Q20 with අමා

මෙම දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි සහ සින්ටෝ ටෙලිනාට්‍යය ද්ව්ත්වය තුලින් පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන විවිධ ස්වරූපයේ චරිතයන් අතර තම රංගන කෞෂල්‍ය ශුක්ෂමව හසුරවමින් ප්‍රේක්ෂක සිත් තුල මතක සටහන් එකතු කල නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පි චතුර රාජපක්ෂ සමග Q20 with අමා ආරම්භක සොදුරු කතා බහ…

1. නිවාඩු දවසට යන්න ආසම තැන
මුහුද පෙනෙන තැනකට

2. ඔබ අදින්න කැමති විදිය
මගේ විදියට

3. ඔබ කැමතිම කෑම වර්ගය
පලතුරු

4. ඔබ ව්‍යායාම කරන කෙනෙක්ද
ඔව්

5. ඔබට කතා කිරිමට හැකි භාෂාවන්
සිංහල, දෙමළ, ඉංග්‍රීසි

6. මෙම දිනවල ඔබ මුමුණන ගීතය
චරිත අතලගේ ගයන ගලන ගග

7. ඔබ ආදරය ලබන කෙනෙක්ද
ඔව් ආදරය ලබන කෙනෙක්

8. ඔබ කේන්ති යන කෙනෙක්ද
කේන්ති යනවා

9. ලෝකයේ කොහේ හිටියත් ඔබට අමතක නොවන කෙනෙක්
අමතක නොවන කෙනෙක් ඉන්නවා

10. දිනපතා පූරුද්දක් ලෙස කරන දෙයක්
දුරකථනය අතට ගන්නවා

11. ඔබ ගාව නිතරම තියන දෙයක්
මගේ හිනාව

12. ඔබ නැවත කියවන්න කැමති පොතක්
මක්සිම් ගොර්කිගේ “අම්මා”

13. ඔබ දුරකථනයෙන් වැඩිපුරම අමතන ඔහු හෝ ඇය
අම්මා

14. ඔබ නිතර භාවිතා කරන සමාජ මාධ්‍ය අවකාශය

Instagram

15. ඔබේ දුරකථනයෙහි දවසක screen time පැය ගණන
දන්නේ නැහැ

16. Me time ගැන ඔබේ අදහස
මට අදාල නැහැ

17. ඔබ අධ්‍යනයෙහි යෙදෙන්න හිතන දෙයක්
චෙස්

18. ප්‍රේක්ෂකයන් ඔබ ගැන නොදන්නා දෙයක්
මට හිතා ගන්න බෑ

19. සමාජයට ඔබෙන් ආදර්ශයක්
අත් හරින්න එපා. උත්සාහ කරන්න. කවදා හරි දවසක ජය ගන්න.

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක්
ඔබව විශ්වාස කරන්න

අමා නාකන්දලගේ

2025 දී අලුත් වෙනසකින්, සාර්ථක ගමනක් යමු

2024 වසර අවසානය සටහන් උනේ ඉතාමත් ශෝකජනක විදියට. ඒ වසරේ අවසාන සතිය තුල ලෝකයේ ස්ථාන කිහිපයක සිදුවූ බිහිසුනු ගුවන් අණතුරු කිහිපයක් හේතුවෙන්. සෙමාන්‍යයෙන් ලෝකයේ ගුවන් ගමන් සදහා කාර්ය්‍ය බහුලම සතියක් වන නත්තල් නිවාඩුව හා නව වසර උදාව යෙදී ඇති වසරේ අවසාන සතිය තුල සිදුවූ මෙම ගුවන් අණතුරු කිහිපය මගින් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව සුළුපටු නෑ.

සතිය ආරම්භ වෙන්නේ නත්තල් දිනට පෙර දින, එනම් දෙසැම්බර් 24 වන දින ඇමරිකානු ගුවන් සමාගමට අයත් සියළුම ගුවන් යානා තාක්ෂණික දෝශයක් හේතුවෙන් වහාම ගොඩබෑමට තීරණය කිරීමත් සමග. සාමාන්‍යයෙන් ගුවන් ගමන් සදහා වසරේ කාර්ය බහුලම දිනය ලෙස සැලකෙන දෙසැම්බර් 24 වනදා ගුවන් ගමන් සිය ගණනක් එකවර අවලංගු වීම එදිනබගුවන් ගතවීමට සිටි මගීන්ට දරාගත නොහැකි තරම් පාඩුවක් උනා. කෙසේ වෙතත් පැය කිහිපයක් ඇතුලත තාක්ෂණික දෝශය නිවරදි කිරීමට පියවර ගත් ඇමරිකානු ගුවන් සමාගම විශාල ප්‍රමාධයන් සහිතව උවද සිය ගුවන් යානා නැවත පියාසර කරවීමට පියවර ගත්තා.

ඒ දිනය එසේ ගතවෙද්දි 25 වන දින, එනම් අසිරිමත් නත්තල යෙදී තිබූ දිනයේදී අපිට අසන්නට ලැබුනේ හද කකියවන ගුවන් අනතුරක්. ඒ අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් Embraer 190AR වර්ගයේ ගුවන් යානයක් කසකස්ථානය වෙත හදිසි ගොඩබෑමක් සිදු කිරීමට උත්සාහ කිරීමේදී අනතුරට පත්වී එහි ගමන් කල මගීන් 38 දෙනෙකු මිය යාමයි. අනතුරට පත්වන අවස්ථිවේ එම ගුවන් යානයේ මගීන් 67 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඒ අතරින් වැඩි දෙනෙකු අසර්බයිජාන් ජාතිකයන් උනා.

ගුවන් අනතුරු විශ්ලේෂකයන් සදහන් කරන්නේ මෙම ගුවන් අනතුරට හේතුව රුසියානු ගුවන් ආරක්ෂන පද්ධතියෙන් ගුවන් යානය වෙත එල්ල වූ ප්‍රහාරයක් විය හැකි බවයි. රුසියාව විසින් එම චෝදනාව සෘජුව පිලි නොගත්තද ජනාධිපති පූටිං විසින් සිය අසල්වැසි අසර්බයිජාන් ජනාධිපතිවරයාගෙන් සමාව අයැද නිවේදනයක් නිකුත් කර තිබුනා. එම ගුවන් යානය රුසියාව වෙත ගොඩබෑමට උත්සාහ කරන අවස්ථාව වන විට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකට එරෙහිව රුසියානු ගුවන් ආරක්ෂන පද්ධතිය ක්‍රියාත්මතව තිබූ අතර නිසැකවම එහි ප්‍රහාරයක් අසර්බයිජාන් මගී ගුවන් යානයටද එල්ල වී ඇති බව තහවුරු වේ.

නත්තල් දිනය එසේ ගෙවී යද්දි පසුගිය ඉරිදා එනම් 29 වනදා ලොකයේ ගුවන් ගමන් ක්ෂේත්‍රයට අමතක කල නොහැකි බිහිසුණුම දිනයක් ලෙස ඉතිහාසයට එක් උනා. එකම දිනයකදී පැය කිහිපයක් ඇතුලත ලෝකයේ ස්ථාන තුනකදී ගුවන් සේවාවන් තුනකට අයත් ගුවන් යානා අනතුරට පත්වුනා. එයින් බිහිසුණුම හා ඛේදජනකම ගුවන් අනතුර දකුණු කොරියාවේදී සිදුවූ අතර එය දකුණු කොරියානු ඉතිහාසයේ සිදුවූ විශාලතම ගුවන් අනතුර බවයි වාර්ථා වෙන්නේ.

