Food Receipt


බිත්තර රහිත වැනිලා කේක් (Eggless vanilla cake)

අවශ්‍ය ද්‍රව්‍ය:

පිටි කෝප්ප 3

බේකින් පවුඩර් තේ හැඳි 2

ලුණු තේ හැඳි 1

⁣බේකින් සෝඩා තේ හැඳි 1/2

තෙල් කෝප්ප 1 (canola, sunflower or vegetable oil)

සීනි කෝප්ප 1,1/2

මුදවපු කිරි කෝප්ප 1

වැනිලා එසන්ස් තේ හැඳි  1 

කිරි කොපප 1 1/2 

විනාකිරි තේ හැඳි 2

සාදන ක්‍රමය:

– බේක් කිරීමට ගන්නා 8″ කේක් ටින් 2 ක් බේකින් පේපර්ස් දමා සකස් කර ගන්න. Oven එක සෙල්සියස් අංශක 165 (nonfan oven) උෂ්ණත්වයේ විනාඩි දහයක් පමණ කලින් රත් කරගන්න. 

– වියලි ද්‍රව්‍ය පිටි හලනයකින් තුන් පාරක්  හලා පසෙකින් තබන්න. (පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා, ලුණු) 

– Electric Mixer එකක් ආධාරයෙන් තෙල් සහ සීනි හොඳින් මිශ්‍රකරගන්න. ඉන් පසු යෝගට් සහ වැනිලා එකතු කර ⁣හොඳින් කළවම් කරගන්න. දැන් electric mixer එකේ Speed එක අඩු කර පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කර ගන්න. කිරි සහ විනාකිරිද එකතු කරගන්න. මිශ්‍රණයේ කැට නැති වනතුරු හොඳින් කළවම් කරගන්න. Over mix කිරීමෙන් වළකින්න. 

–  මිශ්‍රණය කේක් ටින් දෙකට සම සමව දමා විනාඩි 45 බේක් කර ගන්න. විනාඩි 45 කට පසු පොඩි toothpick එකක් ආධාරයෙන් හොඳින් බේක් වී ඇද්දැයි බලන්න. බේක් වී මඳි නම් තව විනාඩි 5-10 තබන්න. 

– හොඳින් නිවුනාට පසු රස බලන්න.

Amy Nanayakkara (Diploma in cake Decorating. RL ,Clement Cake school. Sri Lanka)

වැස්ලින්


වැස්ලින් පිළිබඳව අසා නැති අයෙක් නැති තරම්. එය එතරම් ජනප්‍රිය වී ඇත්තේ  ආලේපනයක් ලෙස මෙන් ම ඉතා පහසුවෙන් අඩු මුදලකට මිල දී ගත හැකි වීම ත් ඒ භාවිතයෙන් ලැබෙන උසස් ප්‍රතිලාභ සහ විවිධ ආකාරයට ප්‍රයෝජන ගත හැකිවීම නිසා විය යුතු ය. 

ලොව පුරා කාන්තා , පිරිමි දෙපාර්ශවය ම විසින් රූපලාවණ්‍යය සහ වෙනත් ප්‍රතිකාර ක්‍රම සඳහා වැස්ලින් බහුලව භාවිත කරනු ලබ යි. 

 අද ත් සුපුරුදු පරිදි ම රූපලාවණ්‍යය පිළිබඳ කතා බහේ දී වැස්ලින් රූපලාවණ්‍යය කටයුතු සඳහා උපකාර කරගතහැකි ආකාරය පිළිබඳ තොරතුරු බිඳක් ඔබ හා බෙදාගැනීමට මා සූදානම් .

