දුෂ්කරක්‍රියා කළ දුර්ගේෂ්වරිය 

බුද්ධගයා පුණ්‍යභූමිය සියැසින්ම දැක මුළු හදවතින්ම වැඳ පුදාගත් ඔබ බුද්ධගයාවේ සිට නේරංජනා ගඟ හරහා දිවෙන පාලම පසු කොට කිලෝමීටර් පහළොවක පමණ දුරක් ගිය විට ඉතා රමණීය වූ දුර්ගේෂ්වරි නමින් හඳුන්වන කඳු වළල්ලක් ඔබට දැකගත හැකිය. 

විමුක්තිය උදෙසා සියලු සැප සම්පත් අත්හළ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රජගහ නුවරත්, ගයාව ආශ්‍රිත කඳු වළල්ලත් ඇසුරු කරමින් සය අවුරුද්දක පමණ කාලයක් දුෂ්කර ක්‍රියාවේ යෙදුණ බව ඔබට මතක ඇති. දුර්ගේෂ්වරි කඳු වළල්ලෙහි සොයා තහවුරු කොට ඇති ගල් ලෙන තුළද, උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටිමින් දුෂ්කර ක්‍රියාවේ යෙදී ඇත. දුර්ගේෂ්වරි කඳු පාමුල සිට ඒ පින් බිම වෙත පා ගමනින් යා යුතුය. එය තරමක් වෙහෙස කර කටයුත්තක් ලෙස පෙනුණද, බුදුගුණ සිහි කරමින් ඒ අසිරිමත් පුණ්‍ය භූමිය සියැසින් දැකගැනීම පිණිස ඔබ යා යුතුමය. 

දුෂ්කර ක්‍රියා කළ ගල් ලෙන ඉදිරියෙහි පිහිටා ඇති වසර තුන් දහසකට වඩා පැරණි යැයි තහවුරු කොට ඇති සියඹලා ගසක් ඔබට එහිදී දැකගත හැකිය. එහි පැරණි කඳ 

තවමත් දිරායමින් තිබෙන අයුරු ඒ අසලට ගිය විට දැකගත හැකිය. දුෂ්කර ක්‍රියා කරන අවධියෙහි ගස්වල කොළ, පොතු පමණක් ආහරයට ගත් බව ඔබ අසා ඇත. පාත්‍රයට වැටෙන කොළයක් පමණක් ආහාරයට ගනිමින් දුෂ්කර ක්‍රියා කළ බව අසා ඇත. මේ පැරණි සියඹලා වෘක්ෂයෙහි කොළ, පොතු ආහාරයට ගනිමින් දුෂ්කර ක්‍රියා කරන්නට ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. 

දුර්ගේෂ්වරි පුණ්‍ය භූමිය සියැසින්ම දැක වැඳ පුදාගැනීමෙන් පසුව යළිත් ටික දුරක් බුද්ධගයාව දෙසට එන විට ‘සුජාතා’ නම් ගම්මානය හමු වෙයි. එහිදී සුජාතා සිටු දේවිය ජීවත් වූ සිටු මැඳුරෙහි නටබුන්, සුජාතාව කිරිපිඬු පූජා කළ පුණ්‍ය භූමිය, පූජනීය නේරංජනා නදිය, සොත්තිය නම් බමුණා කුස තණ මිටි අටක් පූජා කළ පුණ්‍ය භූමිය ආදී වැදගත් ස්ථාන රැසක්ම ඔබට දැක බලා වන්දනා කළ හැකිය. 

ගලිගමුවේ ඤාණදීප හිමි – දඹදිව බුද්ධ භුමි ග්‍රන්තය 

තෙරුවන් සරණයි !සදහම් අමා වැස්ස

දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න

(ශු.යොහන් 11:40)

යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය

දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක.

හොඳයි ඔබ හැම කෙනෙකුටම ආශිර්වාදමත් මාසයක් වේවා.මාගේ ප්‍රිය සහෝදර

සහෝදරයිනි අද දවසේ මෙම පණිවිඩය දෙස ඔබගේ මනස ඉතා හොඳින් යොමු

කරන මෙන් ඉල්ලා සිටිමි.මෙම ඉහත බයිබල් පදයේ සඳහන්ව ඇති පසුබිම නම්

මාර්තා සහ මාරියා ගේ ගෙදර ලාසරුස්ගෙ මරණින් පසුව ඔහුව නැගිටුවීම

පිණිස යේසුස් වහන්සේ බෙතානියෙහි නම් ගමට පැමිණි අවස්ථාවේ සිදුවූ

කතාබහකි.

