ඇතුලාන්ත මනුෂ්‍යයාව බලවත් කරමු

හොඳයි අද දවසේ මම ඔබත් සමග බෙදා ගන්න යන්නේ ඔබගේ ඇතුලාන්ත මනුෂ්‍යයාව බලවත් කර ගන්නේ කෙසේද කියා? 

හොඳයි අපි බලමු ශුද්ධ බයිබලයේ සඳහන්ව ඇත්තේ කුමක්ද කියා.

(2කොරින්ති 4:16)

“එහෙයින් අපි ක්ලාන්ත නොව මුව ;අපගේ පිටත මනුස්සයා ක්ෂය වෙන නමුත් අපේ ඇතුළු මනුස්සයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය.

ඉතින් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ශුද්ධ බයිබලයේ අපිට පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා අපේ පිටත තිබෙන්නා වූ ශරීරය ක්ෂය වෙලා යනවා නමුත් අපේ ඇතුළාන්ත මනුස්සයා දවසින් දවස අලුත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.ඉතින් මගේ ප්‍රේමවන්තයෙනි මම ඔබ හැම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා ඔබගේ පිටත ශරීරයට වඩා ඇතුලාන්ත මනස ගැන ඔබ මොහොතක් කල්පනා කරන්න කියා.ඔබගේ ඇතුළාන්ත මනස ඔබ වියවුල් කරගත්තොත් ඔබගේ ඇතුලාන්ත මනස අපිරිසිදු කර ගත්තොත් එය ඔබ කිලිටි කර ගත්තොත් ඔබගේ ජීවිතයම අපිරිසිදු වෙලා යනවා.ඔබගේ පිටත ශරීරය පවා විනාශ වෙලා යන්න පුළුවන්.

ඒක නිසා පළමු කොට ඔබගේ ඇතුලාන්ත මනස ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ශක්තිමත්ව තබාගන්න එවිට දෙවිඳුන්ගේ බලවත්  හස්තය  පුදුමාකාර වෙනසක් ජීවිතයේ ඇතිකරන්න යනවා .ඉතින් එම නිසා මම ඔබට කියන්න කැමතියි ඔබ ඔබගේ පිටත ශරීරය බොහෝ ආහාරපාන වලින් විටමින් වලින් බොහෝ ව්‍යායාම වලින් ඔබගේ පිටත ශරීරය ශක්තිමත්ව තබා ගන්න ඔබ බොහෝ වෑයම් කරනු ඇති නුමුත් මම ඔබට කියන්න කැමති ඔබ මෙච්චර දේවල් වියදම් කරලා ඔබගේ ශරීරය කොපමණ ආකාරයෙන් හොඳින් තබා ගන්න උත්සාහ කරත් ඔබගේ ශරීරය යම් දවසක මේ පොළොවට පස්වෙලා යනවා. ඉතිරිවෙන්නෙ ඔබගේ ආත්මය පමණයි.

ඒක නිසා මම මේ මොහොතේ ඔබට කියන්න කැමති ඔබ ඔබගේ පිටත ශරීරය පෝෂණය කරනවා වගේම ඔබගේ ඇතුලාන්ත ශරීරය ඔබගේ ඇතුලාන්ත මිනිසා ඔබ අද පටන් පෝෂණය කරන්න පටන් ගන්න.

අපි කොහොමද ඇතුළාන්ත මනුස්සයව පෝෂණය කරන්නේ? හොඳයි ඔබ මොහොතක් බලන්න මේ බයිබල් පදය තුළින් ස්වාමීන් වහන්සේ අපට පවසා තිබෙන්නේ කුමක්ද කියා.

(ශුද්ධ මතෙව් 4:4)

“මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටී පමණකින් ජීවත් නොවන්නේය.”

ඉතින් ඔබ මේ වචනය ගැන හොඳින් මෙනෙහි කරන්න ඔබගේ ඇතුලාන්ත  මනුස්සයා අවදි වෙන්නේ ඔබගේ ඇතුලාන්ත මනුෂ්‍යයා ශක්තිමත් වෙන්නේ දෙවියන් වහන්සේගේ බලවත් වූ වචනය ඔබ තුළ පවතිනවා නම් පමණයි.එක නිසා ඔබ අද පුරුදු වන්න ශුද්ධ බයිබලය අරගෙන කියවන්න. කියවනවා වගේම ඔබ දෙවියන් වහන්සේ සමඟ කාලය ගත කරන්න. දෙවිදුන් සමග යාඥාවේ යෙදෙන්න. දෙවියන් වහන්සේ සමග නමස්කාර කරන්න. පුළුවන් තරම් ඔබ උන්වහන්සේ සමග ඔබගේ කාලය ගත කරන්න උත්සාහ කරන්න. එවිට ඔබට ඔබ නොදැනුවත්වම  ඔබගේ ඇතුළාන්ත මනුෂ්‍ය නැගිටිනවා

ඒ කියන්නේ ඔබ ජීවිතේ ජය ගන්නවා ජයගන්නවාමයි.

ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි!

ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් – පහත් භාවයට) කරුණු විමසීය.

“කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”?

එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් – පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි.

“කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං – හීනප්පණීතතායාතී”

යමෙක් ලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ නොගැනීම හෙවන් අද්වේශය නැමති කුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

== සුරූපී වීමට හෙවත් ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය ==

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න ඛ්‍යාපජ්ජති න පතිටඨියති න කොපඤ්ච දොසඤ්ච අප්පච චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකො හොති. පාසාදිකසංවත් තනිකා එසා, මාණව, පටිපදා යදිදං – අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි චුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න බයාපජ්ජති න පතිට්ඨීයති න කොපඤ්ච දොසඤ්ච අප්පචයඤ්ච පාතුකරොති.

මානවයක, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට නැත්තේ වෙයි ද, බොහෝ දෙයක් කීවේ නමුත් නො කිපෙන සුළු වෙයිද, නොගැටෙයි ද, විරුද්ධ බවට නොපැමිණෙයි ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නොකරයි ද, මෙසේ ඔහු හෝ ඇය අන්‍යයන් සමඟ සුහදව සිටීමේ විපාක වශයෙන්, ශරීරයේ බිඳීමෙන් හෙටත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් සුරූපී තැනැත්තෙක් බවට පත් වෙයි. මෙය සුරූපී බව ඇතිවීම සදහා බලපාන ප්‍රතිපදාවයි..

ඉතින් ඔබත් නුවණින් කරුණු විමසා බලන්න ,,අද කාලයේ බොහෝ දෙනෙක් තම රූපය ලස්සන කරගැනීමට කොපමණ වෙහෙසක් දරනවාද?

විශාල මුදලක් වියදම් කරමින් මෙන්ම තම වටිනා කාලය නාස්ති කරමින් ලබා ගන්නා ලස්සන තාවකාලික බව ඔබ පැහැදිලිව දැකගත හැක.

එම ලස්සන බාහිර හේතු නිසා ඉතා ඉක්මණින් වෙන්ව් වීමකට ලක්වෙයි.

නමුත් කුසල කර්මයේ විපාක වශයෙන් ලැබෙන සුරූපී බව ඉක්මණින් විනාශ නොවන බවත් අමතර වෙහෙසකින් තොරව ලැබෙන බවත් පැහැදිලි වේ..

සෑම හටගත් දෙයක්ම හේතුව නැති වීමෙන් විනාශ වන්නේය .සුරූපී බවද සැමදාම එකලෙස නොපවතින බව ඔබ නුවණින් වටහා ගත යුතුය.

ඉතින් ඔබත් අසිරිමත් අවබෝධ ඥාණයක් වූ සර්වතඥාණයෙන් නිරවුල්ව අවබෝද කලාවූ ඉහත ප්‍රතිපදාව අනුගමනය කර නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ජාතියකම සුරූපීව ඉපදීමට හැකිබව ඉතා විශ්වාස යෙන් යුතුව මතක් කර සිටිමු.

== අවලස්සනව ඉපදීම සඳහා බලපාන කර්ම ==

යමෙක් අවලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ ගැනීම හෙවත් ද්වේශය නැමති අකුසල කර්මයයි. එම කාරණය ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

ඉධ, මාණව, එකච්වො ඉත්ථි වා පුරිසො වා කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති ඛ්‍යාපප්ජති පතිට්ඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤච පාතුකරොති. සො තෙන කම්මෙන ඒවං සමත්තෙන ඒවං සමාදින්තෙන කායස්ස හෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, කො වෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, දුක්ඛණ්ණො හොති, දුක්ඛණ්ණසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති බයාපජ්ජති පතිටඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ සුළු දෙයකට වුව ද, නිතර නිතර කිපෙන සුළු වෙයි ද, ගැටෙයි ද, විරුද්ධ බවට පැමිණෙයි ද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයිද, මෙසේ ඔහු හෝ ඇය නිතර කිපී අන්‍යයන් සමඟ නිතර ගැටුම් ඇතිකර ගැනීමේ විපාක වශයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ තම විරූපී ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. මෙය විරූපීවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

ඔබත් නුවණින් කරුණු විමසා බලන්න.අද සමාජයේ කෙතරම් පිරිසක් තරහව හෙවත් ද්වේශය නැමති මනෝ භාවයෙන් පෙලෙන බව ඔබට දැක ,දැන ,,අත්විද ඇතිබව ඔබම මෙනෙහි කර බලන්න.රූපලාවන්‍ය කටයුතුවලට බොහෝ මහන්සි වී මුදල් වියදම් කරත් ,තමන්ට ඇතිවන ද්වේශ සහගත සිතුවිලි පාලනය කර ගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වෙති.

ඔබත් කෝපයෙන් ද්වේශයෙන් අන් අය සමග ගැටුම් ඇතිකර ගන්න යනවාද?

එම කෝපය තුල හටගන්නා වූ කර්ම විපාකය විදිය යුතුවන්නේ ඔබමය එබැවින් ද්වේශයෙන් වැලකී මෛත්‍රී සිතුවිලි වලින් සිත පුරවා ගෙන විරූපී බවින් මිදී නිවන් දක්නා ජාතිදක්වා සුරූපී ශරීර ඇතිව ඉපදිමට අවශ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරන්න….

මහරැඹෑවැවේ පාලිත හිමි

ජීවිතයේ වෙනසක් වන්න. ඔබ වෙනස් වෙන්න

(1 යොහන්- 3 : 2)

 “ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.”

ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි අද දවසේ මා කතා කරන්න යන්නා වූ පණිවිඩය දෙස ඔබගේ මනස ඉතා හොඳින් යොමු කරන ලෙස මම ඉල්ලා සිටිමි. ඔබ මොහොතක් නතර වී ඉතා හොඳින් කල්පනා කර බලන්න මා ඉහත ඉදිරිපත් කර තිබෙන්නා වූ දේව වචනය දෙස.

ඔබ ඔබ ගැන කල්පනා කර බලන්න ඔබ ඔබටම  දෝෂාරෝපණය කරනවා ද?නැතිනම් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්භීතව සිට ගන්න පුළුවන් කෙනෙක් ද කියාය.

ඔබට ජීවිතය ජය ගැනීමට නම් ඔබ ඔබගේ දැඩි සිත පහකරගත යුතු වෙනවා.එවිට ඔබට දෙවියන් වහන්සේගේ බලවත් පුදුම ආශිර්වාදයන් වලට හිමිකම් කීමට හැකියාව ලැබේ.

(යෙසාය – 66 : 2)

“මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක.එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.”

මොහොතක් මෙම පදය දෙසට ඔබගේ නෙත් යොමු කරන ලෙසට මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.මෙහිදී දෙවියන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ කුමක්ද?…බලන්න මෙම ස්ථානයේදී අපට පෙන්වනවා දෙවියන් වහන්සේගේ වචනයට අප කොපමණ බයෙන් සිටිය යුතුද, උන්වහන්සේගේ වචනය තුළ අප ජීවත් වෙනවා නම් උන්වහන්සේ අප දෙස බලන බව මෙම පදයෙන් පවසනවා.

ඉතින් එම නිසාම මොහොතක් මේ ගැන කල්පනා කරමින් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න.ඔබගේ ජීවිතයේ වෙනසක් ඇතිවීමට නම් ඔබ වෙනස් විය යුතුය.

