නිර්වාණය


නිර්වාණය වනාහි ආර්යයන් ගේ පරම විශුද්ධ ලෝකෝත්තර ඥානයට මිස සෙස්සන් ගේ දුබල ඥානයට හොඳින් අසු නොවන්නා වූ ඇති වීමක් නැතිව ඇත්තා වූ, නො දිරන්නා වූ, නොබිඳෙන්නා වූ, සෑම කල්හි ම පවත්නා වූ, අනන්තාපරිමාණ ගුණයන් ගෙන් යුක්ත වූ, පරම සූක්ෂම වූ පරම ගම්භීර වූ එක්තරා සුඛස්වභාවයෙකි. ආගම් අදහන්නවුන් විසින් ඒ ඒ ආගමට අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන්නා වූ ඉතා උසස් දෙයක් සෑම දෙනාට ම ඇත්තේ ය. බුද්ධාගම ඇදහීමෙන් බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන ඉතා ම උසස් දෙය මේ නිර්වාණය ය. බුදුන් වහන්සේ කේවට්ට නම් ගෘහපතියාට නිවන හඳුන්වනු පිණිස මේ ගාථා දෙක වදාළ සේක.

“විඤ්ඤාණං අනිදස්සනං – අනන්තං සබ්බතො පහං

එත්ථ ආපො ච පඨවි – තෙජො වායො න ගාධති,

එත්ථ දීඝඤ්ච රස්සඤ්ච – අණුං ථූලං සුභාසුභං

එත්ථ නාමඤ්ච රූපඤ්ච – අසෙසං උපරුජ්ඣති.

විඤ්ඤාණස්ස නිරෝධෙන – එත්ථෙතං උපරුජ්ඣති.”

“පටන් ගැනීම, අවසන් වීම් ආදි කොන් නැත්තා වූ හැම කර්මස්ථාන මාර්ගයකින් ම යා හැකි බැවින් හැම පැත්තෙන් ම බැස ගැනීමට තොට ඇත්තා වූ ඇසට නො පෙනෙන්නා වූ ඥානයෙන් ම දත යුතු වූ තැනක් ඇත. හැම තැනම ඇත්තා වූ ආපෝ පඨවි තේජෝ වායෝ යන මේ ධාතූහු එහි නැත. හැම තැනම ඇත්තා වූ ද දික් වූ ද කොට වූ ද කුඩා වූ ද මහත් වූ ද හොඳ වූ ද නොහොඳ වූ ද වස්තූහු එහි නැත. එයට පැමිණ නාම රූප දෙක ඉතුරු නැතිව ම නිරුද්ධ වේ. අන්තිම විඥානයාගේ නිරෝධයෙන් නොහොත් කර්ම විඥානයාගේ නිරෝධයෙන් එයට පැමිණ නාම රූප සියල්ල ම නිරුද්ධ වේ ය” යනු එහි තේරුම යි.

මේ දේශනයෙහි “විඤ්ඤාණ” යන වචනය දෙතැනක යෙදී තිබේ. එයින් අගට යෙදී තිබෙන විඤ්ඤාණ යන්නෙන් කියැවෙන්නේ සිත ය. මුල යෙදී තිබෙන විඤ්ඤාණ යන වචනයෙන් කියැවෙන්නේ නිවන ය. ඇතැම්හු මෙය තේරුම් නො ගෙන නිවනෙහි විඤ්ඤාණයක් ඇත ය කියා හෝ විඤ්ඤාණය ම නිවන ය කියා හෝ වරදවා ගනිති. එය බුද්ධ මතයට විරුද්ධ බව දෙ වන ගාථාවේ “එත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති” යනුවෙන් හොඳට ම පැහැදිලිය. සිත නම් නාමයෙකි. නාම රූප දෙක ම ඉතිරි නොව ම නිරුද්ධ වන තැන යයි දැක්වුණ නිවනෙහි තවත් විඤ්ඤාණයක් කොයින් ඉතිරි වේ ද? දුඃඛයෙන් අමිශ්‍ර‍ වූ ශුද්ධ විඤ්ඤාණය ම නිවනය යි කියත හොත් සතර වන පරමාර්ථය නැති වී පරමාර්ථ තුනක් පමණක් වීමෙන් ධර්ම විරෝධයක් වන්නේ ය. එබැවින් එසේ ගැනීම ද නො මැනවි.

