2026-02-16

දිනකර ප්‍රභාෂ්විත මෙත්සුව ආරාමය

පොළොන්නරුව ලක්ෂ උයනේ පිහිටි වලගම්බා රාජ්‍ය සමයේ රහතන් වහන්සේලා
වැඩ සිටි භූමියක, අභිනවයෙන් ඉදි කරන්නට නියමිත භාවනා මධ්‍යස්ථානය
වගේම ගරාවැටි ඇති මෙහෙණි ගිලන්හල ගොඩ නැගිමට පිංවන්ත ඔබගේ
කාරුණික ආධාරය බලාපොරොත්තු වෙමි
විමසීම : 0779769706
ඉණාමළුවෙි ධමිම උත්තරා මෙහෙණින් වහනසේ
ආරාමාධිපති ; 0760184602
111052330408 සමිපත් බැංකුව

2026-01-29

සැබෑ නායකයා

“දෙවියන් වහන්සේ කැඳවන්නේ වයසින් නොව, හදවතින් නායකත්වයට”

(1 තිමෝති 4 : 12)
" නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත්
ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක්
වෙයන්න."

අද අපි ජීවත් වන්නේ නායකත්වය අර්ථකථනය වීම අර්බුදයකට පත්
වූ යුගයකය.
බොහෝ අය සිතන්නේ නායකයෙක් වීමට වයස, තනතුර, හෝ බලය
තිබිය යුතුය කියාය.
නමුත් දෙවියන් වහන්සේගේ වචනය අපට පැහැදිලිව කියාදෙන්නේ
සත්‍ය නායකත්වය එන්නේ හදවතින් හා චරිතයෙන් බවයි.

1. දෙවියන් වහන්සේ තරුණයන් භාවිතා කරයි

(ජෙරමියා 1 : 7 – 8)
"නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින්
නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියාපන්න.
ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමග සිටිමියි
ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක."

දෙවියන් වහන්සේ අපගේ වයසට වඩා බලන්නේ
✔️ අපගේ කැමැත්ත
✔️ අපගේ යටත්වීම

✔️ අපගේ විශ්වාසය

2. නායකත්වය ආරම්භ වන්නේ චරිතයෙන්

(හිතෝපදේශ 4 : 23)
"සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න; මක්නිසාද එයින් ජීවනය
නික්මෙන්නේය."

තරුණ නායකයෙක් වීමට
• හොඳ කථාව
• පවිත්‍ර ජීවිතයක්
• ආදරයෙන් පිරුණු හැසිරීමක්
• දෙවියන් වහන්සේට විශ්වාසවන්ත බව

මිනිසුන් ඔබ අසන්නේ නැති වෙලාවලදීත්, ඔබ ජීවත්වන ආකාරයයි
සත්‍ය නායකත්වය.

3. නායකයෙක් යනු සේවකයෙකි

(මතෙව් 20 : 25 – 27)

"නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: අන්‍යජාතීන්ගේ
ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන්
කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය.
නුඹලා අතරේ යමෙක් උතුම් වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා
වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානයා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ
දාසයා වන්නේය."

යේසුස් වහන්සේ නායකත්වය පෙන්වූයේ
�� සිංහාසනයකින් නොව
��‍♂️ පාද සේදීමෙන්ය.

තරුණ නායකයෙකු වීමට කැමති නම්, පළමුව සේවකයෙකු වීමට
සූදානම් වන්න.

තරුණ නායකයාණනි,
දෙවියන් වහන්සේ ඔබව අදම කැඳවයි.
හෙටට නොව — අද.

“දෙවියන් වහන්සේ මට භාර දී ඇති ස්ථානයේ, මම විශ්වාසවන්තව,
පවිත්‍රව, ආදරයෙන් නායකත්වය ගන්නෙමි”

අවසානය

(පිලිප්පි 4 : 13)

"මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන."

2026-01-02

නව අවුරුද්ද – 2026

දදවියන් වහන්දසේදේ ආද ෝකය සමග ජයගන්න වසරක් දේවා!!!

 

ගිය වසදරහි දේදනා, පරාජයන්, අප සඟවා ගත් කඳුළු දිය බිඳු පසුබැදසමින්, අපි ආශාවකින් පිරුණු

අනාගතය දදස දනත් දක්වමු.

දමම නව ආරම්භය දින දහමක් දනාව, අපදේ ආත්මදේ නව පැහැදිලිත්වයක දේ. නව ආරම්භයට

අපට මග දපන්වන්දන් දදවියන්වහන්දසේදේ වචනදේ ආද ෝකයයි.

 

2 දකාරින්ි 5 : 17

17 එබැවින් යදමක් ක්රිසේුසේවහන්දසේ ුළ සිටින්දන් නම් ඔහු අලුත් මැවිල් ක්ය. පරණ දද් පහව ගිදේය;

දමන්න, සියල් අලුත්ී ිදේ.

