ආඝාතය (resentment)

බුදුරජාණන්වහන්සේ විසින් සූත්‍ර තුනකම (අංගුත්තර නිකායෙහි දෙතැනක සහ සංයුත්ත නිකායෙහි එක් තැනක) ආඝාතය පිළිබඳව විස්තර කර තිබේ. එය ඉංග්‍රීසියෙන් resentment ය. ධර්මානුකූලව ආඝාතය මානසික විෂ (mental poison) ලෙස හැඳින්වේ. තව කෙනෙකුට විෂ පොවා ඝාතනය කරන්නට උත්සාහ කරන අය ද විෂ නිසා කරදරයට පත්විය හැකිය. භෞතික විෂ නිසා එසේ විෂ පොවන්නා බේරුනද ආඝාතය හෙවත් මානසික විෂ නිසා අනුන් කෙසේ වෙතත් තමන් නම් විනාශයට පත්වේ. 

ආඝාතය ඇතිවන්නේ ආත්මීය ස්වභාවය හෙවත් මමත්වය (ego) සහ ආත්ම අනන්‍යතාවය (self-identity) මුල් කරගත් අවිද්‍යාව (absence of rational awareness) නිසාය. 

ආඝාතයෙහි ප්‍රභේද හතරක් තිබේ. එනම් 1. ආත්ම ආඝාතය හෙවත් තමන් කෙරෙහිම පවතින ආඝාතය (self-directed resentment), 2. අනුන් කෙරෙහි ඇති ආඝාතය (resentment directed at others), 3. අජීවී වස්තූන් සහ අවස්ථාවන් කෙරෙහි ආඝාතය (resentment toward objects and circumstances) සහ 4. සංකල්ප සහ අදහස් කෙරෙහි ආඝාතය (resentment that arises from ideological or philosophical conflicts) ය. ප්‍රභේද හතර තව දුරටත් පහත විස්තර වේ. 

පළමුවෙනි ප්‍රභේදය වන ආත්ම ආඝාතය යනු තමන් විසින්ම තමන් මානසිකව ඝාතනයකට ලක් කර ගැනීමයි. ආත්ම ආඝාතයෙන් පෙළෙන අධිරාජවරුන්, රාජ්‍ය නායකයන්, උගතුන්, ආගමික නායකයන් ඇතුළු සියළු තරාතිරමේ අය ලොව සිටිය අතර අද ද සිටියි. ආත්ම ආඝාතය ඇති තැනැත්තා සාමාන්‍යයෙන් එය දකින්නේ නිපුණත්වයක් (talent) ලෙසය. එය ධර්මානුකූලව තමන්ටත් හොරෙන් තමන්ව රවට්ටා ගන්නා වඤ්චක ධර්ම හෙවත් masquerading tendenciesවල ස්වභාවය නිසා ඇති වේ. ආත්ම ආඝාතයට ප්‍රධානම හේතුව තමන්ගේ ක්‍රියාවන් සහ අසමත්වීම් ය. 

දෙවෙනි ප්‍රභේදය හෙවත් අනුන් කෙරෙහි ඇතිවන ආඝාතය ඇතිවන්නේ තමන්ගේ රුචියට ගැලපෙන ලෙස අනුන් නොසිටින විටය. එම තත්ත්වය ඇතිවන්නේ අනුන් සමග ආශ්‍රයේදී ය. 

තුන්වෙනි ප්‍රභේදය හෙවත් අජීවී වස්තූන් සහ අවස්ථාවන් කෙරෙහි ආඝාතය ඇතමුන් තුළ තිබේ. එයට හේතුව දෙවෙනි ප්‍රභේදය කෙරෙහි බලපාන හේතුවම ය. නිකරුණේ කැලෑ ගිනි තැබීම තුළින් තමන්ට කිසි වරදක් නොකරන ස්වභාවධර්මයෙන් පළිගැනීම තුන්වෙනි ප්‍රභේදයට කදිම උදාහරණයකි. 

හතරවෙනි ප්‍රභේදය හෙවත් සංකල්ප සහ අදහස් කෙරෙහි ආඝාතය අද ඉතා ගෝලීය මට්ටමෙන් ඉතා භයානක තත්ත්වයකට පැමිණ තිබේ. තමන්ගේ ආගමික මතවාදය පමණක් සත්‍ය යැයි ප්‍රකාශ කිරීමේ සහ ව්‍යාප්ත කිරීමේ ආගමික අන්තවාදය මෙම ප්‍රභේදයට කදිම උදාහරණය කි.

ආඝාතයට විසඳුම ලෙස බුදුරජාණන්වහන්සේ විසින් පෙන්වා ඇත්තේ මෛත්‍රීය (loving-kindness), කරුණාව (compassion), සහ ඛන්ති හෙවත් සමාවදීම (forgiveness) ප්‍රගුණ කිරීමත් අවධානයෙන් හෙවත් සති (mindfulness) හැකිතරම් දුරට ක්‍රියාවට සහ චින්තනයට යොදා ගැනීමත් අප කවුරුත් ලෝකයේ අයිතිකරුවන් නොව තාවකාලික නවාතැන්කරුවන් බව අවධාරණය කෙරෙන අනිත්‍යතාව හෙවත් අනිච්ච (impermanence) පිළිබඳ ඉගැන්වීම ආකල්ප ලෙස භාවිත කිරීමත් ය. බුද්ධ වචනයට අනුව විසඳුම හැඳින්වෙන්නේ ‘ආඝාත පටිවිනය’ (anti-resentment training) ලෙසය. නිතරම පච්චවෙක්ඛණ හෙවත් කරන කියන දෑ කෙරෙහි reflection කිරීම අත්‍යවශ්‍ය වේ.

අප මෙලොවට ආවේ අපත් විනාශ වී ලොවත් විනාශ කිරීමට නොව අපත් සුරැකී ලොව ද අනාගත මිනිස් පරපුර සහ ජීවීන් වෙනුවෙන් වඩා සුරක්ෂිත කර නික්ම යාමට ය.

– ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

කම්මැලිකම සහ ධෛර්‍යය මඳබව

මෙය ඒකාබද්ධව ක්‍රියාත්මක වන නිසා twin tendencies හෙවත් නිවුන් ප්‍රවණතාවක් ලෙස තථාගත ශ්‍රී සද්ධර්මයෙහි හැඳින්වේ. සඳහන් වන්නේ මජ්ඣිම නිකායෙහි භයභේරව සූත්‍රයෙහි ය. 

කම්මැලිකම (laziness) පාලියෙන් ‘කුසීත’ ලෙසද ධෛර්‍යය මඳබව (lack of persistence) ‘හීනවීරිය’ ලෙසද එම සූත්‍රයෙහි විස්තර වේ. භයභේරව (භය සහ භේරව) යනු පිළිවෙලින් බිය (fear) සහ ත්‍රාසය (dread) ය. බය මනසේ එක ප්‍රබල දුර්වලකමක් වන අතර එය ක්‍රියාත්මක මට්ටමට ආවිට ත්‍රාසය ලෙස හැඳින්වේ. බය නිසා සන්තානය සෙළවෙන අතර ත්‍රාසය නිසා කයද සිතද කම්පනයට සහ හානිකර රසායන විපර්යාසයයන්ට (chemical imbalances) මඟ පාදයි. 

කවදත් කම්මැලිකම සහ ධෛර්‍යය මඳබව මිනිසාගේ ජීවිතයට බලපා තිබේ. බුද්ධදේශනාවට අනුව එම නිවුන් ප්‍රවණතාවට වයස් සංස්කෘතික ආගම් ජනවර්ග ආදි භේදයක් නැත.  එහෙත් මෙවර මේ පිළිබඳව කෙටියෙන් විග්‍රහ කරන්නට සිතුවේ මනෝවිශ්ලේෂකයෙකු ලෙස වර්තමාන සමාජ මාධ්‍ය යුගයේදී මෙම නිවුන් මානසික ප්‍රවණතාව Z පරම්පරාවේ හෙවත් Generation Z හි ප්‍රධාන චර්යා ලක්ෂණයක් බවට පත්වී ඇති බව ප්‍රතිකාර අවස්ථාවලදී මා නිතර දකින නිසාය. Generation Z යනු 1997 සහ 2012 අතර උපන් හෙවත් වයස 12 සහ 27 අතර අය ය. ශිෂ්‍ය වයසේ සිටින බොහෝ Z දරුවන්ට කොපමණ පහසුකම් තිබුණද අධ්‍යාපනයෙහි වටිනාකම කියා දුන්නද ඔවුන් සමාජ මාධ්‍යයට ඇබ්බැහි වී සිටින අතර විභාග ආදි ඉලක්ක කඩයිම්වලදී භයභේරව තත්ත්වයට පත්වේ. එම භයභේරව තත්ත්වය පිළිබඳව කල්තියා කොපමණ අනතුරු ඇඟවුවද එම උපදෙස් කුසීත-හීනවීරියබව ඔවුන්ගේ ජීවිතය ගිලගෙන තිබේ. Z වැඩිහිටියන් විවාහ වී ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනගන්නා දරුවන් සිටියද දරුවන්ගේ සහ සහකාරයා හෝ සහකාරියගේ ආර්ථික සුරක්ෂිතතාව සහ පොදු සුවසෙත වෙනුවෙන් වගකීම් සහ වගවීම දැරිය යුතු වුවද කුසීත-හීනවීරිය ප්‍රවණතාවට යටවී එහෙත් අවසාන මොහොතේදී ඒ වගකීම් සහ වගවීම් නිසා භයභේරව තත්ත්වයට පත් වේ. බොහෝ Z මව්පියන් විශේෂයෙන්ම පියවරුන් සියල්ල අමතක කිරීමට මතට ඇබ්බැහි වේ. ශ්‍රී ලංකාව තුළ මෙය ඉතා භයානක තත්ත්වය පත්වෙමින් තිබේ. කුසීත-හීනවීරියබවට දරුණු ලෙස ඇබ්බැහිවූ එක් Z දරුවෙක් හෝ එක් Z වැඩිහිටියෙක් නිසා මුළු පවුලම භයභේරව තත්ත්වයෙන් ජීවත් වේ.

සමාජ මාධ්‍ය යනු කුසීත-හීනවීරියබව තව තවත් දරුණුබවට හරවන තෝතැන්නකි. කුසීත-හීනවීරියබව නිසා අඳුරේ ජීවත්වන අය ක්‍රීඩා ව්‍යායාම සහ බාහිර ක්‍රියාකාරකම්වලට උපක්‍රමශීලිව යොමු කළ යුතුවේ. එම තත්ත්වයෙහි ජීවත්වන අයට තරවටු නොකර ඔවුන් තුළ ඇති කුසලතා ඉස්මතුකර පෙන්නීම ද කළ යුතු වේ. එසේ නොකළහොත් ඔවුන්ගෙන් ඇතමෙක් සියදිවි හානිකර ගැනීමෙහි මානසිකත්වය පෙළඹේ.

ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

ඔබත් පාපයාගේ වහල්ගෙක්ද

(ශුද්ධ ගයාහන් 8:34)

“ගේසුස්වහන්ගස් ඔවුන්ට උත්තරගදමින්: සැබවක් සැබවක් නුඹොට කියමි-පව්කරන

සියල්ගෙෝම පාපයාගේ වහල්ුය.”

මාගේ ගේමවන්ත සගහෝදර සගහෝදරගෙනි ඔබ සැමටම ආශිර්වාදමත් මාසෙක් ගේවා කිො මා හදවතින්ම

ප්‍රාර්ථනා කරමි.

