Category: Quotes
පැටලුන තෑග්ග
දිනය වේ මතකයේ නොවරදා
දෙන්නගෙ anniversaryයට පෙරදා
සාමාන්‍ය තෑගි හැම පරදා
ගත්තා හොඳම තෑග්ගක් වෙරදා
හෙට නුගේගොඩ බංඩගෙ පංතියට
සිතා ඇඳගෙන යන්න ජැන්ඩියට
ඇඳුමකුත් ගත්තා ගොස් හංඳියට
සියල්ල ready දැන් anniversaryයට
බලා සිටි දිනය නම් දැන් එළඹුනා
කඩිමුඩියෙ කඩිසරව මං සැරසුනා
සැකෙන්දෝ අම්මා කාමරේට එඹුනා
වෙනසක් දැනිලා දැයි මට සිතුණා
කුකුලා අතේ ගෙන මං පිටවෙන්න සිතා
ගත්තා බෑගය වැඩිපුර නොකර කතා
“මෙන්න මේක සුදු නැන්දට දෙන්න පුතා”
පාර්සලයක් දුන්නා මට හොඳට ඔතා
ගත්ත ගමන් ඒකත් බෑගයට ඔබා
අම්මට වැඳ ගමනට ආසිරිද ලබා
වෙනදා නොම වේගෙන් පියවරත් තබා
හනික ගියේ හමුවන්නට මගේ බබා
ඈත සිටම මිතුරන් වට වී සිටිනා
පුන් සඳ සේ දිස්වන ඇගෙ රුව දිලුනා
මා එන මග පිලිගන්නට නෙත් සොයනා
ඒ දෙනෙතින් මාගෙ රුව මට පෙනුනා
පංතිය මුලම මුරවන් ඇගෙ මිතුරන් ය
මා එනු දුටු සැම මුවගට හසරැල් ය
Anniversaryය ගැන සැමදෙන දැනුවත් ය
පෝලිමට ලැබෙන්නේ මට සුබ පැතුමන් ය
වෙන ලොවකයි අපි දෙන්නා සිතින් ඇසින්
කිට්ටු වුණා පෙම්බරියගෙ ලඟට සෙමින්
බෑගය විවර කරළා මහ උජාරුවෙන්
අරගෙන තෑග්ග තිබ්බා ඈ අත්ල මතින්
හිතට මගේ දැනෙනවා දැන් නම් පට්ට
Branded නිසා බය එය ගනිදැයි වට්ට
විවර කළ සැණින් මා ඇස් විය පොට්ට
සුළු දිය බරයි දුටුවම කරවල කට්ට
ඇගේ මිතුරන් දැන් පෙන්වයි මෙමට කොකා
“මොනවද ගෙනැත් ඇත්තේ මේ බූරු යකා”
සරුවාංගෙම හීතල වී නියත් කකා
“හරි එක මේක” කියලා දුනි දිවත් විකා චරියාගේ පන්හිඳ
පරිස්සමින් නුඹ…
හැම මලකම
මකරන්ද සෙව්වාට නුඹ
බාඳුරාවන්ද සිටියි නෙක රුව….
ගතු නොකියමි ඉගිල යන නුඹ ගැන
නමුත් තතු කියමි නුඹෙ පරිස්සම ගැන
උදම් ඇනුවට නුඹේ තෙද ගැන
උරා ගත්තොත් බාඳුරා නුඹ ගත
වේවි නුඹ හට යන්නට
අවසාන ගමනත් නිහඬවම….
ඉදින් කියමි නැවතත්
ඉගිල ගියාට කම් නැත
හිතුමතේ මලින් මලකට….
සැනසියන්
මකරන්ද මැද කිමිද….
එය බඹරුන්ගේ හැටිය….
