25-12-10 Posted on December 19, 2025 | by Digital My Business පෙම් සිහිනය නෙතු කදුලු පුරාඑන දෝරේ ගලාසංසාරෙ පවාඅප මග හැරුනා,එය නොදැනි නිසාඅප ලොවට හොරාපෙම් පද මුමුණාසිහිනෙක වෙළුනා…හීන් වැහිබිදු හිත් පුරාවටඉසින මල් පිබිදිලා ඒ,රහස් කියමිනදෑස් කොනකින්බලන සකිසද නුඹම වේ,මුතුදිනෙක ආයෙත් භවෙකදීහමුවුනෝතින් සිත මගේ,මග නොහැරදාදෝත පාලාතබාගනු මැන සෙනෙහසින්… රීනා
25-12-07 Posted on December 19, 2025 | by Digital My Business කන්ද නුඹ මන්ද ඉර හඳ සිඹ වැලඳ දිව රෑවිසිතුරු සෙවණැලි ඇන්දදුර ළඟ නොසැලි අභිමන් පෑපියෙකුව සෙනෙහස බැන්දදර කොළ පලා ඔසු පැණි දෑනොමසුරුවම දුන් කන්දකර මහ විපත පෙරදින රෑනපුරුම වී ගියෙ මන්දනෑ සිය මිතුරු කැල සමගින්සිනහව සොම්නස වින්දමහගෙයි පිරුණු මහ සතුටෙන්පොළොවට බර වැඩි වී දහිටි වන වැටුණු වැහි කඳුලින්මිහිකත නෙත රතු වී දමිටි තැන් බල බලම පහලින්ගලනුව සිතුවේ මන්ද– තාරක ජයතිලක
25-11-19 Posted on November 16, 2025 | by Digital My Business හැදෙන උන් හා හැදුණ උන් පැරණි පරපුර නොදුටු බෝ දේදැක බලාගෙන වැඩුණු අප හටනිතර සවනට වැටුණු වදනකි“දැන් හැදෙන උන්, කමකටම නෑ!”නව විලාසෙන් ඇඳුම් ඇන්දමරැප් හිපොප් සංගීතෙ ඇහුවමනිතර නිතරම ඇහුණ බැනුමකි“දැන් හැදෙන උන්, කමකටම නෑ!”හැබැයි ඒවා කොහොම වූවත්අපේ කාලේ වගෙ නෙවෙයි දැන්ලෝකෙ හොඳටම වෙනස් වී ඇත“දැන් හැදෙන උන්, කමකටම නෑ!”– තාරක ජයතිලක
25-11-11 Posted on November 16, 2025 | by Digital My Business අපරාජිත හිතක් හිත හොඳ කමටහැමදේම වැරදුනත්,කමක් නෑ හරියනදවසක් ඒවි මටත්,වැරද්දක් නැතුවබැනුම් ඇහුවත්කමක් නෑ මම දන්නවාවැරදි නැති බවක්,කෙළෙහි ගුන නැති අයටඋදව් කෙරුවත්,අහිතක් නෑ ඒ අය එක්කහොඳ දවසක් ඒවි මටත්,වැඩියෙන් ආදරේ අයමා හැර ගියත්,තනියක් දැනෙන්නෙ නෑමට මම ඉන්නවා කොහෙත් …. ගගන ගුරුගේ
25-11-09 Posted on November 16, 2025 | by Digital My Business මතක මානෙන්... හදත් අහසටකවි කියාදීඅමාවකදා ගොලුවුනා,නුඹත් පෑ ඒසෙනෙහෙ මගදීගොලු උනාදැයි නොහැගුනා,ආ දුරත්මහ බෝ නිසාවටඉන්නෙදෝ යැයිසිත සිතා,උනත් කම් නෑතනිව දිවියේආමගෙම ආපසු ගියා…දිනෙන් දින කුසනෙරා එද්දීපියා කවුරුන්දැයි අසා,තැවුනු ලතැවුනුකිසිකෙනෙකු නෑදිරිය වන්නට මග සදා,නුඹත් දවසකදමා ගියොතින්මතක මානෙන් ඔසවලා,පන්හිදේ කුරුටෙන් ගනින් පුතමගේ කදුලක් පිස දමා… රීනා
25-Oct-21 Posted on October 16, 2025 | by Digital My Business Back Cover කඳුළ දැන් කුමට නුඹතවත් නෙතු අතර හිඳහෙමින් සැඟවියන් යළිනොපෙනෙනා මානයක…ගගනතේ දිලෙන සඳදුර ඈත වුවද මටකාලෙකින් නැඟි පුරා සඳෙඑළිය ඇති සැනසෙන්න…දෙතොලටද අමතකවසැඟව ගිය සිනාවකයළිත් මල් සුපිපුනේදන්නවද… ඒ නුඹ නිසාමය…සුරේඛා..
