සඳගලතැන්න

සඳගලතැන්න හරහා සිරිපා කරුණාව – 02 වන කොටස

( අප්‍රෙල් මස සඟරාවෙන් පළමු කොටස කියවන්න )

    පුදුමාකාර ලස්සන වටපිටාවක් පහු කරගෙන අපි කැලේ ඇතුලේ අඩිපාරදිගේ ඉදිරියට ඇවිදගෙන ගියේ වටපිට සුන්දරත්වය විදිමින්… මෙවර නමි මම කවි කිය කිය තමයි ගමන ආරමිභ කලේ.. එ තරමි සතුටකින් මම සිටි බව කියන්නම ඔින…. ලස්සන දොල පාරවල් , ගස්කොළන් විතරක් නෙවෙයි නේකවිද කැලෑ මල් දැක්කාම ඉ⁣බෙිටම තුන්සරනේ කවි කියවෙනවා…. සුන්දර වනලැහැබ හිතම වශිකරගෙන… එක යායට පිපි තබුණු පුංචි මල් වගයක් හරියට පින්න වගේ….. එක යායට තියන නෙලු ශාක වල පත්‍ර වැස්සට තෙමිලා දිලිසෙනවා… එවා දිහා බලාගෙනමයි ඉන්න හිත… කවි සිංදු කිය කිය යන අතරමග සිරිපා කරුණාකරන තවත් දෙදෙනෙක් අපිට හමුඋනා… එ විතරක් නෙවෙයි ඉහල කඩ වලට බඩු අදින කමිකරුවන් අපිට හමුඋනා… ඔවුන්ගේ ගමනට කිසිදු බාදාවක් නොකර අපි හයදෙනා ඇවිද ගියේ පුදුමාකාර සතුටකින්…

    හවස එකට පටන්ගත්ත ගමන සඳගලතැන්න ගල්තලාවට ලගා වෙද්දි හවස 3.05යි.. අපිට මද වර්ෂව නිසාත් ඦායාරුප ගැනීමට නතරවීමි නිසාත් පැය තුනක් ගතවෙලා…. මෙි ගැන කියන්නම අවශ්‍යයි… ගමනක් යන විට හදිසිකාරයො නැති එක නමි මානසික සුවයක්… වට පිට සුන්දරත්වය විදගෙන හෙමින් ගමනට තමයි මගෙ වැඩි කැමැත්ත… මෙි ගමන ගිය අපි හයදෙනාම එහෙමයි… ගමන පටන්ගත්ත මොහොතේ ඉදන් නැවත නිවෙස් කරා පැමිණෙන්න බස් රථයට ගොඩ වන තුරුත් අපි එකටමයි…

    සුන්දරත්වය තියෙන්නේ ඇස් දෙකෙන් බලාගෙන විදින්න.. ඉතිං මෙි වගෙ සුන්දර නිස්කලංක පරිසරයකට ඇතුල් වෙනවා කියන්නේ විදින්න තියනදේ ගොඩයි… ගස් කඳන් තවත් ජිවයකට ඉඩ දිලා අපුර්වත්වයක් මවලා… තෙත බරිත පාසි වගේම මීවන ශාක විසල් ගස් වෙලාගෙන… තැනින් තැන ඇසෙන වතුර ගලන් යන හඬ හරියට සංගීතයක් වගේ… හිතම වශි නොවුනොත් පුදුමයි..

     සඳගලතැන්නෙදි අපිට තවත් නඬ දෙකක් දැගන්න හැකි උනා… රාත්‍රිය එහි ගත කරන්න කුඩාරමි බදින පිරිසක් වගේම සිරිපා කරුණාකරලා පහලට බසින නඬයක් සඳගලතැන්න ගල් තලාවෙිදි අපිට හමුඋනා… අපි දවල් ආහාරය ගත්තේ සඳගලතැන්නෙදි…. පාන් එක්ක සීනිසමිබල් අපේ කුසගින්න නිවා දැමුවා….. සීතලෙ වෙවුලන ගමන් ඇතීන් විටින් විට මීදුමි සළුවෙන් වෙලාගන්න සමනොළ කන්ද දිහා බලාගෙන අපි හැමොම හිටියෙ පුදුමාකර සතුටකින්…. මෙි සමනොළ කන්ද ගැන මොනතරමි නමි ජනප්‍රවාද කතා තියනවාද.. සුමනසමන් දෙවියන් ගැන විස්තර මම මීට පෙර අපි මැගසින් එකෙන් ඔයාලට අරන් ආවා. එ නිසා මෙවර එ පිළිබදව අවශ්‍ය නැතියි සිතනවා… නමුත් අපේ නඩෙි චානක මල්ලි නමි අපේ අයට සමනළ කන්ද ගැන වටිනා විස්තර ටිකක් සඳගලතැන්න ගල් තලාවෙිදි පැවසුවා….

     හාස්කමි ඇති භුමියක් වෙතට පැමිණෙන විට අපි කවුරුත් පේ වෙලා එන්න ඔින.. කිලිකුණු නැතුව නිර්මාංශව…. විශේෂයෙන් කැලෑ පාරවල් වල… මං වැරදිමි වෙනවා බොහො අයට මම දැකලා තියනවා… කට වරද්දා ගැනීමි නිසා කරදර වෙන බවයි වැඩිහිටියන් පවසන්නේ.. එ දෙවල් කොහොම උනත් අපි පැරණි කියමන් වලට ගරු කරන්න ඔින… වැඩිහිටියො නිකමි කට කහනවාට කියන කතා නෙවෙයි….

     මෙි මාර්ගයේ යාමේදී සුන්දර දිය කඩිති කිහිපයක් හමුවෙනවා… බීමට සුදුසු පිරිසිදු වතුර, එත් බොන්න කලින් දියපාරේ ඉහළ ටිකක් පරික්ෂා කරලා බලන්න… කැලය නිසා මිය ගිය සතෙක් වැටි සිටියහොත් කැලෙන් පිටතට එන්න පෙර ඔබ ලෙඩ වෙන්න පුළුවන්…. එ නිසා එ ගැන කල්පනාවෙන්… එ වගේම තමයි වෙනත් අඩි පාරවල් බොහෝ දුරට ශාක වලින් වැසි තිබෙනවා.. එ නිසා අවදානයෙන් නිවැරදි මාර්ගයේම ගමන් කරන්න…. මෙි මාර්ගය යායට වැවුණු නෙලූ අතරින් ඝන මීදුම, සීතල සහ නේකවිද ශාක වලින් අනුන වගේම කුඩල්ලන්ගෙන් අඩු නැති  මාර්ගයක්…. නමුත් වාසනාවකට අපිට නමි කූඩැල්ලන්ගෙන් කරදරයක් සිදු උනේ නෑ දෙහෙනකන්දේදි වගේ…..