ඒත්…
පරිස්සමින් නුඹ
සුරේඛා
නිසදැස්
මම දරාගත්ත තැන්වල
නුඹත් දරාගෙන බලපන්
ඒක මොනතරම් අමාරුද කියල
මට තනිකම දැනුන තැන්වල
නුඹත් තනිවෙලා බලපන්
ඒ වේදනාව මොනතරම්ද කියල
මන් නුඹට ආදරේ කල තරමට
නුඹත් කවදහරි ආදරේ කරල බලපන්
මොනතරම් විදවන්න වෙනවද කියල
මන් තරම් දවසක උහුලලා බලපන්
සුසුම් වල බර පපුවට මොනතරම් බරද කියල
මට වගේම දවසක නුඹටත් දැනෙයි
දුන්න හීන බලාපොරොත්තු උදුරගත්තම
ජීවත් වෙනඑක මොනතරම් කරුමයක්ද කියල
නිශා
– ගුරු පඬුරු –
පුංචි සන්දියේ මා හට අකුරු කරන්නට
කුලදෙවි යොමු කළා මා ගුරුගෙදරකට
අකමැති වුණත් මා එහි පියමනින්නට
යන්නට සිදුවුණා නිවසේ පෙරැත්තට
කළු උස මහත රුදු පෙනුමැති යෝධයෙකුට
දිය හැකි වේද පොඩි අප වෙත සිප් සතර
‘එන්න පුතා’ ලෙස ඔහු අමතද්දිත් සොඳට
ලොමු ඩැහැගැන්විලා හිටගෙන අපි බියට
ගණිතය විෂය මෙලොවට හැදුවේ කව්ද
හොඳක් නොවන් එලෙසට පැතුවා මමද
අමතක චක්කරය හොයා ගත් එකාවද
නිතරම මතක් කරනවා රෑ නින්දෙන්ද
පාසලට නුදුරු වත්තේ කාමරයක විසූ
වත්ත පුරාවට වගාවක් වේය ඔසු
දුප්පත් දරුවෝ කැන්ඳා පාසලෙන් පසු
ශිල්ප දෙන තැන ගුරුගෙදරක්ය පසු
ගුරු ගෙදරට ගොඩ වූ හැම දිනයකදිම
පාඩම් දිය යුතුවේ චක්කරයත් නොවැරදිම
පාඩම් නොමැතිවුන් දණගහලා පෝලිමට
ඇතැමෙක් හඬයි තෙත් කරගෙන කලිසමෙම
නිතරම බුලත් සපමින් කට රතු වීලා
සුදු කලිසමට සුදු කමිසෙන් සැරසීලා
සිනා නොවෙයි බොරුවට හසරැල් පාලා
අවැසි දේ කියයි ඔළුවට ටොක්කක් ඇනලා
විදුහල්පති පවා ගරුසරුවයි ගුරුදෙවිට
විශිෂ්ටයෝ බිහිවේ නීරස ගණිතයට
පැසසුම් ඉදිරියේ ඔහු නොසැලී ඉදිරියට
සෘජු මිනිසෙකි යට නොවනා මුදලකට
ගලේ කෙටුව අකුරක් මෙන් සිහිවෙනවා
තාමත් උගන්නපුවා මතකේ රැව්දෙනවා
වේවැල් පහරේ රසයත් අමතක නැතුවා
ගුරුදෙවි ගැන ගරුසිත තව වැඩිවෙනවා
ශිල්ප උගෙන රැකියාවක් මම සොයාගෙන
Interview ගියා මගෙ දෙයියොත් පතාගෙන
‘ආවෙද ගණිතෙට D එක නුඹ තියාගෙන’
සිහිවුණි මෙමට ගුරු බුලතුත් සපාගෙන
D එක නිසාමයි මට Job එක හම්බවුණේ
ගුරු පා නමදින්නමයි මට නම් ඕන වුණේ
සුදු කමිසයක් අළුතින් ගුරු පඬුරු වුණේ
මා දුටු කල ගුරු තුටමයි මතක්වුණේ
හා හා පුරා කියලා ගත් රථේ නැගී
පෙර ගිය මාවත් දිග මතකයේ රැඳී
තවමත් දැනෙනවා එදවස සුවඳ රැඳී
ලං ලං වුණා ගුරුගෙදරට දිවියේ බැඳී
ඈතට පෙනෙනවා මහ සෙනඟක් රැස්වීලා
මග දෙපසට යුහුසුළුවම වැඩ කරනා
කුකුසක් මගේ යටි සිත්හි දැන් නැගෙනා
ගුරු ගෙදරම සුදු කොඩියෙන් සැරසීලා
ගුරු පඬුරත් ගෙන හනිකට පිය නැගුවා
ගුරුගේ අඹුව මහ හයියෙන් වැළපෙනවා
එදවස සිට ගුරු අඹුවත් හඳුනනවා
මා දුටු විට ඇගේ දුක තව වැඩිවෙනවා
කුමකින් කුමක් සිදුවේදැයි නොදත් නිසා
ගෙට ගොඩ වී ගුරු අඹුවගේ ලඟට ගියා
‘මොකද වුණේ මිස්’ කියලා ඇහුවා මෙමා
‘පුතාලගේ සර් අද අපිවත් දාලා ගියා’
අකුණක් වන්ව කම්පනයකි දැන් දැනෙන්නේ
රූරා වැටෙන කඳුළුත් නොම නවතින්නේ
එදවස ගුරුපියගේ ගුණ එකිනෙක සිහිවන්නේ
ගෙන ආ සුදු කමිසෙද ගුරු හට දැන් අන්ඳන්නේ ?
______________________ච | රි | යා_______
( යම් පුද්ගලයෙක් අනුන්ගේ දරුවෙකු තමාට වඩා උගතෙකු වී දිවි ජය ගන්න අයුරු දැකීමට සිහින මවයි නම්, ඒ සඳහා මාවත එළිපෙහෙළි කර දෙයි නම්, තමාව අභිබවා යනු දැක හදවතින්ම සතුටට පත්වේ නම් ඒ උත්තම ගුරුවරයෙකු පමණමය.නොපමාව තමන්ට සිප් කිරි පෙවූ ගුරු දෙවිවරුන් හට කෘතගුණ සලකන්න. )
නිසදැස්
ප්‍රේමය සාහසික ඝාතකයෙක්ය
ඉන් මා මරා දමා බොහෝ කල් ගොසින් ය
අනෝරා වැස්සක් වැටුණාක් මෙන්
කලුළු ගලා වැටුණ පසු
මුලු හිතම නිසොල්මන්ය
දරාගෙන මතකයන් දෙස බලා
සුසුම් පමණක් හෙලන්නේ
තවමත් නුඹ හිත් කොනක තබාගෙනය
නුඹ හදාගත් හේතු මත
යන්නට අවැසි බව කියා
නුඹ ගියත් මා තවම එතනමය
මට මමත් නැති උන කලෙක
නුඹ ගිය එකත් පුදුමයක් නැතිය.
ඇස රැදුණු හැම තැනකම
මන් නුඹව සෙව්වා එදා මෙන් අදත් එහෙමය
නුඹ සිතින් අත්හල පසුත් මා
තවමත් සිතින් පෙම්කරන නුඹ
අවාරයේ මට හමු උනා විතරක්මය
ඒ තැන්වල නුඹ මා විඳි සුවය තවමත්
මගෙ පපුවෙ එහෙමමය.
නිශා
හදවත ගැඹුරෙන්ම ගැස්සිලා
හදවත ගැඹුරෙන්ම ගැස්සිලා
මුල හිතම නළියද්දී
දෑස් වසාගෙ හිඳින්නේ
නුඹෙ ගතම වෙවුලද්දී
තුන් හිතම ගිනිගද්දී
ඔය හුස්මෙ හිරවෙලා වෙලෙන්නෙ
මනමාලකම් පිරුණ
කලු පාට ඇස් ඇතුලෙ රිංගලා
මන් ඉන්න ඉසව්වක් හොයන්නෙ
මගෙ ගතම ගිනිඅරන් පිච්චෙද්දී
ලංවෙලා මුවට නුඹ
දෙදෙතොල් මගෙ සිඹින්නද
හදන්නේ
හීනියට වැව්න නුඹෙ රැව්ල් කොට වැදුණමයිදකිනා හීනයෙන් මන් අවදි වෙන්නේ