ඔබ ගමාගහාතක් ඉහත බයිබල් පදෙ ගදස ඔබගේ මනස ඉතාම ගහාඳින් ගොමු කර බලන්න. ඔබ

පාපගෙන් නිදහස් ගනාවන තාක් කල් ඔබ ඔබගේ ජීවිතගේ වහල් බවින් මිදීමට ගනාහැකිවනු ඇත.

ඉතින් ඇයි ඔබ තවමත් පාපගේ ගෙදී ඔබගේ ජීවිතෙට හානි කරගෙන ඔබගේ ජීවිතෙ විනාශ කරෙන්ගන්.

ගමහිදී පාපෙ කිෙන්ගන් කවුරුන්ද?

පාපෙ කිො සඳහන් කර ඇත්ගත් ෙක්ෂො ෙැන ගේ. ඉතින් මගේ ගේමවන්තයිනි, ඔබ පාපෙ තුළ ජීවත්

ගවනවා නම්, ඔබ ෙක්ෂොගේ වහගලක් බව මතක තබා ෙන්න.

ඉතින් ඔබ දුක් විඳිමින් ජීවිතෙ විනාශෙට ගෙන ෙනවද? නැතිනම් ගමයින් මිදී ජීවිතෙ ජෙෙන්න උත්සාහ

කරනවද? තීරණෙ ඇත්ගත් ඔබගේම අගතහි ගේ.

(මගතව් 20:28)

“එගස්ම මනුෂ්‍ය පුත්‍රයා ගස්වය ෙබන්ට ගනාව ගස්වයකරන්ටද ගබාගහෝ ගදගනක් උගදසා

මිදීගේ මිෙයක් ගකාට තමන්ගේ ජීවිතය ගදන්ටද ආගව්යයි කීගස්ක.”

අපට ගමම බයිබල් පදගෙන් පැහැදිලිවම ගේනවා ගන්ද අපිව ගමම පාපොගේ වහල් බවින් මුදවා නිදහස්

කර ආශිර්වාදමත් ජීවිතෙක් ගදන පිණිස ගේසුස් වහන්ගස් කළා වූ කැපවීම.

ඉතින් මාගේ සගහෝදරෙනි ගේසුස් වහන්ගස්ගේ ෙැලවීම පිළිෙන්න. ගේසුස් වහන්ගස්ව ජීවිතෙට ඇතුළු

කරෙන්න පාපොගේ වහල් බවින් එළිෙට එන්න. ජීවිතෙට ජෙ අත්පත් කරෙන්න.

ඔබ සැමට ගේසු පිහිටයි!!

ඉවැන්ජලිස්ත අමිෙ දිසානායකමාර්ගය සගහෝදරත්වය සභාව – මහරගම

බෞද්ධ සංවාද

පූජ්‍ය ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද ස්වාමීන්වහන්ස

මෙවර සංවාදය අපි Magazine හි මුල් පිටුව වෙනුවෙන් දායක වෙමින් ඉතාමත් වටිනා ලිපි මාලාවක් සෑම මසකම පාඨක ඔබ වෙත ගෙන එන අස්ගිරි පාර්ශ්වයේ උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක පූජ්‍ය ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද ස්වාමීන්වහන්සේ සමඟය.

ප්‍ර: ඔබවහන්සේ පැවිද්ද ගැන කෙටියෙන් කිවහොත්?

උ: මම පැවිදිවුනේ වයස දහතුන හමාරෙදි. අම්මා පවුලේ අය කැමති වුනේ නෑ මං පැවිදි වෙනවට. දවස් තුනක් උපවාස කරලා කොහොමහරි අම්මගෙන් අවසර සහ ආශිර්වාද ගත්තා. මට පුදුම සතුටක් තියෙන්නේ පැවිද්ද ගැන. මේ ආත්මභාවයේ විතරක් නෙවෙයි අනාගත සසර පුරාම මං පතන්නේ පැවිද්ද. මාත් සසරින් ගැලවිලා තවත් අයටත් උදව් කරන්න පුළුවන් ඒ නිසා.

ප්‍ර: ඔබවහන්සේ විදේශීය ධර්මදූත සේවයේ නියුතු ප්‍රවීණ භික්ෂූන්වහන්සේනමක්. එම ක්ෂේත්‍රයේ තත්ත්වය සහ ප්‍රවණතා ගැන අදහස් දැනගන්න කැමතියි.

උ: ඒ පිළිබඳව කිව යුතු දේ බොහෝයි. වෙනත් රටවලින් බටහිරට වැඩම කරන භික්ෂූන්වහන්සේ සමඟ සැසඳීමේදී ශ්‍රී ලාංකේය භික්ෂූන්ට විශේෂ තැනක් තියෙනවා. කෙසේවුනත් අපේ රටෙන් වඩින භික්ෂූන්ට තව පුහුණුව අවශ්‍යයි. තථාගත ශ්‍රී සද්ධර්මය අකාලික හෙවත් timeless. හැබැයි ඒ අකාලිකබව ප්‍රබුද්ධ ජනයාට පසක් වෙන්නේ ශ්‍රී සද්ධර්මය සංස්කෘති ප්‍රවේශය හෙවත් cultural approach එකෙන් නොව මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයෙන් හෙවත් psychoanalytic approach එකෙන් ඉදිරිපත් කරනකොටයි. අපේ රටෙන් ඇවිත් බටහිර පදිංචිව සිටින අයට සංස්කෘතික ප්‍රවේශය සාමාන්‍යයෙන් අවශ්‍යයි. නමුත් බටහිර ඉපදී හැදී වැඩෙන ඔවුන්ගේ දරුවන් පවා පොදු බටහිර ජනයාගේ ආධ්‍යාත්මික රසය හෙවත් spiritual taste එක වන්නේ මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයයි. තුන් ආකාර බෞද්ධ ප්‍රතිපදාව වන දාන සීල භාවනා අතරින් බටහිර ජනතාව ආකර්ෂණය වන්නේ භාවනාවටයි. ක්ෂේත්‍රයේ පවතින විශාලතම සහ ජනප්‍රියම ප්‍රවණතාව සති සම්පජඤ්ඤ හෙවත් mindfulness තමයි. සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය විශේෂ අවධානය යොමු කරනවා mindfulnessවලට. 