(ශු.යොහන් 11:22)

ඉන්පසු උන්වහන්සේ: යුදයට නැවත යමුයයි ගෝලයන්ට කීසේක. දැනුත් ඔබ

දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලනසේක් නම්, ඒක දෙවියන්වහන්සේ ඔබට දෙන බව

දනිමියි කීවාය.

මෙම පදයෙහි මාර්තා විසින් යේසුස්වහන්සේට පවසනු ලබන්නේ දැනුත් ඔබ

දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලන සේක් නම් ඒක දෙවියන් වහන්සේ ඔබට

දෙන බව දනිමි කියාය.මේ අනුව අපට පැහැදිලි වන්නේ අප විසින් සමිඳුන්ගෙන්

යම් දෙයක් ඉල්ලන කළ එය උන්වහන්සේට අපට ලබාදිය හැකි බවට අප තුළ

විශ්වාසය තිබිය යුතු බවය.මෙය ඔබ හොඳින් සිතට ඇතුල් කරගන්න.මෙවැනි

තද විශ්වාසයක් ඔබට දෙවිඳුන් කෙරෙහි තිබිය යුතු වේ.ඒ වගේම තමයි ඔබ

මෙම පහතින් දක්වන කරුණ ගැනත් හොඳින් අවධානය යොමු කරන්න.

ආබ්‍රහම් තුමා ට අවුරුදු සියයක් පමණ වයස් ගතව තිබියදී හා ස්ත්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව

තිබියදී පවා තමාට වංශයක් දෙන බවට ස්වාමීන් වහන්සේ ඔහුට දුන් පොරොන්දුව ඔහු බලවත් ලෙස

විශ්වාස කළ බව රෝම 4:20-21 යන පද වලින් ස්ථිර වෙයි.

"එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව,

දෙවියන්වහන්සේට ගෞරවකරමින්, පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන

කියා නිසැකව විශ්වාසකෙළේය."

ඉතින් මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයිනි උන්වහන්සේගේ පොරොන්දු

බලයෙන් යුක්තව අල්ල ගන්න.ඒ වගේම ඔබ මෙය ද හොඳින් මතක තබාගන්න

දෙවියන් වහන්සේ අපට දිය යුත්තේ කුමක්ද නොදිය යුත්තේ කුමක්ද කියා

හොඳින් දන්නා බැවින් ඔබ ඉල්ලන සමහර දේවල් ඔබට සුදුසුද කියා හොදින්

විමසා බලන්න.ඔබ ඉල්ලන දේ තුළ දෙවියන් වහන්සේගේ කැමැත්ත තිබෙනවා

නම් එය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත.

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායකමාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

ආනන්තරීය පාප කර්ම හැර සියලූ‍ පව් යටපත් කරන බුද්ධ වන්දනාව

“අසූ මහා  ශ්‍රාවකයන් වහන්සේලා‍ගේ චරිත දෙස බැලීමේ දී උන් වහන්සේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කර ති‍බෙනවා. ඒ උතුමෝ ඉහත ආත්ම භාවයන්හි සුගතියකම විසුවා. ‍මේවා ගැන සිතන්න, කල්පනා කරන්න, පින වර්ණනා කරන්න, පවට නිග්‍රහ කරන්න. එවිට යහපත් වෙයි.”

බුද්ධ වන්දනාව බුදුරජාණන් වහන්සේ ම අනුදැන වදාළ පින්කමක්. බුදුරජාණන් වහන්‍‍සේ දවසක් ‍භික්ෂූන් වහන්‍සේ සමඟ වෙල් යායක් හරහා වැඩම කරමින් සිටියා. එක්තරා බ්‍රහ්මණයෙක් තමන් කුඹුරේ වැඩ අරඹන්න පෙර එක්තරා ස්ථානයකට වැඳ නමස්කාර කර කුඹුරු වැඩට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ, මෙහි ඔබ වැඳ නමස්කාර කරන්නේ කුමටද යනුවෙන් විමසුවා .

