Naada Article

වේලසයේ පැවැත්වෙන දැවැන්තම Naadha Live in Concert ගැන දන්නවද? නැතිනම් හරියටම දැනුවත් වෙමුද ?

01. මොකද මේ කොන්සර්ට් එකට නාද කිව්වෙ,

බ්‍රිතාන්‍යයේ මේ දිනවල පැවැත්වෙන දැවැන්තම රියලිටි තරගය කියන්නෙ නින්නාද 2024. ඒ නමේ අවසාන අකුරු දෙක අරගෙන තමයි නාද කියල හැදුවේ. 

02. නාද ලයිව් ඉන් කොන්සර්ට් එකට එන්නේ කවුද?

ලංකාවේ සංගිතය කේෂ්ත්‍රයේ ජනප්‍රියත්වයට පත්වුන ප්‍රියත් රාජපක්‍ෂ, තීක්ෂණ අනුරාධ, දිමන්ක වෙල්ලාලගේ, සංජුල හිමාල, දුලාන් ඒආර්එකස් එනවා.

03. මේ වගේ සුසංයෝගයක් ඇයි තෝරන්න හිතුවේ?

දිමන්ක, තීක්ෂණ කියන්නෙ ගොඩක් කේෂ්ත්‍රයේ ජනප්‍රියත්වය රැකගෙන එන දෙන්නෙක්. පියත්, සංජුල කියන්නෙ නව නිර්මාණ එක්ක අලුත් පරම්පරාව කැමති ගායකයන් දෙන්නෙක්. රැප් සංගිතයට ආස අයට වෙනුවෙන් අපි දුලාන් එකතු කලා. ඉතිං මේ සුසංයෝගයෙන් අත්නොවිදි නියම අත්දැකිමක් ලබා දෙන්න නාද ලයිව් ඉන් කොන්සර්ට් සුදානම්

04. කොහේද, කවදද, කීයටද මේ ප්‍රසංගය තියෙන්න?

වේලසයේ අගනුවර කියන්නෙ ගොඩක් සංගිත ප්‍රසංග නොපැවෙත්වෙන නගරයක්. බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපි වේල්සයේ කාර්ඩ්ෆ් අගනුවර රැඩිසන් බ්ලු තරු පහේ හෝටලය මේ වැඩේට තෝර ගත්තා. ඔක්තෝබර් 12 වෙනිද සවස 6 ඉදල රාත්‍රි 12 වෙනකල් එක දිගටම මේ කොන්සර්ට් එක පැවැත්වෙනවා.

05. වෙන මොනවද මේ කොන්සර්ට් එකට එකතු කරල තියෙන අංග?

* නින්නාද 2024 අවසාන මහා ප්‍රසාංගික අත්දැකීම විදගන්න 

* DJ music එක්ක නටන්න

* ලංකාවේ විදිහට පහසු මිලට රසම රස ආහාර කන ගමන් කැමති විදිහට බොන්න 

06. ඇයි පවුම් 30 වගේ ගණනකට ටිකට් ආලවි කරන්න හිතුවෙ? 

වේලසය වගේම බ්‍රිතාන්‍යය  පුරාම ඉන්නේ බහුතරයක් ඉගන් ගන්න ආපු ශිෂ්‍යයෝ. ඒ අයගේ පවුල්වල අය. ඉතිං මේ හැම කොනක්ටම මිලට ගන්න පුලුවන් ඉතාම සාධාරණ මිලක් විදිහට Early Bird tickets £30 කට අලෙවි කරනවා. ඊට පස්සෙ පොඩි ගානක් වැඩි වෙනවා. කොහොම වුනත් ගොඩක් ටිකට්ස් අලෙවි වෙලා තියෙන නිසා ඉක්මනින්ම ගන්න පුලුවන් නම් ෂුවර්. සියලුම ටිකට්ස් පරිසර හිතකාමි විදිහට Online ගන්න පුලුවන්. 

07. මේ කොන්සර්ට් එක කරන්නෙ කවුද ? 

All Sri Lankans in UK community එක නියෝජනය කරන Concept Crew එක පලමු වතාවට BlackBoX Events and Media එක්ක කරන වෙනස්ම වැඩක් මේක. අනික මේ වැඩේට බ්‍රිතාන්‍යයේ ඉන්න මේ වගේ වැඩ කරන බොහොමයක් දෙනක් සහයෝගය දෙනවා. ලිවර්පූල් කොමියුනිටි එක, රාවනා ඉවෙන්ට්, වෙලස් අපි, සහස්රා එන්ටර්ටේන්ට්මන්ට් අපිට මේ වැඩේට පුර්ණ සහයක් දෙනවා එයාලගේ අත්දැකීම් එක්ක නාද ලයිව් ඉන් කොන්සර්ට් එක සාර්ථක කර ගන්න. හැබැයි කියන්නම ඕන මේ වැඩේ කරන්නේ All Sri Lankans in UK කියන එක පැහැදිලිව කියන්නේ ඒ ගැන වැරදි අවබෝධයක් ඇති වන්න පුලුවන් නිසාමයි.

08. මේ කොන්සර්ට් එක කරන්න විශේෂ අරමුණක් තියෙනවද?

අපි දැක්කා බ්‍රිතාන්‍යය පුරාවටම පැවැත්වෙන සංගිත ප්‍රසංග ගොඩක් තෝරාගත් නගර කිහිපයකට සීමා වෙලා ව්‍යාපාරික අරමුණු එක්ක සංවිධානය වෙනව. නින්නාද 2024 කියන රියලිටි ප්‍රසංගය එක්ක නාද ලයිව් ඉන් කොන්සර්ට් එක ලාභ අරමුණු නොකල සාමාජීය මෙහෙවරක් වෙනුවෙන් 2024 වර්ෂයේ පලමු වරට ආරම්භ කලා. 

09. මේ ප්‍රසංගය සාර්ථක කර ගන්න සහය දුන්න අනුග්‍රහයකයන් කවුද?

ABEC Primer ප්‍රධාන අනුග්‍රහාහක විදිහට මේ කර්තව්‍යයට උපරිම සහයක් දෙනවා. ශ්‍රී ලාංකිකයන් විදිහට මේ කර්තව්‍යය සදහා ලංකාවේ IJ මර්කනටයිල් පුද්ගලික සමාගම, ස්කටිලයින් මැනුපැක්චරින් පුද්ගලික සමාගම මුල්‍ය අනුග්‍රහය ලබා දුන්නා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ව්‍යාපාර විදිහට Owl Financial, Little Lanka Restaurant, Ceylon Express මූල්‍ය සහය  ලබා දුන්නා. මීට අමතරව CMORE digital media සහකරු විදිහට ලබා දෙන සහය අගය කල යුතුමයි. තවදුරටත් Prime News, Api Magazine, FM adawiya, NMTV මාධ්‍ය සහය ලබා දෙනවා. My Digital Business වෙබ් සහකරු, NLC උපදේශන සහකරු, Ambiaent Potraitor ඡායාරූප සහකරු, Primetop Liverpool නිල වාහන සහකරු විදිහට මෙන්ම £2000 ක් වටිනා වාහනයක් නින්නාද 2024 ජයග්‍රාහී කිරුල හිමි කුමරාට හෝ කුමරියට ලබාදෙන්න සුදානම්.

10. සංවාදය අවසන් කරන්න කලින් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවද? 

ඔව්, ඇත්තටම වේලසයේ 2024 වර්ෂයේ පැවැත්වෙන අති දැවැන්තම හා එකම සංගීත අත්දැකීම විදිහටත්, Artists ලා 05ක් එක්ක නින්නාද 2024 ජයග්‍රාහී තිදෙනා සංගිතවත් වන අති දැවැන්තම සංගිත ප්‍රසාංගය විදිහටත් ඉතාම අඩු මුදලකට මේ සියල්ලම අත්විදින්න අවස්ථාව ලැබෙන අත් නොහැරිය යුතු එකම ප්‍රසංගය විදිහටත් Naadha Live in Concert එක බලන්න එන්න කියල ශ්‍රී ලාංකික ඔයාල හැමෝටම අපි ඉතා ආදරයෙන් ආරාධනය කරන්න කැමතියි.

අවසාන වශයෙන් මේ වගේ ලස්සන ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න අනුග්‍රහය ලබාදුන් හැම කෙනෙක්ම සහය දුන්න හැම කෙනෙක්ම ඉතා ආදරයෙන් සිහිපත් කරන ගමන්, මේ සංවාදයට ඉඩ හසර හදල දුන්න අපි මැගසින් (Api Magazine) සගරාවට විශේෂ ස්තුතිය පුදකරනවා.

CENTIGRADEZ

ශ්‍රී ලාංකේය කන්ඩායම් සංගීත වංශකතාවේ දිදුලනා

ජාත්‍යන්තර සන්නාමය ~ CENTIGRADEZ

ශ්‍රී ලාංකේය කන්ඩායම් සංගීත කරළියේ

සම්ප්‍රදායානුකූල දිශානතිය පෙර නොවූ විරූ අයුරේ

අපූර්ව විපර්යාසයකට බඳුන් කරවන්නට සමත්කම්

පාමින්… සංගීතයේ පරතෙර සොයා යෑමේ

නොසන්සිඳෙන ආසාව යෙහෙන් තෘප්ත කොටගැනීම

උදෙසා නා නා විද අත්හදා බැලීම් සිදුකිරීමත්… එහි

ධණාත්මක ප්‍රතිඵලයක් ලෙසින් ගෝලීය කන්ඩායම්

සංගීත කරළිය තුළත් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය

මැනවින් සනිටුහන් කරවමින් සිටින… අභිමානවත්

ගැයුම් මුද්‍රාවන් කැළකගේ එදා මෙදා තුර වෘත්තීය

සංගීත භාවිතාවේ රස මුසු අහු මුලු සොයා යාමට

සිදුකෙරුණු සුහඳ පිළිසඳරක් මෙලෙසින්

දිගහරින්නෙමු…

Q). Centigradez හී ආරම්භය සිදු වූ ආකාරය පිළිබඳව

සඳහන් කරමු.

තුන ශ්‍රේණියේ පටන් හය ශ්‍රේණිය දක්වා ගතවුණු

වසර කිහිපයේදී පාසලේ කණිෂ්ඨ වාද්‍ය වෘන්දයට

සම්බන්ධ වීමට අවස්ථාව සැලසුනා. එහිදී තමයි

ප්‍රථමයෙන්ම තාලය රිද්මය ආදී සංගීතයේ මූලික

සංරචකයන් නිවැරදිව හඳුනාගැනීමට ඉඩකඩලැබුණේ.

එයින් ඇරඹුණු කුතුහලයෙන් යුතු හැදෑරීම පාසලේ

ජේෂ්ඨ වාද්‍ය වෘන්දය නියෝජනය කිරීම දක්වාම

අඛණ්ඩව සිදුකෙරුණා. සංගීතකාමීත්වය මැදින්

කාලය එලෙසින්ම ගතවුනා.

නමය ශ්‍රේණියේදී සංගීතලෝලී කළණ මිතුරන් කැළක්

වන තුසිත්, ඉෂාන්, එරංග, උදය, ඉසුරු සහ අමිල

යන අපගේ ඒකරාශී වීමෙන් centigradez උපත

ලබනවා. ඒ දක්වා ගත වූ කාල පරිඡ්චේදයේදී

උකහාගත් සාරවත් අත්දැකීම් ගොන්න ඊට කදිම

තෝතැන්නක් සැපයූ බව නිහතමානී ආඩම්භරයකින්

ප්‍රකාශ කළ හැකියි.

උසස් පෙළ හදාරණ කාල වකවානුව වන විටදී

ස්වතන්ත්‍ර ගීත නිර්මාණයන් රැසක් අප අතින් ශ්‍රී

ලාංකේය සංගීත කර්මාන්තයට දායාද වීමට සූදානම්ව

තිබීම කලාත්මක අනන්‍යතාවයක් මෙන්ම වාණිජ

වටිනාකමක් ගොඩනැංවීමේ පදනම සකස් කළා කියා

සිතීම සාදාරණයි.

Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස මේ දක්වා

අත්කරගෙන තිබෙන සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව

මතකාවර්ජනයක් සිදුකරමු.

වර්ෂ 2006 දී එළි දැක්වුණු " Dark Angel " ගීතය බ්‍රිතාන්‍ය

BBC ගුවන්විදුලි සේවයේ ප්‍රාචාරය වූවා. වර්ෂ 2008 දී

පැවැත්වුණු “ Malaysia World Star Quest “ ගායන

තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නටත්

එහිදී " Excellent New Singer " ලෙසින් ඇගයීමට පාත්‍ර

වන්නටත් අවකාශය සැලසුණා. වර්ෂ 2013 දී පැවැත්වුණු

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම තනු නිර්මාණය

සඳහා වන සම්මානය ඉෂාන් ලක්මාල් විසින් ගායනා කරන

ලද " දිවුරාලා පවසන්න " ගීතය හිමිකර ගන්නට සමත්

වූවා. 2013 – 2014 වර්ෂයන් උදෙසා පැවැත්වුණු " Derana

Lux Music Awards " හිදී " Sri Lanka's Most Popular Boy Band

Twice In a Row " ලෙසින් සම්මානනීය වූවා.

දිවයිනේ ප්‍රමුඛතම ටෙලිවිෂන් සහ ගුවන්විදුලි නාළිකාවල

විකාශනය වන ගීත ප්‍රචාරක වැඩසටහන් තුළ

ප්‍රමුඛස්ථානය සනිටුහන් කිරීමට සමත් ගීතයන් දාහතරක්

පමණ නිර්මාණය කිරීමට අප සමත් වෙලා තියෙනවා. එය

අප ලැබූ සුවිශේෂීම ජයග්‍රහණයක් ලෙසින් සැළකිය හැකියි.

Q). ගෝලීය සංගීත කරළියේ වෙළඳ අනන්‍යතාවයක්

ගොඩනගාගැනීම උදෙසා ක්‍රියාත්මක කරමින් සිටින

සැලසුම් පිළිබඳව හැඳින්වීමක් කරමු. 

මේ දිනවලදී අන්තර්ජාතික මට්ටමින් කීර්තියක්

උසුලන විදේශීය සංගීත කන්ඩායමක් සමඟින්

සුවිශේෂී ව්‍යාපෘතියකට මුල පුරන්නට සැලසුම් සකස්

කරමින් සිටිනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු

ඉදිරියේදී හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා.

Q). ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින

නිර්මාණාංගයන් පිළිබඳව විග්‍රහයක් කරමු. 

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සුරැකගත් ගැයුම් මුද්‍රාවන්

සමඟින් ගෝලීය නාද රටාවන් ද කදිමට පාහාගත්

ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් ඔප්නැංවුණු ගීත රූප රචනා

ද්විත්වයක නිර්මාණ කටයුතු නිමා කරන්නටත් හැකි

ඉක්මනින් රසිකයින් වෙත මුදාහරින්නටත් අවැසි සියලු

කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව පවසන්නට

ලැබීම සතුටට කාරණාවක්.

Q). වර්ථමාන ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය

තුළ සංගීතයේ භාවිතාව නැතහොත් සිනමා සංගීතය

පිළිබඳව අදහස් ඉදිරිපත්කරමු. 

ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ ප්‍රවීණතම තිර

රචකයෙකු මෙන්ම අදියුරුවරයෙකු ද වන උදයකාන්ත

වර්ණසූරිය මහතාගේ නිර්මාණ කෞශල්‍යයෙන් හැඩ

වී වර්ෂ 2007 දී දිවයින පුරා තිරගත කෙරෙමින්

අතිශයින් ජනාකර්ෂණයට පත් වූ " ආසයි මං

පියාඹන්න " සිනමාපටය සංගීතයෙන් විචිත්‍රවත් කළේ

තුසිත් නිරෝෂන විසිනුයි. ඒ හරහා ඔහු මෙරට

ළාබාලතම සංගීත අදියුරුවරයා බවට පත්වූවා.

ගුණාත්මක භාවයෙන් මෙන්ම තාක්ෂණයෙන් ද ඉතා

උසස් ඝණයේ ලා සැළකිය හැකි ගීතයන් වර්ථමාන

දේශීය සිනමා භාවිතාව තුළ දැකගන්නට පුළුවන්.

පසුබිම් සංගීතය සැපයීමද ඊට නොදෙවෙනියි කියා

අවංකව පැවසිය හැකියි. කරළියට පැමිණීමට

වෙහෙසෙන අංකුර සංගීතවේදීන්ගේ එම සුභවාදී

පූර්වාදර්ශය අපව බොහෝ සෙයින් ප්‍රමෝදයට පත්

කරවනවා.

Q). වෘත්තීය සංගීතවේදියෙකු වීමට අපේක්ෂාවෙන්

සංගීතය හදාරණ්නෙකු හට ශ්‍රී ලාංකේය සංගීත

කර්මාන්තය තුළ සඵලධායී අයුරින් ස්ථාවරත්වයට

පත්වීම සඳහා ආධාර විය හැකි යම් ඔවදනක්

සඳහන් කරමු.

සංගීතය යනු ලොව පුරා විහිදී පැතිරී ගිය කලාකාමී

සංස්කෘතියක් ලෙසින් හඳුන්වා දෙන්නට කැමතියි.

එබැවින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන අයුරින් සෑම සංගීත

ප්‍රවර්ගයක් පිළිබඳවම විචාරය කිරීමත්… තම

කැමැත්ත සහ හැකියාව මත තෝරාගනු ලබන

සංගීත ප්‍රවර්ගය පරිපූර්ණ වශයෙන් අධ්‍යයනය

කිරීමත්… එලෙසින්ම ඒ තුළ තමන්ගේ අනන්‍යතාවය

සොයා සපයා ගැනීමේ අරමුණින් සරිලන අත්හදා

බැලීම් සිදුකිරීමේ නැඹුරුවත්… විෂයේ පරතෙර සොයා

යාමට රිසි අංකුර සංගීතවේදියෙකු හට පිහිටිය යුතු

ගති ලක්ෂණයන් ලෙස දැකීම වඩාත් අරුත්

සම්පන්නයි.

Q). Api Magazine සමඟින් මෙලෙස සොඳුරු

පිළිසඳරකට එක්වීම සම්බන්ධයෙන් ඇතිවන හැඟීම

කෙබඳුද යන්න පවසමු.

ඇත්තෙන්ම අප ඉතාමත්ම සන්තෝෂයට පත්වෙනවා

කලාතුරකින් සිදුකෙරෙන මෙවැනි අරුත්බර සොඳුරු

පිළිසඳරකට ඒකරාශි වෙන්න ලැබීම සම්බන්ධයෙන්.

ඒ වගේම Api Magazine හී කතෘ තුමන් වන ගයාන්

කරුණාරත්න මහතාට අපගේ හදපිරි ස්තූතිය

පිරිනමන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. Api

Magazine හී සමස්ථ කාර්‍ය මණ්ඩලයටත් ජයෙන් ජයම

ප්‍රාර්ථනා කරනවා.

සැකසුම | හිරාන් ගමගේ

ශනුද්‍රි ප්‍රියසාද්

නැටුමෙන්… ගැයුමෙන්… රැඟුමෙන් … ජන හදේ රූ සිත්තම්

මවනා… රූපසාරී… සොඳුරු සිතැත්තී

ගායනය, නර්තනය, නිරූපණය, රූපණය, නිවේදනය සහ

පූරකත්වය 

ආදී වූ කලාත්මක කෞශල්‍යයන් රැසක් ජන්මයෙන්ම උරුම

කොටගනිමින් වත්මනෙහි ප්‍රමුඛව රංග වේදයේ නව්‍ය රස

නිෂ්පත්තීන් සිසාරමින් එතෙර මෙතෙර ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී

ලාංකේය හදවත් සිය වසඟයට ගන්නට සමත්කම් පෑ යොවුන්

වෘත්තීමය රංගන ශිල්පිණී ශනුද්‍රි ප්‍රියසාද් නම්

ඇයගේ ආද්‍යාත්මයේ, දේශපාලනික ආක්‍යානයෙහි හා

වෘත්තීත්වයේ ප්‍රථූල හරසකඩක් පාඨක ඔබ වෙතට සම්මුඛ

කරවීමට ලත් වෑයමකි මේ. 

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කුමන

අයුරකින්ද යන්න පිළිබඳව සඳහනක් කරමු. 

ඉතාමත්ම සරළ ඇවතුම් පැවතුම් තියෙන සිහින සැබෑ

කරගන්න කැමති ඒ වෙනුවෙන් වෙහෙසෙන තරුණ

ගැහැණු ළමයෙක් විදිහට තමයි මම මාව හඳුනාගෙන

තියෙන්නෙ.

Q). ඔබ ජීවිතය යන්න දකින්නෙ කුමන අයුරින්ද

යන්න පිළිබඳව හැඳින්වීමක් කරමු.

තරගකාරිත්වයෙන් තොර ඉස්පාසුව සහිත ස්වාධීන චාරිකාවක් ලෙස

මම ජීවිතය අත්විඳගන්න කැමතියි.

Q). ඔබේ ආගම හෝ දර්ශනය යන්න කුමක්ද

යන්න සඳහන්කොට ඒ තුළින් ජීවිතයට ලබාගත්

වටිනාම දේවල්

මොනවාද යන්න පිළිබඳවද විග්‍රහයක් සිදුකරමු.

මම උපතින්ම රෝමානු කතෝලිකයෙක්.

මම දෙවියන් වහන්සේ හට අතිශයින්ම ගෞරව බුහුමන් දක්වන

කෙනෙක්. සෑම ඉරිදාවකම පල්ලිය වෙතට යාමට නොහැකි වුවත් මම

නිරතුරුවම මගේ ජීවිතයේ සියළු තතු දෙවියන් වහන්සේ සමඟින්

බෙදාගන්නා කෙනෙක්. දෙවියන් වහන්සේ සමඟින් එලෙසින්

සන්නිවේදනය කරන්නට අවකාශය සැලසීම මා ජීවිතයේ ලද

විශාලතම භාග්‍යය සේ සළකනවා.

එමෙන්ම මම කිසිම විටක මගේ ආගමික ප්‍රතිපත්ති සහ අනෙකුත්

ආගම් හෝ දර්ශනයන්ගේ ප්‍රතිපත්තීන් සංසන්දනය කරන්නට කැමති

කෙනෙක් නෙමෙයි. මගේ අවබෝධයේ පරිදි සහ මගේ විශ්වාසය පරිදි

ලෝකයේ බිහි වී තිබෙන සෑම ආගමකම පාහේ මුක්‍ය අභිමතාර්ථය

වී ඇත්තේ මනුශ්‍යත්වය සරිලන සෙයින් අරුත් ගැන්වීමයි. එනමුත්

එම අරමුණ මුදුන්පත්කරගැනීම උදෙසා ඉගැන්වීම් සිදුකරන ආකාරය

එම ආගම හෝ දර්ශනය සමඟින් බැඳි සංස්කෘතිය අනුව විවිධාකාර

විය හැකියි.

Q). ඔබ කලාමාද්‍යයක් ලෙස ටෙලිවිෂනය සහ

සිනමාව හඳුනාගන්නේ කෙසේද යන්න

පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු.

ඇත්තෙන්ම කියනවනම්, ටෙලිවිෂනය සහ සිනමාව

කියන්නෙ එකිනෙකට බොහෝ සෙයින් වෙනස්

ලක්ෂණ දරණ කලා මාධ්‍යයන් දෙකක්. මම

පෞද්ගලිකව මේ මාධ්‍යයන් ද්විත්වයටම අතිශයින්

ඇලුම් කරනවා මෙන්ම ගෞරව කරනවා.

කෙසේවෙතත් මේ මාධ්‍යයන් ද්විත්වය ඔස්සේම

කඩිනමින් සහ ස්ථාවර ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට

යාමට හැකියාව තියෙන බව වෘත්තීය අත්දැකීම්

තුළින් මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. එය මගේ

වෘත්තීය ජීවිතය තුළ මා පසුකළ සුවිසල් කඩඉමක්.

යම් වෘත්තීය රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් හට

මේ මාධ්‍යයන් ද්විත්වය හරහාම සමබරව ජනාදරයට

පත්වෙන්න අවස්ථාව සැලසේ නම්, එය ඔහු හෝ ඇය

තම කලා ජීවිතය තුළ හිමිකරගන්නා සුවිශේෂීම

භාග්‍යයක් වේවි.

Q). ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්.

ටෙලිවිෂනය සහ සිනමාව තුළ රංගන ශිල්පියාගේ

කාර්‍යභාරය සහ වගකීම පිළිබඳව

ඔබේ අදහස් ඉදිරිපත්කරමු. 

තිරය තුළින් නරඹන්නන් හට ගුණාත්මක බවින් පිරි ඉහළ

රසාස්වාදයක් සැපයීම වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස මගේ කාර්‍ය

භාරය හා වගකීම සේ සළකන්නට මා කැමතියි. ඊට උපකාර විය

හැකි සියලුම හැදෑරීම් පූර්ණ වශයෙන් සිදුකරන්නට මා දවසේ වඩා

වැඩි කාලයක් විඩංගු කරනවා.

ඊට අමතරව ජනාකර්ෂණය ලත් පුරවැසියෙකු ලෙසින් සාමාජයීය

යුතුකම් හා වගකීම් ඉටුකිරීම සම්බන්ධයෙන්ද මා නිරතුරුවම

අවධානය යොමුකරනවා. අපගේ චර්‍යාවන් නිරූපණයන් ආදිය

බොහෝදුරට සාමාජයීය අනූකරණයන් බවට පත්වීමේ ඉහළ

සම්භාවිතාවක් තිබෙන බව කලා ශිල්පීන් හා ශිල්පිනියන් ලෙස අප

තරයේ සිහි තබා ගතයුතු කරුණක් බව මා සිතනවා.

එබැවින් වෘත්තීය ජීවිතය වෙතට මෙන්ම පෞද්ගලික ජීවිතය

වෙතටත් නා නා විද සාරවත් දෑ කැන්දාගනිමින් නිසි අවස්ථාවන්හීදී

හැකි උපරිම අයුරින් සමාජය වෙතටද ඒවා සම්ප්‍රේෂණය කිරීමට මම

සෑම විටම උත්සාහ දරණවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශවය කුමන

පැතිකඩකින් හෝ කුමන මට්ටමකින් හෝ දිරිගැන්වීමට හැකි

ක්‍රියාවක් නම්, එයින් මා ඉතාමත්ම ප්‍රමෝදයට පත් වෙනවා.

Q). ඔබේ

වෘත්තීය පසුබිම පිළිබඳ හැඳින්වීමක් සිදුකොට

වෘත්තීය ජීවිතය

තුළ ඔබ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව

මතකාවර්ජනයක් සිදුකරමු.

මම ප්‍රථමයෙන්ම රංගනයට අවතීර්ණ උනේ මට

වයස අවුරුදු තුන හමාරෙදි පමණ. ඒ මගේ පියාගේ

සිනමා නිර්මාණයක් වන " ඔන්න බබෝ " හරහායි.

ඒ කාලයේදී මා හට මේ විෂය සම්බන්ධයෙන් කිසිඳු

අයුරක වැටහීමක් තිබුණෙ නැති වුවත් මගේ පියාගේ

ආදරණීය ගුරුහරුකම් මැදින් ගෙවී ගිය ඒ සොඳුරු

කාල සීමාවේදී ඉතාමත්ම සොඳුරු අත්දැකීම්

ගොනුවක් මගේ ජීවිතයට එකතුවුණ බව අවංකවම

ප්‍රකාශ කරන්න පුළුවන්.

එලෙසින් ඇරඹුණු මගේ රංගන ජීවිතය ළමා නාට්‍යය,

ගුවන්විදුලි සහ රූපවාහිනී ළමා වැඩසටහන්, ළමා

චිත්‍රපට ආදියෙහි ප්‍රදාන චරිතයන් රැසක් නිමැවීම

ඔස්සේ සාර්ථකව ගලා ගියා. ඒ කාල වකවානුවේදී

පවා රංගනය මාගේ අනාගත වෘත්තීය වේවියැයි

කිසිඳු සේයාවක් මගේ සිතේ සටහන් වී තිබුණේ නැති

බවත් මට ඉතා හොඳින් මතකයි.

එකල මා කැටුව එලෙසින් රංගනයේ යෙදුණු ළමා

රංගන ශිල්පීන් රැසක් මේ මොහොත වන විටදී

සාඩම්බර යොවුන් රංගන ශිල්පීන් ලෙස කලා

කර්මාන්තයන් තුළ නියැලීම දකින්නට ලැබීම ඉහත

කී සොඳුරු අත්දැකීම් යළි සිහියට නංවනවා. ගත වූ

වර්ෂ කිහිපය මුළුල්ලේ ඔවුන්ගේ ප්‍රාසාංගිකත්වය

තුළින් ලබනා ඇගයීම් මා ද මාගේ ප්‍රාසාංගිකත්වය

තුළින් ලබනා ඇගයීම් ඔවුන් ද ත්‍රීව උත්තේජනයකට

බඳුන් කරවනා බව හැඟෙනවා.

කලාකාමී පවුල් පසුබිමකට මැදිව උපත ලබපු නිසා

පසුකාලීනව මා හටත් මගේ වැඩිමහල් සහෝදරියන්

තිදෙනා හටත් මෙරට ටෙලි හා සිනමා කර්මාන්තයන්

තුළ යෙහෙන් වැජඹෙන ප්‍රවීණ නිෂ්පාදකවරු,

අධ්‍යක්ෂකවරු, තිර රචකයින්, රංගන ශිල්පීන්,

නර්තන ශිල්පීන් සහ ගායන ශිල්පීන් ආදීන් සමඟින්

ඉතා සමීප ඇසුරක් ගොඩනගාගැනීමටත් ඒ හරහා

නොමඳව විෂයානුබද්ද පෝෂණය ලැබීමටත් වාසනාව

උදාවුණා. එය වචනයෙන් විග්‍රහ කළ නොහැකි තරමේ

ශක්තිමත් පන්නරයක්. කාලයේ ඇවෑමෙන් මා

නියැලීමටත් හැදෑරීමටත් කැමතිම විෂය පථය

රංගනයම බව මා හට තරයේ ඒත්තු යනවා.

ටෙලිවිෂනය සම්බන්ධයෙන් කතා කළෝතින් මෑත

කාලයේ එතෙර මෙතෙර ශ්‍රී ලාංකේය ටෙලිවිෂන්

ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් ජනාකර්ෂණයට පත්

ටෙලිනාට්‍යයන් බවට ටී. වී. දෙරණ රූපවාහිනී

නාලිකාවේ විකාශනය වූ " දෙවෙනි ඉණිම " සහ හිරු

ටී. වී. නාලිකාවේ විකාශය වූ " දිවිතුරා " පත්වීම

පිළිබඳව මා නිහතමානී ආඩම්භරයකින් පසුවෙනවා.