මෙහි චිත්තය කියැවෙන විඤ්ඤාණ පදය “විජානාතීති විඤ්ඤාණං” යි කර්තෘ සාධන වශයෙන් ද “විජානාති එතෙනාති විඤ්ඤාණං” යි කරණ සාධන වශයෙන් ද, “විජානනං විඤ්ඤාණං” යි භාව සාධන වශයෙන් ද විග්‍ර‍හ කරනු ලැබේ. නිර්වාණය කියැවෙන විඤ්ඤාණ යන්න “විජානිතබ්බන්ති විඤ්ඤාණං” යි කර්ම සාධන වශයෙන් විග්‍ර‍හ කළ යුතුය. එහි යු ප්‍ර‍ත්‍යය කර්මාර්ථයෙහි ය. පාන භෝජන යනාදි වචනයන්හි මෙනි.

පළමුවන ගයෙහි “අනිදස්සනං” යනුවෙන් නිර්වාණ ධාතුව ඇසට නොපෙනෙන බව දක්වන ලදී. ඇසට නො පෙනෙන නමුත් එය ඤාණයෙන් දැකිය හැකි බව “විඤ්ඤාණං” යන වචනයෙන් දක්වන ලදී. “අනන්තං” යන වචනයෙන් නිර්වාණයා ගේ සර්වකාලිකත්වය හා සර්වව්‍යාපිකත්වය දක්වන ලදී. සංස්කාරයෝ වනාහි පෙර නො තිබී ඉපද ඉපද බිඳී යන්නෝ ය. එබැවින් ඒවාට පටන් ගැනීම වූ මුල් කොන ද ඇත්තේ ය. අවසාන වූ අන්තිම කොන ද ඇත්තේ ය. හාත්පස පරිච්ඡේදය වූ පරිච්ඡේදාන්තය ද ඇත්තේ ය. පරම්පරාවන් ගේ කෙළවර වූ සන්තත්‍යන්තය ද ඇත්තේ ය. “අසවල් කාලයෙන් පෙර නිවන නො පැවැත්තේය. එය ඇත්තේ අසවල් කාලයේ පටන්ය” යි දැක්වීමට නිවනට පටන් ගැනීම වූ පූර්වාන්තය ද නැත. එය කිසි කලෙක දිරා බිඳී අතුරුදහන් නොවන බැවින් එයට අවසාන කොන වූ අපරාන්තය ද නැත්තේය. යමක ඒ කොන් දෙක නො ලැබේ නම් එය සර්වකාලික ය. නිවනෙහි ඒ දෙක නො ලැබෙන බැවින් එය සර්වකාලික ය. සංස්කාරයන්ට පර්යන්ත පරිච්ඡේදයක් ඇත්තේ ය. හැම සංස්කාරයක් ම පවත්නේ තම තමාට අයත් වූ ඒ පර්යන්ත පරිච්ඡේදය තුළ ය. ඒ පරිච්ඡේදයෙන් ඔබ ඒවා නැත. නිවනට එබඳු පර්යන්ත පරිච්ඡේදයක් නැත. එබැවින් එය සැම තන්හි ම ඇතියකැ යි කීම යුතුය. නිවන ඇතත් එය ද්‍ර‍ව්‍යයක් නොවන බව හා එහි සටහනක් නො ලැබෙන බවද “එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අණුං ථූලං සුභාසුභං” යනුවෙන් දක්වන ලදී. කියන ලද දේශනයෙන් දැක්වෙන සැටියට නිවන ඇසට නො පෙනෙන නුවණට පමණක් ඇති බව දැනෙන සටහන් නැත්තා වූ හැම තන්හි ම ලැබෙන්නා වූ ඉපදීමක් බිඳීමක් නැත්තා වූ සර්වකාලික වූ දුරනුබෝධ සූක්ෂ්ම ධර්මයක් බව කිය යුතුය. එය ලෞකික ඤාණයට දැනෙන්නේ ද අනුමාන වශයෙනි.


ඇදහිල්ලෙන් බලා සිටින්න


(හබක්කුක් 2: 3)

මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය.එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.

මෙම බයිබල් පදය දෙස මොහොතක් ඔබගේ නෙත් යොමුකර බලන්න.ඔබ විශ්වාසයෙන් යුතුව යේසුස් දෙස බලා සිටිනවා නම් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා.

  • මෙහිදී පළමු කාරණය ලෙස අපට පෙන්වා දෙනවා අපට අපගේ ජීවිතයේ අරමුණක් නැත්නම් දර්ශනයක් තිබිය යුතුයි.ඒ වගේම ඔබගේ තිබෙන්නා වු දර්ශනය නැතිනම් යම් බලාපොරොත්තුවක් විය හැකි කුමක් වුවත් එය සිදුවීමට ප්‍රමාද වෙනවා නම් ඔබ පසුබට වී ඔබගේ අරමුණෙන් එළියට ගමන් කරන්න එපා.මක්නිසාද දේව වචනය පවසන පරිදි ඔබගේ වේලාව නොව දෙවියන් වහන්සේගේ නියම වේලාවෙදි උන්වහන්සේ ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්ට යනවා.මන්ද දෙවියන් වහන්සේ දන්නවා අපිට අවශ්‍ය දේ කුමක්ද හා ඒක දිය යුතු වේලාව.එම නිසා ඒ වේලාව එනතෙක් ඉවසීමෙන් දෙවියන් වහන්සේ දෙස බලාගෙන දේව වචනයට අනුව ගමන් කරන්න.
  • බලන්න දෙවෙනි කාරණය ලෙස මම ඔබට පෙන්වා දෙන්න කැමතියි ඔබගේ බලාපොරොත්තුව පමා වුණත් එය බොරුවක් නොවන බව දේව වචනයේ සඳහන් වෙනවා. ඒක නිසා මම ඔබට නැවතත් කියන්න කැමතියි ඔබගේ  බලාපොරොත්තුව අත්හැර ගන්න එපා.ඔබගේ අරමුණු කරා යන තෙක් විශ්වාසයෙන් යුතුව බලාගෙන සිටින්න.මන්ද එය බොරුවක් නොවී ඉතා ඉක්මනින් ඔබගේ ජීවිතයේ සඵලවත් වෙන්න යනවා.
  • හොඳයි මං කැමතියි තුන්වෙනි කාරණයට ඔබව රැගෙන යන්න.  “මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවා ඇත” බලන්න දෙවියන් වහන්සේ අපට කොපමණ විශ්වාසවන්තව ඉන්නවද. ඒක නිසා ඔබගේ ජීවිතයේ කොපමණ බාධා පීඩා කරදර ආවත් ඔබ සැලෙන්න එපා මන්ද යේසුස් වහන්සේ ඔබ සමඟ සිටිමින් ඔබ ජය ගන්නා තෙක් ඔබව අත් නොහැර ඔබ වෙනුවෙන්ම උන්වහන්සේ සිටිනවා.ඒක නිසා ජය අත්පත් කර ගන්නා තෙක් විශ්වාසයෙන් හා බලාපොරොත්තුවෙන් දෙවියන් වහන්සේ දෙස බලා සිටින්න.

ඔබ සැමට ජේසු පිහිටයි!