යකා

වෙස්මුහුණු 

  පන්දමි අරගෙන

  ගිණිකෙළි අරගෙන

  යක්කුත් පිටියට ආවා

       එහෙම කියනකොට අමුතු ගැමිමක් හිතට එනවා නේද… කාලෙන් කාලෙට එක එක රැලි එනවා…. සමහර දෙවල් ටික කාලෙකින් මිනිස්සුන්ට අමතක වෙලා යනවා..  එත් අද මම අපි මැගසින් එක හරහා කතා කරන්න යන්නේ එහෙම රැල්ලකට හසුවුන සුන්දර අපේ රටෙි නිර්මාණයක් ගැන…

          වෙස්මුහුණු කිවුවාම කාටත් මතක් වෙන්නේ අමිබලන්ගොඩ , එ වගේමයි ගිණි රාක්ෂ මුහුණ.. ගිණි රාක්ෂ මුහුණ කොයිතරමි නමි ප්‍රසිද්ධියට පත්වි ඇතිදැයි කිවයුතු නෑ , අද වන විට විදේශිකයන්ගෙත් නෙත් සිත් වසඟ කරගන්නට වෙස් මුහුණු සමත්⁣ වෙලා තියෙනවා..

    අද ⁣වන විට මෙි යක්ක මුහුණු යොදාගෙන කරන දේවල් නමි බොහොමයි…. ඇත්තටම මට වෙස්මුහුණු ගැන ලියන්න හිතුනෙත් මැතකදි බොහො අයගේ නෙත් සිත් වසග කරගත්ත එක carnival එකක් නිසා. මතක ඇති විශාල වෙිදිකාවක් ලෙස ගිණි රාක්ෂ මුහුණ ඉදිකර තිබුණු අන්දම…. එ නිසාමයි මෙවර කලාපයෙන් වෙස්මුහුණු ගැන තොරතුරු බිදක් ගෙන එන්න තීරණය කලේ…

       ඉතිං මම අපි මැගසින් එක ඔස්සේ අද ඔබට ගෙන එන්නේ අපේ සාම්ප්‍රදායික වෙස්මුහුණු කලාව පිළිබඳ තොරතුරු… 

     අපේ රටෙි පහතරට ප්‍රදේශයට ආවේණික වූ වෙස්මුහුණු කලාව කවදා කෙසේ ආරම්භ වූවා දැයි කිව නොහැකි වුවත් දීර්ඝ කාලයක් තිස්සේ විනෝදාස්වාදයට මෙන් ම ශාන්තිකර්ම වලට වෙස්මුහුණු යොදාගෙන තිබෙනවා….

         රාක්ෂ වෙස්මුහුණු වලට නමි කාගෙත් සිත් වසඟ වෙනවා… එ අතර කාගෙත් හිත් දිනාගෙන ඇත්තේ ගිණි රාක්ෂ වෙස්මුහුණ…. ගිණි රාක්ෂ වෙස්මුහුණ යොදාගෙන අද වන විට ඇදුමි නිර්මාණය වනවා…. එ අතර ප්‍රධාන තැනක් ගන්නේ සරමි… එ වගේම වාහනවලත් මෙි ගිණි රාක්ෂ වෙස්මුහුණුනේ ස්ටිකර් අලවා තිබෙනවා, නිවෙස් වල වගේම හොටල් වලත් ගිණි රාක්ෂ වෙස්මුහුණ කාටත් පෙණෙන ස්ථානයක ප්‍රදර්ශනය කර තිබෙනවා දැකලා ඇති.. එ තරමට ගිණි රාක්ෂ වෙස්මුහුණට බොහො අය ඇලුමි කරනවා.. එ නිසාම අද වෙළදසැල් වල යකා ඇදුමි පැලදුමි වලින් නමි අඩුවක් නෑ…

           ඇත්තටම වෙස්මුහුණු කියන්නේ මොනවා ද? මේ වන විට ඔබ වෙස්මුහුණු එකක් හෝ පැළදලත් ඇති․…  අපි පුංචි කාලේ වෙසක්‚ පොසොන් තොරණ් බලන්න ගිහින් වෙස්මුහුණක් ගෙදර අරන් ඇවිත් දාගෙන යාළුවෝ බය කර තියෙනවා…. එ වගේම ශාන්තිකර්ම‚ තොවිල් වලදී වෙස්මුහුණු පැළදගෙන නර්තනයේ යෙදෙනවත් ඔබ දැකලා ඇති..․  ඒත් ඔබ දන්නවාද වෙස්මුහුණු කලාව යනු  ලෝකය ම පිළිගත් අපේ ම සංස්කෘතිකාංගයක් බව..․

          වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික කලාවක්…  උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප්‍රදායන් සමඟ බැදිලයි පවතින්නේ… වෙස් මුහුණු කලාවේ ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි අපට කිව නොහැකි වුවත් මහා සමිමත මනු රජ සමය දක්වා දිව යන බවනමි සිතිය හැකියි.

           අපේ රටෙි මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟ ද මෙම වෙස් මුහුණු බැදී පැවතුනුබව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනී යන කාරණක්… ඔවුන්ගේ පූජා කර්ම සිදු කිරීම සඳහා ඔවුන් විසින්ම සොබාවික දෙවල් වලින් තමාගේ ශරීරය සහ මුහුණ පාට කරගත් බවට ඉතිහාසය සාක්ෂි දරනවා…. ඔයාලට මතක ඇති ගිය කලාපයේ මම අරන් ආව සොකරි ශාන්තිකර්ම… එහිදීත් වෙස්මුහුණු භාවිතා වන බව මම පැවසූවා..

        වෙස්මුහුණු නිර්මාණය සදහා ප්‍රසිද්ධ අමිබලන්ගොඩ නඟරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහාත් ඉතාමත් ප්‍රසිද්ධයි.. විදේශීය සංචාරකයන් නෙත් සිත් පැහැර ගන්නා තරමට එ නිර්මාණ විශිෂ්ඨයි…. අද වන විට වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙන්නේ සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය ‍සඳහා ඈදා ගැනීමට යොදා ගන්නා උපක්‍රමයක් ලෙස බවයි එ පිලිබදව සොයා යාමෙිදි මට දැනගත හැකි උනේ…

          වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බෙහෝ විට යොදාගනු ලබනවා….  එ එම වෙස් මුහුණු වල ස්වභාවිකත්වය සහ සංස්කෘතික බව ඔප් නංවන්නට…  යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්‍යමාන බලවේග පිදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දූපතක් ලෙස අපේ රට ලොකයේ ප්‍රසිද්ධියට පත්වි ඇති බව කිවයුතු නෑනේ… එ නිසාමයි වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග සදහාම…..

        අපේ ජනශ්‍රැතියේ වෙස්මුහුණු බිහිවීම පිළිබඳව අපූරු  සදහනක් තිබෙනවා․. එ ගැන කියනවා නමි මහ සම්මත රජ්ජුරුවන්ගේ බිසවට නාට්‍ය දැක සිනාසීමට දොළදුකක් ඇතිවිම․…. එය සංසිදුවීමට විශ්වකර්මයා ලවා සක් දෙවියන් විසින් වෙස්මුහුණු හා කෝලම් නාට්‍ය නිර්මාණය කල බව සඳහන් වෙනවා..․ එ නිසයි වෙස්මුහුණු බොහොමයක් කෝලම් නාට්‍ය හා සම්බන්ධ වෙන්නේ․… එ විතරක් නොවෙයි තවත් මූලාශ්‍රයක සඳහන් වන්නේ රාවණා රජු ද වෙස්මුහුණු යොදාගෙන සතුරන් පරාජය කළ බවයි․

        වෙස්මුහුණේ බියකරු පෙනුම වැඩි දියුණු කරනුයේ නැටුම්කරු වෙස්මුහුණු පැළද ගයන විවිධ වූ ගීත‚ දීර්ඝ වූ යාගහෝම ඉදිරිපත් කිරීමෙන්․… යකුන් සහ ප්‍රේතයන් පළවාහැරීම ඈත අතීතයේ සිටම තිබුණ දෙයක්…. ගම්බද පෙදෙස්වල පැවති දුර්භික්ෂ‚ රෝග බියවලට ප්‍රධාන හේතුව වශයෙන් ගම්වැසියන් විශ්වාස කලේ යකුන් හා ප්‍රේතයින්ගේ බලපෑමි..

       ඉතිං තව දුරටත් වෙස්මුහුණු වර්ග ගැන සදහන් කලොත් සැහැල්ලු‚ කල්පවත්නා ලී වර්ගයක් වන වෙල්කදුරු සහ රුක්අත්තන යන ලී වලිනුයි වර්තමානයේ වෙස්මුහුණු නිර්මාණය කරන්නේ..․ මෙම ලීය වෙස් මුහුණ කැටයම් කිරීමට පෙර දුමෙන් වියලනු ලබන අතර, ඇතුළත කුහරයක් සහිතව නිර්මාණය කරන බවයි දැනගත හැකිවුවෙි…… වෙස් මුහුණෙහි ඇස් නිර්මාණය කිරීම සඳහා බොහෝ විට වීදුරු යොදා ගනු ලබන අතර එමගින් වෙස් මුහුණට තාත්ත්වික පෙනුමක් ලැබෙන බවයි පැවසෙන්නේ……. වර්ණ සංයෝජනය වෙස් මුහුණු කලාවේ ප්‍රධාන තැනක් ගනු ලබනවා….. මෙහිදී රතු , කලු සහ කහ වර්ණ භාවිත කරන අතර නිල් පැහැය භාවිත වන්නේ ඉතාම කලාතුරකින්…..

         වෙස්මුහුණු වර්ග ගැන කියනවා නමි සන්නි වෙස්මුහුණු, කෝලම් වෙස්මුහුණු , රාක්ෂ වෙස්මුහුණු, සත්ව වෙස්මුහුණු, යක්ෂ වෙස්මුහුණු, මිත්‍යා වෙස්මුහුණු, මනුෂ්‍ය වෙස්මුහුණු, පාලිය වෙස්මුහුණු, දේව වෙස්මුහුණු හදුන්වා දිය හැකියි…

       මේ අතරින් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන වෙස්මුහුණු වර්ග දෙකක් ලෙස සන්නි වෙස්මුහුණු වගේම  කෝලම් වෙස්මුහුණු හැදින්වීමට පුලුවන්․… මේවා නමි වැඩිපුර ම භාවිත කරන්නේ ශාන්තිකර්මවලට.

කෝලම් වෙස්මුහුණු -: කෝලම් වෙස්මුහුණු භාවිත කරනු ලබන්නේ හාස්‍ය ජනිත කරවීම උදෙසා․.. සමාජයේ ඇති විවිධ චරිත උපහාසයට ලක් කිරීමත් අධිරාජ්‍ය පාලනය උපහාසයට ලක්කිරීමත්‚ කෝලම් නාට්‍ය සම්ප්‍රදාය භාවිත කරනු ලබනවා..

රාක්ෂ වෙස්මුහුණු :- මෙම වෙස්මුහුණු නිවෙස්වල තබාගැනීමෙන් වාසනාව උදාවන අතර ආරක්ශාව ද සැලසෙන බවයි පැරණි හෙළයා විශ්වාස කරන්නේ․ඇස්වහ කටවහ දෝශ සහ රෝගවලින් ද ආරක්ශාව සැලසෙන බව අපේ පැරැන්නන්ගේ අදහස.

ගුරුළු රාක්ෂ -: ගුරුළු රාක්ෂ මිත්‍යා සත්වයෙක් වන අතර නාගයින්ගේ දෂ්ට කිරීම්වලින් ආරක්ශාවීමට ගම්වල මෙම වෙස්කෝලම් නැටුම නටනු ලබනවා․ විශ්ණු දෙවියන්ගේ වාහනය ලෙසත් ගුරුළා හැදින්වෙනවා..

නාග රාක්ෂ-: ගුරුළු රාක්ෂ හා ප්‍රතිවාදී කෝලම් නැටුමට මෙම වෙස්මුහුණ යොදාගන්නවා․ නයිපෙන හතකින් සමන්විත මෙම වෙස්මුහුණ නිවෙස්වල ඔබ දැක ඇතුවාට සැක නෑ.․ මෙම වෙස්මුහුණ නිවසේ තබාගැනීමෙන් සියළු අනතුරුවලින් වැලකී සිටිය හැකිබවයි විශ්වාස කරන්නේ.

මයුර රාක්ෂ-: මොණරකුගේ හැඩතලවලින් යුතු මෙම වෙස්මුහුණ සාමය‚ සතුට‚ සෞභාග්‍ය උදාකර ගැනීමට නිවෙස්වල තබාගන්නවා․

ගිනි රාක්ෂ:- සතුරු කරදර මගහැරී නිවසට සාමය හා මිත්‍රත්වය උදාකරන බවයි මෙමඟින් සංකේතවත් කරන්නේ.. වෙස්මුහුණු අතර ජනප්‍රියම වෙස්මුහුණත් මෙයයි.. මමත් පුද්ගලිකවම ප්‍රිය කරන වෙස්මුහුණක්.

ගරා යක් මුහුණු:- ඇස්වහ කටවහ දෝශ මගහැරීමට මෙම ගරා යකුන්ගේ වෙස්මුහුණ නිවෙස්වල එල්ලා තිබෙනවා․ කෝලම් නැටුම්වල එක් නර්තන අංගයක් ලෙස ගරා යක් නැටුම හදුන්වා දෙන්න පුළුවන්.

යක්ෂ වෙස්මුහුණු:- පෙර ඡන්මවල දී කළ පාපකර්ම හේතුවෙන් යකුන්ට හිමිවන්නේ පහත් තත්ත්වයක්. මිනිසුන් බිය ගැනිමත් යකුන් මිනිසුන්ට ආරූඪ වීමෙන් මිනිසුන් ලෙඩකිරීමේ අපූරු බලයක් මොවුන්ට ⁣තිබෙන බවයි සැළකෙන්නේ. යකුන් පස්දෙනෙකු මෙහිදී දැක්විය හැකියි. කළු යකා, රීරි යකා, මහාසෝනා. හුනියමි යකා, අභිමාන යකා,

කළු යකා :- කුඩා දරුවන් හා ගැහැණු පක්ෂය රෝගාතුර කරවයි.එ වගේම තරුණ අයට රාග අධික සිහින දැකීමට සැලැස්වීමටත් මොහු දක්ෂ යි. කළු කුමාරයා කියලා කියන්නෙත් මෙයාට තමයි.

රීරි යකා :- ලේ ආශ්‍රිත රෝග සෑදීම මොහුගේ කාර්යයි.

මහසෝනා :- මොහු මිනිසුන් බියගන්නා උණ කරවයි. මහාසොන් යකා ගැන නමි තියනවා රසවත් කතාවක්. එ ගැනත් මම ඉදිරියෙදි ඔයාලාට කියලා දෙන්නමි.

හූනියම් යකා :- ප්‍රධාන යකුන් පස්දෙනාගෙන් කෲර ම යකා මොහු. මොහු දවල් කාලයේ සූනියම් දේවතාව ලෙස සිටියි, රාත්‍රියේදී මිනිසුන් ලෙඩ කර මිනිසුන් බිය කරන බවයි පැවසෙන්නේ. විෂ්ණු දෙවියන්ගෙ පණිවිඩකරුත් මොහුමයි..

අභිමාන යකා:-මොහු මිනිසුන්ගේ මනස ලෙඩ කරවා මිනිසුන් බිය ගන්වන බවයි පැවසෙන්නේ

       රෝගයන් සුවපත් කිරීමේ අරමුණින් ශාන්තිකර්මයක් කිරීමේ දී මෙම ප්‍රධාන යකුන් තොවිල්පලට කැදවනු ලබනවා…. එහිදී මහඇදුරා එම යකාගේ ක්‍රියාවන් ආතුරයාට බලපාන ආකාරය විස්තරාත්මකව ඉදිරිපත් කරන්තෙ යමි අවස්ථාවන් වල කවියෙන්…. මෙම යකුන් යාගපොළට පැමිණි පසු ඔවුනට අයත් දොලපිදේනි ආදිය පුද කිරීමෙන් අනතුරුව ආතුරයා අතහැර යා යුතුයි.. එය ඔවුන් අතරේ ඇති නිතීයක්.

           වෙස් මුහුණු යොදා ගනිමින් කරනු ලබන ශාන්ති කර්ම අතරින් සන්නි යකුම ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනු ශාන්තිකර්මයක්…. මෙහිදී සියලුම යක්ෂයින්ට පිළිවෙලින් පූජා කරනුලබන අතර ඔවුන් වෙනුවෙන් විවිධාකාරවූ පිළිවෙත් ද යොදාගනු ලබනවා.. මෙය සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නමින් ද ව්‍යවහාර කරනව….. මෙම සන්නියකුම සදහා පදනම් වූ අතීත කතා වෘතාන්තයක් අපට අසන්නට ලැබෙන්නේ ඉන්දියාවෙන්…. එ දඹදිව සංඛපාල රජුගේ කතාවයි…..  පුරාවෘත්තයට අනුව එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ ඒ සන්නි යකුන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනු ලබන බව සදහන්…. මෙම සන්නි යකුමට අයත් නැටුම් ‍කොටස් ලෙස

සැන්දෑ සමයම, යහන් දැක්ම, සොළොස් පාලිය ආදිය දැකිවිය හැකියි….

      සන්නි යකුම හෙවත් දහඅට සන්නියේ සන්නි දහ අට ගැන කියනවා නමි භූත සන්නිය, අභූත සන්නිය, අමුක්කු සන්නිය, වෙඩි සන්නිය, වාත සන්නිය, කණ සන්නිය, පිත් සන්නිය, බිහිරි සන්නිය, ගොලු සන්නිය, මුර්තු සන්නිය, දෙමළ සන්නිය, නාග සන්නිය, කොර සන්නිය, ගිනිජල සන්නිය, ගුල්ම සන්නිය, සීතල සන්නිය, දේව සන්නිය, කෝල සන්නිය ලෙස දක්වන්න පුළුවන්…

         වෙස්මුහුණු වල සංකේතාත්මක අර්ථය ලාංකීය වෙස් මුහුණු කලාවෙි වෙස්මුහුණු අධ්‍යයනය කිරීමේදී පෙනී යන ලක්ෂණයක් වන්නේ ඒවා අධි යථාර්ථවාදී ලෙස නිර්මාණය කර තිබීමයි. විශාල ඇස්, පුළුල් සිනහව හා වර්ණ මිශ්‍රණයන් ඒ අතුරින් ප්‍රමුඛත්වයක් ගන්නවා…….

            වෙස්මුහුණු වල වර්ණයෙන් නිරූපණය වන්නේ යක්ෂයාගේ වර්ණය බවයි පැරැන්නන් පවසන්නේ…..  වෙස් මුහුණු එකම ආකාරයේ පෙනුමක් ගන්නා අතර ඒවා දිගු, පටු සහ තියුණු අයුරින් යුක්තයි…. වෙස් මුහුණු ඉරියව් වලට ඇත්තේ ඊටම ආවේණික වූ ශෛලයක්…. සමහර වෙස් මුහුණු වලට ඇත්තේ බිය උපදවන සුලු පෙනුමක්….  හැබැයි බිය උපදවන පෙණුමක් වගේම හාස්‍ය මතුකරණ පෙණුමක් කැටමි කිරිම නමි ඉතිං කැටයමි ශිල්පීන්ගේ ඇති විශිෂ්ඨ දක්ෂතාවයක්… අපේ රටට එවැනි අය සමිපතක් ලෙසයි මම නමි දකින්නේ…

           මේ සියල්ල අනුව වෙස් මුහුණු කලාව ලාංකීය ජන සමාජය සමග කෙතරම් බද්ධ වී ඇත්දැයි මනාව පැහැදිලි වෙනවා…. ශ්‍රී ලාංකීය නිමැවූම් කරුවන් අතින් නිමවෙන මෙම වෙස් මුහුණු ලංකාවෙි අපට මහත්වු සමිපතක්.. තව විස්තර බෙහොමයක් වෙස්මුහුණු පිළිබඳව තිබෙනවා.. මෙවැනි වටිනා කලාවක් ආරක්ෂා කරගැනීම කොයිතරමි නමි වටිනවාද… තවත් දවසක එ පිළිබදව අපි තවත් විස්තර කතා කරමු…නිසංසලා රණසිංහ 

ඩිල්ෂාන් මනුජය

ඩිල්ෂාන් මනුජය කියන්නේ කවුද කියලා මම ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරය?

මම පොළොවෙ පයගහල ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. ගොඩක් වෙලාවට මම මම ගැන කියනවට වැඩිය මිනිස්සු මම ගැන දක්වන ආකල්පය තමයි මට වටින්නේ .ඒක නිසා මම ගැන මමම අඳුන්වා දෙනවට වැඩිය ඔයාලා මම ගැන දන්න විදිහ මට වටිනවා.

 ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?

මට bsc in computer science විද්‍යාවේදී උපාධියක් සහ finance, production ,Sales සහ HRM යන විෂය ධාරාවලින් diploma හතරක් තියෙනවා.ජීවිතයේ කියන්නේ කවදාවත්ම ඉගෙනගෙන ඉවර වෙන දෙයක් නෙමෙයි. ඉතින් තවදුරටත් ඉගෙන ගන්න එක තමයි මගේ බලාපොරොත්තුව.

ඔබගේ පවුලේ කවුද ඉන්නේ?

අම්මා,තාත්තා ,නංගී සහ මම.

ඔබතුමා වෘත්තිමය වශයෙන් මොනවද කරන්නේ ?

කලාකරුවෙක් ,ඉංජිනේරුවෙක් ,ව්‍යාපාරිකයෙක්,රචකයෙක් ,ගුරුවරයෙක් ,social media strategists කෙනෙක් වගේම මෑතකදී රටේ පිළිගත් ආයතනයක කළමනාකාරවරයකු වශයෙන් සේවයට බැඳීමට නියමිතයි. ඒත් බොහෝ දෙනා මාව දන්නෙ social media strategists කෙනෙක් විදිහටයි.

ඔයා කිව්ව විදිහට ඔයා social media strategist කෙනෙක් විදිහට කරලියට එන්නේ කොහොමද?

ඇත්තටම පුංචි කාලෙ ඉඳලම මම තාක්ෂණයට වගේම අලුත් අලුත් දේවල් හොයන්න කැමතියි.මට හැමවෙලේම උවමනා උනේඅනිත් අයට වඩා විෂ විශේෂ වෙන්න එහෙමත් නැත් නැත්නම් අනිත් අය නොදන්න දෙයක් මම දැන්ගන්නවට.ඉතින් මේ දැනුම හඹාගෙන යනකොට මේ ක්ෂේත්‍රයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුත් මට හම්බ වුණා එයාලගේ ආභාෂය සහ මගේ අදත්දැකීම් අනුව හිමින් හිමින් තමයි මේ තැන් මම ඇවිත් ඉන්නේ.මේ ක්ෂේත්‍රයේ තියෙන වැදගත්ම දේ තමයි හැම වෙලේම update එකේ ඉන්න එක.

මෙච්චර වැඩ ගොඩක් එක්ක කොහොමද ඔයාගෙ ජීවිතේ manage කරගන්නෙ ?

ජීවිතය කියන්නෙ ලේසි දෙයක් නෙමේ නේ ඉතින් මටත් තියනවා හැමෝටම වගේ ජීවිතයේ ලෙහෙසි නොවන ප්‍රශ්න. ගොඩක් වෙලාවට ජීවිතේ මගේ තියෙන වගකකීම් වලට වැඩිය,මගේ වැඩ වලින් වෙන්නේ වගකීම් වැඩියි. ඉතින් ගොඩක් වෙලාවට වැඩ වැඩි වීම් නිසා stressful mind එකක් නැතුවාම නොවේ.ඉතින් බුදු දහමේ එන ගොඩක් ඉගැන්වීම් සහ කලා කටයුතු නිසා මට ඒ දේවල් වලින් මේ මිදෙන්න ගොඩක් අවස්ථාවල හම්බෙනවා තව මගේ යාලුවෝ ගොඩක් මාත් එක්ක ඉන්නවා ඒ අය නිසා මගේ ජීවිත ගමන ගොඩක් ලේසියි.මේ දේවල් කොහොම වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනා කරලා තියෙනවා විදිහට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න තමයි මම ගොඩක් උත්සහ කරන්නේ සහ ඒ විදිහට ජීවිත ගැන දකින්නත් .සමහර වෙලා වෙලාවට ඉතින් සමහර වැඩ කටයුතු අතපසු වීම් නොවනවාම නොවේ.අපි magazine එකේ ඔයත් ඒ ගැන හොඳටම දන්නවා. හැබැයි අව අවසාන මොහොතේදී වුණත් මං මගේ වැඩේ හරි විදිහට ඉවරයක් කරනවා.මට ඕනේ අනිත් පාර්ශවයෙ විශ්වාසය විතරයි .

ඔයා වැඩ කරනකොට මේ සමාජයේ මිනිස්සු හම්බෙනවා වගේම ගොඩක් අය එක්ක ගනුදෙනු කරනවා.ඉතිං මේ විදිහට ජීවිතයේ ප්‍රශ්න මතුවෙලා නැද්ද?

සමාජයේ මිනිස්සු විවිධාකාරයි , බොහොමයක් දෙනා අවස්ථාවට සහ වාසිය තමයි තවත් කෙනෙක්ව ආශ්‍රය කරන්නේ.ඉතින් මිනිස්සු මොනවා කිව්වත් කරත්තමන් හරියට ඉන්නවා නම් තමන්ගෙ හිතට තමන් එකඟව ඉන්නවනම් මම හිතන්නේ එතන තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද කවුරු කොහොම මොනවා කිව්වත් ගොඩක් වෙලාවට තමන්ට තමන් විතරයි.ඉතින් මම නේ නිතරම කියන වගේ පොළොවෙ පය ගහල මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන එකා මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත්වෙන එක ඇඟට ගුණයි.

 අපි magazine එකට සම්බන්ධ වීම ගැන ඔයාගේ අදහස් කුමක්ද?

ඇත්තටම මේකට මාව සම්බන්ධ කරගත්තු එක ගැන ගැන මෙහි මුල් පුරෝගාමීන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.මොකද මොන වැඩ තිබ්බත් පරක්කු වෙලා හරි මම මේකට ලියන්න පුදුම ආස ආසාවෙන්. අපි මේක magazine කියන්නේ එක පවුලක් ේක ඇතුලේ ඉන්න හැමෝම විවිධ අදහස් තියෙන විවිධ මත දරන විවිධ ක්ෂේත්‍රයන් වල ඉන්න සුපිරිම සෙට් එකක්. ඇත්තටම හරිම සුන්දරයි සහෝදර සහෝදරියො ගොඩයි .මේ වගේ පිරිසක් එක්ක එකතු උන ගැන මාරම සතුටුයි ඒ වගේම තමයි මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේදී අපි magazine එක තව තව ත් දුරට දියුණු වෙලා මුළු ලෝකයටම දැනුම සපයන මාධ්‍යයක් වන ලෙස සහ එහි කොටස් කාරයකු වීම ගැන මම ඉතාමත් ගෞරවනීය සතුටක් ලබනවා.

හිත ලෙඩ වුණොත්…

පසුගිය කොවිඩ් කාලවකවානුව සේම නැවතත් අප ඊටත් වඩා ඉතාම බැරෑරුම් හා දුෂ්කර කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇති බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. රට දේශපාලනික, ආර්ථික හා සාමාජීය වශයෙන් අස්ථාවර වූ මේ අවස්තාවේ බඩු මිළ ඉහළ යන්නේ එක රැයින්. ඉන්ධන මිළ, කිරිපිටි , සබන් ඇතුළු අවශ්‍ය කරන සෑම භාණ්ඩයකම මිළ මෙසේ ඉහළ යද්දී එය අපට දැරිය නොහැකි මට්ටමකට පැමිණ තිබෙනවා. 

      මේ ගැටළු හමුවේ පිළිතුරු නැති වන විට අප මානසිකව ඇද වැටෙන්නේ නොදැනුවත්වම යි. මානසික බිඳ වැටිම කායික රෝග වලට ද බලපානු ලබනවා. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මේ වන විට ඇති වී තිබෙන සම්පත් හිඟ කම හා ඖෂධ හිඟකමත් නිසා බොහෝ රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ ඉල්ලමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඉල්ලීම් ද අප දැක නැතුවා නොවේ.

   එසේ නම් මේ ගැටළු වලට යම් තාක්

හෝ සහනයක් එසේත් නැත්තම් විසඳුමක් තිබේ ද?

   විසඳුමක් පේන තෙක් මානයක නොතිබුණත් අප අඩුම තරමේ මානසික මට්ටම යහපත් අයුරින් පවත්වාගෙන හෝ ශක්තිමත්ව මෙයට මුහුණ දිය යුතු යි.

එසේනම් ඒ සඳහා කළ යුත්තේ මොනවාද ?

  ඔව් ! මේ ඉතාම පීඩාකාරී අවස්තාවක් අපි සියලු දෙනාටම. රටේ එක් එක් තැන් වල සිදුවන සිදුවීම් වගේම පුද්ගලිකව තමන් අත්විඳින ඉහත මා සඳහන් කළ ආකාරයේ ගැටළුන් හමුවේ අපි අසරණයි. 

      එසේනම් මේ අසීරු අවස්තාවේ අප අනිවාර්යයෙන් ම අපගේ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා හැකි සෑම අයුරකින්ම ක්‍රියා කළ යුතුය. 

1. දරුවන්, නිවැසියන් හා එක්ව එකට එක කෑම වේලක් හෝ ලබා ගැනීම, එක් එක් අයට ඇති ගැටළු සාකච්ඡ කිරීම, විසඳුමක් සෙවීම හෝ ඒ සඳහා මාර්ගයක් සෙවීම.

2. නිතර පීඩාකාරී පුවත් ලැබෙන මාධ්‍ය වලින් දවසේ පැය කිහිපයක් හෝ ඇත්ව සිටීම.

3. පාන්දර හෝ හවසක මදක් එළි පහළියට බැස පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම.

4. අත්‍යාවශ්‍ය වියදම් ලැයිස්තු ගත කොට ඒ සඳහා සැලසුමක් සකස් කර ගැනීම.

5. තමන් අදහන ආගමකට අනුව ආගමික කටයුතු වල යෙදීම.

6. ජලය හොඳින් පානය කිරීම.

7. තමන්ගේ ගැටළු පිළිබඳව සමීපතමයෙකු සමග සාකච්ඡා කිරීම.

8. හොඳ සවන්දෙන්නෙකු ලෙස සමීපතමයන් සමග කටයුතු කිරීම.

9. තිබෙන දේ අරපිරිමැස්මෙන් භාවිතා කිරීම.

10. බෝවන ලෙඩ රෝග සෑදීමට ඇති ඉඩ කඩ අවම වන ලෙස ක්‍රියාකිරීම.

වැනි කරුණු අපගේ මානසික සෞඛ්‍යය පවත්වාගැනීම සඳහා සෘජුවම හෝ වක්‍රාකාරයෙන් බලපානු ලබන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය.

    ඔබට වැදගත් වන මෙම කරුණු ඔබගේ සමීපතමයන් අතර ද බෙදා ගැනීමෙන් යහපත් මානසික සෞඛ්‍යයයක් පවත්වාගැනීමේ වගකීමට ඔබට ද දායක විය හැකි නම් එය මහගු උපකාරයක් වනු නොඅනුමානය. 

©️දිගැZ✍️

(දිගැසි පබසරා අමරසිංහ )

මිනිස්සුන්ට ලන්වෙන්නේ බලාගෙන

ගොඩක් වෙලාවට මිනිස්සු කියන දෙයක් තමයි,

අපි හොඳනම් කාව ආශ්‍රය කලත් ප්‍රශ්නයක් නැහැ “කියන එක

වාක්‍යයක් විදිහට ඒක හරි සරළව කිව්වට ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙනවා.

අපි හැමෝටම යාළුවො ඉන්නවා, හිතවත් අය ඉන්නවා, හැබැයි ඔවුන් ඉන්නෙ එක එක කවයන් වල,

📍දැනෙන නොදැනෙන සියළු හැඟීම් ඒ ආකාරයෙන්ම බෙදා ගන්නා පිරිස 

📍අවශ්‍ය හැඟීම් පමණක් බෙදා හදාගන්න පිරිස 

📍හායි බායි කියන පිරිස

📍නමට ඉන්න පිරිස

ඔයා මැද ස්ථාන ගත කරලා ඔය කවයන් එක සමාන ගැප් එකකින් ටික ඔයා වටා වුර්තාකාර ලෙස ඇන්දොත් ඔයාට වඩාත්ම බලපෑමක් වෙන්නේ ලඟම කවය තුලින්.

ඔබ විශ්වාස කලත් නොකලත් ඒ ලඟම කවය තුලට ඔබ තෝරාගන්නා පිරිස, ඔබට, ඔබගේ හැඟීම් වලට, ඔබගේ සිතුවිලි වලට බලපෑමක් කරනවම තමයි.

📍ඔබේ ලඟම කවය ඉතා විනෝදකාමී නම් ඔබත් නොදැනීම ඔබ විනෝදයට බර වීමේ ප්‍රතිශතය ඉතා ඉහළයි.

📍ඒ කවය කියවන්නන්ගෙන් සමන්විත නම් කියවීම එපා කරපු කෙනෙක් උනත් ඔබ‍ට නොදැනීම කියවීම ගැන ආශාවක් ඔබේ මනසේ තැන්පත් වෙනවා.

ඒ වගේම,

ඔබේ ළඟම කවය, හොරකමේ යනවනම්, හොරකම මොනතරම් පිළිකුල් කරමින් සිටියත් කාලයත් සමග ඔබත් නොදැනීම ඔබ හොරකම වරදක් නොවන බව පිළිගන්න තත්වයට පත් වෙන්න පුළුවන් වගේම කල්යත්ම හොරෙක් වෙන්නත් පුළුවන්.

ඔබේ ලඟම කවය සමාජයට වයිර කරන්නන් වුනොත්, රට අවුලන්නන් උනොත්, කේලම් කියන්නන් උනත්, නීරස පවුල් ජීවිත ගෙවන අසන්තෘප්ත මිනිසුන් උනත් ඒ බලපෑම කාලයත් සමග යම් යම් ප්‍රමාණයන්ගෙන් ඔබට කාන්දු වෙනවා.

ඒක ඔබ වත් ඔවුන් වත් හිතලා කරන දෙයක් වුනත් නොවුනත් වෙන්නේ ඒක තමයි.

කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන්, මගෙ සමහර යාළුවො හෙරොයින් බොනවා ඒත් මම බොන්නේ නැහැ කියලා,

ඔව් මම එකඟයි,

හොඳට බලන්න ඒ යාළුවා ඉන්නෙ ඔබගේ මොන කවය තුලද කියලා, බොහෝවිට ඒ යාළුවා ඉන්නවා ඇත්තේ ලඟම කවය තුල නෙමෙයි.

කවය ඈත් වෙන්න වෙන්න බලපෑම අවම වෙනවා.

බහුවිද චර්යා සහිත මිනිසුන් වෙසෙන සමාජයක පිරිස සමග කටයුතු කිරීම අමාරු බව ඇත්ත,

නමුත් ඔබේ අරමුණු මුදුන්පත් කරගැනීමට නම් ඒක බොහොම වැදගත්.

ඔබ ඉගනගන්න ආස කෙනෙක් නම් ඉගනගන්න ආස පිරිස හෝ ඉගනගත් පිරිස තුලින් සමීපතම කවය සන්නද්ධ කරගන්න.

ඔබ සංගීතයට ආස කෙනෙක් නම් ගීතවත් පිරිස ලඟම කවයට ගන්න.

ඒකෙ තේරුම සමාන අදහස් ඇත්තන් පමණක්ම ආශ්‍රය කල යුතුයි කියන එක නෙමෙයි, ඒත් ඔබට ලඟම කවය ඔබේ රුචි අරුචි කම් බලාපොරොත්තු අරමුණු, සහ සිතුවිලි වලට ධනාත්මක දායකත්වයක්‌ දිය යුතු පිරිස විය යුතුයි කියන එකයි.

ගැලපෙන මිනිස්සු කොහෙද ඉන්නෙ, ඉන්න කෙනෙක්‌ ආශය කරනවා මිසක්,

කියන තර්කය ඔබ‍ට ආවොත් පිළිතුර වෙන්නේ,

💢එහෙනම් ලඟම කවය හිස් ව තියාගන්න, අනිත් අය ඈත කව වලම තියාගන්න.

තවත් සරළවම කලොත් ඔබට ගැලපෙන ඔබේ සිතුවිලි වලට ගැලපෙන පිරිසක්‌ ඔබේ ආශ්‍රයට නැත්තම්, ඒත් හැමෝවම ආශ්‍රය කරන්න  නමුත්, ඒ කිසිවෙකු ඉතා ලඟින් ආශය කිරීමෙන් වලකින්න,

ඔබ වටා ඇති මිතුරු කවයන් නිසි පරිදි පවත්වාගෙන යාම, ශාරීරිකව මානසික ව ඔබට ඔබේ අරමුණු ගතවීම උදෙසා ඔබ හිතනවට වඩා බොහොමත්ම වැදගත්.
අනීෂා ජයකොඩි

ඔයත් Cyber Bullying වලට ගොදුරු උණාද?

අපි හැමෝම ලොකු කුඩා භේදයක් නැතුව මේ කාලෙදි සයිබර් අවකාශෙ පාවිච්චි කරනවා. ඒ අතරිනුත් Social media (සෝෂල් මීඩියා) කියන්නෙ අපි නිතරම බලන, ගත කරන තැනක්. ෆේස්බුක්, යූටියුබ් කියන දේවල් දැන් බහතෝරන කාලෙ පොඩි දරුවෙක් උනත් දන්නවා. ඉතින් මේ Social media වල හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තිබෙන බව අපි හැමෝම හොඳින්ම දන්නවා. අද මම මේ ලිපියෙන් ඔබත් සමග කතා කරන්නේ, මේ Social media වලින් අපිට වෙන්න පුළුවන් නරකම දෙයක් ගැන. ඒ තමයි Bullying වලට ලක්වීම එනම් අයුතු ලෙස හිරිහැරයට ලක් වීම. මෙහෙම උන කෙනෙක් දැඩි ලෙස මානසික කම්පනයට ලක් වෙනවා. එයින් ඔහුගේ හෝ ඇයගේ ජීවන ගමන කෙළවර වෙන්න උනත් පුළුවන්.

ඇත්තටම මොකක්ද මේ Cyber bullying කියන්නෙ? මේකෙන් අපිට සිද්ධ වෙන්නෙ මොකක්ද? කියලා ගොඩක් දෙනෙක්ට ලොකු වැටහීමක් නැහැ. ඔබ සයිබර් අවකාශයට එක් කරන යම්කිසි පෝස්ට් එකක්, වීඩියෝ එකක්, ඕඩියෝ එකක්, ඔබට යම් කිසි අපහසුතාවයක් ඇති කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ව්කෘති කර පතුරවාලීම මෙහිදී සිදු වෙනවා. තවද ප්‍රේම සම්බන්ධතා කඩ වීමෙන්, යහළුකම් පලුදු වීමෙන් පසු පළිගැනීමේ චේතනාවෙන් ද සමහර පුද්ගලයන් නිරුවත් චායාරූව, වීඩියෝ සහ නැවත සකසන ලද (Edited) චායාරූප සහ වීඩියෝ මේ සයිබර් අවකාශයට එක් කරන්නටත් පුළුවන්.

මේ ඕනෑම ආකාරයකින් ඔබ bully වීමකට ලක් වෙන්නට පුළුවන්. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබට ඔබ ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක්ගෙන් එන ඇමතුමකදී…

“හෙලෝ, මේ ඔයා දාපු පෝස්ට් එකක් මෙහෙම edit කරලා share වෙනවා. හැමතැනම” කිව්වොත් ඔබට මොකක්ද හිතෙන්නෙ?

‘මම දැන් මොකද කරන්නෙ?, මම ඉවරයි, මම කොහොමද දැන් සමාජෙට මුහුණ දෙන්නෙ?” වගේ සිතුවිලි සමුදායක් ඔබේ සිතටත් එන්නට එක නිමේෂයක් ඇති. ඊට පස්සෙ හතර වටින්ම ඔබට දෝෂාරෝපණ එන්නට ගනීවි. සමහරුන් බනින්නටත්, සමහරුන් හොඳ කියන්නටත් පටන් ගනීවි. ඔබ මේ සිදුවීම් දිහා බල බලා අඬාවි. දොඩාවි. වැළපේවි. ඇත්තටම ඔබ මොකක්ද කරන්න ඕනි?

මෙහෙම දෙයක් උනාම මුලින්ම ඔබ කලබල වෙන්නට එපා. ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ වරදක් කරේ නැත්නම් ඒ විශ්වාසයම ඇය්හි ඔබට දිනන්න. ඊට පස්සෙ ඒ share වෙන දේවල් වලට, ඒ ගැන දාන comments වලට, මැසේජ් වලට reply කරන්න යන්න එපා. කොටින්ම කිව්වොත් ඒවා බලන්නවත්, ඒවා ගැන හිතන්නවත් ඔබේ වටිනා කාලය නාස්ති කරන්නම එපා. ඔබේ ළඟින්ම ඉන්න අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, පෙම්වතා හෝ පෙම්වතිය, සැමියා හෝ බිරිඳ මේ ගැන දැනුවත් කරන්න. හැකි නම් ඔබ වැඩ කරන තැන අයවත් දැනුවත් කරන්න. ඔවුන් ඔබට කිසියම් ඍණවාදී දෙයක් කිව්වේ නම්, නෙගටිව් කමෙන්ට්ස් දුන්නේ නම් ඒවා නිවැරදි කරන්න යන්න එපා. ඔබ ඔබේ ගමන යන්න පටන් ගන්න.

ඔබ දන්නවාද? අපේ රටේ විතරක් නෙවෙයි, කෝලෙ පුරාම ඕනෑ තරම් ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන් නිරන්තරයෙන්ම මේ bully වීම් වලට ලක් වෙනවා. ඒ හින්දා ඔවුන්ගේ ජීවිත ඔවුන් නතර කර ගන්නේ නැහැ. ඔහු හෝ ඇයව bully කරන්නට ක්ටියාත්මක වූ ඇඟිලි වලින්ම ඔවුන්ට අත්පොළසන් දෙන අවස්ථා දක්වා රැගෙන යන්නට ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. ඉතින් ඔබ ඇයි ජීවිතේ එතැන නතර කරන්නෙ?

තමන්ව විශ්වාස කරලා, ඔයත් වැඩ කරන්න පටන් ගන්න. ඔයාගෙ style එකකට. සාමාන්‍ය විදිහටම Social media පාවිච්චි කරන්න. ඇවිදින්න. හැකි තරම් ඔබ සතුටින් ගත කරන ජීවිතේ ඔවුන්ට පෙන්වන්න. ඒවට වැටෙන කමෙන්ට්ස්, මැසේජ් බලන්න යන්න එපා. ඔය bully කිරීම් කරන අය දිනන්නෙ ඔබ හැංගුනොත්. ඒ හින්දා හැංගෙන්න එපා. පුළුවන් තරම් වැඩ කරන්න. සමාජයෙ ඉන්න. එතකොට ඔවුන්ට තේරෙනවා ඔබව වට්ටන්න බෑ කියලා. ටික දවසකින් ඒ දේවල් මග හැරිලා යනවා. ඒ වෙද්දි ඔබ ඔබේ ජීවිත ගමන යන්න ඕනි.

මතක තියාගන්න. ‘සෑම අඳුරු වළාකුළකම රිදී රේඛාවක් තිබෙනවා’. ඒ රිදී රේඛාව හොයාගන්න ඕනි ඔයා. මේ වගේ අවස්ථාවක ඔබ ඔබේ රිදී රේඛාව හොයා,ගත්තොත්, ඔබේ දියුණුව නවත්වන්න කිසිම කෙනෙක්ට බැහැ.

තවදෙයක්. ඔබ වෙන කෙනෙක්ට හිරිහැරයක් කරන්නට සිතන් වෙන අයෙක්ව bully කරන කෙනෙක් නම් මේ ටිකත් හිතට ගන්න. ඔබට, ඔබේ මවට පියාට, සහෝදරයාට සහෝදරියට එහෙම උනොත්? ඒ හින්දා තමන්ට වෙනවට අකමැති දේවල්, අනිත් අයට නොකර ඉන්න.

ඔබට ජය!

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

ආසාවෙන් බොරු අහන්න

ඉස්සර මට නිතරම හිතිච්ච දෙයක්‌ තමයි,  මිනිස්සු ඇයි මේ තරමට බොරු කියන්නෙ “කියලා 

බොහෝ සත්‍යවාදී කියලා පිටට පෙන්නගෙන ඉන්න අයත් දිගින් දිගටම කියලා තියන ඔක්කොම බොරු කියලා එකින් එක  ඔප්පු වෙනකොට මිනිස්සුයි බොරුයි අතර සම්බන්ධය මීට එහා ගියපු දෙයක් කියලා තේරුණ නිසා,

මම බොරු ගැන බලන කෝණය වෙනස් කලා.

ඇත්තටම,  මිනිස්සු මේ තරම් බොරු කියන්නෙ ඇයි කියලා එතකොට තමයි හරියටම තේරුනේ..

ඇත්තම කිව්වොත් බොහෝවිට මිනිස්සු බොරු කියනව නෙමෙයි,ඔවුන්ට බොරු කියන්න වෙනවා, ඒ කිව්වෙ ඔවුන් බොරු හෝ කිවිය යුතු තත්වෙට පත් වෙනවා.

ඒක වෙන්නේ මෙහෙමයි.

ප්‍රධාන කාණ්ඩ දෙකක මිනිස්සු මේ සමාජයේ ඉන්නවා

1) තියන දේවල් වලට වඩා තියන බව පෙන්නන අය..

2) බොහෝ දේ තියාගෙනත් කිසිවක් නැති බව පෙන්වන අය..

මේ වර්ග දෙකම, තම තමන්ගේ මතයේ පැවැත්ම වෙනුවෙන් නොසෑහෙන්න බොරු කියනවා, බොරු කරනවා,

උදාහරණයක් විදිහට, ඉතා පීඩිත විවාහයක් ගත කරන මුත් සමාජයේදි යම් මට්ටමක් පෙන්වාගෙන ඉන්න කෙනෙක්, අනේ මගෙ මහත්තයා මන් ගැන බලන්නේ නැහැ, එයාට තව කසාදයක් තියනවා,ඉතින් මම ඉන්නෙ බොහොම දුකෙන්, කියලා ඔබ සමග ඇත්තම කියලා ඔවුන් ඔබ ඉදිරියේ මවා තිබෙන සමාජ ප්‍රතිරූපය බිඳ දමා ගත යුතුයි කියලා ඔබ විශ්වාස කරනවද?

ඇත්තටම එහෙම වෙන්න ඕනේ නැහැ ඉතින්.

ලෝකෙට බම්බු ගහගන්න කියලා අපිට ඕනේ විදිහට අපි ජීවත් වෙමු කියලා වචන්යෙන් කිව්වට රටක් විදිහට මේ අමුතු ඇටේ ඇතුලේ ඕක ලොකුවට කරන්න අමාරුයි.

ඒ නිසා ගෙයක් නැත්තම් ණය වෙලා ලෝකෙට පේන්න හරි හෙන පත ගෙයක් අරගෙන ලීස් කරලා හරි වාහනයක් අරගෙන බඩට නොකා හරි,මිනිස්සු තම තමන් කැමති විදිහට status maintain කරනවා.

ඕකෙ ඇත්ත තත්වේ කවුරුම හරි දැනගෙන අනේ ඔයාල මහ ලොකු පොරවල් වගේ හිටියට ලෝකෙටම ණයයි නේද කියලා කෙනෙක්‌ අහනවට කවුරුවත් කැමති වෙයිද?

මහ ලොකුවට ඇති දේකුත් නැති, නැති දේකුත් නැති, පොළවේ පය ගහල ඉන්න නිසා, සාපේක්ෂව මට බොරු කියන්න වෙන්නේ අඩුවෙන්,( කියන්න වෙන වෙලාවල් තියෙනවා )

හැබැයි මම බොක්කේ තියන දේ ගැනත් ඇත්තම කියද්දී යාලුවෝ නෑදැයෝ  අතේ පැළවෙන ටොන් පච දිගට හරහර වනද්දී ඉස්සර නම් ඇඟේ ලේ රත් වෙන ගානටම තරහ එනවා.

ඒත් දෙයියනේ කියලා දැන් නම් එහෙම තරහ එන්නෙ නැහැ.

 ඇත්තටම බොහොවිට මිනිස්සු හරිම අසරණයි,

නැති කමට, බැරි කමට, දුකට, තනිකමට, වැරදිම්වලට පැරදීම් වලටහිනාවෙන්න බලන් ඉන්න සමාජයක් ඉස්සරහ මිනිස්සු අසරණයි.

ඉතින් කැමැත්තෙන් අකමත්තෙන්, හේතුවක් ඇතුව හේතුවක් නැතුව ප්ලැන් කරලා හෝ ඔහේ කටට එනවට මිනිස්සු හිටු කියලා බොරු කියනවා.

ඇත්තම ඇත්ත හොඳින්ම දන්න අයට ඒවා දැකල තරහ ගියාට, ඒවා අහල හිනා ගියාට අපි ඒක දන්නවා කියලා ඒක ඒ බොරුව කියන කෙනාට දැනෙන්න දෙන්න එපා.

මොකද ඔවුන් ඒ බොරුවකින් මහන්නේ ඉරිච්ච ජීවිත කතාවක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් මැරිච්ච හීනයක් වෙන්න පුළුවන්, සමහරක් විට ඔවුන්ට තියන එකම එක බලාපොරොත්තුව වෙන්නත් පුළුවන්.

බොරුවලට බොරු කාරයින්ට නොරැවටෙන එක ඔවුන්ව තව දුරටත් විශ්වාස නොකරන එක ඔබේ වැඩක්, හැබැයි අකමැත්තෙන් උනත් පිළිගත්තා වගේ බොරුව අහගෙන ඉඳල හා හොඳයි කියන එක ලොකු පිනක්.

මොකද, පටටම පට්ට සරළ ජීවිත මිනිස්සු මාර කට්ටක් කාලා විහින් සංකීර්ණ කරගෙන, බැලුම් වගේ හුලන් දාලා පුම්බගෙන ඒ හිස් ජීවිත ඇතුලේ පට්ට වටින දේවල් තියෙනවා කියලා ලෝකෙට පෙන්නන්න මාර බොරුවක් කරනවා,

ඇත්තම කිව්වොත් අහන අපි විතරක් නෙමෙයි කියන උනුත් තමන්ගේම බොරුවට අහුවෙලා ඉවරයි.

ඒ නිසා මීට පස්සෙ, ඇයි මිනිස්සු බොරු කියන්නෙ කියලා හිතලා දුක් වෙන්න එපා, මිනිස්සුන්ට බොරු කියන්න වෙනවා,

 කියන යතාර්ථය තේරුම් අරන් දත කට මැදන් සාවධානව බොරු අහන්න ලෑස්ති වෙලා ඉන්න.

කාගෙ හරි තත්වයක් රැකෙනවානම්, කාට හරි මම පොරක් කියලා හිතෙනවනම්, කාගෙ හරි හිතට අරූ මගෙ බොරුවට හොඳටම රැවටුනා රැවටුනා කියලා හිතල පොඩි හරි  සැනසීමක් ලැබෙනවානම්,එන්න එච්චරයි වෙන්න ඕනේ..

මීට පස්සෙ මිනිස්සු අපිට ඇත්ත කියයි කියලා හිතන්න එපා, ඇයි මිනිස්සු බොරු කියන්නෙ කියලා හිතලා දුක් වෙන්නත් එපා, අපෝ එයා ඒ තරම් බොරු හිලක්ද කියලා හිතලා හිත කලකිරවගන්නත් එපා.

මිනිස්සුන්ට බොරු කියන්න වෙනවා,ඒ තරමටම ඒ මිනිස්සු අසරණයි නේද කියලා හිතලා  හිත හදාගන්න..

කොහොම උනත් කියන්නෙ බොරු කියලා දැන දැනම ” ආනේ ඇත්තද ” කියලා අහන් ඉන්න එකෙත් අමුතුම එකක් තියනවා..දිගටම පුරුදු උනහම ඒක වෙනමම ආතල් එකක් වෙනවා..

කොහොමත් ඉතින්, ස්කන්ධය දිරලා ආතල් විතරක් ඉතුරු වෙන එකේ කියන කෙනාට බොරු කියලා ආතල් එකක් ගන්න දීලා ඔයා බොරු අහලා ආතල් එකේ ඉන්න. මොකද අපි ඇත්ත අහන්න ආස උනාට ඇත්ත කියන අය දැන් නැහැ..


අනිශා ජයකොඩි ✍️

රන්මසු උයන

සැගවී ගිය ඉතිහාසය සොයා

          ලංකා ඉතිහාසයේ පෞඩත්වය කියා පාන ඓතිහාසික සිද්ධස්ථාන වලට නමි මාගේ සිත බැදි තිබෙන්නේ පුදුමාකාර විදිහට…. නවීන ලෝකයේ කොන්ක්‍රීට් තටිටු වල මොනතරමි වර්ණ ආලේපිත කර අලංකාර විදුලි බුබුලු වලින් නිමවා සිතුවමි කර තිබුණත් හිත පැහැදෙන්නේ නමි නෑ… පැරණි නටබුන් ඇති භූමියකට ගිය විටකදී දැනෙන හැඟිම කියා නිම කල නොහැකියි… මා ප්‍රිය කරන්නේ එවැනි තැන්වල ඇවිදිමත් එ ඉතිහාසය හාරා අවුස්සා ඉන් ඔබිබටම පිය නැඟිමත් පමණයි..

          ලංකා ඉතිහාසය ගැන සොයා යද්දි මොනතරමි දේවල් අපෙන් සගවා ඉතිහාස කතාව ලියා ඇතිදැයි සිතෙන්නේ කනගාටුවක් එක්කමයි.. සමහර ස්ථානයන් හි ඇති විශ්මිත නිර්මාණ අදහාගත නොහැකියි.. ඇත්තෙන්ම මාගේ ප්‍රියතාවයත් එ හෙළ ඉතිහාසයේ විශ්මිත තාක්ෂණය ගැන සොයා යැමයි..

              ඉතිං අද මම අපි මැගසින් එක ඔස්සේ ඔයාලාට අරන් එන්නේ මගේ හිතම සොරා ගත් තවත් විශ්මිත ස්ථානයක් ගැන… එ ඉසුරුමත් මුණිගේ ඉසුරුමුණියේ ඇති රන්මසු උ⁣යනේ සක්වල චක්‍රය ගැන වගේම බොහො අය කතා කරන මිනිසා සහා අශ්ව හිස පිළිබදව…

              මෙි අහස මොනතරමි දේවල් දකිනවා ඇතිද…. මෙි ගහාකොල මොනතරමි දේවල් දිහා බලන් ඉන්න ඇතිද… පැරණි නායකයින් අද වගේම එදාත් අපෙන් මොනතරමි දේවල් සගවාලන්නට ඇතිද…. අප පිළිගත යුත්තේ පත පොතෙහි සදහන් දේ විතරමද?… ඉන් එහාට කිසිවක් සොයා යන්න අවසර නැතිද?…. සැඟවි ගිය හෙළ ඉතිහාසය තරමි රසවත් කුතුහලය දනවන මාතෘකාවක් මට නමි තවත් නොවන තරමි…. මහා පොළොවෙි ඇති නටබුන් වගේම ඈත අහසේ තාරකා ගැනත් මගේ හිත ඇදි යනවා… එ තරමට මෙි මහා පොළවත් එක්ක සමිබන්දතාවයක් තාරකා වලට තියනවා..

             ලංකා ඉතිහාසයට වැඩිම උරුමකම්ක් ඇති වැඩිම නටඹුන් ප්‍රමාණයක් ඇති අනුරාධපුර රාජධානියේ ඇති තවත් රමණිය ස්ථානයක් තමයි ඉසුරුමුණිය…. අටමස්ථානයට අයත් නොවුනත් අනුරාධපුර වන්දනාවෙි යන අය මගහැර නොයන ස්ථානයක්.. තිසා වැවට පහලින් ගල් කුළු මත ඉදිවි ඇති මණරමි ඉසුරුමුණිය වැද පුදා ගන්න අනුරාධපුර වන්දනාවෙි යන පිරිස් අමතක නමි කරන්නේ නෑ… එත් එ යන අය අතර ඉසුරුමුණිය ගැන හරියටම දන්නේ හොයන්නේ කීයෙන් කී දෙනාද?…

              ගොඩක් අයට නමි ඉතිං ඉසුරුමුණිය කිවුවාම මතක් වෙන්නේ පෙමි යුවලව.. අද මම ආවෙි එ ගැන කතා කරන්න නමි නොවෙයි…. මොකද මෙි වන විට ඉසුරුමුණි පෙමි යුවල ගැන නොදන්නා කෙනෙක් නොමැති නිසා.. සමහර පුද්ගලයන් එහි ගොස් කරනා දේවල් දුටුවාම මට නමි හිතට දැනෙන්නේ කණගාටුවක්…. බුදුගෙයට දකුණු පසින් ඇති ⁣පැන් පොකුණටත් ඇත් රුප ඇති ගල ඉහලින් ඇති කවුළුවටත් මිනිසුන් කාසි දමන්න පුරුදු වෙලා… හිතාගත නොහැකියි එ තරමි අපේ මිනිසුන්ගේ මානසිකත්වය ගැන…..

             ඉසුරුමුණිය ගැන විස්තර සොයා යන විට මිහිඳු මා හිමියන් මේ ස්ථානයේ වැඩසිටි බවත්,  එ කලයේ මෙි ස්ථානය  “මේඝගිරි” විහාරය නමින් හැඳින්වූ බවත්, වර්ෂාව ලබා ගැනීම සඳහා උත්සව පැවැත්වූ මෙිඝ වන නමි රජතුමෙකුගේ මගුල් උයන පිහිටා ඇත්තේද මේ ආසන්නයේ බවත් පැවසෙනවා….

              දේවානම් පියතිස්ස රජතුමා මේ විහාරය කරවුයේ මිහිඳු හිමියන් ළඟ පැවිදිවූ එතුමාගේ බෑනා කෙනෙකුවූ අරිට්ඨ කුමාරයා ඇතුළු පන්සියයක් වෛශ්‍ය කුලයේ දරුවන් වෙනුවෙන් බව ඉතිහාසයයේ සදහන් වෙනවා.. වංශ කතා පොත්වල මේ විහාරය ඉස්සරසමනාරාම,කසුන්ගිරි වෙහෙර ආදී නම් වලින්ද හඳුන්වා දෙනවා…

              එ වගේමයි රාවණ යුගය දක්වාද ඉසුරුමුණිය ඇදි යන බවත් පැවසිය යුතුමයි.. ඉසුරුමුණිය යනු ඉසුරුමත් මුනි නමි මුනිවරයා වාසය කල ස්ථානය ලෙසටත් හදුන්වනවා දිය හැකියි.. මෙහි ඇති බොහො ගල් ගැටයමි වලින් නමි එ බව හැබැවක් බව සිතන්නට පුළුවන්.

              ඉසුරුමත් මුනි යනු මහා රවණයන්ගෙ පියා විශ්‍රවස් මුනි නමි වෙසමුනි ලෙස හදුන්වනවා..  වෛයිශ්‍රවන / වෙස්සවණ ලෙස සතරවරම් දෙවිවරුන් අතරට සිටින වෛයිශ්‍රවන දෙවියන් මොහුයි… කොටි ලක්ෂයක් යක්ෂයන්ට අධිපති දෙවියන්ද මොහුයි.. සතරවරම් දෙවිවරුන් සිටි මාලිගා පිහිටා ඇත්තේ මෙි මහා පොළොවෙිම නමි ඉසුරුමුණිය යනු වෛයිශ්‍රවන දෙවියන්ගෙ මාලිගයදැයි මොහොතකට මට සිතෙනවා..

              ඉසුරුමුණි විහාරය අසල ඇති පොකුණට ඉහලින් ගල් තලාව මත කැටයමි ගණනාවක් දක්නට ලැබෙනවා.. ඇත් රුප වගේම මිනිසා සහා අශ්ව හිස සහිත කැටයම ඔබ දැක ඇති. බොහො අය මෙි පිළිබදව බොහො නිගමන ඉදිරිපත් කර තිබුණත් තවමත් ස්ථිරවම මෙි කවුරුන්දැයි නිගමනය කරලා නමි නෑ..

             ඉතිහාසය පිරික්සා බැලිමෙිදි ගැටලුවක් පවතිනවා..  ඉසුරුමුණිය භික්ෂූන් වහන්සේලාට පුජා කිරිමට ප්‍රථම මෙි ස්ථානය භාවිතා කලේ කවුරුන්ද ?… එ පිළිබදව සොයා බැලුවොත් ඔබව මම ඉහත කී මහා රාවණ යුගය දක්වා රැගෙන යනු ඇත…

             කෙසේ වෙතත් ඉතිහාසයේ බොහො දේවල් යටපත් කර ඇති බව නමි කිව යුතුමයි.. මෙහි සිටි ඉසුරුමත් මුනි වරයා කවුරුන්ද? ඇත් අස් රිය පාබල සේනාවලින් සමන්විතව විරාජමානව වැජඹුණු මහා කළුගල් කුටිටි කල එ ගල් මත කැටයමි කළ එ මහා තාක්ෂණය කාගේ විය හැකිද? පත පොතෙහි පමණක් ලියා ඇති දේ අප විස්වාස කල යුතුද… ගැටලුව එතනයි…. මෙහි ඇති සමහර නිර්මාණය වල කාලය තාමත් නිගමනය කර නෑ… ඉතිං මෙහි සිටියා යැයි පැවසෙන ඉසුරුමත් මුනිවරයා අන් කවරෙකුවත් නොව එ මහා රාවණගේ පියා වන විශ්‍රවස් මුනිවරයා නොවන්නේද….

             මිනිසා සහා අශ්ව හිස සහිත කැට⁣යමෙන් නිරුපණය වන්නේ ඉසුරුමත් මුනිවරයා බවයි මාගේ මතය. එ ඔහු වාඩිවි සිටින ඉරියවුවෙන් එ බව පැවසිය හැකියි…. මා හට නමි එය දුටු විට දැක ගත හැකි වුවෙි බොහො වෙිලාවක් යාගයක හො භාවනාවක නිරතව සිටිමෙන් සිරුරේ ඇති වන අපහසුතාවය නිසා සිරුර සැහැල්ලු කරගැනිමට පහසු ඉරියවුවකට මාරුවි සිටින ආකාරයක්.. එය මගේ මතයක් පමණක් බව සදහන් කරන්න කැමතියි… අවට වට පිටාව සමග මෙි කැටයම සසදා බැලිමෙිදි මට නමි එසේ සිතුනා. එ වගේම අශ්ව හිස නිසා මෙි ලෙසත් සිතිය හැකියි.. බොහො වෙහෙසකාරි ගමනාත්තයකින් පසු අසු පිටින් බැස වෙහෙස නිවාගන්නා ආකාරයක්දැයි සිතෙනවා.. මෙි මාගේ මතයක් පමණයි..

             නමුත් මෙි පුරාණ කැටයමි ගැන නිගමනයකට එන්නට කාටත් අපහසුයි…. එහි සත්‍ය සොයා යාම මොනතරමි අඟනේදැයි වැටහෙන්නෙ මෙි ඉතිහාසය මොනතරමි දේවල් සගවාගෙන සිටිනවාදැයි හැගෙන විටයි… යමි කිසි සලකුණක් දුටු විට එය කුමක්දැයි විමසා බලන්න වගේම එ පිළිබදව සොයා බලන්න නිගමනය කරන්න අපට අයිතියක් තියනවා.. එත් බොහො දේවල් රහසක් ලෙස තබාගෙන කටයුතු කරන්නට සිදුවි ඇත්තේ මෙි සමාජයේ බොහො පිරිසකගේ නොදැනුවත්කම නිසා ඉතිහාසය විහිළුවක් කරගන්නා ගමන් එ දේවල් වලට විනාශය ලගා කරවිමයි…

            ඉසුරුමුණි විහාරයට දකුණු පසින් පිහිටා ඇති තවත් අපුරු ස්ථානයක් තමයි රන්මසු උ⁣යන…. රථ ගාලත් එක්කම දකුණු පස.. අද එහි ගුප්ත සොබාවයකට උරුමකමි කියයි…. එහි ඇතුල් වෙන විටම නමි මට දැණුනේ අමුත්තක්… මෙි කරුණත් පැවසිය යුතුමයි… තිසා වැව පාමුල ඇති ඉසුරුමුණියත් රන්මසු උ⁣යනත් එ කාලයේ මොනතරමි අලංකාරව සුන්දරව තියෙන්න ඇතිද…. රන්මසු උ⁣යනේ ඇති ගහා කොල හරි අමුතුයි.. බොහො සෙයින් වෙනස් බවක් මා දුටුවා.. වෙනත් තැන් වල වගේ නොවෙයි එහි ශාක , පත්‍ර, අතු , ඉති හැමදේම එහා සම වෙනත් තැනක ඇති වෙනත් ශාක වගේ නොවෙයි. එහි වෙනසක් තිබෙනවා…. ඔබත් එහි යන්න.. හොදින් බලන්න… ඔබටත් එය වැටහෙවි..

         එදා රන්වන් මසුත් පිරි රන්මසු උයනේ අද එ රන්වන් මසුත් නැති සිදි ගිය පොකුණු තිබුණත් බොහො දෙනාගේ අවදානය දිනා ඇත්තේ එහි ගලක තිරස් අතට කොටා ඇති සටහන වෙතයි… බොහො අය මෙය සක්වල චක්‍රය ලෙස නමි කරලා තියනවා.. ඉතිං එ ගැනත් මං ඔබට විස්තර ගෙන එන්නමි…

            ⁣රන්මසු උ⁣යනේ ඇති මෙි සටහන මුලින්ම සොයාගෙන ඇත්තේ මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එචි . සී. පී . බෙල් මහත්මයා… ඉන් පසු මෙි පිළිබදව බොහො දෙනා බොහො මතිමතාන්තර ඉදිරිපත් කර තිබෙනවා… මෙි කරුණත් කිව යුතුමයි.. පුරාණ කාලයන්ට අයිති සංකේතයක් වගේම එ සංකේත අයිති තැනක මෙි සංකේතයෙන් සදහන් කරන්නේ මෙන්න මෙික කියලා අපිට එක පාරටම නිගමනය වලට එමට නොහැකියි.. එ මන්දයත් එ සංකේත වලින් සදහන් කර ඇති දේ අර්ථ දැක්වීම ඉතාම අපහසු කාරණයක් නිසා..

            යමි පිරිසක් ගත් විට එක එක අයගේ එක එක අදහස් තිබිය හැකියි.. එ මෙවැනි නිර්මාණ වලට අරථ දැක්වීමක් නොමැති නිසා.. එ නිසාම ඔිනෑම අයෙක්ට මෙි පිළිබදව අර්ථ දැකිවිමට පුළුවන්.. සක්වල චක්‍රය ලෙස මෙි සටහන යමි පිරිසක් හදුන්වා දෙන විට තවත් පිරිසක් මෙයට star geat ලෙස ඉංග්‍රීසියෙන් හදුන්වනවා…

              STAR GATE එහෙමත් නැතිනමි සක්වල චක්‍රය නොහොත් තාරකා දොරටුව ගැන විස්තර කරනවා නමි මිටර් 1.8 ක විශ්කම්භයකින් යුතු වෘත්තාකාර චක්‍රයක්.. එහි විශේෂිතවූ රුප මෙන්ම අක්ෂරද ජ්‍යමිතික  සංකේතද සත්ව රුපද දැකගන්න පුළුවන්….  මෙහි පිටත චක්‍රය තුල ජලජ සත්ව රුප එකම දිශාවකට පිහිනා යන ආකාරයෙන් දක්වා තිබෙනවා…. හරියට පෘථිවිය එක් දිශාවකටම කරනවා වගේ..

            පිටත චක්‍රය තුල ඇති ජලජ ජිවින් ලෙස මුහුදු බෙල්ලන් , මුහුදු අශ්වයින් , කැස්බෑවන් , ඉබිබන් , කකුළුවන් , මුහුදු සිංහයින් , දැල්ලන්ද පැහැදිලිව දැකගත හැකියි…

             මෙහි සදහන් වෘතය මධ්‍යයේ හරි හතරැස් කොටුවක් තුල වෘත හතක් දැක්වෙනවා… එ වටා විවිද පරිමාණයෙන් යුත් කොටු දක්වා ඇති අතර සෑම කොටුවක් මැදම කිසියමි ජ්‍යමිතික හැඩතලයක් බැගින් දක්වා තිබෙනවා…. එම හැඩලත අතර කොටස් හතරකට බෙදෙන ලද කුඩා වෘත කිහිපයක්ද චක්‍රයට සමාන හැඩතලද හදුනානොගත හැකි සංඛෙිතද දැකගත හැකියි… .

         මෙම චක්‍රයේ ඉහල කොටසේ බ්‍රහ්මීය අක්ෂරයෙන්  “පනතිපනශ” යනුවෙන් කොටා තිබෙනවා….. මෙහි අදහස නමි , පන ( ප්‍රණ ) තිපනශ ( පනස් තුන ) යන්නයි සෙනරත් පරණවිතාන මහාතා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ.. මෙම චක්‍රයේ ඇති සත්ව රුප හා ජ්‍යමිතික  හැඩතලවල එකතුව පනස් තුනයි…..  සත්ව රුප විස්ස හා  ජ්‍යමිතික හැඩතල එකතුව තිස් තුනක එකතුව පනස් තුනයි….

         එ වගේම මෙි ගැණත් සදහන් කල යුතුමයි… මෙි හා සමාන වන්නාවූ තවත් විශ්ව සලකුණු දෙකක් ලොකයෙන් සොයාගත හැකිව තිබෙනවා. පෙන්ටගනයේ එ හා සමාන වු සලකුණුත්, මිසර ශිෂ්ටාචාරයේ කොපු නමි වු පිරමිඩයේ සලකුණත් සමාන බවයි පැවසෙන්නේ…..

        මෙි පිළිබඳව පුරාවිද්‍යා ගාවෙිශක එචි ඩබිලිවු කුමාරතුංග මහතාගේ මතය වන්නේ මෙහි මධ්‍යම වු චක්‍රය පෘථිවිය ලෙසත් එවැනිම වමිපසින් වු චක්‍රය ⁣වෙනත් විශ්වයක් බවත් පෘථිවියේ සිට එතනට ඇති දුරත් මෙයින් නිරුපණය කරන බවයි. මෙම විශ්ව යතුර වෙනත් ලොවකට පිවිසුමක් යැයිද ඔහු පවසනවා….

       මෙම වෘතයේ එක් පසෙක එකක් වසා ඇති ආකාරයත් අනෙක් පස එය විවෘතව ඇති ආකාරයත් කිසියමි පනිවිඩයක් කියා පාන බවයි පවසන්නේ…. පිටසක්වල ජිවින් සමග මහා රාවණා රජු හා සමකාලිනයන් සමිබන්දතා පවත්වා තිබුණ බවත්,  පිටසක්වලයන්ගෙන් ලබාගත් දැනුම භාවිතා කරමින් හෙළයො බොහො දේ සිදුකර ඇති බවත් තතු දන්නො පවසනවා…

        හොදම නිදසුන වන්නේ ඔිරායන් තරු රාශියෙහි  බදපටියේ තරු ත්‍රිත්වය , ගීසා පිරමිඩ ත්‍රිත්වය හා ලංකාවේ ජේතවනය රුවන්මැලි හා අභයගිරිය දාගැබි එකම රේඛාවක එ හා සමාන වීමයි.  එ වගේම එ ආසන්නයේම ඇති මෙි සක්වල චක්‍රයත්..

          යමි කිසි පුරාවිද්‍යා ස්ථානයක නටඹුන් වගේම යමි සලකුණු ඇති තැන්වලට ගිය විට සලකුණු දෙස පමණක් විපරමි කර බැලිමයි බොහො අය කරන්නේ. නමුත් එ ආශ්‍රිත වටපිටාවටත් තමන්ගේ අවදානය ලබා දුන්නා නමි නොයෙක් විසදාගන්න නොහැකිවු ගැටලු විසදා ගත හැකියි… රන්මසු උ⁣යනේදි මා ලද අත්දැකීම මා දුටු දේවල් සියල්ල මෙහි සටහන් කල නොහැකියි… එ අන් කිසිවක් නිසා නොවෙයි මගේ ගුරුතුමා මා හට දි ඇති උපදෙස් පරිදි කටයුතු කිරිමට මා පොරොන්දුවි ඇති නිසාමයි.. තමන් දන්නා ආරක්ෂා කලයුතු යමි කරුණක් වෙි නමි එය සත්‍යවාදී යැයි හැගෙනා අයට පමණක් පවසන්න එයයි මගේ ගුරුවරයා මට දි ඇති අවවාදය..

          මාගේ සිතම භාවනාවකට සම වැදුණු තවත් තැනක් ලෙස රන්මසු උ⁣යන සදහන් කල යුතුමයි. දීර්ඝ කාලයක් එකම තැනකට පිරිසක් එක් උන හොත් එහි බිමට කුමක් සිදුවෙිවිද… විශේෂයෙන් ගලක් මතට… මා මෙය පමණක් ඔබට පවසන්න කැමතියි.. සක්වල චක්‍රය පිහිටා ඇති ස්ථානයේ ආසන හතරක් සලකුණු කර ඇති බව ඔබත් දැක ඇතියි. මෙි ආසන පිහිටි ගල වෙත ඔබෙි අවදානය යොමු කලේ නමි ඔබටද වැටහෙනු ඇත.. එනමි රන්මසු උ⁣යනේ ඇති වෙනත් ස්ථාන හා මෙි පිහිටි ගල සැසදිය නොහැක… බොහො පිරිසකගේ පාද ස්පර්ශය දිගින් දිගටම ලැබු නිසා මෙි ගල මටසිළුටු වි ඇත.. එ වගේම නිරුවත් දෙපා වලට එහි සිසිලස දැනෙනු ඇත…. මෙි ආසන මත ඉදගත් පසු එක එල්ලේම පෙණෙන්නේ සක්වල චක්‍රය ලෙස නමි කර ඇති මෙි අපුරු සටහන පමණයි… ඉතිං බොහො දේවල් අපිට සිතන්න නිගමනය කරන්න පුළුවන්…

          මෙය ලොක සිතියමක්ද? එහෙමත් නැත්තමි වෙනත් සමාන්තර ලොකයක් හා සමිබන්ද විය හැකි දොරටුවක්ද? එහෙමත් නැත්තමි භාවනාවකදි හිත එක තැනක තබා ගැණිමට යොදාගත් සලකුණක්ද? කොයි කාට උනත් එ ගැන අදහස් දක්වන්න පුළුවන්.. එ වගේම තවත් කරුණක් සදහන් කල යුතුයි.. අද වන තෙක් කිසිවෙකුත් මෙම සිතියම පිළිබදව නිගමනයකට පැමිණ නොමැත. මෙිවැනි උරුමයක් හිමි ලංකිකයන් වන අප මහා අභිමානවත් ඉතිහාසයකට උරුම කමි කියන්නොයි.. එබැවින් අප එ සියළු දේ ආරක්ෂා කල යුතුයි. රන්මසු උයන අදවන විට වල් බිහිවිමට පටන්ගෙන ඇත. තාරකා දොරටුව අවු වැසි වලට නිරාවරණය වි විනාශයට ලගාවෙමින් පවතී…මෙය රැකගැණිම හෙළ සිංහලයො වන අපගේ වගකීම නොවන්නේද…

           මා මෙහි කීපවතාවක්ම ගිය පසු දුටු දෙවල් බොහොයි.. කිසිවෙකුට පැවසිය නොහැකිදැ මා දැක ගතිමි … නමුත් තවත් එක් දෙයක් මෙහි සටහන් තබමි.. එනමි මෙි සක්වල චක්‍රය බලාකියා ගැනිමට මිනිසෙකු එහි සිටි. එහි පැමිණෙන සියල්ලන්ටම මෙි චක්‍රය ඇල්ලීමට ඉඩදෙයි… ඔහු අල්ලන්නැයි කියා කියයි.. එ නිසාම ඉහල වෘතයෙ තෙල් පැල්ලමි දකින්නට තිබෙි.. කාලයක් සමග දිගින් දිගටම මෙි පුද්ගලයා මෙි ක්‍රියාව සිදුකලහොත් වෙන්නේ කුමක්ද….  සලකුණ මැකි යා හැකිය..

           ඔහු පවසන දෙවල් එහෙන් මෙහෙන් අහුලාගෙන කියන එවා බව පැහැදිලියි… මා විසින් මගේ පවුලේ අයට පවසන ලද තරමක් විස්තර නිසා ඔහු පුදුම උවා මා දුටුම..  ” ඇත්තටම නොනා කවුද ?” එ ඔහු මගෙන් ඇසු එකම ප්‍රශ්නයයි… මා අවට පරිසරය නිරික්ෂණය කරන්නට පටන්ගත්තෙමි…. මට ඔහුගේ වැල්වටාරමි වලින් පලක් නැත.. මදක් එහි එක් ආසනයක ඉදගෙන මා දැස් පියා ගතිමි.. නමුත් විනාඩියක් ගෙවෙන්නට මත්තෙන් මගේ සිත මට දැඩිව පැවසුවෙි අවට බලන ලෙසයි… ඉතිං මා සියැසින් දුටු දේවල් බොහොයි..

            රාවණ ඉතිහාසය දක්වා දිවයන මෙිහි සත්‍ය තොරතුරු සැඟවි තිබිමයි සුදුසුම ….ලොකය යන්නේ විනාශය කරා .. ඉතිං බොහො අයට හෙළ ඉතිහාසය විහිළුවක් වි අවසන්.. කවුරුන් හො වෙිවා ඉතිහාසය ගැන දන්නා සත්‍ය දේ රහස් ලෙස තබාගෙන සත්‍යවාදියැයි හැගෙන අයට පමණක් පවසන්න….. එ වගේම මිල කල නොහැකි වටිනාකමි ඇති මෙවන් සථාන ආරක්ෂා කරන්න… රැගෙන යන ටොෆි කොලයක්වත් එහි නොදමා එන්න තරමි කාරුණික වන්න…

නිසංසලා රණසිංහ

සන්ෆලවර්ස් / Sunflowers 🌻

සන්ෆලවර් සීඩ්ස් (Seeds) විටම්න් බහුල පෝෂ්‍යදායක ආහාරයක් බව සහ ආහාර පිසීමේදී සන්ෆලවර් ඔයිල් (Oil) භාවිතා කර ගැනීම ඉතාමත් හිතකර බව ඔබ දන්නවා ද?  

මෙම ලිපිය කියවා මේ පිළිබදව වටිනා විස්තර රැසක් ඔබේ දැනුම පොතට එකතු කර ගන්න.

The National Garden Bureau  ආයතනය 2021 අවුරුද්ද “Year of the Sunflower” ලෙසට නම් කර තිබෙනවා. 

“Helianthus annuus” කියන්නේ සන්ෆලවර් වලට කියන විද්‍යාත්මක නාමයයි. මෙම විද්‍යාත්මක නම හැදිලා තියෙන්නේ helios (“sun”) සහ anthos (“flower”) යන ග්රීක් (Greek) භාෂාවෙන් එන වචන දෙකක එකතුවෙනි. 

ඇමරිකාව සහ මෙක්සිකෝව යන රටවල්වල් සන්ෆලවර් මුලින් ම වගා කිරිම ආරම්භ කර තිබෙනවා. ඉන්පසු යුරෝපියන් සහ ඒශියන් (European and Asian) රටවල්වලත් සන්ෆලවර් වගාව බහුලව ප්‍රචලිත වෙලා තිබෙනවා. 

සන්ෆලවර් බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ තද කහ පාට වර්ණයෙනි. රතුපාට, තැඹිලි පාට, මෙරූන් පාට සහ දුඹුරු පාට සන්ෆලවර් වර්ගත් අද වනවිට බහුලව දක්නට ලැබෙනවා. 

සන්ෆලවර් හිරු එලියේ දිශාවට අනුව හැසිරෙන එනම් හෙලිඔට්‍රොපික් (Heliotropic) ලක්ෂණයෙන් යුතු පැල විශේෂයක් වෙනවා.  හෙලිඔට්‍රොපික් ස්වභාවය මල් හටගෙන මුල් කාලයේදී විශේෂයෙන් දකින්නට ලැබෙනවා. මල ප්‍රමාණයෙන් විශාල වී බීජ හට ගන්නා කාලයේදී මලෙහි බර ප්‍රමාණය වැඩිවීම සමග මෙම ස්වභාවය සෙමින් අඩු වී යනවා. 

සන්ෆලවර් උෂ්ණත්වයට හොදින් ඔරොත්තු දෙන නිසා, එමෙන්ම කෘමීන්ගෙන් පැලවලට වන බලපෑම ඉතාමත් අඩුවන නිසා වගා කිරිම පහසු පැල විශේෂයක් වෙනවා. එමෙන්ම 

මී මැස්සන් සහ කුරුල්ලන්ගේ විශේෂ ආකර්ෂණයක් මෙම අලංකාර මල්වලට හිමි වෙනවා. 

මෙම මල්පැල දින 80 ක් 95 ක් අතර කාලයේදි පරිණත ස්වභාවයට පැමිණිනවා. ප්‍රමාණයෙන් විශාල සන්ෆලවර් වර්ග (American Giant Sunflowers) අඩි 15 ක් පමණ උසට වැවෙන බවයි කියවෙන්නේ.

දැනට වාර්තා වුනු උසම සන්ෆලවර් පැලය අඩි 30 යි අගල් 1 ක් උසින් යුතු වේ. මෙය 2014 දී Germany වලින් වාර්තා වී තිබෙනවා. අඩි කීපයක් උසින් යුතු Sunrich or ProCut වැනි නම්වලින් හදුන්වන කුඩා ප්‍රමාණයේ සන්ෆලවර් වර්ගත් දකින්නට ලැබෙනවා. 

ඒවගේම විශාල සන්ෆලවර් මල්වල මැද කොටස එනම් සන්ෆ්ලවර් හෙඩ් (Sunflower head) අගල් 12 ක වගේ ප්‍රමාණයකින් විශාල වෙනවා. එවැනි සන්ෆලවර් හෙඩ් එකක් තුල තවත් කුඩා මල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 

සන්ෆලවර් බීජ පැල කිරිමේදී කලින් පැල සුදානම් කිරිමේ ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ නැත. ඔබ තෝරාගත් බිම් කොටසෙහි පෙර සුදානමකින් තොරව බීජ සිටුවා ගත හැකිය. බීජ පැල කිරීමේදී පැය 6 ක් 8 ක් හිරු එලිය වැටෙන හොදින් ජලය බැසයන බිම් ප්‍රදේශයක් තෝරා ගන්න. සන්ෆලවර්  බීජ පැල කිරිමේදී අගල් 1 ක් 1-½ ගැඹුරින් ද පැල අතර පරතරය අගල් 30 ක් ද විය යුතුය.

සන්ෆලවර් සීඩ්ස් මේ විදියට හදලා රස බලන්න…

සන්ෆලවර් සීඩ්ස් Vitamin E සහ Selenium සහිත ඉතාමත් ගුණදායක ආහාරයක් වෙනවා. සන්ෆලවර් සීඩ්ස් මේ ආකාරයට ආහාරය සදහා පිළියෙල කරගත හැකිය. සන්ෆලවර් සීඩ්ස් ලුනු ස්වල්පයක් දමා රැයක් එලිවෙන තුරු වතුරේ පෙගෙන්නට හැර පෙරේනයක් භාවිතයෙන් වතුර ඉවත් කර පේපර් ටවල් (Paper towel) එකකට දමා තෙතමනය අඩු වෙන්නට හරින්න. ඉන්පසු විදුලි උදුනක් (Oven) උෂ්ණත්වය 325 °C තබා විනාඩි 25 ක් 30 ක් පමණ බේක් (Bake) කර ගන්න. ඉන්පසු ඔබ කැමති නම් ඔලිව් තෙල් සහ ලුනු ස්වල්පයක් එකතු කර තවත් රසවත් කර ගත හැකිය. එලවලු සලාද සැදිමේදී සන්ෆලවර් සීඩ්ස් එකතු කරගෙන සලාදයේ රසය සහ ගුණය වැඩ කර ගත හැකිය.

සන්ෆලවර් ඔයිල් (Sunflower oil) සමග නිරෝගී දිවියක්…

සන්ෆලවර් බීජ භාවිතා කර සන්ෆලවර් ඔයිල් සාදා ගත හැකිය. Vitamin E, Omega 3 සහ Omega 6 බහුලව ම ලබාගත හැකි ඉතාමත් ගුණදායි ඔයිල් වර්ගයක් ලෙස සන්ෆලවර් ඔයිල් නම් කල හැකිය. ආහාර පිසීමේදී සන්ෆලවර් ඔයිල් යොදා ගැනිමෙන් ශරීරයට අහිතකර මේදය තැන්පත්වීම අවම කර ගැනීමට මෙන්ම ආහාරවලට හොද රසයක් ලබා ගැනීමට ද ඔබට හැකිය.

ගුණයෙන් සපිරි සන්ෆලවර් සීඩ්ස් සහ ඔයිල් ආහාරයට එකතු කරගෙන නිරෝගීමත් ආහාර රටාවකට හුරුවන්න ඔබටත් හැකි වේවි යැයි අප සිතනවා. 

සටහන: අමා නාකන්දලගේ