*) සමේ තෙතමනය ආරක්ෂා කිරීම:

වැස්ලින් භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රධාන ත ම වාසිය නම් එමඟින් සමේ තෙතමනය මනාව පවත්වාගැනීමේ හැකියාව ලැබීම යි. කලින් කලට විවිධ මතිමතාන්තර ඇතිවූව ත් පෙට්‍රෝලියම් ජෙල් ආශ්‍රිත නිෂ්පාදනයක් වුවත් ලොව පිළිගන්නා සන්නාම යටතේ සමට හිතකර ප්‍රතිඵල ලබාදෙන අයුරින් වැස්ලින් නිපදවනු ලබ යි. එබැවින් ආසාත්මිකතා නොමැති ඕනෑ ම අයෙකුට පහත ක්‍රම අත්හදාබැලීමෙන් විස්මිත ප්‍රතිඵල ළඟාකරගත හැකිවනු ඇත. සම රැලිවැටීම වළක්වා තෙතමනය පවත්වාගැනීමට ත් සම සුසිනිඳු කරගැනීමට ත් නෑමෙන් හෝ පිරිසුදු වීමෙන් අනතුරුව සිරුරේ වැස්ලින් ආලේප කර පිරිමදින්න. දිනපතා මෙසේ වැස්ලින් සත්කාරය තුළින් සුමුදු සමක පහස ඔබට ලැබෙනු ඇත.

*) නිල්වන් ඝන ඇස්පිහාටු සඳහා

වැස්ලින් භාවිතයෙන් ඔබේ ඇස්පිහාටු නිරෝගීව අලංකාරවත්ව පවත්වාගෙන යා හැකි බව ඔබ දැන සිටියා ද? දිනපතා රාත්‍රී නින්දට පෙර පිරිසුදු පොල්තෙල් ( extra verging coconut oil) සහ වැස්ලින් සුළු ප්‍රමාණවලින් මිශ්‍රකරගෙන පිරිසුදු eye brow brush හෝ mascara brush එකක් ආධාරයෙන් ( මේ සඳහා ඉවතලන මස්කාරා ඇසුරුම්වල ඇති brush එකක් හොඳින් සෝදා පිරිසුදු කර ගැනීමෙන් අනතුරුව පාවිච්චියට ගන්න) හොඳින් ඇස්පිහාටු අතර ආලේප කරන්න. සති කිහිපයක් දිනපතා භාවිතයෙන් අනතුරුව ඔබට ම වෙනස වටහාගත හැකිවනු ඇත. 

*) දිගු රෝස පැහැ ශක්තිමත් නියපොතු සඳහා

වැස්ලින් භාවිතයෙන් ඔබට නියපොතුවල ඇති බොහෝ ගැටළු ද මඟහරවා ගත හැකි ය. ඔබ වඩා සුන්දර නිරෝගී නියපොතු පිළිබඳව සිහින දකිනවානම් දිනපතා වැස්ලින් ස්වල්පයක් දෑතේ සහ දෙපාවල නියපොතුවල ආලේප කරන්න. වැදගත් ම කරුණ නම් නියපොතුවල කියුටිකල් මත වැස්ලින් ආලේපකර මෘදුව රවුම් හැඩයට සම්භාහනය කරන්න. 

*) මේක් අප් පහසුවෙන් ඉවත්කිරීමට 

ඔබ නිතර මේක් අප් භාවිත කරන අයෙක් ද? පහසුවෙන් නිවැරදිව මේක්අප් ඉවත්කිරීමට ක්‍රමයක් අත්හදා බැලීමට කැමති ද? එසේ නම් මේක් අප් ඉවත්කිරීමේ දී වැස්ලින් ස්වල්පයක් භාවිත කරන්න. වැස්ලින් භාවිතයෙන් ඔබේ මේක්අප් පහසුවෙන් ඉවත් කරගතහැකිවාක් මෙන් ම සමහර makeup remover මඟින් ඇතිකරවන සමේ වියළි සහ ඉරිතැලීම් ස්වභාවය ද අව ම කර යි. එමෙන් ම වැස්ලින් මඟින් තදපැහැයෙන් සමට කාවැදුණු තොල් ආලේපන, සහ මස්කාරා වැනි තද මේක් අප් පවා පහසුවෙන් ඉවත්කරනු ලබ යි. 