25-Oct-19 Posted on October 16, 2025 | by Digital My Business අපෙ ජන්ම දා... සෙනෙහසට කවි කුමටපද හරඹ ගලපලා,ලේ කිරට හැරෙන්නට දීදෙහදක් පණගසා,එකම කුස තුල ගුලිවසතර පායුග සලා,දෑගිලිත් පටලන්මමගෙ කුසේ දග කලා…උපන්නෙත් තනිව මානෑ සොයුරන් සදා,එම දිනයෙම එනිසාමිණිකැට දෙකකී ගෙනා,නැත තවත් පාලුවක්සොයුරෙකුත් නෑ කියා,දියණියන් තිදෙනෙකුටසෙනෙහසත් වැඩිඋනා…පුතෙකු නැති හැටි කියාසමහරෙක් කී නිසා,එදා හිත ගැස්සුනත්නොකියාම බැහැ මෙදා,තනිව කෙල්ලක ලෙසටතිබු හයිය දත් නිසා,දියණියන් තිදෙනගැනතව කවරනම් කතා…රකින්නට ඇති හෙටක්මිනිස් දම් පුරවලා,මලක් වූවත් දැඩිවපෙති සුරැකිව තනා,පිපුණු මල් කැකුළු යුගමගෙ සෙනේහෙට වෙලා,3 වසක් සපිරු තැනනොදැනීම එළඹුණා…!!!රීනා
25-Oct-12 Posted on October 16, 2025 | by Digital My Business මේ අසරණකමද? වැරද්ද මොකක් උනත්සමාව දීලා ළඟට ගන්න තරම්හිතක් අසරණ වෙද්දී …කොච්චර අඩුපාඩු තිබුණත්ඒවත් දරාගතළඟින් ඉන්න තරම්හිතක් ශක්තිමත් වෙද්දී …මඟහැර ගිහින් ආයේ ආවත්ළඟට ගන්න තරම්වෙලාවකට සමහර හිත්අනුකම්පා කරද්දී …එයා හිටියට කමක් නෑමාත් ආදරෙයි කියන තරමටඇයි දෙවියනේ …සමහර ආදර කතා අසරණ වෙන්නේ …ගගන ගුරුගේ
25-Oct-11 Posted on October 16, 2025 | by Digital My Business ගංගාවේ ගීතය~ අහසට දුක සිතී කඳුළැලි වසින විටපහසට කඳුළු වල, සොම්නස දැනෙයි මටකඳුළට කඳුළ එක්වී මා වැඩෙන කොටරටකට දුක් දෙන්න පුලුවන් වේවි හෙටපෙරකල නිහඬවම සමුදුර තෙක් ඇදුණීපින් කල බෝ දනට පැන් පහසුව ලැබුණීකල හොඳ පසුව නරකෙන් නරකට හැරුණීකලගුණ නැති නිසාවෙන් හොඳහිත මැරුණීදැක මිනිසුන්ගෙ හීනව ගිය කුලුණු ගුණේදුක අනුකම්පාව යන කිසිවක් දැන් නොදැනේනෙක වතු උයන් රට තොට සිරි දකිනු මෙනේඑක වැස්සෙන්ම උතුරා යමි සතර කොනේ– තාරක ජයතිලක
25-Sep-18 Posted on September 14, 2025 | by Digital My Business Back Cover පාළු සුළඟට දැවෙන දෙනෙතටහඬන්නට තව කඳුළු නැතිවද ?හිස් අහස මත නුඹේ රූපයමවන්නට තහනමක් කාගෙද ..?මතකයන් කටු ඇනී රිදුනදසුවඳ තාමත් රැඳෙයි හිත මතනුඹ මගෙන් දුර ඈත ගිය හැටිසිහිනයක්මයි තවම මා හට…වදන් නොම වූ නුඹේ සෙනෙහසදෙනෙත් වල ලිය වූ අපූරුවනුඹයි කීවේ කියවනා ලෙසනුඹේ නෙත් තුළ රැඳුණ ප්රේමය….අකුරු වැරදී ගියාදෝ මටඑදා නුඹෙ පෙම කියවනා කලඑක වරක් විත් කියනවද මට“ආදරේ මම කලා ඇත්තට“…සුරේඛා