එවිට බමුණා පැවසුවේ ස්වාමීනි, අපේ පිය පෙළපතේ සැ‍වොම ‍‍මෙම ස්ථානයට වැඳ නමස්කාර කර කුඹුරු වැඩ ඇරැඹූ බැවින්, මා ද මෙලෙස කුඹුරු වැඩ අරඹන බව පැවසුවා. ‍බොහොම ‍‍හොඳයි බමුණ. ඔබ ඉතාම සුදුසු තැනකට යි වන්දනා ක‍ළේ යනුවෙන් බුදුන් වහන්සේ වදාළා.

මහණෙනි, කාශ්‍යප බුදුරජාණන් වහන්‍‍සේ පරිනිර්වාණයට පත් වුණාම ඒ ධාතූන් වහන්සේ තැන්පත් කළ සෑ රඳුන් වහන්සේ තිබුණේ මෙතැනයි යනුවෙන් ගෞතම බුදුන් වහන්සේ පහදා දී, බුද්ධ ආනුභාවයෙන් සෑය මතු කර පෙන්නුවා. බමුණා ඇතුළු පිරිසට බුද්ධ වන්දනා‍වේ අනුහස් පැහැදිලි කළ විට සෝවාන් මාර්ග ඥාචයෙන් විශාල පිරිසක් නිවනට පත් වුණා. ඒ නිසා බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව සාමාන්යය දෙයක් වශ‍යෙන් සලකන්න එපා. ඇතැමෙකු මෙවැනි විශාල පූජාවන් කුමටද කියා සිතනවා. එලෙස නිකම්වත් සිතන්න එපා. බුදුරජාණන් වහන්සේ තරම් පූජා සත්කාර කළ ‍උත්තමයෙක් ලොවේ‍ කොහේවත් නැහැ. බුද්ධ පූජාවට ‍කෙතරම් ‍දෙයක් පූජා කළත් ඒ ගැන සිතා සතුටු වන්න. එය විශාල පිනක්. රුවන්මැලි මහා සෑයට කෙතරම් පළඳනාවන් පළඳවනවාද? කෙතරම් පූජාවන් කරනවාද? ඒ ගැන සිතා සතුටු වන්න. ඒ නිසා බුද්ධ වන්දනාව ‍‍‍ගෞරවයෙන් කරන්න. හැකිතාක් පූජා සත්කාරයන් සිදු කරන්න. මේවා අනුන්ට නෙමෙයි තමන්ට යි. සංසාර ගමන දුකෙන් සිටින්නේ නැතිව සැපවත් ජීවිත පෙළක් ලබාගෙන සංසාර දුකෙන් නිදහස් වෙන්නට, අපායෙන් නිදහස් වෙන්නට පුළුවන්.

අනන්ත බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ තුනුරුවන්ට ගෞරවය පුද කළා. බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා වශයෙන් ධම්ම රත්නයට ගෞරවය පුද කළා. සිතේ රදැඬඳීබං නැගෙන තරමට ම පූජාව මහත්ඵල මහානිසංස වෙයි. මල්, පහන්, ගිලන් පස, දාන මාන පූජා කර ලක්ෂ ගණන් මනු ලොව, ‍දෙව් ලොව, බඹ ලොව සිටි චරිත තිබෙනවා. බුදු කෙනෙකුට දෑත් එකතු කර වන්දනා කළත් එය විශාල පිනක්. අනඳ හාමුදුරුවෝ දවසක් දෑත එකතු කර වැඳගෙනම කථා කළා.

ඒ ආනිසංසය මෙලෙස පහදා දුන්නා. ආනන්දය, ඔබට වන්දනාමය පිනෙන් සක්විති රජකම් සතක් ද ශක්‍ර භවනේ හත් වරක් ද, රදැදේශ රජකම් ද සීමාවක් නැහැ. නමුත් ආනන්දය ඔබ එතරම් සම්පත් ‍අ‍ත් නොවිඳ ‍මේ ජීවිත‍යේ ම රහත් ව නිවනට පත් වන බව වදාළා. බලන්න දෑත එකතු කර වන්දනා කිරීමේ කුසල බලය කෙතරම් ද කියා. ඒ නිසා දෑත් එකතු කර තමන්ගේ නිව‍සේ තුනුරුවන් වන්දනාව ශ්‍රද්ධාවෙන් කර ගන්න. එය නිවසටත්, තමන්ටත්‍, දකින්නන්ටත්, පළාතටත් හොඳයි. මෙ‍ලොව පරලොව දෙලොවටත්, සංසා‍රෙටම හොඳයි. නිවන් සුව අව‍බෝධ කරගන්න පුළුවන්. ‍

