
ඔන්න අද අපි කතා කරන්න යන්නෙ විශේෂ මාතෘකාවක් ගැන ඉතින් අද මාතෘකාව තමයි virtual reality එහෙමත් නැත්නම් VR technology සිංහල භාෂාවෙන් කිව්වොත් අතථ්‍ය යථාර්ථය තාක්ෂණය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ,
මොකක්ද මේ Virtual Reality කියන්නෙ.
Virtual Reality (VR) කියන්නෙ පරිඝනකයක් මගින් ජනනය කරණ ලද පරිසරයක් වන අතර පෙනෙන තරම් සහ වස්තූන් පරිශීලකයාට තමන් අවට ගිලී සිටින බවක් දැනේ .reality headset එකක් හෝ හෙල්මට් එකක් වැනි උපකරණයකින් මෙම පරිසරය අප හට අවබෝධ වන අතර අප ඒ මොහොතේ හෝ අනාගත ලෝකයක හෝ කෘතිම පරිසරයක ජීවත් වන බව අපට හැගෙන තාක්ෂණයකි.
බොහොමයක් දෙනා පිලිගන්නා අන්දමට මුල්ම VR මැෂින් එක විදියට හදුන්වන්නෙ Sensorama යන උපකරණයයි. 1950 මැද භාගය වන විට හොයාගත් මේ උපකරණය මෙම තාක්ෂණය වැඩි දියුණු කිරීමේ මූලික පියවර ලෙස හැදින්විය හැක.මෙහි අන්තර්ගතය ලෙස 3D චිත්‍රපට පෙන්වන උපකරණයකින් හා vibrations සහිත පුටුවකින් සමන්විත වෙනවා.පසුකාලීනව ඇති වූ මෘදුකාංග සහ දෘඪාංග වල දියුණු වීමත් සමග අද වන විට බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම තාක්ෂණය දියුණු වී ඇත.
මේවායින් ඇති ප්‍රයෝජන මොනවාද.?
අද බොහොමයක් Comouter games මේ VR තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරලා තියෙනවා.තවද මේ හරහා සොල්දාදුවන් හට යුධ අභ්‍යාස ,සැත්කම් සදහා ඉගෙනගන්නා වෛද්‍යවරුන් සදහා පෙරහුරුවක් ලෙසත් අභ්‍යවකාශ ගඟණගාමීන් සදහ පෙරහුරු වැනි කටයුතු වලදී මේක උපකාරී වෙනවා.
ඔයාලට මතක ඇති X man චිත්‍රපටි මාලාවේ එන Cerebro කියන උපාංගය.මේ VR තාක්ෂණය කියන්නෙ මොන වගේ එකක්ද කියන එක ගැන ඔයාලට දල අදහසක් ඒකෙන් ගන්න පුළුවන්.
තවද අංශක 360 ක දිශානතියකින් යුතුව Video Live Streaming කරණ විටදිත් මේ Vr තාක්ෂණය භාවිතා වෙනවා.තවද ගෘහ නිර්මාණ ශිල්පයේදීත් තමන් ගෙයක් සෑදීමට පෙර මෘදුකාංග ඔස්සේ නිර්මාණය කරපු තමන්ගේම ගෙය තුල සිටීමට මේ VR තාක්ෂණයෙන් ඔයාට අවස්ථාවක් ලැබෙනවා.
VR තාක්ෂණයේ අනාගතය කොහොමද?
VR තාක්ෂණය කියන්නෙ නූතන ලෝකයේ වැඩිම වේගයකින් ජනප්‍රිය වෙන project වලින් එකක්.2018 පිටවූ IDC ආයතනයේ පර්‍යේෂණ අනාවැකි අනුව 2022 වෙන විට VR සහ Augmented Reality නමින් යන මේ හා සමාන වූ තාක්ෂණයක් සදහා වූ ආයෝජන යූරෝ බිලියන 15.5ක් පමණ වනු ඇති බව අනුමාන කර ඇත.කෙසේ වෙතත් එම වාර්තා අනුව 2020 අග භාගය වන විට විශාල යුරෝපීය ආයතනවලින් භාගයකටත් වඩා මෙම Virtual Reality සහ Augmented Reality උපක්‍රමයන් භාවිත කරණු ඇති බවට දන්වා ඇත.
