සර්පයන් සම්බන්ධව ශ්‍රීලංකාවේ නීතිමය රාමුව

1937 දී සම්මත වූ ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතට (Flora and Fauna Act) 1993 දී අංක

49 දරණ පනතට එක් කල හත්වන සංශෝධනයට අනුව,

නයා / Naja naja

තිත් පොළඟා / Daboia russelii

වැලි පොළඟා / Echis carinatus

තෙල් කරවැලා / Bungarus caeruleus

මුදු කරවැලා / Bungarus ceylonicus

යන විශේෂ හැර මෙරට වෙසෙන අනෙක් සියළුම සර්ප විශේෂ නීතියෙන් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.

මෙම පනතේ 30 වන වගන්තියට අනුව ආරක්ෂිත සර්පයෙකු ආරක්ෂිත සර්පයෙකු හෝ ඔවුන්ගේ කොටස් හෝ

බිත්තර එක්‍ රැස් කිරීම,ප්‍රවාහනය කිරීම,හිංසා කිරීම හෝ මරා දැමීම , රුපියල් 10000 – 30000 ක දඩ

මුදලකට හෝ වසර 2 – 5 සිරදඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් විය හැකි හැකියාව පවතී.

මෙවැනි ආකාරයට සතුන් හෝ සත්ව කොටස් විකිණීමද ඉහත දඬුවමට යටත් විය හැකි වරදකි.

මෙම පනතෙහි අංක 37 වන කොටස අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින්

නිකුත් කරන නීත්‍යානුකූල බලපත්‍රයක් රහිතව නීතියෙන් ආරක්ෂිත හෝ ආරක්ෂිත නොවන සර්පයෙකු

(සජීවීව හෝ අජීවීව) ඔවුන්ගේ කොටස්, බිත්තර ලඟ තබා ගැනීම සහ අපනයනයද ඉහත දඬුවමට යටත් විය

හැකි කාරණාවක් වේ.

පනතේ ආරක්ෂාව නොළබන නමුත් ඉහත සඳහන් කර ඇති උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 5 ම වන ජීවීන්

ලෙස වර්ගීකරණය කරන අතර මෙම සතුන්ද සන්තකයේ තබාගෙ ඇති කිරීම සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය

වේ.

මීට අමතරව මෙම උග්‍ර විෂ සහිත සර්පයන් 5 දෙනාද හමුවන භූමිය අනුව පනතේ ආරක්ෂාව හිමිවන අවස්ථා

සහිත වේ.

උදාහරණයක් ලෙස රක්ෂිත වනාන්තරයක් තුල සිටින්නාවූ යම් සත්වයෙකු ආරක්ෂිත සත්වයෙකු ලෙස පනතේ

නම් කර නොතිබුනද ඔවුන් වාසය කරන්නාවූ ස්ථානය ආරක්ෂිත කලාපයන් හෙයින් වක්‍රාකාරව වන සත්ව සහ

වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව ආරක්ෂිත සතුන් බවට පත්වේ.

මීට අමතරව තර්ජනයට ලක්ව ඇති විශේෂවල අන්තර්ජාතික වෙළදාම සඳහා වන සම්මුතිය (conversation on

international trade of endangered species – CITES) මඟින් ද මෙම සතුන් අපනයනය සම්බන්ධව තහනම්

පනවා ඇත.

මෙම පනතේ වගන්ති ප්‍රකාරව අහිකුණ්ඨික ජනතාවට විශේෂ බලපත්‍ර සහිතව සීමාසහිත සතුන් පිරිසක්

ලඟතබා ගැනීමට අවසර ලබා දී ඇත. නමුත් ඔවුන්ට වුවද හිංසාකාරී අයුරින් මෙම සතුන් ලඟ තබාගැනීමට

හැකියාවක් නොමැති බව මතක තබාගත යුතු කරුණකි.

එමෙන්ම වනජීවි පර්‍යේෂකයන්ට සීමාසහිත සත්ව විශේෂ ගණනක් සඳහා අවශ්‍ය සතුන් නම් කරන ලද

ප්‍රදේශ වලින් එක් රැස් කිරීමට අවසරපත්‍ර ලබාදීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ

ජනරාල්වරයා විසින් නිකුත් කරනු බලන අවසරපත්‍රයක් සහිතව සිදු කල හැකි වන අතර එසේ සත්ව නිදර්ශක

එක්‍ රැස් කිරීම සහ පටක සාම්පල බලාගැනීමේ කාර්‍යන්හිදී අදාල අවසරපත ඔවුන් සතු වීම අනිවාර්යය වේ.

යම් අයෙකු ඔහු හෝ ඇය සතුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්

කරන ලද අවසරපතක් ඇති බව ඒත්තු ගන්වා සත්ව නිදර්ශක එක් රැස් කිරීමට හෝ සතුන් අනවසරෙන් බලාදෙන

ලෙස හෝ ඉල්ලීම් කරන ඕනෑම අවස්ථාවක සත්ව නිදර්ශක එක් රැස් කිරීමට ඔවුන් සතුව ඇති අවසරපත්‍රය

ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය ඔබ සතුව ඇත.

එවැනි අවසරපත්‍රයක් ඔබ වෙත ඉදිරිපත් කලහොත් ඔබ විසින් සැලකිල්ලට ගත යුතු කරුණු මෙසේය.

• අවසරපත හිමි පර්‍යේශකයාගේ සහ කණ්ඩායමේ සාමාජිකයන්ගේ නම් අවසරපත ඉදිරිපත් කරන්නාවූ

කණ්ඩායමේ අයවලුන්ගේද යන බව සැළකිලිමත් විය යුතූය

• අවසරපත නිකුත් කරන ලද දිනය සහ නිදර්ශක එක් රැස් කිරීමට ලබා දී ඇති කාලසීමාව

කල් ඉකුත්වූ අවසරපතක් යොදාගෙන සත්ව නිදර්ශක එක් රැස් කිරීම වනසත්ව හා තුරුලතා ආරක්ෂණ පනත

උල්ලංඝනය කිරීමකි.

• නිදර්ශක එක් රැස් කිරීමට නිර්දේශ කර ඇති සහ අවසර ලබා දී ඇති කලාපය

නිර්දේශිත කලාපයෙන් බැහැරව සත්ව නිදර්ශක එක් රැස් කිරීමේ හැකියාවක් අවසරපතක් තිබුණද කල

නොහැක්කකි

• සත්ව නිදර්ශක එක් රැස් කිරීමට අවසර ලබාදී ඇති සත්ව කාණ්ඩය.

උදාහරණයක් වශයෙන් Earth snakes / පාංශුවාසී සර්ප විශේෂ අධ්‍යනය සඳහා නිකුත් කරන ලද

අවසරපත්‍රයක් යොදාගනිමින් Aboreal snakes/ රුක්වාසී සර්ප විශේෂ අධ්‍යනය කිරීම කල නොහැක.

මෙම නීති සහ වනසත්ව හා තුරුලතා ආරක්ෂණ පනත උල්ලංඝනය කරන්නන් පිළිබඳව ඔබට ගත හැකි

ක්‍රියාමාර්ග.

මෙම පනතෙහි බලය සියළුම රාජ්‍ය ආරක්ෂක අංශ සඳහා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ

නිලධාරීන්ට බලාත්මක කල හැකිය. එමනිසා මෙම පනත යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් උල්ලංඝනය

කරන්නේනම් ඒ පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අංශ සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය

1992 ඔස්සේ ඔබට දැනුවත් කිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ සර්පයන් සම්බන්ධව සිදුකරගෙන යන්නාවූ නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක

කිරීමට උපකාර කිරීමට අපද සෑමවිටෙකම සූදානම්න් සිටින අතර ඔබ සතුව ඇති සත්ව ජාවාරම් පිළිබඳව

තොරතුරු අදාල අංශ වෙත යොමු කරවීම සඳහා අපගේ සහය සෑමවිටෙකම ඔබ සමඟයි.

චමල් ලක්ෂාන් –

පරිසරවේදී (Thema collection , Tea and experience factory)

ජීවත් වෙන්න

හුස්ම පොදක් යදින

උන් අතරේ …

හැමදේම දරාගන

හිනහ වෙලා ඉන්න

උන් අතරේ …

කොච්චර හොදින්

ඉන්න හැදුවත්

මොනවම හරි කියන

උන් අතරේ …

සැනසීම ඉල්ලුවත්

සැනසීම නැති කරන

උන් අතරේ …

කොච්චර ජීවිත

ගෙවිලා යනවා ඇත්ද

වැරදි නොකරත්

දඬුවම් විදින උන් අතරේ …

Gagana

ජීවිතාවර්ජනය

උණහපුළුවාට උගේ පැටියා මැණිකක් ලු, වියවහරෙ අපිට කියනවා ඇහෙන්නේ එහෙමයි. ඉතින් තමන් දරුවකු පිළිසිඳගත් දා සිට මෙලොව එළිය දකිනතුරු අම්මා තම දරුවව ගොඩක් පරිස්සම් කරනවා. තමන් ආස කරන කෑම බීම පවා වෙනස් කරනවා. අඳින පළඳින විදිහ ටිකය් කාලයකට වෙනස් කරනවා. හිතින් දරුවා කුස දරාගෙන පරිස්සම් කරන අම්මා, නාදුනන ලෝකෙට දරුවා ආවහම   කොච්චර නම් පරිස්සම් කරනවද.. ඒත් විසකුරු දේ වලින් පිරුණු ලෝකය දරුවන්ව ඩැහැ ගන්න විවිධ විදිහට බලාගෙන ඉන්නවා. අම්මා නොදැනුවත්වම සමහර දරුවෝ වැරදි පාරවල් වලට වැටෙනවා. එසේ වැරැද්දට යොමුවන දරුවන් යහළුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, සමාජයෙන් කොපමණ ප්‍රතික්ෂේපයන්ට ලක්වුවත් හැමදාමත් වගේ තනි නොකරන එකම කෙනා අම්මා විතරයි. ඉතින් මත් රකුසාට බිලි වූ තරුණයෙකු එයින් මුදවා ගැනීමට අනික කැපකිරීම් කල  දිරිය මවකගේ කතාවයි මේ. මතට ඇබ්බැහි වූවන්ගේ ආදරණීයයන් කල කැපකිරීම් නොවන්නට තරුණ වටිනා ජීවිත සමාජයට පිළිලයක් වී අකාලේ මිය යන්නට තිබිණි. එහෙත් ඔවුන් නැවත සමාජගත කරන්නට වෙහෙස වූවන්ට වචනයෙන් හෝ වටිනාකමක් එක් කරන්නට ගත් උත්සාහයකි මේ.

අද අපත් සමග එකතු වන මව රීටා නමින් හඳුන්වමු.

1. අම්මා ගැන අපිට පොඩි හැඳින්වීමක් කරන්න.

මගේ නම රීටා. ගම්පළාත ජාඇල. මගේ මහත්තයා 2006 නැති වුණා. පුතා විතරයි මට දැන් ඉන්නෙ.

2. අම්මා ,පුතා ගැන අපිට විස්තර ටිකක් කියන්න

පුතාගේ නම දුමින්ද . වයස අවුරුදු 35 යි. එයා හොඳ රස්සාවක් කළා. තාත්තටයි මටයි හොදට සැලකුවා.  කසාදයක් බැඳපු දවසට මට මෙහෙම උදව් කරන්න බැරි වෙයිනෙ කියලා මට වළලු දෙකකුයි තාත්තා  ට බ්‍රේස්ලට් එකකුයි අරගෙන දුන්නා. හරිම හොඳ දරුවෙක් එයා. වටේ පිටේ අයත් එකත් හරි සමගියෙන් හිටියා.  කොහොම ඇබ්බැහි වුනාද කියලා හිතාගන්න බැහැ. තාත්තා නැතිවුණා  ට පස්සේ තමයි මේ හැම දෙයක්ම උනේ.

3. පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තේ කොහොමද?

කිසිම වෙනසක් ගෙදරදි තිබුණේ නැහැ. උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර එනවා.  සල්ලි දින එක ටික ටික අඩු උනා. මම ඒත් ඇහුවහම  යාලුවෙකුට හදිස්සියකට දුන්නා වගේ උත්තර තමයි මට ලැබුනෙ. පස්සේ පස්සේ අහල පහල අය මට කිව්වා පුතා මොනාහරි පාවිච්චි කරනවා හොයලා බලන්න කියලා. ඒත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.  දවසක් වැඩ ඇරිලා එනකොට මෙයා ඇක්සිඩන්ට් වුණා. සති තුනක් විතර ඉස්පිරිතාලෙ ඉන්න වුණා. ඉස්පිරිතාලෙන් මෙඩිකල් දුන්නේ නැහැ. ඒ හින්ද රස්සාවෙන් අස් කරල තිබුණා. ඒත් එයා නිකං නිකන් හිටියේ නැහැ. මේසන් වැඩ කරන්න පටන් ගත්තා. ඒත් කලින් වගේ පුතා අතේ සල්ලි ගැවසුණේ නැහැ.  ඊට පස්සේ නිතර නිතර මගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා. සල්ලි නැහැ කියනකොටත් අනේ අම්මෙ දෙන්නකෝ මට ඉන්න බැහැ කියලා කිය කියා කරදර කරන්න ගත්තා. පස්සේ මං කෙලින්ම ඇහුවා එයාගෙන් පුතේ ඔයා මොන හරි හොඳ නැති දෙයක් පාවිච්චි කරනවද කියලා. එයා ඔව් කියලා පිළිගත්තා. එයා ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ වැඩට යන කාලේ. වැඩට යන කාලේ සල්ලි අඩු වෙලා තියෙන්නේ යාළුවන්ටත් එක්ක මෙයා වියදම් කරලා.

4. දුමින්දව පුනරුත්ථාපනයට යොමු කළේ කොහොමද?

පුතා මට ගෙදරදි කිසිම විදියකින් කරදරයක් කළේ නැහැ. ගහලා බැනලා නැහැ. ඒත් ගෙදර බඩු නැතිවෙන්න ගත්තා. මේ දේවල් නෑදෑයන්ට  ආරංචි වෙලා අපිව පවුලෙන් ඈත් කළා. අපේ පවුල්වල කිසිම කෙනෙක් මෙහෙම දේවල් කරලා නෑ කියලා. මම හැමදාම අඬඅඬා දෙවියන්ගෙන් ඉල්ලුවා මගේ දරුවෝ දරුවා  බේරලා දෙන්න . ඔය අතරේ මට කිහිප කිහිපදෙනෙක් කිව්වා පුනරුත්ථාපනය කරන මේ තැන ගැන. මේ කාලේ වෙනකොට පුතාටත් ඕනවෙලා තිබුණා මේ ඇබ්බැහි වීමෙන් මිදෙන්න. ඉතින් එයාගෙ කැමැත්ත ඇතිව මම එයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කළා. ඒ වෙනකොට එතනට දෙන්න තරම් මුදල් මා ළඟ තිබුණෙ නැහැ. ඒත් මගේ හිතවත් අය මට උදව් කළා.

5. පුනරුත්ථාපනය උන කාල සීමාව ගැන විස්තර ටිකක් කියන්න.

පුතා අවුරුද්දක කාලයක් වන පුනරුත්ථාපනය වුණා. ඒ කාලෙදි එයාව බලන්න නියමිත දවස් වලට මං නොවරදවාම ගියා. එයා දැන් පුනරුත්ථාපනය වෙලා අවුරුදු තුනක් වෙනවා. ඒත් එයාව තාම ගෙදර ගෙනාවේ නැහැ. අපිට ගමට ගිහින් ඉන්න සුදුසු තත්ත්වයක් නැහැ. මිනිස්සු තාමත් කුඩුකාරයා කියලා හංවඩු ගහනවා. ඒ අවට හැමතැනම මත්ද්‍රව්‍ය. ඉතින් බොහොම දුක් විඳලා බේරගත්ත දරුවව ආයෙත් එතෙන්ට ගෙනියන්න මට බයයි. මමත් දැන් අවුරුදු එක හමාරක ඉඳලා පුතා ඉන්න මධ්‍යස්ථානයට ම ඇවිල්ලා ඒ අයට උදවු කරගෙන පුතත් එක්කම ඉන්නවා. පුතා ඒ මධ්‍යස්ථායෙ කාර්ය මන්ඩලේ සේවය කරනවා.

6. කොච්චර කාලයක් ඔතන ඉන්න බලාපොරොත්තු වෙනවාද?

පුතාව  පිළිවෙලක් කරලා වෙන ගම් පළාතක ට යවන්න කන් මේ මධ්‍යස්ථානයට වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතිං මට සැනසිල්ලෙ තාත්තා ගිය තැනට යන්න පුලුවන්. එළියට යනවට වඩා මෙතන හරිම ආරක්ෂිතයි. අපි දෙන්නම දැන් හරි සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

7. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන අයගේ ආදරණීයයන්ට අම්මට මොනවද කියන්න තියෙන්නේ.

පුතේ, තාත්තත් නැතුව මගේ දරුවාව බේරගන්න මං ගොඩක් දුක්වින්දා. ශාරීරිකව නෙමෙයි මානසිකව. කියන්න කෙනෙක් නැහැ කතා කරන්න කෙනෙක් නැහැ. නෑදෑයො බලන්නෙවත් නැහැ. පුදුම අසරණකමක් දැනුනේ. ඒත් අම්මෙක් විදිහට මට මගේ දරුවා අතාරින්න බැහැනෙ. මගේ අතපසුවීමකින් වෙන්නත් ඇති එයාට එහෙම වෙන්න ඇත්තෙ. තාත්තත් නැතුව ඉන්නකොට එයට තනිකමක් දැනෙන්න ඇති. යාලුවොත් එක්ක එකතු වෙන්න ඇති. එයාලා කරන දේවල් කරන්න ඇති.

මම දෙමව්පියන්ගෙන් විශේෂයෙන් ඉල්ලනවා දරුවන්ට තව තවත් ලං වෙන්න. හැමදේම දෙන ආදරේට වඩා ඒ අය වෙනුවෙන් කාලය වැය කරන්න. දරුවන්ට ඇහුම්කන් දෙන්න. ඔවුන් ආදරයෙන් පිළිගන්න. ඔවුන්ගේ වැරදි වලට සමාව දුන් ව කියන්න. නිතරම තමන් අදහන දෙවියන් බුදුන් ගෙන් ආරක්ෂාව ඉල්ලන.  ඒ පිළිගැනීමත් එක්ක ඒ අයට තමන් ගැන විශ්වාසයක් ඇති වෙයි. ඒ තුළින් ඔවුන්ට නැවත මතට ඇබ්බැහි වීමට හිතක් ඇති නොවෙයි.  එතකොට තමන්ගේ කඳුළු, කැප කිරීම් වලට, වටිනාකමක් එක් කරන්නට දරුවන්ට ආසාවක් ඇතිවෙයි. ඒ වගේම  දෙමාපියන් දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. විනාඩි කිහිපයක් ඇති දරුවෝ විනාස වෙන්න. ඉතින් දෙයක් වෙලා දුක් වෙනවට වඩා ඒ දේවල් නොවෙන්න වග බලාගන්න.

ස්තුතියි

පියුමි සිල්වා

ඔලිව්තෙල් භාවිතයෙන් හැඩ වෙමු

ඔලිව් තෙල් ලෝකයේ ඇති ගුණදායකම තෙල් වර්ග වලින් එකකි ඔලිව් තෙල්.

දිනපතා ආහාරයට ගැනීම ඉතා ම හොඳ පුරුද්දක් වන අතර එමඟින් ඔබට අත්වන සෞඛ්‍යය ම ය ප්‍රතිලාභ රැසකි. ඉතා ම උසස් තත්ත්වයේ ඔලිව් තෙල් ආහාරයට ගැනීමට අමතරව ස්වාභාවිකව ඔබේ රූපලාවණ්‍යය සත්කාර සඳහා එකතුකරගැනීමෙන් ද එවැනි ම උසස් ප්‍රතිඵල ලබාගත හැකි වේ. එසේ නම් අද ඔබේ රුව ඔප් නංවා ගැනීමට ඔලිව්තෙල් සත්කාරය ඉවහල්කරගන්නා අයුරු අපි කතාබහ කරමු.

දිලිසෙන කෙස් කළඹකට :

ඔබට ඇත්තේ ඉතා වියළි, ඉක්මනින් ගැට ගැසෙන අකීකරු කෙස්කළඹක් නම් ඔලිව්තෙල් භාවිතයෙන් එය පහසුවෙන් කීකරු කෙස්කළඹක් බවට පත්කරගත හැකිවනු ඇත. Extra verging olive තෙල් බිඳු කිහිපයක් ඔබේ අත්ලට රැගෙන එය හොඳින් අත්ලේ තවරාගන්න. හෙමිහිට හිස් කබලේ සහ කෙස් අතර හොඳින් තෙල් තවරාගන්න. මෘදුව සම්බාහනය කරගන්න. අනතුරුව මෘදු ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතයෙන් සෝදාහැර තෙත මාත්තු කරන්න. නැතිනම් හිස කෙස් පීරීමට ප්‍රථම තෙල් බිඳු කිහිපයක් හිස්කබලේ නොගෑවෙන පරිදි ආලේපකර හොඳින් හිස කෙස් පීරාගැනීමෙන් ද ඉහත ප්‍රතිඵලය ම ලබාගත හැකිවනු ඇත.

Make up ඉවත්කිරීමට සහ moisturizer එකක් ලෙස:

මේකප් භාවිතයෙන් පසුව මේකප් ඉවත්කිරීම සඳහා ඔලිව්තෙල් මේස හැන්දක් පෙඟවූ cotton wool කැබැල්ලක් ගෙන මුහුණ මෘදු ව පිරිමදින්න. එමඟින් මුහුණේ ඇති මේකප් ඉවත්වනවා මෙන් ම ස්වාභාවිකව ම මුහුණේ ඇති තෙතමනය රඳවාගනිමින් සමට අවශ්‍යය පෝෂණය ලබාදී ම ද සිදු කෙරේ. ඉතින් මේකප් ඉවත්කර ගැනීමත්, සමෙහි තෙතමනය ආරක්ෂාකර දීම ත් යන කාරණා දෙක ම එක ම අවස්ථාවක දී ඉටුකරගැනීමට ඔබට හැකිවනු ඇත.

ස්ට්‍රෙච් මාක් ඉවත්කර දෙයි:

අධික ස්ථූල බව හෝ ගර්භනී භාවය නිසා ඔබේ සමෙහි  ඇතිවන ඉරි සහිත ඇදීම් නැතහොත් stretch marks ඔලිව්තෙල් භාවිතයෙන් ඉවත්කරගත හැක. සමෙහි එම ගැටළුව ඇති තැන්වල extra verging olive oil හොඳින් ගල්වමින් මෘදුව විනාඩි 10ක් පමණ සම්බාහනය කරන්න. අව ම සතියකට තෙවරක් මෙම සත්කාරය සිදුකිරීමෙන් සමෙහි ඇදෙනසුළු භාවය වැඩිකරමින් වියළි බව සහ stretch marks ඉවත්කිරීම සිදුවනු ඇත.

සුමුදු දෙපා සඳහා:

අනවශ්‍යය රෝම ඉවත්කිරීමේ දී ඔබ රේසරය භාවිතයට ගන්නේ නම් එමඟින් සමට ඇතිවන අතුරු ප්‍රතිඵල බොහොමයක් ඔලිව්තෙල් භාවිතයෙන් අව ම කරගැනීමට හැකි ය. රේසරය භාවිතයට පෙර සමෙහි ඔලිව්තෙල් ආලේපකර අනතුරුව අනවශ්‍යය රෝම ඉවත්කරගන්න. එමඟින් රේසරය භාවිතය නිසා ඇතිවන සුළු ඉදිමුම් ස්වාභාවය, සහ සම සීරීමෙන් ඇතිවන වේදනාව මඟ හැර ස්වාභාවික ලිහිසිකාරකයක් ලෙස ඔලිව්තෙල් ක්‍රියා කිරීමෙන් සුමුදු දෙපා යුගලක් ඔබට ලබාදෙනු ඇත.

නියපොතු වර්ධනය සඳහා:

සතියකට වරක් ඔබේ දෑඟිලිවල නියපොතු ගිල්වෙන සේ ඔලිව්තෙල් හි විනාඩි 10ක් තබන්න. එමඟින් නියපොතුවල cuticles නීරෝගීකරමින් නියපොතු වර්ධනය වේගවත් කිරීම සහ නිරෝගී නියපොතු ඇති සුන්දර දෑතක් ඔබට ලැබෙනු ඇත.

සුමුදු සුන්දර දෙතොළකට:

ඔලිව්තෙල් ස්වල්පයක් සහ සීනි ස්වල්පයක් එක්කළ

මිශ්‍රණය දෙතොලේ හොඳින් ආලේපකර පිරිමදින්න එමඟින් දෙතොලේ කඩතොලු ස්වාභාවය ඉවත්වී ස්වාභාවික ස්ක්‍රබ් එකක් ලෙස ක්‍රියා කරමින් දෙතොල්

සුමුදු කරනු ඇත. එසේ ම දෙතොලේ වියළිබව දුරලා තෙතමනය රැකදීමෙන් සුන්දර දෙතොලක් ඔබට ලබාගත හැකි වේ.

මෙලෙස නිවසේ හැමවිට ම ඇති extra verging olive oil භාවිතයෙන් ඉතා පහසු රූපලාවණ්‍යය සත්කාර සිදුකරගත හැකිබව ඔබ දැන සිටියා ද? එසේ නම් තවත් මෙවැනි වැදගත් ලිපියකින් හමුවන තුරු සුබ දවසක් !

Makeup by sameera

Bridal and party makeup enquire

07402992944

නිශ්ශබ්දව වෙහෙස මහන්සි වී වැඩ කරන්න, ඔබේ සාර්ථකත්වය ඔබේ ශබ්දය වීමට ඉඩ දෙන්න

“කාසි සද්ද කරාට නෝට්ටු නිහඬයි”. යන කියමන අපි අහල තියෙනවා මෙහි සරල තේරුම දිගින් දිගටම දොඩමලු පුද්ගලයින් ඇතුළාන්තයේ හිස ලෙස බවත් සාර්ථකත්වයට යන මාර්ගය කියන්නේ අසීමිත උත්සාහයක් බොහෝ වෙහෙස මහන්සි වී සැලසුම් කරන සැලසුම් ක්‍රියාවලිය ඇතුළත් දුෂ්කර මාර්ගයකි.

රෝස මල් යහනාවන්ගෙන් උපන් මිනිසුන්ට වගේ නෙවෙයි.දුෂ්කරතා, බාධක හමුවේ යා යුතු මගකී. නමුත් මෙම සාර්ථක ගමනේ යෙදී සිටින සාර්ථක පුද්ගලයින් තමා සතුව ඇති වටිනාකම දනි.

 සෑම මිනිසෙක්ම සාර්ථක වීමට අපේක්ෂා කරයි. නමුත් ඉහළ අරමුණු,අධිෂ්ඨාන ඇති නිහතමානීව ගමන් කරන පුද්ගලයා පමණක් සැබෑ ජීවිතයේ දී තම බලය උපයා සාර්ථකත්වය ලබයි.මෙයින් අදහස් කරන්නේ ඔබට අනාගතයේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇති බවත්,ඔබේ සැලසුම් නිවැරදි නම් සහ ඔබ නිවැරදි දිශාවට වැඩ කරන්නේ නම් ඔබ සහ සාර්ථකත්වය අතරට බාධකයක් ලෙස කිසිවක් පැමිණිය නොහැකි බව දැනගන්න. ඔබේ මානසික මට්ටම ඉහළ මට්ටමක තියාගන්න.

සාර්ථකත්වය කරා යන ගමනේදී විවේචනයට දක්ෂ, ඔබව පහත් කිරීමට අවශ්‍ය බොහෝ පුද්ගලයින් ඔබට හමුවේ. එවැනි අවස්ථාවක ඔබ කළ යුතු එකම දෙය නම්, ඔබට  ඔවුන්ගේ break නැති කට වසා දැමීමට කොතරම් අවශ්‍ය වුවද නිහඬව වෙහෙස මහන්සි වී වැඩ කරන්න.කෑගසා ඔබේ කෝපය නිවා දැමීමට වඩා හොඳ ක්‍රමයක් තිබේ, ඔබේ අද්විතීය සාර්ථක කතාව සමග ඒවා වසා දමන්න.ඔබව වට්ටන කකුලෙන් ඇදලා දාන කිසිම සෘණාත්මක හඬකට ඔබේ හදවතට හෝ මනසට ළඟා වීමට ඉඩ නොදෙන පරිසරයක් ඔබ ඔබ වටා නිර්මාණය කරගන්න.

නරක විවේචන කෙරෙහි අවධානය යොමු නොකිරීම වැදගත් වන්නේ එය ඔබව ක්ෂණිකව පහත් කළ හැකි බැවිනි. නමුත් ඒවා අසා ඒවා වෙනුවට ධනාත්මක විවේචන ඔබ හදාගන්න. මක්නිසාදයත් සාර්ථක වීමට ඔබේ ප්‍රවේශයේ ඇති සියලුම වැරදි දේ ඔබ නිවැරදි කළ යුතුයි.විවේචන සමග සටන් කරන්න එපා. සාර්ථකත්වයෙන් ඒවාට උත්තර දෙන්න එවිට ඔබේ සාර්ථකත්වයේ මිල ඔබ විසින් තීරණය කරාවි.කිසි විටක ඔබේ හැකියාවන් අවතක්සේරු නොකරන්න. නිශ්ශබ්ද වැඩ කරන්න ඔබේ සාර්ථකත්වය ඔබේ ශබ්දය වීමට ඉඩ දෙන්න.

සටහන,

නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.

ඔබේ සාර්ථකත්වය ඔබේ ශබ්දය වීමට ඉඩ දෙන්න.

Almond Tart

Ingredients:

For the pastry

-150g/5½oz plain flour, sifted, plus extra for dusting

-75g/2¾oz butter, chilled

-60g/2¼oz caster sugar

-1 free-range egg yolk

For the filling

-225g/8oz flaked almonds

-120g/4¼oz butter

-120g/4¼oz caster sugar

-4 tbsp milk

Method:

-Preheat the oven to 190C/170C Fan/Gas 5. For the pastry, put the flour, butter and sugar together in a food processor and blitz until they resemble breadcrumbs. Add the egg yolk and 2 tsp cold water and mix until the dough comes together. Roll out on a floured worktop to a thickness of 5mm, a little bit bigger than the base of a 24cm/9½in fluted tart tin.

-Use your fingers to press the pastry into the corners of the tin and about 1cm/½in up the sides to create a small lip around the edge. Cover with cling film and leave in the fridge for at least 30 minutes.

-Remove the cling film and prick the pastry base all over lightly with a fork. Line with baking paper and tip in baking beans or lentils. Bake for 15 minutes. Remove the baking beans and paper and return to the oven for 3–4 minutes to dry out the base without colouring.

-To make the filling, toast the almonds in a dry frying pan over medium-high heat for 2–3 minutes, until light golden-brown, keeping a close eye on them. Tip them into a bowl.

-Put the butter, sugar and milk in the frying pan over medium heat. When the sugar has dissolved and the butter melted, bring to the boil and boil for 1 minute. Add the almonds and mix well before turning into the pastry case.

-Bake for 15–20 minutes, until rich golden-brown. Remove from the oven and leave to cool. Serve warm or cold.

DreamsArt, UK

Anushka Nanayakkara

දෙහෙනකන්ද මුක්කුවත්ත හරහා අවාරේ සමනොළ සිරිපා

        සමහර කදු තියනවා එ කදු එක්ක අපේ ජිවිත වලට තියෙන්නේ ආත්මීය බැදිමක්…. කොයිතරමි ගියත් කොයිතරමි ගමන අසීරු උවත් ආයෙ එන්නේ නැ කියලා හිතුනත් එ ආත්මීය බැදීම ආයෙ ආයෙත් අපිව එ කන්දටම ඇදබැද ගන්නවා…. එ තරමි එ කන්ද අපේ හුස්ම වගේ , අපේ හදවත වගේ….

මගේ ජිවිතේ කවදාවත් ගෙවුණු එක තත්පරයක්වත් අමතක නොවන ට්‍රාසය පිරි ගිය ගමණක් ගැන අපි මැගසින් ඔස්සේ ඔයාලට අද මං අරන් එනවා….. ජිවිතේ පළවෙනි වතාවට මහා රෑ කැලයක් මැදින් ගමන් කල චාරිකාවක්… එ තමයි ශ්‍රිපාදයට යන්න තියන දුරම අමාරුම මාර්ගය ගැන… මෙි මාර්ගය ගැන මගේ ඔළුවට දැමිමෙි අශේන්  මුහුණු පොතින් මට මුණගැසුණු තවත් ආත්මීය මිත්‍රයෙක්…

සමන්දෙවිහාමුදුරුවනේගෙ පිහිටයි ආරක්ෂාවයි කියලා අපි දහා දෙනෙක් ගමන ගියෙ දින ගණනක් පේ වෙලා… සමන්දෙවිහාමුදුරුවනේගෙ අඬවිය , හාස්කමි පිරි අසිරිමත් භුමියක් , පාරාදිසයක්.. ඉතිං මෙි පාරාදීසයට යන්න මම මාතලෙන් පිටත් උනේ 2022/11/20 රෑ හතට. මාතලේන් මං කොළඹට ලගා වෙද්දි රාත්‍රි 11. 30, ඉතිං අපේ නඩෙි පිරිස දහා දෙනයි…. එ දහාදෙනාම එකම පලාතක අය නෙවෙයි.. එ නිසා කටිටියම වෙලාවක් වෙන්කරගෙන රත්නපුර නගරයට පාන්දරම එකතු උනා…. අපි හතර දෙනෙක් කොළඹින් පාන්දර 1.40ට පිටත් උනේ රත්නපුර හරහා මොණරාගල යන බස් රථයකින්. රත්නපුරෙට එද්දි පාන්දර 4.45යි.

රත්නපුරෙන් උදැසනම 6.20 තියන දෙහෙනකන්ද බස් රථයෙන් ගමන ආරම්භ කලේ සමන්දෙවිහාමුදුරුවන් සිහිකරගෙනමයි…. පාරාදිසයක් වගේ ලස්සන වටපිටාවක් පහු කරගෙන අපි ගමන ආරම්භ කලේ සුන්දර පරිසරය විදගෙන…. සිසිලස වගේම පිරිසිදු හුස්මක් ගන්න මෙි වගේ පැත්තකට යන්නම ඔින. ඇත්තටම ජිවිතය තියෙන්නේ එ වගේ තැන්වල…..

ඉතිං මුලින්ම මං මෙි ගැන කියන්න ඔින, ශ්‍රිපාද වන්දනාවෙි යන්න දෙහෙනකන්ද මුක්කුවත්ත කියන මෙි මාවත මුලින්ම හොයාගෙන තියෙන්නේ 1933දි. ඉතිං එ පාර හොයාගෙන තියෙන්නේ වෙඩික්කාර කන්කනමිගේ ඩිංගිරි කියලා තරුණයෙක් බවයි මට එ ගැන විස්තර හොයන් යද්දි දැනගන්න ලැබුණේ.. ඔහුත් එක්ක තව පස්දෙනෙක් මෙි ගමන ගිහින් තියනවා…

අපි දහාදෙනාම මෙි පාරේ යන පළමු වතාව. මගේ නමි පළවෙනි කදු නැග්ම… ශ්‍රිපාද මාර්ගය ආරම්භ වෙන දෙහෙනකන්ද තේවත්ත අසලින් අපි ගමන ආරමිභ කරලා කුඩා බුදුමැදුර ලගට ඇවිත් එතනින් පහලට ඇවිදගෙන යද්දි හමුවෙන බන්ටි එකෙන් අපි කීපදෙනෙක් උදැසනින්ම නාගත්තා…. සීතල පිරිසිදු වතුර , මුළු ඇගපතම හිරිවැටෙන තරමි එ සිතල වතුරට බැස්සාම වෙලාව ගතවෙනවා දැනෙන්නේ නැ. අපි කණ්ඩායම එතනින් නැවත පිටත් උනේ 11.15ට විතර… කැලේට ඇතුල් වෙද්දි කරන්න ඔින වතාවත් සිදුකලා අපේ නඩෙි චතුර මල්ලි…

හිතුවාට වඩා ගමන දුෂ්කරයි….. ඇත්තම කියනවා නමි හිතාගන්න බැරි තරමි මට මෙි ගමන දරාගන්නම අපහසු උනා මග දුරක් ඇවිදගෙන යද්දි…. අංශක අසුවක විතර බැවුමක් කිලොමිටර් 23ක් පමණ පැය 19ක් එක දිගට කන්දක් තරනය කරනවා කියන එක මං වගේ කෙනෙක්ට ලෙසි නැ…. යමි යමි අවස්ථාවන් වල හිතට නොදැණුනාම නොවෙයි මට මේ ගමන අවසන් කරන්න පුළුවන් වෙයිදැයි කියන සිතුවිල්ල.. එත් මගේ මිත්‍රයන් කිසිදු වෙලාවක මාව තනි නොකර මාව දරාගෙන මාවත් එක්කන් ඉහලට ආවෙි මගේ බැගය පවා ඔවුන් අරගෙන.. චානක, පැතුමි , සඳරු ,අංජලි මං ලගින්ම හිටියේ මගේ හිතටත් ශක්තියක් ගෙන දෙන ගමන්…

මාර්ගය අති දුෂ්කරයි… මහා විසාල ගස් හරහට වැටි දිරා ගොසින්… එ ගස් කොටන් මතට අඩිය තැබිම අනතුරුදායකයි… හිත බොහො සෙයින් බියට පත් කල දෙයක් මට සිදු උනා…. මාර්ගය සොයන් අපේ නඬයේ අනෙක් පිරිස පසු පස අපි ඇවිද ගියේ හුවක දුරක් තබාගෙන.. දැඩි මහන්සියත් සමග එක් තැනකදි කොටයක් මතට මා තැබු අඩිය කොටෙත් කඩාගෙන ගියේ මගේ වමි කකුල සමිපුර්ණ ගල් දෙකක් අතර සිර වෙද්දි…. එ මොහොතේ හිතට දැණුන බිය මෙතෙකයි කියා නිම කරන්න බෑ… මට මතක් උනේ මගේ මිතුරන් පමණයි… වාසනාවකට කකුල සිරිමක්වත් නොමැතිව මට ඉක්මනින් උඩට ගන්න හැකිවුනා.. මාත් සමග එ මොහොතේ සිටියෙ මගේ හිතට ධෛර්යය දෙමින් සඳරු මල්ලි පමණක් උවත් එ මොහොතේ පටන් අපේ නඩෙි පිරිසට අමතරව කවරෙක් හො අපේ පසු පස එන බව මට දැණුනේ හිතට තරමක සැණසිමක් එක්කමයි….

මෙි සමන්දෙවිහාමුදුරුවනේගෙ අඬවිය… උන්වහන්සේගේ භුමියට ඇතුල් වෙන කාටත් අනතුරක් සිදුවෙන්න නොදෙන බව බෞද්ධ අපි හොදාකාරවම දන්නා දෙයක්…. දන්නා විදිහට මෙි මාර්ගයේ බොහො දුරට ගමන් කරන්නේ කදු තරණය කරන තරුණයන් පමණයි…. ඉද හිට කාන්තාවන් ගියත් රැයක් එළිය වැටෙන තුරු එක දිගට ගමන් කල කිසිවෙක් පිළිබදව මෙි වන තෙක් අසා නොමැති තරමි…

මෙි යන ගමන අතරතුර නොයෙක් ශාක වර්ග වගේම අලංකාර මල් දැකගන්න පුළුවන්… හැබැයි එ වගේම අවදානයෙන් යන්න ඔින කරන තවත් කාරනයක් තමයි කුඩැල්ලො….. එ අය එන්නේ අපිව හොයාගෙන.. කන්ද ඉහළට නැග යද්දි මහා විසාල ගස් අහස උසට නැගී සිටින්නේ යොදයො වගේ.. පොළොව මටිටමෙි ඇති මහා විසාල ගස් වලට වඩා උසින් වැඩි මෙවැනි කදු වල ගස් උසින් බොහො සෙයින් වැඩියි….

විටෙක දුෂ්කර නැග්මක් තවත් විටක දුෂ්කර බැස්මක් එ වගේම ඇවිද යා හැකි ලෙස පහසු තැන්නක් විටින් විට හමු වෙනවා…. ගල් ගොඩැලි මතින් වගේම හරහා වැටි ඇති ගස් කදන් මතින් රිංගා යන්නට ඇති මාර්ගයක්…. එ විතරක් නෙවයි දිවි වාසුරුත් යන මග ඇත්තේ හරියට අපිට අනතුරු අගවන්න වගේ… අපි මෙි යන්නේ අවාරේ.. අවාරේ කෙසේ වෙතත් වාරේවත් මෙි මාර්ගයේ නමි කිසිවෙක් නිතර යන මඟක් නෙවෙයි…. තව මෙි ගුප්ත පරිසරයේ මද අදුරත් සමග ගල් ගුහා හමුවෙනවා අපිට…. එ වගේම කෙනෙක්ට බඩගාගෙන ගිය හැකි උමගක් දැකගන්න හැකියාව ලැබුණේ අහමිබෙන් වගේ… තව දුරක් ඇවිද යන විට එ පරිසරයට සුදුසු ලෙස කටාරම් කොටා ඇති ගල් ලෙනක් හමු වෙනවා අතරමග… ගමනේ පිටුපසින්ම පැමිණි මමත් සඳරු මල්ලිත් එ වෙතට යද්දි අපිව බලාපොරොත්තුවෙන් තවත් කිපදෙනෙක් එහි රැදි සිටියේ ඔවුන්ගේ විඩාව නිවා ගන්න ගෙනා කුඩා ආහාරද බුක්තිවිදින ගමන්….

මද වීවෙිකයක් ගත් අපි නැවතත් ගුහාව අසලින් වැටි ඇති වමි පසින් ඇති මාර්ගයෙන් හැරි ඉහලට නගින්න ආයෙත් පටන් ගත්තේ වෙලාවවත් මට නමි බලන්න මතකයට නොපැමිණි මොහොතක බව කිව යුතුයි… මට අවශ්‍ය උනේ තැනිතලා භූමියක් දැගන්න පමණක් උවත් ඉන් එහාටත් හමුවුවෙි නගින්න අපහසුම තවත් මාර්ගයක්.. ගස් වල මුල් වල එල්ලි තවත් විටක මගේ පා දිගු නොමැති නිසා දනහිස් වලින් දනාගෙන මෙි යන ගමනට මට වචනයෙන් පමණක් නොවෙයි ක්‍රියාවෙනුත් මට සහයවු ආදරණිය මිතුරන් මෙි මොහොතේ මං ගොඩක් ආදරයෙන් මතක් කරනවා… යම් විට මට එවැනි මිතුරන් මා සමග නොසිටියේ නමි මෙි ගමන දින ගණනක් මට ගෙවා දමන්න සිදුවෙනවා නොවනුමානයි….

කුඩා දිය කඩිති පහල තැනින් තැන තිබුනත් එතනින් ඉදිරියට කිලොමිටර් ගණනාවක් යන තෙක් දිය පාරක් නමි අපට හමුවුවෙි නැ… එත් එක් ස්ථානයක පිපාසය නිවා ගන්න ජමිබොල ගසක් අපිට හමුවුවා, සමන් දෙවියන් විසින් මෙි මාර්ගයේ පැමිණෙන උන්වහන්සේගේ බැතිමතුන්ට පිපාසය නිවා ගන්න ලබාදි ඇති බවක් තමයි මගේ නමි විස්වාසය… කුඩා ගල් ලෙනක් ඉදිරිපිට ඇති කදන් දෙකක් සහිත මෙි ජමිබොල ගස පමණයි මෙි අති දුෂ්කර කැලයේ මා දුටු එකම පළතුරු ගස.. ගස් නඟින්න හැකියාව ඇතත් මගේ මිත්‍රයන්ට විඩාව වැඩි නිසා නැඟ ගත නොහැකියි… එ නිසාම එක් ජමිබොල ගෙඩියක් කඩාගෙන එ අසල මද වෙලාවක් අපි ගිමන් හැරියේ ගල් ලෙන ගැනද විපරමි කරන ගමන්මයි…. ගල් ලෙනේ ඉහලින් ඝණ බදාමයක් දැකගත හැකියි.. මෙි කැලයේ හමු වෙන මෙවැනි ගුහා වල යමි විටක අතීතයේ රහතන්වහන්සෙලා වැඩ සිටින්නට ඇති බවයි මට නමි සිතෙන්නේ.. මෙවැනි ගල් ගුහා මෙි කැලයේ තව කොයිතරමි ඇතිදැයි සිතාගත නොහැකියි… ජමිබොල ගස අසලින් අපි විඩා නිවාගෙන ඉදිරියට ගමන් කලේ මාර්ගය තවත් එන්න එන්නම දුෂ්කර වෙද්දි… එ තරමට අපහසු මාර්ගයක්, 

තවත් බොහො දුරක් අසීරු ගමනක ගිය අපට හමුවුවෙි  අමිබලමක් තිබු බවට සාදක දැකගන්න පුළුවන් කුඩා වපසරියක්… සොමරත්න අමිබලම තිබු ස්ථානය එය වන්නට පුළුවන්…  පාදම සහිත කුඩා භූමියත් පසු කරගෙන මද දුරක් ගිය විට මුණගැසෙන්නේ භාතිය ⁣නමි දොලයි….. බොඩි දොල ලෙසට බොඩි එකක් ගසා තිබුණත් මෙය භාතිය දොල ලෙසටයි හදුන්වන්නේ… අපි එහි යන විටත් මද අදුර හතරවටින් ගලා එන්න පටන්ගෙන… ඉහල සිට දින ගණනක් පහලට බසින තිදෙනෙක් එහිදි අපිට මුණගැසුණේ ඔවුන් භාතිය දොල අසල කුඩාරමි ගසා රැය පහන් කරන්න සුදාණමි වෙද්දි… නමුත් අපි මෙි ගමන දිගටම යන්න පැමිණි පිරිසක්…. මෙි දෙත් කියන්නම අවශ්‍යයි මෙි මාර්ගයේ සිරිපා වන්දනාවෙි යනවා නමි කුඩාරමි ගසා නවාතැන් ගන්න බලාගෙනම ගමන පටන්ගන්න…

බඩගින්නක් මට නමි මගේ අහලකවත් නැති තරමි දැස් වල තිබුණේ කදුළු කැට විතරයි… මොහොතකට නොවෙයි සිය දහස් වාරයක් භාතිය දොල අසලින් ඉදිරියට ඇදෙන විට මට සිතුනේ අපට හමුවු අය සමග එහි සිටින්නටමයි… නමුත් මගේ පිරිස මට ඔවුන් මගහැර යා නොහැකියි…. භාතිය දොල පසු කරගෙන ඉදිරියට ඇවිද යද්දි නමි තෙරුමි ගියේ මෙි මාර්ගය නමි තවත් එන්න එන්නම දුෂ්කර වැඩි බවක් පමණයි ඉදිරියෙන් පිය නඟින කෙනාව නොපෙනෙන තරමට කැලේ, ඉහලින් වියන් බැදි විශාල ගස් වගේම පහලින් තවත් ඝණට වැවි ඇති පදුරු වන් ගස් මැදින් තවත් ඉදිරියට ගියේ සමන්දෙවිහාමුදුරුවන් සිතින් සිහිකරගෙනයි..

ඉන්පසු අපට හමුවුවෙි නාය ගිය තැනක්… අපි එ අසලට පැමිණෙන විටත් හවස පහ පසුවි ගිහින්… ඉහල සිට ගස් වැල් උදුරාගෙන නාය ගොස් ඇති සැටි දුටු මගේ හිතට දැනුනේ බියක්…. එය දුටු විටයි මෙි වන මැද නවතින්න සිතු අදහස මගෙන් ගිලිහි ගියේ…. අඳුර ගලාගෙන එන්නේ ඉතාමත් ඉක්මනින්….

තරමක පහසු මාර්ගයක් ඉන්පසු අපට හමුවුවෙි… ගමන් විස්තර දැන සිටි ලෙසට මිලගට හමුවෙන සුන්දර දිය ඇල්ලේ ගොසා හඬට සවන් යොමු කරගෙන තවත් කිලොමිටර් තුනක් හො හතරක් අපි අදුර මැදින් ඇවිද ගියේ විදුලිපන්දමි එළියෙන්… රාත්‍රිය උදාවෙලා.. මෙි මාර්ගයේ රැයක් පහන් නොකර රාත්‍රිය පුරාවට ඇවිද යන පළමු කණ්ඩායම අප විය හැකියි… මිට ප්‍රථම එසේ ගමන් කල කිසිවෙක් පිළිබදව අනාවරණයක් නමි නෑ….. කෙසේ නමුත් අපට මිලගට නමි හමුවුවෙි දල බැවුමක්… හිතට සහනයක් දැනුනා ඇතින් ඇසෙන ඝොසාවට….. දිය ඇල්ලේ හඬ.. දැසට දැක ගත හැකිවුවෙි ගස් කොළන් අතරින් තරු කැට පිරි අහසත් විදුලි පන්දමි එලිය වැටෙන ඉදිරියත් පමණයි..

මැණික් ගඟ , පැරඩයිස් ඇල්ල , ගම්මුන්ට අනුව මහවැලි ගඟ, හරියටම නම මොකක්දැයි නොදන්න දිය ඇල්ල අසලට පැමිණෙන විට රාත්‍රි 8ත් පසුවෙලා… අපි කීපදෙනා එහි යන විටත් අපේ අනෙක් පිරිස ගල් තලාවෙි අපි එනතුරු සීතලේ ගුලිවි නිදාගෙන සිටින අයුරු දුටු විට නමි මගේ හිතත් සසල උනා. එ තමයි අපේ අය , අපේම මිත්‍රත්වය…  එම ස්ථානයෙ මදක් ගිමන් හැරියේ අපේ පිරිසේ කීපදෙනෙක්ගේ සුන්දර ගී හඬෙන් සිත සුවපත් කරද්දි.. රාත්‍රි 11.30ට පමණ තමයි අපි ඇල්ල ලගින් ඉහලට නැවත ගමන ආරම්භ කලේ..  ඇල්ල ලග ඉදන් තවත් කිලොමිටර් 5 පමණ දුරක් රත්නපුර පාර හමුවීමට ගමන් කිරීමට අපට මෙි රාත්‍රියෙ සිදුවෙනවා….

ආයෙත් තිබුණේ අසීරුම නැග්මක් වගේම තරමක තැන්නක්… කෙසේ හො අපේ උත්සාහය ඉර උදාවට ප්‍රථම උඩ මළුවට යා ගන්නයි… හිමිදිරි පාන්ද 5.15 පමණ වෙද්දි අපි රත්නපුර පාරට ලගා උනේ ගමනේදි විදි වෙිදනාවන් සියල්ල සමනොළ කන්දෙන් හමා එන සිසිල් සුලගට ගසාගෙන යද්දි… ඇත්තෙන්ම පැය දහානමයකට අදික කාලයක් එක දිගට පැමිණි ගමනේ ගමනාන්තය දුටු විට හිතට දැනෙන හැගීම මෙතෙකයි කියන්න බෑ…. එ හැගීම මගෙන් පිට උනේ කදු කැට වලින්…

අවදානමි ගමණක්… විශේෂයෙන් රාත්‍රි කාලයේ… කැලැ සතුන් සිටින කැලයක…. දුටුවෙි දිවි වාසුරු පමණයි… නමුත් මෙි හාස්කමක් පිරි භුමියේ අත්විදි අත්දැකීමි නමි බොහොමයි…. එ ගැන මතකෙට පැමිණෙන විටත් හිතට දැනෙන හැගීම විස්තර කරන්න අපහසුයි…. අහලා ඇතිනේ සමන්දෙවිහාමුදුරුවනේගෙ අඩවියට එන බැතිමතුන්ව උන්වහන්සේ ආරක්ෂා කරන බව..

     මාත් එක්ක මෙි ගමන ගියේ අංජලි , චානක , අශේන්, පැතුමි, අයේෂ් , සඳරු , චතුර, මිලින්ද , සුපුන් යන අපි දහාදෙනා, කටුක උවත් සුන්දර ගමණක් එසේ නිමා කලා අපි… මෙි දේ මම මෙහි සටහන් කල යුතුමයි… මෙි මිත්‍රයන් මම හදුනාගත්තේ ෆේස්බුක් එකෙන්.. ඉතිං මං දකින විදිහට ෆේස්බුක් කියන්නේ මිත්‍රත්වය වැඩිපුරම තියන තැනක්… එවගේම කියන්නම ඔින දෙයක් තමයි දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙන් අසනීප තියන අය යන්න එපා.. එ වගේම එ යන පරිසරය සුරකින්න.. රැගෙන යන කිසිම දෙයක් එහි දමා නමි එන්න එපා.. තමන්ගේ කුණු තමන් ලගම තියාගන්න.. රකින්න පරිසරය… සමනොළ අඩවිය සංවෙිදි පරිසර පද්දතියක්… අපේ හදවත වගේම…

මට මෙි ලිපියට අවශ්‍ය ඦායාරුප ලබා දුන්නේ අපේ කණ්ඩායමෙි අයෙෂ් මදුරංග මල්ලිත් සඳරු හසරංග මල්ලිත් දෙදෙනා.. අපි මෙි ගමන නිමා කලේ හැටන් පාරෙන් නල්ලතන්නියට ඇවිත්. ඉතිං අවසාන වශයෙන් කියන්න ඔින…. දකින්න විදින්න තියන දේ බොහොමයි… මගේ එකම හීනයත් මැරෙන්න කලින් ලංකාවෙි භාගයක් හො ඇවිදින එක පමණයි…. ජිවිතයට අර්ථයක් තිබිය යුතුයි.. එ අර්තවත් ජිවිතයට වටිනාකමක් එන්නේ හොද මිතුරන් එකතුවු විටයි… ඉතිං අවසාන වශයෙන් නැවතත් මගේ ආදරණිය මිත්‍රයන්ට මම ගොඩක් ආදරෙයි කියනවා… එ වගේමයි මෙි දෙසැම්බර් මසේ උදුවප් පොහොයෙන් ආරම්භ වෙන සිරිපා වාරයේ එ මාර්ගයෙන් කරුණාකරන්න කාට කාටත් වාසනාවක් ශක්තියක් ලැබෙිවා.. යන්න විදින්න එ අත්දැකීම.. එ පරිසරයත් සුරකින්න වගබලා ගන්න…

නිසංසලා රණසිංහ 

හදිස්සි වෙන්න එපා..

(ආකර්ෂණයයි , ප්‍රේමයයි , විවාහයයි )

උදේට නැගිටිනවා , කනවා , බොනවා , ඔෆිස් යනවා , ජීවිතේ ලොකු වෙනසක් නැතුව හැමදාම පුරුදු විදිහටම ගෙවිලා යනවා නේද ?

කිසිම  වෙනසක් නැහැ, හරිම ඒකාකාරියි  කියල හිතුනට ,

අවුද්දකට දෙකකට කලින් හිටපු ඔයයි අද , මේ මොහොතේ ඉන්න ඔයයි එක සමානමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ,  

දවස සාමාන්‍ය විදිහට ගෙවුනට  පස්ස හැරිලා බලද්දී අපිටත් නොදැනී අපි ගොඩක්  වෙනස් වෙලා , අපේ ජීවිත වෙනස් වෙලා , එදා  කැමති දේවල් වලට අද අකමැති වෙලා , එදා අකමැති දේවල් වලට අද කැමති වෙලා ,සමහර දේවල් ඇයි කලේ කියලා දුක හිතෙනවා වගේම තවත් සමහර දේවල් නොකළේ ඇයි කියලා පසුතැවෙනවා , කවදා කොහොම වෙනස් උනාද කියලා නොදන්නවා උනාට කාලයත් එක්ක අපිටත් නොදැනී  අපි වෙනස් වෙලා ..

 ජීවිතේ හැටි එහෙම තමයි ඒකට ,අත්දැකීම් , පළපුරුද්ද , පරිණතවීම , අවබෝධය , වයස ඔය මොකක් හරි  ඔයා කැමති වචනයක් දාගන්න .

මේ කතාවත් ඒ වගේ ,

යන්තන් අවුරුදු 14 ක් 15ක් වෙලා  ජීවිතේට පය තියනකොට අපිට ඉතින් අමුතු අමුතු හැඟීම් දැනෙන්න ගන්නවා , ජෙල් නාපු කොණ්ඩයක් , ඝනකම් රැවුලක් , ගිටාර් එකක් ගහන  අත්දෙකක් , වල ගැහෙන කම්මුලක් දැක්කත් ඇති කොල්ලෙක්ට හිත යන්න , කොල්ලොත් එහෙමයි , දත් ටිකක් , හිනාවක් , එක බැල්මක් ඇති කෙල්ලෙකුට හිත යන්න , ඉතින් ඒ වෙලේ ඉඳලා තමන් තමයි සත්‍ය ප්‍රේම භුංග රාජයා කියලා හිතලා තමයි අපි හැසිරෙන්නේ , ඔය අතරේ ශාරුක් කාන් ගේ රොමැන්ටික් මූවි එකක් බලපු ගමන් අර CRUSH එක කැලේ , එදා ඉඳන් ඉතින් ශාරුක් කාන් තමයි සිහින කුමාරයා , තව දවසකින් දෙකකින් ගමේ සංගීතේ බලන්න ගිහින් ඒකෙ KEY  BOARD ගහපු කොන්ඩ කුරුල්ලා දැක්ක ගමන් ශාරුක් කානුත් පට ගාල   DIVORCE, ඔහොම කී දෙනෙකුට කියල  crush වෙලා ඇතිද ?  

සමහරු ඕකට  ආදරේ ආදරේ කියලා හිතාගෙන රැවටුනාට ඒ  ආදරේ නෙමෙයි ඒකට කියන්නෙ  ආකර්ෂණය , 

දැනෙන වෙලාවට පපුව සිදුරු කරගෙන ගියාට , ආකර්ෂණය කියන්නේ හරිම තාවකාලික හැඟීමක් විතරයි .ඒක ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඇති වෙන්න පුළුවන් වගේම ඕනෑම මොහොතක නැති වෙලා ශුන්‍ය වෙලා යන්නත් පුළුවන් , ආකර්ෂණය ආදරය කියලා හිතාගෙන ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගිහින් සැනසුන සෙට් එකට වඩා වැනසුණ සෙට් එක තමයි වැඩි .

එතකොට මොකද්ද ඔය ආදරේ කියන්නේ ?? චන්දන ලියනආරච්චිත් ඕක  සෑහෙන්න හොයලා තිබ්බා , අන්තිමට , එනමුදු ප්‍රේමය

කිමැයි කියා හඳුනා ගත් කිසි කෙනෙකු නැති ..කියල හිත හදාගත්තා ..

ආදරේ කියන්නේ ආකර්ෂණයට එහා ගියපු හරි  අමුතු එකක් , ආකර්ෂණය දැනෙන්න මූණ,හිනාව , කතාව වගේ එක එක හේතු තිබ්බට ආදරේ දැනෙන්න එහෙම හේතු නැහැ , දත් නැති , ඇස් පෙන්නේ නැති , කෙනෙක් ගැන  උනත් ආදරේ කියන දේ දැනෙන්නේ පුළුවන්, දැන් කාලේ ඉන්න ගොබිලෝ , මාව බැන්දේ නැත්තම් මරනවා , ගිනි තියනවා , විනාශ කරනවා , කියලා ලතෝනි දුන්නට ආදරේ කියන්නේ තණ්හාවෙන්  බදා ගන්න එකට නම්  නෙමෙයි , අනිත් පාර්ශවය කැමති උනත් , අකමැති උනත් , ලැබුනත් නොලැබුනත් , ඒ කෙනා කෙරෙහි ඇතිවන පහන් හැඟීම , ඒ කෙනාගේ සතුට දිහා බලාගෙන සතුටු වෙන එක තමයි මම දන්න විදිහට  ආදරේ කියන්නේ , 

එතකොට විවාහය , 

එහෙන් මෙහෙන් වයර් ඇදලා අපි  විවාහය කියන එක ප්‍රේමය එක්ක සම්බන්ධ කරන්න හැදුවට , ඒ දෙකේ ඒ හැටි ලොකුම ලොකු  සම්බන්ධයක් නැහැ , ගොඩක් වෙලාවට  විවාහය කියන්නේ ප්‍රේමයේ මළගෙදර , ආදරේ උපරිමයට ගිහින් බැඳලා ,බැන්ද දවසේ ඉඳන් ප්‍රේම කරනවා වෙනුවට ගොඩක් උන් කරන්නේ කා කොටා ගෙන වයිර කරන එක , 

ප්‍රේමය ලොකු කරගෙන කසාද බැන්දට ඇත්තටම කසාද ජීවිතේට ප්‍රේමය විතරක් තිබිලා මදි , අවබෝධය , කැපවීම , ඉවසීම , දරාගැනීම මේ ඔක්කොම ටික  ඕන , ඒ ඔක්කොටම වැඩියෙන් යථා ස්වභාවයට එකඟ වෙන්න පුළුවන් වෙන්න ඕනේ , යාලු වෙලා ඉන්න කාලේ පෙරුම් පුරලා හම්බෙන්න එන කොට තියන හොඳම ඇඳුම ඇඳගෙන ගෙදර තියන ඔක්කොම සුවඳ ගාගෙන රැස් විහිදගෙන හිටියට , එක ගෙදර ජීවත් වෙනකොට දත් නොමැදපු , කොන්ඩේ  ගෙඩියක් බැඳගත්ත , රැවුල කපපු නැති ආදරේ දකිනකොට , අප්පිරියා හිතෙනවනම් , තරහ එනවනම් අපෝ මන් ආදරේ කලේ මූටද කියල හිතෙනවනම් ඒ කියන්නේ එකිනෙකාගේ යථා  ස්වභාවය දරාගන්න බැරි නම් ඒ විවාහය එකෙන්ම ෆේල් , ආදරේ ආදරේ කියලා අනිත් හැමදේම සතේකට වත් ගණන් නොගෙන  බැඳගත්තට මාසෙකින් දෙකකින් කසාදෙ කියන එකේ තියන අර  අමුතු මොරාල් එකේ උපයෝගිතාවය හීන වෙලා , ගෙවල් දොරවල් , කාර් බාර් , සල්ලි , රත්තරන් බඩු ඉස්සරහට එනවා , කොටින්ම කිව්වොත් අපේ දෙමව්පියෝ ගහපු ගේම ටම ම අපිටත් enter වෙන්න  වෙනවා , පාරේ බස් එකේ යන්න පුරුදු නැතිම  කෙනෙක් ආදරේ නිසා ෆුට් බයිසිකලයක් වත් නැති කෙනෙක්ව බැන්දා කියන්නකෝ , ටික දවසකින් එක්කෝ කෙල්ල තීරණය කරනවා බස් එකේ යනවද  නැත්තම් එපා වෙලා කොල්ලව දාලා ආයේ ගෙදර යනවද කියල  , කෙල්ලගේ කොන්ඩෙ දිග හින්දා හම සුදු හින්දා ආදරේ කරලා උයන්න බැරිනම්  බඩගින්නේ ඉමු කියලා බැඳගත්ත්ට දවස් දෙක තුනක් ගියාම කොන්ඩෙ දැක්කා කියලා බඩ පිරෙන්නේ නැහැ කියලා තේරුනාම එක්කෝ ගෑණිට උයන්න ඉගනගන්න කියලා රණ්ඩු වෙනවා  වෙනවා නැත්තම් පිටින් කන්න පුරුදු වෙනවා ,එහෙමත් නැත්තම් බඩගින්න දරාගන්න හුරුවෙන්න වෙනවා , ඉතින් ඔය සාස්තරේ දන්නැති තැන් වල   ආදරේ පැදුරටත් නොකියා හොරෙන්ම යනවා , යනවා කිව්වට හිමින් යනවා නෙමෙයි දුවනවා …

අන්න ඒ නිසා තමයි කියන්නේ විවාහය කියන්නෙ ප්‍රේමය කියන කෑල්ල  විතරක්ම  නෙමෙයි කියලා ,

ආදරේ මේක , ආකර්ෂණය මේක , විවාහය මේක කියල  පොත් ලියලා කිව්වත් කිරි කජු කෙල්ලෝ කොල්ලන්ට ආදරේ , ආකර්ෂණය , විවාහය කියන්නේ එකක් නෙමෙයි තුනක් කියලා තේරෙන්නේ නැහැ , ඕකුන් ඒක තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නැහැ , මොකද අම්මා තාත්තාගෙන් කාලා බීලා ලව් කරන කාලේ වෙන බරපතල වැඩ මුකුත්  නැහැනේ , ඒ නිසා උන් ජීවිතේ කියල හිතන්නෙ  උන්ට දැනෙන දේ විතරයි , හැබැයි වයසින් මුහුකුරා ගිහින් අත්දැකීම් ලබලා ජීවිතේ ටික දුරක් යනකොට , තමන්ම හම්බකරලා ජීවිතේ කියන ගේම් එකට එන්ටර් උනහම තමයි නියම ආදරය ආකර්ෂණය කියන දෙක වෙන් කරලා අඳුරගෙන  විවාහ වෙන්න ඕනේ කොයි වගේ කෙනෙක්වද කියලා හරියටම තේරෙන්න පටන්  ගන්නේ , 

අන්න ඒ නිසා තමයි , විවාහ වෙන්න වයසක් නැහැ කියල කියන්නේ , තමන්ට ජීවිතේ හරියට දැනෙන්නේ 25  දීද 30 දීද 50 දීද එදාට තමයි විවාහ වෙන්න ඕනේ , එතන ආදරේ තිබුනොත් ඒක ගොඩක් ලේසියි වගේම  පහසුයි , හැබැයි ආදරේ තිබිලා අනිත් හැමදේම නැත්තම් ඒක අමාරුයි , ආදරේ නැතුව අනිත් හැමදේම තිබ්බත් ඒත් ඉතින් ලේසි නැහැ ,

ඔන්න ඕක හරියටම තේරුම් බේරුම් ගන්න පුළුවන් වෙන්නේ අඩුම ගානේ ජීවිතේ දශක දෙක හමාරක්වත් ගියාට පස්සේ තමයි , ඒක නිසා තමයි , 18 ට වැඩි අයට කසාද බඳින්න නීතියෙන් අවසර තිබ්බත් ඒ වයසෙන්  කසාද බඳින එක මෝඩකමක් කියලා කියන්නේ ,

මොකද අවුරුදු 18 දී 20දී අතින් අල්ලාගෙන තුරුල් කරගෙන ඉන්න එක තමයි ආදරේ කියලා හිතුවට  ඇත්තම තත්වේ තේරෙන්න තව ටිකක් කල් යනවා , ඒත් ඒ වෙනකොට පොතක අත්සන් කරලා නීතියට කොටු වෙලා ඉවරයි නම් ඉතින් සොරිම තමයි , ඒ කියන්නේ බොහෝ විට  ජීවිතේ පැටලිලා ඉවරයි ..

ආකර්ෂණය කියන්නේ එකක් , ආදරය කියන්නේ වෙන එකක් , විවාහය කියන්නේ වෙනම එකක් , ඔය තුන එකයි කියල ඔයාට හිතුනට , ඔය තුනේ වෙනස හරියට තිතටම තේරෙන්න නම් ඔයා ජීවිතේ දශක දෙකක් වත් ඉවර කරන්නම ඕනේ , ඒ නිසා ඉක්මනට පවුල් වෙලා ජීවිතේ  අවුල් කරගන්න  හදිස්සි වෙන්න එපා , 

බැඳෙන්න කලින් ,  බඳින්න කලින් , තවත් තව තවත් හිතන්න , ඉක්මනට බැඳෙන ඒවා හරිම ඉක්මනට බිඳෙනවා ඒකයි ..

පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා කිව්වට  ජීවිතේ හරිම තැන අහුවෙන්නෙ කොහොමත් ටිකක් පහුවෙලා,එතකන් අහු නොවී ඉන්න එක තමයි වෙන්න ඕනේ ..

Anisha