(හිතෝපදේශ- 6 : 14,15)

 “ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, භේද පතුරුවයි.එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි.”

හොඳයි ඔබ මේ ගැන කල්පනා කර තිබෙනවද?..ඔබගේ නොවෙනස්වන ජීවිතය නිසා ඔබ පමණක් නොව ඔබ නිසා තව බොහෝ දෙනෙකුගේ ජීවිතය විනාශ වනු ඇත.ඉතින් ඔබ අද තීරණයක් ගන්න ජීවිතය වෙනස් කරගන්න.එවිට ඔබගේ අනාගතය තුළ දෙවියන් වහන්සේ වෙනසක් කරනවා ඇත.

හොඳයි මම අදට මෙතනින් නවතිමි නමුත් ඔබ හොඳින් මෙය කියවා ඔබ ඔබගේ ජීවිතය ආශිර්වාදමත් ජීවිතයකට වෙනස් කරගන්න.

ඔබ සැමට සැමට ජේසු පිහිටයි!

දේව කැමැත්තට යටත් වී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අත්පත් කර ගනිමු!

(එපීස:5 – 18 – 20)

 මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, ඔබ සැමගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

  • ඉහත පදය ගැන මොහොතක් සිතන්න.ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අවශ්‍ය නම් ඔබ වැරදි ඇබ්බැහිවීම් වලින් මිදී සත්‍යතාවයේ ආත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම තුල වැරදි දේ තුලින් ඉවත් විය යුතුයි.එම නිසා අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන මනුෂ්‍යයන් වෙමු.

(1 යොහන්:5 – 14-15)

 උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.

මොහොතක් මෙම පදයට ඔබගේ සිත යොමු කරන්න.මෙම පදයට අනුව ඔබ ජීවත් වුවහොත් දෙවියන් වහන්සේගේ බලවත් ආශිර්වාදය ඔබට නොවඩුව හිමි වනු ඇත.එම නිසා ඔබ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන සැබෑ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව ජීවත් වීමට උත්සහ ගන්න.එවිට ඔබ ජීවිතය ජය ගන්නවා ඇත.

  • ඉතින් ඉහත ලියූ කරුණු ගැන ඔබ හොඳින් මෙනෙහි කර බලන්න,ඔබ ඔබ ගැනම මොහොතක් සිතන්න.තවත් ඔබ ජීවිතය විඳවනවාද? එහෙමත් නැතිනම් ජීවිතය විදගන්නවද? අද දින ඔබ ගන්නා වූ තීරණය කරණ කොටගෙන ඔබට ඔබගේ ජීවිතය වෙනස් කර ගත හැකි වේ.ඉතින් ඔබ ධර්මිෂ්ඨව ජීවත් වෙමින් දේව කැමැත්ත කරන මනුෂ්‍යයෙක් බවට පත්වී ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න එවිට දෙවියන් වහන්සේ ඔබගේ හදවත සහ ඔබගේ ක්‍රියාව දකිමින් දෙවියන් වහන්සේ නුඹට බොහෝ සෙයින් ආශිර්වාද කරනවා ඇත.

ඔබ සැමට ජේසු පිහිටයි!

වැඩි මුදලක් වියදම් නොකොට කළ හැකි මහ පින්කම් කිහිපයක්..

කුසල් දහම් දියුණු කරගන්නා අතරම ඉඩක් ලද විගස මේ පිං කම් ද සිදු කර ගනිත්වා. මේ පිං නිවන් පිණිසද හේතු වේවා යැයි ද ප්‍රාර්ථනා කරත්වා.

1) බුදු ගුණ මෙනෙහි කිරීම

2)දම් ගුණ මෙනෙහි කිරීම

3)සඟ ගුණ මෙනෙහි කිරීම

4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම.

5)අට සිල් සමාදන් වී රැකීම

6)නිති පන්සිල් රැකීම

7)භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම.

8)ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම)

9)ධර්මය කියවීම

10)වතාවත් කිරීම ( පන්සලේ ශ්‍රමදානයක් කිරීම ආදිය )

11)දුගීව සිටද , බුදුරජාණන්වහන්සේ ට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )

12)දුගීව සිටද , මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )

13)පින් දීම

14)සත්‍ය කථා කිරීම

15)දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම

16)සත්පුරුෂයන් කරනා පින්කම් ප්‍රචාරය කර දීම

17)ගිලානෝපස්ථානය

18)මල් පූජා කිරීම

19)මොහොතක් හෝ මෙත් වැඩීම

20)ඇවිදින හැම පියවරක් පාසා සුවපත් වෙත්වා යැයි මෙත් වැඩීම

21)දවසකට එක ධර්ම ලිපියක් ලිවීම හෝ කියවීම හෝ අනිත් අයට කියවීමට අවස්ථාව ලබා දීම

22)ධර්මය හැදෑරීම

23)අනිත් අයගේ ධර්ම ගැටලු වලට ත්‍රිපිටක, අටුවාව, ටීකාව ඇසුරින් පිලිතුරු සෙවීම සහ පිලිතුරු ලබාදීම

24)අභිධර්මය හැදෑරීම

25)ධර්මය දැනගැනීමට තියෙන උවමනාව උනන්දුව වැඩි කරගැනීම

26)ධර්මය වන පොත් කිරීම

වන පොත් කල ධර්මය අර්ථය මෙනෙහි කරමින් සජ්ඣායනය කිරීමට පුරුදු වීම

27)නෙක්කඛම්මය

28)සෑම ආහාර වේලකදීම, එක් ආහාර පිඩක් අනුභවයට පෙර යම් ජීවියෙකුට ආහාර වේවායැයි පතා පසෙකින් තබන්න. අවසාන ආහාර පිඩද එසේම කරන්න. ඒ අවස්ථා දෙකේදි ආනිශංස 200 ක් සිදුවෙන බව අසා ඇත. වේල් 3 ම කිරීමෙන් දිනකට කරගත හැකි පින, සුළුපටු නොවේ.