       මෙි මාර්ගයේ යන විට නල්ලතන්නි මාර්ගයේ පිහිටි යකා ඇඩු ඇල්ල, සාම චෛත්‍ය දැකගන්න පුළුවන්…. හැබැයි මෙි සමස්ත මාර්ගය පුරාවටම කඩ නමි නෑ, විදුලි ආලෝකය වගේම වැසිකිලි පහසුකම්ද නෑ…..  එත් දිවියන් බහුලව ගැවසෙන ඉසව්වක් වන නිසාම කිසිසේත්ම රාත්‍රී ගමන් සුදුසු නැති බව කියන්න ඔින… එ වගේම තනිව රාත්‍රි ගමනත් අවදානමි…. හිදිසියකදි කරදරයක් උනොත් ඔබට ඔබ පමණයි…. මෙි මාර්ගය බොහෝ දුරට භාවිතා කරන්නේ නල්ලතන්නිය මාර්ගයේ ඉහල කඩ වලට බඩු අදින කම්කරුවෝ…

     මෙි ගැනත් කියන්නම ඔින පවුල් පිටින් එන නඩ වගේම කැලය සම්බන්දයෙන් කිසිම අවබෝදයක් නොමැති පිරිසට මෙම මාර්ගයේ යාම ජිවිත වලට පවා තර්ජනයක් ඇති ගමනක් වන්න පුළුවන්… විශෙෂයෙන් වයොවෘර්ධ අය දරුවන් වගේ අයට මෙි මාර්ගය ඇත්තෙන්ම සුදුසු නෑ…  එ නිසා කියන්නේ අසනීප තත්වයක සිටිනවා නමි කැලෑ මාර්ගවල ගමන් කිරිමෙන් වලකින්න…. දැන් රැල්ලක් වෙලානේ දරුවන් ලැබෙන්න ඉන්න අමිමලා සිරිපා වන්දනාවෙි යෑම… ඉතිං එවැනි අය නමි මෙවැනි දුෂ්කර මාර්ග වල ගමන් කිරිමෙන් වැලකි සිටිනවා නමි හොදයි… කරදරයක් සිදු උවහොත් නිරපරාදේ සුමනසමන් දෙවියන්ටයි එ සැදැහැවතුන්ගෙන් බැනුමි අහන්න වෙන්නේ… එහෙම බැතිමතුන්නේ ලංකාවෙි ඉන්නේ…..

        සඳගලතැන්නෙන් ගමන ආරමිභ කරලා අපි නැවත ඉතිරි දුරත් හෙමින් ගමන් කලේ අවට සුන්දරත්වය විදගෙනමයි… හරියටම හවස 4.45ත් 5ත් අතර අපි සඳගලතැන්න මාර්ගය නල්ලතන්නි මාර්ගයට එකතුවෙන තැන මහාගිරිදබෙිට අපි හය දෙනාම පැමිණියා….. ලස්සන ගමනක් පටන් ගෙන එසේ පැමිණියත් මගෙ හිතේ සතුට තත්පරයට වෙනස් උනේ නල්ලතන්නි මාර්ගය දැකලා…. ඇති උනේ ලොකු කළකිරීමක්… එ තරමි අපිරිසිදුයි නල්ලතන්නි මාර්ගය… මුත්‍රා ගඳ විතරක් නෙවෙයි ප්ලාස්ටික් බොතල් පොලිතින් හැමතැනම.. එ වගේමයි සඳගලතැන්න මාර්ගයත් නල්ලතන්නි මාර්ගයත් එකතුවෙන තැන මළපහා කරන්න තරමි මිනිස්සු නින්දිත වෙලා….ඇත්තමයි මට වාරේ සිරිපා කරුණාව එපා උනා කිවහොත් හරි….

      මට හිතාගන්න බෑ…. මෙි තරමි සුන්දර පරිසරයක් මිනිස්සු මෙි විදිහට ජරා කරන්නේ කොහොමද කියලා…. ඇත්තමයි සත්තු ඉන්න තැන් පිරිසිදුයි එත් මිනිස්සු එ තැන්වලට ගියොත් එතනත් ඉවරයි…. මෙි තරමි විනාසයක් සමනළ අඩවියට සිදු වෙද්දි පරිසරවෙිදින් ඇස් කන් පියාගෙන ඉන්නවා , හැබැයි සිරිපා වාරේ අවසන් වෙලා ආවාරේ සිරිපා කරුණාකරන පිරිස දුටු සැණින් එ පරිසරවෙිදින් අවදිවෙනවා..  අවාරේ සිරිපා යනවාට බැන වදිනවා. ගිය වර දෙහෙනකන්දෙන් අවාරේ සිරිපා කරුණා කරන බව පැවසු පසු මටත් අයෙක් බැන වැදුණා පරිසරය විනාස කරන්නයි අවාරේ යන්නේ කියලා… මං අහනවා එ අයගෙන් අවාරේ විතරයිද සමනළ අඬවිය විනාස වෙන්නේ වාරේ එහෙම වෙන්නේ නැද්ද කියලා… මං දැක්ක දෙයක් තමයි වාරේ යන අයට වඩා අවාරේ යන අයයි වාරේ ගිය අයගේ කුණු පහලට අරන් ඇවිත් සිරිපා මාර්ග පිරිසිදු කරන්නේ… කලකිරිමක් පමණයි මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉතිරි වන්නේ….

අවසානයෙදි මම බුදුන් වදින අත් දෙක එකතුකරලා ඔයාලාගෙන් ඉල්ලන්නේ මෙි ලස්සන පරිසරය විනාස කරන්න එපා.. රැගෙන යන ඔයාලාගේ කුණු ටික නැවත ගෙදර අරන් යන්න තරමි කාරුණික වෙන්න….. ඉතාමත් සංවෙිදි පරිසර පද්දතියක් ඇති සමනොළ අඬවිය මතු පරපුරටත් පරිස්සමි කරලා දෙන එක අපේ වඟකිමක් බව සිතට ගන්න.. යන්න එ සුන්දර පරිසරය විදින්න…. එත් ඔබ රැගෙන යන සියළු දෑ නැවත රැගෙන යන්න….

( ගමන පුරාවටම මගේ ඦායාරුප මට අරන් දුන්න චානක මල්ලිටත් පැතුම් මල්ලිටත් බෙහෙවින් ස්තුතියි )

නිසංසලා රණසිංහ

ජීවිතාවර්ජනය

අපේ ජීවිතවලට අභියෝග විවිධාකාරයි. අභියෝග, ප්‍රශ්න, හිත් රිදීම් වගේම සතුටු මොහත වල් ජීවිතය ජීවත් කරවනවා. ජීවිත වර්ජනය තුළින් සමාජයෙන් මගහැර මාතෘකාවක් පිළිබඳව මම ඔබ හමුවට ගෙන එන ලබනවා. කාලකන්නි ජීවිත ගත කරමින් සිට ජීවිතයේ සැබෑ අරුත වටහා ගත් මිනිස් ජීවිතවල පසුවිපරම් ඒ.