 

අදේ ජීවිතදේ පැරණි අවුරුදු අපට ඉගැන්ූදේ ජීවිතය සෑම විටම නව අවසේථාවන් ගැනත්, පසුබැම මඟින්

දගාඩනඟා ගැනීමටත්. පරමාර්ථය අහිමි දවසක් ිබුණද, ාදපාදරාත්ුව කිසිවිදටක අහිමි දනාී

ඇත.

දදවියන්වහන්දසේ අපට උගන්වන්දන්පරන ජිිවිතය අතහැර, නව අනාගතය විවෘත පිළිගැනීමටයි.

 

ාදපාදරාත්ුදවන් පිරි අනාගතය

 

දජරමියා 29 : 11

11 මා විසින් නුඹ ගැන කරන දයෝජනා මමම දනිමි, නුඹ ාට මු කා දේදී ාදපාදරාත්ුවක් දීමට

ඒවා විපත්ිදේ දනාව සමාදානදේ දයෝජනායයි සේවාමීන්වහන්දසේ කියන සේක

 

ආද ෝක වලින් ගමනාන්තය

 

ඔදේ මඟ පිළිබඳ පිටත් ීමත් පැමිණීමත් සදාකාලිකව දදවියන්වහන්දසේ රැකගණි.”

ගීතාවලිය 121 : 8

8 දැන් පටන් සදාකාදල්ටම සේවාමීන්වහන්දසේ නුදේ යාම ඊම ආරක්ෂාකරනදසේක.

 

අප ගමන් කරන සෑම මහා මාවතකදීම, කුඩා මංසන්ිව දීම, අපි දනාදකින ආරක්ෂාවක් ඇත.

අදේ දරුවන්දේ පාසල් මාවත්, අදේ වැඩබිම, අදේ ආදරයසෑම තැනකදීම දදවියන්වහන්දසේදේ

රැකවරණය දිලිදසයි.

 

 

ජීවිතයට කියවිය හැකි පණිවිඩය

 

පරණ අත්දැකීම් හදවදත් සුරකින අතර, නව අවුරුද්දද් සෑම දිනකදීම දදවියන්වහන්දසේදේ ආශීර්වාදය

පිළිදගන ඉදිරියට යමු. ාදපාදරාත්ුදවන් පිරුණු අනාගතය අප අපවම මැීමක් දනාව, දදවි

සැ ැසේමක බිහිීමකි.”

2026-01-01

සුන්දර සංවාදයක ඇරඹුම

මෙතෙක් කලක් අප බොහෝ බෞද්ධ මනෝවිද්යාත්මක කරුණු සාකච්ඡා කළෙමු. අපි Magazine බෞද්ධ ලිපි මාලාව ආකල්ප සංවර්ධනය සඳහා 2026 වසර වෙන් කරන්නෙමු. අනුව මෙවර තීරුව යොමුවන්නේ සුන්දර සංවාදයක ඇරඹුම සඳහා අවශ් ආකල්පය (conversation-starting attitude) ගැන කතා කිරීමටය.

බුදුරජාණන්වහන්සේ ඕනෑම තරාතිරමක කෙනෙකු සමඟ සංවාදයක් ආරම්භ කළේ තමන්වහන්සේ අන්යයන්ට වඩා ඉහළයි යන ප්රවේශය හෙවත් vertical approach තුළින් නොව තමන් අන්යයන්ට සහෘද ලෙස සැළකීමේ ප්රවේශය හෙවත් horizontal approach තුළින් .

උන්වහන්සේට අපහාස කිරීමට පුද්ගලයන් සමඟ සංවාදයේදීද උන්වහන්සේගේ ආකල්පය සහෘදාකල්පයම විය.