අද වන් විට විනෝදාස්වාදය ,සංචාරක කර්මාන්තය සදහා සහ තවත් දේවල් සදහා මෙම තාක්ෂණය සෘජු හා වක්‍රාකාරයෙන් යොදාගෙන තියෙනවා.
අද වන විට අපිට දකින්නට ඇති සුලබ VR උපාංග මොනවාද?
මේ වන විට ප්‍රධාන වශයෙන් විකිණෙන Virtual Reality Headset විදියට Sony සමාගමේ PlayStation VR (PSVR) , Facebook සමාගමේ Oculus Rift සහ HTC සමාගමේ Vive යන උපකරණ සහ Oculus Rift,Oculus Rift S, Oculus Go සහ Oculus Quest යන උපකරණද බහුලව දකින්නට ලැබෙනවා.ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.
(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )
076 2209299
මම දරාගත්ත තැන්වල
නුඹත් දරාගෙන බලපන්
ඒක මොනතරම් අමාරුද කියල
මට තනිකම දැනුන තැන්වල
නුඹත් තනිවෙලා බලපන්
ඒ වේදනාව මොනතරම්ද කියල
මන් නුඹට ආදරේ කල තරමට
නුඹත් කවදහරි ආදරේ කරල බලපන්
මොනතරම් විදවන්න වෙනවද කියල
මන් තරම් දවසක උහුලලා බලපන්
සුසුම් වල බර පපුවට මොනතරම් බරද කියල
මට වගේම දවසක නුඹටත් දැනෙයි
දුන්න හීන බලාපොරොත්තු උදුරගත්තම
ජීවත් වෙනඑක මොනතරම් කරුමයක්ද කියල
නිශා
පුංචි සන්දියේ මා හට අකුරු කරන්නට
කුලදෙවි යොමු කළා මා ගුරුගෙදරකට
අකමැති වුණත් මා එහි පියමනින්නට
යන්නට සිදුවුණා නිවසේ පෙරැත්තට
කළු උස මහත රුදු පෙනුමැති යෝධයෙකුට
දිය හැකි වේද පොඩි අප වෙත සිප් සතර
‘එන්න පුතා’ ලෙස ඔහු අමතද්දිත් සොඳට
ලොමු ඩැහැගැන්විලා හිටගෙන අපි බියට
ගණිතය විෂය මෙලොවට හැදුවේ කව්ද
හොඳක් නොවන් එලෙසට පැතුවා මමද
අමතක චක්කරය හොයා ගත් එකාවද
නිතරම මතක් කරනවා රෑ නින්දෙන්ද
පාසලට නුදුරු වත්තේ කාමරයක විසූ
වත්ත පුරාවට වගාවක් වේය ඔසු
දුප්පත් දරුවෝ කැන්ඳා පාසලෙන් පසු
ශිල්ප දෙන තැන ගුරුගෙදරක්ය පසු
ගුරු ගෙදරට ගොඩ වූ හැම දිනයකදිම
පාඩම් දිය යුතුවේ චක්කරයත් නොවැරදිම
පාඩම් නොමැතිවුන් දණගහලා පෝලිමට
ඇතැමෙක් හඬයි තෙත් කරගෙන කලිසමෙම
නිතරම බුලත් සපමින් කට රතු වීලා
සුදු කලිසමට සුදු කමිසෙන් සැරසීලා
සිනා නොවෙයි බොරුවට හසරැල් පාලා
අවැසි දේ කියයි ඔළුවට ටොක්කක් ඇනලා
විදුහල්පති පවා ගරුසරුවයි ගුරුදෙවිට
විශිෂ්ටයෝ බිහිවේ නීරස ගණිතයට
පැසසුම් ඉදිරියේ ඔහු නොසැලී ඉදිරියට
සෘජු මිනිසෙකි යට නොවනා මුදලකට
ගලේ කෙටුව අකුරක් මෙන් සිහිවෙනවා