*) පැහැපත් සමක් ලබා දෙයි

ඔබේ මුහුණේ අධිකව තෙල් තැන්පත් වන නාසය, නළල වැනි ස්ථානවල ඇතිවන කලුලප (black heads) සඳහා ද වැස්ලින් කදිම පිළිතුරක් වේ. රාත්‍රී නින්දට පෙර පිරිසුදු කරගත් සම මත තරමක් ඝන ආලේපනයක් ලෙස වැස්ලින් black heads බහුලව ඇති ස්ථානවල layer එකක් ආකාරයට ආලේප කරන්න. අනතුරුව plastic wrap එකකින් වැස්ලින් ආලේප කළ නාසය හෝ ස්ථානය ආවරණය කරන්න. නින්දට යන්න. පසුවදාට mask එක ඉවත් කර cotton bud එකක් ආධාරයෙන් මෘදුව black heads තිබූ ස්ථාන පිසදමමින් black heads ඉවත් කරගන්න. 

*) සුමුදු දෙපා සඳහා වැස්ලින් 

ඔබේ දෙප නිරන්තරයෙන් වියළි ස්වාභාවයක් ගන්නේ නම් යටිපතුල් වේදනා සහගත ලෙස පැළෙනවානම් ඒ සඳහා ද සාර්ථක විසඳුමක් ලෙස වැස්ලින් හඳුන්වා දිය හැකි යි. පිරිසුදු කරගත් යටිපතුල්වල නින්දට පෙර වැස්ලින් ආලේප කර මේස් යුවළක් පළඳින්න.එසේ ම වැස්ලින් ආලේපනයට පෙර පියුමික් ස්ටෝන් එකක් භාවිත කොට තද හම් සහිත යටිපතුල් පිරිසුදු කරගැනීමෙන් වඩා ඉක්මන් සහ සාර්ථක ප්‍රතිඵල ලබාගන්න.  එසේ ම පාවහන් පැළඳීමට පෙර වැස්ලින් ස්වල්පයක් ආලේප කිරීමෙන් යටිපතුල්,දෙපා සහ පා ඇඟිලි අතර ඇතිවන වේදනාව සහ ගැටළු අව ම කරගත හැකි ය. 

*) හිස කෙස් වර්ණගැන්වීමේ දී සම මත පැල්ලම් ඇතිවීම වළක්වා ගැනීමට

බොහෝ කාන්තාවන් වියපත් වනවිට මුහුණපාන ගැටළුවක් වන්නේ හිස කෙස් සුදුපැහැවීම යි. මෙහි දී තමන් විසින් ම තම හිසකෙස් වර්ණගන්වා ගැනීමට බොහෝ දෙනා පෙළඹෙන අතර එහි දී නළල සහ මුහුණේ වෙනත් ස්ථානවල එම වර්ණ තැවරීම වළක්වා ගැනීමට අපහසු වේ. එමෙන් ම ඒ තැවරුණු වර්ණ පහසුවෙන් ඉවත් නොවේ. මේ සඳහා ද නළල, දෙකම්මුල්, දෙකණ වැනි ස්ථානවල හිසකෙස් වර්ණ ගැන්වීමට ප්‍රථම වැස්ලින් ආලේප කිරීමෙන් එසේ තැවරෙන වර්ණ පහසුවෙන් ඉවත්කරගත හැකි වේ.