එම සංවාදාරම්භක ප්රවේශය (conversation-starting approach) සඳහා මූලිකවම තිබිය යුතු මූලික පදනම උන්වහන්සේගේ ධර්මය තුළ මනාව විස්තර කර තිබේ. එම පදනමෙහි නිර්ණායක දෙකකි. පළමුවෙනි නිර්ණායකය වන්නේපුබ්බහාසීපුබ්බභාණී. එනම් ඔබට කෙනෙකු මුණ ගැසුනුවිට මුලින්ම සිනාසිය යුත්තේ ඔබය, මුලින්ම කතා කළ යුත්තේ ඔබය. එය සතුරා තුළ නිහඬ ගෞරවය මුසු බියක් ඇති කරයි. මිතුරා තුළ ඔබ කෙරෙහි ප්රසාදයක් ඇතිවේ. බොහෝ ශ්රී ලාංකිකයන් තුළ ඉතා කැත පුරුද්දක් තිබේ. එනම් ආරම්භයේදීම මෙවන් වදන් පැවසීමය – ‘අනේ ඇයි කෙට්ටු වෙලා, කැත වෙලා, ලෙඩින් ; ඉස්සර තිබ්බ ලස්සනට මොකද වුනේ, දැන් නිකං පඬරැල් වෙලා වගේ; හොඳටම වයසට ගිහින් නේ.’ ඔබ සංවාදයක් අරඹන්නේ මෙවන් කැත වදන් තුළින් නම් එම වදන් නිසා අනුන් තුළ ඇතිවන්නේ කනගාටුව, ශෝකය හෝ සියුම් තරහව . බටහිර බොහෝ අය අපේ අයගේ මෙම කැත සංවාද ආරම්භය ගැන කනගාටුවෙන් සඳහන් කර තිබේ. ඔබට කෙනෙකු එසේ පවසනවාට ඔබ අකමැතියි නේද? එසේ නම් ඔබ මේ වසරේ සිට පුබ්බහාසිපුබ්බභාණි ගුණයෙන් යුතුව අනෙකා තුළ ඔබ කෙරෙහි ප්රසාදය ඇතිවන සේ සංවාදය ආරම්භ කරන්න.

දෙවෙනි නිර්ණායකය නම් අනෙකා කතා කරනවිට ඔබ ඔවුන්ට බාධා නොකර එනම් cut off නොකර සවන්දීමයි. සැබෑ බුද්ධශ්රාවකයා හොඳ සවන්දෙන්නෙක් හෙවත්සුතවාලෙස හැඳින්වේ. සවන්නොදෙන්නා හෙවත්අස්සුතවාසදා පෘථග්ජන හෙවත් පහත් මට්ටමේය. ආධ්යාත්මික ජීවිතයේදී ඉතා ඉහළ ඵල ලබා ගන්නේ හෙවත් ආර්ය්භාවයට පත් වන්නේ සවන්දෙන්නාය. සුතවා සඳහා වඩා පහසු යෙදුමක් නම්ශ්රාවක. ඔබ බුදුරජාණන්වහන්සේට සවන්දෙන නිසා ඔබ බුද්ධශ්රාවක වේ. බුදුරජාණන්වහන්සේ සිය සමාජයීය චර්යාවේදී අන්යයන් කතා කරනවිට මැනවින් සවන් දුන් සේක. අනෙකාට වඩා ඔබේ බුද්ධිය සහ අත්දැකීම බහුල වුවද සවන්දීම තුළින් ඔබේ චරිතය ආරක්ෂා වේ. එසේම අනෙකාගේ දුර්වලතා සහ ස්වභාවය හඳුනාගෙන ඔබට ලැබෙන ඊළඟ වාරයේදී සංවාදය වඩා ස්ථාවරව ඉදිරියට ගෙන යාමට හැකිවේ.

මෙම නිර්ණායක දෙකට අමතරව තවත් යමක් පැවසිය යුතුය. දෙදෙනෙකු හෝ පිරිසක් කතා සංවාදයක නිරතව සිටියදී අනාරාධිතව අවසර නොගෙන එයට සම්බන්ධ වීම අපේ සමහරුන්ගේ කැත පුරුද්දකි. බුදුරජාණන්වහන්සේ යම් තැනකට වඩිනවිටදී එහි යමෙක් සංවාදයක නිරතව සිටියේනම් උන්වහන්සේ මදක් නතරව නුදුරින් නිහඬව වැඩ සිටිති. අනෙකාගේ අනුමැතිය ලැබෙනතුරුය.

කොච්චර සුන්දරද මේ කියූ ආකල්පය. එම ඇරඹුම පාලි භාෂාවෙන්සාමීචි කථානම් වේ. එය ඉංග්රීසියෙන් chitchat . ඔබට සැබවින්ම සුන්දර සමාජයීය පුද්ගලයෙක් වීමට අවශ් නම් මේ කියූ ආකල්පය ඔබේ චින්තනය තුළ වගාකරන්න.
ලැබුවාවූ 2026 වසර ඔබට ආකල්පයමය වශයෙන් ඉහළට ඔසවා තබන වර්ෂයක් වේවා! සඳහා සුන්දර සාමීචි කථා රටාවක් නිර්මාණය කරගන්න.
තෙරුවන් සරණයි!

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක

25-12-02

සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ!

(යාකෝබ් 5:15)

"එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාවෙන් රෝගියාට සුවය

ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව්

කර තිබේ නම්, පව් ඔහුට කමා කරනු ලැබේ."

දෙවියන් වහන්සේගේ සුව කරන අත් දෙස බලනකොට, ඔහු පෙර

සිටම බිඳුණු සිත් සුව,රෝගීන් සුව කළා.