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ Muan ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබූ Jeju Air ගුවන් සමාගමට අයත් බෝයිං 737-800 වර්ගයේ ගුවන් යානයක් ගුවන් තොටුපළට ගොඩබෑමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරකින් එම ගුවන් යානයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හැරෙන්නට ඉතිරි සියළු දෙනාම ජීවිතක්ෂයට පත් උනා. අනතුරට පත්වන විට ගුවන් යානයේ මගීන් 175 දෙනකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉතිරි වූ දෙදෙනාම එහි ගමන් කරමින් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකු බවයි වාර්ථා වන්නේ. 

ලියුම්කරු මෙම ලිපිය සකස් කරන විටත් ගුවන් එම දරුණු ගුවන් අනතුරට හේතුව නිෂ්චිතවම තහවුරු කරගෙන නොතිබූ නමුත් ගුවන් යානයේ කුරුල්ලන් ගැටීමක් හෝ අයහපත් කාලගුණය අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා. එමෙන්ම මේ වන විට පරීක්ෂන වල අවධානය තවත් දෙසකට යොමුවී ඇති අතර ගුවනි ධාවන පථයක් අවසානයේ දැඩි බිත්තියක් ඉදිකර තිබීම කිසිසේත්ම සිදු නොකල යුත්තක් බවයි විචාරකයන් ප්‍රකාශ කරන්නේ. ගුවන් යානය ගැටී විනාශ වූ තාප්පය නෙතිබුනි නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිව තිබූ බව ඔවුන් විශ්වාස කරනවා.

දකුණු කොරියාවේදී එතරම් විශාල අනතුරක් සිදුව තිබියෙදී ඊට පැය කිහිපයකට පසුව කැනඩාවෙන් තවත් ගුවන් අනතුරක් වාරතා උනා. ඒ කැනඩාවේ ශාන්ත ජෝන්ස් සිට හැලිෆැක්ස් දක්වා මගීන් 179 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගොඩබෑමට උත්සාහ කිරීමේදී ගිනි ගැනීමත් සමගයි. ගුවන් යානයේ ජනේල වලින් පිටත ගිනි ගන්නවා දුටු ගුවන් මගීන් භීතියෙන් ඇලලී ගිය අතර කෙසේ හෝ ජීවිත හානියකින් තොරව ගුවන් යානය නතරකර ගැනීමට නියමුවන් සමත් වී තිබුනා. ගුවන් යානය ගොඩබෑමට යොදා ගන්නා රෝදයක් ක්‍රියා විරහිතව පැවතීම අනතුරට හේතුවන්නට ඇතැයි විශ්වාස කරනවා.

එදිනම එනම් දෙසැම්බර් 27 වන ඉරිදාම KLM නෙදර්ලන්ත රාජකීය ගුවන් සමාගමට අයත් බෝයිං 737-800 ගුවන් යානයක් නොර්වේ හීදී අනතුරට පත්වුනා. දකුණු කොරියාවේදී ගිනිගෙන විනාශ වූ වර්ගයේම ගුවන් යානයක් වූ නෙදර්ලන්ත ගුවන් යානය ගුවන් ගතවූ වහාම එහි හයිඩ්‍රොලික් පද්දතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට උත්සාහ කර තිබුනා.

එම ගුවන් යානය අනතුරට පත්වන විට එහි මගීන් 182 කඅ ගමන් කරමින් සිට ඇති අතර ගුවන් ධාවන පතයෙන් ඉවතට විසිවූ KLM ගුවන් යානය කිසිදු මගියෙකුට අනතුරක් නොවී නතර කර ගැනීමට ගුවන් නියමුවන් සමත් වී තිබුනා. පසුව ජංගම පඩිපෙලක් භාවිතයෙන් සියළු මගීන් වහාම ඉවත් කිරීමට පියවර ගාන තිබූ අතර මෙම ලිපිය ලියන විටත් කුමන හේතුවක් නිසා අනතුර සිදුවූවේද යන්න තහවුරු කර ගෙන නොතිබිනි. එලැඹි 2025 වසර මෙවැනි ඛේදනීය පුවත් අසන්නට හෝ දකින්නට නොලැබෙන සුබ නව වසරක් වේවා යැයි “අපි” සියල්ලන්ගේම පැතුමයි.

තිලාන් ජයසේකර

2024 වසර අවසානය කදුලින් අවසන් කල ගුවන් අණතුරු.

2024 වසර අවසානය සටහන් උනේ ඉතාමත් ශෝකජනක විදියට. ඒ වසරේ අවසාන සතිය තුල ලෝකයේ ස්ථාන කිහිපයක සිදුවූ බිහිසුනු ගුවන් අණතුරු කිහිපයක් හේතුවෙන්. සෙමාන්‍යයෙන් ලෝකයේ ගුවන් ගමන් සදහා කාර්ය්‍ය බහුලම සතියක් වන නත්තල් නිවාඩුව හා නව වසර උදාව යෙදී ඇති වසරේ අවසාන සතිය තුල සිදුවූ මෙම ගුවන් අණතුරු කිහිපය මගින් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව සුළුපටු නෑ.

සතිය ආරම්භ වෙන්නේ නත්තල් දිනට පෙර දින, එනම් දෙසැම්බර් 24 වන දින ඇමරිකානු ගුවන් සමාගමට අයත් සියළුම ගුවන් යානා තාක්ෂණික දෝශයක් හේතුවෙන් වහාම ගොඩබෑමට තීරණය කිරීමත් සමග. සාමාන්‍යයෙන් ගුවන් ගමන් සදහා වසරේ කාර්ය බහුලම දිනය ලෙස සැලකෙන දෙසැම්බර් 24 වනදා ගුවන් ගමන් සිය ගණනක් එකවර අවලංගු වීම එදිනබගුවන් ගතවීමට සිටි මගීන්ට දරාගත නොහැකි තරම් පාඩුවක් උනා. කෙසේ වෙතත් පැය කිහිපයක් ඇතුලත තාක්ෂණික දෝශය නිවරදි කිරීමට පියවර ගත් ඇමරිකානු ගුවන් සමාගම විශාල ප්‍රමාධයන් සහිතව උවද සිය ගුවන් යානා නැවත පියාසර කරවීමට පියවර ගත්තා.

ඒ දිනය එසේ ගතවෙද්දි 25 වන දින, එනම් අසිරිමත් නත්තල යෙදී තිබූ දිනයේදී අපිට අසන්නට ලැබුනේ හද කකියවන ගුවන් අනතුරක්. ඒ අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් Embraer 190AR වර්ගයේ ගුවන් යානයක් කසකස්ථානය වෙත හදිසි ගොඩබෑමක් සිදු කිරීමට උත්සාහ කිරීමේදී අනතුරට පත්වී එහි ගමන් කල මගීන් 38 දෙනෙකු මිය යාමයි. අනතුරට පත්වන අවස්ථිවේ එම ගුවන් යානයේ මගීන් 67 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඒ අතරින් වැඩි දෙනෙකු අසර්බයිජාන් ජාතිකයන් උනා.

ගුවන් අනතුරු විශ්ලේෂකයන් සදහන් කරන්නේ මෙම ගුවන් අනතුරට හේතුව රුසියානු ගුවන් ආරක්ෂන පද්ධතියෙන් ගුවන් යානය වෙත එල්ල වූ ප්‍රහාරයක් විය හැකි බවයි. රුසියාව විසින් එම චෝදනාව සෘජුව පිලි නොගත්තද ජනාධිපති පූටිං විසින් සිය අසල්වැසි අසර්බයිජාන් ජනාධිපතිවරයාගෙන් සමාව අයැද නිවේදනයක් නිකුත් කර තිබුනා. එම ගුවන් යානය රුසියාව වෙත ගොඩබෑමට උත්සාහ කරන අවස්ථාව වන විට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකට එරෙහිව රුසියානු ගුවන් ආරක්ෂන පද්ධතිය ක්‍රියාත්මතව තිබූ අතර නිසැකවම එහි ප්‍රහාරයක් අසර්බයිජාන් මගී ගුවන් යානයටද එල්ල වී ඇති බව තහවුරු වේ.