*) සුසිනිඳු දෙතොලක් සඳහා

රාත්‍රී නින්දට පෙර දෙතොලේ වැස්ලින් ස්වල්පයක් ආලේප කර මෘදුව සම්බාහනය මඟින් ඔබට මනාව පිරුණු සුමුදු දෙතොලක් පවත්වාගත හැකි ය. එසේ ම ශීත් හෝ වියළි කාලගුණික , දේශගුණික හෝ අසනීප තත්ත්ව යටතේ අධික වියළි සහ වේදනාකාරී පැළීම්වලින් ඔබේ දෙතොල ආරාක්ෂාකිරීමට වැස්ලින් මහත් සේ උපකාරී වේ. එසේ ම ලිප් බාම් එකක් ලෙස ද වැස්ලින් ඔබට භාවිත කිරීම ට හැක.

*) දෙබැම හැඩගැන්වීමට 

ඔබේ දෙබැමේ හැඩය මනාව පවත්වාගැනීමට ද හැඩගැන්වීමට ද වැස්ලින් උපකාරී වේ. Eyebrow brush එකක ආධාරයෙන් වැස්ලින් ආලේප කිරීමෙන් දිගුවේලාවක් දෙබැමේ හැඩ නිසි පරිදි පවත්වාගැනීමට ඔබට අවකාශ ලැබේ. 

මේ අනුව අධික මිලක් ගෙවා ලබාගන්නා සමහර රූපලාවණ්‍යය නිෂ්පාදනවලින් අපේක්ෂාකරන ප්‍රතිඵලය ම , සමහරවිට ඊට ත් වඩා සාර්ථක කඩිනම්

ප්‍රතිඵල ඔබට මිලෙන් අඩු, එහෙත් විවිධාකාර අරමුණු වෙනුවෙන් භාවිත කළ හැකි, පහසුවෙන් ම බොහෝ තැන්වලින් මිල දී ගත හැකි වැස්ලින් තුළින් ලබාගත හැකිවනු ඇත. ඉතා සාර්ථක, පහසු ප්‍රතිඵල මෙන් ම මිල අධික නොවීම,පහසුවෙන් ලබාගත හැකිවීම ,අතුරු ආබාධ ඉතා අව ම වීම වැනි කාරණා නිසා වැස්ලින් ඔබේ ප්‍රියත ම රූපලාවණ්‍යය නිෂ්පාදන අතරට එකතුකරගැනීමට මෙම ලිපිය උපකාර වන්නට ඇතැයි සිතන අතර නැවත ඊළඟ කලාපයෙන් මෙවැනි ම වැදගත් ලිපියකින් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි.

එංගලන්තය SURREY ප්‍රාන්තයේ දේශපාලන ලාංකීය හඩ

BUDDHI WEERASINGHE


1) ලංකාවෙ ඉඳලා එංගලන්තෙ ආපු ගමන ගැන කිව්වොත් , පදිංචිය ආපු කාලෙ මොකටද ආවෙ කියලා

මම එංගලන්තයේ පදිංචියට ආවෙ 2005 වසරේ.. ඒ Highly Skilled Migration Program (HSMP)  එක යටතේ.. 

2) ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත් 

මම විවාහ වෙලා ඉන්නේ අනෝමා ජයවිර විරසිංහ සමග. ඇය ගණකාධිකාරිනියක් ලෙස රැකියාව කරනවා . අපිට පුතාල තුන්දෙනෙක් ඉන්නවා, ජනිදු ,පසිදු සහ හසිදු.. ලොකු පුතාල දෙන්නා Kingston Tiffin Boys School එකේ ඉගන ගන්නේ. චුටි පුතා පලමු වසරේ.

මට මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. මල්ලි සහ ඔහුගෙ පවුලේ අයත් නංගි සහ ඇයගේ පවුල අයත් ජිවත් වෙන්නේ යුරෝපයේමයි

3) රැකියාව ගැන කිව්වොත්

මම වෘත්තියෙන් වරලත් අලෙවිකරැවෙක්. ජර්මනියේ Wünsche Group  සමාගමි සමුහයේ , Duo Fashion GmBH ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂක (interim )ලෙස රැකියා කරනවා. මම කලමානකරන උපදේශකයෙකු ලෙස ලංකාවට සමිබන්ධ වායාපෘති  කිපයකත් වැඩ කරනවා රැකියාවට අමතරව .