ප්‍ර: එතකොට බටහිර ජාතිකයන් අපේ සංස්කෘතික ප්‍රවේශයට කැමැත්තක් නැද්ද?

උ: අකමැත්තක් නෑ. ශ්‍රී ලාංකිකයන්ගේ දානය පරිත්‍යාගය ඔවුන් අගය කරනවා. නමුත් පංසලක් ඔවුන්ට තැනක් නොදෙනකොට ඔවුන් හිතන්නේ එය ethnic හෙවත් එක් ජන වර්ගයකට සීමා වුන තැනක් කියලා.

ප්‍ර: සංක්‍රමණික මව්පියන්ට දාව බටහිර ඉපදී හැදෙන වැඩෙන දරුවන්ගේ ආධ්‍යාත්මික නැඹුරුව ගැන ඔබවහන්සේගේ මතය කුමක්ද? එහෙම ඇහුවේ ඔබවහන්සේ බටහිර ලෝකයේ ළමයින් සහ යෞවන ප්‍රජාව සඳහා මනෝවිද්‍යා උපදේශකවරයකු ලෙස කටයුතු කරන නිසා.

උ: මව්පියන් මහත් වෙහෙසකින් සහ උනන්දුවකින් ළමයින්ව දහම් පාසලට ගේනවා. එහෙත් ඔවුන් දහම්පාසල් අවසාන විභාගය අවසන් කළ පසු පංසලේ රඳවාගැනීම සඳහා mechanism නෑ. ඒක කනගාටුවට කරුණක්. ආගම් සංකෘතික භේදයකින් තොරව ළමයින් සහ යෞවන ප්‍රජාව ජීවන දර්ශනයක් වන බුදුදහමට කැමතියි. ඔවුන් රඳවාගැනීම පංසලේ වගකීමයි.

ප්‍ර: ධර්මදූත සේවයේ නියැලි ජ්‍යේෂ්ඨ භික්ෂූන්වහන්සේ නමක් විධියට තරුණ භික්ෂූන්වහන්සේට දෙන අවවාදය කුමක්ද? 

උ: මේ සමාජ මාධ්‍ය යුගයේ භික්ෂූන්වහන්සේ ලෞකික විෂයයන් ගැන දැනුම ලබාගත යුතුයි. නමුත් පාලි භාෂාව සහ නිවැරදි ධර්ම විවරණය පිළිබදව පුහුණුව සහ ගැඹුරු අවබෝධය උන්වහන්සේට තිබිය යුතුය. ධර්ම විකෘතිය අද ධර්ම දේහයේ පිළිකාවක් වෙලා. ඒ ගැන මට ගොඩක් සංවේගයි.

ප්‍ර: ඔබවහන්සේ ලිවීමට කැමතිබව පේනවා වගේම එම ලිපි වෙනස් ආකාරයකින් පාඨකයා වෙත ගෙන එනවා අපි ඒ  ගැනත් දැන ගන්නට කැමතියි. 

උ: මා උපාධි පර්‍යේෂණ නිබන්ධන හැර දැනට පොත් ලියලා නෑ. මම  වඩා කැමති කෙටියෙන් ලියන්නට. යම් වස්තු බීජයක කෙටියෙන් ගැඹුරින් සහ thought-provoking ඒ කියන්න සිතුවිලි දනවන විදියට ලියන්න කැමතියි. ඒ මගින් පාඨකයාට ස්වයං විමර්ශනයකට අවස්ථාවත් ලැබෙනවා. ඒ වගේම සියල්ල අතරින් ධර්ම දානය තමයි උතුම් දානය. 

මේක භාවනාවක් සිත සමාධි ගතවන. 

ප්‍ර: අපි Magazine ගැනත් ඔබවහන්සේගෙන් අදහසක් දැන ගන්න කැමතියි

උ: අපි මැගසින් සඟරාව මට කෙටි ලිපි මාලාවක් ලියන්න පුළුවන් ද කියලා ඇහුවාම මම ඒක සතුටින් බාර ගත්තේ එම සඟරාවේ ආරට මම කැමති නිසා. ඒ වෙනුවෙන් වගේම මෙවැනි වගකීම් සහිත කාර්‍යක්‌ වෙනුවෙන් කැපවී කටයුතු කරන ගයාන් කරුණාරත්න මහත්මයා ඇතුළු අපි Magazine    කණ්ඩායමට මම ආශිර්වාද කරනවා ඔවුන්ගේ සියළු යහපත් කටයුතු සාර්ථක වේවා කියලා. 

සැම දෙනාටම තෙරුවන්සරණයි!

සංවාදය මෙහෙයවීම : ඉරේෂා තිලකරත්න

ලද දදයින් සතුටු දෙමු!

(දෙදෙව් 13:05)

“නුඹලාට ඇති දදයින් සතුටුවී, ෙසතතු තෘෂතණාදෙන් දතාරෙ සිටින්න. මක්නිසාද: මම

කිසිදසතත් නුදඹන් අෙක්නෙ දනායමි, කිසි අන්දමකින්ෙත් නුඹ අත් දනාෙරිමියි

උන්ෙෙන්දසතම කියා තිදේ.”

මාගේ ගේමවන්ත ගේමවන්තගෙනි අද දවගසේත් ගේසුසේවහන්ගසේ අපිට කතා කරන්න ෙන්ගන් කුමක්ද

කිො අපි ගහාඳින් ගමගනහි කර බලමු.

ඉහත බයිබල් පදගෙන් අපට ප්‍රකාශ කරන්ගන් කුමක්ද කිො ගමාගහාතක් සිතන්න. ගමාගහාතක් කල්පනා

කරලා බලන්න. ගමයින් අපට පැහැදිලිවම ගපන්වා ගදනවා ඔබට ඇති ගදයින් සතුටු ගවන්න වසේතුවට

ආශා ගනාවන්න කිො.