29)ක්‍රෝධ, වෛර සිතුවිලි සිතට ඒමට නොදී යම් වේලාවක් සිත ආරක්ෂා කර ටිකින් ටික ඒ වේලාව වැඩි කරගැනීමෙන්ද සිත පිරිසිදු කර, මහා කුසලයක් අත්පත් කරගත හැක. පුරා වස් කාලයක්ම, ආශ්‍රවයන්ගෙන් තොරව වැඩ සිටි බවක් වරක්, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් ලියා තිබූ බව කියවේ

30)පොදු කටයුතුවලට සහාය වීම සහ අනුමෝදන් වීම. (ශ්‍රමදාන , රටේ නිත්‍යනුකූල බදු ගෙවීම උදාහරණ වේ)

31)ප්‍රත්‍යවේක්ෂා කිරීම

උදාහරණයක් ලෙස

අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය බලන්න.

ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂාව විවිධ විදිහට තියෙනවා. මරණය ආදිය තමාට එන බව සිහි කිරිමත් ප්‍රත්‍යවේක්ෂාව වෙනවා. සිවු පසයත් ප්

‍රත්‍යවේක්ෂාවෙන් (අවශ්‍යතා සිහි කරමින්) වැලඳිය යුතුයි. නිවන් පසක් කල පසු ප්‍රත්‍යවේක්ෂා කරනවා. සමාධියට සම වැදීමෙන් පසුත් ප්‍රත්

‍යවේක්ෂා කරනවා.

32)සෑම ගමනක්ම යෑමට පෙර බුදුන් වහන්සේට එක් මලක් හෝ පූජා කිරීම.

33)තමාට කළ නොහැකි පිංකම් අනුන් ලවා හෝ සිදු කරවීම.

34)අනුන් සිදු කරන පිංකම් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීම.

35)මකුලු දැල් ආදියට හසුවූ සතුන් මකලුවාටත් හිරිහැර නොවන ලෙස නිදහස් කර හැරීම.

36)දියට වැටී සිටින සතුන් බේරා ගැනීම.

37)සින්ක් එකට උණු වතුර ආදිය දමන විට ඒවායින් පණුවන් ආදී සතුන්ට හිරිහැර නොවීමට ඇල් ජලය මිශ්‍ර කර වත් කිරීම.

38)බුදුන් පිදූ පරවෙමින් යන මල් වලට පැන් ඉස පරවීම ප්‍රමාද කරවීම.

39)අපිලිවෙලට පූජා කර ඇති මල් පිලිවෙලට සකස් කිරීම.

40)මල් ආසන පවිත්‍ර කිරීම.

41)බිම වැටී ඇති බෝ කොළ, මල් ආදිය නොපෑගෙන තැනකට අහුලා දැමීම.

42)පන්සල් පිරිසිදු කරදීම.

43)අන්‍යයන් ලවා කුසල් දහම් සිදු කරවීම හා ඒවාට දායක වීම.

44)නින්දට පෙර පන්සිල් සමාදන් වීම.

45)නිවී ගිය නැවත දැල්විය හැකි පහන් හෝ හඳුන් කූරු දල්වා පූජා කිරීම.

46)පිනක් අහන දකින හැම වෙලාවෙම සිතින් හෝ සාදුකාර නැගීම.

47)අන්‍යයන් ට දැනගැනීම පිණිස තමන් සිදු කරනු ලබන හා සිදු කරගත හැකි පිං කම් ගැන ලිපි ආදිය පළකිරීම.

48)සිදු කළ පිං කම් නිතර නිතර සිහිපත් කිරීම.

49) තමන් සිදු කරනු ලද පිං අනුන්ටද අනුමෝදන් කිරීම.

50) ඉතිපිසො ගාථාව සෑම දිනකම 7, 21, 54, හෝ 108 වරක් ආදී කැමති ප්‍රමාණයක් සඣ්ඣායනා කිරීම

ඔබගේ සිත දැඩි කර ගන්න

1යොහාන් 3:21

ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;

  • මොහොතක් ඔබ කල්පනා කර බලන්න ඉහත පදය තුළින් දෙවිදුන් ඔබට පවසන්නේ කුමක්ද කියා.ඔබ ඔබගේ දැඩි සිත පහ කරමින් ඔබ ඔබගේ සිත නිදොස්ව තබා ගනිමින් දෙවිඳුන් තුළ යටහත් පහත් සිතක් තබාගෙන ජීවත් විය යුතුය.ඔබ මෙයාකාරයෙන් ජීවත් වන විට නිසැක කමකින් යුතුව ඔබ නිර්භීතව දෙවිඳුන්ගෙන් ඕනම දෙයක් ඉල්ලීමට හැකියාව ඇත.එම නිසා මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි නිතරම ඔබ දැඩි සිතක් නොමැති නිදොස් මනසක් ඇති මනුෂ්‍යයෙක් ලෙස ජීවත් විය යුතුය.එවිට ස්වාමීන් වහන්සේ ඔබට බොහෝ ආශිර්වාද නිදහස් කරනවා ඇත.

හිතෝපදේශ 28:14

නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.

  • ඒ වගේම මෙම පදය දෙසත් ඔබගේ සිත යොමු කිරීමට මම කැමැතියි.ඔබගේ සිත හොඳින් මෙයට යොමු කර බලන්න.

ඔබ හොදින් මතක තබා ගන්න මෙම පදයේ බය වශයෙන් පෙන්වන්නේ දේව බයයි (දේව වචනයට බයවීම).එම නිසා මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි ඔබ ඔබගේ සිත දැඩි කරගෙන ජීවිතය විනාශ කර ගන්නවද?නැතිනම් දේව වචනයට දෙවියන් වහන්සේට බයෙන් යුක්තව නිර්භීතකම ඇතුව ජීවිතය ජයගන්නා මනුෂ්‍යයෙක් වෙනවද?තීරණය ඔබ සතුය..

එම නිසා මොහොතක් සිතන්න.ජීවිතය වෙනස් කරගන්න.දේව ආශිර්වාදය අත්පත් කර ගන්න.ඔබ සැමටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිදහස් වේවා..

ඔබ සැමට ජේසු පිහිටයි!

