ඉගිල යන සියොතුන්

ඉගිල යන සියොතුන්

ඔහේ ඉගිලී ගියාවේ…

සුවඳ විහිදන කැකුළු

පිපී පරවුනාවේ…

ගලන ගං දියේ රැළි

නැගී  පා වුනාවේ…

මටම නැති මගේ හිත

ඔහේ තනි වුනාවේ…

සුරේඛා

white orange tip (Ixias marianne) එළරඹ තුඩුවා

පිරිමි සහ ගැහැනු සතුන්ගෙ  පිටපැත්තේ පැහැය බොහෝවිට සමාන වන අතර පසුපස තටු එහි කහ පැහැයක් ගනී.  තවද පසුපස තටු එහි අග කෙළවර ලා දුඹුරු පැහැති පැල්ලම් සමූහයා පිහිටයි.  මෙම පැල්ලම් ත්‍රිකෝණාකාර වන අතර එම පැල්ලම් එකිනෙකට සමාන භාවයක් පවතී.

පසුපස කටුවෙහි ඉහළ කෙළවරට වන්නට දුඹුරු පැහැති පැල්ලම් ඇති අතර cell එක මැද දුඹුරු පැහැති තිත් දක්නට ලැබේ.  ඒ අතර පසුපස තටු මෙහි අපර දාරය දැති සහිත වන අතර එය ලා දුඹුරු පැහැති වේ. තවද මෙම විශේෂයේ ඉදිරි පියාපතෙහි ඇතුල් පැත්ත ගැහැණු සතා සහ පිරිමි සතා අතර වෙනස හදුනා ගැනීමට උපකාරී වේ. ඉදිරිපස තටුවෙහි ඉදිරිපස පැහැයක් ගනි. අපර කෙලවර තැඹිලි පැහැය වටා කලු දුඹුරු පැහැයෙන් ආවරණය වී පවති.

දිවාචර හැසිරීම් රටාවන් පෙන්නුම් කරයි. බොහෝ විට තද අව්ව ඇති විට පියාසර කරන සමනලයෙකි. අදුරු සහිත පරිසර පද්දති වල ලැග සිටීම නිරීක්ෂණය කල හැක. පර්යටනය සිදු නොකරයි.

තෘණ බිම් වල වාසය කරන තරමක් සුලබ සමනලයෙකි. ශ්‍රී ලංකාවේ dry zone හි පමණක් දක්නට ලැබේ.

මානසික සංකූලතා හඳුනා ගැනීමෙන් සිය දිවි නසා ගැනීම් අවම කිරීමට පියවර ගැනීම

වත්මන් සමාජය තුළ සමාජයීය සෞඛ්‍යය ඉහළ දැමීම තුළින් පුද්ගල නිරෝගී බාවය කෙරෙහි ඇති කළ හැකි ධනාත්මක බලපෑම ඉතාමත් ඉහළ අගයක පවතී.

Depression, Anxiety disorders, Dipolar disorders, Post traumatic stress disorder, Schizophrenia, Personality disprders යනාදී නොයෙකුත් මානසික ව්‍යාකූල තාවයන් නිසා පුද්ගලයින් සියදිවි නසා ගන්නා ප්‍රවනතාව වත්මන් සමාජයේ ඉතා ඉහළ අගයක් ගෙන ඇත. වර්තමානයේ පවතින රෝගී තාවයක් වන Dipression බොහෝ පුද්ගලයන් රෝගී බවින් පෙළෙන බහුලම මානසික රෝගයයි. ජනග්‍රහණයෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් මෙම රෝගී තත්ත්වයෙන් පීඩාවිඳී. මානසික රෝග සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් 15%ක් විෂාදය සඳහා වේ. ඔවුන්ගෙන් බොහොමයක් සියදිවි නසාගැනීම හෝ නසාගැනීමට තැත්කිරීම සිදු කර ඇත.

සියදිවි නසා ගැන්මට තැත් කරන්නන්ට මෙන්ම එය වැළැක්වීමට දායක විය හැකි පිරිසට ද ඒ පිළිබඳ වගකීමක් පවතී.

සියදිවි නසාගැනීම වනාහි නැවත ලබාගත නොහැකි ලෙස පුද්ගල ජීවිතයක් මරණයෙන් කෙළවර වීමකි. සමාජයේ කාර්‍ය භාරය වූ කලී මේ සිදුවීමේ කුමන හෝ අවස්ථාවකට මොනයම් හෝ අයුරකින් මැදිහත් වීමෙන් එය වළක්වාලීමට පියවර ගැනීමයි.

