25-may-17

ජීවිතේ

නැතත් ලෝගුව කරේ ලාගෙනඋපාධිය ගන්නට
දුකක් නෑ මට ෆොටෝ එක හැකපසුව අරගන්නට
ටිකක් සරසවි බිමේ සුළඟකපහස විඳගන්නට
ඇතොත් ඇති. වුණත් නැති එකනම් දුකයි හිතකට

අදින් පසු හමු නොවනු ඇතයහලුවන් එක කැලකට
දකින්නටවත් නොමැති වෙයිසමහරුන් ටික කලකට
නමුත් කාලය ඉගිළ යයි අපිහමුවේවි විගහට
ඉතින් සුපැතුම් මිතුර,මිතුරියසුබම හෙට දිනකට!

තාරක ජයතිලක

25-may-16

ජීවිතේ

ජීවිතේ විදින්න
ආදරේ කරන්න
එකවරක් ලැබුනු මේ
ආත්මයම දරාගන්න

එපා සිත ලතවන්න
වඩා සිප වැළදගෙන
ලැබුනු මේ ජීවිතේ
හැමදාම සැනහෙන්න

අත්හැරෙන බැමි ළිහෙන
සබදකම් නවතන්න
සිතින් දෝතින් වඩා
ඒහුස්ම රැකගන්න

රිදවනා හඩවනා
මතක දොර අගුළුලා
නවලු මං පෙතක් වෙත
ජීවිතය පදවන්න

කොතැන කොයි මොහොතෙ හෝ
තණග පිණි පොද සිදී
ජීවිතේ අවසන් සුසුම් පොද
වියැකී යයි මැකී

එදින ලතැවී නොවී
සිනාමුවෙකින් යන්න
එක්වරෙක ලැබුනු මේ
ජීවිතය විදින්න

 

රීනා

25-may-12

තිබිය යුතු මතකය

අමතක කරන්නෙපා
ජීවිතේ මඟ දාල ගිය මිනිස්සු,
එයාල අපිට ජීවිතේ
නැගිටින හැටි කියල දුන්නා

අමතක කරන්නෙපා
ඇස්වලට කඳුළු දීපු මිනිස්සු
එයාල අපිට
රාගන්න කියල දුන්නා

අමතක කරන්නෙපා
බොරු කරපු මිනිස්සු
එයාල අපිට
සත් පෙන්නලා දුන්නා

අමතක කරන්නෙපා
චෝදනා කරපු මිනිස්සු
එයාල අපිට ජීවිතේ ගැන
කියලා දුන්නා

අමතක කරන්නෙපා
අපිට බලාපොරොත්තු
දීපු මිනිස්සු,
එයාලා අපිට අරමුණු වලට යන්න
කියලා දුන්නා

අමතක කරන්නෙපා
තැන තැන වැරදි කියපු මිනිස්සු,
එයාලා අපිට
මිනිසුන්ගේ හැටි කියලා දුන්නා

හැබැයි කවදාවත්
අමතක කරන්නෙපා
මුළ අමතක කරපු මිනිස්සු
එයාල අපිට
සසරේ දුක කියලා දුන්නා

 

ගගන ගුරුගේ

25-May-05

නව තාක්ෂණය: අනාගතය දැන්ම එයි

අපේ ජීවිතය තාක්ෂණය නැතිව අද යමක් කරන්න පුළුවන්ද? දුරකථනය, අන්තර්ජාලය, සමාජ ජාල, QR කේත, Smart TV, AI… මේවා හැමදාම අපට මුණ ගැසෙන දේවල්. නව තාක්ෂණය කියන්නේ අදටත් ඉස්සරහටත් ලෝකය හැරවෙන්න හේතුවක්.

 

2025 නව තාක්ෂණ ප්රවණතා

  1. කෘත්රිම බුද්ධිය (AI – Artificial Intelligence)

ChatGPT වගේ AI සෙරියාවන් දැන් පමණක් නොව, ව්යාපාර, වෛද්, අධ්යාපන, පරිගණක ක්රීඩා වැනි ක්ෂේත් සියල්ලකට ඇතුල් වෙලා තියෙන්නේ. AI මඟින් now ඔබට ලිපි, කවි, ක්රමලේඛනය, විභාග සදහා උදව් වගේ දේවල් ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්.

  1. මානව සන්සුන්කරණ යන්ත් (Robotics)

ලොව පුරා කර්මාන්තශාලාවල වැඩ කරන යන්ත්, රෝහල් වල රෝගීන්ට සේවය කරන රොබෝ, පරිස්සමෙන් වාහන තැනෙන අයුරු මේවා දැන් යථාර්ථයක්. Soft robotics කියන නව ක්ෂේත්රය මඟින් මිනිස්සෙකු වගේ ගමන් කරන සහ වැඩ කරන යන්ත්රයන් හදනවා.

  1. බුද්ධිමත් උපාංග (Smart Devices)

Smartwatch, Smart Glasses, Smart Home Devices වගේ දේවල් මේ වන විට සාමාන්යයි. 2025දී මේවා AI එකත් එක්ක තව දියුණු වෙලා, ඔබේ මනෝභාව හඳුනාගෙන ක්රියාකරන්නද හැකිවෙයි.

  1. විකෘතිත් (Augmented Reality – AR) සහ අතිසත්යය (Virtual Reality – VR)

AR සහ VR තාක්ෂණය දැන් ක්රීඩා, අධ්යාපන, නිර්මාණ, වෛද් ආදී ක්ෂේත් වල භාවිතා වෙනවා. 2025දී මේවා ඔස්සේ ඔබට විශිෂ්ටව පුහුණු වීමට, සංචාර යාමටත් ඉඩ ලැබේවි.

  1. කාර්බන් නිශ්පාදන අඩු තාක්ෂණ

තිරසාරතාවය සඳහා හොඳ තාක්ෂණ මෙහෙමයි. එලියෙන් විදුලිය ලබාගන්න සූර්ය පැනල්, විදුලි වාහන, smart energy systems වගේ දේවල් 2025දී තවත් ජනප්රිය වෙනවා.

 

අපේ ජීවිතයේ බලපෑම්

  • වැඩ ඉක්මනින්, නියමිතව කරගන්න පුළුවන්.
  • සෙරියාවන් වාගේ යන්ත් ඔබ වෙනුවෙන් බහුතර වැඩ කරයි.
  • නව තාක්ෂණයෙන් ඔබේ දැනුම, ජීවිත තත්ත්වය, ව්යාපාර හැඩ වෙනවා.
  • කෙසේ වෙතත්, පෞද්ගලිකත්වය, ආරක්ෂාව, රැකියා අහිමිවීම වැනි ගැටළු ගැනත් හොඳින් සිතන්න ඕනේ.

නව තාක්ෂණය කියන්නේ අනාගතයයි. ඒක බියවෙන්නක් නෙවෙයිඋගන්වගන්න, වැඩ පහසුකරන්න, ලෝකය එකට ගන්න මාර්ගයක්. හැබැයි ඒවා නිවැරදිව, වගකීමෙන් භාවිතා කරන්නම ඕනේ.

GSK

25-April-28

Back Cover

අහස කියාවිද පුංචි තරුවකට
තනි මකන්නට එන්න කියලා ?
නිහඬ වූ රුදු අමාවක දින
කාංසිය බිඳලන්න සිතලා
පුංචි තරුවද රැඳෙන්නේ නිති
අහස තුරුලේ සුවය හින්දා
ඉදින් ඇරයුම් කුමට අහසෙන්
තරුව දෝතින් හදම පිදුවා….

පුරා සඳවත අරා අහසේ
සිනා සී එළි කරන සොඳිනා
විසල් අහසට තරු කැටේ එළි
නොපෙනි යන්ඇති, නැතේ දෝසා
ඇරයුමක් නැති අහසෙ රැඳුනෙම
ආදරේ ඉම නොමැති හින්දා
ඉතින් අහසට චෝදනා නැත
තරුව හිනැහී පොළව ඉම්බා



25-April-24

හැම දේම වෙන්නෙ හොඳකට

හිත පුරා නැගුණු අඳුරටදුක දරාගන්න බැරිවිට
දිවි නසා ගන්න හිතුණටනැවතිලා ඉන්න ටිකකට

අද දවසේ හිත දැවුණටවිසඳුමක් ලැබේ මයි හෙට
දිනකට පැය විසි හතරටවැඩි නොමවනු ඇත කිසිවිට

හෙනහුරා අදට දිනුවටහැමදාම දිනුම නෑ උට
හැම දරා ඉන්න හිතකටහැමදේම වෙන්නෙ හොඳකට

තාරක ජයතිලක

25-April-19

හමුවෙලත් එක් නොවුණු

දුක
දැනෙනකොට
අසරණකම
දැනෙනවා

තනිවෙනකොට
හිත තනියම
අඩනවා

නුඹ ළග නැති විට
මගේ හිත
දොස් කියනවා

අපි හමු වී
අද දෙතැනක
දුක් විදිනවා

සසරින් සසරේ
හමුවෙන්නට
කියනවා

තනිකම
නොවෙන්න
ළග
ඉන්නම් කියනවා

භාදක ජයගන
හමුවෙන්නට
පතනවා

හමුවෙලත්
එක් නොවුණු නිසා
හිත තව දුක්
විඳිනවා

 

ගගන ගුරුගේ

25-April-03

සිනා බෝ වේවා.

සියොත් ඉගි බිගි නාද මැද්දේ
වසන්තය එබිකම් කරයි,
පිපුණු සුවදැති මලක් පසුපස
බඹර කැළ රොදපොද බදියි,
උනුන් ගැන වග තුග අසන්නට
කෙනෙක් මගතොට කල්මරයි,
අවුරුදුත් ලග ලගම බව විත්
කොවුල් නද දසතම නැගෙයි

රබන් රත්කොට පලපුරුද්දෙන්
ලිපේ කැවුමක ගෙඩි බැදෙයි,
අටුව කොටුවත් හරිම සාරෙට
උජාරුව පිරි ඉතිරී යයි,
සියලු සිත් තුල නැවුම් හැගුමෙන්
චක්ගුඩුත් කල එළි බසියි,
අලුත් හාලේ මගුලකට
ආවඩා අයුබෝ වෙයි

දෙදහකට වැඩි ඉතිහසකට හිමි
කම් ලැබූ සිහලුන් අපියි,
කුමට කෙණෙහිළි කම් හිතේ
සිනාවන් බෝ වන්නටයි,
කිරෙන් පැණියෙන් බතින් බුලතින්
සියලු වස්දොස් මැකී යයි,
ලබන මේ නව අවුරුද්දේ ඔබ
සැමට සිරි සුභ වෙන්නටයි…!!

 

රීනා