
(යෝෂුවා 1:5)
“ඔබේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම ඔබ සමඟත් සිටින්නෙමි.ඔබෙන් අහක්ව නොයන්නෙමි,ඔබ අත්නාරින්නෙමි.”
ප්‍රේමවන්ත දේව දරුවනේ තවත් අළුත් ආරම්භයක්,දෙවියන් වහන්සේගෙන් ශක්තිමත් පණිවිඩයක්.
ඔබ මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ අවධානය යොමු කරන්න.
එදා මෝසස් තුමාට මග පෙන්වු දෙවි පියාණෝ ඔබත් මාත් සමඟ අදත් ජීවමානව සිටීම මහත් වූ ශක්තියක්, බලයක් නොවේද?එමෙන්ම ඉහත දේව වචනය ප්‍රකාරයට “මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුබ සමඟත් සිටින්නෙමි, නුඹෙන් අහක්ව නොයන්නේමි,නුබ අත්නාරින්නෙමි” කියා දෙවි සමිඳාණෝ ඔබටත් මටත් පොරොන්දු වන සේක.ඉන් මේනිසාම ඔබව හොඳින් තේරුම්ගත් දෙවියන් වහන්සේ ඔබව කවදාවත් අත් නාරින සේක.
ඒ වගේම සෑම මවක්ම තමන්ගේ දරුවන් ගැන ඉතා ආදරයෙන් සහ පිරී ඉතිරී යන සෙනෙහසින් සලකන්නාක් මෙන් අපගේ ස්වර්ගීක දෙවි පියාණන් වහන්සේද අපගේ මව්වරු මෙන් ද ඊටත් වඩා ද අප ගැන සලකන සේක.එබැවින් ඔබ කිසි කලක දුක් වෙන්න එපා මන්ද ඔබව දෙවියන් වහන්සේ අත් නොහරී.
ඉතින් මේ කාරණා නිසාම මම ඔබට කියන්නේ ජීවිතේට පැමිණෙන ප්‍රශ්න,පීඩා,කරදර ගැන බිය නොවන්න.දෙවියන් වහන්සේ ඔබ ගැන සලකන බව මෙනෙහි කරමින් ඔබගේ සියලු කාරණාවල දී ඔබ උන් වහන්සේට යාඥා කරන්න.තවද
(නික්මයාම 3:14)
“එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක.”
කියා මෝසෙස් තුමාට පොරොන්දු වූ ජීවමාන දෙවියන් වහන්සේ අදත් මේ මොහොතෙදිත් ඔබ සමඟ සිටින සේක.එබැවින් උන්වහන්සේ ඔබගේන් අහක්ව යන්නේවත්,ඔබ අත්නාරින්නේවත් නැත.
ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!
ජේසු පිහිටයි!
ඔබව දෙවියන් වහන්සේ අල්ලා
ගන්නේ නම් වලක්වන්ට කිසිවකුට
බැරිය.
(යෝබ් :9 – 12)
උන්වහන්සේ අල්ලාගන්න කල උන්වහන්සේ
වලක්වන්නේ කවුද? ඔබ මක්කරනවාදැයි
උන්වහන්සේට කියන්ට පුළුවන් කාටද?
සෙනෙහෙවන්ත දරුවනේ දෙවියන්වහන්සේගේ
මහත් වූ ප්‍රේමය නොහැද ජේසුස් ක්‍රිස්තුස්
වහන්සේගේ ගැලවීම නොලැබු ජීවිතයේ කඳුළු,දුක්
පමණක්ම ඉතිරි වී හැදු වැඩු දෙමාපියන්ටත් ඔබව
එපා වී,මාවතේ කිසිදු සරණක් නොමැතිව සිටින්නේ
නම් යේසුස් වහන්සේ ඔබව අල්ලා ගැනීම
මොනතරම් නම් යහපත් වාසනාවන්ත දෙයක්ද?
එමෙන්ම එය වලක්වන්ට මිහිපිට සමත් වන්නා වූ
කිසිවෙක් නොමැති බව ඔබ හොඳින් සිහි
තබාගන්න.එබැවින් ඉහත ප්‍රධාන දේව වචනය වන
යෝබ් නමයේ සිට දොලහා අනුව උන්වහන්සේ
අල්ලා ගන්නා කළ උන් වහන්සේව වළක්වන්නේ
කවුද? කියා ඔබේන් ප්‍රශ්න කරනු ලබයි.
එම නිසා අද දින ඔබව දෙවිඳුන් අල්ලා
ගන්ටත්,ඔබගේ සිත සැනසීමෙන් පිරවීමටත්
හැකියාව ලැබෙන යහපත් ආශිර්වාදමත් දවසක්
ඔබට ඔබ සැමට උදා වේවා කියා ජීවමාන යේසුස්
යන බලවත් නාමයෙන් මම සුබ ප්‍රාර්ථනා කරමි.
දුක් නොවන්න බිය නොවන්න මන්ද සර්වබලධාරී
ජීවමානව යේසුස් වහන්සේ ඔබව කිසිදා අත්
නොහරින්නේ ය.
ඔබට ජේසු පිහිටයි!
(ගීතාවලිය :25 – 22)
දෙවියන්වහන්ස, ඊශ්‍රායෙල් ඔහුගේ සියලු දුක්වලින් මිදුව මැනව.
ඇත්තෙන්ම මම අද දවසේ ඔබත් සමඟ බෙදාගන්නට සිතුවේ ඔබගේ ජීවිතයේ සෑම දුකක්ම සෑම වේදනාවක්ම දෙවියන්වහන්සේ හට භාර දෙන්න කියාය.ඇත්තෙන්ම අපි ඉහත බැලු බයිබල් පදයට අනුව අපිට පෙනී යන දෙයක් නම් අද සමාජයේ අපිට අපගේ දුකක්,ප්‍රශ්නයක් ගැන කියන්න කෙනෙක් නොමැති කාලයක ඔබගේ ප්රශ්නය ගැන කතා කරන්න කියන්න විශ්වාසවන්තම කෙනෙක් සිටිනවා.ඉහත බයිබල් පදයට අනුව අපි දකිනවා ඊශ්‍රායල් සෙනග කරන්නාවු කන්නලව්ව.ඉන් මා ඔබට කියන දෙයනම් ඔබගේ ජීවිතයේ ඔබට තිබෙන ප්‍රශ්න,වේදනා සියල්ල භාර දෙන්න යේසුස් හට.උන්වහන්සේ ඔබව පිළිගෙන ඔබට ආශිර්වාද කරනවා ඇත.
ඉතින් ඔබ මොහොතක් කල්පනා කරන්න ඔබගේ ජීවිතයට ජය දෙන ඔබව විශ්වාස කරන ඔබට ඇහුම්කන් දෙන කෙනෙකු සිටීම කොපමණ යහපත් දෙයක්ද කියා.ඉතින් ඔබ තවත් දුක් විය යුතු නැහැ මක්නිසාද ඔබ දෙවියන්වහන්සේව තදින් අල්ල ගන්න උන්වහන්සේ ඔබට ජය දෙනවා ඇත.
ඒවගේම ඉහත බයිබල් පදය දෙස බලන විට ඔබට සිතිය හැකියි මෙම පදය ඔබට අදාළ නැතැයි කියා.මෙය අයිති ඊශ්‍රායල්වරුන්ට පමණක් බව ඔබ සිතනවා වන්නට පුළුවන්.නමුත් මෙම පදය අපි සියලු දෙනාටම අදාළයි.හොදයි අපි තවත් දේව වචනයක් දෙස අපගේ හදවත යොමු කරමු.
(යෙරෙමියා :32 – 27)
බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය.මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?
ඉතින් ඔබ මොහොතක් කල්පනා කරන්න උන්වහන්සේ අපි සැවොමගේ දෙවියන්වහන්සේ බව.උන්වහන්සේ අපි හැමෝම වෙනුවෙන් ජීවිතය පූජා කරපු දෙවිඳුන් ලෙසට උන්වහන්සේ අපි හැමෝටම පුදුම ලෙස ප්‍රේම කරන යේසුස්වහන්ස වේ.
ඉතින් අවසාන වශයෙන් ඔබට කියන්නට තිබෙන්නේ යේසුස් වහන්සේව විශ්වාස කරමින් ඔබගේ සෑම දුකක්ම උන්වහන්සේට භාර දී ජීවිතය ජය ගන්න.
ඔබ සැමට ජේසු පිහිටයි!
හොඳයි අද දවසේ මම ඔබත් සමග බෙදා ගන්න යන්නේ ඔබගේ ඇතුලාන්ත මනුෂ්‍යයාව බලවත් කර ගන්නේ කෙසේද කියා?
හොඳයි අපි බලමු ශුද්ධ බයිබලයේ සඳහන්ව ඇත්තේ කුමක්ද කියා.
(2කොරින්ති 4:16)
“එහෙයින් අපි ක්ලාන්ත නොව මුව ;අපගේ පිටත මනුස්සයා ක්ෂය වෙන නමුත් අපේ ඇතුළු මනුස්සයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය.
ඉතින් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ශුද්ධ බයිබලයේ අපිට පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා අපේ පිටත තිබෙන්නා වූ ශරීරය ක්ෂය වෙලා යනවා නමුත් අපේ ඇතුළාන්ත මනුස්සයා දවසින් දවස අලුත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.ඉතින් මගේ ප්‍රේමවන්තයෙනි මම ඔබ හැම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා ඔබගේ පිටත ශරීරයට වඩා ඇතුලාන්ත මනස ගැන ඔබ මොහොතක් කල්පනා කරන්න කියා.ඔබගේ ඇතුළාන්ත මනස ඔබ වියවුල් කරගත්තොත් ඔබගේ ඇතුලාන්ත මනස අපිරිසිදු කර ගත්තොත් එය ඔබ කිලිටි කර ගත්තොත් ඔබගේ ජීවිතයම අපිරිසිදු වෙලා යනවා.ඔබගේ පිටත ශරීරය පවා විනාශ වෙලා යන්න පුළුවන්.
ඒක නිසා පළමු කොට ඔබගේ ඇතුලාන්ත මනස ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ශක්තිමත්ව තබාගන්න එවිට දෙවිඳුන්ගේ බලවත් හස්තය පුදුමාකාර වෙනසක් ජීවිතයේ ඇතිකරන්න යනවා .ඉතින් එම නිසා මම ඔබට කියන්න කැමතියි ඔබ ඔබගේ පිටත ශරීරය බොහෝ ආහාරපාන වලින් විටමින් වලින් බොහෝ ව්‍යායාම වලින් ඔබගේ පිටත ශරීරය ශක්තිමත්ව තබා ගන්න ඔබ බොහෝ වෑයම් කරනු ඇති නුමුත් මම ඔබට කියන්න කැමති ඔබ මෙච්චර දේවල් වියදම් කරලා ඔබගේ ශරීරය කොපමණ ආකාරයෙන් හොඳින් තබා ගන්න උත්සාහ කරත් ඔබගේ ශරීරය යම් දවසක මේ පොළොවට පස්වෙලා යනවා. ඉතිරිවෙන්නෙ ඔබගේ ආත්මය පමණයි.
ඒක නිසා මම මේ මොහොතේ ඔබට කියන්න කැමති ඔබ ඔබගේ පිටත ශරීරය පෝෂණය කරනවා වගේම ඔබගේ ඇතුලාන්ත ශරීරය ඔබගේ ඇතුලාන්ත මිනිසා ඔබ අද පටන් පෝෂණය කරන්න පටන් ගන්න.
අපි කොහොමද ඇතුළාන්ත මනුස්සයව පෝෂණය කරන්නේ? හොඳයි ඔබ මොහොතක් බලන්න මේ බයිබල් පදය තුළින් ස්වාමීන් වහන්සේ අපට පවසා තිබෙන්නේ කුමක්ද කියා.
(ශුද්ධ මතෙව් 4:4)
“මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටී පමණකින් ජීවත් නොවන්නේය.”
ඉතින් ඔබ මේ වචනය ගැන හොඳින් මෙනෙහි කරන්න ඔබගේ ඇතුලාන්ත මනුස්සයා අවදි වෙන්නේ ඔබගේ ඇතුලාන්ත මනුෂ්‍යයා ශක්තිමත් වෙන්නේ දෙවියන් වහන්සේගේ බලවත් වූ වචනය ඔබ තුළ පවතිනවා නම් පමණයි.එක නිසා ඔබ අද පුරුදු වන්න ශුද්ධ බයිබලය අරගෙන කියවන්න. කියවනවා වගේම ඔබ දෙවියන් වහන්සේ සමඟ කාලය ගත කරන්න. දෙවිදුන් සමග යාඥාවේ යෙදෙන්න. දෙවියන් වහන්සේ සමග නමස්කාර කරන්න. පුළුවන් තරම් ඔබ උන්වහන්සේ සමග ඔබගේ කාලය ගත කරන්න උත්සාහ කරන්න. එවිට ඔබට ඔබ නොදැනුවත්වම ඔබගේ ඇතුළාන්ත මනුෂ්‍ය නැගිටිනවා
ඒ කියන්නේ ඔබ ජීවිතේ ජය ගන්නවා ජයගන්නවාමයි.
ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි!
(1 යොහන්- 3 : 2)
“ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.”
ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි අද දවසේ මා කතා කරන්න යන්නා වූ පණිවිඩය දෙස ඔබගේ මනස ඉතා හොඳින් යොමු කරන ලෙස මම ඉල්ලා සිටිමි. ඔබ මොහොතක් නතර වී ඉතා හොඳින් කල්පනා කර බලන්න මා ඉහත ඉදිරිපත් කර තිබෙන්නා වූ දේව වචනය දෙස.
ඔබ ඔබ ගැන කල්පනා කර බලන්න ඔබ ඔබටම දෝෂාරෝපණය කරනවා ද?නැතිනම් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්භීතව සිට ගන්න පුළුවන් කෙනෙක් ද කියාය.
ඔබට ජීවිතය ජය ගැනීමට නම් ඔබ ඔබගේ දැඩි සිත පහකරගත යුතු වෙනවා.එවිට ඔබට දෙවියන් වහන්සේගේ බලවත් පුදුම ආශිර්වාදයන් වලට හිමිකම් කීමට හැකියාව ලැබේ.
(යෙසාය – 66 : 2)
“මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක.එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.”
මොහොතක් මෙම පදය දෙසට ඔබගේ නෙත් යොමු කරන ලෙසට මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.මෙහිදී දෙවියන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ කුමක්ද?…බලන්න මෙම ස්ථානයේදී අපට පෙන්වනවා දෙවියන් වහන්සේගේ වචනයට අප කොපමණ බයෙන් සිටිය යුතුද, උන්වහන්සේගේ වචනය තුළ අප ජීවත් වෙනවා නම් උන්වහන්සේ අප දෙස බලන බව මෙම පදයෙන් පවසනවා.
ඉතින් එම නිසාම මොහොතක් මේ ගැන කල්පනා කරමින් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න.ඔබගේ ජීවිතයේ වෙනසක් ඇතිවීමට නම් ඔබ වෙනස් විය යුතුය.
(හිතෝපදේශ- 6 : 14,15)
“ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, භේද පතුරුවයි.එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි.”
හොඳයි ඔබ මේ ගැන කල්පනා කර තිබෙනවද?..ඔබගේ නොවෙනස්වන ජීවිතය නිසා ඔබ පමණක් නොව ඔබ නිසා තව බොහෝ දෙනෙකුගේ ජීවිතය විනාශ වනු ඇත.ඉතින් ඔබ අද තීරණයක් ගන්න ජීවිතය වෙනස් කරගන්න.එවිට ඔබගේ අනාගතය තුළ දෙවියන් වහන්සේ වෙනසක් කරනවා ඇත.
හොඳයි මම අදට මෙතනින් නවතිමි නමුත් ඔබ හොඳින් මෙය කියවා ඔබ ඔබගේ ජීවිතය ආශිර්වාදමත් ජීවිතයකට වෙනස් කරගන්න.
ඔබ සැමට සැමට ජේසු පිහිටයි!
(එපීස:5 – 18 – 20)
මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, ඔබ සැමගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.
(1 යොහන්:5 – 14-15)
උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.
මොහොතක් මෙම පදයට ඔබගේ සිත යොමු කරන්න.මෙම පදයට අනුව ඔබ ජීවත් වුවහොත් දෙවියන් වහන්සේගේ බලවත් ආශිර්වාදය ඔබට නොවඩුව හිමි වනු ඇත.එම නිසා ඔබ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන සැබෑ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව ජීවත් වීමට උත්සහ ගන්න.එවිට ඔබ ජීවිතය ජය ගන්නවා ඇත.
ඔබ සැමට ජේසු පිහිටයි!
1යොහාන් 3:21
ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;
හිතෝපදේශ 28:14
නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.
ඔබ හොදින් මතක තබා ගන්න මෙම පදයේ බය වශයෙන් පෙන්වන්නේ දේව බයයි (දේව වචනයට බයවීම).එම නිසා මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි ඔබ ඔබගේ සිත දැඩි කරගෙන ජීවිතය විනාශ කර ගන්නවද?නැතිනම් දේව වචනයට දෙවියන් වහන්සේට බයෙන් යුක්තව නිර්භීතකම ඇතුව ජීවිතය ජයගන්නා මනුෂ්‍යයෙක් වෙනවද?තීරණය ඔබ සතුය..
එම නිසා මොහොතක් සිතන්න.ජීවිතය වෙනස් කරගන්න.දේව ආශිර්වාදය අත්පත් කර ගන්න.ඔබ සැමටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිදහස් වේවා..
ඔබ සැමට ජේසු පිහිටයි!
(හබක්කුක් 2:3
මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය.එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.)
ජේසු පිහිටයි!
(හබක්කුක් 2: 3)
මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය.එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.
මෙම බයිබල් පදය දෙස මොහොතක් ඔබගේ නෙත් යොමුකර බලන්න.ඔබ විශ්වාසයෙන් යුතුව යේසුස් දෙස බලා සිටිනවා නම් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා.
ඔබ සැමට ජේසු පිහිටයි!