දේව කැමැත්ත සොයමු!

සියලු මනුෂ්‍යයන් බැටළුවන් මෙන් මුලාවී එකිනෙකා තම තමන්ගේ මාර්ගයන්ට හැරී ගොස් ඇති බව ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබේ.

(යෙසායා‬

අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක. මනුෂ්‍යයා තමන් කැමති දේ කිරීමට ලැදියාවක් දක්වයි. දේව කැමැත්ත සෙවීමට මනුෂ්‍යයාගේ උනන්දු වීමත් අවශ්‍යයි. යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට යාච්ඤා කරන ආකාරය ඉගැන්වීය. එහි අපි මෙලොව ජීවිතය තුළදී දේව කැමැත්ත සෙවිය යුතු ආකාරය ද අඩංගුය. එහෙයින් මෙසේ යාච්ඤා කරන්න: ‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා,

අවසාන වශයෙන් ශුද්ධ ලියවිල්ලේ මෙසේ ද ලියා තිබේ. “ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය.

මාගේ ප්‍රේමවන්තයනි මොහොතක් සිතන්න ඉහත කියූ ප්‍රකාශය ගැන. අපි ස්වාමීන් වහන්සේගෙන් විමසීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් අපගේ ජීවිතයේ ගන්නා වැදගත්තීරණ වලදී.

උදාහරණයක් ලෙස ඔබගේ විවාහයේදී, රැකියාවේ දී, ඔබ නිවසක් තනන්න යනවිටදී ඔබ ස්වාමීන් වහන්සේගෙන්නො විමසා ක්‍රියා කිරීමෙන් ඔබ අවසානයේ කණස්සලු වීමට බොහෝ ඉඩකඩ ඇති වේ. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද නොකරන්නේ නැතිදැයි කියා ඔබ සිතන්නට පටන්ගනියි.

එම නිසාම මාගේ ප්‍රිය සහෝදර සහෝදරියනි සියල්ලෙහි දී දෙවිඳුන්ගේ කැමැත්ත සොයන්න නැතහොත් ඔබ දුක් විඳීමට පත්වනු ඇත.

දෙවියන් වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරන සේක්වා

යේසුස්වහන්සේගේ නාමයෙන්..ආමෙන්!

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක මාර්ගය සහෝදරත්වය

සභාව – මහරගම

හුස්ම

හුස්ම

(උත්පත්ි 2:7)

“දෙවි සමිඳාණන් වහන්දස් දපාද ාදේ දුවිල්දෙන් මනුෂ්‍යයා මවා ඔහුදේ නාස් පුඩු තු ට

ජීවන හුස්ම දහළූ දස්ක. දමදස් මනුෂ්‍යයා ජීවමාන දකදනක් විය.”

මාගේ ගේමවන්ත සග ෝදර සග ෝදරියනි අද දවගසේ මම ඔබට කියන්න කැමති ඔබ තුල තිගබන්නවු

හුසේගේ බලය ගැන.ඔබ කවදාවත් ඉ ත බයිබල් පදය ගැන ඔබගේ අවධානය ගයාමු කර

තිගබනවද?ගමාග ාතක් කල්පනා කරන්න ඔබ මම අද හුසේම ගන්ගන් කුමන බලයකින්ද කියා.ඔබ

දැනගන්න ගදවියන් ව න්ගසේ අපට හුසේම ලබාදී තිගබන බව.

ඉතින් සග ෝදරගයනි අප තුළ තිගබන්ගන් අ සත් ගපාළවත් මවා පාලනය කරන්නාවූ සර්වබලධාරී

ගදවියන්ව න්ගසේ දුන්නාවූ හුසේමයි.ඔබ දන්නවාද ගලෝකගේ වැඩිම ගනාගබල් තාගය දිනාගගන ඇත්ගත්

ගදවියන්ව න්ගසේගේ ගසනග වන ඊශ්‍රායල් ගසනග බව.ඉතින් ගේමවන්තගයනි අපිටත්

ගදවියන්ව න්ගසේගේ බලය ඇති බැවින් අපටත් බලවත් ගේ කළ ැක.

ඉතින් ඔබත් ගමාග ාතක් කල්පනා කර බලන්න ඔබත් ගේව හුසේම ඇති මනුෂ්‍යගයක් බව ගත්රුේගගන

ජීවිතගේ අලුත් මාර්ගයක් විවෘත කරගන්න.ඒ වගේම ගමම බලය, ආශිර්වාදය ඔබට ලබා ගැනීමට නේ

ඔබත් ගේව වචනයට අනුව ජීවත් ගවන මනුෂ්‍යගයක් විය යුතුයි.

(2 දකාරින්ි 13:11)

“ඉින් සදහෝෙරවරුනි, ආයුද ෝවන්. පරිපූර්ණත්වය දසායා යන්න; මාදේ අවවාෙ සිතට

ගන්න; එක්සිත් වන්න; සාමොනදයන් සිටින්න. එවිට දේමාන්විත හා ශාන්ිොයක

දෙවියන් වහන්දස් ඔ සමඟ වැඩසිටින දස්ක.”

(ගීතාවලිය 1:3)

“ඔහු ඇෙ දො අද්ෙර සිටුවා ඇි, නියම කෙට පෙ ෙරන, දකා පර වී දනායන ගසකට

සමාන ය; ඔහු කරන සැම දද් සරු සාර දේ.”

ඉතින් මාගේ ගේමවන්ත සග ෝදර සග ෝදරියනි ඉ ත කාරණා සියල්ල ගැන නැවත නැවතත් ගමගනහි

කරමින් ජීවිතය ජයගන්න.

ඔ සැමට දේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිෙ දිසානායක

මාර්ගය සදහෝෙරත්වය සභාව – මහරගම

බුදුරජාණන්වහන්සේ වන්දනා කරමු

බුදුරජාණන්වහන්සේ වන්දනා කරමු..!

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති.

ඉති‘පි සෝ පාඨයෙහි එන පාලි පද වල සවිස්තරාත්මක සිංහල තේරුම මෙසේය.

ඉති‘පි – (ඉති+අපි) මෙසේ ද

සෝ – ඒ

භගවා – භාග්‍යවතුන් වහන්සේ

අරහං – රහසින්වත් පව් නොකරන හෙයින් අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධෝ – දතයුතු සියල්ල මනාකොට දැනගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

විජ්ජාචරණ සම්පන්නෝ – විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සුගතෝ – යහපත් ගමන් විලාස හා යහපත් වචන ඇති නිසා සුගත නම් වන සේක.

ලෝකවිදූ – සියලු ලෝක පිළිබඳව දැන වදාළ නිසා ලෝකවිදූ නම් වන සේක.

අනුත්තරෝ පුරිසදම්ම සාරථී – දමනය කළයුතු පුද්ගලයන් දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ හෙයින් අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

සත්ථා දේවමනුස්සානං – දෙවි මිනිසුන්ට ශාස්තෘ හෙයින් සත්ථා දේවමනුස්සාසං නම් වන සේක.

බුද්ධෝ – චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය දැන අනුන්ට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම් වන සේක.

භගවා – අපමණ පුණ්‍ය බලයකින් යුක්ත නිසා භගවා නම් වන සේක.

ඉති‘පි සෝ පාඨයෙහි සිංහල තේරුම මෙසේය.

ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුගත නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. සත්ථා දේවමනුස්සානං නම් වන සේක. බුද්ධ නම් වන සේක. භගවා නම් වන සේක.