  1. දෙවියන් වහන්සේ ඔබගේ වේදනාව දැනගන්නා සේක.

යේසුස් වහන්සේව පූජා කරන කාලයේදී ඔහු සොයා ගියේ රැස්වූ

ජනතාවගේ වේදනාවයි.

(මතෙව් 4:23)

"තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල

අනුශාසනා කරමින් රාජ්යය පිළිබඳ සුබ අස්න දේශනා

කරමින් සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව

කරමින් ගලීලය පුරා සැරිසැරූ සේක."

ඔබ ගැනත් යේසුස් වහන්සේට දැනෙන්නේ එහෙමයි.ඔබේ අද ගිනිබත්

වූ සිත, ඔබේ ශරීරයේ ඇති වේදනාව, මෙහෙමම ඔබ අත්විඳින බර

දෙවියන් වහන්සේ හදවතින්ම දනී..

  1. දෙවියන් වහන්සේට කිසිදු රෝගයක් අතිරේක නොවේ යැයි

බයිබලය පවසනවා.

(නික්මයාම 15:26)

" උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන

සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී

උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි තිබෙන දේ කොට,

උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ

සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට

මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට

නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන්

වහන්සේ මම යි වදාළ සේක."

ඔබට මේ මොහොතේ දැනෙන දුක, රෝගී බව, හදවතේ තිබෙන

අනෙකුත් බර මේ සියල්ලම දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සුව

කරන්නට පුළුවන්.

යේසුස් වහන්සේ සුව කරනවා ඔබේ ශරීරය ඔබේ සිත ඔබේ පවුල

ඔබේ ජීවිතය.

  1. ඔබ පාවිච්චි කරන්නා වූ ආයුධයයාඥාව

(ජාකොබ් 5:13)

"ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා

කෙරේ වා. යමෙක් ප්රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී

ගයා වා."

දෙවියන් වහන්සේට සුවය දෙන්න ලැබෙන මාර්ගය කුමක්ද?

යාඥාව සහ විශ්වාසය.

*ඔබට මේ අයුරින් යාඥා කිරීමට පුලුවන්.

ස්වර්ගයේ වැඩ සිටින යේසුස් වහන්ස මට සුවය දෙන්න, ඔබේ

සහනකාර අත් මගින් මා ආවරණය කර මගේ ජීවිතයට නව

ශක්තියක්, බලාපොරොත්තුවක් හා දයාව දුන මැනව. ආමේන්!

  1. සුවය ඔබ වෙත එනවා..

දේව වචනයේ මෙසේ පවසනවා..

(යෙසායා 53:5)

"එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා

;පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා .එතුමන් ලත්

දඬුවමින් අපට සාමදානය ලැබී ඇත;එතුමන් ලැබූ

පහරවලින් අපට සුවය ලැබී ඇත."

ඔබේ කඳුළු, ඔබේ හදවතේ පපුවේ තියුණු දැනීම, ඔබේ ශරීරයේ

වේදනාව එය අවසානයක් නොවේ ඔබව සුවපත් කරන ලද අයෙක්

බව දෙවියන් වහන්සේ ප්රකාශ කරලා තියෙනවා.

ජේසු පිහිටයි!!

25-12-01

මානසික ගංවතුර (MentalFloods)

සංයුක්ත නිකායෙහි ඔඝ සූත්රයේදී බුදුරජාණන්වහන්සේ විසින් ගංවතුර වර්ග හතරක් දේශනා කර තිබේ. ඕඝ යනු ගංවතුරයි. එම ගංවතුර මානසිකය. තවත් අයුරකින් කිවහොත් ජීවිතයයෙහි සතුට සෝදා පාළුවට ලක් කරන අභ්යන්තර ප්රවාහ හතරකි.

එම හතර නම් කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ සහ අවිජ්ජා ඕඝ යි.

කාම යනු කැමැත්තයි. ජීවිතය තෘප්තිමත් කරන දේ නොලැබීම ඇතැම්විට සිය දිවි හානිකර ගැනීම දක්වා මානසික අවපාතයකට කෙනෙකු ලක්විය හැකිය. එසේම එහි අනෙක් අන්තය වන අසාමාන් ලෙස සැපයට ගිජුවීමද විනාශකාරී විය හැකිය. එසේ ගිජුවීම කාම ඕඝයයි.

භව යනු නැවත නැවත හට ගැනීමයි. තවත් සරලව කිවහොත් ඉපදී ජීවත්වීමයි. කොපමණ සතුටු වියහැකි දේ තිබුණත් ලැබූ ජීවිතය ගැන සතුටක් නැතිවීම නිසා නොලැබෙන වෙනත් ජීවිතයක් ගැන සමහරු මනෝ ලෝකයක ජීවත් වෙති. එනිසාවෙන්ම ඔහුන් පැවැත්ම ගැන අවපාතයකට ලක්වෙයි. භව ඕඝයයි.