මේවා තුනුරුවන් වන්දනාවෙන් ලැබෙන පිනක් බව වටහා ගෙන කටයුතු කරන්න. රදැඥා පාරමිතාව හොඳින් පිරෙයි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, සිහි වෙනකොට අනුස්සති භාවනාවක් වශයෙන් වැඩෙනවා. බුද්ධ වන්දනාවෙන් අකුසල කර්ම පවා යටකරන්න පුළුවන්. පංචානන්තරීය පව් හැර අන් සියලූ‍ පව් යට කරන්න පුළුවන්. ‍‍මේ ගැන සිතා කල්පනා කර කවුරු වුණත්, බුද්ධ පූජාවට, වන්දනාවට ගෞරවය පුද කළ යුතු යි. එවිට කාටවත් වරදින්නේ නැහැ.

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා‍ගේ චරිත දෙස බැලීමේ දී උන් වහන්සේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කර ති‍බෙනවා. ඒ උතුමෝ ඉහත ආත්ම භාවයන්හි සුගතියකම විසුවා. ‍මේවා ගැන සිතන්න, කල්පනා කරන්න, පින වර්ණනා කරන්න, පවට නිග්‍රහ කරන්න. එවිට යහපත් වෙයි. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලාට රදැකාශ කර තිබෙන්නේ පින කෙතරම් සැප විපාක දුන්නාද යනුවෙන්. අවසාචයේ ත්‍රිවිද්‍යා  අෂ්ට විද්‍යාවන්ගෙන්  සමන්විතව පටිසම්භිදා ප්‍රාප්තව රහත්වී තිබෙනවා. එතරම්ම බුද්ධ පූජා වන්දනාව වටිනවා.

මහා ප්‍රජාපතී ගෝතමිය ද , පියුමතුරා බුදුරජාණන් වහන්සේ වගේ ශාසන කාල‍යේ නිතර පන්සලට යන සැදැහැවතියක්. බුද්ධ වන්දනාව, බණ ඇසීම, භාවනාව, දන් දීම, කරනවා. ‍මෙලෙස තුනුරුවන්ට වන්දනා කිරීමේ පින ඇයට කල්ප ලක්ෂයක් සැප විපාක දුන්නා. නරකාදී සතර අපා දු‍කෙන්, දුගී දුප්පත් භාව‍යෙන් අත් මිඳුණා. දෙව්ලොව, බඹ ලොව, රජගෙදර උපත ලැබුවා. රාජ ම‍හේෂිකාවක් වුණා. ‍‍මෙ‍ලෙස සියලූ‍ සත්කාර ලැබීමට වන්දනා කිරීමේ පින, හේතු වූ බව ඒ උත්තමාවිය වදාළා. සතර අපායක් පැත්තකටවත් ‍නොගොස් එතරම් මනරම් ජීවිත පෙළක් ලබන්නට, මහත් ආනුභාව බලයක් ලැබුණේ තුනුරුවන්ගේ ආනිසංස නිස යි. ‍ ‍‍මේ ගැන සිතා කවුරුත් චිත්ත ප්‍රසාදයෙන් නුවණ පහළ කර‍ගෙන නිවන් සුව පතා බුද්ධ පූජා වන්දනාව කර ගන්න.

ඡුත්ත මානවක උපාසක තුමාට විශාල විපතක් වන බව බුදුරජාණන් වහන්සේ දැක මඟ වැඩම කර ගාථා තුනක් වදාළා. .යො වදතං පවරො මනු ජෙසු. යනු‍වෙන් මේ ළමයා වීණාවත් වාදනය කරමින් ‍‍ම ගාථා තුන ගායනා කළා.