සිනමාව සම්බන්ධයෙන් කතා කළෝතින් වාසව

බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ " ආදරණීය ප්‍රාර්ථනා

" සිනමාපටය හටත් එම සතුටුදායී ඉරණමම අත්වූවා.

සුවිශේෂීම කරුණ නම්, මේ මොහොත වන විට මා

පරිභෝජනය කරමින් සිටින සියලුම ආකාරයන්ගේ

ගැණිය හැකි ගැණිය නොහැකි වත්කම්හී උරුමය

දිනා දුන්නේ මේ සුන්දර කලාවයි. මේ වෘත්තීයේ

නියලෙමින් මා උපයා සපයාගන්නේ සුළු මුදලක්

වුවත් සුවිසල් මුදලක් වුවත් ඒ පුදුමාකාර භක්තියක්

පෙරදැරිවමයි. ඒ ආභාශය මා වෙතට පැවරුණේ

මාගේ සදාදරණීය දෙමව්පියන්ගේ සහ වැඩිමහල්

සොහොයුරියන්ගේ මැදිහත් වීමෙන්.

Q). තරුණ වෘත්තීය රංගනශිල්පිනියක්

 ලෙස ජාත්‍යන්තර සිනමාව ජයගැනීම

කෙරෙහි ඇති ඔබේඅභිලාෂය මුදුන්පත්කරගැනීම සඳ

හා ක්‍රියාත්මක කරමින් සිටින සැලසුම් පිළිබඳව

කෙටි විග්‍රහයක් කරමු. 

සත්‍යය වශයෙන්ම කිවතොත් රංගනය යන විෂය

පථයේ අහු මුලු තුළ සැඟවී තිබෙන තවදුරටත්

හැදෑරීම සිදුකළ යුතු තවත් පැතිකඩයන් සුලභ බව

අත්දැකීම් තුළින් මා පසක් කරගත්තා. ඒ හේතුවෙන්

වෘත්තීය ඉලක්කයක් ලෙසින් සළකා එය හඹා

යෑමකට වඩා පුළුල් විෂයානුබද්ද හැදෑරීමක් සිදුකරන

අතරතුරදී ප්‍රාසාංගිකත්වයේ නිම් වළලු පුළුල් වීම

මගින් උක්ත අභිලාෂය යථාර්ථයක් බවට පෙරළා

ගැනීමට උචිත අවස්ථාවන් නිර්මාණය කරාවි යන්න

මාගේ විශ්වාසයයි.

වර්ථමානයේදී විවිධාකාර කලාකාමී කර්මාන්තයන්ගේ

නියැලෙන සහෝදර කලා ශිල්පීන් රැසක්ම

නොයෙකුත් ආකාරයන්ගෙන් ගෝලීය සම්භාවනාවට

පාත්‍ර වීම සම්බන්ධයෙන් මා හද පිරි සතුටක් මෙන්ම

ලාංකේය කලා කෙත පිළිබඳව අතිශය ප්‍රෞඩත්වයක්ද

අත්විඳිනවා. ඔවුන්ගේ මල් ඵල ගැන්වෙන අවංක

උත්සාහයන් හට මාගේ නොමඳ ආශීර්වාදයත්

නිබඳවම හිමිවෙනවා. තම මව් රටට කුමන අයුරකින්

හෝ ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අත්කරදීම කලා

ශිල්පියෙකූගේ පමණක් නොව සෑම අභිමානවත්

පුරවැසියෙකුගේම නොසන්සිඳෙන ආසාවක්.

Q). ටෙලිවිෂන් සහ සිනමා කර්මාන්තයන්

තුළ ඔබ වර්ථමානයේ නිරත වී සිටින නිර්මාණයන්

හා ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින

නිර්මාණාංගයන් පිළිබඳව හෙළිදරව් කරමු. 

මගේ වෘත්තීය ජීවිතයේ ඇරඹුමේ පටන් අද දක්වාම ප්‍රේක්ෂකයන්

හට මාව වැළඳගැනීමට වැඩි ඉඩ කඩක් ලැබුනෙ ටෙලිවිෂනය

හරහායි. ඒ නිසාවෙන් ඉදිරි කාල සීමාවේදී ටෙලිනාට්‍යය

කර්මාන්තයෙන් තරමක් බැහැර වන්නටත් සිනමා නිර්මාණයන්

කිහිපයක් වෙනුවෙන්ම මගේ රංගන කෞශල්‍යය දායක කරන්නත්

අපේක්ෂාවන් ඉන්නවා කියලා බොහෝම සතුටින් කියන්න පුළුවන්. ඒ

පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන්නම්.

Q). Api Magazine සමඟින් සොඳුරු පිළිසඳරකට

එක්වීම සම්බන්ධයෙන් ඔබ දරණ අදහස කුමක්ද? 

ඇත්තෙන්ම මම ඉතාමත්ම සන්තෝෂයට

පත්වෙනවා ඉතාමත්ම

කලාතුරකින් සිදුකෙරෙන මෙවැනි අරුත්

සම්පන්න සොඳුරු පිළිසඳරක් වෙනුවෙන් මගේ

කාලය විඩංගු කරන්න

ලැබීම සම්බන්ධයෙන්. ආරම්භයේ පටන්

අවසානය තෙක් දිගහැරුණු සෑම ප්‍රශ්නයක්ම

පිළිතුරු සැපයීම කෙරෙහි මා සතු උද්‍යෝගය

ක්‍රමානුකූලව වර්ධනය කිරීමට සමත් වූවා.

එබැවින් Api Magazine හී කතෘ තුමන් වන

ගයාන් කරුණාරත්න මහතා ඇතුළු එහි

සමස්ථ කාර්‍ය මණ්ඩලයට මාගේ හෘදයාංගම

ස්තූතිය පළ කරමින්ම නිරතුරු සෞභාග්‍යයම

ප්‍රාර්ථනා කරනවා. 

සැකසුම | හිරාන් ගමගේ

බාධක හමුවේ වනාසැලුණු ආදර නදිය

2013 වසවේ ජූනි 17 වන දින සමස්ත ඉන්දදියාවේම හදවත් එක් වමාවහාතකට සසල විය.ශ්‍රී ලංකාවේ

වැසියන්ද අතර පූජනියත්වයට ලක් වන ශ්‍රී පාදස්ථානය වමන්ද, ඉන්දදියාවේ හින්දු භක්ිකයන්ද අතර අිශය

ව ෞරවාදරයට පත් වන ‘වක්දේනාත් ‘ නම් පුදබිමක් වේ.වමම පුදබිම එදින අධික වේෂාව නිසා ඇි වූ

ජල ධාරාවන්දවේ ග්‍රහණයට ලක් වීමට ත වූවේ වහෝරා කිහිපයකි.වමම ංවතුර වේදවාචකය නිසා

6054ක් පමණ ජනතාවට දිවි අහිමි විය.වමම පිරිස අතර මන්දූේ නම් වක්දේනාත් පුදබිමට වවයෝවෘද්ධ

සහ වරෝගී වන්දදනාකරුවන්ද ව නයන තරුණවයක් විය.ඔහුවේ සතය කතාව පදනම් කර නිමින්ද 2018

වසවේදී නවක අධයක්ෂක අභිවෂ්ක් කපූේ වබාලිවුඩ් සිනමාවට ‘වක්දේනාත්’ නම් අපූේව සිනමා සිත්තම

දායාද කව ්ය.

වක්දේනාතයට යන අතරම දී ‘රම්බාඩා’ නම් ස්වාභාව වසෞන්දදේයවයන්ද වනාඅඩු ම්මානයක්

හමුවවයි.වමහි කතා වත්මාව ව වතන්දවන්ද වමම ම්මානවේ ජීවත් වන වන මන්දූේ නම්

වන්දදනාකරුවන්ද වක්ඩේනාතය වවත රැව න යන මුස්ලිම් තරුණයාත් ,ඔහුට වපම් බඳින මන්දදාකිණී

නම් සුන්දදර උසස් හින්දු කුලයක තරුණියත් වටාය. ං ාවක් වමන්ද සුන්දදරව ලා ඔවුන්දවේ ආදර කතාවට

එවරහි වන්දවන ජාි ආ ම් සහ කුල මල වේදයි.වමබු බාධක හමුවේ වනාසැලුණු ඔවුන්දවේ ආදර

කතාවට වමම ංවතුර වයසනයද රුුරු වවයි.අවසානවේ ඔවුන්ද වදවදනා ජය නිවීද?එම පැනයට

පිළිතුරු දැන ැනීමට වමම අපූරු සිනමාපටය නරඹන වලස වේක්ෂකයන්දව න්ද ඉල්ලා සිටිමි.

වමම චිත්‍රපටවයහි පසුබිම් දේශනවල ඇි සුන්දදරත්වය වේක්ෂක දෑස් මුසපත් කරනුවේ නිතැින්ද ය.

වක්දේනාත් හි වසෞන්දදේය තම කැමරා කාචයට හසුකර ැනීමට කැමරාකරු දක්වා ඇි දක්ෂතාවය

ප්‍රශංසනීයය.එවමන්දම චිත්‍රපටවේ පසුබිම් සංගීතය වමන්දම එහි ගීතද සිනමාපටය තවුරටත් ආකේශනීය

කිරීමට සමත් ය.වමහිදී මංූේ වලස රං නවයන්ද දායක වූ සුෂාන්දත් සිං රාජ්පපුත් සහ මන්දදාකිණි වලස

රං නවයන්ද පණ වපවූ සාරා අලී ඛාන්දවේ සුසංවයෝජනය චිත්‍රපටයට ව න ුන්දවන්ද අපූේව

ආවලෝකයකි.නවක අධයක්ෂකවරවයකු වුවද අභිවෂ්ක කපූේ නළු නිළි කැ මනා වලස හසුරවමින්ද

වක්දේනාත් වේදවාචකය ිරවයහි ප්‍රිනිේමාණය කිරීවමහි ලා සාේථක උත්සහයක් දරා ඇත.

වරෝමාන්දික වබාලිවුඩ් සිනමාවට ප්‍රිය කරන ඔබට නැරඹිමට වයෝ ය චිත්‍රපටයක් වලස වක්දේනාත්

දැක්විය හැකිය.

සටහන -පියුමි වනළුමිකා

ලංකාවෙන් එංගලන්තයට එන පිරිස දැනෙන්න අඩුවෙලා.

එක්සත් රාජධානිය විසින් පසුගිය වසර අවසානයේ මෙරටට පැමිණිමේදී බලපාන සංක්‍රමණ නීති රැසක් වනස් කිරීම හේතුවෙන් 2024 වසර මුල සිට මෙරටට පැමිණෙන සංක්‍රමණිකයනි සංඛාව සීඝ්‍රයෙන් පහළ වැටුනා. එම බලපෑම ශ්‍රි ලංකාවටත් එක ලෙසම දැනුනු අතර ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව එක්සත් රාජධානියට සංක්‍රමණය වූ ශ්‍රි ලාංකිකයන් සංඛාව සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. මේ පිළිබඳව හෙලිදරව් වූයේ වසරේ මුල් කාර්තු දෙකෙහි සංක්‍රමණ දත්ත පිළිබඳව මෙරට ආගමන විගමන ආයතනය විසින් නිකුත් කර ඇති දත්ත වාර්තා වලිනි.

බ්‍රිතාන්‍යය රජය විසින් මින් පෙර නිකුත් කල සංඛ්‍යා දත්ත අනුව 2019 මුල් කාර්තුවේ සිට 2023 අවසන් කාර්තුව දක්වා විවිධ වීසා අංශ යටතේ 45,000 ක පිරිසක් ලංකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වී තිබුනා. ඒ අතරින් කී දෙනෙකු නැවත ලංකාවට හෝ වෙනත් රටකට පිටත් වී ගියේදැයි පැහැදිලි නැතත් එක්සත් රාජධානිය වෙත එම කාලය තුල වැඩිම පුද්ගලයන් සංක්‍රමණය වූ රටවල් 10 අතර ශ්‍රි ලංකාව අඛණ්ඩව ලංකාව රැඳී සිටියා.

නිකුත් කල නවතම දත්ත වාර්තා වලට අනුව 2024 වසරේ මුල් මාස 6 තුල එක්සත් රාජධානිය විසින් ශ්‍රි ලාංකිකයන්ට නිකුත් කල Entry වීසා ප්‍රමාණය 7,381 ක් වේ. ඒ අතරින් 5,228 රැකියා වීසා සඳහා වන අතර 1,224 ක් අධ්‍යාපන අරමුණින් පැමිණෙන්නන් සහ එම පවුල් වල අය වෙනුවෙන් නිකුත් කල වීසා වේ. මීට අමතරව වසරේ මුල් මාස 6 තුල පමණක් සංචාරක වීසා 12,891 ක් බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලාංකිකයන්ට නිකුත් කර තිබේ.

2024 වසරේ මුල් මාස 6 තුල දී අධ්‍යාපනය හා රැකියා ඇතුළු විවිධ සංක්‍රමණික වීසා යටතේ ශ්‍රි ලාංකිකයන් 8,243 දෙනෙකු වීසා අයදුම් කර ඇති අතර ඒ අතර අයදුම්පත් 1,020 ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව 7,381 දෙනෙකු සඳහා වීසා පිරිනැමීමට මෙරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.ඊට අමතරව මෙම වසරේ ගෙවුනු මාස 6 තුලදී ශ්‍රි ලාංකිකයන් 21 දෙනෙකු විසා සහිතව මෙරට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එක්සත් රාජධානියේ ගුවන් තොටුපළ වලදී හා අනෙකුත් තොටුපළ වලදී නැවත හරවා යවා තිබේ. වලංගු වීසා බලපත්‍රයක් දරන්නේ උවද බ්‍රිතාන්‍යය දේශසීමා බලධාරීන් සෑහීමකට පත්නොවන අවස්ථිවකදී රටට ඇතුළුවීම ප්‍රතික්ෂේප කර නැවත හරවා යැවීමේ අයිතිය එම නිළධාරීන් සතුවේ.

2024 වර්ශයේ මුල් මාස 6 ට සාපේක්ෂව 2023 වසරේ මුල් මාස 6 සලකා බැලීමේදී පසුගිය වසරේ මුල් මාස 6 තුල ලංකාවේ සිට එක්සත් රාජධානියට පුද්ගලයන් 11,886 දෙනෙකු සංක්‍රමණය වී ඇති අතර ඒ අතරින් අධ්‍යාපනය සඳහා පුද්ගලයන් 4,150 දෙනෙකු සහ රැකියා වීසා මත 6,637 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. එම කාලසීමාවන් දෙක සංසන්දනය කිරීමේදී පසුගිය වසරේ මුල් මාස 6 ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 6 තුල ශ්‍රි ලංකාවේ සිට මෙරටට සංක්‍රමණය වූ පුද්ගලයන් සංඛාව 4,505 කින් පහත වැටී ඇත. ප්‍රධාන වශයෙන් අධ්‍යාපනික වීසා සහ රැකවරණ සේවක වීසා මත පැනවූ නව වෙනස්කම් මෙම ප්‍රබල වෙනසට හේතුවිය හැකියැයි අපට උපකල්පනය කල හැකි වේ.

ඒ අතර. 2024 වසරේ මුල් මාස 6 තුලදී පමණක් ශ්‍රි ලාංකිකයන් 2,684 දෙනෙකු සඳහා බ්‍රිතාන්‍යය පුරවැසිභාවය පිරිනමා තිබේ. ඒ අතරින් පුද්ගලයන් 2,193 දෙනෙකු මෙරට වසර පහක් හෝ අදාළ කාලය රැඳී සිට ලැබූ සුදුසුකම් මත බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබාගෙන ඇති අතර පුද්ගලයන් හා දරුවන් 491 දෙනෙකු ලියාපදිංචිය මගින් පුරවැසිභාවය ලබාගෙන ඇත. කෙසේ උවද පසුගිය රජය මගින්‍ ආරම්භ කල බ්‍රිතාන්‍යයට පැමිණෙන සංක්‍රමණිකයන් සීමා කිරීමේ ප්‍රතිපත්තිය මෙම රජය මගින්ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති හෙයින් ඉදිරියේදී එක්සත් රාජධානියට පැමිණෙන සංක්‍රමණිකයන් ප්‍රමාණය තවදුරටත් පහත වැටීමට නියමිත වේ.

තිලාන් ජයසේකර

ඔබේ වීරයා ඔබම තමයි

ආත්මාභිමානය අපි හැම කෙනෙක් තුළම වර්ධනය විය යුතු අනිවාර්ය සාධකයක් ලෙස පෞද්ගලිකව මම දකිනවා. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දිනාගත් භෞතික හා ආධ්‍යාත්මික ජයග්‍රහණ හමුවේ නිහතමානීව සතුටුවීමට මෙන්ම‍, කොපමණ උත්සහ කළත් තමාට ළඟාවීමට නොහැකි වූ දිනුම් කණු අභිමුව යළි ප්‍රකෘති තත්වයට පත්වීමට තමා තුළ තිබූ ශක්‍යතාවට කෘතවේදී වියයුතුයි. ඒ ගැන නිතර සිහිපත් කළ යුතුයි. ඒ තුළින් තමාට තමා කෙරෙහි ඇතිවෙන අභිමානය ඉතා ප්‍රබල සිතිවිල්ලක් .

ආත්මාභිමානය හේතුවෙන් ඕනෑම පුද්ගලයකුට තමා ගැන ප්‍රියමනාප බවක්‍, ආදරයක් වගේම විශ්වාසයක් ගොඩ නැගෙනවා. එය කෙනෙක්ගේ මානසික ඒකාග්‍රතාව තහවුරු කරන උත්තේජකයක්.

අනිත් අත⁣ට‍, ඔයා ගැන හොඳින්ම දන්නේ ඔයා. හැකි හැම වේලාවකම තමන්ගේ අවංක උත්සාහයන් පිළිබඳව තෘප්තියක්‍, සාධාරණ තක්සේරුවක් පවත්වාගැනීමට වගබලා ගනිමු. මොකද මේ සිතිවිලි ක්‍රියාදාමය‍, අද දවසේදී වගේම හෙට දවසේදීත් ඔබව නිවැරදි ඉලක්ක හා අනපේක්ෂිත අභියෝග සාර්ථකත්වය ජයගැනීමට සුදුසු පුද්ගලයකු බවට පරිවර්තනය කරන නිසා.

ඔබේ වීරයා විය යුත්තේ ඔබයි. ඔබ මුහුණ දෙන සෑම අභියෝගක්ම‍, හෙට දවසේ ඔබ ඇතුළු ඔබේ ආදරණීයයන්ගේ සිනහ⁣ව වෙනුවෙන් අද කරන කැපකිරීමයි. ඉතින්‍, කාටත් කලින් ඔබ ඉහළට ඔසවා තැබිය යුත්තේ ඔබමයි.

දිමුතු සේනාදි

LIFE CIRCLE

ජීවිතය යනු වර්ධනය, සංවර්ධනය, අභියෝග සහ ජයග්‍රහණ ඇතුළත් විවිධ අවධීන් මගින් සලකුණු කරන ලද ආකර්ෂණීය ගමනකි. ළමා වියේ අහිංසකත්වයේ සිට මහලු වියේ ප්‍රඥාව දක්වා ජීවිතයේ සෑම අදියරක්ම අද්විතීය අත්දැකීම් සහ පාඩම් ඉදිරිපත් කරයි. ජීවිතයේ කවය ආරම්භ වන්නේ උපතින්, නව පුද්ගලයෙකුගේ පැවැත්මේ ආරම්භය සනිටුහන් කරන ආශ්චර්යමත් සිදුවීමකි. ශීඝ්‍ර වර්ධනය, රැකබලා ගන්නන් මත යැපීම සහ කුතුහලය දනවන දෑස් සහ ග්‍රහණය කර ගන්නා දෑතින් ලෝකය ගවේෂණය කිරීම මගින් සංලක්ෂිත ළදරු අවධිය අනුගමනය කරයි.

ළදරුවන් දරුවන් බවට පරිණාමය වන විට, ඔවුන් ස්වයං-සොයාගැනීමේ සහ ඉගෙනීමේ ගමනක් ආරම්භ කරයි, අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම, සබඳතා ගොඩනඟා ගැනීම සහ ඔවුන්ගේ අනාගතය සඳහා අඩිතාලම දමයි. යෞවනයන් අනන්‍යතා ගොඩනැගීම, සම වයසේ මිතුරන් හා සමාජීය අපේක්ෂාවන් වැනි සංකීර්ණතාවල සැරිසැරීම නිසා නව යොවුන් විය එහිම අභියෝග සහ පරිවර්තනයන් ගෙන එයි. මෙම කාල පරිච්ඡේදය බොහෝ විට කැරැල්ල, ස්වයං-සොයාගැනීම සහ ස්වාධීනත්වය ලුහුබැඳීම මගින් සලකුණු කර ඇත.

තරුණ පරිණතභාවය ගවේෂණ අවධියකට පිවිසෙන අතර, එහිදී පුද්ගලයන් තම මාවත් සකස් කර, අධ්‍යාපනය සහ වෘත්තීය ඉලක්ක හඹා යෑම සහ ලෝකය තුළ තමන්ව පිහිටුවා ගනී. එය තමාගේ අනාගතය හැඩගස්වන තේරීම් කරමින්, අලුතින් සොයාගත් වගකීම් වැලඳ ගන්නා කාලයකි. වැඩිහිටි විය එය සමඟ විවිධ භූමිකාවන් ගෙන එයි – වෘත්තීමය සිට පුද්ගලික දක්වා, සහකරුගෙන් දෙමාපියන්ට – එක් එක් ඉල්ලා සිටින අවධානය, උත්සාහය සහ වර්ධනය.

පුද්ගලයන් මැදි වයසට යන විට, වෘත්තීය සානුව, පවුල් ගතිකත්වය වෙනස් කිරීම සහ ඔවුන්ගේ ජීවිතයේ අරමුණ පිළිබඳ ආවර්ජනය වැනි අභියෝගවලට ඔවුන් මුහුණ දිය හැකිය. මෙම අදියර බොහෝ විට අභ්‍යන්තර පරීක්‍ෂණයක්, නැවත ඇගයීමක් සහ ප්‍රමුඛතාවල වෙනසක් ඇති කරයි. ජීවිතයේ පසු වසර, විශ්‍රාම යෑම සහ අහිමි විය හැකි අලාභය මගින් සංලක්ෂිත, පරාවර්තන කාල පරිච්ඡේදයක්, ප්‍රඥාවක් සහ අනාගත පරම්පරාවන්ට දැනුම ලබා දීමට අවස්ථාවක් ලබා දෙයි.

අවසාන වශයෙන්, ජීවන චක්‍රය වර්ධනය, වෙනස් වීම සහ අනුවර්තනය වීමේ නිරන්තර ක්‍රියාවලියකි. එය අපගේ අනන්‍යතාවයන් සාමූහිකව හැඩගස්වන සහ අපගේ උරුමයන් නිර්වචනය කරන විවිධ අත්දැකීම්, සබඳතා සහ සන්ධිස්ථාන මගින් සලකුණු කරන ලද ගමනකි. කුතුහලයෙන්, ඔරොත්තු දීමේ හැකියාවෙන් සහ කෘතඥතාවයෙන් යුතුව ජීවන චක්‍රයේ සෑම අදියරක්ම වැළඳගැනීමෙන් පුද්ගලයන්ට පැවැත්මේ සංකීර්ණතා මඟහරවා ගැනීමටත් ජීවිතයේ සුන්දර පටිවල අර්ථය සොයා ගැනීමටත් ඉඩ සලසයි.

අහිමි හිමිකරු

අපහාස මැද නැගිටීම

කෙනෙක් ඔයාව ඍජුව හෝ වක්‍රව උදහාසයට‍, අපහාසයට‍, නින්දාව⁣ට ලක් කර තියනවාද? එබඳු අවස්ථාවක ඔබගේ ප්‍රතික්‍රියාව කුමක් විය යුතුද? 

බෞද්ධ දර්ශනයට අනුව ගත්තත්‍,  කම්පා නොවිය යුතු එක ධර්මතාවක් විදියට නින්දා‍ව‍ විග්‍රහ කරලා තියනවා. සැබැවින්ම සත් සිතින් කරන ලද ක්‍රියාවක් උනද‍, තවත් කෙනෙකුගේ දෝෂාරෝපණයට‍, විචාරයට හේතුවක් වෙන්නට පුලුවන්.

නමුත්, අවැඩක් යැයි සම්මත දෙයකට වඩා‍, කිසියම් සුබවාදී ප්‍රතිඵල අපේක්ෂාවෙන් නියැලුණු උත්සාහයක් හෝ ඊට අවංකවම දායකවූවකු දෝෂාරෝපණයට‍ ලක් කිරීම සදාචාරාත්මක නොමැති බව නම් අවිවාදයෙන් පිලිගන්න පුලුවන්.

වයසින් මුහුකුරා යත්ම‍, අත්දැකීම් වලින් පෝෂණය වෙත්ම‍, ජීවිතය පිළිබඳ සැබෑ අවබෝධයට ළඟාවෙන්න පහසු වෙනවා. හැබැයි හැම කෙනාටම නෙවෙයි. අපි ගනුදෙනු කරන‍, ගැටෙන හැම කෙනා සතුවම ඇත්තේ මෙකීජීවිත අවබෝධය පිළිබඳ වෙනස් පරාසයන්. හරි වැරැද්ද තෝරා බේරා නොගෙන නිරපරාදේ පුද්ගලයකු ⁣හෝ කණ්ඩායමක් හෝ ක්‍රියාවලියක් ඉලක්ක කරගෙන  දෙස් දෙවොල් දෙන අය අපිට දකින්නට වෙලා තියෙන්නේ ඒ නිසයි .

එහෙම පුද්ගලයන්ගේ  ආකල්ප සංවර්ධනය අවශ්‍ය මට්ටමට වඩා අඩු තැනක තිබෙන්නට පුළුවන් . එහෙමත් නැත්නම් ජීවිතයේ යම් අවධියක ඔවුන් ලද අත්දැකීම්‍ නිසා තවත් කෙනකේ නිකරුණේ අපහසුතාවට පත්කරනවා වෙන්නත් පුළුවන්.

කොයි හැටි වෙතත්‍, ඔබ උගත් ශිල්පයක්‍, අත්දැකීමක්‍, කුසලතාවක් හිතකාමී ප්‍රයත්නයක අමුද්‍රව්‍ය වෙනතාක් කල්‍, ඔබ කරා එල්ල වන නින්දා අවලාද පිළිබඳ තීරණය ගැනීම සොබාදහමට බාර කරමු.

දිමුතු

අපි Magazine සමගින් All Sri Lankans in UK සමුහය සමගින් කරන ලද සංවාදය

01. නින්නාද 2024 කියන බ්‍රිතානයයේ යේ දවස්වල කවුරුත් කතා බහ කරන අලුත්ම

රියැලිටි වැඩසටහන කායේ නිර්මාණයක්ද?

Concept Crew සමගින් BlacKBoX Events & Media එක්ව All Sri Lankans in UK

community එක යවනුයවන් අතිශය ප්‍රථම වතාවට දියත් කරපු යදවැනි CSR වයාපෘතිය

තමා නින්නාද 2024 කියන්යන.

02. Concept Crew සමගින් BlacKBoX Events & Media එක්ව නින්නාද 2024 වයේ CSR

project එකක් කරන්න හිතුයන?

ඇත්තටම කියන්න සතුටුයි, Concept Crew සමගින් BlacKBoX Events & Media වයේම

All Sri Lankans in UK community එක දැක්මක් තියයනවා, හැම යේලායවම යවනස්

යදයක් කරන්න. අපි දැක්යක බ්‍රිතානයයේ සිටින ශ්‍රී ලාාංකිකයන්ට එයාල හදවතින්ම

ආදරය කරන වයේම රස විදින ලාංකායේ සාංගිතය අහිමි යවලා කියන එක. ඒ වයේම අපි

අතර එකමුතුවක් හදන්න සාංගිතය කියන්යන යහාද තැනක් කියන එක. ඒ වයේම

ගායනය, වාදනය හා ඒ යදකම තියන දක්ෂතා සහිත අවුරුදු 18 වැඩි අයේම සහෘදයන්ට

සාංගිතයේ අතහැරුනු තැන නැවත හදල යදන්න ඕන කියන අහිාංසක අරමුණ කිහිපය

නිසාම තමයි අපි නින්නාද 2024 කියන අයේම අලුත් නිර්මාණය එලි දැක්වුයව. අනික

හැම තැනම ලාංකායේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන්යේ Musical events තිබුනත් සාංගිතය

අහිමි වුන හැකියාවන් සහිත අයේ අයට කිසිදු අවස්ථාවක් ලැයබන්යන නැහැ කියන

එකත් අපි ඉතා පැහැදිලිව දැක්ක තවත් එක් කාරණයක්.

ඉතිාං යේ සියලුම අරමුණු සාක්ෂාත් කර ගන්න දියත් කරපු වයාපෘතිය තමා නින්නාද

2024 කියන්යන. කියන්නම ඕන තව වැදගත්ම යදයක් තියයනවා, නින්නාද 2024

කියන්යන කිසිදු ලාභ අරමුණක් ඇතිව කරන වැඩක් යනයවයි. ඒකයි අපි කිේයේ යේක

All Sri Lankans in UK යවනුයවන් Concept Crew එක කරන දැවැන්තම CSR Project

එක කියල.

03. නින්නාද 2024 ට ඒ නම ලැබුයන යකායහාමද කියන්න කැමතිද ?

ඔේ, අපි කවුරුත් එකතු යවලා අයේ යාලුවන්යගන් සහ දන්න හැම යකයනකුයගන්ම

අදහස් අරයගන අවසානයේ අපි “නින්නාද | Ninnaada” කියන ලස්සන වචනය අයේ

නිර්මාණයට යයාදා ගත්තා. නින්නාද කියනයන නැවත නාද යවන කියන එක, ඉතිාං

කාලයක් නිශ්ෂබ්දව ඉදලා සාංගිතයට ආදරය කරන අයයේ හැකියාවන් නැවත මතු

යවනවා කියන අදහස යේ තුල ගැබ් යවලා තියයනවා කියන එක අපි හිතුවා.

04. නින්නාද 2024 කියන්යන ඉතා නිශ්ෂබ්දව පටන් අරන් අද වනවිට මුලු බ්‍රිතානයයේ

ම කතා බහට ලක්යවන අවධානය දිනාගත්ත දැවැන්තම රියැලිටි වැඩසටහන බවට පත්

යවන්න රහසක් තියයනවා ද?

කියන්න වියශ්ෂ රහසක් නැහැ, ඒකට වියශ්ෂම යහ්තුව Concept Crew සමගින් All Sri

Lankans in UK එයක් කැපවීම හා සැලසුේ සහගතව නින්නාද 2024 ඉදිරියට කර යගන

ආපු එක කියල කිේයවාත් නිවැරදියි.

5. නින්නාද 2024 ආරේභයේ ඉදල තරගකරුවන් හදුනාගන්න මට්ටම දක්වා සිද්ද වුන

විදිහ ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

ඔේ, පුලුවන්. නින්නාද 2024 පිලිබදව කැමැත්තක් තියයන අයව පලමුයවන්ම යහේවා.

ඒ සදහා සමාජ මාධය හරහා යමයහම වැඩක් යවනවා කියලා ප්‍රචලිත කලා. ඒ සිාංහල,

යදමල හා ඉාංග්‍රීසි මාධයවලින් කරපු Breaking News එකකින්. අපි නිර්මාණ සකස්

කයලත් අයේම සේපත් යයාදායගන. ඒ මගින් කැමැත්ත තියයන අය 146ක් අපි යසායා

ගත්තා. යදවනුව ඒ කැමැත්ත දක්වපු අයයගන් අයදුේපත් කැයදේවා. අයදුේපත්‍ර 110ක්

අපිට ලැබුනා. ඒ අය සියලුම යදනා එකතු කරල අපි නාන්නාද 2024 නිල වට්ස්ඇේ

සමූහය හැදුවා. ඒ තුලින් තරගකරුවන් දිගින් දිගටම තරගය පැවැත්යවන ආකාරය පිලිබද

දැනුවත් කලා. යේ යවද්දි අපිට යත්රුේ ගන්න පුලුවන් වුනා අපි උත්සාහ දරපු වයාපෘතිය

සාර්ථකයි, දැන් අපි Marketing, Promotions පටන් ගන්න ඕන කියල.

06. නින්නාද 2024 ලියාපදිාංචිය සහ පලමු වටයේ තරගය පැවැත්වුන ආකාරය පිලිබදව

පැහැදිලි කරන්න කැමතිද?

නින්නාද 2024 කියන්යන කිසිදු යදයක් වසන් කරල කරන වැඩක් යනයවයි.

තරගකරුවන්ට උපරිම සාධාරණයක් කරන්න නින්නාද 2024 උත්සාහ කරනවා

කිේයවාත් නිවැරදි යි. අපි කැමැත්ත දක්වපු හැම යකයනක්ටම ලියාපදිාංචි අයදුේපත්

යැේවා. ඒ අයයගන් 110 යදයනක් ලියාපදිාංචිය අයදුේපත් එවලා තිබුනා. ඒ අය මුලු

බ්‍රිතානයය නියයෝජනය කරන ස්යකාට්ලන්තය, යේලස්ය හා එාංගලන්තය කියන රටවල්

තුයන් විවිධ ප්‍රයද්ශයේ නියයෝජනය කරනවා.

ලියාපදිාංචි සියලුම යදනායගන්ම පලමු වටයේ දී අපි උත්සාහ කයල් සාංගිතයට

කැමැත්තක් තියයන ගයන්න, වයන්න, ගයන්න හා වයන්න කියන ආකාර 03නම

තියයන හැකියාව හදුනගන්න. ඒ අනුව අපි පලමු අදියයර්දී තමන්ට කැමති විදිහට

තමන්යේ නිර්මාණයක් වීඩියයෝ එකක් විදිහට එවන්න අවස්ථාව දුන්නා. පලමු අදියයර්

තරගය පිලිබද නිති රීති පිලිබදව ඔවුන් හැකි පමණ online meeting මගින් දැනුවත් කලා.

ඒ අනුව තරගකරුවන් 92 ක් තමන්යේ වටිනා කාලය කැප කරල ලස්සන නිර්මාණ අපි

යවත ජූලි මස 04 යවනිදා යවද්දි ලබා දීලා තිබුනා. පලමු අදියයර් තරග ප්‍රතිඵල නියමිත

දිනයට ලබා යදන්න සාංවිධායක මණ්ඩලය විදිහට අපි තරගයේ විනිශ්චය මණ්ඩලයේ

සහය ලබා ගත්තා.

07. තරගයේ විනිශ්චය මණ්ඩලය ගැන සදහනක් කයලාත් ?

තරගය විනිශ්චය කරනයන ක්යෂ්ත්‍රයේ ප්‍රවීණ සාංගිතය පිලිබදව මනා හැකියාවක්,

පලපුරුද්දක් හා අත්දැකීේ තියයන ලාංකායේ නමගිය සුවියශ්ෂී එකතුවක්. දිමන්ක

යවල්ලායේ, තීක්‍ෂණ අනුරාධ, පියත් රාජපක්ෂ සහ සාංජුල හිමාල යන අය නින්නාද 2024

පුරාවටම විනිශ්චය කටයුතු කරනවා. දිමන්ක කියන්යන යහාද අත්දැකිේ බහුල

ගායකයයක්. තික්ෂණ කියන්යනත් ජනප්‍රිය ගායකයයක්. පියත් කියන්යන යහාද

නිර්මාණශිලී ගායකයයක්. Audio engineering, music composing වයේම

නිර්මාණයකරණයට හැකියාව තියයන යකයනක් තමා සාංජුල කියන්යන. යේ

සුසාංයයෝගය නින්නාද 2024 නිවැරිදි දිශානතියට රැයගන යන්න කරන කැපකිරීේ අපි

හදවතින්ම අගය කරනවා.

8. නින්නාද 2024 පලමු වටයයන් පස්යස යදවැනි වටය පැවැත්වුන ආකාරය පැහැදිලි

කයලාත්,

නින්නාද 2024 පලමු වටයයන් යත්රී පත්වුන අයේ ආදරණීය ශ්‍රී ලාාංකිකයන්ට යදවැනි

වටයයදි තිබුයන 100% ප්‍රායයෝගික අත්දැකීමකට මුහුණ යදන්න කිේයවාත් ඉතාම

නිවැරදියි. යදවැනි වටය අදියර 03ක් යටයත් Manchester, London සහ Cardiff කියන

නගර තුන යක්න්ර කරගනිමින් Live Audition පැවැත්වුනා. Manchester Live Audition

එක පැවැත්වුයන් ජූලීමායස් 17 වැනිදා Little Lanka Restaurant එයක්. ඒ සදහා 19 ක්

එනේ 100% සහභාගීත්වය ක් තිබුනා. ඒ වයේම Little Lanka Restaurant එයකන් ආහාර

පාන, ස් ථානය සපයමින් Live Audition hosting partner විදිහට දුන්න සහයයෝගය

වියශ්ෂයයන්ම මතක් කල යුතුමයි.

යදවැනි Live Audition එක පැවැත්වුයන් London නියයෝජනය කරමින් Reading 1843

Hotel එයක්. එදින සහභාගිත්වය 49 කින් 42 ක් වුනා. ජූලි මායස් 21 වැනි දිනය පුරාවටම

Reading 1843 Hotel ස් ථානය ලබාදීමට කලමණාකාරීත්වය ලබා දුන් සහය

අනිවාර්යයයන්ම අගය කල යුතුමයි.

යතවැනි යහවත් අවසාන Live Audition එක පැවැත්වුයන් යවල්ස්හි අගනුවර Cardiff

නියයෝජනය කරමින් Pontypridd හි Ceylon Express Restaurant හි ජූලී මායස් 23. ඒ

සදහා එම ස් ථානය සපයමින්, ආහාර පාන ආදියයන් කරන ලද සාංග්‍රහයන්

අනිවාර්යයයන්ම අගයකල යුතුම යවනවා. එදින සහභාගීත්වය 17ක්. යේ Live Audition

වගකීේ සහිතව ආවරණය කිරීමට නියරෝෂ් පුමුඛ නිල යර්ඩියයෝ සහකරු විදිහට FM

Adawiya පූර්ණ කැපවීමක් යමන්ම අඛණ්ඩ සහයක් ලබාදීම සිහිපත් කල යුතුම යවනවා.

Live Audition සදහා ලස්සන පසුබිේතලය මුරණය කර ගැනීමට Liverpool Lankan

Alliance ප්‍රජාව අපිට අනුග්‍රහය දැක්ූවා. යේ ක්‍රියාවලිය පුරාවටම Concept Crew සහ All

Sri Lankans in UK සැමයේ අසීමාන්තික කැපවීම ද අගය කල යුතුයි.

9. නින්නාද 2024 යදවැනි අදියයර් ප්‍රතිඵල සමගින් මීලගට යමාකද යවන්යන කියල

පැහැදිලි කයලාත්.

ඇත්තටම අපි හිතුවට වඩා UK වල ලාංකායවන් ආව සාංගිතයට දක්ෂයයෝ ඉන්නවා කියල

දැනුයන යදවැනි වටයේ Live Audition වලදි. ඒ තරේ ලස්සනට තම හැකියාවන් කවුරුත්

උද්යයෝගයයන් ඉදිරිපත් කරන්න තම කාලය, ශ්‍රමය හා ධනය කැප කරයගන ඇවිත්

ඉන්නවා දැකීම තුල ඔවුන් නින්නාද 2024 ගැන තියබන විශ්වාසය තහවුරු යවනවා. ඉතිාං

ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට අපි සාංවිධායක මණ්ඩලය විදිහට උපරිම

කැපයවනවා. තවද තරගය පුරාම යේ පවත්වායගන විනිවිදභාවය, සාධාරණය හා

අපක්ෂපාතීවය, තරගකරුවන් යමන්ම යේක්ෂකයන් ද අගය කරන බව අපි දන්නවා. ඒ

විශ්වාසය අනුව යේ වන විට යදවැනි අදියයර් සියලුම Live Audition පටිගත කිරරිේ

විනිශ්චය යකාලඔ අධිතාක්ෂණික Pearl Bay ශබ්දාගාරයේදී විනිශ්ච මණ්ඩලය යටයත්

සිදුයවනවා. ඒ තරග ප්‍රතිඵල ආයගෝස්තු මස 24 වැනි දිනයට නිකුත් කරන්න අවශය

සියලුම කටයුතු යේ දිනවල ලහි ලහියේම සිදු යවනවා. ඒ විතරක් යනායවයි

තරගකරුවන්ට ජනප්‍රියත්වය ලබායදන්න යදවැනි වටයේ පටිගත කල සියලුම ගීත

නින්නාද නිල Facebook පිටුව හරහා සමාජ මාධයය යවත නිදහස් කරන්නත් සියලුම

කටයුතු සුදානේ.

10. නින්නාද 2024 යතවැනි වටය පැවැත්වීමට සැලසුේ කරල තියයන විදිහ පැහැදිලි

කයලාත්,

ඇත්තටම අපි යදවැනි වටයේ ප්‍රතිඵල ලබාදුන් වහාම යතවැනි වටය සදහා Cover Song

process එක ආරේභ කරනවා. ඒ සදහා බ්‍රිතානයයේ යතෝරාගත් ශබ්දාගාරයක දී යදවැනි

වටයයන් යතෝරාගත් සියලුම තරගකරුවන් තම පටිගත කිරීේ කරන්න ඕන. ඒ සියලුම

නිර්මාණ නින්නාද 2024 නිල Facebook පිටුව හරහා සාමජ මාධය යවත කඩිනමින් මුදා

හරිනවා. එහිදි සමාජ මාධය ප්‍රතිචාර ඇගයීමට සලකා බලනු ලබන අතර සමස්ථ

නිර්මාණය සදහා 50% ඇගයිේ ලකුණු ලැයබන්යන විනිශ්චය මණ්ඩලය මගින්. සමාජ

මාධයවලින් 25% ක් සහ Voting මගින් 25% ක් විදිහට ඇගයිේ ප්‍රතිඵල මත නින්නාද

2024 සුපිරි තරු යසායායන්න සැලසුේ කරල තියයනවා.

11. නින්නාද 2024 තරගයේ අවසාන යවන්යන යකායහාමද කිේයවාත්,

යතවැනි වටයට සුදුසුකේ ලබන සියලුම යදනා අවසාන මහා ප්‍රසාාංගික රාත්‍රියට නිල

වශයයන් සහභාගීවීමට සුදුසුකේ ලබා අවසන්. ඔවුන් තනි තනිව යහෝ සමූහ වශයයන්

තම කුසලතාවයන් නින් නාද 2024 අවසාන මහා රාත්‍රියේ දී ඉදිරිපත් කරන්න ඕන. ඒ

සදහා අවශය සැලසුේ සාංවිධායක මණ්ඩලය තරගකරුවන් යවත දැනුවත් කරන් න

සුදානමින් ඉන්නවා. එම නිර්මාණ ඉදිරිපත් කරන දක්ෂතම තියදයනක් නින්නාද 2024

අවසාන ප්‍රසාාංගිත යේදිකායේ දී පලමු, යදවැනි හා යතවැනි ස්ථාන සදහා කුසලාන ලබා

දීමට සියලු කටයුතු සුදානේ. Primetop (Liverpool) Limited යවතින් වටිනා යමෝටර්

රථයක් නින්නාද 2024 කිරුල හිමි ජයග්‍රාහකයා යවත ලබාදිමට සුදානේ. මීට අමතරව

All Sri Lankans in UK යවතින් නින්නාද 2024 ගායන හා වාදන තරගයට සහභාගී ූ

සියලුම යදනාට සහභාගිත්වය සදහා වටිනා සහතිකයක් ලබාදීමටත් සැලසුේ කරල

තියයනවා. නින්නාද 2024 යමයලස කරලියේ යපලහරට රැයගන එන්යන All Sri

Lankans in UK සමූහයේ නිල මාධයසහකරු වන BlacKBoX Events and Media විසින්

බවත් නින්නාද 2024 සාංවිධායක මණ්ඩලය විදිහට සිහිපත් කරන්න කැමතියි.

12. නින්නාද 2024 අවසාන මහා ප්‍රසාාංගිත රාත්‍රිය වර්ණවත් යවන්යන යකායහාමද කියල

විස්තර කයලාත්,

ඇත්තටම නින්නාද 2024 අවසාන මහා ප්‍රසාාංගික රාත්‍රිය පැවැත්යවන්යන 2024

ඔක්යතෝබර් මායස් 12 වැනිදා Cardiff හි Radission Blu තරු පයහ් Hotel පරිශ්‍රයේදී. ඊට

සමගාමීව ලාංකායේ ජනප්‍රිය හා ඒ වයේම නින්නාද 2024 තරගය විනිශ්චය කරනු ලබන

විනිශ්චය මණ්ඩලය නියයෝජනය කරනු ලබන සියලුම යදනා එදින යේ ජයග්‍රාහී රාත්‍රියේ

දී සාංගිතවත් යවනවා. තීක්ෂණ අනුරාධ, සාංජුල හිමාල, දිමන්ක යවල්ලාලයේ,

පියත්රාජපක්‍ෂ, දුලාන් ARX සමගින් නින්නාද නිල සන්නාම ප්‍රවර්ධනයට නේ කර සිටින

සඳනි ප්‍රනාන්දු යන ලාංකායේ නමගිය ජනප්‍රිය තරු නින්නාද 2024 අවසාන රාත්‍රියේ

Naadha Live in Concert වර්ණවත් කරනවා. යේ සියල්ල යේ ආකාරයට සිදුකරන්න

අපිට අභියයෝග රැසක් තිබුනා, තවමත් තියයනවා. ඒ සියල්ලටම අපට නන් අයුරින් සහය

ලබායදන අනුග්‍රාහකභවතුන් සියලුම යදනා යගෞරවයයන් මතක් කල යුතු යවනවා.

යමාකද නින්නාද 2024 කියන කුලුදුල් උත්සාහය යේ තාක් වර්ණවත් කලාට. ඒ වයේම

යමම සමස්ථ වයාපෘතියේ පිරිවැය ආවරණය සදහා පවුේ 30කට Early bird discount

එක්ක ටිකට් පත් 400 ක් අයලවි කරන්න සැලසුේ කරල තියයනවා.

13. නින්නාද 2024 සාංවිධායක මණ්ඩලය විදිහට අවසන් වශයයන් කියන්න තියයන්යන

යමානවද?

ඇත්තටම නින්නාද කියන්යන අලුත් සාංකල්පයක්, අලුත් වැඩක්, අලුත් අභියයෝගයක්.

මීට කලිනුත් යේ විදියහ රියැලිටි වැඩසටහන් බ්‍රිතානයයේ යවලා තියයනවා. අපි

දැනගත්ත ඒ හැමයදයක්ම පිලිබද අවයබෝධයක් ලබායගන නින්නාද 2024 අපි එලි

දැක්වුයව. අභියයෝග මැදින් සාංගිතයට ආදරය කරන සාංගිතය ජීවිතය කර ගත් අයේම

මිනිසුන් යසායා යන යමම උත්සාහය සාර්ථක කර ගන්න අපි තවදුරටත් ශ්‍රී ලායක්ය

ජ්‍රජායේ සහයයෝගය, අනුග්‍රහය යමන්ම දායකත්වය අයේක්ෂා කරනවා. තව එක යදයක්

කියන්න ඕන, නින්නාද 2024 යේ දක්වා සාර්ථකව කරන්නට අපිට විශාල සහයයාගයක්

ලබාදුන් සියලුම ශ්‍රී ලාාංකායේ හා බ්‍රිතානයයේ සියලුම අනුග්‍රාහකත්ව ආයතන සියල්ලටම

නේ වශයයන් නැතත් හදවතින්ම යපාදුයේ සිහිපත් මතක් කිරීම අයේ යුතුකමක්. ඒ

වයේම අත්දැකීේ බහුල Liverpool Lankans Alliance, Wales Api, Ravana Events වයේ

community වලින් ලැබුනු අදහස්, මගයපන්වීේ අපිව තවත් දිරිමත් කලා. ඒ වයේම

නින්නාද 2024 අවසාන ප්‍රාසාාංගික අත්දැකීම දක්වා සාර්ථකව කර යගන යාම අපයේ

පරම යුතුකම බව අපි තවදුරටත් මතක් කරන්න කැමතියි.

14. නින්නාද 2024 න් පස්යස් යේ තරගකරුවන්ට යමන්ම ජයග්‍රාහකයන්ට යමාකද

යවන්යන කියල පැහැදිලි කයලාත්,

ඒක ඉතාම වැදගත් ප්‍රශ්ණයක්. නින්නාද 2024 ඇත්තටම යකටි කාලයක් තුල අවසන්

කරන්න සැලසුේ කරපු වයාපෘතියක්. අපි තරයේ විශ්වාස කරනවා අපිට ප්‍රමාණවත්

කාලයක් තිබුනා නේ යේ උත්සාහය තවත් වර්ණවත් කරන්න තිබුනා කියලා. ඒත් අපි

අයේ උපරිමයයන් තරගකරුවන්ට උපරිමම යද් කලා. ඒ වයේම කරනවා. අවසාන මහා

ප්‍රාසාාංගික රාත්‍රියේ ජයග්‍රහණය කරන තියදනාට තමන් විසින් නිර්මාණය කරන සාංගිත

නිර්මාණයක් එලිදක්වන්න All Sri Lankans in UK අපි උපරිම අනුග්‍රහය ලබා යදන්න

කටයුතු කරනවා. ඒ වයේම ඔවුන්යේ ජනප්‍රියත්වය තවදුරටත් ප්‍රවර්ධන කරන්න

BlacKBoX Events & Media සැලසුේ කරනවා. ඒ වයේම කඩිනමින් අලුත්ම යවනස්කේ

රැසක් එක්ක, නින්නාද 2025 පිලිබදව එලි දක්වන්නත් අපි සුදානේ. තවත් කලහැකි

යදයක් තියයනවා නේ අපි ඒ ගැන වියශ්ෂ අවධානයක් දක්වන්න හරිම කැමත්යතන්

ඉන්නවා.

15. නින්නාද 2024 සාංවිධායක මණ් ඩලය විදිහට යේ සාංවාදය අවසන් කරන්යන

යකායහාමද,

පලමුයවන්ම අපි Magazine සාංස්කාරක මණ්ඩලය යවනුයවන් ගයාන්ට, Concept Crew

සමගින් All Sri Lankans in UK හදවතින්ම ස්තුතිවන්ත යවනවා ‘නින්නාද 2024’ ගැන

කායලෝචිත සාංවාදයක් ඇති කරන්න අවස්ථාව ලබාදීම ගැන. ඒ වයේම වියශ්ෂ ස්තුතියක්

කරන්න ඕන යමම කර්තවයයට නිබදවම යස්ච්ඡායවන් ශක්තිය සපයන All Sri Lankans

in UK සමුහයේ නියයෝජනය කරන චන්දීර, ක්‍රිෂී, සමීර සහ හෆ්සා ඇතුලුව Concept Crew

අධයක්ෂක මණ්ඩලය යවනුයවන් යදෝනා සහ නිලුෂා යන යදපලට. ඒ වයේම නින්නාද

2024 අයේ කුලුදුල් උත්සාහය වර්ණවත් කරන සියලුම ශ්‍රී ලාාංකික තරගකරුවන්ට ස්තුති

වන්ත වන ගමන් ඔවුන්යේ ජයග්‍රාහී අනාගතයකට හදවතින්ම සුභ පතනවා.