අඩු අධ්‍යාපනය, අඩු ආදායම් තත්ත්වය, උග්‍ර නෛතික ගැටලු, ක්ෂ්ණික බිඳ වැටීම්, වෙන්ව යාම්(separation), දික් කසාද වීම්, ප්‍රේම සබඳතා බිඳ වැටීම්, දුක, කලකිරීම, කෝපය, වේදනාව යනාදී නොයෙකුත් කාරණා හේතු කොටගෙන පුද්ගලයින් සියදිවි නසාගත් පුවත් නිරන්තරයෙන් වාර්තාවේ.

සියදිවි නසාගැනීමට ඉඩ සහිත අවදානම් අවස්ථාවේ දී පුද්ගලයන් හඳුනා ගැනීම මෙහිදී අතිශය වැදගත් වේ. පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින්, පවුල් පසුබිම තුළ සියදිවි නසා ගැනීමේ ඉතිහාසයක් සහිත පුද්ගලයින්, අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්, මානසික මට්ටම පහත වැටී ඇති ශාරීරික හා මානසික රෝගී අවස්ථාවන් වලින් පීඩා විඳින්නන් සියදිවි නසා ගැනීමේ ප්‍රයත්නයන්ට පහසුවෙන් එළඹීමට හැකියාව පවතී.

සමාජයේ පවතින ඇතැම් මිත්‍යා මතයන් නිසා සමාජය විසින් මෙම තත්ත්වය බරපතල තත්ත්වයක් ලෙස සැළකිල්ලට නොගන්නා අවස්ථාවන් පවතී. එනිසා පුද්ගලයින් මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමේ අවස්ථා මඟ හැරී යාම්ද වාර්තා වේ.

යම්කිසි පුද්ගලයෙක් තමා කවරදාක හෝ සියදිවි නසා නොගනිම් යැයි කියයි ද එවැන්නවුන් සියදිවි හානි කරගැනීමට ඉඩක් නොමැති යයි සිතීම එවැනි දුර්මතයකි. අප ශක්තිමත්ව සිටින තාක් එය යථාර්තයක් නොවුනද දුර්වල තැන්හි එය එසේ නොවීමට ඉඩක් පවතී.

තවද, සියදිවි නසා ගනිමියි නිතර ප්‍රකාශ කරන අය එසේ නොකරන අතර සියදිවි හානිකරගන්නා අය එය ප්‍රකාශ නොකර සියදිවි නසා ගන්නා බව ද එසේ පවතින මිත්‍යාවකි.

අනෙක් මිත්‍යාව වනුයේ සියදිවි නසා ගැනීම පිලිබඳ සමාජයේ කතිකාවතක් ගොඩ නැගීම හේතුවෙන් සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කිරීමට හේතු දෙන බවය.

නමුත් සමාජයීය සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී ඉහත කාරණයන් මිත්‍යා මත ලෙස බැහැර කිරීම කාලෝචිතය.

මේ පිළිබඳ සමාජයේ නිවැරැදි දැනුවත් භාවය අතිශය අවශ්‍ය ය. ඔබට හෝ මට කවර හෝ අවස්ථාවක උද්ගත විය හැකි පොදු කාරණයක් වන සියදිවි නසාගැනීමේ සිතුවිල්ල පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති කිරීම සමාජ වගකීමකි.

සියදිවි නසාගැනීමේ චේතනාව වැළක්වීම හා සියදිවි නසාගැනීම් ක්‍රියාත්මක කිරීමේ සැළසුම ව්‍යර්ත කිරීම මඟින් සියදිවි නසා ගැනීම වළක්වාලීම පියවර ගැනීම මෙහිදී අතිශය වැදගත් වේ.

මෙම කරුණු පිළිබඳ දැන සිටීම තම පවුල තුළ, පාසල තුළ, රැකියා ස්ථානය තුළ හෝ මොනයම් ස්ථානයක ඔබට පැවරී ඇති සමාජයීය මෙහෙවර ඉටු කිරීම උදෙසා බෙහෙවින් උපකාරී වනු ඇත.

පුද්ගලයෙක් තුළ සියදිවි නසා ගැනීමේ චේතනාව වරින් වර ඇතිවන්නක් හෝ නිරන්තර දින චරියාවේ අංගයක් ලෙස ඇති විය හැක. එමෙන්ම එය අපැහැදිලි චේතනාවක සිට පැහැදිලි සුවිශේෂී චේතනාවක් දක්වා වර්ධනය වන්නක් විය හැක.

තවද සියදිවි නසා ගැනීමේ සැළසුම යතාර්ථවාදී නොවන සැළසුමක සිට ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි නිරවුල් සුවිශේෂ සැළසුමක් දක්වා ගොඩ නැගූවක් වන්නට පිළිවන. ඔවුන්ගේ එම සැලසුම් අප නොසිතූ අවස්ථාවක ක්‍රියාත්මක විය හැක.

එවැනි පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කොට ඔවුන් හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය වරයෙකු වෙත හෝ පිළිගත් මනෝ උපදේශකයෙකු වෙත යොමු කිරීම අතිශය වැදගත් වේ.

එමනිසා, මානසිකව ව්‍යාකූල මොහොතක සියදිවි නසා ගැනීම නිසා ඔබ ආසන්නතමයා ඔබෙන් වෙන්ව යාමට ඉඩ ඇති බැවින් එය වළක්වා ගැනීමත්, එතුළින් සමස්ත සමාජය තුළ මෙම තත්ත්වය අඩු ප්‍රවණතාවක් දක්වා ගෙන ඒමත් උදෙසා වූ සමාජයීය මෙහෙවර ඔබටත් මටත් පැවරෙනා වගකීමකි. එම වගකීම නිසි ලෙස ඉටු වන සමාජයක ශාරීරික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය නීරෝගීබව නිතැතින්ම ස්ථාපිත වනු නිසැක ය.

නාලිකා හංසිනී ජයතිලක

Hawaiian Chicken meatballs

අවශ්‍ය ද්‍රව්‍ය

 සීන් ම අඹරාගත් කුකුළු මස් ග්‍රෑම් 500 ක්

 සිහිනේ කපාගත් සුදුලූනු බික් දෙක තුනක්

සිහින්ව කපාගත් කැරට් අලයක්

 සිහින්ව කපා ගත් ලූනු ගෙඩියක්

 breadcrumb කෝප්ප කාලක්

ගසාගත් බිත්තරයක්

 ලුණු සහ ගම්බිරිස් අවශ්‍ය ප්‍රමාණයට

තෙල් කෝප්ප භාගයක්

හවායන් බාබකියු සෝස් එක සඳහා

තෙල් මේස දෙකක්

 සිහින් අඹරාගත් ඉඟුරු තේ හැන්දක්

සොයා සෝස් 2tbs

 තක්කාලි සෝස් කෝප්ප කාලක්

වතුර කෝප්ප බාගයක් දුඹුරු සීනි තේ හැදි දෙකක් අන්නාසි ජූස් කෝප්ප කාලක්

  කොටු කපාගත් අන්නාසි කෝපයක්

කෝන් පිටි තේ හැන්දක්

 වතුර මේසහැඳි දෙකක්

ලුණු සහ ගම්බිරිස් අවශ්‍ය ප්‍රමාණයට

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට පොඩියට කුඩුකරගත් කුකුළු මස් කුඩු,සුදු ළුනු, කැරට්,එණු, බිත්තර පාන් කුඩු සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගම්මිරිස් දමා කලවම් කරගන්න. අඟල් තුනක හතරක වට ප්‍රමාණයක් තරමට මිශ්‍රණය බෝල කර පැත්තකින් තබන්න.

BBQ සෝස් එක සාදා ගන්නා ආකාරය

භාජනයක් ගෙන මදගින්නේ ලිප මත තබා එයට තෙල් ටිකක් දමා රත්කර ගන්න ඉන්පසු එයට ඉඟුරු එකතු කළ වෙන අඩියක් දෙකක් කළවම් කරගන්න ඉන්පසු එයට තක්කාලි සෝස් soy sauce දුඹුරු සීනි සහ pineapple juice එක්කර මදගින්නේ විනාඩි පහක් පමණ රත්කරගන්න ඉන්පසූ බුබුළු දමන විට කෝන්පිටි වලට වතුර ටිකක් ගෙන කලවම් කර මිශ්‍රණයක් සාදා ලිප ඇති මිශ්‍රණයට එකතු කරන්න එවිට තරමක් ඝන සෝස් එකක් සෑදේ.යළිත් විනාඩි තුන හතරක් ගිය පසු මුලින් සාදා ගත් කුකුළු මස් බෝල ටික සහ කපාගත් අන්නාසි එකතු කර විහාර දෙකක් වසා තබන්න ඉන්පසු යළිත් පියන අයින් කර හොඳට කලවම් කරගන්න. මෙය බත් සමග සමග ඉතා රසවත් ආහාරයක් ලෙස ගත හැක.නවසිලන්තයේ ළඟ ඇති රටවල,(tahiti, හවායි, french polynesia) ප්‍රධාන ආහාරයක් ලෙස අවන්හල්වල සහ ගෙවල්  ඔබට දැකගත හැක

Manoj Fernando

අවසන් හුස්ම

මිනිත්තු හතරකින් ආත්මීය බැමි ගැන විවරණය

කෙරෙන “අවසන් හුස්ම” ගීතය…

මෑත කාලය තුළ සුභාවිත ගීතයෙන් සියුම්ව හදවත් කෙනිත්තූ ගේය පද රචකයෙක් ලෙස රසික ඩී.

දුමින්ද මහතා හඳුන්වා දිය හැකිය. මටත් තිබුනා ප්‍රේමයක්, අක්කා, සුසානය, පමාවී ආවා වැනි

ජනප්‍රිය ගීත බොහොමයකගේ පද අතර සිර වී ඇත්තේ ඔහුගේ හැඟීම් ය. ඔහුගේ ගීත අතර ආත්මීය

පොදු අනුභූතියක් පාදක කර ගත් "අවසන් හුස්ම " ගීතය සර්ව කාලීන වශයෙන් ප්‍රේමණීය මිනිසුන්

ආමන්ත්‍රණය කිරීමට සමත් වී තිබේ.ප්‍රවීණ සංගීතවේ දී දර්ශන වික්‍රමතුංග මහතාගේ

සංගීතයෙන් හැඩවී ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දකයන්ගේ පණ ලැබූ "අවසන් හුස්ම"

ගීතය එළි දැක කෙටි කාලයක් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹුම් වාර මිලියන ගණනක් පසු කොට

හමාරය.

ප්‍රේමය නම් අකුරු තුන තුළ ගැඹුරු අර්ථයක් ගැබ් වී ඇත. වත්මන් සමාජය තුළ ඇති ලිංගිකත්වය හා

සයනයකට සීමා වූ ආදර කතා අතර සමාජය නොදකින නිහඬව සැඟවුණු ආත්මීය බැඳීම් ද ඇත.

“අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක

අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න

නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න”

මේ ලෝකයේ උපත ලැබූ ඕනෑම අයෙකු නිසැකවම තම ආයුෂ අවසන් කර ජීවිතයට සමු දිය යුතුමය. මෙම

ගීතයේ ආදරවන්තයා ඒ ලෝක ධර්මතාවයට එකඟ වී ඇත. නමුත් කුමන හෝ මොහොතක දී තම බිරිඳ මේ

ලෝකය හැර ගියහොත් සිය ජීවිත ගමනට වාරුවක් නැතිව යන බව ඔහු දනී. ඔහු එම යථාර්ථයට

මුහුණ දීමට සූදානම් නැත. ඕනෑම කුටුම්භයක් තුළ බිරිඳ නම් චරිතය මහ වැඩ කොටසක් සිදු කරනු

ලබයි. එය කියා නිම කළ නොහැකි තරම්ය. දරුවන්ගේ වැඩ කටයුතු, නිවසේ වැඩ කටයුතු, මෙන්ම සිය

ස්වාමියාගේ වැඩ කටයුතු ද සිදු කරනු ලබයි. ඇතැම් අවස්ථාවල දී උදේට රැකියාව සඳහා පිටත්ව යන

ස්වාමියාට බත් කවන බිරින්දෑවරු පවා අපට මේ සමාජය තුල හමුවේ. මෙම ගීතය පුරාවට ම

බිරිඳකගේ වටිනාකම දන්නා සංවේදී ස්වාමිපුරුෂයාගේ එකම ඉල්ලීම වනුයේ,

“නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න”

යන්නයි. ඔවුන් තුළ ඇති ප්‍රේමයේ බැමි කෙතරම් නම් සවිමත් ද යන්න ඒ තුළින් ධ්වනිත වේ.

“මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය

පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම

රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට

මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම”

ආදරේ අංකුර දළුලන කාලයේ දී පෙම්වතියක සිටියදී තිබුණ බොළඳ වදන් හැඟීම් ආදිය වයසින් හා

අත්දැකීම්වලින් මුහුකුරා ගිය පරිණත බිරිඳ තුළ චර්යාත්මක හා මානසික වශයෙන් වෙනස් වී ඇති

ආකාරය පිළිබඳව ස්වාමිපුරුෂයා දකින්නේ උපේක්ෂා සහගතවය. අතීතයේ බොළඳ පෙම් බස් මවනා

කාලයේදී පුංචි සිත් රිදුමකට පවා කඳුළු හෙලූ, රණ්ඩුසරුවල් කළ ඒ කාන්තාව අද කුටුම්භ ජීවිතය තුළ

කුමන අඩුපාඩුවක්, සිත්තැවුලක් පැමිණිය ද කළු ගලක් මෙන් නොසැලී දැඩිව ජීවත් වේ. සොඳුරු

සිනහවකින් ඒවා දරා ගන්නා බව සංවේදී ආකාරයෙන් මේ ගීතය තුළ රූපණය කෙරෙයි. දරුවන්ගේ හා

ස්වාමිපුරුෂයාගේ සුඛ විහරණය උදෙසා මවක් හා බිරිදක් ලෙස එදා සිටි ලාමක පෙම්වතිය සියලු දුක්

දොම්නස් දරා ගැනීමට කටයුතු කරන අයුරු,

“රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට

මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම”

යන පබැඳුම තුළින් විද්‍යමාන කරයි.මුල් පද තුළින් තමාට සිය බිරිඳට පෙර නික් මිය යුතු යැයි

ප්‍රාර්ථනා කළද තමා නැති විට බිරිඳ කෙසේ ජීවත් වේවි දෝ, කුරිරු සමාජය තුළ අභියෝග කොපමණ

නම් ඒවිදෝ යැයි කල්පනා ලෝකය තුළ ප්‍රේමණීය ස්වාමිපුරුෂයා අතරමං වෙයි.

“පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර

මම නැති දාක නපුරක් නුඹ හට වේද

තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද

හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය”

තම ජීවිතයට තෝරාගන්නා සහකාරිය ජීවිතයෙන් කොටසක් නොව මුළු මහත් ජීවිතයම බව මේ තුළින්

මනාව පිළිබිඹු කරනු ලබයි. බැඳීම් වගකීම්වලින් යුතු ලෞකික ලෝකය තුළ ආදරණීය ස්වාමි පුරුෂයාගේ

අවසන් ප්‍රාර්ථනය වනුයේ කෙදිනක හෝ තම බිරිඳ සමඟ ම ජීවිත ගමන නිමා කිරීමටයි. මෙය

බොහෝ දෙනෙකුගේ යටි සිත තුළ රැව් පිළිරැව් දෙන ප්‍රසිද්ධ රහසකි. මේ ගීතය රස විඳිනා විට සිත

දැහැන් ගත වේ.

ගීතයක් යනු මිනිත්තු තුන හතරක් පමණ වූ කෙටි කාලයක් තුළදී ජීවිත යතාර්ථය පිළිබිඹු කළ හැකි

ප්‍රබල සන්නිවේදන මෙවලමක් බව මනාව විද්‍යමාන වෙයි. පද පේලි 12කින් සර්වකාලීන සංකීර්ණ

ජීවන යථාර්ථයක් රූපණය කළ හැකිද යන්න මවිතයක් බවට පත්කරමින් රසික ඩී.දුමින්දයන් මේ

සඳහා මිනි කුරු අමුණා ඇත. කලාවේදී මෙන්ම පුද්ගලික ජීවිතය තුළ ද සංවේදී ප්‍රේමනීය මිනිසෙක් වන

විශාරද දර්ශන වික්‍රමතුංගයන්ගේ භාවාතිශය සත්සරය ද අනභිභවනීය වේ. මේ සියල්ලගේ ම

අවසන් ඵලය වනුයේ ක්‍රිෂාන්ත එරන්දක සුභාවිත හඬ පෞරුෂය තුළින් මානව හදවත් හැඩ විය හැකි

"අවසන් හුස්ම" ගීතය බිහි වීමයි.

මෙවන් වූ විශිෂ්ට ගේය පද සංකල්පනා පිළිබඳව අගය කළ යුතුමය. සුභාවිත ගීතය පණ අදින යුගයක

ඊට පණ දෙන නිර්මාණකරුවන් හා නිර්මාණයන් රැකගත යුතුම ය. මෙවන් වූ හදවත් ආමන්ත්‍රණය

කරන ගීත කිසිදිනක නොමියෙනු ඇත.

ඉසුරු ශ්‍රී බණ්ඩාර ඊරියගොල්ල,

ජන සන්නිවේදන අධ්‍යන අංශය,

කැලණිය විශ්ව විද්‍යාලය.

සර්පයන් සම්බන්ධව ශ්‍රීලංකාවේ නීතිමය රාමුව

1937 දී සම්මත වූ ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතට (Flora and Fauna Act) 1993 දී අංක

49 දරණ පනතට එක් කල හත්වන සංශෝධනයට අනුව,

නයා / Naja naja

තිත් පොළඟා / Daboia russelii

වැලි පොළඟා / Echis carinatus

තෙල් කරවැලා / Bungarus caeruleus

මුදු කරවැලා / Bungarus ceylonicus

යන විශේෂ හැර මෙරට වෙසෙන අනෙක් සියළුම සර්ප විශේෂ නීතියෙන් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.

මෙම පනතේ 30 වන වගන්තියට අනුව ආරක්ෂිත සර්පයෙකු ආරක්ෂිත සර්පයෙකු හෝ ඔවුන්ගේ කොටස් හෝ

බිත්තර එක්‍ රැස් කිරීම,ප්‍රවාහනය කිරීම,හිංසා කිරීම හෝ මරා දැමීම , රුපියල් 10000 – 30000 ක දඩ

මුදලකට හෝ වසර 2 – 5 සිරදඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් විය හැකි හැකියාව පවතී.

මෙවැනි ආකාරයට සතුන් හෝ සත්ව කොටස් විකිණීමද ඉහත දඬුවමට යටත් විය හැකි වරදකි.

මෙම පනතෙහි අංක 37 වන කොටස අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින්

නිකුත් කරන නීත්‍යානුකූල බලපත්‍රයක් රහිතව නීතියෙන් ආරක්ෂිත හෝ ආරක්ෂිත නොවන සර්පයෙකු

(සජීවීව හෝ අජීවීව) ඔවුන්ගේ කොටස්, බිත්තර ලඟ තබා ගැනීම සහ අපනයනයද ඉහත දඬුවමට යටත් විය

හැකි කාරණාවක් වේ.

පනතේ ආරක්ෂාව නොළබන නමුත් ඉහත සඳහන් කර ඇති උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 5 ම වන ජීවීන්

ලෙස වර්ගීකරණය කරන අතර මෙම සතුන්ද සන්තකයේ තබාගෙ ඇති කිරීම සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය

වේ.

මීට අමතරව මෙම උග්‍ර විෂ සහිත සර්පයන් 5 දෙනාද හමුවන භූමිය අනුව පනතේ ආරක්ෂාව හිමිවන අවස්ථා

සහිත වේ.

උදාහරණයක් ලෙස රක්ෂිත වනාන්තරයක් තුල සිටින්නාවූ යම් සත්වයෙකු ආරක්ෂිත සත්වයෙකු ලෙස පනතේ

නම් කර නොතිබුනද ඔවුන් වාසය කරන්නාවූ ස්ථානය ආරක්ෂිත කලාපයන් හෙයින් වක්‍රාකාරව වන සත්ව සහ

වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව ආරක්ෂිත සතුන් බවට පත්වේ.

මීට අමතරව තර්ජනයට ලක්ව ඇති විශේෂවල අන්තර්ජාතික වෙළදාම සඳහා වන සම්මුතිය (conversation on

international trade of endangered species – CITES) මඟින් ද මෙම සතුන් අපනයනය සම්බන්ධව තහනම්

පනවා ඇත.

මෙම පනතේ වගන්ති ප්‍රකාරව අහිකුණ්ඨික ජනතාවට විශේෂ බලපත්‍ර සහිතව සීමාසහිත සතුන් පිරිසක්

ලඟතබා ගැනීමට අවසර ලබා දී ඇත. නමුත් ඔවුන්ට වුවද හිංසාකාරී අයුරින් මෙම සතුන් ලඟ තබාගැනීමට

හැකියාවක් නොමැති බව මතක තබාගත යුතු කරුණකි.

එමෙන්ම වනජීවි පර්‍යේෂකයන්ට සීමාසහිත සත්ව විශේෂ ගණනක් සඳහා අවශ්‍ය සතුන් නම් කරන ලද

ප්‍රදේශ වලින් එක් රැස් කිරීමට අවසරපත්‍ර ලබාදීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ

ජනරාල්වරයා විසින් නිකුත් කරනු බලන අවසරපත්‍රයක් සහිතව සිදු කල හැකි වන අතර එසේ සත්ව නිදර්ශක

එක්‍ රැස් කිරීම සහ පටක සාම්පල බලාගැනීමේ කාර්‍යන්හිදී අදාල අවසරපත ඔවුන් සතු වීම අනිවාර්යය වේ.

යම් අයෙකු ඔහු හෝ ඇය සතුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්

කරන ලද අවසරපතක් ඇති බව ඒත්තු ගන්වා සත්ව නිදර්ශක එක් රැස් කිරීමට හෝ සතුන් අනවසරෙන් බලාදෙන

ලෙස හෝ ඉල්ලීම් කරන ඕනෑම අවස්ථාවක සත්ව නිදර්ශක එක් රැස් කිරීමට ඔවුන් සතුව ඇති අවසරපත්‍රය

ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය ඔබ සතුව ඇත.

එවැනි අවසරපත්‍රයක් ඔබ වෙත ඉදිරිපත් කලහොත් ඔබ විසින් සැලකිල්ලට ගත යුතු කරුණු මෙසේය.

• අවසරපත හිමි පර්‍යේශකයාගේ සහ කණ්ඩායමේ සාමාජිකයන්ගේ නම් අවසරපත ඉදිරිපත් කරන්නාවූ

කණ්ඩායමේ අයවලුන්ගේද යන බව සැළකිලිමත් විය යුතූය

• අවසරපත නිකුත් කරන ලද දිනය සහ නිදර්ශක එක් රැස් කිරීමට ලබා දී ඇති කාලසීමාව

කල් ඉකුත්වූ අවසරපතක් යොදාගෙන සත්ව නිදර්ශක එක් රැස් කිරීම වනසත්ව හා තුරුලතා ආරක්ෂණ පනත

උල්ලංඝනය කිරීමකි.

• නිදර්ශක එක් රැස් කිරීමට නිර්දේශ කර ඇති සහ අවසර ලබා දී ඇති කලාපය

නිර්දේශිත කලාපයෙන් බැහැරව සත්ව නිදර්ශක එක් රැස් කිරීමේ හැකියාවක් අවසරපතක් තිබුණද කල

නොහැක්කකි

• සත්ව නිදර්ශක එක් රැස් කිරීමට අවසර ලබාදී ඇති සත්ව කාණ්ඩය.

උදාහරණයක් වශයෙන් Earth snakes / පාංශුවාසී සර්ප විශේෂ අධ්‍යනය සඳහා නිකුත් කරන ලද

අවසරපත්‍රයක් යොදාගනිමින් Aboreal snakes/ රුක්වාසී සර්ප විශේෂ අධ්‍යනය කිරීම කල නොහැක.

මෙම නීති සහ වනසත්ව හා තුරුලතා ආරක්ෂණ පනත උල්ලංඝනය කරන්නන් පිළිබඳව ඔබට ගත හැකි

ක්‍රියාමාර්ග.

මෙම පනතෙහි බලය සියළුම රාජ්‍ය ආරක්ෂක අංශ සඳහා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ

නිලධාරීන්ට බලාත්මක කල හැකිය. එමනිසා මෙම පනත යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් උල්ලංඝනය

කරන්නේනම් ඒ පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අංශ සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය

1992 ඔස්සේ ඔබට දැනුවත් කිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ සර්පයන් සම්බන්ධව සිදුකරගෙන යන්නාවූ නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක

කිරීමට උපකාර කිරීමට අපද සෑමවිටෙකම සූදානම්න් සිටින අතර ඔබ සතුව ඇති සත්ව ජාවාරම් පිළිබඳව

තොරතුරු අදාල අංශ වෙත යොමු කරවීම සඳහා අපගේ සහය සෑමවිටෙකම ඔබ සමඟයි.

චමල් ලක්ෂාන් –

පරිසරවේදී (Thema collection , Tea and experience factory)