ඉතින් අද ඔබ ළඟ ඇත්ගත් ගමානවද?

ඔබ ළඟ තිගබන ගේවල් ගැන ගමාගහාතක් කල්පනා කරන්න. ඔබට නැති ගේවල් ගැන සිත සිතා දුක්

ගනාවී ඔබ ළඟ තිගබන ගේවල් ගැන සිතමින් ප්‍රීති ගවන්න. එවිට ගදවිෙන් වහන්ගසේ ඔබට සිෙල්ල සපෙනු

ඇත.

(හිදතෝපදේශ 8:18)

“ෙසතතුෙද ද ෞරෙයද එදසතය, පෙතින සම්පත්ද ධර්මමිෂතඨකමද මා දෙත තිදේ.”

ගමම පදෙ ගහාඳින් ගමගනහි කරන්න. උන්වහන්ගසේ කවදාවත් අපව අත්නහරින ගදවිෙන් වහන්ගසේෙ.

ඒ වගේම තමයි ඉහත බයිබල් පදෙ තුළ අපට තවත් ගදෙක් ප්‍රකාශ කර තිගබනවා. ඒ තමයි වසේතු

තෘෂේණාගවන් ඉවත්ව සිටින්න කිො.

(1 තිදමෝති 6:10)

“මක්නිසාද ෙසතතු තෘෂතණාෙ සියලු ආකාර නපුදර්ම මුලක්නය. සමෙරු ඊට ආලයවී

ඇදහිල්දලන් මුළාෙ ද ාසත, ද ාදෙෝ දව්දනාෙලින් තුමූම ඇන ත්දතෝය.”

බලන්න ගමහි අපට වසේතු තෘෂේණාව ගැන ප්‍රකාශ කර තිගබන්ගන් කුමක්ද කිො.

ඉතිිං මාගේ ගේමවන්ත සගහෝදරයිනි ගමාගහාතක් සිතන්න වසේතුව නිසා ඔබගේ ජීවිත විනාශ කර

ගනාගන්න ගමයින් ගැලවී ගේසුසේ වහන්ගසේට ළිං ගවන්න. උන්වහන්ගසේ ඔබට සිෙල්ල සපෙන ගසේක.

(හිදතෝපදේශ 11:28)

“තමාදේ ෙසතතුෙ දකදරහි විශතොසකරන්නා ෙැදටන්දන්ය; එදෙත් ධර්මමිෂතඨයා අමු

දකාළයක්න දමන් සශ්‍රීකදෙයි.”

ගමම බයිබල් පදෙ ගදසත් අවසාන වශගෙන් ඔබගේ මනස ඉතා ගහාඳින් ගොමුකර බලන්න එවිට ඔබ

ජෙ ජෙගන්නවාමයි.

ඔ සැමට දේසු පිහිටයි!

ඉදෙන්ජලිසතත අමිල දිසානායක

මාර්ම ය සදෙෝදරත්ෙය සභාෙ – මෙර ම

පෞරුෂ සංවර්ධනයෙහි නියමත්‍රය

පෞරුෂ සංවර්ධනයෙහි නියමත්‍රය

ලොව පහළ වූ අද්විතීය මනෝවිශ්ලේශක වූ බුදුරජාණන්වහන්සේ විසින් පෞරුෂ සංවර්ධනය (personality development) පිළිබඳව කළ දේශනා අතර අංගුත්තර නිකායේ තික නිපාතයෙහි දී දෙසූ නියමයන් (governing principles) තුන බොහෝ මනෝවිශ්ලේෂකයන්ගේ සහ ආචාර්‍යවිද්‍යා ප්‍රවීණයන්ගේ පැසසුමට ලක්වී තිබේ.

කාලයාගේ ඇවෑමෙන් බුදුදහම දර්ශනයක් සහ ආගමක් ලෙස වර්ධනය වී තිබුණද එය මිනිසා ඇතුළු ජීවීන්ගේ සහ ස්වභාවික ලෝකයේ පැවැත්ම සහ නැවැත්ම පිළිබඳ හේතුඵලවාදි විද්‍යාත්මක විග්‍රහයකි. 

ලෝකයේ කොටසක් ලෙස තමන්ගේත් සමාජයේත් සාමකාමී පැවැත්ම සඳහා මනා පෞරුෂයක් අපට අවශ්‍ය ය. එය ඉබේ නොලැබෙන සචේතනිකව ලබාගත යුතුය. ඒ සඳහා පිටුබලයක් වන, ඉහත කී අංගුත්තර නිකායේ සඳහන් නියමයන් තුන නම් ආත්මාධිපත්‍යය, ලෝකාධිපත්‍යය සහ ධර්‍මාධිපත්‍යයි.

ආත්මාධිපත්‍යය (පාලි: අත‍්තාධිපතෙය්‍යං) යනු තමන්ගේම සිහිනුවණ නියමයක් (self-awareness as a governing principle) ලෙස භාවිත කිරීමයි. එය චරිත සංවර්ධන නියමයක් ලෙස බුදුරජාණන්වහන්සේ විසින් වදාරා ඇත්තේ දෙවියන්ටද නැති ස්වච්ඡන්දතා හැකියාව (ability of free will) මිනිසාට ඇති නිසාය. එහෙත් මෙම නියමය භාවිත කිරීමේදී උද්ධච්ච නොවී අනතිමානීව වැරදි නිවැරදි කරගැනීමේ කැපවීමෙන් පුද්ගලයා යුක්ත විය යුතුය. 

ලෝකාධිපත්‍යය (පාලි: ලොකාධිපතෙය්‍යං) යනු සමාජ සම්මතයන් නියමයක් (social norms as a governing principle) ලෙස භාවිත කිරීමයි. සෑම සමාජ සම්මතකයකටම අවනත වීම මෙයින් අදහස් නොවේ. ලොව පිළිගත් නෛතික (legal) සහ සදාචාරාත්මක (ethical) සීමාවන් (boundaries) සැළකිල්ලට ගැනීම මෙයින් අදහස් කෙරේ. 

ධර්‍මාධිපත්‍යය (පාලි: ධම‍්මාධිපතෙය්‍යං) යනු හේතුඵලවාදි ප්‍රවේශය (cause and effect approach) භාවිත කිරීමයි. ධර්මය දැකීම යනු කුමක්දැයි විස්තර කිරීමේදී බුදුරජාණන්වහන්සේගේ වදාළේ පටිච්වසමුප්පාද හෙවත් හේතුඵලවාදය දැකීම  ධර්මය දැකීම යනු යි. අද බොහෝ ක්ෂේත්‍රවල හේතුඵලවාදි ප්‍රවේශය භාවිත කෙරේ. ප්‍රශ්න නිරාකරණය (problem-solving) පෞරුෂ සංවර්ධනයට අත්‍යවශ්‍ය වන අතර එය සාර්ථක වන්නේ හේතුඵලවාදි ප්‍රවේශයෙනි.

මෙම නියමයන් තුන භාවිතයෙන් නිසැකවම ස්ථාවර සහ ආකර්ෂණීය පෞරුෂ සංවර්ධනයක් ලබා ගත හැකිය.

– ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

සඵලවත් වීමට ඔබත් කැමතිද?

(ගීතාවලිය 1:2-3)

"ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල්

මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය." "ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට

ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල

සඵලවෙයි."

ඔබ සැමටම ආශිර්වාදමත් මාසයක් වේවා!!…

මාගේ සෙනෙහෙවන්තයිනි, ඉහත කාරණය ගැන මොහොතක් කල්පනා කර

බලන්න.ඔබත් ඔබගේ ජීවිතය ආශිර්වාදමත් සඵලවත් ජීවිතයක් කරගන්න

කැමතියිද?එසේ නම් මේ ඉහත බයිබල් පදය තුළ ජීවත් වෙන්න උත්සාහ

කරන්න.

ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාව යනු කුමක්ද? ඒ තමයි ශුද්ධ බයිබලය. ඔබ

බයිබලයට අනුකූලව ජීවත් වනවා නම් ස්වාමීන් වහන්සේ තුළ ඔබ සඵලවත්

මනුෂ්‍යයෙක් වෙන්ට යනවා. ඒ වගේම තමයි ඔබ උන්වහන්සේගේ වචනය තුළ

ගමන් කරන විට ඔබට එන්නාවූ සෑම පීඩාවකදී එය ප්‍රීතියෙන් භාරගෙන

උන්වහන්සේගේ වචනය තුළම ප්‍රීති වන්න.එවිට ඔබ ජය ගන්නවා නියතයි.

ඒ වගේම තමයි උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑදවල් මෙනෙහි කරන්නම කියා

තිබෙනවා.ඒ කියන්නේ ඔබ බයිබලය කියවන්නම ඕනේ.ඔබ යාඥා කරන

මනුෂ්‍යයෙක් වෙන්නම ඕනේ.එවිට ඔබ ජීවිතය ජය ගන්නවා නියතයි.මෙම

සියල්ල හොඳින් මෙනෙහි කර සඵලවත් මනුෂ්‍යයෙක් වෙන්න.

ඔබ සැමට ජේසු පිහිටයි!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

දිව්‍යමය සතුට ද කාලකණ්ණි සතුට ද?

මිනිස් කය තුළ දිව්‍යමය ජීවිතයක් ගත කළ හැකි අයුරු බුදුදහමේ ඉගැන්වේ. එය අංගුත්තර නිකායේ බ්‍රහ්මවිහාර සූත්‍රයේ ඉගැන්වෙන සුන්දර ප්‍රතිපත්තියක් වන බ්‍රහ්මවිහාර ප්‍රතිපත්තියයි. එම ප්‍රතිපත්තිය සකස් වෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ඛා යන සුබ මානසික ප්‍රවණතා තුළිනි. එම සතරට ප්‍රතිවිරුද්ධ, විනාශකාරි මානසික ප්‍රවණතා සතරක් ද තිබේ. එම ප්‍රතිවිරුද්ධ ප්‍රවණතා පුද්ගලයා තිරිසන් ස්වභාවයට පත් කරයි. බ්‍රහ්මවිහාර එහි ප්‍රතිවිරුද්ධ මානසික ප්‍රවණතාවලට antidotes හෙවත් විෂනාශක ය. බ්‍රහ්ම යනු දිව්‍යමය ස්වභාවය යි.

මෙවර ලිපියේ අරමුණ එම සතර ආකාරයම පිළිබඳව නොව එහි තුන්වන ප්‍රවණතාව වන මුදිතා සහ එහි ප්‍රතිවිරුද්ධ විනාශකාරි ප්‍රවණතාව පිළිබඳව විමසීම ය. 

දැන් අපි ‘මුදිතා’ සහ එහි ප්‍රතිවිරුද්ධ මානසික ප්‍රවණතාව වන ‘ඉස්සා’ විග්‍රහ කර බලමු. 

අපි මුදිතා (altruism) යනු අනුන්ගේ දියුණුව, වාසනාව දැක සතුටුවීමය. එය දිව්‍යමය සතුටකි. සෙසු ප්‍රවණතා තුනටම වඩා එය පුහුණු කිරීම දුෂ්කර බව බොහෝ අයගේ අත්දැකීමයි. එයට හේතුව නම් එයට ප්‍රතිවිරුද්ධ, විනාශකාරි ප්‍රවණතාව පාලනය කිරීමට පවා අපහසු නිසායි. එනිසා ප්‍රතිපත්තියක් ලෙස මුදිතාව පුරුදු කිරීම දුෂ්කර වුවත් එය පුරුදු කිරීම සඳහා උත්තේජනය ලබාගත හැක්කේ තමන් අනුන්ගේ දුෂ්ට අවධානයට ලක්වීමට අකමැති සේම තමන් ද අනුන්ට දුෂ්ට අවධානය යොමු නොකළ යුතු යැයි තේරුම් ගැනීමෙනි. 

 දැන් මුදිතා හි ප්‍රතිවිරුද්ධ විනාශකාරී ප්‍රවණතාව දෙස බලමු. එය පාලි භාෂාවෙන් ‘ඉස්සා’ බව ඉහත සඳහන් කෙරින. එය සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් jealousy හෝ envy ය. එහෙත් තේරුම තව ගැඹුරුය. එහි සාමාන්‍ය සිංහල තේරුම ‘ඉරිසියාව’ ය. සංස්කෘත භාෂාවෙන් ‘ඊර්ෂ්‍යා’ ය. එහෙත් ධර්මානුකූලව මුදිතාවේ ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාව ඉරිසියාව පමණක් නොවේ. එහි ඉරිසියාවට වඩා භයානක පැත්තක් තිබේ. බෞද්ධ මනෝවිද්‍යානුකූලව ඉරිසියාවෙහි ලක්ෂණ දෙකක් තිබේ. එනම් බලපෑම් ඇතිකරන (forceful) සහ තරහවෙන් යුතු (driven by anger) ලක්ෂණ ය. එනිසා කෙනෙකු ජීවිතයේ යම් දියුණුවක් දැක ඒ පිළිබඳව තරහවට පත්වන්නා සේම එම දියුණුව නැතිවී කෙනෙකු අවාසනාවන්ත සහ වේදනාබර තත්ත්වයට එම දියුණුවේ සිටි පුද්ගලයා දකිනවිට ‘ඉස්සා’ ඇති අයට ඇතිවන්නේ මහත් සතුටකි. එය විස්තර කිරීමට ඉංග්‍රීසියෙන් ගැලපෙන වචනයක් නැති නිසා ඉංග්‍රීසියේද භාවිත වන්නේ ජ(ර්)මන් වචනය වන schadenfreude (ශාඩන්ෆ්‍රොයිඩ) ය. එහි තේරුම අනුන්ගේ විපත හෝ අවාසනාව දැක සතුටුවීම ය. 

එම සතුට කාලකණ්ණි සතුට කාලකණ්ණි සතුටකි. කාලකණ්ණි යනු ධර්මයට අනුගත වචනයකි. කාල යනු අඳුරු හෙවත් dark ය. කණ්ණි යනු අවාසනාව ගෙනෙන නිමිත්ත හෝ ලක්ෂණය ය. කෙනෙකුගේ මුදිතා නමැති දිව්‍යමය ප්‍රවණතාව තමන්ට පමණක් නොව සමාජයටම ආශිර්වාදයක් වන අතර එහි ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාව තමන් ද සමාජය ද කාලකණ්ණි කරයි. එහෙත් කාලකණ්ණි පුද්ගලයා සතුටු වේ. ඒ පව්කාර ස්වභාවයයි.

ධනය බලය සහ ඊනියා උගත්කම තිබුණ ද සමහරු සතුටු වන්නේ කාලකණ්ණි ලෙසය. දිව්‍යමය සතුට ඇති අය ලොවට ඉතා අවශ්‍ය යුගයකි මේ.ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

2024-07-02

චිත්තධර්ම – 2024

# නිදන්ගත වැරදි පුරුදු (chronic bad habits)

අප සසර පුරා භවයෙන් භවයට ගෙනයන වස්තූන් (properties) තුනක් තිබේ. ඒ කර්ම, මතක සහ පුරුදු ය. ඒ අතරින් පුරුදු අපේ චරිතය කෙරෙහි ඇතිකරන බලපෑම මහත් ය. 

මෙහිදි අප සාකච්ඡා කරන්නේ නිදන්ගත තත්ත්වයට පත්වන නරක පුරුදු ගැනය. තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතුවන චරිතයට හානියක් නොකරන පුරුදු නිදන්ගත වූවාට කම් නැත. එහෙත් බහුලව නිදන්ගත වන්නේ හොඳ පුරුදු නොව නරක පුරුදු ය.

බෞද්ධ මනෝ විශ්ලේෂණයට අනුව පුරුද්දක් යනු යම් කායික හෝ මානසික ආශාවක් නිසා වරක් දෙවරක් කීපවරක් කරන දෙයක් සදා තමන්ට අවශ්‍ය යැයි සිතීමේ ප්‍රවණතාව යි. එම ප්‍රවණතාව ග්ලැසියර (glacial) තත්ත්වයට පත්වීම නිදන්ගත පුරුද්ද ලෙස හැඳින්වේ. 

නිදන්ගත නරක පුරුද්දක් ඇති පුද්ගලයා නිසැකවම මානසික සිපිරිගෙයකට වැටේ. එනම් පුරුද්දෙහි ආදීනව (consequences) දැක දැකත් එයින් මිදීමට දක්වන අකමැත්තයි. නිදන්ගත නරක පුරුද්ද දොරගුළු ලා නැති සිපිරිගෙයක් හෙවත් open cage captivity බඳුය. 

නරක පුරුද්දක් නිදන්ගත වීම සියදිවි හානිකර ගැනීමේ සංකල්පනය (suicidal ideation) දක්වා වර්ධනය විය හැකිය. නිදන්ගත නරක පුරුද්දකින් පෙළෙන කෙනෙකුට උපකාර අවශ්‍ය ය. එවැන්නෙකුට ජීවන රටාවේ වෙනසක් (lifestyle change) අවශ්‍ය බව බුද්ධාවවාදයයි. 

එම වෙනසේදි ජීවත්වන පරිසරය වෙනස් කළ නොහැකිනම් අනිවාර්යයෙන්ම ආශ්‍රය කරන පුද්ගලයන්වත් වෙනස් කළ යුතුය. 

වර්තමානයේ බොහෝ යොවුන් අය තදින්ම පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී තිබේ. එය නිදන්ගත පුරුද්දක් වූ විට එයින් මිදීමට නොහැකිව හෝ අවවාද නොරිස්සීම නිසා ඔවුන්ගෙන් සමහරෙක් සියදිවි හානිකර ගැනීමට පෙළඹේ. ඔවුන්ට සවන්දී ඔවුන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන්ගේ වටිනාකම ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති කළ්‍යාණමිත්‍රයන්ගේ ආශ්‍රය හා අවවාද ඔවුන්ට ලැබිය යුතුය. නිදන්ගත පුරුද්දක් වෙනස් කිරීම දුෂ්කර වුවද එය කළ නොහැක්කක් නොවේ.

වැඩිහිටි බොහෝ අය අතර නිතර දකින්නට ලැබෙන නිදන්ගත පුරුද්දක් නම් අනුන්ගේ සාමයට බාධාවක් වෙමින් ඕපාදූප සෙවීමේ නිරතවීමයි. ඔවුන් නිදන්ගත පුරුද්දක පිළිකා තත්ත්වයි. ඔබේ සමාජය තුළ පවතින එවන් පිළිකා ගැන ඔබ දන්නේ නම් ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීම තුළින් ඔබ ඒ තත්ත්වයට පත්වීම වළක්වාගත හැකිය. එසේ කිරීමේදි එම පිළිකාකාරකයන් ඔබ සමඟ අමනාප විය හැකිය. එසේ අමනාප වීම ආශිර්වාදයකි. 

ඔබට නිදන්ගත පුරුද්දක් තිබේ නම කළ්‍යාණමිත්‍රයෙකු සමඟ එය සාකච්ඡා කරන්න. 

– ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

2024-07-01

පරික්ෂාවෙන් ජයගමු.

(1 කොරින්ති 10:13)

මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත්

දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු

ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරීයනි මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ

මනස ඉතා හොඳින් යොමු කර බලන්න.

ඔබ හොඳින් සිතට ගන්න පරීක්ෂාව යනු පාපයක් නොවෙයි. නමුත් පරීක්ෂාවෙන් ඔබ

වැටුණහොත් එය පාපය වෙයි. ඒ වගේම තමයි අපිට ඉහත බයිබල් පදය තුළ අපට

පෙන්වනවා ඉවසාගත නොහැකි පරීක්ෂාවන් අපට එන්නට නොදෙන බව. ඒ වගේම

තමයි එන්නාවූ පරීක්ෂාවෙන් ජයගන්න මාර්ගයද අපට පෙන්වා දෙන බව. එම නිසා අපි

පරීක්ෂාවට බිය විය යුතු නැත.

(රෝම 6:12)

එබැවින් පාපී ආශාවනට ඔබ අවනතනො වන පිණිස මැරෙන සුළු වූ ඔබේ

සිරුර තුළ රජකම් කිරීමට පාපයට ඉඩ නොදෙන්න.

මෙම බයිබල් පදය දෙස ද ඔබගේ මනස ඉතා හොඳින් යොමුකර බලන්න. මෙහිදී අපට

පෙන්වන්නේ අපගේ ශරීරය ඉල්ලන තෘෂ්ණාවන් වලට ඉඩ නොදී පාපයෙන් ඔබගේ

ශරීරය ගලවා ගන්න කියායි. ඉතින් මාගේ ප්‍රේමවන්ත සහෝදරයිනි මොහොතක් ඉහත කී

කාරණය ගැන නැවත නැවත මෙනෙහි කර බලන්න.

හොඳයි අපි බලමු මෙම පරික්ෂාවෙන් ගැලවෙන මාර්ග මොනවාද කියලා..

(ශුද්ධ මාර්ක් 10:17)

උන්වහන්සේ මාර්ගයට යද්දී එක්තරා කෙනෙක් දුවගෙන ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි දණින් හිඳ:

යහපත් ආචාරීන් වහන්ස, සදාකාල ජීවනය උරුම කරගන්නා පිණිස මා විසින් කුමක් කරන්ටදැයි

උන්වහන්සේගෙන් ඇසුවේය.

මෙහිදී අපට පෙන්වා දෙනවා උන්වහන්සේව අදහන අපට තිබෙන්නාවූ බලය

කොපමනක්ද කියා. ඉතින් මෙම බලය පාවිච්චි කරමින් ඔබට පුළුවන් කම ලැබෙනවා

පරීක්ෂාවෙන් ජයගන්න. ඒවගේම තව එක් කරුණක් නම්…

(ශුද්ධ ලූක් 22:40)

උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කතාකොට:නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාඥා

කරන්නැයි ඔවුන්ට කී සේක.

අපට පෙන්වා දෙනවා පරීක්ෂාවන් නොඑන ලෙස යාඥා කරන්න කියා. යාඥාවෙන් අපට

සියල්ල ජයගත හැකි වේ.

(එපීස 6:10 – 14)

ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද

බලවත්වෙන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට ඔබ සැමට

පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.

මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව,

අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත්

ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. එබැවින්

නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකරගන ස්ථිරව සිටින්ටත්

පුළුවන්වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න. එබැවින්

ඔබ සැමගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති

ළයවැස්ම පැළඳගෙන,

මෙම පදය දෙසද ඔබ හොඳින් බලන්න එවිට ඔබට පේනවා නේද මෙම පරීක්ෂාවන්ගෙන්

ගැලවෙන්න මාර්ග කොපමණ අපට තිබෙනවාද කියා. ඉතිං මාගේ ප්‍රේමවන්තයිනි අදම

තීරණයක් ගන්න ජීවිතය ජයගන්න.. පරීක්ෂාවෙන් ජයගන්න..

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත මිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම