2026-01-19 Posted on January 19, 2026 | by websupport සොයන ආදරය සමහරු ආදරේ කරද්දීබලාපොරොත්තු වෙන්නේදෙන ආදරේට වඩාලැබෙන ආදරේ ගැන …තව සමහරුබලාපොරොත්තු වෙන්නේලැබෙන ආදරේට වඩාදෙන ආදරයක් ගැන …තවත් සමහරුබලාපොරොත්තු වෙන්නේඒ හැමදේම එක්කවිශ්වාසනීය ආදරයක් ගැන …ඇත්තටම,ඒ මොනදේ තිබුණත්හිතකට ළං වෙන්නෙපාසැනසීමක් නැති ආදයක් …
2026-01-13 Posted on January 19, 2026 | by websupport සිප්හල වෙත... සැනසූ සිත්සතන් මොහොතක් නවතාදගකර සිනහා පාමින් හැමතැන දුවනාතුන්වස් ඇවෑමෙන් පෙරපාසල් යවනානිවුන්දූ නැතිව මුලු ගේ පාලුව දවනා…ඉන්නා විටදී ලග හැමවිට දැවටීදැනුනා නොවේ යනබව මොහොතක තනිවීමනුසත් කමින් හා දැනුමෙන් සමවීවැඩියන් දරුවනේ ඒ මහමෙරක් වටී…නොමනා කම් වලින් දුසිරිතෙන් මිදීයහගුණ සේම සවිබළයෙන් ඔද වීනොමිනිස් සිත්සතන් හා කිසිදින නොගැටීදිරිදී වැඩෙන් සැනසුම සාමය ගෙනදී…දූවරු තිදෙන පණ හා සම වේ මාගේනැහැ කිසිදිනෙක වෙනසක් දරු පෙම හා මේඋන්නොත් උරිනුරින් සම වී වාගේඒ වේ මා පැතුම ජීවේ අවසානේ…රීනා
2026-01-12 Posted on January 19, 2026 | by websupport අප්‍රකාශිත හැඟීම් සුන්දරය…ඒ හැඟීම කුමක්දැයි සිතනඅනෙකාගේ හැඟීමද නොඉවසිලිමත්ය…කුතුහලය, අවිනිශ්චිතභාවය මතඒ ගෙවෙන කාලය කල්පයක්මය…ඒ හැඟීම ගැන මවා ගන්නාසිහිනයන් මනහරය…සිත සමඟ තර්ක කරමින්ඒ හැඟීම කුමක් විය හැකිදැයිතෝරා බේරා ගැනීමම වෙහෙසකරය…නමුත් සිතට අවැසි දේ සිතාසිත සතුටු කර ගැනීමට තරම්එය නිදහස්ය…එබැවින් අප්‍රකාශිත හැඟීම්සත්තකින්ම සුන්දරය…සුරේඛා…
2026-01-03 Posted on January 19, 2026 | by websupport සංසාර ප්‍රේමය පෙම් නාද නින්නාද දුන් ලොවේ මිහිරිතමතුම් ආල දම් පිරූ රන් සිතේ සොඳුරුතමගුම් දිදී උන් බිඟුන් පැරදවූ නිතැතින්මනිම් නොවූ සිහිනෙකින් ආව කුමරෙක්මි මමනම් දරා ආ හෙයින් සංසාර සාගරේමම් ඔබේ නාමයෙන් සදහටම ආදරේඉම් දකින තුරුම මේ භව චක්රවාටයේදම් පුරමු ලංව මිණි මෙන් වජ්රමාලයේතාරක ජයතිලක
25-12-11 Posted on December 19, 2025 | by Digital My Business අපේ ආදරය මොහොතක් ළඟ නැති වෙද්දීකල්පයක් වගේ දැනෙන,මතකයන් අමතක නොකරපරිස්සම්න් රකින,ආදරේ කිය කියා ළගින්ම රැදෙන,නුඹගෙ හමුවීම තවමත් හීනයක්මට මං ගැනවත් හිතන්නවත්ඉඩක් නැති තරමට ….තුන් තිස් පැයේම පරිස්සම්කරන්න වෙහෙසෙන,මං ගැනම හිත හිතා නිතරවෙහෙසෙන,කවුරු කොහොම මොනව කිව්වත්විශ්වාසයෙන් ආදරේ රකින,ඇත්තටම,නුඹ නම් පුදුමයි වෙලාවකටකවුරුත් නොහදුනන,මේ තරමට ආදරයක් හිතේගැඹුරෙම පරිස්සමින් තිබුණ …. ගගන ගුරුගේ