අද කතාව ඔබ මෙතෙක් කියපු සත්‍ය කතාවන්ට වඩා වෙනස්. පවුල් සංස්ථාව බිඳ වට්ටමින් සමාජයේ වියරුවක් ව ඇති මත් ද්‍රව්‍ය,  මත්පැන් මිනිස් ජීවිතවලට කරන විනාසය ඔබ මම හිතනවට වඩා අතිශය භයානක බව අද ඔබට වැටහේවි.

අද කතා නායකයා මා මේ අකුරු කරන මොහොත වන විට පනස් පස් වසරක් ජීවත් වී තම  දිවිගමනට සමු දී අවසන්. අතිශය කඩවසම් පුරුෂ දේහයකින් හෙබි ඔහු ජාලිය ලෙස මම හඳුන්වමි.

ජාලිය පිළිගත් සමාජ හා ආර්ථික පසුබිමකින් යුත් පවුලක එකම පිරිමි දරුවායි. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී. 

ජාලිය  මොනාටද addict  වෙලා හිටියේ?

මත්පැන් වලට 

කොච්චර කල් ඉදලා ද? කොහොමද ඒක වුණේ?

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ  මම කායවර්ධන ශූරිය ලෙස එක්තරා තරඟයකින් තේරී පත්වුනා. ඊට පස්සේ මම කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියා. ගොඩක් ළමයි මගේ ජිම් එකට ආවා.  මං සුවපහසු ජීවිතයක් ගත කළා.  ඒත් මගේ ආසාව තිබ්බේ වෙන දෙයක්. මම ලංකාවේ ආරක්ෂක අංශයට බැදුනා. මම යුද්ධයටත් ගිය කෙනෙක්. එහි සිදුවන යම් යම් ක්‍රියාකාරකම් මට ආතතිය ඇති කළා. ඒත් සමගම මම ටිකින් ටික මත්පැන් ම බොන්න පටන් ගත්තා. මට depression ඇති වුණ නිසා මගේ දෙමව්පියෝ එතනින් මාව අයින් කර ගත්තා. ඊට පස්සේ මම රැකියාව සඳහා ගියේ රටේ පිළිගත් ප්‍රධාන පෙළේ ආයතනයකට. මම හොඳ නිලයක් දරපු නිසා සැලකිය යුතු වැටුපක් ලැබුණා. ඒ ස්ථානය නිසා මට නිතර නිතර මත්පැන් ඇස ගැටුනා. නොදැනීම මම මත්පැන් වලට ඇබ්බැහි වුණා. මේ වෙනකොට මම විවාහ වෙලා සිටියෙ.

ජාලිය පුනරුත්ථාපනය වුන කෙනෙක් ඒ අත්දැකීම් අපිට කියන්න.

බීමත්කම නිසා ගෙදර හරියට ගැටුම් ඇති වුණා. මේ වෙනකොට මට පුතෙක් හිටියා. 

ගෙදර ප්‍රශ්න නිසා මගේ දෙමව්පියන් හිතවතකුගේ මාර්ගයෙන් නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදයට මාව යොමුකලා.  එතන හිටපු සහෝදරයෙක් මාව මඩකලපුවේ තියෙන පුනරුත්ථාපන කඳවුරට ගෙන ගියා. මම එතැනට කැමැත්තෙන් ගියත් ඒ යනකොටත් මම බෝතලයක් විතර බීල ඉඳල තියෙන්නෙ. එතන මාස තුනක් ඉඳලා ආවත් , මට බීම නවත්වන්න බැරි වුණා. ඇතුලෙ ඉදිද්දි නොබී හිටියට එලියට ආවම මට ආයෙත් බොන්න ඕන වුණා. මේක මහා  කරුම ඇබ්බැහිවීමක්. පුනරුත්ථාපනය වෙන්න මගේ රැකියා ස්ථානයෙන් මට නිවාඩු ලබා දුන්නා. ඒ ඇවිත් නැවත මම රැකියාවට ගියා. 

ජාලිය ගේ බිරිඳ දරුවා මොන වගේ තත්ත්වයකට මුහුණ දුන්නේ ?

මගේ බීමත්කම නිසා අපිට තිබුණු දෙමහල් නිවසත් විකුණන්න සිද්ධ වුණා. මගේ පුතාට මාව පෙන්නන්න බැරි වුණා. ඒත් මගේ බිරිඳ මාව කවදාවත් දාලා ගියේ නැහැ. මම එයාට අදටත් ණයගැතියි. පුදුම ඉවසීමක් එයාට තියෙන්න ඇත්තේ. දවසක් මං හොඳටම බීලා ඇවිත් බිරිඳගෙ කකුල් දෙකට කඩුවෙන් කෙටුවා. වාසනාවට මම එදා කොටලා තියෙන්නේ මුවහත් පැත්තෙන් නෙවෙයි. ඒත් අවුරුදු ගානක් එයාට බෙහෙත් කරන්න වුණා. 

පුනරුත්ථාපනය වුනත් ඔබ ඇබ්බැහි වීමෙන්  සම්පූර්ණයෙන් සුව වුණු කෙනෙක් නොවෙයි. මොකක්ද ඒකට හේතුව?

රැකියා කරන ස්ථානයෙන් තුන් වතාවක් මට අවවාද කරලා අවසානයේ මාව රැකියාවෙන් ඉවත් කළා. නැවතත් මගේ  සහෝදරියෝ එකතු වෙලා මාව එඩේරමුල්ල පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළා. ඒ වෙනකොට මම පවුලට, නෑදෑයන්ට ලොකු කරදරයක් වෙලා තිබුනේ. මධ්‍යස්ථානය ඇතුලේ ඉන්නකම් මට නොබී ඉන්න පුළුවන්. ඔවුන් අපිට කෙටි නිවාඩු ලබා දෙනවා. අපේ ස්වයං විනය පරික්ෂා කරන්න. ඒත් ඒ එක දවසක වත් මට නොබී ඉන්න  බැරි වුණා. මම සෙන්ටර් එකේ ඉදලා ගෙදර යන්න බීලා. මට මගේ හිත පාලනය කරගන්න බෑ. ආසාව එලියට එනවා. ඊට පස්සේ මම එතන පාලනාධිකාරියට කියලා  දිගටම එතන ඉන්න තීරණය කළා. එහෙම ඉන්නකොට මගේ දරුවත් බිරිඳක් සතුටින් කාලය ගත කලා. මාව ඉන් පස්සේ එතන කාර්ය මණ්ඩලයට  බඳවා ගත්තා. මම හොඳින් වැඩ කළා. එළියට ගියාමයි මට පරීක්ෂාව ඇතිවෙන්නෙ. ඒ නිසා මම ගෙදර යන එක නතර කළා. ඒත් මම සෙන්ටර් එකේ ඉන්නකොට අසනීප වුණා. පසුව දැන ගත්තා මං මම ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව. 

