්තැන්න වලව්ව මතක් වෙද්දී එහේ උන්නු සති දෙක ඇතුලදි සිය වතවක් මම හිතෙන් දුවගෙන එන්න ඇති.

අන්තිමට මම තීරණය කලා. මේ වලව්ව ඇතුලෙම කවදා හරි අන්තිම හුස්ම හෙලන්න. ඒත්, සමහර වෙලාවට මට පාළුයි. මගේ කියලා කෙනෙක් උන්නා නම් කියලා හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. දරුවෝ එපා කිව්ව මට අද දරුවෙක් උන්නා නම් කියලා නොහිතෙනවා නෙවෙයි. ඒත්, දරුවෝ දෙමව්පියො බලු කූඩු වල දාලා ඉන්න හැටි, මහ පාරේ දාල යන හැටි දකිද්දී මට හිතෙනවා මම ගත්තේ හරිම තීරණය කියලා.

ඒත්, දොඩන්තැන්න වලව්ව පාලුයි. වලව්වේ පාලුවට වඩා මගේ හිත පාලුයි. මට කතා කරන්න ඉන්නේ නදී විතරයි. ලංකාවෙත් දැන් මට ලේ නෑකම් කියන්න කෙනෙක් නෑ. අක්කගේ දරුවන්ට ආයෙත් ලංකාවට පදිංචියට එන්න හිතක් නෑ. ඉතින් මම හැමෝගෙන්ම අහලා අන්තිම තීරණයක් ගත්තා..

‘දොඩන්තැන්න වලව්වට අයිති මගෙ නමින් තියෙන සියලු ඉඩ කඩම් , වලව්වත් ඇතුලුව නදීගේ නමට පවරන්න…’

මේ තීරණේ ගැන මම දස දහස් වතාවක් හිතුවා. අක්කාගෙනුත් සිය වතාවක් ඇහුවා. ඒ අතරෙදි අක්කා මට හොද උත්තරයක් දුන්නා.

‘මේ අපි තමයි නංගි වලව් මාන්නේ කරේ තියන් ඉන්නේ. මේ රටවල මිනිස්සු හරි සතුටින් ජීවත් වෙන්නේ.. ඔන්න ඕවා ඔය අහිංසක කෙල්ලට පවරන්න. ඒ ළමයා ඔයාට කවදවත් නරකක් කරන්නේ නෑ…

අක්කා තාමත් මම ගැනවත් හස්ථ ගැනවත් දන්නේ නෑ. එයා හිතන්නෙ මම නොබැන්දේ මගේ මාන්නය නිසා කියලයි. ඒ රහස් ඒ විදියටම තියෙන්න ඇරලා මම මගේ අන්තිම තීරණය ඊයේ හවස මගේ පෞද්ගලික නීතීඥවරයට දැනුම් දුන්නා.

‘මම මැරුණම මේ හැමදේම මේ කෙල්ලට අයිති වෙන්න ඕනි. ඒ දවසට මේ ළමයා ඒ ගැන දැනගත්තම ඇති දැන්මම මම වුනත් කට හොල්ලන්නෙ නෑ…

මම ඊයේ ඒ හැම ලියකියවිල්ලක්ටම අත්සන් කලා. කාලෙකින් නොදැනුනු සතුටක් හිත පුරා දුවන්නට වුනා. ඒ මොහොත මතක් වෙද්දි මටත් නොදැනීම මගේ හිත සතුටින් පිරිලා යනවා.

‘පොඩ් මැණිකේ මේ බෙහෙත් බොන්න.. ඉක්මනට රෑ කෑම හදන්නම්.. දොස්තර මහත්තයා කිව්වේ හවස හතට කලින් පොඩි මැණිකෙට කන්න දෙන්න කියලා..

‘අනේ උඹ හෙමින් වැඩ කරපන්. දොස්තරු නම් කියයි. ඕවා හදන කෙනානේ ඒවාට යන වෙලාව දන්නේ..

‘එහෙම බෑනේ පොඩි මැණිකේ. පොඩි මැණිකේ නොහිටින්න අර මිනිහා මාව නොමරා මරනවා.මම හැමදාටම පොඩි මැණිකෙට ණයයි. අම්මාපල් මගේ ඇඟෙන් කොටසක් දෙන්න වුනොත් මම ඒකත් පොඩි මැණිකෙට දෙනවා. ඒ තරම් මට පොඩි මැණිකේ වටිනවා..

මේ කතාව නදී මට දස දහස් වතාවක් කියලා ඇති. නීතීඥ ගාස්තු නොගෙන මම කතා කරපු අන්තිම නඩුවෙන් තමයි නදීව මට මුණගැහෙන්නේ. දික්කසාදෙත් අරගෙන එදා මගේ වාහනේට නැඟපු කෙල්ල එදා උන්නාට වඩා අද සැනසීමෙන්.. මම බීලා ඉවර කරපු තේ කෝප්පෙත් අරගෙන නදී මගේ ළඟින් ගියේ ඇස් වල කඳුලු ගවුම් කරින් පිස දමමින්. මම බෙහෙත් පෙති දෙකත් බීල ආයෙත් වලව්ව වත්ත දිහා බැලුවා. නුවරට වැටෙන මේ වැස්ස තව පැයකට වත් නවතින්නෙ නෑ.නදී වෙනුවෙන් මම ගත්ත තීරණය හරිම තීරණය වග මගේ හිත ආයෙත් කියන්න වුනා. මොර සූරන වැස්ස මම දැක්කේ පොඩි කාලේ මට පෙනුනු මල් වැස්සක් වගෙයි. මම වැස්ස දිහා බලාගෙන හරි සැහැල්ලුවෙන් හිනා වුනා.

තක්ෂිලා ඒකනායක.

පැටලුන තෑග්ග

දිනය වේ මතකයේ           නොවරදා

දෙන්නගෙ anniversaryයට පෙරදා

සාමාන්‍ය තෑගි හැම               පරදා

ගත්තා හොඳම තෑග්ගක්      වෙරදා

හෙට නුගේගොඩ බංඩගෙ      පංතියට

සිතා ඇඳගෙන යන්න           ජැන්ඩියට

ඇඳුමකුත් ගත්තා ගොස්        හංඳියට

සියල්ල ready දැන් anniversaryයට

බලා සිටි දිනය නම් දැන්      එළඹුනා

කඩිමුඩියෙ කඩිසරව මං    සැරසුනා

සැකෙන්දෝ අම්මා කාමරේට එඹුනා

වෙනසක් දැනිලා දැයි මට     සිතුණා

කුකුලා අතේ ගෙන මං පිටවෙන්න  සිතා

ගත්තා බෑගය වැඩිපුර නොකර     කතා

“මෙන්න මේක සුදු නැන්දට දෙන්න පුතා”

පාර්සලයක් දුන්නා මට හොඳට     ඔතා

ගත්ත ගමන් ඒකත් බෑගයට        ඔබා

අම්මට වැඳ ගමනට ආසිරිද       ලබා

වෙනදා නොම වේගෙන් පියවරත් තබා

හනික ගියේ හමුවන්නට මගේ     බබා

ඈත සිටම මිතුරන් වට වී          සිටිනා

පුන් සඳ සේ දිස්වන ඇගෙ රුව   දිලුනා

මා එන මග පිලිගන්නට නෙත් සොයනා

ඒ දෙනෙතින් මාගෙ රුව මට   පෙනුනා

පංතිය මුලම මුරවන් ඇගෙ         මිතුරන් ය

මා එනු දුටු සැම මුවගට            හසරැල්‍ ය

Anniversaryය ගැන සැමදෙන දැනුවත්‍ ය

පෝලිමට ලැබෙන්නේ මට සුබ    පැතුමන්‍ ය

වෙන ලොවකයි අපි දෙන්නා සිතින් ඇසින්

කිට්ටු වුණා පෙම්බරියගෙ ලඟට  සෙමින්

බෑගය විවර කරළා මහ        උජාරුවෙන්

අරගෙන තෑග්ග තිබ්බා ඈ අත්ල    මතින්

හිතට මගේ දැනෙනවා දැන් නම්   පට්ට

Branded නිසා බය එය ගනිදැයි වට්ට

විවර කළ සැණින් මා ඇස් විය   පොට්ට

සුළු දිය බරයි දුටුවම කරවල       කට්ට

ඇගේ මිතුරන් දැන් පෙන්වයි මෙමට කොකා

“මොනවද ගෙනැත් ඇත්තේ මේ බූරු   යකා”

සරුවාංගෙම හීතල වී නියත්              කකා

“හරි එක මේක” කියලා දුනි දිවත්       විකා චරියාගේ පන්හිඳ

පරිස්සමින් නුඹ…

හැම මලකම

මකරන්ද සෙව්වාට නුඹ

බාඳුරාවන්ද සිටියි නෙක රුව….

ගතු නොකියමි ඉගිල යන  නුඹ ගැන

නමුත් තතු කියමි නුඹෙ පරිස්සම ගැන

උදම් ඇනුවට නුඹේ තෙද ගැන

උරා ගත්තොත් බාඳුරා නුඹ ගත

වේවි නුඹ හට යන්නට

අවසාන ගමනත් නිහඬවම….

ඉදින් කියමි නැවතත්

ඉගිල ගියාට කම් නැත

හිතුමතේ මලින් මලකට….

සැනසියන්

මකරන්ද මැද කිමිද….

එය බඹරුන්ගේ හැටිය….

ඒත්…

පරිස්සමින් නුඹ

සුරේඛා