25-Sep-05

එළද බ්‍රා

~ තිසර පට යට වසන්තය ~

ලාංකේය ටෙලිනාට් කර්මාන්තයේ මෙන්ම සිනමා කර්මාන්තයේ පුරා දශක

ද්විත්යකට නොවැඩි කාල පරාසයක් මුළුල්ලේ නිෂ්පාදන කළමණාකරුවෙකු

ලෙසත්, සහය අදියුරුවරයෙකු ලෙසත් නිපුණශීලීව වෘතියේ නියළුනු සොඳුරු

නිමැවුම්කරුවෙකි පූජිත සේනාරත්න ගුණතිලක. එමෙන්ම වර්ෂ 2019 දී මෙරට

රිදී තිර ආලෝකමත් කරන්නට වරම් ලැබූෂෙලීනාසිනමාපටයේ අර්ථපතීත්වය

දරමින් එහි අධ්යක්ෂණ භූමිකාව නොපිරිහෙලා ඉටුකරන්නට හෙතෙම

සමර්ථකම් ඉසුලුවේය. “එළද බ්රාඔහුගේ දෙවන සිනමා වියමන ලෙසින් තව

නොබෝ දිනකින් දිවයින පුරා සිනමාහල් වර්ණවත් කරන්නට සූදානමිනි.

නූගත් දුගී ගැමියෙකු හට සිය මුත්තණුවන් විසින් අතීන්ද්රීය විස්කමක් හරහා

අමිල දියමන්තියක් ත්යාග කරයි. ගැමියා එය සුඛෝපභෝගී සංචාරක හෝටල්

පරිශ්රයක් තුළදී ධනවත් විදේශීය මැණික් ව්යාපාරිකයෙකු හට අලෙවි කරන්නට

සැරසෙයි. එනමුත් එහිදී සිදුවන එක් අනපේක්ෂිත සිදුවීමක් නිසාවෙන් දියමන්තිය

හෝටල් සේවකයෙකු භාරයට පත්වෙයි. අනිසි තැතිගැන්මකට ලක්වන සේවකයා

වහා හෝටල් පරිශ්රයෙන් පලායාමට වෙර දරද්දී, ව්යාපාරිකයාත් ඔහුගේ

සහචරයිනුත් සේවකයා පසුපස හඹායයි. සේවකයා අහම්භෙන් කාන්තා නිමි

ඇඳුම් හලකට පිවිසෙයි. ඉන් අනතුරුව සේවකයා දියමන්තිය අඛණ්ඩවම තමා

සන්තකයේ රඳවා ගන්නට දරණ උත්සාහයත්, ව්යාපාරිකයා සහ සහචරයින්

දියමන්තිය යළි තම භාරයට ගැනීමට දරණ වෑයමත් පෙරටු කොටගෙන

සිනමාපටය ඉදිරියට ධාවනය වෙයි.

චිත්රපටයේ සාරාංශය සැකෙවින් ඉහත පරිදි වන අතර, හුස්මකින් ඇරඹී

හුස්මකින් නිමවන කෙටිකාලීන මිනිස් ජීවිතය තුළ තෘෂ්ණාව නැතහොත් ආසක්ත

භාවය නැමැති පාරභෞතික යෙදවුමේ කාර්යභාරය සිනමා පටය තුළින් මැනවින්

විග්රහ කිරීමට සිනමාකරුවා සමර්ථ වී ඇති බැව් එය අවදානයෙන්  නරඹා

යටිපෙළ කියවාගන්නා කා හට වුවද ප්රත්යක්ෂ වනවා නොඅනුමානය.

පුබුදු චතුරංග, අමන්දා සිල්වා ඇතුළු සිනමාපටයේ කොඳුනාරටිය හට ජීවය

සම්ප්රේෂණය කරනා ප්රදාන රාංගන ශිල්පීන් සියළු දෙනාම විසින් තම චරිතයන්

හුදු නිරූපණය කිරීමකින් ඉතා ඔබ්බට ගොස් අදියුරුවරයාගේ විධානයන්ට නතු

වන කාල සීමාව තුළදී අදාළ චරිතයන් තුළ භාවාත්මිකව ජීවත් වෙන්නට ඇති

බව සිනමාපටය නැරඹීමෙන් අනතුරුව මුව විදහා, දසන් විලිස්සා සිනහවට

නෑකම් කියමින් සිනමා ශාලාවෙන් පිටතට පිවිසෙන සුවහසක් ප්රෙක්ෂක ජනකාය

දෙසට අවධානය යොමුකරන්නෙකු හට ආයාසයෙන් වටහාදිය යුතු නොවේ.

රංගන දායකත්වය

 

පුබුදු චතුරංග

නිලුක්ෂි අමන්දා සිල්වා

රොඩ්නි වර්ණකුල

ප්රියන්ත සෙනෙවිරත්න

ශ්රියන්ත මෙන්ඩිස්

සරත් කොතලාවල

මිහිර සිරිතිලක

සුරංග සතරසිංහ

නිල්මිණි කෝට්ටේගොඩ

සුසිලා කෝට්ටගේ

පේෂල මනෝජ්

ශ්රීමාල් වෙඩිසිංහ

නිර්ධා උයන්හේවා

හේමන්ත ඊරියගම

කැළුම් ශ්රීමාල්

ශිරෝමිකා ප්රනාන්දු

ශාන්ත ගාල්ලගේ

ලක්ෂ්මන් අමරසේකර

සුමුදු අමල්ක

චතුර පෙරේරා

නදීකා ගුණසේකර

සාරා අබේවර්ධන

චින්තක පීරීස්

හිරුණි රණසිංහ

 

කැමරාකරණය, කලා අද්යයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන

සිනමාපටයක ප්රාදාන සංරචකයන් අතර පවත්නා මනා පෑහීමත්, දර්ශනයෙන්

දර්ශනයට මදකුදු ඇසිපිය ඉවතට නොගන්නට සිතෙනා තරමේ කුකුස නොඅඩුව

කැටි වූ උද්වේගකාරී එල්බගැනීමක් ප්රේක්ෂක මන තුළ හටගැන්වීමට සමත්වන

බැව් නොවළහා කිව යුතුය.

එමෙන්ම සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන

තෙක් දාවනය වන සවනට ප්රිය පසුබිම් සංගීතයත් සිනමා ශාලාව තුළ

අසුන්ගන්නා සුවහසක් රසික සිත් නොසිඳෙන විනෝදාස්වාදයෙන් පුරවාලන්නට

හපන්කම් උසුලන බව අව්යාජව පැවසිය හැකියි.

නිෂ්පාදන කාර් මණ්ඩලය

කතා සංකල්පය සහ අධ්යක්ෂණයපූජිත සේනාරත්න ගුණතිලක

නිෂ්පාදනයසුජිතා පීරිස් , දේදුණු සිල්වා

සහය නිෂ්පාදනයසමිත පීරිස් , ප්රසන්න සිල්වා

විධායක නිෂ්පාදනයචරිත් සුද්දත්චාරි

සහය අධ්යක්ෂණයඋදය ප්රසන්න

කැමරා අධ්යක්ෂණය සහ ආලෝකකරණයනිරංග සංජීව

කැමරා සහයප්රදීප් නිශ්සංක

සංස්කරණය , වර්ණ සංයෝජනය , ශබ්ද සැලසුම්කරණය සහ විශේෂ ශබ්ද

ප්රයෝගසිනෙත් මාලක පතිරණ

අංග රචනය සහ නිෂ්පාදන කළමණාකරණයතාරක අධිකාරි

කලා අධ්යක්ෂණයවින්ද්යා ප්රියංකර

සටන් අධ්යක්ෂණයසුමුදු අමල්ක

නර්ථන වින්යාසයගයාන් ශ්රීමාල්, තරංග හර්ෂ කුමාර

හඬකැවීම් පටිගතකිරිමතනුෂ්ක කහඳවල

5.1 ශබ්ද පරිපාලනයප්රියන්ත එදිරිසිංහ , සිනෙත් මාලක පතිරණ

පසුබිම් සංගීතයඔනිෂ් මෙල් , දිලීප ලියනගේ

ගීත රචනයකැළුම් ශ්රීමාල් , චාමික වීරසිංහ , රුචිර ෆ්රීසෝ , දිවාන් තේමිස්

ගී තනු නිර්මාණයරවි රොයිස්ටර් , කේෂාන් පෙරේරා , ඔනිෂ් මෙල්

 

ගීත ගායනයරවි රොයිස්ටර්, කේෂාන් පෙරේරා , රංග හේරත්, සදීපා ඉසුරුණි,

චන්දි සුද්දත්චාරි

නිශ්චල ඡායාරූපහසිත නිළුපුල්

ප්රධාන අලෝකකරණ ශිල්පිසමන් මායාකඩුව

දෙවන සහය අධ්යක්ෂණයමධුශාන් පෙරේරා , අරවින්ද රත්නායක

ඩ්රෝන කැමරාසම්පත් චතුරංග

එළද බ්රාසිනමාපටය තම දෙවන සිනමා අධ්යක්ෂණය බවට පත්කොට ගනිමින්

පූජිත සේනාරත්න ගුණතිලක හට හෙලවුඩයේ දීප්තිමත් හෙටක් අපේක්ෂා

කරන්නා වූ මිලියන සංඛයාත එතෙර මෙතෙර සිනමාලෝලීන්ගේ ඇස් කණ්

ප්රමුදිත කරවීමටත්, මනදොළ කුල්මත් කරවීමටත් මතු අනාගතයේදී විවරණ

ලැබේවායි, ලාංකේය සිනමා සහ ටෙලිවිෂන් කර්මාන්තයන්හී වෘතීය තිර

රචකයෙකු ලෙසින් නිර්මාණකරණයේ නියලෙන මා එක සිතින් පතන්නෙමු.

සැකසුම

හිරාන් ගමගේ

Home / 2025

25-Sep-03

සමූහ ගතිවිධි (group dynamics)

මෙවර පිටුව වෙන්වන්නේ සමූහ ගතිවිධි (group dynamics) පිළිබඳ විග්රහයකට . සමූහ ගතිවිධි යනු පුද්ගල ආශ්රයේදී ඇඟෑලුම් පවත්වන රටා, හැසිරීම සහ මනස ක්රියාත්මක වන අයුරු (patterns of interaction, behavior, and psychological processes) විධි . (මෙම ලිපියේ මෙතැන් සිට පහසුව සහ ඉඩකඩ සඳහා group dynamics GD ලෙස භාවිත කරමු).

GD පිලිබඳ අවබෝධය අපේ සමාජයීය ජීවිතයට අත්යවශ් . අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පඨම කෝධගරු සූත්රයේදී GD වර්ග (types) බුදුරජාණන්වහන්සේ අපට උගන්වා තිබේ. එනම් කෝධගරු (anger-respecting), මක්ඛගරු (contempt-respecting), ලාභගරු (gain-respecting) සහ සක්කගරු (honour-respecting) . මෙම වර්ග හතරට අයත් අය වටිනාකම (value) දෙන්නේ, සැබෑ නායකත්වය, සැබෑ පෞරුෂය ලෙස සිතන්නේ කෝධ, මක්ඛ, ලාභ සහ සක්ක යන දුර්ගුණ . එසේම අපට තිබිය යුතු GD වර්ගය මෙම සූත්රයේදී උගන්වා තිබේ. එනම් සද්ධම්මගරු (Dhamma-respecting) . දැන් එක් එක් GD දෙස බලමු.

කෝධගරු අය අය තම තරහව, ක්රෝධය සළකන්නේ වටිනාම ගුණය ලෙස. ‘මගේ හැටි එහෙම තමයි, කුණුහරුපයෙන් හොඳට කියලා දෙන්නේයනුවෙන් පුරසාරම් දොඩයි. ඔවුන්ගේ සමාජ සම්බන්ධතා නිර්ණායකය (criterion of interaction) ක්රෝධය යි. ක්රෝධගරු අයට අනුන් ආශ්රය දුෂ්කරය.

මක්ඛගරු අය අනුන්ගෙන් අනුන්ගේ ප්රයෝජන ගනියි. තමන්ගේ අරමුණ ඉටුවූ පසුව උදව් කළ අයට නිගා කිරීම සහ අමතක කිරීම මේ වර්ගයේ ස්වභාවය යි. මේ වර්ගය සටකපටය. අනුන්ට උගුල් ඇද හෝ තම අරමුණ යයි.

ලාභගරු අය තමන්ට මිලියන ගණනින් තිබුණද අනුන්ගේ සතය ඩැහැ ගනියි. ඔවුන්ට ලැජ්ජා (moral shame) සහ භය (moral fear) නැති තරම් . චාටුවෙන් අනුන්ගෙන් කඩා වඩා ගැනීම මේ වර්ගයේ ගතිය යි.

සක්කගරු අය නිතර ගර්වය (glory) සොයා යයි. මේ වර්ගය ලෙහෙසියෙන්ම ගර්වයෙන් මත්වීමට (infatuate) පත් වේ. සුදුසුකම් නැතත් මුල්තැන බලාපොරොත්තු වෙයි. ගර්වය වෙනුවෙන් වියදම් කරයි.

ඉහළ වර්ග හතරේ අයට දීර්ඝකාලීනව සමාජ ආශ්රය දුෂ්කරය. ඔවුන් නිසා පිටස්තරයන් පමණක් නොව පවුලේ අයද අපහසුතාවට ගර්හාවට ලක් වේ.

සද්ධම්මගරු GD වර්ගය විශ්වීය (universal) වර්ගයයි. මෙහිදී සද්ධම්මගරු වීමට බෞද්ධ වීමට අවශ් නොවේ. අවශ් වන්නේ සවන්දීම (listening), අනුන්ට ගරු කිරීම (respecting others) සහ අනුන්ගෙන් ලැබෙන උදව් ඇගයීම (being appreciative of help from others) . කෙටියෙන් කිවහොත් සද්ධම්මගරු අය ආධ්යාත්මික . බුද්ධ දේශනාව ආධ්යාත්මික මිස ආගමික නොවේ. ලෝකය කාටත් උරුමය යන විශ්වාසය සද්ධම්මගරු අය සතු මහා ගුණාංගකි. ගැටෙනවාට වඩා තම ආත්ම ගෞරවය රැකගෙන නොගැලපෙන අයගෙන් ඉවත්වීම සද්ධම්මගරු අයගේ රටාවය.

සද්ධම්මගරු ඔබ සෙසු වර්ගයන් නිසා පීඩාවට වේදනාවට දුකට පත්වී නම් හැකි තරම් නොකඩවා ලෝකයට උපකාරි වෙන්න. එහෙත් සීමාවන් දැනගන්න. තෙරුවන් සරණයි!

ආචාර් දේදුනුපිටියේ උපනන්ද හිමි

Home / 2025

25-Sep-02

UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්

UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්
එක්සත් රාජධානියේ 2025 ජුනි මාසයෙන් අවසන් වන වසර සදහා වන ආගමන විගමන දත්ත පහුගිය දවසක බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්ය්‍යාලය මගින් නිකුත් කරා. මේ වෙනකොට බ්‍රිතාන්‍යයට විශාල ගැටළුවක් වෙලා තියන ශුද්ධ සංක්‍රමණ ප්‍රමාණය ඉහළ යාම නිසා මේ නිකුත් වෙන දත්ත ගැන සෑහෙන්න පිරිසක් උනන්දුවෙන් නිරීක්ෂණය කරනවා. ගෙවුනු වසර ඇතුලත බ්‍රිතාන්‍යයේ රජයන් දෙකක් විසින් සංක්‍රමණ පාළණය කිරීම සදහා ගනිපු විවිධ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල සිදුවූ සංක්‍රමණ වල පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් සිද්ධ වෙලා තියනවා.

එක්සත් රාජධානියට පුද්ගලයන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග දෙකක් තමයි රැකියා වීසා සහ ස්ටුඩන්ට් වීසා. මේ වීසා මාර්ග දෙක ඉලක්ක කරගනිමින් තමයි බ්‍රිතාන්‍ය රජය පහුගිය කාලය පුරාවටම විවිධ සීමා කිරීම් පැනවීම කරේ. ඒ නිසාම කැපී පෙනෙන පහත වැටීමක් ඒ අංශ දෙකෙන්ම සිදුවෙලා තියනවා. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යය විසින් නිකුත් කල රැකියා වීසා ප්‍රමාණය 182,553 ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 36% පහත වැටීමක්. සෞඛ්‍ය සහ රැකවරණ සේවක වීසා එහෙම නැත්තම් සෞඛ්‍ය සහ care වීසා වැටෙන්නෙත් ඒ යටතේ රැකවරණ සේවක වීසා වල පසුගිය වසරට සාපේක්ෂව 77% අඩුවෙලා තියනවා.

රැකියා වීසා සදහා පිටතින් එන ප්‍රමාණය අඩුවීමත් එක්ක දැනට මේ රටේ ඉන්න පිරිසට වීසා සහිතව රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. විශේෂයෙන්ම දැනට ස්ටුඩන්ට් වීසා හෝ PSW වීසා වල ඉන්න පුද්ගලයන්ට අඩු තරගකාරිත්වයකින් රැකියාවකට යාමට අවස්ථාව මේ එක්කම වැඩි වෙනවා. ඒ අතරේ ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි පිරිස එම කාලය තුල 431,725 ක් කියලා තමයි සදහන් වෙන්නේ. එම ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 18% ක අඩුවීමක්. මේ අඩුවීම සිද්ධ වෙලා තියෙන්නේ පවුල් වල සාමාජිකයන් ගෙන ඒම අඩුවීමත් එක්ක. ඒ වගේම ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි වැඩිම ප්‍රමාණය චීනයෙන් වන අතර ඉන්පසුව පිළිවලින් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ශිෂ්‍ය වීසා මත පිරිස් පැමිණ තිබෙනවා.

ඒ අතරේ අපිට වඩා වැදගත් වෙන්නේ ලංකාවෙන් එක්සත් රාජධානියට කොච්චර පිරිසක් සංක්‍රමණය වෙලා තියනවද කියන එක. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට රැකියා වීසා මත සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ලෙස 4,924 දෙනෙකු සංක්‍රමණය වෙලා තියනවා. එම කාලය තුල ශ්‍රී ලංකාවේ සිට අයදුම් කල රැකියා වීසා සහ යැපෙන්නන්ගේ අයදුම්පත් වලින් 76% කටම වීසා නිකුත් වෙලා තියනවා. විවිධ හේතු මත ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ අයදුම්පත් 1,416 ක් පමණයි.

2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ස්ටුඩන්ට් වීසා සහ එම යැපෙන්නන් ලෙස ලංකාවෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වූ පිරිස 4,318 ක්. වීසා ප්‍රධානය කල ප්‍රතිශතය 92% ක් . ඒ වසර තුල ලංකාවෙන් ස්ටුඩන්ට් වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ 308 ක් පමණයි. රැකියා විසා සහ ස්ටුඩන්ට් වීසා මත මෙරටට සංක්‍රමණය වූ ජාතීන් අනුව ලංකාව පසුවන්නේ පිළිවෙලින් 12 වන සහ 13 වන ස්ථානයේ.

ඒ අතර ගෙවුනු වසර තුල සංචාරක වීසා මත ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි පිරිස 23,922 ක්. එම ප්‍රමාණය බ්‍රිතාන්‍යයට පුද්ලයන් සංචාරය කරන ප්‍රමාණය අනුව සැලකිය යුතු පිරිසක්. ඒ අතරේ 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ලංකාවෙන් ඉදිරිපත් වූ සංචාරක වීසා අයදුම්පත් 8,504 ක් ප්‍රතික්ශේප කරන්නත් බ්‍රිතාන්‍ය රජය තීරණය කරලා තියනවා. 26% තරම් අයදුම්පත් ප්‍රතිශතයක් ප්‍රතික්ශේප වෙලා තියනවා. අවසානයක් විදියට 2024 වසර තුල ශ්‍රී ලාංකිකයන් 3,019 දෙනෙකුට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය එහෙම නැත්තම් ILR ප්‍රධානය කරලා තියනවා.

තිලාන් ජයසේකර

Home / 2025