දිට්ඨි යනු දැකීම හෙවත් මතවාද . සතුටින් ජීවත්වීමට ඕනෑ තරම් අවස්ථා තිබුණද සමහරු ආගමික, දේශපාලනික ආදි මතවාදවල අන්තගාමීව එල්ලී සිටිති. එනිසාම ඔවුනට ලැබීමට වඩා නොලැබීම බහුලය. දිට්ඨි වැරදුන තැන සියල්ල වැරදී යා හැකිය. එනිසාය ආර් අෂ්ඨාංගික මාර්ගය හෙවත් පරම සතුට වන නිර්වාණයට දිවෙන මග මුල්ම පියවර සම්මා දිට්ඨි හෙවත් නිවැරදි දැකීම වන්නේ. ‘මගේ ආගම, මගේ මතය, මා කියන දේ පමණක් නිවැරදියිආදි වශයෙන් ආත්ම මහත්යතාවෙන් (self-importance) සමහරු පෙළෙති. දිට්ඨියෙහි ප්රතිඵලයයි. දිට්ඨි නිසා තම දරුවන්, බිරිඳ, සැමියා නිකරුණේ අහිමි කරගත් අය බොහෝ සිටිති.

අවිජ්ජා යනු අඳුරේ අතපත ගෑමයි. එනම් දරුණු ලෙස මුලාවට ලක්වීමයි. මෙය ඉතාම නිහඬ මානසික ගංවතුර යි. එය සියුම් නිසාය. විජ්ජා (විද්යා) යනු දැනීමයි. නොදැනීම අවිජ්ජා (අවිද්යා) වේ. පෙර කී ගංවතුර වර්ග තුනට මේ අවිජ්ජා ගංවතුර නිහඬව ශක්තිය ලබා දේ. ඉහත ගංවතුර ත්රිත්වය ගැන කෙනෙකුට හැඟීමක් ලැබුණද මේ ගංවතුරට හසුවූ අය තමන් විනාශයට යන බව පිළිබඳව හැඟීම් මාත්රාවක්වත් නොලබති.

නූතන විද්යාව හා තාක්ෂණය අපට බොහෝ සැපදායක දේ මවා තිබේ. එහෙත් එයින් මිනිසාගේ සතුටට හේතුවන සරල දිවි පැවැත්ම හානියට පත්කර තිබේ. තම සීමාවන් දැනගැනීම සහ ඉහළ ඉලක්කයන් පසුපස හඹායන අතරතුර ලද දෙයින් සතුටුවීමද විශේෂයෙන්ම තම මානසික සෞඛ්යය වෙනුවෙන් දවසකට අඩුම තරමේ විනාඩි විස්සක් හෝ සති භාවනාවෙහි යෙදීම ඕඝයන්හි ස්වභාවය සහ ඒවායින් බේරීම පිළිබඳව ආධ්යාත්මික අවබෝධයක් අප තුළින්ම ඇතිවේ.

බුදුරජාණන්වහන්සේ ඔබට මග පෙන්වා තිබේ. එහි ගමන් කිරීම හෝ නොකිරීම ඔබ සතුය.

 

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි, සාකල් මනෝචිකිත්සා උපදේශක

25-11-03

වෙනස්වීමේ විද්‍යාව (science of change)

බුද්ධ දේශනාව අනුව වෙනස්වීමේ විද්යාවඅනිච්චනම් වේ. ථේරවාද බෞද්ධ ධර්මයේඅනිච්චයනු අස්ථාවරතාවය, “අනිත්යතාවයලෙස හැඳින්වෙනත්රිලක්ෂණතුනෙන් එකකි (අනිච්ච, දුක්ඛ, අනත්ත). අනිච්ච යන නම් ලෝකයේ සියලු දෙයින්ම නිරන්තරයෙන් වෙනස්වීම සිදුවන බවය. ඔබගේ හැඟීම්, හිතවත්කම්, ශරීරය හෝ කිසිවක් සදාකාලිකව එකම ආකාරයෙන් පවතින්නේ නැත. එබැවින් ඒවා ස්ථාවරය ලෙස බැඳී සිටීම නිසා අසතුට හා දුක පමණක් උපදවයි.

බුදුරජාණන් වහන්සේ මෙම සත්යය උපදේශනය කර ඇත්තේ සියලු ඇතිවන සියළු දේ කාලයක් පවතින අතර පසුව නවතින බව පෙන්වීමටය. එම පැවතීම යනු අඛණ්ඩ වෙනස්වීමයි (existence is constant change). බුද්ධ දේශනාව අනුව, මෙය දාර්ශනික අදහසක් පමණක් නොව, ඔබටම මෙහිදී ඔබගේම ශරීරය හා සිත තුළ නිරීක්ෂණය කළ හැකි සජීව අත්දැකීමකි.

දෛනික උදාහරණ:
ඔබේ ප්රියතම පාවහන් හෝ ඇඳුම සදා පරණ නොවී තබා ගැනීමට උත්සාහ කළද එය වෙනස් වීමයි සිදු වන්නේ. යම් දෙයක වෙනස්වීම ආරම්භ වන්නේ එය හටගත් මොහොතේදීමය.
ඔබ නව ජංගම දුරකථනයක් ලබාගැනීමේ සතුට ටික දිනකින් මැකී යයි.
සියළුම මනෝභාව අද “cool” යැයි හැඟුනද හෙට “cringe” බවට පත්වේ.
මෙයයි අනිච්චකිසිවක් එකම තත්ත්වයෙන් පවතින්නේ නැත යන සත්යයයි.

විද්යාත්මක සමානතා තුළින්ද මේ ගැන බලමු.
1. භෞතික විද්යාව (physics)– ඔබ වාඩීවී අසුනස්ථිරදෙයක් නොවේ. එහි අණු නිරන්තරයෙන් සංචලනය වේ. එබැවින් එමස්ථාවරයැයි සිතෙන වස්තුව පවත්නා තුරුම චලනයක පවතී. එම චලනය අනිච්ච ස්වභාවයයි. ස්ථාවර බව යනු මනෝකල්පිතයක් බවට සාක්ෂියකි.
2. ජෛව විද්යාව (biology) –
ඔබේ සම සති කිහිපයකට එක වරක් සම්පූර්ණයෙන්ම අලුත් වේ. දිනපතා මිලියන ගණනක් ශෛල මිය යයි. අලුත් ශෛල උත්පන්න වේ. ගතවූ වසරක සිටිඔබඅද සිටිනඔබනොවේ.
3. තාරකා විද්යාව (astronomy)–
තාරකා සදාකාලික ලෙස පෙනුනත්, ඒවා උපදියි, දැල්වෙයි, අවසානයේ විනාශ වෙයි. එබැවින් මුළු විශ්වයම අනිච්ච ගැන දේශනාවක් ලෙස පවතී.
4. තාක්ෂණය (technology)–
ඔබේ දුරකථනය ගැන සිතන්න: යෙදුම් නිතර යාවත්කාලීන වේ. බැටරි කෙටි කාලයකින් අඩුවෙයි. ඊයේනවතමතාක්ෂණය අදපැරණිතාක්ෂණයකි. තාක්ෂණයම අනිත්යතාවය ඉතා වේගයෙන් පෙන්වයි.

මෙයයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ අනිච්චසියල්ල වෙනස්වීමේ සත්යයයි.

අනිච්ච ස්වභාවයට මුහුණ දෙන්නේ කෙසේද? අවබෝධය තුළින් විඳීම තුළිනි. ලොව බොහෝ අය විඳීම වෙනුවට විඳවන්නේ අනිච්ච හෙවත් වෙනස්වීමේ විද්යාව නොදන්නා නිසාය.

ඉලක්ක හඹා ගොස් සාර්ථක කරගෙන විඳින්න. එහෙත් සියල්ල වෙනස් වෙන බව සිතේ තබාගන්න. එවිට ඔබට කඳුළු වෙනුවට සිනාව ඇතිවේ.


– ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි, සාකල්‍ය මනෝචිකිත්සා උපදේශක

25-11-02

යේසුස් වහන්සේගේ අසීමිත බලය

ප්රිය සහෝදරයෙනි, අද අපි කතා කරන්නේ අපගේ මැවුම්කරුවාණන්

වූ යේසුස් ක්රිස්තුස්ගේ අසීමිත බලය ගැනයි. ඔහුගේ බලය කිසිවෙකුට

සීමා කළ නොහැක. ඔහුගේ බලය කාලයටත්, ස්ථානයකටත්, මනුෂ්

සීමාවන්ටත් අයත් නොවේ.

අපිට බයිබලය තුළින් බලය පැහැදිලිවම දැකිය හැකිය.

1.යේසුස් වහන්සේට තිබූ බලය

(මතෙව් 8:26–27)

ඔහු ඔවුන්ට කියා සිටියේය, ‘ඔබලා හෙතෙම භීතිකාවෙන් පිරී සිටින විට, ඔබලාගේ

විශ්වාසය කොහොමද? ‘ඊට පස්සේ යේසුස් වහන්සේ නැගී, සුළඟටත් මුහුදටත් ගැඹුරු

විඳිමින් තරවටු කළා. එවිට විශාල නිවේශනයක් උදාවිය.”

මෙහිදී අපි දකින්නෙ යේසුස් වහන්සේගේ බලය සෞඛ්යයට පමණක්

නොව, ස්වභාවයම නියම කිරීමේ බලයක්ද ඇති බවයි.

(මාර්ක් 5:41–42)

ඔහු ළමයාව අල්ලාගෙන, ‘තලිථා කුම්කියා කීවා. එහි අර්ථයදැරිය, නැගී සිටින්න

යන්නයි. මොහොතේම ළමයා නැගී හිඳින්නට විය.”

මේ පදයෙන් අපි දකින්නෙ යේසුස් වහන්සේගේ බලය මරණය පවා

ජයගන්නා අසීමිත බලයක් බවයි.

(යොහන් 11:43–44)

ඔහු මේ දේ කියා අවසානයේ උච්චස්වරයෙන් කීවේය, ‘ලාසරුස්, පිටට ඒව විට මැරී

සිටි තැනැත්තා පිටතට ආවේය

මෙයින් පෙන්වන්නේ යේසුස් වහන්සේගේ බලය, ජීවනය හා මරණයට

අධිපතිකම් කරන බවය.

යේසුස් වහන්සේගේ අසීමිත බලය අදත් ක්රියාත්මකයි. යේසුස් වහන්සේ අදත්

බලයෙන්ම වැඩ කරමින් සිටී. ඔහුගේ නම කියා විශ්වාස කරන විට

අපටත් බලය තුළ ජීවත්විය හැකිය.

(මතෙව් 28:18)

ස්වර්ගයේද පොලවේද සියලු බලය මට ලබා දී ඇත.”

මේ වචනයෙන් අපි දැන ගන්නේ යේසුස් වහන්සේගේ බලය සෑම තැනකම

පවතින අසීමිත බලයක් බවයි. බලය ඔහු විශ්වාස කරන සෑම

කෙනෙකුටම දෙන බවත් බයිබලය පෙන්වයි.

2.අපට අද ලැබෙන බලය

යේසුස් වහන්සේගේ නාමයෙන්, අපටත් බලය ඇත.

(ලූක් 10:19)

මම ඔබලාට සර්පයන් හා ගෝනුස්සන් මත ඇවිදීමටත්, සතුරාගේ සියලු බලය මත

ජය ගැනීමටත් බලය දුන්නෙමි.”

මෙයින් කියන්නේ, අපටත් යේසුස් වහන්සේ තුළින් විජය බලය ඇති

බවයි. සතුරා අපට බියක් නොවිය යුතුය. බලය තුළින් අපි රෝගීන්ට

සුව දිය හැක, බිය ජයගත හැක, පව් වලින් නිදහස ලැබිය හැක.

3.අවසන් පණිවිඩය

අද යේසුස් වහන්සේ ඔබේ ජීවිතයට කියන්නේ,

මාව විශ්වාස කරනු මැනව, මට හැමදේම කළ හැකිවෙමි.”

ඔහුගේ අසීමිත බලය අදත් ක්රියාත්මකයි. ඔහුගේ අසීමිත බලයෙන් ඔබේ

නිවසෙත්, ඔබේ රැකියාවෙත් ප්රශ්න සියල්ලම වෙනස් කළ හැකිවේ. ඔබේ

හදවතත් වෙනස් කළ හැක.

ඔහුට ඔබගේ ජීවිතය භාරදෙන්න එවිට ඔබටත් අසීමිත බලය

අත්දැකිය හැක.

ජේසු පිහිටයි!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

25-Oct-02

මානසික ශක්‍යතා හත (The Seven Inner Strengths)

වරක් බුදුරජාණන්වහන්සේගෙන් කෙනෙක් ප්රශ්නයක් ඇසීය. එනම් විශ්වයේ බලවත්ම ශක්තිය කුමක්ද යන්නයි. උන්වහන්සේගේ ක්ෂණික පිළිතුර වූයේ මනස යන්නයි. විශ්වයේ ශ්රේෂ්ඨතම තත්ත්වය වන බුද්ධත්වය මනසේ ශක්තිය තුළින් ලබන්නකි. මිනිසුන් වන අපට ආගමික සංස්කෘතික වාර්ගික වෙනස්කම් කුමක් වුනත් මනසේ ශක්තිය ශක්යතා හතක් ලෙස අංගුත්තර නිකායේ සත්තක නිපාතයේදි උන්වහන්සේ විසින් උගන්වා තිබේ. එම හත එකින් එක ගෙන බලමු.

1. විශ්වාසය (confidence): අප මේ ශක්තිය ගැන හොඳම උදාහරණය ලෙස ගන්නේ බුදුරජාණන්වහන්සේ . විශ්වයේ ඉහළම සහ දෙවියන්ගේ වන්දනාවට පාත් වූ ආධ්යාත්මික තනතුර වන බුද්ධත්ත්වය උන්වහන්සේ ලබාගත්තේ මේ ශක්තිය මුල් කරගෙනය. තමන් විසින් තමාව විශ්වාස කළ යුතුයි. බුද්ධං සරණං ගච්ඡාමි කියා අප උන්වහන්සේව අනුගමනය කරන්නේ උන්වහන්සේ විශ්වාසයේ ආදර්ශය (role model of confidence) නිසාය.
2. වීර්යය (energy): මේ ශක්යතාව ජීවිතයේ ගැටළු හැල හැප්පීම්වලට මුහුණදීමට අප පුහුණු කරයි. සියල්ල කර්මයෙන් සිදුවේය යන දෛවවාදය (fatalism) ප්රතික්ෂේප කරන බුදුරජාණන්වහන්සේ විසින් කර්මය සැබෑ බලවේගයක් වුවත් එයට ප්රතිවිරුද්ධ නැගී සිටීමේ ශක්යතාව ලෙස මෙය දක්වා තිබේ. මෙම ශක්යතාව ආරම්භ වීර්යය (startup energy) සහ උට්ඨාන වීර්යය (reinforcement energy) ලෙස පියවර දෙකකින් යුක්තය. මුල් පියවර එක සිතින්ම උපරිම කැපවීමෙන් යමක් ආරම්භ කිරීම සඳහා . දෙවෙනි පියවර ඉලක්කය සපිරෙන තුරු වරින් වර ක්රියාවලිය ශක්තිමත් කිරීම සඳහාය.
3. හෘද සාක්ෂිය (conscience): මෙය කෙනෙකුට වැරදි කිරීම සඳහා ලැජ්ජාව ඇති කරයි. ආත්ම ගෞරවය රැක ගැනීමට වංචා දූෂණ පිටු දැකීමට මෙම ශක්යතාව පිටුබලයක් වෙයි. කොතරම් වාසි තනතුරු ලැබුණද තම චරිතය පාවාදීම මේ ශක්යතාව ඇති අය අතින් සිදු නොවේ.
4. අන්තරාය දැකීම (caution): මේ ශක්යතාව ඇති අය වැරදි කිරීමට බිය වේ. යමක් කිරීමට පෙර කීපවරක්ම සිතා බලයි. යම් ක්රියාවක සුන්දර යැයි පෙනෙන ප්රතිඵලයක ඇති සැඟවුනු අනතුර තේරුම් ගනියි. මෙය සහ තුන්වෙනි ශක්යතාව නිවුන් ශක්යතා . දෙකම එකවර භාවිත කිරීම නිසැක ප්රතිඵල ගෙන දෙයි.
5. සිහිය (mindfulness): මෙයින් ලැබෙන ප්රතිඵලය ඉතා විශාලය. කොතරම් කාර්යබහුල වුවද සිදුකරන හැම ක්රියාවක් ගැනම අවධානයෙන් සිටීමට මෙය උපකාරී වේ. අතිශය අවිවේකී කාර්යබහුල ජීවන රටාවක් ඇති වර්තමානයේ මේ ශක්යතාව ඉතා ජනප්රිය මෙන්ම ධනෝත්පාදක ආයෝජනයක් ලෙස මෙ ශක්යතාව විවිධ සංවිධාන සහ ආයතන මගින් market කරනු ලබන්නේ නිසාය. සෑම මොහොතකම කල්පනාකාරීව ක්රියා කිරීමට මෙය උපකාරි වේ.
6. සංසුන්බව (calm): මෙය සහ පස්වෙනි ශක්යතාව නිවුන් වේ. බෝම්බයක් නිෂ්ක්රීය කරන විශේෂඥයෙකු මෙන් ඉතා සංයමයෙන් කටයුතු කිරීමට මෙය උපකාර වේ. අර්බුද විසඳීමේ (conflict resolution) කාර්යයේදී මේ ශක්යතාව මහත් සම්පතකි. මේ ශක්යතාව ඇති අය නොසැලෙයි.
7. ප්රඥාව (wisdom): මෙය විෂයානුබද්ධ දැනුමට වඩා ඉතා උසස් දැනුමයි. ඥාන (knowledge) යනු විෂයානුබද්ධ දැනුමයි. ප්රඥා යනු යමක් දෙස පක්ෂග්රාහී නොවී යථාර්ථය දැකීමේ ශක්යතාව යි. මෙය ඉංග්රීසියෙන් unbiased vision of reality .
අකාලික මනෝවිද්යාවක් වන බුද්ධ ධර්මයෙහි ඉගැන්වෙන මෙම ශක්යතා හත පොදුවේ මානව වර්ගයෙහි සාමාජික වන අපට ආලෝකමත් සහ අවුල් වියවුල්වලින් තොර ජීවිතයක් ගත කිරීමට උපකාරි වේ. බුදුසරණයි!

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක