25-Oct-21

Back Cover

කඳුළ දැන් කුමට නුඹ
තවත් නෙතු අතර හිඳ
හෙමින් සැඟවියන් යළි
නොපෙනෙනා මානයක

ගගනතේ දිලෙන සඳ
දුර ඈත වුවද මට
කාලෙකින් නැඟි පුරා සඳෙ
එළිය ඇති සැනසෙන්න

දෙතොලටද අමතකව
සැඟව ගිය සිනාවක
යළිත් මල් සුපිපුනේ
දන්නවද නුඹ නිසාමය

සුරේඛා..

25-Oct-19

අපෙ ජන්ම දා...

සෙනෙහසට කවි කුමට
පද හරඹ ගලපලා,
ලේ කිරට හැරෙන්නට දී
දෙහදක් පණගසා,
එකම කුස තුල ගුලිව
සතර පායුග සලා,
දෑගිලිත් පටලන්ම
මගෙ කුසේ දග කලා
උපන්නෙත් තනිව මා
නෑ සොයුරන් සදා,
එම දිනයෙම එනිසා
මිණිකැට දෙකකී ගෙනා,
නැත තවත් පාලුවක්
සොයුරෙකුත් නෑ කියා,
දියණියන් තිදෙනෙකුට
සෙනෙහසත් වැඩිඋනා
පුතෙකු නැති හැටි කියා
සමහරෙක් කී නිසා,
එදා හිත ගැස්සුනත්
නොකියාම බැහැ මෙදා,
තනිව කෙල්ලක ලෙසට
තිබු හයිය දත් නිසා,
දියණියන් තිදෙනගැන
තව කවරනම් කතා
රකින්නට ඇති හෙටක්
මිනිස් දම් පුරවලා,
මලක් වූවත් දැඩිව
පෙති සුරැකිව තනා,
පිපුණු මල් කැකුළු යුග
මගෙ සෙනේහෙට වෙලා,
3 වසක් සපිරු තැන
නොදැනීම එළඹුණා…!!!


රීනා 

25-Oct-12

මේ අසරණකමද?

වැරද්ද මොකක් උනත්
සමාව දීලා ළඟට ගන්න තරම්
හිතක් අසරණ වෙද්දී

කොච්චර අඩුපාඩු තිබුණත්
ඒවත් දරාගත
ළඟින් ඉන්න තරම්
හිතක් ශක්තිමත් වෙද්දී

මඟහැර ගිහින් ආයේ ආවත්
ළඟට ගන්න තරම්
වෙලාවකට සමහර හිත්
අනුකම්පා කරද්දී

එයා හිටියට කමක් නෑ
මාත් ආදරෙයි කියන තරමට
ඇයි දෙවියනේ
සමහර ආදර කතා අසරණ වෙන්නේ

ගගන ගුරුගේ

25-Oct-11

ගංගාවේ ගීතය~


අහසට දුක සිතී කඳුළැලි වසින විට
පහසට කඳුළු වල, සොම්නස දැනෙයි මට
කඳුළට කඳුළ එක්වී මා වැඩෙන කොට
රටකට දුක් දෙන්න පුලුවන් වේවි හෙට

පෙරකල නිහඬවම සමුදුර තෙක් ඇදුණී
පින් කල බෝ දනට පැන් පහසුව ලැබුණී
කල හොඳ පසුව නරකෙන් නරකට හැරුණී
කලගුණ නැති නිසාවෙන් හොඳහිත මැරුණී

දැක මිනිසුන්ගෙ හීනව ගිය කුලුණු ගුණේ
දුක අනුකම්පාව යන කිසිවක් දැන් නොදැනේ
නෙක වතු උයන් රට තොට සිරි දකිනු මෙනේ
එක වැස්සෙන්ම උතුරා යමි සතර කොනේ

– තාරක ජයතිලක

25-Sep-18

Back Cover

පාළු සුළඟට දැවෙන දෙනෙතට
හඬන්නට තව කඳුළු නැතිවද ?
හිස් අහස මත නුඹේ රූපය
මවන්නට තහනමක් කාගෙද ..?

