නිසදැස්


ප්‍රේමය සාහසික ඝාතකයෙක්ය

ඉන් මා මරා දමා බොහෝ කල්‍ ගොසින්‍ ය

අනෝරා වැස්සක් වැටුණාක් මෙන්

කලුළු ගලා වැටුණ පසු 

මුලු හිතම  නිසොල්මන්ය 

දරාගෙන මතකයන් දෙස බලා

සුසුම්  පමණක් හෙලන්නේ 

තවමත් නුඹ හිත් කොනක තබාගෙනය

නුඹ හදාගත් හේතු මත

යන්නට අවැසි බව කියා 

නුඹ ගියත් මා තවම එතනමය

මට මමත් නැති උන කලෙක 

නුඹ ගිය එකත් පුදුමයක් නැතිය.

ඇස රැදුණු හැම තැනකම  

මන් නුඹව සෙව්වා එදා මෙන් අදත් එහෙමය

නුඹ සිතින් අත්හල පසුත් මා 

තවමත් සිතින් පෙම්කරන නුඹ 

අවාරයේ  මට හමු උනා විතරක්මය

ඒ තැන්වල  නුඹ මා විඳි සුවය තවමත් 

මගෙ පපුවෙ එහෙමමය.

නිශා

හදවත ගැඹුරෙන්ම ගැස්සිලා


හදවත ගැඹුරෙන්ම ගැස්සිලා

මුල හිතම  නළියද්දී

දෑස් වසාගෙ හිඳින්නේ 

නුඹෙ ගතම වෙවුලද්දී

තුන් හිතම ගිනිගද්දී

ඔය හුස්මෙ හිරවෙලා වෙලෙන්නෙ

මනමාලකම් පිරුණ

කලු පාට ඇස් ඇතුලෙ රිංගලා 

මන් ඉන්න ඉසව්වක් හොයන්නෙ   

මගෙ ගතම ගිනිඅරන් පිච්චෙද්දී

ලංවෙලා මුවට නුඹ

දෙදෙතොල් මගෙ සිඹින්නද

හදන්නේ

හීනියට වැව්න  නුඹෙ රැව්ල් කොට වැදුණමයිදකිනා හීනයෙන්  මන් අවදි   වෙන්නේ


නිශා

Back Cover

හීනයක්..

නුඹ සුන්දර හීනයක්…

දුටුව අවසන ලොබින් බැඳෙනා

සැනසුමක් පිරි හීනයක්…

දැන දැනත් යලි නොදකිනා බව

පෙරුම් පුරනා හීනයක්….

දෑල නෙතු පිය තදින් පියවා

මතකෙ පීරන හීනයක්….

පියවි ලොව තුළ සැබෑ නොවනා

සොඳුරු අරුමැසි හීනයක්…


සුරේඛා