මේ ආදරේද
නිතර රංඬු කළේ
හිත පුරාම තිබුණ
ආදරේට,
හැම තැනකදීම
පේ උනේ …
නුඹේ නමටයි තනි උන වෙලාවට,
දොස් කීවේ …
මේ තරම් නුඹව
සොයන
මගේ තනිකමට,
අඩුපාඩු
කොච්චර තිබුනත්
ළඟම හිටියේ …
දුන්න ආදරේ ආයෙත්
ගන්න බැරි ලෝබකට …
ඇත්තටම,
ඒ ආදරේ හැටිද
නැත්තන් ආදරේ කරන විදිහද
ඒකමයි තාමත්
හිතාගන්න බැරි මට …
ගගන ගුරුගේ



