25-July-02

රස්තියාදුවෙන් කරදරේ වැටීම

මෙවර ලිපිය වෙන්වන්නේ රස්තියාදුව පිළිබඳව ධර්මානුකූල විග්රහයක් සඳහාය. රස්තියාදුව ඉංග්රීසියෙන් loitering, hanging out හෝ idling . සඳහා වන පාලි බෞද්ධ වචනය සමජ්ජාභිචරණයයි. සමජ්ජ යනු විනෝදය ගෙනෙන විවිධ අවස්ථා හෙවත් festive events . අභිචරණ යනු එවන් දේ තුළ බොහෝ, අනවශ් ලෙස යෙදීමයි. බුදුරජාණන්වහන්සේ විසින් අනවශ් වේලාවේදී අනවශ් තැන්වල ගැවසීම නිසා කිසිදා වරදක් නොකළ අය නිකරුණේ කරදරේ වැටෙන අයුරු දේශනා කර තිබේ.

වයස් භේදයකින් තොරව බොහෝ අය සමජ්ජාභිචරණය නිසා කරදරේ වැටෙන අවස්ථාව බොහෝය. මෙහිදී මා අවධානය යොමු කරන්නේ යොවුන් ප්රජාව කෙරෙහිය. ඉන්ද්රියයන් පිණවීමේදී හෙවත් කාමච්ඡන්දයේදී කෙනෙකු කරදරයට පත්වීමට ගතවන්නේ මොහොතකි. අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක යොවුන් වරදකරුවන් සඳහා වන මනෝඋපදේශන සැසිවලදී නිකරුණේ නීතිය ඉදිරියේ වරදකරුවන් වී ජීවිතය අඳුරු කරගත් ළමයින් සහ තරුණ තරුණියන් හමුවී තිබේ. ඔවුන්ගෙන් කවුරුත් හැඬූ කඳුළින් පැවසුවේ සුළු සතුටක් නිසා ජීවිතය අඳුරු කරගත් අයුරුය. සමවයස්කාරයන්ගෙන් එන පීඩනය (peer pressure) ඔවුන්ගේ සමජ්ජාභිචරණ අවුලට ප්රධාන හේතුවකි. වැරදි දේට පොළඹවන යාළුවන් ධර්මයෙහි හැඳින්වෙන්නේ අපායසහාය හෙවත් hellbent යාළුවන් ලෙසය.

පෙර කී පරිදි සමාජ මාධ් හෙවත් මාර්ගගත සමජ්ජාභිචරණය යොවුන් ජනතාව බිලිගත් පිළිකාවකි. භෞතිකව මෙන්ම මාර්ගගතව (online) සමජ්ජාභිචරණය නිසා සියදිවි නසාගත් යොවුන් අය වෙති. වික්ඛිත්ත චිත්ත හෙවත් distracted state of mind නිසා ඕනෑම කෙනෙකු තම විනාශය ළඟා කරගන්නා අයුරු සංයුත්ත නිකායේදී බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබේ. තුළින් වරදට පෙළඹෙන අය ගෙවන මානසික වන්දිය හෙවත් psychological toll ගැන අනතුරු අඟවා තිබේ.

යෞවන යෞවනියන් අසාමාන් ආත්ම විශ්වාසයෙන් යුතු වීම (overly self-confident) සහ මාන්නය නිසා තම පිරිහීම ළඟාකර ගැනීමේ ගතිය (hubristic) ඔවුන්ගේ පොදු ලක්ෂණ වන අතර එය යොබ්බන මද හෙවත් youthful infatuation ලෙස ධර්මයේ සඳහන් වේ. ළමා තරුණ වයසේ විනෝදය තිබියයුතු දෙයකි. මහළු වී දත් හැලුනු පසු මොන විනෝදයක් ! එහෙත් සීමාව දැනගත යුතුය. සමජ්ජ සහ එහි ක්රමානුකූලව යෙදීම හෙවත් චරණය විය යුතුය. ප්රශ්න ඇතිවන්නේ අභිචරණය හෙවත් සීමාව වේලාව සුදුසු නුසුදුසුබව තේරුම් නොගෙන එහි යෙදීමයි, රස්තියාදුවයි. බොහෝ වැඩිහිටියන්ද මාර්ගගත සමජ්ජාභිචරණයට ඇබ්බැහි සිටින යුගයක දරුවන් කෙරෙහි මහත් අවධානයෙන් සිටීම වැඩිහිටියන්ගේ වගකීමයි.

ආචාර් දේදුනුපිටියේ උපනන්ද හිමි
සාකල් මනෝවිද්යා උපදේශක

Home / Archive by category "Religious"

25-July-01

ජේසුස් වහන්සේගේ අද්විතීය බලය.

(ශුද්ධ මතෙව් 14 : 22 – 33)

"එකෙණෙහිම උන්වහන්සේ සමූහයන් අරින තෙක්, ඔරුවට

නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන්ට ගෝලයන්ට

බලකළසේක. උන්වහන්සේ සමූහයන් යැවූ පසු,

යාච්ඤාකරන පිණිස වෙන්ව කන්දට ගියසේක. සවස් වූ

කල්හි උන්වහන්සේ එහි තනියම සිටිසේක. එහෙත් හුළඟ

ඉදිරියට ගැසූ බැවින්, ඔරුව එවේලෙහි රැළවලින් සෙලවි

සෙලවී මුහුද මැද තිබුණේය. රෑ සතරවෙනි යාමයේදී

උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක.

ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක,

කැලඹී: අවතාරයක්යයි කියා භයින් මොරගැසුවෝය.

එහෙත් යේසුස්වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කථාකොට:

ධෛර්යවත් වෙයල්ලා; මමය; භය නොවෙල්ලායයි කීසේක.

පේත්රැස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි,

ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට

අණකළ මැනවයි කීවේය. වරෙන්නැයි උන්වහන්සේ

කීසේක. එවිට පේත්රැස් ඔරුවෙන් බැස, යේසුස්වහන්සේ

වෙතට යන පිණිස වතුර පිට පයින් ගියේය. නුමුත් ඔහු

හුළඟ දැක භයවී, ගිලෙන්ට පටන්ගෙන: ස්වාමිනි, මා

ගැළෙවුව මැනවයි මොරගැසුවේය. එකෙණෙහිම

යේසුස්වහන්සේ අත දිඟුකොට ඔහු අල්ලාගෙන: ඇදහිලි

මඳ තැනැත්ත, කුමක් නිසා සැකවූයෙහිදැයි කීසේක. ඔවුන්

ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. එවිට ඔරුවේ

 

සිටි අය: ඒකාන්තයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ

පුත්රයාණෝය කියා උන්වහන්සේට නමස්කාරකළෝය."

මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරයිනි මොහොතක් ඉහත බයිබල්

පදය දෙස ඔබගේ මනස යොමු කරන්න. එවිට අපට පෙනී යයි

ජේසුගේ අද්විතීය බලය කොපමණද කියා.

හොඳයි ඔබ සැමට ජේසුගේ ආදරය බලය අත්විඳින මාසයක් වේවා!!

1) සොබා දහම පවා වෙනස් කරන දෙවිඳුන්

අපගේ ජේසුස් වහන්සේ මහා සාගරය මත ඇවිදගෙන ආවා පමණක් නොවෙයි

ඔහු සොබා දහමට අණ කරන විට එයත් නිෂ්චල විය. ඉතින් මාගේ

සෙනෙහෙවන්තයිනි මොහොතක් කල්පනා කරන්න ඔබගේ ජීවිතයට කුමන

පීඩාවක්, කුණාටුවක්,බියක්, අවිශ්වාසයක්, වේදනාවක් ආවත් ඔබ

උන්වහන්සේගේ වචනයේ බලය විශ්වාස කරනවා නම් එක මොහොතකින්

උන්වහන්සේ ඔබගේ ප්රශ්නය විසඳනවා නොවේද..

2) ගිලෙන්න නොදී දියෙන් ගොඩගන්න ජේසුස්.

පේත්රස් ජලය මත විශ්වාසයෙන් ඇවිද්දත් බියට පත් වූ විට ඔහුගේ ඇදහිල්ල බිඳ

වැටී ජලයෙහි ගිලෙන්නට විය. නමුත් අපගේ ජේසුස් වහන්සේ පේත්රස් ගිලෙන්නට

නොදී අත දිගුකොට ඔහු ගලවා ගත්තේය.

3) කාන්තාරෙහිවත්, සාගරයෙහිවත් ජේසුස් වහන්සේ නතර කළ

නොහැක.

කතරෙහි වසර හතළිහක් සෙනග පෝෂණය කල දෙවිඳුන් සාගරය මැද

ගෝලයන් සමඟ හිටපු ජේසුස් සොබාදහමට අභිබවා ගිය ජේසුස් අදත් ඔබ

සමග සිටිමින් මෙම අද්විතීය බලය පෙන්වයි.

ඉතින් විශ්වාස කරන්න ජේසුස් වහන්සේට පුළුවන් ඔබට ජය දෙන්න..

ඔබ සැමට ජේසු පිහිටයි.

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

Home / Archive by category "Religious"

25-June-17

අඳුර තුළ ගෙවන ජීවිතයේන් එළියට එමු!!

මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරියනි ජේසුගේ ආශිර්වාදය ලැබෙන මාසයක් වේවා!

*අඳුරෙන් පිරුණු ලෝකයක අවශ්යතා ඇති මිනිසුන්ට ආලෝකය වූයේ යේසුස් වහන්සේය.

ඔහු කළ ප්රාතිහාරයන් සාමාන් මානව බුද්ධියෙන් තේරුම් ගන්න්න බැහැ. ඒවා ඔහුගේ

දේවත්වය හා අපට තිබෙන ආදරය පෙන්නුම් කරයි.

ඉතින් ඔබ තවත් අඳුරේ සිටීමට අවශ් නෑ. අපි බලමු දෙවියන් වහන්සේ කොපමණ

මනුෂ් ජීවිතවලට ආලෝකය සහ ප්රේමය නිදහස් කරා කියා. පහත කරුණු ගැන

ඔබගේ හදවත ඉතා හොඳින් යොමු කර බලන්න.

*අන්ධ මනුෂ්යයන්ට පෙනීම ලබාදීම,

(ශුද්ධ මාර්ක් 10: 46 – 52)

"ඔව්හු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත්

සමූහයක් සමඟ යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්රවූ

බර්තිමේයුස් නම් අන්ධවූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගන උන්නේය.

නාසරිය යේසුස්වහන්සේ බව ඔහු අසා: දාවිත්ගේ පුත්රවූ යේසුස්වහන්ස, මට

කරුණාකළ මැනවයි මොරගසන්ට පටන්ගත්තේය. එවිට ඔහු නිශ්ශබ්ද වන

ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නුමුත් ඔහු: දාවිත්ගේ පුත්රය, මට

කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය. යේසුස්වහන්සේ නැවතී සිට:

ඔහුට අඬගසන්නැයි කීසේක. ඔව්හු අන්ධයාට අඬගසා: ධෛර්යවත්වෙන්න.

නැගිටින්න, උන්වහන්සේ නුඹට අඬගසනසේකැයි කීවෝය. ඔහු තමාගේ සළුව

ඉවත දමා, පැනනැගී යේසුස්වහන්සේ ළඟට ආයේය. යේසුස්වහන්සේ ඔහුට

කථාකොට: මා විසින් නුඹට මක්කරනවාට නුඹ කැමතිදැයි ඔහුගෙන්

ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට කීයේය.

යේසුස්වහන්සේද: යන්න, නුඹේ ඇදහිල්ල නුඹට සුවකළේයයි ඔහුට කීසේක.

එවේලේම ඔහු පෙනීම ලැබ, මාර්ගයෙහි උන්වහන්සේ අනුව ගියේය."

බලන්න ඔහුගේ ජීවිතයට ආලෝකය ආපු ආකාරය. ඔහු ලැබුවා වූ යේසුස් වහන්සේගේ

ප්රේමය නිසා ඔහු යේසුස් වහන්සේව අනුගමනය කරමින් යේසුස් වහන්සේගේ පසුපස

යන ඔහු මනුෂ්යයෙකු වුවා. බලන්න මෙම මනුෂ්යයා ආලෝකයට එන්නත් යේසුස්

වහන්සේගේ ප්රේමය අත්දකින්නත් ඔහුට එක් දෙයයි තිබුණේ තමයි විශ්වාසය. මොහු

යේසුස් වහන්සේ කෙරෙහි තැබුවා වූ අධික විශ්වාසය නිසාම ඔහු අන්ධකාරයේ

ආලෝකයට ආවා.

 

ඉතින් ඔබත් මුළු හදවතින්ම යේසුස් වහන්සේව විශ්වාස කරන්න. එවිට යේසුස්

වහන්සේ නුඹගේ ජීවිතයේ අඳුර පහ කරලා ආලෝකයෙන් බබලන්න සලස්වයි.

ඔබ සැමට ජේසු පිහිටයි!

 

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

Home / Archive by category "Religious"

25-June-16

තිරිසන් සතුට (schadenfreude)

මෙවර මේ ගැන ලියන්නට හිතුවේ ඔබේ විපතේදී ඔබව සොයා එන සියල්ලන්ම ඔබේ මිතුරන් නොවන බව පැහැදිලි කිරීමටය. ඔබ කරදරයකට පත්වූ විට හෝ යමක් ලබාගැනීමට අසමත්වූ ඔබ වෙනුවෙන් දුක් වෙන අය දෙවර්ගයකි. අතරින් අයෙකුගේ කඳුළු අවංක වන අතර තවෙකෙකුගේ කඳුළු ඔබේ වැටීම නිසා වන සතුටු කඳුළු . කඳුළු ඔබේ වැටීම නිසා ඔවුන් තුළ ඇතිවූ සතුට නිසාය. එයට තනිවචනයකින් සාර්ථකව ප්රකාශ කිරීම සඳහා ඉංග්රීසියෙහි භාවිත වන්නේශෝඩන්ෆ්රොඉඩනම් ජර්මන් වචනයයි. එහි තේරුම නම් කෙනෙකුගේ වැටීම නිසා තවෙකෙකු තුළ ඇතිවන ප්රීතියයි (taking delight in another’s downfall). සිංහලෙන් සඳහා හොඳම වචනයතිරිසන් සතුට

දැන් එම තිරිසන් සතුටෙහි ස්වභාවය විග්රහ කරනු. බුද්ධ ධර්මය තුළ මේ සඳහා භාවිත වචන කීපයකි. අතරින්ඉස්සාහෙවත් ඊර්ෂ්යාව (jealousy) ප්රධාන . ඊර්ෂ්යාව ඇති අයට ඔබේ සාර්ථකත්වය ගැන ඇත්තේ පුදුම වේදනාවකි. ඔබට යම් විපතක් වූ විට එවන් අය කොතරම් සතුටුවන්නේ කිවහොත් ඔබ හමුවීමට තෑගි රැගෙන ඒමට පෙළඹේ. ඔබේ සාර්ථකත්වය නිසා ඔවුන්ට ඇති වේදනාව නිසා ඔවුන් සිටින්නේ ඔබේ විනාශය ප්රාර්ථනා කරමින්ය. එය ධර්මයෙහි හැඳින්වෙන්නේ ව්යාපාද (ill-will) ලෙසය

 

මේ තිරිසන් සතුට කොතරම් හානිදායකද කිවහොත් එය පරාජය කිරීමට දිව්යමය මානසිකත්වයක් අවශ් වේ. එය මුදිතා හෙවත් අනුන්ගේ දියුණුවේදි සතුටුවීම (altruism) යි. එය සතර බ්රහ්මවිහාරවලින් (the four principles of divine life) එකකි. මෛත්රීය, කරුණාව සහ උපේක්ෂාව යන සෙසු බ්රහ්මවිහාරවලට සාපේක්ෂව බැලීමේදී සමාජ සත්ත්වයන් වන මිනිසුන්ට මුදිතාව පුරුදු කිරීම වඩා දුෂ්කර . නොදැනීම ඔබට මොහොතකට ශෝඩන්ෆ්රොඉඩ ඇතිවිය හැකිය. මොහොතකට හෝ එය ඇති වුවහොත් ඔබ දිව්යමය තත්ත්වයෙන් පිරිහී තිරිසන් තත්ත්වයට වැටේ. ඔබේ වැටීම ගැන යමෙකුට තිරිසන් සතුටක් ඇතිවී ඇතිබව හැඟුනොත් මෙත් සිතින් ඔවුන්ගෙන් ඈත්වීම මැනවි

 

බොහෝ මව්පියන්ට ආදරයේ වේශයෙන් ශෝඩන්ෆ්රොඉඩ ඇතිවේ. එය පාසැල් සහ දහම් පාසැල් තරඟ සංදර්ශන ආදියේදි මම දැක ඇත්තෙමි. තම දරුවාට වඩා දක්ෂ දරුවෙකුගේ රංගනයේදී සුළු අතපසුවීමක් දුටුවිට එම දරුවා හමුවී දුක ප්රකාශ කරයි. දුකක් නොව සතුටකි. පෙර වතාවකදී රංගනය අතිසාර්ථකව කළ විට සුබපැතුම් නොලැබිණ. මුදිතාවෙන් පිරුණු ළමා ලෝකයද කෙලෙසන්නේ වැඩිහිටියන් විසිනි.

 

ඔබ මුදිතාව වඩන්න. එහෙත් ඔබ වෙනුවෙන් කඳුළු සළන්නන් ගැන පරිස්සමෙන් ඉන්න.

 

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Home / Archive by category "Religious"

25-May-04

සුන්දර ජීවිතයක් සඳහා නිර්ණායක ත්‍රිත්වයක්:

ධම්මපදය බුද්ධ දේශනාවන්ගෙන් සමන්විත මනරම් ග්රන්ථයක් වන අතර, එය සුන්දර ජීවිතයකට මග පෙන්වයි. ධම්මපදයේ 224 වන ගාථාව තුළින් සුන්දර ජීවිතයක් සඳහා මූලික නිර්ණායක ත්රිත්වයක් දක්වයි:

සච්චං භණේ, කුජ්ඣෙය්, දජ්ජා අප්පම්පි යාචිතො;
ඒතෙහි තීහි ඨානෙහි, ගච්ඡේ දේවාන සන්තිකෙ.”

සත්යය පවසන්න. තරහවට ඉඩ නොදෙන්න. ඉල්ලූ විට සුළු දෙයක් වුවත් දෙන්න. මේ ත්රිත්වය හරහා, දෙවියන් වෙසෙන ලෝකයකට ඔබට යා හැකිය.”

මෙම වාක්යය තුළ දැක්වෙන සත්යය කතා කිරීම, තරහ නොගැනීම සහ පරිත්යාගය යන අංග තුන, නවීන මනෝවිද්යාවේත් මූලික මට්ටමේ මානසික සෞඛ්යය, සමාජීය හැසිරීම, සහ ආත්ම සංවර්ධනය යන ක්ෂේත්රවලට අදාල වේ. දැන් මේ අංග තුන ගැන වෙන වෙනම විමසා බලමු.


1. “සච්චං භණේ” – සත්යභාවය සහ ආභ්යන්තර ඒකාකාරතාවය

සත්යය පවසීම යනු නීතිමය සහ සදාචාරාත්මක අවශ්යතාවක් පමණක් නොව මනෝවිද්යාත්මකවද අතිශය වැදගත් වේ. Cognitive dissonance (ඥානාත්මක ව්යතිරේකය) නමැති න්යාය අනුව පුද්ගලයෙකුගේ අභ්යන්තර විශ්වාසයන් හා බාහිර හැසිරීම් අතර නොගැලපීමක් පවතින විට, ආතතියක් හා අධෛර්යතාවයක් මතු වේ. බොරුවෙන් ජීවත්වීම කාලයත් සමඟම මානසික ආතතියක් ඇති කරයි.

බුද්ධධර්මයේ, සම්මා වාචා (නිවැරදි වචනය) යනු අෂ්ටාංගික මාර්ගයේ අංගයකි. සත්යය පැවසීම යනු පිරිසිදු ජීවිතයකට මග විවෘත කිරීමකි. සත් වචන සමාජය තුළ විශ්වාසය සහ නීතිගරුකබව ගොඩනඟයි.

මනෝවිද්යාත්මක වශයෙන් සත්යය පැවසීම ආත්මීය සත්යතාවය (self-authenticity) හා ආත්මීය ප්රත්යක්ෂීකරණය (self-actualization) ඇතිකර මනුෂ්යයෙකුගේ ජීවිතයේ ව්යාකූලතාවය අවම කර සිතේ සමාධිය වැඩි කරයි.


2. “ කුජ්ඣෙය්” – තරහව පාලනය සහ මානසික නිදහස

තරහව යනු හැම කෙනෙකුම අත්විඳින, නමුත් පාලනය කල යුතු බලවත් ආවේගයකි. නවීන මනෝවිද්යාව අනුව, පාලනය නොකළ ආවේගවිශේෂයෙන්ම තද තරහවමනෝසික හා ශාරීරික සෞඛ්යයට මහත් සේ හානි කරයි. එය අධික රුධිර පීඩනය, හෘදයාබාධ, සහ සමාජික ගැටුම් වලට හේතු වේ.

බුද්ධ දේශනාව අනුව තරහව යනු අකුසල මූල තුනෙන් එකකට අයත් . මෙය පාලනය කිරීම සඳහා මෙත්තා (මිත්රත්ත්වය) සහ උපේක්ෂාව වර්ධනය කළ යුතුය. එසේ නොකළහොත්, මානසික සෞඛ්යය පිරිහෙයි.

Dialectical Behavior Therapy (DBT) (ආචරණ ආවේග විධාන චිකිත්සාව) යන ප්රතිකාර ක්රමය තුළද තරහව පාලනය යනු ප්රධාන අංගයකි. එය කුජ්ඣෙය් යන බුදුවදනේ අර්ථය සෘජුවම හුවා දක්වයි.

3. “දජ්ජා අප්පම්පි යාචිතො” – සුළු දානයක් වුවත් දීම සහ ආත්මය හැරීම

දානය හෙවත් දීම යනු බුදු සසුනේ ඉගැන්වෙන මූලික ප්රතිපත්තියකි. වටිනා දෙයක් දීම නොව, පිරිසිදු සිතෙන් දීම මෙහි මුල්ම තේමාවයි. ඉතා සුළු දෙයක් වුවත් පිරිසිදු හා අවංක සිතින් දෙන විට මහත් වටිනාකමක් ඇත.

මනෝවිද්යාවෙහි prosocial behavior හෙවත් සමාජහිතෛෂී හැසිරීම යන සංකල්පය මෙයට සමාන වේ.

නවීන නියුරෝවිද්යාවට අනුවද දානය සතුට ජනනය කරන්නා මෙන්ම brain reward system හෙවත් යම් අරමුණක් මුදුන් පමුණුවා ගැනීමෙන් ලැබෙන සම්මාන දිනාගත්තා යන හැඟීම ගෙන දෙයි. එම නිසා, දානය සිත් සතුට, තෘප්තිය සහ නිකේතන සබඳතාවයක් උදාකරයි.

ඉහත කී නිර්ණායක ත්රිත්වය දෛනික ජීවිතයේදී නොවරදාම සුළු වශයෙන් හෝ පුහුණු කිරීම රාත්රියෙහි සුවදායක නින්දකට සහ අවදිව සිටියදී ජීවිතය සුන්දරයි යන හැඟීම පහසුවෙන් දැනීමට පිටුබලයක් වේ.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

 

Home / Archive by category "Religious"

25-May-03

මහා සිකුරාදා

ආදරයේ කැපවීම සහ මුදවා ගැනීමේ දිනය..

 

(යෙසායා 53:5)

"නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ

අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය;

උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ."

මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරයනි ඔබ සැමට ආශිර්වාදමත් පාස්කු

මංගල්යයක් වේවා!

ඉතින් අද දවසේ මා ඔබ හට පෙන්වා දෙන්න යන්නේ මහා සිකුරාදාව ගැන බිඳක්

වේ.

මාගේ සහෝදර සහෝදරියනි අද අපි එකට සන්සුන් සිතකින් භක්තිවන්ත

හදවතකින් යුක්තව මහා සිකුරාදාව සිහිපත් කරමු. මෙය යේසුස් වහන්සේ

කුරුසිය මත මියගිය දිනයයි. මේ දින අපි උන්වහන්සේගේ වේදනාව සිහිකරනවා

නමුත් එය දුකක් පමණක් නොව ආදරයත් සමාවත් සහ ජයග්රහණයකි.

1.යේසුස් වහන්සේගේ ආදරය

(යොහන් 3:16)

"මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්රයාණන් දෙන තරම් ලෝකයාට

ප්රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී

සදාකාල ජීවනය ලබන පිණිසය."

දෙවියන් වහන්සේ ලෝකයාට මෙපමණ ආදරය කළ බැවින් උන්වහන්සේගේ එකම

පුත්රයා දුන්නේය.එම පුත්රයාගේ ජීවිත පූජාව විශ්වාස කරන කවුරුත් විනාශ නොවී

සදාකාල ජීවනය අත්පත් කරගැනීමට හැකිවනු ඇත.

*උන්වහන්සේ වද විදිනු ලැබුවේ අප වෙනුවෙන්.

*අපගේ පව් උන්වහන්සේ උරාගෙන අපිට මිදීම ලබා දුන්නේය.

මෙයයි උන්වහන්සේගේ අරමුණු.

 

2.කුරුසිය දුකෙන් උපන් ජය.

යේසුස් වහන්සේ වින්ද දුක් මගින් අපට ජීවිතය ලබා දුන්නේය.මොහොතක්

සිතන්න උන්වහන්සේට පහර දුන්නා, නින්දාකළා කසයෙන් පහර දුන්නා.

නමුත් උන්වහන්සේ කිව්වේ පියාණෙනි මොවුන් නොදැන කරන වරදට මොවුන්ට

සමාව දෙන ලෙසටය.

ඔබ මොහොතක් කල්පනා කර බලන්න යේසුස් වහන්සේගේ ප්රේමය කොපමණද

කියා.අපේ දුක, අපේ පව්, අපේ කඳුළු, කුරුසිය මතට උන්වහන්සේ රැගෙන අපව

මේ සියල්ලෙන් නිදහස් කර තිබේ.

මෙහි තුන්වෙනි කරුණ ගැන ඔබ හොඳින් කල්පනා කර බලන්න. උන්වහන්සේගේ

ප්රේමයට අප කෙසේ පිළිතුරු දිය යුතුද?

*උන්වහන්සේ මගේ ජීවිතයට කළ දේ සිහි කරමින් මමත් අන් අයට සමාව දිය යුතුය.

*ඔබත් ආදරය කරන්න කැපවෙන පිණිස සත්යාවබෝධ කරගෙන පසුපස ගමන් කළ යුතුවේ.

*සියල්ලේදී උන්වහන්සේගේ ප්රේමය සිහි කරමින් ජීවත් වෙමු.

3.සදාකාලික ජයග්රහණය.

මහා සිකුරාදා යනු යේසුස් වහන්සේගේ මරණය සිදුවූ දිනය නොවේ එය අප හට

ජීවනයට යන මාර්ගයේ ආරම්භයයි. යේසුස් වහන්සේ කුරුසපත් වීමෙන් පසුව

සුන්දර ජයග්රහණයක් අපට ලැබී තිබේ.මෙය විශ්වාසය කිරීම තුළින් අපි සියල්ලෝ

ජයග්රාහකයෝ වෙමු..

ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

Home / Archive by category "Religious"

25-April-02

ආගම භාවිතයෙන් තමන් බැබලීම

මෙවර ලිපිය වෙන්වන්නේ බුද්ධ දේශනාවේ එන වඤ්චනික ධර්මයක් හෙවත් ප්රවණතාවක් (masquerading tendency) වන ශ්රද්ධාවේ (religious devotion) නාමයෙන් එන මානය (conceit) විස්තර කිරීමටයි. වංචනික ධර්ම යනු තමන් විසින්ම තමන් රවටා ගැනීමේ ප්රවණතා . පාලි සූත් පිටකයේ සුත්තනිපාත ග්රන්ථයේ මාගන්ධියා සූත්රයේ මෙසේ සඳහන් වේ.
තේන හෝති ධම්මට්ඨෝ
යේනත්ථං සහසේ නයං
යෝ අත්තං අනත්තඤ්ච
උභෝ නිච්ඡෙය්ය පණ්ඩිතෝ
අත්තං පටිපජ්ජෙය්ය
වේ ධම්මට්ඨෝති වුච්චති.”

මෙහි තේරුම නම් හුදු දේශනාවෙන්, කතාවෙන් පුදපූජා පිංකම්වලින් කෙනෙකු ධර්මයෙහි නොපිහිටන බවයි, ධර්මකාමී අයෙකු නොවන බවයි. එයට හේතුව බණ ගැන කතා කරන්නේ පිංකම් ආදියෙහි නිරතවන්නේ ශ්රද්ධාව නිසා නොව මානය නිසා බවයි. එය දරුණු වඤ්චනික ධර්මයකි. බොහෝ අය තමන් පිංකම් කරන්නේ සැබෑ ශ්රද්ධාව නිසා නොව කැපී පෙනීමටය. මානය නිසාය.
පිංකම් පූජා ආදිය මානයට වාහනයකි (Religious rituals are a vehicle to conceit). මානයෙන් පිංකම් කරන්නන් තුළ ප්රධාන චරිත ලක්ෂණ තුනකි.
1. ගෞරවය සහ විශේෂ තත්ත්වයක් බලාපොරොත්තුවෙන් ප්රසිද්ධියේ විශාල මුදල් පරිත්යාග කරති.
2. වර්ණනා බලාපොරොත්තුවෙන් පිංකම් සහ උත්සවවල මුදුනා වෙති.
3. තමන් රකින සිල්, කරන භාවනා සහ වතාවත් ගැන පම්පෝරි ගසති.
කෙටියෙන් කිවහොත් අරමුණ නම් self-glorification හෙවත් ආත්ම උත්කර්ෂයයි.

ධර්මානුකූලව එහි භයානකබව තුන් ආකාර වේ. එනම් එයමම වැඩ්ඩාහෙවත්අත්ත දිට්ඨි (self-view) තත්ත්වය බලගන්වයි. එය තමන්ද අනුන්ද මුලා කරයි. එය විදර්ශනාව හෙවත් සැබෑ දැකීම (insight) වළක්වයි.

මානයෙන් බැබලෙන එවන් අය සැබෑ ආධ්යාත්මික ප්රජාවට සහ පංසලට පිළිකාවකි. ඔබට එවන් පිළිකා තත්ත්වයක් තිබේ දැයි ආධ්යාත්මික ඉලක්ක සඳහා සැබෑ වුවමනාවක් තිබේ දැයි තමන්ගේ හදවතින් මෙසේ විමසිය යුතුය; “මම පිංකම් කරන්නේ අනිත් අයට පේන්නටද?”

සැබෑ බුද්ධ ශ්රාවකයා අත් හැරීම සඳහා පිංකම් කරති. මානයෙන් පිංකම් කරන්නා තාවකාලිකව මානයෙන් බැබලුනද එය බුදුන් ඉදිරියේ කරන පිංකමක් නොව ගොංකමයි. රැවටෙන්නේ තමාමය.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Home / Archive by category "Religious"

25-April-01

අද ස්වාමීන් වහන්සේ කරන දෙය බලන්න

අද ස්වාමීන් වහන්සේ කරන දෙය බලන්න. (නික්මයාම 14: 13 – 14) "මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය." "ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය." මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දෙවිඳුන් තුළ ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!! මාගේ සෙනෙහෙවන්තයිනි මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ මනස යොමු කර බලන්න. උන්වහන්සේ ඔබට පවසන්නේ බය නොවී නිශ්චලව සිටින ලෙසටය. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය තුළ කරන්නට යන දෙය ඔබට සිතා ගන්නටවත් බැරිය. ඉහත සඳහන් බයිබල් පදය තවදුරටත් ඔබ මෙනෙහි කරනවා නම් ඔබට තව බොහෝ කරුණු දැක ගත හැකිවේ. කෙසේ වෙතත් මාගේ ප්‍රේමවන්තයිනි ඔබගේ ජීවිතයේ ඔබ ඉදිරියේ තිබෙන සෑම අභියෝගයක්ම ස්වාමීන් වහන්සේට භාර දෙන්න. ඒ දේ බාර දෙමින් නොබියව දෙවියන් වහන්සේව විශ්වාස කරමින් ඔබ ඉදිරියටම ගමන් කරන්න. බලන්න ඔබගේ විශ්වාසය තුළ ඔබ මේ කියවන මොහොතේ සිට ඔබගේ ජීවිතයේ යමක් සිදුවන්නට පටන් ගන්නවා නියතයි. ඔබ සැමට ජේසු පිහිටයි!! ඉවැන්ජලිස්ත අමිල දිසානායක මාර්ගය සහෝදරත්වය සභාව මහරගම
Home / Archive by category "Religious"

මගේ හුස්ම හිරවෙනවා වගේ

 ‘මගේ හුස්ම හිරවෙනවා වගේ’ යනුවෙන් කෙනෙකුට ඇතැම්විට කියවේ. බොහෝවිට එසේ කියවෙන්නේ කායික ආබාධයකට වඩා මානසික ගැටළු නිසාය. සච්චවිභංග සූත්‍රයට අනුව කායික ආබාධ ‘දුක්ඛ’ ලෙසද මානසික ආබාධ ‘දෝමනස්ස’ ලෙසද දැක්වේ. මෙහිදී අප සාකච්ඡා කරන්නේ දෝමනස්ස (දොම්නස්) ගණයට වැටෙන හුස්ම හිරවීමය හෙවත් gasping ය. දෝමනස්ස යනු නිෂේධාත්මක, විනාශකාරී හෙවත් negative මානසික තත්ත්වයකි. එය අකුසලයක් (unskillfulness) ලෙස දැක්වේ. 

පාලි සූත්‍රවල මෙම මානසික තත්ත්වය හඳුන්වන්නේ ‘උපායාස’ ලෙසය. සරලවම විග්‍රහ කළහොත් ‘උප’ යනු අභ්‍යන්තර හෝ සමීප ය. ආයාස යනු උත්සාහයයි. උපායාසය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු පහක් තිබේ. එනම් කැළඹුනු හැඟීම් (emotional disturbance), ව්‍යාකූල චින්තන ශක්තිය (cognitive disorientation), නිෂේධාත්මක කායික ප්‍රතිචාර (negative biological reactions), චර්‍යා රටාවේ අසමතුලිතතාව (behavioral nervousness) සහ උපේක්ෂාව බිඳවැටීම (loss of equanimity) ය. 

උපායාසයෙහි භයානක ගතිය නම් එය නිහඬ විනාශකයෙක් (silent killer) වීමයි. බොහෝවිට කෙනෙකුගේ උපායාසය තව කෙනෙකුට නොපෙනේ. බොහෝවිට එය ඇති අයද ඒ ගැන සිතන්නේ තමන්ට ඇති කායික මහන්සිය හා කාර්‍යබහුලතාව නිසා එසේ වන බවය. එහෙත් උපායාසය සියදිවි හානිකර ගැනීමේ තත්ත්වය දක්වා දරුණු විය හැකිය. අද සමාජයේ සියළුම සමාජ ස්ථරවල අයට උපාසයය තිබේ. ඒ සියළු ස්ථර ගැන සාකච්ඡා කිරීමට ඉඩකඩ නොමැති නිසා අධ්‍යාපනයෙහි නිරත දරුවන් ගැන පමණක් මෙහි සටහන් කරමි. මනෝ උපදේශනය සඳහා පැමිණෙන දරුවන්ගෙන් 40%ක ට පමණ සියුම් ලෙස තමන්ට තමන් එපාවීමේ සහ සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවක් තිබේ. විෂයයන් සඳහා ළකුණු අඩුවුවහොත් දරුවන්ට නොබැණ ඔවුන්ට පරිසරයේ සුන්දරත්වය විඳීමටත් සති භාවනාව (mindfulness) සඳහා යොමුකිරීමත් කළ යුතුය. එම සති භාවනාව කණ්ඩායමක් තුළ දරුවාට ලබාදිය යුතුය. එවිට තම හැඟීම සම වයසේ අය සමඟ හුවමාරු කරගැනීමට අවස්ථාව දරුවන්ට සැළසේ. දරුවෙකු නිතර අසාමාන්‍ය ලෙස හුස්ම ගන්නේ නම් ඒ ගැන සැළකිළිමත් වෙන්න. වැඩිහිටි ඔබට එසේ වන්නේ නම් ඔබට අනිවාර්‍යයෙන්ම මානසික විවේකය අවශ්‍ය ය.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි