Month: March 2023
Back Cover – March
Photoghraphy
Touch of French
Mauritius Prawn Rougaille
ජීවිතාවර්ජනය
පරිකල්පන ශක්තිය හීන වීමත්, පැහැදිලි විඥානයක් නොතිබීමත්, නූගත් සමාජයක් බිහි වීමත් රටක පාලනයට දිගු කලක් රිසිසේ පාලන බලයේ රැඳී සිටීමට මහත් රුකුලකි. එබැවින් අධ්‍යාපනය අඩාල කිරීම, තරුණ පරපුර අසහනකාරී ලෙස ආර්ථික, සාමාජීය හා අධ්‍යාපනිකව දුර්වල කිරීම අපටත් නොදැනීම සිදු කරනු ලබයි. මේ නිසා මොහොතක සතුට සැනසීම සොයා වැඩි දෙනෙක් මත් වූ ලෝකෙක ජීවත් වන්නට වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇත. කුඩු, ගංජා, හෙරොයින්, අයිස් වගේම මත් වතුර පැල්පතේ සිට මහා මන්දිරය දක්වා අලෙවි ජාලයක් ව්‍යාප්තව ඇත. මේ තුළින් මිනිසාගේ සෞඛ්‍ය හා ආර්ථිකය පරිහානියට පත්වී ලොකු පුටු වැජඹුනා පමණි. මෙය එදත් අදත් හෙටත් වෙනස් වන්නේ නැත.
ජීවිතාවර්ජනය තුළින් මතට ඇබ්බැහි වී ඉන් මිදී යහපත් ජීවිත ගත කරන අයගේ ජීවිත අත්දැකීම් බෙදා ගන්නේ හුදෙක් කියවා රස විඳීමට නොව ඇබ්බැහි වූවන්ට ඉන් මිදීමට උනන්දුවක් ආසාවක් ඇති කිරීමටය. ඔවුන්ට ජීවත්වීමටත්, ඇබ්බැහි කමින් මුදවා ගැනීමටත් ඔබටත් මටත් වචනයකින් හෝ උදව්වක් කිරීමට උත්තේජනයක් ලෙසයි.
අද ඔබ හමුවට එන්නේ කතා නායිකාවක්. ඇබ්බැහිවීම් ගැහැණු පිරිමි ලෙස වෙනසක් නොමැති බව මේ තුලින් ඔබට පසක් වනු ඇත.
සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මම ඇයට ජෙනී ලෙස අමතමි.
1. ජිනීගේ වයස කීයද? ගම කියන්න කැමති නම්..
මගේ දැන් වයස අවුරුදු හැටයි. ගම බොරැල්ල.
2. මොනවටද ඇබ්බැහි වෙලා හිටියේ?
මත්පැන් වලට
කොච්චර කල් ඉඳලද? කොහොමද එක උනේ..
ඇත්තටම මේක කාගෙවත් පෙලඹවීමක් නිසා වත් පාසල් අවධියේ වත් ඇති වූවක් නොවේ. විවාහ වෙලා දරුවන් දෙදෙනකුත් ලැබුණාට පස්සේ මං මේකට ඇබ්බැහි වුනේ. අවුරුදු 30 පහුවෙලා. තිස් දෙකක් විතර වගේ. මගේ සැමියා මත්පැන් පාවිච්චි කලා. හැබැයි ඇබ්බැහි කමක් නෙමෙයි ඒක. එයා බීලා වෙරි වෙලා ඉන්නවා මං කවදාවත් දැකලා නැහැ. ඒත් ඔහොම දකිද්දි මටත් බොන්න ආසාවටක් ඇති වෙනවා. මම කරන්නේ මගේ මහත්තයා ළඟ තියෙන මිල අධික මත් වතුර බීලා ඒ හිස් වෙන ටිකට වතුර පුරවන එක. මුලදි මුලදි මහත්තයට මේක හිතා ගන්න බැරි වෙනවා. ඒත් පස්සේ එයා දැනගන්නවා මමයි මේ වැඩේ කරන්නේ කියලා.
3. Jenny පුනරුත්ථාපනය වුන කෙනෙක් නෙවෙයි කොහොමද මේ ඇබ්බැහිවීමෙන් මිදුනේ..
කතාවට කියනවා නේ පිරිමිය ඇබ්බැහි වෙනවට වඩා ගැහැණු මතට ඇබ්බැහි උනාම ගැලවෙන්න අමාරුයි කියලා. ඒක ඇත්ත. මුලදි මගේ මහත්තයා මට හොඳින් කිව්වා මේක නවත්තන්න කියලා. ඒත් මට දවසගානෙ බොන්න ඕන වුණා. මහත්තයා ගෙදරට බෝතල් ගේන එක නතර කළා. මට කරන්න දෙයක් නැති කොට මම සල්ලි හොයාගෙන වයින් ස්ටෝස් එකින් බෝතල් අරගත්තා. මට සල්ලිත් නැති වුණා. මහත්තයා මගේ අතට වියදමට සල්ලි දෙන එක නතර කළා. මම අහල පහලින් නෑදෑයන්ගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා. අම්මට අසනීපයි, බබාලට අසනීපයි ඉස්කෝලේ වියදම් කියලා තමයි ඉල්ලගන්න ගත්තෙ. ඒත් පස්සේ පස්සේ මම මතට ඇබ්බැහි වෙලා කියලා හැමෝම දැන ගත්තා. මම බිව්වේ හැමෝම නිදා ගත්තට පස්සේ. ඒ නිසා මගේ දරුවෝ දැනගෙන හිටියේ නැහැ පොඩිකාලේ මම මතට ඇබ්බැහි වෙලා කියලා. මහත්තයා මාව අත ඇරියේ නැහැ, හැබැයි ගේ ඇතුලෙ මම හරියට කොන් වුණා. ලැජ්ජාවට පත්වුණා. මගේ අතින් දරුවන්ගේ මහත්තයාගේ වැඩ මග ඇරුනා. මහත්තයා පාරෙ හිඟමනේ යන කෙනෙක් දැක්කත් මට හින්ට් යවපු එකයි කළේ. පුදුම අසරණකමක් තනිකමක් මට මගේ ගෙයි ඇතුලේ දැනුනා. ඇබ්බැහි කමින් මිදෙන්න ඕන උනත් වුණත් තනියම ඒක කරගන්න පුළුවන් වුණේ නැහැ. මගේ යාළුවෙක් තමයි නිර්නාමික මත් ලෝලීන්ගේ සංසදය ගැන මට කිව්වේ. මට ඒ ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් යාළුවා කියනවට මීටින් එකකට සහභාගි වුණා. එතන හිටියේ මං වගේම ඇබ්බැහිවීම වල ඉඳලා ඇබ්බැහිවීමෙන් මිදෙන්න වුවමනාව තිබුණ අය. නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදය තමයි මට ඇබ්බැහි වීමෙන් මිදෙන්න උදව් කළේ.
4.මතින් තොර වන එක තනියම කරන්න පුලුවන්ද?
තනියම නතර කරන්න පුළුවන් අයත් ඇති. එත් මට තනියම කරන්න බැරි වුනා. මානසික, ශාරීරික හා අධ්‍යාත්මික සුවය වගේම මනස ශක්තිමත් කරන්න උදව්වක් ඕන වුනා. ඒ උදව්ව මට නිර්නාමික මත්ලෝලින් ගේ සංසදයෙන් නොඅඩුව ලැබෙනා.
5. මේ ඇබ්බැහිවීමත් එක්ක ඔයාට අහිමිවුණු දේවල් මොනවාද?
පවුල ඇතුලේ පිළිගැනීම නැති වුණා. මහත්තයා දරුවන් ගෙදර හිටියත් පවුල ඇතුලේ මම තනි උනා. මානසිකව වැටුනා. මහත්තයා මාව පිළිකුල් කළා.
6.මේ අහිමි වුන දේවල් නැවත ලගා කරගන්න ඔයා මොනවද කළේ?
නිර්නාමික මත්ලෝලින් ගේ සංසදයෙන් මට හොඳ මගපෙන්වීමක් ලැබුණා. ඇබ්බැහි වීම තුළ මම මගේ ජීවිතය ට කරගෙන තියෙන විනශය අවබෝධ වුනා. ගැහැනියක් විදිහට මගේ දරුවන් මගෙන් කොයි තරම් ඈත ද කියලා මට දැනුණා. ටිකෙන් ටික මට මේ ඇබ්බැහිවීමෙන් මිදෙන්න පුළුවන් වුණා. මම ඒ ගත් උත්සාහය ගැන මගේ මහත්තයා ගොඩක් සතුටු වුනා. මාව ආදරෙන් පිළිගත්තා. ඒ තුළ මට නැවත පවුලේ වගකීම් වගකීම් ඉටු කරමින් ආදරයෙන් ජීවත්වෙන්න පුළුවන් වුණා. මම දැන් අත්තම්මා කෙනෙක්. ඒ ලබපු සතුට සැනසීම අදටත් මම ලබනවා.
7. ඔයාගේ ඒ අඳුරු කාල පරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුන අපහසුතා මොනවද?
නිවසේ ආර්ථික කටයුතු මගේ සැමියා අතර ගත් නිසා ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. මං කලින් කිව්වනේ මම බිවුවෙ හැමෝම නිදා ගත්තාම. කොළඹ හැදිලා වැඩුනට මම නයිට් ක්ලබ් වලට ගිහින් බීලා නැහැ. ඒත් මගේ පවුල ඇතුලේ , අසල්වැසියො, නෑදෑයො යහළුවො මාව බේබද්දියක් කියලා කොන් කලා. ඒ නිසා පවුලේ අයට ලැජ්ජාවට පත් වෙන්න වුනා.
8.මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද ?
ගැහැනු පිරිමි කියලා භේදයක් නෑ ඇබ්බැහිවීම් වලට. මං දකින විදිහට තරුණ පරපුරේ වැඩිහරියක් මතට ඇබ්බැහි වෙලා ඉන්නේ ගැහැනු දරුවන්. ඔවුන් මේක ඇබ්බැහි වීමක් කියලා දකින්න නැතුව ඇති. ඒ ක්ලබ් එකකට ගියාම පොඩි කොල්ලන්ට වඩා ගැහැනු දරුවන් මත් වතුර වගේම සිගරට් හරි හරියට පාවිච්චි කරනවා. මං හිතනවාසතුටු වෙන්න මේ දේවල් අවශ්‍ය නැහැ කියලා. ඒත් මේවා ඇබ්බැහි නොවී පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි.
9.ඔයා ගෙවන දැන් ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ?
පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. මගේ දරුවෝ ලොකු උනහම දැනගත්තා මම බේබද්දියක් වෙලා හිටියා කියලා. මම ඒකෙන් මිදෙන්න ගත් උත්සාහය ගැන ඒගොල්ලො අද කතා කරන්නේ සතුටින්. මට මේ කතාවට එකතු කරන්න තව දෙයක් තියෙනවා. මම දන්නෑ මේ කතාව කොයි තරම් කොයිතරම් සාධාරණද කියලා. මගේ තාත්තා මතට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ඒක මම දැක්කා. ඒ නිසා මගේ අම්මා ශාරීරිකව මානසිකව විඳපු වේදනාවත් මම දැක්කා. තාත්තා නිසා මම මේදේට කැමැත්තක් දැක්වුවද කියලත් මට හිතුනා.
10.තරුණ පරපුරට ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?
මතට ඇබ්බැහි වෙන එකට ගැහැණු පිරිමි කියලා භේදයක් වත් වයස් භේදයක් වත් නැහැ. ඒ නිසා ඇබ්බැහිවීමක ඉන්න කෙනෙක් ඒකෙන් ගැලවීමට අවශ්‍ය නම් ඒ සඳහා උදව් අවශ්‍ය බව විශ්වාසවන්ත කෙනෙකුට කියන්න. ඇබ්බැහි වීමෙන් මිදුනට පස්සේ මම නිර්නාමික මත් ලෝලීන් ගේ සංසදයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. අපි කොළඹ වගේම රට පුරා ව්‍යාප්ත වෙලා මතට ඇබ්බැහි වෙලා ඉන්න අයට ඉන් මිදීමට උදව් කරනවා. ජීවිතේ සතුට තියෙන්නේ පාවෙන ලෝකයක නෙවෙයි. මට කියන්න තියෙන්නේ මත් වෙන දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා. ඒත් අවාසනාවකට හරි ඊට ගොදුරු වුනොත් ඉන් මිදෙන්න උත්සහ කරන්න.
ස්තුතියි
පියුමි සිල්වා
හිස් අඩුක්කු තිබුනේම
Interview-March
Interview
Q1. මුලින්ම ඔයා ගැන හැඳින්වීමක් කලොත්.
මම හිරුණි පීරිස් දැරණියගල, වයස 24 යි. පාසල් ගියේ
දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලට. දැනට උපාධිය
අවසන් කරලා පුහුණු වන ගෘහ අභ්‍යන්තර
නිර්මාණශිල්පිනියක් විදිහට වැඩ කරනවා.
Q2. අපි දැන ගන්න කැමතියි හිරුණිගේ පවුලේ විස්තර
පවුල් ගැන කිව්වොත් මට ඉන්නේ අම්මා, තාත්තා, නංගි.
නංගි නම් දැන් විදෙස් ගත වෙලා ඉන්නේ. අම්මයි තාත්තයි
මේ වෙද්දි විශ්‍රාම සුවයෙන් ඉන්නවා.
Q3. අපිට ඔයාව magazine එකෙන් හමුවෙන්නේ සමනල්ලුත්
එක්ක, ඉතින් කොහොමද ඔයා සමනල්ලු ගැන ඔය විදිහට
විස්තර දැනගත්තේ, ඒ ගැන අපිට විස්තර ටිකක් කියන්න.
මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ මේක මගේ විනෝදාංශය.
සත්තු ගැන ඉගෙන ගන්න එක ඇත්තටම වෙනම විදිහක
විනෝදයක්. ඉතින් ඒ අතරින් මගේ වැඩි කැමැත්ත ගියේ
සමනල්ලුන්ට.
එහෙම ගත්තාම මම විධි කිහිපයකින් සමනල්ලු ගැන
ඉගෙනගෙන තියෙනවා වගේම තවමත් ඉගෙන ගන්නවා.
මුලින්ම මම සමනල්ලු ගැන ඉගෙන ගත්තේ ශ්‍රී ලංකා තරුණ
සත්වවේදින්ගේ සංගමයෙන් පස්සේ ඒගොල්ලෝ ගැන දැනුම
එක මට්ටමකට ආවම තනිමත් විස්තර හොයන්න පටන්
ගත්තා. ඇත්තටම ලංකාවේ සත්තු ගැන ඉගෙන ගන්න
ගොඩක් හොඳ සංවිධාන තියෙනවා වගේම මේ ජීවි කාන්ඩය
ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ ගොඩක් ඉන්නවා.
Q4. හිරුණි මේ ලියන එකෙන් ඔයා සමනල්ලුන්ට දෙන
වැදගත්කම මොකද්ද?
ඇත්තටම මේ ලෝකේ වැදගත් නැති සතෙක් කියලා නැ
හැමෝම වැදගත්. මේ ලෝකේ ඉන්න මොකෙක් හරි
සතෙක්ගෙන් මේ මහ පොලොවට මොනාම හරි වැඩක්
තියෙනවා. මිනිස්සු කියන්නෙත් සතෙක් ඉතින් මිනිස්සු
වගේම තමයි සමනල්ලුත් අපිට ගොඩක් වැදගත්.
විශේෂයෙන්ම අපි පොඩි කාලේ ඉස්කෝලේ යද්දිත්
සමනල්ලුන්ගේ තියෙන වැදගත් කම් ඉගෙන ගන්නවා. ඒ
ඇරෙන්න මම එයාලා ගැන ඉගෙන ගනිද්දි දැනගත්ත
වටිනාකම් ගොඩයි. පරිසරය ලස්සන කරනවා වගේම එයාලා
පරිසර තත්ව මනින මිම්මක් විදිහටත් ගන්නවා. ඒ ඇරුනම
එයාලා අපේ පලිබෝධ ගැටලුත් විසදෙනවා.
Q5. එතකොට හිරුණි සමනල්ලු ගැන විතරමද අධ්‍යනය
කරන්නේ?
නෑ මම තව සත්ව කාණ්ඩ ගැන ඉගෙන ගන්නවා.
කුරුල්ලෝ, බත්කූරෝ ඒ ඇරුනම ගස් ගැන ඉගෙන ගන්න
ගොඩක් ආසයි. කලිනුත් කිව්වා වගේම මේ පැත්තෙන් ගන්න
විනෝදය වෙනමම එකක්. දැනුම ගන්නවා වගේම ඒක
පාවිච්චි කරලා තර්ජනයක් වෙලා තියෙන සතුන්චේ
සංරක්ෂණයටත් උදව් කරනවා. ඒ අතින් ගත්තාම මේ වගේ
විනෝදාංශයකට හිත ගිය එක ගැන ගොඩක් සතුටුයි.
Q6. එතකොට හිරුණි මේ සත්ව කාන්ඩය සංරක්ෂණය අතින්
ගත්තම දැන් වෙනකොට මොන වගේ තැනකද ඉන්නේ? ඒ
ගැන තියෙන අදහස මොකද්ද?
අදහස් කියන්නේ සමනල්ලුන් ගැන විශේෂයෙන් කිව්වොත්
මේ වෙද්දි සමනල්ලුන්ගේ සංරක්ෂණය සඳහම ලංකාවේ
සංවිධානයක් තියෙනවා. ඒ ඇරුනම වෙනත් පරිසර සංගම්
අතිනුත් මේ සත්ව කාණ්ඩයට අදාල සංරක්ෂණ වැඩහටහන්
වෙනවා. සහ මගේ තියෙන අදහස එක්ක ඒවා තවත් පුලුල්
කරලා පාසල් මට්ටමේ ඉඳන්ම මේ වැඩේ කරොත් අපිට
ඉස්සරහට අපේ පරිසරය ලස්සන කරන සත්ව කාන්ඩයක්
ආරක්ෂා කරන්න පුලුවන්.
ඇත්තටම මට තියෙන්නේ පොඩි දැනුමක් වුනත් මම මේ
විදිහට හරි එයාලා ගැන කියලා කරන්නෙත් එක විදිහක
සංරක්ෂණයක් තමයි. අපි දෙන පොඩි විස්තරයෙන් හරි
ඉස්සරහට අපිට දැනට ඉතුරු වෙලා තියෙන සත්ව සම්පත
ආරක්ෂා කර ගන්න පුලුවන්.
Q7. අවසන් වශයෙන් අපි magazine එකට සම්බන්ධ වීම ගැන
ඔබේ අදහස?
කෙටියෙන් කිව්වොත් ඇත්තටම සතුටුයි. මම ලියන්න
ගොඩක් ආසයි. ඒ බලද්දි මම ආසම දෙයක් ගැන ලියන්න
අපි magazine එකත් එක්ක එකතු වෙන්න ලැබුන එක මගේ
වාසනාව. එතකොට අනිවාර්යයෙන්ම චමල් අයියට ගොඩක්
ස්තූති කරන්න ඕනේ ගයන් අයියජ මාව අදුන්නලා දුන්න
එකට වගේම මාව මේකට සම්බන්ධ කර ගත්තට ගයන්
අයියටත් ගොඩක් ස්තුති කරන්න ඕනේ. මොකද මේ පවුලට
එකතු වෙලා මම ගොඩක් අයව අදුන ගත්තා. ඒ අය
හැමෝම ගොඩක් දක්ෂයි එක එක ක්ෂේත්‍ර වලින්. දක්ෂ
විතරක් නෙමෙයි එගොල්ලෝ ගොඩක් සුහදයි. අපේ
වචනයෙන් කිව්වොත් එයාලා එක්ක එකට එකතු වෙලා
වැඩක කරන්න ලොකු ගැම්මක් එනවා.
ඉතින් එතකොට අපි magazine ලොකු සාර්ථක දුරක් යන්න
ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
Sri Lanka’s Cinema
ශ්‍රී ලාංකීය සිනෙමාව
ශ්‍රී ලාංකීය සිනමාව ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය ආවරණය කරයි. වර්ෂ 1947 දී චිත්‍ර කලා මූවිටෝන් හි
එස්. එම්. නායගම් විසින් නිෂ්පාදනය කරන ලද “කඩවුනු පොරොන්දුව” චිත්‍රපටයත් සමඟ ආරම්භ කළ දා සිට
පාදම සොයා ගැනීමට අරගල කළ නව සිනෙමා කර්මාන්තයකි. සාමාන්‍යයෙන් චිත්‍රපට නිර්මාණය වන්නේ
රටේ ප්‍රමුඛ භාෂාව වන සිංහල භාෂාවෙන් ය. ආරම්භක අවදියේදී සිනමාවේ වැජඹුණු බොහෝ ප්‍රසිද්ධ
නළුවන්ට "F" අකුරින් වාසගම තිබූ බැවින් ඇතැම්හු එකළ ශ්‍රී ලංකාවේ සිනමාව Follywood ලෙසද හඳුන්වනු
ලැබිණි.
පළමු වසර නවය තුළ බොහෝ චිත්‍රපට නිපදවන ලද්දේ අසල්වැසි දකුණු ඉන්දියාවේ වන අතර ඉන්දියානු
සිනමාවේ සම්මුතීන් සමීපව අනුගමනය කරන ලදී. චිත්‍රාගාර රූගත කිරීම් සාමාන්‍ය දෙයක් වූ අතර
චිත්‍රාගාර තුළ සියළුම දෑ පාහේ ඉන්දියානු ශෛලිය නිරූපණය වෙන සේ ඉදිකර තිබුණි. 1956 දී පුරෝගාමී
අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද “රේඛාව” චිත්‍රාගාරයෙන් පිටත
සම්පූර්ණයෙන්ම රූගත කළ පළමු සිංහල චිත්‍රපටය බව බොහෝ දෙනා විශ්වාස කළත් එය 1950 දී කිංස්ලි
ජයසේකර සහ ශීලා පීරිස් රඟපෑ "ගම්බද සුන්දරී" චිත්‍රපටය බව බොහෝදෙනෙක් නොදනී. එය රේකාව
චිත්‍රපටයේ මෙන් දෙබස් එම ස්ථානයේදීම පටිගත කළ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටයද විය. මෙයට හේතුව
වූයේ Kinevox 35mm චුම්බක රෙකෝඩරයක ශබ්දය පටිගත කරන ලද අවස්ථාවේ මෙන් නොව 16mm
පටලයේ ශබ්දය දෘශ්‍යමය වශයෙන් පටිගත කරන ලද Auricon sound-on-film කැමරාවක් භාවිතයෙන්
චිත්‍රපටය 16mm මත රූගත කර තිබීමයි. මෙම චිත්‍රපටය පසුව මිලිමීටර් 35 දක්වා blow up වූ අතර 1950
වර්ෂයේදී කොළඹදී තිරගත විය.
රේකාව දේශීය හා ජාත්‍යන්තර විචාරකයන්ගේ පැසසුමට ලක් වුවද චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයින්
ආකර්ෂණය කරගැනීමට අපොහොසත් වූ අතර එය බොක්ස් ඔෆිස් වාර්ථා අතරට යාමට සමත් නොවිණ.
"සංදේශය” සහ “කුරුළු බැද්ද” වැනි චිත්‍රපට නිර්මාණය කිරීමට උත්සාහයන් දැරීමට පෙර 1960 ගණන්වල
මුල් භාගය දක්වාම ඉන්දියාවෙන් ණයට ගත් සූත්‍ර කථාන්තරයන් අනුගමනය කරමින් චිත්‍රපට නිර්මාණය
කිරීම සිදුකෙරිණි.
1964 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් නැවතත් ශ්‍රී ලාංකේය සිනමාවේ අභිවර්දනයට දායක වූයේ චිත්‍රාගාරයෙන්
පිටතදී ගීතයක්ද අන්තර්ගත නොකොට රූගත කළ පළමු සිංහල චිත්‍රපටය ලෙස "ගම්පෙරළිය" නිර්මාණය
කරමිණි. එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීම හේතුවෙන් ඉමහත් ප්‍රශංසාවට ලක්
වූ අතර විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් විසින් ද එකසේ පැසසුමට ලක් විය. ගම්පෙරළිය චිත්‍රපටය
වෙනුවෙන් එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී රිදී මයුර
සම්මානයෙනද පිදුම් ලැබීම ශ්‍රී ලාංකීය සිනෙමාවේ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. මින්පසුව 1960 දශකයේ
අග භාගයේ දී “සත් සමුදුර” ඇතුළු කලාත්මක සිංහල චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරන ලද්දේ මහාචාර්ය
සිරි ගුණසිංහයන් විසින් වෙන අතර කැමරාකරණයෙන් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් දායක විණි.
1970 දශකයේදී තවත් දක්ෂයින් කිහිප දෙනෙක් ඉදිරියට පැමිණි අතර ඉන්දියානු චිත්‍රපටවල ආභාශය රැගත්
කථා තේමාවන් මෙන්ම කතාන්දරයන් ඔස්සේ වාණිජ දාරාවේ සිනෙමාව අඛණ්ඩව වර්දනය විණි. 1972 දී
ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ "වැලිකතර" චිත්‍රපටය සිනමාස්කෝප් අනුපාතය යටතේ පුළුල් තිරයේ
ප්‍රදර්ශනය වුණු පළමු චිත්‍රපටයයි. "වෙස් ගත්තෝ" චිත්‍රපටයෙන් සාර්ථක ඇරඹුමක් ලබාගත් වසන්ත
ඔබේසේකරයන් 1979 දී "පළඟැටියෝ” චිත්‍රපටය ඇතුළුව තවත් විශිෂ්ඨ චිත්‍රපට රැසක් දායාද කරමින් ජනතා
ප්‍රසාදය දිනාගන්නා ලදි. මේ කාලයේ ඉදිරියට පැමිණි තවත් ප්‍රධාන අධ්‍යක්ෂවරයකු වන්නේ “බඹරු ඇවිත්”
සහ "අහස් ගව්ව" වැනි කෘතීන් තුළින් පූර්ණ සහ අර්දව නාගරීකරණය වූ යොවුන් ප්‍රජාවේ මානසික ආතතිය
විමසා බැලූ ධර්මසේන පතිරාජයනුයි. දේශීයව සුපතල කවියෙකු වන මහගමසේකරයන්ගේ එකම චිත්‍රපටිය
වූ "තුන් මං හන්දිය” ද 1970 දී තිරගත වුණු අතර එය ශ්‍රී ලාංකේය සිනමාවේ තවත් සුවිශේෂී සංදිස්ථානයකි.
1970 දශකයේදීම ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් ද සමාජයේ ගැටුම්කාරී
භූමිකාවන් පිළිබඳව විමර්ශනාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීම තුළින් ඉදිරියට පැමිණි අතර ඇය
සිනෙමාකරුවන්ගේ ප්‍රථම කාන්තා නියෝජනය වීමද කැපී පෙනුණි. “ගැහැණු ළමයි" සහ “ගඟ අද්දර” ඒවා
අතරින් ප්‍රමුඛ වේ.
ඉදිරි දශක කිහිපය තුළ තිස්ස අබේසේකර, චන්ද්‍රන් රත්නම්, ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, උදයකාන්ත
වර්ණසූරිය, එච්.ඩී.ප්‍රේමරත්න, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන
සිනෙමාකරුවන් කර්මාන්තයට නව ජීවයක් ලබා දීමට මහත්වෙහෙසක් දරණලදි. ඩී. බී. නිහාල්සිංහයන්
අතිදක්‍ෂ කැමරා අධ්‍යක්ෂවරයකු මෙන්ම සංස්කාරකවරයකු ද වූ අතර එබැවින් ඔහුගේ චිත්‍රපට සුවිශේෂ
ආකෘතියකින් සමන්විත වෙන අතර ඔහුගේ බොහොමයක් චිත්‍රපටවල සමාජයේ සූරාකෑමට ලක් වූ කාන්තාවන්
ප්‍රදාන ප්‍රස්තූතය විණි.
ප්‍රසන්න විතානගේගේ “පුරහඳ කළුවර” චිත්‍රපටය ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ හොඳම චිත්‍රපටවලින්
එකක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර විචාරකයන් සළකයි. විමුක්ති ජයසුන්දරගේ "සුළඟ එනු පිණිස"
චිත්‍රපටය 2005 කෑන්ස් සිනෙමා උළෙලේ ඇගයීමට පාත්‍ර විය.
අශෝක හඳගමයන් විසින් ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරාවට පැවතුණු සිවිල් යුද්ධය සමාජයේ මූලික තැනුම්
ඒකකය වෙන පවුල තුළ ගොඩනැගෙන මිනිස් අන්තර් සබඳතාවයන් කෙරෙහි කෙතරම් අහිතකර අයුරින්
බලපැවැත්වූයේද යන්න පිළිබඳව වඩාත් යථාර්ථවාදී ලෙස සාකච්ඡා කිරීමට පටන් ගත්තේය. එවැනි
ආන්දෝලනාත්මක කරුණු කාරණා හඹා යෑම සම්බන්ධයෙන් විවිධාකාර පාර්ශවයන්ගෙන් දැඩි විවේචන එල්ල වූ
අවස්ථාද නැතුවා නොවේ.
මෑත වසරවලදී ශ්‍රී ලාංකීය වීර කාව්‍යයන් මෙන්ම ඉතිහාස පුවත් පදනම් කරගත් “අබා", "මහරජ ගැමුණු"
සහ "ආලෝකෝ උදපාදි” වැනි දැවැන්ත පිරිවැයකින් යුත් වාණිජ දාරාවේ චිත්‍රපට විශාල සාර්ථකත්වයක්
අත්කරගෙන තිබීමද සුවිශේෂී කරුණකි. තවද පසිගිය වකවානුවේ පැවති Covid-19 වසංගතය හේතුවෙන්
චිත්‍රපට කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්වූවත් ඉන් අනතුරුව 2022 වසරේදී දැවැන්ත ආදායමක් ඉපැයීමට
ආදරනීය ප්‍රාර්ථනා” චිත්‍රපටයට හැකියාව ලැබුණි.