අපි කරන හැම පාපයක්ම විපාක දෙන්නේ ද ?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අප කළ හැම පාපයක් ම විපාක දෙන්නේ ද යන්න බොහෝ දෙනා විමසන පැනයකි. ධර්මයට අනුව සිත සහ පව් කර්ම සංස්කාර වශයෙන් දක්වා තිබේ . විපාක යනු නරක විපාක පමණක් නොවේ . නරක දේවල් වලට නරක විපාකත් හොඳ දේවල් වලට යහපත් විපාකත් ලැබේ. හොඳ කර්ම පිණිස ලැබෙන විපාක පුඤ්ඤාභි සංඛාර ලෙසත් නරක විපාක වලට ලැබෙන කර්ම අපුඤ්ඤාභි සංඛාර ලෙසත් බුදු දහමෙහි හඳුන්වයි.  සරලවම කියත හොත් කර්ම වශයෙන් රැස් වන්නේ අප කරන පින් හා පව් ය.

නමුත් සිතට එන සැම නරක සිතිවිල්ලක් ම විපාක ගෙන දෙන්නේ නැත . එයට හේතුව නරක සිතුවිල්ලක් ඇති වූ පමණින්ම ඒ සඳහා කර්ම රැස් වෙන්නේ නැති බැවිනි.විපාක පිණිස කර්ම රැස් වන්නේ ඒ නරක සිතුවිල්ලෙන් සිත කය වචනය ක්‍රියාත්මක කිරීමට යාම තුළිනි. මෙහිදී එම නරක සිතිවිල්ල සිතින් ක්‍රියාත්මක කරන්න කරනුයේ යනුවෙන් හඳුන්වන්නේ ඒ පිළිබඳව නැවත නැවත සිතමින් සැලසුම් සකස් කිරීමයි .

කෙසේ හෝ කිසියම් කර්මයක හිමි කාරයා වන්නේ ඒ ක්‍රියාව හා බැඳුණු සිත ඇති තැනැත්තා ය . උදාහරණයක් ලෙස කෙනකු සතෙකු මරන්න සූදානම් වෙනවා යැයි සිතමු . එම මරණ සිත තිබෙන්නේ මරණ පුද්ගලයාට ය. මරණ ක්‍රියාව දෙස බලා සිට තවත් කෙනෙකුට එය සතුටින් අනුමත කරන්නේ නම්

ඒ පිළිබඳ හටගත් ශෝකය මත ගැටීමක් ඇති කර ගන්නේ නම් හෝ එය සතුටින් අනුමත කිරීම සහ ගැටීම තුළ එම පුද්ගලයාත් එම පාප කර්මය සිදු කරගනු ඇත. නමුත් එය කරන කෙනා මරණ තැනැත්තාට අත්වන ප්‍රාණඝාත අකුසලය තරම්ම බලවත් එකක් නොවේ. සත්ත්ව ඝාතන දෙස බලා සතුටු වීම යනු පව් අනුමෝදන් වීම යි . ගැටීමක් ඇති කර ගැනීම තුළ ඇත්තේ ද්වේශයක් නිසා එයද කර්මයකි.

 මෙසේ තමන්ම තමන් ම ප්‍රාණඝාත අකුසලය නොකළත් අනුන් කරන ඕනෑම පාප කර්මයක් දෙස බලා සතුටු වීමෙන් බොහෝ අය පව් සිදු කර ගනිති. එසේම එම කරන ක්‍රියා අනුමත නො කළොත් කරන තැනැත්තා කෙරෙහි මානසිකව හෝ ගැටීම පාපයකි. මේවා මනෝ කර්ම නම් වේ.

මෙකල බොහෝ දෙනා කයින් හා වචනයෙන් රැස් කරන පාප කර්ම වලට වඩා මනසින් ඇති කරගන්නා පාප කර්ම වැඩි බව පෙනේ . සැබවින්ම මෙහිදී සිදු වී ඇත්තේ ඔවුන් කරගෙන ඇත්තේ අනුන්ගේ පවකට කර ගැසීමයි . මෙබඳු පාප කර්ම වලට කර ගැසීම නිසා ප්‍රාණඝාතය අකුසලය තරම්ම කර්මයක් රැස් නොවූවද එයට සමීප ප්‍රතිඵලයක් ලැබිය හැකිය.

මේ තත්ත්වය වළක්වා ගත ගතහැක්කේ අපට මය. අප කරන සියළුම පින් හා පව් වලට අප වග වගකිව යුතු වේ. එය කිසිදු බාහිර කාරණයකින් සාධාරණීකරණය කළ නොහැකි ය.අපි විසින් කරන හොඳ හෝ නරක කර්ම වල

විපාක අපිට දායාද වශයෙන් ලැබේ . මෙය කම්ම දායාද ලෙස ධර්මයෙහි සඳහන් වෙයි.

මෙසේ අතීතයේ කරන ලද දේවල් අතීත දායාද වශයෙන් උරුම වුවත් වර්තමාන ක්‍රියාකාරිත්වය තුළ එම කර්ම දායාද වෙනස් කළ හැකි ය . තමන් ජීවිතය කරනු ලබන කර්ම වලට තමන් වගකිව යුතු සේ ම එය වෙනස් කළ හැක්කේ ද තමන්ට ම ය. මේ ගැන අපි ටිකක් පැහැදිලි කර ගනිමු .

බෞද්ධයෝ අකුසල වලට බෝධි පූජා පවත්වති . අපල යනු එක්තරා අතකින් බැලූ විට  අප අතීතය කරපු පාප කර්ම විපාක දෙන කාලය යි . එහෙනම් හොඳ කර්ම ඵල නොදෙන කාලයයි. මෙසේ තමන් ගේ දරුවෙකුට අපල කාලයක් ආ විට සමහර දෙමව්පියන් එම දරුවාට බෝධි පූජා තබන්නේද දරුවාට නොදන්වා ය . මෙසේ ආශිර්වාද ලැබිය යුත්තාට නොදන්නවා කරන ආශිර්වාදයෙන් එය ලැබිය යුත්තාට ලැබෙන්නේ නැත. ඔහුට එම ආශිර්වාදය ලැබෙන්නේ ආශිර්වාද ලැබිය යුත්තා එම ස්ථානයේ නොසිටියත් ඔහු එය දැන ගෙන මනසින් හෝ ඒ හා සම්බන්ධ වීමෙනි . ඒ බෝධි පූජාවලට සම්බන්ධ කුසල චේතනා මනසේ පහළ වීමෙනි. කුඩාම දරුවෙකු නම් එම ස්ථානයේ තබා ගෙන ආශිර්වාද කිරීමෙන් එම ආශිර්වාදය ලැබෙයි.

පන්සලට බුදු බුදු පිළිම වහන්සේ නමක් පූජා කරන තැනැත්තෙකු එහෙමත් නැතිනම් පන්සලට ට බුදු කුටියක් සාදා දුන් අයෙකු සැදැවතුන් ඒ වන්දනා කරන මොහොතක් මොහොතක් පාසා තමන්ට ඉබේම පින් ලැබෙයි යනුවෙන් සිතීම වැරදිය. එසේ පින් ඉබේ පෙළඹෙන්නේ නැත . තමා කළ ඒ කුසල ක්‍රියාව ගැන නිතර මනසින් මෙනෙහි කිරීමෙන් සහ සතුටු වීමෙන් ඒ පින ලැබෙනු ඇත.

අප කළ පාප කර්ම වල විපාක වලක්වා ගත හැක . නරක හැම විපාකයක් ම විපාක දෙන්නේ නම් දුටුගැමුණු රජුට දිව්‍ය ආත්මයක් ලැබීමට පුළුවන් වන්නේ නැත . අංගුලිමාල රහත් භාවයට පත් වන්නේත් නැත. නමුත් මෙසේ කී පමණින් ඔබ තව තවත් පාප කර්ම කළොත් එහි විපාක බිහිසුණු වීමට පුළුවන.

පාප මිත්‍ර සේවනය නිසා හෝ හෝ ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා හෝ නොමනා පුද්ගලයෙකු ගේ බලපෑම නිසා ඔබ පාප කර්මයක් සිදු කළේ නම් ඔබ එම පාප කර්මය නැවත කිසි දිනෙක නොකරන්නේ යැයි ආයත සංවරයේ පිහිටා වඩ වඩාත් වඩා කුසල් දහම් කළ යුතුයි . එමගින් නරක විපාක වළක්වා ගත හැකි ය.

නමුත් මොන තරම් කුසල ධර්ම කළත් මව මැරීම පියා මැරීම ආදී වූ ආනන්තරිය පාප කර්ම කළ අයෙකුට නම් විපාක ලැබීම වෙනස් කළ නොහැකිය . ආනන්තරීය පාප කර්ම වලින් එකක් හෝ කර ඇතොත් මරණින් මතු ඒකාන්තයෙන්ම නරකයෙහි උපත ලැබීම  කර්ම නියාමයකි.

අතිපූජනී තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ

සම්මා සම්බුදු සරණයි හැමෝටම !!

බලා සිටින්න


(හබක්කුක් 2:3

මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය.එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.)

  • බලා සිටීම ඔබට ආශිර්වාදය නිදහස් කරයි.එම නිසා මොහොතක් ඔබ ඉහත බයිබල් පදය දෙස මනස යොමු කර සිටින්න.මා මෙහි තිබෙන්නා වූ ප්‍රදාන කාරණා 5 කට ඔබගේ සිත යොමු කිරීමට කැමැත්තෙමි.
  1. දර්ශනය – ඔබට ඔබේ ජීවිතය කෙරෙහි දර්ශණයක් තිබීම ඉතාම වැදගත් කරුණක් වේ.මන්ද ඔබට බලා සිටීමට නම් යම් අරමුණක් යම් දර්ශනයක් තිබිය යුතුයි.එම නිසා පළමුකොට ඔබ ඔබටම කියලා දර්ශනයක් සාදාගන්න.එයට ඔබගේ මනස යොමු කරන ලෙස මම ඉල්ලා සිටිමි.
  1. නියම කාලය – ඒ වගේම තමයි ඔබගේ දර්ශනය ඉෂ්ට වීමට නියම කාලය එන තෙක් ඔබ විශ්වාසයෙන් බලා සිටිය යුතුයි.එම නිසා ඔබ ඔබගේ බලාපොරොත්තු අත් නොහැර නියම කාලය එනතෙක් විශ්වාසයෙන් බලා සිටින්න.එවිට දෙවියන් වහන්සේ නියම කාලයේදී ඔබට ආශීර්වාද කරනු ඇත.
  1. විශ්වාසය බොරුවක් නොවන්නේය – තුන්වැනි කරුණ ලෙස අපි දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් බලාගෙන සිටින විට දෙවියන් වහන්සේ කවදාවත් එම බලාපොරොත්තු බොරුවක් වෙන්න ඉඩ නොතබන සේක.මන්ද බොරු කියන්න උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවන බැවින් උන්වහන්සේ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරන සේක.ඒ වගේම එය ඉතා ඉක්මනින් ඔබට සිදුකරන බව පවසයි.
  1. ප්‍රමාද වෙතත් බලා සිටින්න – සමහර විට ඔබගේ බලාපොරොත්තුව යම් ආකාරයකින් ප්‍රමාද වන බව ඔබට හැඟෙනවනම්හැඟෙනවනම් දුක් නොවන්න නොකැලබෙන්න ශක්තිමත් ව සිටින්න.මන්ද උන්වහන්සේ කියනවා ප්‍රමාද වුණත් ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන බව.එම නිසා ප්‍රමාදය ආශිර්වාදයක් ලෙස සිතන්න එවිට ඔබ ආශිර්වාද ලබනවා ඇත.
  1. පසු නොබැස සිටින්න – අවසාන වශයෙන් මට ඔබ හට කිවීමට තිබෙන්නේ පසු නොබැස සිටින ලෙසය.ඉහත කාරණා සියල්ල දෙස බලමින් ඔබගේ සිත (මනස) ශක්තිමත්ව තබා ගෙන ඔබගේ දර්ශනයට ඔබගේ සිත යොමු කරමින් කුමන ආකාරයේ බාධා ආවත් පසු නොබැසව විශ්වාසයෙන් යුක්ත ජීවිතය ජය ගන්න.
  • ඉහත කියු කාරණා පහ ගැන ඔබගේ මනස යොමු කරමින් ඔබගේ දර්ශනය ජය ගන්නා තෙක් විශ්වාසයෙන් යුතුව බලා සිටින්න.

ජේසු පිහිටයි!

රුවන්මැලි මහා සෑය


ඉතිං අද හිතුනා බෞද්ධ අපේ පුජනීයම වස්තුවක් ගැන පොඩි විස්තරයක් කියන්න… එ ද්‍රෝණ අටක් වු ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රොණයක් තැමිපත් කර සාදා ඇති, අනුරාධපුරයේ විරාජමානව වැඩ සිටින රුවන්මැලි මහා සෑය ගැන… 

හැමොම දන්නවානේ මහා සෑය දුටු ගැමුණු මහාරජතුමාගේ නිර්මාණයක් කියලා..

ඉතිං රුවන්මැලි මහා සෑය එමස්ථානයේ රියන් එකසිය විස්සක් උසින් ඉදිවන බව මිහිදු මහා රහතන්වහන්සේ විසින් දෙවනපෑතිස්ස රජු හට පවසා ඇති බව මහා වංශයේ සදහන් වෙනවා.. එය ඉදිකිරිමට සුදුසුම ස්ථානය දෙවානමිපියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තිබෙන බවත් ඉතිහාසයේ සදහන් වෙනවා…. රුවන්මැලි මහා සෑයේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසක…

මෙි මහා සෑය නිර්මාණය කරන එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නමි වෙලා නෑ…. 

මුළින්ම සෑය ඉදිකරන භුමි⁣ය සමතලා කරලා… එක ඉතිං කොහොමත් එහෙමනේ…. ගෙයක් හදන්න උනත් වර්තමානයෙත් අපි භූමිය සමතලා කරනවානේ….. හැබැයි ගෙයක් හදනවා වගේ නෙවෙයි… මහා සෑය නිර්මාණය කිරිම සැඳැහැ සිතින් කරන්න ඔින වැඩක්…..

මං මට දැනගන්න පුළුවන් උන කරුණු ඔයාලටත් කියන්නමි… 

මුළින්ම සමතලා කරගත් පොළොවෙි රියන් හතක් ගැඹුරට කැනලා එහි වක්‍රාකාර ගල් අතුරා එ ගල් මිටියෙන් තලා ඉන්පසු එය ඇතුන් ලවා පගවලා තියනවා.. 

ඉන් පසු එම ගල් ස්තරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, බදාමය මත තිරුවානාද , තිරුවානා මත යකඩ ජාලයක්ද , එය මත සුවදැති මැටිද , සුවදැති මැටි මත සුදු පාෂාණද , එ මත සෙල්පිල්මිණිද , එ මත ගල් පවුරුද අතුරා තිබෙන බව සදහන්. 

ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදමි මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල්⁣පුවරු තබා එ මත අගල් අටක ඝණකම ඇති ලොකඩ පත් අතුරා,  එම ලොකඩ පත් මත ආසනියමි හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරුවා , එ මත අගල් හතරක් ඇති රිදීපත්ද අතුරා තියනවා… 

මෙසේ සෑයේ අඩිතාලම සාදවා සාදා සෑයට මුල් ගල තබා ඇත්තේ ඇසල පොහොය දිනක. එම උත්සවයට රහතන්වහන්සේලා අනුහයකොටියක් අහසින් වැඩම කර ඇති බව ථුපවංශයෙහි සදහන් වෙනවා… 

දාගැබ වටා සේයා වළලු තුන සැදීමට ගඩොල් කොටි දහයක් වැය වු බව ථුපවංශයෙහි සදහන් වෙනවා.. 

එ වගේම සැයේ ඉතිරි වැඩ නිම කර ගැනිම සදහා අවශ්‍ය ගඩොල් සොයා ගන්නේ කෙසෙද යන වග දුටු ගැමුණු රජතුමාට ලොකු ප්‍රශ්නයක් වෙලා.. එ ඇයි කියනවා නමි යුද්ධයක් අවසානයේ වෙහෙසවි සිටින තම ජනතාවට එම වගකීම භාර දිමට රජු කැමැත්තක් දක්වලා නෑ. හැබැයි මෙි ගැන දැනගත් එක් ස්වර්ණමාලී නමි දෙවඟනක් දෙවුලොව පුරා මෙම පනිවිඩය ප්‍රචාරය කරලා.. එය දැනගත් විශ්වකර්‍ම පුත්‍රයා මල්වතුඔය නිමිනයෙ ගඩොල් මැවු බව ථුපවංශයෙහි සදහන් වෙනවා… ඉතිං මෙි මහා සෑයට ස්වර්ණමාලී නම යෙදෙන්නත් හෙතුව එ දෙවඟනම තමයි..

මිට අමතරව සැයට අවශ්‍ය රන් අවුරුමිණි ග්‍රාමායන්ද , රිදි, රිදි නැමති ගල් ගුහාවෙන්ද (රිදි විහාරය) , තමිභපන්නි ග්‍රාමයෙන් තබද , සමන් වැව ග්‍රාමයෙන් මැණික්ද , ඌරු වෙල නමි ග්‍රාමයෙන් නෙල්ලි ගෙඩි ප්‍රමාණයේ මුතු හා පබළුද , පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මැණික්‍ය සතරක්ද ලබාගෙන තියනවා… 

එ වගේමයි මහා සෑයට ධාතුන් වහන්සේලා ලැබෙන ආකාරය බුදු රජාණන්වහන්සේ කුසිනාරා නුවර උයනකදි සක්දෙවු රජ ගෙන්වා පවසා තිබෙන බව පැවසේනවා… 

             ” මාගේ අට ද්‍රොණයක් පමණ ධාතුන් වහන්සේලා අතුරින් එක් ද්‍රොණයක් ධාතුකොලි රජ දරුවන් විසින් පුද පුජා ලබන්නාහ, එම ධාතු එන දවස ලංකාද්වීපයේ රුවන්මැලි නමි දාගැබෙහි පිහිටන්නාහ ” යැයි වදාල සේක. 