නත්තල් දිනය එසේ ගෙවී යද්දි පසුගිය ඉරිදා එනම් 29 වනදා ලොකයේ ගුවන් ගමන් ක්ෂේත්‍රයට අමතක කල නොහැකි බිහිසුණුම දිනයක් ලෙස ඉතිහාසයට එක් උනා. එකම දිනයකදී පැය කිහිපයක් ඇතුලත ලෝකයේ ස්ථාන තුනකදී ගුවන් සේවාවන් තුනකට අයත් ගුවන් යානා අනතුරට පත්වුනා. එයින් බිහිසුණුම හා ඛේදජනකම ගුවන් අනතුර දකුණු කොරියාවේදී සිදුවූ අතර එය දකුණු කොරියානු ඉතිහාසයේ සිදුවූ විශාලතම ගුවන් අනතුර බවයි වාර්ථා වෙන්නේ.

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ Muan ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබූ Jeju Air ගුවන් සමාගමට අයත් බෝයිං 737-800 වර්ගයේ ගුවන් යානයක් ගුවන් තොටුපළට ගොඩබෑමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරකින් එම ගුවන් යානයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හැරෙන්නට ඉතිරි සියළු දෙනාම ජීවිතක්ෂයට පත් උනා. අනතුරට පත්වන විට ගුවන් යානයේ මගීන් 175 දෙනකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉතිරි වූ දෙදෙනාම එහි ගමන් කරමින් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකු බවයි වාර්ථා වන්නේ. 

ලියුම්කරු මෙම ලිපිය සකස් කරන විටත් ගුවන් එම දරුණු ගුවන් අනතුරට හේතුව නිෂ්චිතවම තහවුරු කරගෙන නොතිබූ නමුත් ගුවන් යානයේ කුරුල්ලන් ගැටීමක් හෝ අයහපත් කාලගුණය අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා. එමෙන්ම මේ වන විට පරීක්ෂන වල අවධානය තවත් දෙසකට යොමුවී ඇති අතර ගුවනි ධාවන පථයක් අවසානයේ දැඩි බිත්තියක් ඉදිකර තිබීම කිසිසේත්ම සිදු නොකල යුත්තක් බවයි විචාරකයන් ප්‍රකාශ කරන්නේ. ගුවන් යානය ගැටී විනාශ වූ තාප්පය නෙතිබුනි නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිව තිබූ බව ඔවුන් විශ්වාස කරනවා.

දකුණු කොරියාවේදී එතරම් විශාල අනතුරක් සිදුව තිබියෙදී ඊට පැය කිහිපයකට පසුව කැනඩාවෙන් තවත් ගුවන් අනතුරක් වාරතා උනා. ඒ කැනඩාවේ ශාන්ත ජෝන්ස් සිට හැලිෆැක්ස් දක්වා මගීන් 179 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගොඩබෑමට උත්සාහ කිරීමේදී ගිනි ගැනීමත් සමගයි. ගුවන් යානයේ ජනේල වලින් පිටත ගිනි ගන්නවා දුටු ගුවන් මගීන් භීතියෙන් ඇලලී ගිය අතර කෙසේ හෝ ජීවිත හානියකින් තොරව ගුවන් යානය නතරකර ගැනීමට නියමුවන් සමත් වී තිබුනා. ගුවන් යානය ගොඩබෑමට යොදා ගන්නා රෝදයක් ක්‍රියා විරහිතව පැවතීම අනතුරට හේතුවන්නට ඇතැයි විශ්වාස කරනවා.

එදිනම එනම් දෙසැම්බර් 27 වන ඉරිදාම KLM නෙදර්ලන්ත රාජකීය ගුවන් සමාගමට අයත් බෝයිං 737-800 ගුවන් යානයක් නොර්වේ හීදී අනතුරට පත්වුනා. දකුණු කොරියාවේදී ගිනිගෙන විනාශ වූ වර්ගයේම ගුවන් යානයක් වූ නෙදර්ලන්ත ගුවන් යානය ගුවන් ගතවූ වහාම එහි හයිඩ්‍රොලික් පද්දතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට උත්සාහ කර තිබුනා.

එම ගුවන් යානය අනතුරට පත්වන විට එහි මගීන් 182 කඅ ගමන් කරමින් සිට ඇති අතර ගුවන් ධාවන පතයෙන් ඉවතට විසිවූ KLM ගුවන් යානය කිසිදු මගියෙකුට අනතුරක් නොවී නතර කර ගැනීමට ගුවන් නියමුවන් සමත් වී තිබුනා. පසුව ජංගම පඩිපෙලක් භාවිතයෙන් සියළු මගීන් වහාම ඉවත් කිරීමට පියවර ගාන තිබූ අතර මෙම ලිපිය ලියන විටත් කුමන හේතුවක් නිසා අනතුර සිදුවූවේද යන්න තහවුරු කර ගෙන නොතිබිනි. එලැඹි 2025 වසර මෙවැනි ඛේදනීය පුවත් අසන්නට හෝ දකින්නට නොලැබෙන සුබ නව වසරක් වේවා යැයි “අපි” සියල්ලන්ගේම පැතුමයි.

තිලාන් ජයසේකර

අන් අයගේ වහලෙක් නොවී හැම වෙලේම ඔබ ඔබම වෙන්න උත්සාහ කරන්න.

“To shine your brightest light is to be who you truly are.”

         Roy T.Bennett

අද සමාජයේ දැකගන්න තියෙන ප්‍රධානතම කාරණාවක් තමයි බොහෝ මිනිසුන් අන් අයට අවශ්‍ය පරිදී ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔබ ඔවුන් කියන විදියට ජීවත් වෙනවා කියලා නෙමෙයි. නමුත් ඔබ ඔවුන් කියන විදියට ජීවත් නොවුනට ඔබ හැමවෙලේම ඔවුන්ව කොපි කිරීමට එහෙමත් නැත්නම් ඔවුන්ව අනුගමනය කිරීමට උත්සාහ කරනවා.ඉතින් එලෙස අනුගමනය කිරීමට යෑමෙන් තමා තුළ සිටින දක්ෂයා තමන් තුළ තිබෙන හැකියාවන් තමන් විසින් නිර්මාණය කරගෙන ඉන්න ගති පැවතුම් තමන්ට නැති වෙනවා.

ඉතින් ඒ නිසාම අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන තමා තුළ සිටින තමන්ව අඳුරගෙන ජීවත් වෙන්න.

ඔබ ඔබව අඳුර ගන්නේ කොහොමද?

1.මං එහෙම කරොත් මිනිස්සු මොනවා හිතයිද?

මං එහෙම කළොත් මිනිස්සු මොනවා හිතයිද කියන සංකල්පය ඔබ තුළ බොහෝ අවස්ථාවල ඇතිවෙනවා ඇති.නමුත් අපි නැති කරගත යුතු දේ අතර ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙත් මේකම තමයි. මොකද මිනිස්සුන්ට ඕන විදියට අපිට ජීවත් වෙන්න බැරි බව ඉස්සෙල්ලාම ඔබ වටහා ගන්න ඕන.ඔබ ඔබේ පවුලේ මිනිසුන් ඇරුණු කොට අනවශ්‍ය වටේ ඉන්න මිනිස්සු ගැන හිතන එකම ඔබේ ගමන් මාර්ගයට බාධාවක්. ඔබට ඔබව සොයාගෙන යන ගමනට බාධාවක්.මොකද මේ සමාජයේ ඉන්න මිනිසුන් විවිධාකාරයි.ඉතින් ඒ නිසා හැම වෙලේම ඔබගේ ඔළුවේ තියෙන්න ඕනේ මිනිස්සු මොනවා හිතුවත් මං මගේ ගමන යනවා කියන එක.මිනිස්සු ඔබව මනින්නේ ඔවුන්ගේ තරාතිරමෙන් බව ඔබ ඉස්සෙල්ලාම වටහාගන්න ඕනේ. අධ්‍යාපනය නොලබපු මිනිසුන් ගොඩක් මැද ඔබ අධ්‍යාපනය ලබනවනම් ඒක ඔවුන්ට විහිළුවක් , ආදරයක් කරල නැති මිනිස්සුන්ට ආදරේ කියනදේ විහිළුවක්,ජීවිතය ඒකාකාරව එකම තැනින් නවතා සිටින මිනිස්සුන්ට ඔබ තව තවත් ඉදිරියට යන එකම විහිළුවක්.ඒ නිසාම ඔබ කරන්න ඕන දේ ඔබට සුදුසුයි නම් ඔබට ඔබව විශ්වාසයි නම් ඔබ කරන්න තමන්ගේ වටේ සිටින අයව තැකීමෙන් වළකින්න.

2.අනවශ්‍ය පුද්ගලයින් අයින් කරන්න අවශ්‍ය පුද්ගලයින් පමණක් ඇසුරු කරන්න.

ඔයා කොච්චර හිත ශක්තිමත්ව වැඩක් කරන්න ගියත් ඔයාගේ අවට සිටින පිරිස නිසා වේලාවකට ඔයා කඩා වැටෙන්න අවස්ථාව ඉඩකඩ වැඩියි.එක්කෝ යාළුවො ,නෑදෑයෝ,අසල්වාසියෝ වගේ අය කියන නිසා ඔයා කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන්. මොකද සමහර අවස්ථා වලදී ඔවුන් ඔබට එල්ල කරන විවේචන නින්දා අපහාස ගැරහුම් වගේ දේවල් ඔබ කොච්චර ශක්තිමත් කෙනෙක් වුණත් ඔබගේ හිතටත් ඇතුල් වෙනවා.ඉතින් ඒ නිසා හැම වෙලේම ඔබගේ ඇදකුද හොයන ඔබව විවේචනයට ලක් කරන මිනිසුන් මැද ඔබට අවශ්‍යයි කියලා සිතන ඔබට නැගිටින්න ඔබට ශක්තිය ධෛරිය දෙන උපදෙස් දෙන මිනිසුන් පමණක් ඔබ වටේ තියාගන්න ඒවගේම ඔබ ඇසුරු කරන්න වග බලා ගන්න. ඒ නිසා හැම වෙලේම අවශ්‍ය මිනිසුන් පමණක් තියාගෙන 

 අනවශ්‍ය මිනිසුන් ඔබගෙන් ඈත් කර තබාගන්න.

3.ඔබගේ දක්ෂතාවය හඳුනාගන්න එය නිර්මාණය කරගන්න.

 අපි ඕනම කෙනෙකුට දක්ෂතාවයක් තියෙනවා.සමහරවිට ඒ දක්ෂතාවය අපිටවත් නොතේරෙන්න පුළුවන් නමුත් අපි එය හොයාගන්න ඕනේ.හරියට කාන්තාරවල මල් පිපෙනවා වගේ.හැබැයි ඔබට මේකට හොඳ ශක්තිමත් හිතක් පමණක් තිබිලම ප්‍රමාණවත් වන්නේ නැහැ.ඔබේ දක්ෂතාවය හඳුනා ගන්න ඔබට සුදුසුකම් කීපයකුත් අවශ්‍ය වෙනවා.ඒ අතරින් අධ්‍යාපනය,රැකියාව,ඔබේ විනෝදාංශය මේ වගේ දේවල් කීපයක්ම ඔයාට අවශ්‍ය වෙනවා ඉතින් මේ වගේ දේවල් ඔයා තුළ නැත්නම්, ඒවා නිර්මාණය කරගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැතිනම් ඔයා තුළ ඉන්න දක්ෂයා ඔයාට හොයාගන්න අමාරුයි.ඔබට නැති දේවල් හැමවිටම නිර්මාණය කරගත හැක්කේ ඔබටම පමණයි.

4. ඔබ ආසකරන දේ කරන්න

ඔබට විශාල මුදලක් ලැබුණත් ඔබ අප්‍රිය කරන රැකියාවක නිරත වන්නේ නම් එය ඔබව මානසිකව විඩාබර තැනැත්තෙකු බවට පත් කරනු ඇත. මේ නිසා හැකි සෑම විටම ඔබ කැමති දේ කරන්න. නමුත් ඒ තුළින් ඉදිරියට යෑමට උත්සාහ කරන්න. සැමදා එකම තැන රැඳී නොසිට තමන් ප්‍රිය කරන දේ තවත් දියුණු කරගත හැකි ආකාරය සිතා 

බලන්න. එය ක්‍රියාත්මක කරන්න. ඒ තුළින් මූල්‍ය අවස්ථා මෙන්ම හදවතේ සැනසීම ද ඔබට ලැබෙනු ඇත.

5.පෙනුම හදාගන්න, අන් අයට නොව තමන්ට අවශ්‍ය පරිදි.

අපි නිකමට කතාවක් අහලා තියෙනවා ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ කියලා.නමුත් ඔබගේ බාහිර පෙනුමත් ලෝකයා ඔබව මනින  මිනුමක් බවට පත්වෙලා තියෙනවා.

 මේ බාහිර පෙනුම හදාගන්න අන් අයගේ ඒවා අනුගමනය කරන්න ගිහින් කැලෑ පාරවල්වල ගියපු මිනිස්සුත් නැතුවම නෙමෙයි.

 මිනිස්සු ඔබ ගැන හිතන එක ඔබට අදාල නැති වුණාට ඔබ හැමවිටම අවස්ථානුකූලව අවස්ථාවට අනුව ඇඳ පැළඳ සිටීම වැදගත් වෙනවා.නමුත් අපි හොඳට අඳින්නේ අවස්ථාවට ගැලපෙන පුද්ගලයෙක් වීමට මිස ඇඳුමේ හොඳ අසා ගැනීමට නොවන බව ඔබ තරයේ මතක තබා ගත යුතුයි.

අවසාන වශයෙන් අපි අමතක නොකළ යුතු  තව කාරණාවක් තියෙනවා.ඉහත සඳහන් කළ උපදෙස් පිළිපදිනකොට  අපේ වටිනාකම ගැන හොඳ හැඟීමක් ඇතුව හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව අපට ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙනවා.ඉතින් තවදුරටත් අන් අය කියන දේවල් අන් අයගේ විවේචන අන් අයගේ නින්දා අපහාස අන් අයගේ ගැරහුම් ගැන වද නොවී තමන්ට තමන් විදිහටම ජීවත් වෙන්න පුළුවන්.

ඔබ ඔබව ඉතා හොඳින් හඳුනාගෙන සිටින නිසා අනෙක් අය ඔබ ගැන කියන කථා වලින් දැන් ඔබට වැඩක් නැහැ. ඔවුන් හොඳ කිව්වත්, නරක කිව්වත් ඉන් නොසැලී ඉන්නට දැන් ඔබට හැකියාව ලැබී තියෙනවා ඔබේ වටිනාකම් හොඳින් හඳුනාගෙන ඒවාගෙන් තමන් තමන් වෙලා ඉදිරියට යන්න.

ඉතින් සැම විටම අන් අයගේ වහලෙක් නොවී ඔබ ඔබම වෙන්න උත්සාහ කරන්න.

ඔබට ජය!

සටහන

 නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ

හාස්කම් සපිරි මාරවිල කුරුස පල්ලිය

දුර්ලභ වූ මිනිසත්බව ලැබ මේ පොළොව මත ජීවත් වන ඔබටත් මටත් මේ ජීවන චාරිකාව තුළ යම් යම් අවස්ථාවන්හිදී දුර්වල වීම්, කඩා වැටීම් දරා ගනිමින් දුෂ්කර කාර්තු පසු කරගෙන යා යුතුව ඇත. මනුෂ්‍යයින් ලෙස අප කෙතරම් ශක්තිමත් යැයි සිතා සිටියත් යම් අවස්ථාවන්වලදී අපට තවකෙකුගේ සහාය පැතීමට සිදුවන අවස්ථා උදාවන අතර එබඳු අවස්ථාවන්වලදී අප පුරුදුවී ඇත්තේ අප අදහන ආගමක් හෝ විශ්වාසයක් මගින් අපගේ මනසේ බර සැහැල්ලු කර,සැනසිල්ල ලබාගෙන ජීවන වෙහෙස නිවා ගැනීමට උපකාර හා පිහිට පතා සිටීමයි. 

            එලෙස අපගේ ජීවන බර සැහැල්ලු කර වෙහෙස නිවන හාස්කම් සපිරි ආශ්චර්යමත් බිමක් ලෙස “මාරවිල කුරුස පල්ලිය” හඳුන්වා දිය හැකිය. මාරවිල කුරුස පල්ලියට පිවිසෙන විටම “වෙහෙසවන, බර උසුලන, සියල්ලනි මා වෙතට එන්න” බයිබලීය පාඨය අපට දැකගත හැකිය. අනේක දුක්දොම්නස් හදෙහි දරාගෙන මාරවිල පල්ලියේ හාස්කම් සොයා ඇදෙන සුවහසක් ජනයාගේ නෙත ගැටෙන උක්ත බයිබල් පාඨය විස්තර කරමින්ම “මාරවිල කුරුස පල්ලිය” පිළිඹඳ කතිකාවකට මුලපිරීම යෝග්‍යය වනු ඇත.

                     “වෙහෙසවන්නා වූ, බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින් , මගේ විය ගහ නුඹලා පිටට ගෙන මගෙන් ඉගෙන ගන්න. එයිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුය”

           (මතෙව් 11:28,29,30) මෙම බයිබලීය වදනින් පවසනුයේ මෙම බයිබලයේ වදනින් පැවසෙන පැවසෙන්නේ ජීවිතයේ අනේකවිධ දුක් පීඩා විඳ ජීවිතය නිරස වී වෙහෙසට පත් වූ මිනිස්නුට සහනයක් ඇති බවයි. එමෙන්ම ජීවිතයේ අනේකවිධ  ප්‍රශ්න කන්දරාවකට මැදිව ජීවන බර හදවතටද, සිරුරටද පීඩාවක් වූවන්ට දෙවියන්වහන්සේගේ ඒකජාත පුත්‍රයා වූද ගැලවුම්කරුවාණන් වූද ජේසුතුමන් අභිමුව සතුටක් සැනසීමක් ලැබෙන බවයි.අප මහා දෙව් සමිඳාණන්ගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් කුරුසපත්ව වේදනා වින්දේ ද කුරුසය කර තබාගෙන කල්වාරිය තරණය කළේ ද මනුෂ්‍යය වර්ගයා පාපයෙන්ද ශාපයෙන්ද සදාකාලික සරණය හෙවත් නිරයෙන්ද ගලවාගනු පිණිසය. ජේසුස් වහන්සේගේ “ජීවිත පූජාව” හුදු මරණයක් නොව, සකල ලෝක සත්ත්වයාගේ නිදහස පිණිස කළ උතුම් පරිත්‍යාගයක් බව දතයුතුය.

       ඒ අසමසම පරිත්‍යාගයේ හාස්කම් සපිරි මාරවිල කුරුස පල්ලිය කතෝලික බැතිමතුන් අතර පමණක් නොව ආගම් භේදයකින් තොරව සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූද, ආගම් භේදයකින් තොරව මිනිසුන්ට හාස්කම් සිදුවූ, දුක්ගිණි නිවූ ජාතික සිද්ධස්ථානයකි.

          ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානයේ සියවස් ජුබිලි මංගල්‍යය වෙනුවෙන් ගරු ශිරාන් චාමික පියතුමන් නිර්මාණය කරන ලද ඉහත ජුබිලි ගීතය ඔබත් එක්වරක් හෝ අසා ඇතිවාට සැකයක් නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය කිසිදා නොනිවෙන විශ්වාසයේ පහන්සිලකි. දැවීතැවෙන හදවත් සිහිල් ඔසුවෙන් නහවා සුවපත් කරනව පිං බිමකි. 

        පුත්තලම කොළඹ පාරේ මාරවිල ටවුමෙන් බැස මඳ දුරක් හලාවත පැත්තට ඇවිදගෙන යනවිට මාරවිල හතරමං හන්දියෙන් වම් අත පැත්තේ පිහිටි පාරෙන් කිලෝමීටර් එකහමාරක් පමණ ගිය විට මාරවිල කුරුස පල්ලිය දැකගත හැකිය. පල්ලියේ ඉදිරිපස බැලූ විට ලතින් බසින් ලියැවුණු පාඨයක් දැකිය හැකිය.එහි අරුත “මේ සලකුණෙන් ඔබ ජය ගනී” යන්නයි. ඉතින් භෞතික මෙන්ම ආත්මික ජීවිතයද ජය ගැනීමට අවැසි  නම් මාරවිල කුරුස පල්ලිය නම් ශුද්ධ වූ භූමිය කරා පැමිණිය යුතුමය.

        මෙම ආශීර්වාදලත් පුදබිමේ සිනිදු වැල්ලේ දෙපා තබමින් සිද්ධස්ථානය ඇතුළට යන ඔබේ දෙපයට පෑගෙන්නේ ටයිල් හෝ සිමෙන්ති ඇතිරූ බිමක් නොවේ. සිද්ධස්ථානය මැද පමණක් සිමෙන්ති තීරුවක් තිබෙන අතර එහි දෙපසම ඇත්තේ  සිනිදු වැල්ලය. හිඳගන්නට බංකු හෝ අසුන් පනවා නැත. බොහෝ සිද්ධස්ථානවල මෙන් ලොකු පල්ලි, පොඩි පල්ලි කියා කොටස් දෙක තුනක් නැත. එකම ශාලාවක් ලෙසට ඉදිකර ඇති කුඩා පල්ලියේ අල්තාරය පිටුපසින් පෙනෙන්නේ කුරිසපත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විශාල ප්‍රතිමාවකි. 

                     වර්තමානයේ මෙය දේවස්ථානයක් වුවද අතීතයේ මෙහි තිබී ඇත්තේ කුරුස පත් ජේසුස්වහන්සේගේ සුරුවමක් පමණි. තම දුකට පිහිට පතා මිනිසුන් මේ සුරුවම ඉදිරිපිට වැඳ වැටී යාඥා කළ බවත් පසු කලෙක එම සුරුවම පිහිටි බිම මත පල්ලියක් කර වූ බව ඉතිහාසයේ සඳහන්ය. සිද්ධස්ථානය දෙපස ඇත්තේ විවිධාකාර සොහොන්කොත් සහිත සුසානයයි. ජීවිතයේ විවිධාකාර ප්‍රශ්නවලින් සහනය පතා දෙවිඳුන් යදින්නන්ට එය සුසානයක් වීම කිසිසේත්ම ගැටලුවක් නොවන බව පසක් කරමින් දිවයිනේ නන් දෙසින් බැතිමත්හු දිනපතා වේලාවක් අවේලාවක් නැතිව මෙම ශ්‍රී කුරුස සිද්ධස්ථානය කරා පැමිණෙති.

              මාරවිල කුරුස පල්ලියේ හාස්කම් පිළිඹඳ පණිවුඩය සමාජගත වන්නේ දහඅට වැනි සියවසේදී පමණය. එකල වසූරිය වසංගතය නිසා විශාල පිරිසක් මාරවිල රජයේ රෝහල වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි අතර එක් කාන්තාවක් තම දරුවාට වසූරිය වැලඳී ඇති බැවින් දෙවි පිහිට පතා මේ සුසාන භූමිය වෙත පැමිණ යාඥා කර ඇත. ඇයට පෙර එතැනට පැමිණි එක් අයෙක් සුසාන භූමියෙහි වූ ජේසුස්වහන්සේගේ සුරුවමට තෙල් වක්කර තිබූ අතර මේ කාන්තාව වැඩි භක්තියකින් යුතුව එම තෙල් තම දරුවාගේ ඇඟේ ආලේප කර ඇත. දැඩි දේව භක්තියත් අචල විශ්වාසයත් හමුවේ දරුවාගේ වසූරි තත්ත්වය යහපත් අතට හැරී සුවය ලැබී ඇත. මේ ප්‍රාතිහාර්යයේ පුවත මුළු මාරවිල අස්සක් මුල්ලක් නෑරම විදුලි වේගයෙන් ව්‍යාප්ත වී ඇත.  ඉන් පසුවද මෙම පුදබිමෙහි මෙම සුරුවම ස්පර්ශ කිරීමෙන් නොසිතු විරූ ප්‍රාතිහාර්යයන් සිදුවූ බව ඉතිහාසයේ කියැවේ.

           මාරවිල දෙව්මැඳුර පිටුපසින් මුතු පන්තිය ලෙස විරුදාවලි ලත් හලාවත මුහුදු තීරයට අයත් සුන්දර මාරවිල මුහුදු වෙරළ දිස්වෙයි. එය මෙම දෙව් මැඳුරට එන බැතිමතුගේ දුක් සංකා නිවාලයි. දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වැඩ සිටින ප්‍රතිමා බොහොමයක් දෙව් මැඳුරු තුළ දැකිය හැකිය. නමුදු එම ප්‍රතිමාවන්හි උන්වහන්සේගේ මුහුණ වේදනාත්මක සහ තැතිගන්වනසුලු ස්වරූපයක් පෙන්නුම් කරයි. එවැනි ප්‍රතිමාවල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කර ඇත්තේ උන්වහන්සේ ශ්‍රී දෙනෙත වසාගෙන සිටිනා අයුරිනි. නමුදු මාරවිල සිරි කුරුස දේවස්ථානයෙහි ඇති ප්‍රතිමාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෘදුකමින් හා දයාවෙන් ලෝකය දෙස බලා සිටින බවක් පෙන්නුම් කරයි. එය එම ප්‍රතිමාවෙහි විශේෂ ලක්ෂණයකි. මෙම මාරවිල කුරුස පල්ලියේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් මස පැවැත්වෙන අතර එයට කිතුනුවන් පමණක් නොව අනෙකුත් ආගමික භක්තිකයෝද පැමිණෙති. මෙම දේවස්ථානයේ තවත් විශේෂ දෙයක් ලෙස, මුහුදු වෙරළේ තිබෙන දේව මෑණියන්ගේ සුරුවම පෙන්වා දිය හැකිය. එම සුරුවම් මාතාවද බැතිමතුන්ගේ නොමඳ ආදරය දිනාගෙන ඇත.

       වර්තමානයේ මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානය වෙත පැමිණෙන බොහොමයක් බැතිමතුන් ඇතුලුවන තැන සිට අපමණ බැතියකින් සිනිදු වැල්ල මත දණින් ගමන් කරමින් දෙව් සමිඳුන් අබියස තම ඉල්ලීම් ඉල්ලා සිටීමටත්, අචල විශ්වාසයකින් යුතුව ඉටිපන්දම් දැල්වීමත් සිදු කරති. බොහෝදෙනා පවසන්නේ එලෙස ඉල්ලාසිටින සෑම යහපත් දෙයක්ම ඉටවූ බවය. මාරවිල වැල්ලේ දණගසා අයදින කිසිවක් වැරදී නැති බවත් හාස්කම් බලයෙන් තමන්ගේ දුක් කරදර දුරුවූ බවත් බැතිමතුන් පවසයි. අදටත් අනේකවිධ කරදරවලින් පීඩාවිඳින මිනිසුන් තමන්ගේ සැනසුම පතා මාරවිල කුරුස පල්ලිය කරා පැමිණෙති.

” නිල් මහ සයුරේ

                        රළපෙල ගානට..

පයගැසු පොලවේ 

                         වැලිකැට ගාණට.. 

නොනිමී දැල්වෙන 

                      විස්වාසයේ පහන් සිල..

කුරුස පල්ලියේ 

                       හාස්කම් ගොඩයි..

දේව මහිමේ ලොවට 

                         කියන කුරුස යාගයයි…//”

                                                මංගලා පවිත්‍රානි

2004 විනාශකාරී සුනාමිය: ශ්‍රී ලංකාවේ අඳුරුතම දිනය

2004 දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසයේ වඩාත්ම ව්‍යසනකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණ දුන්නේය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් වූ රිච්ටර් මාපක 9.1 ක දැවැන්ත භූමිකම්පාවකින් ඇති වූ ඉන්දියන් සාගර සුනාමිය පෙර නොවූ විරූ කෝපයකින් දූපත් ජාතියට පහර දුන්නේ සිතාගත නොහැකි විනාශයක් සහ ශෝකයක් ඉතිරි කරමිනි.

ක්ෂණික බලපෑම:

– ශ්‍රී ලංකාවේ මුළු මරණ සංඛ්‍යාව: ආසන්න වශයෙන් පුද්ගලයන් 35,000ක්

– අවතැන් වූ ජනගහනය: පුද්ගලයන් 500,000 කට වඩා

– දිවයිනේ දකුණු, නැගෙනහිර සහ උතුරු වෙරළ තීරය හරහා වෙරළබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

භූගෝලීය ප්රවේශය:

සුනාමිය ශ්‍රී ලංකාවේ සමස්ත වෙරළ තීරයටම පාහේ බලපෑ අතර, විශේෂයෙන් දරුණු හානි සිදු වූයේ:

– ගාල්ල දිස්ත්‍රික්කය

– මාතර කලාපය

– ත්‍රිකුණාමලය

– මුලතිව්

– මඩකලපුව

– මීගමුව

– කල්මුණේ

තරංග ලක්ෂණ:

– සමහර ස්ථානවල රළ උස මීටර් 10-12 (අඩි 33-39) දක්වා ළඟා විය

– සමහර විට භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත ඇදහිය නොහැකි වේගයකින් සහ බලයෙන් තරංග පහර වැදී ඇත

– සමහර වෙරළබඩ ප්‍රදේශවල කිලෝමීටර 2 ක් දක්වා අභ්‍යන්තරයට විනිවිද යාම

මානව පිරිවැය:

සුනාමිය සියලු ප්‍රජාවන්ට බලපාන පරිදි වෙනස් කොට සැලකුවේ නැත:

– සමස්ත ධීවර ගම්මාන අතුගා දැමුවා

– එක මොහොතකින් පවුල් ගණනාවකට පරම්පරා කිහිපයක් අහිමි විය

– බොහෝ දරුවන් අහිමි වූ දෙමාපියන් හෝ මුළු පවුල සමඟ විශේෂයෙන් අවදානමට ලක් විය

– වෙරළබඩ ප්‍රජාවන්ගේ ආර්ථික හා සමාජීය දේහය මූලික වශයෙන් කඩාකප්පල් විය

අද්විතීය අභියෝග:

ශ්‍රී ලංකාව අමතර සංකූලතාවලට මුහුණ දුන්නේ:

– එවකට පැවති සිවිල් යුද්ධය

– සීමිත ආපදා ප්‍රතිචාර යටිතල පහසුකම්

– සංකීර්ණ ජනවාර්ගික හා දේශපාලන භූ දර්ශනය

ජාත්‍යන්තර ප්‍රතිචාර:

– දැවැන්ත ගෝලීය මානුෂීය උත්සාහයක්

– ඩොලර් බිලියන ගණනක ජාත්‍යන්තර ආධාර

– නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සහ රටවල් ක්ෂණික සහ දිගු කාලීන ආධාර සපයයි

– ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන වැඩසටහන් ලොව පුරා දියත් කර ඇත

දිගු කාලීන බලපෑම්:

– දිවි ගලවා ගත් අය සඳහා සැලකිය යුතු මානසික කම්පනයක්

– වෙරළබඩ ප්‍රජාවන්ට ආර්ථික විනාශයක්

– දැවැන්ත නැවත ගොඩනැඟීමේ සහ නැවත පදිංචි කිරීමේ අභියෝග

– වැඩිදියුණු කළ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සංවර්ධනය කරන ලදී

– වැඩිදියුණු කළ ආපදා පෙර සූදානමේ යාන්ත්‍රණ ක්‍රියාවට නංවා ඇත

කැපී පෙනෙන පැවැත්ම පිළිබඳ කථා:

අතිවිශාල විනාශය නොතකා, පැවැත්ම සහ මානව ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ වාර්තා රාශියක් තිබුණි. ප්‍රජාවන් එකට එකතු වූ අතර, ජාත්‍යන්තර ආධාර ගලා ආ අතර, සුව කිරීමේ සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ විය.

භූ විද්යාත්මක වැදගත්කම:

2004 සුනාමිය ඇති වූයේ ඉන්දියන් සාගරයේ භූමිකම්පා තහඩු මායිම් දිගේ ඇති වූ දැවැන්ත මුහුද යට භූමිකම්පාවකින් වන අතර එය නූතන ඉතිහාසයේ වාර්තා වූ බලවත්ම භූමිකම්පා වලින් එකකි.

අනුස්මරණය:

දෙසැම්බර් 26 වෙනිදා දැන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිහිපත් කරනු ලබන්නේ අහිමි වූවන් සිහිපත් කිරීමේ දිනයක් සහ ජාතියේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සාක්ෂියක් වශයෙනි.

G.S.K

දැන් එංගලන්තයට Friday කියන්නෙ අලුත්ම රහක්

සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුක්ත Friday සංගීත කණ්ඩායමේ විශේෂත්වය වන්නේ බහුතරයක් සාමාජිකයින් අද්දැකීම් බහුල මෙන්ම සංගීතය පිලිබද හදාරා මනා දැනුමක් ඇති තාරුණ්‍යයේ පසුවන ශීල්පීන් වීමයි. තවත් විශේෂිත කරුනක් වන්නේ බේස් ගිටාරය වාදනය කරනු ලබන්නේ තරුන දක්ශ කාන්තාවක් වීමයී. ඇය දක්ෂ සංගීත අත්දැකීම් බහුල ලංකාවේ සුප්‍රකට සංගීත කණ්ඩායමක් වන චාන්දනි හෙට්ටිආරච්චි ප්‍රමුඛ C & C සංගීත කණ්ඩායමේ හිටපු බේස් ගිටාර් වාදන ශිල්පිනියයි. ඒවගේම කීබෝඩ්වාදනය කරනු ලබන්නේ  ශ්‍රී ලංකාවේ Derna Battle of the band තරගාවලියේ Electronic සංගීත කණ්ඩායම් අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් D7th සංගීත කණ්ඩායමේ හිටපු කීබෝඩ්වාදන ශිල්පියයි. ඊට අමතරව වසර  10 කට අධික අත්දැකීම් බහුල දක්ෂ සංගීත ශිල්පීන් කිහිප දෙනෙක්ම අප කණ්ඩායමේ සිටියි.

අපගේ සංගීත කණ්ඩායමේ ගායනය සහ Rhythm Guitar වාදනය කරනු ලබන්නේ මලින්ත ගමාරච්චි. ඔහුත් වසර 10 පමණ සංගීත
අත්දැකීම් තිබෙන Multi-instrumentalist කෙනෙකි. පාසල් කාලයේ සිට සංගීතය හැදෑරු ඔහු අවුරුදු  14 දී  වයලීන් විශාරද සම්පූර්ණ කරන ලදි. ඔහු පාසල් කාලයේ සිටම බටහිර සංගීතය හදාරා ඇති අතර ඔහු Trinity Piano Grade 4 දක්වාද සම්පූර්ණ කර ඇත. ශ්‍රි ලංකාවේ සහ ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලබන අතර තුර  
සංගීත කණ්ඩායම් කිහිපයක් සමග වාදනයෙන් සහ ගායනයෙන් දායක වී ඇත.   ඔහුට ඔහුගේම ශ්‍රී ලංකාවේ Decibel නමින් music Studioවක් සහ Pearl නමින් සංගීත කණ්ඩායමක් තිබූ අතර ඔහුට ශබ්ද පරිපාලනය පිළිබඳවද මනා දැනුමක් තිබේ. ඔහු එංගලන්තයට පැමිණ පසුවද දමිල සංගීත කණ්ඩායමක් සමග ප්‍රසංග කිහිපයකටම ගිටාර් වාදනයෙන් දායක වී ඇත. 
ඔහු දැනට එංගලන්තයේ තිබෙන බහුජාතික සමාගමක  ඉංජිනේරු උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටි.

Lead Guitar වාදනය කරනු ලබන්නේ දමිත් සංජය.  ඔහුත් වසර 10 වැඩි සංගීත
අත්දැකීම් සහිත  Multi instrumentalist
 කෙනෙක් වන අතර ඔහුට බටනලා වාදනයට ද 
විශේෂ හැකියාවක් ඇත.  2011 වසරේදි ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායම සමඟ එකතු වන ඔහු Lead Guitar  වාදනයෙන් මෙන්ම 
බටනලා වාදනයෙන් වසර කිහිපයක් පුරාවට ප්‍රවීණ ගායන ශිල්පීන් සහ ශිල්පීනියන් විශාල  ප්‍රමාණයකට සංගීතය සපයමින් අත්දැකීම් විශාල ප්‍රමාණයක් හිමිකරගත් වාදන ශිල්පියෙකි.
ඉන්පසුවද ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් කිහිපයක Lead Guitar වාදනයෙන් සම්බන්ධ වෙමින් කටයුතු කර ඇත. ඔහු එංගලන්තේ පැවති ප්‍රවීණ ගායන ශිල්පින් සහභාගි වූ ප්‍රසංග කිහිපයක වාදනයෙන් සහභාගි වී ඇත. ඔහු එංගලන්තයේ තිබෙන ප්‍රමුඛතම සංගීත විශ්ව විද්‍යාලය වන Royal College of Music හි පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරයි.

Bass Guitar වාදනය කරනු ලබන්නේ හිරුණි ප්‍රනාන්දු. වයස 24 වියේ පසුවන ඇය සංගීත කණ්ඩායමේ ලාබාලතම සාමාජිකාවයි. ඇයගේ පියා Yamaha School of Music හි වසර 15 ක් සංගීත ගුරුවරෙක් ලෙස කටයුතු කර ඇති අතර කුඩා අවධියේ සිට ඇය සංගීතමය පරිසරයක් තුල හැදී වැඩී ඇත. ඇය Bass Guitar වාදනයට මුලපුරන්නේ ඇගේ පාසලෙන්. ඇය ඇයගේ පියාගෙන් සහ Hussain Jiffry වැනි ප්‍රවීණයන්ගෙන්  බේස් ගිටාරය සහ ජෑස් සංගීතය පිළිබඳව හදාරා ඇත. ශ්‍රී ලංකාවේ පාසල් කිහිපයක බටහිර සංගීත ගුරුවරිය ලෙස කටයුතු කර ඇති ඇය Piano , Music Theory සහ Classical Guitar Grade 8 දක්වා සම්පූර්ණ කර ඇත.ඇය එංගලන්තයේද Visiting Music Instructor කෙනෙකු ලෙස Music Academy කිහිපයක කටයුතු කරයි. ශ්‍රී ලංකාවේදී සංගීත කණ්ඩායම් කිහිපයක Lead ගිටාර් වාදන ශිල්පිනියක් සහ Bass Guitar වාදන ශිල්පිනියක ලෙස කටයුතු කර ඇති අතර ඇයට Mantra නමින් කාන්තා සංගීත කණ්ඩායමක් තිබී ඇත. ඇය චාන්දනි හෙට්ටිආරච්චී ප්‍රමුඛ C & C සංගීත කණ්ඩායමේ හිටපු බේස් ගිටාර් වාදන ශිල්පිනියයි. ලාබාල වුවත් ප්‍රවීන සංගීත ශිල්පින් සමඟ කටයුතු කරමින් ප්‍රවීන සංගීත ශිල්පින් සඳහා සංගීතය සපයමින් අත්දැකීම් රාශිතක් ඇත. තවද ගලදාරි හෝටලයේ පියනෝ වාදන ශිල්පිනියක ලෙස වසර කිහිපයක් කටයුතු කර ඇත.  ඇය එංගලන්තයට පැමිණි පසුවද එංගලන්තේ පැවති ප්‍රවීණ ගායන ශිල්පින් සහභාගි වූ ප්‍රසංග කිහිපයක වාදනයෙන් සහභාගි වී ඇත. 

කීබෝඩ්වාදනය කරනු ලබන්නේ අසංක පෙරේරා.
ඔහු දෙරණ Battle of the Band Electronic අංශයෙන්  ප්‍රථම ස්ථානය ‍ජයග්‍රහණය කල D7th සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා වශයෙන්
වසර 14 අඛණ්‌ඩව කටයුතු කර ඇත. ඔහු එම කාලය තුල ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයකට සංගීතය සපයා ඇති අත්දැකීම් බහුල කීබෝඩ්වාදන ශිල්පියෙකි. එමෙන්ම නව තාක්‍ෂණයත් සමඟ යාවත්කාලීන ඉතාමත් දක්ෂ කීබෝඩ්වාදන ශිල්පියෙකි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලද ඔහු පාසල් කාලයේ ” SAGA ” වාදන කණ්ඩායමේ වයලීන් වාදනය කර ඇති අතර ඔහු පාසල් කාලයේ සිටම සංගීත කණ්ඩායම් සමඟ කටයුතු කර ඇත. 


Percussion වාදනය කරනු ලබන්නේ Benedict Francis. ඔහු එංගලන්තයේ වසර 10ක් පුරාවට පැවති K S Chitha, Mano වැනි ප්‍රවීණ ඉංදියානු ගායක ගායිකාවන් ගායනයෙන් සහභාගි වුනු ප්‍රසංග ගනනාවකටම Drums සහ Percussion වාදනයෙන් සහභාගිවී ඇත. ඔහුගේ පියා සැමවිටම ඔහුට පලමු drums වාදන පුහුනුවේ සිට අද ප්‍රසංග වේදිකාවේ වාදනය දක්වා ලබාදුන් සහය ඉතා විශාල බව ඔහු සදහන් කරයි. ඔහුට ශබ්ද පරිපාලන පිලිබද මනා දැනුමක් ඇති අතර ඔහු Studio 35 නමින් ඔහුගේම Music Studio එකක් පවත්වාගෙන යනු ලබයි. ශ්‍රී ලාංකික පව්ලක එංගලන්තයේ උපත ලද ඔහු ඉතාමත් උනන්දුවෙන් ශ්‍රී ලංකාවේ සංගීතය පිලිබද අද්‍යනය කරමින් අප සමග එක්ව කටයුතු කරයි. 

Drums  වාදනය කරනු ලබන්නේ රවින්ද්‍ර සදරුවන්. ඔහු  පාසල් කාලයේ මෙන්ම විශ්ව විද්‍යාල සමයේදීත්  සංගීත කටයුතුවල නිරත වී ඇත. ඔහු Uplift සහ marveric  වැනි සංගීත කණ්ඩායම් සමඟ මෙන්ම වසර ගණනාවක් ශ්‍රි ලංකාවේ දැනට  ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම්වල නවක වාදන ශිල්පින් කිහිප දෙනෙක් සමග එක්ව වාදනය  කර ඇති අතර  ‍දිවයිනේ ප්‍රසිද්ධ  ගායක  ගායිකාවන් වන Centigradz , Tharuka Nayanajith වැනි  ගායක ගායිකාවන් සඳහා සංගීතය සපයා අත්දැකීම් ලබා ඇත. ඔහුගේ සුවිශේෂතාවය වන්නේ ඔහු නව ශිල්පීය ක්‍රම භාවිතා කරමින් Drums වාදනය කිරීමයි.
 
Rhythm ගිටාර් වාදයෙන් හා ගායනයෙන් එකතු වෙන්නේ ඉෂංක ජයවර්ධන (ටෙඩී). පාසල් කාලයේ සිටම කන්ඩායම් සංගීතයට යොමු වී පසුව ලංකාවේ ද ඉතාලියේද සංගීත කන්ඩායම් කිහිපයක ගායනයෙන් සහ වාදනයෙන් සම්බන්ධ වී ඇති අයෙකි. ඔහුට ඉතාමත් ආකර්ෂණීය හඩක් සහ ගිටාර් වාදනයට සුවිශේෂි හැකියාවක් තිබේ. මේ වන විට වෙනත් ශේත්‍රයක වෘත්තීයෙන් නියැලී සිටියත් සංගීතය අත් නොහැර තමන්ගේම ගීත නිර්මානය කරන අතරම අප සමඟ Friday සංගීත කන්ඩායමට එකතු වී සිටී.



සංගීත කණ්ඩායමක් ලෙස අපි හැම විටම උත්සාහ කරන්නේ අපව රසවිඳින සැමට සවන් දීම සඳහා ගුණාත්මකභාවයෙන් යුක්ත සංගීතයක් ලබා දීමටයි. එලෙස සංගීතය පිලිබද දැනුමෙන් මෙන්ම පලපුරුද්ද සහිත තරුන සංගීත ශිල්පීන් කන්ඩායමක් එක්ව නිර්මානය වූ Friday සංගීත කණ්ඩායම ඔබගේ ප්‍රසංගයක් , විවාහ මංගල උත්සවයක්, වර්ණවත් කිරීමට සම්බන්ද කරගැනීම සඳහා විමසන්න.  


දුරකථන : 07746613993
Email : info.fridaysl@gmal.com
Facebook : FridaySL
YouTube : @Friday-SL
TikTok : @fridaysl.uk
Instagram : fridaysl.uk