
Category: Tech-Katha
චායාරූපකරණයට පිවිසෙමු
චායාරූපකරණයට පිවිසෙමු – 4
කලින් වතාවේ සමු ගන්නකොට කිව්වා වගේම ඔන්න photography 4 වන ලිපියත් සමග මම ඔබ හමුවට ආවා. අපි අද කතා කරන්න යන්නේ කැමරා ගැන. මේ ලිපිය මෙන්න මේ කොටස් වලින් සමන්විත වෙනවා.
- කැමරාවක ක්‍රියාකාරීත්වය සහ කැමරා කාච.
- විවිධ කැමරා වර්ග.
- DSLR කැමරාවක් හා Mirrorless කැමරාවක් අතර වෙනස.
කැමරාවක ක්‍රියාකාරීත්වය.
කැමරාවක් කියලා කියන්නේ දෘෂ්‍ය රූපයක් ග්‍රහණය කරගන්නා උපකරණයක්. මේකට ප්‍රධානවම අවශ්‍ය වෙනවා ‘ විවරයක්, එම විවරයෙන් හැර ආලෝකය ඇතුළු නොවන සේ මුද්‍රා තැබූ පෙට්ටියක් සහ ආලෝක සංවේදී පෘෂ්ඨයක්’
මතකද අපි පොඩි කාලේ හදපු සිදුරු කැමරාව. අන්න ඒක තමයි කැමරාවක සරලම ආකෘතිය.
මේකෙන් අපට පෙනෙන දර්ශනය ඉතාමත් දුර්වල එකක්. නමුත් නව තාක්ෂණය සහ උපකරණ භාවිතයෙන් අති සුපැහැදිලි දසුන් ලබාගන්න පුලුවන් කැමරා දැන් නිපදවෙලා තිබෙනවා.
අපි බලමු DSLR කැමරාවක දල සැකැස්ම.
නූතන කැමරාවක් ප්‍රධාන වශයෙන් කැමරා බඳ සහ කාච පද්ධතිය ලෙස කොටස් දෙකකට දකින්න පුලුවන්. මේ කාච පද්ධතිය මාරු කිරීමෙන් එකිනෙකට වෙනස් ආකාරයේ චායාරූප ලබාගන්න පුළුවන්.
විවිධ කාච වර්ග
- Zoom lens
චායාරූප ශිල්පීන් අතර සුලභවම දක්නට ලැබෙන කාච වර්ගය වන්නේ මෙයයි. පුද්ගල චායාරූප වල සිට වනජීවී චායාරූප ලබාගැනීම දක්වා උපරිම පරාසයක කාච මාදිලි මෙම වර්ගයේ දක්නට ලැබේ.
බහුතරයක් කැමරාවන් සමග නොමිලයේ ලැබෙන 18 – 140mm හෝ 18 – 135mm කාච මෙන්ම මංගල චායාරූප ශිල්පීන් අතර කාලයක සිට ප්‍රකටව පවතින 70 – 200mm කාචයද zoom lens අතර ඉහළින්ම දක්නට ලැබේ. එමෙන් ම සංචාරකයන් හට පහසුවෙන් රැගෙන යා හැකි 18 – 200mm සහ 18 – 270mm කාචද ඉතාමත් ප්‍රචලිත කාචයන් වේ.
- Prime lens
කැමරාව නිපදවූ කාලයේ පටන් මේ වනතෙක් පැවති කාච වර්ගයක් ලෙස prime lens හැඳින්විය හැක.
මෙම කාච වලට ඇත්තේ එක් ස්ථාවර නාභි දුරකි. එම නිසා විශාලන හැකියාවක් නැත.
නමුත් මෙම ස්ථාවර නාභි දුර නිසා මෙම කාච වලට වඩාත් තීවුර, ගුණාත්මක චායාරූප ලබාගැනීමට හැකියාවක් ඇත. නියමිත අවස්ථාවට උචිත කාචය ඔබ භාවිත කලොත් ඉතා උසස් තත්ත්වයේ චායාරූපයක් ලබාගැනීමට ඔබට හැකියාව ඇත.
මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් 85mm Art lens ද අයත් වන්නෙ මෙම prime lens ගණයටම වේ. එමෙන්ම landscape චායාරූපශිල්පීන් අතර 35mm කාචයද ඉතා ප්‍රචලිත කාචයකි.
- Telephoto lens
සාමාන්‍ය විශාලන කාචයක් (zoom lens) චායාරූපශිල්පීන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවේ නම් ඔවුන් telephoto lens භාවිතා කරයි. මේවා ඉතා ඉහළ විශාලන අගයන් ගෙන් සමන්විත වේ.
100mm සිට 600mm දක්වා විශාල පරාසයක විශාලන අගයක් සහිත කාචයන් මෙම වර්ගයට අයත්වේ. ඊටත් ඉහළ විශාලන අගයන්ගෙන් සමන්විත telephoto කාචයන් ද දැන් වෙලඳපොලෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.
ආධුනික චායාරූප ශිල්පීන්ට පහසුවෙන් දැරිය නොහැකි ඉහල මිල ගනන් වලට අලෙවි වන මෙම කාචයන් වෘත්තීමය වනජීවී චායාරූප ශිල්පීන් හා ක්‍රීඩා චායාරූප ශිල්පීන් වැළඳ ගන්නේ මහත් කැමැත්තකිනි.
- Wide-angle lens
ඔබට වඩා විශාල පරාසයක් ඔබගේ චායාරූපයට ලබා ගැනීමට අවශ්‍ය නම් wide-angle lens එකක් ඉතාමත් වැදගත් වේ. 18mm සිට 35mm වැනි අඩු නාභි දුරකින් සමන්විත නිසා ඔබට පෙනෙන දර්ශනයෙන් වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇත.
මෙම හේතුව නිසා landscape photography හා කලාත්මක wedding photography සඳහා මෙම කාචයන් භාවිතා කරයි.