4) බුද්ධි කියන්නෙ දේශපාලන පසුබිමකින් එන කෙනෙක් ද? දේශපාලනයට අවතීර්ණ වෙන්න කොහොමද? කොයිකාලෙද ?

මට එහෙම දේශපාලන පවුල් පසුබිමක් තිබුනේ නැ. නමුත් මගේ බාප්පා 1977 සිට ගනන්වල එක්සත් ජාතික පක්ශයේ බල මංඩල ලේකමි ලෙසත්, මගේ ලොකු නැන්දා ශාකා සබාපතිනයක් ලෙසත් කටයුතු කර තිබුනා. 1989 ජනාධිපතිවරන කාලයේ මම පාසලේ 9 වසරේ.. ලොකු නැන්දා ඒ කාලෙ කිුයාකාරිව දේශපාලනය කලා..ඇය සමග මම රැස්විමි වලට ගියා මතකයි. එක් අවස්තාවක හිටපු ජනපති ආර් පේුමදාස මැතිතුමා පැමින රැස්විමක මම කතා කලා මතකයි. ඒක තමයි මගේ පලමු දේශපාලන කතාව. ඉන් පසුව හිටපු නිති හා බන්ධනාගාර පුතිසංස්කරන අමාත්‍ය මහේන ගුණසේකර මැතිතුමාගෙ ආශිර්වාදයෙන් එකසත් ජාතික පක්ෂ සමාවාදි ශිශ්‍ය පෙරමුනේ මිනුවන්ගොඩ ආසන පුධාන ශිෂ්‍ය සංවිධායක ධුරයට පත්වුනා 1990 වසරේ. මම තමයි ලංකාවේ ලාබාලම ශිෂ්‍ය සංවිධායක වුනේ.මට අවුරැදු 15 එතකොට. මම සමවාදි සිසු පෙරමුන 1994 දක්වා ඉතා සාර්තකව මෙහෙය වුවා. 1997 දි මම ලංකාවෙ ලාබාලම අපේක්ෂකු ලෙස එක්සත් ජාතික පන්ෂයෙන් මිනුවන්ගොඩ පුාදේශිය සබා මැතිවරණයට ඉදිරිපත් වුනා. ජන්ද 2580 ලබාගත් නමුත් ආසනයක් දිනා ගැනිමට නොහැකි වුනා..

චන්දයෙන් පසු පක්ෂ පුතිසංවිධාන වලට දායක වු නමුත් , අධ්‍යාපන කටයුතු සහ රැකියා කටයුතු නිසා මම ලංකාවෙ දේශපාලන කටයුතු වලින් ඉවත් වුනා.

5) ලංකාවෙන් එංගලන්තෙට ආපු එක ගැන අද දැනෙන්නෙ කොහොමද 

හරිම සතුටක් දැනෙනවා.උපන් බිමට වගේම මම එංගලන්තය ට ආදරෙයි. මම රැකියා කටයුතු නිසා ලෝකේ විවිධ රටවල් වල පුදගලයින් සමග කටයුතු කරල තියෙනවා . ඉංගිසි ජාතිකයින් හරිම සුහදශිලියි. මට කිසිම දිනෙක කිසිම වෙනසක් දැනිල නැහැ . අපිව කවදාවත් වෙනස් කමකට ලක්වෙලා නැ. අපෙ අසල්වාසින්, ගමිවැසිවන් ඉතා මිත්ර්ශිලියි. ඉතින් මෙබිමත් මගේ මවිබිම හා සමානයි..

ඒ වගේම මට සතුටුයි මට ජිවිතය ජයගන්න උදවි කල, අමිමා,තාත්තා, මගේ චුටි නැන්ද,ලොකු නැන්ද, කොලඹ තර්ස්ටන් විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ පලාත් අධ්‍යාපන අධ්‍යක්ශ විමල් ගුනරත්න මැතිදුන් , අපවත් වි විදාල මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අතිපුජනිය කෙවිටියාගල ආනන්ද නායක හිමියන් සහ  කොස්සිනේ විතානාරචිචි සියා සහ ආචිචි ඇතුළු මගේ ගුරුවරුන් සහ නැදැයන්ගේ මා ගැන තැබු බලාපොරොත්තු ඉටු කරන්න මට හැකිවිම ගැන.  

6) Sunbury and Halliford, surrey ප්‍රාන්තයේ කවුන්සලයට තරග වදින්න ආපු අදහස සහ ක්‍රියාත්මක උනේ කොහොමද? 

මම 2010 සිටම කොන්සවේටිව් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. මම එම පක්ශයේ Heathfield හිත්ෆිල්ඩි ශාකාවෙ දේශාපාලන උප සබාපති ලෙස කටයුතු කරන කාලෙි -2017 පාලත් පාලන මැතිවරණ ට රිචිමන්ඩි පාලාත් පාලන ආයතනය (London Borough of Richmond Upon Thames) ට තරග කලා. නමුත් දිනිමට බැරි වුනා. ඉන්පසු. අපි 2018 හැලිෆඩි වල පදිංචියට ආවා.. 2019 දි මම කොන්ස්වර්ටිවි පක්ශයේ සන්බරි ශාකාවෙ දේශපාලන උප සභාපති ලෙස පත්වුනා. 2019 පැවැති පලාත් පාලන ආයතනය (Spelthorne Borough Council)  මැතිවරණට ඉදිරිපත් වුනත් ජය ගන්න බැරි වුනා. නමුත් මම දිගටම පක්ශයේ කටයුතු කලා. කොන්සවේටිව් පක්ශයේ Spelethrone ආසන බල මංඩලයේ නිලධාරිවරයෙකු ලෙසත් පත්වුනා.. හිටපු මන්ත්‍රි Tim Evans මහතාගේ ඉල්ලිම පරිදි සහ අභ්‍යන්ත්ර පක්ෂ ජන්ද විමසිමක් (Primary) මම Lower Sunbury  සහ Halliford  කොටිඨාශයෙන් Surrey ප්‍රාන්ත මැතිවරණ ට මෙ වසරේ මැයි මාසයේ ඉදිරිපත් ජය ගත්තා. මගේ පුතිවාදිය වුනෙි Spelthorne Borough  Council හි වර්තමාන නායකයා. මම ඔහුව පරදවා ජය ගත්තා..

7) එංගලන්ත පදිංචි ලංකාවෙ කෙනෙක් හැටියට ලබපු දේශපාලන ජයග්‍රහණය ගැන දැනෙන්නෙ කොහොමද? 

මට හරිම ආත්ම තෘප්තියක් දැනෙනවා. කුඩා කාලයේ සිට මගේ හිතෙ තිබුන අරමුනක් මම ලගා කර ගත්තා කියල සියුමි සතුටක් ලැබෙනවා. මගේ ආසන බල මංඩල සබාපති Mike Brennan, ශාකා සබාපති Tim Evans ඇතුලු සාමාජිකයන් සහ එංගලන්තයේ ශෙපර්ටන්, හවුන්ස්ලෝ, Feltham හැමිප්ටන් ,  Cheam , Bracknell සහ මිල්ටන් කින්ස් වල මගේ මිතුරන් විශල ලෙස උදවි කලා..ඉතින් විශාල පිරිසකගේ සහය ලැබිම ගැනත් මට හරිම සතුටයි.

8)ලංකාවේ දේශපාලනය සහ එංගලන්තයේ ඔබ දකින වෙනස ගැන කතාකරොත්, ලංකාවේ දේශපාලන හරි දිශානතියකට ගමන් කරනවද? 

වසර දහයකට වඩා මෙ රටෙ කියාකාරි දේශපාලනය කල නිසාත්, අටක් මම ලංකාවෙ දේශපාලනය කල නිසාත්, එංගලන්තය සිටින අතරතුරැ එක්සත් ජාතික පක්ශයට සමිබන්ධව කටයුතු කල නිසාත් මට දෙරටෙ  පක්ෂ දේශපානයත් රටෙ දේශපාලනයත් ගැන හොද අවබෝධයක් තිබෙනවා. සංසාන්ධනාත්මකව හිතුවොත්, ලංකවෙ පක්ශ දේශපානයත් (පුධාන පක්ශ) සහ දේශපාලන කුමය තාමත් තිබෙන්නේ ඉතාම පුාතමික අවධියේ.  පවුල් වාදය මත ගොඩ නැගුන,ජාතික පුතිපත්ති සැලසුම් කරනය සහ කිුයාත්මක කිරිම ගැන තැකිමක් නොකරන , තරැන දේශාපාලඣන්ට පක්ශවල නායකත්ව අවස්තා නොදෙන කුමයක තමයි ලංකොව තිබෙන්නෙි. මගේ මතය නමි ලංකාවෙි චන්ද දායකයන්ගේ අයිතිය සහ යුතුකමි දැනුවත් කිරිමත් , තරැන සහ උගත් බුද්ධිමත් අය පවතින දේශපාලන කුමය ගැන මිට වඩා විචාරශිලිව සිතිමත් විචාරශිලිව සිතිමත් , කටයුතු කිරිමත් අත්‍යාවශ්‍යයි. 

9) ජීවිතයෙ ලස්සනම දවස ගැන පොඩ්ඩක්  මතක් කරොත් සහ බුද්ධිගෙන් අපෙ අයට මොනවගේ සහයෝගයක් ද ලබා ගන්න පුළුවන් contact කරගන්න පහසුම විදිය

මගේ ජිවිතයෙි හැම දවසක්ම සතුටුම දවසක් ලෙස දකින්නයි මම කැමතියි.. අපෙ ලොකු පුතා ජනිදු මෙලව උපන් දවස තමයි මගේ පෞද්ගලික ජිවිතයේ සතුටු ම දවසයි. ඒ කුලදුලේ අනෝමත් මමත් දෙමාපියන් වු නිසා.

මම කැමැතියි ගංකාවෙ තරැන ව්‍යසාකයින්ට උපදේශනය සහ තරැන දේශපාලනඣනට මගේ දැනුම සල පලපුරැද්ද බෙදා ගන්න.  මාව සමිබ්න්ධ කරගන්න පුලුවන් මගේ email එක හරහා 

Buddhi.weerasinghe@surrey.gov.uk

10) අපි Magazine එක ගැන මොකද හිතෙන්නෙ

‘අපි ‘ digital සගරාව මම ආසාවෙන් කියවන්න පටන් ගත්තා . ඩිජිටිල්කරනය තුල ‘අපි’ සගරාව යමි විප්ලවය ක් කරමින් සිටින බවයි මට හිතෙන්නේ.

ඊළඟට කාවද Nominate  කරන්නෙ

Stop child Cruelty ආයතනයේ සභාපතිනය සහ ලමා අයිතිවාසිකම් පිලිබද කිුයාකාරින  

 දොස්තර තුෂ් විකුමනායක මැතිනිය.

Back Cover

හීනයක්..

නුඹ සුන්දර හීනයක්…

දුටුව අවසන ලොබින් බැඳෙනා

සැනසුමක් පිරි හීනයක්…

දැන දැනත් යලි නොදකිනා බව

පෙරුම් පුරනා හීනයක්….

දෑල නෙතු පිය තදින් පියවා

මතකෙ පීරන හීනයක්….

පියවි ලොව තුළ සැබෑ නොවනා

සොඳුරු අරුමැසි හීනයක්…


සුරේඛා