Month: May 2025
25-may-10
කෘතිම බුද්ධි තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ ශ්‍රී ලාංකේය චිත්රපටය THE JUDGEMENT
~ War Never Produces A Winner ~
යන්ත්‍ර හා සම්බන්ධ වු බුද්ධිමත් ක්රියාකාරීත්වය මෙන්ම එවන් ක්රියාකාරීත්වයක් ඇති කිරීම සදහා
ක්රියාත්මක වන විද්‍යා ක්ෂේත්රය හැදින්වීමට ද යෙදෙන පදයක් ලෙස කෘතිම බුද්ධිය ලෙස කෙටියෙන්
හැඳින්විය හැක. කෘතිම බුද්ධිය හා සම්බන්ධ වන ප්රමුඛ පෙලේ ග්රන්ථයන් විසින් කෘතිම බුද්ධිය අර්ථ
ගන්වන්නේ බුද්ධිමත් නියෝජිතයින් සම්බන්ධ අධ්යයනයන් සහ නිර්මාණයන් සිදු කිරීම ලෙසයි. මෙහිදී
බුද්ධිමත් නියෝජිතයෙකු ලෙස හැදින්වෙනුයේ තම පරිසරය අවබෝධ කර ගනිමින් සාර්ථකත්වය උපරිම
වන පරිදි ක්රියාකාරීත්වයන් දැක්වීමෙහි සමත්කමක් ඇති පද්ධතීන් වෙයි.
වර්ථමානයේ සිදුවෙමින් පවතින අති ධාවනකාරී තාක්ෂණික විප්ලවය සහ බුද්ධිමය විප්ලවයේ
ප්රතිඵලයක් ලෙසින් කෘතිම බුද්ධි තාක්ෂණය සෑම විෂය ක්ෂේත්රයකම පාහේ විවිධාකාරයෙන්
යෙදවෙන බැවින් ශ්රී ලාංකිකයන් හැටියට සිනමා කර්මාන්තය කෙරෙහි කෘතිම බුද්ධි තාක්ෂණයේ
යෙදවුම පරීක්ෂා කරවීමට සිතුවිලි නැගීම පවා ඇගයිය යුතු බව සිතේ.
යුධ වැදීමෙන් හෝ අවි ආයුධ අත දැරීමෙන් හෝ කිසිවෙකුට කිසිම කලෙක කිසිම අයුරකින් ජයග්රහණයක්
හෝ සැනසීමක් හෝ අයත් නොවන බව සිනමාත්මකව කියාපෑම චිත්රපටයේ තිර රචකයාගේ සහ
අදියුරුවරයා කලාත්මකව ඉස්මතු කරන්නට අපේක්ෂාකරන උඩුපෙළ වන්නට ඇති බව සිතේ.
ජීවිතය නම් හුස්මකින් ඇරඹී හුස්මකින්ම නිම වන අතිදීර්ඝ කාල පරිච්ඡේදය තුළ සිදුවන ඇතැම් සිදුවීම්,
හමුවන ඇතැම් පුද්ගලයන් හා හටගන්නා ඇතැම් පුද්ගල සම්බන්ධතා විග්රහ කළ නොහැකි පරිද්දෙන් අහඹු
විලසින් එකිනෙකට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කිරීමට විවිධ විෂයන් (දර්ශනවාදය, ආගම, කලාව සහ
විද්යාව) හරහා මිනිස් වර්ගයා අනවරත උත්සාහයක යෙදෙන්නේ වසර දහස් ගණනක සිටයි.
නිර්මාණකරුවන් විසින් මෙම උභතෝකෝටික ප්රස්තුතය සම්බන්ධයෙන්ද යම් ප්රශස්ථ කතිකාවතක්
ගොඩනැංවීමට උත්සාහ කිරීම චිත්රපටයේ යටි පෙළ වියයුතු බව හැඟේ.
ජාත්යන්තර ඇගයීමට බඳුන් වූ ශ්රී ලංකාවේ ප්රවීණතම තිර රචකයෙකු, සංස්කරණ ශිල්පියෙකු,
චිත්රපට අදියුරුවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන චන්ද්රන් රත්නම් මහතා විසින් අධ්යක්ෂක ධූරය
දරන ASIAN FILM ACADAMY (AFA) හී සිනමාව හදාරා අනතුරුව ශ්රී ලාංකේය රූපවාහිනී සහ සිනමා
කර්මන්තයන්හී නිර්මාණකරනයේ නියලෙන වෘතිකයින් දෙදෙනෙකු විසින් එක්තරා අයුරක නව තාක්ෂණික
අත්හදාදා බැලීමක් සිදුකරන අරමුණින් මෙම චිත්රපටිය නිපදවා තිබීමිතාමත් සුවිශේෂී මෙන්ම ඉමහත්
ප්රශංසනීය කාරණාවක් ලෙස හඳුන්වමි.
සංස්කරණය සහ අධ්‍යක්ෂණය – ලක්ෂාන් පෙරේරා
කතාව, දෙබස්, තිර රචනය සහ නිෂ්පාදනය – HORTON PICTURES වෙනුවෙන් හිරාන් ගමගේ
චිත්රපටයේ රූපරාමු නිර්මාණය කිරීම සඳහා Luma Dream Machine, pollo A.I., Mini Max සහ
Leonardo A.I. යන තාක්ෂණික මූලාශ්රයන් මෙන්ම පසුබිම් සංගීතය නිර්මාණය කිරීම සහ තේමා ගීතය
සැකසීම සඳහා Suno A.I. Music යන තාක්ෂණික මූලාශ්රය ද භාවිතා කොට තිබෙන බව දැකගත
හැකියි.
චිත්රපටය මේ වනවිට නියෝජනය කරමින් තිබෙන ජාත්යන්තර චිත්රපට උළෙල සහ වර්ගීකරණයන්
Neuro Masters AI Film Festival – Best AI Film and Best Social AI Film
Purple Sky International Film Festival – Best Experimental Film
Liverpool Indie Awards – Best Experimental Short Film
Reply AI Film Festival – General
ශ්රී ලාංකේය සිනමා කර්මාන්තයේ පැහැසර අනාගතයක් දකින නියාවෙන් ස්වදේශීය සිනමාකෘතීන්
නරඹන, ඒ පිළිබඳව ශාස්ත්රීය සංවාදයන්හී නියලෙන, ඒවා ඇගයීමට රුචි මෙන්ම ස්වකීය ජීවන මංපෙත
වෙතට යම් තරමක හෝ අරුණැල්ලක් පතිත කරවාගන්නා සිනමාලෝලීන් වශයෙන් මෙවන් ප්රශස්ථ
සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත් සැලසේවායි
නිර්මාණකරුවන් හට මුළු හදින්ම සුබාසිංශන එක් කරමි..
25-may-09
World අවුරුදු කුමරා කුමරිය 2025 එංගලන්තයේ අලුත්ම විස්තරේ
World අවුරුදු කුමරා කුමරිය 2025 එංගලන්තයේ පැවැත්වෙන තරගාවලියේ පළමුවැනි සම්මුඛ පරීක්ෂණය Manchester හීදී සාර්ථක අයුරින් පැවැත්වුණා. තවත් එවැනිම සම්මුඛ පරීක්ෂණයක් ලන්ඩන් හිදී පසුගිය මස විසි හත් වන දින holidayin හෝටල් පරිශ්රයේදී පැවැත්වෙන ලදී .
එහිදී විශාල තරගකරුවන් තරගකාරියන් පිරිසක් හමුවේ නොයෙකුත් දක්ෂතා සමග පැවැති තරගාවලියක් සේ සඳහන් කරන්න පුළුවන්. රූමත් ලලනාවන් වගේම පෞරුෂ හෙබි පිරිමි ළමුන්, ඒවගේම සිඟිති අවුරුදු කුමරා කුමරියන් තෝරා ගැනීමට ද සම්මුඛ පරීක්ෂණය එදා දවසේදීත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. දක්ෂ විනිසුරු මඩුල්ලකින් හෙබි ඉතාමත් අසීරු තරගකාරී තීරණයන් ගන්නට වුනේ එකිනෙකටම වෙනස්ම දක්ෂතා පෙන්වමින් තරඟය පුරාවටම ඉතාමත් උද්යෝගිමත් වගේම හැමෝමත් පුදුම කරවන දවසක් වුණා.
සියලුම සම්මුඛ පරීක්ෂණ 10 වෙනිදායින් අවසන් කර එදිනම අවසාන වටය සදහා තෝරා පත්කර ගන්නා දෙවන වටයද පැවති අතර එය ඉතාමත් උනුසුම් ස්වභාවයක් ගන්නා ලදි. මෙහිදී තෝරා ගනු ලබන්නේ අවසාන වටය සදහා වන සුරූපී සහ කඩවසම් දක්ෂතා වලින් සපිරි පිරිසක් වන අතර එම තෝරාගත් පිරිසසමඟින් මැයි මස තිබෙන දෙවන වටයේ සම්මුඛ පරීක්ෂණයෙන් මේ තරගය ඉතාමත් තරගකාරී මානයකට ගෙන ඒමට සංවිධායක මණ්ඩලය සූදානම්ව සිටිනවා.
අවසාන වටයට සුදුසුකම් ලබන තරුණ තරුණියන් මැයි මස 17 වන දින පවත්වන වැඩමුළුවෙන් සහ එදිනම පවත්වන දක්ෂතා එලිදක්වන සම්මුඛ පරීක්ෂණයන් ගෙන් තේරීපත් වන අයට අවසාන මහා තරගයේදී ඔවුන්ගේ ඇගයීමට ද සංවිධායක මංඩලය කටයුතු කරමින් සිටිනවා.එම දෙදින තුළ අප සිද්ගත් නෙත ගැටුනු පින්තූර කිහිපයකිනුත් මේ පිටුවේ සරසන්න අපි අමතක කරේ නැහැ.
අවසාන තරගය මැයි මස 31 වැනිදා ලන්ඩන් ස්ලව් ක්රිෂ්ටල් ග්රෑන්ඩ් පරිශ්රයේ දී පැවැත්වීමට සියලු වැඩ කටයුතු සූදානම් කර තියෙනවා. ඒ අතර විශේෂාංග රැසක් , කලාකරුවන් සමඟින් නර්තන, ගායන සහ ආරාධිත ගායන ශිල්පිනිය නිරෝෂා විරාජණීය එක්ව වෙනම හෝරා කිහිපයක් ගත කිරීමට අවස්ථා ලැබෙනවා. තවත් වැඩි විස්තර අපි ඕගොල්ලන් එක්ක ඉදිරියේදී මේ වගේම අපි Magazine හරහා දිගහැරෙන බලාපොරොත්තු නවතිනවා.
Photos by
San Dias photography
25-may-08
අවැසි වූ විට පමණක් අවැසි වන ප්‍රචණ්ඩත්වය
ප්රචණ්ඩත්වය යනු මිනිසාට මමන්ම ඕනෑම ජීවිතමයකුට උපතින්ම හිමිවන මෙයක් බව ඔබ ෙන්නවාෙ? මමය
ජීවින්ට උපතින්ම උරුම වන මේරණයකි. එනම් මපළඹවීමකි. ජීවින් එදිමනො ජීවිතමේ දී විවිධාකාර
චර්යාවන් වල නිරත වීමම් දී එකී චර්ර්ර්යාවන්මේ ක්රියාකාරීත්වය සෙහා අභ්යන්තරමයන්ම ලැමබන මපළඹවීම
මේරණයයි. ඒ අනුව ප්රචණ්ඩත්වය යනු ෙ ඒ ආකාරමයන්ම හදුන්වාදීමට හැකි මේරණයකි. මමය මිනිසා
මහෝ තිරිසන් සතුන් හට මවන මවනම බලපවත්වන මෙයක් මනාවන අතරම සියලූම සත්වයන් තුළ
පවතින ජීව විෙයාත්මක මමන්ම මමනෝසමාජීය අවශ්යතාවයක් මලස ෙ හදුන්වාදීමට හැකි මේ.
ප්රචණ්ඩත්වයට අමතරව ජීවින් තුළ පවතින අමනකුත් ප්රධාන මේරණයන් මලස කුසගින්න, පිපාසය,
ලිංගිකත්වය, උෂ්ණත්වය, නිද්රාව, ගරුත්වය ආදිය හදුන්වා දිය හැකිය. මමකී මේරණයන් නිසි පරිදි
සම්ූරණ මනාවීම මහෝ ඒ සෙහා බාධක ඇති වීම නිසාමවන් සෑම සත්වමයකු තුළම ප්රචණ්ඩත්වය ඇති මේ.
එබැවින් සරලව ෙැක්ුවමහාත් සියලූම ජීවීන්ට අවශ්‍ය කරන මූලක අවශ්යතා පරිූරණ මනාවීම මහ්තුමවන්
ස්වභ්ාවිකවම ඔුන් තුළ ප්රචණ්ඩත්වය වර්ර්ධනය වනු ඇත.
මමමස් ප්රචණ්ඩත්වය ඇති වීම මකමරහි මේහවිෙයාත්මක පෙනමක් ෙ බලපවත්වනු ලැමේ. එහි දී
ප්රචණ්ඩත්වය මකමරහි පිටියුටරි ග්රන්තිය හා ඇඩ්රිනල් ග්රන්තිය මගින් නිෂ්පාෙනය වන මහෝමමෝන වල
බලපෑම බලපානු ලැමේ. මමම ප්රචණ්ඩත්වය නිසාම සත්වයා ආක්රමණශීලී මේ. මිනිසා මකමරහි මමකී
ප්රචණ්ඩත්වය බලපැවැත්වීමම් දී ඒ සෙහා මමනෝසමාජීය පරිසරය ෙ බලපානු ලැමේ. ආක්රමණශීලී වීමම් දී
ඕනෑම ජීවිමයකු තම ජීවිතය මේරා ගැනීමට කටයුතු කරන අතරම එහි දී ජීවීන් ආකාර තුනකට ප්රතිචාර
ෙක්වනු ලැමේ.
මුහුණ දීම.
සටන් කිරීම.
පලායාම.
මිනිසා තුළ මමකී ප්රචණ්ඩත්වය ඇති වීමට රසායනික සාධක,මමනෝසමාජීය සාධක, මත්ද්රවය භ්ාවිතය,
රැකියා ගැටලු, ආර්ර්තික ගැටලු, මානසික ගැටලු, ලිංගික ගැටලු ආදිය මමන්ම මපරකී මලසටම අමනකුත්
මේරණයන් තුළ ඇතිවන බාධක ෙ මුල් මේ.
ප්රචණ්ඩත්වය යනු සෑම විටකම මිනිසාට අවැසි මෙයක් ඇතැම් අවස්තා වල දී මිනිසාට තම ජීවිතය රැක
ගැනීමට අනිවාමයර්යන්ම අවශ්‍ය මෙයක් වනු ඇත. එය හරිහැටි බලන්මන් නම් දිවිරැකුමට ඇති ආයුධයක්
වැනිය. මමය ඉතාමත් සරල උොහරණයකින් පහො දීම වඩාත් යහපත් වනු ඇත. මිනිමසක් හට තම
වයාපාරික ස්තානයට මනාසිතූ මමාමහාතක නාදුනන තුවක්කුකරුවන් පිරිසක් පැමිණ මිංමකාල්ලකෑමට
සැරසුණු විට මිනිසා මුලන්ම එම සිදු වීම හදුනාමගන එයට මුහුණ මෙනු ලැමේ. එහි දී ඊට විරුේධව මපරලා
පහරදීමට තැත් කරනු ලැමේ. එමස් මපරලා පහරදීමට මනාහැකි වූ විට මිනිසා පලායාම සිදුකරනු ලැමේ.
විරුේධ පාර්ර්ශ්වය තුළ සිදුවන්මන්ෙ මමයම මේ. එනම් මිංමකාල්ලකරුවන් ස්තානයට පැමිණ
මිංමකාල්ලකෑමට තැත් කළ ෙ මපරළා ඔුන්ට ෙ පහරපිට පහර වැදුණමහාත් ඔුන් ඔුන්මේ ක්රියාව
සාර්ර්තක කරමගන මහෝ මනාකරමගන පලායෑම සිදු කරනු ලැමේ. මම් ආකාරයට මිනිසා අවැසි වූ විට
ප්රචණ්ඩත්වය භ්ාවිතා මකාට තම තමන්මේ ජීවිත රැකගැනීමට ෙ මපළමඹනු ලැමේ.
මමකී ප්රචණ්ඩත්වය ඉතාමත් සරල සිදුවීම් වල දී පවා ඉස්මතු වීමට ඉඩ ඇත. මිනිසාට කුසගිනි ෙැණුනු විට
එය සන්සිෙවා ගැනීමට මනාහැකි වූ කළ ෙ මිනිසා තුළ ප්රචණ්ඩකාරී ගතිපැවතුම් මැමවන්නට මේ. මමය
තිරිසන් සත්වයන් තුළ මබාමහෝ විට ෙක්නට ලැමේ. මාිංශ් භ්ක්ෂක සතුන් වන සිිංහයන්, වයාඝ්රයන්, කිඹුලන්
ආදිය කුසගින්න අධික වූ කළ අමනකුත් සතුන්ට ඉතාමත් ෙරුණු මලස මරණයට පත්මකාට ආක්රමණශීලී
මලස ආහාර සපයා ගනියි. ලිංගිකත්වය යනු ෙ මිනිසා ඇතුළු සමස්ත සත්වයාටම අතයාවශ්‍ය අිංගයකි. එහිදී
විමශ්්ෂමයන්ම තිරිසන් සතුන් හට යම් කිසි විමශ්්ෂිත කාලවකවානුවක් ලිංගික කටයුතු සෙහා පවති. ඒ කාල
වල දී ඔුන් ඉතාමත් ප්රචණ්ඩකාරී ගතිපැවතුම් ෙක්වනු ලැමේ. අල ඇතුන් තුළ මමය විමශ්්ෂමයන් ෙක්නට
ලැමේ. ඔුන්මේ මෙ කිමපන කාලය මලස මමය හදුන්වනු ලබන අතරම එහි දී ඉතාමත් ෙරුණු හා ප්රචණ්ඩ
මලස හැසිරීම සාමානය මෙයක් බවට පත් වී ඇත. මිනිසා තුළ ෙ මමවන් ගතිපැවතුම් පවතී. මිනිසාට ෙ තම
ලිංගික අවශ්යතාවය සිදු කර ගැනීමට අවැසි වූ විට ඒ සෙහා අමනක් තැනැත්තිය මහෝ තැනැත්තා අකමැත්ත
පල කළමහාත් ශිෂ්ට සම්පන්න බවින් ඔේබට මගාස් තම ලිංගික අවශ්යතා ඉටු කරගැනීමට දූෂණ, අපචාර,
බලහත්කාරකම් සිදු කිරීමට මපළමඹන මිනිසුන් ෙ ඕනෑ තරම් අප අතර සිටිනු ෙක්නට ලැමේ.
ඒ වමේම මිනිසුන්ට ඇතැම් විට පවතින ලිංගික ගැටලු වන සුරතාන්තයට පත් වීමම් දුර්ර්වලතා, ක්ෂණික
මමෝචනය ආදී මේවල් වලදී ෙ මිනිසා අමනකාට මුහුණ දීමට මනාහැකිව ප්රචණ්ඩකාරී මලස හැසිරීම
ෙැකගැනීමට හැකි මේ. මමය ඉතාමත් ප්රචලත බවට පත් වූ ෙමිළ චිත්රපටයක් වන රාට්සසන් සිනමාපටය
හරහා මමන්ම ඉිංග්රීසි චිත්රපට මපළක් වන 50 shades හරහා ෙ මනාවට පිළිඹුබු කර ඇත.
මකමස් මවතත් මිනිසා මමන්ම ඕනෑම සත්වමයකු තුළ ක්රියාත්මක වන මමකී ප්රචණ්ඩත්වය නිසාම මිනිසාට
මමන්ම සෑම සත්වමයකුටම විවිධ ආකාරමේ කරෙර වලට මුහුණ පෑමට සිදු මේ. තිරිසන් සතුන් හට
මමනෝසමාජීයීය වටපිටාව බලමනාපෑව ෙ මිනිසුන් හට මමනෝසමමෝජීයීය සාධක වලට යටත් වීමට සිදුවන
බැවින් යම්තාක් දුරකට ප්රචණ්ඩත්වය මැඩ පවත්වා ගැනීමට හැකියාවක් ලැමබනු ඇත. සමාජය,
ආචාරධර්ර්ම, සිංස්කෘතිය, සොචාරය, පැවැත්ම, ගරුත්වය, තත්වය, ශිෂ්ට සම්පන්න බව ආදිය මහ්තු
මකාටමගන මිනිසුන් රාමුවකට මකාටු වීම නිසාමවන් මිනිසා තුළ විවිධාකාරයට බලපවත්වන මමකී
ප්රචණ්ඩත්වය මැඩගැනීමට කටයුතු කිරීම මිනිසා සතු පරම වගකීමකි.
නමුත් වත්මන් සමාජය තුළ සොචාරය, ආචාරධර්ර්ම, සිංස්කෘතිය ආදිය මකමමන් මකමමන් බිෙවැටීම නිසාම
ප්රචණ්ඩත්වය මුසු වී ආක්රමණශීලීත්වය සමාජය පුරාම වයාප්තව පවතී. එබැවින් සමස්ත සමාජයටම එය
ෙරුණු තත්වයක් මලස බලපා ඇත. මම් නිසාම මිනිසුන්මේ ජීවිත වල පැවැත්මට ෙ එය තර්ර්ජනයකි. එබැවින්
නැවතත් මිනිසුන් තුළ යහපත් ආකල්ප වර්ර්ධනය කරමින් ශිෂ්ටසම්පන්න සමාජයකට මිනිසාව හුරු කිරීම
සමස්ත සමාජමේම වගකීමක් බව තරමේ මතක තබා ගත යුතු කරුණකි. විමශ්්ෂමයන්ම මිනිසාට උපතින්ම
හිමිව ඇති මමකී ප්රචණ්ඩත්වය මිනිසා ස්වයිං පාලනයකින් යුතුව අවැසි වූ විට පමණක් පිළිඹිබු කිරීමට
වගබලා ගැනීම ෙ ඔුන්ට පැවරී ඇති පරම වගකීමකි.
චමමෝෙයා එදිරිසිිංහ

ජර්මනියේ – බ්ලැක් ෆොරෙස්ට් කේක්
ජර්මනියේ - බ්ලැක් ෆොරෙස්ට් කේක්.
ආයුබෝවන් මැයි!!! මේ මාසය සඳහා, සියලුම වයස් භේදයකින් තොරව භුක්ති විඳිය හැකි වඩාත් ආදරය කරන ලද කේක් ගවේෂණයක් කිරීමට මම තීරණය කළෙමි. බ්ලැක් ෆොරස්ට් කේක් ලොව පුරා බොහෝ වෙනස් විදිවලට ඇත, කෙසේ වෙතත් එහි මූලාරම්භය ජර්මනිය දක්වා දිව යයි, එහි නමෙහි අරුතට , ජර්මනියේ කළු වනාන්තර කලාපයෙන් (Schwarzwald) පැමිණේ. එහි සංකීර්ණ බවක් දැනිය හැක, නමුත් පියවර නිවැරදිව අනුගමනය කරන්නේ නම්, අපට එය අනිවාර්යයෙන්ම සාර්ථකව නිම කළ හැකිය!
අවශ්‍ය ද්‍රව්‍ය:
– චොකලට් කේක් ලේයර්ස් සඳහා:
* පිටි කෝප්ප 1 ¾
* සීනි කෝප්ප 2
* පැණිරස නැති කොකෝවා කුඩු කෝප්ප ¾
* බේකිං කුඩු තේ හැඳි 1 ½
* බේකිං සෝඩා තේ හැඳි 1 ½
* ලුණු තේ හැඳි 1
* ලොකු බිත්තර 2
* කිරි කෝප්ප 1
* එළවළු තෙල් කෝප්ප ½
* වැනිලා තේ හැඳි 2
* උතුරන වතුර කෝප්ප 1
– පිරවීම සහ ටොපිං සඳහා:
* හෙවි විපින් ක්රීම් කෝප්ප 2
* කුඩු කළ සීනි මේස හැඳි 2
* වැනිලා තේ හැඳි 1
* 1 බෝතලයක් පමණ (අවුන්ස 24ක් පමණ) මොරෙලෝ චෙරි හෝ ටාට් චෙරි (යුෂ සමග)
* කෝප්ප ¼ කිර්ෂ්වාසර් (චෙරි ස්නැප්ස්) – (විකල්පයකි,නමුත් සාම්ප්රදායිකයි)
* ග්රේට් කරගත් ඩාර්ක් චොකලට් (සැරසිලි සඳහා)
සාදාගැනීමට උපදෙස් –
1. කේක් ලේයර්ස් සකස් කරන්න–
* ඔබේ උඳුන 175°C ට කලින් රත් කර තබාගන්න. අඟල් 9 රවුම් කේක් පෑන් දෙකක් පාච්මන්ට් කඩදාසිවලින් පෙළගස්වන්න.
* ලොකු භාජනයක, පිටි, කොකෝවා කුඩු, බේකිං කුඩු, බේකිං සෝඩා සහ ලුණු එකට හලා , පසෙකින් තබාගන්න.
* තවත් භාජනයක, බිත්තර, සීනි, කිරි, එළවළු තෙල් සහ වැනිලා සාරය මෘදු වන තෙක් ගසා ගන්න. ක්රමයෙන් වියළි අමුද්‍රව්‍ය එකතු කර, සම්පූර්ණයෙන්ම මිශ්‍ර වන තෙක් කලවම් කරන්න.
* දැන් උතුරන වතුර ප්රවේශමෙන් වත් කරන්න, බැටරය සිනිඳු සහ දිය ගතියක් එන තෙක් සෙමින් මිශ්‍ර කරන්න.
* සකස් කළ භාජන අතර බැටරය ඒකාකාරව බෙදා විනාඩි 30-35 ක් පමණ පුළුස්සන්න. කූරක් ආධාරයෙන් මිශ්රනය මැදට ඇන කේක් එකෙහි සූදානම පරීක්ෂා කරන්න; එය පිරිසිදුව පිටට පැමිණිය යුතුය.
* කේක් එක සම්පූර්ණයෙන්ම සිසිල් වීමට මිනිත්තු 10 ක් පෑන් එක තුළ තබා කම්බි රාක්කවලට මාරු කරන්න.
2. ක්රීම් එක සාදාගැනීම–
* කේක් සිසිල් වන අතරතුර, විප්ඩ් ක්රීම් සෑදීමට කාලයයි දැන්… හෙවි ක්රීම්, කුඩු කළ සීනි සහ වැනිලා සිසිල් කළ මිශ්‍ර බඳුනක තබන්න.
* විදුලි මික්සර් එකක් භාවිතා කර, මෘදුව උස් මුදුන් ඇති වන තෙක් මධ්යම වේගයෙන් බීට් කරන්න. අධික ලෙස මිශ්‍ර නොකිරීමටද වගබලා ගන්න – ඔබට සුමට, පැතිරවිය හැකි වයනයක් අවශ්‍ය වේ.
3. කේක් එක සරසා ගන්න–
* කේක් සම්පූර්ණයෙන්ම සිසිල් වූ පසු, එක් එක් තිරස් අතට අඩකින් කපා, මුළු ස්ථර හතරක් සාදන්න.
* ඔබේ සූදානම් කරගත් තැටිය මත පළමු කේක් තට්ටුව තබන්න. ඉහළින් විප්ඩ් ක්රීම් තුනී ස්ථරයක් අතුරා, ඉන්පසු චෙරි විශාල ප්රමාණයක් (සැරසිලි සඳහා චෙරි කිහිපයක් වෙන් කරන්න)අතුරාගන්න.
* දෙවන කේක් තට්ටුව එකතු කර එම ක්රියාවලියම නැවත කරන්න: (තවත් විප්ඩ් ක්රීම් සහ චෙරි). ස්ථර හතරම ගොඩගැසෙන තුරු ස්ථර කිරීම දිගටම කරගෙන යන්න.
* ඉතිරි විප්ඩ් ක්රීම් ඉහළින් සහ පැති වටා පැතිරවීමෙන් කේක් එක අවසන් කරන්න.
* ඉහළින් වෙන් කර ගත් චෙරි වලින් සරසා, විප්ඩ් ක්රීම් මත ඩාර්ක් චොකලට් කැබලි ඉසිය යුතු අතර එමඟින් ඔබට සුවිශේෂී මතුපිටක් ලබා ගත හැකිය.
4. සිසිල් කර පිළිගන්වන්න–
* රස මිශ්‍ර වී විප්ඩ් ක්රීම් ස්ථිර වන පරිදි කේක් අවම වශයෙන් පැය 2 ක් ශීතකරණයේ තබන්න.
* පිළිගැන්වීමට සූදානම් වූ විට, ප්රවේශමෙන් පෙති කපා චොකලට් කේක්, ක්රීම් සහ ටාට් චෙරි වල ඇදහිය නොහැකි රසය භුක්ති විඳින්න.
වැදගත් ඉඟි:
* ගුණාත්මක චොකලට්:
හොදම රසය සඳහා උසස් තත්ත්වයේ පැණිරස නොකළ කොකෝවා කුඩු භාවිතා කරන්න.
* විප්ඩ් ක්රීම් සිසිල් කරන්න: සීතල ක්රීම් වඩා හොඳින් බීට් වෙනු ඇත, එබැවින් හොද ප්රතිඵල සඳහා ඔබේ බඳුන සහ බීටර් දෙකම කල්තියා සිසිල් කරන්න.
* පිළිගැන්වීමේ ක්රම : කළු ෆොරස්ට් කේක් ස්ට්රෝන්ග් කෝපි කෝප්පයක් හෝ අතුරුපස වයින් වීදුරුවක් සමඟ අපූරුවට ගැලපේ.
චාරුනී පෙරේරා


හිත නිවාගන්න
හිත නිවාගන්න
නිස්කලංක මනසක් කියන්නේ ඉතාම වටිනා වස්තුවක්. ස්පර්ශ කරන්න හැකියාවක් නැති උනාට, ඇහැට දෘශ්යමාන නොඋනාට, තැන්පත් හිතක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්පතක්.
හිත එකලස් කරගන්න එක දීර්ඝකාලීන ලාබ ලැබියහැකි කදිම ව්යාපෘතියක්.
දෛනිකව ඉහල පහළ යන, විසිරී පවතින සිතිවිලි එක මොහොතකට නිසල කරන්න ලේසි නැහැ. ඒ සඳහා පුහුණුවක් ඉතම අවැසියි. මනස සුවපත් කරගෙන, නිරවුල් කරගෙන, ඒ මිහිර විඳින එක සැබෑ අභියෝගයක්. නමුත් , කළ නොහැකි දෙයක් නම් නෙමෙයි .
හිත නිවාගන්න වඩාත්ම පහසු ක්රමවේදය තෝරා ගැනීම තමයි කලයුතු වන්නේ. ඒ තේරීම ආයෝජනයක්, ඔබට වගේම ඔබ සමග ජීවිතය බෙදා ගන්නා ආදරණීයන්ටත් ප්රතිලාභ කැන්දන.
කෙනෙක් ආගමානුකූලව, භාවනානුයෝගීව හිත තැන්පත් කරගන්න, නිරවුල් කරගන්න උත්සහ කරන අතරවාරයේ තවත් කෙනෙක් සොබාදහමට, ගීතයකට, පින්තාරුවකට, ගෙත්තමකට හෝ ක්රීඩාවකට ළංවී සිත සුවපත් කරගන්න, සිතිවිලි පාලනය කරගන්න වෑයමක් දරනවා වෙන්න පුලුවන් . නිස්කලංක දුර ගමනක, උණු කෝපි කෝප්පයක උනත් මේ නිවිහැනහිල්ල හොයා ගන්න පුලුවන් .
ඔයාගෙ හිත සුවපත් කරගන්න මාර්ගය හොයා ගන්න ඕනෙ ඔයාම තමයි. දවසකට එක සැරයක් හරි, ඒ වෙනුවෙන් කාලයක් මිඩංගු කළොත් ලැබෙන සුවයට ඔයා වේගයෙන්ආකර්ෂණය වෙනවා නොඅනුමානයි. ඒ නිසා දිගු දවසක අවසානයේ ඔයාගෙ හිතත් පිරිපහදු කරගන්න, ඔයාට ආවේනික ක්රමවේදයකට.
දිමුතු
BVS ACCOUNTING LTD
BVS ACCOUNTING LTD
ඔබේ ව්යාපාරික හීනයට ශක්තියක් වෙන්න BVS ACCOUNTING LTD අපි සුදානම්!
අද ව්යාපාරික ලෝකය ඉතාමත් තරඟකාරීයි.ඉතින්, එක්සත් රාජධානිය වගේ රටක ඉන්න ශ්රීලාංකික අපිට සාර්ථක
ව්යාපාරයක් පටන්ගන්නවා කියන්නේ, නැත්තං ඒ ව්යාපාරය දියුණු කරගන්නවා කියන්නේ, ලොකු හීනයක්.ඒ හීනය සැබෑ
කරගන්න එක අමාරු දෙයක් කියලා තමයි අපිට හිතන්නේ. BVS Accounting අපි ඔබට කියන්නේ, එ සඳහා ඔබට නිවැරදි
මගපෙන්වීමක් තියෙනවනම්,මේක අමාරු දෙයක් නොවෙයි කියලා.ඉතින් අපි, අද කතා කරන්නේ, ඔබේ මේ ව්යාපාරික
හීනය සාර්ථකව ලෙහෙසියෙන්ම සැබෑ කරගන්න අපට ඔබට උදව් කරන්න පුළුවන් කෙසේද කියන එක ගැනයි."
ඉතින්, මුලින්ම කියන්න අවශ්යයි අපි අතර වැරදි මතයක් තියෙනවා, ව්යාපාරයක් සාර්ථකව පවත්වා ගන්න නිවැරදි මූල්‍ය
කළමනාකරණය සහ බදු කාර්යක්ෂමතාවය පමණක් තිබුණොත්,ප්රමාණවත් කියලා. BVS Accounting අපේ මතය නම්
මෙයට අමතරව අපි අවධානය යොමු කළ යුතු විවිධ අංශ රැසක්ම තියෙනවා කියන එකයි. මේ අතර,
- ව්යාපාරික සැලසුම් සහ උපායමාර්ග (Business Planning & Strategy)
- මුල්‍ය සලකා බැලීම සහ සැලසුම් – Financial planning, budgeting, and cash flow
- මුදල් පරිපාලනය – Advice on taxes, profit margins, loans, or other financial matters.
- නීතිමය අනුකූලතාව (Legal and Regulatory Compliance)
- ව්යාපාරයේ සෞඛ්යය පරීක්ෂාව(Business health check)
- ආරක්ෂණ සහ අවදානම් කළමනාකරණය (Risk & Security Management)
- සැලකිලිමත් තීරණ ගැනීම (Decision-Making and Problem Solving)
- ව්යාපාර වර්ධනය ( Business Growth)
වගේම තවත් කරුණු රැසක් ගැන අවධානය යොමු කළ යුතුයි. සාර්ථක ව්යාපාරයක් නිරන්තර වෙනස්කම් හමුවේ තිරසාර
වර්ධනයක් වගේම "එවාට ඔරොත්තු දීමේ හැකියාව තිබිය යුතුයි. මෙන්න, මේ නිසාමයි අපි කියන්නේ අද ව්යාපාරිකයින්ට
ඔවුන්ගේ ව්යාපාරය කරගෙන යාමට විශේෂඥ සහාය අවශ්යමයි කියලා .
BVS Accounting Ltd , අපේ බලාපොරොත්තුව ගණකාධිකාරීවරයෙකුගේ ප්රධාන කාර්යයන් ඉක්මවා අපගේ සේවාදායකයින්ට
අසාමාන්‍ය සේවාවන් සැපයීම. ඒ නිසාමයි අපි අනෙකුත් සාම්ප්රදායික ගණකාධිකාරීවරුන්ගෙන් වෙනස්
වෙන්නේ.ඇත්තටම,අපි ගණකාධිකාරීවරුන් පමණක් නොවේ; අපි ඔබේ ව්යාපාර වර්ධන හවුල්කරුවන්, යැයි පැවසුවහොත්,
නැතිනම්,ඔබේ ව්යාපාර උපදේශකයින් යැයි පැවසුවහොත් වඩාත්ම නිවැරදියි.අපි ඔබට ගිණුම්කරණ සේවාවන් පමණක්
නෙමෙයි, ව්යාපාර උපදේශනය, ව්යාපාර සැලසුම් සකස් කිරීම, උපායමාර්ග සංවර්ධනය සහ බදු කාර්යක්ෂම ව්යාපාරයක්
ගොඩනැඟීම සඳහා ක්රියාකාරී සහයෝගය (hands-on support) ද සපයනවා.
කවුද මේ සේවා සපයන්නේ?
අපගේ සාර්ථකත්වයේ රහස වන්නේ "අපේ ආයතනයේ( BVS Accounting Ltd )සේවය කරන පළපුරුදු, වෘත්තීය සුදුසුකම්
සහිත උපදේශක කණ්ඩායමයි(Business Advisor Team). ඔවුන්ගේ කැපවීම,දක්ශතාව පමණක් නෙමෙයි, ගිණුම්කරණය සහ
කළමනාකරණය යන ක්ෂේත්රවල ඔවුන්ගේ අති පලපුරුද්ද හා අවබෝධය අගය කළ යුතුමයි.
ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ Operation team එක.ඔව්, "ඒ අය අතින් තමා bookkeeping, final accounts , tax returns
preparation, payroll වලට අදාල සේවාවන්, company secretarial වැඩ වගේ ගණකධිකාරිවරයකුගේ අනෙකුත් සේවාවන්
සියල්ලම සැපයන්නේ."
අපේ කණ්ඩායම ACA, AAT, IFA හා CIMA වැනි වෘත්තීය සුදුසුකම් ඇති කණ්ඩායමක් "වගේම, පිළිගත් Business Analyst,
Tax Planner, and Finance Consultant සහ Accountant ලෙස කටයුතු කරලා පළපුරුදු පිරිසක්.
ඔබට උපදේශක කණ්ඩායමෙන්(Business Advisory Team) ලබා ගත හැකි සේවා මොනවාද?
ඔබ ව්යාපාරයක් ආරම්භ "කරන්න සිතන මොහොතේ සිටම සාර්ථකත්වය දක්වාත් අනතුරුව එම ව්යාපාරය අඛණ්ඩව
පවත්වාගෙන යාමටත් ඔබට පියවරෙන් පියවර උපදෙස් ලබා දෙන්න අපේ Business Advisory Team එකට පුළුවන්.
ඔබට ව්යාපාරයක් ආරම්භ කිරීමට අවශ්යයිනම් පළමුවෙන්ම, ඒ සඳහා ඔබට කැමත්තක් තිබිය යුතුය. ඊළඟට ඔබ
කුමන ආකාරයේ ව්යාපාරයක් ආරම්භ කළ යුතුද යන්න සිතා බැලිය යුතුයි.උදාහරනයක් වශයෙන් ඔබ දක්ෂ ආහාරපාන
සැපයීමට නම් ඔබට එවැණි ව්යාපාරයක් ආරම්භ කිරිම තමයි සුදුසු.එවගේම අපි කියමු ඔබ යම් කිසි ක්ෂේත්රයක
වෘත්තිය ප්රවීණයකු කියලා එහෙනම් ඒ ආශ්රිත සේවා සපයන ව්යාපාරයක් ඔබට ආරම්භ කිරිම තමයි වඩාත් සුදුසු
වෙන්නේ.
ඉතින් කිසි විටෙකත් මේ ගමනේ ඔබ තනියම කියලා හිතන්න එපා.BVS Accounting අපිට පෙර කියපු විදිහට ආරම්භයේ
සිටම සරල, මිත්රශීලී සහ විශ්වාසදායක මග පෙන්වීමක් සමඟින් ඔබට සෑම පියවරකදීම නිවැරදි තීරණ ගැනීමට ඔබට
උදව් කරන්න පුළුවන්. ඒ අතරින් ව්යාපාරයක් ආරම්භයේදී අවශ්‍ය,
- නිවැරදි ව්යාපාර ව්යුහය (තනි පුද්ගල ව්යාපාර, හවුල් ව්යාපාර, සමාගම්) තෝරා ගැනීම
- නීතිමය සහ මූල්‍ය පදනම් සැකසීම (compliance and strategic planing)
- ශක්තිමත් ව්යාපාර සැලැස්මක් සහ කෙටුම්පත් කිරීම.(Business plans and budgeting)
- ව්යාපාර ණය අවශ්යතා සඳහා උපදෙස් (Business loan supports)
වැනි සේවාවන් සඳහා අපේ Business Advisory කණ්ඩායමින් උපදෙස් ලබාගන්න පුළුවන්.
ව්යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ව්යාපාර උපදේශකවරු (Business Advisor) අවශ්‍ය ඇයි?
කලින් සඳහන් කළ පරිදි අපේ විශේෂඥ ව්යාපාර උපදේශන සේවාව නිසාම, අපි අනෙකුත් සාම්ප්රදායික ගිණුම්කරණ
සමාගම්වලට වඩා වෙනස්. ව්යාපාර ආරම්භ කිරීමට සහාය පමණක් නොව, අපේ උපදේශකවරු(business advisor) ඔබේ
ව්යාපාර ගමන පුරාම ඔබට සහය වෙන්න සූදානම්.වැදගත්ම දෙය තමයි ඔබේ ව්යාපාර උපදේශකයා ගණකාධිකාරීවරයෙකු
ද වීම. එ නිසාමයි අපි කියන්නේ ඔබේ ව්යාපාරය දියුණුකිරීමට උපදෙස් ගන්න සුදුසුම අය අපි කියලා.", ඔවුන් ඔබේ
ව්යාපාරයේ සෞඛ්යය(business health check) නිතිපතා නිරීක්ෂණය කිරිම, උපායමාර්ගික අවබෝධයක් ලබා දිම, සහ මුදල්
ප්රවාහ ගැටළු හෝ පරිමාණ උපාය මාර්ග(strategic planning) වැනි අභියෝග සඳහා නිරවද්‍ය සහ කාලීන විසඳුම් ලබා
දෙන්න නිරතුරුවම කැප වෙලා ඉන්නවා.
ව්යාපාරයක් පවත්වාගෙන යාමේදි අවදානම් ගැනීම අවශ්යම වේ.; එය සමෘද්ධිමත් වීම ගැනද සිතිය යුතුමයි.ඒ වගේම
වර්ධන අවස්ථා හඳුනා ගැනීම, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ ගැටළු ඇතිවීමට පෙර ඒවා හදුනාගෙන වළක්වා
ගැනීම වගේ දේවල් ගැනද අවධානය යොමු කළයුතුයි. අපි නිතිපතා ව්යාපාර සෞඛ්‍ය පරීක්ෂණ(health check) පවත්වන
නිසා සහ ඔබේ ගිණුම් කටයුතු ගැන අවබෝධයෙන් සිටින නිසා අපගේ ඉලක්කය ඔබේ ව්යාපාරය නිරන්තරයෙන් ඉදිරියට
ගෙන යැමට උදව් කිරීමයි.
තවදුරටත්, ඔබට කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට අවශ්යද? නව වෙළඳපොළකට ව්යාප්ත වීමට සිතනවාද? ඔබේ මුදල්
ආයෝජනය කළ යුතු තැන කොතැනද යන්න තේරුම් ගැනීමට අවශ්යද? අපි ඒ සියල්ලට පැහැදිලිව සහ ඔබට මඟ
පෙන්වන්න සූදානම්.
මීට අමතරව ලබා ගත හැකි සේවා මොනවාද?
ඇත්ත වශයෙන්ම, ගිණුම්කරණ සමාගමකින් ඔබ අපේක්ෂා කරන සාමන්‍ය සේවාවන් පිළිබඳ විශේෂඥ,පලපුරුදු සහ දක්ෂ
කණ්ඩායමකුත් අපට ඉන්නවා.අපේ ආයතනට වසර 12 කට වැඩි පළපුරුද්දක් තියන්වා මේ ක්ෂේත්රයේ. ශ්රී ලාංකිකයන්ට
පමණක් නොව අපි එක්සත් රාජධානිය පුරා විවිධ ජාතීන්ට අපගේ සේවය සපයන්නෙ බොහෝ සතුටින් .
- ගිණුම් පොත් තැබීම(Bookkeeping)
- වැටුප් ආශ්රිත සේවා(payroll),
- ගිණුම්කරණ සේවාවන් (Accounting Services) සහ
- බදු සේවාවන් (Tax Services)-Income tax/VAT/CT/CGT
- ඕනෑම Company Secretarial Work
- Cash Flow Statement/Budget සකස් කිරීම
වැනි සේවාත් සාම්ප්රදායික සේවාවන්ගෙන් ඔබ්බට ගිය නවීන තාක්ෂණය(New Technology), ක්ෂණික සේවාවන් (realtime
Accounting) සහ උසස් පාරිභෝගික සේවා(Customer Service) වැනි අංශ වලට අවධානය යොමු කරලා අපි
සපයනවා.ඉතින් අපගේ මූල්‍ය උපදෙස් සැමවිටම නිවැරදියි, ක්රියාත්මක කළ හැකියි සහ ප්රායෝගිකයි.
ඇයි ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?
BVS Accounting Ltd අපි දැනටමත් මූල්‍ය අංශයේ එක්සත් රාජධානිය පුරා අපගේ සන්නාමය නිර්මාණය කර අවසන්.අපේ
ඉලක්කය අපේ පාරිභෝගිකයන්ගේ සාර්ථකත්වයම පමණයි. මේ වෙනකොට අපි UK වල ව්යවසායකයින්ට ඔවුන්ගේ
බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීමට වගේම කුඩා ව්යාපාර සමෘද්ධිමත් ව්යවසායන් බවට පත් කිරීමට උපකාර
කළ අවස්ථා නොයෙක් තිබෙනවා.ඒ නිසා අපි ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.ඒ වගේම, අපගේ මූල්‍ය උපදෙස්
සැමවිටම නිවැරදියි, ක්රියාත්මක කළ හැකියි සහ ප්රායෝගිකයි.
අපේ කණ්ඩායම ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් සහ වසර ගණනාවක සැබෑ අත්දැකීම් සමඟින්, මේ ක්ෂේත්රයේ ඔබට
සහාය වීමට සන්නද්ධ වෙලා ඉන්නේ. ප්රතිඵල ගෙන දෙන පැහැදිලි, ක්රියාකාරී උපදෙස් ලබා දෙමින්, ව්යාපාරික ඉලක්ක
වෙත ලඟා වීමට සහ අභියෝග ජය ගැනීමට අපි අපගේ ගනුදෙනුකරුවන්ට උදව් කරන්න අපි සුදානම්.
ඔබගේ ව්යාපාරය කුමන තරාතිරමක එකක් වුවත්,ඔබට අපි සමග එකතු වෙන්න පුළුවන්. ඉතින්, අවසාන වශයෙන්
ඔබට අපගේ සහාය අවශ්‍ය නම්, ඔබට අප සමඟ මිනිත්තු 30 ක මූලික උපදේශනයක් නොමිලේ වෙන්කරවා ගත
හැකියි.https://calendly.com/inquiries-bvsaccounting/30min?month=2025-04
(+44) 020 7183 6994
inquiries@bvsaccounting.co.uk
25-May-05
නව තාක්ෂණය: අනාගතය දැන්ම එයි
අපේ ජීවිතය තාක්ෂණය නැතිව අද යමක් කරන්න පුළුවන්ද? දුරකථනය, අන්තර්ජාලය, සමාජ ජාල, QR කේත, Smart TV, AI… මේවා හැමදාම අපට මුණ ගැසෙන දේවල්. නව තාක්ෂණය කියන්නේ අදටත් ඉස්සරහටත් ලෝකය හැරවෙන්න හේතුවක්.
2025 නව තාක්ෂණ ප්රවණතා
- කෘත්රිම බුද්ධිය (AI – Artificial Intelligence)
ChatGPT වගේ AI සෙරියාවන් දැන් පමණක් නොව, ව්යාපාර, වෛද්‍ය, අධ්යාපන, පරිගණක ක්රීඩා වැනි ක්ෂේත්‍ර සියල්ලකට ඇතුල් වෙලා තියෙන්නේ. AI මඟින් now ඔබට ලිපි, කවි, ක්රමලේඛනය, විභාග සදහා උදව් වගේ දේවල් ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්.
- මානව සන්සුන්කරණ යන්ත්‍ර (Robotics)
ලොව පුරා කර්මාන්තශාලාවල වැඩ කරන යන්ත්‍ර, රෝහල් වල රෝගීන්ට සේවය කරන රොබෝ, පරිස්සමෙන් වාහන තැනෙන අයුරු මේවා දැන් යථාර්ථයක්. Soft robotics කියන නව ක්ෂේත්රය මඟින් මිනිස්සෙකු වගේ ගමන් කරන සහ වැඩ කරන යන්ත්රයන් හදනවා.
- බුද්ධිමත් උපාංග (Smart Devices)
Smartwatch, Smart Glasses, Smart Home Devices වගේ දේවල් මේ වන විට සාමාන්යයි. 2025දී මේවා AI එකත් එක්ක තව දියුණු වෙලා, ඔබේ මනෝභාව හඳුනාගෙන ක්රියාකරන්නද හැකිවෙයි.
- විකෘතිත්ර (Augmented Reality – AR) සහ අතිසත්යය (Virtual Reality – VR)
AR සහ VR තාක්ෂණය දැන් ක්රීඩා, අධ්යාපන, නිර්මාණ, වෛද්‍ය ආදී ක්ෂේත්‍ර වල භාවිතා වෙනවා. 2025දී මේවා ඔස්සේ ඔබට විශිෂ්ටව පුහුණු වීමට, සංචාර යාමටත් ඉඩ ලැබේවි.
- කාර්බන් නිශ්පාදන අඩු තාක්ෂණ
තිරසාරතාවය සඳහා හොඳ තාක්ෂණ මෙහෙමයි. එලියෙන් විදුලිය ලබාගන්න සූර්ය පැනල්, විදුලි වාහන, smart energy systems වගේ දේවල් 2025දී තවත් ජනප්රිය වෙනවා.
අපේ ජීවිතයේ බලපෑම්
- වැඩ ඉක්මනින්, නියමිතව කරගන්න පුළුවන්.
- සෙරියාවන් වාගේ යන්ත්‍ර ඔබ වෙනුවෙන් බහුතර වැඩ කරයි.
- නව තාක්ෂණයෙන් ඔබේ දැනුම, ජීවිත තත්ත්වය, ව්යාපාර හැඩ වෙනවා.
- කෙසේ වෙතත්, පෞද්ගලිකත්වය, ආරක්ෂාව, රැකියා අහිමිවීම වැනි ගැටළු ගැනත් හොඳින් සිතන්න ඕනේ.
නව තාක්ෂණය කියන්නේ අනාගතයයි. ඒක බියවෙන්නක් නෙවෙයි — උගන්වගන්න, වැඩ පහසුකරන්න, ලෝකය එකට ගන්න මාර්ගයක්. හැබැයි ඒවා නිවැරදිව, වගකීමෙන් භාවිතා කරන්නම ඕනේ.
GSK
25-May-04
සුන්දර ජීවිතයක් සඳහා නිර්ණායක ත්‍රිත්වයක්:
ධම්මපදය බුද්ධ දේශනාවන්ගෙන් සමන්විත මනරම් ග්රන්ථයක් වන අතර, එය සුන්දර ජීවිතයකට මග පෙන්වයි. ධම්මපදයේ 224 වන ගාථාව තුළින් සුන්දර ජීවිතයක් සඳහා මූලික නිර්ණායක ත්රිත්වයක් දක්වයි:
“සච්චං භණේ, න කුජ්ඣෙය්‍ය, දජ්ජා අප්පම්පි යාචිතො;
ඒතෙහි තීහි ඨානෙහි, ගච්ඡේ දේවාන සන්තිකෙ.”
“සත්යය පවසන්න. තරහවට ඉඩ නොදෙන්න. ඉල්ලූ විට සුළු දෙයක් වුවත් දෙන්න. මේ ත්රිත්වය හරහා, දෙවියන් වෙසෙන ලෝකයකට ඔබට යා හැකිය.”
මෙම වාක්යය තුළ දැක්වෙන සත්යය කතා කිරීම, තරහ නොගැනීම සහ පරිත්යාගය යන අංග තුන, නවීන මනෝවිද්යාවේත් මූලික මට්ටමේ මානසික සෞඛ්යය, සමාජීය හැසිරීම, සහ ආත්ම සංවර්ධනය යන ක්ෂේත්රවලට අදාල වේ. දැන් මේ අංග තුන ගැන වෙන වෙනම විමසා බලමු.
1. “සච්චං භණේ” – සත්යභාවය සහ ආභ්යන්තර ඒකාකාරතාවය
සත්යය පවසීම යනු නීතිමය සහ සදාචාරාත්මක අවශ්යතාවක් පමණක් නොව මනෝවිද්යාත්මකවද අතිශය වැදගත් වේ. Cognitive dissonance (ඥානාත්මක ව්යතිරේකය) නමැති න්යාය අනුව පුද්ගලයෙකුගේ අභ්යන්තර විශ්වාසයන් හා බාහිර හැසිරීම් අතර නොගැලපීමක් පවතින විට, ආතතියක් හා අධෛර්යතාවයක් මතු වේ. බොරුවෙන් ජීවත්වීම කාලයත් සමඟම මානසික ආතතියක් ඇති කරයි.
බුද්ධධර්මයේ, සම්මා වාචා (නිවැරදි වචනය) යනු අෂ්ටාංගික මාර්ගයේ අංගයකි. සත්යය පැවසීම යනු පිරිසිදු ජීවිතයකට මග විවෘත කිරීමකි. සත්‍ය වචන සමාජය තුළ විශ්වාසය සහ නීතිගරුකබව ගොඩනඟයි.
මනෝවිද්යාත්මක වශයෙන් සත්යය පැවසීම ආත්මීය සත්යතාවය (self-authenticity) හා ආත්මීය ප්රත්යක්ෂීකරණය (self-actualization) ඇතිකර මනුෂ්යයෙකුගේ ජීවිතයේ ව්යාකූලතාවය අවම කර සිතේ සමාධිය වැඩි කරයි.
2. “න කුජ්ඣෙය්‍ය” – තරහව පාලනය සහ මානසික නිදහස
තරහව යනු හැම කෙනෙකුම අත්විඳින, නමුත් පාලනය කල යුතු බලවත් ආවේගයකි. නවීන මනෝවිද්යාව අනුව, පාලනය නොකළ ආවේග—විශේෂයෙන්ම තද තරහව—මනෝසික හා ශාරීරික සෞඛ්යයට මහත් සේ හානි කරයි. එය අධික රුධිර පීඩනය, හෘදයාබාධ, සහ සමාජික ගැටුම් වලට හේතු වේ.
බුද්ධ දේශනාව අනුව තරහව යනු අකුසල මූල තුනෙන් එකකට අයත් ය. මෙය පාලනය කිරීම සඳහා මෙත්තා (මිත්රත්ත්වය) සහ උපේක්ෂාව වර්ධනය කළ යුතුය. එසේ නොකළහොත්, මානසික සෞඛ්යය පිරිහෙයි.
Dialectical Behavior Therapy (DBT) (ආචරණ ආවේග විධාන චිකිත්සාව) යන ප්රතිකාර ක්රමය තුළද තරහව පාලනය යනු ප්රධාන අංගයකි. එය න කුජ්ඣෙය්‍ය යන බුදුවදනේ අර්ථය සෘජුවම හුවා දක්වයි.
3. “දජ්ජා අප්පම්පි යාචිතො” – සුළු දානයක් වුවත් දීම සහ ආත්මය හැරීම
දානය හෙවත් දීම යනු බුදු සසුනේ ඉගැන්වෙන මූලික ප්රතිපත්තියකි. වටිනා දෙයක් දීම නොව, පිරිසිදු සිතෙන් දීම මෙහි මුල්ම තේමාවයි. ඉතා සුළු දෙයක් වුවත් පිරිසිදු හා අවංක සිතින් දෙන විට මහත් වටිනාකමක් ඇත.
මනෝවිද්යාවෙහි prosocial behavior හෙවත් සමාජහිතෛෂී හැසිරීම යන සංකල්පය මෙයට සමාන වේ.
නවීන නියුරෝවිද්යාවට අනුවද දානය සතුට ජනනය කරන්නා මෙන්ම brain reward system හෙවත් යම් අරමුණක් මුදුන් පමුණුවා ගැනීමෙන් ලැබෙන සම්මාන දිනාගත්තා යන හැඟීම ගෙන දෙයි. එම නිසා, දානය සිත් සතුට, තෘප්තිය සහ නිකේතන සබඳතාවයක් උදාකරයි.
ඉහත කී නිර්ණායක ත්රිත්වය දෛනික ජීවිතයේදී නොවරදාම සුළු වශයෙන් හෝ පුහුණු කිරීම රාත්රියෙහි සුවදායක නින්දකට සහ අවදිව සිටියදී ජීවිතය සුන්දරයි යන හැඟීම පහසුවෙන් දැනීමට පිටුබලයක් වේ.
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
25-May-03
මහා සිකුරාදා
ආදරයේ කැපවීම සහ මුදවා ගැනීමේ දිනය..
(යෙසායා 53:5)
"නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ
අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය;
උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ."
මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරයනි ඔබ සැමට ආශිර්වාදමත් පාස්කු
මංගල්යයක් වේවා!
ඉතින් අද දවසේ මා ඔබ හට පෙන්වා දෙන්න යන්නේ මහා සිකුරාදාව ගැන බිඳක්
වේ.
මාගේ සහෝදර සහෝදරියනි අද අපි එකට සන්සුන් සිතකින් භක්තිවන්ත
හදවතකින් යුක්තව මහා සිකුරාදාව සිහිපත් කරමු. මෙය යේසුස් වහන්සේ
කුරුසිය මත මියගිය දිනයයි. මේ දින අපි උන්වහන්සේගේ වේදනාව සිහිකරනවා
නමුත් එය දුකක් පමණක් නොව ආදරයත් සමාවත් සහ ජයග්රහණයකි.
1.යේසුස් වහන්සේගේ ආදරය
(යොහන් 3:16)
"මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්රයාණන් දෙන තරම් ලෝකයාට
ප්රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී
සදාකාල ජීවනය ලබන පිණිසය."
දෙවියන් වහන්සේ ලෝකයාට මෙපමණ ආදරය කළ බැවින් උන්වහන්සේගේ එකම
පුත්රයා දුන්නේය.එම පුත්රයාගේ ජීවිත පූජාව විශ්වාස කරන කවුරුත් විනාශ නොවී
සදාකාල ජීවනය අත්පත් කරගැනීමට හැකිවනු ඇත.
*උන්වහන්සේ වද විදිනු ලැබුවේ අප වෙනුවෙන්.
*අපගේ පව් උන්වහන්සේ උරාගෙන අපිට මිදීම ලබා දුන්නේය.
මෙයයි උන්වහන්සේගේ අරමුණු.
2.කුරුසිය දුකෙන් උපන් ජය.
යේසුස් වහන්සේ වින්ද දුක් මගින් අපට ජීවිතය ලබා දුන්නේය.මොහොතක්
සිතන්න උන්වහන්සේට පහර දුන්නා, නින්දාකළා කසයෙන් පහර දුන්නා.
නමුත් උන්වහන්සේ කිව්වේ පියාණෙනි මොවුන් නොදැන කරන වරදට මොවුන්ට
සමාව දෙන ලෙසටය.
ඔබ මොහොතක් කල්පනා කර බලන්න යේසුස් වහන්සේගේ ප්රේමය කොපමණද
කියා.අපේ දුක, අපේ පව්, අපේ කඳුළු, කුරුසිය මතට උන්වහන්සේ රැගෙන අපව
මේ සියල්ලෙන් නිදහස් කර තිබේ.
මෙහි තුන්වෙනි කරුණ ගැන ඔබ හොඳින් කල්පනා කර බලන්න. උන්වහන්සේගේ
ප්රේමයට අප කෙසේ පිළිතුරු දිය යුතුද?
*උන්වහන්සේ මගේ ජීවිතයට කළ දේ සිහි කරමින් මමත් අන් අයට සමාව දිය යුතුය.
*ඔබත් ආදරය කරන්න කැපවෙන පිණිස සත්යාවබෝධ කරගෙන ඒ පසුපස ගමන් කළ යුතුවේ.
*සියල්ලේදී උන්වහන්සේගේ ප්රේමය සිහි කරමින් ජීවත් වෙමු.
3.සදාකාලික ජයග්රහණය.
මහා සිකුරාදා යනු යේසුස් වහන්සේගේ මරණය සිදුවූ දිනය නොවේ එය අප හට
ජීවනයට යන මාර්ගයේ ආරම්භයයි. යේසුස් වහන්සේ කුරුසපත් වීමෙන් පසුව
සුන්දර ජයග්රහණයක් අපට ලැබී තිබේ.මෙය විශ්වාසය කිරීම තුළින් අපි සියල්ලෝ
ජයග්රාහකයෝ වෙමු..
ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!!
ඉවැන්ජලිස්ත අමිල දිසානායක
මාර්ගය සහෝදරත්වය සභාව මහරගම