- Fisheye lens
ඔබට wide-angle lens එකකටත් වඩා පුළුල් පරාසයක චායාරූපයක් ලබාගැනීමට අවශ්‍ය නම් fisheye lens එකකට මාරු වීමට සිදුවේවි. මෙම කාචයට ඉතාමත් ඉහළ දර්ශන පරාසයක චායාරූප ලබා ගැනීමේ හැකියාවක් පවතී.
8mm වැනි ඉතාමත් අවම නාභි දුර නිසා මෙය බහුලවම ගෘහ අභ්‍යන්තර චායාරූප කටයුතු සඳහා භාවිතා වේ.
ඉහළින් කතා කරපු ඕනෑම වර්ගයක කාචයක් හරහා ලබා ගන්නා ආලෝකය කැමරා බඳේ ඇති දර්පණයේ (mirror) වැදී ඉහළ ඇති prism viewing system එක හරහා ගොස් viewfinder එක හරහා ඇසට ලැබෙනවා. චායාරූපයක් ලබාගැනීමේදී දර්පණය ඉහළට එසවී ෂටරය විවෘත වෙනවා. එවිට ආලෝකය සෙන්සරය මතට පතිත වී චායාරූපය ග්‍රහණය කර ගැනීම සිදු වෙනවා.
විවිධ කැමරා වර්ග වල මෙම යාන්ත්‍රණය විවිධාකාරයෙන් සිදු වෙනවා.
චායාරූපකරණය සඳහා වර්තමානයේ භාවිතා වෙන විවිධාකාර කැමරා වර්ග.
- DSLR cameras.
- Mirrorless cameras.
- Compact cameras.
- Instant cameras.
- Bridge cameras.
- Action cameras.
- 360 cameras.
- Mobile cameras.
- Medium format cameras.
සාමාන්‍ය චායාරූප ශිල්පීන් ලෙස අප බහුලවම භාවිතා කරන්නේ DSLR cameras සහ Mirrorless cameras ය. ඒ නිසා අපි මේ දෙකේ වෙනස හඳුනා ගනිමු.
Mirrorless යන නමින්ම මෙම කැමරා දෙකෙහි ප්‍රධාන වෙනස හැඳින්වෙන බව ඔබටත් වැටහෙනු ඇති.
එනම් DSLR කැමරා වල, ආලෝකය viewfinder වෙත ගමන් කරවන දර්පණ (mirrors) පද්ධතිය mirrorless කැමරා වල අඩංගු නොවේ. Mirrorless කැමරා වල ආලෝකය කෙලින්ම පතිත වන්නේ සෙන්සරය මතටයි. කැමරා නිශ්පාදකයින් DSLR කැමරා වල ඇති Optical viewfinder වෙනුවට mirrorless කැමරා වලට Live viewfinder එකක් ලබාදී ඇත. එය කැමරාවේ ප්‍රධාන තිරය මෙන්ම වූ කුඩා නමුත් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් LCD තිරයකි.
එමෙන්ම mirrorless කැමරා වල දර්පනය එසවෙන යාන්ත්‍රණය නොමැති නිසා චායාරූපයක් ලබා ගැනීමේ වේගය සාපේක්ෂව වැඩිය. එමනිසා burst mode එකේ චායාරූප ගැනීමේදී මිනිත්තුවකට ලබාගත ගත හැකි චායාරූප ප්‍රමාණය වැඩිය.
කැමරා බඳ සාපේක්ෂව බරින් අඩු නිසා චායාරූප ශිල්පීන් mirrorless කැමරාවලට මහත් ඇල්මක් දක්වයි.
මෙම කලාපයේ ලිපිය මම මෙතනින් අවසන් කරනවා. මෙහි ඉතිරි කොටසින් ලබන කලාපයේ අපි කතා කරමු අනෙක් කැමරා වර්ග ගැන. එතෙක් ඔබට ජය!
බිනර සිසිරංජන
ඡායාරූපකරණයට පිවිසෙමු
Photography 3
Photography ලිපියේ තුන් වෙනි කොටසිනුයි අද මම ඔයාලා එක්ක සමබන්ධ
වෙන්නේ. අපි අදත් කතා කරමු චායාරූපකරණයේ තවත් මූලික සැකසුම්
කීපයක් ගැන.
Metering modes
Metering යනු කැමරාවට පෙනන වස්තුවකින් පරාවර්තනය වන ආලෝක
ප්‍රමාණය මැන, එය හා ISO අගය මත පදනම්ව Shutter speed (ද්වාර වේගය) හා
Aperture (කාච විවරය) අගය කුමක් විය යුතු දැයි තීරණය කිරීමයි. (මෙය
නූතන කැමරා ආශ්‍රයෙන් කල අර්ථ දැක්වීමකි)
බොහෝමයක් චායාරූප ශිල්පීන් තම අගයන් (Shutter speed, Aperture) සකසා
ගන්නා බැවින් හා Flash lights භාවිතා කරන බැවින් මෙම සැකසුම ගැන එතරම්
සැලකිල්ලක් දක්වන්නේ නැත.
නමුත් අතීතයේ දළ සේයාපට භාවිතා කල කාල වකවානුවේ මෙම සැකසුම
ඉතාමත් වැදගත් සැකසුමක් විය. මක්නිසාද යත් ඔවුන්ට තමා ලබාගත්
චායාරූපයේ පෙර නැරඹුමක් (Preview) කල නොහැකි විය. එමෙන්ම එකල
කැමරාවල මෙම Light metering sensor අඩංගු නොවූ නිසා අතේ ගෙන යා හැකි
ආලෝක මීටර් භාවිතා විය.
පැරණි කැමරා කීපයක් හා එකළ භාවිතා වූ Light metering device කීපයක්.
(මූලාශ්‍ර google.com)
විවිධ කැමරා මාදිලි වල Metering modes තුනක් හෝ හතරක් පිහිටුවා ඇත.
අපි දැන් ඒ එකින් එක සරලව විමසා බලමු.
1. Evaluative / Matrix / Multi (Zone metering)
මෙම mode එක තමයි metering වල සංකීර්ණම mode එක. මේකෙදි අපේ
රාමුව විවිධ කොටස් වලට බෙදීමක් සිදුවෙනවා. මෙම කොටස් ප්‍රමාණය
විවිධ කැමරා අනුව වෙනස් වෙනවා. ඉන් පස්සෙ කැමරාව විසින් මේ
හැම කොටසකම පරාවර්තිත ආලෝක අගය වෙන වෙනම ගණනය
කරලා සාමාන්‍යයක් (average) ලෙස ලබා දෙනවා.
ඒ වගේම මේ mode එකේදි කැමරාවේ focus point එක සහිත කොටස
හඳුනාගෙන එහි ඇති වස්තූන් වලට ප්‍රමුඛතාව (priority) ලබා දී ආලෝක
අගය ගණනය කිරීමත් සිදු වෙනවා. මම ළා කොළ පාටින් දක්වලා
තියෙන්නේ මේ කොටස.
2. Center weighted metering
මේ mode එකේදි රාමුවේ මැදට වෙන්න 80% – 70% දක්වා පරාසයක
(කොල) පමණයි පරාවර්තිත ආලෝක අගය ගණනය කිරීම සිදුවෙන්නේ.
අනෙකුත් කොටස් නොසලකා හරිනවා. (රතු)
3. Spot Metering
Metering වලදී ඉතාමත් නිරවද්‍ය mode එක තමයි මේ mode එක. මේකෙදි
ඉතා කුඩා ස්ථානයක ආලෝක අගය මැනීම සිදුවෙනවා. එය සම්පූර්ණ
රාමුවෙන් 1%-5% වගේ සුළු ප්‍රමාණයක්. බොහෝවිට මේ ස්ථානය
වෙන්නෙ රාමුවේ හරි මැද. නමුත් නවීන කැමරා වල focus point එක
සමග මෙම spot එක link කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් ඔබ focus
කරන ස්ථානයේම ආලෝක අගය නිරවද්‍යව මැනගැනීමේ හැකියාව
තිබෙනවා.
4. Partial metering
මේකත් spot metering වගේම mode එකක්. මේ දෙකේ ඉතාම සුළු
වෙනසක් තමයි තියෙන්නේ. Spot metering වලදි 1%-5% අතර ප්‍රමාණයක්
මනිනකොට partial metering වලදි 10%-15% අතර ප්‍රමාණයක අලෝක
අගය ගණනය කරනවා.
5. Highlight weighted metering
මෙම mode එක සමහරක් Nikon හා සමහරක් Sony කැමරා වල පමණක්
දක්නට හැකි සැකසුමකි. මෙහිදී රාමුවේ ඇති Highlighted areas වල
ආලෝක අගය පමණක් ගණනය කර එම චායාරූපය over exposed වීම
වළක්වයි.
6. Entire screen metering
Sony කැමරා වල දක්නට ඇති මෙම mode එකේදී සම්පූර්ණ
රාමුවේම ආලෝක අගය ගණනය කරනු ලබයි. මෙය අප මුලින් කතා
කල Zone metering වලට තරමක් සමාන නමුත් මෙහිදී වෙනත් කිසිදු
ප්‍රමුඛතා ලබාදීමක් (priority) සිදු වෙන්නේ නෑ.
ඉතින් metering modes වල මූලික කරුණු සියල්ල අපි දැන් කතා කරලා අවසන්. ඔබගේ කැමරාවෙන් මෙම
සැකසුම් සියල්ල ඔබටත් අත්හදා බැලීමට පුළුවන්. ප්‍රායෝගිකව මම ද මෙම සැකසුම භාවිතා කරන්නේ
ඉතාමත් අඩුවෙන්. මොකද මම Flash lights භාවිතා කිරීම සහ metering mode භාවිතා කිරීමට වඩා ඉක්මනින්
මා විසින්ම shutter speed හා aperture පාලනය කිරීම ඉක්මන් හා පහසුවෙන් කරගන්න පුලුවන් නිසා.
දැන් අපි බලමු තවත් එක් මූලික සැකසුමක් ගැන. මෙයත් බොහෝමයක් චායාරූප ශිල්පීන් භාවිතා කරන්නේ
ඉතාමත් අඩුවෙන්. නමුත් එයත් ඔබට යම් අවස්ථාවක උපකාරී විය හැකි නිසා එයත් ඉගෙන ගනිමු.
Exposure Compensation (EV)
ඔබ metering modes භාවිත කර චායාරූප ගැනීමේදී සමහර අවස්ථාවලදී චායාරූපය ඔබට අවශ්‍ය
ප්‍රමාණයට වඩා තරමක් අඳුරු හෝ ආලෝකමත් විය හැකිය. එවැනි අවස්ථාවල කැමරාව ලබාගන්නා
exposure අගය මගහැර නැවතුම් (stops) කිහිපයකින් exposure එක අඩු හෝ වැඩි කරගැනීමට මෙම
සැකසුම භාවිතා කළ හැක.
බොහෝ කැමරාවල මෙම අගය -3 සිට +3 දක්වා අගය පරාසයක දක්නට ලැබේ. එනම් නැවතුම්
(stops) තුනක පරාසයක අඩු හෝ වැඩි අගයක් ලබා දීමට හැකිය.
ඉතින් photography තෙවැනි ලිපියත් සමගින් චායාරූපකරණයේ
මූලීක සැකසුම් කොටස අවසන් වෙනවා. මීළඟ කලාපයේ ලිපියෙන්
අපි කතාකරමු කැමරා වර්ග, ඒවායේ භාවිත හා කැමරාවක්
ක්‍රියාකරන ආකාරය ගැන. එතෙක් ඔබට ජයෙන් ජය!
බිනර සිසිරංජන

චායාරූපකරණයට පිවිසෙමු

තාක්ෂණය මගින් අලුත් වන අනාගත නිවස
PHOTOGRAPHY 1

Google Keep Document
කොහොමද වලට ඉතින් හුඟ දවසකින් හම්බුන නිසා අද අපි කතා කරන්න හිතුවා සමාජයේ පොදු ක්‍රියාවන් අපි සිත කරන කොට අපිට සිද්ධ වෙනවා පාවිච්චි කරන්න විවිධ ක්‍රම එහෙම නැත්නම් strategies ,ඉතින් මෙන්න මේ strategies ටිකක් අද ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මම ඉන්නෙ ගොඩක් වෙලාවට මෙතනදී සිකුරුටි සම්බන්ධ කාරණා සහ ඔයාලගේ privacy එක ගැන ගොඩක්ම හිතලයි මං මේ කරුණු කාරණා ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ.
හරි ඉතින් මෙතනදි සඳහන් කරන සමහර කරුණු නිසා කිසිම ඇප් එකක් වත් කිසිම ආයතනයක් වත් මම ප්‍රමෝට් කරන එක නෙමේ මේ කරන්නේ මෙතනදි මම ඔයාලත් එක්ක බෙදා ගන්න බෙදා ගන්නේ මගේ prrsonal අත්දැකීම් සහ මම ඒ ඒ අවස්ථාවල දී පාවිච්චි කරන විවිධ ක්‍රම .
මුලින්ම අපි බලමු අපි ගොඩක්ම පාවිච්චි කරන පාවිච්චි කරන චැට් කරන්න එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා හරහා තව කෙනෙක්ට කතා කරන්න පාවිච්චි කරන apps මොනාද කියල.අපි හැමෝම අතර ජනප්‍රිය කීපයක් තියෙනවා imo, viber, whatsapp ඉතින් මේ විදියට තවත් ගොඩක් තිබුනත් අපි ප්‍රධාන වශයෙන් හැමෝම භාවිත කරන ලංකා ප්‍රසිද්ධ මෙය 3 ගැන කතා කරමු .රිතික් සිකුරුටි අතින් බැලුවොත් ඉමු කියන ඇප් එක ෆෝන් දෙකක එකවර එකම මොහොතේ එකම එකවුන්ට් එක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේක එක්තරා විදියක අවාසියක්.ඒ වගේම තමයි වට්ස්ඇප් සහ වයිබර් කියන ඇප් එක ගොඩක් අය පාවිච්චි කරණවා.මේ දෙකේම secutity එක ටිකක් වැඩියි ඒ අතින් වැඩිම security එකක් තියෙන්නෙ Viber app එකට ඉතින් ඔයාට පුළුවන් මේකේ තියෙන secret chat කියන option එක use කරලා files ,photos,messages හැමදෙයක්ම යවන්න පුළුවන් වගේම හැම දෙයකම රහස්‍ය භාවය රැකෙනවා..ඉතින් ඔයාලටත් පුළුවන් මේ ක්‍රමේ try කරලා බලන්න.
ඔයාලා දන්නෙ නැති භාෂාවක ලියකියවිල්ලක් හෝ යම් දෙයක් හම්බුනොත් අපි උදාහරණයකට කියමු අපි අලුතෙන් මිලදී ගන්නවා නිවසට අලුත් විදුලි උපකරණයක් හෝ විදෙස් රටකින් කුමන හෝ දෙයක් ගත්තොත් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කළත් වෙනත් භාෂාවකින් යමක් තිබුනොත් එය අපට කියවීමට හෝ තේරුම් ගැනීමට නොහැකිය.ඒ වගේ වෙලාවට ඔයාලට ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි google lens කියන ඇප් එක පාවිච්චි කරලා ඔයාලට සජීවීව යම් කිසි වස්තුවක් මත මුද්‍රණය කරලා තියෙන ඕනම දැනට ලෝකයේ සම්මත පිළිගත් ඕනෑම භාෂාවක් ඔයාලට කැමති භාෂාවක් විදියට පරිවර්තනය කරන්න පුළුවන්.
ඉතින් මේ වගේ එදිනෙදා ජීවිතයේදී තවත් භාවිතා කරන්න පුලුවන් පුංචි උපක්‍රමයක් තමයි හදිසියෙවත් ඔයාලගෙ ෆෝන් එකක් අස්ථාන ගත උනොත් ඒ කීවේ නැති උනොතින් හොයාගන්න ටිකක් සම්භාවිතාවක් තියෙන ක්‍රමයක්.ඔයාලා දන්නවද find me කියන option එක ඇත්තටම මේක app එකක් විදියටත් තියෙනවා.හැබැයි ඔයාලා මේක කලින් ඔයාලගෙ gmail එකකින් ලොග් වෙලා බලන්න ඒකට access දෙන්න සහ ඔයාලගෙ දුරකතනයේ location සහ mobile data හෝ wifi යන Option දෙක අනිවාර්‍යෙන්ම ක්‍රියාත්මක කර තැබිය යුතුමයි.තවද ඔබගේ දුරකතනයේ මේ settings වෙනත් පුද්ගලයෙකුට ක්‍රියා විරහිත කිරීම හෝ ඒ setting වලට acccess වීම වැලැක්වීමට දුරකතනයට Lock එකක් දමා තිබිය යුතුමයි සහ එම lock එක තිබියදී අර settings වලට access වීමේ හැකියාව නැති විය යුතුමයි .ඉතිං මේ අය පහසුකම් ටික ඔබ සපුරා තිබේ නම් හදිසියේ ඔබ අතින් ඔබගේ දුරකථනය නැති වූ අවස්ථාවකදී හෝ අස්ථානගත වූ අවස්ථාවකදී ඔබට වෙනත් දුරකථනයක් භාවිතයෙන් ඔබගේ gmail එක තුළට තුළට ඇතුළු වී මෙම app එක හරහා ඔබගේ දුරකථනය තිබෙන තැන එහි තිබෙන දත්ත මකා දැමීම හා එයින් ශබ්දයක් නිකුත් කිරීම එහෙමත් නැත්නම් එයින් music එකක් වැනි දෙයක් නිකුත් කිරීම කළ හැකියි.
ඉතින් ඔන්න අද අපි විවිධ ක්‍රම තුනක් අරගෙන ආවා ඔයාලටඉතිං ඔය වෙනසකටත් එක්ක හිතුව මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ඔයාලට අරගෙන එන මොකද අපි සමහර වෙලාවට හිතන්නේ නැති පැති වලින් අපිටදැනුම අවශ්‍ය වෙනවා ඉතින් මම හිතුවා මින් ඉදිරියට මේ වගේ පුංචි පුංචි ටෙක්ස් සහ තවත් ඔයාට උවමනා කරන අවශ්‍යම දේවල් අරගෙනඔයාලා අත 4ක් එන්න ඉතින් අතට අපේ ලිපිය අවසන් වෙනවා ඉතින් මේ වගේ තවත් ලිපියක් අරගෙන ලබන මාසේ ඔයාලට එන්න මම බලාපොරොත්තු වෙනවා .
P.K.D.Manujaya
(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )
076 2209299

Google lence
අද අපි කතා කරන්න යන්නෙ ඔයාලා ලගම තියෙන ඔයාලා නොදන්න තවත් එක Google Service එකක් ගැන ඔයාලට කියලා දෙන්න.ඔයාලගෙ ජීවිත තවත් පහසු කරන්න තවත් එක තාක්ෂණික ලිපියක් ඔබ වෙත ගෙන එන්න තමයි අද මම ආවේ.
අද අපි කතා කරන්න යන්නෙ Google Lens කියන ඔයාලගෙ Camera එක access කරලා දෙන තවත් Google service එකක් සම්බන්ධවයි.
Search What You See – ඔබ දකින දේ සොයන්න කියන තේමා පාඨය යටතේ තමයි මේ Service එක එන්නේ.ඔබ අවට ඇති දේ වෙනස්ම ආකාරයකින් දැකීමට මෙම සේවාව මහත් උපකාරී වනු ඇත. මෙය මගින්,

1. Text Scan කිරීම සහ ඒවා Translate කිරීමට හැකි වේ
Real Time එහෙමත් නැත්නම් ඔබ ඒ දෙස බලන මොහොතේම ඔබට අවශ්‍ය text එකක් ඕනෑම භාෂාවකින් පරිවර්තනය කර බලා ගත හැකි වේ තවද, වචන Translate කරගැනීමට , විවිද events ඔබගේ calander එකට ඇතුලත් කිරීමට ,දුරකතන අංකයකට කතා කිරීමට, හෝ එහි ඇති දේ Copy කරගැනීමටද හැකි වේ.
2. Find A Look you like මෙහිදී ඔබ දකින ඕනෑම වස්තුවකට සමාන වස්තුවක Online sale දමා ඇති තැනක මිල වැනි දෑ ඔබට එම මොහොතේම බලාගත හැකි අතර මේ සදහා ඇදුම්, ගෘහභාණ්ඩ ,නිවෙස් අලංකරණ ආදිය ඇතුලත් වේ.

3. Copy and paste text to your Computer
ඔබ දකින ලිපියක හෝ කුමන හෝ තැනක ඇති අකුරු කිහිපයක් හෝ වචන දලින් සෑදුනු කිහිපයක් Scan කර එය ඔබගේ පරිඝනකයේ ඇති document එකක් තුලට ඇතුලත් කරගැනීමෙ හැකියාවක් පවතී.

4. Identify Plants and animals
ඔබ අසල ඇති ශාකයක හෝ සත්වය්කු හදුනාගැනීමට හා විස්තර දැන ගැනීමට මෙම ක්‍රමය භාවිත කළ හැක.
5. Step by step homework help
ඔබගේ පාසලේ හෝ ඉගෙනුම් කටයුතු කරණ ස්ථානයේ ඉතිහාසය ,ගණිතය, ජීව විද්‍යාව ,රසායන විද්‍යාව ,භෞතික විද්‍යාවේ එන ගැටලු විස්තරාත්මකව පියවර සහිතව විසදා දීමට මෙයින් ඔබට උපකාර කරයි. ඉතින් මේ වගේ ඉතාම ලෙහෙසියෙන් වැඩ ගන්න පුළුවන් servece එකක් Google එකෙන් අපිට දීලා තියෙනවා කියලා ඔයාලත් දැනන් හිටියද.ඔන්න ඔයාලට අද try කරලා බලන්න අලුත් මාතෘකාවක් තියෙනවා..ඉතින් අදට අපේ ලිපියෙන් මම සමුගන්නවා.තවත් මේ වගේම වටිනා ලිපියක් සමගින් ඊලග කලාපයේදීත් හමුවෙමු.

P.K.D.Manujaya
(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )
076 2209299

Google Travel
කොහොමද ඔයාලට අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත්ම විදියකට හැඩ ගැහෙන ගමන් අලුත් දෙයක් ඉගෙන ගමුද .? ඔන්න වෙනදා වගෙම මම ඔයාලට අලුත් දෙයක් අරගෙන ආවා.අදත් කියලා දෙන්න යන්නෙ ඔයාලා ගොඩක් අය නොදන්න නමුත් ඔයාලට ප්‍රයෝජනවත් වන Google Service එකක් පිලිබදව..
ඉතින් මේ කතාව Google Travel කියන Service එක සහ ඒකේ වැඩ කටයුතු සිද්ද වෙන ආකාරය.
ගොඩක් වෙලාවට ඔයලා trip එකක් යන්න plan කරණ හෝ කරපු කෙනෙක්නම් ඔයාලා Google එකේ ඒකට අදාල විස්තර search කරපු කෙනෙක්නම් සමහර විටක මේ Service එක හමුවෙන්න ඇති.
මේ Google Travel ගැන සරලවම කිව්වොත් පරිශීලකයන්ට සංචාර වෙන් කරවා ගැනීමට, ගමන් මාර්ග කළමනාකරණය කිරීමට ඉඩ සලසන යෙදුමකි.2016 Silicon Valley Giant හිදී මෙය සේවාවක් ලෙස හදුන්වා දෙන ලදී.මීට පෙරදී Google Trip ලෙස අසා තිබුනේත් මෙම service එකමයි.
Google Travel එකෙන් මොනවද කරන්න පුලුවන්.
හොදයි අපි දැන් මෙහි සරල පැහැදිලි කිරීමක් දැන ගත්තනේ.ඉතින් අපි බලමු මෙයින් ඉටු වෙන සේවාවන් මොනවද කියලා..
ඔබ නොසැලකිලිමත් ලෙස Search කරන්නේ නම් හෝ ඔබට යාමට අවශ්‍ය ස්ථානය දැන සිටියත්, Google Travel සමඟින් ගුවන් ගමන් සෙවීම පහසුය. ඔබට ඔබගේ සෙවුමේ සංචාර කොපමණ කාලයක් පැවතිය යුතුද යන්න සැකසීම සමඟින් ඔබට පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය දිනයන් වෙනස් කළ හැක.
ගුවන් ගමන් සොයන විට, ඔබට පරාමිති කිහිපයක් භාවිතා කර ඔබගේ සෙවුම කැමති පරිදි සිදු කළ හැක. මේවාට ඇතුළත් වන්නේ:
1.ඔබ භාවිතා කිරීමට කැමති ගුවන් තොටුපල සම්බන්ධ කිරීම
2.ගමනේ සියලුම ගමන් සඳහා ඔබට ගමන් කිරීමට අවශ්‍ය දවසේ වේලාව
3.ඔබට පියාසර කිරීමට අවශ්‍ය ගුවන් සමාගම්
මේ විතරක් නෙමේ..ඔයාලට ගමන් මලු දීමනාව (baggage allowance) සහ තවත් දේ මත පදනම්ව ගුවන් ගමන් සෙවිය හැක.
ගුවන් ගමන් වලට අමතරව, ඔබට හෝටල්වල මිල ගණන් ද පරීක්ෂා කළ හැකිය. මෙය සිදු කිරීම සඳහා, හෝටල් මිල ගණන් වෙත ගොස් “What you’ll pay” මගින් කළ හැකි වේ..
ඔබේ ආශ්වාදය සදහා සහ විවිධ චාරිකා මත සෙවුම් කළ හැකි වේ.
බොහෝ පුද්ගලයින් සඳහා, ඔවුන්ගේ සංචාරයේ සෑම කොටසක්ම වෙන්කරවා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩා හොඳින් රිසිකරණය කිරීමට උපකාරී වේ. ඔබ මෙම පුද්ගලයන්ගෙන් කෙනෙක් නම්, ඔබගේ සෙවුම් ප්‍රතිඵල ඔබගේ ඉල්ලීම් වලට වඩාත් ගැලපෙන බව සහතික කර ගැනීමට Google Travel ඔබට විකල්ප කිහිපයක් වෙනස් කිරීමට ඉඩ ලබා දෙන බව නිසාම ගැනීමට ඔබ සතුටු වනු ඇත.
ඔබගේ විස්තර එකතු කිරීමේ හැකියාව
ඔබ ඔබගේ සංචාරය සැලසුම් කිරීමට සූදානම් වූ පසු, ඔබට අවසාන ගමන් විස්තරය නිර්මාණය කිරීමට Google Travel භාවිතා කළ හැක. ඔබ නව ගමනක් ආරම්භ කරන විට, ඔබට එයට බොහෝ දේ එකතු කළ හැකිය.ඔබගේ ගුවන් ගමන්වල සිට ඔබ කෑමට කැමති ස්ථාන දක්වා සියලූම විස්තරද එකතු කල හැකියි.
ඔබ Google Travel හරහා ඔබගේ ගුවන් ගමන් සහ නවාතැන් වෙන්කරවා ගන්නේ නම්, ඔබගේ තහවුරු කිරීම් ඔබගේ ගමන් විස්තරයට එකතු වේ.
ඔබගේ සැලසුම් එකතු කිරීමට අමතරව, ඔබගේ ගමනාන්තය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටද ඔබට මෙම කොටස භාවිතා කළ හැක. ඔබ සංචාරය කිරීමට අදහස් කරන වසරේ කාලය සඳහා සාමාන්‍ය උෂ්ණත්වය සමඟින් Google ඔබට නිතර අසන ප්‍රශ්න පෙන්වයි.
නවාතැන් වෙන් කිරීමේ හැකියාව.
ඇත්ත වශයෙන්ම, ඔබට කොහේ හරි සංචාරයක් සැලසුමක් තනිවම කිරීම අපහසු වන නිසාම මේ සේවාව ඉතාමත් පහසුවේ.ගුවන් ගමන් මෙන්ම, ඔබට Google සංචාරක අතුරුමුහුණත හරහා හෝටල් වෙන්කරවා ගත හැක.
හෝටල් සොයන විට, ඔබට ඔබගේ සෙවුම මිල සහ සංචාරයේ කොපමණ පිරිසක් සිටීද යන්න මත පදනම්ව Filter කළ හැක. ඔබ වෙනත් හෝටල් වෙළඳ නාමවලට වඩා කැමති නම්, ඔබට පෙන්වීමට ඔබ කැමති විකල්ප සඳහා පමණක් තෝරාගත හැක.
ඔබට ඔබේ හෝටල් search කිරීම Filter කළ හැකි වෙනත් ක්‍රමවලට ඇතුළත් වන්නේ:
- දීමනා
- නොමිලේ Wi-Fi සහ ළමා හිතකාමී වැනි පහසුකම්
- හෝටලයේ පන්තිය/තරු ශ්‍රේණිගත කිරීම
ඔබට නේවාසිකාගාර සහ ගෙස්ට් හවුස් වෙන්කරවා ගැනීමටද මෙම විශේෂාංගය භාවිතා කළ හැක. ඔබේ නවාතැන් වෙන්කරවා ගැනීම ආරම්භ කිරීමට, ඔබට Hotel එකේ website වෙත යාමට අවශ්‍ය වනු ඇත. ඔබ එහි සිටින විට, ඔබට අවශ්‍ය යැයි හැඟෙන පරිදි කැමති දෙයක් තෝරා ගැනීම කළ හැක.
දේපල බදු ගැනීම.
ඔබ හෝටලයක නවාතැන් ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ නම්, ඔබට Google Travel හරහා පුද්ගලික නිවාඩු කුලී සොයා ගත හැක. ඔබට විකල්ප කිහිපයක් පෙනෙනු ඇත,:
Apartment
Guest House
කුටි(Cottage)
Hotel මෙන්ම ඔබට අවශ්‍ය පහසුකම්, ඔබේ මිල පරාසය සහ තවත් දේ මත පදනම්ව ඔබට තෝරා ගැනීම කළ හැක.
ඉතින් මේ වගේ තවත් විශේෂාංග රාෂියක් මෙම සේවාව ඔස්සේ ඔබට ලබා ගත හැකි අතර තවත් සේවාවන් රැසක් මෙහි ඇත.ඉතින් අදට අපි මෙතනින් සමුගන්නවා..තවත් කොටසක් අරගෙන ආයේ ඉක්මනින්ම හමු වෙනකම් ඔයාලට සුබම සුබ නව වසරක් වේවා..!
(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )
076 2209299

Google Keep
ආයුබෝවන්..! මේ අවුරුද්දේ අවසාන ලිපිය විදියට මේ ලිපිය හදුන්වන්න පුලුවන් ඉතින් බලාපොරොත්තු රැසක් එක්ක අපි දැන් මේ අලුත් අවුරුද්දට අඩිය තියන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ අපි අද අලුත් දෙයක් ඉගෙනගන්න යන්නෙ

ඉතින් අද මම කියලා දෙන්න යන්නෙ ලිපියක් හෝ යම්කිසි දෙයක් Type කිරීමට යාමේදී අපිට ඒ සඳහා ලේසිම ක්‍රමයක් .ඉතින් අපි බලමු කොහොමද කියලා.

ඉතින් මේ ක්‍රමයට අකුරු Type කිරීමේදී ඔබට සහ කියවන්ටන්නා හටද ඉතාමත් පහසු සහ ඕනෑම ආකාරයක Font එකකට වුවද වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා.ඉතින් අපි බලමු මේ ලේසිම ක්‍රමය මොකක්ද කියලා.

ඔයාලා දන්නවා Google ආයතකය විසින් ඔබට සේවාවන් සමූයක් සහ බොහොමයක් සේවාවන් මුදලක් අය නොකරම ඔබට බුක්ති විදීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඉතින් අපි බලමු මොකක්ද අපි අද භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන සේවාව කියලා. Google Keep ගැන මොනවද ඔයාලා අහලා තියෙන්නෙ ,ඉතින් මේ Google Keep කියන සේවාව තුලින් ඉතා පහසුවෙන්ම ඔබට ඔබගේ ජංගම දුරකතනයේ බොහෝ විට මෙම Software එක එහෙමත් නැත්නම් Google play store හෝ Apple store එකෙන් Download කරගන්න පුලුවන්.
ඉතින් මේකට ගියාට පස්සෙ ඔයාලගෙ ජංගම දුරකතනයෙන් ඔයාලා භාවිතා කරණ හෝ ඔයාලා කැමති Gmail Address එකක් දෙන්න පුලුවන් ඉතින් මීට පස්සෙ ඔයාලට බලාගන්න පුලුවන් ඉතින් මේක ඇතුලේ Section කිහිපයක් තියෙනව ඔයාලගෙ Private Notes, Photos මේකට Add කරන්න පුලුවන් ඒ වගේම තමයි විවිධ Labels ගොඩක් යටතේ ඔයාලට අවශ්‍ය Notes කැමති තරමක් එකතු කරන්න පුළුවන් වගේම කැමතිනම් තවත් ඔයාග මේ Notes එකක් තව යාලුවෙක් හෝ කිහිප දෙනෙක් අතර බෙදාගන්න අවශ්‍ය නම් එක Note එකකට Collaborator කෙනෙක් විදියට එකතු කරගන්න පුළුවන්.ඉතින් අපි හිතමු ඔයාලා Voice Typing හෝ Helakuru වගේ App එකකින් ඔයාලගෙ ජංගම දුරකතනය තුල Google Keep හි Note එකක් විදියට Type කරාම ඒක එම මොහොතෙම Save වෙනවා.ඊට පස්සෙ ඒක අපි අපේ පරිඝනකය තුලට ගන්න විදිය බලමු.ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ පරිඝනකය තුල ඇති Chrome වගේ Browser එකකින් Google Keep කියලා Type කරලා Search කරන එක ඉන් පසුව ඔයාලා ඒ අදාල Gmail එකෙන් Log වෙලා නැත්නම් ඔයාලට Log in කියලා option එකක් පෙන්වයි එතනින් ඔයාලා කරන්න ඕනේ ඒ අදාල Gmail එකට Log වෙලා Google Keep open කර ගන්න එකයි.පසුව ඔයාලට ඔයාලා Type කරලා Save කරපු Note එක මේකේ දැක ගන්න පුළුවන්.ඉතින් ඒක ඇතුලට ගියාම තියෙන Option වල තියෙන Copy to Google Doc කියන Option එක තෝරාගත්තම ඔයාලගෙ Note එක ඔයාලගෙ Browser එක තුලම Google Keep Document එකක් විදියට Open වෙනවා ඉන් පස්සෙ ඔයාලට කරන්න තියෙන්නෙ file වල තියෙන Download කියන option එක තුලින් ඔයාලා කැමතිම Format එකකින් ඔයාලගෙ ලිපිය Download කරගන්න පුළුවන්.

ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.ඒ වගේම ලබන්නා වූ කව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නා වූ සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරණවා.

BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )
076 2209299