25-12-10 Posted on December 19, 2025 | by Digital My Business පෙම් සිහිනය නෙතු කදුලු පුරාඑන දෝරේ ගලාසංසාරෙ පවාඅප මග හැරුනා,එය නොදැනි නිසාඅප ලොවට හොරාපෙම් පද මුමුණාසිහිනෙක වෙළුනා…හීන් වැහිබිදු හිත් පුරාවටඉසින මල් පිබිදිලා ඒ,රහස් කියමිනදෑස් කොනකින්බලන සකිසද නුඹම වේ,මුතුදිනෙක ආයෙත් භවෙකදීහමුවුනෝතින් සිත මගේ,මග නොහැරදාදෝත පාලාතබාගනු මැන සෙනෙහසින්… රීනා
25-12-07 Posted on December 19, 2025 | by Digital My Business කන්ද නුඹ මන්ද ඉර හඳ සිඹ වැලඳ දිව රෑවිසිතුරු සෙවණැලි ඇන්දදුර ළඟ නොසැලි අභිමන් පෑපියෙකුව සෙනෙහස බැන්දදර කොළ පලා ඔසු පැණි දෑනොමසුරුවම දුන් කන්දකර මහ විපත පෙරදින රෑනපුරුම වී ගියෙ මන්දනෑ සිය මිතුරු කැල සමගින්සිනහව සොම්නස වින්දමහගෙයි පිරුණු මහ සතුටෙන්පොළොවට බර වැඩි වී දහිටි වන වැටුණු වැහි කඳුලින්මිහිකත නෙත රතු වී දමිටි තැන් බල බලම පහලින්ගලනුව සිතුවේ මන්ද– තාරක ජයතිලක
25-11-19 Posted on November 16, 2025 | by Digital My Business හැදෙන උන් හා හැදුණ උන් පැරණි පරපුර නොදුටු බෝ දේදැක බලාගෙන වැඩුණු අප හටනිතර සවනට වැටුණු වදනකි“දැන් හැදෙන උන්, කමකටම නෑ!”නව විලාසෙන් ඇඳුම් ඇන්දමරැප් හිපොප් සංගීතෙ ඇහුවමනිතර නිතරම ඇහුණ බැනුමකි“දැන් හැදෙන උන්, කමකටම නෑ!”හැබැයි ඒවා කොහොම වූවත්අපේ කාලේ වගෙ නෙවෙයි දැන්ලෝකෙ හොඳටම වෙනස් වී ඇත“දැන් හැදෙන උන්, කමකටම නෑ!”– තාරක ජයතිලක
25-11-11 Posted on November 16, 2025 | by Digital My Business අපරාජිත හිතක් හිත හොඳ කමටහැමදේම වැරදුනත්,කමක් නෑ හරියනදවසක් ඒවි මටත්,වැරද්දක් නැතුවබැනුම් ඇහුවත්කමක් නෑ මම දන්නවාවැරදි නැති බවක්,කෙළෙහි ගුන නැති අයටඋදව් කෙරුවත්,අහිතක් නෑ ඒ අය එක්කහොඳ දවසක් ඒවි මටත්,වැඩියෙන් ආදරේ අයමා හැර ගියත්,තනියක් දැනෙන්නෙ නෑමට මම ඉන්නවා කොහෙත් …. ගගන ගුරුගේ
25-11-09 Posted on November 16, 2025 | by Digital My Business මතක මානෙන්... හදත් අහසටකවි කියාදීඅමාවකදා ගොලුවුනා,නුඹත් පෑ ඒසෙනෙහෙ මගදීගොලු උනාදැයි නොහැගුනා,ආ දුරත්මහ බෝ නිසාවටඉන්නෙදෝ යැයිසිත සිතා,උනත් කම් නෑතනිව දිවියේආමගෙම ආපසු ගියා…දිනෙන් දින කුසනෙරා එද්දීපියා කවුරුන්දැයි අසා,තැවුනු ලතැවුනුකිසිකෙනෙකු නෑදිරිය වන්නට මග සදා,නුඹත් දවසකදමා ගියොතින්මතක මානෙන් ඔසවලා,පන්හිදේ කුරුටෙන් ගනින් පුතමගේ කදුලක් පිස දමා… රීනා