පරිසර පද්ධති අනුව සමනලයින්ගේ වයාප්තතිය.

 

ශ්‍රී ලංකාවේ දැනට සමනල විශේෂ කිහිපයක් වාර්තා වන අතර ඉන් ලංකාවට ආවේනික වේ වමාවුන් පරිසරය ජය ගැනීම සඳහා වනාවයකුත් අනුවර්තන රීර හැඩ ගැසීම් වලට කාලයයක් තිසේසවසේ භාජනය වී ඇත වමම දිවයිවන් සමනලුන් සෑම පරිසර පද්ධතියකම ජීවත් වන අතර ආවේනික සමනල විශේෂ   න් ව ාවහෝ දුරට වතත් කලාපවේ සහ මධයම කදුකරවේ ජීවත් වේ

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති පිළි ද විමසීවම්දි එය පද්දති කලාප කට ව දා වවන් කල හැක

  • පහත රට වතත් කලාපය
  • වියලි කලාපය
  • උතුරු කලාපය
  • මධයම කදුකරය
  • අතර මැදි කලාපය

වමම කලාප වල වනාවයක් ආකාරවේ පරිසර පද්දති ගනනාවක් දැක ගත හැක එනම්

  • වතත් සදාහරිත නිවර්තන වැසි වනාන්තර
  • කටු පුඳුරු සහ ලඳු කෑලැ
  • විල්ලලු
  • කලපු සහ වනාවයකුත් වතත් බිම්

මෙම එක් එක් පරිසර පද්ධති වල ඇති ගුණාංග මුල්ල කරවගන ශ්‍රී ලංකාවේ සමනලුන්වග වයාප්තතිය පහත අයුරින් පෙන්විය හැක

 පහත රට ගතත් කලාපය

ශ්‍රී ලංකාවට ආවේනික ව ාවහෝමයක් සමනල විශේෂ මෙම කලාපවයන් හමුවේ. වමාවුන්ව වසර මුළුල්ලවල්ලම දැක ගත හැකි වන අතර මැයි සිට ජූලි දක්වා ලැව න අධික වර් ාව වහේතුවවන් මදක් අඩු සමනල ගහනයක් පෙන්වූවත්, වමම කාල වලදී දුලභ සහ වනාන්තර වල පමණක් හමුවන විශේෂ වල ගහනවේ වැඩිවීමක් වපන්වයි.

පහත රට වතත් කාපවේ දක්නට ලැබෙන සමනල විශේෂ –

වර්ශා වනාන්තර

Sri Lanka Birdwing, Sri Lanka Rose, Sri Lanka Tree-nymph, Sri Lanka Blue Oak Leaf, Sri Lanka Forester, Brown Onyx, Banded Red Eye, Malabar Flash

  • සිංහරාජ රක්ෂිත වනාන්තරය
  • කන්වනලිය රක්ෂිත වනය
  • අත්වැල්ලවතාට (වමාරපිටිය-රූණකන්ද රක්ෂිත)
  • වදාඹගසේකන්ද (ව ෝධිනාගල)
  • මාකන්දාව රක්ෂිත වනය

වියලි කලාපය

වමම කලාපවේ වඩාත් දැකගත හැක්වක් ඉර එළියට වඩාත් ප්‍රිය කරන සමනල විශේෂයි. තවද, ලංකාවට ආවේනික සමනලුන්වගන් සුළු පිරිසක් වමම කලාපවේ දැක ගත හැකි වේ. වමම කාපවේ ඇති විව ේෂ ලක්ෂණයක් වනුවේ වසර පුරා දැක ගත හැකි සමනල ගහනවේ වවනසේකම්ය. ඊසාන දිග වමෝසම් වර් ාවත් සමඟ  ාක වල දළු දැමීම ආරම්භ කරයි. එවිට වමම කලාපවේ සිටින සමනලුන් බිත්තර දැමීම ආරම්භ කරයි. පසුව වමාවුන් ඉක්මනින් වර්ධනය වී වප රවාරි මාසවේදි සංක්‍රමණය කිරීම අරභයි.

ඉන් පසුව වමාවුන්වේ ගහනවේ අඩුවක් දක්නට ලැව න අතර, අවේල්ල මාසවේ සංවහන වර් ා වහේතුවවන් නැවතත් සමනල ගහනවේ වර්ධනයක් වපන්වා අවගෝසේතු සිට සැප්තතැම් ර් දක්වා වමාවුන්වේ වර්ධනය ඊතා අඩු මට්ටමක් ගනී.

වියලි කලාපවේ දැකගත හැකි සමනල විශේෂ –

White Orange Tip, Blue Pansy, Pioneer, Grizzled Skipper, Black Rajah, Bush Hopper, Common Bushbrown

වියලි කලාපීය පරිසර පද්ධති

  • සීගිරිය
  • දිඹුළාගල
  • ආනවිලුන්දාව

අතර මැදි කලාපය

වමම පරිසර කලාපවේ වතත් හා වියලි වද් ගුණ තත්ව වදකම දැක ගත හැකි වේ. වමය වහේතුවවන් අවනකුත් කලාප වලට සීමා වු සමනල විව ේෂ හැර ව ාවහෝමයක් සමනල විව ේස වමම කලාපවේ දැක ගත හැකි වේ. වමම කලාපවේ සමනල ගහනය වර්ධනය ජුනි වහෝ ජූලි මාස වලට වපර වහෝ ඔක්වතෝ ර් මාසයට පසුව දැක ගත හැක.

අතර මැදි කලාපවේ හමුවන සමනල විශේෂ –

Sri Lanka Tiger, Sri Lanka Treebrown, Common Dart, Common Gull, Rare Ace, Dark Blue Tiger, Dark Wanderer

අතර මැදි කලාපවේ පරිසර පද්ධති

  • නකල්ලසේ රක්ිතය
  • හල්ලදුමුල්ලල සිට වැල්ලලවාය
  • නිල්ලගල

උතුරු කලාපය

වමම කලාපවේ වියලි කලාපවේ සිටින සමනල විශේෂ ම දැකගත හැකි වේ. වමහිද වියලි කලාපය වමන්ම එම වකවානු තුලම සමනලුන් බිත්තර දැමීම සිදු කරයි. එය වප රවාරි මාසවේ ආරම්භ වන අතර ඉක්මනින් අවසාන වේ.

උතුරු කලාපවේ හමුවන සමනල විශේෂ –

Joker, Angled Caster, Common Caster, Crimson Tip, Plain Orange Tip, Yellow Pansy

උතුරු කලාපීය පරිසර පද්ධති

  • අරිප්තපු
  • ඉරණමඩු

සැකසුම – හිරුණි දැරණියගල ඡායාරූප අන්තර්ජාලය ඇසුවරනි

කුරුලු පැටියාට අලුත් පාඩමක්

පුංචි දුවලා පුතාලා ,ඔන්න අද කියන්න යන්නෙ කුරුලු පැටියෙක් ගැන කතාවක්.

කුරුලු පැටියා රවුමක් පියාඹලා එන්න කියලා හිතන් කැලෑව ඇතුලට ගියා.ටික ටික කැලෑව තුලට පියඹා යන විට , ඇහුනා අමුතු   ශබ්දයක් . මොකක්ද ඒ හඬ හරිම බය හිතෙන ශබ්දයක් .

කුරුලු පැටියා හඬ එන දෙසට පියඹලා ඇවිත්, ගසක උස අත්තකින් ඉඳ ගත්තා . කවුද මෙහෙම කෑ ගහන්නෙ.. වට පිට හොඳින් පරික්ෂා කර බැලුවා .

අහ්.. අන්න ඉන්නවා හරිම ලස්සන දිලිසෙන පිහාටු තියන, ලොකු කුරුල්ලෙක්.

දුවලා පුතාලා දන්නවාද කවුද ඒ කියලා ..

කුරුලු පැටියා දක්කේ ලස්සන පිල් විදහාගෙන ඉන්න මොනරෙක්ව.

කුරුලු පැටියා හෙමින් මොනර රාළ ලඟට කිට්ටු වුණා .

“යාලුවේ .. ඔබ හරිම ලස්සනයි . මේ දිලිසෙන පිහාටු හරිම අලංකාරයී.. මම වගේ කුඩා කුරුල්ලෙක් නෙවෙයි.ඔබ විශාලයි.” කුරුලු පැටියා කිව්වා.

පිල් විදහාගෙන හරිම ආඩම්බරයෙන් ඉන්න මොනර රාළට ඉතින් හරිම සතුටු හිතුනා, පුංචි කුරුලු පැටියගෙ මේ වර්ණනාවට.

“බොහොම ස්තුතියි ඔබ මේ කරපු වර්ණනාවට. ඔබත් හරිම ලස්සන පුංචි කුරුලු පැටියෙක්”. මොනර රාළ කිව්වා.

“ඒත් මට ඔබට වගේ ලස්සන දිලිසෙන පිහාටු නෑනේ.” කුරුලු පැටියා දුකෙන් කිව්වා .

“කුරුලු පැටියො.. අපි හමෝම එක වගේ නෙවෙයි .හැමෝම විවිධාකාරයි. ඒ වගේම අපි හැමෝම විශේෂයී. ලස්සනයි . කුරුලු පැටියාට තියන ලස්සන පුංචි පිහාටු හරිම ලස්සනයි . කුඩා නිසා ඉකමනින් පටු ගස් අතු ඉති මඟින් පියඹා යන්නත් පුලුවන් . ඉතින් ඔබ එයට සතුටු වෙන්න ඕන.

ඒ වගේම ස්තූති වන්ත වෙන්න ඕනා.” මොනර රාළ කුරුලු පැටියාට පැහැදිලිකර දුන්නා .

නැවතත් හමු වෙන පොරොන්දුව පිට කුරුලු පැටියා මොනර රාළට සමු දුන්නා .ඒ වගේම ස්තූති කලා .. අපිට තියන, හැම දෙයකටම ස්තූති වන්ත වෙන්න වගේම ඒ ගැන සතුටු වෙන්නත් කියලා දුන්න නිසා.

කුරුලු පැටියා වෙනදාටත් වඩා සතුටෙන් තම කූඩුව වෙත පියඹා ගියා .

මගේ පුංචි දුවලා පුතාලාත් තම තමන්ගෙ පෙනුම ,හැකයාවන් සහ තමන් ගැන සතුටු වෙන්න. අපි හැම දෙනෙක්ම හරිම විශේෂයී .අපට නැති දෙයට වඩා අපිට තිබෙන දෙයට ස්තූති වන්ත වෙන්න පුරුදු වෙමු, නේද දරුවනේ.

නැවතත් අලුත් කතවක් එක්ක ඔයාලා හමු වෙන්න එනකම් සතුටින් ඉන්න .

තිලෝෂි ප්‍රනාන්දු .

සඳ කිරණ විඳිමී….

සඳ කිරණ විඳිමී….

සාවුන් ගැන සොයන්නට නොයමි

ආවාට දැක සිත

රිදව ගන්නට නොහැකියි…..

මලේ රුව විඳිමී…

නටුව ගැන සොයන්නට නොයමි

විස පිරුණු කටුව

දකින්නට නොහැකියි….

ගඟ සිසිල විඳිමී…

ගලන ඉම සොයන්නට නොයමි

අයිතිය මුහුදට බව

සිතන්නට නොහැකියි…

නුඹට පෙම් කරමී…

නුඹේ තතු සොයන්නට නොයමි

හිත රිදෙන දේ ගැන

අසන්නට නොහැකියි…

සුරේඛා 

Crispy Authentic Falafel

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල ග්‍රෑම් දෙසීයක්  පොඩියට කපාගත් ලූනු ගෙඩියක්

සුදුළූණු බික් දෙක තුනක් පාර්ස්ලි ඉතිං තුන හතරක් coriender කොළ ස්වල්පයක් ලුණු තේ හැඳි එකහමාරක් ගම්මිරිස් තේ හැදි එකක් බේකිං සෝඩා තේ හැඳි එකක් සූදුරු කුඩු මේස හැඳි එකක්

කොත්තමල්ලි කුඩු තේ හැදි එකක්

මිරිස් කුඩු තේ හැදි බාගයක් පාම් පිටි මේස හැඳි දෙක තුනක්

දෙහි යුෂ මේස හැදි දෙකක් බැද ගැනීමට අවශ්‍ය තේල් ටිකක් ප්‍රමාණයක්

සදා ගන්නා ආකාරය

 කඩල ටික වතුරට දමා දවසක් පෙඟෙන්න තබන්න. නැත්නම් කඩල ටික පැය දෙක තුනක් පමණ බේකින් සෝඩා සමග තම්බා හොඳින් තම්බා වතුර නැතිවුන තුරු පෙරන්න තබන්න. ඉන් පසුව සියලුම ද්‍රව්‍ය ටික food food processor එකට දමා විනාඩි හතරක් පහක් හොඳින් මිශ්‍ර කරගන්න. මෙය ඝන තලපයක් වූ පසු එළියට ගන්න. ගැඹුරු තෙලේ බදිනවනම් රවුම් බෝල ආකාරයට හෝ මධ්‍යම තෙල් ප්‍රමාණයක බදිනවනම් රවුම් පැතලි ආකාරයට සාදා ගන්න ඉන්පසුව  180°c රත් වූ පසු තෙල් භාජනයට දමා  විනාඩි හතර පහක් පමණ බැදගන්න. එළියට ගෙන  බේරෙන්න තබන්න. මෙය වෙජිටේරියන් සහ වීගන් ආහාරයක් වන අතර ාන් පිටි සහ බේකින් සෝඩ නොදා හැදුවා නම් මෙය gluten ෆ්‍රී වර්ගයේ කෑමක් ලෙස ගත හැක. Falafei Sandwich ඉතාම ප්‍රසිද්ධ ආහාරයක් වන අතර එය සාදා ගැනීමට

Pita පාන් ගෙඩියක් ගෙන  එයට hummous ටිකක් හැඳෙන ගා පෙති කපාගත් තක්කාලි, සිහින්ව කපාගත් ලූණු, Falafel තුන හතරක්, සලාද කොළ  දමා ඉතාම රසවත් සැන්විච් එකක් ආකාරයට ආහාරයට ගත හැක. උතුරු අප්‍රිකාවේ සිට මධ්‍ය මාසය දක්වා සියලුම රටවල ඉතා ප්‍රසිද්ධ ආහාරයක් වන අතර මේ දැන් මුළු ලෝකය පුරාම තා ඉක්මණින් ප්‍රසිද්ධියට පත් වූවක්

Manoj Fernando