දුටු ගැමුණු මහාරජතුමා මහා සෑය ආරම්භ කලත් උන්වහන්සෙට එය අවසන් කිරිමට ජිවත් විමට කාලය තිබුණේ නෑ.. එකතටත් හෙතුවක් තියනවා.. එ ගැන මං පසුව විස්තර කරන්නමි… ධාතු නිධන් උත්සවයෙන් පසු හතරැස් කොටුව දක්වා පමණයි දුටු ගැමුණු රජ තුමාට සෑය නිර්මාණය කරන්න හැකිවි තිබුනේ…. රජු මරණ මංඦකයෙ සිටියදි එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු තමයි රෙදි වලින් කොත් කැරැල්ල නිමවා සැය සාදා නිම කර ඇති බව දුටු ගැමුණු මහාරජතුමාට දකින්න සලස්වා තිබුනේ…. දුටු ගැමුණු රජතුමාගෙ මරණයෙන් පසුව සෑය නිමකලේ සද්ධාතිස්ස රජතුමා විසිනි. 

පසුකලේක සිංහල රජවරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඇත්වත්ම රුවන්මැලි සෑය හා අනෙකුත් සියළු සෑයන් වල් බිහිවී ගරා වැටුණු අතර මහා සෑයේ කොත් කැරැල්ල දේවතා කොටුව ගරාවැටි විනාශ වෙලා…. 

මිට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මුළිකත්වයෙන් නැවත පිලිසකර කර ඇත්තේ අපේම වාසනාවට… රුවන්මැලි මහා සෑයේ චුඬා මාණික්‍ය පළදවා ඇත්තේ 1940 ජුලි මස 17 වන දිනයේ. 

     වර්තමාණයේ සුදො සුදුවට බැබළෙන රුවන්මැලි මහා සෑය බුදු රදුන් වැඩසිටි සුඝණ්ද කුටියට සම කල හැකි අතර ලෝක බෞද්ධයන්ගේ උතුමි වස්තුවක්සේ පිදුමි ලබමින් අදත් විරාජමාණව අනුරාධපුරයේ වැඩ සිටින්නේ අපේ හෙළ පෞඩත්වය මුළු ලෝකෙටම විදහා පාමින්….. 

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ

නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං

සුවණ්ණ මාලී ති පතීත නාමං

වන්දාමහං ථූපවරං මහග්ඝං 

ද්‍රෝණයක් පමණ ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද , ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර

ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි….!!!

ස්වර්ණමාලී මහාසෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා… !!!

තෙරුවන් සරණයි 

නිසංසලා රණසිංහ ✍️

පිං පොත් ලිවීමේ වටිනාකම


නොයෙක් ආගම් වල විවිධ පිංකම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ කතා කරන්නේ විශේෂයෙන්ම තෙරුවන් සඳහාම කෙරෙන්නා වූ බෞද්ධයන්ගේ පිං කුසල් පිළිබඳවයි.

මෙසේ බෞද්ධ ඔබ ඒ කරන පිං කුසල් වෙනම ඒ සඳහාම වෙන්වූ පොතක සටහන් කර තබන විට පිං කුසල් වල තව තවත් යෙදීමට කැමැත්තක් ඇතිවෙනවා. එවිට තමන්ටත් නොදැනීම පිං කුසල් වලින් පිං පොත් පිරෙනවා. ඒක තමන්ට පමණක් නොව අනික් අයටත් යහපත් ආදර්ශයක්. ඒක දකින පුංචි ළමයි පවා පිං කුසල් වල යෙදීමට උනන්දු වෙනවා. 

තමන් කරන පිං කුසල් වෙනම පොතක ලියන එකේ වටිනාකම තේරෙන්නෙ දැන් නෙවෙයි. වයසට ගියාමයි, ලෙඩ ඇඳේ ඉන්නකොටයි, මරණාසන්න වෙනකොටයි. එතකොට පිං පොත කියවලා මතකයන් අලුත් කරගෙන සුගතියෙ හිත පිහිටුවන්න ලේසියි. වයසට ගියාම මැරෙන්න ලං වෙලා ආයෙ අමුතුවෙන් පිංකම් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. 

අද කාලෙ ආච්චිලා සීයලා තරුණ කාලේ පිංකම් පිලිබඳව නොසිතා වයසට ගිහින් පිංකම් කිරීමට උනන්දුවක් දැක් වුවත් ශරීරයේ ඇති විවිධ අපහසුතා සහ දුබලතා නිසා එසේ පිං කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා ලමා කාලයේ සහ තරුණ කාලයේ හැකිතාක් පිංකුසල් වල යෙදී ඒ කල පිං කුසල් වෙනම පොතක ලියා සටහන් කර තබන්න. 

කාලයාගේ ඇවෑමෙන් වයසට යෑමෙන් හෝ ලෙඩ ඇඳේ සිට හෝ ඔබ විසින් කල පිං කුසල් සිහි කර ගත්තා නම් කිසිම අපහසුතාවයකින් තොරව පිං වලින් හිත පුරවගන්න පුලුවන්.ඒ වගේම සුගතියේ හිත පිහිටුවා ගන්න පුලුවන්.

 “උපාදාන පච්චයා භවෝ”  එනම් උපාදානය නිසා භවය හට ගන්නවා කියලා පටිච්ච සමුප්පාද විවරණයේදී පැහැදිලි කරන්නෙ ඒ නිසයි.

එසේනම් අප පිනක් කුසලයක් අරමුණු කරගෙන මියගියහොත් තමයි යහපත් තැනක ඉපදෙන්නෙ.

මෙයට දුටුගැමුණු රජු හොඳම උදාහරණයක්.

කොතරම් පිං කලත් මරණාසන්න වෙනකොට කල පිං අමතක වෙනවා. ඒ වගේම කල පිං සිහි කිරීමට අපහසු වෙනවා. ඒ නිසා තමන්ට පොත් කියවීමට නොහැකි අවස්ථාවකදී වුවත් තමන්ගේ වෙනත් ඥාතියෙක් ලවා හෝ තම දරුවෙකු ලවා හෝ ඒ සටහන් තැබූ පිං පොත කියවා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ නිසා කරන පුංචි පින වුණත් එනම් විශේෂයෙන්ම තෙරුවන් වෙනුවෙන් කල පිං කුසල් වෙනම පොතක ලියන්න. එහි වටිනාකම කුඩා දරුවන්ටත් කියා දෙන්න.

තෙරුවන් සරණයි!!