එතැනදී නැවතත් මගේ ජීවිතේ කඩාගෙන වැටුනා. නිතරම මම සෙන්ටර් එකෙන් එළියට ආව බෙහෙත් ගන්න. දවසක් එහෙම එළියට ආපු මම ආයෙත් සෙන්ටර් එකට ගියේ නැහැ. මට දැන් ජීවත් වෙන්න බලාපොරොත්තුවක්   නැහැ. තව ටික දවසකින් මම මැරෙනවා. ඒ නිසා මොකටද නොබී ඉන්න කියලා මම ආයෙත් බොන්න පටන් ගත්තා. මේ කරුණු ඇබ්බැහිවීමෙන් මට මිදෙන්න බැරි වුණා. මගේ පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන්න මට බැරි වුණා. මගේ හිතේ තියෙන්නෙ ලොකු පසුතැවිල්ලක් විතරයි. දැන් මගේ පවුලෙ අයට මං බිවුවත් එකයි නැතත් එකයි ගානයි. එයාලා මං වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා. මටයි හැදෙන්න බැරි වුනේ. පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකේදීම අපිට හැදෙන්න පුළුවන් හොඳම විදිහට අපව හැඩ ගස්සනවා. හැදෙන්න අපිටත් කැපවීමක් උත්සාහයක් තියෙන්න ඕන. ඒ වගේ ලැබෙන අවස්ථාවක් මම වගේ ඇබ්බැහි ඉන්නා අය කිසිම දවසක මග ඇර ගන්න එපා. ඒ තමයි අපිට අපේ ජීවිත හදාගන්න ලැබෙන හොඳම අවස්ථාවක්.  මට ඒ අවස්ථාවේ නිසි ප්‍රයෝජන ගන්න බැරි වුනා. 

මගේ පුතා දැන් කඩවසම් තරුණයෙක්. හොඳ රැකියාවක නිරත වෙනවා. එයා  මාත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ දරුවා සාධාරණයි මම ඒ අයට දුන්නු වද වලට.. එයා සතුටින් ජීවත් වෙනවා. ටික දවසකින් මැරෙන්න ඉන්න මට ඒ හොඳටම ඇති.

මම තරුණ දරුවන්ට කියන්නේ අද වෙනකොට හැම තැනම මේ මත්පැන් මත්ද්‍රව්‍ය. මිනිස්සු පුදුම විදිහට අසරණ වෙලා. මේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ජීවිත බිලි දෙන්න එපා. ඇබ්බැහි උනත් අනේ එකෙන් ගැලවෙන්න උත්සාහ කරන්න. මං වගේ කාලකන්නියෙක් නම් වෙන්න එපා.  පුනරුත්ථාපනය වුන හැම කෙනෙකුටම එයින් සම්පූර්ණයෙන්ම සුවය ලබන්න නම් ස්වඋත්සාහයෙන්, ආත්ම දමනය කින්, පරීක්ෂාවට ලක් නොවී ඉන්න හිතට ගන්න. එතකොට ජීවිතය විඳවන්නෙ නැතුව විඳින්න පුළුවන් වෙයි. 

                          ස්තුතියි

                     පියුමි සිල්වා

Trying is Better than Crying!

බැරි දේට අඬනවට වඩා උත්සාහක් වීම ප්‍රභලයි!

 ඒ සාර්ථකත්වය සහ හැඟීම් අතර ඇත්තේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවත්. සාර්ථකත්වය අත් කර ගන්නා අය කිසි විටෙකත් ඔවුන්ට බාධක ආවිට කඳුළු සලමින් කාලය නාස්ති කළේ නෑ.ඔවුන් දැන සිටියා හඬන මිනිසුන් කිසිවිටෙකත් සාර්ථක නොවන වග. සාර්ථකත්වය හා ජයග්‍රහණය යනු දෙකකි. නමුත් සියලු දෙනා උත්සාහ කරන්නේ සාර්ථකත්වය අත් කර ගැනීම නොවේ. ඔවුන් සැමවිටම උත්සාහ කරන්නේ ජයග්‍රහණය කුසලානය අත්කර ගැනීමටත් සාර්ථකත්වයක් අත් කර ගැනීමටයි.නමුත් සාර්ථකත්වය යනු තරගයක් හඹාගොස් කුසලානයක් අත්කර ගැනීම  පමණක්ම නොවේ, අභියෝග ජයගෙන ඒවාට මුහුණ දී කටුකත්වයත් සුන්දර මල්  යහනාවක් කර ජීවිතයම ජය ගැනීමයි. සාර්ථකත්වය  ඉතා අපැහැදිලිය. එය ජයගන්නේ මිලියන ගණනින් කීපදෙනකු පමණි.

 ලෝකයේ බිහිවුණු සාර්ථක දැවැන්ත චරිත කිසිවිටෙකත් සාර්ථකත්වය කරා ගමන් කිරීමේ දී එන ගැටලු බාධක හමුවේ හඩමින් කාලය නාස්ති කර දැමුවේ නැත. ඔවුන් එම කාර්යයක් උපයෝගී කර ගනිමින් නැවත නැවත උත්සාහ කරමින් කෙසේ හෝ සාර්ථකත්වය හඹා යෑමට උත්සුක විය.ලෝකයේ බිහිවුනු ප්‍රබල සාර්ථක චරිත ගැන අපි අසා තිබෙනවා. ඔවුන් නික්ම යෑමෙන් පසු වත් මිනිසුන් ඔවුන් අනුකරණය කරමින් සාර්ථකත්වය සඳහා ආදර්ශ  ගන්නවා. ඇල්බට් අයින්ස්ටයින්,චාල්ස්ඩාවින්, සොක්‍රටීස්, තෝමස් එඩිසන්, ඒබ්‍රහම් ලින්කන්,චාලි චැප්ලින්, හෙන්රි ෆෝඩ්,බිල් ගේට්ස්, මහත්මා ගාන්ධි ආදීන්  අප මවිතයට පත් කරන නම් කිහිපයකි.ඉහත සදහන්  කල සියලුම පුද්ගලයින්  සාර්ථකත්වය  ළගා කර ගැනීමේ රහස් අපට කියා දුන්නා.     “අත් නො හැර නැවත නැවත උත්සාහ කිරීම”ඉන් එකකි.

සාර්ථකත්වය ළඟා කරගැනීම නිසැකවම ඉතා අපහසුය.එහි මාවත බලවත් අසාර්ථකත්වයකන් ගෙන් පිරී තිබේ. අප ක්‍රියාත්මක විය යුත්තේ නොපසුබට උත්සහය සහ සාර්ථක වීමට අධිෂ්ඨානය පෙරදැරිවයි. ඔබ සාර්ථක වීමට උනන්දුවෙන් වැඩ කරන විට එන බාධක හමුවේ දුක් වී හඬා වැටීමෙන් කිසිම ප්‍රයෝජනයක් නො වේ.එම නිසා එන සියලු අභියෝග හමුවේ උනන්දුවෙන් උත්සාහවන්තව කටයුතු කරන්න.

 එවිට ඔබගේ අවසානය  කිසිම විටෙක කඳුළු සැලීමක් නොවෙනු ඇත.             

ඔබට ජය!                 

 සටහන නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ .

සඳගලතැන්න හරහා සිරිපා කරුණාව

01 වන කොටස

  ඔන්න මං අදත් ආවෙි මම 2023 මාර්තු 03න් වෙනිදා ගිය තවත් ලස්සන සුන්දර ගමනක් ගැන ඔයාලාට කියන්න… වෙනදා වගේම ආරාධනා කරනවා එකතුවෙන්න මාත් එක්ක ලස්සන තැන් ගැන විස්තර දැනගන්න.. දවසක ඔයාලටත් එ තැන් බලන්න යන්න ආස හිතෙයි…

         නිල් වන් අහස්කුස විදගෙන වළාකුළුත් වට කරගෙන විරාජමානව ⁣පෙනි සිටින දිව්‍යලොකය වගේ තැනක් ගැන කිවුවාම කවුරුත් දන්නවා එ කොහෙද කියලා….. එ තමයි මගේ හදවත බැදි කන්ද සමනොළ කන්ද ගැන…  මෙවර කියන්න යන්නෙත් සමනොළ තරණය කරන්න අපි හයදෙනෙක් තොරාගත්ත ⁣අලුත් පාරක් ගැන….. අහලා තියන විදිහට සමනොළ කන්ද තරණය කරන්න පාරවල් හතක් තියනවා.. ඉතිං මගේ ආසාව මෙි හැම පාරකින්ම සිරිපා වදින්න යන්න… එ නිසාම අපි මෙවර යන්න කතා කරගත්තේ මාරේ වතුයාය ,රජමලේ වත්ත, සඳගලතැන්න හරහා සමනොළ කන්දට… සිරිපාදේ යන්න කෙටිම සුන්දරම මාර්ගය තමයි මෙි සඳගලතැන්න හරහා මාර්ගය…

      හීනයක්….. හීනයක්ම වෙන්නට නොදුන්න ගමනක්…. මෙි ගමන යන්න ඇත්තටම මං හීන දැක්කා…. මොකද ගොඩක් අය කියලා තිබුණා මෙි මාර්ගය දුෂ්කර වගේම ඉතාමත් සුන්දර වනගත මාර්ගයක් කියලා…. ඉතිං මං ආසම එ වගේ දුෂ්කර ගමන් යන්නමනේ….. කොයිතරමි අපහසු උනත් එවැනි ගමනකදි ලබන අද්දැකිමිවල වටිනාකම කියලා නිමක් නැ….. එ නිසාම මම මගේ යාළුවොත් එක්ක මෙවර සඳගලතැන්න හරහා වාරේ සිරිපා කරුණාකරන්න කතා කරගත්තා….

    ඉතිං මෙි ගමන යන්න 2023/03/03 වෙනිදා නුවරින් හවස 5.20ට තියන නානුඔය දුමිරියෙන් මමයි වාසනයි දෙන්නා හැටන් එකට ආවා… ගමන යන්න කතා කරගත්තේ පහු වෙනිදා උදෙට, එ කියන්නේ 4 වෙනි සෙනසුරාදා උදේ…. ගමන උදෙන්ම පටන්ගන්න ඔින නිසාමයි කලින් දවසේ අපි හැටන් එකට ගියේ… ඉතිං මෙි සිරිපා වාරේ නිසා හැටන් දුමිරියපලේ විශ්‍රාම ශාලාවෙි නමි ඉඩක් නැති තරමි.. කොහොම හරි මමයි මගේ මිතුරිය වාසනයි දෙන්නා අපේ අනික් සඟයො දෙන්න පැතුමි ,චානක එනකමි විශ්‍රාම ශාලාවෙි පැත්තක් අල්ලන් නිදාගත්තා….

ඉතිං හරිම සුන්දර ගමනක්… ගමන පටන්ගත්ත වෙලාවෙි ඉදන් මම නමි හිටියේ කියාගන්න බැරි තරමි සතුටකින්… සිරිපාදේ යන්න දුරින් අඩුම මාර්ගය විදිහට සැලකෙන්නේ මෙි සඳගලතැන්න මාර්ගය තමයි… එකට හෙතුව 7km පමණ සුන්දර තේ යායවල් මැදින් වාහනයක උනත් යන්න පුළුවන් නිසා.. කැලෑ පාර තියෙන්නේ 5kmක් වගේ. ටිකක් දුෂ්කරයි.. එත් හිතට සැණසිල්ක් ගෙන එන ගමනක්..

   මාඋස්සාකැලේ පාලම පහු කරලා සුමනසමන් දේවාලයත් වැදගෙනම නල්ලතන්නියට එන විට නල්ලතන්නියට බස් හොල්ටි දෙකක් මෙහායින් මුල්ගම හන්දිය හමුවෙනවා…. මුල්ගම හංදියෙන් Fishing Hut / මරේ වතුයාය මාර්ගයට හැරෙන ස්ථානය හමුවෙනවා ( 6°49’30.0″N 80°31’39.0″E). අපි නමි නල්ලතන්නිය බස් එකේ ඇවිත් මෝහිනි ඇල්ල බලන්න එතනින් බැස්සා… හරියටම මෝහිනි ඇල්ල ලගට එද්දි වෙලාව උදේ 9.15. මෙවර අපේ ගමනට නල්ලතන්නියෙන් අලුත් යාළුවො දෙදෙනෙක් එකතු උනා එ තමයි දර්ශන් වගේම ජීවා…. ගිය වර දෙහෙනකන්දෙන් සිරිපා කරුණාකරලා හැටන් පාරෙන් පහලට බහිද්දි තමයි මට දර්ශන්ව අදුනගන්න ලැබුණේ…….. මෝහිනි ඇල්ලත් බලලා අපි එතනින් පා ගමනින්ම පිටත් උනා ඈතින් පේන සමනළ කන්ද දිහා බලාගෙනම මුල්ගම හන්දියට….