මේ දරුවා ගුරු පඬුරු රැගෙන යන බව ‍සොර සතුරන් දැන ඔහුව දුන්නෙන් විද මරා මුදල් පැහැර ගත්තා. ‍මේ දරුවා මිය ගොස් සුගතියේ උපත ලැබුවා. තුනුරුවන් සරණ ගිය, තුනුරුවන්ගේ ගුණ ගායනා කළ දරු‍වෙක්, මහා දිව්‍ය රාජයෙක්ව උපත ලැබුවා. බුදුරජාණන් වහන්සේ ද ඒ මළ කඳ ළඟට වැඩම කර ග‍මේ ජනතාව, ඥාතීන්, දිසාපා‍මොක් ආචාර්යවරයාගේ සිසුන් සියල්ල ද ‍‍මෙතැනට එක් රැස් වුණා. මෘත සිරුර අයත් දෙව් ලොව උපන් දිව්‍ය පුත්‍රයා බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ගායනා කිරීමේ පිනෙන් දිව්‍ය රාජයෙක් වුණා යැව් තුනුරුවන් වන්දනා පූජාවේ විපාක වාරය පහදා දුන්නා. මේවා හොඳින් කවුරුත් කල්පනාවෙන්‍ ලොවුතුරු බුදු දහම කෙරෙහි පැහැදීමෙන් ‍ගෞරව සම්ප්‍රයුක්තව ම වැඩි වැඩි‍යෙන් පින් දහම් කළොත් වරදින්නේ නැතිව සුගතියක වාසය කළ හැකියි.

විශේෂයෙන් අපායෙන් නිදහස් විය හැකි යි. එතරම් වාසනාවක් ලොවේ තවත් නැහැ. එ‍සේනම් පිනට දහමට අනුව කටයුතු කර තම චිත්ත සන්තානයේ පවතින සති, ධම්මවිඡුය, විරිය,පීති, පස්සද්ධි, සමාධි, උ‍පේක්ෂා යන ‍බොජ්ඣංග ධම්ම හත හැකිතාක් දියුණුවෙන් තම බෝධි පාක්ෂික ධර්මද දියුණු‍වෙන් සිත ගත නිවා සනසාගෙන මේ ගමන ඉදිරියට යන්න. අඩුපාඩු ‍දෙස ‍නොබලා ඒවා ඉවසා දරාගෙන ගුණ දියුණුවෙන් ආපස්සට ‍‍නොගොස් ඉදිරියටම යන්න.

ඒ නිසා ලොවුතුරා බුදු දහමේ සඳහන් කරන ජය සංකේතය වන නිවන් සුව දක්වා යාමට උතුම් ගමන් මග බුදුන් වහන්සේ අපට පහදා දුන්නා. ඒවා ‍ හොඳින් කල්පනා‍වෙන් පිනට දහමට ගුණයට නැඹුරුව ශීලාදී ගුණ දියුණු‍වෙන් සම්මා සම්බුද්ධ ශාසනය ද රැකගෙන ඉදිරියට ගි‍යොත් තම ජීවිතයේ මෙ‍ලොව මෙන්ම පරලොව ද බැබළී නිර්වාණ ධර්මය අවබෝධ කරගත හැකි යි.

අති පූජනීය කහගොල්ලේ සෝමවංශ හිමි.

ආර්‍ය්‍යෝපවාදය

බුදුවරයකුට හෝ පසේ බුදුවරයකුට හෝ ආර්‍ය්‍ය වූ බුද්ධ ශ්‍රාවකයකුට හෝ යටත් පිරිසෙයින් ගෘහස්ථ සෝවාන් පුද්ගලයකුට වුව ද ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම ආර්‍ය්‍යෝපවාද කර්මයයි. 

‘නත්‍ථි එතෙසං සමණ ධම්මො අස්සමණා එතෙ” යි මොවුන්ට මහණකම නැති මොහු අශ්‍ර‍මණයෝයි, සීලයෙන් උපවාද බෙණෙනුයේ අන්තිම වස්තුවෙන් උපවාද බෙණේ.

‘නත්‍ථි එතෙසං ඣානංවා විමොක්ඛොවා මග්ගොවා ඵලංවා” යි මොවුන්ට ධ්‍යානයෙක් හෝ විමෝක්‍ෂයෙක් හෝ මාර්‍ගයෙක් හෝ, ඵලයෙක් හෝ නැතැයි’ උපවාද කරන්නේ ගුණ නැසීමෙන් උපවාද කරන්නේ වෙයි.

ඔහු දැන හෝ, නො දැන හෝ උපවාද කළ කල ආර්යොපවාද කර්‍මය වේ. මෙය ආනන්තර්‍ය්‍ය සමාන වූ ස්වර්‍ගාවරණ වූ ද, මාර්‍ගාවරණ වූ ද, කර්‍මයෙකි. එහෙත් හේ සතෙකිච්ඡ (පිළියම් සහිත) ය. එයට මේ කථාවෙකි.