තාමත් උගන්නපුවා මතකේ රැව්දෙනවා
වේවැල් පහරේ රසයත් අමතක නැතුවා
ගුරුදෙවි ගැන ගරුසිත තව වැඩිවෙනවා
ශිල්ප උගෙන රැකියාවක් මම සොයාගෙන
Interview ගියා මගෙ දෙයියොත් පතාගෙන
‘ආවෙද ගණිතෙට D එක නුඹ තියාගෙන’
සිහිවුණි මෙමට ගුරු බුලතුත් සපාගෙන
D එක නිසාමයි මට Job එක හම්බවුණේ
ගුරු පා නමදින්නමයි මට නම් ඕන වුණේ
සුදු කමිසයක් අළුතින් ගුරු පඬුරු වුණේ
මා දුටු කල ගුරු තුටමයි මතක්වුණේ
හා හා පුරා කියලා ගත් රථේ නැගී
පෙර ගිය මාවත් දිග මතකයේ රැඳී
තවමත් දැනෙනවා එදවස සුවඳ රැඳී
ලං ලං වුණා ගුරුගෙදරට දිවියේ බැඳී
ඈතට පෙනෙනවා මහ සෙනඟක් රැස්වීලා
මග දෙපසට යුහුසුළුවම වැඩ කරනා
කුකුසක් මගේ යටි සිත්හි දැන් නැගෙනා
ගුරු ගෙදරම සුදු කොඩියෙන් සැරසීලා
ගුරු පඬුරත් ගෙන හනිකට පිය නැගුවා
ගුරුගේ අඹුව මහ හයියෙන් වැළපෙනවා
එදවස සිට ගුරු අඹුවත් හඳුනනවා
මා දුටු විට ඇගේ දුක තව වැඩිවෙනවා
කුමකින් කුමක් සිදුවේදැයි නොදත් නිසා
ගෙට ගොඩ වී ගුරු අඹුවගේ ලඟට ගියා
‘මොකද වුණේ මිස්’ කියලා ඇහුවා මෙමා
‘පුතාලගේ සර් අද අපිවත් දාලා ගියා’
අකුණක් වන්ව කම්පනයකි දැන් දැනෙන්නේ
රූරා වැටෙන කඳුළුත් නොම නවතින්නේ
එදවස ගුරුපියගේ ගුණ එකිනෙක සිහිවන්නේ
ගෙන ආ සුදු කමිසෙද ගුරු හට දැන් අන්ඳන්නේ ?
______________________ච | රි | යා_______
( යම් පුද්ගලයෙක් අනුන්ගේ දරුවෙකු තමාට වඩා උගතෙකු වී දිවි ජය ගන්න අයුරු දැකීමට සිහින මවයි නම්, ඒ සඳහා මාවත එළිපෙහෙළි කර දෙයි නම්, තමාව අභිබවා යනු දැක හදවතින්ම සතුටට පත්වේ නම් ඒ උත්තම ගුරුවරයෙකු පමණමය.නොපමාව තමන්ට සිප් කිරි පෙවූ ගුරු දෙවිවරුන් හට කෘතගුණ සලකන්න. )
මම හිතන්නෙ yahoo කීවමහම Google තරම්ම ප්‍රසිද්ධ නොවුනත් අතීතයේදිනම් හැමෝම අතර ජනප්‍රිය උණන් විද්‍යුත් තැපැල් (email) service එකක් තමයි Yahoo Mail කියන්නෙ.1997 ඔක්තෝම්බර් මාසේ 08 වෙනිදා ඇමරිකානු සමාගමක් වන Yahoo Incoperation සමාගම් විසින් දියත් කරණ.ලද e mail සේවාවකි.මූලිකවම මෙහි සේවාවන් හතරක් ක්‍රියාත්මක වූ අතර Basic , Plus සහ Ad Free සේවාවන් පුද්ගලික භාවිත (personal Use) සදහාත් තවත් සේවාවක් ව්‍යාපාර සදහාත් හදුන්වා දෙන ලදී.
2020 ජනවාරි මස වන විට ලොව පුරා මිලියන 225ක සංඛ්‍යාවක් Yahoo mail සේවාව භාවිත කරමින් සිටින ලදී.
මෙහි ඉතිහාසය තවත් විපරම් කරන් යනකොට ප්‍රථම වතාවට username එකක් ban කරණ ලදී..එනම් ඒ ආකාරයේ නම් භාවිතය තහනම් කරණ ලදී.ප්‍රථම වරට මෙලෙස තහනම් කරණ ලද වචනය වන්නේ “Allah” නමින් භාවිතා වූ නම් වන අතර තවත් විධි විධාන කීපයක්ම ක්‍රියාත්මක කරණ ලදී.
2012 වසරේ Yahoo සදහා දත්ත සූරාකෑමක් (exploit] සිදු වූ අතර ඊජිප්තු Hacker වරයෙකු විසින් $700 ක මුදලට විකිණීමක් සිදු වූ අතර එමගින් කොල්ලකරුවන් හට Yahoo Hack කිරීමට හැකි වූ අතර පරිෂීලකයන් හට අසභ්‍ය වෙබ් අඩවි වලට හරවා යැවීමට සහා Cookies හොරකම් කිරීමට Hacker වරුන් ක්‍රියා කරණ ලදී.2013 ජනවාරි මස Hacker වරයෙකු සහ Security Researcher වරයෙකු වූ Shahin Ramezany මහතා පෙන්වා දුන් තවත් DOM- based XSS loophole මගින් පෙන්වා දුන් අන්දමට මිලියන 400ක පරිෂීලකයන් අවධානමක ඇති බව පෙන්වා දෙන ලදී.
2017 ඔක්තෝම්බර් මස 3 වන දින Yahoo සමාගම විසින් සිය බිලියන තුනකට ආසන්න පරිෂීලකයන්ගේ account Hack වී ඇති බව ප්‍රකාෂ කලා
මේ විදියට ඉතිහාසයක් ඇති Yahoo Account එකක් ඔයාලා භාවිතා කරනවනම් මම ඔයාලට තවත් අනතුරු ඇගවීමක් කරන්න කැමතී..ඒ තමයි පහුගිය දවස් ටිකේම ලංකාව තුල මගෙන් උපදෙස් ගැනීමට ආ 8 කට වඩා වැඩි අගයකින් යුත් Facebook Account ප්‍රමාණයක් මේ Yahoo Mail එකක් primary Mail address එක විදියට link කර තිබීම මගින් Hack වී තිබුනා හේතුව විදියට සදහන් කලොත්,මාස 10 කට වඩා වැඩි කාලයක් Log නොවී අක්‍රීයව පැවති Yahoo Mail address එකක් ඔයාගෙ තියෙනවනම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මේ වන විටත් ඒක අයින් කරලාද කියලා.සමහර වෙලාවට මේ නමින්ම අයින් කරපු email account එක ඒ නමින් වෙන කෙනෙක් හැදුවම ඔයාගේ Facebook Account එක නිකම්ම recover කරගන්න පුළුවන්..ඉතින් එහෙම වෙන්න කලින් අදම පොඩ්ඩක් ඔයාගෙ Facebook Account එක Yahoo Mail එකකට Link කරලා තියෙනවනම් දෙපාරක් Check කරන්න.ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.
P.K.D.Manujaya
(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )
076 2209299
මීට අවුරුදු දස දහස් ගණනකට හෝ මිලියන ගණනකට පෙර පෘථිවියේ ජිවය කෙසේ පවතින්නට ඇතිද? එවක සිටි සත්වයින් සහ තිබුණු ශාක මොන ආකාරයේ වන්නට ඇතිද? මේ අභිරහස් විසඳන්නට තියෙන එක මගක් තමයි පොසිල. පොසිල කියන්නේ මීට වසර දස දහස් ගණනක් හෝ මිලියන ගණනකට පෙර ජිවත් වූ සත්ව හා ශාකවල දිරා ගිය කොටස් බව අපි දන්නවා.රූප රූප සටහනේ පෙන්වා තිබෙන්නේ පොසිලයක්. පොසිලයක් හමුවූ පසු එක කෙතරම් ඈත අතීතයකට උරුමකම් කියනවද කියන දේ ඉතාම වැදගත් දෙයක්. එමගින් තමයි අතීත තොරතුරු සොයා ගන්න හැකි වෙන්නේ.මෙවන් පොසිලයක් කෙතරම් පැරණිද කියල සොයා ගන්න ක්‍රමවේදය තමයි කාබන් කාල නිර්ණය හෙවත් carbon dating ලෙසින් හඳුන්වන්නේ. මෙය විකිරණශීලි කාලනිර්ණ ක්‍රමවේද වලින් එකක්.
කාබන් කාලනිර්ණය සඳහා පදනම් කර ගන්නේ කාබන්-14 (C-14) සමස්ථානිකයේ විකිරණශීලිතාවයයි. මිහිපිට සිටින හෝ සිටි සියළුවම ජීවින් (සත්ව හා ශාක) තුල කාබන්-14 සමස්ථානිකය අන්තර්ගතව තිබෙනවා. මෙවන් ප්‍රාණ වස්තුවක් (organism) මරණයට පත්වූ මොහොතේ සිට කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලිතාවය ද මියයන්නට පටන් ගන්නවා. මෙම විකිරණශිලිතාවය අඩුවීම සිදුවන්නේ එක්තරා රටාවකට. එනම්, සෑම වසර 5730කට පමණ වරක් එහි විකිරණශීලිතාවය 50%කින් අඩු වෙනවා. මෙය half-life ලෙසින් හඳුන්වනවා. මේ අනුව, සොයාගත් පොසිලයේ ඇති කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලි මට්ටම මැන එය එම මුලද්‍රව්‍යයයේම සාමාන්‍ය තත්වයේ ඇති විකිරණශීලිතාවය සමග සැසඳීමෙන් පොසිලයේ වයස ගණනය කරනවා. මෙහිදී ගණනය කරන්නේ එම ජිවියා මියගිය අවස්ථාවේ සිට වයසයි.
කාබන් කාලනිර්ණය ලොවට හඳුන්වා දුන්නේ නම් විලාඩ් ලිබි නම් ඇමෙරිකානු ජාතික විද්‍යාඥයා, ඒ 1940 ගණන්වලදී. මේ වෙනුවෙන් ඔහුට නොබෙල් ත්‍යාගයක් ද පිරිනැමුණා 1960 වසරේදී.
මෙම ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ යම් කලෙක ජිවය පැවති දෙයක් (ශාකයක් හෝ ජීවියෙක්) කෙතරම් කාලයකට පෙර මියගොස් ඇතිද යන්න තීරණය කිරීමට පමණයි. අජීවී වස්තු සඳහා මෙය භාවිතා කළ නොහැකි අතර ඒ සඳහා වෙනත් විකිරණශිල කාලනිර්ණ ක්‍රමවේදයක් භාවිතා කරන්න වෙනවා.
ප්‍රේමය සාහසික ඝාතකයෙක්ය
ඉන් මා මරා දමා බොහෝ කල් ගොසින් ය
අනෝරා වැස්සක් වැටුණාක් මෙන්
කලුළු ගලා වැටුණ පසු
මුලු හිතම නිසොල්මන්ය
දරාගෙන මතකයන් දෙස බලා
සුසුම් පමණක් හෙලන්නේ
තවමත් නුඹ හිත් කොනක තබාගෙනය
නුඹ හදාගත් හේතු මත
යන්නට අවැසි බව කියා
නුඹ ගියත් මා තවම එතනමය
මට මමත් නැති උන කලෙක
නුඹ ගිය එකත් පුදුමයක් නැතිය.
ඇස රැදුණු හැම තැනකම
මන් නුඹව සෙව්වා එදා මෙන් අදත් එහෙමය
නුඹ සිතින් අත්හල පසුත් මා
තවමත් සිතින් පෙම්කරන නුඹ
අවාරයේ මට හමු උනා විතරක්මය
ඒ තැන්වල නුඹ මා විඳි සුවය තවමත්
මගෙ පපුවෙ එහෙමමය.
නිශා
අග්‍රගන්‍ය කළාකරුවකු වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය.
ගීතය පුරාවටම ඇත්තේ අමිහිරි අත්දැකීමක් මිහිරි ලෙස දුටු ඉතා සංවේදී පිරිමි හදවතක දෝංකාරයයි…. වචනයෙන් වචනයට… මෙන්ම සංගීතයද හිතට අමුතුම හැගීමක් ගෙන දෙන්නේ ඒ නිසාය
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිලී….