    මුල්ගම හන්දියට එද්දි උදේ 9.55යි…  මුල්ගම හන්දියට ගියාම එතැනින් වමට තියනවා පාරක්….. Fishing Hut , මරේ වතුයායට යන මාර්ගය…. එතන ඉදන් 7km පමණ ගමන් කරලා සිරිපා මාර්ගය ආරම්භ වන ස්ථානයට රජමලේ වතුයායට (6°48’01.7″N 80°31’29.9″E) පැමිණිය හැකියි… මෙම මාර්ගයේ පැමිණෙන විට අවසන් කිලෝමීටරයට පෙර නැවතත් ඔබට හන්දියක් හමුවෙනවා (6°47’53.6″N 80°31’30.6″E) , එහි Fishing Hut සහ සිරිපාදය ලෙස පුවරු සඳහන් කර තිබෙනවා දකින්න පුළුවන්.. එතනින් උඩහට ඇති සිරිපා මාර්ගය තොර ගෙන රජමාලේ වතුයායට පැමිණෙන්න පුළුවන්…. අතරමග කඩ එහෙ⁣මත් තියනවා අවශ්‍ය දෙයක් මිලදි ගන්න පුළුවන්… මොනවා උනත් රජමලේ වතුයායට නමි මට හිත ගියා. පදිංචි වෙන්න ඇත්නමි කියලා හිතුනා.. එ වෙන දෙයක් නිසා නෙවෙයි… එ තරමි එ පරිසරය සුන්දරයි එ ජිවිත සරලයි..

තව දෙයක් කියන්න ඔින මෙි මාර්ගයේ එනවා නමි බස් රථයක් තියනවා.. නල්ලතන්නියෙන් එ බසය තියන වෙලාවට එන්න පුළුවන්…… නැත්නමි මුල්ගම හන්දියෙන් ත්‍රිවිල් එකක් හයර් එකට අරන් එන්න පුළුවන්.. අපි නමි පා ගමනින් 400m විතර ඇවිත් අවුව සැර වැඩි නිසා ත්‍රිවිල් එක්ක තමයි ගියේ… මෙි වෙලාවෙි ත්‍රිරොද රථයේ රියදුරු මල්ලිවත් මතක් කරනවා… මොකද අපේ ගමනට කිසිම හදිසියක් කලේ නෑ.. අපිට අපේ නිදහසේ යන්න පුළුවන් උනා… එ යන ගමන් Gartmore ඇල්ල Viewpoint එක බලන්නත් ගියා… ඇත්තටම එක නමි පාරාදිසයක්… තව මරේ වතු යාය, මාඋස්සා කැලේ ජලාශය, මරේ ඇල්ල සහ Fishing Hut නැරඹිය හැකියි… අපි සිරිපා මාර්ගය ආරමිභ වෙන තැනට එද්දි වෙලාව හවස එකයි… මොකද අපි ගාටිමොර් viewpoint එක බලන්න ගිය නිසා ටිකක් වෙලාව ගත උනා…

රජමලේට ආවට පස්සේ ත්‍රිවිල් මල්ලිට සමු දිලා අපි හය දෙනාම ගමන පටන්ගත්තෙ සමන්දෙවිහාමුදුරුවන් සිහිකලාමයි… හීනයක් වගේ ගමනක් ආරමිභ කරන්න සුදාණමි වෙද්දිම අහසත් කළු කරගෙන වැහි පොද යමිතමි වැටෙන්න ගත්තා කැලෙට ඇතුල්වෙන තැන ඉද්දිම… කොකටත් කියලා කුඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න ඔින දෙවලුත් කරගෙන කැලෙට ඇතුල් උනේ ගහක අත්තක් කඩලා දෙවියන්ට බාරහාර වෙලාමයි…. මඟ දුරක් යද්දි වැස්ස පටන්ගත්තා…. වැස්ස කියන්නේ කැලේක යදිද් තියෙන්නම ඔින දෙයක් කියලා තෙරුනේ මෙි වතාවෙි තමයි… වැස්සේ උනත් වාසනාවකට කුඩැල්ලෙක් නමි අපි කාටවත් දකින්නවත් ලැබුණේ නමි නෑ….

ගමනේ තවත් විස්තර දෙවනි කොටසින් අරන් එනකමි බලන් ඉන්න…..

නිසංසලා රණසිංහ

මහා බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සමඟින් අපි

එක්සත් රාජධානිය තුළ ශ්‍රී ලාංකේය සප්ත ස්වරයේ අනන්‍යතාවය විදහා දක්වමින් ඉතාමත් කෙටි කාලයක් තුළ ස්ථාවර හා ශක්තිමත් ගමනක් යාමට වෙර දරණ සංගීත කණ්ඩායමක් ලෙස ” Roots සංගීත කණ්ඩායම ” හඳුන්වා දිය හැකි ය. 

2019 වර්ෂයේදී සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත ව කැල්ෆ්සෝ සංගීත කණ්ඩායමක් ලෙස තම මූලික ප්‍රවිශ්ඨය තබන්නට ඔවුනට හැකි විය.

චිලාන් ඩි සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් රූට්ස් සංගීත කණ්ඩායම ආරම්භ වේ. සමන් ඩි සිල්වා නම් වූ ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතය හා බයිලා සංගීත කලාව තුළ නොමැකෙන මතකයන් සනිටුහන් කළ දක්ශ කලාකරුවාගේ අඩිපාරේ යමින් ඒ ගුරුහරුකම් සහ ආභාසයන් උකහා ගනිමින් තමන්ට ආවේණික ලෙස ඉතාම කෙටි කාලයක් තුළ සංගීත ලොව දිග්විජය කරන්නට Roots සංගීත කණ්ඩායමට හැකි විය.

මේ වන විට Roots සංගීත කණ්ඩායම රාත්‍රී ප්‍රිය සම්භාෂණ , උපන්දින සාද, විවිධ උත්සව අවස්ථා සඳහා සමස්ත සංගීත කණ්ඩායම වශයෙන් මෙන්ම ඔබගේ අවශ්‍යතාවයට අනුකූල ව හා උචිත ආකාරයට කණ්ඩායම් සාමාජිකයන් දෙදෙනෙකු – තිදෙනෙකු වශයෙන් වුවද සංගීතය සපයන්නට සූදානමින් සිටින අතර ඔබගේ උත්සව ස්ථානය අනුව නිවෙස්- එළිමහන් හෝ හෝටල් පරිශ්‍රය තුළ ආදී වූ මේ සෑම ආකාරයකින් ම ඔවුන්ගේ රසික ප්‍රජාව වෙත ස්වකීය සේවාවන් සැපයීමට අනලස් ව සැදී සිටියි. එලෙස සංගීතය සැපයීම සඳහා දිනෙන් දින යාවත්කාලීන වන සංගීතමය මෙවලම් හා නවීන තාක්ෂණය මනා ලෙස සම්මිශ්‍රණය කරමින් අපූර්වතම සංගීත රසයක් සිය ප්‍රේක්ෂක රසිකයන්ට තිළිණ කරන්නට ඔවුන්ට හැකි වී ඇත.

එසේම Roots සංගීත කණ්ඩායම ඉදිරියේදී තමන්ටම ආවේණික වන අයුරින් සුවිශේෂී වූ නිර්මාණ කිහිපයක් සිදුකිරීමේ අපේක්ෂාවෙන් පසු වේ. 

වර්තමානයේදී එතරම් නො ඇසෙන පැරණි ගීත නව සංගීත ශෛලියකට මුසු කොට නවමු ආකාරයකින් – නව රසයකින් යුතුව ප්‍රේක්ෂක හදවත් තුළට ගෙන එමින් ස්වකීය රසික ප්‍රජාව ආමන්ත්‍රණය කරන්නට ඔවුන් සූදානමින් සිටී. 

එසේම Roots සංගීත කණ්ඩායමට ධ්වනික- Acoustic වාද්‍ය වෘන්දයක් ලෙස English , Tamil , Hindi, Baila mix යන ආකාරයේ විවිධ ශෛලීන්ගෙන් හා විවිධ භාෂාවන්ගෙන් තම රසික ප්‍රජාව අමන්දානන්දයට පත් කරන්නට හැකියාව ලැබී ඇත.

තවද Roots සංගීත කණ්ඩයම ස්වකීය නාද මාලාවන් හරහා ලංකාවේ සිට එක්සත්‍ රාජධානියේ සංගීත ප්‍රසංගයන් සඳහා සහභාගී වන ප්‍රවීණ – ජනප්‍රිය – රසික ඔබේ සිත් අමන්දනන්දයට පත්කරවන ඔබ කැමතිම කලාකරුවන් සඳහා පසුබිම් සංගීතය සැපයීමේ කටයුතු වල ද නියැලෙන්නේ රසිකයන්ගේ තෘප්තිය උපරිම කරලමින් මියුරු සංගීත අත්දැකීමක් ලබා දෙන බලාපොරොත්තු ඇතිවයි. 

හිරු නො බසින අධිරාජ්‍යයේ ශ්‍රී ලාංකේය සන්නාමය ලොවට විදහා පාමින් , විවිධ භාෂා ශෛලීන් උපයෝගී කොට ගනිමින් , තමන්ට ආවේණික ලෙස ඉතාම ශක්තිමත් සහ සාර්ථක මෙන් ම ස්ථාවර ගමනක් යන්නට වෙර දරණ චිලාන් ඩී සිල්වා ප්‍රමුඛ Roots සංගීත කණ්ඩායමට උණුසුම් සුබපැතුම් පිරිනමන අතර තමන්ගේ හැකියාවන් උපරිමයෙන් විදහා දක්වමින් සෙසු සංගීත කණ්ඩායම් අභිබවමින් ඉදිරියට පැමිණීමටත් හැකියාව ලැබේවා’යි ඉතාම නිහතමනී ව හා ආදරයෙන් යුක්ත ව ප්‍රාර්ථනා කරමි.

Pranirsha Thiyagaraja

සිංහල ගීත ගායනා කලාම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා.

මෑත කාලයේ පැවති බොහෝ රියලිටි තරග අතර ජාත්‍යන්තරව පිළිගත් සංකල්පයකට අනුව බිහි වු Sirasa Voice Teens වේදිකාවෙන් සිංහල ගීත හරිම අපූරුවට ගායනා කරන දමිළ යුවතියක් අපට දැක ගන්නට ලැබුනා.

දමිළ, හින්දි මෙන්ම සිංහල ගීත නිවැරැදිව උච්චාරණය කර ගායනා කරමින් ප්‍රේක්ෂක ජනාදරය ලබා ගත් ඇය විටෙක නර්තන වින්‍යාසයන්ද හදුන්වා දෙමින් ගායනයෙන් මෙන්ම නර්තනයෙන්ද දක්ෂ බව අපට හෙළි කලා.

ඇයගේ දැඩි කැපවිම, උත්සාහය සහ දක්ෂතාවයන් හොදින් හදුනා ගෙන ඇයට ශක්තියක් වි උර දුන් අපේ රටේ අති දක්ෂ ගායිකාවක් වන විශාරද අභිශේකා විමලවිර මහත්මියටද ආඩම්බරයක් එක කරමින් ඇයට voice teens තරගය ජයග්‍රහණය කරන්නට හැකි වුනා.

ඇයගේ අනාගත බලාපොරොත්තු සියල්ලට ජය පතමින් අපි මෙවර පිළිසදරට sirasa voice teens ජයග්‍රාහීකාව වන දක්ෂ ගායන ශිල්පිනිය ප්‍රනීර්ශා ත්‍යාගරාජා ව එකතු කර ගමු.

🔹ප්‍රනීර්ෂා voice teens තරගයට සම්බන්ධ වුනේ කොහොමද?

Voice teens වැඩසටහනේ ප්‍රචාරක දැන්විම් දැකලා මට ලොකු කැමැත්තක් ඇතිවුනා තරගයට ඇතුලත් වෙන්න. බණ්ඩාරවෙල පැවැත්වුන මුලික වටයේ තෝරා ගැනිම් සදහා මම අයදුම කලා. එහිදි මට අවස්ථාව ලැබුනා තරගයට සම්බන්ධ වෙන්න.

🔹Blind audition එකේදි ඔබ ගායනා කරන්නේ ජනප්‍රිය දමිළ ගිතයක් වන Rowdy Baby. ඔබ එම ගිතය දක්ශ ලෙස ගායනා කල බව සානාථ කරමින් ඔබට coaches හතර දෙනාගේම කැමත්ත ලබෙනවා. ඔබ coach අභිශේකාව තෝරා ගැනිමට හේතුවුයේ කුමක්ද?

Blind audition සදහා ඉදිරිපත් වෙනකොට coaches හතර දෙනාගෙන් කාවද මගේ coach විදියට තෝර ගන්නේ කියලා මට අදහසක් තිබුනේ නැහැ. ගීත ගායනා කර ඉදිරි වට සදහා තේරුන මගේ යාළුවන්ට coaches පුංචි තෑගි වගයක් දිලා තිබුනා.

Welcome to team අභිශේකා කියලා ලියලා තිබුන coarch අභිශේකාව දිපු ලස්සන පොඩි තෑග්ගට මම ගොඩක් කැමතියි වුනා. ඇත්තටම ඒ පුංචි තෑග්ග තමයි coach අභිශේකාව තෝරා ගන්න හේතුව වුනේ.

🔹දක්ශ ජනප්‍රිය ගායිකාවක්, ⁣ලේඛිකාවක් සහ නිවේදිකාවක් වන ඔබගේ coach විශාරද අභිශේකා විමලවීර මහත්මියගෙන් voice teens තරගයේදී ඔබට ලැබුනු සහයෝගය කොහොමද?

Coach අභිශේකාගෙන් මට විශාල සහයෝගයක් ලැබුනා. මම සිංහල ගීත කලින් ගායනා කරලා තිබුනේ නැහැ. සිංහල ගීත ගයනා කරද්දී අපහසු වචන උච්චාරණය සහ ගීතය මතක තියා ගන්නා ආකාරයට වැනි සියලුම දේවල මට coach කියලා දුන්නා.

විශේෂයෙන්ම ඩෙංගු උණ හැදුන අවස්ථාවේදි coach මට ලොකු ශක්තියක් වුනා.

🔹ඉතාමත් දක්ෂ තරගකරුවන් සමග තරගවැදී සතියෙන් සතිය ඉදිරිවට සදහා තේරිපත්වි යැමේදි

Voice teens තරගය ජයග්‍රහණය කරන්න පුලුවන් වේ යැයි ඔබ හිතුවාද? ජයග්‍රහණය පිළිබදව ඔබේ අදහස කුමක්ද?

Blind audition ඉදලාම තරගයෙන් මම ඉවත් වෙයි කියලා පොඩි බයක් තිබුනා.”එහෙම හිතන්න එපා. ඔයාට පුලුවන්. ඔයා තමයි තරගය දිනන්නේ” කියලා coach හැම වෙලාවේදි ම මාව දිරිමත් කලා. voice teens තරගය ජයග්‍රහණය කරන්න ලැබිම මට ලොකු සතුටක්.

🔹දමිල භාෂාව වැඩිපුර භාවිතා කරන කෙනෙක් හැටියට සිංහල භාෂාව සහ සිංහල ගීත ගායනා කිරිමේදි ඔබට ලැබුනු අභියෝග මොනවාද?

සිංහල ගීත ගායනා කිරිම මට ලොකු අභියෝගයක් වුනා. ගීතයේ වචන ඉංග්‍රීසි භාෂාවෙන් ලියාගෙන, නිවැරැදිව වචන උච්චාරණය කරන ආකාරය coach ගෙන් ඉගෙන ගෙන, ගීතය කිපවතාවක් අහලා, පුහුණුවිම කලා.

🔹Voice teens තරගයට සම්බන්ධ වි සිටි කාලයේදී සිදුවුනු අමතක නොවන අත්දැකීමක් පිළිබදව විස්තර බෙදා ගන්න කැමතියිද?

මට උණ හැදිලා ප්‍රතිකාර ලබන කාලයේදි voice teens අර්ධ අවසන් තරගය සදහා සහභාගි වෙන්න සිදු වුනා. මට ඩෙංගු උණ හැදිලා කියලා දැන ගත්තාම මාව රෝහල් ගත කලා. මම coach එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා පුහුණුවිම කලා. අවසන් තරගය සදහා සහභාගි වෙන්න තරගයට දවස් දෙකකට කලින් මට රෝහලෙන් ගෙදර එන්න පුලුවන් වුනා.

🔹Voice teens වේදිකාවේ ප්‍රනීර්ශා ගායනා කල ගීත අතරින් ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉහලින්ම ලැබුනු ගීතය විදියට “සාමි” දමිළ ගීතය හදුන්වන්න පුලුවන්.

ගීතය තෝරා ගැනිම, නර්තනය වින්‍යාසය පුහුණුවිම සහ ලැබුනු ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව අපි දැන ගන්න කැමතියි.

“සාමි” ගීතය මට coach තෝරලා දුන්නේ. මම හිතුවා ගීතය ගායනා කරන ගමන් dance steps ටික කලොත් ප්‍රේක්ෂකයන් කැමති වෙයි කියලා. ගායනයට සහ ඉදිරිපත් කිරිමට මට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා.

🔹 “මගේ රටට දළදා හිමි සරණයි”

ලක්වාසී ලෝකවාසි බෞද්ධ පිරිසට මෙම ගිතය දමිළ ජාතික ඔබේ හඩින් අහන්න ලැබිම ඉතාමත් සුවිශේෂී වෙනවා. මෙම ගිතය ගායනා කිරිමෙන් පසු ඔබට ලැබුනු ප්‍රතිචාර කොහොමද?

Blind audition වටයේ ඉදලා මම දමිළ, හින්දි ගීත ගායනා කලා. මම මුලින්ම සිංහල ගිතයක් ගායනා කලේ knockout වටයේදි. දමිළ ජාතික කෙනෙක් විදිහය සිංහල ගීත නිවැරැදිව උච්චාරණය කර ගායනා කලාට පසුව සිංහල ගීතවලට කැමති ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ප්‍රතිචාරයක් මට ලැබුනා. දළදා මාලිගාවෙහි ආරාධනයෙන් මට එම ගිතයෙහි cover ගිතය ගායනා කරන්නත් අවස්ථාව ලැබුනා.

🔹 ඔබගේ අධ්‍යාපන කටයුතු සහ මෙම තරගය සමබරව කරගෙන යෑම සදහා ඔබගේ දෙමාපියන්ගෙන්, ඔබගේ පාසලේ ගුරුවර ගුරුවරියන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

තරගයේ වැඩ කටයුතු සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යන්න මගේ අම්මායි, තාත්තයි ගොඩක් උදව් කලා. මම තරගය තිබුන කාලයේ කොලඹ නැදෑයෙකුගේ ගෙදර නතර වෙලා හිටියේ. මගේ පාසලේ ගුරුවරුන් අතපසු වුන පාඩම් අතිරේක වෙලාවන් වෙන් කර ගෙන කියලා දුන්නා. පාසලේ මට අතපසුවෙන වැඩ සදහා මගේ යාළුවෝ ගොඩක් උදව් කලා. සමහර යාළුවෝ මගේ පොත් අරගෙන් ගිහින් සටහන් ලියලා දුන්නා. බණ්ඩාරවෙල tamil central college හි මගේ ගුරුවරුන් සහ යාළුවන් ආදරයෙන් මතක් කරන්න ඕනේ.

🔹ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණය අපට ඉදිරියේදී අහන්නට දකින්නට ලැබේවි යැයි අප සිතනවා. සංගීත අංශයෙන් සහ අධ්‍යාපනය අංශයෙන් ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

Coach අභිශේකා සමග ගායනා කල “සබදිනි” වැනි ආරයේ ගීත සහ විවිධ වෙනස් ආරයේ ගිත ඉදිරියේදි ගායනා කරන්න මම හරිම කැමතියි. ඒවගේම ඉදිරියේදි දොස්තරවරියක් වන්නට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සදහා යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


අමා නාකන්දලගේ