මතකයන් කටු ඇනී රිදුනද
සුවඳ තාමත් රැඳෙයි හිත මත
නුඹ මගෙන් දුර ඈත ගිය හැටි
සිහිනයක්මයි තවම මා හට

වදන් නොම වූ නුඹේ සෙනෙහස
දෙනෙත් වල ලිය වූ අපූරුව
නුඹයි කීවේ කියවනා ලෙස
නුඹේ නෙත් තුළ රැඳුණ ප්රේමය….

අකුරු වැරදී ගියාදෝ මට
එදා නුඹෙ පෙම කියවනා කල
එක වරක් විත් කියනවද මට
ආදරේ මම කලා ඇත්තට“…

සුරේඛා

25-Sep-17

සංසාර චාරිකාවකි මේ...


ජීවිතේ කියන්නෙම පාසලක්,
හැමදාම අපි එහි ශිෂ්යයන්..
දුක, වේදනාව කියන්නෙම අභියෝගයන්,
දවසක දිනන්නම ඕන පරීක්ෂණයන්..
සමහරක් චරිත වේදිකාවල රගපාද්දී
තවත් සමහරෙක්,
ඇත්ත ජීවිතේම රගමඩලක් කරන්
පව් පින් දෙකම පොදු මිනිස් ධර්මතාවන්,
දවසක කාටත් මුහුණ දිය යුතුවූ
සංසාර චක්රයක්
තනග පිණිබිදක් වන් ජීවිතේ
කොයියම්ම මොහොතක හෝ
ගමන යා යුතුයි
ඉදින් තව තවත් ව්යිරය වපුරා
එහි අස්වැන්න නෙලන්නෙපා
අපෙන් මතු පරපුරක් හෙට තනා
අස්වැන්නේ සිරගත කරනෙපා..
මල් කැකුළට රෝසමලක්ව පිපී
කටු මැද වුවත් ලස්සන ගුණ රැකන්
පිපී දිලෙන්නත්,
තවකෙකුට ආදරේම මිස
ව්යිරය නොදෙන්නත් කියාදී,
මේ රගමඩලෙන් සැනසීමෙන් අපි සමුගනිමු

 

රීනා

25-Aug-17

සුන්දර ප්‍රේමය

කාටවත් නොකියූ
කතාවක්,
හිත පුරා පිරුණු
බලාපොරොත්තුවක්,
නිදිවර්ජිත ගෙවන
රාත්රියක්,
හමු විය යුතුම
මඟ බැලීමක්,
සංසාර පුරාවට පතන
ප්රාර්ථනයක්,
ආත්මාර්ථකාමීම
සිතුවිල්ලක්,
ජීවත් වෙන්න හිතෙන
සිහිගැන්වීමක්,
දන්නවද …?
ඒක මා විදින සුන්දර
ප්රේමයක්,

 

ගගන ගුරුගේ

25-July-15

ඒ නුඹම විතරයි

ජීවිතේ මට බර වැඩියි,
නුඹේ මතකය දුක් ගෙනෙයි,
හඬා වැලෙපෙනු බැරිකමට මම,
හිනා වෙමි කඳුළට හොරෙන්,

කඳුළු මේ හැටි සීතල බවක්
නොකිව්වට ඇයි නුඹ කලින්
සැබෑ ලොවකදී නැති උනත්
මගේ මුළු ලොව නුඹ තමයි,

රැයේ තුන්යම බොහො දිගයි,
නිදි නැතිව ඇස් නුඹ සොයයි,
නෙතු දකින්න ආසම නුඹයි,
හිත රිද්දන්නෙත් නුඹ රුවයි,


ගගන ගුරුගේ

25-July-14

අවසන් හෝරාව

සංසාරේ දුරවෙන්නැති
කිසිදා යලි හමුනොවෙනා,
මගෙ හීන බොදවෙන්නැති
නුඹ දුරින් දුර ඇදෙනා,
මග බලන දෑස්පුරා
නුඹේ රැව සිත්තම්වෙලා,
කදුළු බොදවීයන්නැති
ජීවිතේ නැවතිලා

සිහින් වැහි කෝඩයේ
කදුලු මල් ඉහිරුවා,
අහිමි නුඹෙ නෙත් මානේ
සැංගී පලා,
යමි ඉතිං අවසරයි
සංසාරෙටත් එහා,
ආයෙමත් හමුනොවේ
හීනෙකින් පවා

රීනා