වැහි ලිහිණියන් ඉගිලෙන පුංචි මල් වැස්සක පාරක ඇවිදගෙන යන එක් ආදරණීය මිනිසෙකුට, රියක නැගී යන ගැහැණියකගේ නෙතට නෙත ගැටෙන්නේ රියේ කවුළුව අතරින්ය. ඒ දුටු විගසම ඔහුගේ නෙත් ඇදුනේ ඈත අතීතයටය.. ඒ සොදුරු අතීතයටය….
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
අඳුර ගලාගෙන එන වැස්සක තෙමි තෙමී මහනුවර පාරවල් දිගේ දෙදෙනා ඇවිදපු ඒ අතීතය කෙසේනම් අමතක කරන්නද… ආදරය ඉදිරියේ ඕනෑම ගැටළුවක් ඉමිහිරිය .. සොදුරුය … ඉතින් එදා ඒ වැස්ස ඔවුන්ට දැනුනේ ආදරයේ මධු වැස්සක් ලෙසය. දිය දහරා පෙනුනේ දේදුන්නේ පාට වලින්ය ..
ඒ ආදරයේ සොදුරුතම බවයි..
ඒත් එදා එකට ගිය දෙදෙනා එවැනිම වැස්සක අද මාවත් දෙකකය
රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ…”
මේ නෙතට නෙත ගැටුනේ අහම්බයකින්ය.. ඒ මේ මෝටර් රථයේ රෝදයෙන් ඉසුනු මඩ පහරින් මේ මිනිසා නැහැවුනු නිසාය. තම ආදරයේ වර්ථමාන අයිතිකාරයා… ඒ ආදරයට රිය ඇතුලේ උණුහුම දිදී වැස්සෙන් ආරක්ෂා කරගෙන, තමන්ව මඩ වතුරෙන් නාවලා යන හැටි බලා මේ මිනිසාට තරහවක් නොදැනුනේ ඔහුගේ ආදරය ඒ තරමටම අව්‍යාජ එකක් වීම නිසාමය..
නෑ හිත රිදුණේ
අදත් එදා සිහිවී
අපේ සබඳකම්
නෑ රිය සක දන්නේ
තමන්ට ආදරය අහිමිකර අද වෙනකෙක් ලඟ සැනසෙන තමන්ගේ ආදරය , අතීතයේ තමන් හා සිටි හැටි ඔහුට මතක්වුනේ හිතට අමුතුම සැනසීමක්ද ලබාදෙමිනි. අද වෙනකෙකුගේ වී, හරි උජාරුවෙන් තමන්වද මඩ වතුරේ නාවා ඉගිලී යන ඇය ගැන මොහුගේ හිතෙ වෛරයක් ඇති නොවුනේ ඔහුගේ හිත ඒ තරමටම නිවී සැනසී තිබූ නිසාය.. යථාර්තය තෙරුම් ගත හැකි උසස් මනසක් ඔහු සතු වුනු නිසාය.
අවංකවම ඔහු ඇයට ආදරේ කල නිසාය
එදා ඔවුන් අතර තිබූ බැඳීම, ආදරය..ඔවුන්ගේ ආදරයේ අතීත ඉමිහිරි මතකයන් වාහනයේ රෝද කේසේනම් දැනගන්නද ….ඒ නිසා මේ සිදුවූ සිදුවීම ගනනකට ගතයුතු නැත
ඔහු සිත සනසාගත්තේ එලෙස සිතමින්ය ..
මෙවැනි සොදුරු මිනිසුන් සැබෑ ලෝකයේ සිටින්නේද ? ….
ඔබෙත් මගෙත් පිලිතුර නැත යන්නයි…
නමුත් …….
අප නිවැරදි නැත … මේ සත්‍යය සිදුවීම සිදුවූයේ ඒ අග්‍රගන්‍ය කළාකරුවා වන ලූෂන් බුලත්සිංහලයන් හටය ..ඔහු අතින් මේ ගීතය ලියවුනේ ඒ අත්දැකීම නිසාය