එක් ගමෙක එක් තෙර නමක් හා නවක නමක් පිඬු සිඟයි. ඔහු පළමු ගෙහි මැ උණු කැඳිත්තක් ලැබූහ. තෙරුන් ගේ බඩ රිදෙයි. මේ උණු කැඳිත්ත උණුවෙන් මැ බීවොත් ‘සප්පාය වේය’යි සිතා උළු අස්සක් පිණිස මිනිසුන් ගෙනවුත් දමා තුබූ කොටයක් මත හිඳ තෙරුන් වහන්සේ එය වැළඳූහ. ‘මේ ඉතා බඩසයින් පෙළුණු මහල්ලා අපට ලජ්ජා විය යුත්තක් කෙළේ ය’යි නවක භික්‍ෂුව කී. තෙරුන් වහන්සේ ගම පිඬු සැරැ විහාරයට ගොස් ඇවැත්නි! තට මේ සසුනෙහි පිහිටක් ඇද්දැ යි විචාළහ. එසේය සෝවාන්මි’යි කී. ‘එසේ නම් මතු මාර්‍ගයන් පිණිස උත්සාහ නො කරව. තා රහත් නමකට උපවාද කළහ’යි වදාළහ. හෙතෙමේ උන්වහන්සේ ක්‍ෂමා කරවී. එහෙයින් ඒ කර්‍මය බැහැර විය.

මෙසේ අන්‍යයෙක් හෝ ආර්යෝපවාද කළේ නම් ඔහු ගොස් තමා වැඩි මහලු නම් උක්කුටුකයෙන් හිඳ ‘මම ආයුෂ්මතුන්ට මේ මේ දෙය කීවෙමි’ ඒ මට ක්‍ෂමා කෙරේවා’යි ද, තමා නවක නම් වැඳ උක්කුටුකයෙන් හිඳ ඇඳිළි බැඳ ‘ස්වාමීනි! මම ඔබට මේ මේ දෙය කීවෙමි. ඒ මට ක්‍ෂමා කරනු මැනැවැ’යි ක්‍ෂමා කරවිය යුතු. අන් දිසාවක ගියේ නම් තමා ගොස් හෝ, සද්ධි විහාරිකයකු යවා හෝ ක්‍ෂමා කරවිය යුතු. යන්නට හෝ යැවීමට නො හැකි නම් ඒ විහාරයෙහි වැඩ සිටින නවක හෝ වැඩිමහලු වූ හෝ භික්‍ෂුව වෙත එළඹ පෙර කී සේ මම අසුවල් ආයුෂ්මතුන්ට හෝ ස්ථවිරයන් වහන්සේට මෙනම් දෑ කීවෙමි. ඒ ආයුෂ්මත් හෝ, ස්ථවිරයන් වහන්සේ මට ක්‍ෂමා කෙරෙත්වා’යි ක්‍ෂමා කරවිය යුතු. සම්මුඛයෙහි ක්‍ෂමා කළ නො හැකි නම් මෙසේ කළ යුතු. ඒ භික්‍ෂුව ආගිය අතක් නො දත හැක්කේ නම් (වසන තැනක් හෝ ආ ගිය තැනක් හෝ නො දනී නම්) එක් උගත් භික්‍ෂුවක් වෙත ගොස් ‘ස්වාමීනි! මම අසුවල් ආයුෂ්මතුන්ට මෙනම් මෙනම් දැයක් කීවෙමි. එය සිහිවත් මැ විපිළිසර උපද. එයට කුම් කෙරෙම්දැ යි විචාළ කල ඔබ නො බව මැනව. තෙරුන් ඔබට ක්‍ෂමා කරනු ඇත. සිත සනසව, කියා නම් ඔහු විසිනුදු ගිය දිසාවට වැඳ ‘ක්‍ෂමා කෙරෙත්වා’යි කිය යුතු.

හේ පිරිනිවියේ නම් පිරිනිවි ඇඳ තුබූ තැනට හෝ සොහොන වෙත ගොස් හෝ ක්‍ෂමා කරවිය යුතු. මෙසේ කළ කල ස්වර්‍ගාවරණ හෝ මාර්‍ගාවරණ නො වේ. කර්‍මය සංසිඳේ.

(විසුද්ධි මාර්ගය)

රුව ආලේපන

දෙවියන්වහන්සේ තුළ ඔබ සැමට ආශිර්වාදවත් සතියක් වේවා.අද දවසේ මා ඔබට කියන්න යන දේ ගැන හොඳින් මෙනෙහි කරන්න.හොඳින් කල්පනා කර බලන්න.මගේ අද මාතෘකාව තුල ඔබ වෙනසක් දකිනවා ඇත.නමුත් මේ තුළ විශාල ගැඹුරු රහසක් ඇත.මා එයින් බිඳක් ඔබ හමුවේ තබන්නෙමි.ඔබ මොහොතක් කල්පනා කරන්න.(makeup)මුහුණු ආලේපන අපිව වෙනස් කරන්න මොනතරම් වෙලාවක් ගන්නවද,මොනතරම් වියදම් කරනවාද,ඔබගේ මුහුණට/ශරීරයට කොතරම් දේවල් ඔබ කරනවද ඔබගේ පිටත ශරීරය ලස්සනට තබා ගන්න.නමුත් ඔබ කොතරම් කාලයක් දෙනවද ඔබේ ඇතුළාන්ත මනුෂ්‍යයාව ලස්සන කරන්න.ඔබ මේ ගැන මොහොතක් කල්පනා කර තිබේද?.මොහොතක් නැවතී සිතන්න.ඔබ සිටින තැන ගැන.

එසේය, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි   දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නැමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්නට කීවාවූ දෙවියන්වහන්සේය.      

                                               (2 කොරින්තී 04 : 06)

මෙම බයිබල් පදය දෙස බලන විට අපිට පැහැදිලිවම පෙනේවි අපගේ ජීවිතයේ තිබෙන දෙයට වඩා වටින්නේ අපගේ ඇතුලාන්තයයි.මන්ද අපගේ ජීවිතයේ අපට යම් දවසක ඉතිරි වන්නේ අපේ ඇතුළාන්ත මනුෂ්‍යයාව පමණි.එමනිසා මාගේ ප්‍රේමවන්ත ඔබ මේකප් එකට (මුහුණු ආලේපන) වියදම් කරනවා වගේම, ඔබ එයට මහන්සි වෙනවා වගේම ආත්මික දේයටත් මහන්සි වෙන්න පුරුදු වෙන්න.එවිට සැබැවින්ම ඔබ ලස්සන වේවී.ඒ වගේම ඔබ ජීවිතය ද ජය ගනීවි.ඔබ ඉගෙන ගත් කාරණාවන් ගැන හොඳින් මෙනෙහි කර බලන්න. එය අමතක නොකරන ලෙස මා ඉල්ලා සිටිමි. ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න. ඇතුලාන්ත මනුෂ්‍යයාව ශක්තිමත් කරගන්නා පිණිස බලය දෙන ලෙසට ඔබ ඉල්ලන විට දෙවියන්වහන්සේ ඔබට එය නිදහස් කරනු ඇත.

උන්වහන්සේ කලන්ත වූ අයට ශක්තිය  දෙනසේක,  බලය නැත්තාට සවිය වැඩිකරන සේක. 

                                                      (යෙසායා 40 : 29)

දෙවියන්වහන්සේ නුබලාට ආශිර්වාද කරන සේක.ඔබ සැමට ආශීර්වාදමත් මාසයක් වේවා.      

ජේසූ පිහිටයි!            

ඉවැන්ජලීස්ත අමිල දිසානායක 

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

+94 774682729 

ලෝකයේ මුල

යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක. “අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති” යනුවෙන් “මහණෙනි, සංසාරය නො දන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නො පෙනේ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය”යි තථාගතයන් වහන්සේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නො පෙනෙන නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසා ය.

යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නො වේ. ආකාශය ඇති බව සියල්ලෝ ම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇති වන්නට නම් ආකාශය නො තුබූ කාලයක් තිබිය යුතුය. එබඳු කාලයක් නො විය හැකි ය. ආකාශය දීර්ඝ කාලයක් හිස් ව තිබී පසු ව එය තුළ ලෝක ධාතු හා සත්ත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නො තුබුණා නම් සැම කල්හි ම එය ඒ සැටියෙන් ම තිබිය යුතු ය. ආකාශය තුළ ලෝක ධාතූන් ඇත්තේ සත්ත්වයන් ඇත්තේ ඒවා ද ආකාශය සේම ආකාශය තුළ තුබූ නිසා ය. යම් සේ අහසේ පටන් ගැනීමක් නො ලැබිය හැකි ද එමෙන් ආකාශය තුළ පවත්නා සත්ත්ව සංස්කාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතු ය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුව ද එහි සෑම කල්හි ම අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරී නැවත ඉපද අලුත් වෙති. ලෝකයෙහි ඇති අනික් සියල්ල ද නැසී නැසී නැවත නැවත අලුත් දේ පහළ වේ. මහපොළෝ ආදි ලෝකධාතූහු ද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ල ම පුරාණ වස්තූන්ගේ විකෘති ලෙස කිව ද වරද නැත, පරණ දේ නිසා පුරාණ ධාතූන් නිසා ඇතිවන අලුත් දේය කිව ද වරද නැත.

ලෝකයේ පෞරාණිකත්වය අනමතග්ගසංයුත්තයේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂගණනාවෙන් ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ඝ කාලයෙකි. 

දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ “පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ”යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ”යි වදාළ සේක. “උපමාවකින් එය දැක්විය හැකිදැ”යි බ්‍රාහ්මණයා ඇසූ කල්හි “බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වදාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළ සේක.

(අනමතග්ග සංයුක්ත)

දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, කල්පය කොතෙක් දික් වන්නේ දැ”යි ඇසීය. “මහණ කල්පය ඉතා දිගය, එය මෙපමණ වර්ෂ ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමණ වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක්ය කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය” යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, උපමාවක් දැක්විය හැකිදැ”යි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “මහණ, දිගු පුළුලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒකඝන මහ කළුගලක් සිය වසකට වරක් කසී සළුවකින් පිස දැමුව හොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේ ය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ ය”යි වදාළහ.

(අනමතග්ග සංයුක්ත)

➤➤ ලෝකයේ ඇතිවූයේ කෙසේද?

———————————

ලෝකයේ ඇතිවූයේ කෙසේද? යනු ගැඹුරු පැනයෙකි. ලෝකය ඇති වීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ පුටු මේස රිය ගෙවල් ආදිය කෙනකු විසින් නො සෑදුව හොත් ඉබේ ඇති නො වන්නාක් මෙන් අනේකප්‍රකාර සත්ත්වයන්ගෙන් වෘක්ෂලතාදි වස්තූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනකු විසින් නො සාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇති විය නො හැකි ය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවත්වන්නේ යම් කිසිවකු විසින් මෙය ඇති කරන ලද නිසා ය යි සිතූහ. වඩුවකු ඇඳක් – පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටා ද මේ ලෝකය නො තැනිය හැකිය. 

මෙය තැනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දෙය නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුය යි ද සිතූහ. එ බඳු මහාබලයක් ඇතියකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන් ලොවක වෙසෙන පුද්ගලයෙකු විය යුතුය යි සිතා ගත්හ. දෙවියන් වහන්සේ ය, බ්‍රහ්මයා ය, ඊශ්වරයා ය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබා ගත්හ. මැවුම්කාරයකු ඇති නම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූපාදිය ම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම් කරු මවන්නටත් කෙනෙක් වුවමනා බව හෝ ඔවුහු කල්පනා නො කළහ. ඔවුහු තමන් විසින් ම සිතින් මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් සිතූහ. 

සියල්ල පිළිබඳව ම සම්මෝහය දුරු කර ගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනකු විසින් මැවිය හැකියක් නො වන බව දත් සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම්, සත්ත්ව ලෝකයට අයත් වන මැවුම්කරුට ඇති විය නො හැකි බවත් දැන වදාළ සේක. 

බීජයෙන් ගසත් ගසින් බීජයත් ඇතිවීමෙන් ගස් පරම්පරාව නො සිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්වලෝක සංස්කාරලෝක අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක. මවන්නකු නැති ව සංසාරයේ නො සිඳී පැවැත්ම සිදු වන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේ ය. 

එක් භවයක දී ඇති වන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවත ද උපදී. උපන් පසු එහි ද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නො සිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇතිවීම් වශයෙන් නැවත ද උපදී. උපන් පසු නැවත ද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාක ද විපාක නිසා කර්මය ද ඇතිවීමෙන් සංසාරය නො සිඳී පවතී. අවිද්‍යාදි හේතු ධර්මයන් නිසාද සංස්කාරාදි ඵල ඇතිවීම නිසා ද සංසාරය නො සිඳී පවතී.

— සූවිසි මහ ගුණය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි—

මරණාසන්න පුද්ගලයෙකු ළඟ හැසිරිය යුතු ආකාරය

මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. 

මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. 

මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. 

මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගසා කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය.